මෙවන් අතීතයක් අපට තියෙන්නැති!
බ්‍රිතනයයෝ
ලංකාවට ගොඩ බසින්නේ 1782 දීය.
ඒ
එම වසරේ ජනවාරියේදී එඩ්වඩ් හියුස් විසින් තිරිකුණාමළයේ
වරායට පහර දී එය යටත් කර ගැනීම සමගය.
ඔය කියන කාලෙ ත්‍රිකුණාමලය.
ලංකාව යටත් කර ගන්නේ 1815 දීය.
එවකට
ලංකාවේ ආණ්ඩුකාරවරයා වූයේ රොබට් බ්‍රවුන්රිග් ය.
ලංකාව එක්සේසත් කල රොබර්ට් බ්‍රවුන්රිග්.
එඩ්වඩ් බාන්ස් යනු ලංකාවේ 6 වන ආණ්ඩුකාරවර යා වන අතර ලංකාවේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය දියුනු කිරීමට
වැඩි දයකත්වයක් ගෙන ක්‍රියාකල තැනැත්තාය.
“ලංකාවට
ඕනෑ කරණ්නේ පළමුව පාරවල්‍ය. දෙවනුව පාරවල්‍ය. තෙවනුව පාරවල්‍ය.” යන ඉතිහාස ගත ප්‍රකාශය
කලේ එතුමාය.
මා
මෙහිදී “එතුමා” යනුවෙන් යොදා එම වැකිය අවසන් කලේ තවමත් අප ගමන් කරණ ප්‍රධාන මාර්ගයන්ගෙන්
බහුතරය බාන්ස් විසින් නිමකල , අරම්භකල හෝ වැඩිදියුනු කල ඒවා වන
බැවින්‍ය!
ලංකාවේ නවසිය හතලිස් අටෙන් පසුව බලයට පත් කිසිම
රජයක් හෝ පුද්ගලයෙකු විසින් ඊට සමාන සේවාවක් කලේ යැයි පෙන්වාදීමට නොහැකිය.
මහනුවරට විකල්ප මාර්ගයක් තැනීමට ගෙවුනු වසර 70 ක කාලයක් තුල කිසිදු රජයකට හෝ පුද්ගලයෙකුට
නොහැකිවිය!
දුම්රිය මාර්ග පිළිබඳ කථාව මීටත් බොහෝ සෙයින් දුක්ඛ
දායකය.
බ්‍රිතාන්‍යය
විසින් ලක්දිව යටත් කරගැනීම සමග වතු වගාව ආරම්භ
විය. දුම්රිය සේවාවක අවශ්‍ය තාවය මතුවන්නේ මේසමගය.
“රාවය” ප්‍රකාශනයක් ලෙස එලිදක්වා ඇති “අර්භූදයක අන්දරය”
නම් කෘතියේ මෙසේ දැක්වේ. “දියුණු මාර්ග පද්ධතියක් ගොඩ නැගී තිබුනද ; ගොන් බැඳි බර කරත්ත
භාණ්ඩ ප්‍රවාහනයට තිබුනු ප්‍රධානම මාර්ගය විය. කෝපි හා අනෙකුත් නිෂ්පාදන ද්‍රව්‍ය පටවා
ගත් බර කරත්ත කොළඹට පැමින ; ඒවා නැවත වත්තට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් බඩු රැගෙන ආපසු ගියේය.
බඩු
පටවා ගත් බර කරත්තයකට වතුකරයේ සිට කොළඹට පැමින
අපසු යැමට දින 14 ක් හෝ සමහරවිට 18 ක් ගත
විය.
බර කරත්තයක්
1845
දී කොළඹත් මහ නුවරත් අතර ගමන් කල බර කරත්ත ගණන 79000 කි!
බර
කරත්තවල හිගයක් පැවතීම නිසා වැවිලි කරුවන්
අතර බර කරත්ත සඳහා තරගයක් පැවතිනි. එම තත්වය බර කරත්ත වලට ගෙවිය යුතු කුළිය නොකඩවා
ඉහල යෑමට හේතු විය.
එක්දහස් අටසිය ගනන් වලදී කෝපි සකසන සේවකයින්
සිලෝන් කෝපි
කොටින්ම සැතපුම් දස දහසකටත් අධික දිගු මුහුදු මගකින්
කෝපි තොගයක් නැව් මගින් කොළඹ සිට ලන්ඩනයට යවන්වාට වඩා ; එම බඩු තොගය මහනුවර සිට කොළඹට
ගෙන ඒම දුෂ්කර විය. ඒ සඳහා වැඩි කාලයක්ද ගත්තේය.
කෝපි වතු
වතුකරයේ ඉහල යන හාල් මිල කෙරෙහි මෙම බර කරත්ත ගාස්තු සaජුවම බල
පෑවේය. කොළඹදී සාමාන්‍යයෙන් සිලිං 3 ½ සිට
4 ½ දක්වා මිලට විකිනෙන හාල් බුසලක මහනුවර මිල සිලිං
7 ½ ක් විය.
සහල් හෙවත් හාල්!
වැවිලිකරුවන්
දුම්රිය සේවයක් සඳහා නොකඩවා උද්ඝෝෂණය කරණ්නට වූහ.දුම්රිය ලබා දෙන්නේ නම් කෝපි වෙනුවෙන්
තීරුබද්දක් ගෙවීමට ඔව්හු කැමති වූහ.
දුම්රිය
සේවයක් සඳහා දුම්රිය සමාගමක් සමග ගිවිසුමක් ඇතිකරගන්නා ලද අතර ; ආණ්ඩුව කෝපිවලින් තීරු
බද්දක් අයකරගත හැකි ආකාරයට පනතක්ද සම්මත කෙරිණි.
අවසානයේදී
හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා 1858 අගෝස්තු 3 වැනි දින දුම්රිය මගක් සඳහා පරථම පස් පිඩැල්ල
පිඩැල්ල ප්‍රීතිගෝෂා මැද කැපුවේය.
විවිධ
හේතූන් මත ප්‍රමාදවූ දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ
කෙරුනේ 1863 අප්‍රේල් මාසයේදීය. කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රථම දුම්රිය ගමන
සිදුවූයේ 1865 දීය.”
ඇඩ්වින්
රණවක විසින් රචිත “ නවීන ඉතිහාස කතා” පොතේ දැක්වෙන පරිදි ආසියා මහද්වීපයේ රට වලින්
මුලින්ම අශ්ව කෝච්චි මෙහෙය ආරම්භ කරණ ලද රට වන්නේ ලංකාවයි. 1832 දී කොළඹ සිට මහනුවරට ස්ථිර වශයෙන් අශ්ව කෝච්චි
මෙහෙය ආරම්භකොට ඇත!
මේ
පිළිබදව ගරු එස්.ජී .පෙරේරා පියතුමා විසින් 1945 දී රචිත “ලංකා ඉතිහාසය - බ්‍රිතාන්‍ය හා නිදහස් යුග ( 1796- 1956)” කෘතියේ 1967 සිව් වැනි මුද්‍රණයේ ද මෙම විස්තරය ඒ ආකාරයෙන්ම දක්වා ඇත.
එම
ග්‍රන්ථයේ දැක්වෙන පරිදි හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා ;
මරදානේදී;
ලංකා දුම්රිය මගේ ප්‍රථම පස් පිඩැල්ල කපා ඇත්තේ
අපර භාග 5.00 ටය.
ප්‍රථම දුම්රිය ඇංජිම ලංකාවට ගොඩ බාන ලද්දේ 1864 ජනවරියේදීය.
බ්ලොග්
අවකාශය තුල දුම්රිය පිළිබඳව ලියන කියන බොහෝ දෙනා වෙති.
ඒ නිසාම දුම්රිය ගැන අපට කථා කරණ්නට තවදුරටත් යමක් ඉතිරිව ඇතිද?
ඒ නිසාම දුම්රිය ගැන අපට කථා කරණ්නට තවදුරටත් යමක් ඉතිරිව ඇතිද?
මා
සමග මෙතෙක් දුර පැමිණි ඔබට; මමත් - යටියන්තොට හක්බෙල්ලාවක ගමත් අතර ඇති නොසිඳෙන හුය පිළිබඳව
බව අමුතුවෙන් කිවයුතු නැත.
