Saturday, October 7, 2023

217. තට්ටයාගේ දිනපොත . . 1 ( ශනිදා දහයට I)

මගේ නමින්ම දින පොතක් ලියැවුනේ ලක්බිම පත්තරේ රිද්ම සප්ලිමන්ට් එකට.ඒක යම් ආකාරයක තීරු ලිපියක් වගේ එකක්. අනේ කියන්න සංතෝසයි පිංවතුනි අද වෙන කොට එක පත්තර තීරුවක් වත් නැහැ. පසු ගිය මගේ වික්ටර් රත්නායක පිළිබඳ ලිපිය පල වීමත් සමග මේ දින පොත මතක් කරලා තිබුනා. බලමු ලියන්න. ඒකාලේ තිබුනු රිද්මය නැති නිසා වැඩේට පොඩි අලුත් මුහුණු වරක් දෙන්නම්!

1.    අද දවසත් නොම්මර එකට වැස්ස! හිට ගෙන බොහෝ පවිත්‍රතා කටයුතු කරණ්න පුළුවන් තත්වයක් තිබුනේ. උදේම ඇඳේ ඉඳන් ලෝකය දිහාට එබිලා බලන කොට මාර්ග අනතුරු පෝලිමක්. ඒකේ සුපිරිම එක වෙලා තිබුනේ කොල්ලුපිටියේ . ගහක් කඩන් වැටිලා සීටීබී බස් එකක් උඩට!

මේ ගැන ෆේස් බුක් එකේ එක කථාවයි.

දැන් මේ සීන් එකට මැද්දට සෙට් වෙලා තියෙන්නේ පරිසරවේදියන්ව!

"මේ ගහ අයිං කරණ්න ගියානං බලන්න තිබුනා පරිසර වේදියෝයි දෙවානියි මෙතන රඟන රැඟිල්ල!' ඔන්න එකෙක්ගේ අදහස!


"සිංගප්පූරුවේ පාර අද්දර ගස් මිලියන 2.9ක් ඇත!" එකෙක් දීලා තිබුනා ඒ ගැන හොඳ පිළිතුරක්. තවත් එකෙක් කියලා තිබ්බා නගර සභාව, UDA, RDA එකේ වගේ ආයතන වල මේ ගස් ගැනම බලන්න පඩි දීලා ඉන්න එවුං ගැන කියලා තිබ්බා. 

ඇමති කියලා තිබ්බේ අනතුරු දායක ගස් සියල්ල ඉවත් කරණවා කියලා.

අනේ අපරාදෙ කියන්න ගෙවල් ටිකකට ගෘහ භාන්ඩ, වහල ලී, ආදිය ලැබෙන තවත් එක් පිං කමක ආරම්භයක් වෙයි වගේ.


2.   පහුගිය දවස් ටිකේ වාහන වලට ආදායම් බලපත්‍ර ලබා දීම නවතා තිබුනා. අහන අහන එකා කිව්වේ සිස්ටම් අවුලක් කියලා. ඒක හරියට ලෙඩ්ඩු මැරෙන්න හේතුව "විෂ බීජයක් ශරීර ගත වෙලා!" කියනවා වගේම සරල සුගම පිළිතුරක්.

අද වැඩේ පටං අරං කියලා ආරංචියකට යාලුවෙක්ගේ වැඩකට එල්ලිලා ගියා.

වෙනදට වඩා හැම බලපත්‍රයම ගනං ගිහිල්ලා. 

එතන කවුලුව ළඟ පොඩි ලෑලි කෑල්ලක්වත් නෑ අරං තියෙන කොල ටික තියාගන්න.

"මෙතනට ඔය ජනෙල් පියනක් වත් ගලෝලා ඇනයක් ගහන්නකෝ; ගෙනාපු කොල ටික තේරුම් බේරුම් කරගන්න වත් බෑනේ!" දෙකට නමපු ෆයිල් එකක් දෙපරැන්දේ ගහගෙන අත් දෙකේ දුං සහතිකයයි පරන ලයිසන් එකයි අල්ලගෙන හිටපු බුවෙක් ලෙඩේ ඇද්දා!

ඇත්තටම ඒක නික උන්මාද චිත්‍රා ගේ සීමැදුරු කවුළුව වගේ තමයි!

"කවුද දන්නේ නෑ මේ XXXට ආදායම් බලපත්තරේ කියලා නම දාපු එකා? කොට කලිසමක් ඇඳන් පෝලිමේ ඉස්සරහ හිටමු එකෙක් සද්දෙන් ඇහුවා!

