Monday, February 6, 2023

252. සිරිල්ලා සමග සියල්ල

හක්බෙල්ලාවක හා ඒ අවට ජීවත්වන හා වූ සිරිල්ලා තිදෙනෙකි. ඉන් එක් අයෙක් වූයේ  ශ්‍රී ලාල් රංජිත් පෙරේරා හෙවත් සිරිල් අයියාය. සිරිල් අයියා නොම්මර එකේ යූ ඇන් පී කාරයෙකි. දැන් මෙන් නොව මේ කියන්නේ ඩී ඇස් ගෙන් පටන් ගෙන ඩඩ්ලිගෙන් පසු අභාවපාප්ත වූ ඔරිජිනල් යූ ඇන්පිය ගැනය! 

සිරිල් අයියා එකල ලංකාවේ ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහු මා දන්නා ශක්ති සම්පන්නම අයගෙන් එකෙකි. ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටිනා කාලයේ කෝට් එකේ ඕනෑම ස්ථානයක තබන ලද ලේන්සුවක් මතට බෝලය පතිත වනසේ ඩැෂ් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිව තිබූ බව මා අසා ඇත. එසේම ඔහුට ප්‍රහාරය එල්ල කිරීමට බෝලය උස්සා දෙන සහෝදර ක්‍රීඩකයා "ඔන්න සිරා!" කියන විට; දැලෙන් ඉහලට ඊ ගසක් සේ ඉහල යන සිරිල් අයියා තම අප්‍රමාණ ශක්තියෙන් හෙලන අකුණු පහරින්; බෝලය ප්‍රථිවාදීන් සියල්ල අභිබවා පිට්ටනියේ ගැටෙන්නේ දුවිලි විදහාලමින් බව මා හට පැවසූවේ පාලින්දගේ පියාවූ සේන අශෝක පෙරේරා හෙවත් සිරිල් අයියාගේ බාල සොහොයුරාය.

 "ඔන්න සිරා කියලා බෝලෙ උස්සල දුන්නාම; සිරිල් අයියා යනවා දැලේ උඩ කෙළවර මේ ං මෙතනට එන්න!" කියලා රත්නසිරිගෙ අප්ප කඩේ ගාව ඉඳන් ඉනට අත්දෙක තියලා පෙන්නුවේ.

මීට දශක ගනනාවකට පෙර සමස්ථ ලංකා තරග වලදී ඔහුගේ කණ්ඩායම දෙවැනි වී ඇත්තේ ගම්පහ සිරාගේ කණ්ඩායමට පමණි. එම වසරේ ජනතා පුවත් පතේ ක්‍රීඩා පුවත් අතර සිරිල් අයියාගේ පින්තූඅය පල කොට තිබුනේ "තුන් කෝරළයේ වීරයා" යන හෙඩිම සමගින්ය.

අත මිට මෙලවූ පසු පිට අත්ල වටා දිවෙන රුධිර නාල වලල්ලක් සමහර අය සතුය. පැරැන්නන් මෙයට "නයි පෙනය" යැයි කියති. එසේම මෙම නයි පෙනය සහිත අතින් පහරක් නොකෑමට ඔවුන් වග බලා ගනිති. ඒ එම අතින් හෙලන පහරක් එතරම් ප්‍රභල හෙයින් යැයි ඔවුන් විශ්වාස කල හෙයින්ය. 

කැළණියට ප්ලාස්ටික් බෝතලයකින් වැඩම කල නාගයා නිසා මුළු මහත් නාග ගෝත්‍රයම පදිරිවී ගියද සිරිල් අයියාගේ අත් දෙකේම නයි පෙන පිහිටා තිබුනි. එය මා දෑසින් දැක ඇත.

 ඔහුගේ මව සතුව ගව ගාලක් තිබූ අතර ඔහු ඕනෑම ගවයෙකු ආං බාං කරගන්නේ අතින් පහර දීමෙන්ය. ඔහු කෙවිටක් භාවිතා කරන්නේ නැත. වරෙක   අලසව නිදා සිටි ගොන් නාම්බෙකු කර බැඳි ලනුවෙන්ම ඇද නැගිටවීමටත් එසැනින් ලනුව පසෙකට ඇද නැවත බිම දමන වාත් මා කුඩා කල දැක ඇත.

දැනට අපගේ Teepee Boatyard එක පවත්වාගෙන යන හක්බෙල්ලාවක කැළණි ගඟ අසබඩ ඉඩම මා වෙත ලැබුනේ සිරිල් අයියාගේ ඇවෑමෙන්ය!

***********************************************************************************************

දෙවන සිරිල් වන්නේ මාගෙ සමකාලීනයෙකු වන සිරිල් විජේසෙකර හෙවත් විජිතය. හක්බෙල්ලාවක එතෙක් පැවති රදල පවුල් සංස්ථාව සමග තනිව ගැටුනු ඔහු එනිසාම 88-89 සමයේ ජවිපේ ක්‍රියාකාරිකයෙකු විය. 

