Friday, October 20, 2023

219. ජැකා . . . . ! (ශනිදාට පෙර දින)

(සවන් දෙන්න )

මහගම සේකරයන් විසින් රචිත ඉහත ගීතය ගැයෙන්නේ "තුංමං හංදිය" චිත්‍රපටයේය.

මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් යම් ප්‍රතිශතයක් ජීවිතයේ කිසියම් දිනෙක යම් ආකාරයේ විමර්ශණාත්මක කාර්‍යයක් ජැකා ගේ ඇස තුලින් සිදු කොට ඇතැයි මා විශ්වාස කරමි. මේ ගීතය මෙතැන මා යෙදූවේ එය සංඛේතාත්මක කිරීමටය.

අපගේ සිනමාව වේදිකාව සහ රූපවාහිනිය යන  මාධ්ය ත්‍රිත්වයම අතික්‍රමණය කල නළුවෙකු සිටියානම් ඒ ජැකාම විය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාද ප්‍රසිද්ධ  වේදිකාවේ රඟපා ඇති නමුදු; මාගේ මතකයේ හැටියට ඒ ජූලියස් සීසර් නාට්‍යයේ පමණක් ය. (දොසක් ඇත්නම් නිදොස් කරණ්න)! ටෙලියක් ලෙසට මාගේ මතකයේ රැඳෙන්නේ "සුදු සහ කළු"  පමණි. එයද ශ්‍රි ලංකික ටෙලි වංශ කථාවේ සංධිස්ථානයක් තබා බෝක්කු කනුවක් වත් නොවීය.

ජෝ අබේවික්‍රම "සබද පබිලිස්" හා "සකිසඳ එලියස්" නාට්‍ය යුගලයේ රඟපෑවා වුවද; ජැකා ටෙලිය තුල වේදිකාව තුල පෑ පෙළහර පෑමට ඔවුන් සමත්වූයේ නැත.

ඔහු ප්‍රසිද්ධ වේදිකාව සහ ටෙලිය තමා සන්තකයට ගත් අයුරු මා මෙතැන ලියන්නට යන්නේ නැත.  සියල්ල; ඒවා සියල්ල අතැඹුලක් සේ දනිති!

චිත්‍රපට ක්ෂෙත්‍රයේදී අස්වැසුම, බවදුක, බවකර්ම, ගිණි අවි සහ ගිණිකෙළි ලෙස පෙලක් ලිවීමට හැක. මේ සියල්ල මේ දිනවල බුකියේ ඒ මේ අත හුවමාරුවන කාරණාය!

ජැකා චිත්‍ර ශිල්පියෙකු ලෙස මා පලමුව දකින්නේ මල්ටි ෆැක්ස් ආයතනයෙන් එළි දැක්වූ "සුහද" චිත්‍ර කථා පත්තරයේ "සාතන්ගේ පුත්තු" නමින් ඇඳි චිත්‍ර කථාවෙනි. ඊට අමතරව "ළිහිණින්ගේ රාත්‍රිය","යකාට බයනම්" යනුවෙන් චිත්‍රකථා ඇඳ තිබුනි. එහෙත් ඒවා ප්‍රශස්ථ මට්ටමක නොතිබූ බව මගේ හැඟීමයි! 

පසු කාලයකදී ඇන්ටන් බී පෙරේරා "සිත්තරෙන්" ඉවත් වීම සමග මග ඇන ගත් "කුළු හරක්" කතාව අවසන් කලේද ජැකාමය! (ඒ ගැන මාගේ බලවත් කණගාටුව; මන්ද  ඇඳීම අතින් ඇන්ටන්ට  අලගු තැබීමට නොහැකිව සිටියදී එය අවසන් කිරීමට ඇන්තනි භාර ගැනීමය!)

ඔහුගේ ගායනය පිළිබඳ ඉදිරිපත් කල හැකි හොඳම නිදසුන වන්නේ "සුසීමා" වට ගැයුණු ගීතයයි. ජනක රත්නායක විසින් සතුට පත්‍රයට ඇඳි චිත්‍රකථාවක් ඒ නමින්ම ටෙලියකට නැගුනු අතර මාගේ මතකය නිවැරදිනම් එම ගීතය ගයන්නට නියමිතව තිබුනේ ජැකාගේ චරිතයට නොව රංග  ලෙස රඟපෑ පාලිත සිල්වාටය! එය ජැකා වෙතට ගිය ආකාරය පිළිබඳව විවිධ කථා මා අසා ඇති මුත් ඒවාට හුදෙක් කට කථා බැවින් මා මෙතැන නොලියමි.

කලෙකට පෙර ජැකා දිවයින ඉරිදා සංග්‍රහයට "පනා පුත්‍ර කුහුඹු පැණියා" නමින් තීරු ලිපියක් ලිවීය. "පනා පුත්‍ර" නම ඔහුට ලබා දී තිබුනේ නැසී ගිය; නොම්මර එකේ කලා කරුවෙකු වන ජේ එච් ජයවර්ධන විසින්ය.

 Jack නම්  කොස්ය. පනා යනු කොස් වලට කියන යෙදෙන පර්යාය පදයකි. (කොස් මල් හඳුන්වන්නේ පනා මල් ලෙසිනි. ) Son යනු පුතා හෙවත් පුත්‍රයාය.

ජැක්සන් පනා පුත්‍ර වූයේ එසේය.

ඈන්ට් + හනී  කුහුඹු පැණියා ලෙස නම් කර ගත්තේ ජැකා විසින්මය.

ජැකා රූපවාහිණියේ වැඩසටහන් ඉදිරිපත් කරණ්නෙකු ලෙසට ඉදිරියට එන්නේ ප්‍රේමකීර්ති කල වැඩ සටහනක් තුලින් ය. එම වැඩසටහන නිවැරදිව මාගේ මතකයට එන්නේ නැතත් ඒ අවස්ථාව මාහට හොඳින් මතකය. ප්‍රේම් ගේ මුහුණ තිරය මත බොඳවී ගොස් ජැකාගේ මුහුණ තිරය මත මැවුනි. ඒ ලැබුනු අවසරයෙන් ඔහු රූපවාහිනීය දිග් විජය කලේය.

ඔහු සතුවූ දැනුම, මතකය, සුඛනම්‍ය බස් වහර, ප්‍රථිභාව හා ප්‍රථිභාපූර්ණ බව සංයෝජනය වූ විට මැවුනේ සුපිරි ඉදිරිපත් කරන්නෙක්මය!

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී අලියෙකු හා ගැටී ජැකා ජීවිතයත් මරණයත් අතරට වැටේ! මේ පිළිබඳවද සැක සංකා රාශියකි!

ඒ සමගම බුකිය පුරා ඔහුට මරණය ප්‍රාර්ථනා කරමින්ද දෙස් දෙවොල් තබමින්ද ගල් වැහි වහින්නට පටන් ගන්නා ලදී.