කුඩා කල සිට අවිස්සාවේල්ලේ සිට යටියන්තොට දක්වා දිවෙන මහමගේ හැටන් ඩිපෝවේ බසයක “ රෝදෙ උඩ ” ආසනයේ පසුපසට හැරී දන ගසාගෙන ; ඇරපු වීදුරුවෙන් එළිය බලාගෙන ගිය ගමන් වලදී මාදුටු මැකී ගිය මගක වත තවම සිතතුල නලියයි !
කුඩා කල සිට අවිස්සාවේල්ලේ සිට යටියන්තොට දක්වා දිවෙන මහමගේ හැටන් ඩිපෝවේ බසයක “ රෝදෙ උඩ ” ආසනයේ පසුපසට හැරී දන ගසාගෙන ; ඇරපු වීදුරුවෙන් එළිය බලාගෙන ගිය ගමන් වලදී මාදුටු මැකී ගිය මගක වත තවම සිතතුල නලියයි !
ඒ
මා පියාගෙන් දැන උගත් අයුරින් “මැකී ගිය රේල් මග” කි ! ලංකාවේ වතු වගාව සමග 1900-1902 කාල
වකවානුවේදී ඇරඹි පුංචි කෝච්චිය නොහොත් කැළණි වැළි දුම්රිය මගෙහි අවසාන
නැවතුම වූයේ යටියන්තොට ය.
පසුව එය අවිස්සාවේල්ලේ සිට ඕපනායක තෙක් 1912 දී දීර්ඝ කෙරිණ. එකල එම මාර්ගයේ පලළ අඩි 2 කුත් අඟල් 6 ක් විය. එනම් මිලී මීටර 762 කි. (Narrow Gauge Railway Track).
පසුව එය අවිස්සාවේල්ලේ සිට ඕපනායක තෙක් 1912 දී දීර්ඝ කෙරිණ. එකල එම මාර්ගයේ පලළ අඩි 2 කුත් අඟල් 6 ක් විය. එනම් මිලී මීටර 762 කි. (Narrow Gauge Railway Track).
යටියන්තොට
පිහිටා ඇත්තේ A7 මාර්ගයේය.
A7 යනු අවිසාවෙල්ල - නුවරඑලිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කිලෝමීටර 20 කට පමන දුරින් පිහිටි නගරයකි.
A7 යනු අවිසාවෙල්ල - නුවරඑලිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කිලෝමීටර 20 කට පමන දුරින් පිහිටි නගරයකි.
ඕපනායක
යනු රත්නපුර පසුකොට කහවත්තට පැමින එහි සිට කිලෝමීටර 7.2 දුරක් ගමන් කල විට හමුවන නගරයකි.
එම දුම්රිය මගෙහි හමුවන සම්පූර්ණ දුර කිලෝමීටර 78 කි.
එම දුම්රිය මගෙහි හමුවන සම්පූර්ණ දුර කිලෝමීටර 78 කි.
මෙම
දුම්රිය දෙමග මේවන විට පුරාවaථයක්වී අවසානය.
මින් ඕපනායක මාර්ගය ගලවා දමා ඇත්තේ 1973 වසරේදීය.
යටියන්තොට දක්වා දිවුනු මග ගලවා දශක හතකුත් ඉක්මගොස් අවසානය. එය ඉවත්කොට ඇත්තේ 1942 වසරේදීය.
අවිස්සාවේල්ල ඕපනායක මාර්ගයේ ගැටහැත්ත, ඇහැලියගොඩ , පරකඩුව , කුරුවිට , රත්නපුර , තිරිවානකැටිය , දෑල , වටාපොත , කහවත්ත , යන දුම් රිය ස්තාන පිහිටා තිබී ඇත.
මින් ඕපනායක මාර්ගය ගලවා දමා ඇත්තේ 1973 වසරේදීය.
යටියන්තොට දක්වා දිවුනු මග ගලවා දශක හතකුත් ඉක්මගොස් අවසානය. එය ඉවත්කොට ඇත්තේ 1942 වසරේදීය.
අවිස්සාවේල්ල ඕපනායක මාර්ගයේ ගැටහැත්ත, ඇහැලියගොඩ , පරකඩුව , කුරුවිට , රත්නපුර , තිරිවානකැටිය , දෑල , වටාපොත , කහවත්ත , යන දුම් රිය ස්තාන පිහිටා තිබී ඇත.
අපගේ
කතිකාවට පාදක වන යටියන්තොට
දුම්රිය මාර්ගයේ අවිස්සවේල්ලෙන් පසු හමුවන ඊළඟ නැවතුම වන්නේ තල්දූවයි. ඉන්පසු දෙහිඕවිටද කරවනැල්ලද අනතුරුව
යටියන්තොට ටද එළඹේ.
කලකසිට
මාසිත තුල නොනිත් ආශාවක් විය. ඒ
මෙයට වසර 75 කට පෙර ගලවා දැමුනු යටියන්තොටට
විහිදුනු ;
“මැකී ගිය රේල්මග”
සොයා යෑමයි!
“මැකී ගිය රේල්මග”
සොයා යෑමයි!
තඩියා
හෙවත් ගිහාන් යනු ;මවිසින් අකුරු අමුනන පෝස්ටුව බ්ලොගයක්
කිරීමේ කටයුත්තේ බාසුන්නැහැය. සුමියා
හෙවත් සුමිත් යනු අප දෙදෙනාගේම මිතුරෙකි. මා මුලින්ම කලේ මාගේ මේ අදහස මේ ගිහාන්ටත් සුමියාටත් ඉදිරිපත් කිරීමය. එය
එකෙන්ම සබා සම්මත විය.
කොළඹ සිට අවිස්සවේල්ලට බසයෙන් ගොස් එතැන්සිට
“මැකී ගිය රේල් මග” ඔස්සේ යටියන්තොටට පා ගමනින් ද යලිත්
එතැන්සිට පොදු ප්‍රවාහනයෙන් හක්බෙල්ලාවකට යාම අපගේ සැලසුම විය.
ගමන
පටන් ගනිත්ම සුමියාට ඔහුගේ මිතුරු රවින්ද්‍ර නමැති ඡායාරූප ශිල්පියාව ගෙනයාමට උවමනා වූ අතර එයට අපගේ එකඟතාවය ලැබුනි.
තවත්
දිනයක් ගත වෙත්ම සුමියාට ඔහුගේ තවත් මිතුරෙකුවූ හර්ෂවද රැගෙන යාමට උවමනා විය. මාගේ
බලවත් අකමැත්ත නොසලකා සුමියා ඔහුවද ගමනට එක්කර ගති.
දිනය අගෝස්තු 5 වන දින උදෑසන අප සියළු දෙන කඩුවෙලින්
අවිස්සාවේල්ල බලා බස යෙන් පිටත් වුනෙමු.
මෙතැන් සිට දිග ඇරෙන්නේ අප දිනයක් පුරා ගොහින් දැකබලා ගත් ;
විමසා අසා ගත් ;
සිතා ගොඩනගා ගත් ;
කාචය තුල සටහන් තබාගත්
සියල්ල කැටිකොට ගත් ගමන් සටහනක්!
දුටු දේ බොහොමයි!
දැන්ගත් දේ අනූනයි!!
රූප සටහන් සිය ගනනක්!!!
ඒ සියල්ලෙන් තෝරා බේරගත් ටික මෙසේ පෙල ගසන්නෙමු.
එසේනම් කියවා බලමින්ම අපිත් එක්කම එක්ව පානගමු!
මෙතැන් සිට දිග ඇරෙන්නේ අප දිනයක් පුරා ගොහින් දැකබලා ගත් ;
විමසා අසා ගත් ;
සිතා ගොඩනගා ගත් ;
කාචය තුල සටහන් තබාගත්
සියල්ල කැටිකොට ගත් ගමන් සටහනක්!
දුටු දේ බොහොමයි!
දැන්ගත් දේ අනූනයි!!
රූප සටහන් සිය ගනනක්!!!
ඒ සියල්ලෙන් තෝරා බේරගත් ටික මෙසේ පෙල ගසන්නෙමු.
එසේනම් කියවා බලමින්ම අපිත් එක්කම එක්ව පානගමු!
රංවල පහන අසල දුම්රිය පාලම .
