Sunday, September 26, 2021

216. තිසාහාමිගෙන් ඉගෙන ගත යුතු බ්ලොග් කරණය!


පසු ගිය මාස කිහිපයක කාලය තුල මා ලියන ලද පෝස්ටුවකට යටින් අපේ සහෘදයෙකු යොදන ලද කොමෙන්ටුවකට පිළිතුරු ලෙස  "නැවත බ්ලොග් ලිවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතී!" යන අදහස ගෙන හැර පෑවෙමි.  මොන දෙයින් හෝ එවන් ඉවක් මට දැණුනි. 

එසේම පසුගිය සතියේ මුහුණු පොතේ ජීවත්වන බ්ලොග් ලියන්නන්, කියවන්නන් හා ඊට සහ සම්බන්ධව සිටි බොහෝ දෙනෙකු  එකතුවූ මාතෘකාවක් උඩ පහල යනු දුටිමි. ඒ "අහස් ගව්වෙන් එහා ලෝකය" ලියන අනුරුද්ධ වැලිගමගේ විසින් කැනඩාවේ සිට මෙහෙයවනු ලබන "රූපන" වෙබ් රූපවාහිණියේ මෙවර සාකච්ඡා කෙරෙණ මාතෘකාව සිංහල බ්ලොග් පිළිබඳව වීමය.

එම වැඩ සටහන නැරඹීමට අද පාන්දරම ඉඩ අවකාශය හා වාසනාව ලැබූ අතර පෙරදින තෙක් වත් පොතේ කෙරුණු කථිකාවටද මා හැකි පමණ දායක විමි.

වත් පොත තුල කෙරුණු කථා බහේදී එළිපහළියට පැමිණි සුන්දර අදහසක් හැඟීමක් මෙන්ම ආරංචියක් වූයේ බොහෝ පැරණි බ්ලොග් රචකයින් අතර  නැවතත් බ්ලොග් කරනයට යොමුවීමේ ප්‍රවණතාවයක් ඇති බවය.

සත්තකින්ම එය ඉතාමත් සතුටු දනවන පුවතකි.

"රූපණ" හා එක්වූ තිලකසිරි ඒකනායක (තිලක සිත) හා අජිත් ධම්මකීර්ති (කොළඹ ගමයා) සොහොයුරන් විසින් කෙරුණු අදහස් ඉදිරි පත් කිරීමේදී බ්ලොග්කරණයේ වැදගත්කම, එහි ඉතිහාසය හා එහි අනාගතය පිළිබඳව අවධානය යොමුකෙරුණි.

මා පෞද්ගලිකව පැරණි බ්ලොග් රචකයින් හා ඊට සහ සම්බන්ධව සිටි කිහිප දෙනෙකුන් සමග කථා කල අවස්ථා වලදී බ්ලොග් කරණය අගතියට පත්වීමට හේතුව ලෙස කරුණු දෙකක් ගෙන හැර දැක්වීය. ඒ බ්ලොග් රචකයින් නො එසේනම් බ්ලොග් ලියන්නන් බ්ලොග් නොලිවීම හා බ්ලොග් බලන්නන් බ්ලොග් බැලීමෙන් ඈත් වීමය! 

මීට කලකට පෙර මාගේ මිත්‍රයෙකුවූ චන්දන කීර්ති බණ්ඩාරයන් මුදල් පිළිබඳව දැක්වූ නිර්වචනය මාහට මෙහිදී මතකයට පැමිනුණි! 

"සල්ලි තියෙන්නේ හම්බ කරණ්නයි වියදම් කරණ්නයි හොරකං කරණ්නයි!" ඒ ඔහුගේ මුදල් පිළිබඳ ආකල්පය ය!

එසේම බ්ලොග් තියෙන්නේත් ලියන්නයි කියවන්නයි මිස අන් කවර කරුණකටද? එය තිසා හාමිගේ පොරොව මෙන්ය. එහි ඇත්තේ තලයක් ඇරුණු කොට මිටක්ද; මිටක් ඇරුණු කොට තලයක්ද පමණක් වේ!

බ්ලොග්කරණයට ආදරය කරණ යමෙකු වේ නම් එය රැක ගැනීමට කවරෙකුට හෝ ඇවැසි වේ නම් කලයුතුව ඇත්තේ තිසා හාමි; තම පොරොව පරම්පරා ගනනාවක් රැක ගත් න්‍යාය මෙයටද ආදේශ කිරීමය. 

තිසා හාමි තම ජීවිත කාලය පුරා පොරොවට මිටවල් හැත්තෑවක් හා තල හයක් මාරු කල පරිද්දෙන්ම බ්ලොග් කරණය රැක බලා ගැනීමට, ඉදිරියට පවත්වා ගෙන යාමට හා වැඩි දියුණු කිරීමට අවශ්‍ය; ඊට ආදරය කරණ; කල යමෙකු වේ නම් කල යුතු වන්නේ බ්ලොග් ලිවීම  හා කියැවීමය!

දෙල්කඳ පොල සේම විවිධ රස ගුණයන්ගෙන් පිරුණු ලියැවිලි ලිවීමය! එසේම කියැවීමය!!

බ්ලොගයක් යනු එක් අතෙකින් ඩිජිටල් දිනපොතකි! පැරණි මතක මංපෙත් ලියැවුණු සටහන් පොතකි!! තවත් අයෙකුට ජීවිත්යේ ගමන් සගයෙකි! දුක සැප බෙද හදා ගන්නා මිතුරෙකි!! සමාජය ඥාණනය කල හැකි කැටපත් පවුරකි!!!මෙසේ බ්ලොගයකට විවිධවූ අරථ කථනයන් දිය හැක. එක් එක් අය තමාගේ බ්ලොගය ලියන්නේ විවිධ විවිධ හේතු කරුණු නිසා විය හැක! එසේම තමාගේ බ්ලොගයේ ලියනා එක් එක් පෝස්ටුව ලිවීමේද විවිධ විවිධ අරමුණු තිබිය හැක!! මේ සෑම දෙයක් තුලින්ම සිදුවන කාර්‍ය භාරය මෙතැකැයි කියා සීමා කල නොහැක!

බ්ලොග් කරණයේ ඇති වඩාත් සුවිශෙෂී කරුණු කාරණා ලේස මා දකින්නේ විවිධ වූ කරුණු කාරණා දෙස වඩාත් වෙනස් කෝණයකින් දැකීමට ඇති අවස්ථව සහ එහි පවතින ද්විත්ව සංනිවේධනයයි. මේ නිසාමයි අප ලිවිය යුත්තේ සහ කියැවිය යුත්තේ.

මේ පෝස්ටුව මා ලිවීමෙන් අපේක්ෂා කල කරුණු කිහිපයක් අරමුණු කිහිපයක් වේ.

1. මෙය කියවන ඔබ මෙම කථිකාව ඉදිරියට ගෙනයන්න පෝෂණය කරමින්.

2.ඔබ දැනටමත් බ්ලොග් ලියන්නෙක් නම් වඩාත් සක්‍රීයව ලියමින් කියැවීමද කරණ්න.

3.ඔබ බ්ලොග් කියවන්නෙකු පමණක් නම් ඉතා ඉක්මණින් බ්ලොගයක් අරඹන්න. ඔබට අපවෙත කියන්නට කථාවක් ඇත!

4.ඔබ දන්නා දැනට සක්‍රීයව බ්ලොග් කරණයේ යෙදෙන සොහොයුරු සොහොයුරියන් නැවත බ්ලොග් කරණයට යොමුකරවන්න. ඊට උත්තේජනය සපයන්න. දිරි දෙන්න!

5. මෙය මාහට විළිලැජ්ජාවකින් තොරව ලියන්නට නොහැකි උනත්; ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන ලියන්නම්. සහෝදර බ්ලොග්කරුවන් වෙත කොමෙන්ටුවක් පුදන්න! (මේක පිං අතේ වැඩක්!)

6. තවත් දන්නා කියන "තරහ කාරයෙකුව" බ්ලොග්කරණයට ගෙන එන්න!

එසේ නම් ජය වේවා!

මෙම ලිපිය ලිවීමට මසිත පුබුදුවාලූ අනුරුද්ධ වැලිගමගෙ, තිලකසිරි ඒකනායක සැමදා අප සමග ඉන්න අජිත් ධම්ම සොහොයුරණ් වෙත ගෞරව ප්‍රණාමය!

රූපන බලන්න මෙතැනට යන්න!

216 comments:

  1. හරිම අගෙයි!
    තට්ටයා මහත්තයාගෙ තට්ටේ පෑදිලා තියෙන්නෙ නිකම්ම නිකං නම් වෙන්න බෑ. නියම උදාහරණයක් අරගෙන බොක්කටම වදින්න ලියලා. //තිසා හාමි තම ජීවිත කාලය පුරා පොරොවට මිටවල් හැත්තෑවක් හා තල හයක් මාරු කල පරිද්දෙන්ම...//

    සිංහල කවියෝ වගේ නොවී...
    සමා වෙන්නොනි එහෙම කිව්වට. මෙහෙම කියන එකයි වඩා නිවැරදි. ගොඩාක් සිංහල කවියෝ වගේ නොවී.... අපි බ්ලොග් ලියමු; කියවමු; ලියන අයව දිරිමත් කරමු. තවත් අයව ලියන්නට පොළඹවමු.

    සිංහල කවි ලියන ගොඩක් දෙනා තව කෙනෙකුගේ කවි කියන්නෙ නැති අය කියන එකයි මං දැකලා තිබුණේ. දැන් වෙනස් වෙලා වෙන්නත් ඇහැකි, හොඳේ. අපි ඒ වගේ නොවෙනවා නං කොච්චර අපූරුද?

    මම බ්ලොගය ලියන්නේ මට කියන්නට දේවල් තියෙන නිසයි. ඒත් මම ලියන ඒවා තව අය කියවන නිසයි, කියවන බව පෙනෙන නිසයි, ප්‍රතිචාර දක්වන නිසයි මගේ ලියවිල්ල දිගටම කරගෙන යන්න "අමතර ජීව බලයක්' මට නං ලැබෙනවා.
    ගෙදර ඉන්නවා නං, උදේට ඇඳෙන් බැස්ස ගමන් තේ එකක් හරි කෝපි එකක් හරි හදාගෙන මම කොම්පියුටරය ස්ටාර්ට් කරලා ඉස්සෙල්ලම බලන්නේ කලින් දවසේ කී දෙනෙක් බ්ලොගය කියවන්න ඇවිත්ද කියලයි. ඊළඟට කරන්නෙ commentsවලට උත්තර දෙන එක. මං ලියන දේවල් කියවලා, ඩේටා පුච්චගෙන කමෙන්ට්ස්සුත් එවන ආදරණීය පාඨකයන්ට උත්තරයක් ලියන එක සුහද කතාබහක් වගෙයි.

    තව රහසකුත් කියන්නං... ලෝකයේ ඕනෑම කෙනෙකු වැඩියෙන්ම ඇහෙනවාට කැමති තමන්ගේ නම කියන මතය පිළිගන්න හින්දා මං, ගොඩක් වෙලාවට ඒ ඒ පාඨකයාගේ නමත් එක වරක් හරි සඳහන් කරන්නත් අමතක කරන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. ..... හැකි හම විටම අනෙත් සහෘදයන්ගේ බ්ලොග්ස් කියවීමටත් කියවලා සටහනක් තැබීමටත් මම අමතක කරන්නෙ නෑ. අත්තානං උපමන් කත්වා.... අන්‍යයන්ගේ comments මාව උත්තේජනය කරවනවා නං අනෙක් ලියන හිතවතුනුත් අපෙ කමෙන්ට්ස්වලින් 'පණ ලබනවා' ඇතිනෙ.

      Delete
    2. අවුරුදු හතර පහකට කලින් ඉඳලයි මං බ්ලොග්ස් ගැන දැන ගත්තේ. ඉරිදා ලක්බිම සංග්‍රහයට ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහත්තයා ලියු ලිපි පෙලකින්.
      මගේ බ්ලොග් ලියවිල්ල හින්දා ඉතාම විචිත්‍රවත්, ඇසූ පිරූ තැන් ඇති, විවිධ තරාතිරමේ ගොඩක් දෙනා අඳුනා ගන්නට පින පෑදුනා. ඒ වගේමයි එයාලගෙන් ඉගෙන ගන්න දේවල්! ඒවා බෝනස්!

      අනෙත් අයත් මේවා හොයනවාද මන්දා... මගේ බ්ලොගය නම් ලෝකෙ හැම ඉසව්වකම ඉන්න අය කියවන බව මං දකිනවා.
      අද උදේ ඇමරිකාවෙන් 114, ඕස්ට්‍රේලියාවෙන් 73, කැනඩාවෙන් 63, රුසියාවෙන් 36 වගේ හැම රටකින්ම පාහේ පාඨකයෝ නිදිගෙ පංච තන්තරේ කියවන්න ඇවිත් බව ගූගල් එකෙන් කියනවා.

      මෙව්වාට ආඩම්බර වෙන එකේ වැරද්දක් නෑ නේද?

      බ්ලොග් එක ලියන්න ගනිද්දී මට ඕවා ගැන කිසිම දැනීමක් තිබුණේ නෑ.
      දැන් තමයි පෙනෙන්නේ ඒ දර්ශක කොච්චර හොඳ උත්තේජකයන්ද කියලා.

      Delete
    3. ලොකුකමකට කියනවා නෙවෙයි. මගේ ලියවිල්ල නිසා බ්ලොග් කියවන්න ආවා මගේ හිතවතුන් දහ දොළොස් දෙනෙකුත්. එයාලා කමෙන්ට්ස් දාන්නෙත් නෑ තමයි. ඒත් කියවනවා. ලින්ක් එකක් උඩින් click කරලා වෙන තැනකට යන හැටි එහෙම ඒ සමහරුන් අහගත්තෙත් මේ ගොබ්බ මගෙන්.

      ඒවා දන්නා නිසයි මම කැමති; ගොඩරියක් කැමති තව හුඟක් බ්ලොග්ස් අලුතෙන් ලියවෙනවට. ඒ ඒ ලියන්නන්ගේ හිතවතුන් විදිහට හරි තව කට්ටිය බ්ලොග්ස් කියවීමට හුරු වෙයි නේද?

      Delete
    4. මාත් fb ඉන්නවා තමයි. හැබැයි අපි ලියන දේ ඒකෙ අපිට ඕනි විදිහට display වෙන්නේ නැති නිසා මන් වඩා කැමති බ්ලොගයටයි.

      අනෙක් කාරණේ බ්ලොග් අඩවියක පල කරන දේවල් නැවත හොයා ගැනීම වඩා පහසු නිසයි.

      Delete
    5. මෙච්චර ගොඩක් ලිව්වේ අවුරුදු හතරකට කලින් බ්ලොග් ලියන්නට පිවිසුණු මට ලැබුණු අනන්ත දිරි ගැන්වීම් කොච්චර වටිනවාද කියලා මට හොඳටම මතක නිසයි.

      තට්ටයා මහත්තයෝ. ඔයාගේ ලියවිල්ලෙන් තව තවත් බ්ලොග් රචකයන් වැඩි-වැඩියෙන් බිහි වීමට මඟ පෑදේවා!

      Delete
    6. නිදි මහත්තයා මට ආයෙමත් ලියන්න දෙයක් ඉතිරි කරලා නෑ! ඇත්තෙන්ම ඔබ කීවා වගේ සෑහෙන කාලයක් යන තුරු මමත් බ්ලොග් යනු මොකක්දැයි නොදන්නා කෙනෙක්. වරක් අයි ටී එන් නාලිකාවේ බ්ලොග් ගැන කල වැඩ සටහනක් අහම්බෙන් දැකලයි මෙහෙම "මගුලක්" තියෙන බව දැන ගත්තේ. එදා ඒ වැඩ සටහනට ආවේ අජිත් පැරකුම් කියලාත් මතකයි. එතැනදී ඔහු "මාතලන්" ගැන කීවාත් මතකයි!
      දැනටත් බ්ලොග් යනු ලුමක්දැයි නොදන්නා මහ පිරිසක් සමාජයේ ඉන්නා බවනම් ඒකාන්තයෙන්ම කිව හැකියි. ඒකට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පරිඝනක සාක්ෂරතාවයේ ඇති දුර්වල කම!
      ඔබත් මමත් එකම කාලයක බ්ලොග් ලෝකයට පැමිණි අය! මේ දුර්භිෂ කාලේ අප වෙතට පැමිණි පාඨක පාඨිකාවන් ගැන ඇත්තටම නිහතමාණීව ආඩම්බරවන්නට පුළුවන්. ඇත්තෙන්ම ඔවුන්ට අප සළකනවා මදිය! ගස් නැති රටේ කෙහෙල් ගහට ඇති ඉල්ලුම යම්සේද අපටත් එසේ වූවා විය හැකියි කියලත් මට හිතනවා.
      ඒ කුමණ කරුණක් කෙසේ සිදුවුවද හැමදා උදේට එන රේස් පත්තරේ වගේ ඔබ තුමා නිරන්තරයෙන්ම ලිවීම අගය කල යුත්තක්. මම රේස් පත්තරේට උපමා කලේ පත්තර අතුරින් ඒ තරම් පාඨක මන දොල සපුරාලන අන් පත්තරයක් නැති නිසාම නොවේ. ම දන්නා එකම ප්‍රථිපත්තියක පිහිටා පලවන එකම පත්තරය එය වන බැවිනි.
      ඔබ අන් අයගේ පෝස්ටු වෙතට ගොස් ඒවා අගයමින් කොමෙන්ටු සැපයීම දෙවෙනි වනවා නම් ඒ නයා ප්‍රසන්නට පමණි. ඒ දෙවෙනි වන්නේද අන් කිසිවක් නිසා නොව ඔබටත් මටත් වඩා දීර්ඝ කාලයක් ඔහු බ්ලොග් අතර රස්තියාදුවූ අයෙක් වන නිසාය.
      කෙසේ වෙතත් ලියන අපහට කොමෙන්ටුවක් යනු ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්හු! කල්පණා කලා කලා සිහියට ආවෙම නෑ ඊට ගැලපෙන උප හැරණයක්. ඇත්තෙන්ම සුපිරි උත්තේජනයක්! ඒක හරියට දුවන බල්ලාට උන්ම්බලකඩයෙන් ගැසීමක්! තවත් ටිකක් ලියන්නම්!

      Delete
    7. ITN ආවේ මමයි අජිත් පැරකුම්, අනුරාධා කෝදාගොඩ සහ නාලක ගුණවර්ධන

      Delete
    8. ඔව් ඔබ හරි අයියේ!

      Delete
  2. වැදගත් මාතෘකාවක්, ඒත් සංකීර්ණයි. මම සක්‍රීය බ්ලොග් රචකයෙක් නෙමෙයි. මට මූණුපොතේ සංස්කෘතිය ගැලපෙන්නෙ නෑ. ෆ්‍රෙන්ඩ්, අන්ෆ්‍රෙන්ඩ්, බ්ලොක්, වෝල්, ලැයික් නැති, මූණක්, කටක්, රටක් නැති බ්ලොග් නිදහසට කැමතියි.

    සමහරවිට මම කැමති බ්ලොග්වල තියෙන, මූණුපොතේ නැති ප්‍රයිවසි එකට වෙන්නත් පුළුවන්. රචනය මිස රචකයා වැදගත් නැති බ්ලොග් ලෝකයේ විවිධ අධ්‍යාපන, සමාජ ස්ථරවල අපි වගේ වගක් නැතිව කතා කරනවා.

    මෙහෙම සම-සමාජයක් පවතින්න පුළුවන් වර්චුවල් ලෝකයක විතරයි කියල මතයක් තියනවා. සමහරුන්ට එහෙම බෞතික මිත්‍රත්ත්වයක් ගොඩ නගාගන්න හැකි වුනත්, හැමෝටම බෑ. හොඳ හිතින්, අතින් කාලා කලත්, බ්ලොග් මිතුරු හවුල් එච්චර සාර්ථක වුනේ නැත්තෙ ඒ නිසා වෙන්නත් පුළුවන්, සෙස්ස පස්සට.....

    ReplyDelete
    Replies
    1. බුකි ගතවුනු අපේ පැරණි ජනප්‍රිය බ්ලොග් රචකයො, නැවත් ලියන්න උත්සහා කරනව මම දැකල තියනවා. අවාසනාවට ඒක එච්චරම සාර්ථක වුනේ නෑ. මට පෙනිච්ච විදිහට වැඩිහරියක් බ්ලොග් රචකයොන්ට, ලියන්න උත්තේජනය එන්නෙ පාඨක ප්‍රතිචාර වලින්. ඒත් හැම බ්ලොග් රචකයම නිදි වගේ අල්පේච්ච සහ සාධාරණ ලෙස පාඨකයොන්ව රඳවා ගන්නෙ නෑ. මම දැකලා තියනවා, ජනප්‍රිය රචකයො, තමන්ට කැමති අයට විතරක් උත්තර දෙනවා. එතන "බමුණු කුල" සංකල්පයක වයිබ් එකක් අපට දැනෙනවා. යූ-ටියුබ් සහ ගූගල් පුමුඛ ඩිජිටල් විප්ලවයෙන් "බමුණු කුල" උඩු යටිකුරු වෙච්ච මේ යුගේ, "ඉතිං අපිට පාංද?" කියල අපිට හිතෙනවා.

      දැන් මොකක් ගැනද මං මේ කිය, කිය හිටියෙ? දිග වැඩි හින්දා මුල මතක නෑ. මේක පෝස්ට් කරලා. රිප්ලයි එක බලල, ලිස්සනවද, සෙස්ස ලියනවද කියල හිතල බලන්නම්.

