පෙ.ව 7.15
දිනය පටන් ගෙන. නිල් අහස් කුස තුල ඉන්ද්‍රඛීලයක්සේ නැගිට ගත් තල් අරණ
එදින වැසි මන්දාරමකින් යාපන අර්ධද්වීපය වැසුනු දිනයකි. ප්රේමසර ඈපාසිංහයන් කියන්නාසේ "ක්රීඩාවට උචිත කාලගුණයක් " පැවතුනි. ඒ ක්රිකට් ක්රීඩාවට නොව සයිකල් පැදීමටය. අප මද විරාමයක් ගනු පිණිස බෝක්කු ගල මත වාඩි උනෙමු. ඒ අනෙකක් නොව; මා ට්රැක්ටරය පසුපස හඹා'විත් නැවතුනු ස්ථානයේය.
එතැනට ආසන්නව බස් නැවතුමක් විය. එතැන සිටි තරුණියන් තිදෙන;
එකිනෙකා හා කතා කරමින් සිටි අපදෙස බලා සිටි මුත් අප නිකමටවත් ඔවුන් දෙස බැලුවේ නැත!
හොඳටෝම වැරදුනා!
"එකිනෙකා හා කතා කරමින් එතැන සිටි තරුණියන් තිදෙන දෙස අප බලා සිටි මුත් ඔවුන් නිකමටවත් අප දෙස බලුවේ නැත! " යනුවෙන් එය නිවැරදි විය යුතුය!
අප විවේකය සඳහා නැවතුනු විට අනුගමනය කරණ; කාරණා කිහිපයකි.
අහරක් ගැනීම, වතුර බීම, බයිසිකලයේ ටයර මිරිකීම හෙවත් හුලං බැලීම යන කාරණා මින් ප්‍රධාන තැනක් ගනී.පිටුපස ඇති පැනියර සැකසීම. මේ කරුණුවලින් බොහොමයක් සෑම නැවතුමකදීම ඉටු කෙරේ. කෑමේදී හා ජලය පානය කිරීමේදී අනෙක් සගයන්ගෙන්ද විමසීම අනිවාරයයෙන්ම සිදුවන චාරිත්රයකි.
තමා රැගෙන ආ වතුර බෝතලය සම්පූර්ණයෙන් තිබිය යුතුය. නැතහොත් බී අවසන් කලයුතුය යන න්‍යාය කාගේ සිත තුල නොවුනත් මගේ සිතේ තදින්ම කා වදී තිබුනු. එයට නිශ්චිත හේතුවක් නොමැත.
මේක හදපු එක නොවෙයි පුදුමෙ - කවුද දන්නෑ හිටෙව්වේ?
අප එතැනින් පිටත්ව ටික දුරක් යන විට මෙම පලාතට අවේණික තොරණක් නැතහොත් වාහල් කඩක් හමුවිය. එහි අමු හිංගලෙන් ලියා තිබුනේ "පූනකරි නගරයට සාදරයෙන් පිළිගනිමු!" යන්නනය. මේ පූනරින් වලටම කේන්ති ගියවිට කියන නමක්දැයි අසා දැනගැනීමට කෙනෙකු ඒ අසල නොසිටි අතර අප ප්රශ්ණාර්ථයක් සමග එයින් ඇතුළු විය.
අප පසුකර පැමිනි මාර්ගයෙ පසෙක තිබූ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්රථිෂ්ඨාපනය කරණ්නට යෙදුනාවූ නාම පුවරුවල පවා සිංහලෙන් කටපුරා "පුනරින්" කීවාට ඉංග්රීසියෙන් ලියා තිබුනේ Poonakariයනුවෙනි.
අප බොහෝ ස්ථාන වලින් නවතා විවේක ගෙන තවත් ටික වේලාවක් "අඹ කයියකට" සෙට් වෙද්දී නිශාන් කුමාර අපව දමා "සිකුරු ලියා" සේ ඉගිලෙයි. ඉන් පසු අප වෙනදා මෙන්ම ඔහු පසු පස ලුහු බැඳීම අරඹයි. පෙර ලියන ලද පෝස්ටුවක සඳහන් කල සේම අපෙන් විනාඩි 15 කට 20 කට පෙර ඉවත්ව යන හේ ඇල්ලීමට අපට බොහෝ කාලයක් ගත වේ. සමහර විට ඒ ඔහු සිතින් සිතා නැවතී අප එන තුරු රැඳී සිටිය හොත් පමණි.
පෙ.ව. 7.37
ලොකුවට හිටියාට ඔය තවත් ගහක් - මීට තණකොල ගහ
පසු ගිය කාලය පුරා වට වැස්ස විසින් පරිසරය තුල මහත්වූ සුන්දරත්වයක් මවා තිබුනි. එම සුන්දරත්වය; ප්‍රදේශයට ආවේණික භූගෝලීය මෙන්ම දේශගුණික සධකයන් තමන් තුල සඟවාගෙන තිබුනි. දකින දකින දසුන තුලින් දිස්වූවේ පහත රට තෙත් කලාපීය පලාතක අසිරියය. ගමන් ගත් මග වැටී තිබුනෙ තල් අරණක් ඔස්සේ වුවද සිත තුල පොල් රුප්පාවක සිසිලසක් පැතිරී ගොස් තිබුනි.
නිශාන් "වියෝග ප්‍රවේගයෙන්" ඉගිල ගොසිනි! ඔහු නැවත කොයි මොහොතේ දක්නට ලැබේ දැසි සිතිය නොහැක. මන්ද මා ට්‍රැක්ටරය පසු පස ලුහුබඳිද්දී; නිශාන් පැමිණ ඇත්තේ තරමක අසීරුවකිනි. එම මුළු දුර ප්‍රමාණයම ඔහු තද බල ලෙස සුළං ප්‍රථිරෝධයේ අරියාදුවට එදිරිවාදී කමට මුහුණදී තිබුනි. එම මුළු දුර ප්‍රමාණයම මධුෂාන් සයිකලය පැද තිබුනේ නිශාන්ව සුළඟින් ආවරණය වන පරිද්දෙනි!මොන තරම් හොඳ ගමන් සගයෙකුද ඔහු!?
මේ නිසාම නිශාන් සිටියේ තරමක තැති ගැනීමකිනි. නිශාන් යනු දැඩි ආත්ම ශක්තියකින් යුතු අයෙකු වූයේය. එහෙත්; අපගේ අවසාන ඉලක්කය වෙත ලඟා වීමට නොහැකි වේදෝ යි චකිතයක් බියක් සැක සංකාවක් විච්කිච්ඡාවක් ඔහු තුල ගමනේ ආරම්ඹ්යේ සිටම තිබෙනු දක්නට ලැබුනි! එනිසාම ඔහු හැකි උපරිමයෙන් අප ඉදිරියෙන් පැද යනු චාරිකාව මුළුල්ලේම ඔහු තුලින් විද්‍යාමාණ විය. මෙය එසේ වන්නට හෙතු භූත වන කරුණු අතරින් දෙකක් ප්‍රධාන වශයෙන් මීට ඉවහල් වන්නට ඇතැයි මා සිතමි .
1. ඔහු තුල මෙවන් දීර්ඝ ගමනක් යෙදී නොතිබුනු පලපුරුද්ද.
2. අපගේ හැකියාව පිළිබඳව ඔහු තුල තිබුනු අධිතක්සේරුව.
මෙනිසාම ඔහු හැකි හැම විටෙකම උත්සාහ කලේ අපට හැකි පමන ඉදිරියෙන් පැදයාමටය!
