මා මේ කථාව පළමුවෙන්ම
ඇසූවේ ඉන්දියාවේදීය. මෙය කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බව ඕනෑම ස්ව්භාව විද්‍යාඥ්ඥයෙකු
කියනු ඇත. නමුත් ඉන්දියාවේ මෙය කියැවෙන්නේ
සත්‍ය සිද්ධියක් වශයෙනි. මෙම කථාව පළමු ලෝක යුද්ධයට කෙටි කලකට පෙර සඟරාවක පළවූ බව මට
දැනගන්නට ලැබුනි.එහෙත් එහි කතුවරයා හෝ එම විස්තරය සොයා ගැනීමට නුපුළුවන් විය.
මෙය ඉන්දියාවේ සිදුවූවකි.වරෙක එහි සිටි යටත් ප්‍රදේශ
භාරව කටයුතු කල එක් නිළධරයෙකු හා ඔහුගේ බිරිඳ ; තම හිත්මිත්‍රාදීන් උදෙසා විශල රාත්‍රී
භෝජන සංග්‍රහයක් පැවැත්වීය. කිරි ගරුඬ ඇල්ලූ ගෙබිමකින් හා ආවරණය නොකල පරල සහිත වහලයකින්
සමන්විතවූ ; සාදය පැවැත්වූ විශාල කාමරයේ එක් පසෙකින් පුළුල් වීදුරු දෙකක් විය. එයින්
කාමරය හා අළින්දය සම්බන්ධවූ අතර එය විවෘථව තිබිනි.මෙම කාමරය තුල තැබුනු මේසය වටා සාදය පැවැත්වූ යුවල සමග රජයේ නිළධරයන්
, හමුදා නිළධරයන් හා ඔවුන්ගේ බිරින්ඳන්ට අමතරව අමෙරිකානු ජීව විද්‍යාඥ්ඥයෙකුද අසුන්
ගෙන සිටියේය.
කුඩා මීයෙකු වැනි සතකු දුටු පමණින් පුටුවක් උඩට නගින
“ගැහැනු ගතියෙන්” කාන්තාව මිදී ඇති බව කියා
සිටින තරුණියක හා එය එසේ නොවන බව අවධාරණය කරණ කර්නල් වර්යෙකු අතර උනුසුම් කතා බහක්
ඒ වනවිට ඇතිවී තිබිනි.
“ගැහැනියක ඕනෑම අර්භූධකාරී අවස්ථාවකදී දක්වන නොවරදින ප්‍රථික්‍රියාව යටි ගිරියෙන් කෑ ගසන එකයි.
එහෙත් එම අවස්ථාවටම පිරිමියෙකු මුහුණ දුනහොත් හැඟීම් පාලනය අතින් පිරිමියා අවුන්සයකින්
හෝ ඉදිරියෙන් සිටිනා බැවින් අවසානයේ වඩා වැදගත්
වන්නේ එම අමතර හැකියාවයි !” කර්නල් වරයා අදහස් දැක්වූයේ එලෙසය.
මෙම විවාද්‍යට
සහභාගී නොවූ අමෙරිකානුවා තමා සමග අසුන්ගෙන සිටි අමුත්තන්ගේ මුහුණු පිරික්සමින් සිටියේය.
අමුත්තන් අතර සිට සාදයේ ආරාධිකාවගේ එනම් අරාධනා මහතාගේ බිරිඳගේ මුහුනේ ස්වභාවය එක්වරම
අස්වාභාවික ලෙස වෙනස් වනු ඔහු දුටුවේ මේ අතරය.
ඉද්ද ගැසුවාක් මෙන්
සaජුවී දෑස් දල්වා ඉදිරිය බලා සිටින ඇයගේ මුහුනේ මාංශපේශීන් නලියනු ඔහුට දිස්විය.
