Saturday, October 28, 2023

221. සිංගිමලේයි උමං ගමන . . ! (ශනිදා දහයට IV)


මේක සිද්ධ වුනේ 11/12/2004  -  18/12/2004 අතර සතිය තුල!

වසික ඒ කාලේ  තුනේ පංතියේ. එයා කාලේ ඉඳන්ම ක්‍රීඩා වලට ලැදියි.  ඔය අතරින් මලල ක්‍රීඩා, ඒ කියන්නේ ජවන ක්‍රීඩා වලට එයා තරමක් දක්ෂයි.

ඔය කාලේ අපේ මලල ක්‍රීඩා ගුරුතුමා වුනේ "ටිකිරි සර්" මේ ටිකිරි සර් ගැන මම මීට කලින් මෙන්න මෙතන ලියලා තියෙනවා! ඕනෙ නම් ගිහින් බලලා ආවත් ප්‍රශනයක් නෑ!

ඉතින් මේ ටිකිරි සර්ට ඕන උනා නිවාඩු කාලේ මලල ක්‍රීඩා කඳවුරක් පවත්වන්න කඳුරට ශීත දේශගුණය සහිත පලාතක.

එයට හේතුව උනේ අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත වටා පිටාවක කරණ පුහුණුවීම් වලට අනතුරුව එම ක්‍රීඩකයාගෙන්; මුහුදු මට්ටම ආසන්නයේ සහභාගී වන තරඟ වලදී වඩා හොඳ දක්ෂතාවයක් නෙලා ගැනීමයි! (මේ මට ඒගැන ටිකිරි සර් කියලා තිබුනු විදිය මතක ඇති ආකාරයයි. මේ ගැන දන්න කෙනෙක් වෙතොත් ඒ ගැන විස්තරාත්මක කමෙන්ටුවක් සපයනවා නම් මැනවි!)

ටිකිරි සර්ගේ ආරාධනාව පරිදි මමත් ඔය  පුහුණු කඳවුරට සහභාගී වුනා දෙමව්පියෙක් ලෙසට. තවත් තාත්තලා හය දෙනෙක් පමන මෙයට සහභාගී වෙලා තිබුනා.

ඉතින් අපි මේ සඳහා තෝරා ගත්තේ හැටන් කිට්ටුව පාසලක්.

 නිවාඩු කාලයක් බැවින් අපට පහසුවෙන් මේ පාසල් පරිශ්‍රය ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලැබුනා.

පාසැලට කිලෝ මීටරයක් පමණ පහලින් පොඩි පහේ වයින් ඉස්ටෝරුවකුත් තිබුනා වගෙත් මතකයි! ඒ ගැණ ලිව්වේ අවශ්‍ය දේකට නෙවෙයි නිකමට වගේ. කාට හරි ඉස්කෝලේ හරියටම හොයා ගන්න ඕන උනොත් කියලා ලිව්වේ!

ටිකිරි සර්ගේ පුහුණු සගයන් ලෙස අපි; තාත්තලා දෙදෙනෙකු සහභාගී උනා. මමත් ඉන් එක් අයෙක්!

අනෙක් තාත්තලා තුන් වේලම උයලා පිහලා අපිට සුපිරිම බැකින් එකක් දුන්නා ; ඇයි අපිනෙ ඔක්කොගේම දරුවන් බලා කියා ගන්නේ!?

මුළු පුහුණු කඳවුරේම සිටි වයසින් අඩුම දරුවා උනේ අපේ වසික. ඒකාලේ එයාගෙ වයස අවුරුදු 8 යි!

ඒත් මම පුරුද්දක් ලෙසටම කිසිම අවස්ථාවකදී අපේ එකා කියලා කිසිම විශේෂයක් හෝ ආදරයක් ඇල්මක් පෙන්වන්නේ නැති කෙනෙක්. සමහර පියවරුන්  මව් වරුන් මෙන් තමාගේ දරුවාට කවන්න පොවන්න මේස් සපත්තු දාන්න මම යන්නේ නෑ කිසිම දවසක! 

ඉතින් මම ඔය කියන දවසේ නියමිතව තිබුනේ මැරතන් එකක්! මැරතන් එකක් කිව්වට මේක සහ සුද්දෙන්ම ගම හරහා දිවීමක්!

ඉසව්වට කලින් මමත් ටිකිරි ස'රුත් ගිහින් පොඩි විපරමක් දාලා ආවා ට්‍රැක් එක! ඒත් සම්පූර්ණයෙන්ම නොවේ!

අපේ පාසල තිබුනේ  පාර අයිනේ තරමක උස් බිමක් මත.

ඒ කින්නේ පාරේ යන බස් ලොරි අපි ආසන්නයෙන් පහලින් යනවා අපට වහල පෙන්වමින්.

ඒ පාරට පහලින් තිබුනේ සීග්‍ර බෑවුමක්. ඒ බෑවුමට බසින්නට කුඩා අඩි පාරක් තිබුනා. එය ආරක්ෂිත පාරක්. ඒ පාර දිගේ බෑවුමට ගියාම යලිත්  ඉදිරියෙන් තියෙනවා ලොකු කන්දක්.

ඒක අපේ පාසල මිදුලේ සිට බලන කොට පේන යෝධ කන්ද. මේ යෝධ කියන්නේ උසම නොවේ. ලොකු ප්‍රදේශයක් ආවරණය වන ආකාරයෙන් පැතිරුණු කඳු පන්තියක් වැටියක් ඒක. ඒක පුරාවට තිබුනේ  ගස්. ඒ අතර තැනින් තැන ගෝතමාලා එනම් මානා පඳුරුත් තිබුනා. අතරින් පතර උස ඉයුකැලිප්ටස් ගස්. කොටින්ම ඒක තේ වත්තක් වගේ එකක්. පැත්තකට වෙන්න උස් ගස් සහිත කැලෑ මණ්ඩියකුත් පෙනුනා!

මේ කථාව දැනුයි පටන් ගැනෙන්නේ!

අපේ පාසල් මිදුලේ ඉඳන් බලන විට; මේ තේ වත්තට පහල බෑවුමේ සිට ඉහලට දිවුනු මාර්ගයක් හා එය හා සම්බන්ධවුනු කන්ද වටා දිවුනු මාර්ගයක් පැහැදිලිව පෙනෙන්නට තිබුනි. මමත් ටිකිරි ස'රුත් අවට තිබුනු කඩයකින් කල විමසීමකදී එම පාරවල් දෙක කන්දේ අනෙක් පසදී එකට එක් වන බවක් දැනගන්නට ලැබුනි.

අදාල දිනයේ අපගේ මුළු කණ්ඩායම කොටස් දෙකකට බෙදුනි. සම සමව බෙදුනු එක් කණ්ඩායමකට සාමාජිකයින් 12ක් පමන සිටින්නට ඇති. ඉන් එක්  කණ්ඩායමක් ටිකිරි සර්ගේ නායකත්වය යටතේ පිටත්වූ අතර; එම කණ්ඩායම පිටත්වී විනාඩි දහයකින්  අනෙක් කණ්ඩායම මාගේ නායකත්වය යටතේ ගමන් ඇරඹීය.

අප බෑවුමට බසිද්දී ටිකිරි සර්ගේ කණ්ඩායම ඉදිරියේ වූ කන්ද නගිමින් විය. අප කන්ද නගිනා විට එම කණ්ඩායම රවුම් පාරට වැටී වම් පසට හැරී නොපෙනී ගියේය. 

වසික ඇතුළු දොළහක පමණ කණ්ඩායම පරිස්සමින් රැගෙන මා ඉදිරියටත් පසුපසටත් යමින් පිරිස මෙහෙය වීය.

අප නොබෝ වේලාවකින් කන්දේ මැදින් හරහට; කන්ද වටා දිවෙන මාර්ගයට ප්‍රවිශ්ඨ විය! ටිකිරි සර්ගේ කණ්ඩායම මාර්ගයේ වම් පසට ගිය අතර අප දකුණු දෙසට හැරුනෙමු!

මහා විශාල මහන්සියක් නැතත් කන්ද නැගීමත් සමග අපගේ වේගය අඩුවී තිබූ අතර කන්ද වටා දිවෙන මාර්ගයේදී අප තරමක වේගයෙන් ගමන් ගත්තෙමු. කිලෝ මීටර 5ක 6ක පමණ දුරක් වතු මාරගයක් ඔස්සේ නැගීම් බැසීම් සමගව කෙරෙන ගමන එතරම් පහසු කට යුත්තක් නොවේ. සමහර විට නවතින සාමාජිකයින් දිරි ගන්වමින් ඔවුන් රැගෙන යා යුතුවේ.

 මෙසේ කිලෝමීටර කිහිපයක් යන විට පාර දෙතුන් වරක් කුඩා මං සන්ධි පසු කලෝය. එක් ස්ථානයකදී අපට හමුවූ සිංහල වචනයකුදු නොදන්නා ද්‍රවිඩ ජාතික මහළු ස්ත්‍රියකගෙන් පාර ඇසූ මුත් ඇයගෙන් නියමිත මාර්ගය පිළිබඳව වැටහීමක් නොලැබුනු බව මේ ලියන මොහොතේ මට සිතෙයි!

කුඩා මං සන්ධි වලින් හැරෙමින් ගිය අප ටික දුරක් යන විට පාර මග ඇරුණු බවක් දැනෙන්නට විය. තවත් කෙටි දුරක් ගිය විට හමුවූ උස් වේල්ල මතට නැගුනු අපට දිස් වූයේ දුම්රිය මාර්ගයකි. එයට ඉදිරියෙන් උස් කණ්ඩියක් වූ අතර එතැනින් ඉහලට උස් කන්ද ඉහලට ඇදී ගියේය. එම කන්දේ කුඩා ලවල් කැලයක් තිබුනු බව යානතමින් මට මතකය. දුම් රිය මාර්ගයේ වම් පස විශාල වංගුවක් නිසා ඈත නොපෙනුනි.

