එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් (සිරි බුද්ද ගයා විහාරේ / මව් පිය ආදී සොඳුරු තමාගේ / ශ්‍රී රාහුල හිමිගේ නාමේ), අහමඩ් මොහිදීන් (සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා බවනේ / තිලොනා සෑසිමුණි ගෞතම ස්වාමී / ලෝනා සිරි ධර්ම රාජා - ශාන්තිවාදී තාපස කාලේ), ඒ ආර් එම් ඊබ්‍රාහිම් (සුන්දර ශ්‍රීණී මණහාරී / දුව දීමට කාරෙ බැඳා), සුනිල් සාන්ත, සූර්ය ශන්කර් මොල්ලිගොඩ (අක්කෙ අක්කෙ අර බලන්නකෝ - වැස්සක් නොවැ එන්නේ / කරුණා නදියේ පැද යාමු//), අයගෙන් පටන් ගෙන එය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව දක්වා ඇදෙයි.
අමරදේවයන් පනස් හයේ දරුවෙකු යැයි මා කීවොත් ඔබ ඊට එකඟ වෙනවා නේද?
බණ්ඩාරනායක බලයට පැමිණීම හරහා සඟ වෙද ගුරු ඇතුළු පංච මහා බලවේග සමග මෙරට එතෙක් ගමන් ගත් මගින් වෙනස් වී වෙනත්; උන්නති කාමී ගමනක යෙදෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කලහ.
1990 ජුනි මස රාත්‍රියකක; නුගේගොඩ අනුලාව පිටුපස පිහිටි ස්වකීය නිවසේදී මා හා සම්මුඛ වූ ඔහු පැවසුවේ "ඒකනේ අපි - ඔබ හට ලෝකය සාදා දී මිස යා නොහැකිය මගෙ පුංචි පුතුන් - කියලා කිව්වේ" කියාය.
සිංහල මධ්‍යම පන්තීය විසින් ඉහලින්ම ග්‍රහණය කරගත් පනස් හයේ සමාජ පෙරළිය (මේ පිළිබඳව විව්ධ මත ඇතත් මේ ලියන්නේ එකල වූ පරසිද්ධ හා ජනප්‍රිය වූ මතයට අනුව ) සමග පොපියා ආ කලාව තුල සංගීතයේ මුදුන් මල් කඩ වූයේ අමරදේවයන්ය!
මඩවල, සේකර, මානවසිංහ ආදීන්ගේ අර්ථපූර්ණ ගී පද නැවුම් අමරදේවීය තනුවල ගිල්වී ගුවන් විදුලිය හරහා අසන්නට ලැබුනේය.
මෙම පනස් හයේ දරුවන් තමන් දකිමින් සිටි සුන්දර සිහිනයන්ගේ දිගුවන් දුටුවේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බිහිවීමත් සමගය. මහවැලි ව්‍යාපාරයේ ආරම්භය ලෙස; 1976 ජුලි මසයේ පොල්ගොල්ල වේල්ල, බෝවතැන්න, උකුවෙල විවෘථ කිරීමට සමගාමීව මහගම සේකර අතින් ලියැවී අමරදේවයන් වෙතින් ගැයුනු "මහවැලි" ගීතය මා අදත් රස විඳින ගීතයකි.
මේ පිළිබඳව බොහෝ අර්ථ දැක්වීම් ඇතත් හැත්තෑව දශකය හරහා සුන්දර ගීත ගණනාවක් අපට හිමිවිය.
මාගේ මතකය නිවැරදිනම් ටී එම් ජයරත්න, නීලා, රෝහණ සිරිවර්ධන, වැනි ගායකයින් බිහි වූයේ මේ යුගයේදීමය. එසේම එඩ්වර්ඩ්, සුනිල්, ලක්ෂ්මන්ලා අමරදේවයන් පසුපස සිට අත්වැල් ගැයූවේද මේ කාලයේ විය යුතුය.
කපුගේ, සෝමතිලක ජයමහ, සනත් ආදීන්ගේ සුමියුරු ගී ජනතාසන්තක වූයේද හැත්තෑව දශකයේය.
