Saturday, October 14, 2023

263. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් . . . . . . . (ශනිදා දහයට II)



යන්න . . . . කුමක් හෝ කරණ්න

මුතුහර 1998 අගෝස්තු

අද බොහෝ තරුණයන් කාලය ගෙවන්නේ කරණ්නනට දෙයක් නැතුවයි. එසේම කිසියම් කාර්යක නියැලුනද එය අළුත් දෙයක් නව නිර්මානයක් වන්නේ ඉතා කලාතුරකුන්ය.

වරෙක තරුණ ශිෂ්‍යකු පැවසූ දෙයක් මතෙකයෙට එයි.

"අයිසෙක් නිව්ටන් නොසිටියා නම් අඩු ගානේ උඩ පැන්නොත් බිම වැටේ කියන එකවත් සොයා ගන්න තිබුනා."

මින් අදහස් කරණ්නේ තරුණයන් හට කරණ්න දෙයක් නැති වගද? අළුත් යමක් පිළිබඳව සිතන්නට කාලය ඉතිරිව වී නොමැති බවද? එසේ සිතන අයට දිය හැකි හොඳම නිදසුන වර්ෂ 1706 -1790 අතර ජීවත් වූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් චරිතයයි.

The longman Encyclopedia ලොංග්මන් විශ්ව කෝෂයේ ප්‍රථම සංස්කරණයේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් චරිතය පිළිබඳව ලියා ඇත්තේ මෙසේය:- 

අමෙරිකානු දෙශපාලන විශාරදයෙකි. මුද්‍රණකරුවෙකි. විද්‍යාඥයෙකු හා ගත් කතුවරයෙකි. 1723 මුද්‍රණ කරුවෙකු ලෙස ෆිල්ඩෙල්ෆියාවට ගිය ඔහු එහිදී තම බුද්ධියට හා සාමාන්‍ය දැනීමේ දර්ශණයට ගෞරවය දිනා ගත්තේය.



1732 - 1757 අතර ප්‍රකාශිත Poor Richard's Almanac විශේෂ එකකි. දැනට විශ්ව විද්‍යලයක්ව පවතින පෙනිසිල්වේනියා ඇකඩමිය ආරම්භ කිරීමට 1751දී හේ උර දුන්නේය.

එසේම 1753 - 1774 කාලය අතර එහිවූ කොලනි (ජනපද) වෙනුවෙන්  නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්  වරයා ලෙස සේවය කලේය.

දකුණු කුණාටු තුලට යැවුනු සරුංගලයක් යොදා ගනිමින් ඔහු කල කීර්තිමත් පරීක්ෂනය තුලින්; අකුණු තුල ඇති අධික විදුලි සැර පිළිබඳව ලොවට හෙලි කලේය.

1754දී නිව්යෝර්ක් ඇලබෙනිහී දි පැවති සුප්‍රකට ඇලබෙනි සමුළුව Albany Congress නම්වූ බ්‍රිතාන්‍ය යටත් විජිත නියෝජිත හමුවේදී යටත් ප්‍රදේශ සියල්ල එක්සත් කිරීම යෝජනා කලේය.. යටත් ප්‍රදේශ කිහිපයක නියෝජිත ලෙස එංගලන්තයේ සිට නැවත 1775දි; විප්ලවීය හේතුකොට ගෙන අමෙරිකාවේ ඇතිවූ නොසන්සුන් තාවය අතරේ; පෙරළා පැමිණ; පසුව අත්සන් කල නිදහස් ප්‍රකාශයේ කෙටුම්පත සැකසීමට හවුල්විය.

අමෙරිකානු විප්ලවය පැවති අවදියේ ඔහු ප්‍රංශයේ අමෙරිකානු නියෝජිත ලෙස සිටි අතර 1781 දී සාමය සඳහා බ්‍රිතාන්‍ය සමග කටයුතු කිරීමේ කොමසාරිස් ලෙස පත්කරනු ලැබීය.