මේ ගල් එල්ල කලේ  තම ආදරණීය කලා කරුවාට යැයි ඔබ සිතනවාද ?

නැත!

ඒ සියල්ල එල්ල වූයේ ජැකා නමැති කඩේ යන්නාටය!

ජැකා සමගම කඩේ යෑම ඇරඹූ ශ්‍රියන්ත මෙන්ඩිස් වෙත අදටත් සාමාන්‍ය ජනතාව එසේ ගල් ගැසුවේ නැත. ඒ ශ්‍රියන්ත වඩා ආදර්ශමත් ලෙසට හෝ වඩාත් ගෞරවාන්විත දේශපාලකයෙකු වෙනුවෙන් කඩේ යෑම නිසා නොව ඔහු ඒ සඳහා භාවිතා කල මල්ලේ ප්‍රමාණය හේතු කොට ගෙනය.

ගාමිනී, ජෝ, විජය, නිහාල් සිල්වා සියල්ල දේශපලනය කල නළුවන් විය. වෙනත් කලා කරුවන් සඳහාද උදාහරණ බොහෝය! එහෙත් ඒ කිසිවෙකු වෙනුවෙන් මෙවන් වෛරී ප්‍රකාශ ඔවුන්ගේ මරණ මංචකයේදී එල්ල වූයේ නැත!

ගාමිනී හා විජය ජැකාට වඩා සක්‍රීය ලෙසට දේශපාලනය කල අය ය.

විජය මහජන පක්ෂයේ සභාපති වුනු අතර ගාමිනී වරෙක පාර්ලිමේන්තුවේ කථානායක අසුන පවා හෙබවීය!

එය එසේ වුවත්; විශේෂයෙන් විජයගේ ඝාතනය වේලාවේදී හෝ ඔහුගේ ප්‍රථි පක්ෂ විසින් ඔහුට ගල් ගැසුවේ නැත!

මෙයට හේතුව ලෙස මා දකින්නේ; සාමාන්‍යයෙන් සියළු පුරවැසියා වෙත ලැබෙන අයිතියක් වන දෙශ්පාලනයක් කිරීමට ඇති අයිතිය පිළිබඳව කිසිවෙකු උරණ නොවන බවයි. එසේම ඔවුන් දේශපාලනය කලේ හුදෙක් තමා වෙත ලැබෙන වරදාන හෝ පොදු ජනායා ඇන්දවීමට හෝ නොවන බැවිනි. (මෙය මෙසේමද නැතහොත් එයද ඔවුන්ගේ රඟපෑමක්දැයි මා දන්නේ නැත! එය කෙසේ වෙතත්; එය රඟපෑමක් නම් ඔවුන් එම චරිතයට උපරිම සාධාරණය කලහ.)

සාමාන්‍ය ජනතාව උරණ වන්නේ; තමා ආදරය කරණ කලා කරුවා සතු එම කලා කුශලතාවය, හැකියාව, දේශපාලකයෙකු හෝ පක්ෂයක් වෙනුවෙන් කරණු ලබන අවභාවිතාවේදීය.

ජැකා කෙරෙහි සාමාන්‍ය මිනිසා තුල පැවති ගෞරවය ආදරය අන්තිමටම ගිලිහී යන්නේ මහින්දට බුදුන් සමග ඇති ලින්කුව ගෙන හැර දැක්වීමට යෑමෙන් පසුවය.

ජැකා තමා සතු ප්‍රථිභාපූර්ණ බව පිළිබඳව; ඔහුගේ රසිකයා තුල වසර ගනනාවක් ගොඩනැංවූ  විශ්වාසය; කරණ කොටගෙන "ජැක්සන් ඇන්තනිත් කියනවා නං බොරුවක් වෙන්නත් බෑ!" කියා සිතන්නට සාමාන්‍ය ජනතාව පෙළඹවීමම තක්කඩි කමකි!

බුදුන් කෙරෙහි ගෞරවයක් භක්තියක් ඇති හෝ නැති අයෙකු හට වුවද; බුදුන් මහින්දට කල පූට්ටුව පිළිබඳව ඇතිවන්නේ සාධාරණ කේන්තියකි. මන්ද "දුටු ගැමුණු" ට රඟපෑ නළුවාට, "පබා"ට ඡන්දය දුන් ගවයන් සිටිනා රටක බුදුන්ගේ ඥාතීත්වයට තම ඡන්දය නොව තම අඹු සිඟිත්ත උවද පාවා දීමට පෙළගැසෙන උන් සිටිය හැකි බැවිනි. 

ගාමිණී ෆොන්සේකා කතානායක පුටුවට තේරී පත්වූ අවස්ථාවේ එය වාර්ථාකල පුවත්පත් කලාවේදීන්; ගාමිණී ෆොන්සේකා මහතාගේ හැසිරීම;  ඉතාමත් පලපුරුදු ආකාරයේ එකක් වූ බව ලියූවේ ගාමිණී ෆොන්සේකා යනු  "සිංහල  සිනමාවේ සක්විති" බව අමතක කොටය!

ගාමිණීගේ රඟපෑම තුල එංගලන්තයේ රජුගේ  භූමිකාව වුවද දැක්වීමට ඇවැසි මුවහත ඇති බව ඔවුනට අමතක විය.

එසේම ඕනෑම චරිතයකට පන පෙවිය හැකි ජැකාටද තමාගේ මතවාදයට පන පෙවීමට සාමාන්‍ය ජනතාව තුලට එබ්බවීමට ඕනෑම ආකාරයක රඟපෑමක් කල හැකි බව අමතක කල යුතු නොවේ!

තමාගේ රංග කාර්‍යය මෙතරම් උසස් මට්ටමකට ගෙන ඒමේදී උගෙන ගත්, දැන උගත්, අභ්‍යාස, පුහුණු, පාඩම්, අත්දැකීම්, පලපුරුදු කම්, කල පුරුදු කම් සියල්ල පත අට එකට සිඳුවා ගත් කල මෙම කටයුත්ත වඩාත් නොව වඩ වඩාත් සාර්ථකව කිරීමට හේ ඉවෙන් දනී.

මේ නිසාම ඔහු තම මත වාදයන් එළි දැක්වීමේදී වඩාත් කල්පණාකාරී වීමට වගකීමක් තිබුනි.

කාලයක් ඔස්සේ තමා ගොඩ නගා ගන්නා කුමන හෝ ආකාරයේ පෞර්ෂයක් හුදෙක්  තමාගේ ප්‍රථිලාභ වෙනුවෙන් කෙරෙන්නාවූ දේශපාලන උවමනාවන් වෙනුවෙන් කාලයක් ඔස්සේ තමා ගොඩ නගා ගන්නා කුමන හෝ ආකාරයේ පෞර්ෂයක් හුදෙක්  තමාගේ ප්‍රථිලාභ වෙනුවෙන් කෙරෙන්නාවූ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගණිකා      වෘත්තියේ   යොදවන්නා තක්කඩියෙකි!