මේ සියළු ගායක (ගායිකාවන්) ගුවන්විදුලියේ LP තැටිවලට ගයද්දී ජනතාව වෙත වේදිකාවක සිට තනිව ගැයීම ඇරඹුනේ 1973 ජුලි 20වෙනිදා ය.
ඒ එදින ලුම්බිනි රඟහලේදී "ස" ප්‍රසංගය ඇරඹීමත් සමගය.
එදින අවදිවූ හඬ රත්නායක ආරච්චිලාගේ වික්ටර් හෙවත් අපි සැමගේ ආදරණීය ගී පෞර්ෂය වූ වික්ටර් රත්නායකගේය.
ගීතනාත් කුඩලිගමගේ සංස්කරණයෙන් යුතුව 1997 ජුලි මාසයේ ප්‍රකාශිත "වික්ටර් රත්නායක ගී සීයයක්" පොතේ පසු පස සුචියේ; ගීත 600 ක විස්තර දැක්වේ.
එහෙත් විකිපීඩියාහී විශෙෂයෙන් දැක්වෙන ගීතයක් ඇත.
In 1969, Rathnayke joined the Ministry of Education as a music instructor, and was assigned to a post at Eththalapitiya Maha Vidyalaya in Bandarawela in 1966. He would later look back to his days as a teacher in his song "Sihil Sulang Ralle," which described the beauty of his surroundings that he noted as he travelled on the train to the school. The lyrics were penned by Sena Weerasekera on Rathnayake's recollections.
වික්ටර් ගැයූ අති මහත් බහුතරයක් ගීත වල තනුව හා සංගීතය ඔහුගේම විය. ඔහුගේ ගීත මන්දීරයේ කැණිමඬල ලෙස මා දකින්නේ කේ ඩී කේ ධර්මවර්ධනයන් වෙතින් ලියැවුනු "හෝපළු වන පෙත" ය. එයින් ඔහු පිළිබඳව තිබුනු "සරල ගී ගායක" තිමිර පට ඉරා දැමුනි.
එහෙත් ඔහුට සුන්දර ගීතනු නිර්මාණය කල සහෘද සංගීතවේදීන් මෙන්ම ගායකයින්ද වූහ.
මුල් යුගයේ ඔහු ගැයූ; එසේම අදටත් රස විඳිය හැකි "පා වේ වලා - ඈත කඳු බලා" ගීතය මර්වින් පෙරෙරාගේ සුන්දර තනුවකි.
මෙයට අමතරව අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, සරත් දසනායක, ප්‍රේමසිරි කේමදාස , පුන්‍යසිරි මහවත්ත,සෝමපාල රත්නායක, සරත් ද අල්විස්, එච් එම් ජයවර්ධන ඇතුළු බොහෝ සංගීත වේදීන්ගේ ස්වර රටා වලට අනුව ඔහු ගීතවත්වී ඇත.
එසේම ඔහු විසින් සහෘද කලාකරුවන් වෙත බොහෝ තනු නිර්මානය කොට ඇත!