කෙසේ වුවත්; අතරමං වී ඉන්නා මොහොතක හමුවන දිය පහරක් හෝ රේල් පාරක් යනු ගැටළුව විසඳා ගැනීමේ ආරම්භයයි. දිය පහරක් හමුවූ විට එය ගලන දිශාවට ගමන් කල විට එය අනිවාර්‍යයෙන්ම ජනාවාසයක් අසලින් ගලනා බැවින් ගැටළුව නිරාකරණය කරගත හැකි බව මට පැවසූවේ මාගේ ආදරණීය පියාය.

එසේම රේල් පාරක කුමන දෙසට ගියද ගොඩයාමක් ඇත!

වම් පසට විහිදුනු රේල් පාර දෙපස කුඩා ගස් වැවී තිබුනි. දකුණු පස බැලූ විට දුටුවේ අඳුරු බිම් ගෙයකි.

සාමාන්‍යයෙන් දුම් රිය බිම් ගෙයක් තුල අඳුරු වූවාට එහි අනෙක් පසින් ආලෝකය පෙනේ! නමුත් මෙය හුදෙක් අඳුරු කළු ලපයක්ම පමණි. කොටින්ම කළු කුහරයක් සේය!

අපට ආපසු යන්නටත් නොහැක! ආපසු යාම අප මං මුලා වන සුළුය. අප නැවතී සිටි ස්ථානයේ සිට කිලෝ මීටර ගනනකින් හැටන් නගරයය! එසෙනම් අපට කල යුතුව ඇති හොඳම විසඳුම ලෙස මා දුටුවේ රේල් පාර දිගේ හැටන් දුම් රිය නැවතුම් පොලට ගොස් ආපසු මහපාර දිගේ පල්ලම් බැසීමයි.

කණ්ඩායමේ තරමක දරුවන් තුන් දෙනෙක් විය! ඔවුන් වයස අවුරුදු 15 - 16 සීමාවේය. මා ඔවුන් සමග කතා කලෙමි. ඔවුන් කිසිවෙකුත් ආ පාරේම ආපසු යාමට කැමැත්තක් නොමැත. එන ගමනේදී හැරුණු පාර්වල් වල හැටියට ඒ මාර්ගයේම ආපසු නවාතැනට යාමට නොහැකි වනු ඇතැයි ඔවූන්ද බිය විය.

මේ වන විට අප කිලෝමීටර 6ක පමණ දුරක් එන්නට ඇති. අවට කිසිදු හඬක් ඇසෙන්නේ නැත! මේ වන විට අපට තියෙන එකම ගැටළුව මෙම බිංගෙය තුලින් ගමන් ගත හොත් අපට හැටන් නගරයට යා හැකිවේද යන්නයි. ඒ අතරේ එතැන තවත් විනාඩි 10 පමණ කාලය මිඩංගු කරද්දී එතැනට පැමිණිදේ ද්‍රවිඩ ජාතික මැදි වයස පසු කල යුවලකි. ඔවුන් අත අඩි එකහමාරක් පමණ දිග ලී කැබැල්ලක් වූ අතර එහි කෙලවරක දැවි හෙල් පෙඟුණු කුඩා ගෝනි කැබැල්ලක් පටලා තිබුනි.

ඔවුන්ගෙන් කල විමසීමකදී "හැටන්!" කියමින් බිංගෙය පෑය.

ඒ සමගම ඔවුන් තම අත රැඳි පන්දම පෙන්වා අසල වන රොද පෑවේය.

අප හොඳින් ඒ දෙස බලන කල කුඩා වන රොදින් වැසුනු කුඩා ගෙයක් මාරගයට පහලින් දක්නට ලැබුනි.

එය කුඩා නිල නිවාසයක් විය යුතුය!

මෙම බිංගෙය අලුත් වැඩියා කටයුතු හා නිරික්ෂන කටයුතු කරන සේවකයෙකු එහි රැඳී සිටිනවා විය යුතුය.

ඊළඟ මොහොතේ පන්දම් දල්වා ගත් යුවල බිංගෙය තුල නොපෙනී ගියෝය,

අප දැන් මෙම බිංගෙය තුලින් යා යුතුමය!

ඒ සඳහා පන්දමක් හෝ කීපයක් මිලදී ගත යුතුය!!

අප තීන්දුවකට පැමිණියෙමු.

අප කිසිවෙකු මුදල් ගෙනැවිත් තිබුනේ නැත! ආශ්චර්‍යයකි! වාසනාවකට එක් දරුවකු රුපියල් 20 ක් තම දුවන කලිසමේ සාක්කුවේ ගෙනැවිත් තිබුනි!

වැඩි මහළු දරුවෙකු සමග පිරිස මාර්ගයෙන් ඉවත රඳවා  මම තවත් දරුවෙකු සමග කුඩා නිවස වෙත ගියෙමි. අප අතැනට යන වාත් සමග එතැන සිටි ද්‍රවිඩ මිනිසා "කීයක්ද?" ඇසුවේය. එකල ඒ පන්දමක් රුපියල් 5 ක් විය.

අප පන්දම් කිහිපයක්  හා ගිණිපෙට්ටියක්ද මිළදීගෙන ගමනට සූදානම් විය.

පළමුව වයසේ පිළිවෙලට කණ්ඩායම පෝලිම් කලෙමි.

ඒ වයස අඩුම අය ඉදිරියට එන ලෙසය.

අන තුරුව වයසින් වැඩිම දරුවන් අතුරින් දෙදෙනෙකු පෝලිමේ මැද ට එකතු කලෙමි.

මා අත හා පසු පසම දරුවා අත පන්දම්ය.

ගමනේ ඇති අවදානම පිළිබඳව මා ඔවුනගෙන් විමසීය. "කෝච්චියක් ආවොත්?" බොහෝ අයගේ එකම ගැටළුව වූයේ එයයි. එවන් අවස්ථාවක බිම්ගෙයට පිටදී හැකි තරම් එයින් ඈත්ව ඉන්නා ආකාරය මා අභිනවයෙන් පෙන්වූයෙමි.

පළමුව වයසේ පිළිවෙලට කණ්ඩායම පෝලිම් කලෙමි. ඒ වයස අඩුම අය ඉදිරියට එන ලෙසය. අන තුරුව වයසින් වැඩිම දරුවන් අතුරින් දෙදෙනෙකු පෝලිමේ මැද ට එකතු කලෙමි.

මා අත හා පසු පසම දරුවා අත පන්දම්ය.

තවත් එක් දරුවෙකුට පන්දමක් තිබුනාදැයි මතක නැත.

දැන් අපට තියෙනා ඊළඟ අභියෝගය වනුයේ එක් දරුවෙකු හෝ බිංගෙය තුලදී ක්ලාන්තයක් හෝ සිහිමුර්ජාවක් වී ඇද වැටුන හොත් අන් අය එය දැන ගන්නේ කෙසේදැයි කියාය!

මේ බිංගෙය තුල කානු වේද, වලවල් වේද අප කිසිවෙකු නොදනී!

එයට මා උපක්‍රමයක් යෙදීය!

ඉන් පසු මා පෙල උස් හඬින් ගනින්නට විය.

එක  . . දෙක . .තුන . . .යනාදී වශයෙන් අවසාන දරුවා උස් හඬින් දොළහා කී විට කණ්ඩායමේ සියළුම දෙනා ඉන්නා බව මටත් සියල්ලන්ටමත් දැනගන්නට ලැබෙන බව කියා දුනිමි.

එම අභ්‍යාසය කිහිප වරක් සිදුකල පසු අප පන්දම් දල්වා ගෙන පෙලට බිංගෙය තුලට වැදුනෝය.එක් දරුවෙකුට පන්දමක් තිබුනාදැයි මතක නැත.


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .

 .

මෙසේ අප පෙළ ගනිමින් අඳුරේම ඉදිරියට ගියෙමු.

විනාඩි ගනනාවකින් ඈතින් එළියක් දුටුවෙමු.

ඒ බිංගෙයි අනෙක් ඉමයි.


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .


එක . .දෙක . .තුන . .හතර . .පහ . .හය . .හත . .අට . .නවය . .දහය . . එකොලහ . .දොලහ . .


අප සුවසේ බිංගෙයින් නිරුප්ද්‍රිතව එළියට ආවෙමු!අපගේ දුම් රිය දෙපාර්තමේන්තුවේ කාල සටහනට පිං සිදුවන්නට බිංගෙයින් එළියට එන තුරුත් දුම්  රියක් නොපැමිණියේය. එලියට පැමිණි පසු ළමා ලපටින් හට එය සතුටු දායල අත් දැකීමක්ම විය! ඔවුන් හුරේ දමන්නට විය!

එතැනින් අප  දුම්රිය මගේම තවත් කුඩා දුරක් ඉදිරියට යද්දී ප්‍රධාන මාර්ගයට යා හැකි හරස් මාර්ගයක් දක්නට ලැබුනේය.

අප පාසැලට එන විට ටිකිරි සර්, තාත්තලා සෙට් එක සහ දරුවන් අතරින් කිහිප දෙනෙක් මග බලා සිටියෝය.

"මොකද උනේ?" ටිකිරි සර් ස්වකීය "හා දත්" පෙන්වමින් උස් හඬින් ඇසීය!

"අපිව අතර මං උනානේ!"

"මං හිතුවා! ඒත් මම කට්ටියට කිව්වා ඔයා ඉන්න හිංදා කොහොම හරි ළමයි ටික බර ගෙන එයි! බය වෙන්න දෙයක් නෑ කියලා!" 

පුහුණු සැසිය අවසන් දිනට පෙර දින රාත්‍රියේ අප කුඩා සමිතියක් පැවැත්වූ වෙමු. හොඳින් අතුගා තිබූනු අප රැඳී උන් ශාලාවේ ගෙබිම මත අප කවයක් සේ වාඩිවී ඊට සහභාගී උනෙමු.

