වසික ඒ කාලේ තුනේ පංතියේ. එයා කාලේ ඉඳන්ම ක්‍රීඩා වලට ලැදියි. ඔය අතරින් මලල ක්‍රීඩා, ඒ කියන්නේ ජවන ක්‍රීඩා වලට එයා තරමක් දක්ෂයි.
ඔය කාලේ අපේ මලල ක්‍රීඩා ගුරුතුමා වුනේ "ටිකිරි සර්" මේ ටිකිරි සර් ගැන මම මීට කලින් මෙන්න මෙතන ලියලා තියෙනවා! ඕනෙ නම් ගිහින් බලලා ආවත් ප්‍රශනයක් නෑ!
ඉතින් මේ ටිකිරි සර්ට ඕන උනා නිවාඩු කාලේ මලල ක්‍රීඩා කඳවුරක් පවත්වන්න කඳුරට ශීත දේශගුණය සහිත පලාතක.
එයට හේතුව උනේ අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත වටා පිටාවක කරණ පුහුණුවීම් වලට අනතුරුව එම ක්‍රීඩකයාගෙන්; මුහුදු මට්ටම ආසන්නයේ සහභාගී වන තරඟ වලදී වඩා හොඳ දක්ෂතාවයක් නෙලා ගැනීමයි! (මේ මට ඒගැන ටිකිරි සර් කියලා තිබුනු විදිය මතක ඇති ආකාරයයි. මේ ගැන දන්න කෙනෙක් වෙතොත් ඒ ගැන විස්තරාත්මක කමෙන්ටුවක් සපයනවා නම් මැනවි!)
ටිකිරි සර්ගේ ආරාධනාව පරිදි මමත් ඔය පුහුණු කඳවුරට සහභාගී වුනා දෙමව්පියෙක් ලෙසට. තවත් තාත්තලා හය දෙනෙක් පමන මෙයට සහභාගී වෙලා තිබුනා.
ඉතින් අපි මේ සඳහා තෝරා ගත්තේ හැටන් කිට්ටුව පාසලක්.
ඒක නිවාඩු කාලයක් බැවින් අපට පහසුවෙන් මේ පාසල් පරිශ්‍රය ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලැබුනා.
පාසැලට කිලෝ මීටරයක් පමණ පහලින් පොඩි පහේ වයින් ඉස්ටෝරුවකුත් තිබුනා වගෙත් මතකයි! ඒ ගැණ ලිව්වේ අවශ්‍ය දේකට නෙවෙයි නිකමට වගේ. කාට හරි ඉස්කෝලේ හරියටම හොයා ගන්න ඕන උනොත් කියලා ලිව්වේ!
ටිකිරි සර්ගේ පුහුණු සගයන් ලෙස අපි; තාත්තලා දෙදෙනෙකු සහභාගී උනා. මමත් ඉන් එක් අයෙක්!
අනෙක් තාත්තලා තුන් වේලම උයලා පිහලා අපිට සුපිරිම බැකින් එකක් දුන්නා ; ඇයි අපිනෙ ඔක්කොගේම දරුවන් බලා කියා ගන්නේ!?
මුළු පුහුණු කඳවුරේම සිටි වයසින් අඩුම දරුවා උනේ අපේ වසික. ඒකාලේ එයාගෙ වයස අවුරුදු 8 යි!
ඒත් මම පුරුද්දක් ලෙසටම කිසිම අවස්ථාවකදී අපේ එකා කියලා කිසිම විශේෂයක් හෝ ආදරයක් ඇල්මක් පෙන්වන්නේ නැති කෙනෙක්. සමහර පියවරුන් මව් වරුන් මෙන් තමාගේ දරුවාට කවන්න පොවන්න මේස් සපත්තු දාන්න මම යන්නේ නෑ කිසිම දවසක!
ඉතින් මම ඔය කියන දවසේ නියමිතව තිබුනේ මැරතන් එකක්! මැරතන් එකක් කිව්වට මේක සහ සුද්දෙන්ම ගම හරහා දිවීමක්!
ඉසව්වට කලින් මමත් ටිකිරි ස'රුත් ගිහින් පොඩි විපරමක් දාලා ආවා ට්‍රැක් එක! ඒත් සම්පූර්ණයෙන්ම නොවේ!
අපේ පාසල තිබුනේ පාර අයිනේ තරමක උස් බිමක් මත.