කුමරියක පා සළඹ සැලුනා, බඹර පැටික්කී (අමරදේව ) / මට මව් පදවිය ලැබුනු දිනයෙදී, රුවන් මුවා පොලෝතලේ, දෙනෝ දාහක් නුවන් අතරේ (නන්දා මාලනී) / දෙතැනක පිපුනත් එක මල්, ඉරට උඩින් ඉර ගිරවට (සුජාතා) / සිත කතා කරයි (ජී ඇස් බී රාණි ) / සීගිරියේ කැටපත් පවුරේ, පුංචි පුංචි තරු කැට මැද (චිත්‍රා සෝමපාලා / සඳකඩ පහනක, වෙරළු ගෙඩිය, පිනි බර යාමේ, කුඩා ගමේ මද්දහනේ, සොයා පිළිසරණක්, සිනාසෙනු මැන, තාරකා මල්, හිසේ ගිණි ඇවිලෙතේ (සුනිල්) / හිත හිලෑ නෑ, කුලගෙදරින් දුම්බර කඳුවැටියේ (බන්දුල ) / සුවිසල් මැදුරක, ඔබගේ සුන්දර (ක්‍රිස්ටෝපර් පෝල්) / රාජ කිරුළු පලන්දාපු, (ජෝතිපාල ) / දෙතුන් වතාවක් (මිල්ටන්) / කුන්ඩුමණී, පාන්කිරිත්තා, හඳ මාමා (ෆ්‍රෙඩී) / ඔබයන ගමනේ (රුක්මණී) / බැරිබර හින්දයි, සුළං කෝඩයක (එඩ්වඩ්) / ඔබේ ඇසුරින් (රෝහණ බෝගොඩ ) ඇතුළුව රෝහණ වීරසිංහ (නෙළුම් මලේ) / ලතා, බෙග්, ජයමහ, ජයතිස්ස හෙට්ටිආරච්චි, සනත්, අනෝමා රාසපුත්‍රම්, අමිතා වැදිසිංහ, කපුගේ, මාලනී බුලත්සිංහල, ෆීලික්ස් ඇන්ටන්, සිසිර, නිරංජලා, අබේවර්ධන, මල්ලවාරච්චි, අමරා රණතුංග, නීලා, විල්බර්ට් ඇන්තනි, අමරසිරි, නිර්මලා, ටී එම්, නන්දා පතිරණ, සමිතා, යමුනා, චන්ද්‍රාණි, ඇන්ජලින්, ලක්ෂ්මන්, මර්වින්, ශ්‍රීමතීතිලක රත්න ඇතුළු බොහෝ ගායක ගායිකාවන්ට ඔහුමධුර තනු නිර්මාණය කොට ඇත!
එසේම ප්‍රේම කීර්තිද අල්විස්, සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ කුලරත්න ආරියවංශ හා බණ්ඩාර කේ විජේතුංග ඇතුළු බොහො ගී පද රචකයින්ගේ පදවැල් ඔහු ගීත කොට ඇත්තේය.
සරසවියේදී තමාහා බැඳුනු එහ්ත් සරසවි ජීවිතය සමගම වියැකී ගිය වැඩිමහළු ආදරය පිළිබඳව සුනිල් ආරියරත්නයන් අතින් ලියැවුනු "දෛවයෝගයකින් නොවේදෝ" ගීතයට තම ශෝකී බර හඬ එක් කරණ වික්ටර් "සඳකැන් වැසිලා - අඳුරේ එතිලා" ලෙස තමාගෙන් ඈත්ව ගිය විශ්වාසනීය බැඳීම පිළිබඳව ප්‍රේම් ගේ හැඟීම් වලට පන පොවයි.
ස්වකීය තහනම් ප්‍රේමය සත් සමුදුරෙන් එතෙර යෑම පිළිබඳව "සත් සමුදුරු තරණය කොට" යැයි ලියූ බණ්ඩාර කේ විජේතුංගයන් එම අත් පිටපත; පන පෙවීමට අත තබන්නේ වික්ටර්ගේ හාමෝනියම මතය.
මේ සියල්ල විප්‍රලම්භ ප්‍රේමයේ ය.
අගේ ඇති ලිපියක්.
ReplyDeleteමංජුල ශ්‍රීනාත් පෙරේරා කියන නම මමත් ඒ කාලෙ පත්තරවල දැකල තියෙනව. ඒත් ඉතිං කවුද බොලේ හිතුවෙ මේ විදියට හම්බවෙයි කියල. හැක්..
අඩේ! මංජුල පෙරේරා කියන්නෙ උන්දැ ද? මළ කෙළීයයි!
Deleteකවුදොයි දන්නෙ ඒ මනුස්සය තට්ටයෙක් කියල ඉඳගෙන.
Deleteතට්ටෙ පෑදුනේ ලියලා නෙවෙයි ලියන්න උත්සාහ කරලා!