      Delete
    2. ඔව් මට මුහුණු පොත පේන්නේ අනුන්ගේ වැලක තමන්ගෙ රෙදි වනනවා වගේ! පොඩ්ඩක් එහේ මෙහේ උනොත් තමන්ගෙ රෙද්දට උනු දෙයක් හොයා ගන්නවත් බෑ. බ්ලොග් වගේ නෙවෙයි මුහුණු පොතට ඇබ්බැහිය තදින්ම වෙන නිසාත් ඊට ළඟා වීමට ඇති ලේසි පහසු ලිස්සන සුළු මං පෙත නිසාත් බොහෝ දෙනෙක් ඊට නැඹුරු වෙනවා. මුහුණු පොත සෑම සියළු තරාතිරමකම අය විසින් පරිහරණය කරණ නිසාත් එය බොහෝ සෙයින් ප්‍රචලිත බවයි දැනෙන්නේ. අනෙක බ්ලොග් වගේ ලියන්නට හා කියවන්නට පමණක් නොව මුහුණු පොත බහු කාර්‍ය මෙවලමක්. ඉන් හොඳ නරක, ගඳ සුවඳ ඕනෑම කටයුත්තක් සඳහාම පහසුවෙන් යොදා ගත හැකි වන නිසාම එය පරිහරණය කරණා පිරිස වැඩියි.
      නමුත්මෙය ඉඳුරාම වෙනස් වූ මධ්‍ය දෙකක් ලෙසයි මා දකින්නේ. එකිනෙකට වෙනස් වේදිකා දෙකක්!
      ඔබ පවසනවා වැනි බමුණු කුළ සීන් එකක් අපිටත් දැනී නැත්තේම නෑ. අපි ඊට ප්‍රථිචාර දක්වන්නේ අපේ ලිවීමෙන්මයි. මා ඉන් අදහස් කරණ්නේ ඒ හා ගැටෙන බවනම් නොවෙයි. වඩාත් වඩවඩාත් හොඳින් ලිවීමයි මා නම් කරණ්නට උත්සාහ ගන්නේ!
      ඔබට කියන්න මා බ්ලොගය පටන් ගත් මුල් වකවාණුවේ සමහර බ්ලොග් පකීර්ලගේ කමෙන්ට්ස් වලට දැම්ම පතරංග කොමෙන්ටු වලට ප්‍රථිචාර දක්වා තුබුනේ "හ්ම්ම්!", "ඔව්!", "ඇත්ත!" වැනි තනිවචනයෙන්. මගේ බ්ලොගයේ සමහර පෝස්ටු; මා එලෙස ඔවුන් වෙත එක්කල කමෙන්ටු!
      නමුත් කෙලෙසින් උනත් විය යුත්තේ මෙම කලාව නැතහොත් කාර්‍ය භාරය ඉදිරියට ගෙන යාම කියලයි මා හිතන්නේ. ඒ නිසාම මා හැම විටම පැරණි බ්ලොග් කරුවන් වෙත ඉතාමත් දයාබරත්වයෙන් යුතුව ආරාධනා කරණවා නැවතත් ලිවීන අරඹන ලෙස!

      Delete
    3. මම බුකිය භාවිතා කරන්නේ බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්න. ඒක තියන් යන්නේ ඒකයි. බ්ලොග් එකේ ලියන ඒවා ඒකෙ දානවා. අනික් හේතුව මම ගන්න පින්තුර දාන්න

      Delete
    4. මමත්! ඒ වගේම මම අන් අයගේ කොමෙටුත් එමගින් බෙදනවා!~

      Delete
  3. බ්ලොග් එකක් කියන්නෙ තවත් සමාජ මාධ්‍යක්. නමුුත් ගැටළුව කියන්නෙ මූණු පොත වගේ ක්ෂණික නූඩ්ල්ස් රසක් නැති එක.
    බ්ලොග් කියන්නෙ හොඳ පොළොස් ව්‍යංජනයක් වගේ. කවුරුත් කන්න කැමති වුණාට උයන්න අමාරුයි. උයන්න පුලුවන් කෙනාට වුණත් හොඳ පොළොස් ගෙඩියක් තෝරගන්න එක අමාරු වෙන්න පුලුවන්.
    ඒත් ක්ෂණික නූඩ්ල්ස් ඕන කෙනෙක්ට හදන්න පුලුවන් වගේම රස ගැණ කම්ප්ලේන් කරන්න උවමනාවකුත් නෑ.

    බුකිය හා බ්ලොග් සමබන්ධ ඕනම කාරණාවකට ඔය නූඩ්ල්ස්-පොළොස් කතාව අදාලයි.

    හැමදේම වෙනස් වෙන ලෝකෙක අපි මේක ගැන විතරක් දුක් වෙලත් වැඩක් නෑ.

    අටම ගන්න උදාහරණයකට. ඌ හොඳ බ්ලොගර් කෙනෙක්. ඒත් දැං ගෘප් එකක් අටවං අපිට වඩා බුකි ගත වෙලා ඉන්නෙ. ඒ ගෘප් එකේ බ්ලොග් වලට වඩා හොඳ පෝස්ට් වීව්ස් කමෙන්ට්ස් තියේ. ඉතිං ඒක හොඳ ආදේශකයකුත් වෙලා.

    අනික මාකගෙ ඇල්ගොරිදම් එක මිනිස්සු ඒක ඇතුලට රඳව ගන්න විදිහට ක්‍රියා කරනව මිසක් එතනිං එහට්ට යන්න දෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ක්ෂණික නූඩ්ල්ස් සහ පොලොස්! අම්මට සිරි පංකාදු උදාහරණයක් නොවැ! ඒක ඇත්තටම ඉතාමත් ගැලපෙන කථාවක්! ඇත්තටම ඔය දෙකේම භාවිතාව පිළිබඳ මට ඇත්තේ අල්ප වූ දැණීමක්; විශේෂයෙන් මුහුණු පොත ! ඇත්තෙන්ම හැමදේම වෙනස් වන ලෝකෙ මේ හැමදේම වෙනස් වෙන්න ඕන කියන එකනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න වෙනවා. ඒත මම නම් හිතන්නේ ඒ දෙකම තියෙන්න ඕන කියලා. ඕක හරියට මම දකින්නේ වයිට් වෝටර් රාෆ්ටින් සහ කයාකින් වගේ! වයිට් වෝටර් රාෆ්ටින් කරණ්නේ; හුලං පුරවපු ලොකු ඩිංජි බෝට්ටුවකට නැගලා වේගවත් දිය පහර සමග ගසාගෙන යෑමක්! නමුත් කයාකින් කියන්නේ ගස්වැල් අතරින් ට්‍රේල් බයිසිකලයක් පැදගෙන යනවා වැනි දෙයක්. මා නැවතත් කියන්නේ මේ දෙකම තියෙන්න ඕනෙ කියලා. එහෙම දෙවල් තියෙනවා. T20 එහෙමත් නැත්නම් සීමිත ඕවර ක්‍රිකට් ආවා කියලා ටෙස්ට් නවතා දමන්නේ නෑනේ. අන්න ඒ වගේ.
      කොහොමත් අපි වැනි අතීත කාමයේ ගිළුණු; ගතානුගතික අය පුරුදු පුහුණු උනු දෙයින් ඈත් වන්නට තියෙන අකමැත්තත් ඊට හේතුවක් වන්නට ඇති!
      ඔව් අටමාගේ සම්ප්‍රාප්තිය මා බලා හිටියා පසුගිය කාල වක වානුව පුරාවට! මාතලන්ගේ ඕර්ඩියන්ස් එකත් ඒ ලෙසටම තියෙනවා. සමහර විට අප කරණ්නේ උඩුගං බලා පිහිණීමක් වන්නට ඇති. ඒත් බ්ලොගයක තියෙන ස්වාධීනත්වය, මගේ යන හැඟීම මුහුණු පොතේ මාහට නම් දැනෙන්නේ නෑ. සමහර විට එය මගේ අඩුපාඩුවක් විය හැකියි!

      Delete
    2. නුඩ්ල්ස් -> පොලොස් මාර උපමාව , පහක් දැම්මා

      Delete
    3. ඔව්. අජියා. ඒකනම් මාර උපමාව.

      Delete
  4. අපිත් කාලයක් සක්‍රීය විදියට බ්ලොග් ලිවුව.
    පස්සෙ තේරුනා ඊට වැඩිය ලේසියි කියල ලියන එකෙකුට කොමෙන්ට් එකක් දාං ඉන්න එක. හැක්..

    ReplyDelete
    Replies
    1. ඕවා "හොඳ වැඩ" කියලා හිතනවද?

      Delete
    2. අපි කොමෙන්ට් කරුවන් ගැන කතා කළා. තිලෙකෙට මතක් වුනා. ප්‍රා , දෙමල ණයන්න ගැනත් කතා කලා. නමුත් වෙලාව මදි වෙලා ඒ කොටස අයින් කරලා.

      Delete
    3. ඔව්. මං දන්න කාලෙ බ්ලොග් දිව්වෙ මදු මදාවියයි, ප්‍රසන්නයි, මෙන්ඩයි නිසා.

      Delete
    4. ලිවුවට පබ්ලිෂ් කළේ නෑ කියලත් කියපං

      Delete
  5. "ම්ම් ඇත්ත" 😊😁. විහිලුවක් හොඳේ. ඔබගේ රසවත් බ්ලොග් ඇස ගැටී අවුරුද්දක් හමාරක් ඇති. පලවූ සියලු ලිපි කියවලා හමාරයි. අලුත් පෝස්ට් එකක් එනකම් නිතර විමසිල්ලෙන්. ස්තූතියි ලබා දෙන රසයට හා දැනුමට.

    ReplyDelete
    Replies
    1. මමත් හැම විටකම උත්සාහ කරණවා රසවත්ව හා වටිනාකමක් එක්වන ලෙස ලියන්නට! ඒත් මා හට අසලටවත් කිට්ටු වෙන්න බැරි මට්ටමේ බ්ලොග් ලියැවෙනවා; ලියැවී තියෙනවා! බොහොමත්ම ස්තූතියි අපි ලියන දේවල් කියවනවාටත් ඒ ගැන අකුරු හතරක් ලියන් ඒකත්. මා නිදී මහත්තයාට කියනවා වගේ බ්ලොග් ලියන්නෙකුට කොමෙන්ටුවක් දානවා කියන්නේ "දුවන බල්ලාට උම්බල කඩෙන් ගහනවා!" වගේ ආතල් කෝටියක් ජනනය වන මහත් පල මහත් ආනිස්ංස දෙන පුන්‍යක්‍රියාවක්!

      Delete
  6. මගේ සත දෙක මෙන්න.

    හැමදේටම එක්තරා කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත ඒක ජනප්‍රිය වෙනවා. ඊට පස්සෙ බැහැලා යනවා. සමහරවිට කාලයත් එක්ක ඒක ආයෙමත් නැගලා එන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ තමා ලෝකෙ හැටි. උදාහරණයක් විදියට මම social-media වලට ආපු මුල්ම කාලෙ (2005/06 විතර වගේ) තිබුනා Orkut හා Hi5 කියලා platform දෙකක්. තව තිබුනා MySpace කියලා එකකුත්. දැන් ඒවා හොයාගන්නත් නෑ, මොකද Facebook එකෙන් ඒවා යටපත් වෙලා ගිය නිසා. දැන් Facebook එකටත් වඩා Instagram වගේ ඒවා ජනප්‍රියයි. තව ටික කාලෙකින් වෙන මොකක්හරි එයි. ඔය වගේමයි 2000 ගනන් වල මුල අපි පාවිච්චි කලා icq කියලා මාර ජනප්‍රිය chat platform එකක්. ඊට පස්සෙ ආවා MSN messenger, Yahoo messenger වගේ ඒවා. ඒවත් ගිහින් Viber, WhatsApp වගේ ඒවත් ආවා. තව ටික කාලෙකින් මොනා මොනා එයිද කියලා දෙයියො තමා දන්නෙ. ඔය හැමදේම වෙනස් වෙනවා. මොකද තාක්ෂණය හැමදාම වෙනස් වෙනවා. පරම්පරාවල රුචි-අරුචිකම් වෙනස් වෙනවා. Gen-X එක කැමැති දේට නෙවෙයි Millennials ලා කැමැති වෙන්නෙ. ඔය දෙගොල්ලටම වඩා වෙනස් Gen-Z ලගෙ අදහස්. ඔවුවා ඔහොම තමා.

    ඉතින් මිස්ට තට්ස්, මට කියන්න අවශ්‍ය මෙන්න මේකයි. ඔය දේ ගැන අපි විස්සෝප වෙලා පලක් නෑ. ඒ ඒ කාලෙට තියෙන තාක්ෂණේ පාවිච්චි කරලා, තියෙන platforms පාවිච්චි කරලා තමන්ට කියන්න තියෙන දේ කිවුවා එච්චරයි. ඒක කැලෑ පත්තර ද, ප්‍රවෘත්ති පත්තර ද, බ්ලොග්ස්පොට් ද, වර්ඩ්ප්‍රෙස් ද, මීඩියම් ද ට්විටර් ද, ටික්ටොක් ද කියන එක එච්චර වැදගත් නෑ. වැදගත් වෙන්නෙ කොහොම හරි තමන්ගෙ අදහස් ප්‍රකාශකරන එකයි.

    ඔය ඉතින් මගේ පෞද්ගලික අදහස. ඔය ගැන ඉඳුරාම විරුද්ධ මතවාද තියෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්....හොඳ විශ්ලේෂණයක්. ඇත්ත, විස්සෝප වෙලා පලක් නෑ. ඔව්වා ඔහොම තමයි.

      Delete
    2. ඔය සියළු කාරණා සත්‍ය බව මා පිළි ගනිමි! විශ්වාස කරමි!! පෞද්ගලිකව මාගේ කථාව තරමක් ඔයිට වෙනස්ය! මාහට කිසිදා E පොත් කියවා රස විඳිය නොහැක! මැරෙණ තෙක් නොව මැරිලත් පැයක් පවතින වාහන පැදවීමේ ආශාව ඔටෝ ගියර් වාහනයක් පදවා; වාහනයක් පැදවීමෙන් ලබන ආශ්වාදය විඳිය නොහැක! හයිබ්‍රිඩ් වාහන එලෙශ්ට්‍රික් වාහන වහ කදුරු වාගේය! කෙතරම් ජවසම්පන්න වුවද පැට්‍රෝල් එන්ජිමක් සහිත රථයක් කෙරෙහි ඇත්තේ අල්පවූ ඇල්මකි! කෙතරම් පිරිසිදුව සහ රසාලිප්තව සෑදුවද ගෙදර හදන තෝසේ දිහා මා නොබලයි. මට තෝසේ කෑම විඳීමට නම් දෙමළ සිංදුවක් කන පැලෙන්න ඇසිය යුතුය! බාල්දියෙන් හොදි බෙදිය යුතුය! මොනතරම් රසාලිප්ත ප්‍රීමා. ෆිනෙගල් පාන් තිබ්බද හිත යන්නේම රෝස් පාන් වලටය. ඔවැනි අසනීප රාශියක් ඇති සත්වයෙක් වන මා බ්ලොග් කෙරෙහි ඇති බැඳීමද එසේමය! ඉතින් බුරතීනෝ මහත්මයාණෙනි දැන් තේරෙණවාද මේ අවුල!
      දැන් අපි මෙහෙම කථාවකුත් අසමු! විදුලි වාහන හා හයිබ්‍රිඩ් වාහන වලට විශාල ඉල්ලුමක් ඇථි නොවන්නට එක් හේතුවක් වන්නේ; මිනිසුන්ට ඩීසල් පැට්‍රෝල් නොගහන තෙල් වතුර බැලීමට අවශ්‍ය නොවන යන්ත්‍රයක් වාහනයක් සේ නොදැනීමයි! ඒක මිනිසුන්ගේ ගතානු ගතිකත්වය වෙන්නට පුළුවන.
      තවත් දෙයක් මා උත්සාහ කරණ්නේ නැවත බ්ලොග් වසන්තය උදා කරණ්නට නම් නොවේ. එය එසේ වන්නේ නම් මා සතුටු වන්නෙමි. ඔබ දැක ඇත්ද ගාල්ලේ තාම වයසක අම්මලා පුංචි බංකුවක වාඩිවෙලා ඉස්සරහින් සුට්ටං කොට්ටයක් තියාගෙන බීරළු ගොතනවා. ඒ වයසක අම්මලා හිංදා තමයි බීරළු කියලා කලාවක් තිබුනා කියලාවත් වර්ථමානයේ ඉන්න අපි දකින්නේ. අවම වශයෙන් ඒ මට්ටමෙන් හෝ මෙම කලා මාධ්‍යය පවතිනු දැකීමයි මාගේ කැමැත්ත! මා නම් බොහෝ මගේ පට්ටන්දර ලියන්නේ තව ටිකක් වයසට ගිහින් හොට බිම ඇනුනු කාලයට බලලා කියවලා "අම්මට හුඩු මමත් ඒ කාලෙ කොර්ල තියෙන පිස්සු වැඩ!" කියලා පුංචි පහේ ආතල් එකක් ගන්නටය!~ මේ ඔබ තුමන්ලාටත් කියන්නේ තම තමන්ගේ අදහස් උදහස්, වැඩ කිඩ, මෝඩකම් හපන්කම් පුරසාරම් ටික වෙන්න ලියලා කියලා තියන්න කියලාය!

      Delete
    3. මමත් ඒ විශ්ලේෂණයට කැමති. මගේ දුවල ෆේස්බුක් භාවිතා කරන්නේ නැහැ. මට MSN සග ගුගල් ගෘප් දෙකක් තිබුන. 90 අග භාගයේ. myspace එකවුන්ට් එකකුත් තිබුන. ඒවා ඔක්කොම ඉවරයි. හෙටනිද්දට ෆේස්බුක් නුත් ඉවර වේවි. ඕවා ඔහොම තමා . මම ලංකාවේ තොසේ වලට කැමතියි. කොච්චර අර දඩ ලොකු දෝසයි තිබුනත්. ඉතින් තට්ටයගේ කතාවත් ඇත්ත.

      Delete
    4. මහත්වරුනි, මම මෙහෙම කියන්නං. මිස්ට තට්ස් කියන්නා වගේ අපි තෝසෙ කන්නෙත් ආශ්වාදයට, කේක් කන්නෙත් ආශ්වාදයට, වාහන එලවන්නෙත් ආශ්වාදයට, පොත් බලන්නෙත් ආශ්වාදයට, ඒ වගේම බ්ලොග් ලියන්නෙත් ආශ්වාදයට, බ්ලොග් කියවන්නෙත් ආශ්වාදයට.

      ඉතින් මහත්වරුනි, මම කියන්නෙ තම තමන් ආශ්වාදනය කරන දේ stress එකක් කරගන්න එපාය කියලයි. ඒක stress එකක් කරගත්ත ගමන් අපට ඒක විඳින්න බැරුව යනවා.

      Delete
    5. //තමන් ආශ්වාදනය කරන දේ stress එකක් කරගන්න එපා//

      ආන්න ජංසන්. මගෙත් අදහස ඕකම තමයි. දියුණු වෙන්න නම් බ්ලොග් ලිවීම, කියවීම, ෂෙයාර් කිරීම නිදහස් වෙන්න ඕනෙ. වැඩි දෙනෙක් අතරට යන්න නම් තියෙන බාධක වැට කඩුළු අවම වෙන්න ඕනෙ කියල මට හිතෙන්නෙ ඒකයි.

      මූණුපොත බ්ලොග් ප්‍රචාරක මාධ්‍යයක් වශයෙන් භාවිතා කිරීම හොඳ දෙයක්. තම තමන් වෙන වෙනම ප්‍රමෝට් නොකර, බ්ලොග් සින්ඩි වගේ සංකල්පයක් මූණුපොතට දාන්න ක්‍රමයක් නැත්ද?

      Delete
  7. // කෙසේ වෙතත් ලියන අපහට කොමෙන්ටුවක් යනු ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්හු! කල්පණා කලා කලා සිහියට ආවෙම නෑ ඊට ගැලපෙන උප හැරණයක්. ඇත්තෙන්ම සුපිරි උත්තේජනයක්! ඒක හරියට දුවන බල්ලාට උන්ම්බලකඩයෙන් ගැසීමක්! //

    ඉස්සර අපේ බ්ලොග් කරුවෙක් හිටියා ඔබ්සවර් කියලා. අපි ආදරේට කිවුවෙ ඔබා නැත්තං ඔබා අයියා කියලා. අවාසනාවට ඔබා ජීවිතෙන්ම සමුගත්තා 2012 මැද. ඔබාගෙ හොඳ පුරුද්දක් තිබුනා බ්ලොග් පෝස්ට් එකක් කියවලා, ඒ ලිපිය ගැන කියන්න මුකුත්ම නැත්තං අඩුගානෙ "ආවෙමි. කියෙවුවෙමි." කියලා හරි නෝට් එකක් දාලා යන. අපේ රවියානං ඒකට කිවුවෙ "ඔය ඔබාගෙ පරණ ලංගමේ පුරුද්ද. විසිට් එකක් ආවා කියලා ලොග් එකක් දාලා යන්නෙ." කියලා.

    කොහොම වුනත් මමත් බොහොම අගය කරන හොඳ පුරුද්දක් තමා ඒක. ලැජ්ජයි කියන්න මමත් ඔය වැඩේ නොකර අරිනවා ගොඩක් වෙලාවට. ඒත් ඉතින් මොකුත්ම නොකියා යනවනට වඩා අර ප්‍රාජේ වගේ වැටක්වත් ගහලා යන එක ලොකු දෙයක් තමා ලියන්නන්ට උත්තේජනයක් විදියට.

    ReplyDelete
    Replies
    1. ඔය වැටට කොපි රයිට්ස් තියනවා. වැට සහ "හ්ම්" කියන්නෙ දිග කතාවක් කෙටියෙන් කියන එක කියල ප්‍රාජේ තමා කිව්වෙ. දැන් අලුත්ම එක "ලින්ක්".😂

      Delete
    2. බුරතීනෝ මහතැන්ට! ඔව් දෙයියනේ නිකා ඉන්න මට අහල ගියත් මදැයි කිව්වා වාගේ "ආවෙමි ගියෙමි!" කිව්වත් ඒකෙ පොඩි ලල් එකක් නැතිවම නොවේ!

      ප්‍රාජේට! !!!!!!!!!!!!!!

      Delete
    3. ඔබා මැරුණ කාලේ මටත් මතකයි. කවුරුහරි පෝස්ට් එකක් දෙකක් දැම්ම නේද හැලපය වෙන්න ඕනේ.

      Delete
    4. හැලපෙ ඒ කාලෙ වෙද්දි බ්ලොග් ලෝකෙට ඇවිත් තිබුනෙ නෑ නේ ද? බුද්ධි පෝස්ට් එකක් දැම්මා. බින්දි පෝස්ට් එකක් දැම්මා මට මතක හැටියට. තව කීප දෙනෙක්ම පෝස්ට් දාන්න ඇති.

      Delete
    5. එහෙමද , ඔය තරුණයන්ට වගේ මතකයක් නැහැ දැන් හේ හේ

      Delete
    6. ඔබා ගැන ඔ්නෙයත් පෝස්ට් කීපයක් ම දැම්මා.

      Delete
    7. ඔබා ඉන්න කොටත් බොහොම ප්‍රියමනාප චරිතයක්. මට හිතෙන්නෙ තිසාහාමිගෙන් වගේම ඔබා ගෙනුත් අපිට ඉගෙන ගන්න දෙයක් තියනව කියලයි.

