Showing posts with label මාගේ පරිවර්ථන. Show all posts
Showing posts with label මාගේ පරිවර්ථන. Show all posts

Saturday, October 14, 2023

263. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් . . . . . . . (ශනිදා දහයට II)



යන්න . . . . කුමක් හෝ කරණ්න

මුතුහර 1998 අගෝස්තු

අද බොහෝ තරුණයන් කාලය ගෙවන්නේ කරණ්නනට දෙයක් නැතුවයි. එසේම කිසියම් කාර්යක නියැලුනද එය අළුත් දෙයක් නව නිර්මානයක් වන්නේ ඉතා කලාතුරකුන්ය.

වරෙක තරුණ ශිෂ්‍යකු පැවසූ දෙයක් මතෙකයෙට එයි.

"අයිසෙක් නිව්ටන් නොසිටියා නම් අඩු ගානේ උඩ පැන්නොත් බිම වැටේ කියන එකවත් සොයා ගන්න තිබුනා."

මින් අදහස් කරණ්නේ තරුණයන් හට කරණ්න දෙයක් නැති වගද? අළුත් යමක් පිළිබඳව සිතන්නට කාලය ඉතිරිව වී නොමැති බවද? එසේ සිතන අයට දිය හැකි හොඳම නිදසුන වර්ෂ 1706 -1790 අතර ජීවත් වූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් චරිතයයි.

The longman Encyclopedia ලොංග්මන් විශ්ව කෝෂයේ ප්‍රථම සංස්කරණයේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් චරිතය පිළිබඳව ලියා ඇත්තේ මෙසේය:- 

අමෙරිකානු දෙශපාලන විශාරදයෙකි. මුද්‍රණකරුවෙකි. විද්‍යාඥයෙකු හා ගත් කතුවරයෙකි. 1723 මුද්‍රණ කරුවෙකු ලෙස ෆිල්ඩෙල්ෆියාවට ගිය ඔහු එහිදී තම බුද්ධියට හා සාමාන්‍ය දැනීමේ දර්ශණයට ගෞරවය දිනා ගත්තේය.



1732 - 1757 අතර ප්‍රකාශිත Poor Richard's Almanac විශේෂ එකකි. දැනට විශ්ව විද්‍යලයක්ව පවතින පෙනිසිල්වේනියා ඇකඩමිය ආරම්භ කිරීමට 1751දී හේ උර දුන්නේය.

එසේම 1753 - 1774 කාලය අතර එහිවූ කොලනි (ජනපද) වෙනුවෙන්  නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්  වරයා ලෙස සේවය කලේය.

දකුණු කුණාටු තුලට යැවුනු සරුංගලයක් යොදා ගනිමින් ඔහු කල කීර්තිමත් පරීක්ෂනය තුලින්; අකුණු තුල ඇති අධික විදුලි සැර පිළිබඳව ලොවට හෙලි කලේය.

1754දී නිව්යෝර්ක් ඇලබෙනිහී දි පැවති සුප්‍රකට ඇලබෙනි සමුළුව Albany Congress නම්වූ බ්‍රිතාන්‍ය යටත් විජිත නියෝජිත හමුවේදී යටත් ප්‍රදේශ සියල්ල එක්සත් කිරීම යෝජනා කලේය.. යටත් ප්‍රදේශ කිහිපයක නියෝජිත ලෙස එංගලන්තයේ සිට නැවත 1775දි; විප්ලවීය හේතුකොට ගෙන අමෙරිකාවේ ඇතිවූ නොසන්සුන් තාවය අතරේ; පෙරළා පැමිණ; පසුව අත්සන් කල නිදහස් ප්‍රකාශයේ කෙටුම්පත සැකසීමට හවුල්විය.

අමෙරිකානු විප්ලවය පැවති අවදියේ ඔහු ප්‍රංශයේ අමෙරිකානු නියෝජිත ලෙස සිටි අතර 1781 දී සාමය සඳහා බ්‍රිතාන්‍ය සමග කටයුතු කිරීමේ කොමසාරිස් ලෙස පත්කරනු ලැබීය.

ඔහුගේ අවසාන ප්‍රජා කටයුත්ත ලෙස 1787 මැයි - සැප් අතර ෆිල්ඩෙල්ෆියා හීදී එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය සැකසීමේ හමුවට සහභාගීවීම දැක්විය හැක.

එසේම Ripley's Belive It or Not! 2nd Series ග්‍රන්ථයේ ෆ්‍රෑන්ක්ලින්ගේ විශ්ව සේවාව හා ඔහුගේ චරිතය සමග බැඳුනු විශ්මය දනවන තොරතුරු රාශියක් මෙසේ පිඬුකොට දක්වා ඇත.

සභ්‍යත්වයට පත්වූ ප්‍රථම ඇමරිකානුවා ඔහුය.

පවුලක බාලම පුතකුගේ බාලම පුතුගේ බාලම පුතුගේ බාලම පුතා විය.

ප්‍රථම ඇමරිකානු දර්ශණවාදියා ඔහුය.

ප්‍රථම ඇමරිකානු තානාපතිවරයාද ඔහුය.
හාමොනිකා (Glass Harmonica) සංගීත භාණ්ඩය නිපදවූයේ ඔහුය.


පැද්දෙන පුටුව ඔහුගේ නිමැවුමක්ය.
Benjamin Franklin is credited with the actual invention of the rocking chair in 1710, although other sources claim it was invented by farmers or by early cabinetmakers. The word rocking chair didn't appear in the Oxford English Dictionary until 1787.

වීථි ලාම්පු ඔහුගේ අදහසක්ය.

The earliest street lights in the colonial America were oil lamps burning whale oil from the Greenland or Arctic right whales of the North Atlantic, or from sperm whales of the South Atlantic, South Pacific, and beyond.[1][3] Lamplighters were responsible for igniting the lamps and maintaining them.[3] As early as the 1750s, inventor Benjamin Franklin of Philadelphia introduced innovations in oil lamp design, such as using two woven wicks to siphon oil from a reservoir, and flat panes of glass which could be easily replaced and were cheaper than blown glass bowls.[1]

ප්‍රථම දේශපාලන කාටුන් ශිල්පියා ඔහුය.

එම අවධියේ හොඳම පිහිනුම් කරුවා ඔහුය.

ජංගම පුස්ථකාලය බිහි කලේ ඔහුය.

ජංගම පුස්ථකාලය බිහි කලේ ඔහුය.
Gulf Stream උණුසුම් දියවැල සොයා ගත්තේය.
අකුණු සන්නායකය ඔහුගේ සොයා ගැනීමක් විය.
The principle of the lightning rod was first detailed by Benjamin Franklin in Pennsylvania in 1755,[2] who in subsequent years developed his invention for household application (published in 1757) and made further improvements towards a reliable system around 1760.

පෙනිසිවේනියාවේ සිව් වරක් සභාපති වූවේය.

පුවත්පත් තැපැල් මගින් ගෙන යෑම හඳුන්වා දුන්නේය.

වීථි පවිත්‍ර කිරීමේ දෙපාර්තමේන්තුව ඔහුගේ හඳුන්වා දීමක්ය.

අකුණු ගැසීම හා ඒ හා ගැබ්වුනු විදුලි සැර හඳුනා ගැනීම පිළිබඳව ගවේශනය කලේය.

ඇමරිකාවේ ප්‍රථම ආප්තෝපදේශ වාක්‍ය රචකයා ඔහුය.