ඔහුගේ අවසාන ප්‍රජා කටයුත්ත ලෙස 1787 මැයි - සැප් අතර ෆිල්ඩෙල්ෆියා හීදී එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය සැකසීමේ හමුවට සහභාගීවීම දැක්විය හැක.

එසේම Ripley's Belive It or Not! 2nd Series ග්‍රන්ථයේ ෆ්‍රෑන්ක්ලින්ගේ විශ්ව සේවාව හා ඔහුගේ චරිතය සමග බැඳුනු විශ්මය දනවන තොරතුරු රාශියක් මෙසේ පිඬුකොට දක්වා ඇත.

සභ්‍යත්වයට පත්වූ ප්‍රථම ඇමරිකානුවා ඔහුය.

පවුලක බාලම පුතකුගේ බාලම පුතුගේ බාලම පුතුගේ බාලම පුතා විය.

ප්‍රථම ඇමරිකානු දර්ශණවාදියා ඔහුය.

ප්‍රථම ඇමරිකානු තානාපතිවරයාද ඔහුය.
හාමොනිකා (Glass Harmonica) සංගීත භාණ්ඩය නිපදවූයේ ඔහුය.


පැද්දෙන පුටුව ඔහුගේ නිමැවුමක්ය.
Benjamin Franklin is credited with the actual invention of the rocking chair in 1710, although other sources claim it was invented by farmers or by early cabinetmakers. The word rocking chair didn't appear in the Oxford English Dictionary until 1787.

වීථි ලාම්පු ඔහුගේ අදහසක්ය.

The earliest street lights in the colonial America were oil lamps burning whale oil from the Greenland or Arctic right whales of the North Atlantic, or from sperm whales of the South Atlantic, South Pacific, and beyond.[1][3] Lamplighters were responsible for igniting the lamps and maintaining them.[3] As early as the 1750s, inventor Benjamin Franklin of Philadelphia introduced innovations in oil lamp design, such as using two woven wicks to siphon oil from a reservoir, and flat panes of glass which could be easily replaced and were cheaper than blown glass bowls.[1]

ප්‍රථම දේශපාලන කාටුන් ශිල්පියා ඔහුය.

එම අවධියේ හොඳම පිහිනුම් කරුවා ඔහුය.

ජංගම පුස්ථකාලය බිහි කලේ ඔහුය.

ජංගම පුස්ථකාලය බිහි කලේ ඔහුය.
Gulf Stream උණුසුම් දියවැල සොයා ගත්තේය.
අකුණු සන්නායකය ඔහුගේ සොයා ගැනීමක් විය.
The principle of the lightning rod was first detailed by Benjamin Franklin in Pennsylvania in 1755,[2] who in subsequent years developed his invention for household application (published in 1757) and made further improvements towards a reliable system around 1760.

පෙනිසිවේනියාවේ සිව් වරක් සභාපති වූවේය.

පුවත්පත් තැපැල් මගින් ගෙන යෑම හඳුන්වා දුන්නේය.

වීථි පවිත්‍ර කිරීමේ දෙපාර්තමේන්තුව ඔහුගේ හඳුන්වා දීමක්ය.

අකුණු ගැසීම හා ඒ හා ගැබ්වුනු විදුලි සැර හඳුනා ගැනීම පිළිබඳව ගවේශනය කලේය.

ඇමරිකාවේ ප්‍රථම ආප්තෝපදේශ වාක්‍ය රචකයා ඔහුය.

වෙළඳ දැන්වීම් කලාව හඳුන්වා දුන්නේය.
ද්විත්ව කාච සහිත ඇස් කන්නාඩිය ඔහුගේ හඳුන්වා දීමක්ය.
Benjamin Franklin is generally credited with the invention of bifocals. He decided to saw his lenses in half so he could read the lips of speakers of French at court, the only way he could understand them.[1] Historians have produced some evidence to suggest that others may have come before him in the invention; however, a correspondence between George Whatley and John Fenno, editor of the Gazette of the United States, suggested that Franklin had indeed invented bifocals, and perhaps 50 years earlier than had been originally thought.[2] On the contrary, the College of Optometrists concluded:

සංශිප්ත ඉංග්‍රීසි යාඥා පොතෙහි කතෲ ඔහුය.

ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය ප්‍රථමයෙන් සංශෝධනය කලේය. 

ප්‍රාශ්වාස වාතය විෂ  සහිත බව සොයා ගත්තේ ඔහුය.

Avrora Borelis උත්තර ධ්‍රැවය අසල රාත්‍රියේ පෙනෙන ආලෝකය (උදිවි ආලෝකයා පිළිබඳව ප්‍රථම විස්තර කිරීම ඔහුගේය.

නූතන දන්ත වෛද්‍ය ශිල්පයේ පියාය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරම්භකයාය.

ප්‍රථම ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව සංවිධානය කලේ ඔහුය.
Franklin Stove ෆ්‍රැන්ක්ලින් උඳුනෙහි නිර්මතෲ වරයාය.

උෂ්න දේශගුණික තත්වයනට පාවිච්චිය සඳහා සුදු දල රෙදි හඳුන්වා දුන්නේය.
නූතන තැපැල් කාර්‍යාල ක්‍රමය ස්ථාපිත කලේය.

වෙළඳ දැන්වීම් සඳහා රූ සටහන් ප්‍රථමයෙන් යොදා ගත්තේ ඔහුය.

කොන්ග්‍රසය සඳහා ඡන්ද ක්‍රමයේ නිර්මාතෲ ඔහුය.

Yellow Willow කහ විලෝ ගස සහ ඉදල් ඉරිඟු ඇමරිකවට හඳුන්වා දුන්නේය. ප්‍රථම වාත සංවහන විධි ක්‍රමය නිපදවූයේ ඔහුය.

ප්ලාස්ටර් ඔෆ් පැරිස් පොහොර සඳහා යොදා ගැනීමේ ප්‍රමුඛයාය.

වර්ෂ 1706 දී උපත ලබා 1790 දී මිය ගිය ෆ්‍රෑන්ක්ලින්; තමා ජීවත්වූ වසර 84ක කාලය තුල මෙම සියළු කාර්‍යයන් ඉටුකොට තිබුනි.
අද කාලයේ ජීවත්වන තරුණයන්ගේ ඒකාකාරී කිසියම් ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා මෙහෙය වීමේ සත් ක්‍රියාව ඉටු කරලීමට 1967 ජුනි Readers Digest  සඟරාව පරමාදර්ශී පුද්ගලයා ලෙස දක්වා තිබුනේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්වමය. 
ඒ මෙසේය:-
මෙම ලිපිය කියවන බොහෝ අය ඇස් කණ්නාඩි යුගලයක් සහය කරගන්නවා ඇත. ෆ්‍රෑන්ක්ලින් එම නිමැවුම ලොවට දායාද කලේ ඔහුගේ වයස අවුරුදු 78ක්ව පැවතිය දීය.
මෙම පිටුව මුද්‍රණය කරනු ලැබූවේ විදුලි බලයෙන් ක්‍රියාකරන මුද්‍රණ යන්ත්‍රයකින් ය. විද්‍යුතය සේවයේ යොදවා ගත් පුරෝගාමීන් අතර ඔහුද එක් අයෙකි. එවකට ඔහුගේ වයස අවුරුදු 41කි.
මෙම ලිපිය කියවන පාඨකයින් අතර අයිවි ලීග් Ivy League  විශ්ව විද්‍යාල පද්ධතියේ විද්‍යාලයකට සම්බන්ධ අයෙකු සිටීමට පුළුවන. එම සංගමයේ ආරම්භකයා ෆ්‍රෑන්ක්ලින්ය. ඒ වයස 43 දීය.
Ivy League අමෙරික එක්සත් ජනපදය තුල පිහිටුවා ඇති වඩාත්ම පිළිගැනීමට ලක්වූ වීශ්ව විද්‍යාල පද්ධතියයි. බ්‍රවුන් (ආරම්භය 1764), කොලොම්බියා (1754), කූනල් (1865), ඩාට් මර්ත් (1769), හාවර්ඩ් (1636), ප්‍රින්ස්ටන් (1746), පෙනිසිල්වේනියා (1755), යේල් (1701)
The Ivy League universities are Brown University, Columbia University, Cornell University, Dartmouth College, Harvard University, the University of Pennsylvania, Princeton University, and Yale University.

