Showing posts with label Camping. Show all posts
Showing posts with label Camping. Show all posts

Friday, April 23, 2021

194. Teepee the Camp Site 2

මමත් පසිඳුත් කාලෙක ඉඳන් මිත්‍රයෝ. එයාව මුන ගැසුනේ ලක්දසුන් ෆෝරම් එකෙන්. මම මගේ කයාකින් ගැන ලියලා තියෙන දිග ලිපි එකතුවේ බොහෝ තැන් වල පසිඳු ගැන කියැවෙනවා.



ඔහු දැනට සේවය කරණ්නේ වෘථීයමය වන ජීවී හා පාරිසරික මග පෙන්වන්නෙකු ලෙස. ඔහු දකුණු අප්‍රිකවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ  FGASA - පාරිසරික මගපෙන්වන්නෙකු ලෙස පුහුණුවලත් අයෙක්.



පසිඳු

මා වසර ගන්නාවක් සේවය කලේ පාරිභෝගික සේවා නිළධරයෙකු ලෙස මෙරට පිළිගත් ආයතනයක. අප දෙදෙනා එක් කාරණයකදී සමපාත වෙනවා.  ඒ අපගේ විනෝදාංශයන් සමග. කෑම්පින්, කයාකින්, හා සංචරණය! තවත් බොහෝ බොහෝ බොහෝ දේ සමග.

මාගේ මුල් ගම යටියන්තොට හක්බෙල්ලාවක. හක්බෙල්ලාවක කියන්නේ  කොළඹ හැටන් නැතිනම් අවිස්සාවේල්ල නුවර එළිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කිලෝමීටර 26 ක් දුරින් තිබෙන කුඩා ගමක්. 

මෙම කැළණි ගඟත් හැටන් කොළඹ A7 මාර්ගයත් අතර පිහිටි කුඩා එහෙත් ගස් වැල් පිරුණු ඉඩමක මමත් පසිඳුත් පුංචියට පටන් ගන්නවා කඳවුරු බිමක් මීට අවුරුදු 7 කට විතර ඉස්සෙල්ලා.  නම Teepee  මේ ගැන මීට කලිනුත් ලියලා තියෙනවා. මෙතැනින් එතනට යන්න පුළුවන්.

ඇත්තටම අපේ කඳවුරු බිම තියෙන්නේ A7;  අවිස්සාවේල්ල-හැටන්-නුවරඑළිය මාර්ගයේ 25 හා 26 කිලෝමීටර කනු අතර!  හක්බෙල්ලාවක තැපැල් කන්තෝරුව අසල පිහිටි; 26/11 බෝක්කුවට යාබද බිම්කඩ. කොළඹ ඉඳන් හක්බෙල්ලාවකට තියෙන්නේ කිලෝමීටර 50 ක් පමන. මේ ගම ආසන්නයෙන්ම ගලා බසින්නේ කැළණි ගඟ! අනෙක් පසින් නාහේන මූකළාන!


මේ කන්ටේනර් නිවහන තමයි අපේ ඔපරේශන් හබ් එක!

කැළණි ගං ඉවුරේ සකසා ඇති කඳවුරු බිම.
 12 දෙනෙකුට සෙවන සැලසිය හැකි අයුරින්.





ගඟට ඉතා අසන්නව නිමකොට ඇති Club House එක. 
මධුවිතට සුන්දර දසුනක්!

Club House එක. 

BBQ














එකේ වැඩිපුරම ඵල ප්‍රයෝජන ලැබූවේ පසිඳුත් මමත් අපගේ දන්නා කියන මිත්‍රයිනුත්. එතන කයාකින් කරණ්න අවශ්‍ය සියළු පහසුකම් සහිතයි. මේ හැම දෙයක්ම කෙරෙණ්නේ පූර්ණ ආරක්ෂාවක් සහිතව. මා පුහුණු ජීවිතාරක්ෂකයෙක්. එන හැම කෙනෙක්ම මිලියනයක රක්ෂණාවරණයකට යටත්!


අපි ගිය අවුරුද්දේ පටන් එය වඩාත් පුළුල් ලෙස සැමට විවෘථ කරණ්නට තීරණය කරණවා.