ඒ අතරේ එක් දරුවෙකු හට තමා ලැබූ අත්දැකීම් පිළිබඳව විස්තර කරණ්නට අවස්ථාව සැලසුනි.

මොහොතක නිහැඬියාවෙන් පසු එක් දරුවෙකු අප වාඩිවී සිටි කවය මැදට පැමින සිය හඬ අවදි කලේය!

ඒ සියළු කථාව මට මේ මොහොතේ මතක නැති උනත් ඒ කථාව තුල මෙම බිංගේ ගමන පිළිබඳවත් එය තම ජීවිතයේ නොමැකෙන මතකයක් බවත් පැවසීය. එම අවස්ථාවට අප කණ්ඩායමක් සේ සංවිධානය වූ හැටි හා එය ජයගත් හැටි ඔහු එක හුස්මට කියාගෙන ගියේය.

පසු කලෙක ඔහු; අප විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය. එම දරුවාගේ නම මේ වන විට මාහට අමතකව ගියත් ඔහු පිළිබඳව බොඳවූ හෝඩුවාවක් මෙය ලියන මොහොතේ සොයා ගත්තෙමි. 100% ක නිවැරදි තාවයක් නැතත් බොහෝ විට මේ ඔහුම විය යුතුය. කැළණිය විශ්ව විද්‍යාලයේ ඔහු කතිකාචාර්‍ය වරයෙකි. නම කුශාන් ගයාත්‍ර පෙරේරා!

මේ කයිවාරුව ඉවර කරන්න කලින් අපි ගූගල් දේවාලයටත් ගිහින් එමු:-

Singha Malai Tunnel or Poolbank Tunnel is the longest railway tunnel in Sri Lanka.[1][2][3]

There are 46 tunnels along the Main Line between Colombo and Badulla. The longest tunnel is the Poolbank tunnel between Hatton and Kotagala, which is 562 m (1,844 ft) long,[4] 5.5 m (18 ft) wide[5] and has a curvature in the middle so that one end of the tunnel cannot be seen from the other end.[6] In the middle of the tunnel the gradient begins to decline, with the Kotagala railway station being approximately 23 m (75 ft) lower than the Hatton railway station.[7]

The tunnel was designed by Sir Guilford Lindsey Molesworth, the first Director-General of Railways in Ceylon (1865-1871) and constructed by F. W. Faviell.[3] The tunnel's construction represented a significant engineering feat at the time, as it was bored from both ends meeting in the middle.[8] The tunnel was named the Poolbank tunnel as it runs under the Poolbank tea estate, which was established in 1880.[9] It is also called Singha Malai tunnel, after a nearby rock formation, Singha is Tamil for 'Lion' and Malai for 'Mountain'.


                  Singha Malai Tunnel

Overview
Official nameTunnel No. 14
Other name(s)Poolbank Tunnel
LocationHatton, Sri Lanka
Coordinates6°53′52.85″N 80°36′16.23″E
StatusOpen
RouteMain Line
StartHatton
EndKotagala
Operation
ConstructedF. W. Faviell
OwnerSri Lanka Railways
Trafficrail
Technical
Design engineerGuilford Lindsey Molesworth
Length562 m (1,844 ft)
Highest elevation1,291 m
Width5.5 m (18 ft)

හැටන් ගමනෙන් සෑහෙන කාලෙකට පසුවයි දැන ගත්තේ ඒ ලංකාවේ දිගම දුම්රිය උමග බව!
කිලෝ මීටර භාගයක් කිව්වාම සෙල්ලං ද?

මේ දින වකවානු හොයා ගන්නට ලැබුනේ මේන්න මේකට පිං සිද්ධ වෙන්න!

Saturday, October 21, 2023

220. හයිවේ ඉබ්බා . . ! (ශනිදා දහයට III )

මේ සිදුවීම සිදුවී වසර ගනනාවකි.

එදින මමත් බිරිඳත් කඩවතට එන්නට දක්ෂිණ අධිවේගී මාර්ගයට බණ්ඩාරගමින් ඇතුළු කලේ රාත්‍රී 10.00 පමණ වෙද්දීය.

ඒ ධාරාණිපාත වරුසාව මැද්දේය. ගමනාන්තය වූයේ කඩවතයි!

Toyota Hilux Surf KZN 185

ගමන් කලේ ටොයෝටා KZN 185 සර්ෆ් රථයේය.

මෙම රථය 1995 වසරේදී නිපදවූවක් වූ අතර එකල නිපදවුනු බොහෝ රථ වලට මෙන්ම ප්‍රධාන පහන් වලට සවි කොට එවා තිබුනේ 60/55 W හැලජන් බල්බයන්ය. 60/55 යන්නෙන් අදහස් කරණ්නේ ප්‍රධාන ධාරාව සඳහා 60W ද  ඇඳිරිකර එළිය (ඩිම් එළිය) සඳහා 55W ලෙස සැකසුනු බල්බයන් ය.

එහෙත් හොඳ එළයක් ලබා ගැනීමට නම් ඒවායේ බල්බ 100/90W ට සකසා ගත හැක. බල්බ පමණක් නොව ඊට අදාල පරිපතයේද සුළු වෙනස් කිරීමක්ද කරගත යුතුය. මෙවිට ප්‍රධාන ධාරාව සඳහා 100W ක එළියක්ද ඩිම් එළිය සඳහා 90W ක සුපිරි ධාරාවක් ලබා ගත හැකිය.

මෙම අදාල වාහනයේ තිබුනේ 60/55 දුර්වල එළියක් ය. පාර තෙමුණු විට විදුලි පහන් වල ආලෝකය ඊට උරා ගනී. එසේම වහින විට ආලෝක කදම්බය තවත් දුර්වල වේ! (මීදුම් පහන් Fog Lamps එළි වැදගත් වන්නේ මේ වෙලාවටය. ඒවා අතුරින්ද LED ලාම්පු වලට වඩා හැලජන් එළිය වඩාත් ප්‍රභල වේ. හැලජන් එළියේ ඇති අවාසිය වන්නේ එය අධික ලෙස රත් වීම හා එළියට හා රත්විම යන කාරණා දෙකටම බැටරියෙන් අධික ධාරාවක් ඇද ගැනීම නිසා බැටරිය ඉක්මණින් දුර්වල වීමය!

LED ලාම්පු සඳහා බැටරියෙන් ලබා ගන්නේ කුඩා බලයක් බැවින් එය බැටරියට හිතකරය! එහෙත් මීදුම හෝ වැස්ස ඉදිරියේ අසරණය. එසේම ඉදිරියෙන් එන වාහනයේ ඇත්තේ හැලජන් එළියක් නම් ඊට LED එළිය කැපී මෙල්ල වී යයි!)

Fog Lamps නොමැති 60/55 ප්‍රධාන පහන් සහිත රිය වර්ෂාව මැද්දේ රාත්‍රියේ පැදවීම  කරණුයේ ඉවෙන් මිස සැබැවින්ම පෙනුමෙන් නොවේ! "ඉදිරියේ බාධකයක් නැතිව ඇති!" යන විශ්වාසයෙන් රථය පැදවේ.

අළුත් ටයර වලින් සමන්විතව තිබුනු රථය පැදවුයේ මද වේගයකිනි.

1KZ ලීටර තුනේ ටොයෝටා ටර්බෝ එන්ජිමෙ සිලි සිලි හඬ ඇසෙමින් අඩ අඳුරේ අප ඉදිරියටම ගමන් කලෙමු.

ඒ වන විට වාහනය පැයට කිලෝමීටර 80 ක පමණ වේගයකින් ගමන් ගන්නට ඇති; එක වරම පාර මැද තිබුනු වස්තුව මා හඳුනා ගත්තෙමි.

"අන්න ඉබ්බෙක්!"

"අනේ මූ තව ටිකකින් යටවෙනවානේ . . !" මටම කියා ගනිමින් වාහනය මාර්ගයේ පසෙකින් නතර කලෙමි!

"මොනවද ඔයා කරණ්න යන්නේ? මෙහෙම නවත්වන්න පුළුවන්ද?" බිරිඳ චෝදනා මුඛයෙන් ඇසීය. මාගේ යටි සිත පවසන්නේ ඉබ්බාව බේරා ගන්නා ලෙසයි! ඉබ්බෙකු යනු වසර 150ක් පමණ ජීවත් වෙන සතෙක් යැයි සිත නැවත මතක් කර දෙයි! පසු පසින් වාහන එන්නේ තරමක දුරින් දුරින්ය!

මම කිසිවක් නොකියා වාහනයේ හැසාඩ් ලාම්පු Hazard Lamps (ඩබල් සිග්නල්) පනගන්වා හෙමිහිට පසු පසට ධාවනය කරණ්නට විය! 

"ඔයා මොනවා කරණවද මන්දා! ඔය වැඩේ වෙන කෙනෙක් කෙරුවොත් බලන්න තිබ්බා ඔයා ඒ මනුස්සයට බණින හැටි . . . .!" වාහනය ඇතුලේ බැනුම් එකක්ය! මම කරණ්නේ මා පමනක් නොව අනුන්ද අනතුරේ හෙලීමකි! කොටිම එකසිය ගානට වරදකි! "ඒත් අනේ ඉබ්බා!" මට ඉබ්බා මැරෙන්නට දෙන්න සිතක් නැත.

මීට කලකට ඉහත ලක්බිම පත්තරේ පලවූ ලිපියක් මාගේ මතකයේ අදත් පවතී! එම ලිපියේ මාතෘකාව මේ මොහොතේ හරියටම මතක නැති උනත් එහි අන්තර්ගතය වූයේ "අධිවේගී මාරගයේදී ඔබේ රථයට යටවන උරගයා මෙරට ඒ වර්ගයේ සිටින අවසාන සත්වයා විය හැකිය!" යන්නයි! අධිවේගී මාර්ගයේ යටවී සිටින තලගොයින් කබරයින් හා වෙනත් සත්වයින් දුටු හැම විටෙක දීම මගේ මනසට මේ අදහස ඒම සිදුවන්නේ අනායාසයෙනි.