එකල ගඟෙන් එගොඩ පිහිටි පැලැල්ලේගම ගම ලෝකයට සම්බන්ධ කලේ හක්බෙල්ලාවක තොටුපොළින් ඒ මේ අතට පැදෙන ඔරුවෙනි. එම ඔරුවේ පමණක් නොව තොටුපොළ පිහිටි ඉඩමේද අයිතිය; සයිමන් අප්පුහාමි හෙවත් මුදලාලි මහත්තයාගෙ ඇවැමෙන් ඔවුන්ගේ දරුවන් වූ දයානන්ද හෙවත් කඩේ මහත්තයා හා ඔහුගේ අවශේෂ සොහොයුරන් සතු විය. 

ඔරුව පැදීම සිදුකලේ දයානන්ද මහතාගෙන් පඩි ලත් ඔරු කාරයෙකුය. හක්බෙල්ලාවක තොටුපොළ එනම් කොළඹ හැටන් මහා මාර්ගය අසල පිහිටි විශාල සිල්ලර බඩු කඩය පවත්වාගෙන ගියේ දයානන්ද මහතා විසිනි. පෙකිණි වැල කැපූ තිඹිරි ගෙයි සිටම යූඇන්පී පවුලක්වූ ඔවුන් මුළු මහත් හක්බෙල්ලාවක පමණක් නොව ඒ අසල මෙගොඩ පිහිටි තනකොළවත්ත, බදුල්ලවල හා එගොඩ පිහිටි පැලැල්ලේගම, හුඹහපිටිවත්ත, දොඩංගස්තැන්න ආදී  ගම් කිහිපයක නිළ නොලත් අයිති කරුවන්, පොල්මඃකරුවන්, උරුමක් කරුවන්, කිරුළු නොපලන් රජුන් විය. මේ නිසාම කැළණි ගඟෙන් එගොඩ පිහිටි ගම් බිම් වල ජීවත් වූ සියල්ලන්ගේ දෛනික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට මෙම සිල්ලර කඩයේ ණය පොත හෝ ඔරුව අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වූ කාරණාවක් විය. 

පෙරකී ගම් බිම් පුරා පැතිරී තිබුනු රබර් හා තේ ඉඩම් වල සේවය කිරීම බොහෝ ගම් වැසියන්ගේ රැකියාව හා යැපීම් මාර්ගය වූ එකල එම අධිපතිවාදයට තනිව අභියෝග කලේ සිරිල් හෙවත් විජිතය! 

එකල ඔරුව පැදවුනේ ඔරු කාරයටත් කඩේ දයානන්ද මහතාටත් අවශ්‍ය වූ විටෙක හෙයින් දයානන්ද මහතාට හෝ ඔහුගේ ගුරුකුළයට අභියෝගකල කිසිවෙකු හට අවශ්‍ය විටෙක  ලෝකය හා සම්බන්ධ වීමට ඔරුවේ සේවය නොලැබුනි. ලඟම නගරය වූ යටියන්තොටට, ආසන්න රෝහලවූ තැලිගම ස්ප්‍රිතාලයට පාසැලට යෑමට; පැලැල්ලේගම, දොඩංගස්තැන්න, හුඹාපිටිවත්ත ගම් වල ජීවත්වූ අයට ඔරුවෙන් තොර වෙනත් ක්‍රම වේධයක් නොවීය. හවස ගෙවී රාත්‍රිය උදාවෙත්ම ඔරු සේවය නැවතී ඔරුවට විලංගු වැටෙන අතර පසුදා පහන් වනතුරු එගොඩ සිටින්නවුන්ගේ ජීවිත ස්ව‍යංක්‍රීයව අකර්මණ්‍යවේ. දුර බැහැරක ගිය අයෙකුහට රාත්‍රිය මෙගොඩ ගෙදරක පිලක පහන් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක්ව පැවතුනි. 

මෙම පැවති හා පවතින ක්‍රමයට එලිපිටම ගේම ඉල්ලූ  සිරිල් හෙවත් විජිත;  88-89 අවසානයේදී මතුගම පැලවත්තේ රැඳවුම් කඳවුරක් කියා ගත් වදකාගාරයක ජීවිතය බේරා ගනිමින් සිට ආනමඩුවෙන් පිටවී නිදහස් ලෝකයට පා තබා ඉවාන් පාවුළුශාගේත් මගේත් වත් පොතේ සරමින් සාර්ථක ජීවිතයක් ගත කරණ්නේය. මෙවර කුළුගෙඩියෙන් ඡන්දය ඉල්ලන්නේය!