අමෙරිකාවේ ප්‍රථම සාමාජිකාවන් සහිත පුස්තකාලය පිහිට වූයේ ඔහුය. එවකට ඔහුගේ වයස අවුරුදු 25ක් විය.
පුවත් පත් පිටපත් තැපැල් මගින් යැවීමේ පියාද ඔහුය. ඒ අවුරුදු 47 දීය.
ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව 30දී, අකුණු සන්නායකය 44දී තවමත් ප්‍රයෝජනයට ගන්නා උඳුන 34දී හේ එළි දැක්වීය.
විවිධ මතධාරියෙකු හා භාෂා පහක් ලිවීමට හා කථාකිරීමට දත් විශාරදයෙකුවූ හේ අහස් යානය සොයා ගැනීමට වසර සියයකට පෙර අහසේ පාකල බැලූන මගින් පහත හෙලූ පැරශුට් භටයන්  හට උපදේශකවරයෙකු වූවේය.
ඔහුගේ විධිමත් අධ්‍යාපනය වසර දෙකකට සීමාවිය. දැනට ඔබ පසුවන වයසේදී එම වසේ ෆ්‍රෑන්ක්ලීන්ට වඩා දැනුමැති අයෙකු බවට එය කදිම සාක්ෂියකි.
නමුත් ඔබ විසින් නව නිර්මාණයක් ගැන සිතන්නට එම දැනුම ප්‍රයෝජනයට නොගනී. සියල්ල සිදුවී හමාරය!
නැත!
කෘෂි අමෙරිකානු ෆ්‍රෑන්ක්ලින් දවසට වඩා අද බොහෝ සංකීර්ණ වී ඇත.
එදින පිළිතුරු අදට යෝග්‍ය නොවේ!

1967 ජුලි Science Digest  සඟරාවේ 87 වන පිටුවේ දැක්වුනු වෙළෙඳ දැන්වීමක් මගින් Mystry of Life නමැති පොතක නොමිලේ දෙන පිටපතක් ලබා ගත හැකි ආකාරය දක්වා තිබුනි. 
එම පොත සම්පාදනය කොට බෙද හරිණු ලැබූවේ The Rosicrucian නමැති කැලිෆෝනියාවේ පිහිටි සංවිධානයකින් ය. 
එම දැණ්වීමේ දක්වා තිබුනු ආකාරයට ෆ්‍රෑන්ක්ලින්ද රොසිකෲශනයෙකු (A Rosicrucian) වී ඇත.
එය අමෙරිකාවට පැමිණ ඇත්තේ 1694 වසරේදීය.

මෙම දර්ශණය පිළිබඳ කරුණු දක්වන Longman Encyclopedia  පවසන්නේ The Rosicrucian යනු ගුප්ත විශ්වාසයන් පිළිබඳව කැපවුනු රහස් සංවිධානයක් බවයි. 
ඔවුන්න් විද්‍යාව හා ආදී රසායනික (Ischemic) පර්යේෂන හරහා අධ්‍යත්මය අවභෝධ කර ගැනීමට උනන්දුවූ පිරිසක් ලෙසට දක්වා ඇත.
1561 - 1626 අතර එංගලන්තයේ ජීවත්වූ ෆ්‍රැන්සිස් බේකන්ද මෙම සංවිධානයේ සාමාජිකයෙකු බවද එහි සඳහන් වේ!

