බෝල ඇල්ලිල්ලකට එහා ගිය ක්‍රිකට්
පාඨක
පාඨිකාවන් තල් අරණට යන්න
බලා සිටින මොහොතක "ඒක තමයි මේක"
කියමින් වෙනත් වෙනත් දේ ලිවීම ගැන
මල පැන බලා සිටිනා
බව දැන දැනත් මේ
පෝස්ට් එක කල් ගියහොත්
මෙය තවත් "දෙසැම්බරයේ පවත්වන "බක් මහ සැණකෙළියක්"
බවට පත්වීම නොවැලැක් විය
හැකි වන නිසා මේ
කයිවාරුව අදම ගසමු!
මේ ලියන මම දැන්
වසර ගනනාවකින්ම බිග් මැච් එකක්
බලා නොමැත. විවිධ විවිධ බාදක මතුවී මොන
යම් හේතුවක් නිසා හෝ එය
වැලැක් වී ගියේය.
වෙන
දා මෙන්ම "මොරේ" ද "බිත්තරේ" ද "උඹ එනවා නේදැයි
? "කියා අසද්දී
ගෙදර කරෝල මුට්ටියට බැස
නෝනා එන විට පස්සා
දොරෙන් මාරුවී යන හොර බළල්
තඩියා සේ මා ද
"එන්න තමයි හිතාන ඉන්නේ!"
කියමින්;
බුදුන් දවස මහා භාරතයේ
ඉටි ෂඩ් සාස්තෲන් ගෙන්
කෙනෙකු වන සංජය බෙල්ලට්ඨි
පුත්ථගේ අමරා වික්ඛේප වාදයට
අනුව ආඳා වාගේ සුරූස්
ගා මරු වෙන්නට තැනූවද
බිත්තරේ කීවේ "ඔය කියන විදියට
උඹ මේ පාරත් එන්නේ
නෑ වගේ!" කියාය.
බී බී සියේ චන්දන
කීර්ති බණ්ඩාර දිනක් දේශපාලන තෙලක් බෙදමින් සිටින විටෙකදී කීවේ ඒක නිකං
"රාමා-සීතා" වගේ කතාවක් කියාය.
වටේ හිටපු මා ඇතුළු අනෙක්
උන්ට එතනින් එහාට චන්දන අයියා
දෙසා බෑ ලෙනින් ගේ
වෙළුම් දොලහේ පාඩම් වලට වඩා වැදගත්
වූයේ "රාම-සීතා" කතාව අසා දැන
ගන්නටය.
"ඇයි
උඹලා අහලා නැද්ද? ආ
ඒ කතාව මෙහෙමයි . . .!" කියා රැල්
බුරුල් ඇද මදි පාඩුවට
ගොල්ඩ් ලීෆ් උගුරක්ද ඇද
කතාව පටන් ගත්තේය.
" ඉස්සර
ඔය අද කාලෙ වගෙ
චිත්රපටි, වේදිකා නාට්ටි නොතිබුන කාලේ එක ගමක
හිටිය බුවෙකුට ආරංචි වෙලා අල්ලපු ගමේ
පංසලේ "රාමායණය" පෙන්වනවා කියලා හවස නාලා කාරිය
විටකුත හප හපා එතැනට
ගියාලු!
ඉතින්
ඒ කාලේ ඒ නාඩගං
නාට්ටිත් හවස පටන් අරණ්
එළිවෙනකං නටන මගුල්නේ. කොහොම
හරි බැරි අමාරු කමින්
පානදර දෙවෙනි පාර කුකුළා හඬළන
ජාමේ වෙන කොට නිදි
මරාගෙන හිටිය සීතාව ; දඬුමොනරෙණ් ආපු රාමා කෙළගෙන
ගිහින් කතාව ඉවර උනාලු.
ඉතින්
අර බුවත් නිදි මරාගේන ආපහු
ගෙදර ඇවිත් තවත් දවස් ගානකින්
මළ ගෙදරකදි තවත් ගන්තියෝ ටිකක්
වට කරගෙන "රාමායණය" රඟදක්වන්න තියා ගත්තලු.
ඒ
කයිවාරුවත් එසේ මෙසේ එකක්
නොවී පහුවෙනිදා පානදර වෙනකල් ඇදීගෙන යද්දි එතන නිදි කිරමින්
හිටිය ගෝතයෙක් මේ යකාගෙ අතට
තට්ටුවක් දාල අහනවලු
"දැං
බං සීතා කියන්නේ රාමගේ
අම්මද . . . .?" කියලා"
ඉතින්
කිසි දවසක බිග් මැච්
එකක් නොවින්ද කෙනෙකුට බිග් මැච් එකත්
තවත් එක "රාමා-සීතා" එකක්
වෙන එක නවත්වන්න
මට තියා සක්කරයගෙ මල්ලි වයිමාටවත් බැරිය.
