සිරිබිරිස්ගේ ලංකාවතරණය සිදුවූයේ ඒ ආසන්නයේදීමය. ඔහුහට බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු මුණගැසීමට වේදිකාව වූයේද Teepee මය. එදින ප්‍රාජේ කොළොම්පුර අසංග, නමියාගේ වීදියේ නමියා , නිදහස් සිතුවිළි ලියන රවි, ඩ්‍රැකී යන අය එතැනට එක්විය.
එදින අප බ්ලොග් ගෙට්ටුවක් පිළිබඳව කථා කළෙමු!
ඉන්පසු මෙම කවයට එක්වූයේ සිරිල්ලා සමග සියල්ල වෙත එක්වූ කමියා හෙවත් කල්‍යාණමිත්‍ර ය. කමියාද එක් කරගෙන බ්ලොග් ගෙට්ටුවක් කිරීමට අප සෙමෙන් සෙමෙන් සූදානම් විය.
මා එහි ප්‍රථම පියවර ලෙස පෙබරවාරි 8 වන දින "බ්ලොග් හමුව 2023" යනුවෙන් වට්සැප් සමූහයක් නිර්මාණය කලෙමි.
එහි ආරම්භක පෝස්ටුව ලෙස සඳකඩපහන සින්ඩියේ පලවූ පෝස්ටුවක් එක් කලෙමි. මා එයට ඇනෝපිලිස්, අටමා, එළ ද බ්‍රා මෙන්ඩා, නමියා, සින්දු ඇනෝ, "රවිගෙ කොලම" ලියන දොස්තර රවි, "යාපනේ පෙම්වතී", "මග දිගට යාපනේ" ලියන විදුනි, වික්ටර්ගේ මල්ලී හැක්ටර්, ඩ්‍රැකී, ඉවාන්, කල්‍යාණමිත්‍ර, ප්‍රාජේ ආදිය එක් කලෙමි.
පැයෙන් පැය වැඩුනු එම සමූහයේ සියළුදෙනාම; Admin කරණ මෙන් කල කමියාගේ ඉල්ලීම පරිදි එය ඉටු කලෙන් එය මොහොතින් මොහොත පුළුල් විය.
ඊට සමගාමීව මෙම බ්ලොග් හමුව සංවිධාන කටයුතු සඳහා කුඩා මෙහෙයුම් කමිටුවක් ලෙස "Drive Committee" නමින් තවත් කුඩා වට්සැප් සමූහයක්; මා නිර්මාණය කලෙමි. එහි සිටියේ ඩ්‍රැකී, අසංග. නමියා, කමියා හා මා පමණි. පසුව දැනගත් පරිදි; 2012දි ගම්පහ ගෙට්ටුව සංවිධානය කල සිරාගේ කාමරේ සිරාවද, සෑමා වද එක් කර ගත්තෙමි. ඒ; ඩ්‍රැකීගේ යෝජනාවක් පරිදි සිරාවද; සිරාගේ යෝජනාවක් පරිදි සෑමාවද යන ආකාරයටය.
පෙබරවාරි 9 වන දින අප යොදාගෙන තිබුනේ බ්ලොග් හමුව හෙවත් ගෙට්ටුව පවත්වන ස්ථානය පරීක්ෂා කිරීම සඳහාය. බොහෝ දෙනා ඒ සඳහා පිට්ටනියක් යෝජනා කලද මා සිටියේ; එය එළිමහනක් සහිත ශාලාවක පැවැත්විය යුතුය! යන අදහසේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඕනෑම දේශගුණික තත්වයක් අප බලාපොරොත්තු විය යුත් වන අතර; පිට්ටනියක් ඒ සඳාහා සූදානම් කිරීමට මහත්වූ පිරිවැයක් දැරීමට සිදුවීම අපට දැරිය නොහැකි වන හෙයින් ය.
මමත්, නමියාත්, අසංගත් කමියාත් මේ සඳහා දෙමටගොඩ දුමරිය ශලාව හෙවත් Railway Institute - Mount Mary බැලීමට ගිය අතර එය අප සියළු දෙනාගේම ප්‍රසාදයට පාත්‍ර විය. ආහාර ලබා ගැනීමටද ස්ථානයක් සොයා ගත් අතර එය රුපියල් 650 කට ලබා දෙන්නට ඔවුන් එකඟ විය.