මෙනිසාම අප අතර ගමන පුරාවට සිදුවිය යුතුව තිබුනු අදහස්, හැඟීම්, සිතුවිළි, සිතුම්-පැතුම් සම්ප්‍රේෂනය සිදුවූයේ මාත් මධූත් අතර පමනකි. එනිසාම කණ්ඩායම අතර තිබිය යුතු මානසික බැඳීම යම් පමනකට සීමාවූ බවක් චාරිකාව මුළුල්ලේ මා අත් වින්දෙමි.
මමත් වසිකත් මධුෂානුත් පසු කලෙක පොළොන්නරුවට ගිය චාරිකාවේදී මවිසින් ඔවුන් දෙදෙනා වෙත එම අසාධාරණයම වන්නට ඇතැයි අද දිනයේ මට සිතේ. මන්ද එම ගමන පුරාවට මා ඔවුන්ට ඉදිරියෙන් පැදයාම කල බැවින්ය. එම ගමන සඳහා මා භාවිතා කලේ මීට මාසයකට පෙර මැද පෙර දිග වසන මහේෂ් මල්ලීට විකුණා දැමූ ඩ්‍රොප් ආම් චේන්ජරයය. එය මගේ හැකියාවට වඩා වැඩි වේගයක් මාහට ආරෝපණය කලේ මටද සිතා ගැනීමට නොහැකි පරිද්දෙනි!
එහෙත් මා "ගඟක් දිගේ" යන විට අප කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනා අතර නිරන්තර සංවාදයක් සිදු විය! බොහෝ විට සයිකල් චාරිකාවකදී; ගඟක් තරණයේදී මෙන් නිදහසේ එකිනෙකා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කිරීමට පාරේ ගමන් ගන්නා විනීත රියැදුරු මහතුන් ඉඩ තබන්නේද නැත. එසේම සයිකල් චාරිකාවක් තරමක වෙහෙස කාරී කට යුත්තකි!
පරිසර චමත්කාරය විඳීමේදීද වෙනයම් හැඟීම් දැනීම් තෙරුම් ගැනීමේදීද කතාබහක් ඇත්නම් එය ආශිර්වාදයකි! සුන්දර අත්දැකීමකි!!
පෙ.ව. 7.43
පත අට එකට සිඳ !
සෑම කිලෝමීටර 20 කටම වරක් අප නැවතී විරාමයක් ගැනීමට නියමිතව තිබුනද; කිලෝමීටර 20 ක් යන්නට මත්තෙන් නැවතීමට කුමක් හෝ කරුණක් යෙදීම බොහෝ විට සිදුවේ. අප එක් එක් අය හා සතු වතුර, ජිවනී හෝ වෙනයම් ආහාර අවශ්‍යතාවයක්, සයිකලයේ හෝ ඊට අනුබද්ධිත පැනියරයේ කුඩා සීරු මාරුවක්, ඡායා රූපයක් ගැනීමේ උවමනාවක් ඒ කිසිසේත්ම නැතිනම් විවේකයක් විරාමයක් ගැනීමට සුදුසු පරිසර පද්ධතියක්, සෙවන දෙන ගසක්, පාලමක්, බෝක්කුවක් වැනි යමක් මුණ ගැසීමද මෙයට හේතුවක් විය හැක.
ජලය කොපමන තිබුනද ජීවනී උගුරක් පානය කිරීමට ඇවැසිව එය සමන්විත බෝතලය ගෙන බැලූ විට එය හිස්ව ගොස් ඇත්නම් හෝ එහි ඇති ප්‍රමාණය අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන්නේ නම් තැන නොතැන නොබලා ජීවනී හදා ගැනීමට කුඩා ඉසිඹුවක් ගැනීම සිදුවිය.
නියමිත ඉලක්කයක් හැරුනු විට නියමිත නිශ්චිත නොවෙනස් විය යුතු කාල සටහනක් අවසන් දිනය වන විට අප අතර ඉතිරිව නොමැති විය. අප තිදෙන මහත්වූ නිදහසක් භුක්ති විඳිමින් විය. සාමාන්‍ය ජීවිතය තුල අත් දකින, නොවැලැක්විය හැකි, ඇඟේ හැප්පෙන අවශ්‍යතා, වගකීම්,යුතුකම්, නීති රීති වලින් බැහැරව; අප අපගේ සාමාන්‍ය ජන ජීවිත වලින් ඈත්ව මහත්වූ අස්වැසිල්ලකින් යුතුව ගත කල දින තුනක කාලයක අවසාන දිනයට පිළිපන්ව ඇත.
එක් අයෙකුගේ; පෙර සඳහන් කල පරිදි ඕනෑම හෝ එපාම නො එසේනම් අවශ්‍යා අත්‍යාවශ්ය හෝ අනවශ්‍ය කරුණක් වෙනුවෙන් අප සියළු දෙන මුවින් නොබැන; තැන නොතැන නොබලා නැවතුනෙමු. "නැවතුනෙමු" කීවාට එය "නැවතුනෙමි!" හෝ "නැවතුනේය!" යනුවෙන් වෙනස් විය යුතුය. මන්ද බොහේ විට මේ කිසිදු අලකලංචියකට මුහුන දිමට නිශාන්ගේ මුහුන ඒ අසල විය නොවීය.
ඔහු "වියෝග ප්‍රවේගයෙන්" අපට නොපෙනෙන තරම් දුරිණ පදිමින් වන්නට ඇත!
පෙ.ව. 7.53
බෝඩ් ලෑලට තියෙන ආදරේ !
හිරු වළා සේදයන්තුල සැඟව ගොස් ය. තවත් මහා වැස්සක පෙර නිමිත්තක් වත්ද? අහස තුලින් විඩා බර සේයාවක් දිස් විය. විඩා බර කීවාට වඩා ගැබ්බර සෙයාවක් කීවනම් වඩා හොඳ වාගේය. ඇය සිටින්නේ මහා වැස්සක් ප්‍රසූත කරණ්නට වත්ද?
මා කලින් දිනක කීවා සේ වාහන තදබදය සයිකල් පදින්නන් හට මොනතරම් අන්තරායකරී වූවද පාරේ වහන එහෙම් පිටින්ම හෝදා පාළුවූ දවසට සයිකල් පැදීම බිහෝසෙයින් විඩා බර කට යුත්තකි. මන්ද එදිනට සයිකල් පැදීමට එරෙහිව නැගී සිටින සුළං ප්‍රවාහයට මුහුණ දෙන්නට වන්නේ හුදෙකලාවමය. තනිවමය. කිසිදු අන් හව්හරණක් නොමැතිවය.
කොල්ලා ගෙදර සිටින විට මැවෙන්නේ මහා කං කරච්චලයකි.එහෙත් ඌ නැති වෙලාවට දැනෙන්නේ මහා පාළුවකි. කාන්සියකි. තනිකමකි. මෙයද එවැනිම හැඟීමකි දැනීමකි.
හිරු නැතිවීමද හිතට ගෙන එන්නේ කාන්සියකි. කම්මැළි කමකි. අලස බවකි. මෙසේ පැදයාමේදී හමුවන මං සළකුණක් ග්‍රාම නාම පුවරුවක් හිතට ගෙන එන්නේ "අප ඉදිරියට යමින් වන්නෙමු!" යන සිතුවිල්ලය.
අප ගාළුපාර දිගේ දකුණු ලකට ගමන් කිරීමේදී දැනෙන හැඟීම අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී නොදැනෙන්නේ මන්දැයි සිතන්න. අප කොළඹ කොටුවෙන් ගමන් ඇරඹුව කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන,කටුබැද්ද, රාවතවත්ත, මොරටුව යනාදී වශයෙන් ගමින් ගම, හංදියෙන් හංදිය පසු කරණු පෙනෙයි,දැනෙයි, හැඟෙයි.
