Monday, April 24, 2023

256. බක් පෝදා බ්ලොග් හමුව! Behind the scene


Teepee the Campsite කඳවුරු බිමට හා හා පුරා කියා පැමිණි බ්ලොග්කරුවා වූයේ නිමල් දිසානායක හෙවත් නිදිය. කොටින්ම ටිපියට; බ්ලොගර්ස්ලාගේ ජේම්ස් කුක් වූවේ නිදීය! ඒ ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සමග මීට මාස  ගණනාවකට එපිටදීය.

සිරිබිරිස්ගේ ලංකාවතරණය සිදුවූයේ ඒ ආසන්නයේදීමය. ඔහුහට බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු මුණගැසීමට වේදිකාව වූයේද    Teepee මය. එදින ප්‍රාජේ කොළොම්පුර අසංග, නමියාගේ වීදියේ නමියා , නිදහස් සිතුවිළි ලියන රවි, ඩ්‍රැකී යන අය එතැනට එක්විය.

එදින අප බ්ලොග් ගෙට්ටුවක් පිළිබඳව කථා කළෙමු!

ඉන්පසු මෙම කවයට එක්වූයේ සිරිල්ලා සමග සියල්ල වෙත එක්වූ කමියා හෙවත් කල්‍යාණමිත්‍ර ය. කමියාද එක් කරගෙන බ්ලොග් ගෙට්ටුවක් කිරීමට අප සෙමෙන් සෙමෙන් සූදානම් විය.

මා එහි ප්‍රථම පියවර ලෙස පෙබරවාරි 8 වන දින "බ්ලොග් හමුව 2023" යනුවෙන් වට්සැප් සමූහයක් නිර්මාණය කලෙමි.

එහි ආරම්භක පෝස්ටුව ලෙස සඳකඩපහන සින්ඩියේ පලවූ පෝස්ටුවක් එක් කලෙමි. මා එයට ඇනෝපිලිස්, අටමා, එළ ද බ්‍රා මෙන්ඩා, නමියා, සින්දු ඇනෝ, "රවිගෙ කොලම" ලියන දොස්තර රවි, "යාපනේ පෙම්වතී", "මග දිගට යාපනේ" ලියන විදුනි, වික්ටර්ගේ මල්ලී හැක්ටර්, ඩ්‍රැකී, ඉවාන්, කල්‍යාණමිත්‍ර, ප්‍රාජේ ආදිය එක් කලෙමි.

පැයෙන් පැය වැඩුනු එම සමූහයේ සියළුදෙනාම; Admin කරණ මෙන් කල කමියාගේ ඉල්ලීම පරිදි එය ඉටු කලෙන් එය මොහොතින් මොහොත පුළුල් විය.

ඊට සමගාමීව  මෙම බ්ලොග් හමුව සංවිධාන කටයුතු සඳහා කුඩා මෙහෙයුම් කමිටුවක් ලෙස "Drive Committee" නමින් තවත් කුඩා වට්සැප් සමූහයක්; මා නිර්මාණය කලෙමි. එහි සිටියේ ඩ්‍රැකී, අසංග. නමියා, කමියා හා මා පමණි. පසුව දැනගත් පරිදි; 2012දි ගම්පහ ගෙට්ටුව සංවිධානය කල සිරාගේ කාමරේ සිරාවද, සෑමා වද එක් කර ගත්තෙමි. ඒ; ඩ්‍රැකීගේ යෝජනාවක් පරිදි සිරාවද; සිරාගේ යෝජනාවක් පරිදි සෑමාවද යන ආකාරයටය.

පෙබරවාරි 9 වන දින අප යොදාගෙන තිබුනේ බ්ලොග් හමුව හෙවත් ගෙට්ටුව පවත්වන ස්ථානය පරීක්ෂා කිරීම සඳහාය. බොහෝ දෙනා ඒ සඳහා පිට්ටනියක් යෝජනා කලද මා සිටියේ; එය එළිමහනක් සහිත ශාලාවක පැවැත්විය යුතුය! යන අදහසේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඕනෑම දේශගුණික තත්වයක් අප බලාපොරොත්තු විය යුත් වන අතර; පිට්ටනියක් ඒ සඳාහා සූදානම් කිරීමට මහත්වූ පිරිවැයක් දැරීමට සිදුවීම අපට දැරිය නොහැකි වන හෙයින් ය.

මමත්, නමියාත්, අසංගත් කමියාත් මේ සඳහා දෙමටගොඩ දුමරිය ශලාව හෙවත් Railway Institute - Mount Mary බැලීමට ගිය අතර එය අප සියළු දෙනාගේම ප්‍රසාදයට පාත්‍ර විය. ආහාර ලබා ගැනීමටද ස්ථානයක් සොයා ගත් අතර එය රුපියල් 650 කට ලබා දෙන්නට ඔවුන් එකඟ විය.

මා ගොඩ නැංවූ වට්සැප් සමූහය කොතරම් වේගයෙන් හා සශ්‍රීකව වැඩුනා දැ‍යි කියනවා නම් පසු දින එනම් පෙබරවාරි 9 වන විට එය අපේ පාලනයෙන් ගිලිහෙමින් තිබුනි! මෙම පෝස්ටුව කියවන බොහෝදෙනා දන්නා පරිදි එම වට්සැප් සමූහය; කිහිප දෙනෙකු විසින් ආක්‍රමණය කරණා ලදී! එහි සිටි ඉතා අතලොස්සක් විසින් එහි ලියන ලද  හා පල කල දේ සමග කිහිප දෙනා සමූහයෙන් ඉවත් වන්නට පටන් ගෙන තිබුනි. එම සමූහය තුලට එක් එක් අය ඇතුලත් කල අය අතර ජීවිතයට බ්ලොගයක් ලියනු තබා කියවා වත් නැති අයද සිටි බව; මා හට දැනගන්නට ලැබුනි. සමහරු "මා බ්ලොග ලියා නැතෝ!" කියාද මොරගානු අප දුටුවෙමු!

මේ වන විට  "බ්ලොග් හමුව 2023" වට්සැප් සමූහය; බොහෝ දෙනාගේ සාකච්ඡා මණ්ඩපයක් වී තිබුනු අතර එතැන සාක්ච්ඡා නොවූයේ බ්ලොග් හමුව පිළිබඳව පමණි!

ඒවන විට සවස 4 පසුවී තිබුනි.අප පෙරකී ස්ථානයේ මිදුලේ සිට ශාලාව විවෘථ කර දෙන තෙක් සිටිනාතර තුර එක වරම මාගේ දූරකථනයේ තිරය මත; මා වෙනත් වට්සැප් සමූහයකට එක් කොට ඇති බව දැවෙන පණිවිඩය නෙත ගැටුනෙමි.

එය නමින් "බ්ලොග් ලියූ මධ්‍යකාලීන එකමුතුව" නමින් විය. එය නිර්මාණය කොට තිබුනේ ඇවිද්ද පය ලියන දිල්රුක් කන්නංගරය! ඒ සමගම දිල්රුක්ගෙන් මා වෙත දූරකථන ඇමතුමක් ලැබුනි. 

" . . . . . . . . . . . . . . . . . . . . . . . . "

"එළ!"

මෙම; එනම් දිල්රුක්ගේ "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" වට්සැප් එකතුවට; මුල් සමූහයෙන් එකා දෙන්නා එකතුවන්නට පටන් ගත්තේය. 

මේ අතර බ්ලොග් හමුව පවතින දිනය ලෙස අප අප්‍රෙල් 2 වන ඉරිදා තෝරාගෙන තිබුනි. සත්තකින්ම එය මා විසින් තෝරා ගත් දිනය විය. 

ඒවන විට පලමු හමුව වන "බ්ලොග් හමුව 2023" පිරිස  නැතහොත් නිළ නොලත් හසුරුවන්නන් විසින් ඔවුන්ගේ බ්ලොග් හමුව පවත්වන දිනය ලෙස අප්‍රේල් 2 වන දිනයම යොදා ගත් බව ප්‍රකාශයට පත් කලේය. ඩ්‍රයිව් කොමිටිය තුල පමණක් යෝජනා වුනු දිනය ඔවුන් වෙත දැනගන්නට ලැබුනේද එසේත් නැතිනම් අහම්භයක්ද කියා මා දන්නේ නැත!

"බ්ලොග් හමුවක්" පිළිබඳ ඉඟියක් හෝ නොමැති "කණාටු" කාලයක "හමුවක්" පැවැත්වීමට පළමු බිජුවට වපුල අපගේ කුඩා කණ්ඩායම; ඒ වන විට මුල් කණ්ඩායමෙන් හැලී ගොස් තිබුනි. ඔවුන්ගේ හමුව "සිහින බක් මහ උළෙල" නම් විය!  ඒ වන විට පළමු වට්සැප් සමූහය තුල සිටිය උවැසි උවැසියන් අතර; "තට්ටයා" කවුද? එයා ලියන බ්ලොගය කුමක්ද? කියමින් විපිළිසර වන බවමා දුටුවෙමි. "කුමක්ද?", "කෙසේද?", "කවදාද?" යන්න සොයනවාට වඩා මෙය සංවිධානය කරන්නේ  "කවුරුන්ද?" යන්නට වඩා වැඩි බරක් තබන බවක් මා එහිදී දුටුවෙමි.

"අවුලක් නැත දිල්රුක් ගේ කණ්ඩායම සමග අපට ගමනක් ඇත!" ඒ මා සිතපු ආකාරයයි. 

මේ වනවිට "බ්ලොග් හමුව 2023", "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" සහ අපගේ මෙහෙයුම් කමිටුව ඇතුලත් "Drive Committee" යනුවෙන් වට්සැප් සමූහ තුනක් පැවතුනු අතර එම සමූහ තුනේම දෙතුන් දෙනෙක් සාමාජිකයන්ව සිටියහ.

ඩ්‍රැකී, අසංග, කමියා, නමියා හා මා එම දෙතුන් දෙනාය. සිරා සහ සෑමාද එලෙස කණ්ඩායම් තුනේම සිටියා වාගේ මතකය!

