Showing posts with label මියැසිය. Show all posts
Showing posts with label මියැසිය. Show all posts

Saturday, January 8, 2022

226. ප්‍රේමණීය වියෝව . . !


ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ බොහෝ විරහ ගීත ලියැවී තිබුනත් එක් ගීතයක් මගේ හදවතේ ගැඹුරුම තැනක පසු ගියදා තැන් පත් විය!

එම ගීතයේ ඇති විශේෂතා ගනනාවකි. ඔහුගේ පෙම්වතිය හෝ බිරිඳ ගේ සිත වෙනතක බැඳී ගිහින්ය! ඔහු ඊට සාප නොකරයි. ඇයගේ පැතුම එලෙසින්ම ඉටු වේවායි ඔහු ගීතය පුරාවට ප්‍රාර්ථනා කරයි.

මා ඔබ වෙනුවෙන් ගැයූ ගීත ඔබට අමතකව ගියාවේ - යලි කිසිදු දිනෙක නොඇසෙන්නට! ඔහු ප්‍රාර්ථනා කරයි.

මේ සුන්දර ගීතය: ඔබ මෙන්ම මාද  බොහෝ වාර ගනනාවක් අසා ඇති මුත් එහි ඇති සුවිශේෂීත්වය විප්‍රයෝඝය දැනෙන්නටවුනේ මීට දින කිහිපයකට පෙරදීයි!

"ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා

යළි ඔබ සවනේ නොරැඳී නොගැටී

සුළඟේ මිලින උනාවේ . . . . // "

තවදුරටත් මා ගැන මතකය ඔබට ගැටළුවක් නොවිය යුතුය! 

මෙම හැඟීම අදහස පිළිබඳව ලියැවුනු ගීත රාශියක් සිංහල ගීත වංශාවලීය පිරිමැදීමේදී අපට හමුවේ. ජෝති ගයන "කොතැනක සිටියත් ඔබ මෙලොවේ",
අමරසිරි පීරිස් ගයන "හන්තානෙට පායන සඳ . ." 
අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගයන "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ .  " ආදී ගීත කිහිපයක් මෙම හැඟීම උද්දීපනය කරමින් ලයා ගීතවත්වී ගැයී ඇති බව පෙනේ.  ඒ ගීත හා මේ ගීතය අතර මා දකින හා මාහට දැනුනු සුවිශේෂී කරුණු කිහිපයක් වේ.
 "රෑ පැල් රකින කුරහන්  . . " ගීතයේ තරුණයා ගැමි ගොවි තරුණයෙකි. ඔහු ඔහු ගේ ගායනාව පුරාවටම තමාගේ බලාපොරොත්තු ඇකී මැකී ගිය හැටි ගයයි. ඇය ඊට පිළිතුරු ලෙස තම ඔහුව සනසාලයි - ඒ ප්‍රාර්ථනයක්ද සමගිනි - "කුරහං කපන දා මා සිහි කරණ්නයි . . " කියාය!

"ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා . . . " ගීතයේ කියැවෙන්නේ තවත් ගායකයකුගේ කථාවක් ද? නො එසේනම් මේ කියන්නේ තම පෙම්වතිය වෙනුවෙන් ගීත ගායනා කල තරුණයෙකුගේ කථාවක්ද? කියා නිශ්චය කරගත නොහැක. කෙසේ වෙතත් ඒවා සියල්ල ඇයට අමතකව යන ලෙස ඔහු ප්‍රාර්ථනා කරයි!

අපගේ ගද්‍ය පද්‍ය  සාහිත්‍ය පුරාවට සඳ කිරණ උපමා කොට ඇත්තේ සිසිලසක් දනවන හැඟීමක් දැනීමක් ලෙසටය! එහෙත් මේ පෙම්වතාට එය දැනෙන්නේ කෙලෙසද? 
"දවනු දැනේ සිසි කිරණ පවා . . " 

සඳ කිරණ පවා ගෙන එන්නේ දවාලන දැනීමකි. පෙරදා සඳ ඇති රාත්‍රීන් වලදී එකම වේලාවක දෙතැනක සිට සඳ බැලූ ඇය මේ වන විට වෙනතක් බලා ගෙනය. ඒ සඳ දෙස බැලූ විට පෙරදා මතකය ගෙන දෙන්නේ දැඩි වේදනාවක්ය. 
එපමනක්ද?
"සිසිල නොදේ මඳ පවන පවා . . "

 මද සුළඟ පවා තමාගේ සිත කය නිවාලන බවක් ඔහුට නොදැනෙමින්ය!
ඒ සියළු දුක් කම්කටොළු මැද ඔහු ප්‍රාර්ථනයක්ද කරයි.

"ඔබෙ මුව පියුමේ - තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ . . "

නෙළුම මලක් වන් ඔබගේ මුහුනේ; තොල් පෙත් අතරේ; ඔහුගේ නම රැඳුනාවේ. ඇයට ඔහුවම හිමි උනාවේ!
ඉන් පසුව ඔහු පවසන්නේ කුමක්ද?
"සුවඳ දැනේ ඔබෙ උදයෙ හවා . . "

ඇය තමා අසල නොසිටියද; මෙලොව කොතැන හෝඅ ඇය සිටින්නේ තමා වෙනුවෙන්ය යන හැඟීම නො එසේනම් "ඉව" තවමත් මුළු දිනය පුරාවටම ඔහුට දැනෙමින්ය!
එහෙත්;
"කඳුළු නැගේ නෙත රැයද දිවා . . "  

ඒ සිතුවිල්ලම තවත් මොහොතකදී තම දෙනෙතට කඳුළු ගෙන එන සිතිවිල්ලක්ම වෙයි.
ඒ මොන දේ උනත්; මාහට මොන තරම් දුකක් දැණුනත් ඔබට දුකක් දැනෙන්නනම් එපා! ඔබගේ සිතේ ජීවත් වෙන්නේ "ඔහු" නම්

"ඔබෙ මුව පියුමේ - තොල් පෙති අතරේ 
ඔහුගේ නම රැඳුනාවේ . . "

මේ ගීතය රචනා කොට ඇත්තේ කේ ඩී කේ ධර්මවර්ධන නමැති ප්‍රවීණ කෘතහස්ථ ගී පද රචකයාය. අමර දේව ශූරීන් හට "කුමරියක පා සළඹ සැළුනා " ලියූ ඔහු වික්ටර් රත්නායකයන් හට "හෝ පළු වන පෙත" ලියයි. ඔහු විසින් ලියැවුනු මෙම රසාලිප්ත පද රචනයට සංගීතය මුසු කරණ්නේ සෝමපාල රත්නායක විසින්ය.
මෙම ගීතය ගැයෙන ඉහල ස්වර පරාසය පද මාලාවේ හැඟීම් තවත් උද්දීපනය කරයි. වෙනත් වියෝ ගීතයන් මෙන් මෙම ගීතය ගැයෙන්නේ පහත් ලයකින් හෙවත් ටෙම්පෝවකින් නොවේ. එය වේගවත් ගීතයකි. ඔහුගේ හිතේ ඇති වේගවත් බව සමග හොඳින් එය බද්ධවී යයි.
මේ සියල්ල අභිබවා නැගෙන ආදරණීය පිරිමි හඬ පෞර්ෂය මිල්ටන් මල්ලවාරච්චි තම ශෝකී හඬින් එය ගයයි.  සත්තකින්ම විප්‍රයෝගයේ දුක මොනතරම් මිහිරියාවකින් එම ගීතයෙන් ගෙන එනවාද? එය අසාම බලන්න මෙතැනින්!


Thursday, November 11, 2021

223. ලිඛිතාට (සංගීතමය) පිළිතුරක්!

 

මෙම පෝස්ටුව කියැවීමට පෙර මෙන්න මෙතනට ගොඩ වැදී එන්න!

මගේ (මම හිතාන ඉන්න විදියට) සිරා පෝස්ටුවට පිළිතුරක් ලෙස ඔබ ලියපු පෝස්ටුවේ මුලින්ම දැක්වෙන පිංතූරයෙන්ම ඔබ මාව පූසාට දමා ඇති බවක් පෙනේ! ඔබ මාව බල්ලාට නොදමා බළලාට දැමූ එකට අනේක වාරයක් පිං!  

ඇත්තෙන්ම ඔබට වැනි ගීතවත් ලමා කාළයක් මට නොතිබුනි. චිත්‍රපට සමග ගෙවුනු කාලයක් යනු සිහිනයකි. නමුත් ඒ කාලයේ "හිංදි ගීත අඩපැය", ඉරිදා දහවල් 1ට පමණ; ඉර මුදුන් සමයමේ ප්‍රචාරය වුනු, අසහාය නිවේදක බණ්ඩාර කේ විජේතුංගයන් ඉදිරිපත් කල චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක වැඩසටහනෙන් අප හිංදි ගීත ඇසුවෙමු. එසේම කාලයකට පෙර බොහෝ දනන්ගේ තුඩග රැඳි ගී රාවය වූයේ හිංදි හෝ හිංදි අනුකාරක ගීතයකය. "දෝස්ති" චිත්‍රපටයේ ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල්ගේ මන මෝහණීය සංගීතයට එන ගීත අතුරින් රාෆි ගේ හඬින් ගැයුණු  "koy jab raah naa paye" ගීතය හා "chahunga mein tujhe saan savere" ගීතය හ සන්ගම් චිත්‍රපටයට ෂන්කර් ජායෙකිශන්ගේ සංගීතයට මුකෙශ් ගේ ශෝකාකූල හඬින් ගැයුණු "mere maann ki ganga"  යන ගීත එවකට තරුණයන් ගයනවා මා හට අද මෙන් මතකය!