එය එසේ කරණු ලබන; සමාජය තුල කිසියම් පිළිගැනීමක්, හෝ යම් ආකාරයක සිවිල් බලය්ක් හිමි කුමන ආකාරයේ අයෙකු විසින් හෝ නොකල යුත්තකි.

ගෝටාගේ කැම්පේන් එකේදී නෙළුම් පොහොට්ටු බෙදූ "නයි සාදුත්" මෙම කුලකයේ තවත් එක් අවයවයකි.

ජැකා මිය යාමෙන් පසුව "ආං ඇඳ! ගිහිං දොයිය ගනිල්ලා!!" කියා කෝචොක් දාන එවුන් හට මේ යතාර්ථය නොතේරේ.

ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද හරි කියා සෙවීම නොව කවුද හරි කියා සොයා තමාගේ පිලට හුරේ දැමීම පමණකි!

මොකා මොන දහදුරා වැඩේ සිදු කොට හෝ තමාගේ පක්ෂය හෝ අපේක්ෂකයා දිනනවා දැකීම තරම් ආතල් එකක් ඔවුනට නැත.

අද වන විට ජැකා මියගොස් අවසානය! එසේම මහින්දද දේශපාලනික ලෙස මියගොස් අවසන් ය! කාලය ගෙවී යයි. 

බුදුන් කෙසේ වෙතත් මහින්ද; "සුද්ධෝදන" කෙනෙක් බව නම් අදවන විට සියල්ලන්හටම ප්‍රථ්‍යක්ෂ වී හමාරය! 

අනාගතය විසින් ජැකාව කුමන ස්ථානයක තබාවිදැයි කියන්නට මා ඉක්මන් නොවෙමි. 

කාලය ගලා යයි!

ජැකා භූමිකාවක් නොකලද මෙරට වේදිකාවේ තිරගතවූ සුන්දර නාට්‍යයක් අවසානයේ පසුබිමින්  ගැයුනු සුන්දර ගීත කණ්ඩයක් මගේ මතකයට එයි. 

ජීවිතයේ විවිධ වූ හැලහැප්පිලි අවසානයේ ජීවිතය එක් තැනක නැවතී ඇත! 

වේදිකාවේ රැඳී සිටින්නේ පතාක යෝධයෙකි.

ඒ; නීල් අලස්!

"අංගාරා ගඟ ගලා බසී . . . . . . !"  (සවන් දෙන්න)


39 comments:

  1. කලාකරුවෙක් මොන තරම් කලාවෙ දක්ශයෙක් උනත් දේශපාලනිකව වෙන්දේසී වීමේදී කොතරම් හිස් දැයි කලාකරුවාම තේරුම් ගත යුතුය. එසේ වෙන්දේසී වීමට ප්‍රථම එක වරක් දෙවරක් නොව කීප වතාවක් යථාර්ථය තේරුම් ගෙන ජනතාවට ඉදිරියෙන් සිටගෙන බැලිය යුතුය.
    අනෙක් අතට ජනතාවද කලාකරුවාගේ කලාව අගය කරනු විනා ඔහුගේ දේශපාලනය ගිලීමට තරම් මුග්ධ නොවීමට තරම් බුද්ධිමත් විය යුතුය.
    කලාව දේශපාලන පක්ශයක් ඉදිරියේ වෙන්දේසී නොකර, එසේම තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයොජනයට දේශපාලනය නොකල, එහෙත් තම කලාව ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය සදහා භාවිතා කල කලාකරුවෝ කුමන දේශපාලනයක් කලද සදාකාලිකව ජනතාවගේ හදවතේ රැදී සිටින්නෝය. එය කලාකරුවෙකුට ජැකාගේන් ඉගෙන ගත හැකි ඉහලම පාඩමකි.

    ReplyDelete
  2. මට මෙහෙම හිතෙනවා.
    ජැක්සන් අනතුරෙන් එතනම හෝ රෝහලේදී මියගියානම් තත්ත්වය මීටවඩා බොහෝ වෙනස් වෙන්ඩ තිබුනා.
    එසේත් නැත්නම් බ්‍රේන් ඩෙඩ් යයි කියූ පසු නොවලහා බටේ ගැලෙව්වනම් දේශපාලන 'වැරදි' මොනවා තිබුනත් ජැක්සන් අදත් වීරයෙක්, එමෙන්ම ඔහුගේ රෙදි නැතුවම කඩේ යාමත් අනුකම්පාව නිසාම නිකම්ම වැසී යාමටත් ඉඩ තිබුනා.
    පවුලේ උදවියගේ මෝඩකම (එසේ වෙන්නටත් අමාරුයි මොකද කුමාරිගේ සහෝදරයාත් වෛද්‍ය වරයෙක් නිසා ඔහුගෙන් හෝ සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්ඩ තිබුනා) කෙසේ වෙතත් උද්දච්ච කම නිසා ඒ අවස්ථාව මගහැරුනා. එසේ දිගටම ICU තබාගෙන ඉන්නට ඔවුන්ට උපදෙස් දුන්/ උපදෙස් ගත් අයත් ඒ වගේම (මර්වින් සිල්වගේ වචනවලින්) මෝඩ මූසලයන් වෙන්ඩ ඇති.

    ජැක්සන්ට මොක් සුව අත්වේවා!. ආයේ ඉපදිලා කඩේ යන්ඩම ඕනෙනම් ඒකටත් ඔහුට සුබ පතනවා!

    ඔබ සැමට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මමත් ඊට එකඟයි!
      එහෙම උනානම් මේ විදියට පජාත නොවී ඔහුගේ සමුගැනීම වෙන්න තිබ්බා!
      අනෙක හැම කලාකරුවෙකුගේම අවසන් මෙලොව නවාතැන වන "කලා භවන" පැත්තෙත් දවසක් දෙකක් තියලා වැඩේ සුපිරියටම වෙන්න තිබුනා!
      ඔහොම නෙවෙයි මොන කෙළිකාරයෙකුගේ උනත් වැඩ අවසන් උනාම ඒක තමන්ට වාතයක් විදියට දැනෙන මිනිසුන් ඉන්නා රටක් තමයි මේ (අම්මට) සිරි ලංකාව.
      ඒකනේ අම්මගෙ මිනිය ගෙදර සාලේ තියාහෙන පිටියෙ තෝන් ගන්න එවුන් බිහිවෙලා තියෙන්නේ!