***********************************************************************************************

අවසාන සිරිල්ට අවසාන ඇමතුම දෙන්නේ 3 වෙනිදා උදැහැනැක්කේය. එයත් අහම්බෙන් මතක් වීමෙන්ය.

"අම්මට සිරි රවි අයියේ අරූට කෝල් එකක් දෙන්න බැරි උනා" පහල ඇඳේ නිදා සිටි රවි අයියාට පැවසූවේමි.

"එහෙනං ඉක්මනට ගනිං! ඩ්‍රැකියා 7 විතරයි නේද ගේනවා කිව්වේ!" රවි අයියා ඇඳේ සිටම කිව්වාද?

කොහොමත් ඩ්‍රැකී එක්ක මට ගනුදෙනුවක් ඇත. ඌ කියන්නේ කොත්මලේ විමලෙ වැඩ්ඩා කියාය. මම කියන්නේ කිත්ල්ගල සිරිල් අයියා වැඩ්ඩා කියාය. සිරිල් අයියා ඇඹරුනොත් වැඩේ කෙළවීම සක් සුදක්මය!

"හෙලෝ සිරිල් අයියේ මම අර . . . . . . " මගේ කෙඳිරිය උන්නැහැට දැන් සාමාන්‍ය දෙයකි...!

"අ . හරි හරි මහත්තයා නමයාමාරට දායට විතර එන්නකෝ . . . . "

වැඩේ හරිය!

නියමිත වේලාවට ප්‍රාජේ, සිරිබිරිස්, නමියා, අසංග හා නිදි ආදිය එතැනය. තවත් විශේෂ අමුත්තෙකුද පෙර දැරි කරගෙන! 

ඒ අපේ ආදරණීය ***! 

ඌව මම මීට පෙර දැකලා තිබුනේ එකෝම එක වතාවයි. ඒ කොළඹ ගමයාගේ පොතක් එළිදැක්වීමක්දි! ඒත් කථා කරණ්නට ලැබුනේ නෑ. මොකද එදා ඌට තිබ්බා මහ හුඟක් රාජකාරි! කාලය එක්කම ඌ ගැන මට කාන්දුවෙලා තිබුනු ආරංචි වල හැටියට ඌ එළ පොරක් වගේම බොක්කක්! ඊයේ රෑ මම  රවි අයියාත් එක්ක Kayak Pavilion එකේ  ගල් බෝතලයක් එහා මෙහා කරද්දී ඇම්මට වගේ හැමෝටම කෝල් ගත්තා. ඒ අතරෙ ***ටත් කථා කිරීම අමතක කලේ නැත. 

"මචං උඹ හෙට එනවා නේද?"

ඌ උගේ බැරි අමාරු කම කිව්වේය.

"පිස්සු කෙළින්න එපා බං! උඹ හින්දමයි හෙට අපි සෙට් වෙන්නේ!"

පස්සෙ වදෙන් පොරෙන් මූ ඇවිත්නෙ යකෝ! 

"උඹ ආපු එක මට ලොකු දෙයක් මචං !"


පෙර දින මා හක්බෙල්ලාවකට පැමිණියේ මහ පාන්දරය. ඒ පාන්දර 2.30 ට පමණය. උදේ හයේ සිට Boatyard එක ඇණ්දවීම පටන් ගත්තේ තට්ට තනිවමය. කොහොමත් මා හට මේ කපේදී "කොන්ඩ තනිවම" කල නොහැක! එදින එනම් 2 වනදා හවස් වන විට Boatyard එකේ Sandbed එකද Pavilion එකද; ගඟ අයිනේ Club House එකද ඕනෑම අවශ්‍යතාවයක් සඳහා සකස් කොට අවසාන විය. එන පිරිසේ සංඛ්‍යාව, රුචි අරුචි කම හා කාලගුණික තත්වය මත තොරා ගැනීමට ස්ථාන හතරක් මා පිළියෙල කොට තිබුනි.

පොලොව අතුගා අනවශ්‍ය ගස් හා අතු ඉවත් කොට පසු දින සඳහා සියල්ල නිමකොට තිබුනි.  Club House එකට පෙර පැවත; රිලවුන් විසින් විසංධි කොට තිබුනු ජල සැපයුම යාවත් කාලීන කලෙමි. පසුගිය කාල පරිච්ඡේදය පුරාවට දොඩංගස්තැන්නේ; අරඹෙ ඔය අසබඩ Campsite එක සමග හරඹ කල නිසාම මෙම බිම පැවතුනේ හදිසි අවශ්‍ය තාවයක් සඳහා උපයෝගී කර ගැනීමට නොහැකි ආකාරයට ජරා ජීර්ණවී ය!

පිරිස පැමිණ කෙටි වේලාවකින් ඇමතුමක් ලදිමි. තවත් පැය කාලකින් කමියා වංගුවෙන් මතුවිය! මහ පාරේම මම ඌව සෙනෙහසින් වැලඳ ගත්තෙමි. 

