Showing posts with label ගං වතුරේ. Show all posts
Showing posts with label ගං වතුරේ. Show all posts

Saturday, June 5, 2021

199. මෝටර් රියෙන් ගංවතුරට මුහුණ දෙන්නේ කෙසේද?

ඊයේ ලියන්න තිබුනු ලිපියක්!

"රාජා හෝ මා හෝ ගංගා හෝ"
ඊයේ වෙන කොට ජයග්‍රාහී සිව් වන දිනයටත් අත්තනගල්ල ගංගා ද්‍රෝණිය හෙවත් ගම්පහ, රාගම, කඩවත, ගනේමුල්ල, ජා ඇල, සීදූව, මිනුවන්ගොඩ වැනි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ වලට ධාරාණිපාත වර්ෂාව වැටෙමින් විය! අහසට මෙතරම් වතුර කොයින්දැයි සිතෙන තරම් මහත් වතුරක් ගෙන ආ; වැස්ස බී ගත නොහැකිවූ මහ පොලොව මහා ජල කඳ තම දේහය මත ගලා යෑමට සලසා බලා සිටියාය. කොටින්ම තැන තැන එක්වූ ජලයෙන් පලාත් බදව කුඩා ප්‍රමාණයේ ගං වතුරක් මැවෙමින් විය.

ඊයේ හවස් වරුවේ වත්පොත තුල වනගත වන්නා අටියෙන් මොබයිලයේ අගුළු ඇර වත් පොතට පිවිසෙනවාත් සමගම දුටුවේ ලක්මාල් කන්දෙවිදාන හෙවත් අටමා විසින් පලකල තිබූ රූපමය කඳුළු කථාවය. ඒ  රාගම කිට්ටුව පිහිටි ඔහුගේ නිවස තුලට ගංවතුර ගලාගෙන එන වීඩියෝවක් හා නිවසේ බොහෝ කොටස් ගං වතුරෙන් ක්‍රම ක්‍රමයෙන් යටවී යන ආකාරයත්ය. වහාම ඇනෝපිලිස් ඇමතූ මාඔහුත් සමග මහ වැස්සේ මාගේ අභිනව ලොරි රථයෙන් අටමාගේ දුක සැප විමසීමට පිටත් උනෙමු. 

කෙමෙන් රෑ බෝවී තිබූ අතර මහ වැස්සත් විළිබරෙන් මිරිකුණු වැසි වලාවන් නිසාත් ඝන අන්ධකාරයකින් පලාතම වැසී තිබුනි. කොරෝණා නිසා දවල් සිට නින්දේ වූ රාගම නගරයේ වීදී පහන් වල හා වාහන වල ආලෝකයෙන් තරමක් දුරට අඳුර පලවා හැර තිබුනි. කඩවත නගරයේ සිට අප රාගම නගරයට පිවිසෙත්ම බැසිලිකා විදුහල (එහි නම ඒක වියයුතුය!) මහා මාර්ගය ජලයෙන් අඩි දෙකක් පමණ යටවී තිබුනි. 

එතෙර වී අඹු දරුවන් බලනු රිසිවූ මෝටර් රථ වල නිවෙස් බලා යමින් සිටි මහත්වරුන් ගං වතුර දැක බහිංදෝ නොබහිංදෝ කියා සිතමින් වාහන වලට වී ගං වතුරට ඉව අල්ලමින් සිටියෝය. මියෙම්වා රැකෙම්වා කියා සිතන අපේ රුධිර ඝනය ඇඟේ දුවන සමහරුන් ගං වතුර දෙබෑ කරගෙන එතෙර මෙතෙර විය. මෝටර් රථ කිහිපයක් කටවල් ඇරගෙන මාර්ගයේ පසෙක් ගාල්කොට තිබෙනු දක්නා ලදී. ඒවාට එබුනු තතු දත්තෝ ඒවාට විවිධ ප්‍රයෝග, මායම්, පිළිසකර කිරීම්, අළුත්වැඩියාවන් වල නියෙලනු දක්නට ලැබුනි. ටික වේලාවකින් අපද දිය කඳ හරහා ගමන් කොට රාගම නගරයටත් එය සිසාරා අහසින් ගමන් කොට ඉදිරියට යත්ම මහා වාහන පෝලිමකට සෙට මෝල් වෙන්නට සිදු විය. එතැන් සිට පේරලන්ද හංදිය පසු කරණා තුරුත් ඉක්බිත්තේත් දිස් උනේ මහා ජලශයකි. අවම වශයෙන් අඩි  අඩි තුනේ සිට හතර දක්වා ගැඹුරකි යුක්තවූ වැවක් එහි මැවී තිබුනි. එතැන තත්වය වඩාත් අයහපත්වී තිබුනි. මෝටර් රථ සමහරක් වාහන පෝලිම සමග ඉදිරියට ගොස් චිත්ත ධෛර්‍ය බිඳ වැටී පාර අවහිර කරගෙන බල්ලා සහ පිදුරු න්‍යාය අනුගමනය කරමින් ලැගගෙනය.

"රාජා හෝ මා හෝ ගංගාහෝ" සිතා ගත් රජයේ හා හමුදාවේ වාහන කීපයක් `සබ්මැරීන සේ එතෙර යමින්ය .මෙතෙර එමින්ය. ඇස් මනා පිටම මිට්සුබිෂි L300 වැඇන් රථයක් එන්ජිම තුලට වතුර ඇද දුම් දමමින් හැරමිටි ගමනේය. ලියනවානම් කථා ගොඩකි.

මීට පෙර "ඔබේ මෝටර් රිය දියට වැටුනොත්" කියා මා ලිපියක් පලකොට ඇතත් මෙවැනි අවස්ථාවකදී කලයුත්තේ කුමක්දැයි ලියා නොමැත. විශේෂයෙන් කුඩා මෝටර් රථ භාවිතා කරණ මාගේ සහෘදයින් වෙනුවෙන් යමක් ලිවිය යුතු යැයි මාහට ඊයේම සිතුනි. ඇනෝටද මතක් කලෙමි. "දැන් කවුද අනේ බ්ලොග් බලන්නේ?" කියා ඔහු මාව දිරි ගැන්වූ අතර එය ලියා තබන්නට දැන් පටන් ගනිමි. මම මේ අරම්භයක් ගන්නා අතර අපේ දැන උගත් පාඨක පාඨිකාවන් අඩු පාඩු ඉවත් කරණු ඇතැයි උදක්ම බලා පොරොත්තු වෙමි.

ජලයෙන් වැසී ගිය මාර්ගයක් හරහා අප ගමන් කලයුත්තේ කෙසේද?

අප මෙය මේ විදියට පටන් ගනිමු. 

අද පවතින වාහන පෙට්‍රෝල් වාහන, ඩීසල් වාහන, විදුලි  වාහන හා හයිබ්‍රිඩ් වාහන යනුවෙන් වෙන් කර ගැනීමට පුළුවන. පලමුව අප පෙට්‍රෝල් වාහන හා ඩීසල් වාහන ගැන කථා කරමු.

පෙට්‍රෝල් එන්ජිමක් ක්‍රියා කරණ අවස්ථාවේදී  එය තුල ඇති පිස්ටන ඉහල පහල ගම්න්කරණු ලබයි. පිස්ටනය පහලට පැමිනීමේදී  පෙට්‍රෝල් එන්ජිමක් තුලට පෙට්‍රෝල් සහ වායු මිශ්‍රණයක්ද ඩීසල් එන්ජිමක; එය තුලට අවකාශයේ තිබෙන වාතයද ඇතුලට උරා ගනී (Intake Stroke). එන්ජිමේ වට භාගයකදී මෙසේ ඇතුලට උරා ගන්නා ඉන්ධන+වායු මිශ්‍රණය හෝ වාතය සිලින්ඩරය තුල පීඩනයට ලක්වේ (Compression Stroke). මෙය පෙට්‍රෝල් එන්ජිමක 9 ට එකක අනුපාතයට පමණ  තෙරපෙන අතර ඩීසල් එන්ජිමක මෙය 22 ට එකක පමණ දැඩි පීඩනයකට ලක් වේ. (එනම් නිදහස් අවකාශයේ තිබෙන වායු කොටස් ඒකක 22 ක පරිමාව ඒකක 1 ක පරිමාවකට තෙරපීම වේ.)

එන්ජිමක ක්‍රියා කාරීත්වය මෙතැනින් බලා අවබෝධයක් ලබා ගන්න බලන්න.

ඔබ සිතන්න එන්නත් සිරින්ජයක් ගෙන එය ඉදිරිපසින් වසා දමා පසුපස හැන්ඩලයෙන් තෙරපන අවස්ථාව. නො එසේනම් බයිසිකල් හුලං පොම්පයක් එසේ තෙරපන අවස්ථාව. පිස්ටනය ඉවතටම ඇද  ගත් අවස්ථාවේදී සිලින්ඩරය තුලට පිරෙන වාතය පිස්ටනය තදකිරීමේදී  සිලින්ඩරය තුල පීඩනයට ලක්වේ. පිස්ටනය පහතට ගමන් කරත්ම සිලින්ඩරය තුල පරිමාව අඩුවන අතර එයට සාපේක්ෂව එය තුල සිරවී ඇති වාතය සම්පීඩනයට ලක්වේ.

මෙය වායු වල ඇති ගුණයක් සේ පාසලේ 6 වසරේ විද්‍යාව පාඩමේදී උගෙන ගත්තා මතකයි නේද? 

වායුවල භෞතික ගුනාංග:- නියමිත බරක් ඇත! නියමිත  හැඩයක් නැත!! නියමිත පරිමාවක් නැත!!!

ඒ පාඩමේම ඔබට මතකද ද්‍රව වල ගුනාංග ඉගෙන ගත්තා.

ද්‍රව වල භෞතික ගුනාංග:-  නියමිත බරක් ඇත! නියමිත  හැඩයක් නැත!! නියමිත පරිමාවක් ඇත!!!

දැන් අපි නැවත පෙර සඳහන් කල එන්නත් කටුව දෙසට හැරෙමු. එන්නත් කටුව තුලට එන්නත නැතහොත් බෙහෙත් දියරය පුරවා ගත් පසු අපට ඉදිරියෙන් වසා පිස්ටනය හෙවත් හැන්ඩලය තෙරපිය හැකිවේද? නොහැක! මන්ද සිලින්ඩරය තුල ඇති ද්‍රව පරිමාව මගින් පිස්ටනය හිරකොට ඇති නිසාය!

ඔබ සිතන්න පෙට්‍රොල් හෝ ඩීසල් එන්ජිමක් තුලට නො එසේ නම් සිලින්ඩරය තුලට පිස්ටනය මගින් ඇදගන්නා වායුව වෙනුවට ද්‍රවයක් නො එසේ නම් ජලය පැමිණිය හොත් කුමක් සිදුවේදැයි කියා? සිලින්ඩරය පහතට ගමන් කිරීමේදී සිලින්ඩරය තුලට ගලා එන ජලය නැවත පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී තෙරපීමකට හෙවත් සම්පීඩනයට ලක්වේ. එහෙත් වාතය මෙන් ජලයේ (හෝ ද්‍රව වල) පරිමාව වෙනස් නොවේ. එවිට සිදුවන්නේ පිස්ටනය ජලය සමග තෙරපී හිරවීයාමයි.  වේගයෙන් එතෙක් කර කැවෙමින් පවතින එන්ජිමක් මෙසේ හිරවීම (Hydro Lock) සමගම පිස්ටන් අත් කැඩීයාම, ඇදවී යාම, ක්‍රෑන්කය කැඩී යාම, එන්ජින් බ්ලොක් ඒක පුපුරා යාම සිදුවිය හැක! තවත් ලෙසකින් කියනවානම් එන්ජිම ගලවා සම්පූර්ණ අළුත්වැඩියාවකට හෝ අළුතින් එන්ජිමක් සවිකිරීමට උවද සිදුවේ!

මේ සියල්ල සිදුවන්නේ එන්ජිම අභ්‍යන්තරයට හෙවත් සිලින්ඩර තුලට ජලය ගලා ඒමෙන්ය. එසේ ජලය ගලා ඒමට ඇති මාර්ගය වන්නේ එන්ජිම තුලට පිරිසිදු වාතය උරාගන්නා එයා ක්ලීනරය හරහාය. 

මෙයින් තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ එයා ක්ලීනරය හෝ එයා ක්ලීනරය තුලට වාතය ඇදගැනීමට වාහනයේ සවිකොට ඇති සොඬ නලය හෙවත් හෝස් පයිප්පය තුලට වතුර ඇතුලු නොවන ගැඹුරක වාහනය පැදවීමෙන් එන්ජිමට කිසිදු අවුලක් නොවන බවය. බොහෝ වාහන වල එයා ක්ලීනරය හා ඉහත කී නල ඇතුළු උපාංග සවි කොට ඇත්තේ එන්ජිම මත හැකි උපරිම උසක් ලබා දෙන පරිදිය. මෙසේ සවිකිරීමට ඇති එකම හේතුව ජලය තරණය කිරීමට අමතර හැකියාවක් ලබා දීමට යැයි වරදවා නොවටහා ගන්න. එයත් එක් හේතුවකි.




එකිනෙකට වෙනස් වර්ග කිහිපයක මෝටර් රථ (කාර්) වල 
එයා ක්ලීනරය නැතහොත් එයා ඉන්ටේක් එක ස්ථානගත කර ඇති ආකාරය!