දැනට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම් රිය මගේ පුවක්පිටිය නැවතුමට පෙර මෙම පාලම පිහිටා ඇත. තවත් ලෙසකින් පව්සන්වානම් මෙය ස්ක්‍රීය පාලමකි.
දැනට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම් රිය මගේ පුවක්පිටිය නැවතුමට පෙර මෙම පාලම පිහිටා ඇත. තවත් ලෙසකින් පව්සන්වානම් මෙය ස්ක්‍රීය පාලමකි.
රං
වල පහනෙන් ඉක්බිති හමුවන දුම්රිය හරස් මාර්ග පසුකොට අවිස්සාවේල්ලට ලඟා වත්ම
දැඩි මාර්ග තදබදයකට අප ගමන් ගත් රථය මුහුන පාන්නට සිදුවිය.
අප පුවක්පිටියෙන්
බැසගතිමු. එහිදී උදෑසන ආහාර ලබා ගත් අප එතැනින්
දුම්රිය මාර්ගයට ගොඩවිය.
“ලෙන්චිනා මගෙ නංගියේ ……!”
කොහේ ගියත් අමාරුවේ
මෙම දුම් රිය ස්ථානයට පැමිණි වහාම අප හමුවට කොස්සක් අතින් ගත් සේවක මහතෙකු පැමිනියේය.
" කොහෙන්ද ආවෙ? , කොහොමද ආවෙ? , ඇයි ආවෙ ?" යනාදි වශයෙන් ප්‍රශ්ණ රැසක් ඇසුවේ සද්ධර්ම රත්නාව්ලියේ නාගසේන වස්තුවේ මිළිඳු නම් යොන් රජු සිහියට නංවමිනි.
අපි කොයිතරම් දුරට පැහැදිලි කරන්නට උත්සාහ ගත්තද ; මීට අවුරුදු 75 කට පෙර ගලවා දැමූ දුම්රිය මාර්ගයක් හොයන්න කොළඹ ඉඳන් ආපු අපේ කතාව තේරුම් ගැනීමට ඔහු අපොහොසත් විය.
ඔහුට තිබුනු ලොකුම ගැටළුව වූයේ අනවසරයෙන් දුම්රිය ස්ථානයට අප ඇතුළු වූයේ කෙසේද යන්නය.
මුලින්දුටු වනම ඔහුගේ මුහුන පුරා තිබුනු කැලල අපට කුතුහලයක් ගෙන දුන්නද ; ඔහු හා සංවාදයෙන් පසු එහි මූලාරම්භය පිළිබඳව දළ අදහසක් අප පස්දෙනාට ඒකමතිකව ගොඩනගා ගැනීමට හැකිවිය.
මෙතනින් එහාට 1973 පසු දුම්රියක් ගමන් කොට නැත.
දැනට අවිස්සාවේල්ලේ සිට රත්නපුර පාරේ පොලීසිය ලඟට සම්බන්ද වෙන පාර තමයි පැරණි ඕපනායක දුම්රිය මාර්ගය.
හැත්තෑව දශකයේ අගභාගයේදී ලී ගේට්ටුවක් තිබුනා.
ආ මග!
වම් පසින් දුම් රිය මග. තාප්පයෙන් දකුණු පසින් යාන්තමින් පෙනෙන්නේ කොළඹ සිට අවිස්සාවේල්ලට දිවෙන මහපාර.
වාෂ්ප එන්ජින් හෙවත් ගල් අඟුරු එන්ජිමට වතුර සැපයූ ටැංකිය
වාෂ්ප එන්ජින් හෙවත් ගල් අඟුරු එන්ජිමට වතුර සැපයූ ටැංකිය
පහත දක්වා ඇති අතින් අඳින ලද පැරණි මාර්ග සැලැස්මේ Water Tank ලෙසට දක්වා ඇත්තේ මෙයය.
මීට දශක ගනනාවකට පෙර යටියන්තොටටත් ඕපනායකටත් දිවුනු දුම් රිය මගෙහි නගරය ආසන්න කොටස සාමාන්ය රථ වාහන ධාවන්යට තාර දමා සකස් කොට ඇත.
ගව ආදී සතුන් ගබඩා කල පට්ටිය
ගව ආදී සතුන් ගබඩා කල පට්ටිය
බසය ගමන් කරන්නේ පෙර දුම්රිය මගෙහිය. වම් පසින් කුඩා ආනතයක් දිගේ ඉහලට ඇදෙන්නේ පෙර පැවති මහා මාර්ගයය. එම මග කඳු මුදුනේදී නැවත
දකුනට හැරී දුම්රිය මාර්ගය මතින් දමා තිබුනු පාලමක් මතින් දිවුනි. වම් පසින් යාන්තමින් පෙනෙන තාප්පයෙන් වටව ඇත්තේ
තානායමය .
පාලමේ එක් කොනකට උර දුන් ගල් බැම්ම
මෙවන්ම වූ තවත් බැම්මක් අනෙක් පස ඇත. මෙම බැමි දෙක මතින් පාලම වැටී තිබුනි. අතින් ඇඳි සිතියමේ නිල් වර්ණයෙන් දැක්වෙන්නේ මෙයය. වැඩිවන වාහන ගමනාගමනයට ප්‍රයෝජනයක් නොගෙන තිබුනු දුම් රිය මග යොදාගත්තා විය හැක. එහෙත් පාළම ගැලවූයේ ඇයි?
පාලමේ එක් කොනකට උර දුන් ගල් බැම්ම
මෙවන්ම වූ තවත් බැම්මක් අනෙක් පස ඇත. මෙම බැමි දෙක මතින් පාලම වැටී තිබුනි. අතින් ඇඳි සිතියමේ නිල් වර්ණයෙන් දැක්වෙන්නේ මෙයය. වැඩිවන වාහන ගමනාගමනයට ප්‍රයෝජනයක් නොගෙන තිබුනු දුම් රිය මග යොදාගත්තා විය හැක. එහෙත් පාළම ගැලවූයේ ඇයි?
තානායම ඉදිරියේ සිට ඉදිරිය පෙනෙන අයුරු !
රත් පැහැ ත්‍රීවීලරයක් පසුපස හරවා දකුණු පසට ගමන් කරණ්නේ පැරණි ඕපනායක බලා දිවුනු දුම් රිය මගෙහිය. අප දෙසට එන්නේ අවිස්සාවේල්ල නගරයට යන පාරය. යටියන්තොටට දුම් රිය මග මෙම දෙසටතිබිය යුතුය. මෙම මාර්ගයේ තවත් මිටර 75 ක් පමන දුරක් ගිය පසු වම් අත පැත්තට හැරුනු ; ඉහලට යොමුවුනු "විද්යාල පෙදෙස" නම් මාර්ගයක් ඇත. එය යටියන්තොට දුම් රිය මාර්ගයයි.
හමු
වන පලමු බෝක්කුව. මෙතැන් සිට හමුවන සෑම සියලු බෝක්කුවක්
පාලමක්ම මීට වසර 115 කට පෙර බ්‍රිතාන්‍යයන් විසින් නිපදවා පුරා වසර 40 ක් භාවිතා කොට අතහැර දැමූ ඒවා ය .
සීතාවක විදුහල් පිටිය
වන පලමු බෝක්කුව. මෙතැන් සිට හමුවන සෑම සියලු බෝක්කුවක්
පාලමක්ම මීට වසර 115 කට පෙර බ්‍රිතාන්‍යයන් විසින් නිපදවා පුරා වසර 40 ක් භාවිතා කොට අතහැර දැමූ ඒවා ය .
සීතාවක විදුහල් පිටිය
මාර්ගය නැවත දිවෙන්නේ තල්දූව නගරය දෙසටය.
මෙම ස්ථානයේදී දුම්රිය මග A7 මාර්ගයේ එනම් අවිස්සාවේල්ල නුවර එලිය මාර්ගය හරහා යයි. ඉදිරියෙන් මෝටර් රථ දෙකක් නවතා ඇත්තේ මාර්ගයේ අනෙක් කොටසය. පෙප්සි ලොරිය එන්නේ අවිස්සාවේල්ල නගරයේ සිට තල්දූව නගරයටය.
තල්දූව නගරය පසුකර හැටන් දෙසට නැතහොත් යටියන්තොට දෙසට යත්ම හමුවන පලමු පාලම . මෙය පිහිටා ඇත්තේ A7 මාර්ගයේ දකුණු පසිනි.