මන්ද නොබොන එකාට
බීම යනු දෙපත්තට වැනීමක්!,
නොනවත්වා කියැවීමක්!!, හෝ වමනය කිරීමක්!!!
විනා වෙන යම් දෙයක්
නොවේ.
මා හැමදා කියන පරිදි බොන
එක බීලා ගන්නා ආතල්
එකට ගැල පෙන්නට නොබොන
එකා "මං බොන්නෑ නේ!"
කියා ගනී.
කෙසේ වෙතත්
නොබොන එකාට බීමේ ආතල්
එක කියනා එක "අන්ධයාට කිරි ගැන කීවාට"
දෙවෙනි වන්නේ නැත!
නොබොන
එකා බීම දකින ත්රිවිධ ආකාරයෙන්ම බිග් මැච් එක
පිළිබඳව එළියේ සිට දකින බොහෝ
අය දකිති.
එහෙත් එය දෙපැත්තට
වැනීමත්, නොනවත්වා කියැවීමත්, වමනය කිරීමටත් වඩා
එහා ගිය එකකි.
"සමහරු
වැස්ස විඳිති! එහෙත් තවත් අය හට
එය හුදෙක් තෙමීමක් පමණි!!" කියා මොබ් මාලේ
කිවේ ජොයින්ට් එකක් දමා හිටිය
මොහොතකද නැතිද කියා අසා දැන
ගන්නට ඌ නැත!
අපි
මුලින්ම බිග් මැච් බැලුවේ
වනාත් මුල්ලේ ඔවල් එකේය. පී
සරවණමුත්තු ක්රීඩාංගණය නැතහොත්
ටැමිල් යුනියන් ග්රවුන්ඩ් එක
ලෙස බෞතීස්ම ලබා තියෙන්නේද මෙම
පිට්ටනියය.
එකල යමක් කමක්
කරගන්නට පුළුවන් පොඩි උන් මැච්
එක බලන්නට යන්නේ අතේ "පොකට් රේඩියෝ" එකක්, කොඩියක්, වතුර බෝතලයක්, සැන්ඩ්විච්
පාර්සලයක් මදි පාඩුවට ටක
ටකේ කුත් අරණ් ය.
මේකෙ බලපු මැච් තමයි මැච්!
පී සරා ස්ටේඩියම්
බිග්
මැච් එකේ නියම "අයිති
කාරයන්" සිටින්නේ සර්පන්ටයින් පාරේය. ලේඩි රිජ්වේ නොහොත්
නෝනා වාට්ටුව ලඟින් එසේත් නැත්තම් අපෙ ෆ්ලැට් ඔළුවා
වැඩකල රජයේ මුද්රණාලය
ලඟින් ඇතුළු වී ඔවල් එක
අසලට යනතෙක් ඇති අඩු ආදායම්
ලාභී (අපි උන්ට කිව්වට
අපි තවමත් අඩු ආදායම් ලාභීන්
වන්නෙමු!) නිවාස
වල වැසි "අයියලා" පොඩි උන්ගේ පොකට්
රේඩියෝ මහදවාලේ
නොව මහ පාන්දර මං
කොල්ල කති.
ඉන් පසු
අපට සිදුවූයේ අපගේ පරිත්යාගයට
මරා ගන්නා උන්ගේ වලිය බලා සැනසෙන්ටය.
එකල ගේට්ටු මුර
කිරීමට පොලීසියෙන් පමනක් නොව හමුදාවෙන් පවා
යොදවා තිබුනි.
විශේෂයෙන්
ඒ ක්රීඩාගාරයට අරක්කු
ගෙන යෑම නවතාලීමටය.
අපෙ
ලොකු අයියලා අංකල්ලා ග්රවුන්ඩ් එකට
අරක්කු ටිකක් ගෙන යෑමට නොයෙක්
ආකාරයේ ක්රමෝපායයන් යොදවති.
වරෙක එය ගෙනියන්නට හදන්නේ
කරේ එල්ලන් යන වතුර බෝතලයක
දමාගෙනය.
තවත් වරෙක තම
ඇඹේණියගේ ගමන් මල්ලේය.
විටෙක
ඉනේ ගසා ගෙනය.
එක්
බිග් මැච් එකකදී නලීන්,
ශාන්ත, එස් ඩී ඇතුළු
හයදෙනෙක් දින දෙකක් ඇතුලත
බෝතල් 19 ක් බී වාර්ථාවක්
තැබූහ!