"යකෝ උඹත් ආපු එක කොයි තරම් දෙයක්ද!?

උදෑසන කෑමෙන් පසු මමත් සිරිබිරිසුත් ප්‍රාජේත් සිරිල් අයියා සොයා කිතුල්ගල බලා පියාසර කලෙමු.


මීට කලෙකට පෙර ඉතා කුඩාවට ව්‍යාපාරය කල සිරිල් අයියාගේ නිවස ඉදිරි පිට මේ වන විට කුඩා කැන්ටිමක්ද, නිවසට හැරෙන ස්ථානයේ කුඩා බෝර්ඩ් ලෑල්ලක්ද සවිකොට තිබුනි.

"කිතුල් ආශ්‍රිත නිශ්පාදන, කලුකොහුතැණ්න, කිතුල්ගල" එහි දැක්විනි.

"සිරිල් අයියේ . . . . . මට කියන්නට අවස්ථාවක් ඉතිරි නොවුනි.

"මහත්තයලට මම ජාති හතරකින් දෙන්නම්! පොඩ්ඩක් බීලා බලලා ඕන එක කියන්න! මම ඒකෙන් දෙන්නම්!"

වැඩේ ෆුල් ආතල්ය.

"කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේත් මෙහෙම කරණවා නම් කොච්චර හොඳද?!?"මම මගෙන්ම අසා ගත්තෙමි.


අප එන විට ඩ්‍රැකී කොත්මලේ විමලෙගේ නිශ්පාදන සමග හක්බෙල්ලාවකය.


වැඩේ පටන් ගත්තේ පෙරාගෙන ජැම් බෝතල් වලට දමා ගෙන පොර්ක් කරිය එලාගෙන මඥ්ඥොක්කා පෙරළගෙන සම්බෝල බෙදාගෙනය  නොව බදාගෙනය!

"මේ පෝර්ක් එක පොඩ්ඩක් රත් කර ගත්තානං කෝමද" යමෙකු ගැඹුරු හඬින් ඇසුවේය.


"හරි පොඩ්ඩක් ඉන්න!" (මගුලක් කියනවා!)


දුම් දමන පොර්ක් එකත් සමග වැඩේ පටන් ගත්තේය.


"උඹේ ගමනට ජයවේවා!"

"ඒ උඹ බොන්නැද්ද!?"

"යකෝ ශාක සාර!"

"මේවා වස විස නෙවෙයි!"

"ඇඟටත් හොඳයි!"


"හ්ම්ම් . . . . ! හ්ම්ම් . . . . !!"


කතන්දර කෝටියකි! ඌට නොබී ඉන්නවාට වඩා ගඟට පනින එක දාහෙන් සම්පතකි!


දෙවෙනි වටය ඇරඹීමත් සමග මම කොංගෝව ඔසවා නෙවිල් අයියාට දුන්නෙමි.


"අයියේ අර; 

රා ටික නං විස්කි වගේ - හරිම ප්‍රණීතයි 

- ගැහුවම හරිම විකාරයි

 සිංදුව ඔයාට මතකද?" 


"නෑනේ! . . . . . හරි මෙකෙන් පටන් ගනිමු!!"


"මගෙ සුදු මාමේ

මගෙ සුදු මාමේ

නෑ බෑ නොකියා

නෑ බෑ නොකියා

රා පොඩියක් දී මා සනසන්නේ

රා පොඩියක් දී මා සනසන්නේ . . . "

එතැනින් පටන් ගත් ගීත සාහිත්‍යය කැළණි ගං ඉවුරෙන් ගලා යන්නට විය. තව තවත් පෙරුනි. 


මිලටන් පෙරේරා එතැනට පැමිණි මුත් ෂෙල්ටන් පෙරේරාටවත් මර්වින් පෙරේරාටවත් කිසිවෙක් එන්න කියා නොතිබුනි.

ලතා නොපැමිණි මුත් සුජාතා දෙවරක් නැග්ගේය.

වික්ටර් එඩ්වර්ඩ් පැමිණියේ එක වරම වාගේය.

නමියාට නව පරපුරේ රවී කරුණානායක කැණ්දන මෙන් දෙතුන් වතාවක් යමෙකු ඇරයුම් කලද නමියා ඊට දැක්වූයේ; උදෑසන ගෙන ආ සම්බෝලයට දමන්නට මිරිකූ දෙහි බෑය සේ ඇඹරිලාය.

හරූන් කුමාර් ලන්ත්‍රා සුපුරුදු ලෙස වේදිකාවට ගොඩ වූයේ සීරුවෙන් දැහැමින් සෙමින්ය.


"මගෙ නාමලී බැඳි ආ...දරේ - මනමාළියයි මැණිකේ.....ඔයා

ඔරුවේ.... නැගී..... එහි පා......වෙවී........ - අමනා.....පයෙන් පිටවි.......ගියා.......