ඊළඟ දිනය වනවිට දිල්රුක් ගේ කණ්ඩායමට 50ක් පමණ එක්වී සිටියහ. (නැතහොත් එක්කොට  තිබුනි!) එයට මා කිසිවෙකු හෝ එක් නොකල බව මට මතකය. (මාගේ මතකයේ පරිදි!) එතැනට එක්වූ එක්  එක් බ්ලොග් කරුවන්; වෙනත් බ්ලොග් කරුවන්ව යෝජනා කලෝය! එම යෝජනා  එළිදැක්වූයේ පෞද්ගලිකව නොව  වට්සැප් සමූහය තුලමය! මේ හේතුව කරණ කොට ගෙනම බොහෝ එවන් යෝජනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක් කිරීම සිදුවුනි!

මෙය මා දකින්නේ තෝරාගත් කුඩා කණ්ඩායමකට කිසිවෙකු පැවත්වීමට බලාපොරොත්තුවන භෝජන සංග්‍රහයක් සඳහා; ඇරයුම් ලත් අයෙකු විසින් තවත් අයෙකු ප්‍රසිද්ධියේ යෝජනා කිරීම  සේය. එවිට එය සංවිධානය කරණ අයට ඔහුට ඇරයුම් කිරීමටහෝ ප්‍රථික්ෂේප කිරීමට නොහැකි අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදුවේ. යෝජනා කරණ අයගේ පෞද්ගලික හිතවත්කම; පවත්වන්නාගේ අභිලාශයන් යටපත් වීම මෙයින් සිදුවිය හැක. 

මෙම කණ්ඩායම එකතු කල දිල් රුක් එය කිසියම් ප්‍රමිතියකට සිදුකල බවක් මා හට දැනුනි, ඒනිසාම මම ඊට වෙන්ත් අය එක් කිරීමේදී වඩාත් විපිළිසර වූයේ නම් සුභදායක බව අදටත් සිතමි. කොහොමත් අනුන්ගේ මගුල් ගෙවල් වලට; මාගේ පෞද්ගලික හිතවතුන් රැගෙන යාම මාගේ ක්‍රමය නොවේ!

පෙබරවාරි 10

පසුව එසේ එක් කල එක් බ්ලොග් කරුවෙකු; එතෙක් අප සමග සිටි "සිරා" වෙත පහත් අන්දමේ පහර දීමක් හා විවේචනයක් කිරීමට පටන් ගත්තේය. එය සත්‍ය වශයෙන්ම ඔහුතුල සිරා කෙරෙහි තිබුනු විරෝධය මත සිදු වුනිද නො එසේනම් මෙම කණ්ඩායම අසමතුලිත කිරීමේ අරමුණින් සිදු කලේද යන වග මාහට අදටත් සිතා ගත නොහැක. ඔහු පහර දුන්නේ සිරාට පමණක් නොව රාජ් සහ කතන්දර කාරයා යන දෙදෙනාටත් එක්කමය. ඔවුන් එනවා නම් තමා නො එන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. තම විරෝදය සඳහා භාවිතාකොට තිබුනේද ග්‍රාම්‍ය නොසරුප් වදන් ය! පසුව එම කථිකා කමියා විසින් මකා දමා තිබුනි.


එයට පිළිතුරු ලෙස මා මෙම වගන්තිය ලියා පලකලෙමි.

 10/02/2023 පෙරවරු 7.48

"මොකා නිසා මොකා ආවේ නැතත් අන්තිමට මේක පටන් ගත්තු උන් දෙතුන් දෙනා සමග හමුව පැවැත්වෙනු ඇත. සංඛ්‍යාව අදාල නොවේ! එය බොහෝ දුරට අප්‍රේල් 02 සිදුවේ. මෙය හමුවක් විනා උළෙලක් නොවේ. උළෙලක් සඳහා පිරිසක් ඇවැසි උවත් හමුවක් සඳහා එසේ නැත!"

එතැන් පටන් සිරා සහ අදාල බ්ලොග්කරුවා අතර දැඩි වාග් ප්‍රහාර මාලාවක් දියත් වූ අතර; අවසානයේ සිරා විසින් තම Admin බලතල පාවිච්චි කර අදාල බ්ලොග් කරුවා උදෑසන 9.00 වන විට දිල්රුක්ගේ වට්සැප් සමූහයෙන් ඉවත් කලේය! මේ වන විට මෙම සමූහයේද "බ්ලොග් හමුව පවත්වන්නේ කෙසේද?" යන්න හැර අන සියළු දේ කථාවට ගැනුනි. 


12/022023 10.03

කමියා තම හඬ අවදි කලේය. ඒ අජිත් ධම්ම විසින් අපගෙ බ්ලොග් ගෙට්ටුව පිළිබඳව අසා සිටි පැණයකට පිළිතුරු ලෙසය. කමියා විසින් දිනය වේලාව සහ පැවැත්වෙන ආකාරය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කර තිබුනි. 

එදිනම සවස 5.35 වන විට කමියාගේ අදහස වෙනස්වී තිබුනි.

"අප්‍රේල් 2 පැළවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී . . . .
සයිබර් සිහින උළෙල
2023 අප්‍රේල් 2
මේ මං උඩින් අදහස් කල අපි සළසුම් කල ගෙට් එක නොවේ.
අභීතල මේක කරනවානම් අගේන්ස්ට් එකට වගේ අපිත් එදාම තව එකක් නොකර අපේ අදහස අකුල ගෙන පුලුවං උන් ඒකටම සෙට් වෙමුද? පස්සට දාමුද? නැත්නම් ෆැන්සි ගතිය අඩුකරලා අපි වෙනම සෙට් වෙමුද? 
සංවාදයට විවෘතයි."

මේ කමියාගේ අදහසය. 

බ්ලොග් ගෙට්ටුව අපේ අදහසකි.
ඒ සඳහා කණ්ඩායමක් එක් කිරීමට ක්‍රියා කලේ අපය!
එය අපගේ පාලනයෙන් ගිලිහී ගිය පසු නැවත; අලුතින් කණ්ඩායමක් එක් කොටගෙන ගමන ඇරඹුවේ අපය.
දිනය පළමුවෙන් ප්‍රකාශයට පත් කලේ අපය.
දැන් එදිනට මුල් කණ්ඩායම ගෙට්ටුවක් පැවැත්වීමට යොදා ගත් පසු; "මොකද කරණ්නේ අපි ඒකට යමුද නැද්ද අපි එදාට කරණවද නැද්ද? අපි අපේ එකේ සැර බාල කරලා කරමුද?" කියා  අපගේ ඩ්‍රයිව් කොමිටියේ සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ අපෙන්ම අසයි!

මෙවන් දේ ගැන ලියන්නට හෝ කථා කිරීමට මා නොදනිමි. මා මාගේ සෑම කටයුත්තක්ම පාහේ ඉටු කරණ්නේ " සතුට; තමාගේ සාර්ථකත්වය මණින මිනුම කරගන්න!" යන වැකිය පෙරදැරි කරගෙනය!
මේ ගෙට්ටුවද, බ්ලොග් ලිවීමද එසේ ජනිත වූ දේවල් විනා වෙනත් ව්‍යාපාර නොවේ! මාගේ කඳවුරු බිමට පැමිණි අයෙක් වේනම්; එම ව්‍යාපාරයද දිවෙන්නේ මෙම ඉහත දැක්වූ වැකියට අනුකූලව බව සාක්ෂි දරාවි!

"අප වෙනත් දිනයක් යොදා ගන්නේ ඇයි?
අපි එම සමූහයෙන් ඉවත්වී වෙනත් වට්සැප් කණ්ඩායමක් සකසා ගත්තේ නම් අපි නැවතත් ඔවුන්ගේ ගෙට්ටුවක් පිළිබඳව සැළකිල්ලට ගත යුතු වන්නේ ඇයි?
තමාගේ අතට ගත් අරක්කු වීදුරුවට; ඉදිරියේ සිටිනා අය එකතු කරගන්නා තරමට වඩා වැඩියෙන් සෝඩා එකතු කරගෙන සැර භාල කර ගත යුතු වන්නේ නිව්ටන්ගේ කුමණ නියමයකට අනුවද?"

මේ මම මගෙන්ම ඇසූ පැණයන්ය!

"මේ සියල්ලටම වඩා මේ මගුල කතා කරණ්න ඕණෑ මේ වගේ Open Forum එකකද? අපිට මේ වගේ දේවල කතා කරන්නට නොවෙද Drive Commitee කණ්ඩායම පිහිටුවා ගත්තේ? අපිට කලින් බ්ලොග් ලියූ පමණට ඔවුන් අපේ ජේෂ්ඨයන් වන්නේ කෙසේද? මෝටර් රථය ලෝකයට සොයා දුන් කාල් බෙන්ස්ගේ ඇවැමෙන් මේ වනවිට මාරගයන්ගේ දිවෙන බෙන්ස් කාර එකකට ඉස්සර කිරීම මරුටියකට නොවටිනා දෙයක්ද? මොනවද මේ කථා?'  මේ මට අවශේෂ වශයෙන සිතුණු කරුණුය!

මෙවන් ගැටළු සහගත අවසථාවලදී මා කටයුතු කරණ සිල්ලර ක්‍රම වේදයක් වේ. 
ඒ එම අවස්ථාවෙන් ඉවත් වීම හෝ පලා යෑමය!
එය මාගේ දුර්වල ගුණාංගයක් විය හැක! එහෙත් මෙවන් කටයුතුවල දිගින් දිගටම හැපෙමින් තැවෙමින් තැලෙමින් පෙරෙළෙමින් සිටීමට මට වේලාවක් නොමැතිවාසේම ඉන් ලැබෙන සතුටක්ද නැත! 
සතුටක් නොදැනෙන කිසිදු කරුණක් ඉටු කිරීමට මා මැළිවෙමි. බ්ලොග් හමුව යනු "භාරයක් ඔප්පු කිරීමක්" නොව හුදෙක් සතුට පතා මා කරණ්නට උත්සාහ ගත් ක්‍රියාවකි. එයින්ම මාගේ සිත වෙද්දල් ඔද්දල් වනවා නම් මා ඉන් ඉවත් වීම හැර කරණ්ණට දෙයක් වෙත්ද? 

මා එයට පිළිතුරක් ලීවෙමි.