Deleteඅඩෛ මාත් එ නම පත්තරවලිං දැක තියේ නෙව 😁
Deleteඋඹ බොරු නේද කියන්නේ මාව මුරුංගා කෝස් එකට යවන්න? උබ ඉපදෙන කාලෙ වෙනකොට මාව පත්තරවලින් විසිවෙලා! උඹ දැක්කානං ඒ ගෙදරට කරවල ඔතං ආපු පත්තර කෑල්ලක තිබිලා තමයි!
Deleteඕන් ලොක්කයිය කීව කතාවක්. මේ වැස්සේ ගස්බඩගාවන්නෙ කොහොමෑ 😉
Deleteඔය නම කෑලි තුනකට මතකයි. සමහර විට වෙන නමක්ද දන්නෙත් නෑ. ගූගලයා ශ්‍රීනාත් පෙර්රා කියල කෙනෙඋත් පෙන්නනව. එදා රේඩියෝවට වැඩසටහනට කෝල් කරද්දීත් කිව්ව නම ශ්‍රීනාත් හෝ වෙන එකක් නේ
එල ද බ්‍රා
ReplyDeleteටැංකිව්!~
Deleteමට හොඳට මතකයි අපි ගොඩක් පොඩි කාලෙ, මහවැලි ව්‍යාපාරයත් එක්ක මාර මෝටිවේෂනල් සිංදු සෙට් එකක් ගියා. මේක තමයි ගොඩක් ම කාවැදුණු ගීතය... දැං ඇහෙද්දි කෙලිම්ම මතක් වෙන්නෙ පෙරළූ නැවුම් පස.
ReplyDeletehttps://www.youtube.com/watch?v=d5P4DEcqzmQ
පස් පෙරලන්නෙ අලුතෙන් අල හිටවන්න වෙන්න ඇති.
Deleteමේ කමෙන්ටුව කියවද්දිම මට මත්ක් උනේ මේ සින්දුවම තමයි!
Deleteඩ්‍රැකී හිතන්නේ තට්ට හිතකින්ද?
ඔය සිංදුව පටිගත කරණ්න අදාල දවසේ කේමදාස මාස්ටර් ගියාම මැදිරියට මේක කියන්න හිටිය "කෝඳුරුවා" ඇවිත් නෑ. ඒ මලට මාස්ටර් වයලීන් එක් අතේ තියාන යටි රැවුල කහකහ හිටපු ඩී ඩී ට "තමුසෙ කියනවා ඕයි!" කියලා රෙකෝර්ඩිං එක කරලා තියෙන්නේ!
කේමදාස මහත්තයා බොරැල්ලේ!
ඩී ඩී ගුණසේන කැන්ගරුදේසේ!
එතුමා හිටියේ කටුබැද්දේ සොයිසාපුර මහල් නිවාසේ ඇ බ්ලොක් එකේ!
මේ කාලේ තමයි නීලාගෙයි ටී එම් ගෙයි ඇල්වතුර වගේ පැහැදිලි හඬවල් අපේ කනට ඇහෙන්නේ.
මාලිනී බුලත්සිංහල "සඳමඬලේ සිට තරු මඬලේ සිට" ගීතය ගයන්නෙත් ඔය කාලේ.
ෂෙල්ටන් ප්‍රේමරත්න මාස්ටර්ගේ ස්ංගීතයට එය ගැයුනි.
ප්‍රසා,
Deleteනෑ බොලං. පස් පෙරළලා අල හාරගෙන, ස්ට්‍රෝබෙරි හිටවන්ඩ.
තට්ටස්, නීලා සහ ටී එම් ගැන අර කියපු සඳහන හරියට ම හරි. මාාාර නිරායාස ගායනා.
උදා ගීවල මට තවත් මතක ගීතයක් තමා එච් ආර් ජෝතිපාලගෙ "සමනොල මුදුනේ".
https://www.youtube.com/watch?v=IG4NHklB7CE
ඒකෙ රචකයා ගැන නං මතක් වෙන්නෙ, ජයතිලක බණ්ඩාරගේ මේක...
https://www.youtube.com/watch?v=TK48iWNRXJg&list=PLP0ECWqvEdAVGQ7DK4UZyZIfRoDYf47k7&index=24&pp=iAQB8AUB
මල්ලී "සමනොළ මුදුනේ" ගීතය අපේ ජන ජීවිතයේ හංස ගීතයයි. ඔය සිංදුව ආවේ ජේ. ආර් ට හයෙන් පහක බලයක් ලැබිලා "ධර්මිෂ්ඨ සමාජයක්" කියන ප්‍රෝඩාව එක්ක.