      Delete
    8. ඕනයා තමයි ලිව්වේ. අර කතා බහේදී අවුරුද උත්සව ගැන කියන්න අමතක වුනා. හැබැයි එවල ත් ප්‍රශ්න තිබුන කියල ආරන්චියි. ඒ නිසා මතක් නොකරපු එක හොඳයි. ඒ දවස් වල බස් රේඩියෝ කියල එකකින් සම්මාන උලෙලෙකුත් කළා ඉන්ද්‍රනාත තේනුවරල හෙම

      Delete
  8. හොඳ දිරිමත් කිරීමක්. තව ලියන්න ඕන කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ලියමු! තම්න් කෑවොත් තමන්ගේ බඩේ වගේ නෙවෙයි තමන් ලිව්වොත් තමන්ට විතරක් නොවෙයි! තව බොහෝ දෙනාට! මා විශ්වාස කරණවා අපි හැමෝටම ලියා තියන්න තරම් වූ කථාවක් ඇතැයි කියා!

      Delete
    2. ඉතාම වැදගත් කතාවක්, තට්ටයා මහත්තයෝ.
      හැම කෙනෙකුටම කියන්නට කතාවක් තිබේ! එහෙත් හැම දෙනාටම ඒවා කියන්නට- ලියන්නට හැකියාව නැත. ඒ හැකියාව තියෙනවා නම් එය භාවිත කළ යුතුයි නේද?

      ඒ කතාව කීම වැදගත්ය. ඒ කතාව වැදගත්ද නැද්ද යන්න පාඨකයා තීරණය කරනු ඇත.

      Delete
    3. මේ කියන්නට කතාවක් ඇතත් එය පවසන්නට පසුබට වෙන තාත්තෙකුගේ කතාවක් තියෙන දමිළ ෆිල්ම් එකක් තිබෙනව බයිස්කෝප් සිංහලෙන් අඩවියේ. Home කියලා. 2021 රිලීස් කල ෆිලුමක්.

      Delete
  9. ඇත්තටම කිව්වොත් දැන් ඉස්සර ලිව්ව බ්ලොග් කාරයො සීයට හැත්තෑපහක් ලියන්නෙ නෑ. මමත් එකෙක්. හේතුව කියවන්නෝ නැතිකම. අපි පෝස්ට් එකක් ලියන්න ගොඩක් මහන්සි වෙනවා කැප වෙනවා ගොඩක් දේවල් හොයන්න වෙනවා. ඔය ඔක්කොම කරලා පෝස්ට් එකක් දැම්මම ඊට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නැත්නම් ඉන් ඉදිරියට ලියන්න කිසිම උත්තේජනයක් ඇතිවෙන්නෙ නෑ.ලියන්නෙ නෑ කියල මම අදටත් බැණුම් අහනවා. නමුත් ඇයි? අපි ලියන එක අපරාදයක් කියල අපිටම හිතෙන එක වලක්වන්නෙ නැත්තෙ ඇයි?එහෙම ගොඩ දෙනෙක් අදටත් බුකියට ගිහිං කවි ලිය ලිය ඉන්නවා.මේක තේරුම් ගන්න. ලිවීම නතර කළේ බ්ලොග් කාරයො නෙවෙයි.නතර කෙරෙව්වෙ කවුද කියල පොඩ්ඩක් හිතල බලල බනින්න.තව ගොඩක් දේවල් තියෙනවා දැනට මේ ඇති.

    ReplyDelete
    Replies
    1. හැලපෙ කාලෙකින් මෙහෙම හරි දකින්න ලැබීමම සතුටක්!

      Delete
    2. හැලපෙ, අර තියනවයි කිව්ව ගොඩක් දේවල් ටිකත් ලිව්ව නං තමා වටින්නෙ.

      Delete
    3. හරි නෑ හැලපේ එහෙම කියන එක .අපි නම් හැමදාම කමෙන්ට් දානවා. සමහරවිට හැලපෙ ඒවට උත්තර දෙන්නෙවත් නෑ. ඒකට කමක් නෑ .මම එකවුන්ට් පනහක් විතර හදලා දෙන්නම් කමෙන්ට් මදි නොකියන්න. ආයි ලියන්න.

      Delete
    4. හැලපයියේ මම බොහෝ වාර ගනනක් කියපු දෙයක් මා නැවත කියන්නම්. කැකිරි හේනක් වවන මිනිහෙක් ඒකෙ පලවෙනි ගෙඩිය තම්න් රස විඳින්නේ නැත්නම් වැඩක් නෑ. ඒ වගේ තමන් ලියන්නෝන තමන්ට කවදා හෝ දවසක කියවලා රස විඳින්නට හැකි දෙයක්. (මෙහිදී සේනානායක වේරලියද්ද කියනවා වාගේ "දුකම කොයි තරම් සතුටක් දෝ" කියලා හිතා ගන්නත් පුළුවන. නැතිනම් නව නළු රස!) ඉඳලා හිටලා හරි හොද්දක් හැදුවාම මම නං ඉස්සෙල්ලාම බලන්නේ "මට රහද!?" කියාය! එය එසේ නම් අන් අය කුමක් කීවත් මා ඒතරම් ඒ ගැන දුක් වන්නේද නැත!
      ඒ හොද්දම කාලා බලන්න කවුරු හරිහොඳයි කිව්වොත් නම් ඒක ලොකු උත්තේජනයක් තමයි!
      හැබැයි ඒ නිසාමයි මම කියන්නේ අපි හැමෝටම ඒ ගැන වග කීමක් තියෙනවා තමන් ලියනවා වාගේම අන් අයගේ පෝස්ටුවකටත් එබී බැලීමටත් අකුරු දෙකක් වත් කෙටීමටත්. (බක ටෝක් ඉශූ කලාට මගෙනුත් ඒ දේ සිදුවෙනවා මදි බව ලැජ්ජාවෙන් යුතුව පිළිගනිමි!)
      ඒ මොනවා උනත් ලිවීම නතර කරණ්න එපා! අළුත් වටයකින් පටන් ගනිමු!

      Delete
    5. තට්ට මහත්තයා කොපමණ අනිත් අයගේ බ්ලොග් වලට එනවද කියනවනම් මම මාසෙට එකයි ලියන්නේ කියල තිබ්බ. මම මාසෙට 6 පොස්ට් දාල තිබ්බ. පහුගිය මාස ගානෙම.
      //නතර කෙරෙව්වෙ කවුද කියල පොඩ්ඩක් හිතල බලල බනින්න// කාට හරි එහෙම බ්ලොග් ලියන එක බලෙන් නතර කරන්න පුලුවන්ද හැලපේ ? ඒක නිදහස් මාධ්‍යයක් නේ

      Delete
    6. හැලපෙ දැක්ක කල්.

      Delete
    7. හැලපයා මහත්තයෝ, කැන්ද කොළයේ හදන හැලප වලයි, ගං සූරිය කොළයේ හදන හැලප වලයි රස වෙනස්නේ...

      මාත් හිතන්නේ අපි යමක් ලිවීමෙන් සතුටක් ලබනවානේ. ඒක තමා වැටුප, කමෙන්ට්ස් වගේ දේවල් බෝනස් එක... හැම විටම බෝනස් ලැබෙන්නේ නැහැනෙ....

      අනෙක මහත්තයෝ, අපි හොඳ හිතින් කරන දේවල්වලට වුණත් ප්‍රතිචාර ලැබෙන්නේ අපෙ වාසනාවකුත් තියෙනකොටනේ.

      Delete
  10. මම නම් Blogs ලියන්න පටන් ගත්තේ 2016 දී. මුලදී සතියකට දෙකක්වත් ලිව්වා. හොඳ comments එහෙමත් ලැබුණා. ටික කලකට පසු (කවුරුත් පවසන පරිදි) ප්‍රතිචාර අඩුවෙමින් ගියා. සමහර අවස්වථාවලදී දින ගණනක් මහන්සි වී ලියු ඒවාටත් ප්‍රතිචාර නැතුවම ගියා. මේ නිසා ලිවීම පසුබෑමට ලක් උනා. 'රූපණ' සාකච්ඡාවෙන් පසු තත්වය හොඳ අතට හැරේවියයි විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අඩවිය මොකක්ද

      Delete
    2. හැලපයියාට පැවසූ කාරණය ඔබතුමාටද ගැලපේ යැයි මා සිතමි! අප ලිවිය යුත්තේ අප වෙනුවෙන්ය! මා ලිවිය යුත්තේ මා වෙනුවෙන්ය!! ඔබ ලිවිය යුත්තේ ඔබ වෙනුවෙන්ය!!! මොන විදියකින් හෝ සිදුවිය යුත්තේ නොනැවතී ලිවීමය! ඔබ තුමාගේ බ්ලොග් අඩවිය කියන්නකෝ!

      Delete
    3. අජිත් අයිය,
      මේ තියෙන්නෙ

      දයා මහත්තෙය,
      දිගටම ලියමු. මම නිතරම එහෙ ඇවිත් කියවනව. පහුගිය කාලෙ බැරි උනාට.

      Delete
    4. ස්තූතියි. දැන් අපි බ්ලොග් එල්ල ගන්නවා වගේ අනිත් අයත් ඒක කලොත් නරකද?

      Delete
    5. ඩ්‍රැකී, ස්තුතියි දයාරත්න මහත්තයගෙ අඩවියට පාර පෙන්නුවාට.. ගිහින් කමෙන්ට් එකකුත් දාලා ආවේ! ඔන්න තට්ටයා මහත්තයා නිසා වෙච්චි යහපතක්!

      Delete
  11. 2019 ඉදන් බ්ලොග් කියවන්න පටන් ගත්ත නම් තාමත් දවසට සැරයක් හරි අටම්පහුරට ගොඩ වෙනවා. ඔබ ඇතුළු කිහිප දෙනෙක්ගේ හරි බ්ලොග් පිටු යාවත්කාලින වෙලා තියෙනවා දකින්න ලැබෙන එකනම් ලොකු සතුටක්. තව පොරව මිට හැට හැත්තෑවක්, පොරෝතල දහයක් දොළහක් මාරු කරන් ඔහොම යන්.

    ReplyDelete
    Replies
    1. අනිවා ඔබ තුමන් ලා ඇවිත් යටින් දාන කමෙන්ටුව ලියන අපිට මහ මෙරක්! එන්න ඇවිත් බලන්න! කියවන්න!! ලියන්න!!!

      Delete
  12. උත්සාහය අත් නොහැර දිගටම බ්ලොග් ලියාගෙන යන ඔබටත් ස්තුතියි. මේ ලිපියත් අපුරුවට ගොඩනගලා තියෙනවා. ලියමු මිතුර ලියමු !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මෙහි ගොඩ වැදුනාට! ඔබේ ඇගැයීමටත් ලැබෙනවා ඉහල වටිනාකමක්! ඔබ අන්තිමට ගැමුණු සිල්වා මහතා පිළිබඳව ලියපු පෝස්ටුවට මා මෙසේ කමෙන්ටුවක් එක් කලා!

      //ඔබේ මේ සුන්දර කථාව මම මගේ වත් පොතෙයි, නෙළුම් යාය වත්පොත් සමූහයෙයි පලකලා! මට තනිවම කියවලා රස විඳලා හැරිල යන්න ලෝභ හිතෙන තරම් කතන්දරේ රසයි!//

      එයට පිළිතුරු ලෙස ඔබ දක්වා තිබුනේ

      //බොහොම ස්තුතියි . මේ වගේ ඒවා තව ලියමු??

      කියාය! ඉතින් නැවතත් ලියමු. අපි කිහිප දෙනෙක් නොනැවතී ලිව්වා. දැන් ඔබතුමන්ලාගේ සහය අවශ්‍යම කාලයයි! ස්තූතියි මෙහි පැමිණියාට!

      Delete
    2. තිලක සිත ගැන ගොඩ දෙනෙකු කතා බහේදී කියලා තිබුණා.... අලුතෙන් ලියනකොට එන්නං!

      Delete
  13. ආයෙත් සැරයක් බ්ලොග් එකේ දූලි පිහිදාල කාරිය කටුකෝල් ඇරල ගන්නෝන

    ReplyDelete
    Replies
    1. කොයි තරම් සතුටක් ගෙන දෙන වදන් පෙළක්ද මල්ලි ඒ!?

      Delete
    2. ලියපං ලියපං දිලා. උඹට ලියන්න ගොඩක් දේ තියෙනව. ඒ් වගේම, කවද හරි අපූ ආඩම්බර වෙයි තමන්ගෙ තාත්ත ගැන.

      Delete
    3. දිල්ෂාන්, බ්ලොග් එකේ මකුළු දැල් කඩද්දී කැප්පෙටියා අතු ටිකකින් කඩන්න.... එතකොට කාලෙකට මකුළුවෝ එන්නේ නෑ....

      Delete
    4. මගේ අම්මෝ බ්ලොග් තුනක් තියනවනේ මොකේද මකුළු දැල් කඩන්නේ

      Delete
    5. කවුද දෙයියනේ දන්නෙ? එහෙනං දිල්ෂාන්ට කැප්පෙටියා ලන්දක්ම ඕනෑ වෙයි නේද අජිත් මහත්තයෝ.

      Delete
  14. ඊයෙ මගෙන් ප්‍රවීන බ්ලොගර්කෙනෙක් ඇහුවා මං එයාට යවපු වට්සැප් මෙසේජ් එකක තියනදේ ෆේස්බුක් දාන්නෙ නැත්තෙ ඇයි ලියලා. මං කිව්වා ෆේස්බුක් මගෙ අදහස් ප්‍රකාශකරන්න ආස මාධ්‍යයක් නෙමෙයි කියලා. ඒක තියෙන්නෙ නිවුස්, ගොසිප්, සමහර අයගේ අදහස් දැනගන්න හා මට. මං මට කැමති වෙන අයගේ පෝස්ට් ශෙයාර් කරනව විතරයි එතන. මං බ්ලොග් ලියල නෑ බ්ලොග් හොදට තිබුන මැද හා අග කාලවල කමෙන්ට් කලා. පෝස්ට්වගේම කමෙන්ට්වලින් ඩයලොග් එන්ජෝයි කලා. විනෝදාංශයක් විතරයි මට ඒත් ආයිත් එහෙම තියනවනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. කොකා සංගමේ සභාපති සහ වසරේ හොඳම කමෙන්ට්කරු දෙන්නාම ආපු එකට සතුටුයි, හැක්.

      Delete
    2. ඔය ප්‍රවීණ බ්ලොග් කරුවෝ කියන ඒවා අහන්න යන්න එපා . වීඩියෝ එක වහල දාල කොමෙන්ට් එක්ක දාගෙන ඉන්න එහෙනම්.

      Delete
    3. මාත් සාක්කි!
      Pra Jay මහත්තයා බ්ලොග් නොලිව්වට මොකෝ ලියවන්න උදව් කරන්න සූරයා!

      Delete
  15. ඔව් ඔබ සැමදා සැම තැන සිටිය කෙනෙක්! මමත් මගේ වත් පොත් ගිණුම පරිහරණය කරණ්නේ අන් අයගේ පෝස්ටු ශෙයා කිරීමට. සත්තකින්ම ඔබ බ්ලොග් එකක් නොලිව්වත් නැවත බ්ලොග් ලිවීමකට පැරණි පරිණත බ්ලොග් රචකයින් යොමු කරවීමට ඔබට ඇති හැකියාව පිළිබඳ මාහට ඇත්තේ අචල විශ්වාසයක්!

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ ඔබත් කිව්වානම් යමක්!?

      Delete
  16. තට්ටයා මහත්මයාගේ සටහන සහ බ්ලොග් රචකයින් සටහන් තැබූ සංවාදය හරිම වැදගත්. අජිත් සහ තිලක සමග අප කල වැඩසටහන සේම මේ සංවාදය සිංහල බ්ලොග් කරණයේ ඉදිරි අනාගතයට සුබ පැතුමක් වේවායි පතනවා. ප්‍රයෝගික දුෂ්කරතා නිසාත් ධාවන කාලයේ සීමා නිසාත් අපට සංවාදය සීමා කරන්නට සිදු වුවත් ඉදිරියේදීත් මගේ නිර්මාණ තුලදී තව තවත් සිංහල බ්ලොග් රචකයින්ට ඉඩක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවේ දින නැති දිනපොත රේඩියෝ කෙටි කතා තුලින් සිංහල බ්ලොග් කරුවන්ගේ සටහන් රැසකටත්, සවන කවි මිණි ආර කවි චාරිකාව තුලින් සිංහල බ්ලොග් කවි කිවිදියන් රැසකගේ නිර්මාණ විශාල සංඛ්‍යාවකටත් ඉඩක් දෙන්නට මට ඉඩ ලැබුනා. එය සතුටට කරුණක්. DGM බස්සා,නිදි,Pra Jay වෙත මින් පෙර හදුනා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කලත් ප්‍රතිචාර ලැබුනේ නැහැ. ඔබ සියළු දෙනාම හදුනා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. නිර්මාණ අයිතිය වෙනුවෙන් බ්ලොග් රචකයින් අවධානය යොමු කරනවා නම් හොදයි. මා පෞද්ගලිකව ඉදිරියේදී ඒ ගැන හොයන්න හිතාගෙන ඉන්නවා. මා රසවිදි බොහෝ නිර්මාණ බ්ලොග් තුල අන්තර්ගත වුවත් භාවිතය සදහා ලිඛිතව අවසර ලද රචනා පමණක් මගේ නිර්මාණ තුලට ගොනුවූ බවත් කියන්න කැමතියි. ඒ හින්දම විවේක ලැබෙන විදිහට තම තමන්ගේ බ්ලොග් සටහන් වලට ලැබෙන ප්‍රතිචාර වෙනුවෙන් රචකයින් පිලිතුරු ලියන්න කාරුණික වෙනවා නම් හොදයි . ඔබ හැමටත්, සිංහල බ්ලොග් වලටත් ජය පතනවා.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ සොයුර! ඇත්තෙන්ම මම බලාන හිටියේ ඔබ මේ කථිකාවට කොයි මොහොතේ අවතීර්ණ වේදැයි කියා!? ඇත්තෙන්ම සිංහල බ්ලොග් ප්‍රවර්ධනය වෙනුවෙන් ඔබගේ දායකත්වය මා ඉතා අගේ කොට සළකනවා. ඔබගේ සවන කවි මිණි ආර වැඩ සටහන සඳහා මගේත් කවියක් හෝ කිහිපයක් තෝරා ගත් බවක් හා එය ප්‍රචාරය වන දිනයක් දන්වා ඊ මේලයක් එවා තිබුනා!
      ඒ කෙසේ වෙතත් ඊයේ රූපන වැඩ සටහන ඉතාමත් ප්‍රශාස්ථ මට්ටමක තිබුනා. ඊට හේතුව සම්පත් දායක්යින් වාගේම එය කදිමට මෙහෙයවූ ඔඅබත් බ්ලොග් ලියන්නෙක් වීම විය යුතුය! කෙසේ වෙතත් මා මීට පෙරත් එක් වතාවක ඔබගේ පෝස්ටුවක යටින් ලියා පෑවා සේම ඔබගේ කලා දිවිය සාර්ථකවේවා! අපි බලා හිඳිමු නැවතත් බ්ලොග් යුගයක් පටන් ගැනේවිදො කියා!ස්තූතියි!

      Delete
    2. රචකයෙක් මහන්සිවෙලා, රිසර්ච් කරලා ලියන සීරියස් ලිපියකට නිර්මාණ අයිතිය දාගන්නවට මගේ අකමැත්තක් නෑ. ඒත් සමස්ථයක් වශයෙන් නිර්මාණ අයිතිය කියන්නෙ දියුණුවට බාධාවක්.

      උදාහරණයක් වශයෙන් "මීම්" ඇසුරින් නව උප සංස්කෘතියක් ගොඩ නැගෙමින් පවතිනවා. මීම් වලට කොපි රයිට්ස් නෑ. මීම් එකක් භාවිතා වන විට එය වෙනස් වෙමින් යනවා. මගේ අදහස රචනය මිස රචකයා වැදගත් නැති බවයි. අපි එකිනෙකාගෙ අදහස් වෙනස්, ඒත් පරමාර්ථය එකයි - "Make Sinhala Blogs great again".😊

      Delete
    3. අනුරුද්ධ මහතාණෙනි. බ්ලොග් ලිවීම පටන් ගත කාලයේම ඔබතුමා ඉල්ලීමක් යොමු කර තිබුණා. එයට උත්තර දෙන්න ගියාම ඒකට ඉඩ දුන්නේ නෑ (ගූගල් වෙන්න ඇති) ප්‍රශ්න ගොඩක් ඇහුවා. දැන් වුණත් මම නම් තාක්ෂනේ දන්නේ බෝම අඩුවෙන්.
      මගේ ඊමේල් ලිපිනය එව්වා, හඳුනා ගන්නට කැමතිය කියලා මගේ බ්ලොග් අඩවියේදී කියා තිබුණු විට. ස්තුතියි!

      Delete
    4. මම නම් හිතන්නේ නිර්මාණ අයිතිය තියෙන්න ඕන දෙයක්. නැත්නම් ප්ලේටෝ කියපු දෙයක් වත් අරිස්ටෝඅටල් කියපු දෙයක් වත් බුදු හාමුදුරුවෝ කියපු දෙයක් වත් ඩා වින්චි හදපු දෙයක් වත් වැදගත් වෙන්නේ නැහැ. නිර්මාණ අයිතිය තියාගෙන ලෝකෙට භාර දෙන්න ඕනේ.

      Delete
    5. මම හිතෙනවා අජිත් කියනදේ මට තේරෙනවා කියලා. ඔබ අපූරු කතා මාලාවල් ලිව්වා. පස්සෙ ඒවා පොත් කලා. ඒත් බ්ලොග් එක හරහා ඒවා තාමත් නිදහසේ බෙදා ගන්නවා. මෙතනදී නිර්මාණ අයිතිය අවශ්‍ය බව මට තේරෙනවා. අවුලක් නෑ.

      මම කියන්නෙ ඒ වගේ නිශ්චිත අවස්ථා ගැන නෙමෙයි. බුරා, නෙළුම් දෙන්නම මේ ගැන කියල තිබ්බා. බ්ලොග් අවකාශය දේශපාලනයෙන් (ගෝත්‍ර, පක්ෂ හෝ පන්ති ) තොර, නිදහස් තැනක් කිරීම ගැනයි. Just keep it simple and stress free.