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ගැන තවදුරටත් මෙතැනින් කියවන්න.







36 comments:

  1. ශනිදා දහය වෙනකල් නැඟිටල ඉඳලා
    කියෙව්වා නියම ලිපියම හිටු කියලා
    නව සංකල්පෙ ගැන අද උදයෙම ලියලා
    පෝස්ටුවක් දැම්මෙමි, නැහැ ඔබ දැකලා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිදි අයියේ!

      Delete
  2. වටිනා ලිපියකින් අද ශනිදා දහය හැඩවෙලා. වටිනවා අයියෙ. බ්ලොග් කලාවේ ඉදිරිය උදෙසා ගන්න උත්සාහයන්ට ස්තූතිය ඔබටත් කොලොම්පූරේටත්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් තට්ටයාගෙයි කොලොම්පුරේගෙයි ඉල්ලීමට මමත් කවියක් ලිව්වලූ ශනිදා දහයට..
      https://dumindasanchare.blogspot.com/2023/10/blog-post_14.html

      Delete
    2. ස්තූතියි මල්ලී! මම ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනා!

      Delete
  3. කාලෙකට පස්සෙ බ්ලොග් ලිස්ට් එක එක දිගට අප්ඩේට් වෙනවා දැක්කම ඇත්තටම මාර සතුටක් දැනුන.කලයක් තිබුනා අපිට ඔහොම උදේට පිස්සුවෙන් වගේ බ්ලොග් කියවන ලියන.ස්තූතියි මටත් ශනිදා දහයට ලියන්න උසිගැන්නූවාට තට්ට තුමනි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අපේ ආරාධනාව පිළිගෙන ලිව්වාට! ආයෙමත් ලබන ශනිදා දහයට හමුවෙමු!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ශනිදා දහයටද සරුංගල් යැව්වෙ ?

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකො ප්‍රා ජේ ඒකෙත් හැටි? මේ මහ රෑ මේ මනුස්සයා කරලා තියෙන දේ? 😂😂😂😂 - තට්ටයා

      Delete
    2. බෙන්ජමින් රෑ දහයට මොකද කලේ කියන එක මෙම ලිපියේ අන්තර්ගත නොමැති බව කරුණාවෙන් සලකන්න පෙරකදෝරු තුමනි.

      Delete
  6. අගේ ඇති ලිපියක්.
    මම හිතන්නෙ ලංකාවෙ උංගෙ හිතන කෑල්ල පොඩි කාලෙදිම හැලෙනවද කොහෙද

    ReplyDelete
  7. ඩොලර් 100 කොලේ අතගෑවාට දැනන් හිටියේ නෑ එතුමා ගැන.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
  8. ජස්ටින් ගලප්පත්තිOctober 15, 2023 at 9:38 AM

    ඉතාමත් හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි; මේක මීට කලින් මුතුහරට ලියපු එකක්!

      Delete
  9. දැනුම අළුත් කරන, නොදත් දේ කියාදෙන ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි; අපි ලියමුනේද ලබන සෙනසුරාදාට!?

      Delete
  10. ඔහේ අපිට කියනව තරුණයො මක්ක වත් පොරෝජං ඇති වැඩක් කන්නෑලු
    යකෝ බෙන්ජ කරල තියෙන ඒවෑ හැටියට අපිට දෙයක් ඉතිරි වේයැ.
    මළ විඛාර

    වෙලාවට බෙන්ජා ජම්ගිය හොයාගත්තෙ නැත්තෙ නැත්තං අපේකාලා ඔයියකාට ජම්ගි බෙම්ජා කියල

    (විහිළුවට හොඳේ)

    ReplyDelete
  11. වැදගත් තොරතුරැ ටිකක් ✌
    ඇත්ත. මෙවන් අයගෙ ජිවන විත්ති... අපිටත් හොද ආදර්ශයක්!