ඒ කින්නේ පාරේ යන බස් ලොරි අපි ආසන්නයෙන් පහලින් යනවා අපට වහල පෙන්වමින්.
ඒ පාරට පහලින් තිබුනේ සීග්‍ර බෑවුමක්. ඒ බෑවුමට බසින්නට කුඩා අඩි පාරක් තිබුනා. එය ආරක්ෂිත පාරක්. ඒ පාර දිගේ බෑවුමට ගියාම යලිත් ඉදිරියෙන් තියෙනවා ලොකු කන්දක්.
ඒක අපේ පාසල මිදුලේ සිට බලන කොට පේන යෝධ කන්ද. මේ යෝධ කියන්නේ උසම නොවේ. ලොකු ප්‍රදේශයක් ආවරණය වන ආකාරයෙන් පැතිරුණු කඳු පන්තියක් වැටියක් ඒක. ඒක පුරාවට තිබුනේ ගස්. ඒ අතර තැනින් තැන ගෝතමාලා එනම් මානා පඳුරුත් තිබුනා. අතරින් පතර උස ඉයුකැලිප්ටස් ගස්. කොටින්ම ඒක තේ වත්තක් වගේ එකක්. පැත්තකට වෙන්න උස් ගස් සහිත කැලෑ මණ්ඩියකුත් පෙනුනා!
මේ කථාව දැනුයි පටන් ගැනෙන්නේ!
අපේ පාසල් මිදුලේ ඉඳන් බලන විට; මේ තේ වත්තට පහල බෑවුමේ සිට ඉහලට දිවුනු මාර්ගයක් හා එය හා සම්බන්ධවුනු කන්ද වටා දිවුනු මාර්ගයක් පැහැදිලිව පෙනෙන්නට තිබුනි. මමත් ටිකිරි ස'රුත් අවට තිබුනු කඩයකින් කල විමසීමකදී එම පාරවල් දෙක කන්දේ අනෙක් පසදී එකට එක් වන බවක් දැනගන්නට ලැබුනි.
අදාල දිනයේ අපගේ මුළු කණ්ඩායම කොටස් දෙකකට බෙදුනි. සම සමව බෙදුනු එක් කණ්ඩායමකට සාමාජිකයින් 12ක් පමන සිටින්නට ඇති. ඉන් එක් කණ්ඩායමක් ටිකිරි සර්ගේ නායකත්වය යටතේ පිටත්වූ අතර; එම කණ්ඩායම පිටත්වී විනාඩි දහයකින් අනෙක් කණ්ඩායම මාගේ නායකත්වය යටතේ ගමන් ඇරඹීය.
අප බෑවුමට බසිද්දී ටිකිරි සර්ගේ කණ්ඩායම ඉදිරියේ වූ කන්ද නගිමින් විය. අප කන්ද නගිනා විට එම කණ්ඩායම රවුම් පාරට වැටී වම් පසට හැරී නොපෙනී ගියේය.
වසික ඇතුළු දොළහක පමණ කණ්ඩායම පරිස්සමින් රැගෙන මා ඉදිරියටත් පසුපසටත් යමින් පිරිස මෙහෙය වීය.
අප නොබෝ වේලාවකින් කන්දේ මැදින් හරහට; කන්ද වටා දිවෙන මාර්ගයට ප්‍රවිශ්ඨ විය! ටිකිරි සර්ගේ කණ්ඩායම මාර්ගයේ වම් පසට ගිය අතර අප දකුණු දෙසට හැරුනෙමු!
මහා විශාල මහන්සියක් නැතත් කන්ද නැගීමත් සමග අපගේ වේගය අඩුවී තිබූ අතර කන්ද වටා දිවෙන මාර්ගයේදී අප තරමක වේගයෙන් ගමන් ගත්තෙමු. කිලෝ මීටර 5ක 6ක පමණ දුරක් වතු මාරගයක් ඔස්සේ නැගීම් බැසීම් සමගව කෙරෙන ගමන එතරම් පහසු කට යුත්තක් නොවේ. සමහර විට නවතින සාමාජිකයින් දිරි ගන්වමින් ඔවුන් රැගෙන යා යුතුවේ.
