Thursday, April 30, 2020

171. චින්තන ජයසේන!



ඔහුට ඒ නම තිබ්බේ කවුරුන්ද මන්දා.
නමුත් නමටම ගැලපෙන වැඩ.
චින්තන!
චින්තන ජයසේන!

චින්තන අයියා ගැන මම මුලින්ම ඇසූවේ දැනට BBCයේ සංදේශය කරණා චන්දන කීර්ති බණ්ඩාරගෙන්.
ඒ අපි එකට වැටී ඉන්න කාලේ ගත්වුනු රසබර නිමේශයන් වලදී.
චින්තන අයියාහට බොහෝ සිංහල වචන ශබ්ධ නැගීමේ අපහසුවක් විය.
ඒ උත්පත්තියෙන් වූ ඔහුගේ මුඛයේ ඇතිව තිබූ විකෘථි තත්වයකි.
මේ නිසාම ඔහු විසින්  කියන ලද රස කථාවලට අපූරු  අර්ථකතන ඔහුගේ පත්තර මිතුරන්ගෙන්ම ලැබී තිබුනි.
චන්දන කීර්ති බණ්ඩාර වෙත මෙම කථා කීමට තිබුනේ නිසග හැකියාවකි, පලපුරුද්දකි.
එම  රසවත් කථා අනුසාරයෙන් මා දකින්නට පෙරදීම චින්තන අයියාව දැන හැඳින ගෙන තිබුනි.

"දවසක් චින්තන ජයසේන හම්බෙලා මට මරු කතාවක් කිව්වා." චන්දන අයියා ගල් අරක්කු වඩියක රස බලමින් කතාව පටන් ගනී.

"මශං දැන් මේ ප්‍රේමයා රට වටේම ගම් හදහදා යනවනේ!? තව ගම් දෙකක් අඩුයි! මොකක්ද දන්නවාද? එකක් අපෙ පංසල් නැති හාමුදුරුවන්ව එකතු කරලා හදන්න ඕනේ ගමක් "බුද්ධාගම" කියලා!අනික; දැන් මේ ඉන්නවානේ ගෙවල් දොරවල් නැතිව නන්නත්තාර වුනු සංගීත කාරයො. ආන්න උන්ට ඉන්න හදන්නොන ගමක් "සරි ගම" කියලා"

මේ සමාජ මාධ්‍යයකින් ලියා දැක්විය "හැකි" චින්තන අයියාගේ කතා  අතලොස්සෙන් එකෝම එකකි.
ඔහුගේ කටට වචන ආවේ ඉතාමත් නිර්මාණශීලීවය.
ඔහු කඩවත පෙරමුන මාවතේ ඉන්නා කාලේ යාබද හුරු බුහුටි ගෘහස්ථ කඩ පොඩ්ඩක් විය.
එය පවත්වාගෙන ගියේ මාරි නම් කාන්තාවක විසිනි.
කඩය පවත්වාගෙන යන විට සමහර විටෙක ඇය තම සැමියාගේ සහය ලබා ගත්තේය.
ඒ "විකී . . ! යනුවෙන් ඔහුට හඬගා ඇමතීමෙනි.
චින්තන අයියා එම දෙමහල්ලන් හට නමක් දමා තිබුනි.
"සුපිරි විකී - ටිකිරි මාරි"
සුපිරි විකී නිපදවූවේ සිද්ධාලේප නිවෙසිනි.
සිද්ධාලේප නමැති හුදෙක් බාම් ඩප්පිය "සෑම ගෙදරක සිටිය යුතු වෙද මහත්තයා - සිද්ධාලේප!" උනේද චින්තන අයියාගේ පෑනෙනි.

චින්තන අයියාගේ පත්තර ජීවිතය පටන් ගෙන තිබුනේ "උදය" පත්තර කන්තෝරුවෙන්.
මම ඒ ගැන වැඩියමක් ලියන්නැත්තේ ඒ ගැන නොදන්නා නිසාමයි.

පසුව ඔහු හැත්තෑව දශකයේදී හුළුගල්ල මහත්තයලගෙ මල්ටි ෆැක්ස් එකට සෙට මෝල් වෙනවා.
ඔහුගේ පත්තර ජීවිතයේ වෛවරණතම අවදිය ගෙවී යන්නේ මල්ටි ෆැක්ස් ආයතනයත් එක්ක.
"සිත්තර" ඔහුගේ වැඩක්.
හැත්තෑව දශකයේ මුල් කාලයේදී ලේක් හවුසියෙන් "සතුට" පටන් ගන්නේ ලක්දිව පළමු චිත්‍ර කතා පත්තරය ලෙසින්.
පසු කලකදී "මධුර" බවට පත්වන්නේ මේ සතුටයි.
"සතුට" පත්තරේ පටන් ගන්න කාලේ ජනක රත්නායක ඇන්ද "සුසීමා", "පාට පාට හීනයක්!", වගේ කතාවලින් ජය කෙහෙළි නැංවූ පරිසරයකයි "සිත්තර" එළියට එන්නේ.
එහි මුල් පිටපත එළියට එන්නේ 1977 .
ඒක මම දකින්නේ "ලෑන්ඩ් රෝවර්" මෙරට කැලෑ දිග් විජය කල කාලයක එතැනට එන "මිට්සුබිෂි"  4DR5 ජීප් එක වගෙයි.
පත්තරේ තියෙන්නේ බොහොම හුරු බුහුටි පෙනුමක්.
මිළ ශත 75 ක්.
මේ පත්තරේ සුපිරිම චරිත කිහිපයක් හිටියා.
ඒ "ඉතිං ඊට පස්සේ " හි කැළුම්, දේදුනු හා යුනිකෝ ය.
ඒ බළංගොඩ සරත්මධු ගේ නිර්මාණයන්ය.
පුවත් පත පටන් ගන්නා කාල්යේ රටේ එක් එක් පලාත් වලින් එක්වූ ශිල්පීන් ගෙන් "සිත්තර" ජීවය ලැබුවා.
මේ සියල්ල චින්තන අයියාගේ චින්තනයන්ය.
එහි නම ද ඉන් පසු මල්ටි පැක්ස් ආයතනයෙන් පටන් ගත් බොහෝ වෙනත් පුවත් පත්ද චින්ත්න අයියාගේ චින්තනය මත පිහිටා උපත ලද කෘතීන්ය.

එකල මල්ටිපැක්ස් නිවසින් කල එළිබැසගත් සිනෙමා කලා පුවත් පතක්ද විය. මේ නිසාම ඔහුට කලා ලොවේ මිතුරන් රැසකි.
එකල ඔහු ජෝතිලා මිල්ටන් ලා සමග ෂාලිමාර් එකේ දොඩමළු නොවෙන දාට සෙට මෝල් උනේ වික්ටර්ලා ප්‍රේම් ලා සමග "ෆයිෆ් පාර" අසල "රන්දෝලි" යේය.
එක් සැඳෑවක චින්තන අයියා එහි යනවිට වික්ටර් රත්නායක  ප්‍රේම් ලා ඇතුලු පිරිසක් පුළුල් කතිකාවක යෙදී සිටියේලු.
"මොකද ප්‍රේම්?" චින්තන අයියා ඇසුවේලු.
"නෑ චින්තන අපේ මේ රත්නෙ ඒක පුද්ගල ගී ප්‍රසංගයකට ලෑස්ති වෙනවානේ! ඒකට මේ නමක් දානවා! තාම එකක් වත් හරියට ගැලපිලා ගියේ නෑනේ!"
" ආ ඕකට ඔච්චර බල බලා ඉන්න දෙයක් නෑ "සා" කියලා දාන්නකො!"
ඒ චින්තන අයියා රටම දන්නා "ස" ප්‍රසංගයට නම දුන් හැටියි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ FM සේවයට CITY FM නම තැබුනේද ඔහු වෙතින් බව මා අසා ඇත.

වරක් ඔහුත් මමත් ජනදාස පීරිස් මහතාව හමුවීමට ගිය ගමන පිළිබඳවද මා මෙතනම ලියා තබන්නම්.
ජනදාස පීරිස් මහතා එවකට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විය.
චින්තන අයියාත් මමත් ගුවන් විදුලියේ ගේට්ටුව අසල මුර කුටියට වී බොහෝ කාලයක් රැඳී සිටියේ එහි සිටි ආරක්ෂක නිළධරයා "සභාපති තුමා කෑම කනවා!" කී හෙයින්ය.
කාලය පුරා පැයකට ආසන්නව ගෙවී ගියේය.
දෙතුන් විටක් අප විසින් ඒ පිළිබඳව විමසීමෙන් ආරක්ෂක නිළධරයාහට අපව ඒ වන විට සුපිරිම ඇනයක් වී තිබුනි.
අන්තිම වතාවේ චින්තන අයියා හිටි තැනින් නැගිට ආරක්ෂක නිළධරයා සිටි තැනට ගොස් ඇමතුවේය.
"ඕයි  කනවා කියලා ඒ යකා මේ ලෝකෙම කනවද? සභාපති උනා කියලා එයා කන්නෙත් මේ අපි වගේම වෙන්න ඇතිනේ. ඔය ටෙලිෆෝන් එකෙන් කියනවා චින්තන ජයසේන ඇවිත් ඉන්නවා කියලා. අහනවා මං ඉන්නද යන්නද කියලා?"
තවත් විනාඩි ගනනකික් අපට දොර ඇරුනි.
අප ජනදාස මහතා හමුවට  යන විට ඔහු රැස්වීමක් අවසන් කොට රැස්වීම් ශාලාවේම සිටියේය.
අප දුටු සැනින් ජනදාස මහතා ඉදිරියට විත් චින්තන අයියාව පිලිගත්තේය.
"කෝ ඉතින් චින්තනලා මේ පැත්තේ එන්නෙත් නෑ. අපිට ඔයාලවගේ අයගේ උදව් ඕනේ. අපිට අපේ සේවාවන් ප්‍රසිද්ධ කර ගන්න ඕනෙ ජනතාව අතර! ඒවා පිළිබඳව දන්නේ ඔයාලනෙ!" රැස්වීමට රැස්වූවන් ඒවන විටත් දහ පහලොස් දෙනෙකු සිටියේය.
"ප්‍රසිද්ධ වෙන්න ඕන නම් ඒකට ..... පොට් එකක් දැම්මත් හරිනෙ. නමුත් වෙන්න ඕනෙ ප්‍රසිද්ධ වෙන එක නෙවෙයි. හොඳ දෙයක් කරන එක!" චින්තන අයියාගේ පිළිතුර විය!

ඔහු තරම් මිනිසුන් ඇසුරු කල කෙනෙක් මා අසා නැත. ඕනෑම කලා කරුවෙකු දේශපාලකයෙකු ගැන ඔහුගෙන් ඇසූවිට එම පුද්ගලයා හා සම්බන්ධ කුප්‍රකට කථාවක් හේ දනී.

වරක් දේශපාලකයකු ඔහුට කථා කොට දේශපාලන පුවත් පතක් අරඹන ලෙස පැවසුවේය.
ඒ මුළු රටම දැඩි චන්ද උනුසුමෙන් ඇලළී ගිය කාල වක වානුවකි.
මෙකල මෙන් FB හා FM  මඩ නොතිබූ කාලයේ දේශපාලක තුමාට අවශ්‍යවූයේ විපක්ෂයේ රෙදි ගැලවෙන වැඩකි.
චින්තන අයියා වැඩේ අකුරටම කලේය.
එකල ලෙටර් ප්‍රෙස් මගින් පුවත් පත අච්චු ගසන කාලයේ අකුරු අමුනා එවන් කොලම් හා පිංතූර යනාදිය එක් කොට පිටුව බැඳ එය මුද්‍රණ යන්ත්‍රයට දමා පත්තර අච්චු ගැසීමට පෙර පෲෆ් බැලීම හෙවත් සේදූ පත් බැලීම කෙරුණි.
මේ සඳහා යොදා ගනු ලබන්නේ එකට එක් කල පිටුව හෙවත් මැටරය කුඩා අඩි 2 X 3 පමන යන්ත්‍රයකට ඇතුළු කොට එය මතින් පිටුවේ  ප්‍රමාණයේ කොලයක් තබා ඒ මතින් රෝලරයක් දිවැවීමය.
මෙය පත්තර කන්තෝරු භාෂාවෙන් හැඳින්වෙන්නේ පෲෆ් එකක් ඇදීම යනුවෙනි!
දේශපාලක තුමාගේ පුවත් පතේ එක් එක් පිටුවේ පෲෆ් හතරක් එනසේ; පෲෆ් ඇදගත් චින්තන අයියා; ඒවා ඔරිජිනල් පත්තර සේ පෙනෙන ලෙස නවා කියා ගෙන එයත් රැගෙන  තුමා  මුණගැසීමට ගියේය.
ඔහු පෲෆ් කොල සියල්ල වෙන වෙනම පත්තර හතරක් සේ  දැක්වූයේ; පත්තරය මුද්‍රණද්වාරයෙන් බිහිව රට පුරා ගලා ගොස් අවසාන බව පවසමිනි.

දේශපාලකයා වෙතින් එයට අය කල මුදල ගෙඩි රුපියල් ලක්ෂ හතරකි. 
චින්තන අයියා කාලයක් යනතුරු මේ ගැන කියා පෑවේ  "මම එක පත්තර කොපියක් ලක්ෂෙ ගානෙ කොපි හතර ලක්ෂ හතරකට විකුණපු එකෙක්!"කියාය!

දිනක් ඔහුගේ පර්ජෝ 305 කාරය පදවාගෙන කොළඹ යෑමට මට සිදුවිය. 
එකල ප්‍රභාකරන්ගේ බෝම්බ නිසා සෑම තැනකම පාහේ පොලිස් හමුදා බැරියර තිබුනු යුගයක් විය.
එම රථයේ බ්‍රේක් තිබුනේ පාගා බැලීමට මිස වාහනය නැවැත්වීමට නොවේ.
මරදානේ ආනන්දය ඉදිරියේ පොලිස් නිළධරයෙකු විසින් රථවාහන පාලනය කරමින් සිටි අතර ඔහු අපගේ වාහන මං තීරුව නවතා ලීමට සන් කලද එය නවතා ගැනීමට නොහැකිව ඉදිරියට ගැනීමේදී වේගයෙන් පැමිනි මෝටර් සයිකලයක් රථයේ ගැටුනි.
මාගේ දකුණු පසින් පැමිණි  සයිකලයට මා ඉඩ දිය යුතුව තිබුණි.
 එහෙත් නියමිත මාත්‍රාවට බ්‍රේක් නොතිබීම එම අවස්ථාව මා වෙතින් පැහැර හැරුණි.
මෙහි වඩාත්ම සිත්ගන්නා සුළු සිද්ධිය වූවේ පාසැල ඇරී ඒ වන විට විසල් රථවාහන තද බදයක් නිර්මාණය වී තිබීමය.
පොලිස් නිළධරයා මාවෙත පැමිණි විගස ඔහු මා වෙත දොස් පැවසීමට ප්‍රථම මා පවසූවේ "මම දාන කොටමනේ  රාලහාමි නවත්වන්න සිග්නල් දුන්නේ. මෙයා පොඩ්ඩක් වත් බලන්නේ නැතිව ඇවිත් මගේ වාහනේ හැප්පුවානේ" කියාය.
කථාවේ පොඩි ඇත්තකුත් නොතිබුනාම නොවේ. සයිකල් කරු පොලිස් නිළධරයාගේ සංඥාව හිතේ තිබියදීම බයිසිකලය දමා තිබුනි!
පොලිස් නිළධරයා මා වෙත පැමිණ පැවසූවේ "ඔයා දකුණේ නීතිය දන්නවාද?" කියාය.
මාගේ වම්පස අසුනේ සිටියේ චින්තන අයියාය.
ක්ෂ්ණිකව ඔහු කට හඬ අවදි කලේය!
" දකුණේ නීතිය!?  රාළහාමි දන්නවා ද උතුරේ නීතිය!?  ඔයා අද මෙතන හිටගෙන ඉන්නේත් දකුණේ නීතිය හින්දා නෙවෙයි උතුරේ නීතිය නිසා! ඔයා ඒක හරියට දැනගෙන කතා කරණ්න!"
පොලිස් නිළධාරියාහට සිදුවූයේ මොකක්ද කියා තේරුම් ගන්නට නොහැකි විය.
"යනවා! යනවා! මෙතන අපේ කාලෙත් කන්නෙ නැතිව!"
මා එතෙක් වම් පාදයෙන් පාගාගෙන සිටිය ක්ලච් පැඩලය අත හරින ගමන්ම දකුණු පාදයෙන් ගෑස් පැඩලය පාගමින් එතැනින් මාරු උනෙමි.

චින්තන අයියගේ පුවත් පත් ජීවිතයේ තවත් විශාල කඩ ඉමක් ලෙස මා ඔහුගේ "කොලම" පුවත් පත දකිමි. 
එය මාගේ ලිවීමේ ශෛලිය වෙනස් වීමටද එක් කඩ ඉමක් විය.

එය ලංකාවේ ප්‍රථම ටැබ්ලොයිඩ් පුවත් පත යැයි මා අසා ඇත.
පහලින් දැක්වෙන්නේ මා ලඟ තවමත් සුරැකිව තිබෙන; කොලම පුවත් පත් කිහිපයෙන් දෙකක මුල් පිටුවේ ප්‍රධාන ඡායා රූපය හඳුන්වා දී ඇති තිබුනු ආකාරය කියා පෑ පිංතූර දෙකකි!



විවේචනාත්මක, විචාරාත්මක හෝ විමර්ශනාත්මකව ලිවීම යනු එලෝ මෙලෝ නැතිව කුණු හරුප පැලීමට වඩා කෙතරම් සුන්දර දෙයක් දැයි සිතෙන්නේ නැවත මේ පුවත් පත් බලන කලටය.
එවන් ආභාෂයක් ලද අප; හිතෙන දැනෙන දේ ලිවීමට පෙර දහ දොලොස් වාරයක් සිතන්නෙමු.
බොහෝ විට එය බ්ලොග් ලියන බොහෝ දෙනා හට නොගැලපෙනු ඇත.
එහෙත් කියවන බොහෝ දනන් ගේ සිත සුව පිණිස වනු ඇත.

නොබෝදා මිය පරලොව ගිය  "ලක්බිම" පුවත් පතට මා යොමු උනේද චින්තන අයියා වෙතිනි.
මේ පිළිබඳව මා මීට පෙර ලියා අති බැවින් එය නොලියමි.