අප ගමන් කල වේගය හා සසඳා බැලූ කල මා මීටර දෙතුන් සීයක්  ඉබ්බා පසුකොට ගමන් කර තිබෙන්නට ඇත.

මා තත්පරෙන් තත්පරේ ඉබ්බාට ලඟා වෙමින් ය!

තවත් විනාඩි ගනනක් යන විට මාගේ දකුණු පසින් පාර මැද  හොඳින් වැඩුනු ගල් ඉබ්බා පාර මැද්දේය.

පසුපස බලන කණ්නාඩියෙන් මොහොතක් බලා වාහනයක් නැති අවසරයෙන් වාහනයෙන් බැස ගත් මා දැන් සැරසෙන්නේ ඉබ්බාව පාරෙන් ඉවත් කර ගන්නටය!

කාලය විනාඩි ගනනක් ගෙවී යද්දීම පැමිණි වෑන් රථයකට ඉබ්බා යට විය!

මගේ හිත කඩා වැටුනි! "අනේ සතා මලාවත්ද?" මට එහෙත් ඉබ්බාව අතහැර දමා යන්නට සිතක් නැත! මුළු පාර පුරා කළුවරය. ඈතින් වූ පහන් එළියකින් යාන්තමින් කළු ගුලියක් පාර මැද පෙනේ. මූ ජීවතුන් අතර ඉන්නවා වත්ද?

මා කෂණිකව පාර මැද්දට පැන්නෙමි! ඉබ්බා නිසොල්මනේය ! ඊළඟ තත්පරේ ඌ ඔලුව එළියට දැම්මේය!

වාසනාවකි!

මා ක්ෂණිකව ඉබ්බා අතට ගත්තෙමි! ඉබ්බාව ගෙන මාගේ වාහනයේ පසුපස නැවතුම් ලාම්පු හා හැසාර්ඩ් එළියෙන් ඉබ්බාට සිදුවී තිබුනු හානිය බලා ගත හැකි විය!  A4 පිටුවක් තරම් වූ ඉබ්බාගේ කටුවෙන්; පසුපසට වන්නට අලුවා කෑල්ලක් තරම් කෑල්ලක් ඉවත්වී තිබුනි! 

ඉබ්බා යට වී තිබුනේ පසු පසට වන්න පැත්තකින්ය.

අප නවතා තිබුනේ කහතුඩුව අසන්නයේ විය යුතුය. එතැන මාර්ගය සකසා තිබුනේ වෙල් යායක් හෝ වගුරු බිමක් මත පස් දමා උස් කොට සෑදූ වේල්ලක් මතුපිටින් ය. මා ඉබ්බාව පාර අයිනේ මාර්ගයෙන් ඉවතට හරවා තබා වාහනයට නැග ගියර ලීවරය D ස්ථානයට සකසා යන්නට පටන් ගන්නවාත් සමග බිරිඳ ඇසූ ප්‍රථම ප්‍රශ්ණය වූයේ "ඉබ්බා ආයේ පාරට යයිද?" කියාය!

"අම්මට සිරි! එහෙමත් වෙන්න පුළුවන්නේ!?" මම නැවතත් වාහනයෙන් බැස ඉබ්බා සොයා ගියෙමි.

මීටර පහක පමණ දුරි ඉබ්බා ඉබි ගමනේය! ඒ මාරගයෙන් ඉවතටය! ඊළඟ විනාඩියේ වේල්ලේ ගැට්ට ආසන්නයට ඉබ්බා වේල්ලෙන් පහලට පෙරළී ගියේය!

එතැන් පටන්; සිද්ධිය අටුවා ටීකා ටිප්පණී සහිතව බිරිඳට කියන්නට පටන් ගත්තෙමි. සියල්ල අසා සිටී බිරිඳ කට හඬ අවදි කලාය.

"මොනවා කිව්වත් මොනවා කලත් ඔයා කලේ අන්තිම වැරදි වැඩක්!'

"හ්ම්ම්! ඒ උනාට ඉබ්බා කියන්නේ අවුරුදු 300ක් ජීවත් වෙන සතෙක්!" මම මගේ ආයුෂත් තව ටිකකුත් ඌට එක් කොට කීවෙමි.

විනාඩියක් නිහඬව සිට බිරිඳ නැවත කට හඬ අවදි කලාය!

"කවුද දන්නේ උගේ පරමායුෂ ඉවර වෙලා ඌ තිරිසන් ආත්මයෙන් මිදෙන්න යන වෙලාවේ ඔයා ඌව වැලැක්වුවාද කියලා?'

"මගුලයි!?"


(එරන්දි නැවත ලිවීම අරඹා ඇත! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න!) 

https://buddhikaerandijayasinghe.blogspot.com/2023/10/blog-post.html

(ඉවාන් පවුලූෂා නැවත පැමිණ ඇත ! මෙතැනින් ගොස් හමුවී කතා බස් කරණ්න! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩවදින්න!)

 https://iwanpaulooshaa.blogspot.com/2023/10/blog-post_22.html

Friday, October 20, 2023

219. ජැකා . . . . ! (ශනිදාට පෙර දින)

(සවන් දෙන්න )

මහගම සේකරයන් විසින් රචිත ඉහත ගීතය ගැයෙන්නේ "තුංමං හංදිය" චිත්‍රපටයේය.

මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් යම් ප්‍රතිශතයක් ජීවිතයේ කිසියම් දිනෙක යම් ආකාරයේ විමර්ශණාත්මක කාර්‍යයක් ජැකා ගේ ඇස තුලින් සිදු කොට ඇතැයි මා විශ්වාස කරමි. මේ ගීතය මෙතැන මා යෙදූවේ එය සංඛේතාත්මක කිරීමටය.

අපගේ සිනමාව වේදිකාව සහ රූපවාහිනිය යන  මාධ්ය ත්‍රිත්වයම අතික්‍රමණය කල නළුවෙකු සිටියානම් ඒ ජැකාම විය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාද ප්‍රසිද්ධ  වේදිකාවේ රඟපා ඇති නමුදු; මාගේ මතකයේ හැටියට ඒ ජූලියස් සීසර් නාට්‍යයේ පමණක් ය. (දොසක් ඇත්නම් නිදොස් කරණ්න)! ටෙලියක් ලෙසට මාගේ මතකයේ රැඳෙන්නේ "සුදු සහ කළු"  පමණි. එයද ශ්‍රි ලංකික ටෙලි වංශ කථාවේ සංධිස්ථානයක් තබා බෝක්කු කනුවක් වත් නොවීය.

ජෝ අබේවික්‍රම "සබද පබිලිස්" හා "සකිසඳ එලියස්" නාට්‍ය යුගලයේ රඟපෑවා වුවද; ජැකා ටෙලිය තුල වේදිකාව තුල පෑ පෙළහර පෑමට ඔවුන් සමත්වූයේ නැත.

ඔහු ප්‍රසිද්ධ වේදිකාව සහ ටෙලිය තමා සන්තකයට ගත් අයුරු මා මෙතැන ලියන්නට යන්නේ නැත.  සියල්ල; ඒවා සියල්ල අතැඹුලක් සේ දනිති!

චිත්‍රපට ක්ෂෙත්‍රයේදී අස්වැසුම, බවදුක, බවකර්ම, ගිණි අවි සහ ගිණිකෙළි ලෙස පෙලක් ලිවීමට හැක. මේ සියල්ල මේ දිනවල බුකියේ ඒ මේ අත හුවමාරුවන කාරණාය!

ජැකා චිත්‍ර ශිල්පියෙකු ලෙස මා පලමුව දකින්නේ මල්ටි ෆැක්ස් ආයතනයෙන් එළි දැක්වූ "සුහද" චිත්‍ර කථා පත්තරයේ "සාතන්ගේ පුත්තු" නමින් ඇඳි චිත්‍ර කථාවෙනි. ඊට අමතරව "ළිහිණින්ගේ රාත්‍රිය","යකාට බයනම්" යනුවෙන් චිත්‍රකථා ඇඳ තිබුනි. එහෙත් ඒවා ප්‍රශස්ථ මට්ටමක නොතිබූ බව මගේ හැඟීමයි! 

පසු කාලයකදී ඇන්ටන් බී පෙරේරා "සිත්තරෙන්" ඉවත් වීම සමග මග ඇන ගත් "කුළු හරක්" කතාව අවසන් කලේද ජැකාමය! (ඒ ගැන මාගේ බලවත් කණගාටුව; මන්ද  ඇඳීම අතින් ඇන්ටන්ට  අලගු තැබීමට නොහැකිව සිටියදී එය අවසන් කිරීමට ඇන්තනි භාර ගැනීමය!)

ඔහුගේ ගායනය පිළිබඳ ඉදිරිපත් කල හැකි හොඳම නිදසුන වන්නේ "සුසීමා" වට ගැයුණු ගීතයයි. ජනක රත්නායක විසින් සතුට පත්‍රයට ඇඳි චිත්‍රකථාවක් ඒ නමින්ම ටෙලියකට නැගුනු අතර මාගේ මතකය නිවැරදිනම් එම ගීතය ගයන්නට නියමිතව තිබුනේ ජැකාගේ චරිතයට නොව රංග  ලෙස රඟපෑ පාලිත සිල්වාටය! එය ජැකා වෙතට ගිය ආකාරය පිළිබඳව විවිධ කථා මා අසා ඇති මුත් ඒවාට හුදෙක් කට කථා බැවින් මා මෙතැන නොලියමි.