මා ගොඩ නැංවූ වට්සැප් සමූහය කොතරම් වේගයෙන් හා සශ්‍රීකව වැඩුනා දැයි කියනවා නම් පසු දින එනම් පෙබරවාරි 9 වන විට එය අපේ පාලනයෙන් ගිලිහෙමින් තිබුනි! මෙම පෝස්ටුව කියවන බොහෝදෙනා දන්නා පරිදි එම වට්සැප් සමූහය; කිහිප දෙනෙකු විසින් ආක්‍රමණය කරණා ලදී! එහි සිටි ඉතා අතලොස්සක් විසින් එහි ලියන ලද හා පල කල දේ සමග කිහිප දෙනා සමූහයෙන් ඉවත් වන්නට පටන් ගෙන තිබුනි. එම සමූහය තුලට එක් එක් අය ඇතුලත් කල අය අතර ජීවිතයට බ්ලොගයක් ලියනු තබා කියවා වත් නැති අයද සිටි බව; මා හට දැනගන්නට ලැබුනි. සමහරු "මා බ්ලොග ලියා නැතෝ!" කියාද මොරගානු අප දුටුවෙමු!
මේ වන විට "බ්ලොග් හමුව 2023" වට්සැප් සමූහය; බොහෝ දෙනාගේ සාකච්ඡා මණ්ඩපයක් වී තිබුනු අතර එතැන සාක්ච්ඡා නොවූයේ බ්ලොග් හමුව පිළිබඳව පමණි!
ඒවන විට සවස 4 පසුවී තිබුනි.අප පෙරකී ස්ථානයේ මිදුලේ සිට ශාලාව විවෘථ කර දෙන තෙක් සිටිනාතර තුර එක වරම මාගේ දූරකථනයේ තිරය මත; මා වෙනත් වට්සැප් සමූහයකට එක් කොට ඇති බව දැවෙන පණිවිඩය නෙත ගැටුනෙමි.
එය නමින් "බ්ලොග් ලියූ මධ්‍යකාලීන එකමුතුව" නමින් විය. එය නිර්මාණය කොට තිබුනේ ඇවිද්ද පය ලියන දිල්රුක් කන්නංගරය! ඒ සමගම දිල්රුක්ගෙන් මා වෙත දූරකථන ඇමතුමක් ලැබුනි.
" . . . . . . . . . . . . . . . . . . . . . . . . "
"එළ!"
මෙම; එනම් දිල්රුක්ගේ "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" වට්සැප් එකතුවට; මුල් සමූහයෙන් එකා දෙන්නා එකතුවන්නට පටන් ගත්තේය.
මේ අතර බ්ලොග් හමුව පවතින දිනය ලෙස අප අප්‍රෙල් 2 වන ඉරිදා තෝරාගෙන තිබුනි. සත්තකින්ම එය මා විසින් තෝරා ගත් දිනය විය.
ඒවන විට පලමු හමුව වන "බ්ලොග් හමුව 2023" පිරිස නැතහොත් නිළ නොලත් හසුරුවන්නන් විසින් ඔවුන්ගේ බ්ලොග් හමුව පවත්වන දිනය ලෙස අප්‍රේල් 2 වන දිනයම යොදා ගත් බව ප්‍රකාශයට පත් කලේය. ඩ්‍රයිව් කොමිටිය තුල පමණක් යෝජනා වුනු දිනය ඔවුන් වෙත දැනගන්නට ලැබුනේද එසේත් නැතිනම් අහම්භයක්ද කියා මා දන්නේ නැත!
"බ්ලොග් හමුවක්" පිළිබඳ ඉඟියක් හෝ නොමැති "කණාටු" කාලයක "හමුවක්" පැවැත්වීමට පළමු බිජුවට වපුල අපගේ කුඩා කණ්ඩායම; ඒ වන විට මුල් කණ්ඩායමෙන් හැලී ගොස් තිබුනි. ඔවුන්ගේ හමුව "සිහින බක් මහ උළෙල" නම් විය! ඒ වන විට පළමු වට්සැප් සමූහය තුල සිටිය උවැසි උවැසියන් අතර; "තට්ටයා" කවුද? එයා ලියන බ්ලොගය කුමක්ද? කියමින් විපිළිසර වන බවමා දුටුවෙමි. "කුමක්ද?", "කෙසේද?", "කවදාද?" යන්න සොයනවාට වඩා මෙය සංවිධානය කරන්නේ "කවුරුන්ද?" යන්නට වඩා වැඩි බරක් තබන බවක් මා එහිදී දුටුවෙමි.
"අවුලක් නැත දිල්රුක් ගේ කණ්ඩායම සමග අපට ගමනක් ඇත!" ඒ මා සිතපු ආකාරයයි.
මේ වනවිට "බ්ලොග් හමුව 2023", "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" සහ අපගේ මෙහෙයුම් කමිටුව ඇතුලත් "Drive Committee" යනුවෙන් වට්සැප් සමූහ තුනක් පැවතුනු අතර එම සමූහ තුනේම දෙතුන් දෙනෙක් සාමාජිකයන්ව සිටියහ.
ඩ්‍රැකී, අසංග, කමියා, නමියා හා මා එම දෙතුන් දෙනාය. සිරා සහ සෑමාද එලෙස කණ්ඩායම් තුනේම සිටියා වාගේ මතකය!