මෙසේ කිලෝමීටර කිහිපයක් යන විට පාර දෙතුන් වරක් කුඩා මං සන්ධි පසු කලෝය. එක් ස්ථානයකදී අපට හමුවූ සිංහල වචනයකුදු නොදන්නා ද්‍රවිඩ ජාතික මහළු ස්ත්‍රියකගෙන් පාර ඇසූ මුත් ඇයගෙන් නියමිත මාර්ගය පිළිබඳව වැටහීමක් නොලැබුනු බව මේ ලියන මොහොතේ මට සිතෙයි!
කුඩා මං සන්ධි වලින් හැරෙමින් ගිය අප ටික දුරක් යන විට පාර මග ඇරුණු බවක් දැනෙන්නට විය. තවත් කෙටි දුරක් ගිය විට හමුවූ උස් වේල්ල මතට නැගුනු අපට දිස් වූයේ දුම්රිය මාර්ගයකි. එයට ඉදිරියෙන් උස් කණ්ඩියක් වූ අතර එතැනින් ඉහලට උස් කන්ද ඉහලට ඇදී ගියේය. එම කන්දේ කුඩා ලවල් කැලයක් තිබුනු බව යානතමින් මට මතකය. දුම් රිය මාර්ගයේ වම් පස විශාල වංගුවක් නිසා ඈත නොපෙනුනි.
කෙසේ වුවත්; අතරමං වී ඉන්නා මොහොතක හමුවන දිය පහරක් හෝ රේල් පාරක් යනු ගැටළුව විසඳා ගැනීමේ ආරම්භයයි. දිය පහරක් හමුවූ විට එය ගලන දිශාවට ගමන් කල විට එය අනිවාර්‍යයෙන්ම ජනාවාසයක් අසලින් ගලනා බැවින් ගැටළුව නිරාකරණය කරගත හැකි බව මට පැවසූවේ මාගේ ආදරණීය පියාය.
එසේම රේල් පාරක කුමන දෙසට ගියද ගොඩයාමක් ඇත!
වම් පසට විහිදුනු රේල් පාර දෙපස කුඩා ගස් වැවී තිබුනි. දකුණු පස බැලූ විට දුටුවේ අඳුරු බිම් ගෙයකි.
සාමාන්‍යයෙන් දුම් රිය බිම් ගෙයක් තුල අඳුරු වූවාට එහි අනෙක් පසින් ආලෝකය පෙනේ! නමුත් මෙය හුදෙක් අඳුරු කළු ලපයක්ම පමණි. කොටින්ම කළු කුහරයක් සේය!
අපට ආපසු යන්නටත් නොහැක! ආපසු යාම අප මං මුලා වන සුළුය. අප නැවතී සිටි ස්ථානයේ සිට කිලෝ මීටර ගනනකින් හැටන් නගරයය! එසෙනම් අපට කල යුතුව ඇති හොඳම විසඳුම ලෙස මා දුටුවේ රේල් පාර දිගේ හැටන් දුම් රිය නැවතුම් පොලට ගොස් ආපසු මහපාර දිගේ පල්ලම් බැසීමයි.
කණ්ඩායමේ තරමක දරුවන් තුන් දෙනෙක් විය! ඔවුන් වයස අවුරුදු 15 - 16 සීමාවේය. මා ඔවුන් සමග කතා කලෙමි. ඔවුන් කිසිවෙකුත් ආ පාරේම ආපසු යාමට කැමැත්තක් නොමැත. එන ගමනේදී හැරුණු පාර්වල් වල හැටියට ඒ මාර්ගයේම ආපසු නවාතැනට යාමට නොහැකි වනු ඇතැයි ඔවූන්ද බිය විය.
මේ වන විට අප කිලෝමීටර 6ක පමණ දුරක් එන්නට ඇති. අවට කිසිදු හඬක් ඇසෙන්නේ නැත! මේ වන විට අපට තියෙන එකම ගැටළුව මෙම බිංගෙය තුලින් ගමන් ගත හොත් අපට හැටන් නගරයට යා හැකිවේද යන්නයි. ඒ අතරේ එතැන තවත් විනාඩි 10 පමණ කාලය මිඩංගු කරද්දී එතැනට පැමිණිදේ ද්‍රවිඩ ජාතික මැදි වයස පසු කල යුවලකි. ඔවුන් අත අඩි එකහමාරක් පමණ දිග ලී කැබැල්ලක් වූ අතර එහි කෙලවරක දැවි හෙල් පෙඟුණු කුඩා ගෝනි කැබැල්ලක් පටලා තිබුනි.