පෞද්ගලික අව්ශ්‍යථා පාලමෙන් පිරිමසා ගෙන.
දුම්රිය මග නැවත මහ පාර හමුවට එන්නේ තැඹිළියානේ පංසල අසලෙනි.
තල්දූව නැවතුපොල තිබී ඇත්තේ මේ අසලය. දෙහිඕවිට හා අවිස්සාවේල්ලේ සිට පැමිනෙන දුම්රිය මාර්ග පරීක්ෂක වරුන් එකිනෙකා මුන ගැසෙන්නේ මෙතනදීය. එක් එක් අය රැගෙන එන වාර්ථාපොත අනෙක් අයහා හුවමාරු කර ගෙන ඇත්තේ මෙතැනින් යැයි කියනු ලැබේ.
පාලමක්
ඊළඟට හමුවන්නෙ දෙහිඕවිට දුම් රිය නැවතුපොල. දැනට මේ ගොඩනැගිල්ල භාවිතාකරණ්නේ මහජන සෞඛ්ය කාර්යාලයට .
ගොඩනැගිල්ලේ දෙපස මෙය සාදා නිමකල වසරයි මාසයයි ලියා තියෙනවා සදා නොමැකෙන ලෙස.
ප්‍රවේශ පත්‍ර කවුළුව පවා තවම පවතිනවා.
නැවතත් මතක් කරණ්නම්. මේ සියල්ල භාවිතයෙන් ඉවතට ගොස් අවුරුදු 75ක්! හදලා ශත වර්ෂයකට වැඩියි.
දෙහිඕවිටෙන් පස්සේ කරවනැල්ල.
කරවනැල්ල ස්ටේශමට හැරෙන්න තියෙන්නෙ පාලමට ටිකක් විතර මෙහායින්.
දුම් රිය ස්ථානයට යන පාර ගල් අතුරා සකස් කොට ඇති අයුරු
ඒකාලෙ හඳුන්වලා තියෙන්නේ "කරවානැල්ල" කියලයි. දැනට මෙය භාවිතා වෙන්නේ මාගම්මන කණිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් ලෙසට.
ඒකාලෙ හඳුන්වලා තියෙන්නේ "කරවානැල්ල" කියලයි.
ප්‍රවේශ පත්‍ර කවුළුව
ජනෙල් දොරවල්
අපට මේ ස්ටේශම වගේම වැදගත් තව කෙනෙක් හමු උනා. ඒ මෙන්න මේ පුද්ගලයා
https://m.youtube.com/watch?v=
එයා ගැන කියනවාට වඩා හොඳයි අහලම බැලුවානම්.
අන්තිමට පිවිසුනේ අවසාන දුම් රිය නැවතුම්පොලට. ඒ කියන්නේ යටියන්තොටට.දැනට එය යටියන්තොට පොලිස්ථානය..
පොලිස්ථානයට යාබදව තියෙන්නේ ගරාගොඩ මුස්ලිම් විදුහල. එහි තියෙනවා පැරණි ගුඩ් ෂෙඩ් එක හෙවත් ගබඩාව.
මෙම ගොඩ නැගිල්ල පවත්වාගෙන යන ආකාරය ප්‍රශංසනීයවේ.
මේ විදු හලේ ක්‍රීඩා පිටිය
.මෙහි දුම් රිය මගේ අවසානයේ පිහිටාතිබුනු (අවිස්සාවේල්ලේ තිබූ ආකාරයේ) නැවතුම් සවිකර තිබී ඇත.
යටියන්තොට දුම් රිය ස්ථානයෙන් එලියට එන් අයෙකු නගරයට ඒමට කැළණි ගඟ තරණය කල යුතු වෙනවා.
ආදරණීය කල්යාණිය.
ඒ සඳහා බ්‍රිතාන්යයන් විසින් සකස් කල පාලම.
අද නිමකරණ ගොඩනැගිලි වලට වඩා මෙම ගොඩ නැගිලිවල කැපී පෙනෙන වෙනෙසක් ඇත.
සෑදූ අයෙකුගේ හෝ විවෘත කල අයෙකුගේ නම් සඳහන් නාම පුවරු මෙවායේ දක්නට නොමැත
ගමන අවසන දැනුනු එක්දෙයක් ඇත.
අප විසින් වරද්දාගත් තැනක් ඇත - කිසිදා නිවැරදි කිරීමට නොහැකි!
"මැකී ගිය රේල් මග" පාදා ගෙන යන්නට එකතුවූ අපි!
කොන්ඩයා - රවී , පොඩි එකා - හර්ෂ , තඩියා - ගිහාන් , කැමරාවක් උස්සන් ඉන්නේ - සුමියා ,
තොප්පියා - තට්ටයා.
කොන්ඩයා - රවී , පොඩි එකා - හර්ෂ , තඩියා - ගිහාන් , කැමරාවක් උස්සන් ඉන්නේ - සුමියා ,
තොප්පියා - තට්ටයා.
ඒකත් එහෙමයි එතකොට
ReplyDeleteමට මතක්වෙන්නේ අර තමන්ව අපයෝජනයට ලක් කරපු නරියා පස්සේ කොටියෙක් පන්නන් යනකොට නරියා ගමරාලගේ පුටුවට පැනලා පත්තරේ කියවනකොට කොටියා නරියගෙන් " මේ පැත්තෙන් නරියෙක් එහෙම දිව්වද?" කියලා ඇහුවාම නරියා දුන්නු උත්තරේ! පොස්ටුව එල්ලලා සින්දුවක් කියන්න යන්නවත් නැගිටින්න බැරි උනා. මද්දා උඹ ඒක බලලා! ස්තූතියි එකසිය ගානට! සතුට ගැන කියන්න ඕනෙ නෑනෙ!
Deleteඑලනෙ..... මේ තඩිය මම තරන් තඩි නෑ මේක පොඩියි...
ReplyDeleteඇත්තටම උඹට කියන්වානම් මල්ලියේ විශ්වාසෙට ගනිං! උඹටත් වඩා ලොකු බෝක්කු තිබුන කියලා හිතපංකො!?
Deleteඇත්තටම මූ නම් උඹ තරම් තඩි නෑ. මූ තාම තඩි පැටියෙක්! ලොකු වෙනකොට නං උඹේ ලඟට එයි මං හිතන්නෙ!
තඩියා, මීයා , තට්ටයා... මොකද්ද ඔබතුමා මේ අපි සකින්ස්කුරුතියට කොරන ඇබැද්දිය? මේකද අපේ ඉතිහාසේ??? තලා යනවා දැන් අපිට ඈ
ReplyDeleteසංචාරක සටහන් කියන්නේ මේවාට තමයි තට්ටයෝ.. ( තලා වෙන්න එපා ඈ )
Deleteසමාවෙන්න රත්තරණේ වරද මගෙ අතේ.....!!
Deleteමම මේ මහත්වරුන්ගෙන් ඇහුවා ඒ අයගේ නිවැරදි නම් වලින් හඳුන්වන්නද කියලා. එතකොට මේ උන්නැහැලා කියපි "කැසියස් ක්ලේ" කිව්වට මොකෙක්වත් දන්නවද? මොහමඩ් අලී නේද පස්සෙ දාගත්තු නම්? ඔය විදියට. ඉතින් මම මේ මහත්වරුන්ගේ පැරණි නම් වෙනුවට අළුත් නම් භාවිතා කොලා!
බොහොමත්ම ස්තූතියි! ඔබගේ රෙකමදාරුව මට මහමෙරක්!
Deleteගොඩාක්ම හොද පොස්ටුවක්. ඇත්තටම ඔබ ගොඩක් මහන්සියෙන් කැපවීමකින් මේ කරුණු හොයල ලියපු බව පේනවා. ඒ වෙනුවෙන් මා ඔබට බෙහෙවින් ස්තුතී වන්ත වෙනවා. කෙනෙක් යමක් කරන කොට ඒ දෙයින් තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවනම් එකේ ලොකු වටිනාකමක් තියනවා. ඇත්තටම ඔබ ලියන කොයි දේකත් යමක් ඉගනගන්න දැනගන්න තියනවා. ඔබතුමාගේ මේ ක්‍රමය මා ඉතා අගය කරනවා. අපගේ දැනුම වැඩි කරාට ඔබට නැවතත් මා ස්තුති වන්ත වෙනවා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteමම් බය උනා වැරැද්දක්ද දන්නෑ කියලා.