Deleteඔය සිංදුව එන්නේ මෙහෙම:-
සමනොළ මුදුනේ - සිරි පද සිඹ සිඹ
උදා ඉරක් පායයි
සැණසිලි සුවදෙන - නව මල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි
දැහැමි දැයක් පිබිදෙයි
මේ දැහැමි දැය කියන්නේ අර "ධර්මිෂ්ඨ" ප්‍රෝඩාව තමයි.
ජේ ආර්ගේ ධර්මිෂ්ඨ කම ගැන කියැවෙන පොතක් ලියැවුනා එදිරිවීර සරත්චන්ද්‍ර අතින්. ඒකෙ නමම "ධර්මිෂ්ඨ සමාජය". ඒවාට මහාචර්‍ය තුමාට පෝරියෙල් එක ලැබුනා හොඳම එකෙන්.
අනික ජේ ආර්ගේ තක්කඩි කම් ගැන දැන ගන්න නන්දන වීරරත්නගේ "යාපනය ගිනි ලෑම" බලන්න. ඇත්තටම කියවන්න ලැජ්ජා හිතෙනවා සිංහලයෙකු වශයෙන්.
මේ ගීතය ලියන්න ඇත්තේ සමන් චන්ද්‍රනාත් සංගීතය සරත් දසනායක කියලයි මම අනුමාන කරණ්නේ!
ජයතිලක බණ්ඩාර කියන්නේ පොඩි මිනිහාගේ මිනිහෙක්!
මටත් ඕක හිතුණා අද උදේ ආපහු අහද්දි. (ධර්මිස්ටර් ගැන) ඒ කාලෙ මුද්දරේකුත් ගැහුවනෙ, ලා කොළ පාටට, ධර්ම චක්‍රයෙ බාගෙකුයි ජනාධිපති කාර්යාලෙයි දාලා.
Deleteනන්දන වීරරත්නගෙ පොත ගන්න තියෙන්නෙ කොහෙද?
ආාා... තව ඔය වගේ ගීතයක් ගැන රංචගොඩ ළමයගෙ කවියක් මතක ද?
"දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
සීගිරි ගලේ කවි ලීවේ ඩෝල්ටන්
නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
පැදුරේ මෙදා නිදියන්නේ ඩෝල්ටන්"
නන්දනගේ පොත තියෙනවා කඩවත කඩුල්ලේ! ඒක කඩුල්ල ප්‍රකාශයක්!
Deleteඔය රංචාගොඩ ළමයගෙ සීන් එක ගියේ ඇත්තෙද කොහෙද? ඒකාලේ ප්‍රේමදාසගේ නමින් සිංදු ලිව්වේ ඩෝල්ටන් අල්විස්>
ඔය අදාල සිංදුවත් ප්‍රේමෙගේ නමින් ගියාට ඒකත් ලියලා තියෙන්නේ ඩෝල්ටන් කියලයි ආරංචි!
හ්ම්ම්... ඒ වගේ තව බුවෙක් ගැන තියෙනව, උඩ ජයතිලක බණ්ඩාරගෙ සිංදුවෙ.
Deleteමොහමඩ් එර්ෂාඩ් - බංගලි දේශය
Deleteආන්න හරි. බුවා තමා...
Deleteවී.පී. විට්ටච්චි ගෙ පොතේ සිංහල පරිවර්තනයත් ධර්මිෂ්ට සමාජය
Deleteඅළුත් තොරතුරක්!
Deleteතනි තරුවේ ගීතයට මම දැකපු හොඳ ම රූප රචනය
ReplyDeletehttps://www.youtube.com/watch?v=xOIYJfMHwgE
ඉතිං මම මොකක්ද කියන්න ඕනේ කියපංකො උඹම!?