වෙළඳ දැන්වීම් කලාව හඳුන්වා දුන්නේය.
ද්විත්ව කාච සහිත ඇස් කන්නාඩිය ඔහුගේ හඳුන්වා දීමක්ය.
Benjamin Franklin is generally credited with the invention of bifocals. He decided to saw his lenses in half so he could read the lips of speakers of French at court, the only way he could understand them.[1] Historians have produced some evidence to suggest that others may have come before him in the invention; however, a correspondence between George Whatley and John Fenno, editor of the Gazette of the United States, suggested that Franklin had indeed invented bifocals, and perhaps 50 years earlier than had been originally thought.[2] On the contrary, the College of Optometrists concluded:

සංශිප්ත ඉංග්‍රීසි යාඥා පොතෙහි කතෲ ඔහුය.

ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය ප්‍රථමයෙන් සංශෝධනය කලේය. 

ප්‍රාශ්වාස වාතය විෂ  සහිත බව සොයා ගත්තේ ඔහුය.

Avrora Borelis උත්තර ධ්‍රැවය අසල රාත්‍රියේ පෙනෙන ආලෝකය (උදිවි ආලෝකයා පිළිබඳව ප්‍රථම විස්තර කිරීම ඔහුගේය.

නූතන දන්ත වෛද්‍ය ශිල්පයේ පියාය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරම්භකයාය.

ප්‍රථම ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව සංවිධානය කලේ ඔහුය.
Franklin Stove ෆ්‍රැන්ක්ලින් උඳුනෙහි නිර්මතෲ වරයාය.

උෂ්න දේශගුණික තත්වයනට පාවිච්චිය සඳහා සුදු දල රෙදි හඳුන්වා දුන්නේය.
නූතන තැපැල් කාර්‍යාල ක්‍රමය ස්ථාපිත කලේය.

වෙළඳ දැන්වීම් සඳහා රූ සටහන් ප්‍රථමයෙන් යොදා ගත්තේ ඔහුය.

කොන්ග්‍රසය සඳහා ඡන්ද ක්‍රමයේ නිර්මාතෲ ඔහුය.

Yellow Willow කහ විලෝ ගස සහ ඉදල් ඉරිඟු ඇමරිකවට හඳුන්වා දුන්නේය. ප්‍රථම වාත සංවහන විධි ක්‍රමය නිපදවූයේ ඔහුය.

ප්ලාස්ටර් ඔෆ් පැරිස් පොහොර සඳහා යොදා ගැනීමේ ප්‍රමුඛයාය.

වර්ෂ 1706 දී උපත ලබා 1790 දී මිය ගිය ෆ්‍රෑන්ක්ලින්; තමා ජීවත්වූ වසර 84ක කාලය තුල මෙම සියළු කාර්‍යයන් ඉටුකොට තිබුනි.
අද කාලයේ ජීවත්වන තරුණයන්ගේ ඒකාකාරී කිසියම් ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා මෙහෙය වීමේ සත් ක්‍රියාව ඉටු කරලීමට 1967 ජුනි Readers Digest  සඟරාව පරමාදර්ශී පුද්ගලයා ලෙස දක්වා තිබුනේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්වමය. 
ඒ මෙසේය:-
මෙම ලිපිය කියවන බොහෝ අය ඇස් කණ්නාඩි යුගලයක් සහය කරගන්නවා ඇත. ෆ්‍රෑන්ක්ලින් එම නිමැවුම ලොවට දායාද කලේ ඔහුගේ වයස අවුරුදු 78ක්ව පැවතිය දීය.
මෙම පිටුව මුද්‍රණය කරනු ලැබූවේ විදුලි බලයෙන් ක්‍රියාකරන මුද්‍රණ යන්ත්‍රයකින් ය. විද්‍යුතය සේවයේ යොදවා ගත් පුරෝගාමීන් අතර ඔහුද එක් අයෙකි. එවකට ඔහුගේ වයස අවුරුදු 41කි.
මෙම ලිපිය කියවන පාඨකයින් අතර අයිවි ලීග් Ivy League  විශ්ව විද්‍යාල පද්ධතියේ විද්‍යාලයකට සම්බන්ධ අයෙකු සිටීමට පුළුවන. එම සංගමයේ ආරම්භකයා ෆ්‍රෑන්ක්ලින්ය. ඒ වයස 43 දීය.
Ivy League අමෙරික එක්සත් ජනපදය තුල පිහිටුවා ඇති වඩාත්ම පිළිගැනීමට ලක්වූ වීශ්ව විද්‍යාල පද්ධතියයි. බ්‍රවුන් (ආරම්භය 1764), කොලොම්බියා (1754), කූනල් (1865), ඩාට් මර්ත් (1769), හාවර්ඩ් (1636), ප්‍රින්ස්ටන් (1746), පෙනිසිල්වේනියා (1755), යේල් (1701)
The Ivy League universities are Brown University, Columbia University, Cornell University, Dartmouth College, Harvard University, the University of Pennsylvania, Princeton University, and Yale University.

අමෙරිකාවේ ප්‍රථම සාමාජිකාවන් සහිත පුස්තකාලය පිහිට වූයේ ඔහුය. එවකට ඔහුගේ වයස අවුරුදු 25ක් විය.
පුවත් පත් පිටපත් තැපැල් මගින් යැවීමේ පියාද ඔහුය. ඒ අවුරුදු 47 දීය.
ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව 30දී, අකුණු සන්නායකය 44දී තවමත් ප්‍රයෝජනයට ගන්නා උඳුන 34දී හේ එළි දැක්වීය.
විවිධ මතධාරියෙකු හා භාෂා පහක් ලිවීමට හා කථාකිරීමට දත් විශාරදයෙකුවූ හේ අහස් යානය සොයා ගැනීමට වසර සියයකට පෙර අහසේ පාකල බැලූන මගින් පහත හෙලූ පැරශුට් භටයන්  හට උපදේශකවරයෙකු වූවේය.
ඔහුගේ විධිමත් අධ්‍යාපනය වසර දෙකකට සීමාවිය. දැනට ඔබ පසුවන වයසේදී එම වසේ ෆ්‍රෑන්ක්ලීන්ට වඩා දැනුමැති අයෙකු බවට එය කදිම සාක්ෂියකි.
නමුත් ඔබ විසින් නව නිර්මාණයක් ගැන සිතන්නට එම දැනුම ප්‍රයෝජනයට නොගනී. සියල්ල සිදුවී හමාරය!
නැත!
කෘෂි අමෙරිකානු ෆ්‍රෑන්ක්ලින් දවසට වඩා අද බොහෝ සංකීර්ණ වී ඇත.
එදින පිළිතුරු අදට යෝග්‍ය නොවේ!

1967 ජුලි Science Digest  සඟරාවේ 87 වන පිටුවේ දැක්වුනු වෙළෙඳ දැන්වීමක් මගින් Mystry of Life නමැති පොතක නොමිලේ දෙන පිටපතක් ලබා ගත හැකි ආකාරය දක්වා තිබුනි. 
එම පොත සම්පාදනය කොට බෙද හරිණු ලැබූවේ The Rosicrucian නමැති කැලිෆෝනියාවේ පිහිටි සංවිධානයකින් ය. 
එම දැණ්වීමේ දක්වා තිබුනු ආකාරයට ෆ්‍රෑන්ක්ලින්ද රොසිකෲශනයෙකු (A Rosicrucian) වී ඇත.
එය අමෙරිකාවට පැමිණ ඇත්තේ 1694 වසරේදීය.