ඉන් ඉක්බිති ඇය තම අසුනට පිටුපසින් හුන් ස්වදේශීය
කොළුවාට සංඥාවකින් තමා අසලට කැඳවා ඔහුගේ කනට යමක් කෙඳුරුවාය. ඒ සමගම කොළුවාගේ දෑස් විමතියෙන් පළල් විය. ඔහු නිමේශයකින් එතැනින් නික්මිනි.
ඊළඟ මොහොතේදී කොළුවා කිරි පිරුණු බඳුනක් විවරව තිබූ දොරට ඔබ්බෙන් ආළින්දයේ තබනු දුටුවේ අමුත්තන් අතරින් අමෙරිකනුවා පමනකි.
සැනෙකින් ඔහුට යමක් අවබෝධ විය.ඉන්දියාවේ මෙසේ තැබෙන කිරි බඳුනක් යනු
එකම එක් දෙයක් පමණි. එනම් සර්පයෙකුට ආහරයකි! ඔහුට යමක් පසක් විය. නියත වශයෙන්ම නාගයෙකු මෙම කාමරය තුල විය යුතුය. සර්පයෙකුට සිටීමට
පහසුම තැන වූ වහළ දෙස බැලූ ඔහුට දිස් වූයේ කිසිවක් නොමැති පරාල සමූහයයි.කාමරය සිසාරා
බැලූ ඔහුට එහි මුළු තුනක්ම හිස් බවත් ඉතිරි කෙළවරෙහි ඊළඟ ආහාරය පිළිගන්වන්නට සූදානම්ව
සිටි සේවක පිරිසක් හැරෙන්නට වෙනයම් විශේෂ යමක් නොපෙනුනි.
එසේනම් සර්පයා නියත වශයෙන්ම සිටිය යුත්තේ තමා ඉදිරියේ
ඇති මෙම මේසය යටය! ජීව විද්‍යාඥ්ඥයෙකුවූ අමෙරිකානුවාට මුළින්ම සිතුනේ තමා සිටි තැනින්
පසු පසට පැන අනෙක් අයටද අනතුරු හඟවන්නටය.එහෙත් ඒ සමගම ඇතිවන විශාල කැළඹීමෙන් තිගැස්සෙන
සර්පයා දෂ්ඨ කිරීමට පෙළඹිය හැකි බවද ඔහුගේ
සිහියට නැගුනි.
ඔහු ඉක්මනින් කථාකිරීම ඇරඹීය. තම හඬින් සියළුදෙනා සන්සුන්
කොට තබා ගැනීමට හේ සමත් විය.
“මට දැනගන්න ඕනෑ මේ මේසය වටා සිටින සෑම අයෙකුටම කෙතරම්
දුරකට තමාව පාලනය කරගත හැකිද කියා.මම දැන් ගනන් කරණ්නට පටන්ගන්නවා තුන්සීයට ; ඒ කියන්නේ
විනාඩි පහක්. ඒ වනතුරු මෙතන ඉන්න හැම කෙනෙක්ම තම තමන්ගේ එකම පේශියක්වත් නොසොල්වා එකම
ඉරියව්වකින් සිටින්නට ඕන ! කවුරුන් හෝ යාන්තමින්වත් තම ඉරියව්ව වෙනස් කලහොත්
ඔහු හෝ ඇය රුපියල් 50 ක දඩයකට අනිවාර්‍යයෙන්ම යටත් වෙනවා ! එහෙනම් ඔන්න හරි …..!”
ගනනින් 20 ක් වූ එහි සිටි පිරිස ඔහු ගණින අතරේ සෙල්මුවා
පිළිම සේ නොසෙල්වී සිටියහ. ඔහු දිගටම ගණන් කරමින් විය.
“දෙසිය හැත්තෑ අටායි ….
දෙසිය හැත්තෑ නවයායි …..
දෙසිය අසූවායි …….”
එවිටම නාගයා මතුවී කිරි බඳුන වෙත ඇදී යනු නෙත් කොනින්
ඔහු දුටුවේය.