Deleteඒක තිතට ම ගැළපෙනව කියල කියාං ලොකු අයියෙ.
Deleteඅලීශා ගේ යේ බස් සිංදුව දැක්ක ද?
Deletehttps://www.youtube.com/watch?v=p3Ce-PKxu4s
අඩේ ඒක නියමනෙ යකෝ? ආන්න ජංසං, නියම නිර්මාණ.👌🙏😊🤣
Deleteඋඹලත්තෙක්ක බ්ලොග් නගා සිටුවීම හරියටම කලෑකි!
Deleteමැරෙණවා යකූ මේ රෙද්දවල් දැකලා!
මං නගා එක්ක කතා කළා, සිටුවන්ඩ...
Deleteඒක හොඳයි! අල වෙන්ටෑ?
Deleteඅල ද ගෝව ද කියල නගා අහන්නෙ...
Deleteඅල ගෝව එපා. ඉස්ට්‍රෝබෙරි හිටොපං.
Deleteපොපිත් හොඳයි හිටවන්ඩ...
Deleteදින්පොත ලියපන්කෝ
ReplyDeleteහොඳ අදහසක් තමයි! උඹ "මංජුලගේ දිනපොත!" කියවලා තියෙනවද? ලක්බිමේ රිද්මේ ගිය!?
Deleteමමත් දෙපාර-තුන්පාර කියවනවා දිනපොත. ඒක තියෙන කතා නියමයි. ලඟදී ලියලම නෑ.
Deleteබලමු ලියන්න!
Deleteමාගේ එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියත් සිංහල ගීත කෙත අස්වැද්දීම පිණිස සිදුකර ඇති මෙහෙය අපමණයි.
ReplyDelete2005 වසරේ සිට එළකිරි ඩොට් කොම් හරහා අන්තර්ජාලයට එකතු කෙරු සිංහල ගීත ප්‍රමාණය ලක්ෂ ගණනක්. දහස් ගණනක් නවකයන්ට ක්ෂේත්‍රයට පැමිණීමට අත දී තිබෙනවා එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය.
මෑත කාලීනව සිංහල ගීතයේ සිහින කුමරා ඉරාජ් වීරරත්න ත් කලඑලි බැස්සේ එළකිරි එක හරහා.
තට්ටයා මහතාත් ගීතයක් කරනවා නං අපගේ මාධ්‍යයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නම්.
-රංග තේනුවර , ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්.(මිලියනයකට ආසන්න ලියාපදිංචි සාමාජිකයන් පිරිසක් සිටි)
බොහොමත්ම ස්තූතියි!
Deleteඉරාජ් පිළිබඳව ඔබේ හැඳින්වීම තුලින්ම ඔබේ අන් අදහස් වල වටිනාකමට සිදුවූයේ සෙසුපටු හානියක් නොවේ.
ගීත ගායනය පිළිබඳ මගේ බලාපොරොත්තුවක් නැත!
කියැවීම ලිවීම ගැන ස්තූතිය!
රටකින් එහා ගියත් හදවත් ඈත් නොවෙන්නේ ඒ නිසාය!
ReplyDeleteසත්තකින්ම !
Delete430 !
රසවත් සටහනක් අයියේ..
ReplyDeleteජයවේවා
ස්තූතියි! ලියමු ලියමු!! ලියමු!!!
Deleteදිගටම ලියනවා අයියේ
Deleteජයවේවා
සූර්ය ශංකර් නේද වීරමලේ රොන්ගෙනයන්නා ගීතය කිව්වෙත්?
ReplyDeleteසත්සමුදුරු ගීතය ගැන ඇහුවෙත් අදමයි..
මට ශුවර් නෑ!
Deleteමම අහලා තියෙනවා ටී ෂෙල්ටන් පෙරෙරානම් කියනවා.
ඔව් ඇය ඉංග්‍රීසි ගුරුවරියක්!
මුලින්ම වීර මලේ රොන් ගෙන ගියේ දේවාර් සූරියසේන
Deletehttps://www.youtube.com/watch?v=dT1gVBofX-U
ඩ්‍රැකී ස්තූතියි නිවැරැදි කළාට..