විශේෂයෙන් මෝටර් රථ වල නැතිනම් කාර් වල මෙම උපාංගය එන්ජිමට ඉහලින් සවි කොට ඇති අතර බොහෝ වෑන් රථවල එයා ක්ලීනරය සවිකොට ඇත්තේ වාහනයේ පසෙකට වන්නට, ඉදිරි පස දොරට පසුපසින් ඉතා පහලින්ය. එවිට එන්ජිම කෙතරම් උසකින් තිබුනත් එයා ක්ලීනරය හරහා ජලය එන්ජිම තුලට ඇදී ඒම නවතාලිය නොහැක.

මෙසේ උවද අන්තර්ජාතික වශයෙන් මෝටර් රථයක් ගමන් කලයුතු උපරිම ගැඹුර ලෙස දක්වා ඇත්තේ සෙන්ටි මීටර 10 ක ගැඹුරක පමණි. එසේම බොහෝ වාහන සෙන්ටි මීටර 30 ක ගැඹුරකදී පාවෙන්නට පටන් ගන්නා බවට අනතුරු හඟවා ඇත.

වාහනයක් ගං වතුර ප්‍රදේශයක් හරහා තල්ලු කරගෙන හෝ වෙනත් වාහනයක් මාර්ගයෙන් ඇදගෙන යාමේදී එන්ජිම තුලට වතුර ගමන් කිරීමේ අවධානම බොහෝ සෙයින් අඩුවේ. මන්ද එන්ජිමේ පිස්ටන් ක්‍රියා කාරීත්වය මගින් ජලය එන්ජිම තුලට ඇද නොගන්නා බැවිනි. එසේ ගං වතුර ස්ථානයෙන් වාහනය ඉවතට ගත් පසු එයා ක්ලීනරය හෝ ඊට සම්බන්ධ සොඬ නලය එනම් එයා හෝස් එක ඉවතට ගලවා එන්ජිම  අසලට ජලය ඇවිත් දැයි සොයා බැලිය හැක.

එවිට සයිලන්සරය තුලින් එන්ජිමට ජලය ගමන් කරණ්නේ නැත්දැයි මෙය කියවන යම් අයෙකුට ප්‍රශ්ණයක් මතුවීමට ඉඩ ඇත. එන්ජින් නිර්මාණය තුලම සයිලන්සරයෙන් එන්ජිම තුලට ගමන් ගන්නා ජලය නැවත පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී ඉවතට ගලා යාම සිදුවේ. 

බොහෝ හයිබ්‍රිඩ් හා විදුලි වාහන වල බැටරිය සවිකොට ඇත්තේ වාහනයේ පතුලේය. එම නිසා ඉතා ඉක්මණින් බැටරිය තුලට ජලය නො එසේ නම් ජල වෂ්ප හෝ පිණි ඇදී යාමෙන් බැටරිය අකර්මණ්‍ය වීමට ඉඩ ඇත. 

SUV රථයක් උවද මිට්සුබිෂි අවුට්ලෑන්ඩර් හයිබ්‍රිඩ් රථයට ගමන් කල හැකි උපරීම ගැඹුර ලෙස නියම කොට ඇත්තේ අඟල්  9 ක ගැඹුරක් තුල පමණි!

නවීන වාහන වල ඇති ඉලෙක්ට්‍රොණික මෙවලම්, හා කොම්පියුටරය ආදී කොටස් වලටද ජලයෙන් හානි විය හැක. 

නවීන ටොයෝටා හයි ඒස් රථයේ එයා ක්ලීනරය පිහිටා ඇති තැන සියැසින් දැක ගන්න.

අප දැන් කථා කල පරිදි වෑන් සහ කුඩා ලොරි රථ වල එයා ක්ලීනරය (එයා ඉන්ටේක් එක) ඉතා පහලින්, පොලොවට ආසන්නව පිහිටි හෙයින් කුඩා වතුරක හෝ යාම කල්පණාවෙන් කල යුතුය. හදිසි අවස්ථාවකදී වෑන් රථයේ එයා ක්ලීනරයේ සිට එන්ජිමට පැමිණෙන සොඬ නලය හෙවත් ඒයා හෝස් එක එන්ජිම අසලින් ගලවා ගතහොත් එයා ක්ලීනරය ජලයේ ගැටුනද ගිලුනද එන්ජිමට සිදුවන හානියෙන් ගැලවී ගත හැක! (මන්ද මෙම වාහන වල  එන්ජිම පවතින්නේ එයා ක්ලීනරය හෝ එයා ඉන්ටේක් එකට ඉහලින් නිසාය.)

සමහර ෆෝ වීල් ඩ්‍රයිව් රථවල එයා ස්නෝකලයක් සවි කොට ඇත. එම නිසා එවන් වාහන වලට ඉතා ගැඹුරු වතුරක හෝ ගමන් කිරීමට හැකියාව පවතී. 




හැකි හැම විටෙකම වාහනය තුල කුඩා නයිලෝන් කඹයක් හෝ වානේ කේබලයක් ලඟ තබා ගන්න. වාහනය ගංවතුර ඔස්සේ පදවාගෙන යනවාට වඩා වෙනත් රථයකින් ඇදගෙන යාම වඩා යහපත් වන බැවිනි.
ගං වතුරක් මැදින් මෝටර් රියක් (කාරයක්) ගමන් කරද්දී; ඉදිරියෙන් ගමන් ගන්නා වඩාත් විශාල ට්‍රක් රථයක්, බස් රථයක් හෝ වෑන් රථයක් පසු පසින් ගමන් ගන්නේ නම් වාසි රාශියක් මෝටර රථයේ රියැදුරුට නොමිලේම ලබා ගත හැක.
මාර්ගය නිශ්චිතව හඳුනා ගත හැක.
මාර්ගයේ කඩතොළු, වලවල් හානිවූ ස්ථාන මග ඇර ගැනීමට අදහසක් ගොඩ නගා ගත හැක. 
මාර්ගයේ සීමාව එනම් කට වහරේ "තාර ගැට්ට" ලෙස හඳුන්වන දාරය හඳුනා ගැනීමටත් තවත් වාහනයක් පසු පසින් ගමන් කිරීම වැදගත්ය.
සුනාමියට සතියකට පෙර රට පුරා මහ වැසි වසිද්දී මා අම්පාරට යමින් විය. පදියතලාව පසුකොට මහඔයට යනවිට මාර්ගය මුළුමනින්ම වැසී තිබුනි. එවිට මා මාර්ගය හඳුනා ගත්තේ මාර්ගය අයිනේ වූ ලයිට් කනු මගිනි.
ඉදිරියෙන් ගමන් ගන්නා වාහනය මගින් ඇති කරවන රැල්ල කරණකොට ගෙන මෝටර් රථයට මුහුණ දීමට ඇති බාධාව අවම කර ගත හැක.
රෝද හා සම්බන්ධ තිරිංග පද්ධතියේ කොටස් තුලට ජලය ගමක් කිරීමෙන් තිරිංග කාර්‍යක්ෂමතාවය අඩුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් පදවන්න.
හැකි හැම විටම එන්ජිම අඩු වේගයකින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්න. එවිට යාන්තමින් හෝ ජලය එන්ජිම තුලට උරා ගැනීම තරමකට හෝ මග ඇරෙනු ඇත. වේගයෙන් එන්ජිම රේස් වීමේදී එය තුලට උරා ගැනෙන වායු පරිමාව මෙන්ම තීව්‍රතාවයද ඉහල නැංවේ. එවිට "කොහෙවත් නැති" ජලය උවද ඇද ගැනීමට එන්ජිම පෙළඹේ!
වාහනය තුල මගීන් සියල්ල සිටීම යහපත් ය. මන්ද වාහනය වඩාත් සැහැල්ලුවූ පසු එය පාවීමට පටන් ගැනීම නිසා වහනයේ පාලනය තමා වෙතින් ඉවත් වීමට පුළුවන.
ගං වතුරෙන් ඉවත් වූ පසු වාහනයේ තිරිංග පද්ධතිය තාවකාලිකව අකර්මණ්‍ය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති හෙයින් ඒ සම්බන්ද කොටස් තරමක් රත්වී වියලී යාමට බ්‍රේක් පාදිකය මත යාන්තමින් පය තබා ධාවනය කිරීම හෝ තරමක දුරක් ප්‍රවේශමෙන් ධාවනය කිරීමටද මතක තබා ගන්න.
ගංවතුර ස්ථානයෙන් ඉවතට පැමිණි වහාම එනිජිමේ ලිහිසි තෙල් සමග ජලය කලවම් වී ඇත්දැයි බැලීමද යහපත්ය. ලිහිසි තෙල් හෙවත් එන්ජින් ඔයිල් කලවම් වී ඇත්නම්; ඔයිල් කූර Deep-stick  එක ඇද බැලූ විට ඒවා කිරිපාට වී ඇති බව තහවුරු කර ගත හැක.
කෙසේ වෙතත් වාහනයේ ගියර් ඔයිල් හා ඩිෆරෙන්ශල් ඔයිල් සමග වතුර මිශ්‍රවී ඇත්දැයි පසුව හෝ සොයා බැලීම යහපත්ය.

හදිසියේ වත් ගංවතුර මැදදී එන්ජිම නැවතුන හොත් එන්ජිම පන ගැන්වීමට උත්සාහ නොකරන්න. ජලය එන්ජිම තුලට ගමන් කොට එන්ජිම නැවතුන හොත් නැවත පන ගැන්වීමට යාමේදී එන්ජිම මුළුමණින්ම විනාශ වීමට ඉඩ ඇත!
යම් හෙයකින් වාහනය ගං වතුර මැද දී එන්ජිම නතර වුවහොත් වාහනය තල්ලු කොටගෙන හෝ වෙනත් වාහනයකින් ඇද ඉවතට ගන්න. ඉන් පසු මා පෙර කී පරිදි එයා ක්ලීනරය ගලවා ජලය ඊට ඇතුළුවී ඇත්දැයි සොයා බලන්න. 
පෙට්‍රෝල් වාහනයක නම් පුළිඟු පේනු හෙවත් ස්පාර්කින් ප්ලග් සියල්ල  ගලවාද ඩීසල් වාහනයක් නම් ඉන්ජෙක්ටර සියල්ල හෝ හීටර් ප්ලග් සියල්ල ගලවා හෝ එන්ජිම ස්ටාටර් මෝටරයෙන් කරකැවීමෙන් එන්ජිම තුල ජල ඇත්දැයි කියා නිශ්චය කර ගැනීමටත්; ජලය එන්ජිම තුලට ඇතුළුවී තිබුනේ නම් එය ඉවත කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබේ.

හයිබ්‍රිඩ් හෝ විදුලි වාහනයක බැටරිය තුලට ජලය යාන්තමින් හෝ ඇතුළුවී ඇත්දැයි පසුව හෝ නියමිත තාක්ෂණික ඥානය ඇති පිලිගත් ආයතනයකදී පරීක්ෂා කර බලන්න.
මෙය කියවන මහත්වරුන් නෝනා මහත්වරුන් මෙහි යම් අඩුපාඩුවක් වෙත් නම්; මෙය නිවැරදි කරණමෙන්ද; අළුතින් යමක් එක් කිරීමට අවශ්‍ය වේනම් එසේ කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් යුක්තව මෙයින් ඉල්ලා සිටිමි.

Monday, May 28, 2018

100. Don’t underestimate power of the Common man




කොමන් මෑන් කන කට්ටක් !

ආපදා කළමණාකරණ ලොක්කා වෙත !

මේක ඔබ තුමන්ලා කවුරු හරි දැක්කොත් කියාවි “ඕක ලියලා තියෙන්නේ අරූට! නැතිනම් මූට!!” කියලා.නෑ මේක ලියල තියෙන්නේ ඔබ තුමන්ලා සියල්ලන්ම වෙත ටය! ඇමතිතුමාගේ සිට ඔහුව පත්කරණ මුල් පාලනාධිකාරියේ සිට අන්තිම කා.කා.ස. දක්වා අපේ බදු මුදලින් කන බොන පඩි ගන්න හැමෝටම.

ගං වතුර ගලා උතුරා යයි  දෙගොඩ තලා...//

මේරටේ පසුගිය කාලය තුල සිදුවූ බොහෝ ජාතික ව්යවසනයන් වලදී මාගේ මිතුරණ් සමග මා හැකි පමන වැඩදායී සේවයක් සිදුකිරීමට ක්‍රියාකාරීව සහභාගී උනෙමි.පැත්තක ඉඳන් ගංවතුරට පසුපස අය හරවාගෙන සෙල්ෆි ගහන අය ගෙන් ඈත්ව සිද්ධීන් මාධ්යයේ කේන්ද්‍රගතව සිටියෙමි.මම මින් එකක් දෙකක් ලියා ඇත.ඒ මේ බ්ලොගයට ගැලපෙන ඒවාය.මීට අමතරව 1983 ජුලි කලබල, ඉන්දු ලංකා ගිවිසුම අව්ස්ථාව , සුනාමියෙදී පානදුර පින්වත්තේ යන එනමං නොමැතිව සිටි  ප්‍රදේශ වාසීන් වෙත අධාර බෙදාහරිණ්නට ඍජුව මැදිහත් වීම වැනි සිද්ධීන් වල මා ඇසින්දුටු සාක්ෂි කරුවෙක්මි.කවුරු හරි මේවා කුලක වලට බෙදාවි ඒවා රයට් මිසක් ඩිසාස්ටර් නොවේ කියා. කවුරු ආකාරයේ කුමන අකාරයේ අර්ථදැකීම්  කලත්; කියන්නට ලියන්නට ඕනෑ තරම් උදාහරණ!