වඩාත් වැදගත් වන්නේ ඒ බෝතල් සියල්ල
ගේට්ටුවෙන් නිදහසේ ගෙන ආ ඒවා
වීමය.
සාමාන්යයෙන් බිග් මැච් පැවැත්වෙන්නේ මාර්තුවේ ය. ජනවාරිය එළඹෙත්ම
පාසැල් බස් රථ වල
අදාල පාසැලේ කොඩි ප්රදර්ශනය
කිරීමට පටන් ගනී.
එකල
මොරටුවේ සිට පැමිණි අපගේ
පාසැල් බස් රියේ ප්රදර්ශණය වූයේ වෙනස්ම ආකාරයේ
කොඩිය කොඩියකි. ඒ ඔරිජිනල්ම ඇමරිකානු
කොඩියකි.
ඇමරිකානු කොඩියේ ඉරි හා අප
පාසැලෙ කොඩිය අතර යම් නෑ
කමක් තිබුනි.
නෑ කම පරයා
ගිය ඕනෑ කම!
එම
කොඩියේ භාරකරු වූයේ ශාන්ත කුමාර
හෙවත් "නසා" ය.
එකල
සෑම බිග් මැච් එකකම
බොහෝ විට දෙවන දින
සන්ධ්‍යාවේ; තමල් එක කොනකින්ද තවත් මොකෙක් හෝ එකෙක් අනෙක් කොනෙන්ද අල්ලා ගත් යෝධ ධජ පතාකයක් පිට්ටනිය වටේ ගෙන යනු ලබයි.
එහි මැද වර්ණයෙන් අඳින
ලද පලමු ටෙස්ට් ක්රිකට් නායක බන්ධුල වර්ණපුරගේ
රූපයකි.
එම පතාකය තමා
අසලින් ගෙන යද්දී ක්රීඩාගාරයේ සිටින උන්; උන් අස්නෙන්
නැගිටිනු මා දැක ඇත.
පාසල් දෙකෙහිම මිතුරණ් ක්රීඩා නැරඹුවේ
එකම පීඨිකාවක නො එසේනම් එකම
ටෙන්ට් එකක සිටය.
අපගේ
සම කාලීන මිතුරු රාවතාවත්තේ රන්ති රොහාන් මුළු ජීවිත කාලය
පුරාවටම බිග් මැච් බැලුවේ
ඔහුගේ පාසලේ ටෙන්ට් එකේ සිට නොව
අපගේ පාසලේ ක්රීඩාගාරය තුල
සිටය.
ඔහුගෙ පාසලේ පිතිකරුවෙකු පණහක් ගැසූවිට, හයක් හතරක් ගැසූවිට
අප අතරම සිට තනිව
චියර් කිරීමට ඔහුට ඉඩකඩක් විය.
සෑම විටෙකම අප පාසල් දෙකෙහිම
ක්රීඩාගාර තුල පාසල් දෙකෙහිම
ධජ පතාක කලවමේ ලෙළදෙනු
දැකීම සුලභ දසුනක් විය.
බිග්
මැච් හා සම්බන්ධ රසකතා
එමටය.
වරක් මාගේ මිතුරෙකුවූ
නලීන් තම අයියාගේ අව්කණ්නාඩි
කූට්ටමක් පැළඳ ආවේය.
තවත්
පැය ගනනවකින් එය මාගේ මුහුණේ
පලුවක් වසා රැඳුනි. තවත්
කාලයක් යද්දී මා අසල සිටි
අයියා කෙනෙකු එය මගෙන් ඉල්ල
ගති.
කාලය ගෙවීයද්දී මාහට
මෙන්ම නලීන් හටද අව් කණ්නාඩි
තබා ඇස් දෙක ගැනවත්
නිනව්වක් නොවීය.
අයියාද හොයා ගන්නට නැත.
හවස මැච් එක අවසන්
වීමට ඔන්න මෙන්න තබා
නලීන් හටත් මටත් කණ්නාඩි
කූට්ටම මතකයට ආවේය. නලීන්හට ඇස් දෙක නැතිව
ගෙදර ගියත් කණ්නාඩි නැතිව ගෙදර යාමට නොහැක.
මන්ද නලීන් ගේ අයියා රාත්රී ආහාරය සඳහා
ඕනෑම මසක් කන බැවිනි!
මගෙන් කණ්නාඩිය ඉල්ලා ගත්තු අයියාගේ නම යාන්න්තම් හොයා
ගැනීමටවත් නොහැක.
එහෙත් ඔහු සිටියේ ධම්මික
සමරවික්රම නම් අපගේ
පැරණි එනම් 70-80 දශකයෙ ක්රිකට් ක්රීඩකයෙකු සමග බව අපට
හෝඩුවාවක් ලැබුණි.