ඕනෑම  කලාවක වේවා තාක්ෂණයක වේවාඕනෑම ක්‍රියාකාරකමක වේවා සීයට 99.99 ක්ම ඇත්තේ කොපි කිරීමය! අපි පාසැල් යන කාලයේ පටන් ගෙදරදීත් පාසැලේදීත් කනට ඇහුනේ "කොපි කරණ්න එපා!", "කොපි කලොත් බලා ගෙනයි!" වාගේ මෘදු සුමට වදන්මය. "කොපි කිරීම" යනු ඒ තරම් භයානක දෙයක් ලෙස අපගේ හිත් වලට කාවද්දා ඇත! 
කොපි කිරීම මේ තරම්ම වැරදි දෙයක් නම් ඇයි දෙයියනේ පංසිල් පද පහට ඒක බුදු හාමුදුරුවෝ ඇතුලත් නොකලේ? කියා මාහට තිබූ විචිකිච්ඡාව පහව ගියේ පංසිල් පද පහෙනුත් සමහර සමහර ඒවා බුදු රදුන්; ජෛන මහා වීර හෙවත් නිගණ්ඨ නාථ පුත්තගෙන් කොපි කලා කියා දැන ගත් දායින් පසුවය! මේ සියල්ලම වැටෙන්නේ කොපි ලෙසය!මේ සියළු කොපි කිරීම් "අවුලක් නැත!" යැයි සිතුනේ කොම්පියුටර් භාවිතය සමග එන "කොපි" - "පේස්ට්" බොත්තං සමගය. එය එසේ නොවන්නට අදටත් "කොපි" කිරීම යනු මහා භයානක අකුසල කර්මයක් යැයි මා අදටත් සිතා සිටින්නේය!
මම පුංචි කාලේ අපේ ගෙවල් ලඟ නැන්දා කෙනෙක් "ආස්මී" හදන හැටි බලා ඉන්න කොට එයා පිටි වලට දාන ලිහිසි ද්‍රව්‍ය මොනවා දැයි ඇසූවද ඇයගෙන් මාහට පිළිතුරක් නොලැබුනි! පසුව මා ගෙදර විත් අම්මා ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඒ "දවුල් කුරුඳු" හෝ "උළු දවුල්" විය හැකි බව අම්මා අනුමාණ කොට පැවසීය. මගේ ඊළඟ ගැටළුව වූයේ ඒ නැන්දාට එවැනි කැලෑ ගසක  පොතු වලින් උකහා ගත් යුෂ; මේ "අසාමාන්‍ය" කෑමට දාන්න ඉගැණ්වුයේ කවුරුන්ද කියාය. බලාන ගියාම එය උගන්වා තිබුනේ ඇයගේ මවය. මෙය සොයා ගෙන ගියහොත් සිංහලේ මුල හොයා ගෙන ගිහින් තිරිසනෙකුට "මුත්තෙ" කියන්නට සිදු වෙනවාට වඩා දෙයක් හිතා ගත නොහැක! බලාගෙන ගියාම අම්මලා කොරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය! අපේ ගුරාලා කරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය!! එබැවින් අපි කරණ්නෙත් ඒකමය!!! 
ටොයෝටා කොරොල්ලා වාහනය පසු ගිය කාල වකවාණුව පුරා වාහන මිලියන 40 ක් නිපදවා විකුණා දැමූවත් ඔහු ආදීම වාසියාගෙන් "රෝදය" කොප්පෙ ගැසූ බව නිකමට වත් කියැවෙන්නේ නැත!
මම අළුත් තැනකින් මෙහෙම පටන් ගන්නම්! මීට කලකට පෙර ලංකාවට පැමිණි ටාටා බස් රථවල පසු පස තිබුණු ලාංජනයේ දෙපැත්තේ තිබුණු වී කරල් දෙකට මැදිව ඉහලින් TATA කියා තිබුණු අතර පහලින් වූ යේ කට පුරා BENZ කියාය. අද වන විට රතන් ටාටා බෙන්ස් වලිගය හලා ටාටා නම නිදහස් කරගෙන ඇත. ඉංදියාවේ කුමණ කර්මාන්තය ගත්තද කලාව ගත්තද මේ බව දැකිය හැක! පලමුව පිටස්තරයෙන්  එන ඕනෑම දෙයක් ඇතුලට ගෙන පසුව එය තමන්ගේ අච්චුවට හැඩ ගසා ගන්නා බව පෙනී යයි!
සංගීතය ගත්තද එය එසේමය. නෞශාඩ් අලී ගේ ගත්තත් එස් ඩී බර්මන්ගේ ගත්තත් ලන්ෂ්මී කාන්ත් ප්‍යාරේ ලාල්ගේ ගත්තත් ඔවුන්ගේ ඔකෙස්‍රට්‍රා තුල වැයෙන්නේ ඉන්දියානු සංගීත බාන්ඩ පමණක්ද? නැත! ඔවුන් ඒ සඳහා වයලීන් ද, චෙලෝද, ඩබල් බේස් ද, ඉයුෆෝනිම්ද, ට්‍රම්ප්‍රට්ද, ජෑස් ඩ්‍රම්ද යනාදී වශයෙන් බටහිර සංගීත භාන්ඩ ඔවුන්ගේ රාග තාල වාදනය කිරීමට යොදා ගත්තේය. එහෙත් ඒවායෙන් ගැයුනේ හින්දුස්ථානි, දකුණු ඉංදීය, කර්ණාට, බෙංගාලි තනුය! (මේ උදාහරණ කිහිපයක් පමණි) සමහර අවස්ථාවලදී ඒවාට ඉතා දුර්ලභ ලෙස බටහිර තනු, මෙලඩි කොටස් ගත් අවස්ථාද නැතිවා නොවේ.
මේ හැම දෙයකින්ම පෝෂණය වූ;  ඉංදීය සංගීතය පවතින්නේ ඉතා උසස් තැනකය. ඊට හේතු භූතවූ ප්‍රධාන කරුණක් ලෙස මා දකින්නේ ඉංදියාව තුල තිබෙන සංගීතයේ මහා සම්ප්‍රදායය. ඊට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ චූල සම්ප්‍රදායකි. කලකට පෙර මකුළොළුව මහතාත් පසු කාලීනව ලයනල් රන්වල, බැද්දගේ වැනි අය හැකි උපරිමයෙන් කාරණා කාරණා කලත් කෙරුණු යමක් දක්නට ලැබෙන්නේ "මේ අවුරුදු කාලේ" පමණය. කොටින්ම එඩ්වර්ඩ් ජයකොඩිට රෝහන බැද්දගේ තනු යොදපු "ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා . . ." ගීතයද ගොඩ නගා ඇත්තේ බිලාවල් රාගය පදනම් කොට ගෙනය!
මහා සම්ප්‍රදායකින් කරණ කියන දේවල් චූල සම්ප්‍රදායකින් කිරීමට නොහැක. එය හරියට රෝද තුනේ ට්‍රයිසිකල් එකකින් ප්‍රංශ සවාරිය පදිනවා වාගේ වැඩකි! ඒ නිසාම මහා සම්ප්‍රදායන්ගේ ඇල්ම් බැල්ම අප ලංකර ගත යුතුවේ. නො එසේ නම් අපට ඉතිරි වන්නේ පංච කෙළිය, අං කෙළිය, ඔළිඳ කෙළිය වැනි කෙළි මිසක "පෙම් කෙළියේදී" ගැයෙන රසාලිප්ත ගීතයන් නම් නොවේ!
මහා සම්ප්‍රදායෙන් චූල සම්ප්‍රදාය පෝෂණය වීමේදී පලමුව සිදුවන්නේ අනුකරණයන්ය!  ටොයෝටා රෝදය; ආදී මානවයාගෙන් හොරා ගත්තාට කොපි කලාට අද භාවිතාවන්නේ ඒ කොපි කල රෝදය නම් නොවේ. ඩන්ලොප් විසින් හුලං ගසන රබර් ටයරය නිපදවා කාලය සමග ඒවාට විවිධ කට්ටා රටා, විවිධ ප්‍රමාණ ආදී එක් කරණ ලද "ආරළු බූරළු" වලින් එය ඉතා දියුණු තත්වයකට පත්වී ඇත. එසේම මහා සංගීත සම්ප්‍රදයකින් අප වැනි චූල සම්ප්‍රදායක් සහිත රටක් කලා මාධ්‍යයක් ණයට ගන්නා විට පලමුව ඔවුන්ගේ තනු අනුකාරක  ලෙස යොදා ගැනීම දක්නට ලැබීම  සාමාණ්‍ය දෙයකි. 
වඩාත් වැදගත් වන්නේ එම ණයට ඉල්ලාගත් තනුව කෙතරම් සාධාරණ ආකාරයකට භාවිතා කරණ්නේද හා කලේද යන්නය. 
මීට කලකට පෙර ලංකාවේ විසූ එක් සංගීතවේදියෙකු තමා වෙත ගීතයක් නිර්මානය කර ගැනීමට පැමිණි විට පලමුව අසන්නේ "මේක සැඩ් මූඩ් ද හැපී මූඩ් ද?" කියා යැයි  මා අසා ඇත! එයට හේතුව ගීතය කියවා එහි අරුත දැන ගැනීමට මෙම  සංගීතවේදියා සිංහල භාෂාව  නොදන්නා හෙයින්ය! (මාගේ මතකයේ හැටියට මේ මොහමඩ් ගවුස් මාස්ටර්ය!  වැරදි නම් නිවැරදි කල මැන!) ගායකයා වෙතින් ගීතයේ භාවය කුමණ ආකාරයක් ගනී දැයි අසා දැන ගන්නා ඔහු ඊළඟ මොහොතේ තම හාමෝනියම් වාදන භාණ්ඩයෙන් රසාලිප්ත මධුර තනුවක් නිමවයි! එසේ නිපදවෙන දුක්බර තනුවට ; දුක්බර හඬින් ගැයෙන දුක්බර වචන  සපිරි පදමාලාව සඳ කිඳුරු කවි පරදා ලන්නට සමත්වෙයි. මෙවන් වූ තනුවකට ඊට ගැල පෙන දුක් බර පදමාලාවක් සකසන පද රචකයා පිළිබඳව මා අදටත් ලියන්නේ ගෞරවයෙනි. 
 මා වරක් පැවසූ ලෙස 1971 වසරේ ජුලි 20 වන දින තිරගතවූ හතරදෙනාම සූරයෝ චිත්‍රපටයට පී එල් ඒ සෝමපාලගේ සංගීතයට ලතා වල්පොල ගැයූ  "පැතුම් මල්ලෙකී මේ ජීවිතේ . ." ගීතය ගෙන බලන්න! "පැතුම් මල්ල" අප කිසිදා සාමාන්‍ය ජීවිතයේදි භාවිතා නොකරණ වදන්යුගලයකි. ලියුම් මල්ල,  එලවළු මල්ල, පං මල්ල හැරුණු විට අප කිසිදා; "පැතුම් මල්ලක්" යන්න භාවිතා නොකරයි. එහෙත් බලන්න එම ගීත රචකයා එය භාවිතා කොට ඇති සුනම්‍ය ආකාරය!? නිල් කමල් චිත්‍රපටයට රවිගේ සංගීතයට  රාෆි ගයන මෙහි හිංදි ගීතය මෙතැනින් රස විඳින්න!
දැන් ලිඛිතාගේ පෝස්ටුවට සෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙමු! ඇය පලමුව උදාහරණය ලෙස දක්වා ඇත්තේ මදර් ඉන්ඩියා චිත්‍රපටයට නෞෂාල් අලීගේ සංගීතයට ලතා මංගෙස්කා ගැයූ ගීතයක්ය. මෙම ගීතය ඇතුලත් මදර් ඉන්ඩියා චිත්‍රපටයේ මෙම ජවණිකාව තෙක් කථාව සැකවින් ගෙන බලමු. දරිද්‍රතාවයෙන් පීඩිතව සිටින ඈත එපිට ගමක සිටින නව යුවලක් පොලී කරුවෙකුගේ උගුලකට හසුවේ. අවසානයේ තරුණයා ජීවිතය සමග පොර බදිද්දී තම  දෙ අත් අහිමි වේ. අවසානයේ ඔහු ජීවිතයෙන් පලා යයි.  තම දෙ අත් නැති වීම නිසා ඔහුගේ ජීවන බරද තම ආදරණීය බිරිඳට ඉසිලීමට සිදුවීම බලා සිටින්නට නොහැකි වන සැමියා තම බිරිඳගේ නළලත තිලකය මකා දමා රාත්‍රියේම යලි කිසිදා නො එන්නටම පිටව යයි! තරුණ බිරිඳ තම පුතුන් දෙදෙනා සමග ජීවිතයට මුහුණ දේ. ගවයෙකු නොමැති බැවින් මෙම තරුණ මව නගුල අදිමින් මෙම ගීතය කියණ්නීය. මේ ගීතය බලන ඕනෑම අයෙකුට මෙන්ම මටද සිතුනේ ජීවිතයෙන් පලා යන සැමියා කරණ කොට ගෙන තරුඅන බිරිඳ වඩාත් දුක්ඛ දායක මෙන්ම අසරණ තැනකට පත්වන බවයි! සත්තකින්ම එය හදවත ඉරා දමන රූපරාමුවක් සහිත ගීතයකි. ශෝකාලාපයකි!  
දැන් මෙම තනුවට ගැයෙන සිංහල ගීතය පිළිබඳවත් සොයා බලමු! 
එම ගීතය වසන්තා සන්දනායක ගායිකාව විසින් ගායනා කරණු ලබන  "නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා - මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා" ලෙසින් ගැයෙන යශෝදරාවගේ ශෝකාලාපයයි. ඉතින් බලන්න මෙම එකම තනුව ඉතාමත් සාධාරණ ආකාරයට සිංහලට ගෙන ඇති හැටි! එසේ නැතිව එයට "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ"  මොඩලයට ගෙන කෙලෙසා නොමැත. ඒ නිසාම හිංදි ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් සිංහල ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් මෙලඩියට පමණක් සවන් දුන්නත්  මේ ත්‍රිවිධාකාරයේ සවන් දීම් වලට සිංහල රසිකයෙකු භාජනය උනත් මෙම භාෂා දෙකම නොදන්නා අයෙකු සවන් දුන්නත් දැනෙන හදවත ඉරිතලන හැඟීම නැතිවන්නේ නැත. එසේ හෙයින් එම තනුවට සිංහල පද රචකයා ඉතාමත් සාධාරණයක් සිදු කොට ඇති බව පෙනී යනු ඇත!
ඒ නිසාම හිංදි මෙලඩිය නමැති බනිසට මැදි කොට ඇත්තේ එකම වර්ගයේ සොසේජස් විනා බිත්තර නොවන බව පෙනී යයි. ඒ වගේම එකම ගීත තනුවක් වෙනත් අදහස් දෙකක් උද්දීපනය වන සේ භාවිතා කල නොහැකිවේද?  
මල් කාන්ති හා සනත් නන්දසිරි   ගයන "සහසක් පැතුමන් ඉපදී මිය ගොස්" සහ "සහසක් පැතුමන් නැත මා පැතුවේ"    යන එකම මෙලඩියට ගැයෙන ගීත දෙකෙන් හැඟවෙන අදහස සර්ව සම නොවේ! 
දැන් අපි මේ වාගේම ගැයෙනා හිංදි ගීත දෙකක්ද ගෙන බලමු. එම ගීත දෙකම ගැයෙන්නේ ටාජ්මහල් චිත්‍රපටයටය.  පලමුව තම මුම්ටාස දේවිය සමග සාර්ජාන් අධිරාජයා ගයන ගීතය මෙතනින්ද දෙවනුව ඇය මිය ගිය පසු ගැයෙන ගීතය මෙන්න මෙතැනින්ද රස විඳින්න! මේ දෙවෙනි ගීතය යූ ටියුබයේ දක්වා ඇත්තද "jo wada kiya woh nibhana padega sad song"ලෙසය!  එකම මෙලඩිය උවද දෙ ආකාරයකටම යෙදිය හැකි බව මෙයින් තහවුරු නොවේද? එසේනම් හිංදි සොසේජස් බන් එකෙන් සොසේජ්  ඉවත් කොට සිංහල හෝ වෙනත් භාෂාවක බිත්තර දමා එග් බන් කීමේ වරදක් වේද? ටාජ්මහල් චිත්‍රපටයේ සංගීතවේදී රෝෂන් මෙසේ තම බනිස වරෙක සොසේජ් බන් ලෙසද තවත් වරෙක එග් බන් ලෙසින්ද මේසයට යවා 1964 වසරේදී හොඳම පසුබිම් සංගීතයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනුවේය! එසේම ගීත රචනා වෙනුවෙන් සහීර් ලුදියාන්වි හටද ෆිල්ම් ෆෙයාර් සම්මානය ලැබුණු අතර හොඳම පසුබිම් ගායිකාව ලෙස ලතා මංගෙස්කා ව මෙම ගීතය වෙනුවෙන් නම් කරණ ලදී!
මාගේ උගත් මිතුරිය දක්වා ඇති "පන්චි ලයින්" එක පිළිබඳව මා හට නිවැරදි වැටහීමක් නැති බව බය පක්ස පාතව පවසන අතරම; මා කිසි විටෙක හිංදි ගීතවල පද මාලාව පිළිබඳව කථා කොට නොමැත!  අප හිංදි ගීත වල මූලික වශයෙන් රස විඳීනේ ශබ්ද රසය විනා අර්ථ රසය නොවේ! ඒ නිසා එකම මෙලඩියට "දුටුවාම  එදා  . ." ගැයූවද "වෙහෙර හේන විහාරයට  . . . ." ගැයුවත් භාෂාව නොදන්නා අයට අවුලක් නැත!  ඒ නිසාම හිංදි පද මාලා පිළිබඳව කථා නොකිරීමට මා ප්‍රවේශම් විය!~
හින්දුස්ථානි රාගධාරී සංගීතය තුල උදේ වරුවට ගැයෙන රාග හා දවලට ගැයෙන රාග සේම රාත්‍රියට ගැයෙන රාග වෙන් කොට ඇත. භාෂාවේද ගුඩ් මෝනිං, ගුඩ් ආෆ්ටර් නූන් , ගුඩ් ඊවිනිං හා ගුඩ් නයිට් යනුවෙන් සුභ පැතීම් වර්ග කොට ඇත. එහෙත් ගීත එසේ අර්ථය හා වචන  අනුව ගැයුව යුතු කාලය තීරණය කරණ බව මා දැන සිටියේ නැත! මා සිතන පරිදි "අප දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ  . ." ගීතය චිත්‍රපට ගීතයක් විය යුතුය. එය එසේ වී නම් චිත්‍ර පටයේ රූප රාමුවට අදාලව එම ගීතය ගැයෙන්නට ඇත. චිත්‍ර පටය තුල; පට්ට පාන්දර මෙම ගීතය නොගැයෙන්නට ඇති බවටනම් මට හොඳ හැටි විශ්වාසය! එසේ ගීතයේ වචනාර්ථයට අනුව ගායනා කල යුතු කාලය නිර්ණය කල යුතු වේ නම් හෝ ගීතය ගයන කාලයට අනුව ගීතය තෝරා ගත යුතු වෙන්නේ නම් උදෑසනට කීමට ඇත්තේ සී ටී ගේ "අවදිවන්න . අවදිවන්න", අයිවෝගේ "උදෑසනක් වේවා ඔබට සුභ උදෑසනක් වේවා", "උදෑසනම පොඩි අපි දිව යනවා", "කුරුළු ලොවේ කුරුළු හඬට මා පිබිදෙනවා" වැනි ගීත කිහිපයක් පමණි! "සොඳුර මට සමු දෙන්න" ජීවිතේට කියන්න බැරි ගීතයකි! මන්ද ඈත ගමේ සරු පස පෙරලන්නට යන්නේ "හෙට" බැවිනි! ඒ නිසා එය අද නොව "හෙට" ගැයෙනා ගීතයකි! මේ පිළිබඳව මා වැඩි පුර කියන්නට යන්නේ නැත!
ගීතයකට රාගයක බල පෑම  සම්බෝලයකට "අජිනො මොටෝ " දැමීමක් ලෙස සිතනවා නම් එය පිළිබඳව නැවත සොයා බැලිය යුතුවේ. එසේනම් රාගය විස්තර කෙරෙණ ගීත යනු තනිකරම අජිනො මොටෝද? මෙයට මං සුට්ටං උදාහරණයක් දෙන්නම් මෙහෙම:- සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් රචිත "තනුව" නමැති ග්‍රන්ථයේ පලමු ගීතය ලෙස දක්වා ඇත්තේ "ඇවිළුණු ගිනි දැල්" ගීතයයි. මෙම ගීතය පිළිබඳව කෙරෙණ හැඳින්වීම මා මෙලෙස ලියා තබන්නම්! "දක්ෂිණ භාරතීය රාගයක් වන  කලාවතී රාගය ආශ්‍රය කොටගෙන මෙම ගීතයේ තනුව නිර්මණය  වී ඇතැයි එකවරම පෙනෙන නමුදු එම රාගයට අයත් නොවන මධ්‍යමය සහ රිෂභය මෙම තනුව සමග සංකලනය  වී  තිබීමෙන් තවත් රාග යුගලයක ඡායාව ජනිතව ඇතැයි සිතේ. කලාවතී රාගයේ ආරෝහණ අවරෝහන වශයෙන් පිළිගැනෙනුයේ  ස ග ප ධ නි ස, ස නි ධ ප ග ස යනුවෙනි. එහෙත් රිෂභය සහ මධ්‍යමය යොදා තිබීමෙන් ජනසම් මෝහණීය හස ගාවතී යන රාග යුගලයේ ඡායාවද අල්පව දැකිය හැක. . . .. .. . ...  ." තවත් වචන, විස්තර, දිගු එකකි. මෙයින් පෙනෙනවාද රාග යනු හුදෙක් අජිනො මොටෝ  ලෙස ලඝු කොට දැක්විය හැකි කාරණයක් නොවන බව! මෙම පොතේ ගීත 50 ක් පමණ දැක්වෙන අතර ඒ  එක් එක් ගීතය පිළිබඳව රාගධාරී සංගීත විශ්ලේෂනයකින් යුක්තවේ! අජිනොමොටෝ පිළිබඳව තවත් කියන්නට අවශ්‍ය නැති බව මාගේ හැඟීමයි!
සිංදු නිර්මාණය කිරීම ආප්ප බෑමක් නොවන බව මමද පිළිගන්නා සත්‍යයකි. එහෙත්ම් එසේ ආප්ප බානවා වැනිව් බිහිඋනු ගීතද රසික ජන මනස පිනවා ඇති අවස්ථාද අප දැක ඇත. දීපිකා ප්‍රියදර්ශනී ගයන "කවිය ඔබ" එසේ ක්ෂ්ණිකව නිමැවුනු ගීතයකි. බොහෝ ඊත පිළිබඳව ජාතක කථාව සොයා බැලීමේදී එසේ නිර්මාණ්ය වූ ඒවා නැත්තේම නැති බව තේරුම් යයි. 
හිංදි තනු වලට වචන ලියා ගැයෙන ගීත වල වචන වලට ලැබෙන්නේ අඩු ලංසුවක් නම් මම ගීත කිහිපයක් කියන්නම් එසේ තනුවට අකුරු එක් කල! 
කුමාරදාස සපුතන්ත්‍රී ගේ "මලින් මලට" ගී පොතේ දැක්වෙන පරිදි එඩ්වඩ් ගයන "මල් මාලතී ලතා", "මාලතී වසන්තේ" , "දොඹ මලින් මලට" ගීත තුනමද සුනිල් ගයන 'මිනිසා සුවඳයි මලසේ" ගීතයද තනුවට වචන එක් කිරීමෙන් බිහිවූ නිර්මාණයන්ය. ඒවායේ පද රචනය පිළිබඳව අපට අඩු ලංසුවක් හැකිද?
දඬුබස්නා මානයේ සංගීත සංයෝජනයේදී පැරණි ස්ත්‍රොත්‍ර, හටන් කවි වැනි අමුද්‍රව්‍ය එකතු කරගෙන ඇති බව ඇත්තකි. මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාන කරුවන්ට; විශෙෂයෙන් සංගීත සමායෝජකයින් හට වඩා හිංදි අණුකරණ මත සංගීත තනු යොදන නිර්මාපකයින් උසස් යැයි පවසා නැත! දඬුබස්නාමානය ටෙලිය පදනම් වී ඇත්තේ සුදලිය - මරුවල්ලිය සටන් සම්ප්‍රදායයන් මත බැවින් මාස්ටර් එවන් හටන් කවි අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරණ්නට ඇත. එසේම ප්‍රෙම් ලියා වික්ටර් ත්නුව යොදා ගායනා කරන "අදරයේ උල්පතවූ අම්මා" ගීතයේ තනුවට පදනම් වී ඇත්තේ "දොයි දොයි දොයි . .දොයිය බබා . ." නම්වූ ඔබගේත් මගේත් සවනත රැඳුණු මුල්ම ගීතයේ පදනමය!  මෙසේම වැදි නැළවිළි ගීත වැනි දෙයින් උකහා ගත් කුඩා අංශු එක් කොට ගීතය නව ප්‍රවනතාවයකට ගෙන ආ අවස්ථා බොහෝ සෙයින් දැකිය හැක! එසේම අප අහන හිංදි තනු වල මූල බීජ මොනවාදැයි අප සොයා බැලුවේද? 
ලිඛිතා තම ලිපියේ එක තැනක මතු කරණවා "තාලෙ තිබ්බා නම් පද මවන්න පුළුවන්" කියලා යෙදුමක්. මීට වසර ගනනාවකට පෙර ප්‍රවීණ ගීත රචක ආචර්‍ය ය අජන්තා රණසිංහයන් පවසනවා මෙවන් අදහසක්. " ගීත රචකයා විසින් පද මාලාව සැකසූ පසු එහි තුල ගැබ්වූ තනුවක් පවතී!" කියා. ඒ නිසාම  ඔහුගේ අදහස වූයේ පද මාලාවට; එහි තනුව හා සංගීතය හා ගායනයට වඩා වැඩි බරක් තැබිය යුතු බවයි!
ගීතයකට නර්තණයේ යෙදීම වෙනමම කාර්නයක්. ඔබට මතකද ඩෙස්පරාඩෝ එකෙ එන ගීතය! සුපිරි පන්ච් එකක් තියෙන ගීතයක්! එය රස විඳින්නේ ඒ පන්ච් එකට බීට් එකට මිසක් වචන වලට නොවේ. ඔය වගේම ගීතයක් කීර්ති පැස්කුවෙල් ඒ කාලේ කීවා.ඒවා අහන්නේ ශබ්ද රසයට. රිද්මයට! හද්ද ඩොටේ ඉන්න එවුං ඒකාලේ බෆලෝ සොල්ජර් සිංදුවට රැඟුවේ එහි රෙගේ බීට් එකට. ඉන් අදහස් වෙන්නේ නෑ වචන අභිබවා සංගීතයට සෑම ගීතයකම අවස්ථාවක් හිමිවෙනවාය කියා. කවියට යෑමට හැකි උපරීම දුර ගියාට පසුවයි ගීතය නිර්මානය වන්නේ. එහිදී වච්නවලින් කියන්නට හැකි  උපරිම හැඟීම කීවාට පසුව ඉතිරිය පැවසෙන්නේ සංගීතයෙනුයි. මෙලඩි වල ඇති "මී පැණි වන් " රසාස්වාදය නිසාමයි ඒවා සිංහලට ගෙන ඒවා අපේ කර ගන්නේ!  මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් දෙවන් තැනට හෙළුවේ නැති බව නැවත මතක් කරමි. නමුදු කරුණාරත්න අබේසේකර ඇතුළු හිංදි අනුකාරක ගීත රචකයින් "මම බයිසි කලේ පැද්දා " තැනට දානවා නම් ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව. 
නමුදු ඔබ මගේ කමෙන්ටුවකට පිළිතුරු ලෙස "සින්දුව පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්" කියන අදහස සමග මාගේ ඇති එකඟ නොවීම නිසාම මෙම පෝස්ටු දෙකම ලියා ගෙන ආවෙමි!