      තව කාරණයක්! සාමාන්‍යයෙන් වාහනයක් කණුවක වැදුනාම ඒ කණුවේ සළකුණ වාහනයේ දකින්න පුළුවන්නේ? ඒත් මේ කැබ් එකේ තියෙන තැලීම් ලකුණුවලට අනුව වාහනේ වැදිලා තියෙන්නේ ඇට ලේ මස් නැති "අලි ඇට සැකිල්ලක" වගෙයි පෙනෙන්නේ!😂😂😂
      එහෙම නැතිනම් තම සහෝදරයාට
      කරපු කෝචොක් එකට මල පැනලා; අලි සෙට්එකක්ම යකඩ පොලු හොඬින් ගෙන අම්මට සිරි වෙන්නම නෙළලා වගෙයි පේන්නේ!
      තම රංගන කුශලතාවයන් සුපිරියට භාවිතාකරමින්; මහින්දව උනුසුම් වායු බැලුනයක් බවට පත් කල ජැක්සන්; සාමාන්‍ය ජනතාවගේ බුද්ධිය හැඟීම දැනීම කෝචොක් කලේ; අත ලෙව කන්නට නොවන බව දන්නෝ දනිති!
      තාමාට හිතවත් අය වෙනුවෙන් අත දිග ඇර (අනුන්ගේ සල්ලි) නිර්ලෝභීව වියදම් කිරීමට කප් ගසා සිටින මහින්ද; ජැකාව හිස් අතින් ගෙදර නොඑවූ බව කාට නම් සැකයක්ද?
      මේ සියල්ල කනපිට පෙරලෙන්නේ නාමොල් තැබූ තඩි පොල්ල සමග බව සමාජ මාධ්‍ය පවසයි!
      තමා මහින්දට ලින්ක් කල යුත්තේ බුදුන්ට නොව "සුද්ධෝදනට" බව තේරෙන විට; තමාගෙ යට කලිසමටත් ගිරුවා පත්තුවේ විරුවා සුද්දෙ දමා අවසන් බව තේරුම් යෑමෙන් පසු ජැකා සිය දිවි හානි කර ගත්‍තේ දැයි කිසිවෙකුට සිතුනත් එහි ඇති ඒ තරම් වරදක් නැත! - තට්ටයා (ෆෝන් එකෙන් කෙටුවේ)

      Delete
  3. රංග තේනුවරOctober 21, 2023 at 8:34 AM

    මාගේ නිරීක්ෂණවලට අනුව නම් ජැක්සන් ඇන්තනී ප්‍රතිභාපූර්ණ කලාකරුවා ට අපහාස කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් විසිනි. ජනතා විමුක්ති පෙරමුණ යනු විජය කුමාරතුංග මහතා ද ඝාතනය කෙරුණු පක්ෂයකි. ඔවුන් කලාකරුවන්ට, ජනප්‍රිය පුද්ගලයන්ට, දේශපාලකයන්ට බියය. එම නිසා ඔවුන් උත්සාහ දරන්නේ තර්ජනය කොට එම කලාකරුවන් නිශ්ශබ්ද කිරීමටය.

    වර්තමානයේ දී ද සමාජ මාධ්‍ය ඔස්සේ කුණුහරප කියමින් අපහාස කරමින් හැසිරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් විසිනි. කිසි දිනෙක ඡන්දයෙන් බලය ලබාගත නොහැකි නිසා ඔවුන් මෙලෙස හැසිරෙයි.

    ඇමරිකානු තානාදිපති ජූලි චන්ග් මහත්මිය හමු වූ වෙලේ අනුර කුමාර දිසානායක ගේ බොඩි ලංවේ්ජ් දුටුවිට අපට දුක සිතේ.

    රනිල්ගේ,සජිත්ගේ, බැසිල්ගේ ඉංග්‍රීසි ගැන ආස උපහාස කෙරු ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන්ට අනුර කුමාරට සරල ඉංග්‍රීසි වත් බැරි බව දැකගන්නට හැකි විය.

    රෝගියෙකු ඇඳේ සිටිනා විට ඔහු මිය යාම ප්‍රාර්ථනා කරන ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ගේ මානසික මට්ටම ගැන අනුකම්පා කිරීම හැර වෙනත් යමක් නොමැත.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රකාශය පිළිබඳව සාක්ෂියක් ඇත්නම් ඉදිරිපත් කරණ්න! කාඩර් වරයෙකු නොවුනත් මමත් ජෙප්පෙකි!
      ජෙප්පන් වේවා බයියන් වේවා කලාවට ආදරය කරණ; ජැකාට ආදරය කල කිසිවෙකු ඔහුගේ අවසාන කාලයේ ක්‍රියා කලාපය අනුමත නොකරයි!
      බන්දු සමරසිංහගේ භූමිකාව දෙස මිනිසුන් උපේක්ෂාවෙන් බැලූවද ජැකා දිහා මිනිසුන් බැලූවේ ද්වේෂයෙනි!
      අනුරගේ ඉංග්‍රීසි දැනීම පිළිබඳව කතා කරණ ඔබ පිළිබඳව ඇතිවන්නේ කණගාටුවකි!
      මට ඔබෙන් අහන්නට තියෙන්නේ "හොඳටම ඉංග්‍රීසි දන්නා අය ඇරියා මදිද?" කියලා පමණි
      "අපව පාලනය කල යුත්තේ ඉංග්‍රීසි දන්නවුන් විසින් ය!" යැයි පැවසීම තරම් දීන කමක් මා ඝවත් දන්නේ නැත!
      සුද්දාට බිරිඳව භාරදී පිලේ නිදා ගන්නා එවුං ඉංග්‍රීසි වලට දක්වන භය පක්ෂ බාවය පිළිබඳව ඇත්තේ හිරිකිතයකි! - තට්ටයා!

      Delete
    2. රංග තේනුවරOctober 21, 2023 at 11:38 AM

      ඉංග්‍රීසින පාලනය කරන රට වලට සිය දරුවන් ඉගෙනුමට/ රැකියාව පිණිස යවනා ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් සමාජ මාධ්‍ය තුල ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියන්නේ ඇයි දැයි කියා විමසීමට කැමැත්තෙමි.

      'සුද්දාට බිරිඳව භාරදී පිලේ නිදා ගන්නා එවුං ඉංග්‍රීසි වලට දක්වන භය පක්ෂ බාවය පිළිබඳව ඇත්තේ හිරිකිතයකි! -'

      බිරිඳ පපමණක් නොව දියණිය/ ලේලිය පවා සුද්දාට බාර දුන් අයවලුන් ගැන කුකුසක් නම් ඇත.

