Thursday, April 18, 2019

133. පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනෙ!




මට නෙමෙයි,
මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන 
හදවත් වෙනුවෙන්.. 💝

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴
ඔව් , එකතු කරා.. 
ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න..
 ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. 
තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. 
ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි.. 
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ 
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් 
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐
නෑ .. බොහොම පොඩි ගානක්.. 
ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්..
 මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. 
දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. 
අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු.
 ඒ වෙනුවෙන් ඔබ  වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. 
ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට, 
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් වෝල් එකෙත් ශෙයාර් කරන්න ලොකු පිනක්) 🙏

මෙය කවුරුණ් විසින් ලියන ලද්දක්දැයි මා නොදනිමි. එහෙත් එහි ලියැවී ඇති දේ හොඳින් වටහා ගතිමි.  
මගේ බ්ලොගයට ගොඩ වදින ඔබ වෙතින් කෙරෙණ ආයාචනයක් ආරාධනාවක් ඉල්ලීමක්. 
මේ කටයුත්තට උර දෙමු !

11 comments:

  1. Replies
    1. කලාට කියනවා නොවෙයි. මමත් හැකි පමණින් cash transfer එකක් කල එකයි ඉස් ඉස් සෙල්ලාම මේ පෝස්ට් එක දැම්ම ගමන් කලේ! ස්තූතියි.

      Delete
    2. අපේ ඔෆිස් එකේ ස්ටාෆ් එකෙන් පොඩි කලෙක්ෂන් එකක් ඇරෙන්ජ් කරා.

      Delete
  2. දැනෙන සතුට නිමක් නෑ මචං!!

    ReplyDelete
  3. මේ සමබන්ධව බුකියෙ යන ඒවනං ඒ තරං හොඳ මට්ටමේ නෙමෙයි තියෙන්නෙ. දැනටම ලංකාවෙ මේ මැෂින් තුනක් ලංකාව ඇතුලෙ පැකිංවත් කඩන්නැතුව තියෙනව කියල කියන්නෙ.

    ReplyDelete
  4. I have heard from a friend that this money collection is a haux. Please be cautious.

    ReplyDelete
  5. මහත්වරුණේ මම ගෙදරට වඩම්මලා සංඝයා විෂයෙහි දාන මාන කරණ කෙනෙක් නොවෙයි. මොකද උන් වහන්සේලා දානයට වඩින මොහොතේ පටන් ගෙදරිණ් එළියට යන මොහොත වන තුරු කරණ කියන හැසිරෙණ විදිය දැක්කාම "අනේ!" කියලා හිතෙන නිසා. ඒත් පාරෙ පිණ්ඩපාතේ වඩින හාමුදුරු කෙනෙක් දුටු ගමන් මගේ බත් එක හරි කඩේකින් බනිස් ගෙඩියක් හරි අරණ් දෙනවා. මොකද ඒ හාමුදුරුවන්ගේ වංහුං අපි නොදන්නා නිසා සිත කිළිටි නොවී ඒ පින කර ගන්න පුළුවන් වන නිසා. ඔය පිං පව් නැතිනම් කුසල් අකුසල් පැත්ත. ඔය මහත්වරුන්ට අත්දැකීම් ඇත්දැයි කියන්න මම නොදනිමි. ඒත් ගං වතුරේ පන එපා කියලා බත් පාර්සල් අරණ් ලඟට ගිහින් දුන්නාම "මොනවද තියෙන්නේ? නිකං බත් නම් එපා! ෆ්‍රයිඩ් රයිස් නං දෙන්න කියනවා අපි අහලා තියෙනවා. බත් එක දිග ඇරලා මාළු කෑල්ල මස් කෑල්ල අරණ් බත් එක වතුරට වීසි කරණවා මම දැකලා තියෙනවා. ඔය දේවල් වලින් හිත කම්පා කර ගත්තොත් අපිට කිසිම සද් ක්‍රියාවක යෙදෙන්න වෙන්නේ නෑ. අපි කල යුත්තේ අපේ සිතට නිවැරදි යැයි හිතෙන දේ. අපි හැමෝම එහෙම හරියටම නොදන්නා දේවල් පිළි අරණ් ජීවිත කාලයම කටයුතු කරණවා. උදාහරණයක් ලෙසට; මගුල් ෆොටෝ එක
    එකේ අම්මත් එක්ක එකට ඉන්න මහත්තයාට "තාත්තා" කියලා විශ්වාස කරගෙන කටයුතු කිරීම ගෙන හැර දක්වන්න පුළුවන්. මෙවැනි ආරංචි අඬන්න ඉන්න එවුන්ට ඇඟිල්ලෙන් අනිනවා වගේ දේවල්. බොහෝ විට හිත "මස් කන්නද මාළු කන්නද?" කියලා දෙපැත්තට ඇද ඇද ඉන්න කොට ඔන්න ඔහේ නොදීම ඉන්නවා කියලා හිත හදා ගන්නට දෙන සපෝට් එක නම් වචනයෙන් කියන්න බෑ. කතරගම ගිහින් පූජා වට්ටියට 500ක් 1000ක් ගහලා හවස තිස්ස වැවෙන් නාලා වැව් මාළු බයිට් එකට බොන්න ගල් බෝතලේ රුපියල් 2000 ට ගන්න එවුන් පාර අයිනේ නවත්තලා කැකිරි ගෙඩිය වට්ටක්කා ගෙඩිය හෙට්ටු කරණවා වගෙ දේවල්! කොයි විදියට හරි වැඩේ කෙරෙණවා නම් ඒකයි එකම සතුට. මේ දැන් ආරංචියක් ආවා ධම්මික පෙරේරා මහතා මේ වැඩේට කර ගැහුවා කියලා අරංචියි! දන්නේ නෑ හරියටම ඇත්තක්දැයි කියා!

    ReplyDelete
  6. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ReplyDelete
    Replies
    1. දෙවියන් වහ්න්සේ ජීවමාණව පැමින කිසිවෙකු හට උදව්වක් උපකාරයක් කල බවක් මා කිසිදා සාක්ෂි ඇතිව අසා නෑ. උන් වහ්න්සේ අසරන අප කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව බලා අපිගේ අසරණත්වයට පිහිට වීමක් කරණුයේ තවත් මිනිසෙකු වෙතින් මයි. නො එසේ නම් වෙනත් ජීවමාන වස්තුවකින් හෝ මිනිසා විසින් නිපදවූ හෝ ස්වභාවයේ පවතින දෙයකින්. අන්න ඒ ජීවමාන සාධකය වීමට අප උත්සාහ ගනිමු.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...