( ගනං ගන්න එපා නෝනේ! )
බොහොමත්ම ස්තූතියි නැවතත්!!
ඔබගේ ගවේෂනාත්මක සංචාරක සටහන ඉතාමත් අපුරුයි. ඇත්තෙන්ම මටත් සිහියට එන දෙයක් නම් අතිතයේ අප ඒ වරද නොකරගත්තානම් වර්තමානය කොතරම් වෙනසක් වි ඇද්දැයි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! අපගේ සංචාරයට "ගවේශනාත්මක" කියන විශේෂනය යෙදීමෙන් අපේ ගමනට ලබාදී ඇත්තේ ගෞරවයක්! ඔබගේ බොහොමත්ම ස්තූතියි නැවතත්!! පෙනේද අපි දැනට භාවිතා කරණ පාලමේ අසිරිය? තීන්ත ටිකක් උලා ගන්න එකෙක් නෑ. මේ බව දැන ගෙන වෙන්න ඇති ඒ මිනිස්සු මේ තරම් පවතින්න තම් නිර්මාණයන් කරන්නට ඇත්තෙත්!
Deleteතට්ටයා අයියේ ඔය රූට් එක සබරේ හැමදාම යන එන රූට් එකය මම රුවන්වැල්ලේ ඒ නිසා මේ හැමදේම පුරුදුය ඒත් කවදාවත් මේ තරම් ලස්සනට මේවා දිහා බලා නැත.. නුබලාට තව එක තැනක් අතපසු වෟ ඇත ලංකාවේ කැළණි ගඟ ලස්සනටම පේන එක තැනක් කරවනැල්ල පාලම ආයි යන්න පුළුවන් උනොත් ඒකත් බලන්න..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅනේ නගේ එතන ගත්තු ලස්සන පින්තූර ටිකක් තියෙනවා. ඔයාට ඕනෙ නම් එවන්න පුළුවන් මගක් ලියා එව්වොත්. රුවන්වැල්ල මම සිරාවටම දන්න්වා! ස්තූතියි බොහොමත්ම!! ඒවා නොදැම්මෙ අපේ මූලික අභිප්‍රාය වුනේ රේල් ට්‍රැක් එකනෙ ඒකයි. අර මාගම්මනහරියේ කෙලින් පාර පටන් ගන්න කලින් පොඩි කඳු ගැටිත්තක් තියෙන්නේ. ආන්න එතනින් දකුණු අත පැත්තට තියෙනවා පාරක්. ඒක තමයි ට්‍රැක් එක. මේ රේල් පාර මොන විදියකින් වත් කැළණි ගඟ හරහා යන්නේ නෑ. ගඟේ දකුණු ඉවුර දිගේම යටියන්තොටට වෙනකම් යනවා. සමහර විට යටියන්තොට ලොකු පාලමක් හදන්න ඇත්තේ කවදාහරි රේල් ට්‍රැක් එක ගඟේ වම් ඉවුරට අරන් ඒක ගිනිගත්හේන හරහා නාවලපිටියේදි ප්‍රධාන දුම් රිය ජාලයට ගැටගහන්න වෙන්න ඇති!
Deleteකලින් දැම්ම රිප්ල්යි එක මැකුවේ ඒකෙ වම දකුණ මාරුවෙලා තිබුනු නිසා ! සමවෙන්න!
වයස අවු 15 දී පමණ ලංකාවට ඇවිල්ලා අවු 50ක් මෙහෙ ඉඳලා පාරවලි හදපු ස්කිනර් ගැනත් ලියන්න.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Thomas_Skinner_(Ceylon)
Mr. T සයිකල් කරන්නේ ඒ පාරවල්වලනේ.
ෂ්...මේ.... ඇෆ්‍රිකන් අලියෙක්ගෙ පින්තූරයක් නැතුව මේක පාලුයි වගේ
බොහොමත්ම ස්තූතියි ! ඇප්‍රිකානු අලියෙක් අපට කරවනැල්ල ස්ටේශන් එක කිට්ටුව හමු උනත් එක්ක. වැඩේ තියෙන්නේ අපේ බ්ලොග් ලියන මහත්තුරුම අපේ හාමිනේ හමුවුනාම මට මඩ ගහන නිසා හිතුනා නොදා ඉන්න.
Deleteඇත්තටම මේජර් ස්කිනර් , සැමුවෙල් බේකර් වගේ බොහෝ දෙනා ගැන බොහෝ දෙනා තුල තියෙන්නේ දුර්මත! ඒක හොඳ ප්‍රවේශයක්! ස්තූතියි නැවත නැවතත්!!!
"මාව දන්නෙ නෑ කිව්වද" කියලා තග දැම්මාම බිය වී වෙව්ලා අප්‍රිකානු අලියෙක් නෙමෙයි ග්‍රීන්ලන්ත එලිෆන්ට් සීල් ගැන හරි කියලා බේරෙන්න ඕනනෙ මිස්ටර් ටී.
Deleteදැන් කාලෙ ආගමික දේශපාලන ජාතික values වලින් වෙනත් යුගයන් මනින්න ගියාම දුර්මත තමයි ඇති වෙන්නේ. ඒ ඒ යුගයන් ඇනලයිස් කරන්න ඕනෙ ඒ යුගයින්ගේ values බලල
ඔබ තුමාට ඔය එක දවසක්! මම ; ගිය සතියට අවුරුදු 23!
DeleteHappy anniversary, last week !
DeleteThank You! Thank You!!
DeleteThomas Skinner ge 50 years in Ceylon pothe ohuge athdekin gena honda vistarayak ohuma liaya thiyenawa. Eyath ballanna
Deleteසතියක් විතර කිසි සද්දයක් නැති වෙන්වකොට මම බැලුවා මොකෝ වෙන්නේ කියලා ...ඔහොම යමු අය්යේ ..
ReplyDeleteඅනේ මේක ගියාට වඩා අමාරු උනා ගොනු කරගෙන එල්ලන්න. පින්තූර දෙතුන් සීයක් අතුරින් තෝරා ගන්න එකටත් ටිකක් මහන්සි වෙන්න උනා. ඉතින් ස්තූතියි නැවතත්!
Deleteසිතේ නැඟුණු කලකිරීම #@$%&
ReplyDeleteකියල වැඩක් නෑ! මචං තනි ඇහැට ඇඬෙනවා!
DeleteThanks for an informative post.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteතට්ටෙ මාමේ,
ReplyDeleteමාත් එක වංගියක් ඕපනායක ඉඳලා පරණ රේල් පාර දිගේ නිවිතිගලට ආවා. ඒකත් තාර ගාපු වාරි මාර්ගයක්. ඒ පාරෙත් ඔය වගේම යකඩ පාලමක් තියෙනවා. මං ඒක ඉදිකරපු සමාගමේ නම තියෙන යකඩ තහඩුවෙ ෆොටෝ එකක් බුකියටත් දැම්මා. කරුමෙට ඒක හොයාගන්න නෑනෙ.
මේකට කියන්න වචන නෑ. සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා. විශිෂ්ඨ සංචාරක සටහනක් (නෙලුම් යායේ සම්මාන තේරීම් කමිටුවට පෙනේවා).
බොහොමත්ම ස්තූතියි! (දැන් මේක කියපු ගමන් ඇඳ ගන්නවා එහෙම නොවෙයි.) ඔබ වැනි ප්‍රවීනයෙකුගේ මෙවන් කොමෙන්ටුවක් අපට ඇති වටිනාකම මිළ කල නොහැක. ඔබගේ වදන් හමුවේ සියලු විඳි දුක් හිරු දුටු කඳෝපැනියන්සේ වාෂ්ප වීයයි.මීළඟ අපේ චාරිකාව බොහෝ විට ඕපනායක වේවි! එයට සහභාගී වනලෙස ගෞරවයෙන් ඇරයුම් කරණවා! ස්තූතියි!
Deleteඔබ වැනි ප්‍රවීනයෙකුගේ මෙවන් කොමෙන්ටුවක් අපට ඇති වටිනාකම මිළ කල නොහැක...../////
Deleteඅපට ඔබ ගැන කනගාටුයි තට්ටයාණෙනි!!!