      Delete
    6. සොරි, මට එහෙම ඉල්ලීමක් මග ඇරුනනම්. ඒත් මම බ්ලොග් ලියන්නෙ නෑ. කොහොමද ඉල්ලීම කලේ ? වෙන අයෙකුගෙ බ්ලොග් එකකද? සමාවෙන්න මට මතකයක් නෑ. බ්ලොග් ප්‍රවර්ධනයට මට පුලුවන් දෙයක්නම් කරන්නම්. jaytun4@yahoo.com

      Delete
  17. Blog liyannan dirimath kireema ha blog liweemata arayum kireema yana sathkriya wenuwen mage sthuthiyath piliganna.

    ReplyDelete
    Replies
    1. අරත් මහත්තයා; ස්තූතියි! ඒ වාගේම බ්ලොගයක් ලියන්න පටන් ගන්න! තාක්ෂ්ණික දැනුම හැකි පම්නින් දෙන්නම්! මොකද කියන්නේ!?

      Delete
  18. බ්ලොග් ඉතිහාසය නොදන්නවා උනාට සමහර සිද්ධි දන්නවා. ඒවා අදාළ නැහැ

    ලිවිම විරේකයක් වෙච්ච මම වගේ පිස්සියෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඒ කාලේ සිටන් ලිව්වා. කියෝපුවා හිට් වෙලා තිබුනාම සතුටක් ආවා. ඒක ඇත්තටම ලියන්න ලොකු ගැම්මක්. නමුත් බ්ලොග් එක තරම් වෙන මාධ්‍යයක මේ අදහස් සහ කාරණා මම දැකල නැහැ. ඒ තමයි සිංහල බ්ලොග් වල මම දැකපු දේ.

    බ්ලොග් ලියන්නේ පිස්සෝය, මේ ලියන්නේ ලාමක මොට්ට දේවල් කියලා අසාගෙන උනත් ඒ ලිවීම්වල සහ කියවීම්වල තියෙන සංවාදාත්මක බව අපිට මම හිතන්නේ නැහැ හාට් , ලයික් දාන වෙන තැනක තියෙයි කියලා. මුහුණු පොත. ඉන්ස්ටග්‍රෑම් කියන්නේ සංවාද මණ්ඩප කියලා හිතන මෝඩයෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඒවා තාවකාලිකයි. කමෙන්ට් එකක වටිනාකමක් එතන මම දැකලා නැහැ. නිකන් පාලු ගෙදර වලන් බිඳින, ගේ අස්සේ කාමරේ වෙච්ච දෙයක් ලෝකෙට කියන වගේ දේවල් වලටත්, සයිබර් බුලින් වලටත් නම් හොඳයි.

    බ්ලොග් වල ලිවිම අතාරින්න හේතුව මම හරියටම දන්නේ නැහැ. සමහර වෙලාවට මුරුංගා අත්තක් කඩාගෙන වැටුනා වෙන්නත් පුළුවන්. නමුත් ආයෙත් ලියවෙනවා නම් , ලියවෙන්නම ඕනේ කියල හිතෙන බ්ලොග් වගයක් තාම නිදි. ලියන්න දේවල් නොමැතිව නෙවෙයි, ඒ නිහඬතාවය පස්සේ තියෙන හේතුව දියවෙන්නත් ටික කාලයක් අල්ලාගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ 'පිබිදිමය' කියන එකත් සෑහෙන කටුක උත්සහයක් වෙන්න පුළුවන්. හොඳ සින්ඩියක් තිබ්බා නම්, ඇත්තටම මේ සියල්ලම ලස්සනට එක්කාසු වෙනවා, බොරුද බලන්න!
    මොකද ගොඩක් අය දන්නේ නැහැ රසවත් ලිපි ලියවෙන තැන් මොනාදවත් කියල....

    තට්ටයා මහත්මයා සද් භාවයෙන් කරන්න හදනදේ නම් නියමයි... ඕක කාටවත් හයිජැක් කරන්න දෙන්න එපා, මොකද ඒක තමයි ඉතිහාසේ උනේ

    ජයවේව!

    ReplyDelete
    Replies
    1. හොඳ විශ්ලේෂණයක්. බුකිගත වුන දැනට නිදි, ඒත් පැරණි ජනප්‍රිය බ්ලොග් රචකයො නැවත ලියන්න උත්සාග කරනව මම දැකලා තියනවා. කාලයක් අත්හැරදාලා තිබිල එහෙම ලිව්වාම කවුරුවත් ඒ ලිපි දකින්නෙවත් නෑ. බොහෝවිට සින්ඩිවල අප්ඩේට් වෙන්නෙත් නෑ. ඉතිං කමෙන්ට්ස් වැටෙන්නෙ නැති උනහම, කලකිරිලා ආයෙත් බුකියටම මංගච්චනවා. ඒක විශම චක්‍රයක්.

      Delete
    2. මං කියන්නෙ, ආපහු ලියන්න පටං ගන්න උදවිය ඒකත් එක්කම, අනික් බ්ලොග්වලට ඇවිත් කමෙන්ට් කරන්නත් ඔ්නෙ. එතකොට අපි දැනගන්නව මෙන්න මූං ආපහු ලියනව කියල...

      Delete
    3. අදහස හොඳයි, ඒත් කොස්සක් තියනවා. එහෙම කලත්, කලින් නවත්තනකොට තිබ්ච්ච කමෙන්ට් ගාණ කොහොමවත් එන්නෙ නෑ. ප්‍රතිපලය- නැවතත් බුකියට ගෑටීම. දුකයි, ඒත් ඕක තමයි ඇත්ත.

      Delete
    4. ලියන්නෙ කමෙන්ට් බලාගෙන නං ඉතිං වෙන ම කතාවක් ඒක. තමන්ගෙ හිතේ තියෙන මගුල් පට්ටන්දර දිගෑරලා නිදහස් වෙන්න නං ඒක වෙනම එකක්.

      Delete
    5. කමෙන්ට් බලාගෙන නොලියන එකම එකයි මම දැකලා තියෙන්නෙ. ඒ අන්සතු දිනපොත ලියන අමිල විතරයි. බඹරගෙ කතාව අහල තියේද?

      හැඩය, බර, පිහාටුවල වපසරිය ගණනය කලාම එයරොඩයිනමික් තියරි වලට අනුව බඹරට පියාඹන්න බෑලු. ඒත් බඹරා පියාඹනව, ඒ කොහොමද? ඌ ඔය එයරොඩයිනමික් තියරි සතපහකට ගණන් ගන්නෙ නෑලු. අමිලත් බඹරගෙ ජාතියෙ එකෙක්. එහෙම එවුන් එන්නෙ නැවකට එකයි.

      Delete
    6. බසු ඇයි බොල මම , ලිස්සල යන කොමෙන්ට් විතරයි වැටෙන්නේ . හුහ් නැත්නම් ප්‍රා ගේ වැට. මම හිතන්නේ අටම්පහිය සින්ඩිය දැන් නැහැ., මම අඹගහ යට, මාතලන් සහ සිතුව්ලි සින්ඩි එල්ලගෙන ඉන්නේ. තව තියනවනම් දන්නා අය පහලින් දාන්න.

      Delete
    7. ඇයි අර වලිකුකුළා නිදිත් එන්නෙ කොටන්න.😂

      අටම්පහිය සින්ඩිය තාම තියනවා.
      https://atampahiya.blogspot.com
      මෙන්න තව එකක්:
      https://sinhalaviyunu.blogspot.com

      Delete
    8. සින්හලවියුණු අප්ඩේට් වෙන්නේ නැහැ නේද? වෙනවනම් මගේ බ්ලොග් එකට දාගන්න ඕනේ. ස්තූතියි

      Delete
    9. බස්සා මහත්තයෝ, නිදි+යාගෙන ඉන්න මිගරදලා ඇහැරවන්නේ පරෙස්සමෙන්, හොඳේ....
      //කමෙන්ට් බලාගෙන නොලියන එකම එකයි මම දැකලා තියෙන්නෙ.//

      අනේ, අනේ. අපි ගැන හිතන් ඉන්න විදිහ.
      මම ලියන්නෙත් comments බලාගෙන නෙවෙයි. හැබැයි ඔබතුමන්ලා කමෙන්ට්ස්වලින් කියන දේවල්වලට උත්තර දෙනවා විතරක් නෙවෙයි, ඒවායින් ගත යුතු දේත් ගන්නවා. ඒ වගේම ලොකු සතුටකුත් ලබනවා... නොදුටු; නොදන්නා රසික-රසිකාවියන් හා ඇසුරකට ඉඩ ලැබීම ගැනත්....

      පූරුවේ පිනක් හරි වාසනාවක් හරි වෙන්නැති, බ්ලොගය නිසා මට නම් හිතවත් අය ගොඩක් මුණ ගැහුණා.... මුණ ගැහෙනවා....

      Delete
    10. මම අදහස් කලේ එහෙම දෙයක් නෙමෙයි නිදි. නිදි ඕපන් බුක් රටාවට ලියන දේ මම අගේ කරනවා. නිදි පාඨකයන්ව මඟ නොහැර උත්තර දෙන එක පවා. ඒත් අමිල කියන්නෙ, වෙනමම ලෙවල් එකක්. එයාට කමෙන්ට් ගැන කිසිම උනන්දුවක් නෑ, දැම්මත් එකයි, නැතත් එකයි. හිතුනොත් උත්තර දෙනවා. එයා එයාගෙ කතාව, එයාගෙ ක්‍රමේට ලියනවා. ඒත් එතන "බමුණු කුල" වයිබ් එකක් එන්නෙ නෑ. මන්දා, මට නං ඒ ලෙවල් එකට එන්න අමාරුයි. ආපු ගමන් කරන්නෙ, කව්ද කමෙන්ට් දාලා තියෙන්නෙ කියල බලන එකයි. දාලා නං සතුටුයි, අඩු නං ණයා මැරිච්ච අහුකුණ්ටික මූඩ් තමා. ඒකයි එහෙම කිව්වෙ.

      වැරදි වැටහීමක් ආව නං, වරද මගේ.

      Delete
    11. පිස්සුද මහත්තයෝ, පණ ගන්වලා- අවුස්සලා ගන්නයි එහෙම ලිව්වේ. දන්නවනේ මගේ අන්දොස් වැඩ.

      Delete
    12. අම්මෝ සෙනඟ....ත්‍රීවිල් එකක් අරගෙන ආවේ..

      ස්තුති කතාවකුත් දැක්ක ඒ අස්සේ... කමක් නැහැ ඉතින් බ්ලොග් නේ... හරියටම මටම නැති උණක් තව එකෙක්ට තදේට තියෙනවා දැනෙනකොට තියෙන අධ්‍යාත්මික සුවය........

      අමතක කරන්න එපා ඩුඩ්.. ලස්සනට ලියපු රවියා ( දේශපාලන පෝස්ටු ලියන එකා නෙවෙයි, ඒ වගේ අනිත් එකා), නිර්මාණශීලි බස්සි... මගේ මොන කතාව උනත් කියෝලා මොනවා හරි කොටලා යන උදවිය...

      මේක බ්ලොග් ඇක්ටිවිටි එකක් විදියට උනොත් ස්ථිරසාර වෙයි. නැතිනම් චැරිටි වලින් කෙලවර වෙයි.
      බලන්න මෙතනම කොච්චර ඉන්නවද, මේ ඇති ආරම්භයට..

      හැබෑටම අපි මොකක්ද දැන් කරන්ඩ හිතුවේ?

      Delete
    13. ඩ්‍රැකී> ඇත්තම තමි, කමෙන්ට් කරන්න බැරි උනා නෙව. මම මේ අර රහස් නැති රහස් පරීක්ෂක කතාවක් ලියන්න ගිහින් හැංගිලාම තමයි තාමත්. සොලී ඈ.. කමෙන්ට් කරන්නම්

      Delete
    14. ඇත්තෙන්ම මේක ට්‍රිප් එකක් යන්න කොල්ලො කෙල්ලො ටිකක් හදන්වා වගේ!
      "අපි යමු ට්‍රිප් එකක?"
      "අම්මට සිරි යංකො!'
      "අනේ මාත් එනවා!"
      "මචං අරූවත් අරං යං!"
      "ඒ වෙනද වගේ ගල් නං බෑ! ජින් එකක් වත් ගම්මු!"
      "එකක්!? පිස්සුද බං අඩු ගානේ හයක් හතක් වත් ගන්න වෙයි!"
      "දැං කොහෙද බං යන්නේ!?"
      "අම්මට හුඩු කොහෙද බං යන්නේ?"
      ආන්න ඒ වගේ දැං කණ්ඩායම ඉන්නවා. හයි මොරාල්! ඕන ගේමකට !! දැං මොනවද කරණ්න ඕන!?
      "අම්මපා දැං මොනවද කරණ්න ඕන!?

      ඒ වගේ අපි දැන් කුමක් කරමුද!?

      Delete
    15. ලිඛිතා මේ කමෙන්ට් වැටී ඇත්තේ මට නොව "බ්ලොග් නැවත උත්පත්තියට" ය!

      Delete
  19. ඔය තිසාහාමිගෙ පොරොව වගේම, රොබට් නොක්ස් ගෙ උදැල්ලත් තාම තියෙනව එළදැත්තෙ. මින්රේයි පැත්තෙ තියෙනව, මහසෙන් රජු මින්නේරිය වැවේ මංගල පස් පිඩැල්ල කපාපු උදැල්ල...

    ReplyDelete
    Replies
    1. පට්ට. හෙහ්, හෙහ් මේකත් කර්‍යක්ෂම බ්ලොග් ප්‍රචාරක ක්‍රමවේදයක්. දැං කමෙන්ට් එකක් දානව නං ඒ පරණ ලිපියෙ දැම්මොත් පෙනෙයිද?

      Delete
    2. මං ගිහිං බලනව, ලිංක් එකක් දැම්මහම, ඒ තැනට දවසකින් දෙකකින් ගිහිං. කවුරු හරි මගෙ ලිංක් එක අනුව ගිහිං කියවලද කියල.

      Delete
    3. බැලුව නියමයි ඩ්‍රැකියො. හැමදාම හිතනවා අද නං බොගේ බ්ලොගෙ පතල් බහිනව, පරණ මැනික් හොයන්න කියල. අද සෑට බලන්න දාගත්තා😂

      Delete
  20. ඔබට ඔවුන් හා සටන් කල නොහැකි නම් ඔවින් හා එකතු වන්න, ක්‍රමවේදය අනුව, අපිට බැරිද මූණුපොත බ්ලොග් ප්‍රචාරක කටයුතු වලට පාවිච්චි කරන්න? මම මූණුපොත විශේෂඥයෙක් නොවන නිසා ක්‍රමය දන්නෙ නෑ. බ්ලොග් සින්ඩි වගේ දෙයක් මුණුපොතේ හදලා, නව පරපුරේ කියවන්නො බ්ලොග්වලට ගේන ක්‍රමයක් වගේ දෙයක්?

    ReplyDelete
    Replies
    1. මං කරන්නෙ, නිදි කරනව වගේ, පෝස්ට් එකේ කෑල්ලක් මූණු පොතේ දාලා, බ්ලොග් එකට ලිංක් එක දානව. මං ඒක අල්ල ගත්තෙ සෑමගෙං.

      Delete
    2. මං උඩ ලිවුව කමෙන්ට් එකක් බර්මියුඩා වුණා. මං කරන්නේ එෆ්බී පේජ් එකේ දාලා පස්සේ මෙහෙට ගේන එක.

      Delete
    3. ස්තූතියි. ඒත් මම අදහස් කලේ එහෙම වෙන වෙනම නැතුව සින්ඩියක් වගේ එකක් FB වල හදන්න පුළුවන්ද කියන එකයි.

      Delete
    4. මමනම් කරන්නේ ඒක

      Delete
  21. යම් දෙයක් කරන්න අවශ්‍ය උනන්දුව අපි තුලින්ම ඇතිවෙන්නත් පුලුවන් (intrinsic motivation), බාහිරින් ලැබෙන යම් උත්තෙජනයක් නිසා වෙන්නත් පුලුවන් (extrinsic motivation). දිගටම යමක් කරගෙන යන්න වැඩිය වැදගත් වෙන්නෙ අපි ඇතුලතින්ම එන motivation එක. තමන් ලියන පරමාර්ථයන් හා එයින් තමන්ට තියෙන 'වාසි' හොඳින් අවබෝද කරගත්ත බ්ලොග්කරුවන් දිගටම ලියයි. යමක් අවපාතයට යනකොට උත්සාහ කරලා අපිට එය කලින් තිබුනු තත්වයට ගේන්න පුලුවන් නිසා හැමෝම එකතුවෙලා කරන්න හදන දේ හොඳයි. ඒකට ස්වභාව ධර්මයෙන්ම හොඳම කාලෙකුත් දීලා තියෙනවා මේ දවස්වල.

    කමෙන්ට්ස් ගැන කිව්වොත් මම කමෙන්ට්ස් දාන්නෙ මට බ්ලොග් එකක් කියවලා යමක් 'දැනුනොත්'. අර අපි ඉංග්‍රීසියෙන් කියන්නෙ it struck a chord within me කියලා. බ්ලොග්කරුවන් වැඩිදෙනෙක් කමෙන්ට්ස් කරන අය එක්ක ඉතාම හොඳින් interact කරමින් කමෙන්ට්ස් ඉතාම වටිනා විදිහට සලකනවා. ඒක skill එකක්, සමහර බ්ලොග්කරුවන්ට ඒ skill එක නැතිවෙන්න පුලුවන්. කමෙන්ට්ස් දාල බ්ලොග් එකක් ප්‍රොමෝට් කරලා ගන්න එක සද්බාවයෙන් කරන බ්ලොග් කරුවන්/කමෙන්ට් කරුවන් ඉන්නව. නමුත් ඒක කොයි තරම් දුරට දීර්ග කාලිනව පලදායි වෙයිද දන්නෙ නැ. හරියට අපි චැරිටි කරනකොට ඒවෙලාව අපිට සතුටක් ලැබුනත් දිගු කාලිනව එයින් පලක් නැතිවෙන්න පුලුවන්, සමහරවිට ලැබෙන කෙනාට එහි වටිනාකමක් නැත්නම් හෝ දැනට ඉන්න විදිහෙ වෙනසක් ඒ කෙනාට අවශ්‍ය නැතිනම්.

    කොහොමවුනත් මමත් බ්ලොග් දකින්නෙ බස්සා එහෙම කියලා තියෙනවා වගේ නිදහසේ ඇවිල්ල කියවලා, කතා කරල යන්න පුලුවන් අවකාශයක් විදිහට. ලෝකෙ අනිත් හැමදේම වගේ ඒක perfect නැහැ, නමුත් හොඳයි. ඒනිසා හැමොම ගන්න මේ උත්සාහය අගය කලයුතුයි. සුද්දො කියනවා වගේ Give it your best shot, have a good time and if it doesn't work at least you tried.

    (තෝරු මෝරු අස්සෙ මමත් ආව ඉතිං. අදහස් කියන්න ලැබුනු අවස්තාවට ස්තුතියි, තට්ටයා මහතා)

    ReplyDelete
    Replies
    1. Lotus, ඔයාගෙ කමෙන්ට් එක නිසා මෙතෙක් කාලයකට නොකියා හිටිය දේකුත් කියන්න හිතුණා.

      සමහර බ්ලොග් ලිපියක් කියවද්දී කමෙන්ට් එකක් දාන්නට තරම් උත්තේජනයක් නොලැබෙන වෙලාවලුත් තියෙනවා. ඒත් පස්සේ එක කියවද්දී ලියන්නට දෙයක් ඔලුවට එනවා. කොහොම වුණත්, මහන්සි වෙලා
      ලියන දේට කරන ගෞරවයක් විදිහට ආයාසයකින් හරි සටහනක් දාන්නයි මං පුරුදු වෙලා ඉන්නේ....

      ප්‍රශ්නය තියෙන්නෙ සමහර රසිකයන් ඉතාම අසංවර විදිහට ප්‍රතිචාර දක්වලා තියෙද්දී, වෛරී විදිහට සාහසික දේවල් කියලා තියෙද්දී ඒ වේදිකාවේ යමක් කියන්නටවත් නොහිතෙන එකයි.

      වාසනාවකට වගේ මට නං කිසිම කිසිවෙක් එහෙම ප්‍රතිචාර දක්වලා නෑ. ඒත් එහෙම ඒවා දැකලා ලියන්නෙක් කොච්චර හිත රිදවා ගන්නවා ඇතිද?

      Lotus, ඔයාට නෙවෙයි මේ කියන්නෙ. අපි අකමැති දේවල් වුණත් කියන්නට කෙනෙකුට තිබෙන අයිතිය ඇයි අපි නොපිළිගන්නේ? ඇයි විරුද්ධ මතවලටත් ගරු කරන්නට අපට බැරි?

      Delete
    2. ලෝටස් එක්ක fully agree

      Delete
  22. ඉරිදා කියන්නේ පට්ට ගෙදර වැඩ ගොන්නක් තියෙන දවසක් නිසා ඒ වැඩ අහවරක් කරලා ඉස්පාසුවක් ගන්න ලැබුනේ පහුවදා තමයි. එතකොට කොමෙන්ට් පෙරහර ගිහිල්ලා ඉවරයි වාගේ
    ඔන්න මගේ මතය.
    බ්ලොග් කියා දෙයක් තියෙනවා කියලා අපේ අලුත් පරපුර නොදන්නා එක. උන් අන්තර්ජාලයෙ ෆේස් බුකියෙන් එහා ලොවක් දකින්නේ නෑ. අනික තමයි ජංගම දුකතනයෙන් ඉක්මනින් බූකි ගතවෙන්න හැකි වීම.
    නෙලුම්යාය වැනි සම්මාන උලේල වලින් අංකූර බ්ලොක් හා ප්‍රවින බ්ලොග් රචකයන්ට තව ලියන්නට උත්තේජනයක් ලැබිම හා ලංකාවේ මෙහෙම කලාවක් ඇති බව යම් තරමකට හෝ ප්‍රචලිතවිම. සමහරුන් පවසන එවායේ තිබුන දේශපාලනය හා යටි අරමුණු අපට වැඩක් නැත හොද දේ පමණක් අරන් අනවශ්‍ය දේ බැහැර කළා නම් ඉවරය.
    මිනිසුන් අතර බ්ලොග් ගෙන ගිය හොද සින්ඩිය වැසීයාම. මාගේ බ්ලෝග අඩවියට වැඩියෙන් පාඨකයින් ආවේ ලාංකීය සිතුවිලි සින්ඩියෙන් එය වැසීයාමෙන් පස්සෙ ලොකු අඩුවිමක් උනා.
    හැලප කඩේ හා රවි වැනි අය ගොඩාක් ලිපි ලිව්වේ ලංකාවෙන් පිටදී එයාලා ලංකාවට ආවට පස්සේ එවා අවාරෙට වැටෙන පොල් ගානට වැටිලා. මම හිතන්නේ ඒවා ලියවෙන්න ඇත්තේ ලංකාවෙන් පිටදී ඇතිවු සාංකාව නිසා වෙන්නැති.
    අන්තිමට කියන්න වෙන්නේ අපි ලියමු ආයෙමත් ලියමු. නොලියන්නෝ ලියවමු.

