Wednesday, June 29, 2022

239 කල් බැලීම!

 


මිත්‍ර වරුනි;

අද වන විට අප සියළු දෙනාම අපගේ ජීවිත කාලතුල පමණක් නොව අත්ත මුත්තා කාලයේදිවත් මුහුණ දීමට සිදු නොවූ තරම් භයානක කාල පරිච්ඡේදයකට මුහුණ පා සිටින්නෙමු. අද ප්‍රධාන ව්‍යවසනය වන්නේ ඉන්ධන හිග වීම හා මිළ අහස උසට නැගීමත්ය. මෙයට ප්‍රධාන හේතුව මෙරටට අවශ්‍ය විදෙශ නිශ්පාදන ගෙන ඒමට තරම් ඩොලර් නොමැති හෙයින් බවත් ඊට හේතුභූතවූ කරුණු මොනවාදැයි කියා මා නොකීවාට ඔබ සැවොම හොඳින් දන්නා බව මා දනිමි!

මෙතුවක් කල් බලයට පත්වූ සෑම දේශපාලන පක්ෂයක්ම බලයට පැමිණියේ "මේ රට බේරා ගැනීමට ඇති අවසාන අවස්ථාව!" බව කියමින්ය.  මා එය එසේ වර නොනැගුවාට ඔබ සැමට; දැන්නම් එළඹී ඇත්තේ "අවසානම අවස්ථාව!" බව සැම තේරුම් ගෙන ඇතිවාට සැකයක් නොමැත.

පසු ගිය මැතිවරණයේදී හෝ මින් පෙර පැවති සෑම මැතිවරණයකදීම ඔබ මෙම පාලකයන් පත් කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය භාවිතා කොට ඇතැයි සිතමු. ඔබ ඒ ඡන්දය භාවිතා කලේ වඩාත් සුන්දර රටක් ඔබගේ දුවා දරුවනට ලබා දීමට හා ඔබට ලඟා කර ගැනීමටය. කොටින්ම එය සීයට සීයක්ම පවිත්‍ර චේතනාවකි! මෙම ලිපිය කියවන අය අතුරින් සීයට එකක් හෝ තම පුද්ගලික ලාභාපීක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා තම ඡන්දය මෙම පාලකයින් වෙත ලබා දුන්නා යැයි මා මොහොතකටවත් නොසිතන්නෙමු!

අප සෑම මොහොතකම කටයුතු කොට ඇත්තේ අපගේ මාතෘ භූමියේ දියුණුවත් අපගේත් අපගේ දරුවන්ගේත් මුළු මහත් සමාජයේම අනාගතය වෙනුවෙනි.

එහෙත් ගතවූ කාලය තුල රට ගතවන සෑම තත්පරයකදීම අගාධයට වැටෙමින් වී ඇත! අද අපට නැත්තේ; මුදල් අත ඇතත් ඉන්ධනය! හෙට වන විට මුදල් ඇතත් මිලදී ගන්නට ආහාර හා බෙහෙත් නොමැති වී යනු ඇත! මේ වන විට ඔබ සතු කෙතරම් අගනා නවීන මෝටර් රියක් තිබුනත් ඔබට එය පාවිච්චි කිරීමට නොහැකිවී ඇත. අප රටේ දෛනික අවශ්‍ය තාවය සඳහා ආහාර මෙරට නිපදවන්නේ නැත. පසුගිය වක වානුව තුල ඇරඹී මේවන විටදීවත් සාර්ථක ලෙස විසඳී නොමැති පොහොර ගැටළුව මගින් දේශීය ගොවිතැන වල පල්ලට ගොස් අවසානය. මේ වන විට පොහොර අධික ලෙස ඉහල ගොස් ඇති අතර; ගොවියා ගොවිතැනින් ඉවත්වී ඇත! මේ නිසාම විදේශ ණය සහන නොමැතිව තුන් වේල ආහාර ටික ලබා ගන්නට නොහැකි තැනකට අප තල්ලු වෙමින් යන්නෙමු.