එහෙත් අධිවේගී මාර්ගයේදී එසේ දැනෙන හැඟෙන ක්‍රම වේදයක් ඇත්තේ; මාර්ගයෙන් පිටවීමකදී-පිවිසුමකදී හා වැළිපැන්න කඩ මණ්ඩියේදී පමණි!
එසේම අපගේ මේ ගමනේදීද අප ගමන් ගන්නේ මහත්වූ ජන ශූන්‍ය පෙදෙසක් හරහා වන අතර එහෙයින්ම අප පසුකරණ බොහෝ කිලෝමීටර වලට නාම පදයක් නොවීය! ඒවා හුදෙක් කිලෝමීටර දුර වල් ම විය. එසේ බොහෝ දුරක් ගමන් කිරීමෙන් ඉක්බිතිව හමුවන ගමේ නමද කඩයක බෝඩ් ලෑල්ලක ලියා තිබුනේ දෙමලෙන් හෙවත් දමිලෙන් හෙවත් ද්‍රවිඪ භාෂාවෙන්ම පමනක් විය. අප තිදෙනාම දැන සිටියේ සිංහල හැරුණුවිට "අණ්ඩර දෙමල" පමණි. එනිසාම පසුකල කිලෝමීටර වලට නමක් දීමට අපට නොහැකි විය. තවත් දුරක් ගමන් ගනිත්දී හමුවන බෝඩ් ලෑල්ලෙ ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ලියා තිබුනත් ඒ කිසිදා හීනෙන් වත් අසා නොතිබුනු ගමක් වීමෙන්ද වුනු සෙතක් නොමැත.
එහෙත් අතරිණ් පතර හමුවන අප පසුගිය තිස් අවුරුදු යුද්ධයේදී කෙරුණු බෝම්බ පිපුරුණු තැන් වල මතක හිටින නමක් සඳහන් පුවරුවක් දුටු විට හිතට ගලා එන්නේ මහත් වූ සතුටකි. ඒ පිපුරුණු බෝම්බ නිසා නොව දන්නා කියන, අසා ඇති කියවා බලා ඇති පලතකට පැමිණ ඇතැයි සිතට දැනෙන අහිංසක ආඩම්බරය නිසා ඇති වන්නක් විය යුතුය.
පරන්තන් පිළිබඳ මගේ මතකය වසර ගනනාවක් නොව දශක ගනනාවක් ඈතට ගමන් ගනී. ඒ කුඩා කල පාසැලේදි; ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ වලට ආවේණික; නො එසේනම් ප්‍රසිද්ධ නිශ්පාදන, කර්මාන්ත හෝ සම්පත් සඳහන් ලැයිස්තුවේ "රසායනික ද්‍රව්‍ය" යන්නට ඉදිරියෙන් වූයේ "පරන්තන්" යන්නය. රසායනික ද්‍රව්‍ය යනු හකුරුයි පොලුයි වැනි කෑමක්ද කියා නොදන්නා ළපැටි අවධියේදි පවා පරන්තන් අසා සුපුරුදු ගමක් විය.
එසේම අපගේ ගමන් මගේ ඊළඟ අසා පුරුදු ගම හෝ නගරය වූයේ "පූනරින්" ය. ඒ පසුගිය යුධ කාලයේදී එම නම බොහෝ සේ කන වැකුණු එකක් වූ නිසාය!
පූනරින් බෝඩ් ලෑල්ල අපට මහත්වූ අස්වැසිලක් විය.
අපි යාපනේට කිට්ටු කරලා !
පූනරින් යනු සංග්‍රාමික වශයෙන් වැදගත් ස්ථානයක් බව තේරුම් ගෙන තිබුනෙ වර්ථමානයේ පමනක් නොවේ.වර්ෂ 1658 වැනි ඈත කාලයකදි ලංදේසීන් විසින් එතෙක් පෘතුගීසීන් අත පැවති බලකොටුව අත්පත් කරගෙන ඇත. එය පෘතුගීසීන් විසින් ස්තාපිත කලයක් පිළිබඳව විස්තර සොයා ගැනීම අපහසුව ඇත.
ලංකාවේ සිටි පෘතුගීසි යුගය පිළිබඳ මහා ප්‍රාඥ්ඥයා වූ කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නැසීගිය ටිකිරි අබයසිංහයන්ගේ "පෘතුගීසීන් හා ලංකාව" ග්‍රන්ථයේ හෝ පූනරින් බලකොටුව ගැන කිසිවක් ලියැවී නොමැත.
පෘතුගීසීන් සතු ව තිබූ සියල්ල ලන්දේසීන් විසින්ද; ලන්දේසීන් සතුවූ සියල්ල ඉංග්‍රීසීන් විසින්ද ඩැහැ ගැනීම ලක්දිව ඉතිහාසය තුල ඉතා සාමාන්‍ය කාරණාවක් වන අතර පූනරින් බල කොටුවටද සිදුවී ඇත්තේ එයමය ය.
මෑත භාගයේදී මෙම ස්ථානය පිළිබඳව කතා බහට ලක් වන්නේ 1998 නොවැම්බර් 11 දින් එහි වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කඳවුරට එල්ලවූ එල්ටීටීඊ ප්‍රහාරය හේතු කොටගෙනය. හමුදා සෙබළු 600 කට වඩා වැඩි පිරිසකට ජීවිත අහිමි කල මෙම ප්‍රහාරය නිසාම "පූනරින්" යන නම සමග සිතට ගලා එන්නේ කිසියම් හිස් බවක් වීම නොවැලැක් විය හැකි විය. මුළු මහත් ඉතිහාසය පුරා රුධිරයෙන් පෙඟුනු එම බිම එතෙක් අප හැර ගොස් සිටි නිශාන් නැවත අප සමග එක් කිරීමට සමත් විය.
පෙ.ව. 8.13
පුනරීන් හංදිය !
පෙ.ව. 8.14
පංසල් 1/2 ක් !
පෙ.ව. 8.16
සාමයේ පරවියා ඉගිල ගත නොහැකිව ගල් වී !
ලේ වැකුණු බිමක සංසුන් බව !
ඔන්න පෙරේරලාගේ සිල්වලාගෙ මෙන්ඩිස් ලගෙ වැඩ !
ගලේ කෙටූ සාමය !
පූනරීන් නගරයක් නොව මං සංධියකි. රජයට අයත් ගොඩනැගිලි කිහිපයක් හා කුඩා කඩ කිහිපයක් ඇති එම කඩමණ්ඩිය කිසියම් විවෘථ බවකින් යුක්ත විය. වෙනත් ගම් වල පිහිටි කුඩා කඩමණ්ඩි කිසියම් අඳුරු බවක් ගස් කොලන් වලින් ආවරණය් වූ බවක් දක්නට ලැබුනත්; එවන් වාතාවරණයක් මෙහි දක්නට නොලැබුනි. නගර මාධ්‍යයේ පිහිටි වට රවුම මැද ස්ථාපිත සුදු පරවියා පෙන්නුම් කිරීමට උත්සාහ කලේ "සාමය" විය යුතුය. සත්තකින්ම පූනරින් හැරුණුකොටගෙන සුදු පරවියාට ලැග සිටින්නට වෙනත් සුදුසු ස්ථානයක් ලක්දිව තව ඇත්දැයි ඉතිහාසය පිරික්සීමේදී සිතෙයි.