12/02/2023   21.24
"මම මගේ 247. අයියා කියන පෝස්ටුවේ; අයියාට අහේතුකව මළ පැන්න පසු එය අම්මා විසඳූ අසාධාරණ හා අසමතුලිත ක්‍රම වේධය පිළිබඳව ලියා ඇත. 
ඒ අයියා වැඩිමහළු හෙයින් අප අයියාට වැඳ සමාව ගත යුතු වීමය.
එසේම අප්‍රේල් 2 හමුව පවත්වන බව පලමුව ප්‍රකාශයට පත් කලේ අපගේ කණ්ඩායම වෙනුවෙන් මම ය. එම දිනයම අනෙක් කණ්ඩායම විසින් යොදාගත්පසු අප අපේ දිනය වෙනස් කල යුතු යැයි හා ඔවුන්ගේ හමුවට අපිත් යමු දැයි සමහරු යෝජනා කරති.
මෙහි සාධාරණත්වය කුමක්දැයි මා නොදනී.
මේවාට උත්තර දීමට මට අපහසුය!"

12/02/2023 21.28
"මම මේ සියළු දෙයින් ඉවත්වෙමි! වැරදී ඇත්තේ මටය!"

ම විසින් සම්පාදිත වට්සැප් සමූහ දෙකකින් හා දිල්රුක් ගේ වට්සැප් සමූහයෙන් මා එක මොහොතකින් ඉවත් උනෙමි. සිතේ සතුටක් ඇති නොවනනා කිසිදු රජකමකින් මට වැඩක් නැත!
මේ දේවල් මෙසේ සිදුවද්දී මාහට මතක් වූ වකියක් විය.
ඒ: "කවුරු ආවත් නැතත්; අපි අප්‍රේල් 2 හෝ ආසන්න දිනෙක බ්ලොග් හමුව පවත්වනවා!" යනුවෙන් කල කට මැත දෙඩවිල්ල හෙවත් පොර ටෝක් ජනගත කිරීමය!
මම සයිකලයෙන් යාපනේ යන්නට පෙරද මව් බිම වටා පැදයන්නට ප්‍රථමයෙන්ද මෙවන්ම කයිවාරුවක් ගැසුවෙමි. එලෙසින්ම කලෙමි. එහෙත් වාසනාවකට; මාගැන අනුකම්පාවෙන්දෝ තවත් එකෙක් දෙන්නෙක් වැඩේට සෙට් විය!

මෙසේ සියල්ල හැරපියා යටබිම් ගත වූ පසු ඩ්‍රැකී මා ඇමතූවෙමි.
"මාත් යන්නේ නෑ! මං කියන්නේ මීට හොඳයි ටිපියෙ සෙට් වෙලා අපි දෙන්නා තුංදෙනා රා කට්ටක් බිව්වානං!" මට මතක විදියට පෙළගැස්වූ වචන ඩ්‍රැකීගේය!

මටත් හිතට ආවේ සුපිරි ගැම්මකි!

"හරි එකෙන්ම කරමු! මම රවි අයියාටත් කතා කරණ්ණම්!" මම වැඩේ පටන් ගන්නට හිතා ගත්තෙමි.

"සිතුවිල්ලකට තණ පතක් හෝ සෙලවිය නොහැකිය!" යනුවෙන් පැවසුවේ ලෙනින් උන්නැහැ විය යුතුය.

හරියටම පෙබරවාරි14 වෙනිදා මම තවත් වට්සැප් කණ්ඩායමක් ගොඩ නැංවූයෙමි. (විළි ලැජ්ජා නැතිකම මහ මුදළි කමටත් ඉහලයි කියන්නේ නිකංද?) 
එම සමූහයේ සිටියේ මමත් ඩ්‍රැකීත් සිරාත් පමණි!
සෑමා එකතු කරගත්තේ ඉන් ඉක්බිතිව  15 වෙනිදා සෑමාව එක් කර ගත්තේය. "නිදහස් සිතුවිළි" ලියන රවි අයියා අප එකතුවන දිනෙක එහි එන බව ශපත කලේ මේ අතරමය. 

ප්‍රාජේට ඇමතුවත් ඔහු ස්තිර වචනයක් කීවේ නැත්තේ දිනය පිළිබඳව ඔහුට තිබුනු දෙගිඩියාව නිසා විය යුතුය. 
ඩ්‍රැකී හරහා සම්බන්ධවී සිටි සඳකඩපහන සින්ඩිය මේ වන විට බ්ලොග් හමු පිළිබඳව විස්තර සොයා ඩ්‍රැකී ඇතුළු කිහිප දෙනෙකු වෙත පණිවිඩ එවා තිබුනද ඒ පිළිබඳව කිසිදු විස්තරයක් ලබා දීමට නොහැකි තත්වයක සොයල්ලෝම සිටියහ.
එසේම අපගේ කුඩා එකතුව පිළිබඳ කිසිදු ආරංචියක් පිටස්තර අයෙකු හට දැන ගැනීමට ඉඩ නොතැබීමටත් අප උත්සාහ ගත්තෙමු.

පෙබරවාරි22 වන විට "යාං හෑල්ලේ" සුරංගද පැමිණීම තහවුරු කර තිබුනි. මාර්තු 28 වන දින රවි වීරසිංහ, රන්දිල්, කටුස්සා, ඇනෝපිලිස් හා සජ්ජා සමූහයට එක් කලෙමි. ඔවුන් එක් කලේද "තිලක සිත" එක කල ආකාරයෙන්ම ඇමතුමකින් පසුවය.
මාර්තු 29 වන විට තරු රසී ඇයට සහභාගී වීමට නොහැකි බව දන්වා එවා තිබුනි.
තිලකසිරි ඒකනායක ඔහුගේ පැමිණීම තහවුරු කල අතර ඉයන් ලින්තොට හා ප්‍රාජේද මෙයට සහභාගී කරවීමට ඔහු උත්සාහ ගන්නා බව පැවසීම මාගේ ඉහේ මලක් නොව පල් පෝච්චියක් තැබීමක් විය!
එදිනම "නමියාගේ වීදියේ" නමියාවද "කොලොම්පුරේ" සමූහයට එක් කලෙමි.  එදින වන විට "කැලේට පිපෙන මල්" ලියනා වත්සලා මෙන්ම "අවන්හලේ" මහියාටද අපගේ බ්ලොග් හමුව පිළිබඳ දන්වා තිබුනි.
අප යොදාගෙන සිටි පරිදි අප්‍රේල් 2 වන දින; බොහෝ දෙනාගේ (විශේෂයෙන්ම ඩ්‍රැකීගේ අපහසුතාවය ඉල්ලීම පරිදි) අප්‍රේල් 5 පෝය දිනය තෙක් ඈත් කර ගැනීමට සමූහය එකඟ වී තිබුනි.
ඒ සමග අපගේ සමූහයේ නම "බක් පෝදා - බ්ලොග් හමුව" ලෙස වෙනස් කොට තිබුනි. 
එදිනම කමියාට මා පෞද්ගලිකව කථා කොට බ්ලොග් හමුවට ආරාධනා කල අතර හැකියාවක් ලදොත් සහභාගී වන බව මාහට දැන්වූ අතර එය මා සමූහයේ පල කලෙමි.

තවත් විනාඩි ගණනකික් අප සමග මුල සිට එකට සිටි සිරා සමූහයෙන් ඉවත්වූයේ මා පුදුමයට පත් කරවමිනි. 

එදින ලත් සතුටු දායකම ආරංචියක් වූයේ දෙමළ 'න' යන්න හෙවත් ප්‍රසන්න බ්ලොග් හමුවට සහභාගී වන බව ඩ්‍රැකී දැන්වීමය!
එදින රාත්‍රීය එළඹෙත්ම ඉයන් ලින්තොට තමාගේ පැමිණීම තහවුරු කලේය.
එදිනට කොලොම්පුරේට භාහිර පංතියක් සෙටමෝල් වී පැමිණීම අස්ථිර බවක් දැන් වූයේ ඔය අල්ල පනල්ලේමය!

බ්ලොග් හමුවට ඇත්තේ දින හයක් අදත් හමුව පැවැත්වෙන දිනයත් අත් හල විට දින හතරකි.
නිළ වශයෙන් පැමිණීම තහවුරු කොට ඇත්තේ හතර පස් දෙනෙකු පමණි.

Teepee the Campsite  කඳවුරු බිම කොටස් දෙකක් ලෙස පවතී. ඉන් එකක් කැළනි ගඟ අසබඩ බස් පාරට මායිම්ව ඇතත් අනෙක් කඳවුරු බිම පිහිටා ඇත්තේ ඉන් කිලෝමීටර 3 ක් ඔබ්බෙන්  වන රොදක් ආසන්නයේය. එන ඕනෑම පිරිසකට; පාර අසල කඳවුරු බිමේ ඕනෑම පහසුකමක් සැලසිය හැකි වුවද වන රොදේ පවතින කඳවුරු බිමේ සෙල්ලං නොමැත!

එන පිරිස නිවැරදිව දැන ගැනීමෙන් පසුව ආහාර ලබා ගන්නේ අවට පිහිටි එදිනෙදා ආහාර සපයන නිවෙස් වලිනි. කලින් කරණු ලබන දැනුම් දීමකින් තොරව හදිසියේ ආහාර ලබා ගැනීම අපහසු කටයුත්තකි!

එළ ද බ්‍රා මෙන්ඩා, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, දෙශකයා සහභාගී කරගැනීමට කල සියළු උත්සාහයන් අසාර්ථක විය.

අප්‍රේල් 2 වන දින ගෙවී ගියේය!

පෙර දින සාර්ථකව අවසන් වූ "බ්ලොග් පුරෝගාමීන්ගේ බ්ලොග් හමුවේ " ඡායාරූප දෙකක් අපගේ සමූහය තුල සංසරණය විය! ඉන් එක් පිංතූරයක මුහුණ පුරා රැවුළ වවාගත් පුරෝගාමියෙකුගේ පිංතූරක්ද අසෝක වීදුරු තුනක්; අරක්කු බෝතලයක් සහ භාගෙට කෑ ඔම්ලට් එකක දර්ශණයක් විය!

ඕනෑ දේකට 'සූදානං සරීරේ' කියා මා අප්‍රේල් 2 වන දින ටිපියට වාර්ථා කොට කඳවුරු බිම් දෙකම තණකොළ කපා පිරිසිදු කොට සූදානම් කලෙමි.

අප්‍රේල් 3 වන දින කොලොම්පුරේ සිය පවුල සහ නමියාගේ පැමිණීම තහවුරු කලේය.