ඔවුන්ගෙන් කල විමසීමකදී "හැටන්!" කියමින් බිංගෙය පෑය.
ඒ සමගම ඔවුන් තම අත රැඳි පන්දම පෙන්වා අසල වන රොද පෑවේය.
අප හොඳින් ඒ දෙස බලන කල කුඩා වන රොදින් වැසුනු කුඩා ගෙයක් මාරගයට පහලින් දක්නට ලැබුනි.
එය කුඩා නිල නිවාසයක් විය යුතුය!
මෙම බිංගෙය අලුත් වැඩියා කටයුතු හා නිරික්ෂන කටයුතු කරන සේවකයෙකු එහි රැඳී සිටිනවා විය යුතුය.
ඊළඟ මොහොතේ පන්දම් දල්වා ගත් යුවල බිංගෙය තුල නොපෙනී ගියෝය,
අප දැන් මෙම බිංගෙය තුලින් යා යුතුමය!
ඒ සඳහා පන්දමක් හෝ කීපයක් මිලදී ගත යුතුය!!
අප තීන්දුවකට පැමිණියෙමු.
අප කිසිවෙකු මුදල් ගෙනැවිත් තිබුනේ නැත! ආශ්චර්‍යයකි! වාසනාවකට එක් දරුවකු රුපියල් 20 ක් තම දුවන කලිසමේ සාක්කුවේ ගෙනැවිත් තිබුනි!
වැඩි මහළු දරුවෙකු සමග පිරිස මාර්ගයෙන් ඉවත රඳවා මම තවත් දරුවෙකු සමග කුඩා නිවස වෙත ගියෙමි. අප අතැනට යන වාත් සමග එතැන සිටි ද්‍රවිඩ මිනිසා "කීයක්ද?" ඇසුවේය. එකල ඒ පන්දමක් රුපියල් 5 ක් විය.
අප පන්දම් කිහිපයක් හා ගිණිපෙට්ටියක්ද මිළදීගෙන ගමනට සූදානම් විය.
පළමුව වයසේ පිළිවෙලට කණ්ඩායම පෝලිම් කලෙමි.
ඒ වයස අඩුම අය ඉදිරියට එන ලෙසය.
අන තුරුව වයසින් වැඩිම දරුවන් අතුරින් දෙදෙනෙකු පෝලිමේ මැද ට එකතු කලෙමි.
මා අත හා පසු පසම දරුවා අත පන්දම්ය.
ගමනේ ඇති අවදානම පිළිබඳව මා ඔවුනගෙන් විමසීය. "කෝච්චියක් ආවොත්?" බොහෝ අයගේ එකම ගැටළුව වූයේ එයයි. එවන් අවස්ථාවක බිම්ගෙයට පිටදී හැකි තරම් එයින් ඈත්ව ඉන්නා ආකාරය මා අභිනවයෙන් පෙන්වූයෙමි.
පළමුව වයසේ පිළිවෙලට කණ්ඩායම පෝලිම් කලෙමි. ඒ වයස අඩුම අය ඉදිරියට එන ලෙසය. අන තුරුව වයසින් වැඩිම දරුවන් අතුරින් දෙදෙනෙකු පෝලිමේ මැද ට එකතු කලෙමි.
මා අත හා පසු පසම දරුවා අත පන්දම්ය.
තවත් එක් දරුවෙකුට පන්දමක් තිබුනාදැයි මතක නැත.
දැන් අපට තියෙනා ඊළඟ අභියෝගය වනුයේ එක් දරුවෙකු හෝ බිංගෙය තුලදී ක්ලාන්තයක් හෝ සිහිමුර්ජාවක් වී ඇද වැටුන හොත් අන් අය එය දැන ගන්නේ කෙසේදැයි කියාය!
මේ බිංගෙය තුල කානු වේද, වලවල් වේද අප කිසිවෙකු නොදනී!
එයට මා උපක්‍රමයක් යෙදීය!
ඉන් පසු මා පෙල උස් හඬින් ගනින්නට විය.
එක . . දෙක . .තුන . . .යනාදී වශයෙන් අවසාන දරුවා උස් හඬින් දොළහා කී විට කණ්ඩායමේ සියළුම දෙනා ඉන්නා බව මටත් සියල්ලන්ටමත් දැනගන්නට ලැබෙන බව කියා දුනිමි.