සාමය ගැන අප මොනතරම් කතා කලත් ඇත්තෙන්ම සාමය අවශ්‍යව තිබුනේ කාටදැයි විවිධ වරනැගීම් තුලින් කතා කල හැක. තිස් අවුරුදු යුධ සමය තුල දකුණේ අපට ජීවත් වීමට යම් වටා පිටාවක් නොතිබුනේ යැයි කිසිවෙකුට කීමට නොහැක. එහෙත්; තිස් අවුරුද්ද පසෙකින් තබා මාවිල් ආරු සොරොව්ව වසා දැමූ 2006 ජුලි 21 සිට නන්දිකඩාල් හීදි ප්‍රභාකරණ් මරා දැමුනු 2009 මැයි 19 අතර අවුරුදු තුනක කලය තුල එල්ටීටීඊ පාලන ප්‍රදේශය තුල සිටිය වුනට සාමයේ අවශ්‍යතාවය කෙතරම් දැනෙන්නට ඇත්දැයි සිතා ගත හැකිද?
එල්ටිටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිනී විසින් කොටි සංවිධානය හා සම්බන්ධ තම රහසිගත ක්‍රියාකාරකම් හා බිහිසුනු අත්දැකීම් විවරණය කෙරෙණ "තියුණු අසිපතක සෙවණ යට" නමැති කෘතියේ; අතීතයේ දී මෙන් මේ රටේ රුධිර ගංගාවන් ගලායාමේ බිහිසුණු, අමිහිරි, වේදනාකාරී තත්වයන් තවදුරටත් ඇති නොවේවා යන උත්තුංග පරමාර්ථය පෙරදැරි කරගනිමින් සිය යුධ අත්දැකීම් පිළිබඳව තූලනාත්මක විවරණයක යෙදෙමින් මෙසේ පවසන්නීය.
"එයට පසුව අපව දෙණියාය ප්‍රදේශයට කැඳවාගෙන ගියේය. එය තේ,රබර් වතුවලින් යුතු සුන්දර කඳුකර ප්‍රදේශයකි.හරිතවත් බවත්,ශීතලත් හමායන කඳුකර සුළඟත් සළ සල හඬින් ගලා යන කළු ගඟත්,කුමන අන්දමේ චිත්ත තුවාලයක් වුව සුව කිරීමට සමත් ස්වභාව ධර්මයෙහි මහඟු ඔසුය යන සත්‍යය අපට පසක් කලේය. පසුව සිංහල ගමක ජනතාව විසින් අපව පිළිගැනීමේ වැඩ සටහනක් පවත්වන ලදී. වැඩිහිටි සිංහල මාතාවන් සිංහල සංස්කෘථියට අනුව අපව බුලත් දී පිළිගත් අතර සිංහල ළමුන් විසින් අපට මල් පොකුරු දී පිළිගන්නා ලදී. ඇත්තෙන්ම එම වැඩ සටහන දේශපාලන අරමුණක් සහිතව සංවිධානය කර තිබුනත්, අප වට කර ගෙන සිනාමුසුව අප පිළිගත් ජනතාවගේ සහ අපේ සිත්වල ඇතිව තිබූ සැහැල්ලු බවද ඇස් කොන්වල මතු ව තිබූ කඳුළු බිඳු ද මිනිස් සිත් තුල සැඟවිය නොහැකි සැබෑ හැඟීම්වල ප්‍රකාශනයන් ලෙසින් හැඳින්විය හැකිය. සියවස් කාලයක දේශපාලන එදිරිවාදීකම් මෙවැනි සම්බන්ධතාවන් එකකින් දෙකකින් නැති කළ නොහැකි බව සත්‍යයකි. එහෙත් භාෂාව, ආගම යනාදිය පසු කර ගොස් මිනිස් සම්බන්ධතාවල ආදරය බෙදා හදා ගත යුතුය. එවැනි පුළුල් මානසික යෝග්‍යතාවක් මිනිසුන් තුළ අති වුවහොත් ලෝකය සාමය සහ සැලැසුම පිරුණු ස්වර්ගයක් වනු ඇත. එහෙත් කළ හැක්කේ කුමක්ද? ලෝකයේ ආයුධ වෙළෙන්දෝ සුදු පරවියන් පියඹා යවන විට සාමයද ඒ සමඟ එක්ව පියාඹා නොපෙනී යයි. අපි ගිය චාරිකාවේ මුළු වැඩසටහන්වලින් මගේ සිත පිරී ගියේ එම ගමේ ජනයාගේ ආදරයෙන් පමණි."
(235 පිටුව - තියුණු අසිපතක සෙවණ යට)
පෙ.ව. 8.37
පුනරීන් හංදියෙන් ඊසාන දෙසට විහිදී ගොස් ඇති මාර්ගය යාපනය හා අප සම්බන්ධ කරණ රේඛාවයි. පුනරීන් හංදියේ සිටුවා ඇති මාර්ග දැක්වෙන පුවරුවේ යාපනයට කි.මි 36 කියන වචන පෙලට වඩා සිත් අදී ගියේ "සංගු පිටිය / සන්ගුපිඩි පාලම 9 කි.මි." කියන පෙලටය.
මන්ද දැක- නොදැක සංගුපිටිය පාලමට මා සිත තුල මහත් ඇල්මක් ඇතිවී තිබුනි.
වෝටර්ලූ සටනින් පරාද වීමෙන් පසු නැපෝලියන් බොනපාට් එල්බා දූපතට පිටුවහල් කිරීමට පෙර ඔහු විසින් පැවසූ වැකියක් යැයි මාගේ සීයා වන දොන් විල්ෆ්‍රඩ් පෙරේරා විසින් නිතර පවසන වැකියක් විය. "Able was I ere I saw Elba!" එහි ආසන්නතම සිංහල අදහස වන්නේ "එල්බාව දකින්නටත් පෙර එය මගේය!" යන්නයැයි මට සිතේ. එම වැකිය වමේ සිට දකුණට හෝ දකුණේ සිට වමට කියවිය හැකි එකම වැකිය ලෙස මාගේ සීයා මට පවසා ඇත! සංගුපිටිය පාලමත් මට එසේමද?
මාගේ සොහොයුරු මීට වසර ගනනාවකට පෙර මනම්පිටිය පාලම ගැන පැවසූ විශ්මිත කරුණ නිසා එයද දැක ගැනීම මාගේ සිතේ කලක සිට තිබුනු ආශාවක් විය. එම විශ්මිත කරුණ වූයේ එකම පාලමක් මතින් මහා මාර්ගයද දුම් රිය මාර්ගයද වැටී තිබීමය. එහෙත් මහා මාර්ගයේ දිවෙන රථ වාහන නවතා දුම්රියට ඉඩදී පසුව දුම් රිය ගිය පසු එම මගෙහිම සාමාන්‍ය රථ වාහන සඳහා ඉඩ දෙනු මා හට කිසිදා දැකීමට නොහැකි විය.අද වන විට අළුතින් සාදන පාලම නිසා නැවත කිසිදා මහ මග මැද ගම්න් ගන්නා දුම්රියක් දකින්නට කිසිදා කිසිවෙකු හට නොහැකි වනු ඇත.
ඔන්න කෝච්චියක් එනෝ !
- මනම්පිටිය පැරණි පාලම් රැජින
මනම්පිටිය පැරණි පාලම - කොහොමද ජීවය ?
සදා යොවුන්සොඳුරු කල්ලඩි !
මෙසේම මඩකලපුවේ කල්ලඩි පාලම දැකීමද කලක සිට සිතේ තිබුනු අශාවක් විය.