මේ ව්‍යවසනයට පත්වන්නේ රතු, නිල් කොල, දම් යනුවෙන් කුලක වලට බෙදා නොව සමස්ථ ජනගහනයමය! ඔබ කෙතරම් ධනයකට හිමි කම් කීවද වෙළඳ පොලේ ඇතිවන උග්‍ර භාණ්ඩ හිගයට එදිරිව කිරීමට දෙයක් ඉතිරි වන්නේ නැත!

මෙම අර්ඹ්හූධකාරී තත්වයෙන් අත් මිදිමට මෙම දුර්දාන්ත පාලකයින් පලවා හැරිය යුතුවේ. මොවුන් පත් කිරීම සඳහා තමාගේ වටිනා ඡන්දය ඔබ පාවිච්චි කල අයෙකු වේ නම්; මොවුන් පලවා හැරීමටද ඔබ තරම් සුදුස්සෙකු නොමැත!

මේ නිසාම අප සියළු දෙනාම එකාවන්ව එකතු විය යුතු කාලය එළඹී ඇත. පැරණි දෙමළ කියමනක් මට මේ මොහොතේ මතකයට ඒ! "බෙල්ල තියෙන්නෝන තැල්ල බඳින්න!" එම වදන් පෙලයි. අපට; ජීවත් වෙන්න, දරුවන්ට උඅගන්වන්න, රැකී රක්ෂා කරණ්න, ගමනක් බිමනක් යන්න, දෙශපාලනය කරණ්න  මේ සියල්ලටම රටක් අවශ්‍ය වේ. ඒ නිසාමයි අප එකට එකතු විය යුත්තේ! මෙහිදී මෙම සටනට නායකත්වය කවුරුන් දුන්නද ඔබ ඔහුට හෝ එම පක්ෂයට සදා බැඳෙන්නට අවශ්‍ය නොවේ. ඔබට ඔබගේ දේශපාලනය කිරීමේ නිදහස ඉන් නැතිවන්නේ නැත. එහෙත් අප වෙන් වෙන්ව සටන් කලහොත් සතුරා අපව qවෙන් වෙන්ව විනාශ කරණු ඇත.

පුරාණ ලංකාවේ සිටි පැරණි රජ වරුන් තම විනෝදය පතා "අංගම්කෙටවීම" කර ඇත. මෙහි  ඇති භයානකම ඉසව්ව වන්නේ "ඌරා වලේ අංගම් කෙටීමයි!" ඌරා වල යනු; වැටුනු එකෙකුට ඉහල සිටියෙකුගේ උදව්වකින් තොරව එළියට පැමිණීමට නොහැකි වලකි. මෙම වලට සීරුවෙන් බස්සන අංගම් කරුවන් සටන් වදී. වලෙන් ගොඩට පැමිණීමට නම් තමා අනෙකා විනාශ කිරීම කල යුතුම වේ.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද; අද වන විට අප මෙම පාලකයින් සමග "ඌරා වලේ අංගම් කෙටීමකට"; වැටී අවසානය. ඔබට මෙම වැටුනු තැනින් ගොඩ යාමට නම් සතුරා විනාශ කල යුතුම වේ.

එසේම ඔබ වෙනුවෙන් එම මෙහෙය ඉටු කිරීමට වෙනෙකෙකු නොමැත! ඔබගේත් ඔබගේ දුවා දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් මෙම "ඌරා වලේ අංගම් කෙටීමෙන්" ජය ගත යුතුම වේ!

දිනන සටනක අභිමාන්වත් කොටස් කරුවෙකු වන්න! නියමිත දිනයේදී එක් පෙරමුණක සටන් වදිමු! අනාගතය විසින් ඔබගේ නම සමරණු ඇත! මේ එළෙඹෙන්නේ සත්‍ය වශයෙන්ම "රට බේරා ගැනීමේ අවසාන අවස්ථාවටය්!" සත්තකින්ම මෙය නිදහස් සටනකි! එය එක් පක්ෂයකට, එක් වර්ණයකට, එක් පුද්ගල කණ්ඩායමකට අයිති සටනක් නොව මුළු මහත් ලාංකීය ජාතියේම සටනයි.