එම අභ්‍යාසය කිහිප වරක් සිදුකල පසු අප පන්දම් දල්වා ගෙන පෙලට බිංගෙය තුලට වැදුනෝය.එක් දරුවෙකුට පන්දමක් තිබුනාදැයි මතක නැත.
එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .
එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .
.
මෙසේ අප පෙළ ගනිමින් අඳුරේම ඉදිරියට ගියෙමු.
විනාඩි ගනනාවකින් ඈතින් එළියක් දුටුවෙමු.
ඒ බිංගෙයි අනෙක් ඉමයි.
එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .
එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .
අප සුවසේ බිංගෙයින් නිරුප්ද්‍රිතව එළියට ආවෙමු!අපගේ දුම් රිය දෙපාර්තමේන්තුවේ කාල සටහනට පිං සිදුවන්නට බිංගෙයින් එළියට එන තුරුත් දුම් රියක් නොපැමිණියේය. එලියට පැමිණි පසු ළමා ලපටින් හට එය සතුටු දායල අත් දැකීමක්ම විය! ඔවුන් හුරේ දමන්නට විය!
එතැනින් අප දුම්රිය මගේම තවත් කුඩා දුරක් ඉදිරියට යද්දී ප්‍රධාන මාර්ගයට යා හැකි හරස් මාර්ගයක් දක්නට ලැබුනේය.
අප පාසැලට එන විට ටිකිරි සර්, තාත්තලා සෙට් එක සහ දරුවන් අතරින් කිහිප දෙනෙක් මග බලා සිටියෝය.
"මොකද උනේ?" ටිකිරි සර් ස්වකීය "හා දත්" පෙන්වමින් උස් හඬින් ඇසීය!
"අපිව අතර මං උනානේ!"
"මං හිතුවා! ඒත් මම කට්ටියට කිව්වා ඔයා ඉන්න හිංදා කොහොම හරි ළමයි ටික බර ගෙන එයි! බය වෙන්න දෙයක් නෑ කියලා!"
පුහුණු සැසිය අවසන් දිනට පෙර දින රාත්‍රියේ අප කුඩා සමිතියක් පැවැත්වූ වෙමු. හොඳින් අතුගා තිබූනු අප රැඳී උන් ශාලාවේ ගෙබිම මත අප කවයක් සේ වාඩිවී ඊට සහභාගී උනෙමු.
ඒ අතරේ එක් දරුවෙකු හට තමා ලැබූ අත්දැකීම් පිළිබඳව විස්තර කරණ්නට අවස්ථාව සැලසුනි.
මොහොතක නිහැඬියාවෙන් පසු එක් දරුවෙකු අප වාඩිවී සිටි කවය මැදට පැමින සිය හඬ අවදි කලේය!
ඒ සියළු කථාව මට මේ මොහොතේ මතක නැති උනත් ඒ කථාව තුල මෙම බිංගේ ගමන පිළිබඳවත් එය තම ජීවිතයේ නොමැකෙන මතකයක් බවත් පැවසීය. එම අවස්ථාවට අප කණ්ඩායමක් සේ සංවිධානය වූ හැටි හා එය ජයගත් හැටි ඔහු එක හුස්මට කියාගෙන ගියේය.
පසු කලෙක ඔහු; අප විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය. එම දරුවාගේ නම මේ වන විට මාහට අමතකව ගියත් ඔහු පිළිබඳව බොඳවූ හෝඩුවාවක් මෙය ලියන මොහොතේ සොයා ගත්තෙමි. 100% ක නිවැරදි තාවයක් නැතත් බොහෝ විට මේ ඔහුම විය යුතුය. කැළණිය විශ්ව විද්‍යාලයේ ඔහු කතිකාචාර්‍ය වරයෙකි. නම කුශාන් ගයාත්‍ර පෙරේරා!