      Delete
    3. ඔබ මුල සිටම වරදවාගෙන ඇත.
      1. ජැකා මහින්දට කඩේ යෑම උගේ වැඩක් උවත් ඔහුට ආදරය කල; උගේ දක්ෂතා අගය කල සියල්ලෝ බයියන් නොවීය. මා ඇතුළුව ජෙප්පන්ද සිටියෝය.
      එහෙත් ඔහු බුදුන් සහ මහින්ද අතර ලින්කුවක් ගෙන දැක්වීප පමණ ඉක්මවා කඩේ යෑමකි.
      සංගාගේ පවුල; සංගාගේ දක්ෂතා වලට මුල කොහෙවත් ඉන්නා දෙයියෙක් කියා ගැනීම හා එය සමානය!
      ජැකා පොදු ජනතාවගේ හදවතින් ගිලිහෙන්නේ ඒ සමගය!
      2. අනුරට ඉංග්‍රීසි බැරිව ඇති. පුටින්ටද ඉංග්‍රීසි බැරිය. ලංකාව දශක ගනනාවක් පාලනය කල ඉංග්‍රීසි රැජිනටද ආණ්ඩුකාරයාටද ඉංග්‍රීසි පුළුවන් උනා යැයි ඔබ සිතනවාද?
      රටක් පාලනය කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම ඉංග්‍රීසි යැයි ඔබ සිතනවාද? එසේනම් ජනාධිපති කමට සක්විතිත් සුදුස්සෙකි! රටක නායකයෙකු වෙනත් රටක් සමග ගනුදෙනු කිරීමේදී භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගැනීම සාමාන්‍ය දෙයකි. පුටින් මෝදිට කතා කරණ්නේ හිංදියෙන්ද?
      3. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පලමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය කිරීමට සූදානම්ව පවතී. මේ පිළිබඳව එම සංවිධානයේ සමාජිකාවක් කරුණු දැක්වූ පසු බුකිය; පෙරේත ලෝකයට හෙන ගැසුවාක් මෙන් විය.ඊට ගල ගැසූ බොහෝ දෙනා ඉංග්‍රීසිය නොමැති කමින් සමාජයේ විවිධ අකටයුතුකම් වලට මුහුණ පෑවෝ වුවද එය ජෙප්පන්ගේ යෝජනාවක් බැවින් ඊට කැට කැබිලිති ගැසුවෝය.
      මොනවා උනත් ආණ්ඩුබලයක් පිහිටවූ පසු එය ආරම්භ කරණවා ඇත!
      4.ජෙප්පන් රටවල් වලට යවා දරුවන් හට උගන්වති! එය ඇත්තක් ය. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යවති! එයද ඇත්තකි. ලමයින් රට රජ්ය වලට යවන සාමාන්‍ය මිනිසුන් ඒ සඳහා ණය වෙති. දේපොළ විකුණති. උගස් තබති. මෙතරම් කැපවීමක් හා අවදානමක් ගන්නේ මේ රටේ දරුවන්හට අනාගතයක් නොමැති බැවින් ය. එය සාමාන්‍ය රටේ බහුතරයක් වන මිනිසුන් හට අසීරු ඉලක්කයකි. ඒ නිසාම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිති.
      ඔබ පවසන ආකාරයට; මන්දපෝෂණය පිටු දැකීම වෙනුවෙන් කැපවී සිටින්නවුන් හට කෑම තහනම් ද?

      තට්ටයා

      Delete
    4. රංග තේනුවරOctober 21, 2023 at 5:06 PM

      තට්ටයා මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ අයෙක් බව දන්නේ අදය.

      ඔවැනි අය සමග කුමන කතාද. ස්තුතියි.

      Delete
    5. ඔබ කුමන මිනී මරු පෙරමුණේද? තට්ටයා

      Delete
    6. අනුර කුමාර දිසානායක ජුලි චන්ග් මුනගැහීම ගැන හිනා යන කතා ගොඩක් කියවන්න ලැබුන. ජුලි චන්ග් එක්ක කතා කරන්න ඉංග්‍රීසි බැරි වීම වගේම අත්දෙක කකුල් දෙක අස්සෙ ගහගෙන ඇඹරීම ගැනත් සාකච්ඡා වෙනවා දැක්කා. ඒක නායකයෙක් වෙන්න සුදුසු පෞර්ෂයක් නෙමෙයි කියල පිරිමි ටිකක් ලියලා තියෙනවත් දැක්කා. බැසිල්ට කපුටු කාක් කාක් කියලා හෝන්ර් ගහපු ජෙවිපේ අයට අනුරගේ ඉංග්‍රීසි බැරි බව රකින්න සිදුවීම දෛවයේ සරදමක් කියලයි ඒ අය කියන්නේ.

      ඉංග්‍රීසි පුළුවන් වෙන එක අපේ වගේ රටක නායකයෙක් වෙන්න අවශ්‍ය කාරණයක් කියල මං විශ්වාස කරනවා. අපේ රට පවතින්නෙ අනිත් රටවල් එක්ක කරන ගනුදෙනු මත. ඒ ගනුදෙනුවල රාජතාන්ත්‍රික සාකච්ඡා පරිවර්තකයො එක්ක කරන්න බෑ. ඉංග්‍රීසියෙන් ගනුදෙනු කළ හැකි වීම අපේ සාමාන්‍ය ජීවිතේදි කොයිතරම් වාසිදායක වෙනවද කියන දැනීමම ඇති රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදිහට ඉංග්‍රීසි අවශ්‍ය වන තරම ගැන වැටහීමක් ගන්න. ඕවට හීනමානෙ, පරගැතිබව වගේ කතන්දර කිය කිය ඉන්න පුළුවන්. ඒත් හොඳම දේ ජනාදිපති වගේ තනතුරක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. එහෙම නැතත් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක.

      ඒක මහ ලොකු කාරනේකුත් නෙමෙයි. මාස හයක විතර පුහුණුවක් හොඳටම ඇති. අනුර කුමාර චන්ද නැති කාලෙ බොරුවට රැස්වීම් තිය තිය ඉන්නෙ නැතුව ඒ වගේ පුහුණුවක් ගැන හිතුවෙ නැතිකම ස්මාර්ට්නස් එක පැත්තෙන් අඩුවක්.

      අනිත් කාරණය ඒ කියන්නෙ ලැජ්ජාවෙන් ඇඹරෙමින් කතා කිරීමේ පෞර්ෂය ගැන කාරණය අනුර කුමාර නායකයෙක් විදිහට පොසිටිව් දෙයක්. අනෙකා ඉස්සරහ පපුව පුම්බාගෙන තමන්ගේ මොකක් හෝ දෙයක් උලුප්පන්න යනවට වඩා අනෙකාට පහසුවෙන් ගනුදෙනු කළ හැකි තර්ජනාත්මක නොවෙන තැනකට යාම හරිම ලස්සන දෙයක්. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ වගේ අනිකා ඉස්සරහ වික්ටිමයිස් වීමෙන් වීරයෙක් වෙන්න හදන නායක පෞර්ෂවල කැත පේන කාලෙක අනුරගේ මේ යටහත් තැනක නිරහංකාරව පිහිටන්න පුළුවන්කම කැපිලා පේනවා. තමන් ඉස්සරහ පපුව පුම්බන ඇල්ෆා පිරිමියාට වඩා දෙකට නැවෙන එකාගෙන් පරිස්සම් වෙන්න ඕන බව මිනිස් ගනුදෙනුවල යම් පළපුරුද්දක් තියෙන ඕන කෙනෙක් දන්නවා. මට මතක් වෙන්නෙම වැලි කතරෙ ගෝරිං මුදලාලි.