අප්‍රේල් 4 වන විට යාංහෑල්ලේ සුරංගව සමූහයට එකතු කොට තිබුනි.
කමියා අවසාන දවසට පෙරදින වනතෙක්ම අවස්ථාවට සහභාගී වීමට අවංක උත්සාහයක් ගත් බවක් දැනුනි. එහෙත් නොවැලැක්විය හැකි හේතුවක්; සහභාගීත්වය වැලැක්වීමට හේතුවක් වීමෙන් ඔහුව අපට මග හැරී ගියේය!

සිරිත් පරිදි රවි අයියා පෙරදින එනම් 4 වනදා හවස් වරුවේ ටිපියට වැදහොත්ය! ඒ මිතුරු හමුවකට ඇවැසි අඩුවැඩියද රැගෙනය!

***********************************************************************************************

ශාන්ති දිසානායක යනු නොම්මර එකේ ලේඛිකාවකි. ඇය සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරකය. ඇගේ ගමේ සිට අනුරාධපුරයට කිලෝමීටරම 30කි! මීට මාස කිහිපයකට පෙර; මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔස්කාර් සම්මානය ප්‍රතික්ශේප කිරීම පිළිබඳව; මුහුනු පොතේ පලවූ පෝස්ටුවකට ඇය විසින් කමෙන්ටුවක් දමා තිබුනි. තමන්ටද එසේ ප්‍රථික්ෂේප කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය බවක් සහ ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වන බවත් එයින් ප්‍රකාශ වී තිබුනි. 
ඕනෑම දේකට "එල්ලෙන" මම ඊට පිළිතුරු ලෙස; "තමන්ට සම්මානයක් ලැබීමේ ආරංචිය ලැබුනු විගස ෆැන්ටසියක අතරමං වී පසුව පශ්චාත්තාප වීමෙන් වැඩක් නැත!"  යන්න ලියා දැම්මේය. 
මාගේ උට්ටලං කථාවට උරණ නොවී ඇය ඉතාමත් නිරහංකාරී ලෙස ඊට පිළිතුරු ලෙස ඒ  පිළෛබඳ තමා තවමත් කණගාටු වන බව තවදුරටත් පවසා සිටියාය!
පසුව මා ඇගේ නිරහංකාර බවෙන් දමනය වී "ඔබ සමග කතා කිරීමට මා කැමතියි!" යනුවෙන් ලියා පලකල කමෙන්ටුවට
"කතා කරමු!" යනුවෙන් ඇ‍යගේ දූරකථන අංකය දක්වා තිබුනි.

මම වහාම ඇයගේ නොම්මරය "ශාන්ති දිසානායක" යනුවෙන් ගබඩා කර ගත්තෙමි. 
මේ සියල්ල සිදුවී මාස දෙකකටත් වැඩිය.
අප්‍රේල් 1 වන දින වන විට අපගේ දුප්පත් බ්ලොග් හමුව තරමක් අලු ගසා දමා කෙළින් වී තිබුනි.
පෘතග්ජනයින්ගේ හැටි!
මා හට ඇවැසි උනේ;  අපගේ බ්ලොග් හමුව අභිමානවත් ආකාරයකට පැවැත්වීමටය.
ඒ සඳහා "ආරාධිත අමුත්තෙක්" ඉන්නවානං වැඩේ එළම කිරිය!

ශාන්ති දිසානායක වැනි බුවියක් මෙතැනට බැස්සවිය හැකි වුවහොත් වැඩේ එකෙන්ම ගොඩය! 

මම හිමින් සීරුවේ ඇයගේ නොම්මරය සොයාගෙන  ඇය ඇමතීය!
"ම්හු!"
ඇයගේ දූරකථනය දිගටම නාද වුවද ඇය එයට සම්බන්ද්ධ නොවුනි.
වැඩේ පටං ගත් තැනම අල විය!
පැය භාගයකින් පමණ  මම දූරකථනය පිරික්සද්දි එහි මිස් කෝල් දෙකක් සනිටුහන් වී තිබුනි.
ඒ අන් කාගෙන් වත් නොව ශාන්ති දිසානායක ගත් කතු වරියගෙන් ය!
මම සීරුවෙන් ඇය ඇමතීමි!
"හෙලෝ මේ ශාන්ති දිසානායක මිස් ද?'
"ආ ඔව් මල්ලී! කියන්න!"
".........................................................."
"........................................................................."
"................................................"
"අක්කේ අපේ පොඩි බ්ලොග් හමුවක් තියෙනවා! අක්කාට එන්න පුළුවන්නම් ලොකු දෙයක් අපිට!" මම අවශ්‍ය තාවය කිව්වෙමි.

එතැන සිට සිදුවූ දේ මා ඇයගේම වචනයෙන් මෙතැනින් කියවන්න!
ඇය අප්‍රේල් 2 දින වන විට පැමිණීම තහවුරු කලාය. 

මා මේ ගැන දැන්වූයේ ඩ්‍රැකීට පමනි. රවි අයියා ගෙන ආ අඩු වැඩිය; අඩු පාඩුවකින් තොරව සප්පායම් වන විට මාගේ දැඩි සිත මෙලෙක් වීමට පටන් ගති. එහි ප්‍රථිපලයක් ලෙස එතෙක් මමත් ඩ්‍රැකීත් අතර තිබුනු රහස රවි අයියාගේ කනේද තැබීමට මාහට සිත් විය.
"අම්මට සිරි! ශාන්ති දිසානායක කියන්නේ මේ කාලේ ඉන්න සුපිරිම ලේඛිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් එක්කෙනා සුනේත්‍රා රාජකරුණානායක!" රවි අයියා හුස්මක් නාල්ලාම කියාගෙන ගියේය.

මට මේ අල්ල පනල්ලේ තවත් එළු මගුලක් සිහියට ආවේය. (මොලේ නරක්වූ විට හිතට එන දේවල්!?) 
මම ඩ්‍රැකියාට කෝල් එකක් ගත්තෙමි.
මේ වනවිට වේලාව රාත්‍රී 8.30 ට අපමන වන්නට ඇත. දිනය අප්‍රේල් 4. හෙට ගෙට්ටුව!

"හෙලෝ මල්ලී!"
"කියන්න ලොකු අයියේ!"
"හෙට අපේ ගෙට්ටුවට එන එවුංට මොකක් හරි සමරුවකුත් දුන්නානං ගින්දර නේද?"
"ගින්දරනං තමයි! ඒත් අපි කොහොමද කරණ්නේ? අපි එකතු කරණ්නෙත් එකෙක්ගෙන් රුපියල් 1000යි නේ?"
"හරි මගේ ඔලුවෙ පොඩි අයිඩියාස් එකක් තියෙනවා! මං ගාව සල්ලි නෑ! උඹට පුළුවංද මට හෙට රුපියල් 5000ක් දෙන්න - ණයක් විදියට!?"
"හරි අවුලක් නෑ . . . !"

මම හැරෙන තැපෑලෙන් ශාන්ති අක්කාට ඇමතීමට සිග්නල් සොයා කළුවරේම හක්බෙල්ලාවක සම්පකාරය දෙසට ඇදුනෙමි.

"අක්කෙ පොඩි සීන්ස් එකක්! මට අක්කගෙ පොත් ටිකක් ඕනේ එන අයට සමරු විදියට දෙන්න!? මොකද කරණ්නේ?"
"මල්ලී පොත් කීයක් විතරද?'
"දහයක් දොළහක් විතර!"
"අනේ මල්ලී ගෙදර හරියෙම තියෙන්නේ පොත් 6ක් 7ක් විතර! හරි කමක් නෑ මම මොනවා හරි කරණ්නම්කෝ!"

ඒ වැඩෙත් හරි ය! මම රවි අයියා දෙසට හැරුනෙමි.
"අයියේ හෙට අපිට souvenirs විදියට දෙන්න ශාන්ති දිසානායක පොත් ටිකක් ගේනවා . . . . . . .!" කතාව ඉවර කරණ්නට ලැබුනේ නැත.

"යකෝ ඒ මනුස්සයට එන්නත් කියලා; උඹ  තව පොතුත් ඉල්ලුවාම හරිද බං? හරි! කමක් නෑ! මම ඒ පැත්ත බලා ගන්නං කෝ!" රවි අයියා වැඩේට බෙල්ල තිබ්බේය!

අප්‍රේල් 5 දා උදාවුනි!
මම උදෙන්ම නැගිට බතක් උයා බෝංචි කරල් ටිකක් තෙල්දමා කිරිදමා හින්දවා, ලූනු සම්බෝලයක් සෑදුවෙමි. අනතුරුව මාත් රවි අයියාත් හක්බෙල්ලාවක කඳවුරු බිමෙන් ලට පට පුටු මේස ආදිය පටවාගෙන දොඩංගස් තැන්න කඳවුරු බිම වෙත ගොස් එතැනට පොඩි පහේ මේකප් පාරක් දමා ආපසු පැමිණ පිරිස පිලිගැනීමට සැදී පැහැදී සිටියෙමු.
ශාන්ති අක්කාට උපදෙස් දී තිබූ පරිදිම මා වෙත නිරන්තරයෙන් පණිවිඩ එවා තිබුනි.පළමු පණිවිඩය වූයේ "බස් එකට නැග්ගා!" කියා පාන්දර 3.30ට එවනලද වැකියයි.
ඊළඟ පනිවිඩය වූයේ; ස්වකීය පුත්‍රයා සමගින්  වරකපොලින් කරවණැල්ල බසයකට ගොඩවූ බවයි.

මේ අතර වත්සලා විජේරත්න සොයුරිය සිය කුඩා පුතණුවන් සහ; නාන්නටම සැරසී පැමිණි තම සොයුරියත් සමග හක්බෙල්ලාවකින් බසයෙන් බැස්සේය.
අනතුරුව තිලක සිත ලියන තිලකසිරි අයියාද, ඩ්‍රැකීද නමියාද අසංගද ප්‍රසන්නද සුරංගද ඇතුළු පිරිස හක්බෙල්ලාවකට සේන්දුවිය.
තවත් කෙටි කාලයකින් අපගේ ප්‍රධාන අමුත්තිය ශාන්ති දිසානායක කඳවුරු බිමට පැමිණියාය.