ඒ සමග අප එකතු කරගන්නවා තවත් කඳවුරු බිමක් මහා මාර්ගයට කිලෝමීටර 3 කට පමන ඈතින්. එයට යන්න තියෙන්නේ ගඟ හරහා හක්බෙල්ලාවකින් දමා ඇති පාලමෙන් එතෙරව රබර් වතු හා ගම මැද්දෙන්. එම කඳවුරු බිමෙහි එක් ඉමක් වන්නේ අරඹෙ ඔය නමැති නොයිඳුල් කොමළිය. 


එහි එක් පසෙකින් හවරියන් ගල නමැති විසල් කන්ද. අපෙ කඳවුරු බිමට නො එසේනම් කෑම්පින් සයිට් එකට එන අපෙ මිත්‍රයින් මේ හවරියන් ගල මුදුනට හයික් එකක් යාමටත් අමතක කරණ්නේ නෑ. එය අප නම් කරණ්නේ ටිපී අරඹෙ ඔය නැතහොත් Teepee Two කියලායි.

ගඟෙන් එගොඩ රබර් ගස් හේඩාව යටින් Teepee Two වෙත!










දැන් අපේ කඳවුරු බිම සෑම සියළු දෙනාටම විවෘථ එකක්. කඳවුරු පවත්වාගෙන යෑමටත්, ආහාර පාන හා සේවක වැටුප් සඳහාත් මෙහි  එන සහෘදයින්ගේ පහසුව වෙනුවෙනුත් කුඩා පැකේජ කිහිපයක් සකස් කලා. කෑම්පින් කරණ්න, හයිකින් කරණ්න, කයාකින් කරණ්න නැතිනම් දවසක් ගත කරණ්න වගේ කැමති ඕනෑම ලෙසකට නම්‍යශීලී වන ලෙස තම්යි මේ පැකේජ නිර්මාණය කොට ඇත්තේ.

1. පවුලේ හෝ ඔෆිස් එකේ ලඟම පිරිස එක්ක දවසක උදේ ඇවිත් තේ එකක් බීලා කැළණි ගඟේ හෝ අරඹෙ ඔයේ නාලා  දවල්ට බත් ටිකක් කාලා හවසට තේ එකක් බීලා  යන්න පුළුවන් පිරිස 12 දෙනෙකුගේ පමන කණ්ඩායම් සඳහා. මධුවිතක් තොල ගාන්නටත් ඕණෑවටත් වඩා ඉඩකඩ!  ඒ අයට ටෙන්ට් එකක් ඉල්ලුවොත් ඒකත් කරලා දෙනවා අය කිරීමකින් තොරව.  ගෙනාපු දෙයක් පොඩ්ඩක් ෆ්‍රයි කරලා දෙනවා වගේ එකකුත් අපිට කරලා දෙන්න පුළුවන්. ඒකටත් අය කිරීමක් නම් නැහැ.

2. කෑම්පින්ම කරණ්න කැමති අයට වෙන පැකේජ් එකක් තියෙනවා. අපි කෑම්පින් ටෙන්ට්ස්, කොට්ට මෙට්ට ආදිය දෙනවා.  තමන් ගෙන ආ දෙයක් සකසා ගෙන කාලා ගඟෙන් හරි ඔයෙන් හරි නාලා එක් රැයක් දින දෙකක් ඉඳලා යන්න පුළුවන්. අවම පිරිස 6 යි. ඒ අයට තමන්ම උයාගන්නත් පුළුවන්, නැතිනම් මීටර 100 ක් ඇතුලත තියෙන දිවා රාත්‍රී කුඩා ආපන ශාලා වලින් හරි ලබා ගන්න පුළුවන්. තමන්ම ආහාර සකසා  ගන්නවානම් අපේ ගානේ භාජන ටිකයි ගෑස් ටිකයි!

3. තවත් අයට ඕන කයාකින් විතරක් කරණ්න. ඒ අයට දිවා ආහාරය; උදේ හවස තේ කිලෝමීටර 10 ක කයාකින් සංචරයක්.  උදේම ඇවිත් හවස යන්න පුළුවන්! අවමය 6 ක්. හක්බෙල්ලවක ඉඳන් කබුළුමුල්ලට ගඟ දිගේ ගිහින් ආපහු කබුළුමුල්ලේ ඉඳන් හක්බෙල්ලාවකටත් ගෙන එනවා අපේ 4WD ට්‍රක් එකකින්.