බැඳි ආ....දරේ...... සුකුමාළියේ....... - පෙම් පණිවිඩේ.......පා..... වේ....ගඟේ........."

"කොහොමත් ඔයාලා කිව්වා ලන්ත්‍රාට වඩා හොඳට . . ! මොකද ලන්ත්‍රා කිව්වා නං ඕක ඇහෙන්නේ නෑනේ . . .!" ප්‍රාජේ; වැටක් නොගසා කමෙන්ට් එකක්ම දැම්මේය.

බෙර කරුවන් දෙදෙනා වයති! ගායකයෝ දෙදෙනෙකු පමණ ගයති!! සෙස්සෝ සූකර මාංශය සමග මඥ්ඥොක්කා අතුරු දහන් කරවති!!! 
"මේ කිරි කවඩි . . . " රවි අයියා මඥ්ඥොක්කය බෞතීස්ම කලේය.
මේ සියල්ල අතරේ අසංග නාවික තෙමේ මඥ්ඥොක්කා නැව් ගත කරමින්ය.

ඩ්‍රැකී ඊශ්‍රාලයේ සිට පලස්තීනයට වෝටර් මෙලන් ප්‍රහාරයකය!

*** මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්ය.

සිරිබිරිස්; නිහඬව සිනහ මුසු මුහුණින් යුතුව සියල්ල නරඹමින්ය!

කමියා සිටියේ මා අසලින්මය.
"කෝ මෙහාට වර් රෙං මගෙත් එක්ක සෙල්ෆියක් ගන්න!  යකෝ උඹට මම හරි කැමතියි බං!" පටල පටලා කීවෙමි. කමියාට හිනාය! මට මලය! "මොකෝ බං හිනා වෙන්නේ?"

"මේ මෙතනට අපි එන්න තව හේතුවක් තියෙනවානේ" අසංග  බ්ලොග් හමුව පිළිබඳව මතක් කලේය.

"අනේ මේ කියලා වඳින්නම් උඹලා තුන් දෙනා ආයේ ලියා පල්ලා!" මම හොටු පෙරා ගෙන පිං සෙන්ඩු වුනෙමි. සෙස්සෝ අත් වැල් ගායනයෙන් සහය විය.

"ඔව් අපි මේක කරමු! එන අප්‍රේල් වල වගේ . . .!" ඒ කමියා ය.


අවසානයේ සියල්ල විසිර යන්නට මත්තෙන් සිසිල් දියෙන් සිරුරු සතපවා ගත්හ.
සමහරුන් සුදු වෙන්නට සබන් උලනු දක්නට ලැබුනේය.

සියළු එක් වීම්; වෙන් වීමෙන් වෙන්වේ!
එහෙත් ප්‍රියයන් හා එක් වීම මිහිරි මතක හදවතේ ඉතිරි කරයි.
උඹලා ගේ පැමිණීම එවන් එකකි.

පොද වැස්සේ සීතලේ තෙමුණු අප උනුසුම් වූයේ වෙන් වීමේදී කල වැළඳ ගැනීම් වලිනි.
ස්තුතියි උඹලාට. (උඹලා කිව්වේ ආ..ද..රේ...ට....!)

*********************************************************************************************
දිනක් ගෙවී යද්දී කමියාගෙන් මට වට්සැප් පණිවිඩයක් ලැබුනි.
ඒ  මා ලඟ තියෙන පිංතූර දමන ලෙසය.
මම; ඌත් එක්ක ගත් පිංතූරය සමග තවත් මොන මොනවාදෝ යැව්වේය.
මම ඊට පිළිතුරක් යැව්වේමි!
"ස්තූතියි පැමිණියාට! ඩෝප් මරගාතේ කිව්වට දැං කියන්නෙත් ඒකම තමයි; මම උඹට කැමතියි!"
කමියා එය පිළිගෙන හෘද්යාංගම පිළිතුරක් ලියා එවා තිබුනි.

"හහ් හහ් හා . . හිනා ගියේ මගේ හිතේ තියෙන එකම කියුවට යකෝ."

තවත් ටික වේලාවකින් මට කමියාගෙන්  ලින්කුවක් ලැබුනි. 

අම්මට සිරි මෙන්න මූ ලියලා . . . . . ! සත්තකින්ම හතර පාරකට වඩා ඒක කියවන්න ඇති. උඹට ස්තූතියි මචං!

ගෙවී ගියේ තවත් දිනකි . .  . !

තවත් ලිවීමක් අවකාශයේ . . . . . . ඒ පිළිබඳව දැක්කේ මුහුණු පොතෙන්.
මුහුණු පොතේම මම ඊට කමෙන්ටුවක් කෙටුවෙමි.