ඔබ මෙවනි පුද්ගලයකු ප්‍රවීනයෙකු ලෙස හදුන්වන්න තියන ප්‍රධාන සාධක මොනවද? අනෙක මෙවැන්නෙක් ප්‍රවීනයෙකු ලෙස සැලකීමෙන් බ්ලොග් ලියන නියම ප්‍රවීනයෙකු හට ඔබ කරන අපහාසය සුලුපටු නැහැ.
මොහුගේ බ්ලොග් වලින් ග්‍රාමීය ජනතවගේ භාෂා දැනුම සහ හැසිරවීම උපහාසයට ලක්කරමින් තාවකාලික වින්දනයක් ලබදෙනවා පමණයි. තමන්ගේ රටේ දී, තමන්ගේ බසින් කතාකරන විට එය උපහාසයට ලක්කිරීමක් ලොවේ වෙනත් රටක කවරදාකවත් දැක ගත නොහැකිය. මෙය එම ග්‍රාමීය ජනතාව සිතා මතාම පහත තත්වයකට පත්කිරීමකි [discrimination]
අවම වශයෙන් ඔබලාගේ සිංහල භාෂාවට එම ලියවිල්ලකින් වෙන සෙතකුත් නැහැ
ඔබට ඔහු ප්‍රවීනයෙකුගේ මට්ටමින් සැලකුවේ ඔහුට සම්මාන උණකින් පෙළමින් ලිපි ලියන බැවින්,ලියා සම්මාන ලබාගත් නිසාද [මේ සම්මාන ලැබීම මොහුගේ වරදක් නොව එම ලිපි සම්මනයන්ට සුදුසුයි කියා තෝරපු විනිශ්වකරුවන්ගේ ඇති පහත් මානසික තත්වයකි ]
ඔබගේ ලිපියෙහි ද කිසිදු වරදක් අපටත් නැත! සම්මානයක් ලැබෙන්න තිබෙනවානම් ඔබට ලැබේවි නමුත් ඔබ සම්මාන සොයාම ලිපි ලියනවා නම් ඔබටත් ඉතින් අර අහවල් එකේ සරණය
ඔබ මෙවන් ගමනක් ගියේ ලිපියක් ලියන්න බලාගේනමද නැතිනම් ඇවිදීම විමසීම කුතුහලය නිසාද මෙය ඔබ තොරා ගතයුතු විශේෂයකි
ඔබට ජය
ඔබව මා මල්ලි කියා අමතන්නෙ හිතේ උපන් සහෝදරත්වය නිසමය!
Deleteමල්ලි මේ බ්ලොග් එකට තවම මාස හයක වත් වයසක් නැහැ.
ඒ නිසාත් , මා කුඩා කල සිට පුරුදු පුහුණු කල දෙයිනුත් මට වඩා දිනක හෝ ජේෂ්ඨත්වයක් ඇති අයෙකු ප්‍රවීනයෙකු සේ සලකනවා. ඒක මගේ දීන මානසිකත්වයක් සේ නොසලකන්න. ඔබ දිනක් හෝ මා ඇසුරුකොට ඇත්නම් එය මාගේ චරිත ස්වභාවය සේ දකීවි.
මාගේ මේ දැක්ම තේරුම් ගැනීමට මම මගේ පරණ කථාවක් කියන්නම්.
කලකට පෙර මා පානදුර ප්‍රදේශයේ ආයතනයක සේවය කලා. එයට අලුතින් පත්වී ආ ප්‍රධානියෙකුට "සර්!" නොකීමේ එකඟ තාවයක් නොනිළ මට්ටමෙන් ඇතිවී තිබුනා.මෙය අපේ හිටපු ප්‍රධානියාගේ අදහසක් ! දිනක් අපේ කණ්ඩයම එක්වුනු මොහොතක අපි අතර සිටි එකෙක් ; පැරණි ප්‍රධානියාට මාව දක්වා
"මුගෙත් එක්කනෙ බැරි සර්! මූ අරූට කථා කරන්නෙම සර් , සර් කියලනෙ!" කිව්වා.
"අනේ සර් මම කොයි බල්ලටත් සර් කියලා තමයි කතා කරන්නෙ. උන් දැන ගන්න ඕනෙ උන්ට ඒක උරුමද , නැද්ද කියන එක!"මම කිව්වා වටේම උන්ට හිනා ගියා.
අපේ පරණ බොසා " තොගෙ අම්මට ... !" කියලා නවත්ත ගත්තා.
මගේ ඕනෑම රිප්ල්යි එකක් ගෙන බලන්න. මම කාටත් ගරු කටයුතු විදියටයි සළකන්නෙ. උන් තේරුම් ගන්න ඕනේ ඒ සැළකුමට උන් සුදුසුද නැද්ද කියලා!
මල්ලි මේක කියෙව්වොත් චුට්ටන් කොමෙන්ටුවක් හරි එල්ලන්න.
මම සංචාරකයෙකු වෙලා අවුරුදු 20කට පස්සෙයි බ්ලොගර් කෙනෙක් උනේ.
ස්තූතියි කියෙව්වාට ලිව්වාට!
මට වඩා දිනක හෝ ජේෂ්ඨත්වයක් ඇති අයෙකු ප්‍රවීනයෙකු සේ සලකනවා..../////
Deleteමෙවන් හැඟීම් වලින් ඔබ නුතන සමාජයටම වැරදි වැටහීමක් ලබදෙනවා
උන් තේරුම් ගන්න ඕනේ ඒ සැළකුමට උන් සුදුසුද නැද්ද කියලා!////
ඒ ඇත්ත තිබුනේ අතීත කාලේ වර්තමානයේ එසේ නැ ලාංකීය සමාජයේ හඬ විතරයි වැඩ නෑ
එයම තමයි සිංහල බ්ලොග් එකම තැන පල්වෙමින් පවතින්නේ මෙවන් වැඩ නිසා සිංහල බ්ලොග් ලොවේ " මන් පොර " චරිත තව තවත් බිහිවෙනවා ඉන්පසු "රාජකීය මන් පොර" වීමට ඇනකොටා ගන්නවා පිටකසා ගැනීම් ඇරෙන්න හරවත් දෙයක් නැ.
එකම නමින් හරවත් නැති කොමන්ට් කීපයක් දැමීමෙන් ලිපියේ වැදගත් කම 0 බස්සවා එම කොමන්ට් කරුවන් ගේ කසාගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා හැබැයි ඉතින් උනුත් ඒවායින් සම්මාන ලබාගන්නවා එයයි ඔවුන්ගේ නිමල පැතුම. එය බ්ලොග් එක තැන පල්වෙන්න හෙතුවක, එක පැතිකඩක්
බ්ලොග් ලොව සුවාධිනයි කාටත් එය අදාලයි එය ආරක්ෂා කර ගැනීම ඔබ සතුයි
ජේෂ්ඨත්වයක් ඇති අයෙකු ප්‍රවීනයෙකු නොවේ. නමුත් එසේ බලපොරෝත්වන අය සිංහල බ්ලොග් ලොවේ එමටයි ...
කෙටි පාරෙන් ජනප්‍රිය වනවාට වඩා හරවත් දෙයක් දීමෙන්, මෙවන් ලිපි වැනි දෑ ලියා ඉදිරියට එන්න අනාගතය ඔබේ.ජයත් ඔබ අතේ !
කවරදාකවත් අතේ පත්තු වන බොරු නම් ලියන්න එපා [එසේ ලිවීමෙන් කුජිත වූ කීප දෙනෙක් දැනටත් බ්ලොග් ලියනවා ]
මල්ලි ඔබගෙ අදහස් දැක්වීම ගැන මා සතුටු වෙමි. සමහර විට මේ ගැන කරුණු දැක්වීමට මා "දන්නා දේ" මදි වෙන්නටත් පුළුවන." ජෙෂ්ඨ වූවාට ප්‍රවීනයකු නොවේ!" එයට ඉඳුරාම එකඟ වෙමි. මාගේ කිසිදු පෝසටුවක මා බොරු ලියා නැත! ඔබ එය පිළිගන්නා බව ; ඔබ කරුණු දක්වා ඇති ආකාරයෙන් පෙනී යයි. ඒ පිළිබඳව මා නිහතමානීව සතුටු වෙමි. දිගටම කියවන්න. වැරදි හදාගෙන ඉදිරියට යමු.