    මේ ගැන කතිකාවක් ඇති කරපු අනුරුදු්ධට හා තට්ට මහතාට ස්තූතියි ජය වේවා...
    දැන් රාජකාරියට පිටත්වෙන්න කාලයත් පැනලා රතු ඉර වදියිද මන්දා මම යනවෝ.. පස්සේ ඉතිරිය දාන්නම්.....

    ReplyDelete
    Replies
    1. අසංග, ගොඩක් පරක්කු වෙලා හරි ආව ඒකත් ලොකු දෙයක්. මොකද බ්ලොගය හරහා මගෙත් එක්ක මිත්‍ර වුනු පළමු දෙන්නාගෙන් කෙනෙක් අසංග.

      සින්ඩි වැසි යාම!
      තවමත් මගේ බ්ලොගය කියවීමට වැඩිපුරම පාඨකයන් එන්නේ 'මාතලන්ගේ සින්ඩිය' එකෙන්.
      ඒ වගේමයි ඔයාලගෙ බ්ලොග් අඩවිවලින්....

      මට නිරීක්ෂණය වෙලා තියෙන විදිහට නං, අපි හොඳ කමෙන්ටුවක් දැම්මාම එය දකින රසික-රසිකාවනුත් අපෙ අඩවි හොයාගෙන එනවා!

      හැබැයි ලියමු, ලියමු කියලා අනුන්ට බණ කිව්වට තමුන්නාන්සේත් දැන් දැන් කම්මැලි වෙලා වගේ.

      Delete
    2. // මොකද බ්ලොගය හරහා මගෙත් එක්ක මිත්‍ර වුනු පළමු දෙන්නාගෙන් කෙනෙක් අසංග// ලොකු ආඩම්බරයක් දැනුනා..
      කම්මැලි නෑ . මගෙ ලියවිල්ලට වැටෙනා බාදක ගොඩ ගැන ලිව්වොත් වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියන්න පුලුවන්.. තාම කොම්පුටරේ තියාගන්න තැනක් නෑ. මේසය අතිත් ගෙදර.

      Delete
    3. නෙලුම්යාය දේශපාලනය ගැන හෙම ලියල තියෙන නිසා මම මේ ලියන්නේ. හැලපයා ගේ සහ ලිඛිතා ගේ අදහස් වලත් යම් ඉඟි බිඟි තිබුනා. තට්ටයට හයි ජැක් කරන්න දෙන්න එපා වගේ කතා. තට්ට මහත්තයා මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ, උත්සාහය ආවේ අනුරුද්ධ වැලිගමගේ ගෙන්. තට්ටයා උස්සල දුන්න අනගි ඉස්සිල්ලක් කට්ටියට ඩෑෂ් පාරවල් ගහන්න, බෝලේ මාරු කරන්න. තවම වැටෙන්නේ නැතිව යනව. මෙහෙමයි කොලොම්පුරේ. මේ මම දැකපු දේ. මම බ්ලොග් සම්මාන කරන්න ආපු කාලේ හා දැන් බැලුවොත් සැහෙන්න මේරුණු මිනිහෙක් වෙලා ඒ පැත්තෙන්. (හේ හේ) මම හිතන්නේ බුරාතිනෝ, බස්සා , මම , අනුරුද්ධ වගේ පිටරට ඉන්න අය බලන්නේ බ්ලොග් ගැන. පක්ෂ ගැන නෙමේ . බස්සා දාන කොමෙන්ට් වලින්ම පේනවනේ. නමුත් ලංකාවේ ඔය තත්වය වෙනස්. ලංකාවේ තමන් සහය දෙන දේශපාලන පක්ෂය තමයි එක. අනිත් ඒවා දෙක. ඕක යුඇන්පී, පොහොට්ටු, ජවිපෙ, පෙරෙට්ටු ඔක්කොටම පොදුයි. ලන්ඩන් වල සමහර අයට පුදුමයි මම කොහොමද ඔය ඔක්කොම ජාති එක්ක කතා කරන්නේ කියල. මගේ ගෙදර පාටි එකට ඔය හතර පස් වර්ගයම එනවා. බ්ලොග් වලදී ඔය කාරණය බලපෑවා. දෙවෙනි එක සල්ලි දෙන්න ගත්තොත් ලංකාවේ හැඟීමක් තියනවා ඒවා එන්නේ NGO වලින් කියල. අපි අර සම්මාන වලට සල්ලි දෙද්දී කණගාටුවට වගේ ඒ ප්‍රචාරය ඇරියේ ජවිපෙට හිතවත් කෙනෙක් දැන් ලේක්හවුස් එකේ වැඩ කරන. හැබැයි ඒ ගොල්ලන්න්ගේ සපත්තුව මම දාගත්තොත් මට හිතෙන්නෙත් එහෙම තමයි. මොකද අපි ලංකරගත්ත නාලක වගේ අය ඒවාට සම්බන්ධයි. කවුද ඉතින් ඕවා දන්නේ. මම ලංකාවෙන් ගියේ 1984. අනූ ගණන් වල අග ඉඳල බෝධිනී ල, සූ ලා, සහ තව අය වෙබ් වලට ලීව සිංහල කතා, ඊට පස්සේ බ්ලොග් වලින් හෙම තමා අපට ලංකාව සමග සම්බන්ධය දැනුනේ. මම ඔය වීඩියෝ එකේ කීවෙත් ඒක. පස්සේ බ්ලොග් එකතුකරලා සින්ඩියක් හැදුවෙත් ඒ නිසා. මම මේ ටික අනුරුද්ධට හෙම දැනගන්න කියන්නේ තියෙන බොරු වළවල් පෙන්වන්න. අපි චැරිටි වැඩ කළා තමයි. හැබැයි ලිඛිතා කියනව වගේ ඒ වලින් ප්‍රශ්නයක් වුනේ නැහැ. මම තවමත් කරනවා.ගිය අවුරුද්දේ තරුරසි ගේ ගමේ ඉස්කෝලෙට පොත්පත් හෙම අරන් දුන්න. කැමති නැත්නම් ඒවා කරන්න ඕනේ නැහැ. ඒවා තමන්ගේ කැමැත්තෙන් කරන ඒවා. දේශපාලනයත් අල්ලලා දැම්මම ඉවරයි. සම්මාන දෙන එකත් අවශ්‍ය නැහැ. ඒවා තේරුමක් නැහැ වගේ දැන් සුදික යි මමයි බැලුවොත් දේශපාලන වශයෙන් වෙනස් අදහස් තියෙන්නේ. නමුත් අදත් යාලුවෝ බ්ලොග් නිසා කොලොම්පුරේ, නිදි, ඩ්රකි , ප්‍රා, ඉවාන්,සුමිත් කලනසිරි අපි ඔක්කොම තවම යාළුවෝ, ලක්මාල් (අටමා ) සහ මාතලන් නුත් තවම කතා කරනවා. . මට නම් ඒක තමා වටින්නේ. මේ තියෙන විශිහ්ට හැකිතාක් බ්ලොග් අඩවි වලට ගිහිල්ල කතා කරලල එමු. එතැනදී මම ලිඛිතා සහ ලෝටස් සමග එකඟයි.

      Delete
    4. අජිත් මහත්තයෝ, අවුරුදු තිහකටත් වැඩි කාලයක් තිස්සේ නිතර අපේ ගෙදරදී set වෙන මගේ මිතුරු සංසදයට පින් සිද්ධ වෙන්න මට නං කියන්න තියෙන්නේ විරුද්ධ මත ඉවසන්නට; ඒවා දරන්නට එයාලට තිබෙන අයිතියට ගරු කරන්නට පුරුදු වුණාම මරු කියලයි.

      මගේ මිතුරු සංසදයේ උග්‍ර ශ්‍රී ලංකාකාරයෝ, UNP- JVP- නව සමසමාජ අය වගේම; උග්‍ර බොදුනුවොත්, මුස්ලිම් විරෝධීනුත්, අන්ත ජාතිවාදීනුත්, මානවවාදීනුත් ඉන්නවා. ඒ හැමෝම රෑ දෙක වෙනකල්මත් මරා ගන්නවා, මං නිදාගන්න ඕනි කියලා ගෙදරින් එලවනකල්. හැබැයි තවමත් අපි හැමෝම හොඳ යාළුවො.

      ලොකුම වැඩේ මං ඒ සොඳුරු - විටෙක රුදුරු- දබරවලින් නොසෑහෙන්න update වෙනවා. හරියට තට්ටයා මහත්තයාගේ මේ post එකෙනුයි, ඔයාලා අපේ comments වලිනුයි දැනුවත් වෙනවා වගේ!

      Delete
    5. මේ රටේ පාටි වලදී (සුද්දෝ ඉන්න ඒවා වල) දේශපපාලනය හා ආගම කතා කෙරෙනවා අඩුයි. ඔෆිස් වලනම් කොහෙත්ම නැහැ. අර බස්සා කියල තියෙන එකත් හරි වෙන තැනක. //ලංකාවෙ ආගන්තුකයො දෙන්නෙක් පිටරටදි මුණ ගැහෙනවා:
      කොහොමද?
      හොඳයි
      වයස කීයද? බැඳලද? ලමයි කී දෙනාද? රස්සාව මොකක්ද? පඩිය කීයද?// මටත් යකා නගිනවා ඕව අහනකොට. වැඩියෙන්ම තදවෙන්නේ දුවල දෙන්නෙක් ඉන්නවා කීවම . අපරාදේ පුතෙක් නැත්ද කියල කියන කොට. හේ හේ

      Delete
  23. හැමෝම ආයෙත් ලියන්න පටන් ගන්න. ඒ වගේම පුළුවන් විදිහට කමෙන්ට් දාල අනෙක් අයගේ ලියැවිලි අගය කරන්න.පුළුවන් නම් බ්ලොග් එකට මුහුණු පොතකුත් පටන් අරගෙන බ්ලොග් ලිපි බෙදාගන්න. අර කිව්වා වගේ ලංකාවෙන් පිට ඉන්නකොට ලියන්න තියෙන ඉඩ වගේම ආසාවත් වැඩි තමයි. තිලක පැහැදිලි කල විදිහටම හැලප මහත්තයගේ ලිපි අඩු වෙන්නත් ලංකාවේ ජීවන රටාවේ වගකීම් වැඩිවීම් හේතු වෙන්න ඇති. අජිත් ට, තිලකට , තට්ටයා මහත්තයාට වගේම කමෙන්ට් ලියන, බ්ලොග් ලියන හැමෝටම දිගින් දිගටම ලියන්න සුබ පතනවා.

    ReplyDelete
  24. සහතික ඇත්ත. මේක ගොඩක් වටින තැනක්. දැනුම අදහස් වගෙ තව ගොඩක් දේවල් ඉගෙන ගන්න හුවමාරු කරගන්න.

    ජීවිතේ එක එක කෝණවලින් බලන්න. තමන් ලබලා නැති ගොඩක් අත්දැකීම් ගැන දැන ගන්න වගේ දේවලුත් ගොඩක් වැදගත්.

    මට පේන්නෙ මේක අර ඉස්සර අච්චිලා සීයා පොඩි ලමයිට කතන්දර එහෙම කියලා දීලා එයලා දන්න විදියට රට, ලෝකය, ජීවිතය ගැන ලමයිට පොඩි කාලෙ ඉදලා ඉගැන්නුවා වගේ ම වටිනා සමාජානුයෝජනයක් සිදු වෙනවා මෙතන. (මට නම් එහෙමයි :)))

    අවාසනාවකට මේ වෙනකොට කියවන පිරිස අඩු වෙමින් යනවා. ලමයි පරිගණක/ජංගම දුර්කතන ක්‍රීඩා, යූටියුබ් වැනි මාධ්‍ය වෙත පහසුවෙන් යොමු වන අතර මෙවැනි වටිනා දේවල් මගහැර ගන්නවා.

    සමාජයට ගියාම කොච්චර ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවද එහෙමම හිටියම.

    අර social midea platform ගොඩක් වාණිජ අරමුනු වලින් ක්‍රියාත්මක වන නිසා මනෝවිද්‍යාතමක, මානව ගති ලක්ෂණ හා අලෙවිකරණය යොදා ගෙන ළමයිනව ඒවටම ආකර්ෂණය කරගන්නා ආකාරයක් තමයි පේන්න තියෙන්නෙ.

    ලියන්නො වගේම කියවන්නොත් ඉන්න ඕනි.
    දැන් ගොඩක් කියවීමේ පුරුද්ද අඩු බවක් තමයි පේන්නෙ වර්තමාන පරම්පරාවෙ.

    ඒ ගැටලුවට ආමන්ත්‍රණය කළ හැකි විසඳුමක් සෙවිය යුතුය යන්න මගේ යෝජනාවක්.

    ReplyDelete
    Replies
    1. // මෙතන ගොඩක් බ්ලොග්කරුවෝ ඉහළ මධ්‍යම ප්‍රාන්තික හෝ ඉහල පන්තියක. හෝ ඉහල රැකියාවල ඉන්න අය. අන්න එහෙම අය බහුතරයක් මෙතන ඉතුරු වෙන්න මොකක් හරි විශේෂයක් තියෙනවද කියලා පැහැදිලි කරලා දෙන්න//

      හ්ම්...කවදාවත් හිතුවෙ නැති දෙයක්. ඇත්තටම එහෙම හිතෙනවද? මම දන්න තරමින් වැඩි හරියක් බ්ලොග්කරුවො අඥාතයි. අප අතර තියෙන එකඟතාවයක් තමා අනුන්ගෙ වතගොත, අකමැත්තෙන් හාරා අවුස්සන්නෙ නෑ කියන එක. රචනය මිස රචකයා වැදගත් නෑ කියන සම්මතයේ ඉන්නතාක් කල් තමා මේ අමුතු, ඒත් සුන්දර වර්චුවල් සමාජය පවතින්නෙ.

      Delete
    2. Navin -
      ඒ පැරාමිටර් එක ගැන නම් තත්පරයක්වත් එකඟ නැහැ මිත්‍රයා. නිර්මාණය සහ නිර්මාණයේ විඳින්නාට කොයින්ද පංතියක්. එහෙම තමයි මුන්දාල් කියන විදි හිඟන්නිය එක ර් මහා තරුවක් කලේ.

      එය වැරදි පැරාමිටර් එකක්...

      නමුත් මෙහෙම කියන්න පුළුවන්, වැඩියෙන්ම ලියන්නේ ඔෆිස්වල ජනතාව, වගේ එකක්??? ඒ කියන්නේ වෘතිකයින් , එතනදී දොස්තර, කොන්දොස්තර, බැංකු පොර/පෙරිය වගේම ජනමාධ්‍යවෙදිනුත් ඉන්නවා.

      Delete
    3. වාහන කන බාස්ලා!

      Delete
    4. වාහන කන බාස් - අටවන මාටින්
      වැටවල් ගහන අය - හිටවන මාටින්
      ************ අය - අලවන මාටින්


      පංචතන්තරේ අනුග්‍රහයෙනි.

      Delete
    5. බකුසු මහත්තයා දැනට ක්‍රියාත්මක සින්ඩි වල ලින්කු ටික එකතු කරන්න පුලුවන්ද අටම්පහුර හැර

      Delete
    6. https://sinhalaviyunu.blogspot.com
      https://sithuvili.net
      http://ambagaha.blogspot.com
      https://maathalangesindiya.blogspot.com


      Delete
    7. ලිඛිතා නෝනා, බකුසු මහත්තායා සමාජ පන්තිය ගැන නොසලකා අදාල වියමන පිලිබඳ සැලකීම පිලිබඳ මං ගොඩක් කැමති. ඒක අගය කරනවා.

      ඒත් මෙහෙම හිතන්නකො. මම ගමේ ඉදලා කොලබ එනවා. එතකොට ගමට වඩා කොලබ වෙනස්.

      කොලබ වෙනස් නිසා කොලබ මිනිස්සු වෙනස්.

      තමන්ගේ පන්තිය එක්ක මිනිස්සු කරන දේ, කතාබහ කරන දේ(බිස්නස් කරන අය ගොඩක් වෙලාවට බිස්නස් ගැනම කතා කරනවා වගේ), අදින පලදින විදිය, කන බොන විදිය, යන එන තැන් හැම දෙයක්ම වෙනස්.

      මම ඒක හොඳට අත් දැකලා තියෙනවා.

      එතකොට මට පේන්න ගන්නවා ගමේ මිනිස්සු යනු මෙන්න මෙහෙම මෙමෙහ්ම කස්ටියක්ය.

      කොලබ අය ඊට වඩා වෙනස් සමාජ පන්තියකය; ඔවුන් මෙන්න මේ වගේ මෙහෙමය කියලා.

      ඒ වගේ කොලබත් තියෙනවා මුඩුක්කු.
      ඒ අය කොලබ හිටියත් වෙනම සමාජ පන්තියක්.(පාසලක උනත් ඕක හොඳට පේනවා. සමහර වෙලාවට)

      මනුස්සයා ඉන්න සමාජ වටපිටාවෙන් තමයි කතා බහ කරන එක, කන බොන එකේ ඉදලා හැම දේම හැඩ ගැහෙන්නෙ.

      ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මට හැගුණෙ.

      මනුස්සයා කියන්නෙ තමන් ඉන්න සමාජය තුලින් බිහිවෙන සතෙක් නිසා. කලින් කිව්ව වගේ එයාගේ හැසිරීමෙන් ,කතා කරන දේවලින් යම් මට්ටම එයා ගැන නිගමයකට ඒමේ හැකියාවක් තියෙනවනෙ. (don't judge කිව්වට ඔබ මම ඇතුලු හැමෝම ඒක කරනවනෙ. රහත් වෙලා නෑ නෙ.)

      ඕනිම දේක වෙනස පේන්නෙ එලියෙ ඉදලා බලපුවාම. එහෙම නැත්නම් වෙනස් තැනක ඉදලා අලුත් තැනකට ආවම.

      එතකොට මට දැනුන හැගුණ දේ තමයි මන් ඇහුවෙ.

      මන් වැරදි නම් නිවැරදි කරන්න සහ ලිඛිතා නෝනා කිව්වා වගේ වෘත්තිකයෝ අතර වගේ හරි එහෙම නැත්නම් පහල බකුසු මහත්තයා දාපු කමෙන්ටුවක තියෙනවා බ්ලොග් ලිව්වෙ කොලබ එලීට් පන්තියේ අය කියලා.

      අන්න ඒක ගැනයි මම අහන්නෙ.
      ඒ පන්ති වල / වෘත්තිකයන් අතර විතරක් වගේ සීමා වෙලා තියෙන්නෙ ඇයි සාමාන්‍ය ජහමනයා අතරට වැඩිපුර නොගියේ ඇයි කියලා🤔🤔

      අනික ලිඹිතා නෝනා අර ඉන්දියානු ජනප්‍රිය උන කාන්තාව එම ජනප්‍රියතාව දරා ගැනීමට නොහැකිව ආපසු එම තත්වයටම ඇද වැටී ඇති බවක් මම අහලා තියෙනවා. මොකද ජනප්‍රිය ඉහල පන්තිය කියන්නෙ වෙනම සමාජ ක්‍රමයක්. ඒක අර පදික වේදිකාවෙ හිටියට වඩා වෙනස් නෙහ්. එයා පදික වෙදිකාවේ ඉදලා ඉහල ජනප්‍රිය තලයට ගියාම වෙනස දැනෙන්න ඇති.

      අන්න ඒ වෙනස තමයි මාත් අහන්නෙ. මොකද මම පහල මධ්ය්‍යම ප්‍රාන්තික. ගමක් මනුස්සයෙක්. එතකොට දැමුන වෙනස්කම ගැන ඇහුවෙ. මම වැරැදි නම් නිවැරදි කරන්න

      Delete
    8. බොහොම හොඳ තර්කයක් සංදීප. ඔබගේ පරම්පරාවේ අදහස් දැණගන්න ලැබීම බොහොම වටිනවා. කියල තියන දේ මම පිලිගන්නවා. ඒත් අපි මේ කතාකරන්නේ බ්ලොග් ලෝකෙ- වර්චුවල් සමාජෙ ගැනයි. ඒකයි මම කිව්වෙ, රචකයොන්ගෙ විස්තර හොයන්න යන්න එපා කියලා. මේ වර්චුවල් සමාජෙ පැවැත්ම තියෙන්නෙ ඒ මතයි.

      මම දන්නා තරමින් එක, එක සමාජ මට්ටම්වල අය බ්ලොග් ලෝකෙ ජනප්‍රිය වෙලා හිටියා. මම නං ඒ හැමෝගෙන්ම ඉගෙන ගත්තා. එකම දේ සැබෑ ලෝකෙ අපිට කරන්න බැරි සමානාත්වතාවය මේකෙවත් කරන්න උත්සාහ කරන එකයි. බ්ලොග් එකක් ලිව්වත් නොලිව්වත්, ලිපි වලට කමෙන්ට් කරනවා නම්, අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. කැමති නං කියවල කොමෙන්ට් නොකර ලිස්සල ගියත් අවුලක් නෑ, මොකද මමත් ලිස්සන්න දස්ස නිසා.

      මම කෙනෙක්ගෙ පෞද්ගලිකත්වයට ගරු කරනවා. ඔබ කව්ද කියලා මම හොයන්නෙ නෑ, ඒ වගේම මම කව්ද කියලත් මේ කපේදි කියන්න බලාපොරොතුවකුත් නෑ, වගේම ඒක අදාලත් නෑ.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. හොඳ ගැඹුරක් තියෙන සාකච්චාවකට සහභාගි වෙන්න ඉඩ සැලසුවාට ස්තූතියි.

      මම කිව්වනෙ අර කොත්තුවෙ එලීට් කට්ටිය ගැන. මම එයාලගෙන් ඉගෙන ගත්තා, කොහොමද ඇඞෙන්න ඉංග්‍රීසියෙන් බනින්නෙ කියලා. හැමෝගෙන්ම අපිට ඉගෙන ගන්න යමක් තියනවා. පේන විදිහට ඔබ තාම පොඩි එකෙක්. අපට අත්දැකීම් තියනවා,වැටිච්ච බොරු වලවල්, කරපු මෝඩකම්, ජීවිතේ වරද්දාගත්ත තැන්, කියන්න කතා හුඟක් තියනවා. අපි ඒව කියල දෙන්නම්. ඔබ ඔබේ පරම්පරාව ගැන අපට කියල දෙන්න. අපේ නිදි නං පත්තියං නැතුවම මුළු ජීවිත කතාවම ලියනවා. මට නං රට්ටු කියන්නෙ පියාඹන ආඳා කියලා, ඒත් මමත් අවස්ථාව ආවොත්, අඩිපාරවල් මකල හරි පුළුවන් දේ කියන්නම්.