මේ කරණු කාරනා මොනවා උනත්  හිංදි තනුවකට කරුණාරත්න අබේසේකර පද ලියා ජෝති ගැයූ සුමියුරු ගීතයක් සේම රසවත්වූ මෙහි ඊළඟ කොටස හෙවත් දිගුව මෙතැනින් කියවන්න.

තෙවැනි කොටස මෙන්න මෙතැනින් කියවන්න.

Sunday, November 7, 2021

222. මී පැණි වන් ගී තනු 1

මගෙ හදවත හිස් කඩදාසියකි  !  එහි ඔබේ නම මා ලියා තැබුවෙමි  !!

මෙතෙක් කථාව:

මේ කියැවීමට වටිනාකමක් එකතු වීමට ලියන්නට හිතාන හිටියේ වර්ෂ එක්දාස් අටසිය ගනන් වලින්; ඒ කියන්නේ මීට ශතවර්ෂ දෙකකට කලින් උවත් මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන්!

මේ කියන කාලේ අපි හිටියේ අවිස්සාවේල්ලේ. ඒ ගෙදර ලිපිනය 874C, කුඩගම පාර, අවිස්සාවේල්ල.  ඔය කියන කාලේ අවිස්සාවේල්ලට ෆිල්ම් හෝල් දෙකක් තිබුනා. ඉන් එකක් ඉම්පීරියල් එක හැටන් පාරේ. අනෙක කොළඹ පාරේ උක්වත්ත හංදියට පොඩ්ඩක් උඩහට වෙන්න CTB ඩිපෝ එකට එහායින් චන්ද්‍රා එක! උක්වත්ත හංදියෙන් හැරිලා යන පාර තමයි කුඩගම පාර! ඔය මං මුලින් කියපු 874C නිවස පිහිටා තිබුනේ උක්වත්ත හංදියේ ඉඳන් මීටර 600 ක 700  පමණ දුරින් පිහිටා තිබුනු මහාමාර්ග සහ වාරිමාර්ග කාර්‍යලය ඉදිරිපිට. චන්ද්‍රා හෝල් එකට අපේ ගෙදර ඉඳන් තිබ්බේ කෙටි ගුවන් දුරක්. පැහැදිලි නිහඬ රැයකදී චන්ද්‍රා එකේ දාන සිංදු අපේ ගෙදරට ඇහෙනවා ඕනෑකමින් කන් දුන්නොත්!

මා ජීවිතේ පලමු වතාවට චිත්‍රපටයක් බැලුවේ මේ චන්ද්‍රා හෝල් එකේ. චිත්‍රපටය "සුහද පැතුම"! රංගනයෙන් දායක වුනේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලණී ෆොන්සේකා. පසුබිම් ගායනා එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන්  ගුණතිලක. ගීත රචනා කරුණාරත්න අබේසේකර. සංගීතය පී එල් ඒ සෝමපාල මෙම චිත්‍ර පටය මුලින්ම තිරගත් වූයේ 1973 පෙබරවාරි 23 වනදා!  ආන්න එකයි මම කථාව පටන් ගනිද්දීම කීවේ මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන් කියලා!

ඒකාලේ චිත්‍රපටි දිව්වේ සිංදු උඩ. ලව් සීන් හෙවත් ප්‍රේම ජවණිකා කොමිට් කෑලි සහ සටන්  තමයි කථාවේ ෆ්‍රේම් වර්ක් එක හෙවත් දැලිස! ඒක ආවරණය උනේ සිංදු වලින්.  හිංදි ප්‍රේම කාව්‍ය මම එහෙම හැඳින්වූයේ හිංදි චිත්‍රපටිම තමයි! ඔව් ඒ ප්‍රේම කාව්‍ය වල ගැයුණු මී පැණි වන් තනු වල රසයෙන් මත්වූ සිංහල ප්‍රේක්ෂකයා තමන් වෙත ඇද බැඳ තබා ගැනීමට නම් එවන්ම වූ රසාලිප්ත තනු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරුනට ඇවැසි උනා. අනෙක ඒ කාලේ බිහිවූ බොහෝ  සිංහල චිත්‍රපට වල මුල් කථාව හිංදි චිත්‍රපටයක සේයාවක්! මේ නිසාම හිංදි තනුවලට සමාන තනු සොයනවාට වඩා එම තනු වලටම සිංහල වචන බඳවා ජෝතිගේ ගැඹුරු, ආදරණීය ලයාන්විත, පිරිමි හඬින්; තිරයේ පිටු පස සිට ගාමිණීට, විජේට තිස්සට පන පෙවීම වඩාත් පහසු මෙන්ම සාර්ථක කාර්‍යය වන්නට ඇත!

"ඔයාව ජීවිතයේ මට හමුවූ මුල් දවසේ - සිනාවේ දෑසෙ අහිංසක ආදරයයි තිබුනේ"

අහන්න මෙතැනින් ඒ ජෝතිගේ මම කලින් කියපු ආදරණීය, ලයාන්විත හඬ!?

ඉතින් කථාව පොඩ්ඩක් එහා මෙහා උනා මටම නොදැනීම! මං මේ කියාගෙන ආවේ; එකල චිත්‍රපටි පටන් ගන්නට පොඩි වෙලාවකට පෙර එම ශාලා ඉදිරියේ විකුණුනු පොත් විශේෂයක් තිබුනා! ඒ චිත්‍රපටයේ ගීත අඩංගු පොත් පිංචවල්. දම් පාට, නිල් පාට, දුඹුරු පාට  වගේ තනි පාටකින් මුල් පිට කවරය අච්චු ගසා තිබුනු චිත්‍ර පටයේ රූප රාමුවකින් සැරසුනු මෙම සිංදු පොත් එකල විකුණුනේ සත දහයකටත් වඩා අඩු මුදලකට කියලයි මට මතක.  ශාලාවට යන්නට මත්තෙන් සිංදු පොතක් ගන්නා ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ ගීතය ගැයෙන වෙලාවට ඒ සමග ගයයි! මා කලින් කීවා සේ ජීවිතයේ පලමු චිත්‍රපටය ලෙස "සුහද පැතුම" නරඹන්නට ගිය වෙලාවේද එවන් සිංදු පොත් විකුණුවා මට යාන්තම් මතකය. අපේ තාත්තාට සිංදු අරහං ය! එහෙත් අයියාට එවන් පොතක් අරණ් දුන්නේය. චිත්‍රපටිය බලා ගෙදර පැමිණි පසු එම පොත බලාගෙන අයියා සිංදු කී බවක් මාහට මතක නැත! එහෙත් එම සිංදු පොත; ගෙදර පොත් පෙට්ටි හෙවත් ලෑලි වලින් නිර්මිත සන්ලයිට් පෙට්ටිවල අඩිය වේයන් විසින් අකාරුණික ලෙස කා දමනා තුරු ගෙදර තිබුනේය! වේයෝ දන්නවද ඒ සිංදුවල වටිනාකම් බොහෝ මහත්වරුන්ට, නෝනා මහත්වරුන්ට වත් නොතේරෙණ කොට!?

එම චිත්‍රපටයේ එන සුන්දර ගීතයක් පසුගිය දා;  ලිඛිතා මංජරීගේ "කඩදාසි කොලේ  - උන්මාද චිත්‍රදෝ මා" ට යටින් යෙදුවේ මතකයෙන්!  ඒ සුහද පැතුම චිත්‍රපටයට ජෝති ඇන්ජි ගැයූ "ජීවිතයේ කන්තාරේ" ගීතයයි! මෙම චිත්‍රපටයේ ගීත අතුරින් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ "දෝතින් දෝතයි - ජීවෙන් ජීවෙයි" ගීතය උනත් වඩාත්ම සුන්දර ගීතය ලෙස මගේ මතකයේ තැන්පත්ව ඇත්තේ "ජීවිතයේ කන්තාරේ - තුරුණු වියළි වැල්ලේ" ගීතයයි.

ඒ; ගීත් චිත්‍රපටයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ ගීතය මොහමඩ් රාෆි ගයන "මේරේ මීත වා - මේරේ මීත රේ" උවත් එහි වඩාත්ම ලයාන්විත ගීතය වූයේ මහේන්ද්‍ර කපූර්  ලතා මංගෙශ්කා ගයන "ජිස්කේ සපුනේ-හ'මේන් රෝzස් ආතේ රහේ" ගීතය වාගේය!

ජීවිතයේ කන්තාරේ පමණක් නොව එම චිත්‍රපටයට ගැයුණු සියළුම ගීත හිංදි තනු වලට ගැයුණු ගීත වේ. මෙයට පිළිතුරු ලෙස ලිඛිතා ලියා තිබුනේ "සින්දුව නම් පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්!" කියාය. මේ ඇය වෙතින් ලියැවී ඇත්තේ මෙරට පොදු ජනප්‍රිය මතයය! ඒ ගීතය මෙතැනින් නරඹමින් සවන් දෙමින් ඉදිරියට කියවමු!

අද එතැන් සිට:

ලාංකීය කලාවට ඉන්දීය මැදිහත් වීම වර්ෂ 1750 වැනි කාලයකට දිව යන බව; 1966 වසරේදී සංස්කෘථික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරණ්ණට යෙදුනු "ස්වර ලිපි සහිත සිංහල නෘත්‍ය ගීත"  ග්‍රන්ථය සම්පාදනය කරණ ලද විල්ම්ට් පී ජයතුංග පවසයි.

යාන්තමින් ඉන්දියාවේ සෙවනැල්ල වැටී තිබුනු මෙරට ගීත සාහිත්‍යයට  ක්‍රිස්තු වර්ෂ1880 දී ඉංදියාවේ සුප්‍රසිද්ධ වාණිජ්‍ය හිංදුස්ථානි සංගීතනාටක කණ්ඩායමක් වූ බොම්බායේ ඇල්පින්ස්ටන් නාටක සමාගමේ නළු නිළි කණ්ඩායමක් සංගීත නාටක රඟ දැක්වීමට අවශ්‍ය උපකරණ සම්භාරයක් රැගෙන දැවයෙන් තැනූ තමන්ගේම රුවල් නැවකින් කොළඹ වරායට පැමිණීමත් සමගම වෙනත්ම මගකට පිලිපන්නේය!

එකල බොම්බායේ මෙම කර්මාන්තයේ අයිති කරුවන් වූයේ පාර්සි ජාතිකයින්ය. මෙම කණ්ඩායම බාරව පැමිණියේ කේ ඇම් බලිවාලා නමැති; පසුව එංගලන්තයේ රජ මැදුරෙන් පවා ප්‍රශංසා ලැබූ කලාකරුවෙකි.

ඔවුන් ලංකාවට පැමිණ ගතකල මුළු කාලය තුල මෙරට රඟ දක්වන ලද ෂේක්ස්පියරයන්ගේ රොමියෝ ජුලියට් ඇසුරින් නිර්මාණය කල නාට්‍යය මෙරට රසික රස මනස පුබුදුවාලූවේය.  1852 වසරේදී උපන් සී දොන් බස්තියන් නමැති නිර්මාණශීලී තරුණයා තමන්ගේ හිත මිතුරණ් කිහිප දෙනෙකුත් සමග කොටුවේ ෆ්ලෝරා ශාලාවට සෑම දිනෙකම පාහේ වැදී රෝමියෝ ජුලියට් නාට්‍යය; මනසේ ග්‍රහණයට නතු කර ගත්තෝය!

සී දොන් බස්තියන් යනු හින්දුස්ථානී රාගධාරී සංගීතයට ඉමහත් රුචියක් දැක්වූ අයෙකි. බලිවාලාගේ පැමිණීමට පෙර මෙරට වේදිකා ගතවූ නාඩගම් වලට වඩා වෙනස්ම වූ සංගීතරටාවකින් සමන් විත වූ මෙම කලා කෘථි සඳහා බලිබාලා භාවිතාකල නාම පදය වූයේ "නාටක්" යන්නය. 