"හරි බං ඔය නම දාලා තියෙන්නේ ආණ්ඩුවෙන්නේ! අපිට වියදමක් උනාට උංට ඒක ආදායමක් නේ! පෝලිමේ පිටිපස්සෙ හිටපු එකෙක් හීනියට කියලා දැම්මා!


3.   කුරුණෑගල ගියා. යනකොට ගිය සීටීබී බස් එකේ ටිකට් එක රුපියල් 310 යි. එනකොට ආවේ වවුනියාවේ ඉඳන් එන ඩී එස් ගුණසේකර බස් එකක. ඒකෙ ටිකට් එක 428යි. 

"ඇයි මේ ගනං දෙකක්!?"

"ගනං දෙකක් තමයි!"

මම එහෙම අහන කොට ළඟ හිටපු අහිංසක දෙමල සහෝදරෙයෙක් මගේ අතේ ටිකට් දෙකක් ගුලි කලා. 

යනකොට සීටීබී එකේ ටිකට් එක 550යි. මේ බස් එකේ 1210!

බස් එකේ කට කපලා සෙනග.

"එකම දුර දුවන ආණ්ඩුවේ බස් එකෙයි ප්‍රයිවෙට් බසෙකෙයි ගාස්තුව සමාන කරගන්න බැරි එවුං කොහොමද රටක් පාලනය කරණ්නේ?"  ළඟ හිටපු තලතුනා මහත්තයෙක් මගේ කණට කිව්වා!


4.  දුම් රිය නියාමක වර්ජනයක්!

හේතුව එකෙක් තවත් එකෙකුට ගහලා!!

ගහන්න හේතුව තහනම් ස්ථානයක සිගරට් එකක් බීම!!!

ප්‍රථිඵලය:- දෙනෝ දාහක් දෙනා හට තමන්ගේ සුපුරුදු ගමනා ගමන ක්‍රම වේදය නැතිවී මහ මග අතරමං වීමට සිදුවීම.

යකෝ මේවද බං වෘත්තීය ක්‍රියා මාර්ග කියන්නේ?

මේවා විකුණලා දාන්න; සාමාන්‍ය මිනිසුන් තුලම උවමනාවක් ඇතිකිරීමට කරණ දේවල්ද මංදා!?

අපරාදෙ "කූඹියෝ" පෙන්නුවේ.


5.   මේ ළඟදි අපේ ගෙවල් ගාව ඉන්න තිලක්කයියා මගෙන් ඇහුවා  "මල්ලි ඔයා දන්නවද අර මාග්‍රට් තැචර්ගේ  XX කථාව?" කියලා!

(XX කිව්වේ අධෝ වාතයට! කියන අපේ කටට හුරු නාම පදය!)

මම කිව්වා නෑනේ කියලා! 

"එහෙනං ඔන්න අහගන්නකෝ!" කියලා එයා කථාව පටං ගත්තා.

"ඔන්න ඒන්ගලන්තෙ කාලෙකට සැරයක් පවත්වනවානේ පොදු රාජ්ජ මණ්ඩලේ ණය දෙන සීන් එක?

ඉතිං ඒක පවත්වපු එක දවසක් ඒකේ මූලාසනේ හිටියේ මාගරට් තැචර්ලු. පොදු රජ්ජ මණඩලේ කිව්වාම එන්ගලන්තේට යටත්වෙලා හිටිය රටවල් වල කට්ටියනේ ඉන්නේ. ඉතිං ඉන්දියාවෙන්  . . කව්ද අර බෝම්බෙන් මලේ . . ?"

"රජීව් ගාන්දි!"

"ආන්න හරි පොරයි පකිස්තානෙ සියා උල් හකුයි තව බංගලිදෙසෙන් අර කොට පොර  . . කවුද?"

"අයියේ ඌ බංගලියෙක් නෙවේ! ඒ කොට පොර අබ්දූල් ගයූම්ද කවුද හිටියේ මාලදිවයිනෙ!"

"හරි හරි ඔන්න ඔය වගේ කට්ටිය මේසේ වටේ වාඩිවේලා ඉන්න කොට අපේ තැචර්ට ඊයේ රෑ කාපු මගුලක් අප්සට් වෙලා XXයක් යන්න සෙට් උනාලු! ඉතින් මෙයා කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදලා හදලා බැරිම පාර පලාතම ගඳ ගහගෙන  දෙදෙරවගෙන වැඩේ කෙරුනලු! දැන් පලාතම ගඳ එකයිලු! 