      අර පරණ මහින්ද වර්ගයේ පිරිමියාට වඩා නායකයෙක් විදිහට ලැජ්ජාවෙන, හිනාවෙන, ඇඹරෙන මනුස්සයෙක් දකින්න ලැබෙන එක දියුණු ලක්ෂණයක්. ඒක පෞර්ෂ හීනතාවයක් විදිහට පේන්නෙ ඕල්ඩ් ස්කූල් මෙන්ටැලිටියකට. අනුරට පුම්බාගත් පෞර්ෂයක් නැතුව තමන් විදිහට තමන්ගේ ප්‍රතිවාදී පිලේ නියෝජිතවරියක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම එයාගෙ පෞර්ෂයේ ශක්තිමත්කමක්.

      අනුර මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුයි. ජවිපෙ තමයි පක්ෂයක් විදිහට නුසුදුසු.

      Delete
  4. කලා කරුවකු ලෙසට ඒ දින හිතේ ලොකු භක්තියක් තිබුණා
    එලා ගත් මඩ නිසා ඔහුගේ නමට තිබු සැලකුමද වැහුණා
    බලා ගන්නට තිබුන දස්කම් හිටියනම් තව කියා හිතුණා
    මුලා වී නිති කඩේ දිව්වට ලැබුණු දඩුවම මෙයැයි දැණුනා...

    ජයවේවා අයියේ...

    ReplyDelete
    Replies
    1. ජයවේවා මල්ලී!

      Delete
  5. //ජැකා කෙරෙහි සාමාන්‍ය මිනිසා තුල පැවති ගෞරවය ආදරය අන්තිමටම ගිලිහී යන්නේ මහින්දට බුදුන් සමග ඇති ලින්කුව ගෙන හැර දැක්වීමට යෑමෙන් පසුවය.//
    ජැක්සන් ඇන්තනි මැරුණේ මෙන්න මෙතන දී...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකඟය!

      Delete
  6. මට හොඳට ම මතක හිටියෙ ජැක්සන් මෙන්න මේ විදිහට.
    https://www.youtube.com/watch?v=RVHYvXh9hDo&pp=ygUg4LeA4LeQ4La9IOC2muC3kSDgtrTgtrbgt5Lgtr3gt48%3D

    ReplyDelete
    Replies
    1. බෙර හඬ! සුපිරිම තමයි ඉතිං.

      Delete
  7. නිර්මාණ රසවිඳිනවා සහ නලු නිලියන්ගේ වෘත්තීමයබව අගයකරනවා හැර ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන ආදරයක් හෝ ආසාවක් නැති නිසා මට මේ ගැන කීමට දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම එකඟය උන් රඟපානවා පමණක් නම්!
      කරුමෙට මුන් මාධ්‍යවල රඟනවාත් එක්කනේ?
      තට්ටයා

      Delete
    2. ඒ මිනිස්සු නලුවන් නිලියන් ක්‍රීඩකයන්ව තමන්ගෙ වීරයින් කරගෙන උන්ට සිවිල් බලයක් දෙන නිසානෙ. උන් කරන්නෙත් රස්සාවක් කියල සැලකනවනම් හරි.

      Delete
    3. කලා කරුවා තම කාර්‍යභාරය කිරීමේදී ලද අවසරයෙන් සමාජ විශ්ලේෂකයෙකු, පුරාවිද්‍යා විශාරදයෙකු, සමාජ ශෝධකයෙකු, සාහත්‍ය ධරයෙකු, ගවේශකයෙකු වෙනවා .
      සමහර විටෙක මාධ්‍ය තුලින් කැමති වෙන්නේ "තරුවක්" ගෙනත් වාඩි කරගෙන මෙවැනි දෑ ගැන අසන්නට!
      ඒ සමගම තරුව එක රැයෙන් පොරක් හෝ පොරියක් වෙනවා!

      Delete
    4. PraJay, වීරයන් කරනවා පමණක් නොවේ ඇයි self-proclaimed "ජ්‍යේෂ්ඨයො"

      Delete
  8. කලා කාරයෙක් නලා කාරයෙක් වීම තමන්ගෙ ප්‍රතිරූපයට කොච්චර හානි කරනවද කියන එක අනික් කට්ටියටත් දැනගන්න මේක හොඳ අවස්ථාවක්.

    ඔය ප්‍රේම් ගෙ ප්‍රෝගෑම් එක ‘ ශනිදා ආයුබෝවන් ‘ වීමට බොහෝ ඉඩ තියෙන බව මගේ මතකයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි වැඩසටහන මම හිතන්නේ!

      Delete
    2. //කලා කාරයෙක් නලා කාරයෙක් වීම තමන්ගෙ ප්‍රතිරූපයට කොච්චර හානි කරනවද //

      සහතික ඇත්ත. මේ කෙටි සටහනේ, සම්පූර්ණ කතාවම අඩංගු වෙලා තියනවා.👌

      Delete
  9. ටයිටස් තොටවත්ත රොබින්සන් කෲසෝ ට හඬ කවන්න ගන්නෙත් ඔය ජැක්සන් ම යි...

    https://www.youtube.com/watch?v=eM-GC9dG_IM&pp=ygUo4La74Lec4La24LeS4Lax4LeK4LeD4Lax4LeKIOC2muC3suC3g-C3nQ%3D%3D

    ReplyDelete
  10. අම්මට සිරි අදනෙ දන්නේ!

    ReplyDelete
  11. තට්ට මහත්තයා ගේ සටහන ආසාවෙන් කියෙව්වා. ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස සහ රූපවාහිනී අධ්‍යක්ෂක කෝසල මකුලොලුව ඉන්නෙ ටොරොන්ටෝව අවටයි. ඔවුන් එක්ක බොහෝ දේ නොදන්නා ජැක්සන් ඇන්තනි නිර්මාණ ශිල්පියාගේ මතක ගැන කල රූපවාහිනී වැඩසටහන ලබන සෙනසුරාදා වෙබ් ගත වෙනවා. එය මගේ ලබන සතියේ ශනිදා සටහනයි . එතැනදී අජිත් ජිනදාස මහතා කීවේ පනාපුත්‍ර කුහුඹු පැණියා කියන නම ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ අදහසක් බවයි.

