Showing posts with label දියණිය කල්මී ට. Show all posts
Showing posts with label දියණිය කල්මී ට. Show all posts

Sunday, February 27, 2022

229. දරා ගන්න බැරි පිලිවෙළ!

 


ගල් ලෙන බිඳ නැත

ලෙන් දොර ඇර ඇත

මා ප්‍රිය දියණිය

අද ඔබ එහි නැත


ලෙන තුල සුරැකිව

ඇස් දල්වාගෙන 

රැකගත් දියණිය


සුරතල් වදණින්

අමතන ලෙසින්ම

කටුගාලක් සේ

පැටලුන

රණඩුකෙක්ක 

නැතිව

ලෙන පුරා පාළුව


දොර ඇරි ලෙන් දොර

ඇතුලත බැලුවිට

හැමදා අවුල්ව 

බැනුං ඇසූ කාමරය

කිසි දාක දැක නැති තරං

හොඳින්ම පිළිවෙල ව


දරා ගන්න බෑ දුවේ 

ඒ පිළිවෙල!


Saturday, August 25, 2018

105. ආදරණීය දියණිය....!





"  සිය පතක් ලෙසින් නුඹ
   දෝතින්ම නෙලාගෙන;
බුදු පුදට රැගෙන යන
           ලෙසින් රැක බලාගෙන . . . !
නිදි නැතිව නිදි කිරන
          ගෙවී ගිය දින ගනන . . . . . !
උඹෙ පතුල් සිප මදිව
         දිවෙන් එහි රස බැලුව . . . .!
හිතේ ගිනි මත ඉදුන
 හබුං කට බත් දෙමිට ;
කවන්නට කී නුඹට
        මහ පුදුම කථන්දර . . . . . !
රෑ මැදුයමේ නැගිට
කරද්දී රැහැයි හඬ ;
 නිදන තුරු දෙපා මත ;
      ගැයූ ගී කවි මිහිර . . . . . !
පාසලේ පළමු දින
දමා ආ විට තනිව ;
        තෙත උනේ මගෙ දෙනෙත
           පළමුවයි උඹෙ නෙතට . . . !
බනිමි හැරෙනා අතට
     ඇසෙන සේ මුළු ලොවට
    පෙනෙනු ඇත මා නුඹට
         කුමන මේ වදයක්ද. . ?
 විඳින්නේ හැම ගැහැට
   පුදන්නයි උඹ ලොවට ;
  නොවේ කර අග රැජින
           වෙයන් දුවකට මවක . . . . ! "











  •  

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...