මේ කයිවාරුව ඉවර කරන්න කලින් අපි ගූගල් දේවාලයටත් ගිහින් එමු:-
Singha Malai Tunnel or Poolbank Tunnel is the longest railway tunnel in Sri Lanka.[1][2][3]
There are 46 tunnels along the Main Line between Colombo and Badulla. The longest tunnel is the Poolbank tunnel between Hatton and Kotagala, which is 562 m (1,844 ft) long,[4] 5.5 m (18 ft) wide[5] and has a curvature in the middle so that one end of the tunnel cannot be seen from the other end.[6] In the middle of the tunnel the gradient begins to decline, with the Kotagala railway station being approximately 23 m (75 ft) lower than the Hatton railway station.[7]
The tunnel was designed by Sir Guilford Lindsey Molesworth, the first Director-General of Railways in Ceylon (1865-1871) and constructed by F. W. Faviell.[3] The tunnel's construction represented a significant engineering feat at the time, as it was bored from both ends meeting in the middle.[8] The tunnel was named the Poolbank tunnel as it runs under the Poolbank tea estate, which was established in 1880.[9] It is also called Singha Malai tunnel, after a nearby rock formation, Singha is Tamil for 'Lion' and Malai for 'Mountain'.
Singha Malai Tunnel
Overview | |
---|---|
Official name | Tunnel No. 14 |
Other name(s) | Poolbank Tunnel |
Location | Hatton, Sri Lanka |
Coordinates | 6°53′52.85″N 80°36′16.23″E |
Status | Open |
Route | Main Line |
Start | Hatton |
End | Kotagala |
Operation | |
Constructed | F. W. Faviell |
Owner | Sri Lanka Railways |
Traffic | rail |
Technical | |
Design engineer | Guilford Lindsey Molesworth |
Length | 562 m (1,844 ft) |
Highest elevation | 1,291 m |
Width | 5.5 m (18 ft) |
සිංහමලෙයි නෙවී සිංගිමලේ නේද
ReplyDeleteදැං ඔ්ක දෙවනියට දිගම එක. පළවෙනි ඒක වෙලා තියෙන්නෙ බෙලිඅත්ත
සිරීපාදෙ යද්දි ඔ්කෙ යනව ගිහිං බලන්න. ඔය බිංගෙයි අතර මැද තැන තැන තියේ ඇතුලට බස්සපු කුහර වගේ. කෝච්චි යද්දි ඒවැයි ඉන්න පුළුවන්.
ඒත් ඔ්වැයි ඉන්නෙ ක්ලාස් කට් කරපු කපල්. රූම් වලට සල්ලි දෙන්ට ඔ්න නෑ ඔතනට ආවම
හෙහ් හෙහ්
ඔව් වොව්! මේකට සිංගිමලේ, සිංජිමලේ කියන නම් දෙකම කියනවා. ඒත් ගූගල් දෙයියෝ කියන්නේ මේක සිංහමලේ කියලා.
Deleteකොහොමත් මේක සිංගිමලේ කියලා හදන එක හොඳයි වගේ!
බලපං සුද්දා කොයිතරං ඉදිරියක් බලලාද වැඩ කරලා තියෙන්නේ කියලා?
නිකංද "සුද්දා බලා ගෙන යනවා!" කියලා කියලා තියෙන්නේ!?
සිංගි මලෙයි බිංගෙයින් එක පාරක් ගිහින් තියනව පයින්.
ReplyDeleteකෝච්චියක් යනකොට බිත්තියට හේත්තුවෙනව බයට. සමහරවෙලාවට කෝච්චියෙ ෆූට් බෝර්ඩ් යන මහේශ් රත්නායක වගේ කොල්ලෝ ගහනවා
නොසන්ඩාලයො.
Deleteබිත්තියකටවත් හේත්තුවෙලා ඉන්ඩ දෙන්නෑ.
ජයවේවා!
Myself Hattor
😋😋😋😋
Deleteමහේෂය බිත්තියට හේත්තු කරගෙන කොල්ලො ගහනව කියන එක ටිකක් කැතයි වගේ කියල මට හිතෙනව. හැක්..
Deleteකොහොමත් මහේෂ් පපොඩ්ඩක් ඒ අංසෙට බරයි කියලා තමයි ආරංචි!
Deleteසිසුන් ටිකත් එක්කරගෙන පෙරමුනක්ම බලා
ReplyDeleteදුවන් ගිහින් ඇති අන්දම දාඩිය බිදු හෙලා
ඔයින් ගියා ඇති සිද්දිය මතකයෙ මත එලා
හොදින් ලියූ මේ ලියමන හිතම පුදුම කලා....
දක්ශතාවෙනේ අයියගේ..
ජයවේවා
ස්තූතියි දුමී! දක්ෂතාවයට වඩා එතැන තීන්දු තීරණ ගන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ.