සූදානම්ව සිටින්න!


23 comments:

  1. බෙල්ල තියෙන්නේ තැල්ල බඳින්නයි කතාව සහතික ඇත්ත තමයි
    ඔළුව කෙලින් කරගෙන ඉන්නත් ඒ බෙල්ලේ වාරුව ඕනෑමයි
    මොළය රැකෙන්නේ ඒවයෙ උදව්ව හරි-හරියට ලැබුනොත් විතරයි
    සේරම තිබ්බත් හිතන්න බැරි නම්- සිරි ලංකාවට අබ සරණයි!

    ReplyDelete
  2. තාමත් ගොඩ දෙනෙක් වෙන්න යන දේ දන්නැතුව වගේ පැති වලට බෙදිල ඉන්නෙ. පීඩනයක් එල්ල වෙනවනං එල්ල වෙන්නෙත් තමංගෙම පන්තියෙ ඉන්න එකෙකුට මිසක් ඊට උඩ තැනකට නෙමෙයි. තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ ගැන හිතලවත් මේ වෙලාවෙ මේ රට බේරගන්න එක්වෙන්න වෙනවමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න තවමත් පුදුම වහල් මාණසිකත්වයකින් මිනිස්සු ඉන්නේ.

      Delete
  3. මේක ලියනවද data ඉතූරු කර ගන්නවද? කමක් නැ කෙටියෙන් ලියන්නම්

    මොන වගේ සටනකටද සුදානම් වෙන්න ඕනෑ?
    1) චන්ද සටනකටද?
    2) ගෙවල් කාර් ගිනි තියන පාරේ මිනිස්සු මරණ සටනකටද?
    3) ගෝල් පීස් එකේ බුරියානි කාල ඉන්න සටනකටද?
    4) JVP එක හරහා තව 20,000 බිලි දෙන, ග්‍රාම සේවක, UNP/SLFP සහ පරණ JVP කාරයෝ මරණ සටනකටද?

    මේ මොන සටන හෝ කර රට බේරා ගන්න විදිය පැහැදලි කරන්න
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔබට ආරංචි එන්නේ කුමන මාධ්‍යයකින්දැයි මා නොදනිමි. එක්කෝ ඔබට එන්නේ වැරදිම ආරංචිය. නොඑසේනම් ඔබ රාජපක්ෂලාගේ දේශපාලන වහලෙකි. ඔබම කියන්න ඔබ කවුදැයි කියා? රටේ වාහන ගිනිතිබ්බේ ගෙවල් ගිනි තිබ්බේ ජවිපෙන් කියා කියන්නට මොනවද තියෙන සාක්ෂි? නිට්ටඹුවේ මිනී
      මැරුම් සම්බන්ධයෙන් අතඩංගුවේ ඉන්නේ ජවිපේ අයද? ඔබ එසේ කියන්නේ කුමන ස්ථාවරයක සිටද? එය රට පුරා ඇවිල යෑමට මුල්වූ කරුණ පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද? මේ පවතින රජය ඡ්න්දයක් පවත්වන තුරු රටේ
      මිනිස්සුන් දුක්විඳිය යුතුද? ඔබ තවමත් රාජපක්ෂ පාලනය අනුමත කරණ්නේද? එසේනම් ඒ ඇයි? නො එසේනම් රටේ බලය හිමිවිය යුත්ෙේ කාහටද? "ගෝල්ෆේස් බුරියානි සටන්" ඔවැනි ප්‍රකශ කිරීමට ඔබ තුල ඒ පිළිඳව ඇති අත්දැකීම කුමකද? ගෝඨාභය කියන දේශපාලනත්ක්කඩියා බලයට පමුණුවන්නට නොරට සිට ප්‍රසස්ථි ගී ගැයූ බොහෝ දෙනෙකු මේ වන විට තේරුම් ගොස් ඇත!
      කාලය විසින් ඔබට නිවැරදි දැක්මක් ඇති කරණු ඇති. මේ පඩත්තර ආණ්ඩුව නිසා කන්නට බොන්නට නැතිව සියදිවි හානි කර ගන්නා සහ අවදානම් සහගතව ගමන් කොට අතපය කඩා ගන්නා එවුන් පිළිඳව ඔබට ආරංචි නොඑන්නද?