ක්ෂණයකින් කෑ ගසමින් හුන් තැනින් ඉවතට පැනගත් ඔහු ආරක්ෂා
සහිත ලෙස ආළින්දයේ දොර වේගයෙන් වසා දැමීය.
පෙර තරුණිය හා විවාදයට එළැඹී සිටි කර්නල්වරයා දෙසට හැරුණු ආරාධක
මහතා ;
“කර්නල් තුමනි ; ඔබ හරියටම හරි ! සර්ව සම්පූර්ණ පාලනයක
මහිම ද්aන් අපට පිරිමියෙකු පෙන්වා හමාරයි ………..!” කීවේය.
“එකම එක විනාඩියක් ..!” අමෙරිකානුවා එසේ කියමින්ම නාගයා
පිළිබඳව ප්‍රථම හෝඩුවාව දැනගත් ආරාධක මහත්මිය දෙසට හැරුණි .
මුළු ශාලාවම දැඩි නිහඬතාවයකින් වෙලී ගියේය.
“වේන් මහත්මිය ; ඔබ කොහොමද දැනගත්තෙ මේ කාමරය තුල නාගයෙක්
ඉන්නවා කියලා ?”
මෙතෙක් අමෙරිකානුවා දෙස දෑස් දල්වාගෙන බලා සිටි පිරිස
ඉහලට ගත් හුස්මෙන් යුතුව ආරධිකාව දෙස බලාගත්වනම බලා සිටියෝය.
බියපත් සිනහවකින් ඇයගේ මුහුණ ප්‍රභාමත් විය.
“ඌ ඉස්සෙල්ලාම බඩගාගෙන ඇදුනේ මගේ
කකුල උඩින් නිසා …..!”
ඇය පිළිතුරු දුන්නීය .
මුතුහර
1998 සැප්තැම්බර් 57 – 58 පිටු - මෙය ඔබටමයි!!
නියම කතාව! ඇත්ත වෙන්න බැරිමත් නැහැ නේද? මට කතාව කියවද්දී හුරු ගතියක් දැනුණා බොහොම ඉස්සර කාලෙක රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක කියෙව්වා වගේ මතකයක් තිබ්බා. ටිකක් හොයලා බැලුවාම හම්බවුණා මුල් කතෘ ගේ නම. කතාව The Dinner Party by Mona Gardner. මෙන්න කතාවම තියෙනවා මෙතැන.
ReplyDeletehttps://my.hrw.com/support/hos/hostpdf/host_text_103.pdf
බොහොමත්ම ස්තූතියි!
Deleteමේ කතාවට මම කැමතිවුනේ විශේෂයෙන් අපේ වගේ රටවල ; පිරිමි ඇසකින් ; ස්ත්‍රීත්වය බොහෝවිට දකින අකාරය මෙම කථාවෙන් මොනවට චිත්‍රණය වන හෙයින්!
අපරටේ බොහෝ විට සිදුවන කාන්තා හිංසනයන් සිදුවන්නේ ඒ කාන්තාවට නොදැනෙන්න.
සමහර විට එය එසේ සිදුවූ බව දන්නේත් කාලයක් ගියාට පසුව. සමහර විට එය පටන් ගෙන තියෙන්නේ ඇය හිතන්නෙවත් නැති තැනකින්.
ඔබ ගමන් ගන්නා බසයෙන් බහින අවස්ථාවේ ඔබ වෙනුවෙන් බෙල් එක අදින එකා ඒ ආරම්ඹ කරණ්නේ ඔබ කිසිදා නොසිතන ගමනක මුල බව ඔබ කිසි දිනක සිතන්නේද?
ඒ ඔබ දුර්වල යැයි තිබෙන සම්මතය නිසාද? එම සම්මතය ඇත්තේ ඔබ තුලමද?
ප්‍රේමයම කාන්තාවට මොනතරම් හිංසාකාරී වී ඇත්ද?
කාන්තාවන් පත්වන බොහෝ අප්‍රසන්න ලිංගික බලපෑම් සිදුවන්නේ තමා ඉතාමත් විශ්වාස වන්තව කටයුතු කරණ අය වෙතින්.