"අම්මට සිරි උඹ වචනෙ තියලා! එළ කොල්ලෙක්නෙ!? උම්මා උම්මා උම්මා!!! ආදරෙයි . . . !"
ඊට පිළිතුරක් ඔහු ලියා තිබුනි . . . !

"උඹේ මහන්සියට මල් මිටක්. ආදරෙයි!"

ඔව් බං ඒක ඇස් කෙවෙණි තෙත් කරවන පපුව බර කරන පිළිතුරක්! ඒ මල් මිට; මට රටක් රාජ්‍යයක් මචං!

කමියාට මේ පිංතූරේ යවපුවාට පසු ඔහු මතක් කොට තිබුනා වසරේ දැවැන්තම අමතක වීම!

**** එක්ක මෙහෙම ෆොටෝ එකක් ගන්න බැරි උනා!

ඔව් කමියා අපට අපේ ජීවිත කාල්යේදී කිසිදාක එවන් පින්තූරය ගන්නට නොහැකිවේවි!

ඒත් අපේ හදවත් තුල ඒ පිංතූරය සදාකල් රැඳේවි.

කියන්නට ඇත්තේ එකම දෙයකි.

"බලමු!"

මෙම හමුවේ පිංතූර අවකාශයේ හැම අත . . !
ඒනිසාම පින්තූර  මෙයට නොඅමුනමි.
ඒ පිංතූර තවත් සිත පාරයි!
කැළණි ගං මිටියාවතේ ජන වහර තුල අරුත්බර කියමනක් ඇත! 
"එක් ගඟක් දකින්නට ලැබෙන්නේ එක් වරකි!" 
මන්ද නිමේශයකින් ගඟ අලුත්වේ!

41 comments:

  1. "එක් ගඟක් දකින්නට ලැබෙන්නේ එක් වරකි!"
    අපි අපේ මිතුදම් නම් Dam එකට පුලුවන් වේවි ඒ ගඟ නොගලවා තියා ගන්න....

    ReplyDelete
    Replies
    1. ගං දිය වෙනස් උනත් ඉවුරු මිටියාවත් එහි ගහ කොළ ඉවුරු ගිරි කුළු වෙනස් නොවී තියේවි. මෙහිදී ගං දිය යනු අවස්ථාවන්ය. පවතින ස්ථාවර දේවල් අපගේ මතකයන් ය!අපගේ මිතුරු කම් කාලය ගෙවී ගියද පවතීවි.

      Delete
  2. තිලකසිත ලියපු තුන් වරක් තිස්ස පෝස්ට් එක මතක් උනා.. මේක ඒ වගේ තුන් වරක් සිරිල්. සිරිල් විජේසකරව මූණුපොතෙ හොයල ඇඩ් කරගන්න බැලුවා..ම්හු.. හොයා ගන්න බැරි උනා.

    සිරිල් අයියයි විමලේ අයියයි අතර තරඟෙන් එදා විමලේ අයියාට අසාධාරණයක් උනා. සිරිල් අයියා බඩේ පැහෙද්දි විමලේ අයියාට උනේ පැහිලා බඩට යන්න.. මම හිතන්නේ නි.ප.කෝ මේක ගැන විරුද්ධත්වය නිසි මඟින් ප්‍රකාශ කරයි ඉදිරියෙදි.

    අපි ඊළඟ දවසේ අරඹේ ඔය යන්නෝනි. අර ඩෑලොග් කොල්ලට රවුටරේ ගේන්න කියල පසන් ණයා කියුවා වගේ අපි Geniyak අරගෙන යමු. :))

    ජයෙවේවා! සියලු සත්කාර සමාදරයන්ට නොවක් තුති..! Tee Pee the Camp දිනේවා..!

    ReplyDelete
    Replies
    1. සිරිල් විජේ සේකර ඉන්නේ ..... ලෙස. සාමාන්‍යයෙන් සිරිල් ලියන විට .... අක්ෂරය භාවිතා කලත් ඔහු ලියන්නේ .... අකුර මුලට දාලා. අපේ ඉවාන්ගේ මිතුරු කුලකයේ ඉන්නවා.
      මට ලොකු විශ්වාසයක් තිබ්බා සිරිල් අයියා ගැන. ඒ පලපුරුද්දෙන්! මෙතෙක් කලක් කිසි දිනෙක ඔහු අපට නරක දෙයක් දීලා නෑ. ඊට හේතු කිහිපයක්ම තියෙනවා. මම හොඳ පාරිභෝගිකයෙකු වීම, ඔහු හොඳ සේවා දායෙකයෙකු වීම ඇරුණාම ඔහුගේ වසමේ; විධායකය මාගේ හිතවත් විශ්වාසවන්ත මිතුරෙක්. ඔහු සිරිල් අයියාට මාව හඳුන්වා දීලා තියෙන්නෙත් ඒ විදියට. ඔය හේතු ගනනාවක්ම නිසා ඔහු අපට නරක දෙයක් දෙන්නේ නෑ!අ විමලෙ අයියා ඉන්නේ වෙනම දේශගුණික කලාපයක. අපිඅට එහි අත්දැකීම් නැහැ. සමහර විට එහේ ඒවා ඒ වගේ ඇති! අනෙක එය බහාලුම තුල වයසට ගියා පුණරුප්පත්තියක් නොලබාම - ගන්ධබ්බ අවදියේ!
      උඹ එනවා නං ආයේ ඩෑලොග්ගෙක් ඕනනෑ මචං.
      හෙට යමු! මොකද කියන්නේ හෙට ඔව් හෙට යමුද?
      අර නිහාල් නෙල්සන් "ගුනෙ අයියගෙ" කාමරේ ගැන කියනවා වගේ "වැඩ රාත්තලෙන්" තමයි උඹලා වගේ එවුංට!