බලිබාලා ඇතුළු කණ්ඩායම මෙරටින් ආපසු නැව් නැග කෙටි කලකින් සී දොන් බස්තියන් විසින්ද "රොමියෝ සහ ජුලියට්" නමින් නාට්‍යයක් ඉදිරිපත් කල අතර ඒ සඳහා යොදගෙන තිබුනේද බලිබාලාගේ ගීතයන්ම විය. ඒවා බොහොමයක් "ගසල්" සම්ප්‍රදායේ ගීත විය. එඩ්වර්ඩ් ජයකොඩි විසින් ගායනා කරණ මුව මුක්තා ලතා  ගීතය මේ ඉස්ටයිල් එකේ ගීතයකි!

බස්තියන් තම කලා කාර්යයට භාවිතා කල නාමය වූයේ නෘත්‍යය ය! එය කාලයකදී ව්‍යවහාරයේ නූර්ති විය. මේ  හින්දුස්ථානී සංගීතය මෙරට ව්‍යාප්තවූ එක් මාර්ගයකි. එතැණ් පටන් සී දොන් බස්තියන් විසින් රචනා කොට ප්‍රදර්ශනය කරණ ලද රෝමියෝ ජුලියට්, රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම, ශූලා නොහොත් කපටි බෑනා, බ්‍රම්පෝර්ඩ් හෙවත් වොලිලන්ඩ් සහ එන්ග්ලින්, සෙලෙස්තිනා, රුබිනා, මාලිනී සහ චිත්‍ර, ඇලඩින් සහ පුදුම පහන, හරිශ්චන්ද්‍ර, ස්වර්ණතිලකා, බ්‍රැඩොව්රා කතාව යන සියළුම නෘත්‍ය සඳහා ඔහු හින්දි ගී තනු ප්‍රයෝජනයට ගෙන ඇත.

නෘත්‍ය කලාවේ අවසානය සමග බිහි වන්නේ චිත්‍රපට කලාවයි. මෙරට ප්‍රථම සිංහල කථා නාද චිත්‍ර පටිය  වූයේ කඩවුනු පොරොන්දුවයි. මෙම චිත්‍රපටයේ පටන්ම සිංහල චිත්‍රපට ගීතය හිංදි ගී තනුවලට නතු වී තිබුනේය. සිංදු දුසිමකින් සමන්විතවූ කඩවුනු පොරොන්දුවේ සංගීත අධ්‍යක්ෂණය නාරායන අයියර් ගේය. එතැන් පටන් ගත් සිංහල චිත්‍රපට වංශ කථාවේ කියැවෙන සංගීත අධ්‍යක්ෂක වරුන් 50 කට ආසන්න ගනනාවගේ නම් කියැවෙන අතර එයින් බොහෝ දෙනෙකු තම චිත්‍රපට පසුබිම් සංගීතය සඳහා හිංදි තනු යොදා ගෙන ඇත. මෙහිදී පී එල් ඒ සෝමපාලයන් විශේෂ තැනක් ගනී. 1973 වසරේදී; එවකට නවකයෙකු ලෙස සරත් දසනායක; "සදහටම ඔබ මගේ" චිත්‍රපටයට ස්වතන්ත්‍ර ගී තනු නිමවා සිංහල චිත්‍රපට ජනප්‍රිය සංගීතයේ නව පෙරළියක් කලේය. එහෙත් ඉන් පසුවත් අන් අයත්, සරත් දසනායකමත් හිංදි තනු සිංහල ගීත බවට පෙරලීය.

පී එල් ඒ

මෙම හිංදි තනුවලට සිංහල වචන ලියන ලද අංක එකේ ගීත රචකයා වන්නේ කරුණාරත්න අබේසේකරයි.

කරු
1936 එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සිරි බුද්ධ ගයා විහාරේ ගැයුවේද හිංදි තනුවකටය. දැණ් ආසාවට වත් අහන්නට නොලැබෙන අමරදේව මාස්ටර්ගේ "නවක චලිත සීත සුළඟ" ගීතයද හිංදි මෙලඩියකි. ෂෙල්ටන්පෙරේරා මාස්ටර්ගේ බොහෝ ගීත තුල හිංදි මෙලඩි හොල්මං කරයි.  "ආරාධනා" හිංදි චිත්‍රපටයට එස්. ඩී බර්මන් ගායනා කරණ "කාහෙ කො රෝයේ - චහෙ ජො හෝ යේ" ගීතය; එගොඩහ යන්නෝ ගීතයේ ගෑවී නොගෑවී යන අවස්ථාද නැත්තේම නොවේ. (මේ ගීතය අහලාම මෙතනින් ඉදිරියට යමු! සංගීතය යනු විශ්ව භාෂාවක් බවට තියෙන මා දන්නා නොම්මර එකේම උදා හරණය! පෙම්වතා මිය ගිය පසුව තම පියා සමග පිටත්ව යන ඇයට අවසානයේ; තම එකම රැකවල් කරු වන පියාද නැතිවී යයි! ඒ හැඟීම අසා බලා තේරුම් ගන්න! අවසානයේ ඇය; පෙම්වතාගෙන් ලත් දරුවා සමගින් මෙලොව තනිවී යයි!)

පෙම්බර මධූ චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර වචන ලියා පී එල් ඒ සෝමපාලගේ සංගීතයට වික්ටර් රත්නායකයක ගයන "පෙම්බර මධූ මගේ" ගීතයද එවන් නොරට මෙලඩියකි. එය පකිස්ථානු මෙලඩියක් යැයි; මෙම ලිපිය සම්පාදනය කිරීමට කරුණු එකතු කිරීම සඳහා අද උදෑසන ප්‍රවීන හිංදි ගී වැඩසටහන් ඉදිරිපත් කරණ්නෙකු වූ රංජිත් එදිරිසිංහයන් දූරකථනයෙන් සම්බන්ධ කරගත් මොහොතේ පැවසුවද එය 1976 වසරේ තිරගතවූ කබී කබී චිත්‍රපටයට මුකෙෂ් ගැයූ "කබී කබී මෙරෙ දිල් මේන් " ගීතයේ උනුසුම දැනී ඇත. කාලය ගෙවී යද්දීමුළු ගීතයම ඒ ආකාරයෙන්ම සිංහලට නොගෙන "ජාමෙ බේරාගෙන  වැඩේ ගොඩදාගන්නා හැටි" අපේ තනු නිර්මාපකයින් පුරුදුව සිට ඇත. ඒ නිසාම "පෙම්බර මධු" ගීතයේ මෙලඩියේ  හා කබී ගීතයේ මෙලඩියේ ටච් එක තියෙනවාදැයි කියා සිතා ගැනීමට නොහැකි තරම්ය!

පසුව හොයාගෙන යන විට එම ගීතයේද අක්මුල් සොයා ගන්නට  ලැබුනි. එය උර්දු බසින් ගැයුණු ගීයකි. 1971 සැම්තැම්බර් මස 17 වන දින තිරගත වීම ඇරඹි  Chiragh Kahan Roshini Kahan චිත්‍ර පටයේ මෙය ගැයුනි. මෙම ගීතය ඇතුලත් චිත්‍ර පටය ඉන්දියාවේදි හින්දි චිත්‍ර පටයක් ලෙසද පාකිස්ථානයේදී උර්දු බසින්ද නිමවා ඇත. මෙම උර්දු චිත්‍රපටයට මෙම ගීතය ගයා ඇත්තේ Masood Ranaa නමැති ගායකයා විසින්ය! මෙතැනින් අසා බලන්න! 

දැන් ඊළඟට කථා කලයුතු වැදගත්ම දේ වන්නේ හිංදි අනුකාරක ගීයක් නිර්මාණය පහසු කටයුත්තක්දැයි කියා විමසීමය. ගීතයක් යනු තුන් ඈඳුතු නිර්මාන කාර්‍යයකි. ගීත රචකයකු තනුවකට වචන ලිවීම නැතිනම් පද එක් කිරීම කෙතරම් අපහසු දැයි ඔබ මොහොතකට සිතුවාද?

මේ බලන්න දීපිකා ප්‍රියදර්ශණී ගයන සුනිල් ආර් ගමගේ රචනා කල මේ ගීතය ගැන සිතන්න.

 "කවිය ඔබ  

 තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී

සිත දෙගිඩියාවෙන් තව නොලියූ

කවිය ඔබ - කවිය ඔබ"

මේ ගීතය කිසිදා අසා නැති අයෙකු ; මෙම පද මාලාව දුටු විට; "පුළුවන්නම් සිංදුවක් කරලා පෙන්නපන් කෝ!" අරියාදුවට ලියූ වචන පෙලක් සේ දැනෙනු ඇත! ඒ මන්ද එහි එළි සමයක් හෝ රිද්මයක් දක්නට නොමැති වීමයි. තවත් ලෙසකින් පවසනවානම් කවියා තම නිදහස උපරිමයෙන් ගෙන පබැදූ කවි පෙලක් සේ එය පෙනේ.

එහෙත් ඔබ සිතන්න මෙලඩියකට පද ගැලපීමේදී එය කෙතරම් අසීරු කාරණයක් වනවාදැයි කියා!? මන්ද මෙලඩිය තුල ගැයෙනවා වගේම ගීතයේ ලය හා සෘතියට එය ගැලපිය යුතුය. එසේ නැතිව ඉබාගාතේ යන වචන වලින් මෙලඩිය පුරවා ලීමෙන් සාර්ථක ගීතයක් නිර්මාණය කරගත නොහැක!

මහේන්ද්‍ර
මේ බලන්න මේ ගීත දෙක අහලාම. පලමු ගීතය මහේන්ද්‍ර කපූර් විසින් 1967 වසරේදී "හම්රාzස්" චිත්‍රපටයට ගැයූවක්.  1970 දී "දැන් මතකද?" චිත්‍රපටයට ගැයුනු "මේ සීත සුව දෙන රැයේ" යන මේ ගීත දෙකම  එක දිගට මෙතැනින් අසා බලන්න.

දැන් මෙයට සවන් දෙන්න!  ඒ  කුමන ගීතයේ අනුවාදනයද? ඔව් එය "නින්ද නේන රාත්‍රියේ ගීතයේ නම් මෙයටත් සවන් දෙන්න! ඒ කුමන ගීතයේ අනුවාදනයද? ඒ "චාවුද්වින් ක චාන්ද් හෝ" රාෆිගේ ගීතයයි.  එහෙත් මුල් අනුවාදනය සවන් දෙන විට එය කෙතරම් දුරකට "අපේ" කරගෙන අයිති කර ගෙන සිටිනවා දැයි ඔබට සිතා ගත හැකිද? ඉංදියාවෙන් ඉල්ලා ගත් රෙදි කැබැල්ලක් වුවත් ගීත රචකයා වන අජන්තා රණසිංහ හා ගායකයා වන එච් ආර් ජෝතිපාල  එය අපේ මිම්මට මසා ඇති අයුරු කෙතරම් අපූරුද? ජෝතිගේ ගීතයත් මෙතනින් අහලාම යං!

 (නින්ද යන්නෑ! සිංදුවක් ලියන්නෝන!  හ්ම්ම් . .  නින්ද නේන රාත්‍රියේ . . . . හරි!!)
මේ ගීතය පිළිබඳව අදහස් දක්වන; පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රූපවාහිණී හා මාධ්‍ය අංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය අතුල සමරකෝන් මහතා පැවසූවේ හරි අපූරු කථාවකි. එනම් ඔහු ඉංදියාවට ගිය අවස්ථවකදී හමුවූ පිරිසක් පවසා ඇත්තේ මෙම මෙලඩියේ ඔරිජිනල් හිංදි ගීතයට වඩා සුන්දරව ජෝති ගයන බවය!

අරථ රසය හා මෙලඩියට අනුව වචන ලිවීම පහසු කටයුත්තක් නොවේ. ගායකායා හට මුහුණ දීමට සිදුවන්නේ ඊටත් වඩා අසීරු තාවයකටය. දැනට ගයා ඇති ගීතයක මෙලඩියකට ගයන විට  අසන්නන්හට එය සංසන්ධනාතමකව බැලීමට නිර්ණායකයක් තිබීම කෙතරම් අභියෝගයක්ද? මීට මා කදිම උදාහරණයක් දක්වන්නම්. මේ භාරතයේ මහා සංගීතඥ්ඥයෙකු වන නෞෂාඩ් අලී  ගේ  දැවැන්ත ඔකේස්ට්‍රාව ඉදිරියේ මොහමඩ් රෆි "ඕ දුනියාකේ රඛ වාලේ" ගීතය ගැයූ අයුරියි. මෙතැනින් අහලම බලන්නකෝ. මේ එම ගීතයම භාරතයේ යේසුදාස්ගේ හඬින් මෙතැනින් අහන්න!

නෞෂාඩ්
රෆි

අවසාන වශයෙන් අපේ මොහොදීන් බෙග් ගේ හඬින් එම ගීතයේ සිංහල ගීතය වන "මායා" මෙතැනින් අසා තේරුම් ගන්න ස්වර තන්ත්‍ර නිර්නාණයකට වඩා අනුකාරක ගීතයක් ගැයීමේදී ගායකයාට  ඇති අභියෝග කෙතරම්දැයි කියා!?

අවසාන වශයෙන් මම මේ කථිකාවට සම්බන්ධ කර ගත්තේ විශාරද ආනන්ද රාජපක්ෂවයන් ය!  " අනන්ද අයියා" ලෙස ආදරයෙන් හඳුන්වන ඔහු පිළිබඳව මීට පෙරද මා ලියා ඇති අතර ඔහු මෙරට සිටින හිංදි ගී ගයන හා ගැයුව හැකි හඬකට හිමිකම් කියන අයෙකි. මහේන්ද්‍ර කපූර්ගේ හඬට සබැඳි හඬකට හිමිකම් කියන ඔහු සමග කෙරුණු කතා බහේදී ඔහු හිංදි අනුකාරක ගීත හැඳිවූයේ "සරළ වූවාට බොළඳ නොවුනු" ගීත සම්ප්‍රදායක් ලෙසය. 
ඔහුගේ ප්‍රකාශයේ පරිදි නුවන් ගුණවර්ධනගේ "කිරි මුහුදු වෙරළේ . . . " ගීතය සේම හරූන් කුමාර් ලන්ත්‍රා ගයන "මගෙ නාමලී බැඳි ආදරෙන් . . ." ගීතය පවා හිංදි අනුකාරක ගීතයන්ය. එසේම හින්දුස්ථානී රාගධාරී සංගීතයට අනුව ගැයුණු ගීතත් මෙසේ අප බැහැර කලයුතු දැයි ඔහු අසයි.

" මන්නාරම් පිටි වැල්ලේ - ෆ්‍රෙඩී සිල්වා "
" ඉර පායා. . . ඉර පායා . . . සමිතා මුදුන්කොටුව"
"මධුර යාමේ  . . සුවදෙ සාමේ . . . . මුත්තුසාමි"
"මනරංජණ දර්ශණීය ලංකා . . . කේ රාණි"
"අතීතය සිහිණයක් පමණයි . . .  කරුණාරත්න දිවුල්ගනේ"

මේ සියළු ගීත හිඳුස්ථානී සංගීතයේ එන "බූපාලි" රාගයට අනුව ගැයුණු ගීත වේ. මේවාත් හිංදි කොපි ලෙස අප බැහැර කරණ්නෙමුද?  

මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් සම්බන්ද කර ගැණීමට ගත් අවසාන උත්සාහය අවසාන වූයේ  "හෙට කථා කරමු!" යන පොරොන්දුව මතය! "හෙට" එතුමා කථ කලොත් එයත් මෙම ලිපියට ඇතුලත් කරණ්නම්! එතෙක් කියවන්න!

Wednesday, April 15, 2020

169. මියැසිය ගැන තවත් කථා

වැඩි දෙනාගේ සිතසුව පිණිස!