ඈතින් පෙනෙන තල් ගස් හැරුණු කොට වෙනයම් ගහක් කොලක් නොමැති පරිසරය වෙනස් වී කලපුවක් හරහා ගමන් ගන්නා ආකාරයකට හැරුණි. දෙපස වූයේ යාන්තමින් රැළි නගන නොගැඹුරු ජල තලාවකි.ඒ මැද තැනින් තැන විල්ලු සේ තන කොළ පිරුණු බිම් කඩවල් පෙනෙන්නට විය. මයා රන්ජන්ගේ "දිගාමඩුල්ලේ ආශ්චර්යය" පොතේ නෙල්ලි කැලේ ගැන කියන විස්තරයේද මෙවන් පරිසරයක් ගැන වර්ණනාවක හේ යෙදේ. තණ පිටි අතර ඇති කැලෑ කුට්ටි ඔහු දකින්නේ දූපත් මෙන්ය! තැනින් තැන ඉහලට එසවුණු බිම් කඩවල් අළු පැහැයක් ගෙන තිබුනි. ඒවා සැදී තිබුනේ ලුනු වලින් මෙනි. ඇත්තෙන්ම ඒ ලුනුද? ලුනු ලේවායක් මැදින් ගමන් ගන්නා අයුරක් දැනිනි. දිය කඩ නො එසේනම් දිය තලාව මැදින් මාර්ගය තද කළු පැහැයෙන් ඇදී ගොස්ය.
පීත්ත පටි හා ලිප් ලයින් !
මා ගමන පිටත් වන්නේ Go-Pro කැමරාවද රැගෙනය. එය මාහට ලැබුනේ මාගේ අතිජාත දොස්තර මිත්‍රයෙකු වෙතින්ය. ලෝභයාගේ දේ කූඹි කනවා කියා ඇත්තේ කුමන සංසිද්ධියක් මුල් කර ගෙන දැයි මාහට සිතා ගත නොහැක. එය මා අසා ඇති මුත් අක් මුල් සොයන්නට වෙහෙස නොවීමි. කැමරාව තිබුනද එය ප්‍රයෝජනයට ගෙන තිබුනේ අනුරාධපුරයට ඇතුළු වන විටය. එහෙත් පසුව බලනා විට එය පටිගතවී නොතිබුනි! මේ හා සමාන සිදු වීමක් පොළොන්නරු ගමනෙදීද මටත් මධූටත් සිදුවිය. මධූගේ අදහසට අනුව දීර්ඝ කාලයක් පාවිච්චි නොකර තිබීමෙන් එහි බැටරියට වැඩේ සිදුවී ඇති බවය. මේ ගමනට මා එය ගෙන ආ අතර එය සවි කිරීමට පාලම ආසන්නයේදී අප කටයුතු කලෙමු. සංගු පිටිය / සන්ගුපිඩි පාලම හරහා දිවෙන මාර්ගය ඔස්සේ වීඩියෝ සටහනක් ලියා තබා ගැනීම මගේ අදහස වුනු අතර එය ක්‍රියාවට නැගීම භාර වූයේ මධූ හටය.
වැඩකට නැති ඇටවීම !
පෙ.ව. 8.47
මොනවා කියලා ලියන්නද?
අමුනා ගත් කැමරාව සහිතව මධූද මමද පදින්නට පටන් ගත්තෙමු. මාර්ගය දෙපස ක්ෂිතිජය තෙක් දිවෙන දසුනක්ය. අහස අළු පැහැයට හුරු නිල් පැහැයක් ගෙනය. අහසෙ පැහැයට නෑකම් කියන වර්ණයකින් නිසල මුහුද සෙමෙන් නලියයි. කලපුව හරහා හමන දැඩි සුළඟ ඒකාකාරව හමා යයි. එප ප්‍රථිරෝධය හමුවේ මමත් මධූත් සෙමෙන් සෙමෙන් ඉදිරියට පදිමින්ය. නිශාන් අප කැමරාව අමුනද්දී අප පසුකොට අනියත බිය හා එක්ව යන්නට ගොස් ය! සිහින් දිය බිඳු ගොන්නක් විටෙන් විට මුහුනට කඩා වැටේ. එය දෙතොලට සිහින් ලවන රසයක් මතු කරයි. මාර්ගය ඊ ගහක් සේ ඈතින් ඈතට විහිදී ගොස්ය. ඈත පෙනෙන තෙක් පානයට දිවෙන මාර්ගය දිගේ ගමන් ගත හැකි තරම් දුර දිවයන ඇස නොපැහැදිලි දසුනක් සමග ආපසු හැරේ! තවත් විනාඩි 15 ක පමන කාලයක් ගත වන විඅට අප දෙදෙන සංගුපිටිය පාලම අභියස විය. අප එහි යන විටත් නිශාන් එහි ලඟාවී සිටියේය. හරියටම විනාඩි 15 ක දුරක් යනු කිලෝමීටර 5 ක පමන දුරකි. ඔව්! සත්තකින්ම මාගේ මතකය නිවැරදිනම් එය එක දිගට තනි කෙලින් දිවුනු කිලෝ මීටර 5 කට ආසන්න මගකි! පාලමට පලමුව පිලිපන්නේ මම විය යුතුය. පාලම සකසා තිබුනේ අරුක්කුවක් විලසිනි. එතෙක් සමතලා දිවෙන මග පාලම සමග අඩි 30 ක් පමන ඉහලට නැගෙයි. ඒ ඊට යටින් බෝට්ටු ඔරු වැනි යාත්‍රා ගමන් කිරීමට ඉඩ සැලසීමටය. මා පාලම පතට පැමින නැවතුනි. පාලමින් පහත මුහුද බුබුළු නගමින්ය. පතුල නොපෙනෙන කොල - නිල් මිශ්‍ර වර්ණයකින් හෙබි කර දිය කුඩා රැළි නංවමින් තිබුනි.
ඔබ බලන්නට මා පැමිනි දුර ඔබ දන්නවා නම් !?
සංගු පිටිය / සන්ගුපිඩි පාලම
පාලම උඩ ! පාලම යට !
පෙ.ව. 9.02
නිශාන් කලකට පසු !
පාලම මතට පැමිනි මා සෙල්ෆියකට මුහුණ දුන්නෙමි! පසුව මධූ ගේත් නිශාන්ගේත් සංගුපිටිය / සන්ගුපිඩි තරණය මාගේ ෆොනයෙන් වීඩියෝ ගත කලෙමි. පාලමේ මෙහා ඉවුරේ දුර පලාතකින් පැමිණි සංචාරක පිරිසක් රැඳී සිටියෝය.ඔවුන් අප දෙස බලා සිටි මුත් කිසිවක් නොඇසුවෝය. පාලම අසල මොහොතක් රැඳී සිට නැවත ගමන ඇරඹුවෙමු.
තරමක දුරක් ගමන් ගන්නා විට මග ගම තුලට විහිදුනි. එතෙක් කලපුවක් මාධ්‍යයේ ගමන් ගත් මාර්ගය ඉන් පසු නැවත නිල්වන් කෙත්වතු මැදට වැදහොත්ය. තවත් පැයක පමන දුරක් ගමන් ගෙන ලද විරාමයකදී කෙත්වතු මැදින් ගමන් ගන්නා දැක පුරුදු දසුනක් දිස්විය.
ඒ අන් කිසිවක් නොව ගම බලා දිවෙන දුම්රියකි. දුම්රියේ දිගින් එය දුර සේවාවක් සඳහා යොමුවූවක් යැයි අප අනුමාණ කලෙමු.
