ගල් ලෙන බිඳ නැත
ලෙන් දොර ඇර ඇත
මා ප්‍රිය දියණිය
අද ඔබ එහි නැත
ලෙන තුල සුරැකිව
ඇස් දල්වාගෙන
රැකගත් දියණිය
සුරතල් වදණින්
අමතන ලෙසින්ම
කටුගාලක් සේ
පැටලුන
රණඩුකෙක්ක
නැතිව
ලෙන පුරා පාළුව
දොර ඇරි ලෙන් දොර
ඇතුලත බැලුවිට
හැමදා අවුල්ව
බැනුං ඇසූ කාමරය
කිසි දාක දැක නැති තරං
හොඳින්ම පිළිවෙල ව
දරා ගන්න බෑ දුවේ
ඒ පිළිවෙල!
තට්ටයා මහතා,
ReplyDeleteමට විස්තරයක් දැන ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා.
මගේ ලග නිසාන් ක්ලිපර් nv100, 2018 නිෂ්පාදිත ටිප්ටොනික් ගියර වාහනයක් තියෙනවා.
මේකේ ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනා කොපමණ කිලෝමීටර් ගණනාවක් ධාවනය වූ පසුවද.
බ්‍රේක් ඔයිල් මාරු කරන්න, කුලන්ට් මාරු කරන්න ඇත්තේ කොපමණ කාලයකින්ද?
වාහනේ මැනුවල් එකේ බැලුව, එකේ හොයා ගන්නට නැහැ ඒ විස්තර.
ස්තුතියි.
-ඔගාවා
මට ඔබේ e mail ලිපිනය දෙන්න පුළුවන්ද?
Deleteඊමේල් එකක් එව්වා තට්ටයා මහතාට.
Deleteඔගාවා
This comment has been removed by the author.
Deleteමොකද හිටපු ගමන් කවි සිතුවිලි? මම විජේබාහු
ReplyDeleteමගේ කෙල්ලත් ඔබතුමන්ලාගේ රටට ආවානේ!
Deleteදීග ගිය දුවණිය ගැන පියාණන්ගේ ශෝකාලාපයක් වගේ!
ReplyDeleteඑහෙම නම් ඒ දෙපොළට සුබ පැතුම්!
කෙල්ලත් ආවා කොල්ලා ගාවට! දැන් දෙන්නම ඔහේ!
Delete+++++++++++
ReplyDeleteස්තූතියි!
Deleteහදවතට දැනෙනවා....
ReplyDeleteස්තූතියි!
Deleteමුත්තනුවන් මිත්තනියව තනිවෙමු
ReplyDeleteමහ ගෙයි උලුවහු පියසි පුරා...
මුල් පදේ උබ ලිව්වනේ.
ස්තූතියි! වියපත් කාලය ගැන නොසිතා ඉන්නේ!~
Deleteලස්සනයි✍️👌💔....
ReplyDeleteස්තූතියි!
Deleteපිහාටු ඉදිලා සවිබල වෙනකොට
ReplyDeleteවෙනව කැදැල්ලෙන් ඉගිලිල යන්නට
ළඟින් ඉන්නකොට අගේ නොදැනුනට
දුකයි දරුවො ඈතට පියඹනකොට
ඔව් ඒක දුක් බර සිද්ධියක් උනා නිදි මහත්තයා!
Deleteගල්ලෙන බිඳපු පළමු සිංහයා සමුගෙන ගිහින්!
ReplyDeleteඑළ!
Deleteඑකයි, දෙකයි, තුනයි දැන් හතරයි.
ReplyDeleteඅර කොල්ල ඕෆ් රෝඩ් යනවයි අරකයි මේකයි කියල ලොරියක්ම ගත්තෙ එහෙනං මේකට තමා.
Take it easy buddy, she will do great.
Anyways that's the life of a Dad, right?
සැමටම ජයවේවා!
Myself Hattor
ඔව් සර්! මම ම පටන්ගත්තු දේවල්නේ මේ! දැන් ඉතින් අඬලා පලක් නෑ තමයි! ස්තූතියි!
Deleteහ්ම්..දුක සහ සතුට දෙකම තියෙන සිදුවීමක් නිසා අවුලක් නෑ නේද?
ReplyDeleteඔව් බස්සා කාලය විසින් සියල්ල අමතක කර දමාවි!
Deleteතටුවලට පන දුන්නම ඒගොල්ල ඉගිලිලා යනවා. ඒක තමයි යථාර්ථය. අපිට ඒ ඇත්තට මුහුණ දෙන්න වෙනවා තට්ටයා මහත්තයෝ. ඒගොල්ලන්ගෙ සතුට දිහා බලලා සතුටු වෙන එකයි අපේ සතුට විය යුත්තේ........
ReplyDeleteසත්තකින්ම ඒක තමයි යථාර්තය මහත්මයාණෙනි!
Deleteතට්ටයා මහතා,
ReplyDeleteමට විස්තරයක් දැන ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා.
මගේ ලග නිසාන් ක්ලිපර් nv100, 2018 නිෂ්පාදිත ටිප්ටොනික් ගියර වාහනයක් තියෙනවා.
මේකේ ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනා කොපමණ කිලෝමීටර් ගණනාවක් ධාවනය වූ පසුවද.
බ්‍රේක් ඔයිල් මාරු කරන්න, කුලන්ට් මාරු කරන්න ඇත්තේ කොපමණ කාලයකින්ද?
වාහනේ මැනුවල් එකේ බැලුව, එකේ හොයා ගන්නට නැහැ ඒ විස්තර.
ස්තුතියි.
-ඔගාවා
punchiogawa@gmail.com
ඔබ තුමා ඇමතුමක් ගන්න මේ නොම්මරේට. එයාගේ නම රුෂාන්. එයා ඔබ තුමාට උදව් කරයි. (77) 106 2810
Deletehttps://londonkavi.com/contact/
ReplyDeleteබ්ලොගයේ පලවූ කවි ඔබගේ ලන්ඩන් කවි කොලමේ පල කල නොහැකි බවක් ඔබ විසින් එවන ලද ලින්කුවේ දක්වාඇති පෝරමයට අනුව හැඟී ගියෙමි! අළුතින් කවියක් ලියැවුනු අවස්ථවක එය ඔබ වෙත එවන්නම්. ස්තූතියි!
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete+++++++👌🥺
ReplyDelete!!!!!!!!
ReplyDelete