මා බ්ලොගයක් ලියන බව දන්නේ බොහෝ සීමිත මිත්‍රයින් පිරිසකි.  
එය දැනගත්තද බ්ලොගයකට පිවිස එය කියවන්නට තරම් අවශ්‍යතාවයක් අත්තේද උන් අතරිණ් ද ඉතා සීමිත කොටසකි.
කළුගඟ දිගේ සුදා සමග යන ගමනේදී වරෙක මම ඔහුගෙන් විමසූ පැනයක් විය.
"ඈ මල්ලි උඹගෙ ඔෆිස් එකේ පොරවල් මොනවද මගෙ බ්ලොග් එකට කියන්නේ?"
සුදා ඊට දුන්නේ ඉතා කෙටි පිළිතුරකි.
" බස් වල බෝඩ් එක ඇරෙණ්න වෙන මොනවත් කියවන එවුන් අපේ ඔෆිස් එකේ නෑ අයියේ" කියාය.
කියන්නට ඉතා සතුටුය.
මාහට ඉන්නේද එවන්ම වූ කළණ මිතු කුලකයකි!
ඒ කෙසේ වෙතත්  මා පෝස්ටුවක් දාගත් මොහොතේ පටන් දන්නා කියන එවුන් කිහිප දෙනෙකුට කෝල් කර "මචං බැලුවාදැයි?  කන්දොස් කිරියාවක යෙදීමේ කැත පුරුද්දක් මාහට ඇත.
අවසාන පෝස්ටුව පිළිබඳව එසේ දැනුවත් කිරීමෙන් අනතුරුව නැවත වතාවක් "වෙරි ෆයි!" කිරීමක නැතහොත් "ක්‍රොස් චෙක් කිරීමට" යාමේදී උන් කට පුරා පවසුවේ කවුද  බං උඹේ  ඔය පතරංග ජාතක කියවන්නේ කියලාය.
එහෙනම් බලාගනිල්ලා. මේ උඹලාගේ සිතසුව පිණිසය.


"පැසුණු වී කරල් - මොනතරම් ලඟද මහ පොළොවට"

මගේ ජීවිතයේ වරක් මා අමරදේව මහතා ඉදිරියේ ඔහුගේ ගීතයක් කීවෙමි. (ගැයුවෙමි නොව කීවෙමි!)
එලෙසම ඒ අහම්බය ගැන වරක් මා  ලියා ඇත. 
https://thattayagekolama.blogspot.com/p/blog-page_14.html
දින ඔහුගේ හඬින් කිසියම් ගීතයක් ගායනා කර ඇසීමට උපන් ආශාව නිසා එය මතක් කිරීමට; කිසිදු  බයකින් හැකකින් චකිතයකින් තොරව  එම ගීතයේ මුල් කොටස ගායනා කර; එම ගීතය ගායනා නොකල යුත්තේ කෙසේදැයි කියා දුන්නෙමි.
එම ගීතය ගායනා කල මොහොතේ . . . . . . . 
එතුමාත් මාත් සිටියේ යකඩ පට්ටමින් කල අලවට්ටං රූපයක හෙවත් ග්‍රිල් එකක දෙපසින් වීම, 
අප එකිනෙකා හඳුනා ගැනීමට නොහැකි රාත්‍රියක සිදුවීම හා කිසිදු පහන් ආලෝකයක් නොතිබීම, 
මා සැක කරණ පරිදි එතුමා මධුවිතෙන් සැරසී ආතල් එකේ ඉන්නා වේලාවක් වීම, 
මේ සියළු දේට වඩා හිසමතට කුරුම්බැට්ටියක් කඩා වැටුනද එය; ඔහුගේ වචනයෙන් පවසන ආකාරයට "මුදිතා ගුණ බරිතව විඳදරා ගැනීමට " හැකිලෙස සංගීත ස්වර මාධුර්‍යය තුලින්ම ඇතිකර ගෙන ඇති හික්මීම යන කරුණු නිසා මා අතක් පයක් නොකඩා ගෙන ගෙදර ඇවිත් දත් සමගින් බත් කෑමට වාසනා ගුණයක් සහිත වුනෙමි!


නැගලා යන කාලේ රූකාන්ත!

මම ඔය කියනා කාලය වනකොට රූකාන්ත "බඹරපහස" කැසට් එක ගහලා පීක් එකේ ඉන්නා කාලෙයි. 
ඔය කාලෙ ආපි සැවොම රූකාන්තට එකෙන්ම ලව් කරපු කාලෙ.
මට ඕන උනා රූකාන්ත ගැන අමරදේව මහත්ත්යාගෙන් සුභවාදී ප්‍රකාශයක් රැගෙන සමාජ ගත කරණ්න. 
සත්තකින්ම මාගේ දැනීමේ පරිදි පලමුවරට එවන් ප්‍රකාශයක් ලියැවුනේ මගේ අතිනි.
"ඔහු දක්ෂයෙක්!" මා ලියා තැබුවා.
ඒ මා "අමරදේව මහත්තයා රූකාන්ත කොහොමද?" කියා මා ලයිට් එකේ ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුරය!
කොහොමත් අමරදේව මහතාගෙන් මා ඔහු ඉදිරියේ ගීතය ගායනා කල දිනට පසු දින; වෙන අයෙකු ප්‍රශ්න කලහොත් "පෙරදින රාත්‍රියේ ඔබ හමුවූ තරුණයාගේ ගායනය කෙලෙසදැයි?" කියා එතුමා ඊට දෙන්නේද "ඔහු දක්ෂයෙක්!" කියන පිළිතුරමය.
ඔහු එතරංම නිරහංකාර ගති ගුනයන්ගෙන් පිරුණු අයෙක් විය.

"පැසුණු වී කරල් - මොනතරම් ලඟද මහ පොළොවට" යන්නට දිය හැකි හොඳම උදාහරණය පණ්ඩිත් අමරදේවයන්ය!


නලීන් මහේෂ් පෙරේරා විසින් රචිත මාර්ටින් වික්‍රමසිංහ  - මැදපංතික දෘෂ්ඨියේ කැඩපත; සාහිත්‍ය කලා ලිපි එකතුවක් යන පොතේ  "අරුණෝදයේ ගී හඬ - අමරදේව ගැන අදහසක්" ලිපියේ ශීර්ෂය මත අමරදේවයන් 1990/06/12 දින තැබූ සමරුව.
"ඔබහට ලෝකය සාදා දී මිස යා නොහැකිය මගෙ පුංචි පුතුන් - ඩබ්ලිව් ඩී අමරදේව"


1956 මේරටේ සිදුවූයේ සමාජවාදී විප්ලවය සිදුවුනැයි විශ්වාසයෙන් ගැයුණු මේ ගීතය රසවිඳ බලන්න.
(මෙම ගීතයේ වලිගය අල්ලාගෙන ඔළුව සොයමින් කරකැවෙමින් සිටිනා විට එය අතටම අල්ලා දුන් සිංදුඇනෝව මා භක්ත්‍යාදරයෙන් යුතුව සිහිපත් කරමි!)
මේ හමුව පිළිබඳව වෙනත් දිනෙක මා ලියා තබන්නම්, එය ඉතා රසවත් මතකයක්.

ඒ දිනවල නවයුගය පත්තරයේ දිගට හරහට විරෝධාකල්ප ගීතවලට මරෝ කියලා ගහන කාලේ!
මට ලැබුනා අවස්ථාවක් රූකාන්ත එක්ක සම්මුඛ සාකච්ඡාවක් හෙවත් ඉන්ටර්විව් එකක් ගන්න. 
මේ වැඩේ මට පවරණ්නේ එහි එකල කතුවර අජන්තා රණසිංහ මහත්තයා. 
එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ ගල්කිස්සේ ඉලෙක්ට් ශබ්ධාගාරයේ. ඔහුගෙන් මා ඇසූ පලමු පැනය වූයේ "ඔබ පිළිබඳව; ඔබ හඳුන්වනවා නම්?" කියාය. 
ඔහු ඊට දුන්  දුන්නේ සුපිරි පිළිතුරකි.
"තමන්ගේම තනුවකට තමන්ගේම ගීතයක් ශබ්ධාගාරයක් තුල පටිගත වෙද්දී එම ශිල්පීන් හට බොන්නට; ඉහිරී යනවාට කෙමියට කඩදාසි ඇබයක් ගැසූ තේ පෝච්චියක තේ වතුර;  රැගෙන ආ සංගීත වේදියෙකු ලෙස" මේ ඔහුගේ වචන ය.


1990 ජුලි 11 නවයුගය 
(තිස් වසරකට පෙර)
කෙටි කලක් ගෙවී ගියේය. 
මා එකල සිටියේ මෙකල අමෙරිකාවේ බෝස්ටන් නුවර පැලපදියම් වී සිටින පිටකෝට්ටේ සුජීවලාගේ ගෙදරය. 
සුජීවලාගේ ලඟම ඥාති සම්බන්ධයක් ඇති පවුලක් රත්නපුර මල්වල පාරේ; දැක්කාම මැරෙණ්නට හිතෙන කනත්තට ආසන්නව සිටියේය. 
එම පිරිසේ සිටි වැඩිමහළු කොළුවා ගිමන්තය. 
පසු කලෙක මා සතුවද පැවති එසේම අකාලයේ වියෝවූ ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් 1210 වර්ගයේ ෆෝ වීල් රථයක් එකල ඔහුද සතු විය. 


ඉන්ටර්නැෂනල් හාවෙස්ටරයක්

ගිමන්තලා නිතර සුජීවලාගේ ගෙදර ආගිය අතර ඔවුන් හා මා අතරද ඇයි හොඳැයියක් පැවතුනි.
ගිමන්තලාහට රෙකොර්ඩ් බාරයක් රත්නපුර නගරයේ වුනු බව යාන්තමින් මට මතකය. 
මෙනිසා හෝ වෙනයම් මාර්ගයකින් රූකාන්ත හා ගිමන්ත අතර පැවතුනේ එළම ෆිට් එකකි.

දිනක් රත්නපුර සිට ගිමන්ත හා ඔහුගේ සොහොයුරන් මිත්‍රාදීන් පිරිසක්  සුජීවලාගේ ගෙදරට කඩා වැදුනි. 
සුජීවටද තවත් සොහොයුරන් දෙදෙනෙකු සිටිය අතර ඔහුගේ තවත්  ඥාති සොහොයුරන් පිරිසක් හා මිතුරන් පිරිසක්ද එදින් එතැනට සෙටමෝල් වී සිටියහ.
මොහොතකින් එතැන සිටි අයෙකුට ආවේ මරු අදහසකි.
"මොකද කියන්නේ පාලිමන්ට් ග්‍රවුන්ඩ්ස් යංද?"
කියන සුනංගුවට සියල්ල එකෙන්ම වැඩේට සෙට් විය. 
වෙලාව රාත්‍රී 7.00 ට පමණ ඇත. පිරිස  දහ පහලොවකි. එතැන සිටි වයසින් වැඩිම පිරිස වූයේ ගිමන්තත්, මමත් සුජීගේ අයියා රොටියාත් ය. කට්ටිය වාහන දෙකකට පැක් උනෙමු.  
පිටකොට්ටෙන් ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ලෙන් අඩු වැඩිය උපයා සපයා ගෙන අප පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් දෙසට යොමුවිය.
සියළු බර පැන ගිමාගෙන් බව යාන්තමින් මතකය. 
අප පාර්ලිමන්ට් මාර්ගයට පිළිපන්ව මොහොතක් රැඳී සිටියේ බත්තර මුල්ල දෙසට ගිය අපගේ අනෙක් වාහනය එන තෙක්ය. 

මොහොතකින් ගිමාට වඩාත් සොමි අදහසක් ආවේය.
"මචං රූකාන්තයාට එන්න කියමුද?"
"අම්මට සිරි එලනෙ!"
ගිමා තුන් හතර වතාවක් මහන්සි වී රාකාන්තව සම්බන්ධ කරගෙන  ඔහුව වැඩේට එකඟ කර ගත්තේය.  
අපගේ සියල්ල එතැනට එක්වී සිටි මොහොතේ තවත් අවශ්‍යතාවයක් පන නැගුණි. 
ඒ චන්ද්‍රලේඛා සඳහා සින්සානෝ එකක් ගෙන ඒමය. මෙය කවර ආකාරයකින් ඉස්මතුවූ අවශ්‍යතාවයක් දැයි මා නොදනිමි. 
මා විශ්වාස කරණ්නේ එය රූකාන්තගේ ඉල්ලීමක් ලෙසය! 
නැවතත් වාහනයක් සින්සානෝ පිණිස ඉගිල ගිය අතර කුමන හෝ ලෙසකින් මතුවූ අළුත් අදහස වූයේ ගෝල්ෆේස් යෑමටය. 
එය රූකාන්ත වෙතින් වූ යෝජනාවක්දැයි මා සිතමි.
මේ වන විට රාත්‍රී 9.00 ට ආසන්නවය.



මෙය කියවන ඔබ මධුවිත රස වීඳින්නෙක් නම් බෝතලයක් ළඟ තබාගෙන බොන්නට පටන් නොගෙන පෙරං ගෑම කොතරම් මිහිරි අත්දැකීමක් දැයි සිතා ගත් හැකිවනු ඇත.

"මොකද්ද බං බොනව නං බොමුකො බං!"
"දැන් කීයද බලපං!"
"හරි පොඩ්ඩක් තව ඉම්මු බං"
"හරි බං ඌත් එක්ක බොන්න නොවෙයිනෙ අපි ආවේ!"
"ඌ ආවාම ම්මර සොමි බං!" 
"ඔච්චර හදිස්සිනම් මූ ට ඔඅය බෝතලයක් කඩල දියං"

මෙවන් බස් දෙබස් අප සිටි තැන වාතලයට මුසු වෙද්දී අප ගෝල් ෆේස් දෙසට යාත්‍රා කරණ්නට වුනෙමු. 
අප සමග රූකාන්ත හා චන්ද්‍ර ලේඛා පැමිණියේදැයි මා හට විශ්වාසයෙන් අද කියන්නට නොහැකි වූවාට ගෝල්ෆේස් පිට්ටනියේදී ඔවුන් මතුව සිටියහ.
අපරාදෙ කියන්නට නොහැක. 
දැන් වේලාව රාත්‍රී 10 පසුව ගොස්ය. 
තවමත් අප බොන්නට සැර සෙමින්ය.
පිරිසෙන් බොහොමයක් රූකාන්තලා වටකරගෙන් ඔවුන්ගේ කයි කතාන්දර අසමින්ය.

මා හා තවත් කටුවටත් නැති වහල්ලටත් නැති හතර පස් දෙනෙක්; "මුන් දෙන්නෙක් සුපිරියටම අපේ ආතල් එක රාත්‍රී ආහාර පිණිස ගනිමින් සිටීම" ගැන වහසි බස් මුමුණමින්ය.
තවත් බොහෝ දෙනෙකු සිටියේ බීම පටං ගැනීමට වඩා රූකාන්තගේ ගීත ඇසීමට සැදී පැහැදීය. 
කාලය තවත්; තත්පර 80 වේ පමන විනාඩි 15 - 20 යන විට අපේ බර බරයේ උච්ඡස්ථානයට දොළ පිදේනියක් ලෙස එක් බෝතලයක් ඇරුණි. 
ඉතියෝපියාවට පාන් රාත්තලක් දැමූ ලෙස එය වාෂ්පවී ගියේ බෝතලය ගුවනේ තබාය.
බෝතලය ගුවනේ තබා කීවේ බෝතලය අතින් අත එහාට මෙහාට මාරු වූවා මිසෙක ආසාවට එය බිම නොතැබුණු නිසාය.
එයින් උද්දීපනය වූ අප දෙවෙනි බෝතලයද අපයෝජනය කලෙමු.
මෙසේ එක් පසෙක මෙම කටයුතු උද්වේගකරව සිදුවෙද්දී පිරිසක් තවමත්; "තමා මෙම ස්ථානයට පැමිණීමේ දුලභ අවස්ථාව" පිළිබඳව; රූකාන්ත විසින් පවත්වන ලබන බයිලාවට සවන් දෙමින් විය.