මෙම දර්ශණය පිළිබඳ කරුණු දක්වන Longman Encyclopedia  පවසන්නේ The Rosicrucian යනු ගුප්ත විශ්වාසයන් පිළිබඳව කැපවුනු රහස් සංවිධානයක් බවයි. 
ඔවුන්න් විද්‍යාව හා ආදී රසායනික (Ischemic) පර්යේෂන හරහා අධ්‍යත්මය අවභෝධ කර ගැනීමට උනන්දුවූ පිරිසක් ලෙසට දක්වා ඇත.
1561 - 1626 අතර එංගලන්තයේ ජීවත්වූ ෆ්‍රැන්සිස් බේකන්ද මෙම සංවිධානයේ සාමාජිකයෙකු බවද එහි සඳහන් වේ!

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ගැන තවදුරටත් මෙතැනින් කියවන්න.







Sunday, March 22, 2020

164. කේසි ජෝන්ස් - වීරයෙකු මැරුණු හැටි . . !



උතුරු ඇමරිකානු මහද්වීපයේ මහා කවි කථාව ලෙස; කාල් ඇන්ඩ්බර්ග් විසින් හඳුන්වනු ලබන කථාව පටන් ගන්නේ කෙසේද?
කේසි ජෝන්ස් යනු කවරෙක්ද?
ඉතා ස්වල්ප දෙනෙකු හැරෙණ්නට අනෙකුත් සියළුදෙනා ඔහුව හඳුන්වන්නේ "දුම්රිය අනතුරකින් මියගිය හුදෙක් දුම්රිය පදවන්නෙකු" යනුවෙන් පමනි.
එහෙත් ඔබ දුම්රිය සේවයට සමීප වන හා එය අගය කරණ්නෙක් නම් හෝ දැනට සිහිවටන මන්දීරයක් බවට හරවා ඇති ජැක්සන් හි ඔහු විසූ නිවස පිහිටා ඇති ප්‍රදේශයේ වාසය කරණ්නෙක් නම් මිස ඔහු ගැන ඔබේ දැනීම නොපැහැදිලි වීමට අවකාශ ඇත.

කේසිජෝන්ස්; ජොනතන්ලූතර් ජෝන්ස් ලෙස 1863දී දකුණු මිසූරිහී උපත ලැබීය.
ගුරුවරයෙකුවූ ඔහුගේ පිය; ඔහු කුඩා අවදියේදීම තම නිජබිම වන කේසී නගරයට සේන්දුවිය.
ඔහුගේ සොහොයුරණ් තිදෙනාම දුම්රිය පදවන්නන් වුවද ඔවුන්ගේ ජීවිත හෝ මරණ කේසිගේ මෙන් හැඟීම් දනවන ඒවා නොවීය.
නිල් පැහැයට හුරු අළු පැහැයෙන් යුතු දෙනෙත් සඟලකට හිමිකම් කී ඔහු; අඩි හයකුත් අඟල් හතක උසකින් යුත් ඉතා කඩවසම් තරුණයෙකු විය.
1900 දී ඔහු ; ඉලිනොයිස් මධ්‍යම දුම්රිය මාර්ගයේ සිටි විශිෂ්ඨතම දුම්රිය පදවන්නෙකුගෙන් එකෙකු බවට පත්ව සිටියේය.
ඒ වන විට අහස් යානය වැඩි දියුණුවී නොතිබුනි.
මහා මාර්ගද විරළ වූ එම වකවානුවේ රට තුල ගමනා ගමනයේ යෙදීමට හැකි වේගවත්ම මගවූ දැවැන්ත වාෂ්ප දුම් රියක් හසුරුවන්නෙකු නිතැතින්ම දනන් වසඟයට ගත් අයෙකුම විය.

අශ්වාරෝහකයින් තම සෑදලය අසු පිටින් අසු පිටට රැගෙන යනවා සේ; එකල විසූ බොහෝදුම් රිය පදවන්නෝ තම පෞද්ගලික වාෂ්ප නලාව (දුම්රිය නලාව) එන්ජිමෙන් එන්ජිමට ගෙන යෑම සිරිතක් සේ කරගෙන ගියහ. 
සෙන්ට් ලුවිස් හී සිටි; කේසි ජෝන්ස්ව අගය කරණ්නෙකු විසින් ඔහුට තෑගි දෙනු ලැබූ නලාව තන්ත්‍ර හයකින් යුක්ත වූ අසාමාන්‍ය එකකි. එයින් විශ්මිත ලෙස ගැයුනේ පහර පිට පහර වැදුනු අසරණයින් ගැන කියැවුණු Whip Poor Will. ගීතයේ අනුවාදනයයි.

මෙම මාර්ගයේ ඉහල සිට පහල දක්වා වාසය කල අය තම ඔරලෝසු වල වෙලාව නිවැරදි කර ගත්තේ; නියමිත තත්පරයට පැමිණෙන කේසිගේ පාළුව හුදෙකලාව මුහුවුනු දුක්බර ලතෝනියක් වැනි නලා හඬෙනි. 

ඔහු මත්පැන් පානය නොකලේය.එහෙත් භාන්ඩ ප්‍රවාහනයේ යෙදුනු මුල් අවධියේ සිටම ඔහු වේගවත් රියැදුරෙකු බවට ප්‍රසිද්ධියක් අත්කරගෙන සිටියෙකි.



චිකාගෝ සහ නිව් ඔර්ලියන්ස් අතර දිවුනු අධිවේගී දුම්රිය හතරක්; ඉලිනෝයි මධ්‍යම සේවය සතු විය. ඒවා හඳුන්වනු ලැබුවේ "කැනන්බෝල් එක්ස්ප්‍රස්" යනුවෙනි.

සැත්පුම් 188 (කිලෝමීටර 300) ක දුරකින් යුත් මෙම්පීස් ටෙන්සි හා කැන්ටන් මිසෝරි අතර දිවුනු දුම් රියක පදවන්නෙකු ලෙස සහය වීමට කේසි 1900 දී පත්විය. එවිට හේ 36 වියේ වූවේය.
නියමිත් කාල සටහන සකසා තිබුනේ සියළු නැවැත්වීම් ඇතුළුව පැයට සැතපුම් 50 ක (ආසන්න වශයෙන් පැයට කිලෝ මීටර 80) සාමාන්‍ය වේගයක් පැවැත් විය යුතු ආකාරයටය. 
ඔහුට සිම් ටී වෙබ් නමැති කළු ජාතිකයා වාෂ්ප උඳුනේ කටයුතු සඳහා ලබා දී තිබුනි. ඉතා ලෙන්ගතු වූ වෙබ්  සමග කේසි හට ලැබුනු තවත් දායාදයක් විය. ඒ අංක 382 දරණ නව දුම්රිය එන්ජිමය. එය සාමාන්‍ය රෝද 6 - 8 වර්ගයේ එකක් නොවීය. අංක 382 දරණ නව එන්ජිම; අඩි 6 ක් උසැති එලවුම් රෝද හයක්ද වාහක රෝද  හතරක්ද සහිත රෝද දහයේ මැක්වීන් වර්ගයේ දැවැන්තයෙකි.
1900 අප්‍රේල් 29 වන දින රාත්‍රී 9.00 ට  කැනන්බෝල් 2  උතුරු දුම්රිය  මෙම්පීස් නගරයට කේසි විසින් රැගෙන එන ලදී. කාලසටහනට අනුව එදින විවේක ගෙන අංක 1 දරණ දුම් රිය පසුදින සන්ද්‍යාවේ  භාර ගැනීමට නියමිතව තිබුනි. නමුත් පාලක මැදිරියෙන් ඔහුට දැනගන්නට ලැබුනේ; එදිනට දුම්‍රිය ගෙන යාමට නියමිත  අංක 1 දුම්රියේ පදවන්නා අසනීපයෙන් පසුවන බවය.