Deleteසෑහෙන මහන්සියක් අරගෙන කරපු අගනා සටහනක් මිස්ටර් තට්.
ReplyDeleteඇත්තටම ඔය මාර්ගය හා ඕපනායක මාර්ගය ගලවා දමපු එක ලංකාවෙ පාලකයො කරපු ලොකුම ගොංකං වලින් එකක්.
ඕපනායක පාරෙ කහවත්ත ඕපනායක අතර කොටසෙනං මම බොහෝ විට යැවෙනව. ඒකෙත් හුණුවල ටවුමට කිට්ටු වෙන්න වේ ගඟ හරහා යකඩ පාලමක් තියෙනව.
පුලුවන්නං ඕපනායක පාරෙත් යමු.
//ඕපනායක යනු රත්නපුර පසුකොට කහවත්තට පැමින එහි සිට කිලෝමීටර 7.2 දුරක් ගමන් කල විට හමුවන නගරයකි.//
ReplyDeleteඒ පාරට වඩා පැල්මඩුල්ලෙන් හැරිල බලංගොඩ පාරෙ (A4) යන එක ලේසියි.
සහස්‍රයේ කොමෙන්ට් කරු - ප්‍රසන්න, බොහොමත්ම ස්තූතියි කොමෙන්ටුවට. බොහෝ විට ඕපනායක යන්න හිතාන ඉන්නවා. ඒක දින ගනනක වැඩක් වෙයි. මැරෙන්න කලින් කරන්න හිතාන ඉන්න වැඩවලින් එකක් තමයි ඒකත්. මතු දවසක කාට කාට හරි දකින්න, කියවන්න, දැනගන්න ලියලා තියන්න ඕන කමක් නම් තියෙනවා. බොහොමත්ම ස්තූතියි දිරි ගැන්වූවාට!
DeleteThis comment has been removed by a blog administrator.
Deleteමෙතන තියෙනව වහල දාපු ඔය වගේ තව පාරක් ගැන.
ReplyDeletehttp://www.elakiri.com/forum/showthread.php?t=1741540
බොහොමත්ම ස්තූතියි!
Deleteප්‍රශ්නයක් තියෙනවා! කොහොමද අර ගෙවල් අස්සෙන් එහෙම වැටිච්ච පාර හොයාගත්තේ?
ReplyDeleteඒක මාර ඉන්ටරෙස්ටිං!
මලියා ලං කාවේ වටිනාම ඉඩම් හිමි වෙන්නේ රේල්ලුවට හෙවත් දුම් රිය දෙපාර්තමේන්තුවට. ඔය ලංකා බැකුවේ පිට්ටු බම්බුව අටෝල තියෙන්නේත් Cඝ්R ඉඩමක කියලා කවුද මට කිව්වා. (ඇත්තද දන්නේ නෑ!) ඉතින් ඔය අපි ගිය රේල් පරට වෙන් වුනු පාර තවම තියෙනවා.හැබැයි සමහර තැන්වල අඩි පාරක් විදියට. තවත් සමහර තැන්වල ඉන්ටර්ලොක් ගල් අල්ලලා නවීකරණය කරලා. තවත් සමහර තැන් වලදි හොයා ගන්නේ බෝක්කු පාලම් වලින්. අනෙක අදටත් මෙම පාරට වෙන් වුනු ඉඩ හැඳින් වීමට ඒ මිනිසුන් භාවිතා කරණ නාම පදය"රේල් පාර" යන්නයි. මේ ප්‍රදේශයේ බොහෝ ජල ප්‍රවාහ තියෙන නිසා මීටර 50 න් 100 න් මොකක් හරි සළකුණක් හමු වෙනවා. යන්න පුළුවන් හිතන තරම් අමාරු නෑ!බොහොමට්ම ස්තූතියි!!!
Deleteයකෝ උඹ එල පොරක්නෙ අඳුන ගන්න වටින! දැනුයි උඹේ පෝස්ටුවට හොම්බ දැම්මේ!
Deleteඒක පට්ට..මාත් ආසයි දවසක ඔය රුටින් එකේ යන්න..බලමුකො
Deleteමේ පාර ගැන අසා තිබෙනවා. මෙපමන හොඳ විස්තරයක් දැක්කේ අදයි. දුම්රිය ගමන් ගැනත් දනොයෙක් දුම්රියව වර්ග ගැනත් කියවන්න, බලන්න යන්න මගෙත් දැඩි කැමැත්තක් තියෙනවා. ස්තූතියි
ReplyDeleteමේ ඇති ගොඩ නැගිලි හා පාර පෙදෙස් රජයට අයිති නේ. ඒවායේ ගෙවල් හදල තියෙන්නේ කොහොමද? අනවසරයෙන්ද?
ReplyDeleteඅජිත් ඔබගේ පැමිණීම මා හට සතුටක්.
Deleteඇත්තෙන්ම අපේ වචන්යෙන් කියනවානම් දුම් රියට කැමති නැති කෙනෙක් ඉන්නවානම් ඒ කෝච්චියකට හැප්පුනු කෙනෙක් විතරයි.
සියල්ල අනවසර ඉඳිකිරීම්! නමුත් මේවන විට මේවාට ලයිට් දීලා , ගෘහ මූලික අංක දීලා වැඩීට නෛතික භාවයක් ලබාදීලා තියෙන්නේ.
අනෙක ඒ මිනිස්සු දැන් පරම්පරා තුන හතරක් ඉඳලා තියෙන්නේ.
හැබැයි ඉඩ කඩම් වලට ඔප්පු තිරප්පු තියෙන්න නම් තියෙන්න විදියක් නැහැ.
ඒත් ඕවයෙ තියෙනවානේද "කාලාවරෝධ අයිතිය කියලා එකක්! ඒකෙන් ඒ අයට අයිති වෙලත් ඇති . ඒ නැතත් කිසිදු රජයකට පේමන්ට් එකේ කඩයක් වත් අයින් කරන්න බෑනෙ විරෝධතා , උද්ඝෝෂන වලට මුහුන නොදී!
බොහොමත්ම ස්තූතියි. අවාට ! කියෙව්වාට !! අගයකලාට!!! ලිව්වාට!!!!
Dear Manjula Ayya
ReplyDeleteSorry for dealy reply.
This is a great post. This is very usefull not only for us , children also. I highly appreciate your big effort.
Congratulation !
තැන්කිව්! තැන්කිව්!!
Deleteඉතාමත් වැදගත් හරවත් ලිපියක්. කැළණිවැලි දුම්රිය මගේ යටියන්තොට දක්වා කොටසක් තිබුනු බව දැනගත්තෙත් මීට අවුරුදු තුනකට විතර කලින්. හැටන් සිට නුවරඑලිය දක්වා තිබුනු පුංචි කෝච්චිය ගැනත් ගවේෂණයක් කරන්න. සුභපැතුම්!
ReplyDeleteප්‍රිය මහත්මයානෙනි, බොහොමත්ම ස්තූතියි. ඔය ඔබ තුමා කියන ට්‍රැක් එක ගැන ඉතා සවිස්තරාත්මක ලිපි අන්තර්ජාලයේ පලවී තියෙනවා. ඒවා අප පල කල පෝස්ටුවටත් වඩා සාර්ථක විදියට්යි තිබුනේ. නමුත් තවම ඕපනායක ට්‍රැක් එක ගැන ලිපියක් පලවී තියෙනවා මම දැක්කෙ නැහැ. ඒක ගැන ලියන්න නම් අදහසක් තියෙනවා. ඒක කිලෝමීටර 70 කටත් වඩා දුර එකක්! බ්ලොග් එකේ අනිත් පෝස්ටුත් කියවලා ගුණ දොස් දක්වන්න!
Deleteසෑහෙන්න මහන්සියක් වෙලා ඉතාම වටින සංචාරයක් කරලා වටින ආකාරයට දාලා තියෙන මේ විස්තරේ හුඟක් අගය කරනවා. මමත් සෑහෙන කාලෙක ඉඳලා මේ ගමන යන්න හිටියත් විවිධ හේතු හන්දා ගමන ටිකෙන් ටික කල්යනවා.
ReplyDeleteමේ වගේ ගවේෂන වැඩවැඩියෙන් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා....
This comment has been removed by the author.