"මල්ලි මොකද කියන්නේ ඌට බම්බු ගහගන්න කියලා අපි කියමු බං සිංදුවක්! (බම්බු ගහගන්නට වඩා; වඩාත් ගැලපෙන ග්‍රාම්‍ය නොසරුප් වදනක් ඊට යොදා ගත් බව මතකය!)
මෙතන සියළුදෙනාම රූකාන්තගේ සිංදු අහන්නට නොනිත් ආශාවෙන් සිටි එම රැයේ අප වික්ටර්ගේ සිංදුවකින් වැඩ ඇල්ලුවෙමු. 
මගේ තක්කඩි අදහසට තවත් මා මෙන්ම මෙලෝරහක් නැති කිහිප දෙනෙක්ද එකතු උනේය. 
වැඩේ නැගලා යන්නට විය.
සිංදුව අනෙක් කිහිප දෙනා ගායනා කරණාතුර මා ඔවුන්ගේ කණට තවත් විසක් එබ්බුවෙමි.
"මචං නිකං වත් උගෙ සිංදු එහෙම කියන්න පටන් ගන්න එපා හරේ . . !"
අද දිනත් එකසේ හද පොපියවන 
"සිසිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසුවේ . . //" 
ගීතයෙන් අප ස්ථාවර අත්තිවාරමක් දමා ගතිමු.
රත්‍රී 11.00 පසුවන විට අප එකසිය ගානට ගසලාය! 
කවුරු බීවාද කවුරු නොබීවාද කියා කිසිවෙකු කෙසේ වෙතත් මානම් නොදනිමි. 
ඒ කෙසේ වෙතත් "අපගේ රූකාන්ත විරෝධී ගීරාවය" සිරාවටම නැගලා ගියේය.
ජෝති, ඇමැස්, මිල්ටන් දෙපල, වික්ටර්, ටැක්ටර්,බෙග් සියල්ල අප වේදිකාවට නැංවූයෙමු. 
ගීත අරඹන අප කිහිප දෙනා විසින් සූක්ෂමව රූකානතව වේදිකාවට වද්දා නොගැනීමට පරිස්සම් වුනෙමු.
තවත් ස්වල්ප වේලාවකින් කළුවරේම ගිමා මා අසලට පැමිණ "මචං අපි ආවේ අරූගේ සිංදු අහන්නනේ?" කියා කේස් එකක් ෆයිල් කෙරුවේය.
"හරි බං ඌට ඕනෙ නම් ඇවිල්ලා කියන්න කියපං!" මමත් නොඇඹරුනෙමි.
"ඌ එකසිය ගානට අවුලෙ ඉන්නේ! පොඩ්ඩක් ඇවිත් ඌට එන්න කියලා කතා කරපං!" ඒ ගිමාගේ  විධානය මුසු ඉල්ලිමකි.
මම ටික වේලාවක්  අදිමදි කිරීමෙන් පසු රූකාන්ත ලඟට නැගිට ගියෙමි.
හාත්පස දැඩි කළුවරය. 
ගෝල්ෆේස් පිට්ටනියේ අප හැර වෙන කිසිවෙකු සිටින වගක් නොපෙනේ.
මා ඉස්සරහට පස්සට තල්ලුවෙමින් මහත් ආයාසයෙන් ඉනෙන් පහල සමග ඉහල කොටස එකට ගමන් කරවමින් රූකාන්ත වැනිවූ ඡායාව වෙත නැඹුරු උනෙමි.
ගායකයාගේ බොක්කටම කථා කිරීම මාගේ අභිලාෂය විය.
මගේ සිතට පොටක් පෑදුනි!
"හරි දෙන්නම් වැඩේ . . . . !" මම මටම කියාගෙන කථාව අවදිකලෙමි.

"ම් . .මශං! ශෲකාන්ට! ඔයියාට මතකද කාට හරි කිව්වා ඔයාගෙම ශින්ඩුවක රෙකෝර්ඩින් එක යන කොට ඉශ්ටුඩියෝ එකේ ඉටිය ආටිශ්ලට කේතලේට පත්තර කඩ දාශියක් ගාං මොකද්ද මේ . . කින්ශි පාරෙ . . . .  . . .!?!?!?" මට කියන්නය ලැබුනේ එපමනකි.

රූකාන්ත කටහඬ අවදිකලේය.

"ගිමා! ගිමා!! කවුද බං මේවගේ තැන් වලට පත්තර කාරයො අරං එන්නේ . . . !?!?"

ඩෝප් මරගාතේ සිටියද ඒ වදන් පෙළ ඇසීමෙන් මා  දැඩි කම්පනයකට පත්විය!

සුපිරිම ගනයේ වළියකට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අඩු නැතිව එතැනට සමපාතවී තිබුනි. 
තවත් නිමේශයකින් කාගෙ කාගෙ හරි හොම්බයි කටයි  - බොම්බයි මොටයි වීමට සියළු සාධාරණ හේතු කාරණා වියුත්පන්න වී තිබුණු එම මොහොත මා; පන්දුව විකට් රකින්නා අතට; නිදැල්ලේ  යාමට ඉඩ හැරියේ ඇයිදැයි අදටත් මට ප්‍රහේළිකාවකි.
සමහර විට කවුරු හෝ මාව ඉවතට කැඳවාගෙන යන්නට ඇති. 
නො එසේනම් කිසි කලෙකත් අපේක්ෂා නොකල ප්‍රකාශයකින් මා වික්ෂිප්ත වන්නට ඇත.
මන්ද; තමා පිළිබඳව ලිපියක් ලියවා ගැනීමට ලැබෙන අව්ස්ථාවකදී ඔවුන් පත්තර කාරයින් හට සලකන අයුරු; මා ඔහු තුලින්ද ඊට මසකට පෙර අත්දුටු හෙයින්ය.

"මොකටද බං උඹ පත්තර රෙද්දක් එතන කියන්න ගියේ . . .?" ගිමා තවත් මොනවාදෝ කියවා ගෙන ගියේය.
තවත් මොහොතකින් මාවෙත ලැබුනු ආරංචිය වූයේ රූකාන්ත අඬන බවය. 
මෙය "අඬන" නොව අඬනම විය!
රූකාන්ත ගායනා නොකලාට අපි ඒවන විට ගීත 20-30 ක් ගායනා කොට තිබුණි. 
කන සාක්කුවේ වැටෙන්නට සන්තර්පනය වී සිටියෙමු. 
මොන මොනවාදෝ "මකන කෑලි" ටිකක් බඩට දාගෙන තිබුනු එම රාත්‍රියේ රූකාන්තගේ ගීත සවන්දීමේ බලාපොරොත්තුවෙන් සිටි හුදී ජනයාට එය අමතක කර දැමීමට සිදුවුනු අතර අවසානයේ පාටිය සුනේ සුන් වී ආතල් එක මුහුදට දැමීමට සිදුවිය!
එතැන් සිට අපගේ සෙටමොල් වීම; මලගෙයක සිරි ගත්තේය. 
පිරිස කණ්ඩායම් තුන හතරකට ගොනු වී පශ්චාත් මරණ පරීක්ෂනය පැවත් වූහ!
අප කිහිප දෙනෙක් අපගේ ස්ථාවරයේ සිටි අතර ඉතුරු බිතුරු ටික කා බී විනාස කලහ!
කෙසේ වෙතත් කුමන හේතු කාරණාවක් නිසා හෝ මා ගෝල් ෆේස් පිටියේ තනිකර නො එන්නට තරම් ගිමා ඇතුළු පිරිස කාරුණිකවී ඇතිබව තේරුම් යනවිට පසු දින දහවල් වී තිබුණි ෴

Thursday, April 9, 2020

167. එඩ්වඩ් ජයකොඩි!


අපි ඉස්කෝලෙ යන කාලෙ ඔය කියන්නෙ 1979 දී විතර අපේ ඉස්කෝලෙ පොඩි ගායක කණ්ඩායමක් හැදුවා. ඒක කුමන අරමුණකින් හැදුව එකක්දැයි කියන්නට මා අදටත් නොදන්නා අතර මේකෙ මූලික වෙලා කටයුතු කලේ අපේ සංගීත සර් පතිරණ මහත්තයා. 
අපි පුහුණු වුනේ වෙනත් පාසලක තිබුනු ප්‍රසංගයක් වෙනුවෙන්. පුහුණුවීමේ අවසන් දිනයේ පෙරහුරුව වෙලාවේදී මෙතනට ආවා නන්නාදුණනා අමුත්තන් දෙදෙනෙක්. 
එතැන හිටිය උස් කඩවසම් අමුත්තා අපේ පතිරණ සර් එක්ක පොඩි පහේ කයිවාරුවක යෙදිලා ඊළඟට එතැන තිබුණු සර්පිනාව හෙවත් හාර්මෝනියම් එක ගුරු මේසය උඩට ගත්තා. 
එතෙක් හාර්මෝනියම් එක වාදනය කරමින් අපිට ගීත පුහුණු කරමින් හිටිය පතිරණ සර් එතැනින් තබ්ලාව ඉදිරියට මාරු උනා.

පතිරණ සර් කියන්නේ කට්ට කළු ඩෑල් එකක්. එයාගේ කට නිකං දුං ගහපු කජු ලෙලි වාගේ කට්ට කළුයි. මොකද ඒතරම් සිගරට් කාපු නිසා. 
මේ සර්ට ඒකාලේ වයස අවුරුදු 40 - 45 ක් විතර ඇති. ප්‍රේම සම්බන්ධයක් කඩා වැටීම නිසා අවිවාහකව ඉන්නා කට කතාවකුත් සර් වටා ගෙතිලා තිබුනා.
පතිරන සර් තබ්ලා උස්තාද් කෙනෙක්.  එයා එතෙක් වාදනය කරමින් තිබුනු හර්මෝනියම් එක මේ පැමිණි අමුත්තාට භාර දීලා තබ්ලාව ඉස්සරහින් වාඩි උනේ එතෙක් තබ්ලාවට තට්ටු දම දමා හිටිය හේමක අයියාව තල්ලු කර දමමින්!
සර් ට ඒ තරම් ගැම්ම!

අපි පුහුණු උනු ගීත අතර සරල ගීත,ජන ගීත හා නුත්‍ය ගීත තිබුනා. 
චාල්ස් ඩයස් මහතාගේ සිවම්මා ධනපාල නාට්‍යයයේ "ආරණ්‍යයේ ඉන්නාමේ රම්‍යයා කතේ" ඒ වගේම නීතීඥ්ඥ ජෝන්ද සිල්වා මහතාගේ රත්නාවලී නාටකයේ එන  මා ළඳවත තාරපතී අඳුරේ ලාපී - ලාක්ෂණවී" ගීත දෙක තමයි නුත්‍ය ගීත විදියට තිබුනේ. 
ඒ දෙකම අපි ගැම්මෙන්ම කියපු සින්දු!
ඉතින් අර ආපු තරුණ මහත්තයා අපිට සෘථිය අරණ් දුන්නේ "ආරණ්‍යයේ ඉන්නා  . . " ගීතයට. පතිරන ස'රුත් අපි දිහා බලලා හොඳින් මෙන්ම හඬින් කියන ලෙස පොඩි ඉඟියක් කලා. 
ගීතය පටන් ගත්තා. 
අමුත්තාගේ හාර්මෝනියම් වාදනය හා පතිරණ සර්ගෙ තාල තරංග වාදනය හා එක්ව සංගීත කාමරය ගායනයෙන් පිරී ගියා!
අපිත් ගීතය එකසිය ගානටම කිව්වා.
අවසාන ප්‍රසංගයේදීවත් අපි ඒතරම් බොක්කෙන් කියන්න නැතිව ඇති. කණ්ඩායමේ 15 ක් පමණ හිටියා. 
දැනට සම්පත් බැංකුවේ පලාත් කළමණාකරුවෙකුව ඉන්නා  සිසිර දාබරේ,  දැනට දකුණු පලාතේ වෛද්‍ය අධ්‍යක්ෂක සිරිතුංග එහෙමත් එතැන හිටි බව මට මතකය.
අපි සියල්ල වටයක් සේ සෑදී බලා සිටියේ හාර්මොනියම් වාදනයේ සුන්දරත්වය හා තබ්ලාවේ වියමනය! 

මා; අදටත් පුරුද්දක් ලෙස හැකි සෑම දිනකදීම; රාත්‍රී නින්දට යෑමට පෙර උස්තාද් zසකීර් හුසේයින් ගේ හා ඔහුගේ පියතුමා වන උස්තාද් අල්ලා රක්ඛාගේ තබ්ලා වාදන රස විඳිමි.
 පාත්‍රි සතිශ් කුමාර් හා උස්තාද් zසකීර් හුසේන් ගේ මෘදංග හා තබ්ලා යුග ගායනය මා කොපමණ නම් රස විඳ ඇත්ද?

පාත්‍රි සතිශ් කුමාර් හා උස්තාද් zසකීර් හුසේන්

මේ එවන්ම වූ තාල තරංග වැයුමක්.මෙය රාජෙස්ථානයට ආවේනික Kartal / Kadthal යන නමින් හැඳින්වෙන සංගීත භාන්ඩයක්. කුඩා ලී පතුරු හතරකින් සැදුම් ලත් මෙහි මාධුර්‍යය ඔබම රස විඳ බලන්න.



එසේම "හෝපළු වනපෙතට" හේමපාල ගාල්ලගේ වැඩ කිඩ දමා තබ්ලාව වයන අයුරුද නරඹමි. 



මේ සියල්ලටම මුල් වූයේ පතිරණ සර්ගේ එදා තබ්ලාවෙන් කල විචිත්‍ර වියමණ වියයුතුය.
කාලය ගෙවී ගියේය.
තවත් වසර ගනනාවක් ගතවීමෙන් පසු එක් නව වසරක් ආරම්බයේ කිසියම් සිසුවෙකු අළුත් ආරංචියක් ගෙනාවේය. 
ඒ අපගෙ මෙතෙක් හිටපු සංගීත ගුරු පතිරණ සර් වෙනුවට අළුත් ගුරුතුමෙක් පාසැලට පැමිණි වගය. ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ගායෙකයෙකු බවද ඔහු කීවේය.
ගායකයාගේ නම කීවද එය එතෙක් අසා පුරුදු නමක් නොවුනේය. 
එකල නැගී එන ගායකයා වූයේ සුනිල් එදිරිසිංහය.
සුනිල්  ඒවන විට "සඳකඩ පහනක" කියා තිබුනත් ගායන ලොවේ දිග්විජය ඇරඹුවේ "චන්ද්‍ර මඬල බැද්ද වටින් . . " ගිතයෙනි. 

"මොනවද බං එයා කියලා තියෙන සිංදු . . !?"

"තාම එකයිද කොහෙද! දොඹ මළින් මලට රේනු සලන . . . .න . නන  . .න . නන නනා .//

ඒ අළුත් ගායක සර් ගැන මිත්‍රයා කීව අයුරුය. 
ඒවන විට අපගේ විෂය නිර්දේශයට තවදුරටත් සෞන්දර්‍ය විෂයක් අඩංගුව නොතිබුනි.
දිනක් අහම්බෙන් සංගීත කාමරය දෙසට යන විට ගායකයා ඇහැගැටුණි. මේ එදා පතිරණ සර් සමග හාර්මෝනියම් එක වාදනය කල තරුණයාය. .
ගයකයා නැගලා ආවේ "මේ මල් යායේ  . ."සමගය. 
තරුණ අපේ හිත්වලට ඔහු පැමිණියේ ඒ සමගය . 
අපගේ පාසල පමනක් නොව මුළු රටම එඩ්වඩ් ජයකොඩිව හඳුනා ගත්තේ ඒ සමගය.
කුමන කරුණක් නිසා හෝ අපි සංගීත කාමරයෙන් ඈත්වී තිබුණි. එයට අප පාසලේ භූගෝඅලීය පිහිටීමද හේතුවක් වන්නට ඇත.
මොන හේතුවක් නිසා හෝ එඩ්වඩ් සර් අපේ පාසලේ මහා කාලයක් රැඳී නොසිටි බව නම් මතකය. 
අපගේ පාසැල් ගීතයේ තනුවට පොඩි පහේ ඉන්ටර්ලූඩ් කෑල්ලක් දෙකක්  වැටී අලංකාර වූයේ මේ කාලයේය. 
එකල ඔහුගේ සංගීත කාමරයේ සිටි එක් සිසුවෙක් මතකයක් ලෙස තබමින් ඔහු නික්ම ගියේය. 
එම සිසුවා රොහාන් ශාන්ත බුලේගොඩයි.

මතකද ඒ හඬ? 
ඉටු නොවනා බව දැන සිටිනා මුදු - ඔබම පතා සිත පෙරුම් පුරයි


එඩ්වඩ් සර් ඉස්කෝලෙ  හිටිය මුළු කාලය තුල මම ඔහු හා කතා කොට ඇත්නම් ඒ දෙවරක් වගෙයි මතක. 
දවසක් මම නුගේගොඩ සව්සිරිය ඉස්සරහ හවසක ඉන්නවා සති අන්තයක. 
බස් හෝල්ට් එකේ කෙල්ලො කොල්ලෝ රොත්තක් රොටරියෙන් එළියට බැහැපු. 
මමත් ඉන්නවා අයිනක. 
කෙල්ලො කොල්ලෝ ටික මගේ පසුපසින් තිබුණු සව්සිරිය දිහා ඇස් පිල්ලන් නොගහ බලාන ඉන්නවා.  
මමත් නිකමට වගේ බැලුවා. 
මං හිටිය තැනට අඩි10 - 12 ඈතින් එඩ්වඩ් ජයකොඩි - එඩ්වඩ් සර්! එඩ්වඩ් සර් පීක් එකේ හිටපු කාලේ. 
කෙල්ලො කොල්ලො පිස්සු වැටිලා. 
එඩ්වඩ් සර් තම සුපුරුදු සුපසන් සිනහවෙන් මුව සරසාගෙන.