"මම ඩබලක් කරණ්නම්!' කේසි පැවසුවේය.

එකල ඔහු දැඩි මුදල් අවශ්‍යතාවයකින් පසුවිය. ඔහුට බිරිඳක් හා දරුවන් තිදෙනෙක් විය. එසේම ඒ වන විට මෙම්පීස් නගරයෙන් නිවෙසක් මිළදී ගෙන ජැක්සන් නගරයෙන් සමු ගැනීමට ඔහු අදහහස් කොට ගෙන තිබුනුබ් අවධියක් විය.

අනුක්‍රමික සේවා වාර දෙකම සේවය කිරීම සඳහා ඔහුගෙන් ඉදිරිපත්වූයේ එකම එක කොන්දේසියකි.  ඒ එම ගමන සඳහාද; තමන්ගේ සුපුරුදු අංක 382 දරණ අධිබල සම්පන්න මැක්වීනයම යොදා ගැනීම සඳහා අවසරය පමනක් විය.
දකුණ බලා යන්නට නියමිත කැනන්බෝල් දුම්රිය මෙම්පීස් වලට පැමිණියේ කාල සටහනට ප්‍රමාදවය. දුම් රිය මැදිරි 12 ක් අමුණා ගත් කේසි; මධ්‍යම රාත්‍රී 12.50 ට මෙම්පීස් වලින් ඉවතට ඇදුනි. ඔහු සිටියේ කාල සටහනට විනාඩි 95 ක් පසුපසිනි. 

"නියමිත වෙලාවට කැන්ටන් වලට යන්නට අපිට ආපසු ගන්නට තියෙන්නේ අන්තිම අමාරු කාලයක්! ඒ වුනත් අපිට බැරිවෙන එකක් නෑ. ඒ වුනත් ඒ කාලය ආපසු ගන්නට බැරිවෙන එකක් නෑ!!" කේසි; තම බොයිලේරු ක්‍රියා කරු  සිම් අමතා පැවසීය.

සිම් සවලෙන් උඳුනට ගල් අඟුරු දමද්දී කේසි
දුම්රියේ වේගය වැඩි කරමින් විය. ඒ වන විට ඔවුන්ගේ වේගය පැයට සැතපුම් 100 (පැයට කිලෝ මීටර 160) අභිබවා  යමින් විය.

සැතපුම් 102 ක දුරක් ගෙවා දමමින් ග්‍රැනඩා හි පලමු වරට ඔවුන් දුම්රිය නවත්වන විට; ප්‍රමාදය විනාඩි 60 කින් අඩු කර ගැනීමට ඔවුන් සමත් වී සිටියහ.

ග්‍රැනඩා සිට විනෝනා දක්වා වූ සතපුම් 23 තුලදී කේසි තම ප්‍රමාදය තවත් විනාඩි 15 කින් අඩු කර ගැනීමට සමත් වී සිටියේය.

"අදනම් ආච්චි අම්මට අඩි උස සපත්තු ලැබිලා වගේයි!" කේසි ; රියැදුරු කුටිය හරහා යමින් සිටි සිම් වෙත කෑගෑවේය.

තම අවසාන් නැවතුම් පොල වන ඩුරාන්ට් වෙතට ළඟා වෙද්දී  කේසින් සිටියේ තම කාල සටහනට ඉතා ආසන්නවය.
එතැන් සිට වූයේ තනි දුම්රිය මාර්ගයක් බැවින්; ගුඩ්මන් වලට මදක් ඔබ්බෙන්; උතුර බලා දිවුනු අනෙක් කැනන්බෝල් දුම් රියට ඉඩ දීම සඳහා අතුරු මාරගයකට ගැනීමෙන් කේසි විනාඩි 5 ක කාලයක් ප්‍රමාද විය.
ඒවන විට කිසිදු අවහිර තාවයකින් තොරවතිබිය යුතු දුම්රිය මගේ කේසි නැවතත් වේගය වැඩි කර ගනිමින් විය.
පැයට සැතපුම් 75 දක්වා වැඩිකරමින් ගමන් ගත් දුම්රිය; වෝගාන්  දක්වා පමිණෙන විට ඔහුගේ ප්‍රමා දය විනාඩි දෙකක් පමණි! 
ඔහුගේ  ගමනාන්තයට ඉතිරිව තිබුනේ තවත් සැතපුම් 14 ක් පමණි.

අදහාගත් නොහැකි ලෙස කැනනබෝල් දුම්රිය සැතපුම් 174 ක් ඇතුලත විනාඩි 91 ක් ඉතිරි කරගෙන තිබුනි.

 "එයින් පෙනීයන්නේ ඇතැම් අවස්ථාවලදී දුම්රිය පැයට සැතපුම් 100 ඉක්මවූ වේගයකින් ධාවනය වී ඇති බව පමණක් නොව කිසිදු අවස්ථාවක පැයට කිලෝමීටර 65 ට අඩුවෙන් ධාවනය වී නොමැති බවය!' යනුවෙන් එවකට ඉලිනෝයි සෙන්ට්‍රල් හි ඉංජිනේරු ෆ්‍රෙඩී ජේ ලී  විසින් පසුව සටහන් කොට තිබුනි.

තවත් මිනිත්තු 12ක කාලයක් එම වේගයෙන්ම තම දුම්රිය පැදවූවා නම් කේසි හට නියමිත කාල සටහනනුව ගමන් නිම කිරීමට ඉඩ තිබුණි.
නමුත් ඔහුට එම වේගයෙන් ගමන යන්නට හැකිවූයේ වෝගාන් හී S වංගුව තෙක් පමණි.
භාණ්ඩ ප්‍රවාහනය සඳහාවූ
දුම්රියක නියාමක මැදිරියේ පසුපස සවිකොට ඇති රත් පැහැති පහන්; එම අපැහැදිලි රාත්‍රියේ තරමක දුරින් තිබෙනු කේසිට යාන්තමින් පෙනුනි.

"අපි හැපෙන්නයි යන්නේ . . !" සිම් කෑගෑවේය . . !

කේසි ජෝන්ස් නිමේශයකින් ක්‍රියාත්මක විය. ඔහු
දුම්රියේ ත්වරණකය වසා දැමුවේය. වායු තිරිංග යෙදුවේය. පසුපසට ධාවනය කෙරෙණ ලීවරය ඇද්දේය. ඒ සමගින්; පහර පහර වැදෙන දිළින්දන් ගැන ගැයෙන ඔහුගේ නලාවේ විලාපය  දසත පැතුරුණි.

"සිම් පැනපාං!" ඔහු කෑගැසුවේය.

සීඝ්‍ර ලෙස දුම්රියේ වේගය පැයට සැතපුම් 75 සිට 35 තෙක් අඩුවිය. 

සිම් ඉවතට පැන්නේය. 