4. මේ වගේ ම හයිකින් වලටත් පැකේජ් එකක් තියෙනවා. හවරියන් ගලට කරන සුන්දර හයික් එකක්. කුරුල්ලන් 25ක් පමණ නැරඹීමට පුළුවන් උදේම ගමන පටන් ගත්තාම!  අවමය 6 වන ලෙස සකසා ඇත. 

5. අර මුලින් තියෙන කෑම්පින් පැකේජ් එකට එන අය ඒ අයම කෑම හදා ගන්න ඕනනේ. එහෙම අකමැති අයට තියෙනවා කෑම්පින් ෆුල් පැකේජ් එකකුත්. ඒකට උදේ තේ, ලන්ච්, හවස තේ, BBQ ඩිනර් එකක්, බෙඩ් ටී එක, උදේ කෑම, සියල්ල එක්ක කෑම්පින් කරණ්න ඕන සියළුම ටෙන්ට්, කොට්ට මෙට්ට ඇතුළු සියළුම ආම්පන්න සැපයෙනවා. ගඟෙන් හරි ඔයෙන් හරි නාලා දින දෙකක් කෑම්පින් රැයක්! පිරිස 6 ක අවමයක්.

6. ඔය අංක 5 න් කියන පැකේජ් එකට එන කෙනෙකුට හයික් එකයි කයාකිනුයි කරණ්න පුළුවන්.

7.තව තියෙනවා දින තුනක් හා රාත්‍රී දෙකක් සමග ගෙවෙන  එකක්.  ඒ පැකේජ් එක හදලා තියෙන්නේ අපේ Camp Site එකේ නැවතිලා කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් වැනි වෙනත් ක්‍රියා කාරකම්වලට උනන්දු අය වෙනුවෙන්. ඊට අමතරව මේ අවට පිහිටා ඇති අතිශය සුන්දර ඕලු ඇල්ල, පැරණි මානව ශිෂ්ඨාචාරයේ එක් සංධිස්ථානයක් වන බෙලිලෙන, ශ්‍රී ලංකාවේ පැරණිතම වන රක්ෂිතයක් වන මාකන්දාව සංරක්ෂණ කේන්ද්‍රය, වෑවිය තලාව (වේවැල් තලාව) වැනි ස්ථාන වලට සංචාරය කරණ්නටත්; Bridge on the river Kwai  ලෝක පූජිත චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරුණු ස්ථානය නැරඹීමටත් යන්නට පුළුවන් වෙනවා. 

ඉතින් සාම්ප්‍රදායික රැකියාවට නොබෝදා ආයුබෝවන් කීවාට පසුව ගහ කොල , සතා සීපාවා, ඇළ දොළ සමග එක්වුනු ජීවිතයක් අරඹන්නටයි හිතා ඉන්නේ! මේ එහි පලමු මල් බයිසිකලය!

තවත් දෙයක්! පාසැල් බාලදක්ෂ කණ්ඩායම් සඳහා කඳවුරු බිම් සම්පූර්ණයෙන්ම නොමිලේ!!!

https://www.facebook.com/TeepeeTheCampsite/

0770807000 / 0716155837

මෙහි පලමු ලිපියට මෙතනින් යන්න!



Monday, February 10, 2020

161. Teepee the Camp Site

Teepee කියන්නේ රතු ඉන්දියානුවන්ගෙ පාරම්පරික කූඩාරම.
 අපි ඒ නම ගත්තේ "සියැටෙල්"ව මතක් වෙන්න.

වෙනදා වාගේ එකසිය ගානට ලියන්නේ නැත්තේ කියලා දන්නා කියන උදවිය හැම වෙලාවකම අහනවා.

ඇත්තටම එකසිය ගානට මම බිසී වෙලා. ඒ ඇයිද දන්නවාද?

මමත් මගේ  මිත්‍රයා පසිඳුත් අපෙ Teepee the Camp Site එක අළුතෙන් නවීකරණයන් එක්ක පටන් ගන්නට මේ දවස් ටිකේ තදේට වෙහෙසෙනවා.

මේ වගේ සදා හරිත තුරු වදුලක් ඒක  . . 

වන මල් ගැවසි ගත් . . . 

 තවත් බොහෝ අය ජීවත්වන . . . !