ඊළඟ දිනය වනවිට දිල්රුක් ගේ කණ්ඩායමට 50ක් පමණ එක්වී සිටියහ. (නැතහොත් එක්කොට තිබුනි!) එයට මා කිසිවෙකු හෝ එක් නොකල බව මට මතකය. (මාගේ මතකයේ පරිදි!) එතැනට එක්වූ එක් එක් බ්ලොග් කරුවන්; වෙනත් බ්ලොග් කරුවන්ව යෝජනා කලෝය! එම යෝජනා එළිදැක්වූයේ පෞද්ගලිකව නොව වට්සැප් සමූහය තුලමය! මේ හේතුව කරණ කොට ගෙනම බොහෝ එවන් යෝජනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක් කිරීම සිදුවුනි!
මෙය මා දකින්නේ තෝරාගත් කුඩා කණ්ඩායමකට කිසිවෙකු පැවත්වීමට බලාපොරොත්තුවන භෝජන සංග්‍රහයක් සඳහා; ඇරයුම් ලත් අයෙකු විසින් තවත් අයෙකු ප්‍රසිද්ධියේ යෝජනා කිරීම සේය. එවිට එය සංවිධානය කරණ අයට ඔහුට ඇරයුම් කිරීමටහෝ ප්‍රථික්ෂේප කිරීමට නොහැකි අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදුවේ. යෝජනා කරණ අයගේ පෞද්ගලික හිතවත්කම; පවත්වන්නාගේ අභිලාශයන් යටපත් වීම මෙයින් සිදුවිය හැක.
මෙම කණ්ඩායම එකතු කල දිල් රුක් එය කිසියම් ප්‍රමිතියකට සිදුකල බවක් මා හට දැනුනි, ඒනිසාම මම ඊට වෙන්ත් අය එක් කිරීමේදී වඩාත් විපිළිසර වූයේ නම් සුභදායක බව අදටත් සිතමි. කොහොමත් අනුන්ගේ මගුල් ගෙවල් වලට; මාගේ පෞද්ගලික හිතවතුන් රැගෙන යාම මාගේ ක්‍රමය නොවේ!
පෙබරවාරි 10
පසුව එසේ එක් කල එක් බ්ලොග් කරුවෙකු; එතෙක් අප සමග සිටි "සිරා" වෙත පහත් අන්දමේ පහර දීමක් හා විවේචනයක් කිරීමට පටන් ගත්තේය. එය සත්‍ය වශයෙන්ම ඔහුතුල සිරා කෙරෙහි තිබුනු විරෝධය මත සිදු වුනිද නො එසේනම් මෙම කණ්ඩායම අසමතුලිත කිරීමේ අරමුණින් සිදු කලේද යන වග මාහට අදටත් සිතා ගත නොහැක. ඔහු පහර දුන්නේ සිරාට පමණක් නොව රාජ් සහ කතන්දර කාරයා යන දෙදෙනාටත් එක්කමය. ඔවුන් එනවා නම් තමා නො එන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. තම විරෝදය සඳහා භාවිතාකොට තිබුනේද ග්‍රාම්‍ය නොසරුප් වදන් ය! පසුව එම කථිකා කමියා විසින් මකා දමා තිබුනි.
එයට පිළිතුරු ලෙස මා මෙම වගන්තිය ලියා පලකලෙමි.
10/02/2023 පෙරවරු 7.48
"මොකා නිසා මොකා ආවේ නැතත් අන්තිමට මේක පටන් ගත්තු උන් දෙතුන් දෙනා සමග හමුව පැවැත්වෙනු ඇත. සංඛ්‍යාව අදාල නොවේ! එය බොහෝ දුරට අප්‍රේල් 02 සිදුවේ. මෙය හමුවක් විනා උළෙලක් නොවේ. උළෙලක් සඳහා පිරිසක් ඇවැසි උවත් හමුවක් සඳහා එසේ නැත!"
එතැන් පටන් සිරා සහ අදාල බ්ලොග්කරුවා අතර දැඩි වාග් ප්‍රහාර මාලාවක් දියත් වූ අතර; අවසානයේ සිරා විසින් තම Admin බලතල පාවිච්චි කර අදාල බ්ලොග් කරුවා උදෑසන 9.00 වන විට දිල්රුක්ගේ වට්සැප් සමූහයෙන් ඉවත් කලේය! මේ වන විට මෙම සමූහයේද "බ්ලොග් හමුව පවත්වන්නේ කෙසේද?" යන්න හැර අන සියළු දේ කථාවට ගැනුනි.
12/022023 10.03
කමියා තම හඬ අවදි කලේය. ඒ අජිත් ධම්ම විසින් අපගෙ බ්ලොග් ගෙට්ටුව පිළිබඳව අසා සිටි පැණයකට පිළිතුරු ලෙසය. කමියා විසින් දිනය වේලාව සහ පැවැත්වෙන ආකාරය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කර තිබුනි.




.jpg)










.jpg)





