දැන්මේ රටෙන් භාගයක් ගං වතුරට යටවී තියෙන මොහොතේ ඔබතුමන්ලා එක්ක සමග කල යුතු සංවාදශීලී කතිකාවකට කටයුතු සැලසී ඇත! .මීට අවුරුදු දෙක තුනකට පෙර කැළණියේ ගංවතුර වෙලාවේ ක්‍රියා කල හැටි ඔබතුමන්ලාට මතකද? එතන ඔබලාගේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකේ;අවම වශයෙන් කා.කා.ස. කෙනෙකු තබා රජයේ නිළධාරියෙක් හැටියට ග්‍රාම සේවා නිළධරයෙකු, පොලිස් රාළහාමි කෙනෙක්වත් හිටියේ නෑ කිව්වොත් ඔබලාට කියන්න පුලුවන්ද මම කියන්නේ බොරුයි කියලා? 
රජයට හරි ආණ්ඩුවට හරි ගෑවිච්ච කෙනෙකුට හිටියේ අර ප්‍රසන්න රණවීර කියන අය විතරයි. එතුමා ද එම සිද්ධියට ඇවැසි නායකත්වය දෙනු වෙනුවට බත් පෙට්ටි බෑග් මළු වලට කර ගහමින් තෙවරප්පෙරුමකරණය වෙමින් ඉන්නවා මා දුටිමි .
නාවික හමුදාවෙන් එක් බෝට්ටුවක් පැමින; ගමේ අය, වටේ අය ගෙදර උයා ගෙනත් දුන්නු බත් මුල් ටික බෙදනවා හැරෙණ්න කල දෙයක් වුනිද? මේවා දැක ඇස කන පියාගෙන හිඳිනු නොහැකි හෙයින් දෝ මේ තැන් වලට පැමින මේ සිද්ධීන් වලට සක්‍රීයව දායක වුනු අපේ ආරක්ෂාවට සිටියේ කවුරුන්ද?

එම අවස්ථාවට උරදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ අයගේ විස්තර ; ඔබ ආයතනයේ අයෙකු විසින් එකතු කර ගෙන තිබුනා නම් යලිත් රටට මෙවන් විපතක් සිදුවූ අවස්ථාවකදී ඉතා පහසුවෙන්; නැවත එවන් පුද්ගලික මැදිහත්වීම් හා ස්වේච්ඡා සංවිධාන වල සක්‍රීය මැදිහත්වීම්  නිසි පරිදි කළමණාකරණය කර;වඩා නිවැරදි ,  කාර්යක්ෂම හා පලදායී ලෙස ශ්‍රම දායකත්වය,සම්පත් බෙදා හැරීම, ගලවා ගැනීම් , ගොඩ නැගීම්, පවිත්‍රතා කටයුතු වැනි එකී නොකී මෙකී දහසකුත් එකක් දෑ කිරීමට  අවස්ථාවක් තිබුනි!නමුත් අභාග්යයකි!එවන් කළමණාකරණයක් පිළිබඳ සේයාවක් වත් අපට නම් නොපෙනේ!මේ අපි කියන්නේ හුදෙක් මා හෝ මා සමග හිටි සොච්චම් නොවේ පහුගිය කාලයේ ජීප් සංවිධාන, ෆෝවීල් සංවිධාන, පරිසර සංවිධාන, පංසල් පල්ලි වැනි වෙනත් වෙනත් සමාජ සංවිධාන; ඔවුන්ගේ පරිත්යාගශීලී ඍජු හා වක්‍ර මැදිහත්වීම් කර තිබූ අතර; හදිසි ජාතික ව්යවසනයකදී ඔවුන්ගේ එම දායකත්වය නැවත ලබා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බවට මා කණගාටුවෙන් වුවද ඔබ ආයතනයට  අභියෝග කරමි!සමහර විට මහා  පරිමානයේ  සංවිධාන කිහිපයක විස්තර තිබීමට පුළුවන. එවිට අපට  ඔබෙන් අහන්නට සිදුවන්නේ

අපි ගොරක ගෙනාවෙම නැද්ද? කියාය.

තිස් වසරක යුද්ධයෙන් ලද යුධ ජයග්‍රහණයෙන් පසු අපගේ හමුදාවන්ට ලැබුනු සුවිශේෂී පිළිගැනීමක් විය.ඒ යුධ බිම තුල ලැබූ සක්‍රීය පුහුණුව, අත්දැකීම් හා පන්නරය හේතුකොට ගෙනය. අප වැනි කුඩා පිරිස් හා කණ්ඩායම් වලට ඔබ ලබා නෙදෙන්නේද එම වටිනාකම මය!

පසු ගිය දින කිහිපය තුල මෙම  කාර්යයන් තුල අප වැනි පුද්ගලික හෝ කුඩා කණ්ඩායම් ගැවසුනේ නම් එයින් කිසියම් පලදායී මෙහෙයක් සිදුවීමට කෙතරම් ඉඩ කඩක් තිබීමට තිබුනිද?   එක් ගංවතුරක දී අපට ලැබුනු කාර්‍යය  වූයේ ගැබ්බර මවක් බේරා ගැනීමටය. (මගේ අවාසනාවට මේ අවස්ථාව මාගෙන් ගිලිහී ගියේය!)

මෙය කියවාගෙන යන ඔබට හෝ වෙනයම් අයෙකුට මගෙන් අහන්නට හිතෙන ප්‍රශ්ණයක් ඇති! "ඔය ඕන තරම් තැන් තියෙන්නේ. උවමනාවක් තියේ නම් ගිහින් මැදිහත් වන්න මොකද්ද තියෙන ඔය තරම් බැරිකම? අප කියන්නම ඕනෙද?"
 කියා.නමුත් මෙවන් කට යුත්තකට සක්‍රීයව දායක වූ කිසිවෙකු එසේ  මාගෙන් නොඅසනු ඇත. ඔබ හිතන්න;අඩු ආදායම් ලාභී පවුලකට උපකාරයක් කරණ්නට ඔබට සිතුවිල්ලක් ඉපැදුනහොත් එයට සුදුසු පවුලක් සොයා ගැනීමම කෙතරම් අසීරු කරුණක් දැයි කියා? අපට හැකිදේ හා ඇවැසිදේ එක මත එක සමපාත  කිරීමයි ඔබ ගෙන් සිදුවිය යුතු වන්නේ.අපේ රටේ මිනිසුන් පුරුදු පුහුණුවී තිබෙන්නේ හා පෙළඹෙන්නේ "නියං ආධාර" යනු හුදෙක් වතුර බෝතල් පමනක්ම යැයි කියා! බොහෝ නියං ආධාර ලැබුනු  පලාත්වල බෝතල් වතුර අතිරික්තයක් පවතී.අපට මොහොතකටවත් සිතෙනවාද ගං වතුරින් යටවූ මිනිසුන්ට මහත්වූ පානීය ජල අවශ්ය තාවයක් ඇති බව? ඒවා පිළිබඳ මා වැටහීමක් ලද්දේ පසුගිය ගං වතුරින් පසු ළිං  ඉසින්නට ගිය නිසාමය.එය ලැබූවේ  පරිචයෙන්මය. 

පසු ගිය දිනෙක පොලිසියේ නිළධරයෙකු කිසිවෙකු බේරා ගැනීමට ගොස් වතුරට බිලිවී තිබුනි. වඩා ප්‍රවේශමෙන් ඔය වැඩේ කරණ්නට පුළුවන් කොච්චර මේ රටේ ඉන්නවද? නවසීලන්ත ජීවිතාරක්ෂක සංගමයෙන්  ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුණුව ලැබූ ලෝකඩ පදක්කම දිනූ කොතෙක් නම් පිරිසක් මේ රටේ වෙසෙත්ද?  ප්‍රථමාධාර පුහුණුව ලැබූ කොතෙක් නම් පිරිසක් මේ රටේ වෙසෙත්ද? බාලදක්ෂයින්, ශිෂ්ය භටයින්? මේ සෑම දෙනාම මෙවන් අවස්ථා වලදී ප්‍රයෝජනවත් පිරිසක් බව ඔබ තුමන්ලා මේ වනතුරු තේරුම් ගෙන තිබේද? වරක් පොළොන්නරුවේ ජයන්තිපුරදී කැප්ටන් හතුරුසිංහ සමග ගිය බෆල් රථය පෙරළුනු අවස්ථාවේ බෆල් රථය ඔසවා එයට යට වුනු අය එළියට රැගෙන පිරිසට කෘථිම ශ්වසනය දෙමින් රෝහලට රැගෙන ගියේ අගනුවර පාසැලක උසස් පෙල හදාරමින් සිටි තිදෙනෙක්ය! එම තිදෙනා අතරින් දෙදෙනෙක් ශිෂ්ය භටයින් විය!   
මාගේ රුධිර ඝණය ඕ නෙගටිව් වේ! එකල මාගේ විස්තර ලේ බැංකුව සතුව තිබුනි. ඩර්ඩන්ස් රෝහලේද විස්තර තිබුනි.
ඔබ ආයතනයේ නම තුලම ඇති "කළමණාකරණ" යන වචනය නිසාම හෝ මෙවැනි කණ්ඩායම් පුද්ගලයින් පිළිබඳ සවිස්තර විස්තර සොයා බලා එකතු කොට ගෙන දත්ත සංචිතයක් සාදා ගන්න.එක් එක් ප්‍රදේශයට අදාල ඔවුන් ගෙන ලබා ගත හැකි සහභාගීත්වය සොයාබලා ඔවුන් සමග සහ සම්බන්ධතාවයන් නිරතුරු පවත්වා ගනිමින් වඩා පුළුල් පිලිවෙතකට පිය නගන්න.කිසිවෙකු ලග මෙවන් අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි වතුර පොම්පයක්, බෝට්ටුවක්. ලනුවක් කඹයක් නොව පනිට්ටුවක් පිළිබඳ හෝඩුවාවක්; ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙන ශ්‍රමදායකයන් හට තම කටයුතු කරගෙන යාමට මහත්වූ ඉස්පාසුවක් ගෙන දෙන ප්‍රවෘථියක් අස්වැසිල්ලක් වනු ඇත. මේ සියලු දෙයින් අවසාන ප්‍රථිලාභය අත්වන්නේ විපතට පත් ජනතාවටය.


පොඩියට හිටියට 
අංතිමට සටනෙන් දිනන කොමන් මෑන් 
අම්බානක ගුටි කමින්!

ඔබ නරඹා තිබේද ෂාරුක් ගේ  Chennai Express චිත්තර පටිය.එම චිත්‍ර පටිය පුරාවට ෂාරුක්ගේ මුවග රැඳි වදන් පෙලකි.

Don’t underestimate power of the common man  !

සාමාන්‍ය මිනිසා සතු ශක්තිය අවතක්සේරු නොකරණු !

රට වටේ දුව ඇවිදින්නට යාන වාහනද ඉන්ධනද පිරිසද සල්ලිද බලයද  සියල්ල ඇත්තේ ඔබටය.අප මෙවන් කටයුතු වලට  යන්නට මත්තෙන් වැඩකරණ කංතෝරුවලින් නිවාඩු ගැනීමේ සිට ඩීසල් ගහන්න රුපියල් 2000 හොයා ගන්නා තැන තෙක් සියල්ල අපේ වියදමෙන් උත්සාහයෙන් කර ගත යුතුය.

මෙහි මාහට වඩාත්ම කණගාටුව දනවන සිද්ධිය වන්නේ ;මෙවන් ඩේටා බේස් එකක් හෙවත් දත්ත සංචිතයක් "මං හදන්නං!" කියපු තෙශාන්ත මුල්කිරිගල අපේ මිතුරු තුමාද කටයුත්තෙන් ඉවත්වී ඇති හෙයින්ය!

Friday, December 1, 2017

68. ඔබේ මෝටර් රිය දියට වැටුනොත් !





මෙම බ්ලොගය පවත්වාගෙන යන්නේ පරිඝනක දෙකක උපකාරයෙන්. ඉන් එකක වන්නේ මාගේ පෙන්ටියම් 3 ලැපය ය. අනෙක මාගේ කන්තෝරුවේ ඇති මටත් වඩා මහළු කොම්පූටරේ ය.
 මෙම පරිඝනක ද්විත්වයේ මොනිටර පරීක්ෂාවෙන් බලන අයෙකුට තවම පල නොකල ලිපි කිහිපයක දක්නට ලැබේ.  මම පෝස්ටු  ලියන්නේ එකවර දෙකක් හෝ  තුනක් නොඑසේනම්  හතරක්  ලියන්නට පුරාගෙනය. ඉන් පසු එකෙක් මොහොතේ සිතට දැනෙන ලියන්නට කරුණු එක් රොක් වන ලෙසට ලියාගෙන යමි.

 “පුරණවා” බිඳී ඇවිත් ඇත්තේ මුල පුරණවා යන   වැකියෙන් වියයුතුමය.  රේන්ද ගොතද්දීත් පිරිත් කියද්දීත් වැඩය පටන් ගැනීම හඳුන්වන්නේ පිරීම ලෙසයි.
මෙසේ විවිධ මාතෘකා යටතේ පටන් ගත් පෝස්ටු කිහිපයක්ම පැවතියද  මෙය පටන් ගත්තේ මේ මොහොතේමය. මෙය අවසන්  කිරීමද අදම සිදුකිරීමට උපරිම උත්සාහය යොදමි.    මන්ද පසුගියදා මහියංගනයේදී මෝටර රථයක් ඇළකට පෙරලීමෙන්  එකම පවුලක හතරෙන් තුනක් ඉතා අවාසනාවන්ත ලෙස මියගිය බව ආරංචි වීම කරණ කොට ගෙනය.