ඒත් කට්ටිය මුකුත් උනේ නෑ වගේ ඉන්නකොට රජීව ගාන්දි නැගිටලා ඔලුව පාත් කරලා කිව්වලු 'ඒ වෙච්ච සීන් එක මම භාර ගන්නවා! මට සමා වෙන්න.' කියලා. අම්මට හුඩු තැචර්ට ආතල් කෝටියලු. එයා සීට් එකෙන් නැගිටල කිව්වලු 'අපගේ ආධාර යෝජනා ක්‍රමය යටතේ; පලමු පියවර විදියට; අපගේ ආදරණීය ඉන්දියාවට පවුං කෝටියක් ලබා දෙනවා' කියලා!

දැන් මෙහෙම කථාව යන අතරේ තැචර්ගේ බඩ ආයෙමත් කචල්ලු. දෙවෙනි වරත් ඒ ආනිසංසෙමලු. ඒ පාර සියා උල් හක් නැගිටලා බාර ගත්තලු.  තැචර් නොනා නැගිටලා පොඩි කයිවාරුවක් ගහලා පකිස්තානෙට පවුං ලක්ෂ පනහක් දුන්නලු!

ආයෙමත් සාක්ච්ඡාවලු!

දැන් ඔහොම සීන් එක යනකොට අපෙන් ගිය ප්‍රේමයා කල්පණා කරණවලු මෙහෙම! 'දැන් ඊළඟට යන එක අබ්දූල් ගයුම් බාර ගනී. ඊලඟ එක බංගලි දේසෙන් ගනී. ඔහොම ඔහොම යන්න යන්න ආධාරෙත් අඩුවෙලා මට මොනවත් ගන්න බැරි උනොත් අපේ ජෙප්පො ටික කියයි අඩු ගානේ XXයක් වත් බාරගන්න් බැරි එකෙක් කියලා! ඒ හින්දා ඉක්මනට හොඳ වැඩක් කරණ්න ඕන!' කියලා හිතලා අපේ බුවා අත ඉස්සුවලු 

එක්ස්කියුස් මී' කියාගෙන!

තැචර් කථාව නැවැත්තුවලු. දං කට්ටියම අපේ පොර දිහා බලාන ඉන්නවලු!

'යර්ස් මිස්ට ප්‍රේමදාස?' තැචර් නෝනා ඇහුවලු!

'සමාවෙන්න! ඔන්න කවුරුත් පනින්න එපා ඊලඟට තැචර් නෝනට යන XX මම බාර ගන්නවා!' කියලා අපේ පොර ආඩම්බරෙන් වටපිට බලලා වාඩි උනාලු.

ඒ එක්කම කතාව පටන්ගත්තු තැචර්; 'මේ ලංකාව කියන රටේ මානව හිමිකම් කේස් වැඩියි කියලා දීලා තිබුනු ආධාර ටිකත් කපලා දැම්මලු!' ඔන්න මල්ලී කතාව !  දැන් ඔයා දන්නවද ඔය වැඩේම මේ ලඟදි උනා?

"ඒ කාටද?'

"ඇයි ඒකමනේ අර පුත්තලං බූරුවා පොඩි සිංහට කලේ? අරූ; මම ගත්තෙම නෑ! මම දන්නේම නෑ!! කියලා පර සක්කල ගහලා කියාගෙනම ඉන්නකොට මූනේ ජන මාද්දෙත් එකතු කරගෙන; 

'මම පොඩි සිංහ ගේ හිග බිල ගෙව්වා!' කිව්වේ?

පොඩිසිංහ; පුත්තලංට ' තොගෙ . . . . . ! ' කියලා අමතන්න ඇතිනේ!?




44 comments:

  1. මේ වැඩේ හැම සෙනසුරාද ම කරල බලමු...

    ReplyDelete
  2. තැචර් ගෙ කතාව මං අහල තිබුණෙ ප්රේමදාසගෙ කතාවක් හැටියට. එතන වගකීම් බාර ගන්නෙ හඩ්ඩයි ඒ ජේ රණසිංහයි. ඒ උනාට මේක වැඩිය හොඳයි.