මාගේ බ්ලොගය; තට්ටයාගේ "කොලම" උනෙත් ඔහු නිසා වියයුතුය. 
ඔහු මට කිසිදා කිසිවක් ලිවිය යුත්තේ මෙලෙසින් යයි ගුරු හරු කම් නොදුන්නද මා ලියන සමහර ලිපි තුල ඔහුගේ ඡායාව මම දකිමි. 
එය ලබී ඇත්තේ ආභාශයෙන් වියයුතුය.

අපරටේ බොහෝකලා කරුවන් ලෙසින්ම මධුවිත ඔහුව අපෙන් ඈත් කලේය.
උදේ ඇඳෙන් බිමට බට මොහොතේ පටන් රෑ නින්දට යනතෙක් ඔහු ජීවත් වූවේ මධුවිත සමගිනි.
ඔහු ගැන ලියන්නට වඩා කියන්නට බොහෝ දේ ඇත.
මෙය කියවන අප කවදා හෝ දිනෙක එකට මුන ගැසුන හොත් ඒවා කියන්නම්; මැරෙණ කල් මතක හිටින්න!
ඔහුගේ භාෂණ මෙසේ ලඝු කොට ලිවීමට නොහැක!
ඒ ඒවා; කියන්නට නොව රඟ දැක්වීමට ඇති අති සුන්දර කථා හෙයින් ය!
හදවතට පිදෙන උපන්දින සංග්‍රහය!

Friday, April 24, 2020

170. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VI

මුහුදේ දූවිලි නංවාගෙන!


දිනය 2019 මාර්තු 31. 

පැහැබර ඉරිදා දිනයක්. 
නමෝ විත්තියෙන් ඩයිවිං ඉගෙන ගන්න යන දෙවන දවස! 
ඊයේ මුළු දවසම තියරි හා පරීක්ෂණාගාරයේ පුහුණුව. 
අදයි ඇත්ත්ටම කිමිදෙන්න යන්නේ!
සිරිත් පරිදි තෙශාගේ 107 රථය දුහුවිලි නංවාගෙන උදෑසන 6.30 ට පමන අප ගේ මිදුලේ නැවැත්විනි.
තෙශාන්ත වාහනය හරවනවාත් සමගම මා එයට ගොඩ විය. ටොයෝටා ෆෝ වීල් කැබ් රිය අසුරු සැනින් අතුරු පාරදිගේ වේගය වැඩි කරමින් ඇදී යයි.
"මචං ගානකට යමං! කොහේ හරි ඉන්න මී හරකෙක් හරහට දැම්මොත් වැඩේ එහෙම පිටින්ම හබක් වෙනවා!!" බලා සිටින්නට අසීරු උනම තැන මා තෙශාන්ත අමතා කීවෙමි.
එතෙක් පැයට කිලෝමීටර 80 වට පමන වේගයෙන් කුඩා අතුරු පාරේ ඇදුනු රියේ වේගය අඩු විය. 
එතැන් පටන් විනාඩි 10ක පමන කාලයක් පයට කිලෝමීටර 78 පමන ගොස් නැවතත් සුපුරුදු වේගයෙන්ම යන්නට විය!



මර බයෙන්!

අප මීගමුව නගරයට පමිණෙන විට උදෑසන 7.15ට පමණ වන්නට ඇත.
මීගමුව නගර නගර මාධ්‍යයේ පිහිටි Perera & Sons කුඩා අවන් හලකි. 
අප එය අසල නවතාලූයෙමි. 
ඉන් උදෑසන ආහාරය සපයා ගත් අප ඉන් පසු නැවතත් ගමන් අරඹා; හෝටල් පාරෙන් හැරී Sri Lanka Diving Tours අභියස විය.
අප එහි යනවිට තවත් යුවලක් හා විදේශිකයෙකු විය. 
දෙතුන් දෙනාම අඩි හයක පමන ආරෝහ පරිණාම දේහ ලක්ෂණයන්ට හිමිකම් කීවෝය.
"පරක්කුයි!"
අප Good Morning Mr Fernando! කීවිට ඔහු ඊට Good Morning! කියා ඊට එක් කලේ ඉහත වැකියය!
අප දනි පනි ගා අපගේ පිහිනුම් ඇඳුම් ලා ගත්තෙමු. 
පෙර දින ඇඳගත් ඩයිවින් ඇඳුම , බර පටිය, මාස්ක් එක හා ෆින්ස් හෙවත් වරල් සොයා ගැනීමට තරමක කාලයක් ගියේය.



කිමිදීමේ පුද්ගලිකත්වය !

මා; මේ ලිපි පෙල ආරම්බයේදී ලියා ඇති සේම විනෝදංශයක් සේ කිමිදීම කරණ අයෙකු තමා සන්තකයේ තබා ගනු ලබන්නේ තමාට සීයට සීයක් ගැලපෙන අයුරින් තෝරා මිළදී ගනු ලැබූ මාස්කය හෙවත් ඇස් හා නාස් ආවරණය හා ෆින්ස් යුගලය පමණි.
උපරිම වශයෙන් කිමිදුම් ඇඳුමක්ද ඒ අතර විය හැක.
අන් සියල්ල කුළී පදනම මත ලබා ගන්නේ ලොව පුරා පවත්වාගෙන යනු ලබන Diving Center වලිනි.



ඩයිවිං කඩයක් !

ඔවුන් බර පටිය, වායු සිලින්ඩර, බෝට්ටු, උපදේශනය හා මාර්ගෝපදෙශනය සපයනු ලබයි.
අවශ්‍යයවේනම් පමනක් මාස්ක, ෆින්ස් හා ඩයිවින් කිට් හෙවත් කිමිදුම් ඇඳුම් ඔවුන් සපයති.
නමුත් ඒවා සේවාදායකයාගේ සිරුරේ මිමි වලට සීයට සීයක් සර්වප්‍රකාරයෙන්ම ගැලපෙන්නට නොතිබීමේ සුළු සම්භාවිතාවක්ද පවතී!
තමාටම කියා මාස්කයක්, ෆින්ස් යුවලක් හා කිමිදුම් ඇඳුමක් තබා ගන්නේ මෙම අපහසු තාවයෙන් අත්මිදීම සඳහා හා සෞඛ්‍යානුකූලවීම කරණකොටගෙන වියයුතුය!



දිය යට ගන්නා වෙඩිමක වෙඩිං සූට් දෙක!

කිමිදුම් ඇඳුම් පිළිබඳවද මෙතන මා යම් පමනකට ලියන්නම්.
 Diving Suit යනු "කමිස" වැනි යෙදුමකි. 
කමිසය අත්දිග, අත් කොට, කොලර ඇතුව නැතුව වැනි මෝස්තරයන්හී වෙනස වර්නයන්ගේ වෙනස මෙන්ම එය නිපදවා ඇති රෙදි වර්ගය අනුව වෙනස් වෙනස් ගති ලක්ෂණ විදහා දක්වයි.
මෙසේ පොදුවේ Under Water Exposure Suite ලෙස හඳුන්වනු ලබන මෙම ඇඳුම්  Body Suits හෝ Skin Suits යනුවෙන් යෙදූවද; Wet Suits / Dry Suits යනුවෙන්ද මෙන් වඩාත් පුළුල් පරාසයක් තුල ප්‍රබේධනය වී ඇත.
එසේ වී ඇත්තේ අප එය පාවිච්චි කරණු ලබන දේශගුනය, කාලගුණය, පරිසරය, ගැඹුර, කාර්‍යය හා අපගේ දෙහයට සුවිශෙෂී වූ ගුණාංග යන කරුණු මතය.
මෙම ඇඳුම් මිලී මීටර 3, 5, 7 යනාදී වශයෙන් විවිධ ඝනකමකින් යුක්තව නිපදවා ඇත. 
මේ පිලිබඳව යම් අදහසක් ගෙන ඒම සඳහා ලක්ෂ්මන් මුතුකුඩ මහතාගේ "කිමිදුම් කලාවේ අත්පොත"  ග්‍රන්ථයෙන් හා අනතර් ජාලයෙන් උකහා ගත් දැනුමෙන් ලියූවද මෙම Diving Suit කතාන්දරය පුළුල් එකක්සේ සලකන්න.
මෙය අසංපූර්ණ තේරුම් කිරීමකි.



හැඳ පැළඳ ගත් පසු අප සියල්ල කැඳවූ ෆිලී අප සියළු දෙනා හටම "තෙලක්" බෙදුවේය. 

ඒ කිමිදීමේදී එකිනෙකා අතර අදහස් සම්ප්‍රේෂනය කර ගන්නා
මීට පෙර පෝස්ටුවක මම දක්වා අති පරිද්දෙන්ම නොවුනත් එයින් අත්‍යාවශ්‍යයැයි තෝරා ගත්  කිහිපයක් දක්වමින් කියා පෑවේය. 
අපගේ සියළු අංගෝපාංග, උපකරණ ආදිය සියල්ල ෆෝ වීල් ඩ්‍රයිව් මහින්ද්‍රා ට්‍රක් රථයට පැටවූ අප බෝට්ටුව දෙසට පිය මැන්නෝය.



මෙලෝ රහක් නැති ෆෝ වීල් ඩ්‍රයිව් !


අනුතුරුව අපට නියමිතව තිබුනේ  බෝට්ටු දෙසට ගමන් කිරීමටයි! 

Sri Lanka Diving Tours ආයතනය සතු  ෆයිබර් බෝට්ටු දෙකක් වෙරළේ ගාල් කොට තිබුනි.


හයේ හතරේ ඩෑලිය!

දිනය පැහැබර එකක් විය. 
මීගමුව හලාවත ආදී බස්නාහිර හා ඊට ආසන්න පලාත්වලට වාරකන් සමය එළැඹෙන්නට තව ඇත්තේ දින කිහිපයකි. 
වාරකන් සමය අදද හෙටදැයි කිව නොහැකි තරම් ආසන්නයට පැමිණ ඇත. 
යම්හෙයකින් අපට වාරකන් පටන් ගැනීමට පෙර මේ ලැබී ඇති දින දෙක තුන තුල මෙම කිමිදුම් පාඨමාලාව අවසන් කර ගැනීමට නොහැකි වුවහොත් අප ඉතිරි කිමිදුම් කටයුතු සඳහා මඩකලපුව පිහිටි Sri Lanka Diving Tours ට අයත් කිමිදුම් පාසැලට යායුතු වේ. 
නො එසේනම් නැවත වාරකන් අවසන් වී මීගමුවේ කිමිදුම් පටන් ගන්නා තුරු වසරකට ආසන්න කාලයක් බලා සිටින්නට සිදුවේ.
මෙම ඩයිවින් පාසල විසින්ද භාවිතා කරණු ලැබුවේ මසුන් මැරීම සඳහා භාවිතා කරනු ලබන වර්ගයේම ෆයිබර් බෝට්ටුය. 
මෙම ස්ථානය හුදෙක් ඩයිවින්ග් පාසැලක් පමනක් නොව සංචාරකයින් සඳහා අවශ්‍ය කිමිදුම් කටයුතු සඳහා යටිතල පහසුකම්ද  සැපයෙන Diving Center එකක්ද වේ.
ලංකාව පුරා ඇති බොහෝ ඩයිවින් සෙන්ටර් වල මෙම යටිතල පහසුකම් සැපයීමට අමතරව කිමිදුම් පුහුණුවද කරගෙන යනු ලබයි.
ඒ සෑම ස්ථානයකම පාහේ ඒ සඳහා භාවිතා කරණු ලබන්නේ මෙම ආකාරයේ ෆයිබර් බෝට්ටුමය.

මෙම බෝට්ටු වෙරළේ නවතා තැබෙන්නේ මුහුදෙන් ඔබ්බට වෙරළට බෝට්ටුව ඇද තැබීමෙනි. මෙසේ නවතා තබුනු බෝට්ටුව යලිත් දියත් කිරීම සඳහා මුහුදට තල්ලු කර දැමිය යුතුය. 
මීට අවම වශයෙන් තුන් හතර දෙනෙකු ගේ ශ්‍රම ශක්තිය අවශ්‍යය වෙන වැඩකි.

යයිහෝ යායිහෝ! යයිහෝ යායි හෝ!! 
(හොයියා හෝයියා - හොයියා හොයියා! - කණපිට)

අප සියළුම ආම්පන්න බෝට්ටු දෙකකට පටවා ගත්තෙමු. 
ඉන් එකක විදෙශිකයින් තිදෙනෙක් හා බෝට්ටු පදවන්නෙක් හා තවත් කිමිදෙන්නෙකු  ගමන්  ගත් අතර මමත් තෙශාන්තත් ගමන් ගත් බෝට්ටුවේ පදවන්නා හා ෆිලී සිටියෝය.
ෆිලී සැම මොහොතකම සිටියේ තම අතෙහි රැඳි GPS උපකරණයේ ඇස තබා ගෙනය.
ඔහු ඊට අනුව දිගු කරගත් දකුණු අතින් දිශාව දක්වමින් සිටියේය.



එකෙන්ම පොර !


මා බෝට්ටු වල දෙතුන් වතාවක් ගමන්ගෙන තිබුනු අතර ඒ සෑම අවස්ථාවක්ම අප්‍රසන්න අත්දැකීමක්ම විය. 

මන්ද OBM (Out Boat Motor) එන්ජිමක් සහිත බෝට්ටුවේ පදවන්නා සිටින්නේ බෝට්ටුවේ පසුපස කෙළවරේය. 
පසු පස කීවාට පසුම පසුපස කෙළවරේය.
ඔහි නිරන්තරයෙන් මුහුදේ ස්ව‍යංක්‍රීයව ඇතිවී නැතිවී යන රැල්ලට ලම්භකව මුහුණ දීමටහැකි හැම විටම උත්සාහ ගනී.
මේ උත්සාහයේදී රැල්ල වේගයෙන් බෝට්ටුවේ පතුලේ වදී. 
ඊළඟ නිමේශයේදී මෙතෙක් ඉහලට ඇති  බොට්ටුව; වේගයෙන් ජල තලය හා ගැටේ. 
එය බෝට්ටුව පුපුරායන තරමේ හඬක්ද දෙදරීමක්ද ඇති කරමින් පහලට වැටේ.
ඊළඟ තත්පරයේදී නැවතත් ඉහළට එසවේ.
මෙම අවස්ථාවේදී අවම හානියක් ගෙන එන්නේ.පසුපස කෙළවරටය. ඉතිරිය නොකිව මනාය.
පදවන්නා මෙලෝ ගානක් නතිව තව තවත්වේගයෙන් බෝට්ටුව මෙහෙයවන අතර එහි මගීන් හට එය අධිකව සිරුරට පීඩා ගෙන දෙන ක්‍රියාවකි!
එහි වඩාත්ම අභාග්‍ය සම්පන්න සිදුවීම වූයේ බෝට්ටු පදවන්නන් දෙදෙනා තරඟයට අවතීර්ණ වීමය.



කිමිදුමේ යන බව!

මේ කිසිවක් පිළිබඳව කිසිදු වගක් විභාගයක් නැති ෆිලී පුරුදු පරිදි තම අත දිගු කරමින් බෝට්ටු පදවන්නා හට දිශාව දක්වමින් විය.
විනාඩි තිහක පමන ගමනක් ගොස් වෙරල දෙස බැලූ විට වෙරළ  පෙනෙන නොපෙනෙන ලෙසකි. 
තවත් ටික වේලාවකින් ගොඩ බිම කොහෙත්ම නොපෙනෙනී ගියේය.
හතර වටම නිල් වන් මහ සයුරය.
මහා රැළි නොමැති එහි අඟල් 9 ක් අඩියක් පමන උසින් තැනින් තැන දිය කඳ උස් පහත් ආකාරයට පවතී.
විටෙක සමහර තැන් වල අඩි දෙකක පමන පහතින් වර්ග අඩි සීයක දෙසීයක ප්‍රමානයක් පවතී.
ඒ තත්පර ගනනකටය.
තවත් මොහොතකින් එය පිරී යයි.
ඒ පතුල ඉහලට තෙරපී ඒමෙන්ය.
දිය හොඳින්ම පහැදිලිය.
එහෙත් පතුලක් තබා කිසිදු ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ ප්‍රාණියෙක් නොපෙනේ.
හාත්පස මහ මුහුදය.
ආසාවට නැවක් තබා තවත් බෝට්ටුවක් වත් නොපෙනේ.
බෝට්ටු එන්ජින් දෙකේ කෑමොර දීම හැරුණු කොට අන් කිසිවක් නොඇසේ.
තවත් ටික වේලාවකින් බෝට්ටුව නවතා තරමක් වමට දකුණට හරවා මෝටර් රථ නැවතුම් පොලක කාරයක් නවතනා පරිදි බෝට්ටුව නැවැත්විය.
GPS උපකරණයෙන් දැක්වෙන නිවැරදිම ස්ථානයට බෝට්ටුව ගැනීමට බෝට්ටු පදවන්නාට සිදුවිය.
තවත් මොහොතකින් සයුරේ පාව යන බෝට්ටුවක් නවතා ලන්නට එතරම් නිවැරදිව ස්ථාන ගත් කිරීමක් මන්ද යන්න තවමත් මට ප්‍රශ්ණයකි.

අපගේ බෝට්ටුව නතර කොට තවත්විනාඩි  ගනනකින් අනෙක් බෝට්ටුවද අප අසලට පැමිණියේය.



ඩුපාඩුව!


අපගේ බෝට්ටුවේ බෝට්ටුකරු කල්පිටියේ පාරම්පරික අප්‍රිකානු සම්භවයක් අත්තෙකු විය. 

එය ඔහු දුටු වනම හඳුනා ගත හැක.
ඔහු  හයේ හතරේ සද්දන්ත ඩයල් එකක් විය.
ඔහු බෝට්ටුවේ ඉදිරියේ ඩෙක් එකට යට තිබුනු නැංගූරම ගෙන දියට දැමුවේය.
එය දිය යටටම ගිය පසු එය තරමක් ඇද බෝට්ටුව එයට යාකොට ගැට ගැසූ අතර දෙවෙනි බෝට්ටුවද අප සිටි බෝට්ටුවට ඈඳුනි.
"හරි! ලෑස්ති වෙන්න!!" ඒ ෆිලී ගේ කෙටි කතාවක්ය!
මෙතෙක් වෙලා තිබුනු විවේක කාලය අවසන් වී ඇත.
දන් අප කිමිදිය යුතුය.
අප ගොඩ බිම සිට පැමිණියේ Diving Suit  එක හෙවත් කිමිදුම් ඇඳුම ඇඳගෙනමය.
ෆින්ස් පැළඳ ගත් අපට BCD ය හා එයට අමුනා තිබුණු වායු සිලින්ඩරය ඇඳීමට බෙට්ටු කරු උදව් කලේය. 
මා මවුත් පීස් එක කටට ගෙන එයින් හුස්මක් දෙකක් ගෙන පීඩන මානය දෙස බැලුවෙමි. 
එහි කිසිදු වෙනසක් නැත. 
සියල්ල යහපත්ව ක්‍රියා කරයි.