    ReplyDelete
    Replies
    1. මම ලියන බොහෝ පොස්ටු මෙන්ම මෙයත් ලිව්වේ සීයට 95ක් ම මතකයෙන්. ඔහුගේ "පනාපුත්‍ර කුහුඹු පැණියා" තීරු ලිපිය මම කියෙව්වා මතකයි. මගේ මතකය නිවැරදි නම් එහි රූ සටහන ඇඳලා තිබුනේ ශාන්ත කේ හේරත් ශිල්පියා විසින්.
      ඒ තීරු ලිපිපෙලේ එක් ලිපියක තිබුනා ඔහුත් කුමාරිත් රේල් පාරේ මහරෑ ටෙන විට මංකොල්ල කාරයෝ පිරිසක් ඔවුන්ව පැහැර ගැනීමකට ලක් කර ගත් සිද්ධියක්!
      එම අවස්ථාවේ ක්ෂණිකව කුමාරි තම ඇඟිල්ලක පැළඳි මුදුව (මතකයේ හැටියට ) හොරුන්ට අසු නොවන ආකාරයට සඟවා ගත් ආකාරය!
      ඉතින්මෙහි පලමු ලිපියේම තමයි ඔඅය පන පුත්‍ර කථාව ලියා තිබුනා යැයි මතක!
      ආ! තව එකක් ජේ එච් ජයවර්ධනයන් හදන ගෝ - පනා කියලා කෑමක් ගැන මම කියෙව්ව ඔය ලිපි අතරේ හෝ චින්තන ජයසේනගේ ලිපි පෙලක් අතර!
      ගෝ යනු ගව යන්නය!
      පනා යනු කොස් ය!!
      ගෝ - පනා යනු කොසුයි මසුයි එකට උයාගත් කෑමකි!
      (ඒය ජේ එච් ගේ සොයා ගැනීමක් වී ලු!)

      මේ ගෝ- පනා කතාවත් පනාපුත්‍ර කථාවත් එකට පැටළුනා දැයි කියලත් මට හිතෙනවා; ඔබ ඔහොම කිව්වාම!
      සොයා බලමු ඒ ගැන!
      ගනං ගන්න එපා ඩාම් වේනවා ඩූම් වේනවා!

      Delete
    2. https://web.facebook.com/watch/?v=254025671643231
      මෙන්න ඔහු කියන්නේ ඒක ඔහුම හදා ගත්තු එකක් කියලයි!

      Delete
  12. සුපුරුදු පරිදිම නියමෙට ලියලා තියනවා. නොලියපු ටික කමෙන්ට් වල තියනවා. සම්පූර්ණයි.

    ReplyDelete
  13. ආසම නලුවෙක්. සුබ ගමන් කියල තමයි කියන්ට තියෙන්නෙ 💔🙏

    "විශ්වයේ සියලු සිදුවීම් ඔබව අවබෝධයට පත්කිරීම පිණිස වේ" කියල වේද පාඨයක් තියේ.
    ඒකට අනුව මේ උන හැම දෙයකින්ම... අපට යමක් ඉගෙනගන්න තියෙන බවයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  14. සම්පූර්නයෙන්ම දේශපාලන අන්තවාදී දැක්මකින් ලියවුනු ඉතාම පහත් මට්ටමේ නිර්වචනයක්.
    දේශපාලනය කරනවා කියන්නෙම පක්ශෙකට කඩේ යන එක තමා. මේ කියන ගාමිනී, විජය ජෝ ලා උනත් පිරිසිදු නිකැලැල් දේශපාලනය කරපු අය නෙමේ. ඔක්කොම එකම මට්ටමෙන් කලාව දේශපාලන දිශාව වෙනස් කිරීමට භාවිතා කරපු මිනිස්සු.
    ජැකාගෙයි ඉහත කියපු නලුවොන්ගෙයි එකම වෙනස 'කාලය' විතරයි. අනිත් අය ඉන්න කාලේ facebook youtube තිබ්බෙ නෑ. මෝඩ කතාවක් කිව්වත් එක ආපහු කරලියට ගේන්ඩනම් මාද්‍ය නාලිකාවක සම්භන්දතා ඕනෙ. එහෙම තිබිලත් මදි.

    මගේ පුද්ගලික මතය, ජැකාට මේ උනේ ජැකා කරපු දේක ප්‍රතිපල නෙමේ. මයියගෙ පවුල කෙරෙහි තියෙන සමාජ වයිරය තමා ජැකා පිටින් ගියේ. ඒක හරිම නින්දිත බියගුලු වැඩක්. මහින්දගෙන් පලිගන්ඩ අමාරු නිසා පුලුවන් මිනිහගෙන් පලි ගත්තු එක තමා උනේ.

    මිනිහෙක්ට වරදින්ඩ පුලුවන් ඒක සාමාන්‍ය දෙයක්. ජැකාට ගල් ගහන එකෙක්වත් සුදනෝ නෙමේ. හැබැයි ජැකාගෙ තියෙන නිහතමානීකමට වරද පිලිගත්තා. එක වතාවක් නෙමේ කිහිප වතාවක්. ඔය අවස්තාව සහ තව අවස්තා දෙක තුනක් හැර ජැකා තමුන්ගේ ප්‍රතිරූපය දේශපාලනය වෙනුවෙන් භාවිතා කලේ නැති තරම්.

    අන්තිමට කියන්ඩ තියෙන්නේ, ජැකාට මරනය ප්‍රාර්තනා කරන හැමෝටම සිද්දවෙනවා මටත් මරනය ප්‍රාර්තනා කරන්ඩ. මොකෝ අපි දෙන්නම එකම බොරුවට ඇදගත්තු මිනිස්සු. අපි විතරක් නෙමේ 69 ලක්ශයක්මෙ.

    ReplyDelete
    Replies
    1. "සම්පූර්ණයෙන්ම දේශපාලන අන්තවාදී දැක්මකින් ලියැවුනු ඉතාම පහත් මට්ටමේ නිර්වචනයක්!" ඔබ; ඔබගේ කමෙන්ටුව පටන් අරණ් තියෙන්නේම; ඔබගේ මතය එළිදක්වමින්!
      මත්වාදීව නිර්වස්ත්‍රවෙමින්!
      මේ වැකිය; ඔබගේ කමෙන්ටුවේ අවසාන වැකිය උනා නම් මීට වඩා වටිනාකමක්, බරක් ලැබෙන්නට තිබුනා; කියලයි මට නම් හිතෙන්නේ.

      ගාමිණීලා, විජේලා ගැන ඔබ ලියා ඇති කරුණු වල යම් සත්‍යතාවයක් පවතී. නමුත් එය මුළුමණින්ම නොවේ! ඔබ පවසා ඇති "කාලය" යන කාරණය පිළිබඳව මමද යම් බරක් තබමි.
      එහෙත් විජේ සම්බන්ධයෙන් මා දරන අදහස මීට වෙනස් ය.
      මන්ද ඔහු දේශපාලනය කරණ කාලයේ පාලකයාට සිටි ප්‍රධානම විරුද්ධවාදියා ඔහු බැවිනි!
      19977 දී යූ ඇන් පිය බලයට පැමිණි වහාම පොලීසියට සතියක් නිවාඩු ලබා දී විරුද්ධවාදීන්ගේ ගෙවල් සුද්ද කිරීමට අවස්ථාව සැලසිනි. සොත්ති උපාලි කෘත්‍යධිකාරී මණ්ඩලයේය! ගෝනවල සුනිල් සාමදාන විනිශ්චය කරුවෙකි.
      එවන් පසුබිමකදීවත් විජේගේ මරණය වෙනුවෙන් සෑම සියල්ලෝම කම්පා උනේය.