එතැණ් සිට සිදුවූ දෑ මා ලියා පලක් නොමැත.

ඒ පිළිබඳව බොහෝ බ්ලොග් රචනා ලියැවී ඇත.

එදින සිදුවූ වැදගත්ම සිදුවීමක් වන්නේ ශාන්ති දිසානායක ගත් කතුවරිය බ්ලොග්කරණයට පිවිසීමේ ප්‍රධාන පියවර ගැනීමය. එයට ගිරිදේවි ලෙස නම තැබුවේ රවි අයියාය. තාක්ෂණික සහය ඩ්‍රැකීගෙන් ය. 

පරි කථා:- ශාන්ති අක්කා පැමිණි විගස මාහට දැන ගැනීමට ඇවැසි වූයේ; පොත් ටික ගෙන එන්නට පුළුවන් උනාදැයි කියාය!
"ඔව් මල්ලී! අහල පහල ගෙවල් වලට දීලා තිබුනු පොත් ටිකකුත් එකතු කරගෙන ආවා!"
අපගේ බ්ලොග් ලියන්නන් හා කමෙන්ට් කරුවන් දොළහක් එතැන සිටියහ.
ඩ්‍රැකී තම "ගිරි දේවි" පොත; ශාන්තී දිසානායකගෙන් අත්සනක්  ලබා ගැනීමට ගෙනැවිත් තිබුනි.
ශාන්ති අක්කාට ගෙනෙන්නට හැzකිව තිබුනේ පොත් දහයක් පමණි!
ඩ්‍රැකී ගෙන ආ සවකීය පොත සමගින් අප පොත් එකොළහක් ප්‍රධානය කලෙමු.

"අනේ මල්ලී ඔයාට පොතක් නෑනේ!?"
"නෑ අක්කේ ඒක තමයි සතුට! මට නැති උනාට කමක් නෑ! අනිත් හැමෝටම ලැබුනානේ!"

සත්තකින්ම; කුඩා වුවත්; අභිමානවත් බ්ලොග් හමුවක් අප පැවැත්වූයෙමු. ඒ සතුට තවමත් හිත පිරී ඇත.

"සතුට! ජීවිතයේ සාර්ථකත්වය මනින මිනුම කරගන්න!" යන්න මොනතරම් සාධාරණ ප්‍රකාශයක්ද?

අවසාන මොහොතේදීවත් මාගේ මිත්‍ර දිල්රුක් කන්ණංගරව සහභාගී කර ගැනීමට තබා ආරාධනා කිරීමටවත් නොහැකිවීමේ කණගාටුව හැරුණු කොටගෙන එය සතුටුදායක අවසානයකි!
බ්ලොග් හමුවට සපැමිණි ශාන්ති දිසානායක, ඇයගේ පුතු, ඩ්‍රැකී, ඩ්‍රැකියාණි, පුංචි රාළ, කොළොම්පුරේ, වාළම්පූරි සහ කොළුවන් දෙපල, නමියා, රවි අයියා, තිලකසිරි අයියා, වත්සලා, නංගි සහ කුඩා පුතු, සුර්ංග සහ සුරංගි හෙවත් චූටි මැණිකෙ සහ නයා ප්‍රසන්න, ඕල්ඩ් ඇරැක් බෝතල් හතරක් පෙර දැරි කරගෙන පැමිණි ඉයන් ලින්තොට සහ ඔහුට පාර පෙන්වූ ප්‍රාජේ සියල්ලන්හටම අවංක ආදර ස්තූතිය. ඩ්‍රැකී සහ රවි අයියා දුන් සහයෝගය අමතක නෑ! පොඩි පොඩි වැරදි හදාගෙන අපි ආයෙත් හමුවෙමු මීට වඩා පුළුල් සහභාගීත්වයකින් යුතුව.
මේ තිරෙන් ඇතුලත කථාව!

තිරයෙන් එළිපිට සිදුවූ දේ දැන ගන්න කියවන්න:-









71 comments:

  1. මේක කියෙව්වාම මතක් වුනේ, ලාහට ගෙම්බො එකතු කිරීමයි. හ්ම්.......

    ශාන්ති දිසානායක නෝනගෙ අපූරු බ්ලොග් සටහන් කියෙව්වා. ඇයව බ්ලොග් ලෝකයට කැන්දාගෙන ආවාට, ඔබට බොහෝම ස්තූතියි.👌🙏😊

    ReplyDelete
    Replies
    1. ෆ්‍රොග් ලෙග්ස් තිබුනෙ නෑනෙ.

      Delete
    2. ඔබගේ අගය කිරීමට ස්තූතියි බස්සා!

      Delete
    3. ඒකට ලාහක් නැතුව බුසලක් ගනිම් බස්සො. වැඩේ ලේසියි 😏😏😏

      @ප්‍රා.. ඒව ස්ටූ දාල දෙමු. නැත්තං සුප් එකක් 🤭

      Delete
  2. මේක කියවං යනකල
    මුලදී WTF කියාද
    අවසානේ
    Bruh it's perfect ten කියාද
    ඉංග්‍රීසියෙන්ම සිතුනේය.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඇත්තටම වැඩේ සාර්ථක කරගන්න හැමෝම මට උදව් කලා!

      Delete
  3. අපි ඇනෝලා එකතු වෙලා වෙනම හමුවක් පවත්වනවා. ඒකට එක්ක ගන්නේ හැලපයාවයි, මාතේවයි විතරයි. ඒ බ්ලොග් එකේ විතරයි අපේ කොමෙන්ට් කපන්නේ නැතුව දාන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරණ්න එපා! අපිට කිව්වොත් අපි එනවා. මගේ .Teepee the Campsite එකත් දෙන්නම් එහෙම දෙයක් (ඇත්තටම ) කරණවානම්.

      ඇනෝලාගේ (සමහර ) කමෙන්ට් ඩිලීට් කරණ එක මමත් කරණවා! ඒකේ හොදක් නරක දෙකම තියෙනවා. ඇනෝ කෙනෙක් ලියන විවේචනාත්මක කමෙන්ටුවෙන්; පෝස්ටුවට හෝ එය කියවන අයට කිසියම් වටිනාකමක් එක් වනවා නම් හෝ පෝස්ටුවේ නැතිනම් කමෙන්ටුවක අදහස පෝෂණය වනවා නම් කිසි දිනෙක මම එම කමෙන්ටුව මකන්නේ නෑ.
      එහෙත් වැඩේ කෙළ කරණ්න එනවා නම් ඒ ගැන දෙපාරක් හිතන්නේ නෑ!
      තමන්ගෙ ගෙදරට ඇවිත් සාලෙ මැද්දෙ බොගක් දාලා යන්න කවුද ඉඩ දෙන්නේ නේද?

      Delete
  4. අභීත ගෑවුන තැන ඉවරයි. ඉන්දික කොඩිතුවක්කු ස්ක්‍රීන් ෂොට් එක්ක ඒ කාලේ දාල තිබුන.😀

    ReplyDelete
    Replies
    1. අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි!

      Delete
  5. දැන් ඔය අනිත් එක තිබ්බද? බ්ලොග් එකක් වත් දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි!

      Delete
  6. මෙම බ්ලොග් හමුව සදහා නෙළුම්යාය සිංහල බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජනාධිපති මාධ්‍ය අංශයේ අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, න්‍යෂ්ඨික විදුලි ඉංජිනේරු(සෝවියට් සංගමය), කොළඹගමයා බ්ලොග් අඩවියේ නිර්මාතෘ, ප්‍රවීන ගත්කතු අජිත් ධර්මකීර්ති මහතා සම්බන්ධ කරගන්න තිබ්බේ.

    එහෙම තිබුනා නං මේ සදහා ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රචාරය, ලංකා නිවුස් වෙබ් චන්දිම, සංදේශය සරෝජ් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හරහා ප්‍රචාරය ලබා ගන්නත් තිබුනා. එයාර්මයිල් තියෙනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අජිත් ධම්ම පුද්ගලිකව මට කථාකලා! ඔහුත් කණගාටු උනා පලමු වට්සැප් සමූහය අයාලේ යෑම සහ අප කරණ්නට ගිය හමුව අල වීම පිළිබඳව!

      මම දන්නවා ඔබට අවශ්‍ය පිළිතුර නොලැබුනු බව! ඒත් මට කියන්නට ඇත්තේ එපමණයි ඒ ගැන!

      Delete
  7. දීර්ග කාලයක් බ්ලොග් එක්ක, බ්ලොගර්ස්ල එක්ක හිටිය අයට සහ බ්ලොග් හමු සංවිධානය කරපු අයට සමහර බ්ලොගර්ස්ලගෙ පෞද්ගලික චේතනා ගැන හොඳ වැටහීමක් තියෙන බව මගේ හැඟීමයි. තට්ටයා මහතා පළමු වතාවට කරපු මේ වැඩෙන් ගොඩක් පාඩං ඉගෙනගන්න ඇති.

    පළවෙනි වට්සැප් ගෘප් එකේ මාත් හිටිය. ඒක යන විදියට මට තේරුනා වැඩේ අල වෙන්න තියෙන හැකියාව උපරිමයි කියල. අපිට තියෙන්නෙ ඉතිං බලා ඉන්න විතරනෙ.

    ටීපීයෙ තිබ්බ හමුව සාර්ථක කරගන්න ලොකුම මෙහෙයක් කලේ අපේ සපකො ඩ්‍රැකියා තමයි. අනික එන කට්ටිය කිසිම අවුලක් නැති අය නිසා තමයි මගේ පැමිණීම ස්තිර කලේ.

    අන්තිමට කියන්න තියෙන්නෙ ලොකුවට කරන්න ගිය එකට වඩා ටීපීයෙ තිබ්බ මෙම හමුව ඉතාමත් සාර්ථක ලෙස පැවතුනා සහ නිමඋනා කියල තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න! මම හිතනවා අපි ටිකින් ටික අපේ නිම් වළලු පුළුල් කරගත යුතුයි කියලා! (කෙළෝ ගන්නද යන්නේ?) හැලපයියාත් දුක් උනා! අපි වඩාත් සංවිධානාත්මක වැඩක් කරමු! බොහොමත්ම ස්තූතියි ඔබගේ සහභාගීත්වය!