අපේ කඳවුරු බිම තියෙන්නේ කොළඹ හැටන් මහ පාර අයිනෙමයි. 
මේ පාර අවිස්සාවේල්ලේ සිට නුවර එළිය දක්වා නම් කර තියෙන්නේ A7 මාර්ගය ලෙස. මේ පාරෙ 25 හා 26 කිලෝමීටර කණු අතර තියෙනවා පුංචි ගමක් හක්බෙල්ලවක කියලා. 
මේ ගමේ උප තැපැල් කන්තෝරුවට අල්ලපු ඉඩමෙ තමයි අපේ කඳවුරු බිම තියෙන්නේ.




මේ කඳවුරු බිම අනිත් පැත්තෙන් මායිම් වෙලා තියෙන්නේ මනස්කාන්ත කැළණි ගඟට. එතන ගැඹුරු නෑ. පරිස්සමෙන් නාන්න එහෙම පුළුවන්. 
කොහොමටත් මා ජීවිතාරක්ෂකයෙකු නිසාම; සැමගේ ආරක්ෂාව වෙනුවෙන් දියට බසින හැමට අඳින්න ජීවිතාරක්ෂක කබා ලැහැස්ති කරලයි තියෙන්නේ.




කඳවුරු බිමේ 10-12 ක වගේ පිරිසකට කඳවුරු පහසුකම් සලසන්නට පුළුවන්. ඒ Four Man ටෙන්ට්ස් තුනක ආධාරයෙන්. 
මේ කෑම්ප් බෙඩ් එක එහෙම නැත්නම් ටෙන්ට් ගැසීමට සූදානම් කල ගෙපල හදලා තියෙන්නෙත් ගඟට මුහුණලාම  මයි. ඒවගේම ගඟ අයිනෙ රෑට පොඩි ගිණි මැලයකුත් ලෑස්තිකරණවා.



තව ගඟේ අසිරිය නරඹමින් ගීතයක් මුමුනන්න, මීවිතක් තොල ගාන්න, සුන්දර කථාබහක යෙදෙන්න වැනි දේ සඳහාම සකස් සකස් කල 20"x 20" Club House එකක්  තියෙනවා. 
ඇත්තටම එතන හරිම ලස්සන තැනක්.

අසේලයි ඉමාෂියි ක්ලබ් හවුස් එකෙන් භාගෙකුයි . . !


BBQ Grill එක තියෙන්නෙත් එතනමයි.

හවසක ආවාම රාත්‍රිය ගත කරලා පහුවෙනිදා උදේම  මොනවා හරි බඩට දාගෙන අපිට යන්න පුළුවන් හවරියන් ගල පාමුලට. 

ඒ කිලෝමීටර 3 එක්කගෙන යන්නේ අපේ ලොරි පොඩ්ඩා. 

අපේ මිත්‍ර පසිඳු  එතන ඉඳන් පැය 4-5ක Hike එකක් එක්කගෙන යනවා. 
ඔහු ලංකාවෙ දැනට ඉන්න අංක එකේ මග පෙන්වන්නෙක්! ඔහු ඔබට පෙන්නාවි කුරුල්ලන් 25 ක් වත්.

දේශීය ආවේණික කුරුල්ලනුත් දැකිය හැකියි.
  
ඔබ දූර දක්නයක් ගෙනාවොත් මේ ගමන අමරණීය මතකයක් වේවි. අරඹෙ ගල උඩට මුළු පලාතම පේනවා. 
හවරියන් ගලට නැගලා බහින්නේ අරඹෙ ඔය දිගේ. 
පහලින් දැක්වෙන පිංතූර බලලා තේරුම් ගන්නකෝ ගමනේ ලාලිත්‍යය! එක ගැන ලියන්නට වදන් නෑ. 
ඒ තරම්ම සුන්දර ගහ කොල අතරිණ් ඔය දිගේ පහලටම ආවාම ගොඩවෙන්නේ අපෙ දෙවෙනි කඳවුරු බිමට. 
අපි ඒක නම් කරලා තියෙන්නේ Teepee Arambe oya කියලාමයි. 

Teepee Arambe oya Camp Site එකේ Operations පටන් ගෙන නෑ තවම. 
එහි එක ඉමක් වන සුරූපී අරඹෙ ඔය කොමළිය . . . . . !