Delete"ගස් නැති රටේ කෙහෙල් ගහත් ගහක්!" කියලානේ තියෙන්නේ!
හම්මෝ... එක.... දෙක.. තුන... නෙමෙයි.. කෝච්චියක් එහෙම ආවා නම්.....
ReplyDeleteඅපට නම් මෙවැනි අවස්ථා වලට මුහුණ දෙන ආකාරය ගැන සිතා ගන්නට වත් බැහැ. ඔබට මෙලෙස ක්‍ෂණිකව, ගුණාත්මක ආකාරයෙන් තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ යටිබිම් ගත කඳවුරු වලදී ලැබුණු උසස් හමුදා පුහුණුව නිසා වෙන්නට ඇති.
ReplyDeleteමම විජේසිංහ
අතරමං වෙලා හරි ඒ ලැබුණු අත්දැකීම මරුනෙ අප්පා.තාම බිගේක පයින් යන්න චාන්ස් එකක් ලැබිල නෑනේ.මීයන්ඇල්ල බලන්න යන්න ඉන්නේ එතකොට ඔය වගේ බිංගේ සීන් එකක් තියෙනවා.ඔන්න ජයග්‍රාහී තුන්වෙනි ශනිදාවටත් මාත එකතු උනා
ReplyDeleteකතාව නම් අපුරුයි. හ්ම්ම් පාර වැරදුනත් වයින් ස්ටෝරුව අමතක වෙන්න බෑනේ.
ReplyDeleteමම විජේබාහු
ඔය වගේ සමහර පැතිවල අතුරු පාරවල් තියෙනව කොහෙන් ගිහිල්ල කොහෙන් එනවද කියල හිතාගන්න බැරි. අපිත් එකපාරක් බණ්ඩාරගම පැත්තෙ රබර් වත්තක ඔහොම අතරමං උනා.
ReplyDeleteවයින් ඉස්ටෝරුව ගැන කිව්වෙ නිකංම වෙන්න ඇති නෙහ්.
ශනිදා බ්ලොග් රැල්ල පටන් ගත්තාට ආයෙත් වතාවක් ස්තුතියි. ඔබේ බ්ලොග් සටහන් තීරු ලිපි වගේ. විවේකයක් ලැබුණාම ජීවන මතක ඇසුරින් , මමත් ඒ වගේ ලියැවිලි පෙලක් ලියන්න හිතාගෙන ඉන්නවා. උසස් පෙල ඉවරවෙලා ඉන්න කාලෙ අපට හෝර්ටන් තැන්න සංරක්ෂණය වෙනුවෙන් විශාල උනන්දුවක් තිබුණා. අගනුවර ඉදන් ඒ ගැන වැඩකරන එක කොච්චර ප්‍රායෝගික නොවෙන බව ඒ වයසට නොතේරුණත් අම්මලා තාත්තලාගේ වාර්ෂික දුම්රිය බලපත් උදව් කරගෙන මිතුරෙකුගේ හපුතලේ හොරදොරෝව්වේ මහ ගෙදර කේන්ද්‍ර කරගෙන රාජ්‍ය නොවන සංවිධාන වල උදව් අරගෙන මාස ගාණක් ඒ පැත්තේ හිටියා. උඩරට දුම්රිය මාර්ගයේ සෑහෙන දුරක් අපට ඒ කාලයේ ගවේෂණය කරන්නට ඉඩ ලැබුණා. ඔබේ සටහන කියෙව්වාම ඒ සමහර මතක සිහියට ආවා.
ReplyDelete+++++++++++👌👍
ReplyDeleteමරු අත්දැකීම. මෙතරම් ත්‍රාසජනක නැති අත්දැකීමක් මටත් තියෙනවා. ආදිකාලේ පුහුණු වෙනකොට තේ වත්තක විගණනයට ගිහින් වාහනය මිස් වෙලා ගව් ගාණක් පාරවල් හොයාගෙන ගිය එකක්. අද මොබයිල් ෆෝන් එක්ක මේ වගේ අත්දැකීම මඟහැරෙනවා.
ReplyDeleteපාර වැරදුන එකෙන් ළමයින්ට බෝනස් චාන්ස් එකකුත් ලැබිලනේ.. මං හිතන්නේ ඒක එයාලට ජීවිතේටම මතක හිටින අත්දැකීමක් වෙලා ඇති.. නියමයි නියමයි....