හිත හදාගෙන කිමිදෙන්නට තියෙන්නේ මෙතන!

වෙලාව උදෑසන 10.30 ට පමන විය යුතුය!
මාස්ක් එක ඔළුවෙන් දමා  ගන්නට පෙර ටූත් පේස්ට් හෙවත් දත්බෙහෙත් ස්වල්පයක් එහි ඇතුලත දමා හොඳින් අතුල්ලා මුහුදෙන් හෝදා දැම්මේය.
ඒ ඇතුලත වාෂ්ප බැඳීම නවතා ලීමටය.
මාස්ක්  එක දැමීමට පෙර මමත් තෙශාත්; සාම්ප්‍රදායානුකූල ලෙස  එකිනෙකා ගේ BCD යේ වෙල්ක්‍රො පටි බකල් හා පටි එකින් එක දෙවෙනි වතාවට පරීක්ෂා කර බලාඑකිනෙකට සුභ පතුවෙමු.
All The Best  මචං!
All The Best කොල්ලො!!
ඒ වෙන කොට අපගේ Diving Instructor මෙන්ම විදෙශිකයින්ගේ Divemaster වන ෆිලී දියට බැස අවසානය.
මා බෝට්ටුවේ ගැට්ටේ මුහුදට පිටුපා වාඩි උනෙමි.
අපගේ සහයකයා පැමින BCDයට වායු සිලින්ඩරයේ සිට වාතය පුරවන බොත්තම තද කොට  තරමක සුළං පරිමාවක් එයට පිරවූවේය.
ඒ මුහුදට පතිත වුනු පසු දිය මත පාවී සිටීමට හැකි වීමටය.
මා මවුස් පීස් එක හෙවත්2nd Stage එක කටේ රුවා දත් වලින් සිර කර ගත්තෙමි.
"හරිද?"
සද්දන්ත බෝට්ටු කරු කාරුණිකව විමසීය.
"හරි!" මම හිතෙන් කියමින් හිස දෙපසට වනා අනුමත කලෙමි.
ඔහු සෙමෙන් මා දියට තල්ලු කර දැමුවේය.
මා ඊට අවනත් වෙමින් Backward Roll කරණමකින් දියට අවතීර්ණ විමි.
මෙසේ කරනමට පෙර තම දකුණු අතින් මාස්කය මුහුණට තෙරපා ගෙන සිටිය යුතු අතර වම් අත හිසෙහි පසුපසට තබාගනීම කරණු ලබයි. ඒ මාස්කය ගැලවී යාමෙන් ප්‍රවේශම් කර ගැනීමට විය යුතුය!

                                  
ඔන්න කනෝ පිනුං!
ඉරනම විසඳෙන කරණම

මෙම කරණම කලින් ඉගෙන තිබිය යුත්තක් නොව බෝට්ටුවක ගැට්ටේ කිලෝ 25ක පමන බරක් පිටේ එල්වාගෙන යාන්තමින් සමතුලිතව සිටින කෙනෙකු බෝට්ටුවෙන් එළියට තල්ලු කල විට වැටෙන්නේ ස්ව්‍යංක්‍රීය කරණමකින්මය!
මුහුදට වැටුනු විගස අඩි හතරක් පමන ගැඹුරට ගිලී ඉක්මණින්ම මතු පිටට පැමිණේ.
ඒ සුළං පුරවන ලද BCD යේ ආනුභාවයෙන්ය.
"ok . . . .?"
"ok . . . . .!"

o.k. සංඛේතය!

ෆිලීගේ විධානයට අනුව අප සෙමෙන් ඔහුවෙතට පිහිනුවෙමි. 
ඔහු සිටියේ අප නුදුරේම  නැංගූරමේ ලනුව අසලය.
එය තිබුනේ බෝට්ටුවේ ඉදිරි කෙළවරේය.
අප ඔහු වෙත ලඟා වූ විට  ඔහු ඊළඟ විධානය ලබා දුනි.
"ඇංකර් එකේ ලනුව අල්ලගෙන හෙමීට පහලට යමු! මතක ඇතිව ටික දුරක් යනකොට කන් අගුල් වැටෙන කොට Equalize  කර කර යමු!"

දිය යටට කෙමෙන් යන විට විටෙන් විට ෆිලී අප  දෙදෙනාගෙන "ok ද?" විම සයි!
අපද ඔහුට "ok!" කියයි මේ සියල්ලම සංඛේත මගිනි.




බය නැති බව ! 
නහයෙන් ඇල්ලීම


මා මෙයට පෙර මේ ගැන ලියා ඇතත් නැවතත් ඔබට පුංචි මතකයක් ගෙන එන්නම්.
දිය යටට යෑමේදී සිරුරේ ඇතුලත වායු පීඩනය හා වටා පිටාවේ පීඩන වෙනස කරණ කොට ගෙන කන්දෙකේ අගුල් වැටීමක් සිදුවේ.
එයට හේතුව වන්නේ කන් බෙරය දෙපස පීඩනය අසමතුලිත වීම නිසාය.
මෙයින් අපගමනය වීමට මාස්ක් එකේ නෝස් පොකට්ටුව තුල ඇති නාසය මාස්ක් එක පිටින් ඇඟිළි දෙකින් තද කොට සිර කොට හුස්ම පිටට තෙරපිය යුතුය.
ඔබ කොළඹ සිට නුවර එළියට හෝ මධ්‍යම කඳුකරයේ වෙනත් නගරයකට යන ගමනේදී කන් අගුල් වැටෙනු දැනී ඇතුවාට සැකයක් නොමැත.
එවිට නාසය හා කට තදින් වසා හුස්ම පහතට තෙරපනු ඔබට මතකද?
ඒ කරණ්නේ Equalize කිරීමය.`
අප වෙරළේ සිට කිලෝ මීටර ගනනාවක් සොයා පමිණි මෙම ස්ථානය  "කන්තිරිගල" නමින් හැඳින්වේ!
 මෙම කොරල් පරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 12 ක් ගැඹුරිනි.
මා සිතනා පරිදි මෙම පරයට ඔබ්බෙන් මුහුද ගැඹුරින් පිහිටා තිබෙනු ඇත. 
අප මේ ගොඩ බැස ඇත්තේ කන්දක් මතට විය යුතුය.
සෙමෙන් BCD යේඇති වාතය ඉවත් කරණ වෑල්වය ඉහලට ඔසවා එබූ සැනින් දිය යටට ඇදී යන්නට විය.



මෙම BCD (Buoyancy Control Device)  රූපයේ දකුණු පසින් Connect ti to tank...... ලෙසදක්වා ඇති කුඩා කොටස වායු ටැංකියේ සිට එන අඩු පීඩන වායු නලය සවි කරන ස්ථානය වේ. ඒවා Quick Coupling  ලෙස හඳුන් වන එකෙල්ලේ තබා තද කල සැණින් මුද්‍රාවන ආකාරයට සකසා ඇත.
Air Bladder  ලෙස දක්වා ඇත්තේ BCDයේ වාතය පිරෙන කුහර හෙවත් පොකට්ටුය.
මෙම සුවිශේෂි BCDජැකට්ටුවේ "ඊයම් බර" පිරවීමටද ස්ථාන සකසා ඇත. එවිට මෙය පාවිච්චි කිරීමේදී වෙනමම බර පටියක් (Weight Belt)  භාවිතා කිරීමට අවශ්‍යය නොවේ.

තමන්ගේ වම්පසින් BCD ජැකට්ටුවේ ඇති මෙන්න මේ Inflator Hose කියන බටය  මුල තියෙන බොත්තම් දෙකෙන් එක් බොත්තමක් ඔබා: BCD යට ටැංකියේ වාතය ගලා ඒමට සැලැස් වීමට හෝ; අනෙක් බොත්තම ඔබා BCD යේ ඇති වාතය ඉවත් කිරීමට හෝ පුළුවන.
එයට අමතරව එයට කටින් පිඹ BCD යට තරමක වාතය පුරවා ලීමටද හැකිවේ.
දිය යටදී සමබර වීමට නැතහොත් Neutral Buoyancy  පිහිටීමට ඒමට BCD යට වායුව පිරවීමට අවශ්‍ය විටෙක තමා ආශ්වාස කල වාතය ඒ සඳහා යොදා ගැනීමෙන් ටැංකියේ තිබෙන වාතය කිමිදීම සඳහාම යොදා ගැනීමට ඉතිරි කර ගත් හැක.
මෙය Oral Inflation  ලෙස හඳුන්වයි. කුමන අවස්ථාවකදී හෝ මෙම බොත්තම් වලින් ක්‍රියා කරණ වෑල්ව වල කිසියම් කාර්මික දෝෂයක් ඇතිවුව හොත් මෙයින් එම අන්තරායෙන් ගැලවීමට කිමිදුම් කරුවාට හැකියාවක් ලැබේ.
එමෙන්ම කිමිදීමකින් පසුව දිය මතුපිටට පැමිණි අවස්ථාවකදී වුවද ටැංකියේ වාතය අවසන්ව තිබුන හොත් හෝ මෙම බොත්තම් ක්‍රියාත්මක නොවන්නේ නම් හෝ තමා ආශ්වාස කොට ඉවත හෙලන ප්‍රාශ්වාස වාතයෙන් මෙමගින් ප්‍රයෝජනයක් ගෙන දිය මතුපිට පාවී සිටීමට අවස්ථාවක් ලැබේ.


මෙන්න ඔය උජාරු බොත්තම් දෙක. 
තැඹිළි පාටින් හුළං පිරේ! සුදු පාටින් හුළං ඉවත්වේ.


BCD ය අධික ලෙස වාතය පිරී ඇත්නම් එය මෙම කුඩා සුදු පැහැති බොත්තමෙන් ඉවත් කිරීමට කාලයක් ගතවන හෙයින් එය ඉක්මණින් ඉවත් කර ගැනීමටද වෑල්වයක් (Over Pressure Release Valve); BCDයේ පසුපස ඇත. (සමහර BCD වල දෙකක් ද සවි කොට ඇත.) එම වැල්වයට සම්බන්ධ කුඩා රැහැන අදින ලද සැනින් BCD ය ඉක්මණින් හිස් වන්නට පටන් ගනී. 



Over Pressure Release Valve




අප එකා පසුපස එකා වැටී නැංගූරමේ ගැට ගැසූ කහ පැහැති සිහින් නයිලෝන් ලනුව අල්ලාගෙන එය දිගේ පහලට යමින් ය. අවට දිය කඳ හරහා මීටර දෙකක තුනක පමණ දුරක් පෙනේ.

කටෙ දැතැඳි අතර සිරකොට ඇති මවුත් පීසය හරහා ආස්වාස ප්‍රාශ්වාස කරමින් අප සෙමෙන් මුහුදු පතුලට ලඟා වෙමින්ය.
ඉහත් රූපයේ දැක්වෙන මවුත් පීසයේ රෝස පාට කවයකින් වට කොට ඇති අඩසඳ වන් කොටස මුඛය තුල තබා ගන්න කොටසයි. 
එහි දෙකෙළවර මුඛයේ පුරස්චාර්වක දත් මගින් විකා තදින් අල්ලා ගනු ලැබේ. 
 දෙවන එනම් පහලින් දැක්වෙන රූපයේ පරිදි පසු දෙතොලින් එය මුද්‍රා කර ගනු ලැබේ.



මවුත් පීසය හරහා ආශ්වාස කිරීමේදී දෙසවනට සියුම් සිව් රුවන් හඬක් ඇසෙයි.එය තරමක් වේලාවක් යනතුරු කනට අමිහිරි හඬක් සේ මට දැනුනි.
අප මීටර 3 කාට වරක් මෙන් Equalize කරමින් මුහුදු පතුලටම ලඟා විය.
අපට කලයුතුව හා උපදෙස් දී තිබුනේ මුහුදු පතුලේ ගැටීමට පෙර Neutral Buoyancy හෙවත් ගිලී පතුලේ ඇලෙන්නේ වත් ඉපිලී මතුපිටට එන්නේත් නැති ප්‍රමාණයකට BCDය සමතුලිත කරගත් යුතු බවයි.

   
 Neutral Buoyancy

අප හත් දෙනෙකු එකවර කිමිදීමේ යෙදුනෙමු.
මමත් තෙශාන්තත් ෆිලීත් අනෙක් බෝට්ටුවේ සිටි ඩයිව් මාස්ටර් හා විදෙශිකයින් තිදෙනාත් එම පිරිසය.
මා බොහෝ විට තෙශාන්ත කොහේ දැයි විපිළිසර විය.
එහෙත් මීටර 12 ක් දියයටට ගිය පසු; මාස්ක පැලඳ සිටිනා බැවින් හා ජලය තුලින් පෙනීම එතරම්ම හොඳින් නොවීමත් යන කරුණු හේතුකොට ගෙන එකිනෙකා එකවර හඳුනාගත නොහැක.
බොහෝදෙනා ඇඳ සිටියේ කළු පැහැති කිමිදුම් ඇඳුම් බැවින් ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල විය.
කෙසේ වෙතත් මා පළමුව ඊයම් බරුවක් සේ මුහුදු පතුලේම ඇනී නතර විය.
පසුපස එල්ලා ගෙන ඇති වායු ටැංකිය හා BCDයේ ඒවන විටත් වාතය යම් පමණකට තිබුනු නිසාත් මුහුදු පත්ලේ සුදු වැලි මත හොම්බ කට සමතලා නොවන සේ මා සෙමෙන් පතිතවිය.
තත්පර දහයකින් පමණ එතැනට පියාඹා නොව පිහිනා  පැමිනි ෆිලී; පළමුව හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට අතින් සන් කොට; මාගේ BCD යේ පසෙක තිබූ එයට හුළං පිරවීමටත් ඉවත් කිරීමටත් ඇති වෑල්වය ගෙන BCD හුළං පුරවා මා දියේ "අවලම්බනයක්" බවට පත් කලේය.
ආශ්වාස ප්‍රාශ්වාස කරණ්නට කියන්නේ එවිට පෙනහළුවල අන්තර්ගත වායු ස්කන්ධය සමග ගලපා BCD යට වායු සිලින්ඩරයෙන් ඇතුළු කිරීමට හෝ BCD යෙන් මුදා හැරිය යුතු වායු ප්‍රමාණය නිවැරදි ලෙස ගලපා ගත හැකිවීමට විය යුතුය.
දිය කඳ තුලින් මහා විශාල දුරක් නොපෙනේ. 
හතර වටම නිල් පැහැයෙන් පිරි මහ සයුරය. 
මීටර 12ක් යනු ආසන්න වශයෙන් අඩි 36 ක ගැඹුරකි.
එනම් තෙමහල් ගොඩ නැගිල්ලක උසට සමාන ගැඹුරක් පතුලේ අප ඔබ මොබ සැරි සරමින් වීමු.
පැළඳ සිටින මාස්කය නිසා පෙනෙන්නේ සීමිත ඉඩ කඩක් පමණි. එයින් දෙපස හා ඉහල පහල හොඳින් නොව කෙලෙසකවත් නොපෙනේ.
මේ නිසාම විනාඩි 10කින් 15 කින් මාහට අප කණ්ඩායමේ කිසිවෙකු හෝ නොපෙනී ගියේය.
එහෙත් මා සෙමෙන් විශාල කෝණයකින් හැරී බලන විට ඔවුන් පසු පසින් විය.
මේ සියලු කාරණ අතර කුඩා එහෙත් සුන්දර මසුන් අයිනක් මගේ මුහුනට අඩියක දෙකක දුරින් පීනා ගියේය.

උන්ට; මා තවත් එක් මාළුවකු සේ පෙනෙනට ඇත.
සාගර පත්ලේ එකදු ශාකයක් ගහක් කොලක් මා දුටුවේ නැත. 
හාත්පසම සුදට හුරු අළු පැහැයෙන් වැසී ඇත. 
ඒ මුහුදු වැලිද නැතිනම් සියුම් ලෙස කබැලිවී ගිය කොරැල් දැයි සිතා ගත නොහැක.
මෙසේ පතුලේ ඉන්නා විට සුනාමියක් ආවෝතින්?
විශාල මෝරෙකු මතු වුව හොත්?
මගේ හදවත!
මේ වායු සැපයුම විසන්ධි වුවහොත් වැනි ප්‍රසන්න සිතුවිළි සිතට ගලා ඒම  විටෙන් විට සිදුවිය.
එහෙත් මේක හොඳ ජීවිතයක්!
මොනවා හරි දෙයකින් මේ මුහුදු පතුලේම මා මිය ගියත්; ඒ; මා ඉතාමත් විචිත්‍ර ජීවිතයක් ගත කල අයෙක් ලෙසය!
සත්තකින්ම මාගේ දයාබර පාඨක පාඨිකාවනි මේ සියල්ල මට මෙනෙහිවී නිමේශයකින් නැතිවී ගිය කාරණා අතරින් ටිකකි.
මෙසේ සිත ඔබ මොබ සැරිසරණ්නට දුන හොත් කිමිදීම නියමාකාරයෙන් කරගෙන යාමට නොහැකි වන බව මතක් වූ විට නැවත "කිමිදීමේ" යෙදුනෙමි.
දිය යටදී ෆිලී දෙතුන් විටක මා අසලට පැමිණ මාගේ සුව දුක් විචාලේය?
කුඩා මළුවෙකු හා විෂ සහිත මාළුවෙකු වන ගල් ගුල්ලෙකු පෙන්වීය.