නොදන්නා එකෙකු හොයනවාට වඩා ක්රිකට්
ක්රීඩකයෙකු සෙවීම යම පමණකට පහසු
බැවින් එතැන් පටන් මුළු
ක්රීඩා ගාරය පුරා
"ධම්මික සමරවික්ක්රම" සොයමින් විය.
එහිදී අපට
ලැබුණු ඊළඟ ආරංචිය වූයේ
ඔහු අනුර රණසිංහ සමග
සිටි බවකි.
අනුර රණසිංහ යනු
ටෙස්ට් ක්රීඩකයෙකි.
ධම්මික
සෙවීම පසෙකින් තබා එතැන් පටන්
අනුර රණසිංහ සෙවීමේ මෙහෙයවුම අප දෙදෙන ඇරඹූයෙමු.
මේ වන විට මැච්
එක අවසන් වී ගොසිනි.
නලීන්ගේ
කෙඳිරිය නිමක් නැත.
මේ සියළු
අලකලංචි වලට මුල
මාය!
තව විනාඩි ගනනකින්
ක්රීඩාගාර වල සිටින දස
දහස් ගනනක් වූ ප්රේක්ෂකයින්
ගේට්ටු අසලට ගාල් වෙති.එවිට; කණ්නාඩියකි තබා යුධ ටැංකියක්
වත් හෙවීම උගහටය. අනෙක නමක් ගමක්
නොදන්නා එක් වරක් පමණක්
දැක ඇති අයෙක්?
ඒ වන විට
අප පාසැලෙන් එලියට ආ විගසම වාගේය.
කණ්නාඩියට කණ්නාඩියක් තබා කණ්නාඩි කොපුවක්
වත් ගන්නට වත්කමක් අප අත නොවුනු
කාලයකි.
වැඩේ වඩාත්ම බරපතල
කාරණය වූයේ එවකට නලීන්ගේ
අයියා සේවය කලේ "එයා
ලංකා" එකේ කැබින් කෲ
එකක වූ අතර එය
ඔරීමජිනල් රේ බෑන් එකක්
වීමය!
ඒ වන විට අප
දකින දකින එකාගෙන් "අනුර
රණසිංහ දැක්කා දැයි?" අසමින් විය. එහෙත් අපිට
නිසි පිළිතුරක් නොලැබුණි. දැක ඇතත් ඒ
මීට පැය ගනනාවක පෙරය.
අවසානයේ අපි දෙදෙන තවමත්
හුන් අස්නෙන්ම සිටි, ගෙදර යාමට තවමත්
සිතක වත් නොවූ අයියලා
සැට් එකක් ලඟට ගියෙමු.
"අයියේ
අනුර රණසිංහව දැක්කද?
"අම්මට
සිරි මොකෝ බං නැත්තේ?මැච් එක ඉවර
උනාම මං
ඕකව කරේ තියාන ග්රවුන්ඩ් එක වටේ ගෙනිච්චේ!"
"නියමයි!
අනේ අයියේ දැං කෝ එයා?"
"කවුද
බං දන්නේ ඌ කොහේද කියලා?"
"එහෙනං
ඔයා කරේ තියාන ගර්වුන්ඩ්
එක වටේ ගෙනිච්චා කිව්වේ!?"
" ඒ
බං මීට අවුරුදු විස්සකට
විතර ඉස්සර. ඕකා අහවල් ඉස්කෝලෙට
සෙන්චරියක් දැම්ම දවසේ . . . !?!?!?1"
"@#$%^&%*()+(+_)%#!"
අපි
කණ්නාඩි හෙවිල්ල එයින්ම නවතා දැමුවෙමු !
*****************************************************************************
බිග්මැච් එකට කලින් පැවතියේ ස්ටාෆ් මැච් එකය. කොටින්ම සර්ලාගේ මැච් එකය.
ඊට අමතරව අඩු වැඩි වශයෙන් ශිෂ්‍ය නායකයෝද, බාලදක්ෂයෝද වැනි අනෙකුත් අවශේෂ කණ්ඩායම් අතරද මැච් පවතී.
නමුත් ඉන් එකක වත් ස්ටාෆ් මැච් එකේ තිබෙන ආතල් එක නැත.
මන්ද බොහෝ විට පිට්ටනිය මැද සිටින සර්ලාට චියර් කලේ ඔවුන්ගේ අනවර්ථ නම් වලින් වීමය.
නමුදු කිසිදු දිනෙක ඒ පිළිබඳව විනය මාර්ගික ක්‍රියා ගත් බවක් මා අසා නැත.