මීට කලකට පෙර මධූ මාසමග කී කතාවක් මාහට මතකයට එන්නේ නිතැතිනි. කොළඹදි; පොළොන්නරුව බස් එකක් දැක්කාම ඔක්කෝම දමලා ගිහින් ඒකෙ එල්ලිලා ගම යන්න හිතෙනවායි හේ වරක් මා සමග කීවේය. සත්තකින්ම එය ගමේ අක්මුල් සිඳ බිඳ නොගත් ඕනෑම පෘතග්ජන මිනිසෙකුට හැඟෙන දැනෙන සිතුවිල්ලකි. හැඟීම් සමුදායකි.
වරක් කළණ හට මා ලියන කොමෙන්ටුවකට පිළිවදන් සපයමින් "ලංකාවේදී කෝච්චියක් දැක්කාම ඉස්සෙල්ලාම බලන්නේ මොකක්ද ඒකෙ ඇන්ජිම කියලයි!" කියන්නේද මීට සමාන හැඟීමක් එලි දක්වමින්ය.
සේකර "හඳ හා නිව්යොර්ක් නුවර" කවියෙන් කියන්නේද මේ අදහසමය!
සත්තකින්ම රැකියාව සඳහා සයිකලයෙන් පැමිණෙන සෑම දිනෙකදීම මා කැළණි ගඟ දෙස බලමි. හැකි බොහෝ අවස්ථාවල එහි ඡායා රූපයක්ද ගනිමි. "ඔව් මේ දින දෙකකට පෙර හක්බෙල්ලාවකින් ගලා ආ ගංගාවම නොවේද?" මගේ සිතට නැගෙන සිතු විල්ලය.
ගීත කලාව තුල මේ හා සමාන හැඟීමක් ගැන කියැවුනු අවස්ථා දෙකක් මගේ මතකයට ඒ! ඉන් එකක් වන්නේ ටී එම් ජයරත්න ගයන "පාවී පාවී මේ එන්නේ - අතීතයේ සිට එන සුළඟයි . . ." ගීතයයි.
අනෙක වන්නේ සේකර අතින් ලියැවුනු අමරදේවයන්ගේ ලයාන්විත ස්වරයෙන් ගැයුනු "රත්නදීප ජන්ම භූමි- ලංකා දීප විජය භූමි . ." ගීතයයි. කවිය තුල ගීතය තුල පමණක් නොව හැඟීම් දැනීම් තුල පවා අජීව වස්තුවකට ජීවයක් පිඹීමට ඉඩ අවකාශයක් පවතී.
පෙ.ව. 9.54
ගම මතක් - වෙන දසුන !
සුනිල් එදිරි සිංහයන් ගයන සුන්දර ගිතයක් මගේ මතකයට එයි.
"අනේ යාල් දේවි - නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස පළඳනාවේ තිබුනා ලියලා - කන්කසන්තුරේ කියලා"
යාල් දේවි යනු හුදෙක් දුම්රියක්ම පමනක් නොවීය. එය දෙරටක් එක් කල පාලමක් විය. ජාතීන් දෙකක්, ආගම් දෙකක්, භාෂාවන් දෙකක් එක් කල බැඳීමක් විය. ත්‍රස්තවාදීන් විසින් උතුරු දුම්රිය මර්ගය දෙකඩ කිරීමෙන් වෙන් වූයේ යකඩ රේල් පීලි, සිල්පර කොට පමනක් නොව. ජාතීන් දෙකක් අතර තිබුනු අවබෝධය සහජීවනය ද සුනු විසුනු වී ගියේය.
යාපනය කොළඹ දුම් රිය මාර්ගය බිහිවන්නේ 1884 තරම් ඈත අතීතයකදී බව පැවසේ.යාපනයේ සිට කොළඹට දුම් රියක් පැමිනෙන්නේ 1905 දීය. ඒ පැය 13 කුත් මිනිත්තු 20 ක් ගෙවා බව පැවසේ.
1956 දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පත්වන නව සාමාන්‍යාධිකාරී ඩී.බී රම්පාල මහතා යාල්දේවි සීග්‍රගාමී දුම් රිය සේවාව පටන් ගනිමින් එය පැය 7 කින් නිම කිරීමට පුරෝගාමී විය. 1990 දී එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් දුම්රිය මග පුපුරවා හැරීමත් සමග නැවතුනු මෙම උතුර දකුණ එක් කල රන් හුය නැවත ඇරඹෙන්නේ 2014 වසරේදීය!
ඒ සමගම ශ්‍රී ලංකාවේ විවිධ මූල්‍ය ආයතන හා වෙනත් ආයතන මගින් ඒ වන විට අබලන්ව පැවති දුම්රිය ස්ථාන පිලිසකර කිරීම හා නැවත සෑදීම සඳහා මූලය පිටු බලය සැපයූ අතර නාවක්කුලිය දුම්රිය ස්ථානය සෑදීමේ බර කරට ගත්තේ සම්පත් බැංකුව මගිනි.
එහෙත් කණගාටුවට කරුණවන්නේ මේ පිළිබඳව විස්තරයක් අන්තර් ජාලයේ සොයා ගැනීමට නොහැකි වීමය. සම්පත් බැංකුව මගින් මුදල් යෙදවුවද ඒ සඳහා දායක වූවන් වන්නේ ප්‍රධාන වශයෙන් දකුණේත්, උතුරේත් කුඩා මිනිසුන් වන හෙයින් දුම්රිය දෙපාර්තමේන්තුවට නැතත් සම්පත් බැංකුවටවත් මෙම අභිමානවත් මෙහෙය පිළිබඳව ඉතිහාසයේ සඳහන් කොට තැබීම යුක්ති යුක්තය!
පෙ.ව. 10.10
එතැන් සිට නිශාන් අප සමග එකට පැද යාම දක්නට ලැබුනි. අපගේ සැලසුමට අනුව තල් අරණට පැදයාමක් විනා පැද ඒමක් නොමැති විය. නිශාන් සේවය කල DSI Bike ආයතනයට අනුබද්ධිත DSI සමූහයේ යාපනය නියෝජිත මහතා අපගේ සයිකල් තුන නැවත නිරුප්ද්‍රිතව කොළඹට ගෙන ඒම භාර ගෙන තිබුනි. එතැන් පටන් අප නිශාන් ව පොළඹවන්නට වූයේ එම වෙළෙඳ නියෝජිත මිත්‍රයාව ඉක් මනින් සම්බන්ධ කර ගන්නා ලෙසිනි. එහෙත් එතැන් පටන් බොහෝ දුරක් යනතුරු ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ යේ අප සැම තරමක අවිනිශ්චිත තත්වයකට හෙලමිනි.තවත් දුරක් පැද යාමේදී වෙල් යායක් මැද පිහිටා තිබුනු පිළිසකර කරමින් තිබුනු කුඩ පාලමක් හමුවිය. එම පාලමේ දකුණු පසින් දක්නට ලැබුනේ අඩ කවයක්ව පිහිටි සොරොව්වකි.
පෙ.ව. 10.16
නැමි පනා හොරොව්ව !
අප පසු කල සෑම ප්‍රධාන නගරයකටම පාහේ ඇතුළුවීමට කිලෝ මීටරයක දෙකක සීමාව තුල නගරයේ නම සඳහන් පුවරුවක් දක්නට ලැබුනි. අප පූනරීන්, නාවක්කුලිය පසු කල පසු මාර්ගයේ දෙපසට ඉව ඇල්ලුවේ "යාපනය" අකුරු හතර දැක ගැනීමට දෑස් දල්වා ගෙනය. එහෙත් යාපනය, "යාල් පානම්" තබා JAFFNA කියා වත් බෝඩ් ලෑල්ලක් දක්නට ලැබුනේ නැත. ඒ තර තුර අපට පාර අයිනේ සිටි කිහිප දෙනෙකුගෙන්
"යාල්පානම් . . . . . ?"