මම සර් දිහා බලලා ඉස්සරහ බලා ගත්තා. 
සර් මාව දැක්කද නොදැක්කද මන්දා. දැක්කත් එයා මාව අඳුන ගනී යැ!?
තප්පරයක් ගියේ නෑ මගේ ළඟ හිටපු කොළුවෙක් මගේ පිටට තට්ටුවක් දැම්මා! 
"ඔයාට කතා කරනවා . . !?"
මම පස්ස හැරිලා බැලුවා.
"හරි ගියාම ඔහොමතමයි! අපිව අඳුනන්නෙත් නෑ නේද?" එඩ්වඩ් සර් සව්සිරියේ උඩ පඩියෙ ඉඳන්ම කෑගහනවා එයාගේ ලස්සන කට හඬෙන්.
මට වෙලා තියෙන "හරි යෑමක්" නැත! 
ඒත් ඒ ආමන්ත්‍රණයෙන් මට ලැබිච්ච ගැම්ම . . .!!

අම්මට සිරි එක තත්පරෙන් මම එතන තරුවක් උනා කියන්නේ බොරුවට නොවෙයි. 
මුළු බස් හෝල්ට් එකේම හිටපු එවුන්ගේ කටවල් ඇරිලා.
මම සර් ගාවට ගියේ අඩි දෙකට . . !
"අනේ නෑ සර් . . .!" මම බයාදු උනා.
සර් මගේ උරහිසට අත තියාගෙන ඉස්කෝලෙ ගැන අහනවා! විනාඩි ගනනකින් ඔහුට සමුදුන්නා දෙපා නමැද!

අදත් එඩ්වඩ් ජයකොඩි ගාන්ධර්වයානණ් රූපවාහිණිය තුල දකින මොහොතේ මට සිතට එන අදහසක් වේ. 
එදා ඔහු මාහට දැක්වූ අනුග්‍රහයට වැන්දා මදිදෝ මන්දා!?

එහෙනම් අපි; සර්ගෙ මේ ගසල් එකත් අහගෙනම අදට සමුගනිමු!
මේ සින්දුව එක්කම තව සින්දු ටිකක් හදවත මතක් කලා . . . . 








Friday, September 13, 2019

149. ගිණිහලට බැඳි පෙම . . !

ආමරියේ ප්‍රේමය . . . !

සිංහල ගීත සාහිත්‍යයේ එක් එක් කාල වකවාණු වල බිහිවී; පවතින ගීත ලියන ලද සුළු පිරිසක් වේ.
කලාව කලාකරුවාගේ භාව ප්‍රකාශණ මාධ්‍යය වන විට; ඔහු තුල එම භාවයන් බිහිවීමට හේතු භූත වන කරුණ මෙය යයි ලඝු කොට දැක්විය නොහැක.
තමන් ගේ හෝ අන් අයෙකුගේ  ජීවිත අත්දැකිම් හෝ තමා තුලම හට ගන්නා හැඟිමක් මිට හේතු විය හැක.
තමන්ට හෝ අන් අයෙකුගේ ජිවිත අත් දැකීමක් මෙන් නොව පුවතක් කවියක් ලෙසට උද්දිපණය වන්නේ කවිකොල යුගයේදීය.
එහෙත් පසුකාලීනව ඇන්ටන් ජෝන්ස් ගායකයා විසින්ද මෙරට - නොරට පුවත් සිද්දි සිදුවීම් මෙලෙස තම ගායනයට එක් කර ගත්තේය.
සමකාලීන ගීතරචකයින් සොඳුරු පුද්ගල ප්‍රේමය, විරහව වියෝව විප්‍රයෝගය තුල තම රචනා කොටු කර ගනිද්දී රත්නශ්‍රී විජේසිංහයෝ සියඹලාන්ඩුව කච්චේරිය මුල  ගොවි නැගිටීම තම ගීතයට ප්‍රස්ථූතය කර ගනිමින්  සාර්ථක ගීතයක් ලෙස බිහි කරයි.
හැත්තෑව දශකයේ එනම් ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී තරුණ ජවය පිළිබඳ ගොවිබිම් පිළිඹඳව මහපොලවට දහදිය හෙලන ගොවියා කම්කරුවා පිළිබඳව ලියැවුනු රචනාවන්ට පසුව ප්‍රේමයට එහා ගිය ගීතයේ නිම් වළලු පුළුල් කල රචනාවන් බිහි වූයේ ඉතා මන්දගාමීවය. 

සොඳුර මට සමු දෙන්න - සමුදෙන්න . . // - ඩී ඩී ගුණසේන / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ප්‍රේමසිරි කේමදාස

අඳුරු කුටිය තුල - දොර ගුළු ලාගෙන . . - ටී එම් ජයරත්න / ප්‍රේමදාස ශ්‍රී අලවත්ත / ප්‍රේමසිරි කේමදාස

සඳ මඬලේ සිට - තරු මඬලේ සිට . . - මාළණී බුලත්සිංහල / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න

පසු කාලීනවද . . . . . . . . ;

කරදිය ගැඹරේ - තුන් යම ගෙවුනේ . . එඩ්වඩ් ජයකොඩි / ප්‍රේම කුමාර ජයවර්ධන / රෝහණ වීරසිංහ

ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා . .  එඩ්වඩ් / කුමාරදාස සපුතන්ත්‍රී / රෝහණ වීරසිංහ

විවෘථ වෙළෙඳ පොලේ ඉල්ලුමක් නොමැති සංධර්භය තුල මාකට් කල නොහැකි ගීත ලියන්නන් බිහි වන්නේ කෙලෙසද?

අමරදේවගේ දුක්බර හඬට "සුදු පියුම" ලියන රත්නශ්‍රී; කපුගේ ගේ අඬහැරයට ලියන්නේ "බිම්බරක් සෙනෙඟ" ය!
මේ සියල්ල පුවත් හෙවත් නිව්ස් ය!
ලංකාදීප පත්තරේ පලවන; ප්‍රාදේශීය වාර්ථාකරුවකු විසින් සැපයුනු; හරි හමන් හෙඩිමක් පිංතූරයක් වත් නැතිව පලවූ නිව්ස් කෑලිය.

ගිතය; ලාලිත්‍යයෙන් පිරුණු කලා කටයුත්තක් වන තැන සේකර "මුනිසිරිපා සිඹිමින්නේ" ලියයි. 
එයට අමරදේව එක් කරණ්නේද පුළුන් රොදක් යාන්තමින් පාවයන සිහිල් පවන් පොදක් වන් සංගීත රාවයකි, නන්දා හා එක්ව සුමියුරු ගැයුමකි - කටහඬකි, තනුවකි!
එම ගිතයේම තවත් වරෙක අන්තරාවේදී ගැයෙන "ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //" ගැයෙන විට එම කටහඬෙහි ඇති රණ කාමීත්වය!?
එය ගිතයට ලැබෙන්නේ කට හඬින් පමනක්ද?
නැවතත් මා ලියන්නම් වෙහෙස නොබලා.
තනිව ඔබම ගායනා කොට බලන්න ඒ වචන පෙල නැවතත්.

"ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //"

එම රිද්මය, එම හඬ, එම අදීනත්වය, එම ප්‍රෞඩත්වය,එම සටන් කාමිත්වය එම වචන තුල සැඟව නොතිබේද?
"සුදු නෙළුම කෝ සොර බොර වැවේ . ." කියා රත්නශ්‍රී අප කැඳවා ගෙන යන්නේ; හේ ගිය ගොක් කොල වලින් දෙපස සැරසූ මගක බව මාහට දැනේ.
දියණියගේ වියෝව වෙනුවෙන් වත් හෙලීමට කඳුළු ඉතිරි නොවූ ඇස් කෙවෙණි වලින් මව අප එන මග බලා සිටියි.

මරණය ගීතය තුල චිත්‍රණය කල අවස්ථා අතර සනත් ගේ "එදා මෙදා තුර . ."ට හිමිවන්නේ මහත්වූ රසික ප්‍රසාදයකි.
කපුගේ "සුමනෝ . . " ගයන්නේ වෙස්සන්තර ජාතකේ කියන්නට කෙනෙකු සොයාගත නොහැකි වූ තැනද? එතරම්ම සෝචණීය හඬකි එය.
කලකට පෙර යොවුන් සිත් වසඟ කල නාමල් උඩුගමද මරණය ගීතය තුලට කැඳවාගෙන ආවේය. "නිසල වෙලා හද - නොසැලේ හසරැල් . . " ගීතය බිහිවන්නේ ඒ තුලිනි.
මේ සියළු ගීත අතර රත්නශ්‍රී ගේ තෙලි තුඩෙන් චිත්‍රණය වන "සිංහල සිංදු කියන . . නළලේ තිලක තියන කිරිල්ලී " ගීතය අතිශය ප්‍රේමයේ සුන්දරත්වය සනිටුහන් වන ශෝචනීය කථාවක්  අපට මතක් කර දෙයි.
වරෙක අන් පෝස්ටුවකට කඩදාසි කොලේ ලියන ලිඛිතා ලියන ලද කොමෙන්ටුවකට මා ලියන ලද මගේ අදහස ලෙසට මෙම ගීතය උදාහරණයකට ගතිමි.
"සකල සිරිණ් පිරි සිරි ලංකාවේ කඹුරුපිටිය නම් ගම සොබනා . . . " යනුවෙන් කවිකොලයකට නගන්නට තිබුනු අදහසක් රත්නශ්‍රී කවියා ප්‍රේමණීය පද ගෙත්තමක් බවට ආදරණීය වියමනක් බවට පත් කරයි.
ඒ ඔහු තුල ඇති වචනකෝෂයේ දිග පලල නිසා නොව තම සරල සුගම වදන් වලින් කෙරෙණ්නාවූ ගීතය නම් වූ දුම්බර පැදුර තුල දක්වන වදන් හැසිරවීමේ බුහුටි බව නිසාම බව මා සිතමි
ඒ නිසාමයි මා දක්වන්නේ ඔහු වෙතින් කෙරෙණ්නේ පද ගෙත්තමක් කියා!?
එම ගීතයේ ජාතක කතාව හෙවත් නිධානය අතිශයින් විචිත්‍ර වූ කතා පුවතකි. අපි ටිකකට ඔහු සමග දොඩමලු වෙමු.

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.

මගෙන් අහනවා කියෙව්වද කියලා !

මම කියනවා නැහැ කියලා !

ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.
සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා. . . . . . . . . !"

ආදරය ප්‍රේමය යන කාරණාවන් හට ජාති බේධයක් නොමැත. එය සංගීතය වැනිම වූ විශ්ව ධර්ම තාවයකි. නඩේසන් තරුණවියේ කඩවසම් නිළධරයෙකු විය. ඔහු තරුණයෙකු සේ  පොලිස්ථානයට එන විට ඔහුට කොලඹ නුහුරු පරිසරය තුල හිතෛශී අයෙකු ලඟ පාතක නොමැති විය. වැල්ලවත්ත කිට්ටුව සිටින ද්‍රවිඩ ජනතාව අසලදී පමණක් ඇසෙන කනට හුරු පුරුදු බස පොලීසියේදී නොඇසුනේය.

ඔහුගේ දෙසවනට හුරු හඬක් පොලීසිය තුලදී නොඇසුනද හදවතට හුරු පුරුදු දසුනක් පොලීසිය තුලදීම දක්නට ලැබෙන්නේ කාලය සමගය. දෙමළ නඩේසන් දෙනෙතින් කෙරෙණ ආමන්ත්‍රණයට; සිංහල විනීතා දෙනෙතින්ම කෙරුණු පිළිතුරු කියවාගන්නට නඩේසන්හට සිංහල දැනුමක් අවශ්‍ය නොවන්න්නට ඇත. නඩේසන්ගේ ප්‍රේමණීය ස්වරය ඇයට ආත්මීය හඬක් විය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී - කුරුල්ලාට වශී වී  . . . . . . . //"

රත්නශ්‍රී ගේ ගෙත්තම වියැවෙන්නට පටන් ගත්තේය.

මීට දශක ගනනාවකට පෙර භාරතයේ ශාන්ති නිකේතනයට සංගීතය හදාරණ්නට හෙළයේ සිට පිවිසෙන සූර්‍යය කුමාර් මොල්ලිගොඩ තරුණයා පෙමින්වෙලෙන්නේ හින්දු භක්තික සුන්දරාවියකටය. 
ඔවුන් ආදරය කරණ්නට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වන්නට ඇතැයි මට සිතේ.
ඇයට අනිවාර්‍යයෙන්ම යුරෝපීය බස තම පියා වන ජ්වහල්ලාල් නේරු විසින් උගන්වන්නට ඇතැයි සැකයක් නැත.
ඇය ඉන්දිරා ගාන්ධි නමින් පසු කලෙක; අගමැතිනිය ලෙසින් භාරතය පාලනය කලාය!

මාගේ මතකය නිවැරදිනම් ගායන වාදන විශාරද ටී ෂෙල්ටන් පෙරේරාද විවාහ වූයේ ඉන්දීය තරුණියක් සමගය.

පෙම්වතා හා පෙම්වතිය එකම රටක එකම බසක් හුරුවූ අයවළුන් වූවද පළමුව කෙරෙණ්නාවූ ආමන්ත්‍රණය  කෙරෙණ්නේ දෙනයණෙනි!

සනත් නන්දසිරිට ගීතයක් ලියන කරුණාරත්න අබේසේකරයන්;
"ආයාචනාත්මක බැල්මෙන් - ආයාචනාත්මක කැල්මෙන්
ගොළු හදවත තුල ගොනුවුනු සිතුවිළි
අපමණ තෙරපෙන බව වැටහේ . . //"
කියා ලියාදෙන්නට ඇත්තේ මෙනිසා විය යුතුය

ප්‍රේමය හා ගීතය අතර ඇත්තේ ඉතා කිට්ටු සබඳතාවයකි. 
ඒ අති බහුතරයක් ගීතයනට ප්‍රේමය පස්ථූතය වන කාරණාව නිසා නම් නොවේ. 
ගීතයක් කියන්නට හැකි නොහැකි ඕනෑම  මවක තම දරුවා නළවා ගන්නට නැලවිළි ගීතයක් ගයන්නාසේ ආදරයෙන් බඳුණු පසු තරුණයෙකු කිසිවෙකුට නොඇසෙන සේ හෝ ගීත  මිමිණීම කරණු ලබයි! 
බොහෝ විට පෙම්වතුනට ගීත ඇසෙන්නේ තමා වෙනුවෙන් ලියැවුණු කියැවුනු සේය.
නඩේසන්ද දෙමළ ආදර ගීත විනීතාට ඇසෙන්නට ගයන්නට ඇත. ඒවා තේරුම් ගන්නට ඇත්තේ බුද්ධියෙන්න් භාෂා ඥානයෙන් නොව හදවතිනි. ඇයට එම ගීත තේරුම් යන්නට ඇති; තමාට නුහුරු බසකින් කියැවුනත්.
තමාගේ හදවතේ ගැඹුරින්ම ලියලා වැඩුණු ප්‍රේමය පිළිබඳව නඩේසන් ගයද්දී විනීතා දෑස් දල්වා බලා සිටින්නට ඇත. තාල අල්ලන්නට ඇත. සෙමෙන් ඔහුගේ උරහිසට බරවන්නට ඇත.
මේ සියළු ප්‍රේමණීය සිහින අතර එක් බියකරු සිහිනයක් දැක ඔවුන් තිගැස්සී අවදි වෙයි. කොළඹ නගරයේ බොහෝ ස්ථාන වලින් අහසට නැගුණු පුළුටු ගඳැති දුම් රොටු නඩේසන් හට තමාගේ ප්‍රෙමය කෙතරම් අස්තීර දැයි මතක් කරදෙන්නට විය.
තමා ප්‍රේම කරණ්නේ තමාගේම ඥාතීන් සිය ගනනක්; දෙමළුන් වූ පමණට; අමුවේ මරා දැමුණු ජාතියකට අයත් එකියකට නොවේද? කළු ජූලිය සිංහල අන්තවාදීන්ගේ පමණක් නොව සමහර  පොලීස් නිළධරයන්ගේ පවා පක්ෂග්‍රාහී පිළිවෙත නඩේසන්හට පෙන්වා දුන්නේය.
"ඉතින් මා යා යුතුය! මා මගේ නිජබිම වෙතට යායුතුය!! මාහට ආරක්ෂාව ඇත්තේ උතුරේ විනා දකුණේ නොවේ. මා එහි ගොස් තරුණයන් හා එක් වන්නෙමි!!!! ඇය කුමක් කරයිද? " නඩේසන් දවල පුරා මෙන්ම රාත්‍රිය පුරාද අනුලෝම ප්‍රථිලෝම වශයෙන් තමා දිනාගත් සිංහල ප්‍රේමය ගැනත් තම නිජ බිම ගැනත් සිතන්නට විය.

