නොමිලේ
උසස් පෙල රසායන විද්යාව , භෞතික විද්යාව , සංයුක්ත ගණිතය ගම්පහ උපකාරක පංති වලින් ලබාදුන් නිබන්ධන රාශියක් මා සතුව පවතී.
ගම්පහ පමනක් නොව මුළු කොළඹම් හතර දිග් බාගේ තමන්ගේ මූණු ලොකු ලොකුවට තාප්ප වැහෙන්න ගහන උන්දැලාගෙ නිබන්දන මේ සමග තිබේ.
අවැසි කෙනෙක් වෙතොත් කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම දෙනු ලැබේ.
විල් බැරැක්කයක් හෝ අත් කරත්තයක් සමග හමුවන්න ; ලියන්න!
මම, තට්ටයා!
හෑ ප්‍රෙස් එකක් වත් කැඩුවද?
ReplyDeleteඅනේ නෑ මලේ! අපේ කොල්ලගෙයි කෙල්ලගෙයි ඒවා!
ReplyDeleteමල්ලි කාට හරි ඕන උනොත් කියපං!
Deleteහප්පට සිරි... නරකද ටියුෂන් එකක් දැම්මොත් බොස්.
ReplyDeleteඅනේ මල්ලියේ බලපං ඔය පැත්තෙ කවුරුවත් ඉන්නවද කියලා මේ ටික දෙන්න!
Deleteතා අවුරුදු හය හතක් තියාගන්න පුළුවන්නන්.. එදාට මං ගන්නවා.. :)
ReplyDeleteමිත්‍රයා ඉතින් දැන් ඇවිත් ගෙනියන්නකෝ ඉවරයිනේ!
Deleteඕවා බලලා කරලා උඹේ ළමයි කැම්පස් ගියාද ?
ReplyDeleteගියේ නැත්නම් ඕවට ගිනි තියපන් තව එවුන් අමාරුවේ නොදා
එකෙක් නම් ගොඩගියා! අනෙක් එකා වෙනත් ක්ෂෙත්‍රයකට ගියා. අවශ්යනම් ඇවිත් ගෙනියන්න. බොහොමත්ම ස්තූතියි!
Deleteඑක එකාට ඉනෙගන්න කියන්න ගිහිං ගුටි කන්න බෑ බෑ වගේ බ්‍රෝ.............
ReplyDeleteතම තමන් ගේ නැණ නුවණින් නේ තම තමන් කථාකරණ්නේ! ඕව් ගනං ගන්න හොඳ නෑ!
Deleteආන්න යස වැඩේ!
ReplyDeleteනෑ මම කිව්වේ ලියන්නේ සඟරාවක් කියල කිව්වට අඩුපාඩුවට තිබ්බේ මේ වගේ ඇඩ් විතරයි. දැන් ඒකත් හරි!
දැන් විල්බැරෝවක් නැතුව බැකෝ, ෆෝක් ලිෆ්ට් වලින් එහෙම ආවොත් මේ මහතැන් එලෝගනිවිද ?
වැඩිය නෑ ඉතින් දහතුන් දෙනෙකුට විතරක් කියන්නම්. මොකද අපි තැන් තැන් වල කතාවට යනවා කියලය?
අහා! ඔය ඇවිත් ඉන්නේ? ඔබ තුමීගේ ලින්කුවක් එහෙම නැතිදෝ මන්දා? අර පෝරම කොලේ පුරෝලා එවුවා! ඒක හමස් පෙට්ටියේද?
Deleteආවා නේන්නම්....
Deleteඑහෙම එකක් එව්වද? එහෙනම් ඒවා මගේ 'ලේඛම්' විසින් යතාකලයේදී තතා අයුරින් උත්තර ලියා එවනු ඇත. හදිස්සි නම් උඩින් යන්න
මහා විශාල හදිසියක් නම් නොදැනේ! එහෙත් මා කිසිදා මොනතරම් හදිසියකට වත් උඩින් යන කෙනෙක් නම් නොවේ. එසේම උඩ තියෙන දේවල් වලට ඉව අල්ලනේද නැත! මා උනන්දු වන්නේ මා නෙතුමානයේ ; මා අත හොබවන මානයේ ඇති දේ ගැන පමණි. ඔබ පොලොවට පැමිණි දිනෙක ලියන්න!
Deleteඅදයි ආවෙ මේ පැත්තේ
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! ඔබගේ කොච්චි මිරිස් සැර අඩු වෙන්න මගෙන් පැණි බූන්දී! හහ්! හා!!
Deleteබොහොමත්ම ස්තූතියි! ඔබගේ කොච්චි මිරිස් සැර අඩු වෙන්න මගෙන් පැණි බූන්දී! හහ්! හා!!
Deleteචන්දෙ කාලෙ ඔහොම බෙදන්න බෑනෙ.
ReplyDeleteඑහෙම නැත්නම් "විසිස්ට ප්‍රතිපල සඳහා අපේ කාලේ දිසාපාමොක්ටේල් තට්ට සර්" කියලා පෝස්ටර් ගහලා බෙදන්න
ඔබ සිටිය යුත්තේ අත්තිඩියේ කලාපුරේය! මන්ද අරිසෙන් අහුබුදුගේ වියෝවෙන් පසු ඔහුගේ දුව දාන නම් මෙලෝ රහක් නැති බැවිනි! ඔබ තුල ඊට වඩා මහත්වූ කෞෂල්යයක් මා දකිමි! ස්තූතියි! මේ පාර චන්දෙ දෙන්න එකෙක් වත් නෑ ! ගෙදරට එන හැම එකාටම බැනලා එලවන ආතල් එක නම් සුපිරියටම ගන්නවා!
Deleteගිහිල්ලා ගත්තොත් මිසක් ඕවා කවදාවත් තැපෑලෙන් ලැබෙන එකක් නෑ නේද? මොකද ඔබතුමාට වැඩ වැඩි නිසා ඕවා තැපෑලට දාන්න අමතක වෙනවා ඇතිනේ නේද???
ReplyDeleteඉරෝමානි නෝනො! දැන් බලන්න මම මේතරම් සිරා වැඩක් කරණ්න ගියත් තාම එකෙක් කිව්වාද කියලා "අනේ අපට දියං! අපේ පැත්තෙ ඉන්නවා ඌක ලබන්න සුදුසු එකෙක් දෙන්නෙක් !" කියලා. හැමෝම මේක බලලා මාව කොමිටලේට ගත්තු එක තමයි කරලා තියෙන්නේ. ඇත්තටම තැපැල් කරණ කතාව නම් විහිළුවක් . මෙච්චර විතර තියෙනවා! ආ පේන්නෙ නෑනේද?
Deleteස්තූතියි!
ReplyDelete