      Delete
    2. අංක පිළිවෙලට හිස් තැන් පුරවගෙන කියවන්න. 1. Siril Wijesekara 2. C 3. S

      Delete
  3. රංග තේනුවරFebruary 6, 2023 at 12:33 PM

    හක්බෙල්ලාවක කියන්නේ මොකක්ද කියලා මට පැහැදිලි කරලා දෙන්න තට්ටයා මහත්තයා.

    ReplyDelete
    Replies
    1. මේක බැලුවාම ඔබ හක්බෙල්ලාවකට ගියාම වගේ තමයි. හක්බෙල්ලාවක කියන්නේ අවිස්සාවේල්ල - නුවර එළිය ...7 මාර්ගයේ ( හැටන් කොළඹ පාරේ) කිලෝමීටර 25ත් 27 ත් අතර පිහිටි කුඩා ගමක්.
      මෙහි තේ රබර් වගාව තියෙන අතරසාමාන්‍ය ගැමි ජනතාවක් ජීවත් වෙනවා. මේ තුන් කෝරළය. කැzඅගල්ල දිස්ත්‍රික්කය. යටියන්තොට ප්‍රාදේශීය සභාව තුල පිහිටි අංක 135 ග්‍රාම නිළධාරි කොට්ඨාශයට අයත් ගම.

      Delete
    2. රංග තේනුවරFebruary 6, 2023 at 2:36 PM

      එතකොට තට්ටයා මහත්මයා, ජලයේ ගමන් කල හැකි බෝට්ටුවක් වැනි උපකරණනයක් තිබෙනවද ඒ වගේම නමකින්?

      Delete
    3. මා දන්නා තරමින් නැහැ!

      Delete
  4. Some blogs getting born again. Thank you, prophet Thatts.

    ReplyDelete
  5. සුන්දර ගමන්... අතිසුන්දර වන්නේ සුන්දර මිනිසුන්ගෙනි කියල මං කියෝපු පුෂ්කොල පොතක තිව්න හිටං 😂

    ReplyDelete
    Replies
    1. Pushකොල පොතක්නං ප්රසා දන්නව ඇති. 🔦🐍

      Delete
    2. ස්තූතියි ප්‍රාජේ! මේක සාමූහික ප්‍රයත්නයක් ඔයත් ඇතුලුව!

      Delete
    3. ස්තූතියි නමියා! ඔබත් සුන්දර තරුණයෙක්!

      Delete
  6. එක ගඟක් දකින්නට ලැබෙන්නේ එක වරයි.

    ඇත්ත. මිනිහෙක් තුළ අපි දකින ප්‍රතිරූපයකුත් දකින්න ලැබෙන්නේ එක වරයි. නිමේෂයෙන් නිමේෂය ඒ ප්‍රතිරූපය වෙනස් වේ...

    you know what I mean...

    උඹලා තමයි අපි උපයාගත් සම්පත!

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී අපි තුල; ඔවුන් ගැන තියෙන ප්‍රථිරූප අප ඉදිරියේම කඩා වැටෙන විට තරමක් වේදනාත්මකයි!

      Delete
  7. ප්‍රාජේ කිව්ව කතාව හරි. මේ බ්ලොග් එක නැවත ඉපදිලා. අල වගේද ගෝවා? මෙහෙම ලියන කොට කමෙන්ට් එකක් නොදැම්මොත්, ඒක කිරිමිනෙල් කේස් එකක් ;)

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගෙ පෝස්ට් එක කියෙව්වද?

      Delete
    2. 🦉,
      බෝත් ලියහංකො මොකක් හරි.

      Delete
    3. ස්තූතියි බස්සා! ලියමු ලියමු!!

      Delete
    4. ඔව් ඉවාන් ලස්සනට ලියලා. ඩ්‍රැකියො, එහෙම ලස්සනට ලියන්න බැරි නිසයි නොලිය ඉන්නෙ.