අපේ කාලයේ ඕපන් කලේ නුගේගොඩ සර්ගෙන් වාගෙ මතකය.
ඔහුද ජෙෆ් බෝයිකොට් ලෙස පන්දු නිදැල්ලේ යාමට හැරීමට වැඩි නැඹුරුවක් දැක්වූ ක්‍රීඩකයෙකි!
දන් කාලෙ යන්නේ ට්‍රක් නොව ටිපර්ය!
ඊළඟට තිබුනු ඉසව්ව වන්නේ ට්‍රක් යෑමයි! මුල් කාලයේදී මේ සඳහා උපයෝගී කර ගත්තේ පැරණි ලෑන්ඩ් රෝවර්, මිට්සුබිෂි, මහේන්ද්‍රා වාගේ ජීප් රථය.
පලමුව රථ පෙලපාලියට සහභාගී වී ඉන් පසු එක් එක් රථයේ සිටිනා එක් එක් සාමාජිකයාගේ පෙම්වතිය සිටිනා පාසැල හෝ ගෙවල් පැත්තේ කරක් ගසයි.
සෑම ට්‍රක් එකක් තුලම අඩු ගනනේ ගෙජ්ජි රබානක් වත් තිබුනේය.
විශේෂයෙන් සයිඩ් ඩ්‍රම් එකක් තිබීම අනිවාර්ය අංගයකි. ට්‍රක් එකේ යනවුන්ගේ තාත්තලාගේ වත් පොහොසත් කම හා පරීත්‍යාගශීලී බවට අනුකූලව මෙම සයිඩ් ඩ්‍රම් එක වෙනුවට පපරෙ බෑන්ඩ් එකක් දක්වා දියුණුවී යයි.
සල්ලි තිබුනද නැතුවද හැට් කලෙක්ෂන් එකද කෙරුණි. හැට් කලෙක්ෂන් එකක් යනු තොප්පියක් ගෙන බස් හෝල්ට් වල රැඳෙන මගීන් ගෙන් මුදල් හිඟාකෑමය! සමහරු කෙන්තියෙන් අහක බලා ගනිද්දී බොහෝ අය කීයක් හෝ මේ" හිඟන්නන් "හට කාසියකින් දෙකකින් ආධාර කරති.
සල්ලි කොපමණ තිබුනද කෑවේ තෝසේ කඩවලිනි.
ඉන්දු සිලෝන් සිට රධා ලොජ් දක්වා සියළුම තෝසේ කඩ පිරී ඉතිරී යන දින කිහිපයකි.
එසේම එම දිනවලට තෝසේ කඩ අධි ආරක්ෂිත කලාපයක් සිරි ගනී. මන්ද කෑමට ඇති උනන්දුව ගෙවීමට නොමැති බැවිනි.
පාසැල් කොඩිය කරේ එල්ලාගෙන ඉන්න කොල්ලන් තෝසේ කඩවල මුදලාලිලා සමග පාරවල් දිගේ තරග දිවුමේ යෙදෙන්නේ මීට සමගාමිවය.
මැච් එක පටන් ගන්නේ උදේ 10 පහුවුනාමය.
පාසැල් නිළ ඇඳුමෙන් සැරසුනු පිරිස ඇරුණාම අන් අය එන්නේ උදේ බාර් ඇරියාට පසුවය.
මිළදී ගත් බෝතලය ඇතුලට ගෙන යා හැකිවේද නොවේද යන්න ජීවිතයටත් වඩා අවිනිශ්චිත තත්වයකි.
එනිසා කොයි එකටත් කියා දැන්මම අමුවෙන්ම දෙකක් දාගෙන යන්නට බොහෝ ඉදිරිය ගැන සිතනා සුපින්වත්තු සිතති.
අනාගතය හා ඉදිරිය ගැන සිතන අය ක්රියා කලයුතු වන්නේද එලෙසය!
ඉන් පසු ප්ලාටික් කෝප්පයක් හෝ යෝගට් කප් එකක් ගෙන කඩල් ගොට්ටකින් හෝ සැනහී මත්ත ගැන හිතා හැකි උපරිමයෙන්ම ක්රියා කරති.
ඉන් පසු කණ්ඩායමේ කිසිවෙකු හෝ මතක් කලවිට සෙමෙන් සෙමෙන් පිට්ටනියට ඇදෙති.
ඈත සිට හරහට ඇදෙන පිරිස දකින පොලීසියේ මහතැන් ලා හිසේ සිට පාදාන්තය තෙක් කිචි කවමින් බෝතල් සොයයි.
ඉන් පසු සිදුවන දෑ මිහිරි මතකයක් වන්නේ පසුව මතක් වන විටය.