Deleteඔව්. මට පේනව කොලොම්පුරේ ශ්‍රියාට පොඩි අකුරු එහෙ මෙහෙ වීමක් වෙලා තියෙන බව.
Deleteඔව් ඔබ හරියටම හරි ඩ්‍රැකී. ඔය සින්දුව ශාවූල් දේව් බර්මන් ඒ කියන්නේ එස් ඩී බර්මන් ගැයූ dheere se jaana bagiyan mein ගැයූ පැරණි හිංදි ගීතයක්. ඒ ගීතයට මෙතනින් ගොස් රස විඳින්න නෙවෙයි රහ බලන්න.
Deletehttps://www.youtube.com/watch?v=PbnhyvOVKjI
මේ එස් ඩී බරමන්ම තව අපූරු සිංදුවක් කියනවා "ආරාධනා" චිත්‍රපටියට. ඒ වසරේ හොඳම චිත්‍රපට සංගීතයට හා චිත්‍රපට පසුබිම් ගායනයට සම්මාන ලැබෙන්නේ මේ ගීතයට හා එස් ඩී බර්මන් හට!
මෙන්න ඒ ගීතය.
https://www.youtube.com/watch?v=1y23s6lQ5iM
තව සීන් එකක් ඔය හාදයෝ දෙන්නගෙන් එක බුවෙක් සෙට් වෙලා ඉඳලා තියෙන්නේ ඉන්දිරා ගාන්ධි එක්ක! කෝමද ඒක? මම හිතන්නේ තාගෝර් තුමාගේ ශාන්ති නිකේතනයේදී! ඉන්න ඒකත් හොයලා ලියන්න ට්‍රයි එකක් දෙන්නම්!
හ්ම්ම්... ඔය වගේ ම තව මහ අමුතු සිංදුවක් තමයි,
Deletehttps://www.youtube.com/watch?v=aAJ4asMYepc
ඉන්දිරා ගාන්ධි නම් එස් ඩී බර්මන් වෙන්ඩ පුළුවන්. අනික් එක්කෙනා නේ ආශා බෲස්ලි බැන්දෙ?
නෑ! නෑ බං අපේ මෙහෙන් ගිය ලංකාවේ බුවෙක් තමයි ඉන්දිරා ගාන්ධි එක්ක සේට මෝල් වෙලා ඉඳලා තියෙන්නේ. ඔය මොල්ලිගොඩ හරි සූර්‍යසේන හරි!
Deleteඈහ්...! ෂෙල්ටන් පෙරේරත් බැන්දෙ හින්දි කෙල්ලෙක් නෙ...
Deleteඒකනේ!
Deleteඔහුගේ නම ලයනල් එදිරිසිංහ මහතා..
Deletehttps://www.vishwakarma.tv/2020/04/21/history-of-indira-gandhi-and-lionel-edirisinghe/
අම්මට සිරි ඔය තියෙන්නේ කතාන්දරේ නියමෙටම!
Deleteමේ පෝස්ට් එක කියවද්දි හිතට ආපු දේවලට මං තව පෝස්ට් එකක් ලිව්වා. අලි බාබකිව් එකේ රස්නෙ ගියා ම, ලබන සඳුදට දාන්නං
ReplyDeleteඑච්චර දවසක් රස්නය තියාගන්න බොලා දැම්මේ ගල් අගුරුද?
Deleteඅලියෙක් නෙ යකො... හරිනං දවස් හතක්වත් තියෙන්ඩ ඔ්නෙ රස්නෙ.
Deleteමලේ උබ ලියන්ඩ යන්නේ දෙශාභිමානී ගී ගැනද?
Deleteනෑ නෑ නෑ... මට දේශය ගැන අභිමානයක් නෑ... ඉන්න අබිමානලා ටික ඒක කාල තියෙන්නෙ
Deleteලියහංකො බං ලියන ලබ්බක් ඉක්මනට!
Deleteලබ්බ ලියල ඉවරයි අද දවල් බතට වැඩ නවත්තද්දි. දැන් පොලිෂ් කරනව. සඳුදට දාන්නං.