තවත් ස්වල්ප වේලාවක් යනවිට මා සිටින්නේ දිය යට බව අමතකව යයි.
සිරුර පාවෙමින්ය!
එහී බරක් දරාගත යුතු නැත. 
එය BCD යට හා ආකිමිඩිස්ට අයිති රාජකාරියකි.
බඩ ගින්නක් නොදැනෙන තරමට උදේම Perera & Sons ආපන ශාලාවෙන් වළඳලාය.
දිය තිබහක් නො එන තරමට දියට බැසීමට පෙර වතුර බිව්වෙමි.
ගොඩ සිටිනා ලෙසින්ම හුස්ම ගැනීමේ පහසුව තිබේ.
එසේනම් තමා වටා සැරි සරණ නෙක හැඩයගත් වෛවර්ණ මසුන් බලමින් මා සැරි සැරුවෙමි.
සත්තකින්ම කණ්ඩායම මා හට අමතකව ගිය ආකාරයකි.
දෙයියනේ මා කිමිදෙමින්! මම මටම කියා ගත්තෙමි.
මා වර්ණවත් හීනයක් නරඹමින්ය.
තවත් මොහොතකින් මාගේ උරහිසෙන් කිසිවෙකු අදිනා අයුරු දැනෙන්නට විය.

ෆිලී  "උඩට යමු!" යැයි සන් කලේය. අප සෙමෙන් සෙමෙන් උඩට එන්නට පටන් ගතිමු!

"උඩට යමු!"

Wednesday, April 15, 2020

169. මියැසිය ගැන තවත් කථා

වැඩි දෙනාගේ සිතසුව පිණිස!

මා බ්ලොගයක් ලියන බව දන්නේ බොහෝ සීමිත මිත්‍රයින් පිරිසකි.  
එය දැනගත්තද බ්ලොගයකට පිවිස එය කියවන්නට තරම් අවශ්‍යතාවයක් අත්තේද උන් අතරිණ් ද ඉතා සීමිත කොටසකි.
කළුගඟ දිගේ සුදා සමග යන ගමනේදී වරෙක මම ඔහුගෙන් විමසූ පැනයක් විය.
"ඈ මල්ලි උඹගෙ ඔෆිස් එකේ පොරවල් මොනවද මගෙ බ්ලොග් එකට කියන්නේ?"
සුදා ඊට දුන්නේ ඉතා කෙටි පිළිතුරකි.
" බස් වල බෝඩ් එක ඇරෙණ්න වෙන මොනවත් කියවන එවුන් අපේ ඔෆිස් එකේ නෑ අයියේ" කියාය.
කියන්නට ඉතා සතුටුය.
මාහට ඉන්නේද එවන්ම වූ කළණ මිතු කුලකයකි!
ඒ කෙසේ වෙතත්  මා පෝස්ටුවක් දාගත් මොහොතේ පටන් දන්නා කියන එවුන් කිහිප දෙනෙකුට කෝල් කර "මචං බැලුවාදැයි?  කන්දොස් කිරියාවක යෙදීමේ කැත පුරුද්දක් මාහට ඇත.
අවසාන පෝස්ටුව පිළිබඳව එසේ දැනුවත් කිරීමෙන් අනතුරුව නැවත වතාවක් "වෙරි ෆයි!" කිරීමක නැතහොත් "ක්‍රොස් චෙක් කිරීමට" යාමේදී උන් කට පුරා පවසුවේ කවුද  බං උඹේ  ඔය පතරංග ජාතක කියවන්නේ කියලාය.
එහෙනම් බලාගනිල්ලා. මේ උඹලාගේ සිතසුව පිණිසය.


"පැසුණු වී කරල් - මොනතරම් ලඟද මහ පොළොවට"

මගේ ජීවිතයේ වරක් මා අමරදේව මහතා ඉදිරියේ ඔහුගේ ගීතයක් කීවෙමි. (ගැයුවෙමි නොව කීවෙමි!)
එලෙසම ඒ අහම්බය ගැන වරක් මා  ලියා ඇත. 
https://thattayagekolama.blogspot.com/p/blog-page_14.html
දින ඔහුගේ හඬින් කිසියම් ගීතයක් ගායනා කර ඇසීමට උපන් ආශාව නිසා එය මතක් කිරීමට; කිසිදු  බයකින් හැකකින් චකිතයකින් තොරව  එම ගීතයේ මුල් කොටස ගායනා කර; එම ගීතය ගායනා නොකල යුත්තේ කෙසේදැයි කියා දුන්නෙමි.
එම ගීතය ගායනා කල මොහොතේ . . . . . . . 
එතුමාත් මාත් සිටියේ යකඩ පට්ටමින් කල අලවට්ටං රූපයක හෙවත් ග්‍රිල් එකක දෙපසින් වීම, 
අප එකිනෙකා හඳුනා ගැනීමට නොහැකි රාත්‍රියක සිදුවීම හා කිසිදු පහන් ආලෝකයක් නොතිබීම, 
මා සැක කරණ පරිදි එතුමා මධුවිතෙන් සැරසී ආතල් එකේ ඉන්නා වේලාවක් වීම, 
මේ සියළු දේට වඩා හිසමතට කුරුම්බැට්ටියක් කඩා වැටුනද එය; ඔහුගේ වචනයෙන් පවසන ආකාරයට "මුදිතා ගුණ බරිතව විඳදරා ගැනීමට " හැකිලෙස සංගීත ස්වර මාධුර්‍යය තුලින්ම ඇතිකර ගෙන ඇති හික්මීම යන කරුණු නිසා මා අතක් පයක් නොකඩා ගෙන ගෙදර ඇවිත් දත් සමගින් බත් කෑමට වාසනා ගුණයක් සහිත වුනෙමි!


නැගලා යන කාලේ රූකාන්ත!

මම ඔය කියනා කාලය වනකොට රූකාන්ත "බඹරපහස" කැසට් එක ගහලා පීක් එකේ ඉන්නා කාලෙයි. 
ඔය කාලෙ ආපි සැවොම රූකාන්තට එකෙන්ම ලව් කරපු කාලෙ.
මට ඕන උනා රූකාන්ත ගැන අමරදේව මහත්ත්යාගෙන් සුභවාදී ප්‍රකාශයක් රැගෙන සමාජ ගත කරණ්න. 
සත්තකින්ම මාගේ දැනීමේ පරිදි පලමුවරට එවන් ප්‍රකාශයක් ලියැවුනේ මගේ අතිනි.
"ඔහු දක්ෂයෙක්!" මා ලියා තැබුවා.
ඒ මා "අමරදේව මහත්තයා රූකාන්ත කොහොමද?" කියා මා ලයිට් එකේ ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුරය!
කොහොමත් අමරදේව මහතාගෙන් මා ඔහු ඉදිරියේ ගීතය ගායනා කල දිනට පසු දින; වෙන අයෙකු ප්‍රශ්න කලහොත් "පෙරදින රාත්‍රියේ ඔබ හමුවූ තරුණයාගේ ගායනය කෙලෙසදැයි?" කියා එතුමා ඊට දෙන්නේද "ඔහු දක්ෂයෙක්!" කියන පිළිතුරමය.
ඔහු එතරංම නිරහංකාර ගති ගුනයන්ගෙන් පිරුණු අයෙක් විය.

"පැසුණු වී කරල් - මොනතරම් ලඟද මහ පොළොවට" යන්නට දිය හැකි හොඳම උදාහරණය පණ්ඩිත් අමරදේවයන්ය!


නලීන් මහේෂ් පෙරේරා විසින් රචිත මාර්ටින් වික්‍රමසිංහ  - මැදපංතික දෘෂ්ඨියේ කැඩපත; සාහිත්‍ය කලා ලිපි එකතුවක් යන පොතේ  "අරුණෝදයේ ගී හඬ - අමරදේව ගැන අදහසක්" ලිපියේ ශීර්ෂය මත අමරදේවයන් 1990/06/12 දින තැබූ සමරුව.
"ඔබහට ලෝකය සාදා දී මිස යා නොහැකිය මගෙ පුංචි පුතුන් - ඩබ්ලිව් ඩී අමරදේව"


1956 මේරටේ සිදුවූයේ සමාජවාදී විප්ලවය සිදුවුනැයි විශ්වාසයෙන් ගැයුණු මේ ගීතය රසවිඳ බලන්න.
(මෙම ගීතයේ වලිගය අල්ලාගෙන ඔළුව සොයමින් කරකැවෙමින් සිටිනා විට එය අතටම අල්ලා දුන් සිංදුඇනෝව මා භක්ත්‍යාදරයෙන් යුතුව සිහිපත් කරමි!)
මේ හමුව පිළිබඳව වෙනත් දිනෙක මා ලියා තබන්නම්, එය ඉතා රසවත් මතකයක්.

ඒ දිනවල නවයුගය පත්තරයේ දිගට හරහට විරෝධාකල්ප ගීතවලට මරෝ කියලා ගහන කාලේ!
මට ලැබුනා අවස්ථාවක් රූකාන්ත එක්ක සම්මුඛ සාකච්ඡාවක් හෙවත් ඉන්ටර්විව් එකක් ගන්න. 
මේ වැඩේ මට පවරණ්නේ එහි එකල කතුවර අජන්තා රණසිංහ මහත්තයා. 
එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ ගල්කිස්සේ ඉලෙක්ට් ශබ්ධාගාරයේ. ඔහුගෙන් මා ඇසූ පලමු පැනය වූයේ "ඔබ පිළිබඳව; ඔබ හඳුන්වනවා නම්?" කියාය. 
ඔහු ඊට දුන්  දුන්නේ සුපිරි පිළිතුරකි.
"තමන්ගේම තනුවකට තමන්ගේම ගීතයක් ශබ්ධාගාරයක් තුල පටිගත වෙද්දී එම ශිල්පීන් හට බොන්නට; ඉහිරී යනවාට කෙමියට කඩදාසි ඇබයක් ගැසූ තේ පෝච්චියක තේ වතුර;  රැගෙන ආ සංගීත වේදියෙකු ලෙස" මේ ඔහුගේ වචන ය.


1990 ජුලි 11 නවයුගය 
(තිස් වසරකට පෙර)
කෙටි කලක් ගෙවී ගියේය. 
මා එකල සිටියේ මෙකල අමෙරිකාවේ බෝස්ටන් නුවර පැලපදියම් වී සිටින පිටකෝට්ටේ සුජීවලාගේ ගෙදරය. 
සුජීවලාගේ ලඟම ඥාති සම්බන්ධයක් ඇති පවුලක් රත්නපුර මල්වල පාරේ; දැක්කාම මැරෙණ්නට හිතෙන කනත්තට ආසන්නව සිටියේය. 
එම පිරිසේ සිටි වැඩිමහළු කොළුවා ගිමන්තය. 
පසු කලෙක මා සතුවද පැවති එසේම අකාලයේ වියෝවූ ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් 1210 වර්ගයේ ෆෝ වීල් රථයක් එකල ඔහුද සතු විය. 


ඉන්ටර්නැෂනල් හාවෙස්ටරයක්

ගිමන්තලා නිතර සුජීවලාගේ ගෙදර ආගිය අතර ඔවුන් හා මා අතරද ඇයි හොඳැයියක් පැවතුනි.
ගිමන්තලාහට රෙකොර්ඩ් බාරයක් රත්නපුර නගරයේ වුනු බව යාන්තමින් මට මතකය. 
මෙනිසා හෝ වෙනයම් මාර්ගයකින් රූකාන්ත හා ගිමන්ත අතර පැවතුනේ එළම ෆිට් එකකි.

දිනක් රත්නපුර සිට ගිමන්ත හා ඔහුගේ සොහොයුරන් මිත්‍රාදීන් පිරිසක්  සුජීවලාගේ ගෙදරට කඩා වැදුනි. 
සුජීවටද තවත් සොහොයුරන් දෙදෙනෙකු සිටිය අතර ඔහුගේ තවත්  ඥාති සොහොයුරන් පිරිසක් හා මිතුරන් පිරිසක්ද එදින් එතැනට සෙටමෝල් වී සිටියහ.
මොහොතකින් එතැන සිටි අයෙකුට ආවේ මරු අදහසකි.
"මොකද කියන්නේ පාලිමන්ට් ග්‍රවුන්ඩ්ස් යංද?"
කියන සුනංගුවට සියල්ල එකෙන්ම වැඩේට සෙට් විය. 
වෙලාව රාත්‍රී 7.00 ට පමණ ඇත. පිරිස  දහ පහලොවකි. එතැන සිටි වයසින් වැඩිම පිරිස වූයේ ගිමන්තත්, මමත් සුජීගේ අයියා රොටියාත් ය. කට්ටිය වාහන දෙකකට පැක් උනෙමු.  
පිටකොට්ටෙන් ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ලෙන් අඩු වැඩිය උපයා සපයා ගෙන අප පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් දෙසට යොමුවිය.
සියළු බර පැන ගිමාගෙන් බව යාන්තමින් මතකය. 
අප පාර්ලිමන්ට් මාර්ගයට පිළිපන්ව මොහොතක් රැඳී සිටියේ බත්තර මුල්ල දෙසට ගිය අපගේ අනෙක් වාහනය එන තෙක්ය. 

මොහොතකින් ගිමාට වඩාත් සොමි අදහසක් ආවේය.
"මචං රූකාන්තයාට එන්න කියමුද?"
"අම්මට සිරි එලනෙ!"
ගිමා තුන් හතර වතාවක් මහන්සි වී රාකාන්තව සම්බන්ධ කරගෙන  ඔහුව වැඩේට එකඟ කර ගත්තේය.  
අපගේ සියල්ල එතැනට එක්වී සිටි මොහොතේ තවත් අවශ්‍යතාවයක් පන නැගුණි. 
ඒ චන්ද්‍රලේඛා සඳහා සින්සානෝ එකක් ගෙන ඒමය. මෙය කවර ආකාරයකින් ඉස්මතුවූ අවශ්‍යතාවයක් දැයි මා නොදනිමි. 
මා විශ්වාස කරණ්නේ එය රූකාන්තගේ ඉල්ලීමක් ලෙසය! 
නැවතත් වාහනයක් සින්සානෝ පිණිස ඉගිල ගිය අතර කුමන හෝ ලෙසකින් මතුවූ අළුත් අදහස වූයේ ගෝල්ෆේස් යෑමටය. 
එය රූකාන්ත වෙතින් වූ යෝජනාවක්දැයි මා සිතමි.
මේ වන විට රාත්‍රී 9.00 ට ආසන්නවය.



මෙය කියවන ඔබ මධුවිත රස වීඳින්නෙක් නම් බෝතලයක් ළඟ තබාගෙන බොන්නට පටන් නොගෙන පෙරං ගෑම කොතරම් මිහිරි අත්දැකීමක් දැයි සිතා ගත් හැකිවනු ඇත.

"මොකද්ද බං බොනව නං බොමුකො බං!"
"දැන් කීයද බලපං!"
"හරි පොඩ්ඩක් තව ඉම්මු බං"
"හරි බං ඌත් එක්ක බොන්න නොවෙයිනෙ අපි ආවේ!"
"ඌ ආවාම ම්මර සොමි බං!" 
"ඔච්චර හදිස්සිනම් මූ ට ඔඅය බෝතලයක් කඩල දියං"

මෙවන් බස් දෙබස් අප සිටි තැන වාතලයට මුසු වෙද්දී අප ගෝල් ෆේස් දෙසට යාත්‍රා කරණ්නට වුනෙමු. 
අප සමග රූකාන්ත හා චන්ද්‍ර ලේඛා පැමිණියේදැයි මා හට විශ්වාසයෙන් අද කියන්නට නොහැකි වූවාට ගෝල්ෆේස් පිට්ටනියේදී ඔවුන් මතුව සිටියහ.
අපරාදෙ කියන්නට නොහැක. 
දැන් වේලාව රාත්‍රී 10 පසුව ගොස්ය. 
තවමත් අප බොන්නට සැර සෙමින්ය.
පිරිසෙන් බොහොමයක් රූකාන්තලා වටකරගෙන් ඔවුන්ගේ කයි කතාන්දර අසමින්ය.

මා හා තවත් කටුවටත් නැති වහල්ලටත් නැති හතර පස් දෙනෙක්; "මුන් දෙන්නෙක් සුපිරියටම අපේ ආතල් එක රාත්‍රී ආහාර පිණිස ගනිමින් සිටීම" ගැන වහසි බස් මුමුණමින්ය.
තවත් බොහෝ දෙනෙකු සිටියේ බීම පටං ගැනීමට වඩා රූකාන්තගේ ගීත ඇසීමට සැදී පැහැදීය. 
කාලය තවත්; තත්පර 80 වේ පමන විනාඩි 15 - 20 යන විට අපේ බර බරයේ උච්ඡස්ථානයට දොළ පිදේනියක් ලෙස එක් බෝතලයක් ඇරුණි. 
ඉතියෝපියාවට පාන් රාත්තලක් දැමූ ලෙස එය වාෂ්පවී ගියේ බෝතලය ගුවනේ තබාය.
බෝතලය ගුවනේ තබා කීවේ බෝතලය අතින් අත එහාට මෙහාට මාරු වූවා මිසෙක ආසාවට එය බිම නොතැබුණු නිසාය.
එයින් උද්දීපනය වූ අප දෙවෙනි බෝතලයද අපයෝජනය කලෙමු.
මෙසේ එක් පසෙක මෙම කටයුතු උද්වේගකරව සිදුවෙද්දී පිරිසක් තවමත්; "තමා මෙම ස්ථානයට පැමිණීමේ දුලභ අවස්ථාව" පිළිබඳව; රූකාන්ත විසින් පවත්වන ලබන බයිලාවට සවන් දෙමින් විය.