සමහර විට ඔවුන් ලං වන්නේ ක්ඳුළු පිසලන්න. ඉතිරි කර යන්නේ කිසිදා නොසිඳෙන ක්ඳුළු සයුරක්!
බොහොමත්ම ස්තූතියි! ඔබ එහි මුල් පිටපත සොයා මෙහි පලකිරීමට!
++++++++++
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteබොහොමත්ම ස්තූතියි!
ReplyDeleteThank you for being concerned about an anonymous s request :) Enjoyed it very much
ReplyDeleteඑය මා යුතුකමක් සේ සලකමි!
Deleteනයෙක් කකුල උඩින් ගියොත් කෑ නොගසන ගෑනු නෙමෙයි පිරිමිත් අල්පයි.
ReplyDeleteඑකඟයි!
Deleteනියම කතාව...
ReplyDeleteබොහොත්ම ස්තූතියි!
Deleteමුතුහර සගරාවේ ඉස්සර ඔය වගේ කතා සෑහෙන්න ප්‍රමාණයක් පළවුණා. හැබැයි දැං නම් කාලෙකින් කියෙව්වෙ නෑ...
ReplyDeleteඅමිල උදේෂ්
බොහොත්ම ස්තූතියි! මම තව ලියපු එක කථාවක් තියෙනවා ඒකත් නුදුරේම පලකරණ්නම්! ඒක ටිකක් දිග එකක්! ඒකත් ටිකක් අනුවේදනීය එකක්!
Deleteනියමයි.. ඉන්දියාවේ නාගයින් මරණ්නේ නැහැනේ.. එයාලා දෙවියෙක් වගේ නාගයොන්ව අදහනවා.. මේක වියහැකි කතාවක් ඉන්දියාවට.. ලංකාවේ නම්, සමහරවිට අර පිරිමි කිව්වා වගේ යටි ගිරියෙන් කෑ ගහන්නත් පුලුවන්.
ReplyDeleteඅරූ අපි කාන්තාව ගැන හිතා ඉන්න හැටි.
Deleteඒ අය තමා තුල ඇති දෘඩ භාවය තම ලාලිත්යය තුල සඟවා ගෙන සිටින්නේ.
ඔවුන් තම සෘජු භාවය සමාජය මත මුදා නොහැරීමමයි ඔවුන්ගේ විනාශයට මුල!
බොහෝ පිරිමින් තම බැටළු හම් බේරගෙන වෘක ගති සඟවාගෙන ඉන්නේ මේ නිසාමමයි.
ඔබ බලන්න කිසියම් පුද්ගලයෙකු ස්ත්‍රී දූෂණ හෝ ළමා අපයෝජන ගැටළුවකට මැදිවූ විට ඔහුගේ අපවිත්‍ර අතීතය හිස ඔසවන හැටි! එතෙක් එවන් අසාධාරණයට ලක්වු අය කොහෙද හිටියේ?
ඔබ දන්නවාද පුද්ගල සබඳතා , විවිධ සංගම් , සමාජ සංවිධාන දඩ මීමා කරගෙන ; ස්ත්‍රීත්වය කෙතරම් කෙලෙසී යනවාදැයි කියා?
ඊට නතු වන කාන්තාවන් තමා තුල එතෙක් තමා තුල සැඟවී පැවති සෘජු භාවය දෘඨ භාවය ගැන තේරුම් යන්නේ සියල්ල සිදුවී හමාර වූ පසුවයි!
අපොයි. මේ ළමා මනසට මේ කතාව තේරෙන් නෑ අප්ෆා.. හෙන ලොකු කතාවක් කියලා.. ආයේ ආයේ කියෙව්වාත් කාටද පහර ගහන්නේ කියල තේරුන් නෑ.. සොරි තමා.