Deleteමරැ. අගේ ඇති පෝස්ටුව 💓
ReplyDeleteදිගටම ලියමු. ජය !
ටැංකිව්! ටැංකිව්!!
Deleteකැමතිම හඬක් ..හැමදාමත් එක වගේ අහන්න කැමතිම ගීතයක් සිහිල් සුළං රැල්ලේ...
ReplyDeleteමේ කමෙන්ට් දැම්මා කියලා හරියන්නේ නෑ; බ්ලොග් එක ලිව්වේ නැත්නම් එළිසමයකින් තමයි සමයමට ගහන්නේ! ආයේ නොකීවා කියන්න එපා. ළඟදි අපි බ්ලොග් මැරතන් එකකුත් තියන්නයි යන්නේ!
Deleteස්තූතියි නගා ආවාට කියෙව්වාට ලිව්වාට!
බ්ලොග් මැරතන් කිව්වේ බොග් එක හැන්දේ තියන් දුවන්න වගේද😜
Deleteඅද රෑ 10 ට අපි තුන් දෙනෙක් හතර දෙනෙක් පෝස්ට් දානවා! ලබන සෙනසුරාදා රෑ 10 ට ඔයත් සෙට් වෙන්න!
Deleteලොකු සර්, ඔය හැත්තෑව දශකෙ මුල ජන සංගීතය ගැන පිබිදීමක් ආවා. ටී ඇම්, නීලා උඩට එන්නත් මං හිතන්නේ ඒක රුකුලක් උනා. එතන පිටිපස්සෙ හිටියේ සී ද ඇස් කුලතිලක මහතා. හොඳ පර්යේෂකයෙක්. අපේ ජන සංගීතය පිටරටට හඳුන්වදෙන්නත් ඔහු ලොකු සේවයක් කළා.
ReplyDeleteජයවේවා!
H
ඔබ හරියටම හරි ටී එම් , නීලා ගයන "දෑතට වළලු" ගීතය ඊට කදිම උදා හරණයක්. මෙම ගීතයේ සංගීතය හා පද සී ද ඇස් කුලතිලක මහතාගේ.
Deleteඒ ගීතය මෙතැනින් විඳින්න:-
https://www.youtube.com/watch?v=Ws_ffPge4Ms
මේ තවත් ගීතයක්. "පීරණ නිල් වරලා" ටී ඇම් සහ නීලා
https://www.youtube.com/watch?v=xNBcwkKRp44
යශෝධරා කවි ආශ්‍රිත ගීයක්
https://www.youtube.com/watch?v=EaXaDf8Qdvc
නාලිය ලස්සනයි - කටහඬ මොළකැටිය
https://www.youtube.com/watch?v=y_qUsfba1z0
කොයිබ සිටන්දෝ - බඹරිඳු ආවේ
https://www.youtube.com/watch?v=__VeEFo09Fk
තෙයත්තානෙ නැතත් - තානෙ නැතත්
https://www.youtube.com/watch?v=7RjzD7esRP0
ඉහත තියෙන ලින්කුවලින් ඒ මහා ගාන්ධර්වයා පිළිබඳව හැදෑරිය හැකිවනු ඇත!
බොහොමත්ම ස්තූතියි අපගේ කථිකාව නව තලයකට ගෙන ආවාට!
පොතකට තරම් දේවල් හිතකට ගෙනෙන
ReplyDeletePost එකකි උඩ කියවන්නට ලැබුණ
කියවෙයි මිහිරි යටගිය තතු තත් ලෙසින
අනේ 'ගිය දවස මහිමය' යළි නොඑන
බොහොමත්ම ස්තූතියි! මට හිතෙන්නේ මේ ගැන වඩා හොඳ මතකයක් ඔබට ඇති ඉදිරියට ලියාගෙන යන්න!
Deleteහුඟක් දේවල් ගැන හුඟක් දේවල් දැනගත්තා. බොහොම ස්තුතියි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඇනෝ තුමා ඇවිත් කියවා සටහනක් තැබුවාට!
Delete