"මල්ලි මොකද කියන්නේ ඌට බම්බු ගහගන්න කියලා අපි කියමු බං සිංදුවක්! (බම්බු ගහගන්නට වඩා; වඩාත් ගැලපෙන ග්‍රාම්‍ය නොසරුප් වදනක් ඊට යොදා ගත් බව මතකය!)
මෙතන සියළුදෙනාම රූකාන්තගේ සිංදු අහන්නට නොනිත් ආශාවෙන් සිටි එම රැයේ අප වික්ටර්ගේ සිංදුවකින් වැඩ ඇල්ලුවෙමු. 
මගේ තක්කඩි අදහසට තවත් මා මෙන්ම මෙලෝරහක් නැති කිහිප දෙනෙක්ද එකතු උනේය. 
වැඩේ නැගලා යන්නට විය.
සිංදුව අනෙක් කිහිප දෙනා ගායනා කරණාතුර මා ඔවුන්ගේ කණට තවත් විසක් එබ්බුවෙමි.
"මචං නිකං වත් උගෙ සිංදු එහෙම කියන්න පටන් ගන්න එපා හරේ . . !"
අද දිනත් එකසේ හද පොපියවන 
"සිසිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසුවේ . . //" 
ගීතයෙන් අප ස්ථාවර අත්තිවාරමක් දමා ගතිමු.
රත්‍රී 11.00 පසුවන විට අප එකසිය ගානට ගසලාය! 
කවුරු බීවාද කවුරු නොබීවාද කියා කිසිවෙකු කෙසේ වෙතත් මානම් නොදනිමි. 
ඒ කෙසේ වෙතත් "අපගේ රූකාන්ත විරෝධී ගීරාවය" සිරාවටම නැගලා ගියේය.
ජෝති, ඇමැස්, මිල්ටන් දෙපල, වික්ටර්, ටැක්ටර්,බෙග් සියල්ල අප වේදිකාවට නැංවූයෙමු. 
ගීත අරඹන අප කිහිප දෙනා විසින් සූක්ෂමව රූකානතව වේදිකාවට වද්දා නොගැනීමට පරිස්සම් වුනෙමු.
තවත් ස්වල්ප වේලාවකින් කළුවරේම ගිමා මා අසලට පැමිණ "මචං අපි ආවේ අරූගේ සිංදු අහන්නනේ?" කියා කේස් එකක් ෆයිල් කෙරුවේය.
"හරි බං ඌට ඕනෙ නම් ඇවිල්ලා කියන්න කියපං!" මමත් නොඇඹරුනෙමි.
"ඌ එකසිය ගානට අවුලෙ ඉන්නේ! පොඩ්ඩක් ඇවිත් ඌට එන්න කියලා කතා කරපං!" ඒ ගිමාගේ  විධානය මුසු ඉල්ලිමකි.
මම ටික වේලාවක්  අදිමදි කිරීමෙන් පසු රූකාන්ත ලඟට නැගිට ගියෙමි.
හාත්පස දැඩි කළුවරය. 
ගෝල්ෆේස් පිට්ටනියේ අප හැර වෙන කිසිවෙකු සිටින වගක් නොපෙනේ.
මා ඉස්සරහට පස්සට තල්ලුවෙමින් මහත් ආයාසයෙන් ඉනෙන් පහල සමග ඉහල කොටස එකට ගමන් කරවමින් රූකාන්ත වැනිවූ ඡායාව වෙත නැඹුරු උනෙමි.
ගායකයාගේ බොක්කටම කථා කිරීම මාගේ අභිලාෂය විය.
මගේ සිතට පොටක් පෑදුනි!
"හරි දෙන්නම් වැඩේ . . . . !" මම මටම කියාගෙන කථාව අවදිකලෙමි.

"ම් . .මශං! ශෲකාන්ට! ඔයියාට මතකද කාට හරි කිව්වා ඔයාගෙම ශින්ඩුවක රෙකෝර්ඩින් එක යන කොට ඉශ්ටුඩියෝ එකේ ඉටිය ආටිශ්ලට කේතලේට පත්තර කඩ දාශියක් ගාං මොකද්ද මේ . . කින්ශි පාරෙ . . . .  . . .!?!?!?" මට කියන්නය ලැබුනේ එපමනකි.

රූකාන්ත කටහඬ අවදිකලේය.

"ගිමා! ගිමා!! කවුද බං මේවගේ තැන් වලට පත්තර කාරයො අරං එන්නේ . . . !?!?"

ඩෝප් මරගාතේ සිටියද ඒ වදන් පෙළ ඇසීමෙන් මා  දැඩි කම්පනයකට පත්විය!

සුපිරිම ගනයේ වළියකට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අඩු නැතිව එතැනට සමපාතවී තිබුනි. 
තවත් නිමේශයකින් කාගෙ කාගෙ හරි හොම්බයි කටයි  - බොම්බයි මොටයි වීමට සියළු සාධාරණ හේතු කාරණා වියුත්පන්න වී තිබුණු එම මොහොත මා; පන්දුව විකට් රකින්නා අතට; නිදැල්ලේ  යාමට ඉඩ හැරියේ ඇයිදැයි අදටත් මට ප්‍රහේළිකාවකි.
සමහර විට කවුරු හෝ මාව ඉවතට කැඳවාගෙන යන්නට ඇති. 
නො එසේනම් කිසි කලෙකත් අපේක්ෂා නොකල ප්‍රකාශයකින් මා වික්ෂිප්ත වන්නට ඇත.
මන්ද; තමා පිළිබඳව ලිපියක් ලියවා ගැනීමට ලැබෙන අව්ස්ථාවකදී ඔවුන් පත්තර කාරයින් හට සලකන අයුරු; මා ඔහු තුලින්ද ඊට මසකට පෙර අත්දුටු හෙයින්ය.

"මොකටද බං උඹ පත්තර රෙද්දක් එතන කියන්න ගියේ . . .?" ගිමා තවත් මොනවාදෝ කියවා ගෙන ගියේය.
තවත් මොහොතකින් මාවෙත ලැබුනු ආරංචිය වූයේ රූකාන්ත අඬන බවය. 
මෙය "අඬන" නොව අඬනම විය!
රූකාන්ත ගායනා නොකලාට අපි ඒවන විට ගීත 20-30 ක් ගායනා කොට තිබුණි. 
කන සාක්කුවේ වැටෙන්නට සන්තර්පනය වී සිටියෙමු. 
මොන මොනවාදෝ "මකන කෑලි" ටිකක් බඩට දාගෙන තිබුනු එම රාත්‍රියේ රූකාන්තගේ ගීත සවන්දීමේ බලාපොරොත්තුවෙන් සිටි හුදී ජනයාට එය අමතක කර දැමීමට සිදුවුනු අතර අවසානයේ පාටිය සුනේ සුන් වී ආතල් එක මුහුදට දැමීමට සිදුවිය!
එතැන් සිට අපගේ සෙටමොල් වීම; මලගෙයක සිරි ගත්තේය. 
පිරිස කණ්ඩායම් තුන හතරකට ගොනු වී පශ්චාත් මරණ පරීක්ෂනය පැවත් වූහ!
අප කිහිප දෙනෙක් අපගේ ස්ථාවරයේ සිටි අතර ඉතුරු බිතුරු ටික කා බී විනාස කලහ!
කෙසේ වෙතත් කුමන හේතු කාරණාවක් නිසා හෝ මා ගෝල් ෆේස් පිටියේ තනිකර නො එන්නට තරම් ගිමා ඇතුළු පිරිස කාරුණිකවී ඇතිබව තේරුම් යනවිට පසු දින දහවල් වී තිබුණි ෴

Monday, April 13, 2020

168. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි 5


අළුත් අවුරුදු උදාව සිදුවන්නට තවත් ඇත්තේ කෙටි කාලයක්. 
සැමදාම වාගේ අදත්  මෙසේ එළිදකින්නේ මා අන් බ්ලොග් පෝස්ටු යටින් ලියා තැබූ වැකි කිහිපයක්. 

කෙවිළිය බිත්තර දමන්නේ කපුටු කූඩුවේය. 
කොවුළ් දරුවන් ලොකු මහත් කරණ්නේ කපුටා හෝ කපුටිය විසිණි. 
එය එසේ නම් කොවුළ් නදට  හෙවත් කූජණයට කපුටාටද පරවේණියෙන්ම අයිතිවාසිකමක් ඇත.
එහෙත් අප කපුටාට දක්වන සැළකිල්ල!

එසේම මාගේ බර අවි වන් කොමෙන්ටු බිහිවූයේ අන් කැදැල්ලක් තුලය. එබැවින් මාගේ කොමෙන්ටුවේ කිසියම් රසයක් අර්ථයක් වටිනාකමක් වෙත්නම් ඉන් හරි අඩකුත් තරමක් හිමිවියයුත්තේ මුල් පෝස්ටුව ලියන ලද බ්ලොග් හිමි කරුටය. එසේ නම් නව වසරේ පටනගමු පසුගිය වසරේ නවතපු තැන සිටන්. 

1.



http://tharurasi.blogspot.com/2019/06/blog-post_10.html
Monday ,June 10,2019
උඩුගම් බලා පිහිනන සංගීත හාමුදුරුවෝ

ThattayagekolamaJune 13, 2019 at 12:14 AM
අපේ රටේ භාවිතයේ ඇති ආගම් අතුරින් කිතුනු හා හින්දු ආගම් තුල නිරණ්තරයෙන්ම සංගීතය පවතිනවා.
එහෙත් කණගාටුවට කරුණක් බෞද්ධාගම හා ඉස්ලාම් ආගම් තුල සංගීත ව්‍යවහාරය ඉතා අවම මට්ටමක පැවතීමය. මෙහිදී බෞද්ධාගම තුල කෙසේවෙතත් බෞද්ධ සංස්කෘතිය තුලට; කිතුණු කැරොල් සංගීතයේ සෙවනැල්ල වැටී හෝ "බොදු බැති ගී" නම් වූ චූල සම්ප්රදායක් බිහි වූවද ඉස්ලාමය තුල එය වරනගනු මා කිසි කලෙක අත්දැකීම් කරගෙන නොමැත.
එහෙත් උත්තර භාරතීය රාගධාරී සංගීත මහා සම්ප්‍රදාය තුල සිටින බොහෝ සංගීතඥ්ඥයින් අතර බොහෝ මුසල්මානුවන් දක්නට ලැබේ. 
හිංදි චිචිත්‍රපට පසුබිම් ගායකයින් අතර සිටි පද්ම ශ්‍රී සම්මානයෙන් පුද ලද මොහමඩ් රෆි, තලාද් මෙහ්මුද්, ෂම්ශාඩ් බෙගම්, ඒ ආර් රහ්මාන්, නෞෂාඩ්, සලීම් සුලෙයිමාන්, ෂකීල් බදායුනි, තබ්ලා වාදක පණ්ඩිත් සzකීර් හුසෙයින් ආදී මේ අතුරි කැපී පෙනෙයි.
බොදු බැතිගී සම්ප්‍රදාය බිහි වන්නේ බොහෝවිට දහම් පාසල් මූලික කරගෙනය.
දහම් පාසල යනු පන්සලද එහි වසන යතිවරයින් ගේ සෙවනේ හැදී වැඩෙන තවත්පන්සලේම දිගුවකි.
මෙම පන්සල තුල පවතින කිසියම් උත්සවයක් ගමවෙත් දැනුම් දෙන්නේ ගම පුරා ගමන් ගන්නා ත්‍රී වීලයක බැඳ ගත් යකඩ කටකින් උවද එම ප්‍රචාරනයේ කසකරු නො එසේ නම් මල් බයිසිකලේ වන්නේ මොහොදීන් බෙග් මාස්ටර්ගේ බර හඳින් ගැයෙන බුදු ගුණ වේ.
ශ්‍රී ලංකාව තුල මුල් කාලයේදී බොහොවූ සියළුම  බෞද්ධ ගීත ගායනා කොට තිබුනේ මුස්ලිම් භක්තිකයින් විසිනි. 
මේ සියල්ල සිදුවන්නේ බෞද්ධ ආචාර ධර්ම පද්ධතියකින් යම් පමනකට හෝ සංවර වූ (මතබේධ ඇති මුත්!) වටා පිටාවක් පරිසරයක වන විට ඒයට අනුගත වී කිසියම් විදියක භාවනාවක යෙදෙන යති වරයෙකුගේ දොසක් දකින්නේ කෙළෙසද?

Tharurasi FernandoJune 13, 2019 at 2:45 PM
වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි.
ලාංකික මුස්ලිම් සමාජය මීට වඩා සාහිත්ය කලාවන් පැත්තට නැඹුරුවීම අත්යවශ්ය බව ඉතාම පැහැදිලියි. ආගම සහ ව්යාපාරවලින් ඔබ්බට යන තරුණ මුස්ලිම් ප්රජාවක් බිහිවීම හරි වැදගත් මේ අන්තවාදයන් පරදන්න නම්...
හැම කලාවක්ම ආගමෙන් පෝෂණය වුණා වගේ අද ආගම් කලාවෙන් ආලෝකයක් ලබනව නම් මේ මරාගැනිලි, බෙදී වෙන්වීම් ගොඩක් අඩුවේවි...

2. Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ
https://nidigepanchathanthare.blogspot.com/2019/06/blog-post_16.html

Sunday, June 16, 2019
මෝස්තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස

ThattayagekolamaJune 18, 2019 at 11:26 AM
නිදී; කවුරුදො අර කවුලුවෙන් කිව්වේ ශාන්තී ගීත දේව. පස්සේ ඒක නැවත ගායනා කරලා විකුණුවා සනත් නන්දසිරි උන්නැහැ.කියලයි මටත් මතක.
ඔබ කියන්න ට්‍රයි කරපු සිංදුව "කවුද ආවේ කවුද ආවේ?" සිංදුවද කියලත් මට වෙලාවකට හිතෙනවා. කතාව පටන් ගන්නම් එතනින්.
ඒකාලෙ අබේ ලස්සන සිංදුවක් කිව්වා මතකද
"මං නැති දා - මේ රට ඔබටයි . . //" කියලා?
මට මතක ඔය සියල්ලම පාහේ ඔහු අතින් ගැයුනේ 70 දශකයේදී.
ඒ කාලේ බොහෝ ගුවන් විදුලි නාට්යවලට කුසුම් පීරිස් නෝනා වගේම නිරංජලාත් හඬ කැව්වා.
මට මතකයි අබේත් සමහර නාට්‍ය වලට හඬ කැවීමට සහභාගී උනා කියලා. (දොස් නම් එකෙන්ම නිදොස් කල මැන!) ඔවුන් ප්‍රෙම කීර්තිගේ ශනිදා සාදය හරහා ඔවුන් ගේ නැවුම් හඬ අපට සම්ප්‍රේශණය කලා.
ඔබට මතකද නිදී "වජිරා" ඒකෙ වජිරාට හඬ අවදිකලේ නිරංජලා නේද?
අබේ මියයන්නේ මේ ලෝකෙ කිසිම ගායෙකයකු මිය නොයා යුතු විදියට.
ඒක මේ දිනවල රෝද පුටුවකට සීමා වී සිටින සුමින්ද සිරිසේනගේ කථාවටත් වඩා දුක් බරයි. 
අබේ මියයන්නේ කාලයක් කටහඬ නැතිව සිට!
අබේ ගේ වියෝවෙන් මාස ගනනාවකට පසුව ඇය ආවා මා සේවය කල ආයතනයට දුක් බර සිනාවකින් මුව සරසාගෙන.
මා සේවය කල ආයතනයට ඇය පැමිණ තිබුනේ ඇයගේ වීවා එලයිට් රථයේ කුඩා අඩුපාඩුවක් මග අරවා ගැනීමට.
ඒ ශාලාව තරමක විශාල එකක්. 
ඇය වට පිට බලද්දීම: මා ඇය පිළිබඳව තරමක විමසිල්ලකින් සිටින බව දන ගන්නට ඇති. 
ඒ නිසානේ අය අහිංසක දුක්බර සිනහවකින් මාහට සංග්රහ කරණ්නට ඇත්තේ.
මගේ ආසනය හා මේසය තිබුනේ මේ ශාලාවේ එක මුල්ලක. මගේ දකුණු පසින් සමන් අයියා. 
සමන් රත්න සේකර. 
ඔහුත් රසවතෙක්. 
මම ඔහුව ඇමතුවා . . !
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . .
"පොඩ්ඩක් හිටපං කො . . !"සමන් අයියා කිව්වා.
මුළු ශාලාව ඇතුලටත් වැඩහල සිසාරාත් කතා කල හැකි ඇමතුම් පද්ධතිය තිබුනේ සමන් අයියා බාරයේ. මම සමන් අයියාට තමා ගැන යමක් පැවසූ බව ඇය දකින්නටත් ඇති.
සමන් අයියා තමන්ගේ යටතේ හිටිය අන්තේවාසික කොල්ලෝ දෙතුන් දෙනෙකුට කතා කරණු මා දුටුවා. 
ඒත් තවමත් ප්රථිඵලය නිහඬ බවමයි.
තවත් ටික වේලාවකින් පෙනයක් හෙවත් පෙන් ඩ්‍රයිව් එකක් එකක සමන් අයියාට ලැබුනා.

"කවුද ආවේ . . . .කවුද ආවේ . . . . . // " (අබේගේ ගැඹුරු හඬ)
"ඔබට හොරා ඔබ හදේ රැඳී උන්
මිනිස් රුවයි ආවේ . . . . . " (නිරංජලාගේ ලයාන්විත ප්රේමණීය හඬ)

ගීතය ඇරඹිනි . . .
කාර්‍යාලයේ පමනක් නොව  අක්කර හතක මුළු මහත් වැඩහල පුරාවට ඒ ලයාන්විත ස්වර ගායනා යුග්මය ගලා ගියේය.

මිනිස් හදක් නැති මහ මදුරක් විය
තනි මිනිසෙකු වසනා . . . .
පාලු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉන්නදලා . . . .

ඇය දෑස් වසා ගෙන සිටිමින්ය . . .

සදා නොදැල්වෙන මිණි පහනක් විය
ඝනඳුර මැද රඳනා . . .
සදා අවුළුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවනා . . . . .

ගීතය නිමාවිය.
අත වූ පසුම්බියක රැඳි කුඩා අත්ලේන්සුව ඇය නෙතින් තෙත් විය. ඇයගේ මෝටර රිය හා සබඳි කටයුත්ත නිමාවී යන්නට නැගිට ගත්තීය.
සෙමෙන් සෙමෙන් පියවර නගමින් පැමිණ මා අසල නැවතුණි.
"බොහොම ස්තූතියි . . !"
නිරංජලා මගේ ඇස් කෙවෙනි නොදකින්නට ඇති!