      Delete
    11. බස්සා මල්ලි; මොනව උනත් මූ එල කොල්ලෙක් බං! මොනව නැතත් ඌට කියන්න දෙයක් තියෙනවා! කියන්න නැත්ත අහන්න දෙයක් තියෙනවා! අහන්නයි කියන්නයි නැතත් ලියන්න දෙයක් තියෙනවා. මූට නැත්තේ ලියන්න කම්මැලි කම විතරයි. ඉතිං ඇයි අපි මූව අත අරින්නේ!? මූ ඉන්න ඕනෙ අපේ බ්ලොග් රෝලෙනෙ! හොඳින් නැත්නම් නරකින් මූ බ්ලොගර් කෙනෙක් කරලයි මම පස්ස බලන්නේ! එතකොට ඔය හුඟාක් ප්‍රශ්න ඌටම විසඳා ගත හැකිවේවි!
      විහිළු නෙවෙයි මේ පුක්ස්චි මිත්‍රයා මතුකරලා තියෙන බොහෝ දේ තුල කිසියම් අර්ථයක් තියෙනවා!
      නවීන් සංදීප කුමාරට:- නිකං විකාර කියවන්නේ නැතිව බ්ලොග් එකක් පුංචියට පටන් ගනිමු. මට පුළුවං විදියට ඊට උදව් කරණ්නම්. ඔයාට මම නැතත් උදව් කරණ්න බොහෝ අය ඉඳීවි මේ අවටත්. මගේ බ්ලො රෝලේ මැද්දට වෙන්න තියෙන "රවීගේ කොලම /RavisColumn" එහෙම පටන් ගත්තු එකක්. අවම වශයෙන් බ්ලොග් ලියන්නට අපි එක් අයෙක් තව දෙදෙනෙකුවත් ගෙන ආවොත් ඒක හොඳ ආරම්බයක් වේවි අපි කථා කර ගත්තු අරමුණට යන්නට! අනෙක බ්ලොග් කියවන්නන් වැඩි කර ගැනීම! කොහොමත් අළුතින් එකෙක් බ්ලොග් එකක් ලියන්නට පටන් ගත්තාම උගේ දින චරියාවේ අංගයක් වෙනවානේ දන්න නොදන්න හැමෝටම තමංගේ බ්ලොග් එක ප්‍රොමෝට් කරණ එක! සමහරු විසිටින් කාර්ඩ් පවා ගහගෙන ඉන්නවා මා දැකලා තියෙනවා! ඉතින් එහෙම හරි සේවය සැලසීමට අනිවා අපි බ්ලොග් එකක් පටන් ගනිමු! ඒක හරියට හතර වරිගෙ සසරෙන් එතෙර කරණ්නට පොඩි එවුං මහණ වෙනවා වගේ එකක් කියල නම් හිතන්න එපා! ඇත්තටම අපි දන්නේ නැහැ නොවැ ඔයාලගෙ පරම්පරාව හිතන හැටි!? ඇත්තටම පටන් ගනිමු! මට ඊ මේල් එකක් එවනවද?

      Delete
    12. හැම දේටම ඉස්සෙල්ලා පනින්න සුදුසු නැති නිසයි නවීන්ගේ අදහස ගැනත් මෙතෙක් වෙලා මොකුත් නොකියා හිටියේ.

      මට මතක හැටියට මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයාගේ ලිපියක තිබුනා කලාව හා රසාස්වාදය කරන්නට හැකියාව ඇත්තේ අතිරික්ත ධනයක් හා වෙලාවක් ඇති විටෙකදීය කියනවා වගේ අදහසක්. (මගේ මතකයෙන් කියන නිසා වැරැද්දක් තියේ නං පෙන්වන්න, හොඳේ.) ඒ මතය එක්ක බලද්දී.... ඇති-පැති අයට නේද බ්ලොග් ලියන්නත් වැඩි නිදහසක් තියෙන්නේ?

      මම ඇසුරු කරන අඩු ආර්ථික මට්ටම්වල උදවිය හැමෝටමත් මොබයිල් ෆෝන් තියෙනවා. නිරන්තරයෙන් fb යනවා, එයාලා කැමති ඒවා ෂෙයාර් කරගන්නවා. හැබැයි like කරනවා විතරයි- සමහර විට නොකියවාම.
      පේළි හත අටක මැසේජ් එකක් යැව්වාම මට එවන උත්තර සමහරකින්ම පෙනෙන්නේ ඒකවත් සමහරුන් හරිහැටි ග්‍රහණය කරගෙන නැති බවයි. එහෙම අය කොහෙද බ්ලොග් කියවන්නේ.... comments දාන්නේ?

      මේවා අදාළ නැත්තං නොතකා හරින්න, හොඳේ. මම නම් මේවාගේ දෙයිනුයි දත්ත එකතු කර ගන්නේ.

      Delete
    13. තාම පොඩි එකෙක් නේන්නම් මම🤗. 18 මාසයයි.

      නිදී මහත්තයා තමා ඔන්න මට ඕනි උත්තරේ දුන්නෙ.👌 ඒකට මගේ හදපිරි මෙව්වා එක.

      මගේ පරම්පරාවේ අදහස්ම කියන්න බෑ මම කියන ඒවට. හේතු ගොඩක් තියෙනවා ඒවට. මම කියවපු පොත් සහ ආශ්‍රය කරපු සමහර අත්දැකීම් බහුල උදවියගෙන් ලැබුන දේවල් එක්ක මන් ගොඩක් වෙලාවට කතා කරන්නෙ

      මගේ පරම්පරාවේ නම් මන් කීවෙ බ්ලොග් වලට එනවා අඩුය. බහුතරය මා දන්නා තරමට කියවීමට අකමැතිය. ඔවුන්ට ඊට වඩා ආස්වාදනීය දේ ඇතිවා යැයි මට හැගේ. යූටියුබ්, වතපොත, insta, ටික්ටොක්, පරිගනක ක්‍රීඩා ආදී දහසක් දේ ඇත.

      වැඩිහිටියන්ගේ අත්දැකීම් වලින් අපිට උගත හැකි දේ බොහෝ බව මගේ වැටහීම. ඉතින් ඒකම තමයි මන් මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ.

      මිනිස්සුන්ට තියෙන වටිනම අයිතමය ගැන ඉස්සරහට ලියන්න අදහසක් තියෙනවා😁😁

      ඔබතුමා දෙන ධෛර්යයට බොහොම ස්තුති තට්ටයා මහත්තයො🙏😊❤
      ඊමේල් :- sdnsk2002@gmail.com

      Delete
    14. බකුසු මහත්තයාට මුලින්ම ස්තුතිය, සින්ඩි වල ලින්කු ලබා දීම පිලිබඳව. එම ගැටලුව නම් මන් හිතනවා විසඳුනා කියලා.

      ජීවිතේ කියන්නෙ ගමනක්ලු නෙහ්. ඔබතුමා කීවා වගේ ම අනිවාර්යෙන්ම ඕනැම පන්තියක ඕනිම කෙනෙක්ගෙන් අපට ගත යුත්තක් තියෙනවා. අනික ඒ හැමකෙනෙක්ම අපේ ගමනට ඕනි අනිවාරෙන්. එයාලව හලලා ගමන යන්නත් බෑ.

      අනික සමානාත්මතාව කියන එක සැබෑ ලෝකේ කොහෙවත් නෑ. අඩුම තරමේ එහෙම තිබුන නම් වතුර ගලා ගෙන යන එකකුත් නෑ. ඒකනෙ කියන්නෙ මිටි තැනින් වතුර බහිනවා කියලා. ඒ වගේ නේද හැමදේම🤔

      මම ගොඩක් ආසම ඔබතුමා කීවා වගේ අපිට කලින් ජීවිතේ ඉදිරියට ගියපු අය එක්ක කතා බහ කරන්න. ඉගෙන ගන්න. අත්දැකිම් ගැන කතා කරන්න. අපිටත් වරදින තැන් ලේසියෙන් පහු කරන්න ඉගෙන ගෙන ජීවිතේ ගමන යන්න. ඉතින් ඒකට මට දැනුන හොඳම තැන් වලින් එකක් මෙතන.

      අනික මන් කලින් කීවෙ කිසිම කෙනෙක්ගෙ රස්සාව මොකක්ද, ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද, පන්තිය ගැන හොය හොයා යන්න ඕනි කියන එක නෙමෙයි.

      ඒක අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. ඔබ, මම මේ හැමදෙනාම කතා බහ කරන කොට තමන්ගෙ කතාව අනිත් අය එක්ක බෙදා ගන්නකොට නිකම්ම එලියට එනවා බොහෝ දුරට.(හේතුව කලින් කීවා. ඒ හැමදේම එකතුවක් තමයි මම, ඔබ සහ හැමදෙනාම. ඒකෙන් වෙන් කරලා ගත්තොත් විකාරයක් වෙයි. නිකම් මුහුදු මාලු ගැන කියද්දි මුහුදත් ඕනි වගේ. මාලුවා ඉන්නෙ උට අදාල පරිසරයේ නිසා. මිනිස්සුත් එහෙමම තමයි.)

      🔴රචනය මිසක් රචකයා වැඩක් නෑ කියන එකට කියන්න තියෙන්නෙ ඔන්න ඕකයි👆 රචනය බිහිවෙන්නෙ රචකයා තුලින් රචකයා බිහිවෙන්නෙ ඔහුට අදාල පරිසරයෙන්. ඒක නොසලකා රචනය පිලිබඳ විමසිය හැකි අවස්තා සීමිතව තියෙන්න පුලුවන්. නමුත් ජීවිතයේ ගමන යනකොට අපි පරිසරයත් තේරුම් ගන්න ඕනි.

      ඒකට මෙහෙම කියන්නම් මේක වත්පොතේ දැකපු එකක්. ඒක තමයි ඔටාරා (පෙර ඔඩෙල් හිමිකාරිනිය) කරපු දේවල් ගැන(ඔඩෙල් සන්නාමය බිහිකිරීම ආදිය.) විතරක් කතා කරලා ඕනිම ගැහැනු කෙනෙකුට ඕනි නම් එහෙම කරන්න පුලුවන් කියලා කියලා වැඩක් නෑ. එයාට එතනට එන්න හේතු වුන වත්පොසොත්කම් සහිත දෙමව්පියෝ, පියාගේ මිතුරෙකු වූ ග්‍රාමන්ට් හිමිකරුවන් වැනි අය ගැනත් කීවොත් තමයි හරිම චිත්‍රය ගන්න පුලුවන්. නැත්නම් අර ගගේ හිටපු මාලු මුහුදට ගිහින් මැරැන වගේ වෙයි.

      තව ඒ වගේ එකක් හැමෝම දන්න ඇමේzසන් ව්‍යාපාරයේ අයිතිකරු එම ව්‍යාපාරය බොහොම සුලු වශයෙන් ගරාජයක ඇරඹූ බව කියනවා. නමුත් ඔහුගේ දෙමව්පියන් එකල වටිනාකමින් සෑහෙන මුදලක් ඔහුගේ ව්‍යාපාරයට යෙදවූ බවට සඳහන් කරන්නෙ නෑ. එතකොට චිත්‍රය අසම්පූර්ණයි යන්න මගේ මතය.

      මේ වගේ ඕනි තරම් ඒවා කියන්න පුලුවන්...

      ඔන්න ඕකයි මම ඇහුවෙත්......

      ඒක-(කතාව කියන කෙනාට සම්බන්ධ පරිසරය) අමුතුවෙන් හංගන්න ඕනි දේකුත් නෙමේ. අමුතුවෙන් හොයන්න ඕනි දේකුත් නෙමෙ කියලා මගේ අදහස.

      එතන මට මතු කරන්න ඕනි උන කාරණය බ්ලොග්කරණය යම් කිසි පිරිසක් අතරේ විතරක් සීමා වෙලාදෝ කියන එක. සහ එහෙම උනේ ඇයි කියන එක.

      එහෙම නැතුව මේ අනික් අයගෙ දේවල් හොයන එක ගැන නෙමෙයි.

      Delete
    15. //බ්ලොග්කරණය යම් කිසි පිරිසක් අතරේ විතරක් සීමා වෙලාදෝ කියන එක සහ එහෙම උනේ ඇයි කියන එක//

      මේකත් ඔබ "යම් කිසි පිරිසක්" ගැන කියනව, දෙකම උපකල්පන නේද? උත්තරේ මෙතන තියනවා. අනිත් කමෙන්ටුත් කියෙව්වනම් තමා හොඳ.
      http://thattayagekolama.blogspot.com/2021/09/216.html?showComment=1632650727021#c1678185074417434507

      Delete
    16. බොහොම ස්තුති බකුසු මහත්තයා. අනෙක් කමෙන්ටුද කියව්වෙමි. මෙය මාගේ උපකල්නයක් විය හැක. අනවශ්‍ය වාදයක් ඇති වුණා නම් ඒකට සමාව ඉල්ලනව.😶

      කවුරු මොනවා කොහොම උනත් වැඩේ වෙනවා නම් එච්චරයි නෙහ්.

      තාම පොඩි එකා නිසා දාන්න සමාව භාජනේක🌝

      Delete
    17. This comment has been removed by the author.

      Delete
    18. අවුලක් නෑ, මට ඔබේ කුතුහලය තේරුම්ගත හැකියි.
      //ඒක අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. ඔබ, මම මේ හැමදෙනාම කතා බහ කරන කොට ...නිකම්ම එලියට එනවා ...ඒකෙන් වෙන් කරලා ගත්තොත් විකාරයක් වෙයි. නිකම් මුහුදු මාලු ගැන කියද්දි මුහුදත් ඕනි වගේ. මාලුවා ඉන්නෙ උට අදාල පරිසරයේ නිසා. මිනිස්සුත් එහෙමම තමයි.)🔴රචනය මිසක් රචකයා වැඩක් නෑ කියන එකට කියන්න තියෙන්නෙ ඔන්න ඕකයි👆 රචනය බිහිවෙන්නෙ රචකයා තුලින් රචකයා බිහිවෙන්නෙ ඔහුට අදාල පරිසරයෙන්. ඒක නොසලකා රචනය පිලිබඳ විමසිය හැකි අවස්තා සීමිතව තියෙන්න පුලුවන්. නමුත් ජීවිතයේ ගමන යනකොට අපි පරිසරයත් තේරුම් ගන්න ඕනි.//

      ලංකාවෙ ආගන්තුකයො දෙන්නෙක් පිටරටදි මුණ ගැහෙනවා:
      කොහොමද?
      හොඳයි
      වයස කීයද? බැඳලද? ලමයි කී දෙනාද? රස්සාව මොකක්ද? පඩිය කීයද?

      පෞද්ගලිකත්වය අගය කරන සමාජයක මේවා රළු, ආක්‍රමණශීලී ප්‍රශ්ණ ලෙස සැලකෙනවා. සමාජ සම්මතයන් සහ කතා නොකරන නීති වලට ගරු කරන්න ඔබට බල කෙරෙනවා. මෙහෙම පුරුද්දක් නැති නම් "රචනය මිසක් රචකයා වැඩක් නෑ" කියන එක දිරවාගන්න අමාරු බවත් මට වැටහෙනවා.

      ඔබ බ්ලොග් ඉතිහාසය නොදන්න නිසා අජිත්ගෙ මේ කමෙන්ට් එක නොතේරෙන එකට මම දොස් කියන්නෙ නෑ.
      http://thattayagekolama.blogspot.com/2021/09/216.html?showComment=1632767457128#c1520372478847624156

      ඔය රචකයා එලියට ගේන්න විතරක් නෙමෙයි, ගෙනැල්ලා උත්සව තියලා, සම්මාන දීලත් තියනවා. හරි නෙමෙයි ඉතුරු වුනේ වලි විතරයි. ඉතිහාසෙ පුරාවටම ලේඛකයො, අඥාතව ලියල තියනවා. හ්ම් දැං මට තේරෙනවා බුකිය නැගලා යන්නෙ ඇයි කියලා.

      ඒත් අවුලක් නෑනෙ, මම තාම ලියනවා.
      http://thattayagekolama.blogspot.com/2021/09/216.html?showComment=1632678734026#c8508144043114097143

      Delete
    19. නලින් සංදීප ඔය බස්සා කියපු එලීට් කතාව ගැන මට තියෙන අත්දැකීම හරිම භයානකයි. බ්ලොග් කාරයන්ට රුපියල් දාහක සම්මානයක් දෙන්න හදල ඒ වගේ ලොකු රස්සා තියෙන එළිට් අයට හුඟක් තරහ ගියා. කවුද දන්නේ . ඔක්කොම ඉන්නේ අඥාත විධිහට නොවැ. ගුටි නොකා බේරුණේ අනූ නවයෙන්. දැනුත් ඔය හාවඩ් ඉවර කරල ආපු බ්ලොග් කරුවෝ , ඇමෙරිකාවේ ඉන්න අය (එකෝන් හැර ) බ්ලොග් කොමෙන්ට් වලට පිළිතුරු දෙන්න වත් කැමති නැහැ. ඒවා වලින් අයින් වෙලා හිටියම සේෆ් ඇන්ඩ් සවුන්ඩ් මොකක් හරි ලියාගෙන හිටිය හැකි.

      Delete
    20. ඒකනෙ කියන්නෙ අජිත් මහත්මයා😁😁.

      මොනව උනත් සේෆ් න්‍යාය වඩාත් ගැපලෙනු ඇත තමයි.

      Delete
    21. ඇත්තටම ඔබ හරි බකුසු මහත්තයා. ඔබතුමාම කියනවනෙ පෞද්ගලිකත්වය අගය කරන සමාජයක් සහ එහෙම නොකරන සමාජය කියලා දෙකක් තියෙනවා කියලා.

      අන්න ඒ වගේ සමාජ දෙකක් ගැන තියෙන වෙනසක් තමයි මාත් කතා කරේ.

      පෞද්ගලිකත්වය නොසලකන සමාජයක ඉදලා ඒක සලකන සමාජයකට ආවම වෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවනෙ.

      ඒකම තමයි ගමේ එකෙක් කොලබ ආවම අවුල් වෙනවා කීවෙ.

      පොද්ගලික සහ පෞද්ගලික නොවන යන දෙක බෙදා වෙන් කරන සීමා පැහැදිලි කර දෙන්න.

      මනුස්සයා කියන්නෙම සමාජයෙන්ම හැදෙන කෙනෙක් නම් ඔය කියන මහ ලොකු තරම් පෞද්ගලිකත්වයක් තියෙනවද?

      ඔන්න ගෙදර බිත්ති 4 ඇතුලෙ වෙන දේවල් පෞද්ගලික කියලා ගන්න පුලුවන්. අන්න ඒ වගේ නිර්නායකයක් දෙන්න.

      වතපොත ජනප්‍රිය උනේ පෞද්ගලිකත්වය නිසා නොව අපිට අවශ්‍ය, අප කැමති දේවල් කියවීමටත්, එවැනි අය සමග විතරක් ඉන්න පුලුවන් වීමට තියෙන ඉඩකඩ නිසා. මට පේන විදියට නම්. ඒත් ඒකෙත් පෞද්ගලික බවක් තියෙනවා කියලා නම් මම දැකලා නෑ.සහ මාර්ක් අයියා මනෝවිද්‍යාව හදරා ඇති බවත්. මාකටින් හරහා ඕනිම අයෙක් එතනට ඇබ්බැහි කරවා ගැනීමට හැකියාව.
      බ්ලොග් වල එහෙම මොකුත් නෑ නෙ:(

      සමාජශීලී සත්තවයෙක්, සමාජයෙන් බිහිකරපු සත්තවයෙක්, සමාජ මාධ්‍යට හා අන්තර්ජාල අවකාශය හෝ කුමක් හෝ සමාජයකට පැමිණ පෞද්ගලිකත්වය සොයනවා නම් ඉතාම වැරදි පහත් නින්දිතය.

      නමුත් මම ප්‍රශ්නය යොමු කලේ සමාජ පන්තියක් ගැන මිසක දරුවන් ඉන්නවද අරවද මේවද ගැන නෙමේ.

      සමාජයේ තියෙන සමාජ පන්ති පෞද්ගලික දෙයක් ද

      ඔබතුමා කියන පෞද්ගලික දේ හා එසේ නොවන දේ නිවැරදිව තෝරා බේරා ගන්නා ආකාරය පැහැදිලි කරදෙනු මැනව.

      මගේ අදහස නම් රචකයෙක් නැතුව රචනයක් බිහි නොවන බවයි. එවිට රචනය ගැන බැලීමෙදි රචකයා ගැනත් අදහස් එනවා. විහිලු තහලු කතා වල්දි වගේ හැර වෙනත් ඕනෑම තැනක එහෙමයි කියලා මට හැගුණි.

      ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරිය හැකි බැවින් එය එසේ වීම ගැන අවුලක් නැතුව ඇති නෙහ්.

      Delete
    22. වාදයක් නේද? බොහොම කනගාටුයි මම කැමති නෑ වාද වලට. ඔබ හරි, මම වැරදියි. සුභ දවසක්. යමක් ඉගෙන ගන්න ඉඩ සලසා දුන්නාට ස්තූතියි.

      Delete
    23. බස්සාට:- මාවෝ සේතුං කියලා තියෙනවා හරි අපූරු කථා දෙකක්!
      1. දහසක් මල් පිපේවා සියක් මත එහි ඇත~!
      2.. තරුණයන් උදෑසන අටත් නවයත් අතර දිලෙන හිරු රැස් වැනිය!
      බස්සා අපි මේ අත් විඳිමින් තියෙන්නේ ඒකමයි.
      තරුණයන් උන්ගේ සිතනාකාරය තේරුම් ගන්නේ ඉගැණ්වීම් වලින්, කියැවීම් වලින්ට වඩා උන්ටම ප්‍රථ්‍යක්ෂ උනාම.
      නමුත් ඒ මත ගැටුම තුල දහසක් මල් පිපෙනු ඇත.