      Delete
    5. මොන මගුලක් ද, බස්සො? එතකොට කලිං ලිව්වෙ කැතට ද? අඩුගානෙ කැතට හරි ලියහං. අපට ඇවිත් කමෙන්ට් කරන්ඩ...

      Delete
  8. කට්ටිය සෙට්වෙලා......(ලංකාබෙල් ඇඩ් එකේ "ස්ටෙලා" මතක් උනා) දවසක් කොළඹ ඉඳලා ගම්පොලට එන අතරතුර හක්බෙල්ලාවක හරහා ආවා. හක්බෙල්ලාවක උපතැපැල් කන්තෝරුවට අල්ලපු ස්ථානය (පෝස්ටුවක කියලා තිබූ විදියට) හඳුනාගන්න පුළුවන් වුනා. ඒත් TEEPEE බෝඩ් එක නම් දැක්කේ නැහැ. (අවුරුද්දකට විතර ඉස්සර) පුළුවන් නම් "යාංහෑල්ල" සුරංග සහෝදරයාවත් නැවතත් කරලියට ගේන්න......

    ReplyDelete
    Replies
    1. -වීරසිරි බන්ඩාර-

      Delete
    2. ලඟදි අපේ බ්ලොග් හමුව පැවතුනහොත් සුරංගලා හමුවේවි!
      එන්නකෝඅ සෙට් වෙන්න මෙරටට!

      Delete
    3. හක්බෙල්ලාවක උප තැපැල් කාර්‍යාලයට එහායින් (කොළඹ සිට යන කොට ) තියෙන අඩි 20 කන්ටේනරය!

      Delete
    4. කන්ටේනර් පෙට්ටිය හොඳට මතකයි.........
      අපි ඉතින් බ්ලොග් කියවන්නෝ පමනක් නොවැ....... බලමු වෙලාවක හමුවන්නට.......
      -වීරසිරි බන්ඩාර-

      Delete
  9. හැක්... වැඩේ නැගලම යනව වගෙයි.

    මේ පෝස්ට් එකට னයි ගාවගත්ත එකටනං ඔය අල කොමා කැමති වෙන එකක් නෑ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මල්ලී! අල කොමා තමයි මුලින්ම ඔයාව යෝජනා කලේ!

      Delete
    2. ඔය දෙමළ න යන්නාව ගෙන්වනවා නම් ඉන්ටනෙට් සහිත ඩිවයිස් එකක් ඕනෑ. දන්නෝ දනිති 😁😁😁

      Delete
    3. ඔව් ඔව් රන්දිල්! ප්‍රසන්නයාව කතා කරණ්න නම් යතුරු පුවරුවක් ඕනෙ වෙනවා! හිනාවෙනවා විතරයි නෝ කථා!

      Delete
  10. හොඳ එකෙන් එල. රා දැක්කම කටට කෙළත් ඉනුවා. මේ පැත්තේ ටින් කරලා එවපු කතාවක් ඇහුව තවම දැක්කේ නැහැ. අපටත් අපේ පැත්තෙත් බ්ලොග් හමුවක් තියා ගන්න පුළුවන් වෙයි නේද? කුළුගෙඩිය මොනපක්ෂේද

    ReplyDelete
    Replies
    1. කුළු ගෙඩිය - පෙරටුගාමී පක්ෂය

      එන්නකෝ මෙරටට! දෙන්නම් සිරිල් අයියගෙන් නාන්න!

      Delete
  11. රංග තේනුවරFebruary 12, 2023 at 8:09 AM

    ඊයේ (11) සෙනසුරාද දහවල් 1:00 ට පමණ මා තට්ටයා මහතාව දුටුවා. ඔබ කහ පැහැති ටොයෝටා කැබ් රථයක් පදවාගෙන කඩවත නව බස් නැවතුම් පල වටරවුමින් නුවරපාර දෙසට යනවා. නිල් පැහැති කමිසයක් ඔබ ඇදගෙන සිටියේ මා දුටු ආකාරයට.

    මා මාගේ වාහනයේ නලාව නාද කරමින් ඔබට සංඥා කළා හමුවී කතා බහ කිරීමේ අරමුණින්. ඔබ එය දුටුවේ නැහැ මම සිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මම යන්නට ඇති! මම දුටුවේ නෑ ඔබව!! සමාවෙන්න!!!

      Delete
  12. හිතවත් ඩ්‍රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි වෙත.

    ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වූයේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.

    එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.

    කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.

    ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.

    මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කණගාටුයි! මේ පිළිබඳව අපගේ කණ්ඩායම වෙනුවෙන් "කල්‍යාණමිත්‍ර" මේ පිළිබඳව තොරතුරු දක්වනු ඇත!

      Delete
  13. Supiri Liyamanak.Jayawewaa,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බොහොමත්ම!!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...