කියා විමසද්දී
"නේරා පොංග . ! නේරා පොංග . . . !!"
කියා අප පැද යන මගම පෙන්වා සිටිමුත් යාපනය බෝඩ් ලෑල්ලක් මග දෙපස දුටුවේ නැත. ටික දුරක් පැදයාමේදී A9 පුවරුවක් පසෙක විය. එය සිරිලක අපට හොඳින් දන්නා කියන අංකයකි. ගෙදරය යන මාර්ගයේ අංකය නිවැරදිව නොදන්නා මුත් A9 කුමක්දැයි කියන්නට අප සියල්ලෝම දන්නෙමු.
සත්තකින්ම A9 යනු නුවර - යාපනය මාර්ගයයි. අප මෙතෙක් පැමිණියේ යාපනය - මන්නාරම A32 මගෙහිය. කොයි මොහොතේ කුමන ඇසිල්ලක අප A32 න් A9 මගට වැටුනාදැයි නොදන්නෙමු. ඒ කෙසේ වෙතත් A9 හමුවීම සේකරට නිව්යොර්ක් නුවරදී පුන් සඳ හමුවූ හැඟීමම ගෙන දීමට සමත්විය. දැන් අප ගමන් ගන්නේ දන්නා කියන පාරකය. තවත් කිලෝ මීටර කිහිපයක් පදිමින් සිටින විට අපගේ හිසට ඉහලින් H යකඩින් නිර්මිත යෝධ පුවරුවක් පෙනෙනට විය.
"යාපනය නගරයට ඔබව සාදරයෙන් පිළිගනිමු !"
පෙ.ව. 10.18
සිමෙන්ති මුදලාලිගේ පිළිගැනීම !
ජීවිතයේ තවත් එක් කඩ ඉමක් මෙසේ නිමාවමින් පවතින මොහොතක සිතට දැනෙන සිතුවිළි මොන වගේදැයි මේ ලියන මොහොතේ මතකයේ නැත!
ගමන ඉවර උනා ඉක්මන් වැඩි දැයි සිතුනා මතකය.
ඔව් අප සයිකලයෙන් තල් අරණට ආවෙමු!
හදවත අමතා කීවෙමි.
නොගියොත් හොඳ ප්‍රවෘථියක් . . !
ගියොත් හොඳ පෝස්ටුවක් . . . . . . .!!
කොහොම උනත් මේක හදවතට දුන් පොරොන්දුවක් . . . !!!
ඔව් පොරොන්දුව ඉටු කලෙමි.
ජීවිතයේ අවසන මියෙන මොහොත තෙක් මතකයේ රැඳෙනු ඇත
මේ කල කී දේ !
පෙ.ව. 11.10
මධූත් නිශානුත් මගේ අපි අත් අල්වා ගත්තෝය.
"...................................!"
මහත්වූ සෙනෙහසකින් නල්ලූර් කෝවිල් බිමේදී
ලන්කාවෙන් ගේනාපු කිතිල් හකුරු කෑල්ලක් එක්ක කියවන්න ගත්තා. කිතුල් හකුරු තරම්ම රසයක් වින්දා කියවනකොට. හරියට මම යාපනේ ගියා වගෙයි.
ReplyDeleteසත්තකින්ම කිතුල් හකුරු කියන්නේ මගෙත් අංක එකේම කෑමක්. නියම කිතුල් හකුරු වල තියෙනවා යාන්තම් ඇඹුල් රසක සේයාවක්. ඉතින් ඔයා කිව්වාම කිතුල් හකුරු වගේම රසයි කිව්වාම ඇත්තටම හරිම සතුටක් දැනුනා. සත්තකින්ම මම තනිව නොවේ ඔය ගමන ගියේ ඔයාලත් එක්කම තමයි! මටත් තනියක් දැනුනේ නෑ ඔයාලත් හිටිය නිසා!
DeleteWell done Machang! I want to Yalpanam last December, after long time. It was so green and every inch was cultivated. People seems to enjoy the peace, (and they drive/ride much better than our idiots in the south) Hope Tamil people will not fall for opportunistic political trap again, and learned there are no winners in war.
ReplyDeleteSafety question, do you use blinking lights (even in day time) when you guys ride on open roads? So that sleepy drivers can see you.
ඔව් ඇත්තටම ඒ මිනිස්සු හරිම උත්සාහ වන්ත ජාතියක්. අපිට ඒ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා.නමුත් හරිම අවාසනාවන්ත දෙයක් තියෙනවා; ඒක තමයි අළුත් පරපුරේ ඒ නැඹුරුව දකින්න නෑ. ඩිජිටල් ලෝකය තුල ඒ නව පරපුර අතරමං වෙලා. දැන් ඔය පලාතේ තියෙන ලස්සන තව ටික කාලයකින් නැතිව යයි!
Deleteඔව් විජයභාහු මහත්තයා අපි උදෑසන සයිකලය පදින කොට ටේල් ලයිට් එකක් පාවිච්චි කරණවා උදේ 7 - 8 වන තුරු ප්‍රයෝජනය ගන්නවා.
මගේ "පොළොන්නරුව" පෝස්ට් එකේ මධූගේ සයිකලයේ හයි කරගෙන යන ටේල් ලයිට් එක ගැන ලියලා තියෙනවා.
http://amazinglanka.com/wp/pooneryn-fort/
ReplyDeleteපූනරීන් කොටුව හදපු අවුරුද්ද හොයාගන්න අමාරුයි.
Nelson, W. A.; de Silva, R. K. (2004). The Dutch Forts of Sri Lanka – The Military Monuments of Ceylon. බැලුවොත් වැඩි විස්තර දැනගන්න පුලුවන්
මමත් හොයනවා. හොයා ගත්තොත් ලියන්න. මමත් හොයන්නම්.
Deleteදෙමලෙන් ලියන්නේ "පූනගර්" කියලද?
ReplyDeleteඑතකොට සමහරවෙලාවට ශබ්දවෙන්නේ "පූනකර්" කියලයි
Deleteදෙමළෙන් කියන්නෙ පූනගර් කියල තමයි. ඒත් කවුද ඒක පූනගරි කියල වෙනස් කලේ කියන එකයි ප්‍රශ්නෙ. ඉංග්‍රීසි, සිංහල ලියපු කෙනානං ග, ක පටලවගෙන.
Deleteදෙමල භාෂාව තුල "ක" හා "ග" සඳහා යොදන්නේ එකම අකුරක්, එකම සංකේතයක්.මේ දෙමලෙන් ලියා තියෙන්නේ "පුනකරි" කියලා. ඉංග්‍රීසියෙන් ලියා ඇත්තෙද පුනකරි කියන එක. එහෙත් එයට පූනරින් කියලා සිංහලෙන් කියන්නේ ඇයි කියල හොයා ගන්න අමාරුයි.
Deleteඇති යන්තං ආයේ මතක් වෙලා "සයිකලයෙන් තල් අරණට ම" ලිව්වා, තට්ට මහත්තයා .
ReplyDeleteසිමෙන්ති මුදලාලිගේ පිළිගැනීම දැක්කාම හිතට ආපු සතුට කියන්න වචන නැතුව ඇති !
සත්තකින්ම ඒක සතුටු දායක මෙන්ම කණගාටු දායක මොහොතක්!
Deletei followed your tour eagerly. very impressive. im a fan of cycling. looking for a goog byke. can you advice me please how to contact you.