3. 
කොළඹ ගමයා
https://kolambagamaya.blogspot.com/2019/03/49_23.html

Saturday, 23 March 2019
ප්රථම ප්රේමය ඔබ නොවේ (52) - ඉරණම අප එක්කළේ නැත

Thattayage Kolama24 March 2019 at 03:39
කලකට පෙර රස විඳි සෝවියට් කෙටිකතාවක් වාගෙයි. 
අතිශයින්ම සුන්දර ලියවිල්ලක්!
ඔබ මේ ලිවීම තුල තැනෙක ප්රශ්ණ කරණවා ප්‍රේමය මේ කියන ලෙසින්ම  භයානකදැයි කියා?
මා සිතන විදියට එහි අපූර්වත්වයත් එයමැයි.
 බුදුන් වහ්න්සේ කිසිදු තැනෙක ප්රේම නොකරණ සමාජයක් ගැන දේශනා කොට නැහැ. 
ප්‍රේම නොකිරීමටවත් ආදරය නොකිරීමටවත් ඉන් එහා ගිය කිසිදු පුද්ගල සඹඳතාවයන් වලට නො එළඹෙන ලෙස පවසා නෑ. 
නමුත් බැඳීම ඇරඹීමත් සමගම වියෝවද ඇරඹෙන බව තෙරුම් ගැනීමයි විය යුත්තේ. 
වියෝවේදී අප පෙලන දුකේ මුල බැඳීම නො එසේ නම් ප්‍රේමයම බව තේරුම් කර දීමටයි උන් වහන්සේ එසේ දේශනා කොට ඇත්තේ.
කෙසේ වෙතත් දූපත් මානසිකත්වයක් තුල අප දකින ප්රේමය ආදරය ලිංගිකත්වය වැනි කාරණා වලට ලැබෙන්නේ හරිම අඩු ලංසුවක්. 
ඒවා බොහෝ සෙයින් පුරුෂ පරමාධිපත්වය ඉදිරියේ වෙන්දේසි වන කාරණා! 
බොහෝ පිරිමින් හට කෙල්ලක් ගැහැනියක් යනු හෙඩ් කවුන්ට් එක වැඩිකර ගැනීමේ අවස්ථාවක් පමණයි. 
ප්‍රේමය යනු ලිංගිකත්වය නොමිලේ ලබා ගන්නට හැකි පහසුම මග කියලායි වැඩි දෙනා හිතන්නේ.

Ajith Dharma.26 March 2019 at 22:47
ස්තූතියි //බුදුන් වහ්න්සේ කිසිදු තැනෙක ප්රේම නොකරණ සමාජයක් ගැන දේශනා කොට නැහැ.// මා මෙහි පවසන්නේ මිනිසුන් ඒ කිවූ දෙය වටහා ගන්නා ආකාරය ගැනයි. 
බටහිර රටක හෝ සෝවියට් දේශයේ ගැහැනියක හා පිරිමියකු කතාබහ කරමින් සතුටෙන් ගත කරන කාලය තුල ඕනෑම අවස්ථාවක ඔවුන් ලිංගික සම්බන්ධතාවයකට එළඹිය හැකියි. 
එසේම එසේ නොවී හොඳ යහළුවන් මෙන් සිටිය හැකියි. ඒවත් එක්තරා විධිහක බැඳීම් වුවත් ඒවා තාවකාලිකයි. 
වෙන්වීමේදී දුකක් වේදනාවක් නැහැ. එක්ව සිටීමේදී ලැබූ සතුට පමණක් ශේෂයක් ලෙස ඉතිරි වෙනවා


4. විකල්ප

COLOMBO, CULTURE, EDUCATION, FEATURED ARTICLES, HEALTH, LIFE QUIPS, SEXUALITY, WOMEN, YOUTH
https://www.vikalpa.org/?p=35180
http://iranga.net/?p=2026
Iranga.net
නිදහස් සිතුවිලි අවකාශය

සරසවි තුළ ලිංගික ක්රියාවලට එරෙහි ඊර්ෂ්යාව හා කොන්ඩම් භීතිකාව

Thattayagekolama Blogspot
රෝමියෝ ජුලියට් ගත්තත් සාලිය අශෝක මාලා ගත්තත් ඔවුන් ලද ඇසිල්ලේ ලිංගිකත්වයට සම වැදෙනු ඇත.
 බොහෝ අය තමා මෙලොවට ජනිත වීම සඳහා තම ආදරණීය මව; තම ගෞරවණීය පියා සමග යහන් ගතවූ බව පිළිගන්නට මැළිවෙති. එසේම එය; අද තමා රස විඳින හෝ දැක බලා ගන්නා විචිත්‍ර ක්‍රියාකාරකමක් ලෙස සිතන්නටවත් අකමැතිය. 
මන්ද ඔවුන් තම දෙමව්පියන් වන බැවිනි!
මිනිසුන් බොහෝ විට සිතන්නට කැමති වන්නේ තමා විඳින්නට කැමති දේමද? 
ටී වී චැනලයක මුවකු පසුපස හඹායන යෝධ බිළාලයකු දෙස අප බලා සිටින්නේ කුමන සිතු විල්ලකින්ද? 
එය මා දකින්නේ මහත් අභිරුචියකින් දුම්රිය අනතුරක්, ස්වභාවික ව්‍යවසන බලන විට මිනිසුන්ට විඳින හැඟීම මෙන්ය.
ඔබ දක්වා ඇති සිද්ධියද එලෙසමයය! 
කෙතරම් සභ්‍යත්වයට ලංවීමට උත්සාහ ගත්තද තමා තුල ඇති පරිනාමය නොවූ අදහස් තමා කෙරෙණ් දිස් වන්නේ තමාටද හොරෙණ්ය. 
තරුණියක අනපෙක්ෂිත ගැබ් ගැනීමක් දරා ගත නොහැකිව සියදිවි හානි කරගත් හොත් "මෙච්චර එකේ ඔය වැඩේ ඔහොම නොවෙන්න කර ගන්න දන්නැද්ද?" කියා දෙස් දෙවොල් තියන්නට පෝලිම් ගැසෙති. එහෙත් ඊට පූර්ව විසඳුමක් ලභා ගන්නවාටද ඔවුන් කැමති නොවේ.
මාර්ඝ අනතුරක් දුටු සැනින්; අනතුර කර ගත්තවුන් හට බැන වැදුනද එතැන වරුවක් උවද බලා සිටිමින් රස විඳින්නට එම පිරිසම පෝලිම් ගැසෙති.
මම වරක් පසුගියදා මරා දැමුනු ලක්බිම පත්තරේ; රිද්ම සප්ලිමන්ට් එකට ලියූ "මංජුලගේ දිනපොත" ට මෙවන් කෙටි කතාවක් ලිව්වා.
හංදියෙ කඩෙන් හොරෙන් කාලා යන්න හදපු එකෙකුට මුදලාලියි, කඩේ එවුනුයි, වටේ ඉන්න එවුනුයි අම්බානක නෙළලා!
මදි පාඩුවට මුදලාලියා "බඩගිනි නම් කියන්න තිවුනා . හොරෙණ් කන්නෙ නැතිව! " කියලා මාර ටෝක් එකක දෙනවා.
"ඔන්න දැන් බඩගිනි එව්වො ඉන්නවානම් මුදලාලිට කියලා කැමති දෙයක් අරණ් කාපල්ලා!" කියලා එතන හිටිය ත්‍රී වීල් පාක් එකේ එකෙක් කාටත් ඇහෙන්න කියපි!



5. 



https://shanu1987.blogspot.com/2019/06/113.html#comment-form
Thursday, June 20, 2019
113. කිඹුල් සින්දු

ThattayagekolamaJune 21, 2019 at 11:34 AM
මෙන්න කතා!
අර කිව්වා වගේ නාන කාමරේදී "රාජ සඟබෝ පිටදි දුගියාටා - නාන කාමරේ . . //" කියලා කෑගහන මොළේ මඥ්ඥං පොරක් මාත් කණ්නාඩියෙන් දැකලා තියෙනවා.
මම එක පාරක් දැක්කා කොහේ හරි ලියලා තිබුනා; හැම එකාටම සිංදු කියන්න දන්න එවුන් ඉන්න එකම රට අපේ ලංකාද්වීපයම මයි කියලා.
සමහර ගායක ගායිකාවෝ කියන අංජබජල් සිංදු හා කියන විදිය දැක්කාම අපි හොඳයි කියලත් හිතෙනවා.
මම ගුටි කන්න බලා ගෙන ඒ ගැනත් කියන්නම්.
අහලා බලන්න සුනිල් එදිරිසිංහ එයගෙ"ඇසුවේද කවුරුණ්හෝ ඔබෙන් . . " ඔරිජිනල් සිංදුව. 
මේ කියන්නේ මුල්ම ගායනය ගුවන් විදුලියට කල! ඒකෙ අන්තරා කොටසේ "විඳි වේදනා - සතුටින් දරා - පැරදී ගියේ - කවුදෝ එයින් " කියන එකේ නියමිත රිද්මය නෑ! 
නිකං අන්තිම බස් එක මිස්වෙලා කනත්ත ගාවින් පයිං යන ගමන් කියනවා වගේ හදිසියක් තමයි පේන්නේ. 
එකසිය ගානට විස්වාසයි ඔයාට කියන්න පුළුවන් ඊට හොඳට.
එයාම නිකං ඉන්න බැරුවට අමරදේව උන්නැහැ එක්ක කියනවා "පටු අදහස් නම්  . . " ගීතය. 
අනේ ඒකත් නානවා රජයේ ඇමතියෙක් ගානට. හොඳින් අහන්න - බොරු නම් කියන්න!
අමරදේව මාස්ටර් එක්ක නනදා මාළණී ගෝකුළ අළුත් සී ඩී තැටියකට කියනවා අර "මුණි සිරිපා සිඹිමින්නේ . . . " ගීතය. 
නන්දාගේ පිච් එක අවුට්! මට මතක විදියට මේ සීඩී එකේ මුලට තියෙනවා කරුණාරත්න අමරසිංහගේ එළකිරි වන් හඳුන්වා දීමක්. 
අනේ එක දියාරුවෙනවා මේ ගීතය අසද්දී.
සෝමතිලක ජයමහ මමත් කැමති ගායකයෙක්. ඒත් කොයි එක බැලුවත් එකම තනුවකට වචන වෙනස් කරලා වගේ.
අමරසිරි පීරිස්: 
ඕනෑම එක සිංදුවක් අහන්න පුළුවන්. 
අනෙක් සියල්ල මළගෙවල් වල යශෝධරා වත කියවනවා වගෙයි. ඔහුගේ දෙපාරක් අහන්න පුළුවන් එකම සිංදුව "ගොවියාගේ හිත මිතුරා - ලංකෙම්" කියන එක විතරයි. 
අනෙක් සියල්ලම වාගේ ශෝකාලාප!

ඔන්න ඒ කාලෙ හොඳ ගායකයෙක් හිටියා අතුල සෝමසිරි කියලා. එයාට ලස්සන කතාවක් හදලා තිබුනා. 
මේ කතාව මං ඇහුවේ බී.බී.සියේ චන්දන කීර්ති බංඩාර ගෙන්. 
මම එයා කියපු විදියටම ලියන්නම්.
"ඔන්න බං ඔය ගායකයෙක් ඉන්නේ අතුල සෝම සිරි කියලා. 
පොරට ඕන උනාලු හොඳ සිංදුවක් කියන්න. 
මොකද බුවා කියල තියෙන්නේ 
'උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි !' කියන එකනෙ.
ඉතිං මෙයා ගියාලු දවසක් උදේම ප්රේමසිරි කේමදාස මාස්ටර්ව හම්බෙන්න හොඳ සිංදුවක් හදා ගන්න.
ගිහින් එයාගෙ අවශ්යතාවය කිව්වාම මාස්ටර් කිව්වලු "තමුසෙ එන 26 වෙනිදා අහවල් තැන ස්ටුඩියෝ ඒකට එනවා. 
එදාට රෙකෝඩින් එකක් තියෙනවා. මෙන්න මේ සිංදුවත් බලාගෙන. නොටේශන් එකත් මේං. ඔය සිංදුව යන්නේ 'නර නා නා  . . . . නරේන  ආආආ නානා  නානා' වගේ පොඩ්ඩක් බලාන එනවා. මේක මේ කතාවේ කොල්ලගෙ අම්මා මැරිලා කොල්ලා කියන දුක්බර ගීතයක්. හොඳට හැඟිම් බරව ඇතුළින් එන්න ඕනෙ. හරි!?" කියලා මාස්ටර් අතපය අඹරවලා කිව්වාලු.
ඉතිං මචං අපේ ගායකයත් කොලේ බෝම පරිස්සං කරණ ගෙදර ඇවිත් 'නර නා නා  . . . . නරේන  ආආආ නානා  නානා' සීන් එකේ සිංදුව දවසට දෙතුන් පාරක් කියව කියව ඉඳලා අදාල දවසේ රෙකෝර්ඩින් එක කරණ  ස්ටුඩියෝ එකට ගියාලු.
මාස්ටර් යකා වගේ එහෙ මෙහේ දුව දුව ගේමලු. 
ඔකෙස්ට්රා එක ඒක ගහනවලු මේක ගහනවලු එක කෙලියයි ලු. 
ඔය සීන් එක ඔහොම යන අස්සේ අපේ අතුල සෝමසිරිත් රිංගුවා කියහංකො දොර ඇරගෙන ඇතුලට. 
ගිහින් ටිකක් එහේ මෙහේ වෙනකල් ඉඳලා මාස්ටර් ට කිට්ටු කරලා 
"මාස්ටර් මම ආවා  . . . ." කියලා . . ටිකක් වෙලා යන කොට මාස්ටර්ට මේ කවුද කියලා මතක් වුනා කියමුකෝ.
"හරි! කියනවා බලන්න. කෝ අර අම්මා මැරෙණ සීන් එකේ සිංදුවේ නොටේශන් එකේ ඉන්ට්රො එක ගහන්න ගන්න. නර නා නා  . . . . නරේන  ආආආ නානා  නානා හරිනෙ"
මාස්ටර් ඔකේස්ට්රා එකට කියලා වැඩේ පටන් ගත්තලු. 
ඔකේස්ට්රා එකත් සිංදුවේ  ආරම්භක සංගීතය ගහන්න ගත්තලු. 
මාස්ටරුත් ආවේස වෙච්ච කපුවා වගේ අතපය අඹරෝල මියුසික් කෑල්ල නැවතෙන කොටම අපේ ගායකයා දිහා බලලා අත්දෙකෙන්ම සිංදුව පටන් ගන්න සිග්නල් එක දුන්නලු. අතුල සෝමසිරිත් පටන් ගත්තලු.
"...................................................................................................."
"හෝව්! හෝව්!! ඔහොම නෙවෙයි අයිසෙ ලයාන්විතව කියනවා මේක මේ මලගෙයක බැග්රවුන්ඩ් එකේ ප්ලේ වෙන්නේ!" මාස්ටර් කෑ ගැහුවලු.
අනේ අතුලත් තව දෙතුන් පාරක් ට්රයි කලාලු. 
ම්හු! අතුල සෝම සිරිට උගෙ බර හඬින් ඒ සිංදුව කියන්න බැරි උනාලු. 
ඒ පාර මාස්ටර් අතුලට කිට්ටු කරලා මෙහෙම කිව්වලු.
"තමුසෙ එන 26 වෙනිදා මෙතනටම එනවා. එදාටත් රෙකෝඩින් එකක් තියෙනවා. එදාට තියෙනවා යකාගෙ අම්ම මැරිලා යකා කියන සිංදුවෙ රෙකෝඩින් එක. තමුසෙ ඇවිත් ඒක කියලා යනවා . . " කිව්වාලු!
ගනං ගන්න එපා මේවා සියල්ල රසවත් කථාන්දර විතරයි.
කරුමෙක මහත කියන්නේ මමත් හිතාන හිටියේ මටත් සිංදු කියන්න පුළුවන් කියලා ලඟදි අහං හිටපු කෙනෙක් "අපෝ . . . . " කියන තුරා!


6. කඩදාසි කොලේ
218 සුහදිනියේ - 21 / සතුරන් සමග එළිපිට සටනට

https://kadadasikole.blogspot.com/2019/06/218-21.html

ThattayagekolamaJuly 2, 2019 at 12:38 AM
සිංහල නවකතා අතර වඩත්ම පැටලිලි සහගත නවකතාව  ඩබ්ලියු ඒ ද සිල්වා මහතාගේ "හිඟන කොල්ලා" නව කතාව යැයි මා සිතමි. 
එය කොටින්ම "ලැවරියා" එකකි. 
එහෙත් සිල්වා මහතා එම ලැවරියාව සෑදීමට යොදගත් ඉඳි ආප්ප රැලි එකින් එක දිග ඇර මේසය මත තබයි.
කතාවක්; කියවන්නා වෙත පැටලිය හැකි ක්‍රම දෙකකි. 
ඉන් පළමු වැන්න තමන්ගේ හිතේ තියෙන දේ හරියට කියාගන්න, ලියාගන්න බැරිව සිදුවන ව්‍යාකරණමය පටලැවිල්ලය. 
බොහෝ ලියන කියන අය වෙතින් සිදු වන්නේ මෙවන් පටලැවීම්ය. 
"හෙන්රි ගායක අන්ධ කල්දේරා"
"රුවන්පුර නිවන් දොරටුව විවර වේවා"
"මහා වෙසක් බත් දන්සැල"
වැනි වැකි ලියැවෙන්නේ මෙනිසාය.
තවත් ලේඛකයින් තම කතාව වඩාත් රසවත් කිරීමට මහත්සේ පටලවා අවසානයේ එම පැටලැවිල්ල තමාටම ලෙහා ගැනීමට නොහැකි වන අවස්ථාද ඇත.
මෙසේ ලියද්දි මට මෙසේ පටලවුනු කතාවක් මතකයට එයි. 
එයද මෙහිම ලියා තබන්නම්. 
එක් ගමෙක සිටි පාදිලි උන්නාන්සේ කෙනෙක් නොහොත් සිංහලෙන් කියනවා නම් ෆාදර් කෙනෙක් තම පල්ලියේ පූජාව පැවැත්වීම සිදුකරද්දී එයට සහභාගී වූවන් ඉතාමත් මන්දෝත්සායී ලෙස ඈනුම් අරිමින් ඔලුව කසමින් සිටිනු දැක; වෙනත් ගමක ඉතාමත් රසවත් ලෙස පූජාව පවත්වන ෆාදර් කෙනෙකු මුණ ගැසී උපදෙසක් පැතුවේලු.
1. ෆාදර්: හැබෑටම ඔබ කොහොමද මේ පූජාවට පැමිණි අයගේ අවදානය තමා කෙරෙහිම පවත්වා ගන්නේ?
2.ෆාදර්: ඔබ පූජාව කරගෙන යන අතර තුර ඔවුන්ගේ අවදානය වෙනතක යොමුවී ඇති බව දැක්කාම ඔබ පවසන්න ඔවුන් වික්ෂිප්ත වෙන යමක්. "ඊයේ රාත්රිය මා ගත කලේ වෙනත් කාන්තාවක් සමග එකම යහනක!" වගේ එකක් කියන්න. එවිට පූජාවට පැමිණි වුන් කලබල වෙලා නිදිමත පැත්තක දාලා ඔබ දිහා බැලූ විට ඔබ පවසන්න  "ඒ වෙන කිසිවෙකු නොවේ. මගේ ආදරණීය අම්මා!" කියලා.
උපදෙස් ලබාගත් පලමු පාදිලි තැන පසුවදා යෙදුණු ඉරිදා උදෑසන පූජාවේදී තමා පෙරදින ලබා ගත් උපදෙස් අනුව ක්‍රියා කිරීමට සිතා මහත් උස් ස්වරයෙන් මුළු මහත් ශාලාවටම ඇසෙන්නට  "ඊයේ රාත්‍රිය මා ගත කලේ වෙනත් කාන්තාවක් සමග එකම යහනක!" යැයි කීවේය. එක වරම රැස්වූවන් අතර ඇති වූ අනපේක්ෂිත වික්ශිප්ත භාවය, මුර ගෑම, දත් කූරු කෑම, ඇනුම් පද, සෘජුවම නැගුනු විරෝධය හමුවේ දෙවනුව පිරිස වෙත කියන්නට උගෙන ගත් වැකිය අවාසනාවන්ත ලෙස අමතකවී ගියේය. ඔහු එනිසා පැවසුවේ "ඒ කවුද කියන්නට මට දැන් මතක නෑ!" කියාය.
එසේම රහස් පරීක්ෂක කතා පටැලවීමට අපටත් හැකිය. එහෙත් කරුමෙට වෙන්නේ පාදිලි තුමාට මෙන් අවසානයේදී "ඒ කවුද කියන්නට මට දැන් මතක නෑ!" කියා ලැජ්ජාව  බැරල් එකෙන් වසාගෙන කතාව අමතක කර දැමීමටය!
එසේ කතාවේ පටලැවිල්ල ලිහා අප ඉදිරියේ තැබීමට යා යුතු මග ලිඛිතාහට අමතක නොවේවා.
එකල ගුවන් ගතවූ පරසිදු රේඩියෝ නාටකයක් වූ "මුවන් පැලැස්ස" චිත්‍රපටයට නැගීමට අවසානයක් හදා ගැනීමට; ගුරුන්නාසේ ම විසින්; කඳ කලවා පලා  හෙණරාජ තෛලය ඇතුළු කොට තිබුණු "කදිරා" ව මරා දැමුවේය. 
ඒ කතා අවසන් කරණා තවත් සුවිශේෂී ක්‍රම වෙධයකි.
එවන් අකල් මරණයකට මධුලිකාව, තීක්ෂණ ඇතුළු කිසිවෙකුට අත් නොවේවා!