කෙසේ හෝ පිට්ටනිය ඇතුලට පැමිණි පසු ගාල් වන්නේ පපරෙ බෑන්ඩ් එකක් අසලය.
පපරෙ යනු ට්රම්පර්ට් දෙකක්, සයිඩ් ඩ්රම් දෙකක්, බේස් ඩ්රම් එකක් හා සිම්බල් එකක් සහිත කණ්ඩායමකි. ට්‍රම්පර්ට් දෙකක් නොමැති වුවහොත් සංගීතය හොඳින්
හාමොනයිස් නොවීමද පිඹින එකාට හුස්ම ගැනීමට ඉස් පාසුවක් නොමැති කමින් ස්වර්ගස්ත වීමටද
හේතු විය හැක.
මෙම කණ්ඩායම් වල තිබෙන මූලික ගුණාංගය වන්නේ සුපිරි බෙබේ ලා වීමය.
කොටින්ම
උන් බොන්න දන්නේම නැත. සින්දු දෙකෙන් දෙකට ඔවුන්ට නලා තෙල් දිය යුතුය.
අද කාලේ වාගේ කෙල්ලට වඳින ගාතා නොව සුපිරිම සින්දු තිබුනු ඒ යුගයේ පවා බෑන්ඩ්
එක පටන් ගන්නේ එකම ශුද්ධවූ ගීතයකිනි.
ඒ "හරිම වැඩක් නේද මචන් - හරිම වැඩක් නේ . . .//" ගීතයෙනි.
මුල් කාලයේදී මීට අමතරව නාදස්වරම් කණ්ඩායම්ද බිග් මැච් ටෙන්ට් වල දකින්නට තිබුනි. බොහෝ විට ඔවුන් පටන් ගත්තේ
"මන්නාරම් පිටි වැල්ලේ . . . //" ගීතයෙනි.
මොහොදීන් බෙග් මාස්ටර්, එම් එස්, වොලී බැස්ටියන් ගේ ගීත මේ සියළු කණ්ඩායම් තුලින් නින්නාද විය.
කණ්ඩායම සමග සම්බන්ධීකරණය කල අය ඒ අසලම රැඳෙමින්; ඒ වටා නටන උන් ගෙන් ට්‍රම්පර්ට් පිඹින්නන්ගේ දත් වහළු පරිස්සම් කර දීමට මහන්සි වී කටයුතු කිරීමද මෙහිදී අගය කල යුතු වන්නේය.
මන්ද නටන ඩොප් කාරයෙකු යකඩ නලාවේ ගැටුන හොත් නලා කාරයාට සිදුවන්නේ ජීවිත කාලයටම දත් නැතිව බත් කන්නටය!
මේ සියල්ල අතරේ හොර රහසේ ගේට්ටුවෙන් ගෙන ආ මධුවිතද පිරිස අතර තුනී වී යයි.
වාඩිවීමට ඇති පුටු මත හිට ගෙන නටන උන් එකා මත්තේ එකා ඇදගෙන වැටුනත් නැවත පවතින සංගීතය විසින් උන් නැගී සිටුවයි.
දීන දෙක ගෙවී යන්නේ රසබර මතක රාශියක් ජීවිතයට එක් කරමිනි. වර්ණපුරගේ 118 වාර්ථාව ආනන්දීයයකු වෙතින් කැඩීයනු මා දුටුවේය.
එසේම මහානාම අළුතින් තම නම වාර්ථාපොතට එක් කරණු දුටුවෙමි.
ගුරාගේ වැඩ කිඩ ද දැක්කෙමි.
බිග් මැච් එකේදී බොහෝ විට හමු වන්නේ වසරකට දෙකකට පෙර හමුවූ මිතුරණ්ය.
සමහරුණ් මැච් එකට සහභාගී වීමට කොටින්ම මිතුරු සමාගමයටම එන පිරිස් වේ.
බිග් මැච් වලට දෙස් දෙවොල් තියන බොහෝ අය එයට හේතු ලෙස දක්වන්නේ මධුවිත භාවිතයය.
මෙරට මධුවිත පානය කරණ සියල්ලෝ තබා බහුතරයවත් බිග් මැච් වලින් තම ඇල්කෝලික් ජීවිතය පටන් ගෙන නොමැති බැවින් එම චෝදනා වලට පිළිතුරු දීමට අවශ්‍ය නොවේ.
මේ සෑම කලකදීම මැච් එකෙන් පසු ඇසුණු ගීතයක් දෙසවනෙහි නින්නාද වේ.
එය පසැල් දෙකෙහි සැවොම ගයන පොදු ගීතයකි.