      Delete
    2. මං එනව නං එන්නෑ කියල මට තර්ජනේ කරපු එකත් කිව්ව නං 😏😏😏

      Delete
    3. රියලි මිස් යූ ණයා.. ආාය දවසක හම්බෙමු

      Delete
    4. අනිවාර්යෙන් මහියා. ඉක්මනින් හම්බවෙමු.

      Delete
  8. මවුන්ට් මේරියේ කානු ගැට්ටේ වාඩිවීගෙන බ්ලොග් හමුව ගැන කතිකාවන් සහ විස්වාස කිරීම ලණු කෑම හා නොමග යෑමත් තිරෙන් වැසුනු කතා ටිකකුත් එකතු කරන්නට පුලුවන්..
    සුන්දර දවසක් අතීතයට එක්කාසු උනා තවත් සුන්දර දවසකට මග එලිපෙහෙලි කරමින්..

    ReplyDelete
    Replies
    1. ඔව් අපි සීයට සීයක් අවංක උවමණාවෙන් ඒ වෙලාවේ වැඩ කලේ! ඒත් "අපි" කවුද කියලා හඳුනන අය කොයිතරම් පොඩ්ඩක්ද ඉන්නේ? බලමු අපි හොඳ වැඩක් කරමු! ස්තූතියි අනේක බාධක මැද උනත් ආවාට! උඹ එළ කොල්ලෙක්! උඹගෙ කොල්ලෝ දෙන්නා ඊටත් වඩා එළ කොල්ලන් වනු නිසැකය!!

      Delete
  9. අජිත් පැරකුම් ජයසිංහ, අභීත එදිරිසිංහ, ප්‍රියන්ත හේවගේ මාතලන් වගේ ප්‍රවීන බ්ලොග්කරුවන් මේ හමුවට ආවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි රසික සුරියාරච්චි

      Delete
    2. අටමා කෝ එතකොට?

      Delete
    3. අපි ආරාධනා කලේ ඉතා සීමිත පිරිසකට! මුලින් දෙක වගේ මේකත් අල කරගන්න අපිට අවශ්‍ය උනේ නැහැ!
      ඉදිරියේ කරණ දේකදි මග ඇරුණු අය අතරින් බොහෝ දෙනෙකුට ඇරයුම් කරණ්නයි හිතාන ඉන්නේ!

      Delete
  10. Aththatama wadk karanna lankawe thiyena amaaruwa meken oppuwenawaa.
    kohoma unath wade jayagraaheewa awsan kireema gana balawath sathuta.
    mata kiyawanna thawa blog ekak labeeme gawrawaya obasamata,(Giridevi).

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශාන්ති අක්කේ! - thattayagekolama

      Delete
  11. බාදා මැඩගෙනෙ ඉදිරියටම, බොහොම හොඳයි බොහොම හොඳයි
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විජේභාහු මහත්තයා. - thattayagekolama

      Delete
  12. පටන්ගැන්ම සාර්ථකයි. ජය! ශාන්ති දිසානායක මහත්මියත්... බ්ලොග්ලෝකය පිවිසීම මහත් සතුටක්

    ReplyDelete
    Replies
    1. උඹ හතර ගාතෙං වැඩියයි කියන්නෙ මිනිස්සු 🙈🙈🤭

      Delete
    2. නමියා සෑහෙන්න පුද්ගලික වැඩ ඉවත දමා ආපු එකට මෙන්න මගේ අම්බානක මෙව්ව එක! ජයවේවා!

      Delete
    3. පම්ලයම් මහා යන්ට.... 😂

      Delete
  13. Teepee the Campsite කඳවුරු බිම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලදාරීන් සහ පවුලේ අයවලුන් සදහා විශේෂ වට්ටම් සහිතව ලබා දෙනවද?

    රුවන් පමුදිත

    ReplyDelete
  14. එන්න නොලැබීම ගැන දුක් වෙනවා. බැහැර කළ නොහැකි හේතුවක් නිසා මගහැරුණෙ. නැවත දවසක හමුවෙමු. මේ මහන්සියට, හොඳ හිතට තුති !
    තරුරසී

    ReplyDelete
  15. බ්ලොග් ලියන එක නතර කරල සෑහෙන කාලයක් වෙනව. ඔය වගේ දෙයක් තිබුණොත් අනිව එනව. ජය වේවා

    ReplyDelete
    Replies
    1. පල යන්න. බොලා එන ගෙට්ටු.



      මං හිතං උන්නෙ උඹ අපවත් වෙලා කියල

      Delete
    2. අනේ ඇනෝ එහෙම පොලීසියට ත්‍රිවිධ හමුදාවට පවුලේ අයට කියලා විශේෂ පැකේජ නෑ. ඒත් දවසක් ඇවිත් අපි එක්ක ගැවසුනාම ඒ හැමෝම පවුලේ අයවගේ තමයි. පොඩ්ඩක් කතා කරණ්න. ඕනෑම අයෙකුට විශේෂ පැකෙජම තමයි! 😂😂😂 - thattayagekolama

      Delete
    3. තරු රසීට; මම අන්තිම මොහොත වන තුරු සිතා සිටියා ඔබ ඒවි කියා. මම; ඔබේ පැමිණීමට ලොකු බරක් තැබුවා; ශාන්ති අක්කා එන්න නියමිතව තිබුනු නිසාම. ඊළඟ වතාවේ අනිවා එන්න! - thattayagekolama

      Delete
    4. වැව් ඉස්මත්තට:- ඔබගේ වට්සැප් අංකය එවා තියන්න. අනිවා දන්වන්නම් ඊළඟ වතාවේ!
      දෙයියනේ කියලා බ්ලොග්බෙක ලියන්න පටන් ගන්න!
      - thattayagekolama

      Delete
  16. මං මේක කියෙව්වෙ අද උදේ. හිතේ නිස්කාසුවක් නැතත් මේ ටික කියන්ඩ ම ඔ්නෙ...

    1. මම අද ඉගෙන ගත්ත සහ ජීවිතේට එකතු කරගන්න අධිෂ්ඨාන කර ගත්ත දෙයක්... "සාර්ථකත්වය මනින දර්ශකය - සතුට විය යුතුයි"

    2. කොහොමත් ඉතිං ගෙට්ටුවක් කියන්නෙ කී දාහක් එකතු වුණත්, සහභාගිවන අය එතන කාලය ගත කරන්නෙ තමන්ට ගැළපෙන කුඩා කණ්ඩායමක් විදිහට විතරයි. අපි 2012 දි (මට මතක හැටියට) ගියපු දෙහිවල ගෙට්ටුවෙදිත් මම කාලය ගත කළේ සරත් ලංකාප්‍රිය, හෙන්රි සහ සුමිත් නිරිඇල්ල සමඟ කියලයි මට මතක. එන හැම එකා ම මගෙ අදහස් සහ එතික්වලට ගැළපිය යුතුයි, නැත්තං මං එන් නෑ කියල අදහස් කරනව නං ඉතිං ඒක මගෙ මනසේ තියෙන ලාබාළ කම හෝ ඒ වගේ දෙයක්.

    3. මේ ලියවිල්ල තනිකර සියල්ල නොසඟවා පැවසීමක්. මම තට්ටයියගෙ ඔය ගතිය දැන ගත්තෙ පළමු හමුවීමෙන් ම යි.

    4. ඔය කාටත් වඩා අසංගට ස්තූති කළ යුතුයි. උන්දැ දැන් කීප වතාවක් ම අපේ ගෙට්ටු වෙනුවෙන් උගෙ ක්ලාස් කට් කරගත්තා.

    5. ශාන්ති අක්කා මොන තරම් ‌අව්‍යාජ ලෙංගතු කෙනෙක් ද කියතොත්, අක්කා කියා මිස, ශාන්ති දිසානායක නම් ලේඛිකාව කියා ආමන්ත්‍රණය කෙරෙන්නේ ම නෑ.

    6. අපි අමතක නොකළ යුතුයි, මගෙ පන්දාහ ටත් වඩා, රවි අයියා සහ ඉයන් - ප්‍රාජේ ලා දායක වුණා ඔය වැඩේට.

    7. අනික. අපි දැන් සති කීපයක් ගත වෙලාත්, "එදා හවස බොට ලොකු පාඩුවක් නේද උනේ ලොකු අයියේ?" කියලා අහන්ඩවත් මට බැරි උනා. ඇත්තට එදා යකඩ මේසයක් කැඩුනා. කෑම දාගෙන ආපු භාජන කීපයකුත් ඩැමේජ් උනා කියා හිතනවා. අපි දීපු සල්ලි සහ කැපකිරීම් ගැ කියනවට වඩා ලොකු නිහඬ කැප කිරීමක් තට්ටයියා කරපු බව මම දන්නවා. ඒ ගැන මේවයෙ කියවෙන්නෙ නෑ.

    8. අනික, අපි බ්ලොග් ලෝකෙට ආපු මුල්ම කාලෙ ඉඳං ම තියෙන කතිකාවක් තමයි, "බ්ලොග් ජ්‍යෙෂ්ඨයො කියල ලබ්බක් මේකෙ නෑ. තම තමං ලියන වචනවලින් තමංගෙ ප්‍රතිරූපය ගොඩ නැගෙනවා, ඒ් වගේ ම තමන් මොන විදිහෙ පුද්ගලයෙක් ද කියන එක නිරූපණය වෙනවා" කියන එක. ජ්‍යෙෂ්ඨයො කියලා, උන්ට අනික් උදවියට වඩා වැඩි අයිතිවාසිකමක් බ්ලොග් ලෝකෙ නෑ. හැම දෙනාට ම තියෙන්නෙ සමාන අවස්ථා. මනුෂ්‍ය සමාජයෙත් ඒ වගේ තමයි. තමන් සමාජයේ අනික් සාමාජිකයන්ට ගරු කළොත්, තමන්ටත් ගෞරවය ලැබෙනවා. තමන් හැසිරෙන විදිහට ම අනික් උදවියගෙ සැළකිල්ල තමන්ට ලැබෙනවා. අනික, මේකෙ මේ ගෙදර ගෙනියන්ඩ හෝ, මළාට පස්සෙ වළට ගෙනියන්න දෙයක් නෑ. අපි ඉතුරු කරලා යන වචන ගැන කවද හරි අපේ දරුවන්ට හෝ අපිව අගය කරන අයට සතුටු වෙන්න දෙයක් තියනෙව නං එච්චරයි.