    ReplyDelete
    Replies
    1. මේ මල්ලී උඹ එන හෙනහුරාදා දහයට ලියනවැයි?

      Delete
  12. අගනා තොරතුරු ටිකක්. ස්තූතියි.

    ReplyDelete
  13. ෆ්‍රැන්ක්ලින් ඇමෙරිකා නිදහස් කෙටුම්පතට අත්සන් කලේ නැත්ද? මම කල්පනා කලේ තට්ටයා කියන එක නිකන් හරි මදි නිසා මිට පස්සේ දහයේ මල්ලි කියල අමතන්න. ඉවානය රේල්ලුවට දාල , විසිරි සිහින , චැන්ග්ස් ෆෝඩ් වලින් බස්සල ගෙදර ඇවිත් එහෙම්ම ක්රෝයිදන් ගිය උපන් දින සාදයකට. එනකොට රෑ තුනයි. ඒ වෙලාවේ බොගක් ලියන්න ගත්තනම් දික්කසාදෙට අඩිතාලම වැටෙන නිසා වැඩේ අත ඇරිය . සම්පුර්ණ වැරැද්ද ඉවානයට පටවන්ට 😀

    ReplyDelete
    Replies
    1. කරුණාකර මෙවැනි අපහාසාත්මක බොරු ඔබේ බ්ලොග් අඩවියෙන් ඉවත් කරන්න.

      Delete
    2. මම දැනුයි දැක්කේ!
      නැතිනම් මම් මේවා තියන්නේ නෑ!
      දැක්ක ගමන් ඉවත් කලා!
      හරි මොනවා උනත් ඊළඟ සතියට සෙට් වෙන්න!
      ජයවේවා!!

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  14. Replies
    1. ටැංකිව්! ටැංකිව්!!
      අර මලයගෙ බ්ලොග් එකට දාන අසරණ අපේ කමෙන්ට් වලට මොකද රිප්ලයි නොකරන්නේ?

      Delete
  15. ඔය බලහං ඉතිං. මන් මේකට දාපු කමෙන්ට් එක නෑනෙ. ඔය කතන්දරේ තමයි සුද්ද සිංහලෙන් මං කිව්වේ.
    කොහෙද මට බැන්නා මම බිව්වා කිව්ව. බේබද්ද කීවා පල යන්ඩ මං ආපහු කමෙන්ට් දාන්නෑ.

    හුහ්

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ බං උඹේ කමෙන්ට් එක "දිළිහි! දිළිහි!!"

      Delete
  16. මට පේන විදියට නම් මේ කාලෙ අලුත් දෙයක් කරනවා කියන එක සංකීර්නයි. මොකද පරණ දැනුම ගොඩක් එක මත එක එකතු වෙලා තමයි වර්තමාන දැනුම ගොඩ නැගිලා තියෙන්නෙ...

    ඉතින් අර පරණ දේවල් උනත් සෑහෙන ඉගෙන ගන්න වෙනවා අලුත් දෙයක් කරන්න ගියාම???

    ReplyDelete
    Replies
    1. දැන් පරන දැනුමෙන් "රෝදය" හොයා ගත්තා! අද වනතුරු ඒකට විකල්පයක් නැත්තේ ඇයි?
      ඒ කියන්නේ ඒ කාලේ හරිම ලේසියට ඒක හොයා ගත්තු නිසාද; නො එසේනම් ඒ කාලයේදීම එම සොයා ගැනීමේ තියෙන පරිපූර්ණත්වය නිසාද?

      Delete
  17. ස්‍තුතියි තොරතුරුවලට.
    - වීරසිරි බන්ඩාර -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීරසිරි මහත්තයා!

      Delete
  18. මුතුහර සමග මනහර එකතු කළා ඒ කාලේ

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...