කලෙකට පෙර ජැකා දිවයින ඉරිදා සංග්‍රහයට "පනා පුත්‍ර කුහුඹු පැණියා" නමින් තීරු ලිපියක් ලිවීය. "පනා පුත්‍ර" නම ඔහුට ලබා දී තිබුනේ නැසී ගිය; නොම්මර එකේ කලා කරුවෙකු වන ජේ එච් ජයවර්ධන විසින්ය.

 Jack නම්  කොස්ය. පනා යනු කොස් වලට කියන යෙදෙන පර්යාය පදයකි. (කොස් මල් හඳුන්වන්නේ පනා මල් ලෙසිනි. ) Son යනු පුතා හෙවත් පුත්‍රයාය.

ජැක්සන් පනා පුත්‍ර වූයේ එසේය.

ඈන්ට් + හනී  කුහුඹු පැණියා ලෙස නම් කර ගත්තේ ජැකා විසින්මය.

ජැකා රූපවාහිණියේ වැඩසටහන් ඉදිරිපත් කරණ්නෙකු ලෙසට ඉදිරියට එන්නේ ප්‍රේමකීර්ති කල වැඩ සටහනක් තුලින් ය. එම වැඩසටහන නිවැරදිව මාගේ මතකයට එන්නේ නැතත් ඒ අවස්ථාව මාහට හොඳින් මතකය. ප්‍රේම් ගේ මුහුණ තිරය මත බොඳවී ගොස් ජැකාගේ මුහුණ තිරය මත මැවුනි. ඒ ලැබුනු අවසරයෙන් ඔහු රූපවාහිනීය දිග් විජය කලේය.

ඔහු සතුවූ දැනුම, මතකය, සුඛනම්‍ය බස් වහර, ප්‍රථිභාව හා ප්‍රථිභාපූර්ණ බව සංයෝජනය වූ විට මැවුනේ සුපිරි ඉදිරිපත් කරන්නෙක්මය!

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී අලියෙකු හා ගැටී ජැකා ජීවිතයත් මරණයත් අතරට වැටේ! මේ පිළිබඳවද සැක සංකා රාශියකි!

ඒ සමගම බුකිය පුරා ඔහුට මරණය ප්‍රාර්ථනා කරමින්ද දෙස් දෙවොල් තබමින්ද ගල් වැහි වහින්නට පටන් ගන්නා ලදී.

මේ ගල් එල්ල කලේ  තම ආදරණීය කලා කරුවාට යැයි ඔබ සිතනවාද ?

නැත!

ඒ සියල්ල එල්ල වූයේ ජැකා නමැති කඩේ යන්නාටය!

ජැකා සමගම කඩේ යෑම ඇරඹූ ශ්‍රියන්ත මෙන්ඩිස් වෙත අදටත් සාමාන්‍ය ජනතාව එසේ ගල් ගැසුවේ නැත. ඒ ශ්‍රියන්ත වඩා ආදර්ශමත් ලෙසට හෝ වඩාත් ගෞරවාන්විත දේශපාලකයෙකු වෙනුවෙන් කඩේ යෑම නිසා නොව ඔහු ඒ සඳහා භාවිතා කල මල්ලේ ප්‍රමාණය හේතු කොට ගෙනය.

ගාමිනී, ජෝ, විජය, නිහාල් සිල්වා සියල්ල දේශපලනය කල නළුවන් විය. වෙනත් කලා කරුවන් සඳහාද උදාහරණ බොහෝය! එහෙත් ඒ කිසිවෙකු වෙනුවෙන් මෙවන් වෛරී ප්‍රකාශ ඔවුන්ගේ මරණ මංචකයේදී එල්ල වූයේ නැත!

ගාමිනී හා විජය ජැකාට වඩා සක්‍රීය ලෙසට දේශපාලනය කල අය ය.

විජය මහජන පක්ෂයේ සභාපති වුනු අතර ගාමිනී වරෙක පාර්ලිමේන්තුවේ කථානායක අසුන පවා හෙබවීය!

එය එසේ වුවත්; විශේෂයෙන් විජයගේ ඝාතනය වේලාවේදී හෝ ඔහුගේ ප්‍රථි පක්ෂ විසින් ඔහුට ගල් ගැසුවේ නැත!

මෙයට හේතුව ලෙස මා දකින්නේ; සාමාන්‍යයෙන් සියළු පුරවැසියා වෙත ලැබෙන අයිතියක් වන දෙශ්පාලනයක් කිරීමට ඇති අයිතිය පිළිබඳව කිසිවෙකු උරණ නොවන බවයි. එසේම ඔවුන් දේශපාලනය කලේ හුදෙක් තමා වෙත ලැබෙන වරදාන හෝ පොදු ජනායා ඇන්දවීමට හෝ නොවන බැවිනි. (මෙය මෙසේමද නැතහොත් එයද ඔවුන්ගේ රඟපෑමක්දැයි මා දන්නේ නැත! එය කෙසේ වෙතත්; එය රඟපෑමක් නම් ඔවුන් එම චරිතයට උපරිම සාධාරණය කලහ.)

සාමාන්‍ය ජනතාව උරණ වන්නේ; තමා ආදරය කරණ කලා කරුවා සතු එම කලා කුශලතාවය, හැකියාව, දේශපාලකයෙකු හෝ පක්ෂයක් වෙනුවෙන් කරණු ලබන අවභාවිතාවේදීය.

ජැකා කෙරෙහි සාමාන්‍ය මිනිසා තුල පැවති ගෞරවය ආදරය අන්තිමටම ගිලිහී යන්නේ මහින්දට බුදුන් සමග ඇති ලින්කුව ගෙන හැර දැක්වීමට යෑමෙන් පසුවය.

ජැකා තමා සතු ප්‍රථිභාපූර්ණ බව පිළිබඳව; ඔහුගේ රසිකයා තුල වසර ගනනාවක් ගොඩනැංවූ  විශ්වාසය; කරණ කොටගෙන "ජැක්සන් ඇන්තනිත් කියනවා නං බොරුවක් වෙන්නත් බෑ!" කියා සිතන්නට සාමාන්‍ය ජනතාව පෙළඹවීමම තක්කඩි කමකි!

බුදුන් කෙරෙහි ගෞරවයක් භක්තියක් ඇති හෝ නැති අයෙකු හට වුවද; බුදුන් මහින්දට කල පූට්ටුව පිළිබඳව ඇතිවන්නේ සාධාරණ කේන්තියකි. මන්ද "දුටු ගැමුණු" ට රඟපෑ නළුවාට, "පබා"ට ඡන්දය දුන් ගවයන් සිටිනා රටක බුදුන්ගේ ඥාතීත්වයට තම ඡන්දය නොව තම අඹු සිඟිත්ත උවද පාවා දීමට පෙළගැසෙන උන් සිටිය හැකි බැවිනි. 

ගාමිණී ෆොන්සේකා කතානායක පුටුවට තේරී පත්වූ අවස්ථාවේ එය වාර්ථාකල පුවත්පත් කලාවේදීන්; ගාමිණී ෆොන්සේකා මහතාගේ හැසිරීම;  ඉතාමත් පලපුරුදු ආකාරයේ එකක් වූ බව ලියූවේ ගාමිණී ෆොන්සේකා යනු  "සිංහල  සිනමාවේ සක්විති" බව අමතක කොටය!

ගාමිණීගේ රඟපෑම තුල එංගලන්තයේ රජුගේ  භූමිකාව වුවද දැක්වීමට ඇවැසි මුවහත ඇති බව ඔවුනට අමතක විය.

එසේම ඕනෑම චරිතයකට පන පෙවිය හැකි ජැකාටද තමාගේ මතවාදයට පන පෙවීමට සාමාන්‍ය ජනතාව තුලට එබ්බවීමට ඕනෑම ආකාරයක රඟපෑමක් කල හැකි බව අමතක කල යුතු නොවේ!

තමාගේ රංග කාර්‍යය මෙතරම් උසස් මට්ටමකට ගෙන ඒමේදී උගෙන ගත්, දැන උගත්, අභ්‍යාස, පුහුණු, පාඩම්, අත්දැකීම්, පලපුරුදු කම්, කල පුරුදු කම් සියල්ල පත අට එකට සිඳුවා ගත් කල මෙම කටයුත්ත වඩාත් නොව වඩ වඩාත් සාර්ථකව කිරීමට හේ ඉවෙන් දනී.

මේ නිසාම ඔහු තම මත වාදයන් එළි දැක්වීමේදී වඩාත් කල්පණාකාරී වීමට වගකීමක් තිබුනි.

කාලයක් ඔස්සේ තමා ගොඩ නගා ගන්නා කුමන හෝ ආකාරයේ පෞර්ෂයක් හුදෙක්  තමාගේ ප්‍රථිලාභ වෙනුවෙන් කෙරෙන්නාවූ දේශපාලන උවමනාවන් වෙනුවෙන් කාලයක් ඔස්සේ තමා ගොඩ නගා ගන්නා කුමන හෝ ආකාරයේ පෞර්ෂයක් හුදෙක්  තමාගේ ප්‍රථිලාභ වෙනුවෙන් කෙරෙන්නාවූ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගණිකා      වෘත්තියේ   යොදවන්නා තක්කඩියෙකි!

එය එසේ කරණු ලබන; සමාජය තුල කිසියම් පිළිගැනීමක්, හෝ යම් ආකාරයක සිවිල් බලය්ක් හිමි කුමන ආකාරයේ අයෙකු විසින් හෝ නොකල යුත්තකි.

ගෝටාගේ කැම්පේන් එකේදී නෙළුම් පොහොට්ටු බෙදූ "නයි සාදුත්" මෙම කුලකයේ තවත් එක් අවයවයකි.

ජැකා මිය යාමෙන් පසුව "ආං ඇඳ! ගිහිං දොයිය ගනිල්ලා!!" කියා කෝචොක් දාන එවුන් හට මේ යතාර්ථය නොතේරේ.

ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද හරි කියා සෙවීම නොව කවුද හරි කියා සොයා තමාගේ පිලට හුරේ දැමීම පමණකි!