ReplyDeleteහ්ම්. අභියෝග වලට මුහුන දෙන විදිහ අනුව තමයි අපි ශක්තිමත් වෙනවද, කේඩෑරි වෙනවද කියල තිරනය වෙනනෙ. ජය!
ReplyDeleteලියෝනිට:- ඔව් අපි පෙර සූදානමක් උනා. ඇත්තටම පෙර හුරුවක්!
ReplyDeleteගමන පිටත් උනේ කරණ්න තියෙන සියළුම නිවාරණයන් ගැන හිතලා තමයි!
ස්තූතියි.
ඔව් විජේසිංහ ඔබ හරියටම හරි. ඒවායින් තමයි මොලේ ටිකක් වැඩුනේ! අපරාදේ ඔයාටත් එන්න තිබ්බේ!
සොඳුරුට:- බිංගේක ගියාටත් වඩා වටිනවා ඔයා ශනිදාවට එක් වීම. බිංගේකනම් කවදා උනත් යන්න පුළුවන්! ඒ වගේද ශනිදාවක් මිස් උනොත්.
මොනවා උනත් ස්තූතියි.
ඔව් විජේභාහු මහත්තයා අපිට හොඳටම මතක Road sign එකක් නේ ඒක!?
අනුරුධ දෙයියනේ ඒවා ලියන්න. මම හැමදාම කියනවා වාගේ බ්ලොග් එකක් කියන්නේ එක විදියක ඩිජිටල් දිනපොතක්!
අපේ ජීවිතේ මතක බොහොමයක් පරිස්සමට අඩුක් කරලා තියන්න පුළුවන් පෙට්ටගමක්!
ඉතින් එදිනෙදා ඒවා වගේම අතීත මතකත් ලියන්න.
ජයවේවා ශනිදාවට එක් උනාට!
ස්තූතියි බස්සා! හැමදාම වාගේම රසවත් උනත් නැතත් ඇවිත් බලලා යනවාට!
ඉතින් ලියමුකෝ ඉයන්; ලොකු ලොකු බරසාර මාතෘකා ලියන අතරේ ඒ වගේ එකකුත්!
ඔව් තිලිණ එයාලට ඒක හොඳ ජීවිත අත්දැකීමක් වෙන්න ඇති. මම ඒ වෙලාවේ හැම මොහොතකම හැසිරුනේ එයාලට ආදර්ශයක් වන ලෙස!
ඔව් වොව් නමියා! ඔයා උනත් තීන්දු තීරණ නිවැරදිව ගත්තොත්; ඔයාගේ ශරීර ප්‍රමාණය ඒ තරම් වැදගත් එකක් නොවේවි!
මට ආව ප්‍රශ්නය මැප් එකක් හෙම අරන් ගියේ නැත්තේ ඇයි කියල.
ReplyDeleteමැප් එකක් ගෙනියනවා නම් කොම්පාසුවකුත් ඕන!
Deleteඕවා අරන් යන්න පුළුවන් ගමනක් නොවේනෙ අපි ගියේ?
අපි ගියේ ගම හරහා දිවීමක් කරණ්න නේ!?
අත් වැරදීම්- නොහිතන දේ දෙයි නුවණ
ReplyDeleteඑව්වා තමයි පාදන්නේ අපෙ නයන
නියමුවන් ලෙසින් නිසි පෙරමුණ ගන්න
පිරිසක් රටට ඕනෑ මඟ පෙන්වන්න!
ස්තූතියි නිමල් අයියා!
Deleteඋබ කොහොමත් වැඩෙ වඩාත් හොදට කරන්න ගිහින් ආමාරැවෙ වැටෙනවා නේ...නමුත් අන්තිමට ගොඩ යනවා
ReplyDeleteහහ්! හහ්!! හා!!! කවුද මේ මං ගැන හොඳටම දන්න ඇනෝ?
Deleteලස්සන ත්‍රාස ජනක අත්දැකීමක්. ආසාවෙන් කියෙව්වා . වයින් ස්ටෝස් එක බලන්ඩ යන්ඩ හිතෙනවා 😵💫
ReplyDeleteස්තූතියි ඇනෝ! ඒ පැත්තට යනකොට වයින් ඉස්ටෝරුවක් වැන්දේ නැතිනම් ඒක ලොකු අඩුවක්ම තමයි ඉතිං!
Delete