      නවීන් සංදීප කුමාරට:- වත් පොත හා බ්ලොග් කියන අවකාශ දෙක නැතිනම් වේදිකා දෙක හැදෙන්නේ වෙනමම අවශ්‍යතා හා සංදර්භ දෙකක් මත කියලයි මට දැනෙන්නේ. මට වඩා මේ ගැන දන්නා අය මීට යටින් කරුණු දක්වාවි. වත්පොත ඇරඹෙන්නේම වේදිකා නාට්‍ය වගේ එලිපිට ගැටෙන ක්‍රම වේදයක් සමග. එහි මූලික අරමුණ වන්නේ සමාජ සම්බන්ධතා වැඩි දියුණු කිරීම. (සමහර විට ඒතුලින් අපගේ මුළු මහත් පෞද්ගලිකත්වය කිසිවෙකු හොරා ගන්නාවාත් විය හැකියි!) ඒ නිසාම වැඩේ පටන් ගන්නේම තමන්ගේ පිංතූරයක් එහෙම දාලමයි!
      එහෙත් බ්ලොග් පටන් ගන්නේ එසේ නොවෙයි. එයට විවිධවූ අරමුණු රාශියක් තිබිය හැකියි. ඔබ අසා ඇත්ද කෝලම් සම්ප්‍රදාය ගැන? පොලිස් කෝලම, ආරච්චි කෝලම මේ හැම දෙයක්ම කලේ ගමේම කෙනෙක් වෙස් මූනක් දාගෙන ඇවිත්. ඒ නිසාම ගමේ මුලෑදෑනියා ඉදිරියේ ඔහුව කිසියම් උපහාසයකට ලක් කර ගැනීමට ගැමියාට පුළුවන් උනා! බ්ලොග් වල එක කාර්‍යයක් ඒක!
      ඔබ දන්නවාද පරණවිතාන මහත්තයා සීගිරි ගල දෙහි ඇඹුලෙන් මිරිස් ගලේ ඌරච්චි කර කර හෙව්වත් හරියට හොයා ගන්න බැරි උනා කැටපත් පවුරේ කුරුටු ගී ලියපු එකෙක්. අවසානයේ විද්වත් මතය උනේ ඒවා ලියන්නට ඇත්තේ මාළිගාවේම වැඩ කල ඔයාලා අපි වාගේ අවසේස පොරවල් කියාලාය. ඇත්තටම එහෙම නොවුනා නම් අච්චර සුපිරියට මැදපු බිත්තියේ කුරුටු ගාන්නට කාෂ්‍යප ඉඩ දෙයි කියා මානම් හිතන්නේ නැත! ඔවුන් මොනවාද ලිව්වේ? ලලනාවන් දැක පුබුදුවූ සිතට නැගුණු කාව්‍යමය සිතුවිලි. ඒවා ලියා අවසානයේ ලියපු එකා තමන්ගේ නම නොලියන්නට පරවේසම් උනා. මොකද රාජ උදහසට ලක්වේයැයි කියා. (ඔය මම හිතන හැටි!) බ්ලොග් වල ඔය තවත් එක් කාර්‍යයක්.
      ඔබ දන්නවාද කිතුණු පල්ලි තුල රෙදි කඩකට මුවාවී තමා විසින් කල කී දෑ ඉන් එහා සිට ඇහුම් කන් දෙන පාදිලි උන්නාන්සෙට පවසා සිත සැහැල්ලු කර ගන්නා ක්‍රම වේදයක් ඇති බව? ජීවිතය තුල තමාට කියාගන්නා ඇති දෙයක් කියන්නේ කාහටද? ඒ සඳහා බ්ලොග් රචකයා තෝරා ගන්නවා අවකාශය. තමාට එහි ඇත්තේ අප්‍රමානවූ නිදහසක්! තමාට කිසිවක් නොසඟවා හැමදේම කියන්නට පුළුවන් මිත්‍රයෙක්. තමා අත් දැකපු හොඳ හෝ නරක, ප්‍රසන්න හෝ අප්‍රසන්න අත්දැකීම එලෙසින්ම හෝ වෙනත් ආකාරයකින් අත් දැක ඇති හෝ කිසිදා එවන් අත්දැකීමක් නොලබපු; තමාව නොදන්නා සේම කිසිදා තමාව හඳුනා ගත් නොහැකි පිරිසක් අතරේ බෙදා හදා ගන්නවා. ඒ අය ඒ අයට හිතෙන ආකාරයට ප්‍රථිචාර දක්වනවා. මේ බ්ලොග් වල හැටි.
      දැන් ඔබට තේරෙණවාද බ්ලොගයක රචකයා තමාගේ පෞද්ගලිකත්වය සඟවා තබා ගන්නේ ඇයි කියා. පෞද්ගලිකව මා පවත්වාගෙන යනු ලබන බ්ලොගය ඊට වඩා වෙනස් එකක්. ජීවිතයේ මුල කාලයේ පටන් සඟරාවක සංස්කාරකවරයෙක් වීමේ සිහිනයෙන් පෙළුණු මා උත්සාහ කරණ්නේ සඟරාමය බ්ලොගයක් ප්වත්වාගෙන යන්න විචිත්‍රවත්ව!
      නමුත් සෑම සියළු දෙනාම එසේ නොවෙයි. බ්ලොග් සමහරුන්ට පුවත් පතක්, තවත් කෙනෙකුට පාසලක්, තවත් අයෙකුට තමාගේ නිර්මාණ එළි දක්වන බිත්ති පුවත් පතක්! ත්වත් කෙනෙකුට තමාගේ දුක සැප බෙදාගන්නා හදවතක්, සවන් දෙන්නෙක්. තවත් අයෙකුට හිස තබා අඇතිතරම් දුක කියමින් අඬන්නට හැකි උරහිසක්! තව කොච්චර නම් දේවල්ද? දින පොතක්! සටහන් පොතක්, ස්ව්‍යං චරිතාපදානයක්, වේදිකාවක්, තව තව කොච්චර නම් දේවල්ද?
      මේ හැම දේම කිරීමට තමන්ගේ පෞද්ගලිකත්වය සමග අපහසු බව ඔබට තේරුම් යනවානේද? ඔබ මගේ කොලමෙන්, අජිත් අයියාගේ කොළඹ ගමයාගෙන්, නිදී මහත්තයාගේ පංච තන්ත්‍රෙන් මුළුමහත් බ්ලොග් ලෝකයම බලන්නට නොයන්න! බ්ලොග් ලෝකය ඊට වඩා ගැඹුරුයි, වික්ෂිප්තයි, ව්‍යාකූලයි ඒ වගේම විචිත්‍රයි! (ටික වෙන්න භයංකාරයි!)

      Delete
    24. තට්ටයා මාමේ ඔන්න දැන් නම් හොඳටම තේරුනා.

      බ්ලොග් වල මම දැකපු ටිකෙන් ඔක්කොම විනිශ්චය කරන්න යෑම, මගේ මතයේම එල්ලී සිටීම.

      වැරදි බව තේරුනා.

      "මෙන්න මෙහෙමයි වෙන්නෙ කියලා" දුන්න එක තමයි ගොඩක් ම වටින්නෙ.

      අනිවාරෙන්ම වතපොතට වඩා බ්ලොගය පෞද්ගලිකත්වය අතින් ඉහලම ඉහලයි.

      ඕනිම දෙයක් මොකක්ම හරි විදියකට වැදගත් වෙනවානෙ. ඒක තේරුම් ගත්තා.

      අර තමන්ගේ දුක කියන එකට නම් පෞද්ගලිකත්වය ගොඩක්ම වටිනවා.

      දන්නෙ නැති කෙනෙක්ට, අපි ඒ කරණු යොදාගෙන ආයෙ අනිත් පැත්තට කෙලී කියලා නොහිතෙන, අපිව විනිශ්චයකට භාජනය නොකරන කෙනෙක් එක්ක කතා කරන්න තියෙනවා කියන්නෙ ඒක සෑහෙන වටිනවා.

      ලෝකේ සියදිවි හානි කරගැනීම් වලින් බහුතරයක් සිද්ධ වෙන්නෙ තමන්ගෙ තියෙන දුක කියන්න කෙනෙක් නැති උනාමලු. අපි හිතේ හිරකරගෙන ඉන්න ඒවා එලියට දැම්මම මාරම නිදහසක්.

      නැවතත් මේ පැහැදිලි කරදීම පිලිබඳ මගේ ආදරය💛

      කෝලම් ගැන අහලාම නැත. දැන ගන්න කැමැත්තෙමි.

      ඔන්න අලුත් පෝස්ටුවක් ලිවීමට හොඳ මාතෘකාවක්....

      අර උදෑසන 8,9 අතර හිරු රැස් සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න...

      Delete
    25. බකුසු මහත්තයා.
      මගේ වචන නිසා ඔබතුමාට අපහසුවක් සිදු වුණා නම් සමාව ඉල්ලා සිටිනවා.🙏

      ඒවගේ මට අලුත් දෙයක් ඉගෙන ගැනීමට මේ සිදු වූ කතා බහ ඉතා වැදගත් විය. ඒ වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙන්න ඕනි🧡

      Delete
  25. අනික ගොඩක් අය වතපොත ගැන නම් කියලා තිබුනනෙ.
    මම බ්ලොග් බලන්න ආවේ මහාචාර්ය චන්දිම ගෝමස් මහත්තයගෙ පොතක් කියවලා, ඔහු ගැන හොයනකොට තමයි මුලින්ම ආවේ. ඊට පස්සෙ ඔහුගේ අඩවියේ දාලා තිබුනා එතුමා බලන වෙනත් අඩවි වල ලින්කු. එහෙම එහෙම එකින් එක එකින් එක කියලා අන්තිමට අටම්පහුර සින්ඩිය හම්බුනා. ඒකෙ නිසා ගොඩක් ලේසි උනා අලුත් වෙන අඩවි ටික හොයා ගන්න.

    ඒත් එතන තියෙන්න අඩවි බොහොම සුලු ප්‍රමාණයක් දිනපතා අලුත් වන අඩවි තිබුනත් සොයා ගැනීමට අපහසුවක් වෙනවා.

    හැමෝම අර වගේ තමන් නිතරම කියවන අඩවි ගැන තමන්ගේ අඩවියේ දැම්මොත් ඒකත් වටීවි.

    අනික අලුතින් එන අයව පරණ සෙට් එකේ සමාජෙට ගන්නත් අමතක කරන්න එපෝ. මං වගේ(වැඩිය ලියන්න ආස නැති කියවන්න විතරක් කැමති) අයව😁. පරණ අය නම් ගොඩක් එකතුයි. අලුතින් එන අය අඩුයි නෙහ්. එයාලාව රදවා ගන්න එකත් වටිනවා.

    අනික මන් දැකපු දෙයක් මේක වැරදි වෙන්නත් පුලුවන්. මෙතන ගොඩක් බ්ලොග්කරුවෝ ඉහළ මධ්‍යම ප්‍රාන්තික හෝ ඉහල පන්තියක. හෝ ඉහල රැකියාවල ඉන්න අය. අන්න එහෙම අය බහුතරයක් මෙතන ඉතුරු වෙන්න මොකක් හරි විශේෂයක් තියෙනවද කියලා පැහැදිලි කරලා දෙන්න.

    ආයෙත් කියන්න ඕනි. හොඳ සින්ඩියක් නම් ඕනිමයි....
    වෙලඳපොල ආර්ථිකයක මිල ක්‍රමය වගේ තමා මම නම් සින්ඩියක් දකින්නෙ. එතකොට මිල ක්‍රමය හරියට වෙන්නෙ නැති උනොත් වෙලඳපොල ක්‍රමය ටික ටික කඩා වැටෙන්න පුලුවන්. ඒක නිසා මේකටත් එහෙම නොවෙන්න නම්. හොඳ අතරමැදිකරණයක් තියෙන්න ඕනි.
    ඒකෙන් හැමෝටම අලුත් වන බ්ලොග් වලට පාර හොයා ගන්න ලේසි වේවි.

    මේකරුනු ටික ගැන අනික් අයගේද අවධානයට යොමු කළ මැන🧟‍♀

    ReplyDelete
    Replies
    1. මට යන්තමට මතකයි වගේ නවීන් සංදීප කියල මහත්තයෙකුත් බ්ලොගයක් ලියන්න හිතලා තිබුණු විත්තිය. මම හීනෙන්ද දන්නෑ දැක්කේ... ඔයාට අදාළ නැතිනං තරහ ගන්න එපා. හොඳේ!

      Delete
    2. බ්ලොග් පෙස්ට් එකක් ලියා මේ තරම් සතුටක් දැනුනු තවත් දිනයක් නැත!
      අපේ සොයුරු සොයුරියන් එකතු කරණ ලද වටිනා කරුණු කාරණා වලින් පැහැදිලි වන දේ අපට එකතු කර ගැනීමට හැකි උනෝතින් තත්වය වඩාත් සුන්දර වේයැයි මට සිතේ.
      මේ හැම කෙනෙකුගේම අදහස් වලින් පෙනෙන ඉස්මතුවෙන කරුණක් වන්නේ මහේෂ්ගේ නූඩ්ල්ස්-පොලොස් න්‍යාය කවුරු කවුරුත් පිලි ගන්නා බවයි. මෙහිදී අප; විශෙෂයෙන් තාක්ෂ්ණික දැනුමැත්තෝ සොයා බැලිය යුතු කාර්ණයක් වන්නේ පොලොස් කෑම සඳහා නූඩ්ල්ස් මගින් උත්තේජනයක් උත්ප්‍රේරණයක් උද්යෝගයක් පෙළබවීමක් ඇතිකරවන්නේ කෙසේද කියාය.
      මෙහිදී මා වැනිම තාක්ෂ්ණික අබ්බගාතයෙකු වූ නිදී මහත්තයා කරණු ලබන කෝට් එකක් එසේත් නැත්නම් බ්ලොග් පෝස්ටුවෙන් කොටසක් සමග බ්ලොග් එකට පාලමක් හෙවත් ලින්කුව යෙදීමද හොඳ ක්‍රමයකි.
      තෝමස් අල්වා එඩිසන් 9999 වතාවක් ට්‍රයි කල බලුප් එකෙන් නැවත කුප්පි ලාම්පු හදන්නා සේ වත් පොත; බ්ලොග් සඳහා පිවිසුම් දොරටුවක් එසේත් නැතිනම් සින්ඩියක් සේ කල හැකි භාවිතය පිළිබඳව සොයා බැලීම ෆේස් බුක් පකීර්ලාට භාරවූ කටයුත්තක් සේ ගෙන නව යෝජනාවක් අපට අවශ්‍ය වේ! බස්සා මේ ගැන කියාගෙන ඇවිත් ඇත! අපට නොහැකිවේද සතුරා හා මිතුරු වන්න!?
      මෙසේ මුහුණු පොතේ පල කරද්දී බැරිද අපේ "හිට්" වුනු පැරණි ලියැවිළි වල ලින්කු යොදා; වත් පොතට පමණක් සීමා වුනු පිරිස අපගේ බ්ලොග් වලට ගෙන්වා ගන්න!? මේක මම කරණවා! මම ඉන්න කැළණිවැලි දුම් රිය හා බැඳුණු වත් පොත් සමූහය තුල; යටියන්තොට තෙක් තිබී ගලවා දැමුණු රේල් පාර පිළිබඳ කථා බහක් පැන නැගුණු අවස්ථාවලදී මා ඊට කොමෙන්ටුවක් ලෙස මාගේ බ්ලොග් පෝස්ටුවක් වන "48. මැකී ගිය රේල් මග" පෝස්ටුවේ ලින්කුව ගලපමි.

      Delete
    3. අළුතින් බ්ලොග් ලිවීමට එකතුවූ මම නිදී වැනි නවකයින් නොව ඉතිහාසයක් භූගෝලයක් ඇති අජිත්, තිලක, ප්‍රාජේ, සුදීක, බුරතීනෝ, ඩ්‍රැකී වැනි (නම කියැවුනේ නෑ කියලා නැගිටලා යනවා එහෙම නොවේ!) ආ හැලපයියා වැනි ප්‍රවීණයින් තම තමන්ගේ ෆෝන් එක ඇඩ්‍රස් බුක් එක නොපිට පෙරළලා පැරණි බ්ලොග් ලියන්නන් ලියන්නියන් සොයා ගෙන ඔවුන් වෙත අපගේ පණිවිඩය යවන්න උත්සාහ කරණ්න! ඔබතුමන්ලාට ඊට කාල වේලාවක් නොමැත්තේ නම්; ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි ක්‍රම වේධයක් මාහට දන්වන්නේ නම්; ඔවුන්ට කථා කිරීමටත් කාලයක් වේලාවක් මාගේ දිනපතා ඇති වැඩ අතරේ වෙන් කර ගැනීමටත් පුළුවන!
      ලියන දේ කියැවීම පිළිබඳව නම් කියන්නට ඇත්තේ තිසාහාමි න්‍යායෙන් අපේ බ්ලොග් පෝස්ටු අවම වශයෙන් අපි අපිවත් කියන්නටත් කොමෙන්ටුවක් කෙටීමටත් වගබලා ගත යුතු බවයි. මෙහිදී අප අපම තේරුම් ගතයුතු දෙයක් ඇත. මම "රථ වාහන" පිළිබඳව ලිව්වාම කමෙන්ට් 20 වැටෙන විට එම රථයෙන්ම පයියාගල ගිහින් රා බීපු සීන් එක ගැන ලිව්වාම ඊට කමෙන්ටු 30 ක් වැටේ! මොනවා කරණ්නද? මම තටමලා තටමලා කවියක් ලියූ විට "මේ මොනවද මේ?", "හුහ්!", "පිස්සු හැදීගෙන එනවාද?" වැනි කමෙන්ටු දෙකක් තුනක් වැටී; එච්චර කලක් බ්ලොග් එක කියෝපු පාඨක පාඨිකාවන් කාලෙකට බ්ලොග් එකේ පස් පාගන්නේ නැත!
      මෙතැනදී මට මතක් වෙනවා අර ඩබ්ලියු ඒ ද සිල්වා "සිරිය ලතා" ලියූ පසු ඔහුගේ ගැලවූ කලිසම යළිත් ඇඳගන්න "ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජින" ලියා පිරිවැස්ස හෙවත් අමුඩයත් නැතිවූ හැටි! මෙවා පන පිහුටුවා කියන්නට හැලපයියා එහෙම හරියටම දන්නවා ඇතැයි සිතමි. කමෙන්ටු ගැන කථා කරණ විට අපට අමතක කර්ණ්න බැරි නම් කිහිපයක්ද ඇත. දෙමල "න" යන්න, පෙරකදෝරු බෑනා, එළ ද බ්‍රා මෙන්ඩා ඕස්ට්‍රේලියාවේ සෑම් මහත්තයා, අමු හිංගල පෝස්ටු වලට වේලිච්ච ඉංග්‍රීසියෙන් කොමෙන්ටු දාන විජේබාහු මහත්තයා වැනි පිරිසක්! ඒ වගේම තම තමන්ට පමණක් කොමෙන්ටු ලියන පිරිසක්ද සිටිති. මේ ක්මෙන්ටේටර්ස්ලා බලා කියා ගන්නා එක බ්ලොග් රචකයින් මෙත් සිතින් මුදිතා ගුණ භරිතව (අමරදෙව මහත්තයා කියන්නා සේ) කල යුතු දෙයක්ය. "+++++++" වැටක් දැම්මත් "!!!" හෝ "???????" දැම්මත් "@$&*%$###@&" දැම්මත් ඔවුන් අපේ කමෙන්ටෙටර්ස්ලාය යන සිතුවිල්ලෙන් ඔවුන්ව ඊට දිරි දෙන්නට අවශ්‍යය. "අපි ස්වාධීන පොරවල්!", "අපිට කමෙට් දැම්මත් එකයි නැතත් එකයි!!", "උං කවුද? අපි කවුද?" කියන පොර මානසිකත්වයෙන් ඈත් මෑත් වී ඕනෑම සිඟිති කමෙන්ටුවකටම හොඳ පිළිතුරක් දැමීමෙන් ඔවුන්ද නැවත අප වෙත කමෙන්ටුවක් ලිවීමට උනන්දු කරවිය හැක!