ReplyDeleteචන්දික, මේ ගමනේ හා ලිපියේ කිසියම් අපූර්වත්වයක් වෙතොත් එහි ගෞරවයෙන් කොටසක් ඔබටත් ඉන් හරි අඩක් ඔබටත් හිමිවේ. මන්ද ඔබගේ http://locolanka.blogspot.com/2011/01/m6.html බ්ලොගය කියවීමෙන් මා අත්විදි අමන්දානන්දද මෙම ගමනට හේතුවක් වූවා. බොහොමත්ම ස්තූතියි! නැව්ත ලියන්න. එය මා කියැවූ අතිශයින්ම රසවත් මෙන්ම වටිනා ලිපි පෙලක්! ස්තූතියි නැවතත්!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපුදුම හැගීමක් එන්නේ ඒ වගේම ගොඩක් දුකයි මමත් ඔය පාර හොයාගෙන යන්න හිටියේ මේ දවස්වල වහින නිසා යන්න බෑ එක දවසකින් යන්න පුලුවන්ද . ඔයාල කොහොමද ඒ පාර හොයාගත්තේ ,එතකොට ඒක රතනපුරයට යන පාර නෙමේද .... පුළුවන් නම් මට විස්තර ටිකක් හරි දෙන්න ඒ වගේම පුළුවන් නම් මේක ෆ්බ් දන්න " Ceylon Goverment Railway Magasin " එකට ටැග් කරලා නැත්නම් මම දාන්නද කමක් නැත්නම් .එකේ ඉන්නවා මේවා අගය කරන ගොඩ දෙනෙක් ඔයාලගේ මහන්සිය ගොඩක් අගය කරනවා .අන්තිමට කියන්න තියෙන්නේ " අපේ එවුන් අපිටම වල කපපු ජාතියක් "
ReplyDeleteකොච්චර දෙයක්ද? මේකෙ තියෙන ඌනෙ පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් එකක් විදියට තියනකම් තමයි මගේ. නමුත් පබ්ලිශ් කලාට පස්සෙ ඒක සැමට විවෘථ වෙනවා ඕනෑම දෙයකට. මේක හොයාගෙන යන එක හරිම ලේසියි. මට මේල් එකක් දාන්න . ඕනෙ උදව්වක් කරණ්නම්! දවසින් යන්න පුළුවන්!
Deleteගොඩක් ඉස්තුතියි
Deleteපොරම කොලේ පුරවලා දාන්න!
Deleteමේ බ්ලොග් එක හදපු කෙනාගේ ෆෝන් num එක දාන්න පුලුවන්ද මට ඒ විදිහටම ඒ ෆොටෝ ටික [article pages ] එක ගන්න ඕනි
ReplyDeleteපොරම කොලේ පුරවලා දාන්න!
Deleteමෙය මා ද ඉතා සංවේදීතාවට පත් කළ මාතෘකාවක්. කලක සිට ම මා මේ පාරවල්වල යද්දී දුම්රිය පාරේ නශ්ටාවශේෂ නිරික්සීමට හුරු ව සිටියා. මේ පිළිබඳ ව මා "අතුරුදහන් වූ රේල් පාර" නමින් කවියක් ලියා තිබෙනවා.
ReplyDeleteමගේ බ්ලොගයේ ඇති "කරවනැල්ල ස්ටේසම ටිකට් දෙන" ලිපිය බැලුවාද? එම ජන කවිය, මේ දුම්රිය පාර ගැන සඳහන් වන්නක්.
බොහොමත්ම ස්තූතියි!
Deleteඒ ඔයාගේ පෝස්ට් එකෙන් තමයි මම ඔබව හදුනාගත්තේ!
ඔබ ඔබගේ බ්ලොග් එක තුලින් වඩාත්පුළුල් මාතෘකා පිළිබඳව කතා කොට තියෙනවා!
ස්තූතියි!
තට්ට මහත්තයා ඔබට ගොඩාක් පින් කියල තමයි කියන්න තියෙන්නේ ...... ලංකාවේ රේල්ලුවට ආදරය කරන කෙනෙක් විදියට .
ReplyDeleteමේක තමයි මම කියවපු ලිපි වලින් ඕපනායක පටු ආමාන දුම්රිය මග ගැන ලියවුනු විශිෂ්ටතම ගවේශනාත්මක ලිපිය .
අදටත් මේ පැත්තේ යද්දී හිත දුකෙන් පිරෙනවා මේ රේල්පාර මතක් වෙලා .
ලංකාවේ අපිට ලැබුණු දේ වලට වඩා ලැබිලා නැති උන දේ කොහොමත් වැඩීනේ .. මේකත් ඒකට හොද උදාහරණයක් . ඔය අතර මතක් කරන්න ඕනේ උඩුපුස්සල්ලාව පටු ආමාන දුම්රිය මග දුම්රිය මග ගැනත් . අවාසනාවට ඒකත් නැහැ . තිබුන නම් ලෝකයේ ලස්සනම පටු ආමාන දුම්රිය මග වෙන්නේ උඩුපුස්සල්ලාව දුම්රිය මග .
ඔය දුම්රිය මං දෙකේ ම අඩුම තරමේ ඉඩම් අයිතිය වත් රේල්ලුවට තිබ්බානම් කොච්චර දෙයක් ද ?
මල්ලි ලංකාවේ වටිනාකමින් ඉහලම ඉඩම් වල විශාල අයිතියක් දුම් රිය දෙපාර්තමේන්තුවට හිමිව තිබුනා. මට මතකයි කවුරුහරි දැන උගත් අයෙක් මට පැවසුවා දැනට ලංකා බැංකුව ප්‍රධාන කාර්‍යාලය හෙවත් කවුරුත් දන්නා පිට්ටු බම්බුව පවා ඉඳිකර තිබෙන්නේ. සී ජී ආර් ඉඩමක කියලා. අපි කැමති උනත් අකමැති උනත් ; අපි අයත් වෙන්නේ වඳ වෙන ජාතියකට! වඳවෙන ජාතියක් සතු මූලික ලක්ෂනයකි මුල් දෙ අගය නොකිරීම. අපි ලොකුවට කතා කරණ සියළුම පෞරාණික දේවල් මොන විදියකින් වත් විනාශ කල නොහැකිව ඉතුරු උනු දේවල් ය. ඒ නිසයි ඔය අනුරාධපුරය පොළොන්නරුවෙ නටඹුන් ඉතිරිවෙලා තියෙන්නේ. ඒවාත් තියෙන්නේ එච් සී පී බෙල් වැනි යුරෝපීය යන් ඒවා හොයාගෙන පරිස්සම් කල නිසා. ලංකාවේ පලවුනු වැදගත් පොතක් තියෙනවා මහාචාර්‍ය්‍ය සෙනරත් පරණවිතානයන් අතින් ලියැවුනු "පුරාව්ද්‍යා පරියේසන" කියලා. ආන්න එකෙ උප ග්‍රන්ථයෙ තියෙනවා. බ්‍රිතාන්‍යයින් සංරක්ෂණය කරණ්නට පෙර අනුරාධපුර , පොළොන්නරුව තිබුනු ආකාරය දැක්වෙන! ඒ මිනිස්සු නැතිනම් ඒ ටිකත් ඉවරයි. ලංකාවේ තිබුනු අතිශය පැරණි වාශ්ප එන්ජින් පැරණි යකඩ වලට කැපුනේ එළ ෆවුසිගේ කාලයේ කියලා සී ජී ආර් එකේ කෙනෙක් මාහට කිව්වා මතකය. ඒ යකඩ ගැනීමට නොව එම එන්ජින් ඇතුලේ තිබු තඹ බොයිලේරුවට පෙරෙතකමේය! වැඩිය ඕන නෑ අනුරාඅධපුරයේ පැරණි ඡායාරූපවල දැක්වුනු මුරගල් දෙක අද කෝ? (මම පැරණි දෙතුන් දෙනෙකුගෙන් ඇසුවාම ඒ අයටත් මට වාගේම මුරගල් දෙකක් තිබූ බවට මතකයක් පවතී) එය එසේ නම් ඒක කෝ? ඒක තමයි මේක කිව්වාට අරක අන්තරස්දාන වෙලාය !
Deleteසුද්ද අපට දුන් දේ වගේම උදුරාගත් දේත් බොහොමයි..
ReplyDelete