      ඔඅබ සිතනවා නම් ජැකාට කැරකුනේ මහින්ද වෙත තිබුනු වෛරය කියා එහි ඇත්තක් නැත්තේම නැත! ජාතියක් (ශ්‍රී ලාංකික ) ආර්ථික වශයෙන් විනාශ කල අයෙකු වෙත ජනතාවගේ ඇති වෛරය; ඔහුවෙත: රටේ බහුතරයක්වූ සාමාන්‍ය මිනිසුන්ගේ කැමැත්ත කූඨලෙස නම්මා ගැනීමට තම ප්‍රසිද්ධිය, හැකියාව ගණිකා වෘථියේ යෙදවූ විට මිනිසුන් පෙරළා ඔහුට හෝ ඇයට වෛර කිරීම සාමාන්‍ය තත්වයකි! ඒය එසේ නොවෙනවා නම් හොඳ වූවාට වන්නේ එයමය!
      සමාවන්න! ජැකා වරද පිළිගත් අවස්ථා දැක්වෙන රූපරාමු රැගත් වීඩියෝ පටයක් වෙතොත් එය දක්වන්න!

      ඔබ අන් අයට මරණය ප්‍රාර්ථනා කලද නැතුවද සැවොම අවසානයේ මරණයට ලඟාවෙති! ඔබ පිළිගන්නවා ඔබ "බොරුවට ඇඳගත්තු" බවක්!
      දැන්වත් එය ගලවා දමන්න!
      තවත් එක් දෙයක් ඔබ එසේ ඇඳගෙන ඔබ කල කී දෙය (මා දන්නේ නෑනේ ඔබ කුමක් කලාදැයි කියා) හා: තමාගේ යටි අරමුණු වෙනුවෙන් අන් අයව අන්දවන්න ට්‍රයි කරණ කෙනෙක් එකම වට්ටියට දාලා ගැරීමට නොහැක!
      ඇන්දවීමේ කොන්ත්‍රාත්තුව ජැකා නිකම්ම කරණ්නට ඇතැයි ඔබ සිතනවාද?
      "මීයක් කඩන්නේ අත ලෙව කන්නටදැයි?" බිං තැන්නේ ගිය වෙලාවක වැද්දෙක් ගෙන් අසා දැන ගන්න!

      Delete
  15. ඇසළ කලුවර ටෙලි නාට්‍ය හොයා ගන්න තැනක් දන්නවද කව්රු හරි?

    ReplyDelete
    Replies
    1. ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි ලින්කුවක් එවන්න! අපි උත්සාහ කරලා බලමු!

      Delete
  16. බුදුන්ට නෑදැයෙකු වීම අපහසු දෙයක් නොවේ. පවුල් ගස සොයාගෙන ඒකේ රිකිල්ලකට ඈඳෙන එක පමණයි. සමහරවිට ඔය ලිංකුවේ වරදකුත් නැති ව ඇති. අපි කවුරු වුණත් කාට වුණත් නෑදෑ විය හැකියි. ඒක මහ අමාරු කාර්‍ය්යයක් නොවේ. වැඩේ තියෙන්නේ බුදුන්ගේ නෑදෑයෙක් වුනු පළියට රටේ ජනාධිපති වන්න සුදුසුයි කියලා හිතන ජනතාව අතෙයි. ඔය සේරමට ම වැඩියේ දෙව්දත් බුදුන්ගේ නෑදෑයා. මිනිස්සු වඳිනවාවත් ද? මෝඩ වැඩ කරලා වැරදුණා ම කාගේ හරි පිටින් යැවීම මිසක් වෙන දෙයක් නොවේ මේක. ජැක්සන් එල්ල වුණු ප්‍රහාරය ශ්‍රියන්තට එල්ල නොවුණේ ජැක්සන්ට තරම් ශ්‍රියන්තට ඉරිසියා කරන්න දෙයක් නොතිබුණු නිසාය. ප්‍රහාර නොලද්දා කියලා සඳහන් කරලා තියෙන ලිස්ට් එකේ වෙලාවට ඒ කාලේ සෝෂල් මීඩියා නොතිබුණා.

    ReplyDelete
  17. ජැක්සන් මැරිලත් දැන් සතිගණනක්. එත් ඔහුව පාච්චල් කිරීම, ඔහු නරුමයෙක් කිරීම ඉවර නැහැ . ඒ හැමෝගෙම තර්කය ජැක්සන් දේශපාලනය කිරීම ත් කඩේ යාමත් බව තමයි. සියලුම පඩි නැට්ටෝ ඔහු විශිෂ්ට කලාකුරුවෙකු බවත් එත් ඔහු දේශපාලකයන්ට කඩේ යාම නිසා නරුමයෙක් බවත් කියයි. ඇතැමෙක් ඔහු අධි රංගනයක් කරන බවත් ඔහුගේ පවුලේ විශේෂයෙන් දුවගේ කල්කිරියාව ගැන නොසතුටු නිසා ජැකාව ප්‍රශංසාවට ලක්කිරීම ප්‍රතික්ෂේප කරයි. කලාව උසස් වූවත් ඔහුගේ හා පවුලේ කල්කිරියාව විවේචනය කරයි. ජෝති ගාමිණි විජේ ජෝ පැත්තකට දමමු. ඔවුන් සිටියේ සමාජ මාධ්‍ය යුගයට කලින් ලෙස සිතමු.ඒත් මේ විවේචන සුනිල් පෙරේරා ට එල්ල වුයේ නැත්තේ ඇයි ? ඔහු විශ්ෂ්ටයෙක් ලෙස ඔසවා තැබුවේ ඇයි ? ඔහුගේ පෞද්ගලික ජිවිතය ඔහුගේ කලාව ඔහුගේ UNP දේශපාලනය ජැකාට වඩා උසස් යයි තීරණය කලේ කව්ද? ඔහු ජැකා මෙන් උගත් නොවුවත් ඔහු මහා දාර්ශනික ලෙස ඇදහුවෝ කව්රුන්ද ? පිළිතුර ඇත්තේ එතැනයි . ඒ බලවේගය ඉතා තදින් සමාජ මාධ්‍ය වෙලා ගනිමින් තිබේ. තට්ටයා ඔබ නොදැනුවත්වම මෙහි ගොදුරකි.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...