      Delete
    4. සත්තකින්ම පැරණි (බොහෝ විට මා අසාවත් නොමැති ඔබා, ඕනයා වැනි) අයගෙන් ලබා ගත් හැකි ආදර්ශයන් ඉතා වැදගත් වේවි මේ ගමනට. ඒවා අපේ පරණත අයගෙන් සිදුවිය යුතු කරුණු කාරණා. ඒ වගේම අපට හැකියවක් නැතිද පැරණි බ්ලොග් වල තිබුනු සුපිරිම පෝස්ටු එක් කරලා එක් තැනක කියැවීමට හැකි වේදිකාවක් තනන්නට!? මේ හැම දෙම ගැන "පිට කොටුවෙන්" සිතුවොත් මීට මාර්ගයක් පෑදේවි!
      අර රතන් ටාටා කියලා තියෙනවා ලස්සන කථාවක්! මම ඒක ඔහුගේ වැකියක් ලෙසින්ම මෙතැන ලියන්නම්! මෙන්න ඒ වැකිය:- .......................... අපිව විනාශ කරන භයානකම දේ තමයි අපගේ ආකලප! බ්ලොග් ලිය එවුංම කිය කියා යනවානම් "බ්ලොග් ලිය එවුංගේ මොලේ මඤ්ඤං!", "උං හරි ළාමක ටිං ටිං ලාය!", "කොරණ්නට දෙය නැති කමට කොරණ මගුලක්ය!", "ඕවා කවුද බං බලන්නේ!?" කියා එතැනින් එහාට ආයෙ වෙනත් කොඩිවිණයක් අවශ්‍ය වන්නේ නැත! මේ ස්වාධීන අවකාශයේ තම තම්ං ලියන්නේ තම තමන්ට ඇවැසි හා තම තමන්ට ගෝචර වන විශෙෂයෙන් තමන්ට කියාගන්නා තියෙන කයි කථන්දරය විනා අන් අය අසන්නට කැමති දේ නොවෙන්නට පුළුවන! ඕඩියන්ස් එකට ලියන අයද ඇත! පෞද්ගලිකව මමද ඔර්ඩියන්ස් එකේ විසිල් පාර හූ පාර අධ්‍යනය කරමින් ලියන අවස්ථා නැතිවා නොවේ. එය ඒ ඒ අයට ගැලපෙන හා සාධාරණවූ කටයුත්තක් පමණි! සමහර අවස්ථාවලදී තමා; සමස්ථ අවකාශයට මුදා හරිණ්නේ ඉන් එක් අයෙකු අරමුණු කොටගෙන විය හැක! ("ආව්! ආව්!! වැනි කමෙන්ට් වැටෙන්නේද "හුහ්! මළ විකාර?" වැනි කොමෙට් වැටෙන්නේ ඒවාටය!) සෑම සියළු ලියැවිල්ලක් තුල ම නොවුනත් සමහර ලියැවිළි තුල එවන්; ප්‍රවීණ ගීත රචක ක්යන්නාක් මෙන් පැරණි අරළු බුළු නෙල්ලි සාදික්කා වසාවාසි තිබෙන්නට පුළුවන! මම අන්තිම ෆෝ වීල් ලිපිය ලිව්වේ අපේ කොල්ලාට ඒ පිළිබඳව තේරෙන හිංගලෙන් කියා දෙන්නටය! මේවා බලාගෙන නොදැක්කා සේ තම තමන්ගේ ගමන යනවා විනා "ඌට මංඤ්ඤං, මූට මංඤ්ඤං මටත් මංඤ්ඤං" කියා නොවැළලී අපි අපගෙ ලියමන ලියාගෙන යා යුතු වන්නේය. හැම ගෑණියෙකුටම මිනිහෙකු ලෝකයේ කොහේ හෝ ඇතිවා සේ එකෙකු ලියන දෙයක් වදින එකෙක් ලෝකයේ කොහෙහො සිටිය හැක!
      ලෝටස් මහතා (සමාවෙන්න මැතිණිය) පැවසූ ලෙසින්ම කමෙන්ටු වලින් බ්ලොග් එකක් ගොඩ යන්නත් වැලලෙන්නත් පුළුවන්! නමුත් තමා ලියන්නේ ලියා තැබිය යුතු තමාගේ කථාව හෝ අදහස ලෙස ගත් කල කමෙන්ටු යනු බෝනස් එකක් පමණක් ලෙස ගැනීමට පුරුදු පුහුණු වෙයි. ඒ නිසාම අපි ලියන දෙයින් පලමුව අප සතුටු විය යුතුයි!
      ඊළඟට මතුවී ඇති කාරණා කාරණා වල හැටියට හොඳ සින්ඩියක අවශ්‍යතාවයක් ගැන ලියැවී තිබුනා! ඒ ගැන හිතන්නටත් ක්‍රියා කරණ්නටත් අප්ගේ තාක්ෂණික "අයියලාට" භාර කරමු. ඒ පිළිබඳව සොයා බලන්න. අපිත් අපේ මට්ටමෙන් ඊට දායක වන්නම්.
      නවීන් සංදීප කුමාර නම් අපගේ හිතෛශී මිත්‍රයා මතු කරලා තියෙනවා පුංච් පුංචි කාරණා කිහිපයක් පිළිබඳව. නිදි මහතා මතක් කලා වාගේ ඔහුත් අළුතින් බ්ලොගයක් ඇරඹීමට සිතා සිටිනා කෙනෙක්! ඒ අය තමා ඉදිරියේ බ්ලොග් කියවන්නත් ලියන්නත් ඉතිරිවෙන පිරිස! ඒ තරුණ මිත්‍රයා මතුකරලා තියෙන දේවල් වලට මා කැමතියි වෙනත් අයෙක් පුළිතුරු ලියනවා නම්! කොහොමත් ඔහු ලස්සන වැකියක් එක් කොට තිබුනා! බ්ලොග් ලියන්න ඉන්නවා වාගේම කියවන්නත් පිරිසක් ඉන්න ඕන!" කියලා. කොහොම උනත් පැහැදිලි වෙනසක් වේවි! අපි එයට එක්ව වැඩ කරමු!

      Delete
    5. ආ රතන් ටාටා ගේ වැකිය දාන්න බැරි උනා නොවැ! මෙන්න ඒක:-
      No one can destroy iron
      But its own rust can
      Likewise none can destroy
      a person, but its own
      mindset can!

      Delete
    6. බොහොම අපූරු පිළිතුරක් තට්ටයා මහත්තයා.

      Delete
    7. ආඩම්බරයි ඉතාම හරවත් වැඩකට පොඩියෙන් හෝ සම්මාදම් වෙන්න ලැබීම ගැන. හිතන්න ගොඩක් දේවල් එකතු වුණා. හැමෝන්ටම ස්තුතියි!

      Delete
    8. හොඳ සින්ඩියක් අවශ්‍යයි කියන එක පැහැදිලි නෑ. දැන් තියෙන එව්වයේ අවුල මොකක්ද? මෙතන ඉන්න අසංගත් සින්ඩියක් කරනවා නේද?

      සින්ඩි ගැන මරු ඉතිහාසයක් මතක් වුනා. එතකොට කොත්තු විතරයි තිබ්බෙ. වැඩි හරියක් ඉංග්‍රීසි බ්ලොග් ලියවුනේ. එතකොට හරි හමන් සිංහල ෆොන්ට් එකක් තිබ්බෙත් නෑ. ඩොනල්ඩ් වගේ නමක් තියෙන හාදයෙක් සිංහල ෆොන්ට් එකකට මරා ගත්තා. බ්ලොග් ලිව්වෙ කොලඹ එලීට් පන්තියේ ඒ කාලෙ තරුණ පරම්පරාව. සාමාන්‍ය අදහසක් තියෙනවානෙ, කුඩුකේඩුකම ඔය ඇති-හැකි අය ගාව නෑ කියලා. මොන පිස්සුද. ලෙසටම තිබුනා, මරා ගත්තා, හැබැයි කඩ්ඩෙන්.🤣

      Delete
    9. @නිදී මහත්තයා ඇත්තටම මම කැමති ගොඩක් කියවන්න:) ලියනවට වඩා. අනික ලියන එකේ තාක්ෂණික පැත්ත ගැනත් හරියටන හැදෑරීමක් නෑ.

      අනික මගෙ තව අදහසක් තමයි නිකම් හිතන්නකො සමහර මාතෘකා වලට පොත් සෑහෙන්න තියෙනවා. එතකොට හැමෝම ඒ ටිකත් කියවලා චුට්ට චුට්ට එහෙම මෙහෙට වෙනස් කරලා අලුතින් පොත් ලියනවා. එතකොට ගොඩක් වෙලාවට එකම කරුණුමයි ඒත් පොත් ගොඩක් තියෙනවා. අනික කියවන්නොත් අඩුයි. අන්න ඒ වගේ අදහසක් ලියන එක ගැන නම් තියෙනවා. ඒත් බ්ලොග් කලාවෙදි නම් එහෙම නොවන බව මං දන්නව. අනේ මන්ද කොහොම උනත් ලියන්න බලමුකො ඉස්සටහට😁

      Delete
    10. පොලොස් රසැති සෝයාමීට් වගේ. පොලොස් රසැති / ගුණැති දෙයක් පොඩ්ඩක් නග්ගලා ගත්තොත් පොලොස් උනත් මිනිස්සුන්ට කන්නම ඕනි කියලා හිතෙයි.
      අනික දැන් හොයන්නෙ ඔක්කොම ක්ෂණික දේවල් නෙහ්. බහුතරකට කියවන්න ලියන්න වෙලාවක් නෑ. වගේ නිසා ක්ෂණික දේවල් හොයනාවා.

      මාත් එහෙමයි සමහර වෙලාවට. සම්පූර්ණ පොතක්ම කියවන්නෙ නැතුව යූටිබ් එකේ රිවීව් එකක් දෙකක් බලලා ඒකෙන් ගන්නම ඕනි ටික ගන්නවා.

      අන්න ඒ වගේ දෙයක් ගොඩක් අයට වෙලා ඇති🤔🤔

      Delete
    11. ස්තුතියි නවීන්.
      මට පොඩි හීනමානයක් දැනෙනවා මට 'මහත්තයා' කියලා අමතනකොට. මොකද මගේ ළඟ මහත්මා ගති නැති තරම් නිසා. ඒ නිසා නිදි කිව්වාම හොඳටෝම ඇති.
      ඒ වගෙමයි තට්ටයා කියලා විතරක් කියන්නත් මට මදිකමක් තියෙන්නේ. ඉතිං මහත්තයා කෑල්ලත් එකතු කරනවා ලියද්දී. (ටෙලිෆෝන් කරද්දී තට්ටයා මහත්තයා එයාගේ නියම නම මට කියලා, කිව්වා එයාටත් මහත්තයා කෑල්ල එපැයි කියලා.) අපි හැඩ ගැහිලා තියෙන විදිහ වෙනස්නේ. මං කාටවත් මචං කියන්නේ නෑ (ගැහැනු ළමයි දෙතුන් දෙනෙකුට විතරයි කියවෙන්නේ- එකත් එයාලා මටත් මචං කියන නිසා) අනෙත් හැමෝම කියන්නේ නිදි- ලොකා- නිමල් වගේ ඒවා.

      ඒ අතුරු කතාවක්. ඔයා වගේ අයගේ අදහස් ලියවෙනවා වටින්නේ අලුත් පරම්පරාවක ලියන- කියන- හිතන විධි වාර්තාගත වෙලා තිබීම අනාගතයටත් වටිනා නිසයි. fb එක බැලීමට මං කාලය වැය කරන්නේ අද පරම්පරාවේ අදහස් දැන ගන්නයි.

      හොඳම උදාහරණය විදිහට මට මතක් වෙන්නේ කල්‍යාන මිත්‍ර බ්ලොගයේ 'එළ ද බ්‍රා - සංජීව මෙන්ඩිස්' ලියන මේ කතාව. දැකලා නැති නම් මෙන්න ලින්කුව.
      http://kalahitha.blogspot.com/2021/09/heroin.html

      අලුත් අය fb එකටනෙ වැඩිය ලියන්නේ. ඒවා කාලයත් එකම වැළලිලා යන බවකුයි මට පෙනෙන්නේ.

      Delete
    12. නිදී මහත්තයා, මම වැඩිහිටියෙක්ට නෙහ් කතා කරන්නෙ. මම තාම පොඩි එකානෙ. ඉතින් මහත්තයා කීවට මොකද? නැත්නම් මාමේ කියලා තමා කියන්න වෙන්නෙ.

      අනික හීන මානයක් කියන්නෙ මන් ඔබතුමාව පහත් කරොත් නෙහ්. මහත්තයා කියන්නෙ හොඳ හිතින්.

      අලුත් දේවල් එනකොට පරණ ඒවා වැලලී යනවා. වතපොතේ අලුත් දේ මොහොතින් මොහොත පැමිණන නිසා පරණ දේ වැලලී යාම වේගවත් වී ඇත.

      බ්ලොග් වල වුවද අතීතයේ සිටිය උදවිය සමහරු නැත. පරණ කතා උඩට එනවා අඩුය. මෙතන ගොඩක් ඉන්නා පිරිස එකම කට්ටිය නිසා වැලලීයාමේ අඩු බවක් මා දකිනවා.

      මේකෙත් අලුත් අය ඇවිත් ගොඩක් දේවල් කරන්න ගත්තම වතපොතේ වගේම වේගවත් වේවි යන්න මගේ අදහස.

      අලුත් පරම්පරාවේ අදහස ගැන විමසීමේදී එයද පරම්පරාව සිටින සමාජය අනුව වෙනස් වන අතර වර්තමානයේ තාක්ෂණයේ දියුණුව නිසා එම විවිධත්වය තරමක් අඩු වී ඇත.
      මම වුවද ඒ පිලිබද වැඩි හැදෑරීමක් නොමැත. හැදෑරිය යුතු කරුණක්.

      Delete
    13. ලින්කුවේ තිබුන කතාව ටිකක් කියෙව්වා ලොකු interset එකක් නම් නෑ;(. මුල් කොටස් ටික කියෙව්වෙ නෑ. පස්සෙ කියවන්න ඕනි. කතා කියවන්න ගත්තම, නතර කරගන්න බෑ. මේක ඒකට වෙලාව නෙමෙ

      Delete
    14. නවීන්, ලියන්න පටන් ගන්න ඉඩක් තියේ නං. තාක්ෂණික පැත්ත නෙවෙයි, මගේ ප්‍රින්ටින් අත්දැකීම් තුලින් උපදෙස් ටිකක් දෙන්න පුළුවන් අවශ්‍ය නම්.

      මට මාමේ කියලා හරි ලොකු අයියේ කියලා හරි ලොකූ කියලා හරි කියන්නකො...

      අවශ්‍ය නම් මෙන්න ඊමේල් ලිපිනය mrnimaldissanayake@mail.com
      .

      Delete
    15. හරි නිදි මාමේ. බොහොම ස්තුති😊

      Delete
  26. Hmmm, Perahara digata gihin neda.

    As a reader, here is my 5 cents worth.

    1) Appreciate all bloggers work here, not everyone can write blogs (for various reasons)
    2) I am not big fan of FB, so I read blogs more.
    3) There are so many good things written by bloggers, hard to keep up.
    4) Some bloggers do not or take long time to acknowledge comments, so I comment less.
    5) My apologies to all bloggers for using English typing, it is not an insult or anything (as some people suggested)but time/technical limitations on my side.

    6) Next 5 min I am destroying my smartphone/disconnect home internet and go completely off the grid (I only believe 50% of the things my son tells me about what Pegasus Spyware can do)LOL

    ReplyDelete
  27. විජේබාහු මහත්තය ලියා තිබෙන 4 වෙනි කාරණය මගෙත් ඇහැට අසු වුනු කාරණයක්.
    මම නම් ගෙදආර ඉන්නවා නම් හැමදාම උදේට කමෙන්ට්ස්වලට උත්තර දෙනවාමයි. එහෙම කරන්නෙ අපි ලියන දේ කියවන්නට කාලය හා ධනය වැය කරන හිතාදර පාඨකයන්ට ගෞරව කිරීම මගේ යුතුකමක් නිසයි.

    මා කියවන, ඉතාම හරවත්, රසවත් බ්ලොග් අඩවියක ලිපිවලට වැටෙන කමෙන්ට්ස්වලට උත්තර නොදී හෝ ඉතා පමාවී හෝ ලියවෙන නිසා වෙන්නැති ඒ අඩවිවලට ප්‍රතිචාර අඩු වෙන්නේ.

    ReplyDelete
  28. "මෙය මාහට විළිලැජ්ජාවකින් තොරව ලියන්නට නොහැකි උනත්; ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන ලියන්නම්.
    සහෝදර බ්ලොග්කරුවන් වෙත කොමෙන්ටුවක් පුදන්න! (මේක පිං අතේ වැඩක්!)"

    4) Some bloggers do not or take long time to acknowledge comments, so I comment less.

    මේ කරුණු දෙකම ඉහත කියවන්නට ලැබුණා. මේ දෙකම හරිහැටි තේරුම් ගෙන යුතුකම ඉටු කළහොත් නැවතත් රසවත් Blogs කියවීමට ස්වර්ණමය අවස්වථාවක් උදාවන බව නොඅනුමානයි.

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන්ම එකඟ වෙමි!

      Delete
  29. ඇත්ත. මම බ්ලොග් මුලින්ම බලන්න පටන් ගත්තේ 2010 අග, 2011 වගේ ඉඳන්. මම මුලින්ම කියෙව්වේ "චාමිකය ගේ බ්ලොග් ඉසව්ව" වගේ නමක් තිබ්බ එකක්. ඊට පස්සේ චන්දික අයිය ගේ කෝච්චි බ්ලොග් එකයි, ඒක හරහා ගිහින් ඊ කික්ස් එකයි. එතනින් පස්සේ මාරයාගේ අඩවිය, හිරු නැති හෝරාව, පොඩි කුමාරිහාමි සෙට් එක. එතනින් පස්සේ මම ලියන්න සෙට් වෙලා ගොඩක් ඒවා කියෙව්වා. ඒත් වැඩේ තියන්නේ ඔතනින් දැන් ලියවෙන්නේ චන්දික අයිය ගේ කෝච්චි බ්ලොග් එක විතරමයි.
    මගේ වැඩේ කිව්වොත් ලියන්න දේවල් ගොඩක් තියනවා. ඇත්තට ම ලියලා පබ්ලිෂ් නොකරපුවා තියනවා, සමහර ඒවා වෙන වෙන තැන් වල ට දුන්නා. ආපහු ලියන්න පටන් ගන්න ඕනේ. අවුරුදු 10ක් වෙනවා ලබන අවුරුද්ද ට.

    ReplyDelete
  30. අපි අළුතින් පටන් ගනිමු! ආයෙමත් බ්ලොග් ලියන කියවන් කාලයක් ඒවි! ඒකට ඔයාලගෙ උදව් ඕනෙ! හෙට නෙවේ අදම පටන් ගනිමු!

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් ලියමු. ඔන්න පරණ ලැප් එකත් පණ ගහලා ගත්තා.

      Delete
    2. එළම එළනෙ මල්ලි!

      Delete
    3. @අඟහරු මහත්තයාට අද අඟහරුවදා උදෙන්ම කමෙන්ටුවක්😁😁

      ඔබතුමත් ලියන්න පටන් ගන්න.

      ඒ වගේ පරණ බ්ලොග් වල ලින්කු ටික මම වගේ නවකයන්ටත් ගන්න ලේසි වෙන්න කමෙන්ටුවක් විදියට එකතු කරනවා නම් ගොඩක් වටී කියලා හිතනවා

      Delete
  31. අපි අළුතින් පටන් ගනිමු! ආයෙමත් බ්ලොග් ලියන කියවන් කාලයක් ඒවි! ඒකට ඔයාලගෙ උදව් ඕනෙ! හෙට නෙවේ අදම පටන් ගනිමු!

    ReplyDelete
  32. දැනුම, විනෝදය, කුතුහලය, විද්‍යාව සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍ර රාශියක සංකලණයන් Blog සටහන් වල තිබෙන බව පැහැදිලිවම දකින්නට ලැබෙනවා. කැනඩාවේ "රූපණ" වැඩ සටහන මගින් අනුරුද්ධ වැලිගමගේ විසින් මෙහෙයවන ලද සාකච්ඡාව නිසා සිංහල Blogs නව පණක් ලැබීම ප්‍රශංසනීයයි.

    ReplyDelete
  33. 4a)If my comment need approval to display on the blog, I comment less.

    ReplyDelete
  34. Oh boy!, this thing is getting too serious.
    මේං අපි ගියා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. එහෙං මෙහේ එබිලා මාරුවෙන්න ඔට්ටු නෑ! ආවානං ඉඳලා කතා බස් කරලා යන්න ඕනේ! එහෙමයි සිරිත!

      Delete
    2. හුකා බොල, ලිස්සුව නේද? මේ ඔය ලිස්සන ක්‍රමවේදයට කොපි රයිට්ස් තියනවා, හරිය?

      Delete
  35. නවීන් සංදීප කුමාර; ඊ මේල් බලන්න!

    ReplyDelete
  36. මගෙත් අක්‍රීව තිබුණු බ්ලොග් එක මකල. අලුත් එකක් හැදුව. බොහෝ දෙනෙක් නැවත bolg වෙත පැමිණෙමින් තියෙනව. සතුටුයි

    ReplyDelete
    Replies
    1. එහි ගොඩ වැදුනා! එය අපූරු බ්ලොගයක්!

      Delete
    2. ස්තූතියි.. ඔබතුමාට

      Delete
  37. මේ බ්ලොග් පෝස්ට් එකට පිළිතුරක් ලියන්න පමා උනේ, හොඳ දිග පිළිතුරක් ලියන්න හිතාගෙන, ඒක පසුවට කල් දාපු නිසයි. දැන් නම් ඒකට පරක්කු වැඩියි. ඒත් Better late than never කියලා කියනවානේ.

    හිතට වැදුන බ්ලොග් එකක්, කියවලා රස විඳලා, හොඳ කොමෙන්ටුවක් නොලිවීම වරදක් කියලයි මම නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා ඉහල තියෙන කමෙන්ටු කියවාගෙන ආවොත් ඔබගේ නම මා සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්! ඔබ අපිට වැදගත් කෙනෙක්!
      මේ පාර නම් බේරෙන්න හිතන්න එපා! බ්ලොග් එකක් පටන් ගන්නම ඕන! ඇයි මෙතරම් කල් ගන්නේ? ඔබට කොයිතරම් දේවල් කියන්න තියෙන කෙනෙක්ද? ඔබේ ලියැවිළි මොන තරම් රසවත්ද? ඇයි නොලියන්නේ? ජීවිතයේ අවසාන භාගයට ලං උනාම ආපසු හැරී බලන්න දෙයක් වේනම් එය කෙතරම් අපූරුද?
      බ්ලොග් එකක් පටන් ගන්න පොරොන්දු වෙනවා නේද?

      Delete
    2. තට්ටයා මහත්තයෝ, කාලයක්ම මාත් සෑහෙන්න දත කෑවා සෑම් මහතාවත් අපේ ලියන ගොඩට ඇදගන්න. ම්හු... හරි ගියේ නෑ.... ඔන්න ඇහැකි නං වැඩ..

      Delete
  38. මම බ්ලොග් කියවන්න පටන්ගත්තේ ලක්බිම පත්තරේ “හිස් අහස“ බ්ලොග් එකගැන තිබුනු ලිපියක් කියවලා. අවාසනාවකට සදරුවන් ඒ බ්ලොග් එක දිගටම ලියන්නේ නෑ. ඒ බ්ලොග් එකේ තිබුනු ලින්ක් එකකින් “මාතලන්“ බ්ලොග් එකට ගියා. ඊට පස්සේ ඉතින් බ්ලොග් වැලයි. මටනම් බ්ලොග් කියන්නේ පත්තරවලට හා විද්‍යුත් මාධ්‍යයට එහා ගිය රස ආකරයක් වගේම දැනුම් සාගරයක්. බ්ලොග් ලියන හැමදෙනාටම හදපිරි ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි චමින්ද මහත්තයා. ඔබලා වැනි අයගේ ගොඩ වැදීමයි ලියන කමෙන්ටුයි තමයි මේ ලිවීමට ඉන්ධන වන්නේ! බොහොමත්ම ස්තූතියි !! නැවත එන්න! නැවතත් එන්න!!

      Delete
    2. චමීලා තමයි ඒ කාලේ මටත් හැමදාම ප්‍රතිචාර දැක්වුවේ.

      Delete
    3. ළඟකදී කොමෙන්ට් එකක් නොදැම්මට නිදිගේ පංචතන්ත්‍රය නොවරදවාම කියවනවා . තට්ට මහත්තයාගෙ මේ හරවත් පිටුව හොයාගත්තෙ නිදිගෙ ලින්ක් එකෙන්.

      Delete
  39. මාත් අලුතෙන් ගොඩ උනා.. යම් පෙළඹවීමක් තියෙනව පිරිසකගෙ bolgවලට

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම දැනීමම මොනතරම් සතුටක්ද! ලියන්න! අපි එනවා කියවන්න! අනෙක් අතට කවුරු ආවත් නැතත් තම්න්ගේ තෘප්තිය පිණිස හරි ලියන්න! ස්තූතියි ගොඩ වැදිලා මොහොතක් නැවතුනාට!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...