      Delete
    2. අංක 2 යටතේ මම JVP එක ගාවා ගෙන නැත, (හොදින් බලන්න) එය ඔබ කියනා සටනක එක උදහරනයකි, ඒ සිදුවීම් අග මුල හැමදෙනාම දනී.
      අංක 4 යටතේ මම කියා ඇත්තේ මගේ අත්දැකීම්ය

      ඔබට අනුව ඔබේ මතය නොදරණ අය ඇස් කන් නැති රාජපක්ස වහලුන්ය, සංවාදයකට ඉඩ නැත. ඒ JVP අයගේ හැසිරීමයි. මම ලංකාව සහ දියුණු රටවල් ගැන හොඳින් දනීමි, තෝරා බේරා ගැනීමද දනිමි, වෙනස් අදහස් වලට ගරු කිරීමද දනිමි.

      කෝ වෙනදට comments දාන සැට් එක? පර්ස්නයෙන් පෙනේනේ ඔබ දේශපාලනය නිසා මිතුරන් අපහසුවට පත්කරන බවයි

      මම අද රාජපක්ෂ පාලනය අනුමත කරණ්නේද ඇසීම මගේ බුද්දියට නිගා කිරීමකි. මම මගේ අක් 50 ක පවුල් 25 කට රස්සා දෙන, එය පවත්වා ගෙන යාමට අද දවසේ ෆෝන් එකෙන් පැට්‍රොල් ඩිසල් හිගා කන කෙනෙකි.

      චන්දයෙන් පත් උන රජය අසමත් වීම නිසා, බහු පක්ශික ආණ්ඩුවක් යටතේ සීමිත කාලයක් තුල චන්දයක් පැවැත් වීම ලෝකය පළිගත් ශිෂ්ඨ සම්පන්න ක්‍රමයයි,එතෙක් රට අස්ථාවර නොවීම සඳහා ජනාදිපති අවශ්යමය්. දැනට වී ඇත්තේ අපි වනචාරී බව ලෝකයට පෙන්වීමයී

      පවතින පර්ලිමෙන්වේ බලයක් හදා ගැනීමට නිහැකිව සිටින පක්ෂ, බහු පක්ශික ආණ්ඩුවකට නොයන්නේ ඇය්? ජනදිපති ගෙදර යැවීමෙන් පසු කරන්නේ කුමක්ද? ජනමතයක් නොමැතිව බොරදියේ මාළු බෑමෙන් පලක් නැත. ඔබ නියෝජනය කරනා JVP එකට ඇත්තේ 3% පමණ බලයකි.

      අද හෙට කවදා හෝ චන්දයකින් මිස වෙන ක්‍රම වලින් එන ආණ්ඩු වලට දේශීය/වීදේශීය පිළිගැනීමක් නැත. අද අගමැතිට ආණ්ඩුක්‍රමය අනුව බලයක් නැත, ඇත්තේ ජනාදිපතීගේ බලයයි.

      මම විජේබාහු

      Delete
    3. "කෝ වෙනදට comments දාන සැට් එක? පර්ස්නයෙන් පෙනේනේ ඔබ දේශපාලනය නිසා මිතුරන් අපහසුවට පත්කරන බවයි" ඔබලා සියල්ලන්ගේම කොමෙන්ටු මාහට වැදගත්‍ ය! එහෙත්
      මා ලියන්නේ කොමෙන්ටු වෙනුවෙන් නොවේ. නැතිවී යන කමෙන්ටු වලට වඩා මම මාගේ ස්වාධීනත්වය අගයමි!

