Showing posts with label දැන්වීමකි.. Show all posts
Showing posts with label දැන්වීමකි.. Show all posts

Thursday, April 18, 2019

133. පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනෙ!




මට නෙමෙයි,
මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන 
හදවත් වෙනුවෙන්.. 💝

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴
ඔව් , එකතු කරා.. 
ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න..
 ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. 
තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. 
ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි.. 
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ 
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් 
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐
නෑ .. බොහොම පොඩි ගානක්.. 
ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්..
 මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. 
දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. 
අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු.
 ඒ වෙනුවෙන් ඔබ  වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. 
ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට, 
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් වෝල් එකෙත් ශෙයාර් කරන්න ලොකු පිනක්) 🙏

මෙය කවුරුණ් විසින් ලියන ලද්දක්දැයි මා නොදනිමි. එහෙත් එහි ලියැවී ඇති දේ හොඳින් වටහා ගතිමි.  
මගේ බ්ලොගයට ගොඩ වදින ඔබ වෙතින් කෙරෙණ ආයාචනයක් ආරාධනාවක් ඉල්ලීමක්. 
මේ කටයුත්තට උර දෙමු !

Tuesday, March 13, 2018

88. මද විරාමයක්..............!





    

      මෙතෙක් දුර ආ ගමන 
     කෙතෙක් දුර විහිදුනද
      නවත්වන්නට දිනක්
           එළඹ එනු ඇත දිනෙක.....

     එතෙක් දින ගනින්නට
ලබන්නට ඉසිඹුවක්
  සමුගනිමි ඔබෙන් මා
              වෙන්වන්න පෙර සදා..........!





 පසු ගිය මාස ගනනාවක කාලය පුරා 
මා ලියා ආ මෙම සඟරාමය කථිකාව
                            දින නියමයකින් තොරව නවතා දමන්නට මා සිතුවෙමි.
                    මෙය අරඹන්නට කිසිවෙකු මූලික නොවූවා සේම
                 නවතා දමන්නටද මූලිකවූ කිසිවෙකු නොමැත. 
මෙය හුදෙක් මාගේ හිතසුව පතාය. 

Thursday, January 18, 2018

76. දැන්වීමයි


නොමිලේ



උසස් පෙල රසායන විද්යාව , භෞතික විද්යාව , සංයුක්ත ගණිතය ගම්පහ උපකාරක පංති වලින් ලබාදුන් නිබන්ධන රාශියක් මා සතුව පවතී.

 ගම්පහ පමනක් නොව මුළු කොළඹම් හතර දිග් බාගේ තමන්ගේ මූණු ලොකු ලොකුවට තාප්ප වැහෙන්න ගහන උන්දැලාගෙ නිබන්දන මේ සමග තිබේ. 

අවැසි කෙනෙක් වෙතොත් කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම දෙනු ලැබේ.

විල් බැරැක්කයක් හෝ අත් කරත්තයක් සමග හමුවන්න ; ලියන්න!

මම,  තට්ටයා!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...