පොත!

මා බොහෝ අව්ස්ථාඅවලදී මෙන්ම අදද  මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  ගුරුකොට ගන්නේ 1984 වසරේ ශ්රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් ලියා පල කොට ඇති  “දිවි ගැලවීම් සහ ජල ක්රීඩා” නමැති අත් පොත මය.  මන්ද ඒ පිළිබඳව සිංහලෙන් ලියැවුනු වෙනත් පොතක් මාහට කියවන්නට මෙතෙක් ලැබී නොමැති බැවින්ය.

වෙනත් රටවල ජීවිතාරක්ෂාව , ප්රථමාධාර වැනි විෂයයන් පාසලේ මුල්ම පංතියේ සිට ඉගැන්වේ. නමුත් අභාග්යයකි ! අපේරටවල උගන්වන අය තබා ඒවා තීන්දු තීරණ කරණ අයවලුන්  වත්  ඒ පිළිබඳව උනන්දුවක් ඇතිලෙසක් පෙනෙන තෙක් මානයේ දක්නට නොමැත !

එම පොතින් ගත් මෙම උපුටනය මා ලියා දක්වන්නේ මින් එක් කරුණක් මතක තබාගෙන පිළිපැදීමෙන් උවද ජීවිතයක් ; මරණය හමුවේ සිදුවන නිහීන පරජයෙන් බේරා ගැනීමට අවස්ථාවක් උදා වුවහොත් එය  මා මෙතෙක් ජීවිතයේ ලද ලොකුම භාග්යය හා වාසනාව වනු ඇත !

එහි එක් පිටුවෙක දක්වා ඇති වැකියක් මා මෙහි දක්වන්නම් !


“කෙනෙකුට දිය හැකි ලොකුම ත්යාගය ඔහුගේ හෝ ඇයගේ ජීවිතය මරුමුවින් ගැලවීමයි”   

එනිසා මිත්රවරුනි  මාගේ බ්ලොගයේ සඳහන් මෙම විෂය හා සම්බන්ධ ලිපි හැකි පමන උපුටා අන් අය අතරේ සංසරණය කරන්න. මෙහිදී මාගේ කතෘත්වයෙන්  මා සතුටින් ඉල්ලා අස්වෙමි. මාගේ නමක් හෝ බ්ලොගයේ  හංවඩුව කිසිසේත්ම ඇවැසි නොවේ! සිදුවිය යුත්තේ එක් ජීවිතයක් හෝ මරුමුවින් ගැලවීමය. මේ ඕනෑම ලිපියක් ඔබගේ ලිපියක් ලෙස  ඕනෑම තැනෙක පල කරණ්න පැකිලෙන්න එපා! මා  මේ ලිපි ලියා අවකාශයට මුදා හැර අවසන්. එය සකල ලෝකවාසීන්හට අයත් දෙයක් මිස තව දුරටත් මාහට අයත් දෙයක් සේ නොසලකමි!   එනිසා මෙම අදහස් හැකි  පමන සංසරණය කරණ්න දායක වෙන්න. 

ඉදින් කියවා ගෙන යමු …………….!



මෝටර් වාහනයක් සමග දියේ ගිලීමකදී ...........!

මගීන් සමග බස් රථ , මෝටර රථ , පාරෙන් ඉවතට පැන දියෙ ගිලී විනාශයට පත්වූ අවස්ථාවන් මෙරටේ වරින් වර වාර්ථාවෙයි.
මේ නිසා සාමාන්යයෙන් ගංගා , ජලාශ ආශ්රිතව වාහන පැදවීමේදී සිහි තබාගතයුතු පොදු කරුණු කිහිපයක් ඉදිරිපත් කල හැකිය.
වාහනයක් මෙවැනි අනතුරකට පත්වීමට පෙර විශාල පෙරළීමකට ලක්වනු ඇත.මෙම පෙරළීම , හැපීම  ආදිය නිසා මගීන් ක්ෂණිකව සිහිසන් නොමැති බවට පත්වෙති.
සාමාන්යයෙන් මෝටර් රථවල ආරක්ෂක පටි පැළඳ සිටීනම් මෙම ගැටීමෙන් වැළකීමට බොහෝ ආධාර වෙයි.
සමහර රටවල  ආරක්ෂක පටි නොපැළඳ වාහනවල ගමන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බවට නීතිගත කර තිබීමෙන් මෙහි වැදගත් බව මනාව ඔප්පු වේ.
සාමන්යයෙන් දියට වැටුන වාහනයක දොරවල් ඇරීම අපහසුවන හෙයින් ජලාශයන් ආශ්රිතව ගමන් කරණ විට දොර අගුළු නොදමා වසාගෙන යෑමට වග බලාගත යුතුය. (ඇතුලතින් ලොක් කර ගන්න  එපා !) එය අනතුරින් පසු ගලවාගන්නන් හට පහසුවක් වනු ඇත.
ඉදිරිපස ප්රධාන පහන් දල්වාගෙන යාමට පුරුදු වන්න. එවිට දිය  යට ගිළුනු රිය සොයා ගැනීමට විශාල පහසුවක් වනු ඇත.
එකවර දියට වැටුනු මොහොතේදීම ක්ෂණිකව තමා සිටින්නෙ කුමන අතටද යන්න විභාග කර ගැනීමට අපොහොසත් වුවද තත්පර ගනනාවකින් යහපත් සිහිය එළවා ගෙන  තමා හෝ තම වාහන ය දිය මතුපිට හෝ දිය යට පවතින්නේ කුමන අතට දැයි අවබෝධ කර ගත  යුතුව ඇත.
 එසේම තමා එසේ සිහි එළවා ගත් පසු කල යුතු  ප්රථම කාරණය වන්නේ  තමා වටා ; තමා සමග සිටින අන් අය සන්සුන් කිරීමය. මන්ද දිය යට සිට කොපමන කෑ ගැසූවද එය මතුපිටට හීන් කෙඳිරියක් ලෙසින්වත් නොඇසෙන බැවින්ය.

දියට වැටීමෙන් ස්වල්ප වේලාවක් රථය දිය මතුපිට පාවෙමින් තිබීමට ඉඩ ඇත. වහාම දොර ඇර එළියට පැමිනීමට මෙම කාලය ප්රයෝජනයට ගන්න. මන්ද දියේ ගිළුනු පසු දොර ඇර ගැනීම බොහෝසෙයින් අසීරු විය හැක. (ජලයේ තෙරපුම මගින් ; සංවෘථ රථය තුල  පිරී ඇති වාතයට වඩා වැඩි පීඩනයක් දොරවල් මත ඇති කරණා බැවින් !) 
  
දියට වැටුනු වාහනයක මුලින්ම ගිලෙන්නේ එන්ජිම ඇති ඉදිරි පසයි. (කාර් පිස්සුවාගේ කනේ මයිල් ෆෝකස් වැගන් එක හෝ පිටුපස විසල් බරක් පටවා ගත් වාහන වලට මෙය අදාල නොවේ !)
වාහනයේ අඩියේ ඇති සිදුරු වලින් දොර කට වලින් ජලය ඇතුලට කාන්දුවීමේ වේගය අනුව ගිලීම ඇරඹේ.
ඇතුලත ජලයෙන් සම්පූර්ණයෙන් පිරුණු පසු ; වාහනයේ ඇතුලත හා පිටත් පීඩනය සමාන වීමෙන් දොරවල් ඇරීම පහසුවේ.(මින් අදහස් කරණ්නේ ඇතුලත සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරෙන තුරු කල්මරණ්න කියන දේ නොවේ. යම්හෙයකින් දොරවල් ඇරීම යම් හෙයකින් අපහසු වුවද ජීවත් වීමේ බලාපොරොත්තුව අත් නොහැර ; මානසිකව නොවැටී සිටීමෙන් නිසි වේලවට දොරක් ඇරගෙන එලියට පැමිනීමේ අවස්ථාවක් ඇති බව මතක් කිරීමටය.) 
 බොහෝ විට දොරක් ඇර එලියට පැමිනීමට වඩා ඉදිරිපස හෝ පසුපස වීදුරුවක් කඩා එලියට පැමිනීම සාර්ථක තීරණයක් විය හැක. මන්ද එම ස්ථාන බොහෝ විට ජලය මතුපිට හෝ මතුපිටට ආසන්නව තිබීමට ඇති අවස්ථා බොහෝය.
ඇතුලතින් සපයා ගත  හැකි දිග සාරියක් ලනුවක් වැනි යමක් වෙත්නම් සියල්ලන් එයට සහ සම්බන්ධ කර ගන්න. ( මින් අදහස් කරණ්නේ අල්ලා ගැනීමට සැලසීමද නොඑසේනම් ගැට ගැසීමද යන්න එහි සිටිනා අයට ගැලපෙනසේ තීරණය කරණ්න )
වාහනයෙන් පිටතට පැමිනීමට ආසන්නතම මොහොතේ මෙතෙක් කිසිදා නොගත් තරමේ දීර්ඝ හුස්මකින් පෙනහළු පුරවා ගන්න. ( පපුව තුල හුස්ම පිරී ඇති තෙක්  අප තිගැස්මෙන් හුස්ම ඉහලට ගන්නට යන්නේ නැත. එය අනිච්චානුගත ක්රියාවක් උවද එය මෙසේ මද වේලාවකට පමා කල හැක. අනෙක් කරුණ වන්නේ පපු  කුහරය තුල පිරී ඇති වාතය ; එම පුද්ගලයා දිය මතුපිටට ගෙන ඒමට කිසියම් සක්රීය දායකත්වයක් සැපයීමය.)


වාහනයක් දියේ වැටී පාවෙනු දුටුව හොත් ……..!

වහාම කඹයක් වැනි දෙයක ආධාරයෙන් එය ගොඩට ඇදීමට උත්සාහ  කරණ්න.  නොඑසේනම් වහාම ආධාර සපයා ගන්න. වාහනය දිය මතුපිටට ගෙන  ඒමට තරම් කඹයක්   නොමැතිවේනම් එහි දෙකෙළවර එක් අන්තයක් බර යමක් ද අනෙක් අන්තයේ පාවෙන දෙයක්ද ගැටගසා ස්තානය ලකුණු කරණ්න. 



ජල ධාරාවක් හරහා ගමන්  කිරීමේදී ………!

මීට වසර ගනනාවකට පෙර  ; මගේ මතකය  නිවැරදිනම් 1985 පමන කාලයේදී නුගේගොඩ පහල හංදියේ එනම් සුපිරි වෙළෙඳසල අසල වංගුවේ ඉස්තරම්  හෝටලයක් තිබුනි.
එහි අයිතිකරු හෝ   ඊට ආසන්න වශයෙන් සහසම්බන්ධ අයෙකු  සිය පවුල සමග ; තමා අළුතින් මිළදීගත් කැබ් රථයේ නැගී සංචාරයක යෙදුනි. වතුර මට්ටම ඉහල ගොස් තිබුනු සපත්තු පාළමක් Shoe Culvert එකක මතින් ගමන් කිරීමට තැත් කිරීමේදී ජල ප්රවාහයට හසුවී මුළුමහත්  පවුලම ඛේදජනක ඉරණමකට මුහුණ පෑවේය.  එහි පශ්චාත් මරණ පරීක්ෂනය පැවැත්වීමට මා නොයමි.  එවන් කණගාටු දායක තත්වයකට පත් නොවීම සඳහා කලයුතු උපක්රම කවරේද? 


 සපත්තු පාලමක් 

මෙහිදී මා ගුරුකොට ගන්නා පාර්ශවයන් දෙකක් වේ. ඉන් එකක් වන්නේ  ඕස්ට්රේලියාවේ පලකල
  4 WD  Glove box Guide – Essential driving skills  & recovery techniques – Boiling Billy Publications  නමැති පොතෙන් ගත් උපුටනයන්ය.






  අනෙක් පාර්ශ්වය වන්නේ Water Crossing නොඑසේනම් ජල ධහරා තරණයේ පල පුරුදුකම් ඇති අමල් වික්රමාඅරච්චි හා තෙශාන්ත මුල්කිරිගල ගෙන් කල විමසීමක්ය. අමල් 2004 සිට මේ දක්වා ශ්රී ලංකාවේ සියළුම  Rain Forest Challenge සඳහා සහභාගීවී තරග දිනා ඇති රියැදුරෙකි. 




අමල්



නොම්මර 1 ගහලා තියෙන පෙට්ටිය උඩ නැගලා ඉන්නේ අමල්ම තරමයි!

 ඔබගේ වාහනයට ජල දහරා තරණය කිරීමේ හැකියාව දැනගන්න . සාමාන්ය    4 WD  වාහනයක 500 මිමි සිට 700 මිමි දක්වා ගැඹුරක ; වාහනයේ සාමාන්ය තතවයටතේ කිසිදු නවීකරණයකින් තොරව ගමන් කල හැක .

ජල දහරා තරණය ට  පෙර එන්ජිම නවතා එය තරමක් සිසිල්  වෙන්නට ඉඩ හරින්න .
රතයේ වීල් හබ් මට්ටම නොඑසේනම් රෝදයේ කේන්දරය / අක්ෂය මට්ටමට පිහිටි වතුර මට්ටමක් නම් ඒ පිළිබඳව වඩාත් සැළකිළිමත් වන්න.