"මම යාපනේ යෙනවා . . ! පොලීෂියෙනුත් යෙනවා . . . !!"

"යාපනේට යනවා . . ? තනියෙමද . . ? එතකොට මං . . . !?'

" නේ . . .නේ!  යේක තනියෙම නෙවෙයි . . !! ඔයාත්  තෙක්ක!!! ඔයා යෙනවා නේද . . ?

කිසිවෙකුට නොඇසෙන සේ ඔහු ඇයව තම මතයට එක් කර ගන්නට ඇත. එක වරම ඇය වචනයක් නොකීවත් දින ගනනාවක් නඩේසන් කරණ්නට වුනු කනපිංඳුන් වල ප්‍රථිපලයක් ලෙස ඇය පලා යන්නට එක්වන්නට ඇත.
නඩේසන් කිසිදාක; ඇය තමා සමග තල් අරණට ඒ යැයි මොහොතකට වත් නොසිතුවේය. ඇය ඊට එකඟ වීම ඔහුට අදහා ගත නොහැකි විය.

මේ සම්බන්ධය ගැන විනීතාගේ ගෙදරට යාන්තම් ඉවක් වැටුනු දින සිට ඇයව මාතර පොලීසියට අනුයුක්ත කරගැනීමට ඇයගේ දෙමව්පියන් සියළු වෙහෙස මහන්සි දැරුවාය!

"ඔය්යා දාසක මාව දාලා අම්මා අප්පා ගෙදර යයි.  . . . . .!"

නඩේසන් එහෙම කී අවස්ථාවලදී විනීතා පළමුව තරහක් පෙන්නුවේය. 

"ඔයා හැම තිස්සෙම කියන්නේ ඕකමනේ! කියනකොට කියන කොට ඕකම වෙයි!! ඔයාට කර ගන්නට ඕනත් ඒකමනේ . . .!!! නඩාට තෙරුණත් නොතෙරුණත් ඒ ගැන කිසිදු තැකීමකින් තොරව විනීතා කියවාගෙන ගියාය.
පසුව හිස පහත් කර ගත්තීය.
මහත් වෑයමෙන් නඩේසන් ඇගේ හිස ඔසවා බැලූ විට ඇයගේ දෙනෙත් කඳුළින් පිරී තිබෙනු දැක නඩේසන් හට සතුටක් මෙන්ම දැඩි දුකක්ද ඇති විය.
 එදිනම ඇය ව වැල්ලවත්ත කෝවිලට එක් කරගෙන ගොස් ශිව - පාර්වතී ඉදිරියේ වැඳ නළල මත තිලකයක් තැබුවාය.

"සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී . . ."

විනීතාගේත් නඩාගේත් විවාහය ඉතාමත් චාම්ව කෙරිණි. චාරිත්‍රයක් ලෙස කෙරුණේ කෝවිලට පය තැබීම පමණි. විනීතාගේ වත් නඩා ගේ වත්  නිවස් වලින් කිසිවෙකු පැමිණ සිටියේ නැත.
විවාහට ටික කලකට පෙර දිනක් උදෑසන ඔවුන් දෙදෙන කෝවිලට ගියෝය. කොවිලෙන් එලියට පැමිණ සයිවර් කඩයකට  ඔවුන් ගොඩ වැදුනි. සුදු වේට්ටියකින් සැරසී කඩේ කෑම බෙදන මැදිවියේ සේවකයා පැමිණ  හැරුණේ විනීතා දෙසටය.

"උංගලක එන්න් සාපාඩ කොණ්ඩු වරුනම් . ?"

විනීතාට එක වරම හිනා ගියේය. කොණ්ඩයේ පැළඳි මල් මාලාව හා නළලේ තැබූ තිලකය ඇය දෙමළියක් කර ඇත. ඇය එක වරම නඩේසන්ගේ උරහිස අල්ලා සිනහ වීය.

" ඉවල් සිංගල පිල්ලෙයි . . ! නාන් කලියානම් මුඩික්ක ඉරුප්පද අන්ද පිල්ලෙයි . . . . !! "

නඩේසන් කඩේ සේවකයා හට තත්වය පැහැදිළි කර දෙන්නට ඇතැයි විනීතාට සිතුනේ එම සේවකයා ඉතාමත් විනීත ලෙස තමා දෙස බලා සිටිය අයුරිණ්ය.

"ඒ මනුස්සයාවත් මේ යක්කු මරලද දන්නේ නෑ!" විනීතාට සිත්විය. එම කඩය අළුගොඩක් වන්නට ඇති. ඇය තනිවම සිතුවාය. මෙහේ පමණක් නොව උතුරද ගිණිගෙන ඇත. ත්‍රස්තවාදීන් කුඩා කණ්ඩායම් ලෙස රජයේ හමුදාවට හා පොලීසියට පහර දෙන්නට පටන් ගෙන ඇත. නඩේසන්හට දුන් පොරොන්දුවේ බරපතල කම  විනීතාට සිහිවිය.

"මං සිංහල කියලා යාපනේ මිනිස්සු මාව මරලා දායි . . !"

"ඉෂ්ශෙල්ලා මාව මරණ්න වෙයි එයාලට . . ! නේ! නේ!! අපිලගෙ අම්මා ඔයාට ගොඩාක් ආදරේ වෙයි!"

කුමන දෙයක් කීවත් ඇය යාපනයට යන්නට පය ඔසවන්නේ දහසකුත් එකක් දුක් කම්කටොළු  කරපින්නා ගෙනය. තමා මෙතෙක් කල් ලොකු මහත් කල අම්මා තාත්තා සියල්ල යලිත් කිසිදු දිනෙක දකින්නට වත් නොහැකි වනු ඇත.

"සිංහල සින්දු කියන නළලේ තිලක තියන  කිරිල්ලී . . . . . 
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී . . . . . ."

රත්නශ්‍රීගේ කවීත්වය හිස් කරදාසිය පුරා රටා මවමින්ය.

ඇය තල් අරණ වෙත යන ගමන  සීමා මායීම් රාශියක් හරහා යෙදුනු එකක් විය. 
ඇය අළුත ගෙනා මනාළියකි. හුළවාලි චිත්‍ර පටියේ ආරම්භක ගීතය ලෙස බන්ධුල විජේවීරයන් ගයනා සේම; දුම්බර මැණිකක් නොවුනත් කුළගෙදරින් කැන්දාගෙන එන කුළ කතකි.
එහෙත් ඇය ඔසවන පියවරක් පියවරක්  පාසාම ගමට, හැදුනු පරිසරයට, දෙමාපිය සෙනෙහසට තිබුනු ඇල්ම , බැඳීම ටිකින් ටික තුනී වී යනවා වෙනුවට තව තවත් ඝන වීමක් වනු ඇයට දැනුනි.
ගතවන සෑම මොහොතක් මොහොතක් පාසාම ඇයට ඇසුණු කතා බහ ටිකින් ටික නොතේරී යමින් විය.
ඇය නඩේසන් වෙතට තව තවත් තෙරපිනි.
ඒ හිත වෙලා ගනිමින් තිබුනු තනිකම බිය පත් බව අසරණ කම නිසාමය. 
ජීවිතේ කිසියම් දිනෙක සුවඳ මලින් සැදුම් ලත් මල් කළඹක් දෝතින් ගෙන සුදු සේලයකින් සැරසී දෙමාපිය ආශිර්වාදය මැද; අෂ්ඨක, ජයමංගල ගීත ගායනා ගයද්දී පෝරුවක් මත දෑඟිලි පටලා ගැනීමට ඇය සිතා සිටියාය.

දිනක් ඇයට කලකට පෙර නැරඹූ "සරුංගලේ" චිත්‍ර පටය  මතක් විය. 
ඒ සමගම ඇය ඉදිරියේ "ඉසුරු දෙවිඳු - උමයාංගන සේ පෑහෙන්නයි . . "  ගීතයේ රූපරාමු සිහිනයක් සේ පෙනෙන්නට විය. ඇත්තටම අපිටත් ඒවගේ දෙවිදියටම මගුලක් ගන්නට අත්නම් . . !" ඇය සිතීය. 

ඊළඟ දිනයේ පොලීසියේ ආපන ශාලාවේදී නඩේසන් හමුවූ විඅට පලමුව විනීතා පවසුවේ එම අදහසය. නඩේසන් අහිංසක ලෙස සිනහ වුනා පමණි..
ඔහුගේ පවුලෙන් මෙම සම්බන්ධයට තහංචියක් නැතත් තමන්ගේ ගෙදරිණ් කිසිදු ලිහිලක් නැතිබව නඩේසන් දන්නා නිසා එසේ සිනහවකින් පිළිතුරු දුන් බව විනීතාට රහසක් නොවීය.

"කවදා හරි අපිට අපේ අම්මලා ඉඩ දෙයි නඩා . . එතකල් අපි වෙනස් නොවී ඉම්මු . . !"

ටිකින් ටික විනීතා හට තල් ගසින් පිරුණු යාය යන් දර්ශණ පතයට එක්වෙමින් විය. 
ඇය පැතූ සුදෝ සුදු සුවඳවත් මල් කලඹ ඇයගෙන් මිදී විසිරී ගොසිනි. 
ටිකෙන් ටික අවිළෙණ ජාති වාදයේ ගිනි දල් සමග ඇය අත රැඳුනු මල් පොකුර පිළිබඳව රත්නශ්‍රී මෙසේ දකිමින්ය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී . . . . "

මේ පටන් ගනිමින් වී ඇති ගිණි දැල් සමග ඇයගේ මධු සමය කෙසේ විය හැකිද?
යුධ සෙබළුනට මෙන්ම ගරිල්ලා සටන් කාමීන් හට ප්‍රේමය අකැප මාතෘකාවක්ද? ප්‍රේමය සියල් සතුන් ගේම සිත් සතන් තුල හට ගන්නා සුන්දර හැඟීමකි. 
එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමළිණී ජෙයක්කුමාරන් විසින් ලියැවුනු ස්ව්‍යං චරිතාපදානය - "තියුණු අසිපතක සෙවන යට" පොතේ; යොවුන් ගරිල්ලා සෙබලියන්ගේ පුද්ගල ප්‍රේමය ගැන යාන්තමින් ලියවී ඇත. 

"කාන්තා සාමාජිකාවන්ගේ විවාහයන් සහ විවාහයට පසුව ඔවුන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ ප්‍රශ්න අතිවිය. ස්ංවිධානය තුළ සටන්කාමී ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතා සහ විවාහ සම්බන්ධතා ඇතිවිය." 

" දහ අට වියෙහි දී තම ආයුධ සන්නද්ධ අරගලකාරී ජීවිතය ආරම්භ කල විදූෂා අවසන් යුද්ධයේ ආරම්භක අවස්ථාවේ දී හතළිස් වන වියට ආසන්නව උන්නාය. 'අපිට විතරක් ඇයි බං, මේ වගේ ජීවිතයක්?"

යාපන අර්ධද්වීපයේ දිවියට ඇය ඉක්මනින්ම පුරුදු පුහුණු වෙමින්ය. උතුරට පය තැබූ පළමු මොහොතේ පටන් නඩේසන් තරුණ සටන් කාමීන් හා එක් විය. 
තමා සේම හිරිමල් වයසේ උන් බොහෝ තරුණියන් ගිනි අවි සමග පෙමින් වෙලී සිටියෝය.
කුමනහෝ දෙශපාලනයක් විසින් ඔවුන්ගේ යොවුන් විය සොරා ගනිමින් විය. 
එය කඳුළු කථාවකි.
කඳුළු වලට ජාතියක් නොමැත.
ඒවා ගලන්නේ ඇස් කෙවෙනිවළිණි ඇස් දෙමළ උනත් සිහල උනත්! 
ඒවා ලුණු රසය කුම ජාතියකට අයත් වුවත්.
එහෙත් ඒ කඳුළු කථාව විනීතාට හොඳින් තෙරුම් යන්නට ඇත. 
කාලය විසින් කඳුළු හෙලූවන්ද; එම කඳුළු කථාව අපට තේරුම් කර දෙන්නට සිටි විනීතාද ඇගේ ආදරණීය නඩේසන්ද අපෙන් ඈත් කොට හමාරය.
එහෙත් විනීතාගේත් නඩේසන්ගේත්  සුන්දර මෙන්ම ශෝචණීය වූ කථාව අපට ඉතිරිවී ඇත. ඒ කපුගේගේ දුක්බර හඬිනි.
ඒ හඬ මැවෙන්නේ මා කලින් "ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ . ." ගීත කණ්ඩය ගෙන හැර පෑ ලෙසින්ම රත්නශ්‍රීගේ පද ගෙත්තම මත සිටය.
විනීතාගේත් නඩේසන්ගේත් ප්‍රේමයට කුමණ අර්ථකතන සැපයුනද ප්‍රේමයට සීමා මායිම් නොමැත.

"ප්‍රේමය නම් අසෙණිය කුසුමක්වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්" 

යැයි  එදිරිවීර සරච්චන්ද්‍රයන්  පැවසුවේ එනිසා විය හැක!


"සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී
ආදරේ නුඹට බාරයි රැක ගන්න දේවතාවී "

නඩේසන්

 කපුගේ 












                                                                                                                                                                                                                                                            රත්නශ්‍රී                                                                                                                                                 


                     මෙම සුන්දර ගීතය අකුරුකල රත්නශ්‍රී ගීතය ගැන කියන කතාව

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
 ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.
මගෙන් අහනවා කියෙව්වද කියලා !
මම කියනවා නැහැ කියලා !
ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.
සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා.
හැබැයි මේ ප්‍රේමයට දෙපැත්තෙම නෑයො බර පතල විදියට විරුද්ධ වෙනවා.
විශෙෂයෙන් කාන්තාවගෙ පැත්තෙන් ලොකු විරෝධයක් එනවා. 
ඔවුන් දෙන්නා ඒ විරෝධය නොතකා විවාහ වෙනවා. 
විවාහ වෙලා ඉන්න කොට තමයි 83 ජූලි කලබල පටන් ගන්නේ.
 ඒ කළබලවලදි සිද්ධවෙන දේවල් ගැන කළකිරෙණ මනමාළයා පොලිස් සේවයෙන් ඉවත් වෙනවා. 
ඉවත් වෙලා තමන්ගෙ අළුත් මනමාළිත් එක්ක තමන්ගෙ ගමට යනවා.
ප්‍රේමය කියන එක  ඇත්තටම මම විශ්වාස කරණ විදියට ඇත්තටම ජාති කුළ ගෝත්‍ර ආගම් වර්ණ ආගම් ආදී සියල්ල ඉක්මවා පවතින මානව ධර්මයක්! 
ඒකෙදි එකක් වත් අදාල වෙන්නේ නෑ ප්‍රේමය විතරමයි!
සටන් විරාම කාලයේදි; ලක්බිම පත්තරේ එක මාධ්‍යවේදියෙක් උතුරෙ ගියා.
ගියාම ඉස්සෙල්ලා පොලිස් පති පස්සෙ දෙශපාලන අංශයේ නායක නඩේසන් හමුවෙලා තියෙනවා. 
මට මතක හැටියට රමේෂ් වරල්ලගමද කොහෙද!? 
එයා කියනවා ඔයා දන්නවද ඔයාල ගැන සිංදුවක් තියෙනවා කියලා සිංහලෙන්? 
නඩේසන් අහනවා ඇයි අපිට බැනලද කියලා!?
නෑ! නෑ!! සිංදුව මම එවන්නම් කියලා පොරොන්දුවෙලා එයා එනවා.
සතියකට පස්සෙ එයා අහන කොට පහුවෙනිදාම නඩේසන් සිංදුව කොළඹින් ගෙන්නගෙන අහලා!  දෙන්නගෙ දුවට ඒ සිංදුව ලස්සනට කියන්න පුළුවන්ලු! 
ඇය විනීතා සමරසිංහ ගුණසේකර.ඇත්තටම ඔය විවාහයට අස්සන් කරලා තියෙන්නේ වාසු!
ඔය නඩේසන් නව සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්! 
කොහොම හරි අවසන් සටනෙදි ඔය දෙන්නාම මැරුනා කියලා තමයි ආරංචිය!
රත්නශ්‍රී ශෝකී හඬින් පැවසීය.

මෙයට පෙරද මෙම ගීතය ගැන ලියැවුනු බ්ලොග් සටහනක් හමුවිය: වැඩි දෙනාගේ පහන් සංවේගය වෙනුවෙන් එහි ලින්කුවද මෙහිම බහා ලමි!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...