එතන ඉඳන් දවල්ට කාලා ආපහු පල්ලම් බහිනවා හක්බෙල්ලාවකට. හවස පොඩි නින්දක් කාරිය දාලා හවස පැයක් Kayaking කරණවා. පැයක් කියන්නේ කිලෝමීටර 6 ක් විතර! 


 
මේ තුරුණු කොල්ලයි කෙල්ලයි ආවේ එයාලගෙ  Pre Shoot එකට.
 ඒවගේ ඒවටත් මෙතන ලස්සන ලොකේශන් එකක්. 
පොඩි පොඩි එකතුවීම් සාද වගේ ඒවටත් අපි මේ ඉඩ දෙනවා කෑම එක්ක හෝ නැතිව.

මේ සියල්ල කරණ්නේ ගොඩට වඩා වතුරේ හිටපු මමත් පසිඳුත් එක්ක. පීනන්න ඕනෙ කමක් නෑ. මාත් එක්ක කයාකින් කල බොහෝ අයට පීනන්න බෑනෙ!?
කයාක් ටික ගොඩට ගත්තු තැන ඉඳන් ආපහු හක්බෙල්ලවකට අපි එන්නේ නිසාන් පැට්රල් ලොරියේ. ඊට පස්සෙ හවසට ඉඟුරු ප්ලෙන්ටියක් කාරිය බීලා පිට වෙන්න පුළුවන්.
වයස් බේදයක් නෑ.

මගෙ හොඳම යාළුවෙක් - නිශාන් මතක් කලා මයි ලියන්න මතක් උනේ. අපේ තේමා පාඨය Camping, Kayaking, Cycling, Bird watching, කියන එක. සයික්ලින් කරණ්න පුළුවන් මාත් එක්ක ගිනිගත්හේනට හරි ඊටත් එහාට හරි. ගිනිගත්හේන කන්ද පැදීමම ජීවිතයේ අමතක නොවන මතකයක් වේවි! 

තව තියෙනවා උදේම ඇවිත් හවස ගෙදර යන වැඩ පිළිවෙලකුත්. ඉතින් මේක කියවන නොකියවන සියල්ලන් හටම ආරාධනා කරණවා සුන්දර සන්ධ්‍යාවක් අපි එක්ක ගත කරණ්න එන්න කියලා.



Hiking, Camping and Kayaking Packages
Teepee the Camp Site

One Night Two days Full Package - Day One
07.00 am Arrivel to Hakbellawaka Site / Welcome drink / Briefing
07.30 am “Hawariyangala” Hike 12.00pm Lunch and Stream Bath @ Arambe oya Site.
02.30 pm Back to Hakbellawaka Site.
08.00 pm BBQ Dinner, Bonfire
Day Two
07.00 am Kayaking
01.30 pm Back to Hakbellawaka Site for lunch.
03.30 pm Departure.

 One night Two days  Camping Package (All Inclusive) 
Camping Tents, Lanterns, Three meals including BBQ dinner, Club House
Phone Charging, Water, Stream Bath

One night Two days Camping Package 
Camping Tents, Lanterns,
Phone Charging, Water, Stream Bath

One Day Packages
Kayaking with Lunch
Hiking With Lunch 
Spend the day With Lunch


Location: Between 25th and 26th kilometer posts on Awissaavella – Nuwaraeliya A7 (Hatton Road).  
(Next to Hakbellawaka Sub Post Office)

https://www.facebook.com/TeepeeTheCampsite
Teepee the Camp Site
Hakbellawaka
Yatiyantota
Sri Lanka
teepeethecampsite@gmail.com


අපි දෙන්නා - එක්වීලා  -සහයෝගෙන් වැඩේ දෙන්නේ . . . . //

" ගං දෑල දෙපස සිසිලය
ගතු කියන සමනලුන් 
ඕසෙටය . . . . ;
මුණු මුණු කියන පෙන කැටිය,
ගලින් ගල පනින ගමන
හරි විසය . . . . . . . !
මල් පැනි වඩිය
තොල ගගා ඉන්ට . . ;
ඇහැකිය . . . . . ! 

- ඉතින් එන්ට . . . . . ! " 

 මෙහි දෙවන ලිපියට මෙතනින් යන්න!



ලබන සතියේ යලිත් කිමිදෙමු!
(මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!)

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...