එයට වඩා උස මට්ටමක් හරහා ගමන් කිරීමේදී වාහනයේ Differential , Gear Box , Engine Sump ආදී කොටස වලට ජලය ඇතුළු විය හැකි බව මතක තබා ගන්න.
ජලයේ ගැඹුර සේම හැඩ පහර ගැනද මහත් අවබෝධයක් ලබා ගන්න. බොහෝ සපත්තු පාලම්  දමා ඇත්තේ වැව් මගින් පිටවන ජල ධ්ඝහරා හරහාය. එනිසාම එම ස්ථානයන්හී අධික හැඩපහරක් තිබිය හැක.

ගං වතුර හරහා  ගමන් කිරීමේදී  දියයට තත්වය පිළිබඳ කිසිදු පෙරයීමක් කල නොහැක.
  සියල්ල සූදානම් වේ නම් රථයේ ෆෝ වීල් ක්රියාත්මක කරණ්න. ඒ සඳහා සුදුසුම ගියර අනුපාතය වන්නේ  Four Wheel Low range  2 nd ගියරයේය. ඔටෝ වාහනයක් නම් එය  2 nd ගියරයෙන් ඉහලට ගියර මාරු නොවීමට සකසා ගන්න. එන්ජිම විනාඩියට වට 1500 2000 මට්ටමේ පවත්වා ගනිමින් තරණය සිදු කරණ්න.

මොනම විටෙක ජල ධහරාවේ මැද නොනවත්වන්න ! ගියර මාරු කිරීමට නොයන්න. තරණයෙන් පසු මද දුරක් බ්රේක් පාදිකය යාන්තම් ක්රියාත්මක කර ගෙන යාමෙන් එය ඉක්මනින් වේලී    යාමෙන් ; සමාන්යයෙන් ජල ධහරා තරණයෙන් පසු ඇතිවන  තිරිංගවල ක්රියකාරීත්වයේ අඩුපාඩු මග හැරී යනු ඇත.

“ෆෝ වීල් නොමැති රථයක් නම් ?”  ඔබ මගෙන් අසාවි!

“ඇයි ෆෝවීල් නොමැතිනම් ඒක වාහනයක් නොවේ කියලා මම ලියලා තියෙනවා කියෙව්වේ නැතිද ? මම ඔබෙන් පෙරළ අසවි .

ටයර වැසෙන මට්ටමෙන් එහා වතුරක ඔබ යන්න එපා ! එයයි මගේ  හොඳම පිළිතුර වන්නේ !

හදිසියේ ගං වතුරකට මෝටර් රියක් මැදිවුවහොත් හැකි පමන එහි එන්ජිම ක්රියාත්මක කිරීමෙන් වලකින්න. මන්ද එන්ජිමතුලට ජලය ඇදගෙන තිබේ නම් ; එන්ජිමක්රියාත්මක කිරීමට ගන්නා උත්සාහයේදී එන්ජිම මුළුමනින්ම විනාශ විය හැක.

සෑම එන්ජිමක්ම ක්රියාත්මක වීමට එන්ජිමතුලට වාතය ඇදගනී. ඉන්පසු ඇදගත් වාතය පිස්ටනය මගින් තෙරපුමකට ලක් කරයි. වායු වල ඇති ගුනාංග වන්නේ නිසි ස්කන්ධයක් ඇත . එහෙත් නිශ්චිත හැඩයක් හෝ පරිමාවක් නොමැත - යන්නය.

 ඉන් අදහස් කරණ්නේ පීඩනය වෙනස් කරමින් පරිමාව වෙනස් කල හැක  යන්නය. එහෙත් ද්රවයන්ගේ ගුනාංගය  වන්නේ නිශ්චිත  හැඩයක් නොමැති වූවාට නිශ්චිත පරිමාවක් හා ස්කන්ධයක් පවතී.
මේනිසාම පිස්ටනය මගින් එන්ජිමේ සිලින්ඩරය තුලට ඇදගන්නා වාතයේ පරිමාව වෙනස් කරමින් පීඩනය වැඩිකල හැකි වුවද ඒ වෙනුවට ජලය ඇද ගතහොත් එහි පරිමාව වෙනස් කිරීමට යාමේදී එන්ජිම මුළුමනින්ම විනාශවිය හැක.

 මෙයට මෝටර් කාර්මික විද්යාවේ  හඳුන්වන්නේ Hydrolock එකක් කියාය .  මෙනිසා එන්ජිම නවත තිබුනද ජලයෙන් එන්ජිම වැසී ගිය හොත් එන්ජිම පන ගන්වා බැලීමට ප්රතමයෙන් ඒතුලට ජලය ගමන් කොට  ඇතිදැයි කාර්මිකයෙකුගේ සහයෙන් සොයා බැලිය යුතුය.
   සපේක්ෂව ඩීසල් එන්ජිමකට වතුර ඇදීමෙන් සිදුවන හානිය ඉමහත්ය. මන්ද ඩීසල් එන්ජින් වල සම්පීඩන අනුපාතය Compression Ratio අධික වීමය.    (පෙට්රල් එන්ජිමක 9:1 පමන වන සම්පීඩන අනුපාතය  ඩීසල් එන්ජිමක 22:1 පමන වේ !)

කාර්මිකයා විසින් කල යුතුවන්නේ පෙට්රල් එන්ජිමක නම් සියළුම පුළිඟු පේනු  Sparking Plugs ද ඩීසල් එන්ජිමක නම් Injectors  සියල්ලද ගලවා එන්ජිම බැටරිය මාර්ගයෙන් වට කිහිපයක් කරකවා එන්ජිම තුල වතුර නැති බව තහවුරු කර ගැනීමයි.

හයිබ්රිඩ් වාහන තත්වය තරමක් දරුණුය. මන්ද බැටරිය තුලට ජලය නොව  ජල වාශ්ප හෝ පින්න ගමන් කලද අවුලක් පෙන්වන්නට පටන් ගැනීමයි.එවිට බැටරිය මුළුමනින්ම ගලවා වියලිය යුතු වන්නේය. 


   

Monday, July 24, 2017

40. කයාක් එකයි ! එක ගමනයි !! බත් එකසිය හතලිහයි !! 4

"පෝස්ටුව කියවන 
දනන් සිත් පහන් කරවන 
කැළණියේ සිළුමිණ 
බලනු මැන රුව රැයේ දිදුලන "


අවසන!
නිවසේදීය
අද ජුලි 20 යි.


සැප වේවා !

මා හිතවත් මිත්‍රවරුණි ,මිතුරියනි ,

ඔබලා  එවූ කොමෙන්ටු ලැබුනා . ඒවාට මාහැකි හැම අව්ස්ථාවේදීම  පිළිතුරු එව්වා . ඒවා කියවන්නට ඇතැයි සිතමි.
 පුරාදින දෙකක් පුරාවට  අප කල මේ ක්‍රියාන්විත්‍ය  නැවැත් වූයේ තෙවැනි දිනයේ හවස් යාමයේදීය.
ඒ වන විට නාවික හමුදාව හා ස්වෙච්ඡා සංවිධාන මෙම කාර්‍යයට වැඩි සක්‍රීය තාවයකින් යුතුව ක්‍රියා කිරීම අරඹා තිබූ බැවිනි.
මමත් සමග ගං වතුරේ ක්‍රියාන්විතයට පසිඳුත් වසිකත් අම්රානුත් සහභාගී විය. එම සත් ක්‍රියාව  සඳහා ගොඩ බිම සිට සහ සම්භන්ධවූ තවත් බොහෝ පිරිසකි . ඩෙමා , බංඩා ,චෙමිල් ,යන අය අමතක කලනොහැක .

 එසේම අපගේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයේ සිට අපේ එච් ආර් මිසී ඇතුළු කණ්ඩායමද  වැඩපොලේ සිට කැළණියට සැපයුම් ද්‍රව්‍ය ප්‍රවාහනයේදී රෝහන ඇතුළු පිරිසද කරණලද මෙහෙය  සුළු පටු නොවේ.

ඉන් පසුව තෙශාගේ ඉල්ලීම පරිදි මල්වානේ කොටුවූ පිරිසකට වියළි ආහාර 
සැපයීම  හා ගං වතුරේ තරාළ පල්ලිය අසල කොටුවී සිටිඅපගේ තවත් සහෝදර 
සේවකයෙකු වෙත භාණ්ඩ තොගයක් රැගෙන පූගොඩ කිරිඳිවඇල මාරගයේ 
දංගල්ල , හෙට්ටිකඩේ අසලින් වතුරට බැස පල්ලිය දක්වා  මහ රෑ කට්ට කරුවළේ; පසිඳුගේ හෙඩ් ටොර්ච් එකේ ආධාරයෙන් පමනක්ගිය ගමනද අපිට සුවිශේෂි අත්දැකීම් ගෙන ආවේය .

වසිකත් මමත් ආධාර තොගයක් රැගෙන කොහිලවත්තේ පටු මාවතකට පැමින තද හැඩ පහරට හසුවී    ආපසු එන්නට නොහෑකිවී  කල දැඩි සටන මටත් වසිකටත් ජීවිත කාලයටම අමතක නොවනු ඈත! මෙ සියල්ල ගැන ලියන්නට අපහසු තරම් ඒවා දිග කතාය . මේ සියල්ල අතීතයට එක්වී අවසන්ය!

“එක් රූපයක් වචන දහසක් පවසයි !” යන සම්මත්යේ පිහිටා ඉතිරිය කියන්නට රූප  පෙලකට භාර කරන්නම් !

මේ සියල්ල අවසානයේ එතනට කඩා වැටුනු  “රූපවාහිණී” ප්‍රවෘථි කණ්ඩායම රූප ගත කොට රාත්‍රී 8.00 ට විකාශනය කරණ්නට යෙදුනු අපගේ පොඩි පහේ වොයිස් කට් කෑල්ල්කුත් අපගේ පැදිල්ලේ කොටසකුත්  ප්‍රවෘථි යනඅතර; එයින් බංඩා විසින් පික් පොකැට් ගැසූ කොටසක ලින්කුවද අන්තිමට අමුනා ඇත. 

එයද කම්මැළි නැතිව බලන්න !

මේ සියල්ල කලින් දැමූ පෝස්ටු කියෙව්වාමෙන්ම බලනු  ඇතැයි මා උදක්ම විශ්වාස කරමි.

තවත් පෝස්ටුවකින්  ඉක්මනින් හමුවෙමු .

 “ගඟක්දිගේ ……” මේ මාසෙ අන්තිම හරි ලබන මාසේ මුල හරි එක්කගෙන යන්නට ද මෙයින්  පොරොන්දු වෙමි.

 මෙයට
ඔබේ විශ්වාසී

තට්ටයා. 



2016 කැළණිය  ගං වතුරේ රූපමය පසු විපරම !
දෙගොඩ තලා ගඟ ගලා!

දිය කිඳුරිය සේ සාගරේ.. නෑ! නෑ!!  මේ විපතට පත් ජනතාවය!

හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්!

අමා ගඟ ගලාලා..!

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ..!

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්..!

එක සිත දෙතැනක නතර වෙලා..!



සිනාවෙන් හෝ කථාවෙන් බෑ මනිනට මිනිසා.

බිතු සිතුවම් රූ මෙනි...!

කවුරුදෝ අර කවුළුවෙන්..! 
(ඇත්තටම දිය බත් වූ බත් අවකශයට විවර වෙනතුරු!)

ආවාස ගෙය තුල!

අධිවාසේ තුනෝ භන්තේ!

පසිඳුයි! වසිකයි!

වසිකයාගේ සූකිරි හිනාව!  
(හිනාව උගේ ! ටී ෂර්ට් එක මගේ!!)
වෑඩේට සක්‍රීයව දායක වන්නට ඉඩ නුදුන්නා යැයි ' මල පැන යන්න ගියාට පස්සෙ  ඩෙමා අමරුවෙන් ආපහු එක්ක ගෙන ඇවිත්!

ආ වැඩේ කලා නම් යන්න තමයි තියෙන්නේ

වසික දෙවන දිනයේ

සේනකගේ ස්තූති පත්‍රය නොහොත් පින් අනු මෝදනාව!

එහෙම ලියලා තියෙන්නේ මේ ගැනත් හිතලා වෙන්න ඇති!

සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ! 
(පෝස්ටුවට අමුද්‍රව්ය ගේන්න ගිහින් මම පාලම යට.)

යමින් ගමන් මේ ලින්කුවටත් කොටාගෙනම යන්න!




අසා සිටි ඔබ සැමට ස්තූතියි!

Tuesday, July 18, 2017

39. කයාක් එකයි! එක ගමනයි!! බත් එක්සිය හතලිහයි!!! 3

සමනළ කන්දේ සිට හක්බෙල්ලාවකට ගලන කැළණි නදිය සුන්දරව කැළණියට සපැමිනෙන ලාලිත්යය!

සුපුරුදු ගමන් මග එලෙසින්ම! 
කැළණි රජ මහ විහාරය අසල පළමු පාළම.

කැළණියෙන් කොලොම්තොට බලා.....!



රමණීය එගොඩ කැළණිය


සැමට පෙර දෙල් !
දාන - සීල - භාවනා ! කුසටත් මනසටත්  එකතැන අහර!
කිත්සිරි මෙවන් රජ මහා විහාරය - එගොඩ කැළණිය.