      Delete
  4. +++++++++++++++

    Pra Jay

    ReplyDelete
  5. කෝ වෙනදට comments දාන සැට් එක😱

    ReplyDelete
  6. අනුර කුමාර කියන එක දෙයක් ඇත්ත. මේ කහ පිය 'ස ' යන්නේ නැහැ. යවන්න වෙනවා. ජනතාව පාරට බැහැල.

    ReplyDelete
    Replies
    1. යවන්නම වෙනවා! අපි යවන එකත් යවනවා!

      Delete
    2. https://dawasepuwath.blogspot.com/2022/07/video_13.html

      Delete
    3. https://dawasepuwath.blogspot.com/2022/06/video_27.html

      Delete
  7. https://kurundha.blogspot.com/2022/07/blog-post.html?sc=1657017172585#c7442541953644418837

    ReplyDelete
  8. බයිසිකල් සොමිය

    කොහොම හරි අන්තිමේදි බයිසිකලයක් හිමිකරගැනීමේ වාසනාව මට ලැබුන 😃 මගේ ජීවිතේ වැඩිම වියදමක් දරපු බයිසිකලේ. මෙච්චර කාලයක් සැරින් සැරේට රුපියල් පන්දාහට හයදාහට බයිසිකල් ගත්තත් කවදාවත් බයිසිකලේක වටිනකම හරියට දැනුනෙ නෑ. ඒවා පදින්නෙත් නැතුව පැත්තකට දාලා තිබිලා අන්තිමට කාට කාට හරි තෑගි දුන්නා. බයිසිකලයක් ඕනම වෙලාවට බයිසිකලයක් ගන්න විදිහක් නැතුව ළතවුනා.

    බයිසිකල් ඔක්කොම වගේ රුපියල් පනස්දාහට වඩා ගනං ගිහින්. එහෙම ගෙව්වත් ගන්න තැනකුත් නෑ. ඇත්තටම කිසිම වටිනාකමකට පාත්‍ර නොවී තිබුනු මේ පුංචි මැෂිමට ඒ වටිනාකම ලැබෙන එක හොඳයි.

    හැමදාම බයිසිකල් පදින කෙනෙකුට ඒකෙ අසිරිමත් බව ගැන කතා කරන එක විකාරයක් වගේ වෙන්න පුළුවන්. මේක හරියටම අලුත් ප්‍රේමයක් වගේ. හැමදාම ලව් කර කර හිටපු උන්ට සමහර විට ඒක වාතයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් හැම අලුත් ප්‍රේමයකම තියෙනවා ඊට කලින් අත්නොවිඳි අසිරියක්. බයිසිකලයත් ඒ වගේමයි.

    කාලෙකට පස්සෙ ප්‍රධානතම ප්‍රවාහන ක්‍රමය විදිහට බයිසිකලය තෝරගත්තම මාව ආපහු ඕලෙවල් කාලෙට ගියා. බයිසිකලෙන් බහින්නෙම නැති කාලයක් ඒක. ඒ කාලෙ බයිසිකල්වල පොල්ල උඩත් යාලුවෙක් දාගෙන පදින්න පුළුවන්. දැන් බයිසිකලය වඩාත්ම හුදකලා අත්දැකීමක් වෙලා තියෙනවා. පොල්ල උඩ විතරක් නෙමෙයි හැන්ඩ්ල් එකේ පිටිපස්සෙ ලගේජ් එකේ, අන්තිමට රෝදෙ හයි කරලා තියෙන ඇනේ උඩත් යාලුවො දාගෙන බයිසිකල් පදිනවා. බ්‍රේක් ඇති නැති එකවත් අදාල කාරණයක් වුනේ නෑ. කොහේ හරි ලන්දකට, වෙලකට හරවලා නවත්තගන්නවා.

    ඒ කාලෙ කෙල්ලො බලන්න යන්නෙත් බයිසිකලේ. කෙල්ල ඉස්සරහින් යද්දි අපි කතා කරන්න ට්‍රයි කර කර පස්සෙන් බයිසිකල් පදිනවා. කවදා හරි කෙල්ල වැටු‍නොත් පොල්ල උඩ යන යාලුවාට සීට් එක අහිමි වෙනවා.