Deleteමං තව දෙයක් කියන්නම්.. ගැහැණු දෘඩයි කියලා පෙන්නුවත් ඇත්තටම එයාල මාර මෘදුයි. පොඩි දේකදිත් සැලෙනවා.. ඒත් පිරිමි එහෙම නෑ.. තවත් කතාවක් තියනවා.. ගැහැනු වැල් වගේ. පිරිමි මහ ගස් වගෙයි. මහ ගස් පොඩි හුලඟකට වැටෙන්නේ නැහැ. ඒත් වැල් පොඩි හුලඟකටත් එහ මෙලා වෙලා, බිම වැටෙන්නම පුලුවන් . ඒත් මහ කුනාටුවක් ආවොත් අනිවාර්යයෙන් ගස් මුලත් එක්ක ඉදිරිලා වැටෙනවා. ඒත් වැල්, එහා මෙහා වෙවී තියනවා, මුලෙන් ගැලවෙන් නෑ...
තවත් දෙයක් ලියන්නම්. කවදාවත් පිරිමි ගැහැණුන්ගේ අදහස කොපමණ හරි වුනත් ඒක පිලිගන් නෑ.. ඒත් පස්සේ හිතෙනවා. ඒක ඇත්ත කියලා. පිරිමි හැමවෙලේම බලන්නේ තමන්ගේ අධිකාරිය පිහිටන්න.ගැහැණු ඊට උඩින් යනකොට කැමති නෑ.. කොහොමහරි අයින් කරලා දාන්න හදන්නේ... ඔය කිසිම දෙයක් නෑ අපී කටවහන් ඉන්නකොට, පාඩුවේ හිටියම හරි..
කිසිවෙකුටත් පහර ගැසීමක් මා මින් අපේක්ෂා නොකරමි. මට පෙනෙන දේ තමයි ලිව්වේ.මා දන්නෑ ඔබ් කවුරුන්ද යන වග. එහෙත් මෙය සකල කාන්තාවන්ටම පොදු දෙයක් හැටියට දකින්නෙ!
Deleteඅප්ෆා එහෙම දෙයක් නෑ.
Delete//බොහෝ පිරිමින් තම බැටළු හම් බේරගෙන වෘක ගති සඟවාගෙන ඉන්නේ මේ නිසාමමයි.
ඔබ බලන්න කිසියම් පුද්ගලයෙකු ස්ත්‍රී දූෂණ හෝ ළමා අපයෝජන ගැටළුවකට මැදිවූ විට ඔහුගේ අපවිත්‍ර අතීතය හිස ඔසවන හැටි! එතෙක් එවන් අසාධාරණයට ලක්වු අය කොහෙද හිටියේ?//
මෙන්න මෙ කොටස කාට හරි ලියලා වගේ දැනුනා.. ඒත් මං වගේ හිතේ තිවුන දේ කියුවා නම් ඉතින් කමක් නෑ...
++++++++
ReplyDelete!!!!!!!!
Deleteඅරුන් දෙන්නගේ මාතෘකාවට අබ අහුරක්! නියමයි..
ReplyDeleteඑකෙන්ම! ස්තූතියි!
Deleteෂා මෙන්න තවත් පරිවර්ථනයක්.. නියමයි!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! හැබැයි කොමෙන්ටුව නම් හොඳටම මදි. නිකං වෙන ගමනක් යන ගමන් ගොඩවැදිලා ගියා වගේ!? කමක් නැහැ "මුකුත්ම නැති මට අහල ගියත් මදෑ " කියලා කියමනක් තියෙනවානෙ!?
Deleteඅර විද්යාඥ්ඥය ජීව විද්යාඥ්ඥයෙක් වෙච්ච එකම හොඳයි. නැත්තං මිනිස්සු කලබල උනාට පස්සෙ සර්පයගෙ හැසිරීම කොහොම වෙයිද කියල හිතල බලන එකක් නෑ.
ReplyDeleteඑකෙන්ම!
DeleteShould take correct decision at correct time. no matter, being woman.
ReplyDelete