එහෙත්කේසි තවදුරටත් දුම්රිය පාලනය  කිරීමෙහිම නිරත වුනි. එහෙත් දුම්රියේ ගැටීම වලක්වා ගැනීමට ඔහු අපොහොසත් විය. ගැටුමේ හඬ සැතපුම් ගනනාවක් ඈතට ඇසුණි.
කැනන්බෝල්
දුම්රියේ යෝද මැක්වීන් ඇන්ජිම; ඉදිරියේ වූ දුම්රියේ නියාමක මැදිරිය සුනු විසුනු කලේය. කැබැලිව ගොස් තිබුනු එක් දුම් රිය මැදිරියක තිබුනු ටොන් ගණනක් තිරිඟු ප්‍රදේශය පුරා විසිරී තිබුණි.

අංක 382 
දුම්රිය එන්ජිම පමණක් මාර්ගයෙන් ඉවතට පැන පසෙකට හැරී නතරවී තිබුණි. එන්ජිමට යාබදව පවතින ගල් අඟුරු හා ජලය පුරවා ඇති කොටස එනම් ටෙන්ඩරය හා අනෙකුත් මැදිරි සියල්ලම මාර්ගයේ පීලි මත නිරුප්ද්‍රිතව  පීලි මත පැවතුනි.
ගෙල හරහා දිවැවුනු යකඩ ඇනයක් සහිතව; තැලී පොඩිවී ගිය කේසි ජෝන්ස් ගේ සිරුර පසුව හමුවිය. 

අනතුරෙන් මියගිය එකම පුද්ගලයා ඔහු පමනක්මවිය. සිම් වෙබ් සිහිසුන්ව සිට හමුවිය.  ඔහුට අමතරව යන්තමින් හෝ සීරිමකින් තැල්මකින් හෝ පීඩාවට පත්වී සිටියේ හදිසි පණිවිඩ ගෙන යන්නෙකු, තැපැල් ලිපිකරුවන් දෙදෙනෙකු හා එක් කාන්තා මගියෙකු පමණි.
මෙම සිව් දෙනා ඇතුළුව සියළු දෙනා හට ඩොලර් 31 කින්;
දුම්රිය සමාගමට එරෙහිව තිබුණු මුළු මහත් වන්දි ප්‍රමාණයම ගෙවා අවසන් කලහැකි විය.
පසුව අංක 382 දුම්රිය එන්ජිම අළුත්වැඩියා කිරීමෙන් පසුව වෙනත් අංකයක් යටතේ ධාවනය සඳහා යොදවන ලදී.  


අනතුර සිදුවූයේ කෙසේද?

වෝගන් හි නවතා තිබුනු භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනුනු දුම්රිය දෙක ප්‍රධාන මාර්ගයෙන් ඉවත්කොට අතුරු මාර්ගයේ නවතා තබන ලෙස පාලක මැදිරියෙන් උපදෙස් ලැබී තිබුනි.
අතුරු මාර්ගය යනු ස්ථාන දෙකකදී ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කෙටි මගකි. නමුත් එම දුම්රිය දෙකෙහි සමස්ථ දිග; අඩි 3148ක් වූ අතුරු මාර්ගයට වඩා වැඩි වූයෙන් පෙට්ටි හතරක් උතුරු කෙළවරෙහි එනම් කේසිගේ දුම්රිය වෝගන් වෙතට ඇතුළුවන  කෙලවරෙහි ප්‍රධාන මාර්ගය මත රැඳී පැවතුනි.
නවතා තැබුනු දුම්රිය යුගලය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගෙන කැනන්බෝල් දුම් රියට ඉඩදීම කල යුතුව තිබුනද එම දුම්රියේ රබර් වායු නලයක් කැඩී තිබුණු බැවින් සියළුම රෝද හිරවී කිසිවක් කල නොහැකි සේ නොසෙල්වී; ප්‍රධාන මාර්ගය අවුරමින් පිලි මත නතරව තිබී ඇත.



ඉන් අනතුරුව සිදුවූයේ කුමක්දැයි අද වනතුරුත් මතබේධයට තුඩුදෙන කරුණක්ව පවතී. 
මෙවන් අවස්ථාවකදී පැමිනෙන්නාවූ දුම් රිය නැවැත්වීමට භාවිතා කල යුතු උපක්‍රමයක් ලෙස මාර්ගයේ ඇති බාධකයට ටෙලිග්‍රාෆ් කනු 30 කට ඔබ්බෙන්පීලි මත වෙඩි බැඳීම සිදු කරණු ලබයි.
දුම්රියේ එන්ජින් රෝද වලට හසුවී මහත් හඬකින් පුපුරා යන ටෝපිඩෝ ලෙස හඳුන්වනු ලබන මෙම වෙඩි වලට අමතරව විශාල එළියක් විහිදුවමින් දිලෙන ලන්තෑරුමක්; ඉදිරියට එන දුම් රිය නවතා ගැනීම සඳහා එය ඉදිරියට යැවීම  නියමයකි.
එදින එම සියළු කටයුතු සඳහා; ඇනහිට තිබුනු දුම් රියේ සිට ජෝන් එම් නිව්බරි නමැති කොඩිකාර සේවකයා යවනු ලබ ඇත.

ඉලිනොයි සෙන්ට්‍රල් විමර්ශකයෙකුගේ වාර්ථා වලට අනුව පෙනී යන්නේ නිව්බරි විසින් ඔහුගේ කාර්‍යය ඉටුකොට ඇති බවටත් ටොර්පිඩෝ වෙඩි පිපිරී ඇති බවත් කෙසි විසින් එම සංඥා වල අනුකූලව ක්‍රියා නොකිරීම මෙම ගැටුමට හේතු වී ඇති බවය. 

එහෙත් ඔහුගේ වියෝවෙන් තවත් සෑහෙන කලකට පසුව එනම් 1957 දී සිම් ටී වෙබ් විසින් ප්‍රකාශකලේ මීට ඉඳුරාම වෙනස් විස්තරයකි.

එනම් එදින කිසිදු සංඥාවක් , සංඥා එළියක් හෝ සංඥා කරුවෙකු  හෝ වෙඩි හඬක් තමන්ට ඇසුනේ වත් දුටුවේවත් නොමැති බවය.
මෙම ප්‍රකාශය සමග කේසිගේ ගෞරවය නැවතත් රැකුණි.

කේසිගේ මිතුරෙකු සේම කැන්ටන්හී දුම් රිය එන්ජින් පවිත්‍ර කරණ්නෙකු වූ වොලාර්ස් සෙන්ඩර්ස් නමැති නීග්‍රෝ ජාතිකයා විසින් පසු කලෙක ගීතයක් නිර්මාණය කරණු ලැබීය.
"කේසි ජෝන්ස් කේසි ජෝන්ස් කේසි නිවැරදි . . . .
 . . . . . දිවා රැයේ ඔහු සිටියේ සෙවයෙ සිරවී . . . //"

එය ගීතයක් ලෙස ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වී ලෝක යුද්ධයට පෙර වැඩියෙන්ම අලෙවිවුනු ගී තැටිය බවට පත්විය. 1930දී පොතක්, චිත්‍ර පටයක් හා ගුවන් විදුලි කථාපෙලක්; කේසිගේ පුරාවෘථය පසුබිම්කොට බිහිවුණි.
ඔහුගේ අවසාන චාරිකාවේ 50වෙනි සමරුව වෙනුවෙන්; ජැක්සන්හී සමරු මුද්දරයක් පල කලේය.
එම උත්සවයට පැමිණි ජනකාය; එතෙක් එම නගරයට පැමිණි සුවිශාලතම ජනකාය විය.එදින එතැන සිටි කථිකයින් ඔහුව ; සුවිශේෂී ඉංග්‍රීසි ලේඛක ජෝන් බැන්යන් හා ජෝන් ඇපල් සීඩ්  වැන්නන්ගේ ශ්‍රේෂ්ඨත්වයට සම කලේය.