මොකා මොන දහදුරා වැඩේ සිදු කොට හෝ තමාගේ පක්ෂය හෝ අපේක්ෂකයා දිනනවා දැකීම තරම් ආතල් එකක් ඔවුනට නැත.

අද වන විට ජැකා මියගොස් අවසානය! එසේම මහින්දද දේශපාලනික ලෙස මියගොස් අවසන් ය! කාලය ගෙවී යයි. 

බුදුන් කෙසේ වෙතත් මහින්ද; "සුද්ධෝදන" කෙනෙක් බව නම් අදවන විට සියල්ලන්හටම ප්‍රථ්‍යක්ෂ වී හමාරය! 

අනාගතය විසින් ජැකාව කුමන ස්ථානයක තබාවිදැයි කියන්නට මා ඉක්මන් නොවෙමි. 

කාලය ගලා යයි!

ජැකා භූමිකාවක් නොකලද මෙරට වේදිකාවේ තිරගතවූ සුන්දර නාට්‍යයක් අවසානයේ පසුබිමින්  ගැයුනු සුන්දර ගීත කණ්ඩයක් මගේ මතකයට එයි. 

ජීවිතයේ විවිධ වූ හැලහැප්පිලි අවසානයේ ජීවිතය එක් තැනක නැවතී ඇත! 

වේදිකාවේ රැඳී සිටින්නේ පතාක යෝධයෙකි.

ඒ; නීල් අලස්!

"අංගාරා ගඟ ගලා බසී . . . . . . !"  (සවන් දෙන්න)


Saturday, October 14, 2023

218. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් . . . . . . . (ශනිදා දහයට II)



යන්න . . . . කුමක් හෝ කරණ්න

මුතුහර 1998 අගෝස්තු

අද බොහෝ තරුණයන් කාලය ගෙවන්නේ කරණ්නනට දෙයක් නැතුවයි. එසේම කිසියම් කාර්යක නියැලුනද එය අළුත් දෙයක් නව නිර්මානයක් වන්නේ ඉතා කලාතුරකුන්ය.

වරෙක තරුණ ශිෂ්‍යකු පැවසූ දෙයක් මතෙකයෙට එයි.

"අයිසෙක් නිව්ටන් නොසිටියා නම් අඩු ගානේ උඩ පැන්නොත් බිම වැටේ කියන එකවත් සොයා ගන්න තිබුනා."

මින් අදහස් කරණ්නේ තරුණයන් හට කරණ්න දෙයක් නැති වගද? අළුත් යමක් පිළිබඳව සිතන්නට කාලය ඉතිරිව වී නොමැති බවද? එසේ සිතන අයට දිය හැකි හොඳම නිදසුන වර්ෂ 1706 -1790 අතර ජීවත් වූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් චරිතයයි.

The longman Encyclopedia ලොංග්මන් විශ්ව කෝෂයේ ප්‍රථම සංස්කරණයේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් චරිතය පිළිබඳව ලියා ඇත්තේ මෙසේය:- 

අමෙරිකානු දෙශපාලන විශාරදයෙකි. මුද්‍රණකරුවෙකි. විද්‍යාඥයෙකු හා ගත් කතුවරයෙකි. 1723 මුද්‍රණ කරුවෙකු ලෙස ෆිල්ඩෙල්ෆියාවට ගිය ඔහු එහිදී තම බුද්ධියට හා සාමාන්‍ය දැනීමේ දර්ශණයට ගෞරවය දිනා ගත්තේය.



1732 - 1757 අතර ප්‍රකාශිත Poor Richard's Almanac විශේෂ එකකි. දැනට විශ්ව විද්‍යලයක්ව පවතින පෙනිසිල්වේනියා ඇකඩමිය ආරම්භ කිරීමට 1751දී හේ උර දුන්නේය.

එසේම 1753 - 1774 කාලය අතර එහිවූ කොලනි (ජනපද) වෙනුවෙන්  නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්  වරයා ලෙස සේවය කලේය.

දකුණු කුණාටු තුලට යැවුනු සරුංගලයක් යොදා ගනිමින් ඔහු කල කීර්තිමත් පරීක්ෂනය තුලින්; අකුණු තුල ඇති අධික විදුලි සැර පිළිබඳව ලොවට හෙලි කලේය.

1754දී නිව්යෝර්ක් ඇලබෙනිහී දි පැවති සුප්‍රකට ඇලබෙනි සමුළුව Albany Congress නම්වූ බ්‍රිතාන්‍ය යටත් විජිත නියෝජිත හමුවේදී යටත් ප්‍රදේශ සියල්ල එක්සත් කිරීම යෝජනා කලේය.. යටත් ප්‍රදේශ කිහිපයක නියෝජිත ලෙස එංගලන්තයේ සිට නැවත 1775දි; විප්ලවීය හේතුකොට ගෙන අමෙරිකාවේ ඇතිවූ නොසන්සුන් තාවය අතරේ; පෙරළා පැමිණ; පසුව අත්සන් කල නිදහස් ප්‍රකාශයේ කෙටුම්පත සැකසීමට හවුල්විය.

අමෙරිකානු විප්ලවය පැවති අවදියේ ඔහු ප්‍රංශයේ අමෙරිකානු නියෝජිත ලෙස සිටි අතර 1781 දී සාමය සඳහා බ්‍රිතාන්‍ය සමග කටයුතු කිරීමේ කොමසාරිස් ලෙස පත්කරනු ලැබීය.

ඔහුගේ අවසාන ප්‍රජා කටයුත්ත ලෙස 1787 මැයි - සැප් අතර ෆිල්ඩෙල්ෆියා හීදී එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය සැකසීමේ හමුවට සහභාගීවීම දැක්විය හැක.

එසේම Ripley's Belive It or Not! 2nd Series ග්‍රන්ථයේ ෆ්‍රෑන්ක්ලින්ගේ විශ්ව සේවාව හා ඔහුගේ චරිතය සමග බැඳුනු විශ්මය දනවන තොරතුරු රාශියක් මෙසේ පිඬුකොට දක්වා ඇත.

සභ්‍යත්වයට පත්වූ ප්‍රථම ඇමරිකානුවා ඔහුය.

පවුලක බාලම පුතකුගේ බාලම පුතුගේ බාලම පුතුගේ බාලම පුතා විය.

ප්‍රථම ඇමරිකානු දර්ශණවාදියා ඔහුය.

ප්‍රථම ඇමරිකානු තානාපතිවරයාද ඔහුය.
හාමොනිකා (Glass Harmonica) සංගීත භාණ්ඩය නිපදවූයේ ඔහුය.


පැද්දෙන පුටුව ඔහුගේ නිමැවුමක්ය.
Benjamin Franklin is credited with the actual invention of the rocking chair in 1710, although other sources claim it was invented by farmers or by early cabinetmakers. The word rocking chair didn't appear in the Oxford English Dictionary until 1787.

වීථි ලාම්පු ඔහුගේ අදහසක්ය.

The earliest street lights in the colonial America were oil lamps burning whale oil from the Greenland or Arctic right whales of the North Atlantic, or from sperm whales of the South Atlantic, South Pacific, and beyond.[1][3] Lamplighters were responsible for igniting the lamps and maintaining them.[3] As early as the 1750s, inventor Benjamin Franklin of Philadelphia introduced innovations in oil lamp design, such as using two woven wicks to siphon oil from a reservoir, and flat panes of glass which could be easily replaced and were cheaper than blown glass bowls.[1]

ප්‍රථම දේශපාලන කාටුන් ශිල්පියා ඔහුය.

එම අවධියේ හොඳම පිහිනුම් කරුවා ඔහුය.

ජංගම පුස්ථකාලය බිහි කලේ ඔහුය.

ජංගම පුස්ථකාලය බිහි කලේ ඔහුය.
Gulf Stream උණුසුම් දියවැල සොයා ගත්තේය.
අකුණු සන්නායකය ඔහුගේ සොයා ගැනීමක් විය.
The principle of the lightning rod was first detailed by Benjamin Franklin in Pennsylvania in 1755,[2] who in subsequent years developed his invention for household application (published in 1757) and made further improvements towards a reliable system around 1760.

පෙනිසිවේනියාවේ සිව් වරක් සභාපති වූවේය.

පුවත්පත් තැපැල් මගින් ගෙන යෑම හඳුන්වා දුන්නේය.

වීථි පවිත්‍ර කිරීමේ දෙපාර්තමේන්තුව ඔහුගේ හඳුන්වා දීමක්ය.

අකුණු ගැසීම හා ඒ හා ගැබ්වුනු විදුලි සැර හඳුනා ගැනීම පිළිබඳව ගවේශනය කලේය.

ඇමරිකාවේ ප්‍රථම ආප්තෝපදේශ වාක්‍ය රචකයා ඔහුය.

වෙළඳ දැන්වීම් කලාව හඳුන්වා දුන්නේය.
ද්විත්ව කාච සහිත ඇස් කන්නාඩිය ඔහුගේ හඳුන්වා දීමක්ය.
Benjamin Franklin is generally credited with the invention of bifocals. He decided to saw his lenses in half so he could read the lips of speakers of French at court, the only way he could understand them.[1] Historians have produced some evidence to suggest that others may have come before him in the invention; however, a correspondence between George Whatley and John Fenno, editor of the Gazette of the United States, suggested that Franklin had indeed invented bifocals, and perhaps 50 years earlier than had been originally thought.[2] On the contrary, the College of Optometrists concluded:

සංශිප්ත ඉංග්‍රීසි යාඥා පොතෙහි කතෲ ඔහුය.

ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය ප්‍රථමයෙන් සංශෝධනය කලේය. 

ප්‍රාශ්වාස වාතය විෂ  සහිත බව සොයා ගත්තේ ඔහුය.