7. කඩදාසි කොලේ
223 සුහදිනියේ - 26/ තීරණාත්මක වටාපිටාවක්. මධුලිකා කුමක් කරයිද?

https://kadadasikole.blogspot.com/2019/08/223-26.html

ThattayagekolamaAugust 6, 2019 at 11:40 PM
අප විසින් ගඟක් දිගේ කරණා ගමනකදී හෝ ගං ඉවුරක ගත කරණ රාත්‍රියකදී ගමන් සගයන් කිහිප දෙනා සමග කෙරෙණ සුන්දර කතා බහට උත්තේජනයක් ලෙස තොල සප්පායම් වන මධුවිත පිළිබඳවද; තීක්ෂණ හා විරංග තොලගාන සීතල බීර වීදුරුව පිළිබඳව දක්වන සම මෙතම දක්වන්නේද? "අයිස් මෙන් සීතල බීර මගේ ගත සිසිල් කරමින් මුව තුලින් සිරුර පුරා අමුතු ආනන්දයක් ඇතිකරනවා මෙන් මට දැනුනි."
දිනයේ අවසන සියළු ගැහැට අමතකව දියව යන්නට තීක්ෂණ පානය කරණ බීර වීදුරුව ගැන ඔබ ලියා ඇති වර්ණනාව තුල ඔබ ඒ පිළිඹඳව මනා පරිචයකින් සමන් විත බව පෙනේ? 
එය එසේද?
මෙතරම් කාලයක් ඉක්බිතිව හෝ තීක්ෂණගෙන් උනුසුම් හාදුවක් ඉල්ලාගත් මධුළිකාට හද පිරි ස්තූතිය. මම ඒත් බැලුවා තීක්ෂණ මෙතරම්ම මෝඩයෙක් දැයි කියා!?

ලිඛිතාAugust 8, 2019 at 1:16 AM
රහමෙර පානය කරන, ජිවිතේ බරක් පතලක් ගැන මෙලෝ විචාරයක් නැති කොල්ලෙක් විදියට ලියන කතාවකදී, ගහෙන් ගෙඩි එන්නා වගේ ලිව්වහැකිද රහමෙරේ තියෙන බරබරේ? මෙයත් ඉතින් විසිල් ගහගෙන දුවගෙන එන්න ඇති! හුහ්..
ගඟේ පැත්තක ඉඳල හැලි අරක්කු බොන උන්ට මම නම් කියන්නේ කිඹුලම කන්ටය කියල!
මෙච්චර මටගාන්න උනේ ඉතින් ඒ ළමයාගේ තිබ්බ ආදරේ හින්දනේ! තමන් ඉතසිතින් ආදරේ කරන කෙනෙකුගේ ඇඟිල්ලෙන් අල්ලන්නත් සෑහෙන වලියක් දාන්න වෙනවා හිතත් එක්ක. 
කුකුල්ලු කන්න හිවල්ලු කඩාගෙන පනිනවා වාගේ නෙවෙයිනේ. තීක්ෂණ ඇත්තටම මෝඩද?

ThattayagekolamaAugust 9, 2019 at 11:03 PM
මා අගින්ම පටන් ගන්නම්!
තික්ෂණ කියන චරිතය ඔබ ගොඩ නගා තිබෙන ආකාරය තුල ඔහු තුල කිසියම් විනෝද කාමී බවක් පෙන්නුම් කෙරෙණවා. 
මෙහිදී මම ඔහුව හැඳින්වීමට "සල්ලාළ" කියන වචනය තෝරා නොගැනීමට ප්‍රවේශම් වෙනවා.
ඔහු ස්ත්‍රී ලෝලියකු විනා සල්ලළයෙකුසේ ඔබ ගොඩ නගා නැත.
ප්‍රේමය, ආදරය නමැති කුල්ලට මුවාවී ස්ත්‍රී සේවනයේ යෙදීම ඔහු විසින් කල බවක් මෙහි ගම්‍ය නොවේ.
ඔහුගේ සිත තුල මධුළිකා මුද්‍රා තබා ඇත්තේ ගෞරවණීයත්වයක්.
එම ගෞරවණීයත්වයට හේතු භූතවන කාරණා කිහිපයක් ඔබ විසින් ලියා දක්වා ඇත.
ඇගේ මනා රූ සපුව තුලින් මතුවන පෞර්ෂය, ආඩම්බරකාරී හැසිරීම, ඇය පිළිබඳව තීක්ෂණ ඇතුළු අනෙකුත් සමකාලීනයන් තුල ඇතිවී තිබුණු උනන්දුව හා ඉල්ලුම වැනි කරුණු ගෙන හැර දැක්විය හැක.
"ලෝකයෙ සිටින සියළුම ගැහැණුන් උපතින්ම රූමත්ය! 
බොහෝවිට සිටින්නේ තම රූ සපුව පවත්වා ගැනීමට නොදන්නා අයය!" කියා කියමණක් ඇත. මෙහි යම් සත්‍යතාවයක් පවතී. 
එනිසාම නොවේද සෑම ගැහැණියකම තම සහකාරිය, පෙම්වතිය, බිරිඳ ලෙස තෝරා ගැනීමට පිරිමියක මෙලොව කොයි දීපංකරේ හෝ වසන්නේ?
උපතින් කාන්තාවක් ලබන රූසපුව සාපේක්ෂ ගුණාංගයක් ලෙස පිළිගත්තද: කලින් කල එහි නිරපේක්ෂ ඒකක තිබී ඇත. 
යුරෝපයේ "මරිය තුමී", "බ්‍රිතාන්‍යයේ රජ පෙළපතේ චරිත" කලින් කලට නිරපේක්ෂ ඒකකය ලෙස තෝරාගෙන ඇති බව මීට පෙරද මා ලියා ඇත.කලකට පෙර මෙරට හය හතර නොතේරෙණ ළපැටියාගේ සිට ආච්චි, ආත්තම්මලා පවා "ඩයනා කට්" කපන්නට ඇත්තේ ඩයනා නිරපේක්ෂ ඒකකය යැයි ගත් නිසා නොවන්නේද? 
අපරටේ වුවද "රුක්මණී දේවි", "මාලණී ෆොන්සේකා" කලින් කල එසේ තෝරාගත් නිරපේක්ෂ ඒකකයන්ය. (කඩවසම් බවට ගාමිණී, විජය තරාදි පඩියට ගත් බව මාහටද මතකය!)
මෙසේ ලබන හෝ ලබා ගන්නා හෝ මැණෙන රූසපුව යලිදු වර්ගී කරණයකට භාජනයවේ. "අහිංසක ලස්සන", "සරාගී සුරූපී බව" ආදී වශයෙන් වෙන් වෙන් වන්නේ එම වර්ගී කරණයය.
මෙහිදී තවත් අල්පයක් වන කාන්තාවන් සුරූපී වන අතර ඔවුන් කෙරෙණ් දිස්වන්නාවූ පෞර්ෂයක් පිළිඹිබුවේ. 
මේ පිළිබඳව කෙස් පැලෙන තර්ක දහසක් ඉදිරිපත් කල හැකි වුවත් එවන් පිළිඹිබුවක් කාන්තාවන් කෙරෙණ් මා දැක ඇත. 
කටහඬ තුළින්ද මා එය අසා ඇත!
අපගේ කතා නායිකාව මධුළිකා තුලින්ද දැක්වුණු සුරූපී බව එවන් පෞර්ෂයක් හා මිශ්‍රිත එකක් නම් තීක්ෂණ පසු බැසීමට හේතුවක් විය හැක.
අනෙක් අතට ඕණෑම පිරිමියකු තම සිතෙඟි ඉටුකර ගැනීමට පෙර "මුට්ටිය" දමා බලයි. 
එම මුට්ටිය දැමීමට තරම් සිදුරක් නොවුන හොත් ඔහු සිදුර ඇති වන තෙක් කල් බලයි!
මධුළිකා තම චරිතය තුල එවන් සිදුරක් ඇති නොවීමට සියළු කල්හිම උත්සුක වේ. එය කාන්තාවක් තුළින් දිස් විය යුතු ගුණාංගයක් සේ; මා පෞද්ගලිකව දකිමි!
තමා කෙතරම් අසීරු අවස්ථාවකට පත්ව සිටියද ඇය තම පුද්ගලිකත්වය සිදුරු නොවීමටත්, කිසිවෙකුට සිදුරු කිරීමටත් ඉඩ නොතැබිය හැකිලෙසත් හැසිරීමක යෙදී සිටියාය.
මෙවන් චරිත පියදාස සිරිසේණයන්ගේ පොත්වල සිට කරුණාසේණ ජයලත්ගේ නවකතා දක්වාම අප කියවා ඇත.
පියදාස සිරිසේණයන්ගේ රොසලින් මෙන්ම ගොළු හදවතේ ධම්මි, ගැහැණු ලමයි හී කාන්ති (මට මතක ලෙසට) එවන් පරමාදර්ශී චරිතයන් වූහ.
නව ඩිජිටල් ලිවීම තුල එවන් පරමා දර්ශී චරිත දොරමුල්ලට අතුගෑවී ගොස් ඇත.
ඔබගේ ලිවීම් හා කාව්‍ය තුලින් ද මා එය දැක ඇත.
"අනේ මා සිප ගන්න!" "අනෙ මාගේ ඇඳුම උනන්න!" කියා ලිවීම "නිදහස් ලිවීම" යැයි බොහෝ දෙනා සිතති. 
එය එසේ නොවන වගට මාගෙන් කිසිවෙකු උදාහරණයක් දක්වන ලෙස ඉල්ලා සිටිය හොත් "නිදීගේ පංචතන්ත්‍රයේ" සිට ලියාගෙන යාහැකි අත ලොස්සක් වෙයි.
මෙවන්; අවකාශය තුල ලියැවෙන ඩිජිටල් ලිවීම තුල ලියමින් පරමාදර්ශී චරිතයක් ගොඩ නැංවීම තම ලිවීම නොකර ගනිමින්; එහෙත් සිදුරු නොවූ මෙන්ම සිදුරු කල නොහැකි චරිතයක් ජීවත් කරවීම අසීරු කටයුත්තකි! ඔබ එය ජයගෙන ඇත!
එය හුදෙක් මනෝමූල චරිතයක් නොවී විශ්වසණීයත්වයකින් යුතුව වැළඳ ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔබ සමත් වී ඇත.
"දැන් නම් ෂුවර් එකටම සියල්ල ඇරඹෙණු ඇත!" යැයි; ජාගර සිතකට කුමනහෝ ලෙසකින් නොසිතෙන "කබර හමක්" ඔබ මධුළිකා වෙතට ලබාදී ඇත.
හිතුවාට වඩා ලියැවුනා!
මධුළිකා සතු ආඩම්බරකම පිළිඹඳව මා කතා නොකරමි!
තරුණයකු විසින් තම සිත් ගත් තරුණිය දඩයම් කර ගැනිමට විවිධ විවිධ වූ උපාය මාර්ඝ උපයෝගී කරගනු ලබයි. ඉන් එක් "ඇමකි"; විනීත බව!
තීක්ෂණ පලමුව වඩත් විණීත වන්නට ඇත්තේ 'ඇමක්' ලෙස විය යුතුය. එසේම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන් ඔබ්බට ගත හැකි ක්‍රියා මාර්ගයක් මධුළිකාගේ 'කබර හම' ඉදිරියේ මා මෙන්ම තීක්ෂණද නොදකින්නට ඇත.
එසේම නුවණැහි පිරිමින් "බාගෙන කන්නට ඇති වල; ඉහගෙන කන්නට නොයති!"
කුමණ හෝ ලෙසකින් මධුළිකා; තීක්ෂණගේ හදවතේ කෝමළ ස්වරයන් නින්නාද කරවීමට සමත්වී ඇත.
එය යම් ලෙසකින් බලාපොරොත්තුවකි!
ඉතින් මොකටද ඉහගෙන කන්නේ?
මන්ද ඉහගෙන කෑම - ඉල්ලං කෑමක් බව මධුළිකා ඉදිරියේ තීක්ෂණට වැටහී තිබිය යුතුමය!
ඔබගේ බීර කතාවට මා කවියකින් පිළිතුරු දෙන්නම්!
"සුරාවේ අගයත් - එහි ඇති මනා රසයත්
බොන උතුමෝ මිසක්
නොබොන අනුවන දනෝ නොදනිත්"

ලිඛිතාAugust 11, 2019 at 9:50 PM
මේ තරම් බරසාර කොමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුතියි...
තීක්ෂණගේ චරිත ස්වභාවය මම තරමක වෑයමකින් ගොඩනගපු චරිතයක්. ස්ත්‍රීලොල් චරිත කොහොමත් සුදුවට ගොඩනගන්න බැහැ; ඊටත් වඩා අළුපාට චරිතවල අවංකකම කියන්නේ අන්ධ බිංදුව වගේ. වරෙකදී අතිශය අවංක ලෙස ඉටුකරන කාර්යයක්, තවත් වරෙකදී හුදු වන්කත්වය ; චපලත්වය ; රෝස් පරොස්බව කියන කාරනා වලින් සම්මිශ්‍රණය වුනු කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ චරිතයක් බොහොම ත්‍රිමානයි. පැතලි නැහැ. 
ලියන කෙනා කෙසේ වෙතත්, කියවන්නා තුල ඇතිකරන්නේ වෙහෙසක්. ඒ නිසා වෙන්න ඕනේ වරෙක පැතුම් කියලා තිබ්බේ මේ මනුස්සයාගේ මධුලිකා ගැන දෙගිඩියාව විකාරයක් වගෙත් දැනෙනවා කියල. 
ඒ චරිතය කොහොමද මන්දා ඔබ ඔතරම් පැහැදිලිව දකින්නේ? ඒක සෑහෙන සැකයට තුඩුදෙන වැඩක්!!
මධුලිකා ගැන මට ඇතිකරන්න අවශ්‍ය උනෙත් , ඔබ ඔය කියන ස්වභාවය වෙන්න ඇති. 
ස්වභාවයෙන්ම සංකීර්ණ චරිත වුනත්, යුවතියක වශයෙන් ඈ තුල ඒ ඒ අවස්ථා වලදී ඇතිවෙන කැළඹීම් මට හරියට ඉදිරිපත් කරන්න බැරි උනාද මන්ද. අහලා ඇතිනේ සරසවි කල්කේ? 
අන්න ඒ වගෙයි මම මධුලිකාගේ චරිතය ගොතාගෙන යන්න උත්සහ කලේ. මේ දෙන්නා ඔබ දන්නා දෙන්නේක්දෝ කියලා සැකයක් සිතෙනවා! 
එක්කෝ ඔය කදු කිනිසි පතුරොම් අස්සෙම ඉඳල ඉවට වගේ දැනෙනවත් ඇති මම මේ දත කාගෙන ලියන්න හදන දේවල්. 
උත්සහ කරනවා, අගයක් ලැබුනත් නොලැබුනත්!
විනීත කමේ ඇම ! 
ඔව් ඒක තමයි නියම වචනේ... තීක්ෂණ ඒ අතින් හොඳ දඩයම්කරුවෙක් නෙවෙයි නේද? 
නැතිනම්, (මතකද මන්දා) මුලින්ම මධුලිකාගෙන් කන පලාගන්න හදන්නේ නැහැනේ!
මොකක් උනත්, සුරාවේ තරම පෙනුනේ නැති එකනේ අරුමේ! 
උන්දා එදා ජින් බීලා උන්නේ නැතිනම්, අරෙහෙම දෙයක් කරන්නේ නෑනේ!! 
( තීක්ෂණ බය වෙලා ඉන්නේ ඒ කාරණාවට... පොඩි උනත් සතා භයානකයිනේ.. නැද්ද?)
'නොබොන අනුවන දනෝ' දනෝ නේන්නම්!

