Sunday, February 27, 2022

229. දරා ගන්න බැරි පිලිවෙළ!

 


ගල් ලෙන බිඳ නැත

ලෙන් දොර ඇර ඇත

මා ප්‍රිය දියණිය

අද ඔබ එහි නැත


ලෙන තුල සුරැකිව

ඇස් දල්වාගෙන 

රැකගත් දියණිය


සුරතල් වදණින්

අමතන ලෙසින්ම

කටුගාලක් සේ

පැටලුන

රණඩුකෙක්ක 

නැතිව

ලෙන පුරා පාළුව


දොර ඇරි ලෙන් දොර

ඇතුලත බැලුවිට

හැමදා අවුල්ව 

බැනුං ඇසූ කාමරය

කිසි දාක දැක නැති තරං

හොඳින්ම පිළිවෙල ව


දරා ගන්න බෑ දුවේ 

ඒ පිළිවෙල!


33 comments:

  1. තට්ටයා මහතා,

    මට විස්තරයක් දැන ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා.

    මගේ ලග නිසාන් ක්ලිපර් nv100, 2018 නිෂ්පාදිත ටිප්ටොනික් ගියර වාහනයක් තියෙනවා.

    මේකේ ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනා කොපමණ කිලෝමීටර් ගණනාවක් ධාවනය වූ පසුවද.

    බ්‍රේක් ඔයිල් මාරු කරන්න, කුලන්ට් මාරු කරන්න ඇත්තේ කොපමණ කාලයකින්ද?

    වාහනේ මැනුවල් එකේ බැලුව, එකේ හොයා ගන්නට නැහැ ඒ විස්තර.

    ස්තුතියි.

    -ඔගාවා

    ReplyDelete
    Replies
    1. මට ඔබේ e mail ලිපිනය දෙන්න පුළුවන්ද?

      Delete
    2. ඊමේල් එකක් එව්වා තට්ටයා මහතාට.

      ඔගාවා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. මොකද හිටපු ගමන් කවි සිතුවිලි? මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මගේ කෙල්ලත් ඔබතුමන්ලාගේ රටට ආවානේ!

      Delete
  3. දීග ගිය දුවණිය ගැන පියාණන්ගේ ශෝකාලාපයක් වගේ!

    එහෙම නම් ඒ දෙපොළට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. කෙල්ලත් ආවා කොල්ලා ගාවට! දැන් දෙන්නම ඔහේ!

      Delete
  4. හදවතට දැනෙනවා....

    ReplyDelete
  5. මුත්තනුවන් මිත්තනියව තනිවෙමු
    මහ ගෙයි උලුවහු පියසි පුරා...
    මුල් පදේ උබ ලිව්වනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වියපත් කාලය ගැන නොසිතා ඉන්නේ!~

      Delete
  6. පිහාටු ඉදිලා සවිබල වෙනකොට
    වෙනව කැදැල්ලෙන් ඉගිලිල යන්නට
    ළඟින් ඉන්නකොට අගේ නොදැනුනට
    දුකයි දරුවො ඈතට පියඹනකොට

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක දුක් බර සිද්ධියක් උනා නිදි මහත්තයා!

      Delete
  7. ගල්ලෙන බිඳපු පළමු සිංහයා සමුගෙන ගිහින්!

    ReplyDelete
  8. එකයි, දෙකයි, තුනයි දැන් හතරයි.
    අර කොල්ල ඕෆ් රෝඩ් යනවයි අරකයි මේකයි කියල ලොරියක්ම ගත්තෙ එහෙනං මේකට තමා.
    Take it easy buddy, she will do great.
    Anyways that's the life of a Dad, right?

    සැමටම ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔව් සර්! මම ම පටන්ගත්තු දේවල්නේ මේ! දැන් ඉතින් අඬලා පලක් නෑ තමයි! ස්තූතියි!

      Delete
  9. හ්ම්..දුක සහ සතුට දෙකම තියෙන සිදුවීමක් නිසා අවුලක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා කාලය විසින් සියල්ල අමතක කර දමාවි!

      Delete
  10. තටුවලට පන දුන්නම ඒගොල්ල ඉගිලිලා යනවා. ඒක තමයි යථාර්ථය. අපිට ඒ ඇත්තට මුහුණ දෙන්න වෙනවා තට්ටයා මහත්තයෝ. ඒගොල්ලන්ගෙ සතුට දිහා බලලා සතුටු වෙන එකයි අපේ සතුට විය යුත්තේ........

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒක තමයි යථාර්තය මහත්මයාණෙනි!

      Delete
  11. තට්ටයා මහතා,

    මට විස්තරයක් දැන ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා.

    මගේ ලග නිසාන් ක්ලිපර් nv100, 2018 නිෂ්පාදිත ටිප්ටොනික් ගියර වාහනයක් තියෙනවා.

    මේකේ ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනා කොපමණ කිලෝමීටර් ගණනාවක් ධාවනය වූ පසුවද.

    බ්‍රේක් ඔයිල් මාරු කරන්න, කුලන්ට් මාරු කරන්න ඇත්තේ කොපමණ කාලයකින්ද?

    වාහනේ මැනුවල් එකේ බැලුව, එකේ හොයා ගන්නට නැහැ ඒ විස්තර.

    ස්තුතියි.

    -ඔගාවා

    punchiogawa@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා ඇමතුමක් ගන්න මේ නොම්මරේට. එයාගේ නම රුෂාන්. එයා ඔබ තුමාට උදව් කරයි. ‭(77) 106 2810‬

      Delete
  12. Replies
    1. බ්ලොගයේ පලවූ කවි ඔබගේ ලන්ඩන් කවි කොලමේ පල කල නොහැකි බවක් ඔබ විසින් එවන ලද ලින්කුවේ දක්වාඇති පෝරමයට අනුව හැඟී ගියෙමි! අළුතින් කවියක් ලියැවුනු අවස්ථවක එය ඔබ වෙත එවන්නම්. ස්තූතියි!

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...