කේසි ජෝන් කෞතුකාගාරය විවෘථ කරණ ලද්දේ 1956 දීය.නාගරික සභාව විසින් මිළදී ගනු ලැබූ ඔහුගේ නිවස ඒ සඳහා යොදා ගැනුනි.
පවුලේ අය විසින් ඔහුගේ අත් ඔරලෝසුව ඇතුළු තවත් පෞද්ගලික වස්තූන් රැසක් ඒවෙනුවෙන් ලබා දෙනු ලැබූ අතර;අනතුරට පත් අංක 382 දරණ දුම්රියට සමාන දුම්රියක් ජැක්සන් නගරයෙන් ලබාදෙනු ලැබීය.

ඉලිනෝයි සෙන්ට්‍රල් සමාගමෙන් තවත් බොහෝ සිහිවටන ලබා දී තිබෙන අතර කේසිගේ නලාවේ අනුරුවක්ද එහි තබා ඇත.අයිතිහාසික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සිහිවටනයක් මගින්  අනතුර සිදුවූ ස්ථානය පෙන්නුම් කිරීමට  ඵලකයක් තනවා එහි මෙසේ සඳහන් කොට ඇත.


"කේසි ජෝන්ස් : ජනතාව අතර ප්‍රචලිත; අමෙරිකානු දුම්රිය ඉතිහාසයේ ජන ගායනාවකට පදනම්ව ඇත්තාවූද; මෙම ස්ථානයේදී 1900 වසරේදී දුම්රිය අනතුරකින් මරණයට පත්වූ; වර්ණවත් හා එඩිතර දුම්රිය රියැදුරෙකු මෙයින් අනුස්මරණය කෙරේ."

කේසිජෝන්ස්ගේ දුම්රිය මගින් විසිරුනා වූ තිරිඟු ඇට වලින් ජන්මය ලද්දාවූ තිරිඟු; අවුරුදු පතාම එම අනතුර සිදුවූ භූමියේ ඉබේ වැඩෙනු අදත් දක්නටලැබේ.



https://en.wikipedia.org/wiki/Casey_Jones

මුතුහර 1998 ජුලි   පිටු අංක 95, 96, 97, 98

Wednesday, January 17, 2018

75. නාගයාගේ සාදය



මා  මේ කථාව පළමුවෙන්ම ඇසූවේ ඉන්දියාවේදීය. මෙය කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බව ඕනෑම ස්ව්භාව විද්‍යාඥ්ඥයෙකු කියනු ඇත. නමුත් ඉන්දියාවේ මෙය  කියැවෙන්නේ සත්‍ය සිද්ධියක් වශයෙනි. මෙම කථාව පළමු ලෝක යුද්ධයට කෙටි කලකට පෙර සඟරාවක පළවූ බව මට දැනගන්නට ලැබුනි.එහෙත් එහි කතුවරයා හෝ එම විස්තරය සොයා ගැනීමට නුපුළුවන් විය.

මෙය ඉන්දියාවේ සිදුවූවකි.වරෙක එහි සිටි යටත් ප්‍රදේශ භාරව කටයුතු කල එක් නිළධරයෙකු හා ඔහුගේ බිරිඳ ; තම හිත්මිත්‍රාදීන් උදෙසා විශල රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. කිරි ගරුඬ ඇල්ලූ ගෙබිමකින් හා ආවරණය නොකල පරල සහිත වහලයකින් සමන්විතවූ ; සාදය පැවැත්වූ විශාල කාමරයේ එක් පසෙකින් පුළුල් වීදුරු දෙකක් විය. එයින් කාමරය හා අළින්දය සම්බන්ධවූ අතර එය විවෘථව තිබිනි.මෙම කාමරය තුල තැබුනු  මේසය වටා සාදය පැවැත්වූ යුවල සමග රජයේ නිළධරයන් , හමුදා නිළධරයන් හා ඔවුන්ගේ බිරින්ඳන්ට අමතරව අමෙරිකානු ජීව විද්‍යාඥ්ඥයෙකුද අසුන් ගෙන සිටියේය.

කුඩා මීයෙකු වැනි සතකු දුටු පමණින් පුටුවක් උඩට නගින “ගැහැනු ගතියෙන්” කාන්තාව  මිදී ඇති බව කියා සිටින තරුණියක හා එය එසේ නොවන බව අවධාරණය කරණ කර්නල් වර්යෙකු අතර උනුසුම් කතා බහක් ඒ  වනවිට ඇතිවී තිබිනි.
“ගැහැනියක ඕනෑම අර්භූධකාරී අවස්ථාවකදී දක්වන  නොවරදින ප්‍රථික්‍රියාව යටි ගිරියෙන් කෑ ගසන එකයි. එහෙත් එම අවස්ථාවටම පිරිමියෙකු මුහුණ දුනහොත් හැඟීම් පාලනය අතින් පිරිමියා අවුන්සයකින් හෝ ඉදිරියෙන් සිටිනා බැවින් අවසානයේ වඩා වැදගත්  වන්නේ එම අමතර හැකියාවයි !” කර්නල් වරයා අදහස් දැක්වූයේ එලෙසය.
මෙම  විවාද්‍යට සහභාගී නොවූ අමෙරිකානුවා තමා සමග අසුන්ගෙන සිටි අමුත්තන්ගේ මුහුණු පිරික්සමින් සිටියේය. අමුත්තන් අතර සිට සාදයේ ආරාධිකාවගේ එනම් අරාධනා මහතාගේ බිරිඳගේ මුහුනේ ස්වභාවය එක්වරම අස්වාභාවික ලෙස වෙනස් වනු  ඔහු දුටුවේ මේ අතරය.