8. කඩදාසි කොලේ
232. සුහදිනියේ - 27/ සිහිනයෙන් බැස මහපොළොවට, වැදගත් හමුවක්
https://kadadasikole.blogspot.com/2019/11/232-27.html

ThattayagekolamaNovember 17, 2019 at 11:18 PM
මීට දශක ගනනාවකට පෙර ගුවන් විදුළි සංස්ථාවේ දෙවන සේවය හෙවත් වෙළෙඳ සේවය මගින් ප්‍රචාරය කරණ්නට යෙදුණු නාට්‍යයක් විය "මුවන් පැලැස්ස" නමින්.
එකල එය ලිව්වේ විකටර් මිගෙල්ය. 
එහි ප්‍රධාන චරිතය වූයේ කදිරා ය. කදිරාට හඬ කැව්වේද වික්ටර් මිගෙල්මය. 
තවත් කලක් ඇවෑමෙන් එය චිත්‍ර පටයට නැගුණි.
වසර ගනනාවක් දශක ගනනාවක් දිවුණු එම මාලා නාටකය චිත්‍ර පටයට නැගීමේදී පැහැදිලි අවසනයක් ඇවැසි විය. 
එනිසා එතෙක් දනන් හද තුල වීරාභිවන්දනයෙන් යුතුව ජිවත්වූ කදිරාව මරා දැමීමට වික්ටර් මිගෙල්ලා එකඟ විය.
එසේම ඊට කලකට පෙර එහිසිටි චරිතයක් වූ "උක්කු බණ්ඩා" ට ගේම දුන්නේද ඈත ගමක රැකියාවකට ගොස් අන්තරස්දාන කිරීමෙණි. 
එම අන්තරස්දානයට; එකල දේශපාලන හස්ථයක් මුල්වූ බව කට කතාවක් පැවතුනි.
මධුළිකා සමග ගතකල සුන්දර මොහොත ස්වප්නයක් නැතහොත් හීනයක් කලේත් එවන්ම වූ අදිසි හස්ථයකින් දැයි සිතෙන්නේ මට පමණක්මද?
මෙයට පෙර මා මෙහිම ලියා පලකල පරිදි; ඒවන විට ජන විඥ්ඥානය තුල මුල් බැසගෙන සිටි කදිරා මරා දැමීම; තනිකරම මිනී මැරීමකි.
එසේම මධුළිකා හා ගතකල සුන්දර මොහොත හීනයක් කොට දැමීම මා දකින්නේ; විහාරමහා දේවි උද්‍යාණයේ විසල් ගසකට මුවාවී සිප වැළඳ ගත් පෙම්වතුන් යුවලක්; පොලීසියෙන් පැන; ගලග්‍රහණයෙන් අල්ලා ගෙන යනවා වැනි අසාධාරණ ක්‍රියාවක් ලෙසය!
අපේ තාත්තාද එකල ඔවැනි ආතල් අපට දුන්නා මතකය. ඒ එළම සින්දුවක් රේඩියෝ එකේ යන විට මීටරේ කරකවා ප්‍රවෘථි අහන්නට පටන් ගැනීමය!

ThattayagekolamaNovember 18, 2019 at 5:51 PM

මාගේ කමෙන්ටුවේ සදොස් තැන් කිහිපයක් නිදොස් කරමි. 
උක්කු බණ්ඩා හා නාමලීගේ චරිත වලට පන පොවන ලද්දේ වොලී නානායක්කාර හා නෙතලි නානායක්කාර යන ශිල්පීන් දෙදෙනා විය. ගුවන් විදුලියෙන් නෙරපා හැරීමෙන් පසු උක්කු බණ්ඩා කළුවර ගසක් කැපූ වරදට මහ උළුගෙදරට පිටත් කොට එහිදී මියගිය බවක් පෙන්නුම් කල අතර නාමලී ඒ සොවින් දරුවාද කැටුව මහ බැද්දට වහං උනු බවක් ප්‍රචාරය කෙලේය!

9. කඩදාසි කොලේ
සුහදිනියේ : මෙතෙක් කතාව . . .
https://kadadasikole.blogspot.com/2020/01/235.html

ThattayagekolamaJanuary 27, 2020 at 7:45 AM
මම මේ කතාව මීට කලින් කොහේම හරි ලිව්වා වගේ මතකයි.
ඒත් මෙතනත් අයෙත්ම ලියන්නම්.
ඇල්බට් අයින්ස්ටයින් උන්නැහේ සාපේක්ෂතාවාදයද මොකද්ද අටමගලෙ හොයා ගත්ත එකට එයාගෙ මිතුරියක් හෙවත් ගෑනු යාළුවෙක් පොඩි පාටියක් දුන්නලු.
ඉතින් මේ පාටියේදි ඒ ගෑනු යාළුවා දෙකක් දාගෙන හිටිය ඇල්බට් අයියා ගාවට සෙටමෝල් වෙලා ඇහුවලු " ඇත්තටම මොකද්ද අනේ ඔයා හොයාගත්තෙ? කනදෙයක්ද?" කියලා.
ඇල්බට් අයියටත් වැඩේට ලාවට මල පැනලා එයා කිව්වලු "අනේ නෝනෙ මං හොයා ගත්තේ කන දෙයක් වත් නැතිවුනු දෙයක් වත් නෙවෙයි; මං මෙච්චර කට්ට කාලා හොයා ගත්තෙ 'සාපේක්ෂතා වාදය' කියලා; මට ඇරෙණ්න මෙලෝ එකෙකුට තෙරෙණ්නෙ නැති මල දානයක්!"කියලා.
"අනේ ඇල්බො මටත් කියහංකො ඒ මොකක්ද කියලා" අර ගෑනු යාළුවත් ඕනැනැති ඇඟෑළුම් කමක් පාමින් තොදොල් උනාළු නිකං පීරිසිය උඩ තියපු ජෙලි කෑල්ල වගේ.
ඇල්බා කල්පණා කලාලු මටවත් මේක හරියට තේරෙණ්නේ නැති එකේ මේ මෝඩ වාහෙට මේක කියලා දෙන්නේ කොහොමද කියලා.
මෙහෙම හිතා බලමින් ඉන්න කොට ඇල්බට්ට ආවාලු හොඳ අයිඩියා එකක්.
එයා අර උඩැක්කිය ළඟට කිට්ටු කරලා කිව්වලු මෙහෙම:
"ඕන්න බුවාලා දෙන්නෙක් ගමනක් ගියාළු පට්ට පෑවිල්ලේ. මේ බුවාල ද්න්නගෙන් එකෙක් උපන් ගෙයි පොට්ට මල හත්තිලව්වක්ලු!
මෙහෙම දාඩිය පොල්ල දාගෙන යන ගමන්; එකෙක් අර පොට්ටයා දිහා බලලා කිව්වලු 'මෂං උක්කු ටිකක් බිව්වානම් එළම එළ! නෙ?' කියලා.
උගේ කරුමක්කාර කමට අර පොට්ටයා ජීවිතේට උක්කු තියා මුරුක්කු වත් බීලා කාලා නැති මෙලෝ රහක් නැති අපතයෙක්ලු. 
ඌ ඒ කියන්නෙ පොට්ටයා ගත් කටටම අනිත් පැත්තට ඇහුවාලු 'අම්මට සිරි උක්කු!?!?!? ඒ මොනාද බං?' කියලා.
අරූට 'අනේ!?' කියලා හිතිලා ; ඒත් උත්තරයක් දෙන්න ඌන හින්ද කිව්වලු 'යකෝ උක්කු කියන්නේ සුදු පාට වතුර ජාතියක්නෙ!?' කියලා.
ඒ සැරේ පොට්ටයා අහනවාලු අනිත් එකාගෙන් 'අනේ බුවා මම වතුර කියන එකනම් දන්නවා! ඒත් මොකද්ද මච්චාං සුදු පාට කියන්නේ!?' කියලා.
අරූට මල් හතයි එකයි අටයිලු! 
ඊට පස්සෙ ඌ කිව්වළු 'යකෝ සුදු පාට කියන්නෙ කොකාගෙ පාටනෙ!' කියලා. 'කොකා එආ මොකාද බං ඒ?'
දැන් අරූට මේ කොහෙවත් නැති උක්කුවක් ගැන කියපු මෝඩකම කියලා හිතිලා අනිත් එකා හෙවත් පොට්ටයාට කිට්ටු කරලා උගේ එක අතක් අරණ් ඔරලෝසුව බඳින තැනින් කොක්ක වගේ නවලා කිව්වාලු 'බූරුවො කොකා කියන්නේ මෙන්න මේ වගේ එකෙක් යකෝ!' කියලා.
ආන්න ඒ පාර අර අන්ධ බුවා අනිත් අතින් නැමුණු අත අතගාලා බලලා කිව්වලු 'අම්මට හුඩු දැං මං දන්නවා උක්කු කියන්නේ මොනාද කියලා! අනේ රොම්බ තෑන්ක්ස් බුවා!' කියලා.
අනේ ඒ වගේ තමයි මං ඔයාට සාපේක්ෂතා මංගල්ලෙ ඔයාට කියලා දෙන්න ගියානම් වෙන්නේ කියලා ඇල්බට් ලොක්කා අතේ තිබ්බ අසෝක වීදුරුවෙ තිබ්බ සංස්ථා ගල් අරක්කු ටික උගුරට හලා ගත්තාලු!

ඉතින් අපි වගේ ඇඟ පුරා මොලේ තියෙන උන්නාන්සෙලාට ඔබ තුමීගේ දාසය පට්ටං හතර බීරි කතාංගය යාන්තමින් වත් තෙරුම් යන්න මෙහෙම ජාතක කථාව දැම්ම එකටනම් එකසිය ගානට ටැං කිව්ය.
ඒත් ඒ අවසේස, අනුසේස, චරිත වලත් නම ගම දැම්මානං ටැංකිව් වෙරිමච් කියන්නට තිබුනේය.
කොහොමත් ජාතකය දැම්මේ හොඳ වෙලාවටය.
මම මේක කියවන කල් හිතාන හිටියේ මධුලිකා කියන්නේ තීක්ෂණ ගොයියාගේ පුංචි අම්මා කියාය.

තව ඩිංගෙන් මල මගුලකි!

10.






http://awidda-paya.blogspot.com/2020/04/are-you-adult-with-dirty-mind.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FDxLND+%28%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+......%29

ඔබත් දූෂිත මනසක් ඇති වැඩිහිටියෙක්ද ? ...... Are you an adult with a Dirty Mind ......?

ThattayagekolamaApril 03, 2020 11:51 PM
අතිශය සුන්දර කථාවක්!

1. දිනක් මම මගේ පුතා අසන ලද ලිංගික අවයව ගැන ප්‍රශ්නයකට සාධාරණ සරල පිළිතුරක් දෙමින් විය. 
මේ වන විට දරුවා එක නැත්නම් දෙක ශ්‍රේණියේ විය යුතුය!
"එහෙම තමයි පුතා පිරිමින්ගෙයි ගැහැනුන් ගෙයි චූ කරණ එකේ පොඩි වෙනසක් තියෙනවා!" මම ඔහුගේ කුහුල යම් පමණකට සංසිඳුවූයෙමි.
"තාත්තේ ලොකු ගැහැනු අයගේ එතන කෙස් තියෙනවා නේද?" ඔහු මගෙන් පෙරළා ඇසූ පැනයෙන් මා සිටි තැන අමතක වුනෙමි. 
මා ඊළඟට ඔහුගෙන් එක වර ඇසූවේ
"ඔයා කොහොමද ඒක දන්නේ?" කියාය. මා පැනය විමසූ දැඩි බව නිසාම ඔහු නිරුත්තර වූ අතර කිසි ලෙසකින් එයට පිළිතුරක් ලබා ගැනීමට මා අපොහොසත් උනෙමි.

2. ඔහු වයසින් මුහුකුරා යද්දී ගිටාර් වාදනය ඉගැනීම සඳහා ප්ංතියකට ගියේය. ඒ ඔහු උසස්පෙළ ලියා නිවාඩු පාඩුව ගෙදර ඉන්නා කාලයේදීය. දිනක් ඔහු මාහට දූරකථනයෙන් අමතා "තාත්තේ මට ත්‍රී වීල් එකක් එවන්නකෝ ගිටාර් ක්ලාස් යන්න පාරට යන්න!" යැයි පැවසීය. 
මාගේ නිවස පිහිටියේ බස් පාරෙන් කිලෝමූටර තුනක් ඔබ්බෙන්ය.
"ඉතිං පයිං යන්න!" මගේ පිළිතුර විය.
"ගිටාර් එක අතේ අරං යන්න පුළුවංද?" ඔහු චෝදනා මුඛයෙන් ඇසුවේය.
"මේ පුතේ! උඹට ගිටාර් එක පාරෙ අරං යන්න ලැජ්ජයි නම් ඔයා කොහොමද ඕක කවදා හරි කවුරුවත් ඉස්සරහ ගහන්නේ? මතක තියා ගන්නවා; ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන ලැජ්ජ එකාට කවදාවත් ගෑනියෙක් ඉස්සරහ කලිසම ගලවන්න බැරි වග!! යන්න පයිං!!!"
කොල්ලා එදා ඉඳන් ගිටාරය අරණ් පයින්ම වැඩියේය.

3.කොල්ලා වැඩිදුර අධ්‍යාපනය සඳහා කැන්ගරු දේශයට මීට වසර තුනකට පෙර පියෑඹුවේය. මම ඌට අවවාද දෙකක් දුන්නේය. පලමුවැන්න: "පුතේ ඔයාට එහේදී බොන්න හිතෙන්න පුළුවං! ඒත් මම කැමතියි ඔයා ජීවිතේ පලවෙනි ඩ්‍රින්ක් එක මාත් එක්ක ගන්නවා නම්. 
අපි ඒක ඔයාගෙ කොන්වොකේශන් එකට ආවාම කරමු!" (යන්නට හිටියේ මේ ජුලි මාසයේය! කොරෝණා ඊට හරස් වී ඇත!!) 
දෙවැන්න: මම ඔයාට සෙක්ස් කරණ්න එපා කියන්නේ නෑ. නමුත් මොන විදියකින්වත් කොන්ඩම් එක අමතක කරණ්න එපා!" ඌ මොනවා කර ගත්තා දැයිමා නොදනිමි.

4. තවත් එකක් මේකටම ලියන්නම්. කොහොමද දන්නවාද මම උගේ ෆුට් බෝඩ් යන වැඩේ නැවැත්තුවේ. "පුතේ ෆුට්බෝඩ් යන එක මාර ආතල් වැඩක්. මමත් ඉස්සර හරි ආසයි. කොටින්ම මම දැනුත් ආසයි. 
ඒත් ජීවිතේ තව කරණ්න කොයි තරම් දේවල් නම් තියෙනවාද? ෆෝවීල් ඩ්‍රයිව් එකක් ගන්න, ඩයිවින් කරණ්න, කයාකින් කෑම්පින් කරණ්න, කඳු උඩ නගින්න, සිංදු අහන්න, කෙල්ලෙක් යාළු කරගන්න, කසාද බඳින්න, මම වගේ දරුවෙක් දෙන්නෙක් හදන්න ඔය වගේ කොයි තරම් ආතල් වැඩ ටිකක් ඉතිරි වෙලා තියෙනවාද? ෆුට්බෝඩ් එකට බහින කොටම ඒ ඉතුරු ටික මතක් වෙන්න ඕනෙ! මොකද එක ආතල් එකක් ගන්න ගිහින් මලොත් තව කීයක් නම් මිස් වෙනවාද?" 
කොල්ලා කිසි දිනෙක ෆුට් බෝඩ් ගියේ නැත.

කෙල්ල ගැනත් මේ වගේම ලියන්න එමට දේ ඇත. කෙසේ උනත් ඔබ එකඟ උනත් නැතත් මා මා නිමකල මෝල්ඩ් එකේ වැක්කෙරුවෙමි. 
ඒ මාගේ මෝල්ඩ් එක නම් නොවේ. 
මොකද අපි මොන දේ කිව්වත් හදන එකා අන්තිමට වැඩකට නැති උන එකෙක් උනොත් අපිට අතීතයට ගොස් නිවැරදි කරණ්නට නොහැක. 
එනිසා හැදෙන වයසේදී හොඳින් හැදෙන්නට අත හරින්නට නම් හදන වයසේදී සුපිරියටම හැදිය යුතුය! (
මම වැඩිය කමෙන්ට්ස් නොදාන්න හේතුව පේනවා නේද?)

සුදීකApril 10, 2020 7:36 AM
උඹනම් මාර තාත්තා කෙනෙක් !!!! පොඩි කාලේ ඉඳන් පොඩි එවුන් එක්ක හැමදේම කථා කරන සංස්කෘතියක් ඇති කර ගන්න එක සෑහෙන වැදගත්. මට ඉන්නේ දියණියක්. 
අනික මම සිංගල් ෆාදර් නිසා මට බොහෝ දේ එයත් එක්ක කථා කරන්න වෙනවා. 
නමුත් කෙල්ලෝ උපතින්ම ලජ්ජාශීලී නිසා අඩුවෙන් පුද්ගලික දේවල් කථා කරන්නේ.
තවත් මගේ යාලුවෙක් හිටියා. 
අපි දෙන්නම ලංකාවේ තිබුණ යොවුන් ආසියානු කුසලානයක කණ්ඩාම් භාර නිලධාරීන් වශයෙන් ඒ කණ්ඩායම සමග හෝටලයේ රැඳී හිටියා. 
ඔහුගේ දියණිය අමෙරිකාවේ ඉඳන් නිවාඩුවට ඇවිත් හිටියෙත් මේ කාළයේ. 
ඉතිං ඇය පියා එක්ක ඉන්න ඕනේ නිසා මේ කාමරයේ හිටියා. 
නමුත් ඔහු තමන්ගේ කණ්ඩායම සමග පිටවී යනවා. ඉන් පස්සේ දියණිය අපත් සමග ඉන්නේ. 
යන ගමන් ඔහු අපිට පොඩ්ඩක් මතක් කරනවා දියණිය ඉන්නා බව. 
සමහර දවස් වලට ඒ දුව ආපසු එන්නේ රෑ දෙකට තුනට, බොහෝ විට දොර අරින්නේ මම. දවසක් මම ඔහුව තනියම මුණගැසුණු මොහොතක කොහොමද හිත හදාගන්නේ කියළා ඇහුවා. 
ඔහු කියා සිටියේ "එයා ඉන්නේ යුඑස් වල. ඉතිං වැරද්දක් කරනවානම් එහෙදි කරන්න පුළුවන්. මෙහෙදී යන්නේ යාලුවොත් එක්ක ඉන්න. 
මම ඒවාට බාධාවල් දාන්න යන්නේ නෑ". 
මා දැක්කේ ඔහුත් ඔබත් එකම මට්ටමේ පියවරුන් විදියට.





23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...