    අනික, "ගිරිදේවි" කියන නම යෝජනා කළේ තිලකසිත අයියා.

    අන්තිමට කියන්ඩ තියෙන්නෙ, මේක බොහොම හොඳ වැඩක්. අපි දිගට ම කරමු. මගෙ වචනෙට සුරංග සහ නයි හාමි ආපු එකට ස්තූතියි. ඒක විචිත්‍ර වුණේ තිලකසිරි අයියා, රවි අයියා සහ ශාන්ති අක්කා ගේ සහභාගිත්වයෙන්. වත්සලා, නමියා සහ අසංගගෙ සහෝදරත්වය ගොඩක් ම හිතට දැනුනා. සෑමා අන්තිම මොහොත වෙනකම්ම එන්න ට්‍රයි කළා. නිදිත් ආවනං තමයි ගොඩක් ම වටින්නෙ. අඟහරුවාට සහ සුදික ට කතා කරන්න හිතේ තිබුණත්, බැරි වුණ එක ගැන කණගාටුයි. ආරාධනා කරලා තිබුණු කොළඹ හිටපු දිසාපතිතුමා සහ උඩගෙදර සුගතපාල සර්ට දිනය වෙලාව මතක් කරන්න බැරි වුණා.

    ReplyDelete
  17. මං මේක කියෙව්වෙ අද උදේ. හිතේ නිස්කාසුවක් නැතත් මේ ටික කියන්ඩ ම ඔ්නෙ...
    1. මම අද ඉගෙන ගත්ත සහ ජීවිතේට එකතු කරගන්න අධිෂ්ඨාන කර ගත්ත දෙයක්... "සාර්ථකත්වය මනින දර්ශකය - සතුට විය යුතුයි"
    2. කොහොමත් ඉතිං ගෙට්ටුවක් කියන්නෙ කී දාහක් එකතු වුණත්, සහභාගිවන අය එතන කාලය ගත කරන්නෙ තමන්ට ගැළපෙන කුඩා කණ්ඩායමක් විදිහට විතරයි. අපි 2012 දි (මට මතක හැටියට) ගියපු දෙහිවල ගෙට්ටුවෙදිත් මම කාලය ගත කළේ සරත් ලංකාප්‍රිය, හෙන්රි සහ සුමිත් නිරිඇල්ල සමඟ කියලයි මට මතක. එන හැම එකා ම මගෙ අදහස් සහ එතික්වලට ගැළපිය යුතුයි, නැත්තං මං එන් නෑ කියල අදහස් කරනව නං ඉතිං ඒක මගෙ මනසේ තියෙන ලාබාළ කම හෝ ඒ වගේ දෙයක්.
    3. මේ ලියවිල්ල තනිකර සියල්ල නොසඟවා පැවසීමක්. මම තට්ටයියගෙ ඔය ගතිය දැන ගත්තෙ පළමු හමුවීමෙන් ම යි.
    4. ඔය කාටත් වඩා අසංගට ස්තූති කළ යුතුයි. උන්දැ දැන් කීප වතාවක් ම අපේ ගෙට්ටු වෙනුවෙන් උගෙ ක්ලාස් කට් කරගත්තා.
    5. ශාන්ති අක්කා මොන තරම් ‌අව්‍යාජ ලෙංගතු කෙනෙක් ද කියතොත්, අක්කා කියා මිස, ශාන්ති දිසානායක නම් ලේඛිකාව කියා ආමන්ත්‍රණය කෙරෙන්නේ ම නෑ.
    6. අපි අමතක නොකළ යුතුයි, මගෙ පන්දාහ ටත් වඩා, රවි අයියා සහ ඉයන් - ප්‍රාජේ ලා දායක වුණා ඔය වැඩේට.
    7. අනික. අපි දැන් සති කීපයක් ගත වෙලාත්, "එදා හවස බොට ලොකු පාඩුවක් නේද උනේ ලොකු අයියේ?" කියලා අහන්ඩවත් මට බැරි උනා. ඇත්තට එදා යකඩ මේසයක් කැඩුනා. කෑම දාගෙන ආපු භාජන කීපයකුත් ඩැමේජ් උනා කියා හිතනවා. අපි දීපු සල්ලි සහ කැපකිරීම් ගැ කියනවට වඩා ලොකු නිහඬ කැප කිරීමක් තට්ටයියා කරපු බව මම දන්නවා. ඒ ගැන මේවයෙ කියවෙන්නෙ නෑ.
    8. අනික, අපි බ්ලොග් ලෝකෙට ආපු මුල්ම කාලෙ ඉඳං ම තියෙන කතිකාවක් තමයි, "බ්ලොග් ජ්‍යෙෂ්ඨයො කියල ලබ්බක් මේකෙ නෑ. තම තමං ලියන වචනවලින් තමංගෙ ප්‍රතිරූපය ගොඩ නැගෙනවා, ඒ් වගේ ම තමන් මොන විදිහෙ පුද්ගලයෙක් ද කියන එක නිරූපණය වෙනවා" කියන එක. ජ්‍යෙෂ්ඨයො කියලා, උන්ට අනික් උදවියට වඩා වැඩි අයිතිවාසිකමක් බ්ලොග් ලෝකෙ නෑ. හැම දෙනාට ම තියෙන්නෙ සමාන අවස්ථා. මනුෂ්‍ය සමාජයෙත් ඒ වගේ තමයි. තමන් සමාජයේ අනික් සාමාජිකයන්ට ගරු කළොත්, තමන්ටත් ගෞරවය ලැබෙනවා. තමන් හැසිරෙන විදිහට ම අනික් උදවියගෙ සැළකිල්ල තමන්ට ලැබෙනවා. අනික, මේකෙ මේ ගෙදර ගෙනියන්ඩ හෝ, මළාට පස්සෙ වළට ගෙනියන්න දෙයක් නෑ. අපි ඉතුරු කරලා යන වචන ගැන කවද හරි අපේ දරුවන්ට හෝ අපිව අගය කරන අයට සතුටු වෙන්න දෙයක් තියනෙව නං එච්චරයි.
    අනික, "ගිරිදේවි" කියන නම යෝජනා කළේ තිලකසිත අයියා.
    අන්තිමට කියන්ඩ තියෙන්නෙ, මේක බොහොම හොඳ වැඩක්. අපි දිගට ම කරමු. මගෙ වචනෙට සුරංග සහ නයි හාමි ආපු එකට ස්තූතියි. ඒක විචිත්‍ර වුණේ තිලකසිරි අයියා, රවි අයියා සහ ශාන්ති අක්කා ගේ සහභාගිත්වයෙන්. වත්සලා, නමියා සහ අසංගගෙ සහෝදරත්වය ගොඩක් ම හිතට දැනුනා. සෑමා අන්තිම මොහොත වෙනකම්ම එන්න ට්‍රයි කළා. නිදිත් ආවනං තමයි ගොඩක් ම වටින්නෙ. අඟහරුවාට සහ සුදික ට කතා කරන්න හිතේ තිබුණත්, බැරි වුණ එක ගැන කණගාටුයි. ආරාධනා කරලා තිබුණු කොළඹ හිටපු දිසාපතිතුමා සහ උඩගෙදර සුගතපාල සර්ට දිනය වෙලාව මතක් කරන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. ලේ ටිකක් බොන්ට චෑන්ස් එකක් හම්බුනේ නැතුවා

      Delete
    2. විශේෂයෙන් කියන්ටෝන නොම්මර අටෙන් ඉලක්කං ටික ඉවර වෙන්නෙ නෑලු. 9, 10, 11 ආදී වශයෙන් තව ඉදිරියටත් අංක ගලපන්ඩත් ඇහැකිලු.

      ජයවේවා!

      Delete
    3. ඩ්‍රැකීට - ස්තූතියි මල්ලී ගහක් ගලක් වගේ මාත් එක්ක හිටියාට, වෙලාව අවේලාව නොබලා මගේ කෝල් වලට ආන්සර් කලාට, සීන් එකේ මුල මැද අග මට ගලපාගන්න උදව් කලාට.
      අනිවා මේ අවුරුද්දෙම අන්තිම කාර්තුවේ වගේ තව ගෙට්ටුවක් කරමු!

      Delete
    4. ඇනෝට:- ඉතිං ඒ අංක ටික පුරවන්නකෝ ඇනෝම! - thattayagekolama

      Delete
    5. ලොකු කට්ටියක් එකතුවෙන තැනක 2 කියල තියෙන සීන් එක අනිවාර්යෙන් වෙනව. යූත් එකේ තිබ්බ එකේදි මාත් සෙට් උනේ නලින් අයිය, සුමිත් නිරිඇල්ල, සුදීක වගේ අය එක්ක.

      ඒත් මෙතන පිරිස සීමිත නිසා හැමෝම එකම සහෝදරත්වයෙන් බැඳුන. ඒක තමයි මේකෙ තිබ්බ වටිනාකම.

      කැඩිච්ච බිඳිච්ච ඒවයෙ වටිනාකම = හමුව පැවැත්වීමට ලැබීමෙන් තට්ටයියා ලබපු ආත්ම තෘප්තිය
      කියල අපි ඕක බැලන්ස් කරල දාමු. හැක්..

      Delete
    6. ඔව් ඒ පාඩුව මට දැනුනේ නෑ බං උඹල ආපු එකේ සතුට ඉදිරියේ! Thattayagekolama

      Delete
  18. ඇත්ත වසයෙන්ම කියනවා නං..

    කියන්න දෙයක් නෑ මෙයා.. 🙈

    ReplyDelete
    Replies
    1. කථා කරණ්න එපා පොලු තියලා! 😂😂😂- thattayagekolama

      Delete
  19. මට එදා එන්න බැරි වුනා හක්බෙල්ලාවක යන්න තිබ්බ නිසා . ඒකත් මරු ගමන . මගේ බ්ලොග් පොස්ට් එකත් බාගෙට ලියන ගමන්

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පා ඒ අප්බ්‍රන්සෙ? 😂😂😂😂 - Thattayage Kolama

      Delete
    2. අපරාදෙ, එදා හක්බෙල්ලාවක ආවනං හොඳ ෆන් එකක් ගන්න තිබ්බ තිලකසිරි අයියා. :D

      Delete
    3. අඩෝ! එතකොට ඒ ආවේ තිලකයියගෙ අවතාරය ද?
      (ඔය වගේ හෙඩිමක් තිබුණු කතාවක් මම කියවල තියෙනව ශ්‍රී සඟරාවක)

      Delete
    4. එතකොට අර මාත් එක්ක කාර් එකෙන් ඇවිත් මගින් බැස්සේ කවුද බොලේ???? නමියෝ උඹත් එදා කාර් එකේ ඉඳලා නාඳුනන අමුත්තාව දැක්කේ නැද්ද?