"ආනන්ද පරිප්පු - නාලන්ද පරිප්පු
ආනන්ද පරිප්පු - මේ දෙකම පරිප්පු . . .//"
බොහෝ කල කින් බිග් මැච් බැලීමට හදවත ඉඩ දී ඇත.
එය සුන්දර මතකයක්ම වේවා !
දැන් රෑ 10 .40 ත් පහුවෙලා ඇඳට යන්න හදනකොට මේක දැක්කා. ඉතින් නොබලා කොහොමද ? බැලුවාම ප්‍රතිචාරයක් නොදා කොහොමද ? බිග් මැච් ගැන මතක් කලාට ස්තුතියි. ඒක එච්චරටම එන්ජෝයි කල යුගයක මතකය නැවත අලුත් කරනවා.
ReplyDeleteබුදුන්ගේ කාලේ විතර හදාපු මැගියොස් ඩොයිෂ් magirus deutz ලොරියක් කොට්ටාවේ ගල් මෝලක තිබුනා. වහලේ බාර් විතරක් තිබුන, බ්රේක් නැති, තල්ලු ස්ටාට් එකක්. මුලින්ම බිග් මැච් දවස් තුනක් ගහන්න පටන් ගත් අවුරුද්දේ (රෝයල් තෝමියන් 100, 1978 හෝ 79 වෙන්න ඕනා) ට්‍රක් යන්න මේක සෙට් උනා. ලොරිය හොයා ගත්තේ මම උනාට ඒ ළඟම හිටපු යාලුවෙක් තමයි වැඩේ සෙට් කලේ. රීඩ් ඇවනියු එකේ රේස් කෝස් එක ඉස්සරහා (කුරුඳුවත්ත පොලිසියට ආසන්නයේ)තියලා සරසලා ස්ටාර්ට් කරන්න තල්ලු කළා. කුරුඳුවත්ත පොලිසියේ ගේට්ටුව පහු කරනකොට පොලිස් ජීප් එක ගේට්ටුවෙන් ඇතුල් වෙන තැනම නවත්වලා කට්ටිය බැහැලා අපිට සුද්ද සිංහල ආමන්ත්‍රණයක් දෙනවා. බැලූ කොට අපි ලොරිය තල්ලු කරන කොට ජීප් එක පොලිසිය ඇතුලට (අප ඉදිරියට පැමිණ දකුණට) හරවන්න හදනකොට අපේ ඩ්‍රයිවර් මේක පොලිස් වාහනයක් නිසා ස්ටාර්ට් කරන එක කල් දාලා, බ්රේක් ගහන ගමන් පොලිස් වාහනයට දකුණට හරවලා යන්න කියලා අතින් කියලා. කොල්ලෝ විස්සක් විතර මේක තල්ලු කරනවානේ, බ්රේක් ගැහුවාම අපිට ටිකක් ප්‍රතිරෝධය දැනුනාම(මේකේ බ්‍රේක් තියෙන්නේ එච්චරයි) තවත් හයියෙන් තල්ලු කළා. අපේ තල්ලුව කොච්චර පවර්ෆුල් ද කියනවානම් ලොරිය නවතින්නේ නැතිබව තේරුන පොලිස් ඩ්‍රයිවර් ඉක්මනට ජීප් එක පොලිසිය ඇතුලට දාලා, අපේ ඩ්‍රයිවරුත් පාරේ ඔන්කමිං පැත්තට කපලා තමයි හැපෙන එක වලක්වා ගත්තේ. අපිත් එක්ක asp(කොළඹින් පිට ආසන්නම ප්‍රදේශයක ) කෙනෙකුගේ පුතෙක් හිටියා. මේක උන ගමන් ඒකා පැනලා දිව්වා. ඌ කියන හැටියට මේ සිද්ධිය උගේ තාත්තා දැනගත්තොත් ඌ කපෝතියි කියලා තමයි කිව්වේ. ඒකා කාගේ කව්ද කියා නොදන්නා පොලිස් කාරයෝ අපිව පොලිසිය ඇතුලට අරන් ගිහින් පැනලා ගිය එක්කෙනාවත් අල්ලාගෙන එන්න කියලා දෙන්නෙක්ව යැව්වා.ඒ දෙන්නා ගිහිල්ලා මේකාව ආපහු අරගෙන ආවා. ඊට පස්සේ පැනලා ගිය ඇත්ත හේතුව කිව්වාම උන්ටත් දුක හිතිලා පැය එකහමාරක් විතර බයිට් කරලා අපිව නිදහස් කළා. මම මේකේ කිව්වේ බොහොම කෙටියෙන්, මීට වැඩි දේවල් උනා. මේවා මතක් වෙනකොට තවමත් හිනා යනවා. සුභ රාත්‍රියක්.