පින් විකුණන කඩ!  - එගොඩ කැළණිය

සියලුම පින් එකම තැනින්!

සියලු සිත් පහන් වන පහන් වැට!

අව් වැසි අකුණු සියළු උවදුරු මැද සියල්ල දෙස සානුකම්පිතව !

කිත්සිරි මෙවන් රජමහ විහාරයට අසල සිට පළමු සිව් මංසල පෙනෙන අයුරු.
අද ඔය ත්‍රී වීල් එක යන තැන එදා තිබුනේ අපේ කයාක් එක! එතනටම වතුර!!


පළමු සිව් මංසල. ඉදිරියට දෙවන පාළම. දකුණට කළ්යානි මාවත. මේ මාර්ඝය ගං ඉවුර අසලින් ගොස් අඹතලේ පාරට බුදු පිළිමය අසළින්  සම්භන්ධ වේ.


ත්‍රී වීලරය යන්නේ කළ්යානි මාවත් ඔස්සේය.

අප අපගෙඅ යාත්‍රාව දියත් කලේ පළමු සිව්මංසල නොඑසේනම් පළමු හතරමංහංදියෙනි. 
එහි කැළණිය නොඑසේනම් පළමු පාළම දෙසිනි. ඉන් දකුණු පසට දිවෙන මාර්ගය කෙළින්ම පරණ අඹතලේ පාරට වැටුනද එම මාර්ඝය වැටී තිබුනේ ගඟට ඉතා ආසන්නවය .
 ගඟක් මෙසේ විශාල ප්‍රදේශයක් හරහා  පිටාර ගලමින් පවතින අවස්ථාවක ; එක් මොහොත්කදී නොඑසේ නම් එක් කාල පරාසයකදී ගං වතුර නැවතී යයි . 
මින් මා අදහස්  කරන්නේ   ගං වතුර වැඩිනොවී මෙන්ම  අඩු නොවී පවතින අවස්ථාවයි. 

ඉන් පසු ගඟේ  ස්වල්ප වශයෙන්  වතුර අඩුවී ගියද වැඩිවී ගියද  එය ඇසින් බලා තීරණයකල නොහැක.  කුමන  අවස්ථාවකදී  හෝ වතුර අඩු වෙන්නට පටන් ගන්නා මොහොතේදී එය දැනෙන්නේ ගං ඉවුර අසල සිටින්නෙකුට පමනි !

ගඟේ වතුර අඩුවීමත් සමග ඇතිවන රික්තය පිරවීමට එතෙක් පිටාර ගලා තිබූ විසල් ජල කඳ ගඟ දෙසට එයි. මෙය මුල් අව්ස්තාවේදී නොපෙනීමට බොහෝසෙයින් ඉඩ ඇත. 
එහෙත් යාත්‍රාවක් ඒ අසලින් ගමන් කලහොත්  එය ගඟට ඇදී යන්නට බොහෝ සෙයින් ඉඩ ඇත.   මේ හේතුව නිසාම අප තෝරා ගත්තේ පෙරකී මාර්ඝයම විය.



වමට ගම තුලට ඇති පාර. ඉදිරියෙන් අංගොඩ දෙසට නො එසේනම් දෙවැනි සිව් මංසල දෙසට දිවෙන  මාර්ඝය.ඉදිරියේ ඈතින්  දෙවන පාළමට පෙර ඇති කුඩා බෝක්කුව  පෙනේ,
අප කයාකය ගං වතුරට දමන්නේ මෙම මුල්ලෙනි. පහත් බිම ඉදිරියෙන්

අප ඉදිරියෙන් වූයේ දෙවෙනි පාළම ඔස්සෙ අංගොඩ දෙසට දිවෙන මාර්ඝයය. ඇත්තෙන්ම දෙඇනි ප්‍රදාන පාළමට පෙර  තවත්කුඩා පාළමක් ඇත. (මෙයට බෝක්කුවක් කිව්වත් වැරදි නැත!) 

පොඩි බෝක්කුවේ "පොඩි කම " පේනවා නේද? ගං දියේ  ගලා ආ මඩ කහට තවමත් ඇඟ පතේ තවර ගෙන! 
 බෝක්කුවට ඉදිරියෙන් මගේ මේ ගමනේ ; ගමන් සගයා - Scott P6 Spotster 


වම් පසට වූයේ පෙරකී අයුරින් ගම මැදට  දිවෙන පාරය.  එකිනෙකට ආසන්න වශයෙන් ලම්භක වූ මෙම පාරවල් දෙකට මැදිව වූයේ ගැඹුරු පහත් බිමය.
 මුළු මහත් හන්දිය මත අඩි 4 ක පමන වතුර පිරෙන විට පහත් බිම ගැන කුමන කතාද? එය විලක්මෙනි තැනින් තැන  ගස් ඇත! අප කයාකය මෙම මාර්ඝ දෙක එකින් එක විච්ඡේදනය වෙන තැනින් ;   කයාකය  විලට ප්‍රවිෂ්ඨ කලෙමු.

ගොඩ බිම දිවෙන රථයක් මෙන් ;කයාකය වලකට වැටෙනු නොදැනේ  . එසේ දැනෙන්නේ ; වැඩි ඝනත්වයකින් යුත් මාධ්‍යක යාත්‍රා කරමින් සිට අඩු  ඝනත්වයකින් යුත් මාධ්‍යකට යාත්‍රාව යොමුවුවහොත් පමනි. 
සාගරයක ගමන් ගන්නා නැවක් ;ගංගාවකට හැරවීමේදී මේ මාධ්‍ය දෙකෙහි ඇති ඝනත්ව වෙනස නැවට දැනන්නට පුළුවන. 
මන්ද කරදියට සාපේක්ෂව මිරිදියේ ඝනත්වය අඩු බැවින් යාත්‍රාව මිරිදියතුල වඩාත් වැඩි ප්‍රමානයක්  ගිලීයන බැවිනි. 
මේනිසා නැව් බඳෙහි සලකුනු කොට ඇති  එක්තරා   නියමිත රේඛාවක   මට්ටමට ජලයේ ගිලෙන තෙක් පමනක් ; නැව් වලට බර පැටවීම කරණු ලබයි. එවිට ලොකයේ ඕනෑම තැනක එයට ආරක්ෂාකාරී ලෙස යාත්‍රා කල්ක හැක. 
මෙම රේඛාවට “ප්ලිම්සෝල්  රේඛාව” යැයි කියනු ලබයි.

අප කයාකය පදිනු අපේ සහුර්දයින් බලා සිටිනවා ඇත.

පාරවල් කැපෙන තැනින් පහත් බිමට දැම්මාම අපි පිවිසුනේ මෙන්න මෙතනට. මේ පිට්ටනි එදා මහා විල්! ඈතින් පෙනෙන්නේ අපේ ගමන අවුරා ගෙන ඇති ගස් පංතිය.

 අප පලමුව පාළමට සමාන්තරව යන්නට සිතුවද පාළම පටන්ගන්නට පෙර විශාල ගස්වලින් මාර්ඝය  අවුරා ගෙන තිබුනි. 

මග අවුරා ගත් ගස් පෙල

පාරට සමාන්තරව!

අපට පාළම පෙනෙනේවත් නොමැත. එහෙත්  අප පාළමට සමාන්තරව යායුතුවේ. අපේ ගමන් මග වැටී ඇත්තේ ප්ර්ධාන මාර්ඝය සමග අඹතලේ පාර
 මුන ගැසෙනතෙක් ගොස් එතැනින්  අඹතලේ පාර ඔස්සේ කොහිල වත්ත දෙසටය.     
අපගේ දකුණු දෙසින්  මාර්ඝය වන අතර වම් පසින් ගොඩ නැගිල්ලක් විය . එම ගොඩ නැගිල්ලේ පසුපස කෙලවර අසලින් කැලෑමණ්ඩිය අවසන කුඩා කපොල්ලක් ඇති අයුරක් පෙනේ.
 අපෙ ගමන් මග අංශක 45 කින් වම් පසට හැරවීය.  අප එතනට කයාකය පදවා බැලුවෙමු. කුඩා එහෙත් පහසුවෙන් යා හැකි මගක් එහි විය . අප දැන් කයාකය පදවන්නේ අඩි 20 ක පමන ගැඹුරකින් යුත් ජල තලයකය.
 එතැනින් එහාට ගියපසු කයාකය පැදවීමට අපහසු තරම් වන බූටෑවය.එතැනින් තවත් ඉහලට යත්ම ගෙයක පසුපසින් කෙසෙල් ගස් අතුරින් තවත් ටික දුරක් යෑමට හැකිවිය. අප යන්නේ  පාළම ඔස්සේ නම් නොවන්නෙය.
 එම කෙසෙල් ගස්වලට මද දුරකින් උස් වැටක කටු කම්බි දක්නට ලැබුනා සේ මතකය. ඒ කුඩා හමුදා කඳවුරක මායිමක්‍ය! 
මේ ප්‍රදේශය වතුරින් යටව ගියද හැඩ පහරක පීඩනය අපට එතරම් දැනුනේ නැත්තේ ගස් වැල් මෙන්ම උස් ගොඩනැගිලි කිහිපයක් තිබුනු නිසා විය යුතුය. එම කැලෑ මන්ඩියෙන්  ඉවත්වූ අප පිළිපන්නේ විවෘත අවකාශයකටය. 

ගෙවල් පේළිය හා වැට.


මෙම අවකාශය ට  අප අවතීර්ණවන්නේ එක පේලියකට ඇති ගෙවල් කිහිපයක් පසු කරය. මෙම ගෙවල් පේලිය පාළමට ලම්භකව පිහිටා තිබුනි.    


මෙම අවකාශයේ වම් පස ඉහල කෙළවර තරමක් විවෘත වූ අතර දකුණු පස පාළම විය. මෙම පාළමේ කනු අතරින් වේගයෙන්  පහතට ජල කඳ ගලායමින් විය .  ජල මට්ටම පාළමේ යටි දාරයට අඩියක දෙකක පහතින් ගලා යයි. 

 මෙන්න පාළම ! මේ සෑම කටක්ම දියෙන් පිරී තිබුනි!!


අප ගිලගන්නට මුව අයාගෙන!

  එහි එක් පසෙක බාගෙට යටවූ ගොඩනැගිල්ලක්ද ඈති දැල් වලින්  වටකරණලද වොලි බෝල් පිට්ටනියේ වැටෙහි ඉහල කෙළවරද දක්නට ලැබුනි. 

දියේ ගිලුනු ගොඩනැගිල්ල හා වොලි බෝල් පිටිය

එහි වඩාත්ම කැපී පෙනෙන අංගය වූයේ මේ කිසිවක් නොව උඩ සිට පාළම දෙසට තිබුනු තියුනු හැඩ පහරය.    මෙම හිස් අව්කාශය ඉදිරියේ  වූයේ  ඝනට  වැඩුනු කලෑ රොදක්‍ය. අප දැන් කලයුතුව ඇත්තේ මෙම හැඩ පහර කපාගෙන හැකි ඉක්මනින් ඉදිරියෙන් ඇති කැලෑ රොද අතර ; හැඩපහරින් ගැලවෙනු වස් සැඟවීමය.
 අප හැකි උපරිම වේගයකින් හා ජවයකින් යුතුව  පැදගියෙමු. අප ඉහලින් වූ වොලි බෝල් පිට්ටනිය ආසන්නයට පැද කයාකයට නිදහසේ හැඩපහරේ හර්ස් විමට ඉඩ දුන්නෙමු. කයාකය සෙමෙන්  තම දිශානතිය වෙනස් කර ගනිත්ම මා පසුපස වම් පසින් හබල දියට දමා ගමන නවතාලූයෙමි. 
  
කයාකයක් හරවන ක්‍රම දෙකකි. ඉන් පළමු වැන්න වන්නේ තමන්ට හැරවීමට ඇවසි පැත්තට විරුද්ධ දිශාවෙන් හබල් ගැසීමය. බොහෝවිට හැඩපහරක් ඔස්සේ ඉහලට යන විට හෝ නිසල ජල පෘෂ්ඨයක් මත යාත්‍රා කරණ විට මෙම ක්‍රමෝපාය භාවිත කරණු ලබයි. දෙවන ක්‍රමය වන්නේ තමන්ට හැරවීමට උවමනා  දෙසින් හබල දියට දමා ගමන නවතාලීමයි.   මෙය බොහෝ විට හැඩපහර සම්ග ගමන් කරණාවිට උපයෝගී කරගන්නා අතිශය සාර්තක වූද වෙහෙස අවම වූද  ක්‍රමවේධයයි. 

හැඩ පහරට එදිරිව!
 c -හැඩ පහර! 
කොල කඩ ඉර - අප ආ මග!!