Avrora Borelis උත්තර ධ්‍රැවය අසල රාත්‍රියේ පෙනෙන ආලෝකය (උදිවි ආලෝකයා පිළිබඳව ප්‍රථම විස්තර කිරීම ඔහුගේය.

නූතන දන්ත වෛද්‍ය ශිල්පයේ පියාය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරම්භකයාය.

ප්‍රථම ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව සංවිධානය කලේ ඔහුය.
Franklin Stove ෆ්‍රැන්ක්ලින් උඳුනෙහි නිර්මතෲ වරයාය.

උෂ්න දේශගුණික තත්වයනට පාවිච්චිය සඳහා සුදු දල රෙදි හඳුන්වා දුන්නේය.
නූතන තැපැල් කාර්‍යාල ක්‍රමය ස්ථාපිත කලේය.

වෙළඳ දැන්වීම් සඳහා රූ සටහන් ප්‍රථමයෙන් යොදා ගත්තේ ඔහුය.

කොන්ග්‍රසය සඳහා ඡන්ද ක්‍රමයේ නිර්මාතෲ ඔහුය.

Yellow Willow කහ විලෝ ගස සහ ඉදල් ඉරිඟු ඇමරිකවට හඳුන්වා දුන්නේය. ප්‍රථම වාත සංවහන විධි ක්‍රමය නිපදවූයේ ඔහුය.

ප්ලාස්ටර් ඔෆ් පැරිස් පොහොර සඳහා යොදා ගැනීමේ ප්‍රමුඛයාය.

වර්ෂ 1706 දී උපත ලබා 1790 දී මිය ගිය ෆ්‍රෑන්ක්ලින්; තමා ජීවත්වූ වසර 84ක කාලය තුල මෙම සියළු කාර්‍යයන් ඉටුකොට තිබුනි.
අද කාලයේ ජීවත්වන තරුණයන්ගේ ඒකාකාරී කිසියම් ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා මෙහෙය වීමේ සත් ක්‍රියාව ඉටු කරලීමට 1967 ජුනි Readers Digest  සඟරාව පරමාදර්ශී පුද්ගලයා ලෙස දක්වා තිබුනේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්වමය. 
ඒ මෙසේය:-
මෙම ලිපිය කියවන බොහෝ අය ඇස් කණ්නාඩි යුගලයක් සහය කරගන්නවා ඇත. ෆ්‍රෑන්ක්ලින් එම නිමැවුම ලොවට දායාද කලේ ඔහුගේ වයස අවුරුදු 78ක්ව පැවතිය දීය.
මෙම පිටුව මුද්‍රණය කරනු ලැබූවේ විදුලි බලයෙන් ක්‍රියාකරන මුද්‍රණ යන්ත්‍රයකින් ය. විද්‍යුතය සේවයේ යොදවා ගත් පුරෝගාමීන් අතර ඔහුද එක් අයෙකි. එවකට ඔහුගේ වයස අවුරුදු 41කි.
මෙම ලිපිය කියවන පාඨකයින් අතර අයිවි ලීග් Ivy League  විශ්ව විද්‍යාල පද්ධතියේ විද්‍යාලයකට සම්බන්ධ අයෙකු සිටීමට පුළුවන. එම සංගමයේ ආරම්භකයා ෆ්‍රෑන්ක්ලින්ය. ඒ වයස 43 දීය.
Ivy League අමෙරික එක්සත් ජනපදය තුල පිහිටුවා ඇති වඩාත්ම පිළිගැනීමට ලක්වූ වීශ්ව විද්‍යාල පද්ධතියයි. බ්‍රවුන් (ආරම්භය 1764), කොලොම්බියා (1754), කූනල් (1865), ඩාට් මර්ත් (1769), හාවර්ඩ් (1636), ප්‍රින්ස්ටන් (1746), පෙනිසිල්වේනියා (1755), යේල් (1701)
The Ivy League universities are Brown University, Columbia University, Cornell University, Dartmouth College, Harvard University, the University of Pennsylvania, Princeton University, and Yale University.

අමෙරිකාවේ ප්‍රථම සාමාජිකාවන් සහිත පුස්තකාලය පිහිට වූයේ ඔහුය. එවකට ඔහුගේ වයස අවුරුදු 25ක් විය.
පුවත් පත් පිටපත් තැපැල් මගින් යැවීමේ පියාද ඔහුය. ඒ අවුරුදු 47 දීය.
ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව 30දී, අකුණු සන්නායකය 44දී තවමත් ප්‍රයෝජනයට ගන්නා උඳුන 34දී හේ එළි දැක්වීය.
විවිධ මතධාරියෙකු හා භාෂා පහක් ලිවීමට හා කථාකිරීමට දත් විශාරදයෙකුවූ හේ අහස් යානය සොයා ගැනීමට වසර සියයකට පෙර අහසේ පාකල බැලූන මගින් පහත හෙලූ පැරශුට් භටයන්  හට උපදේශකවරයෙකු වූවේය.
ඔහුගේ විධිමත් අධ්‍යාපනය වසර දෙකකට සීමාවිය. දැනට ඔබ පසුවන වයසේදී එම වසේ ෆ්‍රෑන්ක්ලීන්ට වඩා දැනුමැති අයෙකු බවට එය කදිම සාක්ෂියකි.
නමුත් ඔබ විසින් නව නිර්මාණයක් ගැන සිතන්නට එම දැනුම ප්‍රයෝජනයට නොගනී. සියල්ල සිදුවී හමාරය!
නැත!
කෘෂි අමෙරිකානු ෆ්‍රෑන්ක්ලින් දවසට වඩා අද බොහෝ සංකීර්ණ වී ඇත.
එදින පිළිතුරු අදට යෝග්‍ය නොවේ!

1967 ජුලි Science Digest  සඟරාවේ 87 වන පිටුවේ දැක්වුනු වෙළෙඳ දැන්වීමක් මගින් Mystry of Life නමැති පොතක නොමිලේ දෙන පිටපතක් ලබා ගත හැකි ආකාරය දක්වා තිබුනි. 
එම පොත සම්පාදනය කොට බෙද හරිණු ලැබූවේ The Rosicrucian නමැති කැලිෆෝනියාවේ පිහිටි සංවිධානයකින් ය. 
එම දැණ්වීමේ දක්වා තිබුනු ආකාරයට ෆ්‍රෑන්ක්ලින්ද රොසිකෲශනයෙකු (A Rosicrucian) වී ඇත.
එය අමෙරිකාවට පැමිණ ඇත්තේ 1694 වසරේදීය.

මෙම දර්ශණය පිළිබඳ කරුණු දක්වන Longman Encyclopedia  පවසන්නේ The Rosicrucian යනු ගුප්ත විශ්වාසයන් පිළිබඳව කැපවුනු රහස් සංවිධානයක් බවයි. 
ඔවුන්න් විද්‍යාව හා ආදී රසායනික (Ischemic) පර්යේෂන හරහා අධ්‍යත්මය අවභෝධ කර ගැනීමට උනන්දුවූ පිරිසක් ලෙසට දක්වා ඇත.
1561 - 1626 අතර එංගලන්තයේ ජීවත්වූ ෆ්‍රැන්සිස් බේකන්ද මෙම සංවිධානයේ සාමාජිකයෙකු බවද එහි සඳහන් වේ!

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ගැන තවදුරටත් මෙතැනින් කියවන්න.







Saturday, October 7, 2023

217. තට්ටයාගේ දිනපොත . . 1 ( ශනිදා දහයට I)

මගේ නමින්ම දින පොතක් ලියැවුනේ ලක්බිම පත්තරේ රිද්ම සප්ලිමන්ට් එකට.ඒක යම් ආකාරයක තීරු ලිපියක් වගේ එකක්. අනේ කියන්න සංතෝසයි පිංවතුනි අද වෙන කොට එක පත්තර තීරුවක් වත් නැහැ. පසු ගිය මගේ වික්ටර් රත්නායක පිළිබඳ ලිපිය පල වීමත් සමග මේ දින පොත මතක් කරලා තිබුනා. බලමු ලියන්න. ඒකාලේ තිබුනු රිද්මය නැති නිසා වැඩේට පොඩි අලුත් මුහුණු වරක් දෙන්නම්!

1.    අද දවසත් නොම්මර එකට වැස්ස! හිට ගෙන බොහෝ පවිත්‍රතා කටයුතු කරණ්න පුළුවන් තත්වයක් තිබුනේ. උදේම ඇඳේ ඉඳන් ලෝකය දිහාට එබිලා බලන කොට මාර්ග අනතුරු පෝලිමක්. ඒකේ සුපිරිම එක වෙලා තිබුනේ කොල්ලුපිටියේ . ගහක් කඩන් වැටිලා සීටීබී බස් එකක් උඩට!

මේ ගැන ෆේස් බුක් එකේ එක කථාවයි.

දැන් මේ සීන් එකට මැද්දට සෙට් වෙලා තියෙන්නේ පරිසරවේදියන්ව!

"මේ ගහ අයිං කරණ්න ගියානං බලන්න තිබුනා පරිසර වේදියෝයි දෙවානියි මෙතන රඟන රැඟිල්ල!' ඔන්න එකෙක්ගේ අදහස!


"සිංගප්පූරුවේ පාර අද්දර ගස් මිලියන 2.9ක් ඇත!" එකෙක් දීලා තිබුනා ඒ ගැන හොඳ පිළිතුරක්. තවත් එකෙක් කියලා තිබ්බා නගර සභාව, UDA, RDA එකේ වගේ ආයතන වල මේ ගස් ගැනම බලන්න පඩි දීලා ඉන්න එවුං ගැන කියලා තිබ්බා. 

ඇමති කියලා තිබ්බේ අනතුරු දායක ගස් සියල්ල ඉවත් කරණවා කියලා.

අනේ අපරාදෙ කියන්න ගෙවල් ටිකකට ගෘහ භාන්ඩ, වහල ලී, ආදිය ලැබෙන තවත් එක් පිං කමක ආරම්භයක් වෙයි වගේ.