ඉද්ද ගැසුවාක් මෙන්  සaජුවී දෑස් දල්වා ඉදිරිය බලා සිටින ඇයගේ මුහුනේ මාංශපේශීන් නලියනු ඔහුට දිස්විය. ඉන් ඉක්බිති  ඇය තම අසුනට පිටුපසින් හුන් ස්වදේශීය කොළුවාට සංඥාවකින් තමා අසලට කැඳවා ඔහුගේ කනට යමක් කෙඳුරුවාය. ඒ සමගම කොළුවාගේ දෑස්  විමතියෙන් පළල් විය. ඔහු නිමේශයකින් එතැනින් නික්මිනි. ඊළඟ මොහොතේදී කොළුවා කිරි පිරුණු බඳුනක් විවරව තිබූ දොරට ඔබ්බෙන් ආළින්දයේ තබනු  දුටුවේ අමුත්තන් අතරින් අමෙරිකනුවා පමනකි.
සැනෙකින් ඔහුට යමක්   අවබෝධ විය.ඉන්දියාවේ මෙසේ තැබෙන කිරි බඳුනක් යනු එකම එක් දෙයක් පමණි. එනම් සර්පයෙකුට ආහරයකි! ඔහුට යමක් පසක් විය. නියත වශයෙන්ම  නාගයෙකු මෙම කාමරය තුල විය යුතුය. සර්පයෙකුට සිටීමට පහසුම තැන වූ වහළ දෙස බැලූ ඔහුට දිස් වූයේ කිසිවක් නොමැති පරාල සමූහයයි.කාමරය සිසාරා බැලූ ඔහුට එහි මුළු තුනක්ම හිස් බවත් ඉතිරි කෙළවරෙහි ඊළඟ ආහාරය පිළිගන්වන්නට සූදානම්ව සිටි සේවක පිරිසක් හැරෙන්නට වෙනයම් විශේෂ යමක් නොපෙනුනි.
එසේනම් සර්පයා නියත වශයෙන්ම සිටිය යුත්තේ තමා ඉදිරියේ ඇති මෙම මේසය යටය! ජීව විද්‍යාඥ්ඥයෙකුවූ අමෙරිකානුවාට මුළින්ම සිතුනේ තමා සිටි තැනින් පසු පසට පැන අනෙක් අයටද අනතුරු හඟවන්නටය.එහෙත් ඒ සමගම ඇතිවන විශාල කැළඹීමෙන් තිගැස්සෙන සර්පයා දෂ්ඨ කිරීමට පෙළඹිය හැකි බවද  ඔහුගේ සිහියට නැගුනි.
ඔහු ඉක්මනින් කථාකිරීම ඇරඹීය. තම හඬින් සියළුදෙනා සන්සුන් කොට තබා ගැනීමට හේ සමත් විය.
“මට දැනගන්න ඕනෑ මේ මේසය වටා සිටින සෑම අයෙකුටම කෙතරම් දුරකට තමාව පාලනය කරගත හැකිද කියා.මම දැන් ගනන් කරණ්නට පටන්ගන්නවා තුන්සීයට ; ඒ කියන්නේ විනාඩි පහක්. ඒ වනතුරු මෙතන ඉන්න හැම කෙනෙක්ම තම තමන්ගේ එකම පේශියක්වත් නොසොල්වා එකම ඉරියව්වකින් සිටින්නට  ඕන !  කවුරුන් හෝ යාන්තමින්වත් තම ඉරියව්ව වෙනස් කලහොත් ඔහු හෝ ඇය රුපියල් 50 ක දඩයකට අනිවාර්‍යයෙන්ම යටත් වෙනවා ! එහෙනම් ඔන්න හරි …..!”
ගනනින් 20 ක් වූ එහි සිටි පිරිස ඔහු ගණින අතරේ සෙල්මුවා පිළිම සේ නොසෙල්වී සිටියහ. ඔහු දිගටම ගණන් කරමින් විය.

“දෙසිය හැත්තෑ අටායි ….

දෙසිය හැත්තෑ නවයායි …..

දෙසිය අසූවායි …….”

එවිටම නාගයා මතුවී කිරි බඳුන වෙත ඇදී යනු නෙත් කොනින් ඔහු දුටුවේය.  
ක්ෂණයකින් කෑ ගසමින් හුන් තැනින් ඉවතට පැනගත් ඔහු ආරක්ෂා සහිත ලෙස ආළින්දයේ දොර වේගයෙන් වසා දැමීය.

 පෙර තරුණිය හා  විවාදයට එළැඹී සිටි කර්නල්වරයා දෙසට හැරුණු ආරාධක මහතා ;
“කර්නල් තුමනි ; ඔබ හරියටම හරි ! සර්ව සම්පූර්ණ පාලනයක මහිම ද්aන් අපට පිරිමියෙකු පෙන්වා හමාරයි ………..!” කීවේය.

“එකම එක විනාඩියක් ..!” අමෙරිකානුවා එසේ කියමින්ම නාගයා පිළිබඳව ප්‍රථම හෝඩුවාව දැනගත් ආරාධක මහත්මිය දෙසට හැරුණි .

මුළු ශාලාවම දැඩි නිහඬතාවයකින් වෙලී ගියේය.

“වේන් මහත්මිය ; ඔබ කොහොමද දැනගත්තෙ මේ කාමරය තුල නාගයෙක් ඉන්නවා කියලා ?”

මෙතෙක් අමෙරිකානුවා දෙස දෑස් දල්වාගෙන බලා සිටි පිරිස ඉහලට ගත් හුස්මෙන් යුතුව ආරධිකාව දෙස බලාගත්වනම බලා සිටියෝය.

බියපත් සිනහවකින් ඇයගේ මුහුණ ප්‍රභාමත් විය.

“ඌ ඉස්සෙල්ලාම බඩගාගෙන  ඇදුනේ  මගේ කකුල උඩින් නිසා  …..!”
ඇය පිළිතුරු දුන්නීය .   


මුතුහර 1998 සැප්තැම්බර්  57 – 58 පිටු   - මෙය ඔබටමයි!!

Thursday, January 11, 2018

74. රෝවර්ට තවත් කලක්.........!





“ඔහු වයස් ගතය - එසේම සම්පූර්ණ්යෙන්ම වාගේ අන්ධය . නමුත් තම වගකීම දැන සිටියේය ………”

මා උපත ලද්දේ තිදෙනෙකුගෙන් සමන්විත පවුලකය. මව පියා සහ රෝවර්   තිදෙනාය. දිනක් වයස් ගතවූ පටන් , මා රෝවර්ගේ පූර්ණ වගකීමට බඳුන් විය. ඔහුගේ උපත පිළිබඳව මා දැන නොසිටි අතර ඔහු එවකට මැදි වයසේ පසු විය.එහෙත් ඔහු මා රැක බල ගත්තේ ගැටවර බවක් විදහා දක්වමිනි

අත දරුවන් හොවා තල්ලුකරණ කරත්තයක - ප්‍රෑමයක මා සිටියදී එය උද්‍යානයේ ඕනෑම තැනක තියෙන්නට හැරියේ ; කිසිවෙකුට එය වෙත ලඟා වන්නට නොහැකි බවට මව තුඅල තිබුනු විශ්වාසය නිසමය.

ඇවිදීමට හැකි තරමට මා වයසින් වැඩෙත්ම රෝවර් මාගේ ගමන් බිමන් ගැන විමසිලිමත් විය. අරක්ෂිත සීමාවක්  තුල ඔහු විසින් මා මෙහෙය වූ  අතර සීමාවන් කඩකල සෑම විටෙකදීම මාගේ අත මෘදු ලෙස මුවින් ගෙන පසුපසට ඇද්දේය.
මා පළමුවෙන්ම බටහිර  ගොපළු චිත්‍රපටයක්  නැරඹූ පසු ඔහුගේ ජීවිතය වඩත් සංකීර්ණ විය. ඔහු අශ්වයෙකු යැයි මාතීරණය කොට තිබුනු නිසාය. කුඩා කොළුවකු එතෙක් ලද වඩත්ම අවබීධයකින් යුත් මිතුරා ඔහු විය.

මා පාසල් යන්නට පටන්ගත් පසු රෝවර් හට ඔහුට කියා කාලයක් තිබිනි. එවිට ඔහු තම ගැන හිතන්නටත් තමා මහළු වෙමින් සිටින  බව ප්‍රථ්‍යක්ෂ කරගන්නටත් ඇතැයි මා විශ්වාස කරමි.

ඔහුගේ ඇස්වල පෙනීම දුර්වල වන්නට පටන් ගත්තේය.කලින් ඔහු තුල තිබුනු උනන්දුව , අභිරුචිය ඔහු කෙරෙන් තුරණ් විය. පශු වෛද්‍ය වරයගේ උපදේශය වූ ඔහුව අවසන් නින්දට යැවීම , මාගේ දෙමව්පියන් විසින් හැකිතරම් දුරට නොසලක හරින ලදී.