මෙම ස්ථානය වෙනස්ම වූ පරිසරයකි! අපට යන්නට වුවමනා හැඩපහරින් අනෙක් පසටය.අපගමන් කරණ්නේ ඉහලට හැඩපහරට එදිරිවය. 
මේ මොහොතේ හැඩපහර සමග හැරීමට ඇවැසිය. ඉන්පසු හැඩපහරේ උදව්වෙන්ම; ඉන් මිදී ඉවතට යා යුතුය !
 අප එහිදී අනුගමනය කලේ පළමුව එයට එදිරිව ගියත් හරියටම හැඩපහරට මුහුනට මුහුනලා හිට ගත් මොහොතේදී ඔහුට උවමනා  ලෙසට හැසිරීමට ඉඩදී මොහොතක් බලා සිටීමය.
 මේ මොහොත යනු තත්පර 5 – 10 ක් තරම් සුළු නිමේශයකි. 
එම නිමේශය තුල හැඩපහර ; අපව නතු කර ගනිත්ම අපට එහි හැසිරීම එනම් වේගය හා දිශානතිය පිළිබඳ අවබෝධකර ගැනීමට මඳ ඉසිඹුවක් ලැබේ.
 ඉන් පසු අප හබල් ක්‍රියාත්මක කරන්නේ අපගේ සතුරා පිළිබඳව කිසියම් අවබෝධයකිනි!  
 මෙය යුධ බිමේදීද උපයෝගී කරගන්නා සාර්ථක උපක්‍රමයකි.  මෙහිදී වඩාත් විමසිලිමත් විය යුතු කරුණ වන්නේ මේ සුළු නිමේශය තුල ඔහු අප විනාශ කරණනට නොඑසේනම් කයාකය පෙරළාදමන්නට උත්සුක වේනම් ඊට ප්‍රථිවිරුද්ධව සටන් කරණ්නට අප හබල් අමෝරාගෙන සීරුවෙන් සිටිය යුතුය. 

බොහෝවිට මෙහිදී පළමු වෙඩිමුරය තැබීමේ හා සටන  පටන්ගත්යුතු මොහොත හා  ඒ කිනම් දෙසකින්ද යන විධානය දීමේ වගකීම හිමිවන්නේ ඉදිරි  කෙළවරේ සිටිනා “ඇණියේ රාළ” ට නොව පසුපස සිට එය හසුරුවන කප්පිත්තාටය. එය එසේවන්නේ ජේෂ්ඨත්වය නිසා හෝ වෙන යම් අචේතනික දෙයක් නිසා  නොව කයාකයේ හැසිරීම නිවැරදිව දැනෙන්නේ පසුපස සිටින්නාහට වීම කරණකොට ගෙනය .   
අප බලා පොරොත්තුවූ පරිදිම හැඩපහර අපව ආදරයෙන් වැළඳ ගති. ඉක්බිතිව හේ අපව ඔහු සමග කැටිව යාමන එක්කර ගන්නට සැර සෙත්ම  වම්පස නවතාලූවේය . ඒ සමග මා පසිඳු ඇමතූයෙමි .
“මල්ලි දකුනෙන් පැදහං !”
මල්ලි දකුනින් පැද්දේය ! අයියා ද  හබලේ වම් පස ඔසවා දකුනින් පැදීමට පටන් ගත්තේය !! යාත්‍රාව හැඩපහරින් මිදුනි . 

එය දැන් අප භාරේය !!!

අප ආ මාවත!

අප ආ මාවත දෙස පාලම උඩ සිට!


පාලමක අවසානය  ගමනක අවසානය වේවිද?

 පොලොවෙන් ඉහලට වැඩුනු මහා ගස් වල අතු පතර මගින් අහුරා ඇති මං පෙත් හඳුනා ගනිමින් ; හඳුනා ගත්  මං පෙතේ යම් දුරක් ගිය පසු එය සාර්ථක නොවන්නේ නම් නැවත හැරෙමින් පදිමින් නවතමින් සෙමෙන්  සෙමෙන් අප දෙවන වන දූර්ඝයද පසු කලෙමු. 
දැන් අප සිටින්නේ කුඩා එළිමහන් පිටියකය .
 පාළමේ  අවසානය පසුකොට හමාරය . ඉන් ඉක්බිතිව යන්නට අතක් නැත. කයාකය ඔසවා යන්න වේවිද ?
මන්ද ඉදිරියේ විසල් නිවාස තාප්ප නිසා ඉඩ ඇහිරී ඇත. කරණ්නට ඉතිරිව  ඇත්තේ තවතෙක් දූර්ඝයක් තරණය කරණ්නටය . එය “බලන” කපොල්ල මෙන්වූ ඉතා පටු බිම් තීරුවකි. එය  පාළමෙන් කෙළවර  අඩි 20 ක් පමන ඉහලින් පටන්ගෙන කෙමෙන්  පහතට දිවෙන මහ පාරත් යාබද ඉඩමත් අතර වූ අඩි 3 ක පමන පලලකින් යුත් කුඩා පැසේජය ය. යාමට වෙනතක්  නුදුටුයෙන්  අප එයට  අකමැත්තෙන් වුවද ප්‍රවිෂ්ඨ වූයෙමු.
මෙයට අකමැති වෙන්නට කරුණු කාරණා කිහිපයකි. පටු නිසා කයාකය ගෙනයාමේදී බාධා ඇතිවේ. පටු බවට අමතරව ගැඹුරින් අඩු බැවින්  කයාකය ගෙන යා නොහැක. එසේම නිසි පරිදි හබල් පහරක් ගැසීම උගහටය.
 එසේම මෙවන් ස්ථාන  වලට ගංවතුරෙන් ගසාගෙන ඇවිත් එක් රොක් වන සියළුම අපද්‍රව්‍ය රැඳෙන්නෙ මෙවන් තැන් වලය .ඒ කෙසේ වුවත් අපට වෙනයම් විකල්පයක් නොවූයෙන්   අප එම මාර්ඝයෙන් ගමන් කරණ්නට හිත හදා ගත්තෙමු. තරමක් දුර හබල් ගසමින්ද ; තවත් දුරක් හබල රිටක් සේ උපයෝගී කරගෙන තල්ලු කරමින්ද ; තවත් විටෙක එක් අයෙකු හෝ දෙදෙනාම බැස ඉදිරියේ ගැට ගසන ලද ලනුවෙන් අදිමින්ද එම දූර්ඝය තරණය කොට අනෙක් පසට පැමිනියෙමු.


අපි ආවේ පාරත් මේ රූස්ස ගසුත් අතරින්! හිතන්න පුළුවන්ද මේ පටු තීරුවේ කයාකයක් පදින්න තරම් වතුර තිබුනා කියා?

 අප ඉදිරියේ වූයේ පල්ලම කෙළවර කුඩා බෝක්කුවයි .



"අනේ අප්පේ මේ මොකද වෙලා තියෙන්නේ !?" කියලා  නිල් පාට කලිසං සාක්කුවේ අත් දෙක ඔබාගෙන ඉන්න මාමාගේ ඔලුව කෙලින් ඈත සුදු පාටට  තියෙන්නේ පෙර කී බෝක්කුවය!

සාමාන්‍ය දවසක මෙම ස්ථානයේ කැඳ විකුනන ඩිමෝ බට්ටකු නවතා තැබෙන්නේ මෙ තැනය. මෙම කැඳ ලොරිය ගැනත් කිසිවක් නොකිවහොත් පොඉඔඉස්ටුවෙන් වැඩක් නොමැත. 
කැඳ වර්ග 5 – 6  බීමට ඇති මෙසි සුවිශේෂිම කැඳ එක වන්නේ සුපිරි සව් කැඳ එකය!
 මෙය කොයි තරම් සුපිරිද කියන්නේනම් වසික හැකි හැම දිනෙකම උදෑසන කඩවත සිට බයිසිකලය (පා පැදිය) පැදගෙන  කැළණියට යන්නේ ෆිට්නස් වෙනුවෙන් නොව ඔය සව් කැඳ එකට තියෙන කෑදර කම නිසාය !! 
 ඕනෑම වයසකට ගැලපෙන්නට සව් කැඳ , කෝවක්කා , වැල් පෙනෙළ , ගොරකා,  සිට තවත් මෙකී නොකී සියලු දේ මෙතන ඇත !
 (මේක නිකං කැඳ කමර්ශල් එකක් වුනා වගේ නේද ?)
“නැවතත් සුපුරුදු වැඩසටහනට …..!”

මේ අර බෝක්කුව!
 තනියට මගේ ගමන් සගයා.
පසු ගිය සෙනසුරදා පෝස්ටුවේ රූප රචනයට අමුද්‍රව්ය හොයන්න ගිය පාපැදි ගමන අතර!

මේ බෝක්කුවේ දෙපස ඇඳි මතින් වතුර ගලා යයි .  මහා විශාල හැඩපහරක් එම ස්ථානයේ නොමැත. ඒ එතැන හාත්පසින්ම වටවී ඇති හෙයින් විය යුතුය. අප එතැන පසු කොට පරණ අඹතලේ පාර හමුවන මංසංධියට පැමිනියෙමු.

 එතැන ගිරිතලේ සට ඇළහැර දෙසට යනවිට හමුවන දිය බෙදුම හංදිය වාගේය. මාර්ඝ තුනකින් එන ජල කඳ අඹතලේ පාරට එක්වී පාර දිගේම ගඟට සමාන්තරව ගලා බසී. එම ප්‍රදේශය බොහෝ දෙනා වතුරට බැස ඔබ මොබ යමින් සිටිනු දක්නට ලැබුනි. 


අඹතලේ පාර දිගේ!

වතුර මට්ටම අඩි 3 ක් තරම් විය. මේ මාර්ගයේ අප කයාකයන් පැදගෙන නිරායාසයෙන්ම කළ්‍යානි මාවත නොඑඅසේනම් පළමු සිව් මංසලෙන් වම් පසට දිවෙන මාර්ඝය පැරණි අඹතලේ පාර හා  මුන ගැසෙන තුංමංහංදිය  පසු කලෙමු. 


සේනක අප පසුපසම - මග හැරේවි යයි බියෙන් මෙන් හනි හනිකට!

එතැන් සිට ජල මට්ටම කෙසේ වෙතත් හැඩ පහර කැපී පෙනෙන අයුරින් වැඩිවී තිබුනි .    තවත් ටික දුරක් යන විට හමුවන තුංමංහංදිය වෙනස්ම වූ අත්දැකීමකි.අතුරු මාර්ඝය බෙදෙන්නේ වම් පසටය. දකුනු පස පිහිටි ගඟෙන් ගලනා තද හැඩපහරක් මෙම පාරට සම්මුඛව පිහිටියේය . 
මේ මාර්ඝය දෙපස උස් තාප්ප බිත්තිය. එබැවින් මෙය වැවක මහ සොරොව්වෙන්  පිටවන  ජලය ගෙන යන කොන්ක්‍රීට්  ඇළ පාරක් මෙනි . කලින්ම තැන හඳුනාගත් අප හැඩපහර පරයා යාත්‍රා කලෙමු. සේනක එතැනට පැමින සිටියේය.ඔහු පසුපස   පැදගෙන ගිය අප නැවතුනේ “ගඟා තිලක විහාරය අසලින්‍ය.   


වතුර! 

ගඟ දිගේ බඩු ඇවිත් 
බොහෝ පිරිසක් එහි විය . අප ගෙන ආ  අඩුම කුඩුම , ආහාර හා ජලය  පංසලේ සිටි පිරිස වෙත ලබා දුන් අප ආපසු හැරුනෙමු . 
හැඩ පහර සමග අඹතලේ පහර  දිගේ නොමිළේම පැමිනි අප දෙදෙනාහට ආපසු පැමිනීමේදී වැඩි මිළක් ගෙවන්නට විය ! ඟගා  තිලක විහරය අසල සිට දෙවන සිව්මංසල තෙක් කයාකය ඇදගෙන හබලද අතින් ගෙන අඩි 2-3 ක වතුරක හැඩපහරට එදිරිව කිලෝමීටර 1 ½ -2 ක් පැමිනීම අතිශයින් වෙහෙසකරවූ කාර්‍යයක් විය. දියට පෙඟුනු යටි පතුල් තරපාර මතු පිට එකතුවූ වැළි කැට ,ගල් බොරළු වලින් මැදී   ඉමහත් වේදනාවක් ගෙනදුනි.


ආ මෙහෙවර අවසන් කොට!