    අපි පංති ගියේ පානදුරේ. මොරටුව වැල්ල අයිනෙ පාර දිගේ හැමදාම හවස බයිසිකලේ පැදගෙන යන එක හරිම ආතල් වැඩක් වුනා. පංති ඇරිලා එන වෙලාවට වැල්ලෙ වාඩිවෙලා සිගරට්ටුවක් බෙදාගෙන බීලා, සල්ලි තිබුනොත් අරක්කු කාලකුත් බෙදාගෙන ගහලා රෑ වෙද්දි ගෙදර පදිනවා.

    අද කාලෙකට පස්සෙ බයිසිකල් පදිද්දි ඒ පරණ මතක පටුමගවල් දිගේ ආපහු යන්න ලැබුන. ඒ කාලෙ දැනුනු හැගීම්ම ආපහු දැනෙන්න ගත්ත. බයිසිකල් පදිද්දි තියෙන වටිනම දේ කිසි කෙනෙකුට දුකෙන් කණස්සල්ලෙන් බයිසිකල් පදින්න බැරි එක. අනිවාර්යෙන්ම සතුට අරගෙන එන බයිසිකල් පැදීමේ ලකුනක්.

    වාහනයක යද්දි අපි බාහිර පරිසරයෙන් වෙන්වූ බුබුළකයි යන්නෙ. ඒකෙත් වෙනම ආස්වාදයක් තියෙනවා. පයින් යද්දි අපි තනිකරම ඒ පරිසරය ඇතුලට යන්නෙ. බයිසිකලේක තියෙනවා මේ දෙකම අතරමැදි තැනක්. හාත්පස හැමදේටම මුහුවෙමින් නමුත් පුද්ගලිකත්වයක්, වෙනස් වේගයක් එක්ක චලනයක්. කකුල්වල දැනෙන මිහිරි වේදනාවක්.

    ඉස්සර බයිසිකල් වගේ නෙමෙයි දැන් ඒවායේ තාක්ෂණය සෑහෙන දියුණුයි. ඒ කාලෙ අපි පැද්දෙ කොහොමද කියල හිතෙනවා. දැන් ඇත්තටම බයිසිකලයක් කියන්නෙ සුඛෝපභෝගී අත්දැකීමක්.

    මේ බයිසිකලේට ම‍ාරුවෙන එක අනිවාර්යක් නොවී තෝරාගැනීමක් වුනා නම් හොඳයි කියල ගොඩක් අය කියනවා. තියරිටිකලි ඔව්. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. උදා විදිහට මට මතකයි නාමල් රාජපක්ෂද කොහෙද සෑහෙන වෑයමක් දැම්මා බයිසිකල් ෆන් එකක් ඇති කරන්න. ඒක සාර්තක වුනේ නෑ. ඒකට මේ පිළිගැනීම, මගහැරිය නොහැකි අවස්තාව ලැබුනෙ නෑ. ඒ නිසා මේ විදිහට මාරු වුන එක ගැන මට ලොකු චෝදනාවක් නෑ. ඒක ජීවිතේ දුප්පත් මාරුවක් නෙමෙයි. ජීවිතේ පොහොසත් කරන මාරුවක්.

    නමවෙනිදා හැමෝම කොළඹ එන හින්ද මං ගාල්ල පැත්තට බයිසිකල් පදින්න හිතුවා. බීච් එකේ නාලා, රෑට නැවතිලා ආපහු පහුවෙනිදා කොළඹ පදිනවා. අවසන් සටන අවසන් කරලා කට්ටිය ගෙවල්වලට ගිහින් තියෙයි එතකොට 😊

    ReplyDelete
    Replies
    1. ෂා, හරිම රසවත් මතකයක් ඇනෝ. ස්තූතියි.

      Delete
  9. ඔන්න සටන පටන් අරගෙන නේද😁

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...