අවසනයේදී කලයුතු හොඳම දෙය එයම බවට එකඟ වුවද ඔවුන්ගේ හදවත් තුලදමාමෙන්ම රෝවර් හට කල ආදරය එසේම විය
ශරත් aතුවේ එක් ඉරිදාවක අප අපගේ පැරණි මෝටර් රථය සමග සූදානම් වූයේ ; මගේ පියා රෝවර් සමග දඩයමේ යෑමට ප්‍රිය කල ප්‍රදේශයට යන්නටය.
මව පියා අමතා

“ඒක තමයි හොඳම දේ  ජිම් !
යනුවෙන් පවසන තෙක් කිසිදු අමුත්තක් මට නොදැනුනි

තාත්තා දිගු හුසමක් ඉහලට ඇද්දේය. එහෙත් කිසිවක් නොකීවේය.මෙවැනි ගමනක් සෑම විටම විනෝදය ගෙන දෙන ගමනක් වන නමුදු  එදින තාත්තා කිසිදු විහිළුවක්හෝ කිසිවක්හෝ නොදෙඩුවේය

රෝවර් රථයෙන් එළියට බසිත්ම අම්මා ඔහුගේ හිසට සෙමෙන් තට්ටු කල වහාම     තම අතවූ පොත දිගහැර කියවන්නට විය. තාත්තා පසු නොබලම ගස් අතරින් ඇදුනි.සාමන්‍යයෙන් සිදුවන ලෙසට රෝවර්ද ඔහුට අසන්නව ගමන් කලේය.

රථයෙන් පිටවූ සැනින් තාත්තාගේ පළමු වෙඩි හඬ අපට ඇසුනි.  
“ඔහ් ! තාත්තාට යන පාරෙම මොකෙක් හරි අහුවෙලා වගෙයි….!   මම අම්මට කීමි.
ඇය තමා කියවමින් සිටි පිටුවෙන් දෑස් ඉවතට නොගෙනම හිස සොලවමින් නාසයෙන් දැඩි සුසුමක් හෙළුවාය.
තමාව හඬවන පොත් ඇය කියවන්නේ මන්දැයි මට සිතා ගත නොහැකි විය.

“ඔහ්  දෙවියනේ .? අම්මාගේ හඬින් මා තැති ගැන්විනිමා වටාපිටාව දෙස දෑස් යොමු කලෙමි. රෝවර් අප සිටි දෙසට හැල්මේ දිව එමින් විය.

“මොකද වෙලා තියෙන්නේ අම්මේ ..? මේ රෝවර් විතරයි….!

රථයේ අඩි 10 සීමාව තුල ඔහු නතර විය.ඔහුගේ උකුලට පසුපස පෙදෙසේ වූ  ලෝම අතර වැඩෙන රතු පැහැති සළකුණක් අපට දක්නට ලැබුනි.

“අම්මේ ..අර ! වේදනාවෙන් .!

අප දෙදෙනාම රථයෙන් එළියට එන්නට සැරසුනි.එහෙත් රෝවර් ; අපි ඔහුගේ පරම සතුරන්  යැයි පෙනුනාසේ දත් විලිස්සමින් ගොරවන්නට විය.අම්මා සැනෙකින් රථය තුලට මා ඇද ගත්තීය.

“ඇයි එහෙම කලේ ? අපේ උදව් එයාට එපා නිසාද ? මම ඇසීමි. ඇය මාගේ අතින් අල්ලා ගත්තීය.

“පුතේ රෝවර්ට දැන් හරිම වයසයි. සමහර බල්ලන්ට වයසට යනකොට ටිකක් පිස්සු හැදෙනවා . ඇය කීය.

මොහොතකින් තාත්තා ගස් අතරින් දිව ආවේය. ඔහු දෙසට හැරුණු රෝවර් බුරණ්නටත්  දත් නියවා ගුගුරණ්නටත් විය.

“දෙවියන් මට උදව් කරත්වා …මට කරණ්නට ඇත්තේ කුමක්ද? තාත්තා කීය.

“මට ඕන උනේ ඒක නිවැරදිවත් පිරිසිදුවටත් කරණ්නට. ඒත් මට දිහා බලන්නට බැරි වුනා… මට ඇඬුනා !

“මම දන්නව..! මම දන්නවා ..!! අම්මා  aදු  ලෙස හඬ  අවදි කලාය. “ඒත් එය අපට උදව් කරණ්නට ඉඩ නොදේවි !

තාත්තා කිසිවක් කීවේ නැත. ඔහු  රථය වටා ගොස් අනෙක් පැත්තට එන්නට උත්සාහ කලේය. නමුදු රෝවර් ඔහුට හරස් විය.ඔහු තාත්තාට රථයට නගින්නට ඇති ඉඩ අහුරමින් විය. තාත්තා තම දණ හිස බිම තබා පහත්වී aදු ලෙස කථා කරණ්නට විය.  
ඔහු රෝවර්ව ඉච්චවෙන් රවටා රථය වෙතින් ඉවත් කරණ්නට උත්සාහ ගනිමින් විය. රෝවර් එවිට  තම වලිගය වනා ආපසු හැරී රථය යට වූ කිසියම් දෙයකට බුරණ්නට විය. එවිට තාත්තාගේ මුව විවර විය. කිසියම්  ආගන්තුක යමක් දැක එයින් තිගැස්සුනු ස්වරූපයක් ඔහුගේ මුහුණේ ඇදී ගියේය.

“හොඳ බල්ලා ! ඔහු තිගැස්සෙන්ම පැවසීය.
“මම ඌව දැක්කා වරෙන් කොල්ලෝ .!

රෝවර් තාත්තා ලඟට දිව්වේය. තාත්තා තම තුවක්කුව රථය යටවූ කිසියම් දෙයකට ඉලක්ක කොට වෙඩි තැබීය. පියා විසින් කපා ගෙනැවිත් තිබූ “රැට්ල් ස්නේක් සර්පයාගේ කොටස් තවම මා ලඟ ඇත.

රැට්ල් ස්නේක්  සර්පයෙක්. 
මොහුට  "අපේ" නමක් දී තිබුනා සුසිල් ප්‍රේමරත්න මහත්තයා "ස්වර්ණ" පත්තරේ එයාගෙ චිත්‍ර කතාවක !
"ගිගිරි පොලොංඟු"

අම්මා රථය නැවත නගරය වෙත පැද වූයේ තාත්තා රෝවර්ව තම උකුළ මත තබා ගෙන සිටින විටදීය. පශු  වෛද්‍යවරයා  ඔහුගේ තුවාලය වෙළුම්  පටි වලින් වෙලා දැමූ අතර සතියක කාලයක් ඇතුලත රෝවර් යතා තත්වයට පත්විය.

තවත් වසර ගනනවක් අප සමග රෝවර් අප සමග විසුවේය. ඉක්බිතිව නින්ද තුලින්ම ඔහු අප අතැර ගොස් තිබුනි. ඔහුගේ සුව නින්දට බාධාවක් වන තරම් කඳුළු කැට නෙත්වල නොතිබුනි
අප ඔහුව මිහිදන් කළෙමු.

මා  ළපැටියෙකුව සිටියදි ඔහු මා කැටිව ගිය ගසක් යට ..!   
                               
මුතුහර 1998 ඔක්තෝබර්  (68  70 පිටු)

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...