2.   පහුගිය දවස් ටිකේ වාහන වලට ආදායම් බලපත්‍ර ලබා දීම නවතා තිබුනා. අහන අහන එකා කිව්වේ සිස්ටම් අවුලක් කියලා. ඒක හරියට ලෙඩ්ඩු මැරෙන්න හේතුව "විෂ බීජයක් ශරීර ගත වෙලා!" කියනවා වගේම සරල සුගම පිළිතුරක්.

අද වැඩේ පටං අරං කියලා ආරංචියකට යාලුවෙක්ගේ වැඩකට එල්ලිලා ගියා.

වෙනදට වඩා හැම බලපත්‍රයම ගනං ගිහිල්ලා. 

එතන කවුලුව ළඟ පොඩි ලෑලි කෑල්ලක්වත් නෑ අරං තියෙන කොල ටික තියාගන්න.

"මෙතනට ඔය ජනෙල් පියනක් වත් ගලෝලා ඇනයක් ගහන්නකෝ; ගෙනාපු කොල ටික තේරුම් බේරුම් කරගන්න වත් බෑනේ!" දෙකට නමපු ෆයිල් එකක් දෙපරැන්දේ ගහගෙන අත් දෙකේ දුං සහතිකයයි පරන ලයිසන් එකයි අල්ලගෙන හිටපු බුවෙක් ලෙඩේ ඇද්දා!

ඇත්තටම ඒක නික උන්මාද චිත්‍රා ගේ සීමැදුරු කවුළුව වගේ තමයි!

"කවුද දන්නේ නෑ මේ XXXට ආදායම් බලපත්තරේ කියලා නම දාපු එකා? කොට කලිසමක් ඇඳන් පෝලිමේ ඉස්සරහ හිටමු එකෙක් සද්දෙන් ඇහුවා!

"හරි බං ඔය නම දාලා තියෙන්නේ ආණ්ඩුවෙන්නේ! අපිට වියදමක් උනාට උංට ඒක ආදායමක් නේ! පෝලිමේ පිටිපස්සෙ හිටපු එකෙක් හීනියට කියලා දැම්මා!


3.   කුරුණෑගල ගියා. යනකොට ගිය සීටීබී බස් එකේ ටිකට් එක රුපියල් 310 යි. එනකොට ආවේ වවුනියාවේ ඉඳන් එන ඩී එස් ගුණසේකර බස් එකක. ඒකෙ ටිකට් එක 428යි. 

"ඇයි මේ ගනං දෙකක්!?"

"ගනං දෙකක් තමයි!"

මම එහෙම අහන කොට ළඟ හිටපු අහිංසක දෙමල සහෝදරෙයෙක් මගේ අතේ ටිකට් දෙකක් ගුලි කලා. 

යනකොට සීටීබී එකේ ටිකට් එක 550යි. මේ බස් එකේ 1210!

බස් එකේ කට කපලා සෙනග.

"එකම දුර දුවන ආණ්ඩුවේ බස් එකෙයි ප්‍රයිවෙට් බසෙකෙයි ගාස්තුව සමාන කරගන්න බැරි එවුං කොහොමද රටක් පාලනය කරණ්නේ?"  ළඟ හිටපු තලතුනා මහත්තයෙක් මගේ කණට කිව්වා!


4.  දුම් රිය නියාමක වර්ජනයක්!

හේතුව එකෙක් තවත් එකෙකුට ගහලා!!

ගහන්න හේතුව තහනම් ස්ථානයක සිගරට් එකක් බීම!!!

ප්‍රථිඵලය:- දෙනෝ දාහක් දෙනා හට තමන්ගේ සුපුරුදු ගමනා ගමන ක්‍රම වේදය නැතිවී මහ මග අතරමං වීමට සිදුවීම.

යකෝ මේවද බං වෘත්තීය ක්‍රියා මාර්ග කියන්නේ?

මේවා විකුණලා දාන්න; සාමාන්‍ය මිනිසුන් තුලම උවමනාවක් ඇතිකිරීමට කරණ දේවල්ද මංදා!?

අපරාදෙ "කූඹියෝ" පෙන්නුවේ.


5.   මේ ළඟදි අපේ ගෙවල් ගාව ඉන්න තිලක්කයියා මගෙන් ඇහුවා  "මල්ලි ඔයා දන්නවද අර මාග්‍රට් තැචර්ගේ  XX කථාව?" කියලා!

(XX කිව්වේ අධෝ වාතයට! කියන අපේ කටට හුරු නාම පදය!)

මම කිව්වා නෑනේ කියලා! 

"එහෙනං ඔන්න අහගන්නකෝ!" කියලා එයා කථාව පටං ගත්තා.

"ඔන්න ඒන්ගලන්තෙ කාලෙකට සැරයක් පවත්වනවානේ පොදු රාජ්ජ මණ්ඩලේ ණය දෙන සීන් එක?

ඉතිං ඒක පවත්වපු එක දවසක් ඒකේ මූලාසනේ හිටියේ මාගරට් තැචර්ලු. පොදු රජ්ජ මණඩලේ කිව්වාම එන්ගලන්තේට යටත්වෙලා හිටිය රටවල් වල කට්ටියනේ ඉන්නේ. ඉතිං ඉන්දියාවෙන්  . . කව්ද අර බෝම්බෙන් මලේ . . ?"

"රජීව් ගාන්දි!"

"ආන්න හරි පොරයි පකිස්තානෙ සියා උල් හකුයි තව බංගලිදෙසෙන් අර කොට පොර  . . කවුද?"

"අයියේ ඌ බංගලියෙක් නෙවේ! ඒ කොට පොර අබ්දූල් ගයූම්ද කවුද හිටියේ මාලදිවයිනෙ!"

"හරි හරි ඔන්න ඔය වගේ කට්ටිය මේසේ වටේ වාඩිවේලා ඉන්න කොට අපේ තැචර්ට ඊයේ රෑ කාපු මගුලක් අප්සට් වෙලා XXයක් යන්න සෙට් උනාලු! ඉතින් මෙයා කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදලා හදලා බැරිම පාර පලාතම ගඳ ගහගෙන  දෙදෙරවගෙන වැඩේ කෙරුනලු! දැන් පලාතම ගඳ එකයිලු! 

ඒත් කට්ටිය මුකුත් උනේ නෑ වගේ ඉන්නකොට රජීව ගාන්දි නැගිටලා ඔලුව පාත් කරලා කිව්වලු 'ඒ වෙච්ච සීන් එක මම භාර ගන්නවා! මට සමා වෙන්න.' කියලා. අම්මට හුඩු තැචර්ට ආතල් කෝටියලු. එයා සීට් එකෙන් නැගිටල කිව්වලු 'අපගේ ආධාර යෝජනා ක්‍රමය යටතේ; පලමු පියවර විදියට; අපගේ ආදරණීය ඉන්දියාවට පවුං කෝටියක් ලබා දෙනවා' කියලා!

දැන් මෙහෙම කථාව යන අතරේ තැචර්ගේ බඩ ආයෙමත් කචල්ලු. දෙවෙනි වරත් ඒ ආනිසංසෙමලු. ඒ පාර සියා උල් හක් නැගිටලා බාර ගත්තලු.  තැචර් නොනා නැගිටලා පොඩි කයිවාරුවක් ගහලා පකිස්තානෙට පවුං ලක්ෂ පනහක් දුන්නලු!

ආයෙමත් සාක්ච්ඡාවලු!

දැන් ඔහොම සීන් එක යනකොට අපෙන් ගිය ප්‍රේමයා කල්පණා කරණවලු මෙහෙම! 'දැන් ඊළඟට යන එක අබ්දූල් ගයුම් බාර ගනී. ඊලඟ එක බංගලි දේසෙන් ගනී. ඔහොම ඔහොම යන්න යන්න ආධාරෙත් අඩුවෙලා මට මොනවත් ගන්න බැරි උනොත් අපේ ජෙප්පො ටික කියයි අඩු ගානේ XXයක් වත් බාරගන්න් බැරි එකෙක් කියලා! ඒ හින්දා ඉක්මනට හොඳ වැඩක් කරණ්න ඕන!' කියලා හිතලා අපේ බුවා අත ඉස්සුවලු 

එක්ස්කියුස් මී' කියාගෙන!

තැචර් කථාව නැවැත්තුවලු. දං කට්ටියම අපේ පොර දිහා බලාන ඉන්නවලු!

'යර්ස් මිස්ට ප්‍රේමදාස?' තැචර් නෝනා ඇහුවලු!

'සමාවෙන්න! ඔන්න කවුරුත් පනින්න එපා ඊලඟට තැචර් නෝනට යන XX මම බාර ගන්නවා!' කියලා අපේ පොර ආඩම්බරෙන් වටපිට බලලා වාඩි උනාලු.

ඒ එක්කම කතාව පටන්ගත්තු තැචර්; 'මේ ලංකාව කියන රටේ මානව හිමිකම් කේස් වැඩියි කියලා දීලා තිබුනු ආධාර ටිකත් කපලා දැම්මලු!' ඔන්න මල්ලී කතාව !  දැන් ඔයා දන්නවද ඔය වැඩේම මේ ලඟදි උනා?

"ඒ කාටද?'

"ඇයි ඒකමනේ අර පුත්තලං බූරුවා පොඩි සිංහට කලේ? අරූ; මම ගත්තෙම නෑ! මම දන්නේම නෑ!! කියලා පර සක්කල ගහලා කියාගෙනම ඉන්නකොට මූනේ ජන මාද්දෙත් එකතු කරගෙන; 

'මම පොඩි සිංහ ගේ හිග බිල ගෙව්වා!' කිව්වේ?

පොඩිසිංහ; පුත්තලංට ' තොගෙ . . . . . ! ' කියලා අමතන්න ඇතිනේ!?




23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...