සෑම් මහත්තයා මං කියන්නේ බොරුද ඉතිං? සමහරු වැස්ස විඳිති සමහරෙකුට වැස්ස යනු තෙමීමක් පමණි කියලා!? අපි අපේ ජීවිත කාලය තුල මොනතරම් වාහන තල්ලු කරලා ඇතිද? (මම නම් ඉඳගෙන ගියාට වඩා කලේ තල්ලු කරපු එක කියලා කියන්න පුළුවන්!) ඒත් ජීවිතේ අමතක නොවන වාහන තල්ලුව මොකද්ද කියලා ඔබෙන් ඇසූවොත් ඔබට නිරායාසයෙන්ම මතකයට එන්නේ ඔය තල්ලුව වෙන්න ඕනෑ. අපේ යාළුවෙකු හිටියා ප්‍රසාද් පෙරේරා කියලා. උන්නැහැ දැන් අමෙරිකාවේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරණවා. අපි එක බිග් මැච් එකක් ඉවර වෙලා බම්බලපිටියේ හෝටලේකට සෙට් උනා කොත්තු කන්න. පලවෙනියෙම්ම ගෙනාපු කොත්තුව මූ ඉස්සරහින් තිබ්බා විතරයි කෑ ගහනවා "මම කන්නෑ කොස් මැල්ලුං!" කියලා. අපි මූට කියනවා කියනවා "මචං මේ කොස් මැල්ලුං නෙවෙයි මේ කොත්තු !" කියලා. කොච්චර කිව්වත් අපිට බැරි උනා ප්‍රසාද්ට තෝරලා දෙන්න මේ කොස් මැල්ලුං නෙවේ කොත්තු කියලා. අදටත් මම කඩෙන් කොත්තුවක් ගත්තු ගමන් හිතෙන් කියැවෙන්නේ "මම කන්නෑ කොස් මැල්ලුං!" කියලාමයි. ස්තූතියි!
DeleteBest part of our big match (Mahinda Richmond) was the old boys match. Only past school cricketers were allowed (also liquor and cigarettes allowed) imagine the fun.
ReplyDeleteසත්තකින්ම විජේබාහු මහත්තයා ඇත්තටම බිග් මැච් එක කියන්නේ සොඳුරු මිතුරු හමුවක්. සමහර වෙලාවට අපට හමුවන මිතුරණ් ඒ හමුවෙන්නේ අවුරුදු විස්සකින් තිහකින් වෙන්න පුළුවන්. බොහෝ එවුන් ඒ කාලේ කරපු කියපු දේවල් වල හැටියට; තාම ජීවතුන් අතර ඉන්න එකත් ලොකු දෙයක්! අපෙත් ආදිශිෂ්‍ය තරගය උත්සවශ්‍රියෙන් ඇළලී ගිය එකක්ම තමයි. ස්තූතියි
Deleteමේ පාරත් යන්න වෙන එකක් නෑ වගේ මටත් :'(
ReplyDeleteඑහෙම කරණ්න එපා ඉතින්!
DeleteTnx!
ReplyDeleteWhy?
ReplyDeleteUG is going to the match.
DeleteUG !?
DeleteOh! Upe Gu ?
Deleteyep
Deleteපට්ට පොස්ට් එකක් . අතීතය මතක් උනා අයියේ
ReplyDeleteEla! Thankew mallee!
Deleteමේ දවස් දෙකම සීයලා ,මාමලා,අයියලා,මල්ලිලා අතපයේ හිරියන්නත් එක්ක ආතල් ගන්නකොට ටයි පොල්ලක් බෙල්ලේ එල්ලගෙන ගිනි අව්වේ අත් දිගට ෂර්ට් එක ඇඳලා උදේ පාන්දර ඉඳන් රෑ හත අට වෙනකල් ලොකු මැච් එකේ ඩියුටි කරපු කාලේ මතක් වුනා .අවරුදු දහතුනක් ඉස්කෝලේ ගියා දවස් හතරක් විතරයි මැච් එක ට ගියේ .ඒකත් යන්නම ඕනේ නිසා .
ReplyDeleteඑළම එළ!
ReplyDeleteමල්ලි උඹලත් එක්ක සිසිර නානායක්කාර කියලා බුවෙක් වැඩ කරණවද?
පාරේ ගහන්නේ නැති තාක් බිග් මැච් වල කිසි වරදක් නැහැ...
ReplyDeleteමමත් පහුගිය කාලෙ බිග් මැච් නොගියෙම ඔය කාරණේ හින්දමයි!
Delete