    ReplyDelete
  3. තැචර්ට හොඳට ම කෙලින්නෙ නොට් ද නයින් ඔ ක්ලොක් නිවුස්...
    https://youtu.be/kByzfK2bLvo?si=NkZC3l20IG6PBGM_

    ReplyDelete
  4. ශනිදා දහයට...ඒකත් මරු..දැන් තව කවුද පෝස්ට් දාලා තීන්නේ මේ වෙලාවට

    ReplyDelete
    Replies
    1. 🙋‍♂️
      https://drackey.blogspot.com/2023/10/blog-post_7.html

      Delete
    2. https://kolompure.blogspot.com/2023/10/blog-post.html

      Delete
    3. සොඳුරුට!: එන සතියේ "ශනිදා දහයට" ඔයත් එන්න!~ නැත්නම් දන්නවානේ තැපෑලේ ඒව්න්නේ එළිසමයක්!

      Delete
    4. හරේ..ලියමු ලියමු.ඔන්න ඔහෙ.පුලුවන් උනොත් .😜

      Delete
    5. මගුලක් කියනවා! "ඔන්න ඔහේ නෙවෙයි!" එකෙන්ම ඔයා ලියන්නෝන!

      Delete
  5. චැතර් නෝනා තමයි හොදටම කලේ. අපරාදේ ප්‍රේමදාස මහත්තයා ඉක්මන් උනා වැඩියි ද මන්ද. ඉක්මන් කොටයි කියලා මේ හාදයාට කවුරුවත් කියලා දීලා තිබුන නැති හැටි අප්පා.

    ReplyDelete
    Replies
    1. තැචර් නෝනා කරපු එකේ දිගුව තමයි අපේ විරුවා කලේ! ස්තූතියි!

      Delete
    2. මේ දිනවල මම දමන කොමෙන්ටු කාටවත් හොයා ගන්න බැරිවෙලා. මෙච්චර හොද නමක් තියෙද්දී මේ බ්ලොග් මාස්ටර මට වෙන නමක් දමලානේ. Anonymous කියලා. කොහොම උනත් ඒ ත් මමම තමයි ඈ.

      Delete
  6. පුට්ටලම් බූරුවා සල්ලී ගෙව්වා කියන්නේ පොඩි සිංහගේ ගෑණිව අරන් ලු...

    ReplyDelete
    Replies
    1. තැචර් නෝනා කරපු එකේ දිගුව තමයි අපේ විරුවා කලේ! ස්තූතියි!

      Delete
  7. නව සංකල්ප ගෙන, නව පණ ලබා දෙමින්
    Blog ලිපි ලියනවා කදිමයි, දිගටම යං!

    ReplyDelete
    Replies
    1. ඔයාව හෙව්වා වැඩේට අල්ල ගන්න! එන සතියේ සෙට් වෙමු! - තට්ටයා

      Delete
  8. අන්තිම එක මරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එන සතියේ සෙන සුරාදා දහයට හමුවෙමු! - තට්ටයා

      Delete
  9. අපූරු උපහාසාත්මක රචනයක්. ලක්බිම කියන්නේ අනෙකුත් පුවත්පත් වලට සාපේක්ෂව මදක් ඉදිරියෙන් තිබුන පත්තරයක්. (අයිතිකාරයා කොහොම උනත්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එන සතියේ සෙට් වෙමු සෙනසුරාදා රෑ 10 ට!

      Delete
  10. අණ්ඩ කඩන් අණ්ඩර්වේයාර් අණ්ඩර්කොම්පෙශන් වෙලා ඉන්න රවි උත්තමයාට පැවසුවේ නැද්ද ශනිදා දහයට එක්වෙන්න කියා..

    ReplyDelete
    Replies
    1. කිව්වා බං කිව්වා! එයාට රෙද්දෙ මැච් එකක් තියෙනවා කිව්වා බලන්න! වඳින්න විතරයි බැරි උනේ!

      Delete
  11. ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

    පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

    පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය සමග ඊශ්‍රායිල ව්‍යප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින්ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. ඒ අනුව පක්ෂ සන්නද්ධ කාඩර්වරුන් ගාසා තීරය වෙත නික්ම යෑම ආරම්භ කොට ඇත. හමාස් විමුක්ති සටන්කාමින් සමග එක්කාසුව සටන් වදිනු ඇත. අප හිතවත් හිස්බුල්ලා සංවිධානයද සිය සන්නද්ධ කාඩර්වරුන් ඊශ්‍රායිලයට එරෙහිව සටන් කිරීමට ඒවා ඇත.

    'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක්ද ඒ සමග පැවැත්වුණි. ඔවුන්ද සිය කාඩර්වරුන් ගාසා තීරයට එවමින් පවතී. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද හමාස් විමුක්ති සංවිධානයට ලැබීමට නියමිතය.

    විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම අප පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන්ද ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

    ඒ අනුව හමාස් සංවිධානය සමග පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය, හිස්බුල්ලා සංවිධානය, කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්, චෙච්නියානු ගරිල්ලා සංවිධානය, අයර්ලන්ත ගරිල්ලා සංවිධානය, විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් එකතුව ඊශ්‍රායිල කුලී හමුදාවට පහර දී ගාසා තීරයේ සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

    සියලුම ඊශ්‍රායිල ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

    ඒකාධිපති ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

    සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
    Replies
    1. එක පැත්තක් ගන්න බැරුව ඉන්නේ? - තට්ටයා

      Delete
  12. රෑ දහයට හොල්මනකට ඩ්‍රැකිය බයවුනා වගේ තමයි මේ පෝස්ට් සීන් එකත්. හැක්..

    ලක්බිම කියන්නෙ ඒ කාලෙ මම ආසාවෙන්ම බලපු පත්තරයක්. ඒත් අන්තිමේ ඒක පජාත වෙලාම ගියා.
    මේ බ්ලොග් සීන්ස් එකත් මිනිස්සු අතර ප්‍රචාරනය කලෙත් ලක්බිම තමයි.

    ReplyDelete
    Replies
    1. උඹලා තමයි අපේ ගමනට දිරිය දෙන්නේ! ජයවේවා!

      Delete
  13. මේක නියමයි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බස්සා අපේ සමහර අයගේ බ්ලොග් වලට යන්න බැරි සීන් වගයක් තියෙනවා.
      බැරිද ටෙක්නිකල් සපෝර්ට් එකක් දෙන්න? - තට්ටයා

      Delete
  14. ආං කටුස්සත් ලියල

    https://katusuhadawatha.blogspot.com/2023/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔය ඌ ඊයේ 10 ට දාන්න හිතං හිටිය එක! - තට්ටයා

      Delete
  15. මරැ. වැඩේ නියමයි!
    බස් එකේ වැඩේනම් මටත් වෙලා තියෙනව.
    ඒ දුර දුවන බස්එකක ලග තැනකට යද්දි. ඒත් සල්ලි වලට වැඩිය වෙලාව මසුරන් නිසා... වැඩියෙන් කියක් හරි දිල යනව

    ReplyDelete
    Replies
    1. මල්ලි ලබන සෙනසුරාදා 10ට පෝස්ට් එකක් දාන්න ලෑස්ති වෙයන්! දුර බස් සීන් එක පස්සෙ බලමු!

      Delete
  16. මංජුල , හරිම හොද වැඩක් . මම කොහොමත් මගේ සතිපතා සටහන සෙනසුරාදා උදේට වැටෙන විදිහට තමයි සුදානම් කරලා තියෙන්නෙ. මමත් වෙලාව වෙනස් කරන්නම් . ඉඩ තියෙන විදිහට ලියල සෙනසුරාදාට පල කරනවා. ඔබේ අදහස වැදගත් වෙන්නෙ ඒ හින්ද බ්ලොග් රචකයින්ට හැම සතියෙම යමක් ලියන්න හිතෙන හින්දයි. ඔබේ තීරු ලිපි සටහන් හරිම රසවත් . එක හුස්මට කියවන්න පුළුවන්. දිගටම ලියන්න. සෙනසුරාදා බ්ලොග් ගමනට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ!~

      Delete
  17. //ශනිදා දහයට// විස්තර දැන ගන්න කැමැතියි, ඒ ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මගා විස්තරයක් නම් නෑ.
      අපි කීප දෙනෙක් කතා කර ගත්තා සෑම සෙනසුරාදාම රාත්‍රී 10ට බ්ලොග් පෝස්ට් එකක් ලියමු කියලා!
      ඉස්සර තිබිලා තියෙනවා "බ්ලොග් මැරතන්" කියලා එකක්.
      මේක ඒ වගේම එකක්.

      ඔයාටත් ඊට එකතුවෙන්න කියලා ආරාධනා කරණවා.
      පුළුවන්නම් ඔයාගේ බ්ලොග් පෝස්ට් එකේ මාතෘකාව ඉදිරියෙන් "(ශනිදා දහයට!)" කියලා ලියන්න!
      .ස්තූතියි!

      Delete
    2. බොහෝම ස්තුතියි, ඔව් සහබාගී වෙනවා. සතුටුයි බ්ලොග් ආයේ පුබුදුවන්න පුලුවන් වැඩක්. අපේ සිංහල බ්ලොග් වලට ලස්සන අතීතයක් තිබුණා. මේ මැරතනය දුවන්නේ 2010 ඉඳන්.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...