මේ සියල්ල මැද ආමග ඔස්සේම  දෙවන සිව් මංසලේ සිට නැවත පළමු සිව්මංසල වෙතට  කයාකය  පැදගෙන කැලෑව අතරින් හැඩ පහර කපාගෙන ඒමට අප සමත් වූයෙමු.
 ඒවන විට පිසූ ආහාර තොග එම ස්ථානයට විශාල වශයෙන් ලැබෙමින් විය. දැන් අප  ක්‍රියාන්විතය පිළිබඳ කිසියම් පරිචයක් ලබා ඇත. පංසල තුල සිටි පිරිසේ ප්‍රමාණය හා එක් වරක් ගොස් පැමිනෙන්නට යන කාලය හා ශ්‍රමය ගැන සලකා බැලූ විට එක්වරකට ගෙන යා යුත්ත් හැකි උපරිමයෙන් බව අප ඒ  වනවිට තේරුම් ගෙන තිබුනි.  
උදෑසන ආහාර වේළ අවම වශයෙන දිවා ආහාරය ගැනීමටවත් පෙර ලබාදිය යුතුය. අප අපගේ සියළුම එනම් ඩ්‍රයි බෑග හතරම එලියට ගෙන කෑම පැකට් , බත් පාර්සල්   හෙවත් බත් මුල් සීරුවට ඇසුරුවෙමු . 
අප ලඟතිබූ එක්  විසල් ඩ්‍රයි බෑගයකට මෙවන් බත් 35 ක් අසුරිය හැකි විය. එවන්ම  වූ  ඩ්‍රයි බෑග හතරම පුරවා කයාකය මත ත්බා ගැට ගසා ගත් කෑම පාර්සල් ගනන 140 ක් විය! මුළු පංසලේම කුස ගිනි එකවර නිවාදමන්නට උවමනා ආහාර අප සමගය . 
සාමාන්‍යයෙන් ඕනෑම  කයාකයක මතුපිට පෘෂ්ඨයේ සිට පතුල විනිව්ද යන්නට සැකසූ සිදුරු 2 ක් හෝ 4 ඇත. මේවා සකසා ඇත්තේ මතුපිට එකතු වුනු වතුර ඉවත් කිරීම සඳහාය. බොහෝවිට මේවා ඇබ වලින් වසා තැබේ.
ඒවා විවරව තැබූවද ඉන් කයාකය තුලට වතුර කාන්දු වන්නේ නැත. මතුපිට පෘෂ්ඨය හා පතුල සම්බන්ධකොට ඇත්තේ බටයකිනි. එබැවින් උඩ හා යට අතර සිදුරක් පැවතියද එය දෙකෙළවරින් බටයට හෙවත් නලයට මුද්‍රාවී ඇත. මේ තුලින් යවන ලද නයිලෝන් කඹයක් කයාකයට ගැටගසා ඇත . කෑම පාර්සල්  සහිත ඩ්‍රයි බෑග කයාකයට තබා ගැට ගසන්නේ පෙරකී නයිලෝන් කඹයටය . හොඳින් ගැට ගැසූ පසු කයාකයත් පටවන ලද ආගන්තුක යමක් වේ නම් එයත් එක ඒකකයක් සේ පිහිටයි!      
කයාකය දියත් කලෙමු. එය බෙහෙවි දියේ ගිලී ගොස්‍ය. අප දෙදෙනාද ගොඩවූ විට එය සිතනවාටත් වඩා බරවී තිබුනි. කයාකය පැදීමට නොහැකි වනසේ තාර පාර මත ඇනී ඇත! කයාකය තවත් ටිකදුරක් ගැඹුරට ඇදගෙන ගොස්  පළමුව පසිඳුද දෙවනුව මමද එයට ගොඩ විය . දෙපා දිග හැර තබා ගන්නට මදක් අපහසු වුවද කයාකයේ පාලනය අප අතට ගන්නට අපට පහසුවෙන්ම හැකි විය.පෙර පරිදි ගැඹුරු දියේ අප අපහසුවකින් තොරව පැද ගියෙමු.   පළමු වන දූර්ඝය  තුලින් හිස් අවකාශයට එළඹුනි.
යාත්‍රාවක් වඩාත් බර වන්නට වන්නට එය දියේ වැඩිවැඩියෙන් ගිලී යයි. එසේ ගිලී යත්ම යත්ම එයට හැඩ පහරින් ඇතිකරණ ප්‍රථිරෝධය නොඑසේනම් ඇතිකරණ බලපෑම වැඩිවේ.
මේවන විට හැඩ පහරේ උපරීම ග්‍රහනය යටතේ අප එයට එදිරිව ඉහලටම පැද  තිබුනි. දැන් අප හට කල යුතුව ඇත්තේ කයාකය නැවත පහලට හරවා ගැනීමය. පෙර පරිදිම කයාකය සීරිවෙන් හැඩපහරට ඇත්ලු කලා පමනි එය හැඩ පහරේ පරඬැළක්සේ ගසා ගෙන  යන්නට ගියේය .
 එය ඉලක්ක වී ඇත්තේ පෙරකී ;පාළමට ලම්බකව පිහිටි ගෙවල් කිහිපයට ආසන්නයෙන් පාලම දෙසටය. පාලම තුලින් ගිය හොත් බොහෝවට කයාකය සිරවී යාමට ඉඩ ඇත ! කල යුතු එකම කාර්‍යය වන්නේ කයාකය හැඩපහරි ඉවතට ගැනීම හෙවත් හැකි ඉක්මනින් පසු බැසීමය!
“මල්ලි හරෝපාං !”
අප දෙදෙනම කයාකය හැරවීමට හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් පදිමින් විය. අඩි 50 ක දුරින් පාළමය. පාලමෙ සුවිශාල කණු වල වැදී හැඩපහර සුනු විසුනුවී යයි.   මහාජල කඳ දෙතුන් කොටසකට බෙදී පාළම් කනු අතරින් ගලා බසී. කයාකය  හැඩපහරින් ඉවතට යනවාටත් වඩා වැඩි ශීඝ්‍ර තාවයකින් පාළම දෙසට ඇදී යයි.
“අරින්න එපා පැදපාං …..!”
තවත් නිමේශයකදී කයාකයේ පාලනය අප අතින්  ඔහු පැහැර සාහසික ලෙස පැහැර ගත්තේ අපට හැරෙන්නට වත් ඉඩක් නොතබමිනි.   එක වර කයාකය අඩි 20 කටත් වඩා ගැඹුරු ගං වතුරේ පෙරලී ගියේය. පෙරලුනද මාගේ හබල මා අතය. එසේම කයාකයේ මා එල්ලීගෙනය.
කයාකය මුනිනත  නැවූ නෑඹිළියක්සේ ගසා ගෙන යයි. බත් එකසිය හතලිහ පෙනෙන්නට නැත ! ඒවා දිය යටය !!
කයාක් එකයි ! එක ගමනයි !! බත් එකසිය හත්ළිහයි !!! සේරම වතුරේය .
මා ඒක්ෂණයෙන් ඔබ මොබ බැලු වෙමි . පසිඳු තරමක් දුරිනි .

“යකෝ බත් ටික ! බත් ටික !!......!!!!!!” මට දත් කූරූ කැවෙමින්‍ය .

“හරෝපාං ඉක්මනට හරෝපාං……..!!”   මට කෑගැස්සුනේය .

මොහොතකින් පසිඳු - මාගේ විශ්වාසවන්ත ගමන් සගයා කයාකය වෙතට පීනා ආවේය . අප දෙදෙන එක වර මුළු වැර යොදා කයාකය අනිත් පිට  පෙරළුවෙමු!  බත් පාර්සල් 140 බහා ඇති ඩ්‍රයි බෑග හතරම කයාකය මත නිරුපද්‍රිතව ඇත. 
බත් වලට කුමක් සිදුවී  ඇත්ද?


මේ වැටේ තමයි නතර වුනේ.

කයාකය  සෙමෙන් සෙමෙන් අසල වූ ගස් පේලිය වෙත ගෙන  නවතා ගත්තෙමු. මා ගසක් අල්වාගෙන හබල කයාකය මතට දමා නැවත නිදහස් අතින් කයාකය අල්ලා ගත්තෙමි.  කයකය මතට පැනීමට වෙර ගැනීමට මා දතුන් වතාවක් දෙපා ගසා බැලිවෙමි. 
එකවරම දකුණු  පාදයේ යටි පතුල   කුමන හෝ තියුනු උලකට  කැපී යනු  දැනින. ඒවා ගැන සොයා බලන්නට වේලාව මෙය නොවේ.එකවරම කයාකය මතට පැනගත්තෙමි. 
 යටිපතුලේ  හම ඉරීගොස් තිබුනි . පසිඳුද මා අනුගමනය කලේය .  මේ සිද්ධිය දුටුවේ පාළම  මත සිටි කුඩා ළමයෙකු පමනි. අප කයාකය මතට නැගගත් වහාම හේ ද යන්නට ගියේය! නැවත්තත් කයාකය ඉහල දෙසට හරවා ගත්තෙමු .

 ළිඳට වැටුනු එකා ළිං කටෙන්ම ගොඩ විය යුතුය.  අප නැවත්තත් අපට පහර දුන් හැඩපහරට මුහුණ දිය යුතුය ! ඔව් නැවත මුහුණට මුහුණලා සටනකට අප සූදානම්‍ය . තෙත බරිතවූ අපට බත් ගැන සිත සිතා ඉන්නට කලයක් නොමැත. තවත් නිමේශයකින් අප හැඩපහර මැද්දේය.
  යලිත් හැඩපහරට කයාකය දමන්නට උවමනා පළමු හබල් පහර ගැසුවෙමි.


  කෑම 140 ම දිය බත් වුවද අපට කල හැකි දෙයක් නොමැත. කිරීමට උචිත එකම දෙය වන්නේ   හැකි ඉක්මනින් ගොඩබිමට ගොස් ඩ්‍රයි බෑග් විවරකොට ඒගැන සොයා බැලීම පමනි. 
කයාකය දියේ මුනින් අත හැරවී තිඔබූ කාලය විනාඩි 5 -7 ක් විය යුතුය.  සමහර විට උඩම කෑම  පැකට් කිහිපයකට පමනක් වතුරෙන් හානිවී ඇත. ඒ කිහිපය ඉවත් කොට ඉතිරිය වත් ප්ර්යෝජනයට ගැනීමට නම් ඉක්මනින්ම දියෙන් ගොඩට යා යුතුය .  
අපට උවමනා වූයේ වඩාත් ප්‍රයෝජනවත් කාර්‍යයක් ඉටු  කිරීමටය. ඉක්මනින් වැඩිපුර කෑම  ප්‍රමානයක් එකවර ගෙනයාමටය. මේ වන විට සියල්ල අවුල් වී ඇත. ඇත්තේ එකම එක් විසඳුමකි. හැකි ඉක්මනින් ගොඩට යා යුතුය.

“මල්ලි වමට අල්ලලා යමු !”

“එළ !”

ඉක්මනින් අප කයාකය වැට අයින ඔස්සේ ඉහලට පදවාගෙන ආවෙමු . හැඩ පහරේ කේන්ද්‍ර රේඛාවට අඩි 10 ක පමන ඈතින් අප  ගමන් ගත්තෙමු. සාමාන්‍ය ජල  ප්‍රවාහය හැරුණු කොට ගෙන වෙනත් තද ප්‍රථිරෝධයක් අප හමුවේ නොමැත.

“මචං දැන් හරව ගමු ..!”

සෙමෙන් හැරවා ගැනීමට අපට උවමනා උනද කයාකය එක තැන වේගයෙන් හැරුනි ! දැන් කයාකය හැරී ඇත්තේ හැඩ පහර ගලන දිශාවටමය.එහෙත් කයාකය තවම හැඩපහරේ ග්‍රහනයට හසුවී නොමැත .

එය ගමන් කරණ්නේ හැඩපහරට සමාන්තරවය. 

“වමට ගම්මු !” පසිඳු මගේ උපාය තේරුම් ගෙන තිබුනි . මට උවමනා වන්නේ අපගේ යාත්‍රාව හැඩපහර තුලට ඇතුලු කිරීමයි. එය හිතුවාටත් වඩා සාර්ථකව සිදු වුනි. 
කයාකය “ ඉගිල්ලෙන්නට ” පටන් ගති. 

අප ක්‍රම ක්‍රමයෙන් වම් පසට ඇදුනෙමු. පාලමට ලඟා වන්නට පෙර කයකය හැඩපහරෙන් එතෙර කර ගැනීමට අප සමත් වුනෙමු. නැවත අපගේ සුපුරුදු ගමන් මගේම පැදයන්නට වුනෙමු. දෙවන වන දූර්ඝයද “බලන” කපොල්ලද හරහා දෙවන සිව්මංසලටද එතැනින් අඹතලේ පාර ඔස්සේ ගංගා තිලකයටත් පහසුවෙන් යන්නට  හැකි විය . පංසලේ ගේට්ටුව අස්ලට කයාකය ගෙන රැහැන් පොටවල් එකින් එක දිග හැරුවෙමි!

 මොනදෙයක් උනත් කරණ්නට දෙයක් නොමැත. එසේම අප අතින් කුමන විදියේ අත පසුවීමක්  උනද අපට දොසක් කීමට එතැන කිසිවෙකු නොමැත! එහෙත් බොහෝ දෙනෙකු තම තමන්ට හැකි උපරිමයෙන්  කරණ ලද පරිත්‍යාගයන් ; තමදුවා දරුවන්ට හෙට දවසේ කන්න දෙන්නට තිබූ දෑ අප අතින් විනාශ වී ගොස් ඇත !
අවසාන රැහැන් පොටද ගලවා ඉවත් කලෙමි. 

පලමු වාරයේ මෙන්ම ඩ්‍රයි බෑග ඔසවාගන්නට ඇති තරම් පිරිස එහි විය. 
එහෙත් ඒඅයහට මලු ලබාදීමට ප්‍රථම මා ඉන් පලමු වැන්නේ අගුල පන්නා අඹරවා තිබුනු කට දිග හැරියෙමි. අවසාන වටය  දිග හරින්නට මත්තෙන් මා පසිඳු දෙස හිස හරවා බැලුවෙමි. 

බත් පතේ වතුරද?

පසිඳු එතෙක් තියුනු ලෙස ඒ දෙස නෙත් නොහෙලා හෙලා සිට බැල්ම මදක් ඉහිල් කොට මාදෙස බලා යන්තමින් සිනාසුනි. අවසාන වටයද දිග හැරියෙමි .
 මල්ල විවර  විය.

 එයට අතදමා පලමු බත් පාර්සලය අතට ගත්තෙමි.

 අප මෙතරම්  වාසනාවන්ත වූයේ  කෙලෙසද ?  

එය තෙමී නොමැත !

 එය පමනක් නොව  “කයාක් එකේ එක ගමනින් ගෙනා බත් එකසිය හතලිහම දනන් කුසගිනි නිවලන්නට සුදුසු අයුරින් මෙගොඩ කැළණියෙන් එගොඩ කැළණියට ගෙනැන්නට අප  සමත්වී තිබුනි.

“එළ !”

“ඔව් බං එළම එළ !!”

මම පසිඳුට පිළිතුරු දුන්නෙමි !      

         


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...