      Delete
    5. හොම්මනක්.... දුහපල්ලා 😂

      Delete
  20. ඇත්තම කියනවා නම් මේවා කියවන්න ලැබීමත් සතුටක් මෙන්ම පොඩි දුකක්. බ්ලොග් චන්ඩි සහ බ්ලොග් නොන්ඩි මානසිකත්වයක සිම්ටම්ප්ස් කියලා තමයි මට හිතෙන්නේ. මේක සින්ඩ්‍රොම් එකක්, මම තාම බ්ලොග්ස් කියවනවා. මම ඒ තුලින් පොඩි ආතල් එකක් ගන්නවා. සමහරක් බ්ලොග්ස් නම් කියවන්නත් ලැජ්ජයි. මොකද ඒවා ස්නේක්ස් ඇන්ඩ් ලැඩර්ස් වගේ...මම අරුණ. ඉස්සර බ්ලොග් ලිව්ව බුවෙක්.

    ReplyDelete
    Replies
    1. අරුණ මහතා! ඔබේ බ්ලොග් එක මම ඉතා ආශාවෙන් කියැවූවක්! "අවුල්වන්නට පෙර!" සීරීස් එකම කියෙව්වා. ඇයි දෙයියනේ නොලියන්නේ? ඔබ මෙරටටඑන දිනෙක හමුවෙමු! ආරාධනයක් ලදොත් එන්නම්! ස්තූතියි ඇවිත් කියවා ලිව්වාට! නැවත ලිවීම අරඹමු! - thattayagekolama

      Delete
    2. ලිවිල්ල කොහොම වුනත් ආපු දවසක සෙට් වෙමු...

      Delete
  21. දැනුයි කියවන්න උනේ.. උඹ මාව වැරදියට තේරුම් ගත්තට අවුලක් නෑ.. ඒ උනාට උඹ නැති කරගන්න බැරි යාලුවෙක්.. මම ඔය වැඩේදී (හෙවත් නොවුණු වැඩ දෙකේදී) බොහොම අවංකව වැඩි දෙනෙක්ගේ කැමත්තට වැඩි පිරිසක් සහභාගි කරගෙන කරන මඟුලක් කරන්න උත්සාහ කරා.. එච්චරයි. ස්තූතියි මේවා ලියුවට.

    ReplyDelete
    Replies
    1. බෝතලයක් ගහමු

      Delete
    2. මෙතන තේරුම් ගැනීමේ අවුලක් නෑ. එහෙමනං මම ලියලා තියන්නෝන සිදුනොවූ දෙයක්! මම එහෙම හිතළුවක් ලියලා තියේනම් කියපං! මම මකා දමන්නම්!
      නමුත් එදත් මම කිව්වේ අදත් කියන්නේ; උඹට තිබුනේ අපේ Drive committee එකේ අහලා ඉවරවෙලා එලියට දාන්න!
      උඹ හිතාමතා නොකලත් එතනදී සිදු උනේ සිදුනොවිය යුත්තක්!
      සංග්‍රාම භූමියේ උපක්‍රම දන්නා උඹ අතින් එහෙම දෙයක් වෙයි කියලා මම බලාපොරොත්තු උනේ නැහැ.
      ඒ සිදිවීම සමග මා කම්පනයට පත් උනා. ඒ නිසා මා පලා ගියා. (පලා යෑමත් උපක්‍රමයක් ලෙස සිතලා නම් නොවේ!) ඒත් අවසානයේ අපි ආයෙත් කඳවුරු බැඳලා ගේම ගැහුවා!
      ඔය මොනවා උනත් මගේ හිතේ කහටක් නැති නිසයි මම උඹට එන්න කියලා මැරෙන්න හැදුවේ! උඹත් ඒක පිළිඅරගෙන එන්න සෑහෙන්න ට්‍රයි කලා කියලා මම විශ්වාස කරණවා!
      හිතේ කහට තියෙන කොට ලියපුවත් උඹ දන්නවානේ!
      ඒ කොහොම වෙතත යාළුවෙක් විදියට උඹ මාව තියලා තියෙන තැන පිළිබඳව මට නිහතමාණී ආඩම්බරයක් දැනෙනවා.
      ඔව් පරක්කු නෑ! අපි දැනෙන්න වැඩක් කරමු - මැරෙන්නට කලින්! ❤️❤️❤️❤️❤️

      තට්ටයා

      Delete
    3. මම කමියගෙ තැන හිටියනම්, බොහෝ විට මගේ අදහසත්... වැඩි පිරිසක් සහභාගී වන දෙයක් වෙනවා නම් කියා හිතන නිසා ඒ වගේම දෙයක් මා අතිනුත් ඒ විදිහට වෙන්න පුළුවන්. (අර විදිහේ දෙයක් ඇසීම)

      Delete
  22. සිංහල බ්ලොග් අවකාශය කියන්නේ මේ පේනවා වගේ සුන්දර තැනක් නෙමෙයි. මේක ඇවිල්ලා සමාජයේම හරස් කඩක්. මේකේ ඉන්නේ තෙල් බෙහෙත් වෙළෙන්දෝ, තමුන්ට හතේ හතවැදී අනුන්ගේ කේන්දර බලන්න යන සාත්තරකාරයෝ, මෝඩයෝ, නුගත් බාස්සුන්නැහැලා, පල්හොරු, පොලු කාරයෝ, පිං අඩිකාරයෝ, ටැක්සි කාරයෝ... ඔය අතරේ කතන්දර, හැලප වගේ බොහොම සීමිත පිරිසක් ඉන්නවා ප්‍රතිපත්තියක් තියෙන. අන්න ඒ අය නිසා තමයි බ්ලොග් අවකාශය මෙහෙම හරි පවතින්නේ.

    මේකේ ඉන්න බහුතරය නං විශ්වාශ කරන්න එපා. මේ බොහෝ දෙනෙක් විශ්වාශ කරන්න බැරි රැලක්. පොලුකාරයෝ ගැන දැනගන්න ඕනි නං ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු ගෙන් අහගන්න. ආයේ ඉතිං ඔය හොරු ගැන හොදටම කියලා දෙන්න හිටියේ ඔබා මාමා. එයත් අකාලයේ මියගියේ මේ බ්ලොග් අවකාශයේම ඉදන් පොර ටෝක් දෙන හොරෙක්ට අහුවෙලා හිතේ අමාරුවෙන් ඉද්දි තමයි.

    මේකේ ගොඩක් එවුන් බ්ලොග් ලියන්නේ මං පොර කියලා පෙන්නන්න. උන් බහුතරයකගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ තමන්ට නැති සමාජ තත්වයක් මේක හරහා හදාගෙන අනිකාගේ පොකට්ටුවට, ගෑනුන්ට විදීම තමයි.

    මං පොර ජාතකේ නැතිව බ්ලොග් එකක් ලිව්වේ කතන්දර විතරයි. කකා මේකේ ඉන්නවා වගේ බොහොම පරිස්සමෙන් අතේ දුරින් ඉන්න. මුන්ට අහු උනොත් නං උබේ සල්ලි මුදල් ටිකත් නැති වෙලා ඉන්දිකට උනා වගේ හුල්ලන්නයි වෙන්නේ.

    මොකෝ බ්ලොග් ලියන්නෙත් සක්විතිලාය මර්වින් සිල්වලාය රුවන්වැල්ලේ සොභිතලාය ........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! - thattayagekolama

      Delete
  23. වෙලාවක් තියේනං මේ පැත්තෙත් ඇවිත් යන්න කියල ආරාධනාවක් මේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මම බලන්නම් - thattayagekolama

      Delete
  24. දුක,සතුට, කනස්සල්ල, නොපසුබස්නා උත්සාහය, කලකිරීම අතරේ දෝලනය වන සටහනක්. මා වැඩි විස්තර නොදන්නවා වුණාට බ්ලොග් සම්මාන උළෙල නැවතීම පිටුපසත් මේ වගේම කතාන්තර ඇති. බොහෝ දෙනෙක් බොහෝ දේ පටලවා ගන්නවා වගේම අනවශ්‍ය අවුල් කිරීම් කරනවා කියලයි මට හිතෙන්නෙ. ලංකාවේ දේශපාලන පක්ෂ, සේවක සමිති, ශිෂ්‍ය ව්‍යාපාර සේම විදෙස් රටවල ඉන්නා ප්‍රජාව පවා මේ විදිහට එකමුතු නොවී පොදු අරමුණු කරා යා හැකි අවස්ථා නාස්ති කරගන්නවා දකිනකොට දුකයි.ටොරොන්ටෝවේ තැන් කිහිපයක සිංහල අවුරුදු උත්සව කිහිපයක් පැවැත්වීම ඒ සදහා සුළු නිදසුනක්. සියළු සම්පත් එක් රැස් කරගෙන ප්‍රබල ප්‍රථිපලයක් ලැබීම වැලකෙන්නේ ඒ හින්දයි. සදකඩ පහන සින්ඩියේ සටහන දුටු විටම මට ඒ ගැන හිතුනා. අප මෙහි කරනා සමහර කටයුතු වලදීත් අපේ හිත් රිදෙන්නේ නිර්මාණ සදහා වන වෙහෙස මහන්සිය හෝ ඒ වෙනුවෙන් වෙහෙස වී උපයන මුදල් යෙදවීම හින්දා නොව ඒ වගේ වැඩවලදී අනෙක් අය කරන කියනා දේ හින්දයි. එක අත්තක වහන්නට පුළුවන් පිරිසක් එක්ක පොඩියට වුණත් කලකිරීමෙන් තොරව දිගු ගමනක් යන්න සුබ පතනවා. ඒ ගැන වැඩියෙ ලියන්න යන්නත් එපා. වැඩේට කලින් වැඩි විස්තර කියන්නත් එපා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ! - thattayagekolama

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...