ReplyDeleteකපිල මහත්තයා මම ලියාගෙන යනවා සයිකල් ගැන පෝස්ට් එකක්! නැතිනම් වම් පස ඉහල කෙලවරේ තියෙන පෝරම කොලය පුරවලා දාන්න. පොඩි අදහසක් දෙන්නම් සයිකලයක් තෝරා ගන්නා හැටි.
Deleteඅගේ ඇති චාරිකාවක්. යාපනේට පිළිගන්න බෝඩ් එක දකිනකොට මාත් බයිසිකලෙන් යාපනේට ගියා වගේ හැඟීමක් ඇති උනා.
ReplyDeleteගියොත් හොඳ පෝස්ට් එකක්... අනිවාර්යෙන්ම.
ස්තූතියි දිගටම ආවාට අපිත් එක්කම!
Deleteprasanna shall we go? thattayawath allagamu. im looking for a good byke thattege scott p6 wage.
ReplyDeleteහොඳ සයිකලයක් ගනිමු. එතකොටයි සයිකල් පදින්න හිතෙන්නේ! මගේ සයිකලය ඒතරම්ම හොඳම එකක් නෙවෙයි. සාමාන්‍ය එකක්!
Deleteකතාව කියවනකොට මමත් බයිසිකලෙන් යාපනේ ගියා වගේ හැඟීමක් දැනුනා. ඉතින් ආපසු ගමන සිදු උනේ කෝච්චියෙන්ද ?? .පොතක් හැටියට පලකරන්න පුළුවන් කතාව. ස්තුතියි.
ReplyDeleteඔව්! මම අපහු ආවේ එක්ස්පෝ එකේ! අනිත් දෙන්නා බස් එකේ!ගඟක් දිගේ වගේම මේකත් මුද්‍රණ ද්වාරයෙන් එලි දක්වන්න කැමතියි! ස්තූතියි අගය කලාට!
Deletefinally අපි යාපනේ
ReplyDeleteඔව් අපි යාපනේට ආවා! Finally!
Deleteමට හිතෙන හැටියට දෙමලෙන් “පූ“ කියන්නෙ මලට. එතකොට “නගර්“ (දෙමලෙන් ‘ග‘ සහ ‘ක‘ සමානයි) කියන්නෙ නගරෙට. එහෙම බැලුවම ‘පූනකර්‘ කියන්නෙ මල් නගරය. නැත්තං උතුරට තියෙන ‘තනමල්විල‘. ඕක ඇත්තද කියල අපේ ලොකු සර්ගෙන් අහන්න ඕනැ. උන්නැහැ යාපනේ වැසියෙක්නෙ. ඕකෙ අග මුල දන්නව ඇති ටක්කෙටම.
ReplyDeleteඒ වගෙම තමා මේ කතාවෙ අගට ආවට පස්සෙ මට හිතුනා මොටෝ සයිකලෙං යාපනේ යන්න. පහුගිය දාක අපේ ලොකු සර් ඇහුව “අයියයෝ, තාම ජාපනේ නොගීං මොකද?“ කියලත්.
සුරන්ග ලියන්නකෝ ඇත්තටම ඔය ගැන ලොකු සර් ගෙන් අහලා! අපි කාටත් දැනගන්න එක්ක. ඇත්තටම යාපනේ යන්න ඕන තැනක් - හැම දෙනාම! ඔව් හැම දෙනාම!! මම එක් වරක් ගිහින් දවස් 14 ක් හිටියා ඒ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එක්ක ජීවත් වෙමින්. ඒක හරිම අපූරු අත්දැකීමක්!
Deleteලස්සන පින්තූර එක්ක හොද විස්තරයක අවසානයක්.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteඔන්න එහෙනං ඒකත් හරි
ReplyDeleteඔව්! ඒකත් ඉවරයි!
Deleteඅහයි කියලා බලාපොරොත්තු වුනු / වෙන ප්‍රශ්නෙ ඇහුවෙනම් නෑ!
බයිසිකලය පැදගෙන යාපනයට යාම වගේම ගමන් විස්තර වෙලාව හා ඡායාරූප එක්ක දැමීමත් අති විශිෂ්ටයි.
ReplyDeleteඅපිත් ගමන ගියා වගෙයි. ස්තුතියි . තවත් ගමන් වලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.
1983 හෝ 1984 අවුරුදු වලින් එකක මම පාසල් යන කාලයේ කොළඔ ඉඳල තාත්තා බලන්න මොරවැව ට ගියත් ඔහු නොසිටි නිසා බයිසිකලයක් ඉල්ලා ගෙන සවස 3.00 ට විතර ගෝමරන්කඩවල දක්වා ගියා. මම ගියාට පස්සේ තමයි දන්නේ ඒ ගමනේ භයානක බව. මම ඇවිත් තියෙන්නේ අලි ඉන්න කැලයක් මැද්දෙන්.
ඒක තමයි මගේ ත්‍රාසජනක බයිසිකල් ගමන.
බන්දුල මහත්තයා මම දන්නෙනෑ ඔබ තුමා සේම බොහෝ අය මේ ගමනට නො එසේ නම් පෝස්ටුවට දක්වන ප්‍රථිචාර එලෙසින්ම භාර ගැනීමට තරම් දෙයක් ඇත්තටම අපි කරලාද කියා. මේ දෙය සාමාන්‍ය ඕනෑම කෙනෙකු හට කල හැකි දෙයක්. මෙහි කිසියම් විශේෂ දෙයක් තිබුනා නම් එය මට හිතෙන්නේ මෙහෙම දෙයක් කරණ්නට සිතට සිත්වීම, පිඹුරු පත් සැකසීම පමණයි. ක්‍රියාවක් ලෙසට මෙය හිත ඇත්නම් කරණ්නට පුළුවන් දෙයක්. ඇත්තටම මේ ගමන දින දෙකකින් කරණ්නට පුළුවන් අපි දින තුනක් ගත්තාට. (ඇත්තටම දින 2 1/2 ක්)
Deleteඔබ තුමා කරලා තියෙන දේත් අතිශය නිර්භීත වැඩක් දැන හෝ නොදැන. මම මේ ලියන ලිපි මේ තරම් සවිස්තරව හා ලිහිල්ව ලියන්නේ තවත් අයට එය කිරීමට හිතෙන්නමයි. අනික කවදා හරි කාට හරි මෙය අත් පොතක් වනු දැකීමයි. මේ මාසේ 16 -17 තවත් චාරිකාවකට දත් මදිමින් ඉන්නේ. 18 වෙනිදාට දැනගන්නට පුළුවන් වේවි මා ජීවතුන් අතර සිටිය හොත්! ස්තූතියි පැමිණියාට, කියෙව්වාට, ලිව්වාට අගය කලාට!
සුබ පැතුම් අයියණ්ඩි, මට මතකයි පොරොන්දුව ගැන කිව්වා මගෙ මව්බිම වටා බයික් එකෙන් පෝස්ට් එකේදිත්...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! මේක හිස් වචන දෙකක් නොවෙයි සත්තකින්ම බොහොමත්ම ස්තූතියි!! එකම අස්ප කුලප්පුව තියෙන එකෙක්ගේ සුභ පැතීම කර්ණ පටහ පටලය, දෘෂ්ඨි විතානය පසුකර හදවතේ ගැඹුරුම තැනටයි දැනෙන්නේ! ඔව් එයත් මගේ සිහින මල්ලේ, බක්ට් ලිස්ට් එකේ, බලාපොරොත්තු කුලකයේ පිළිවෙලින් සිහිනයක්, ටාස්ක් එකක්, බලාපොරොත්තුවක්. අපව ජීවත් කරවන්නේ බලාපොරොත්තු!
Delete"අපව ජීවත් කරවන්නේ බලාපොරොත්තු!"//
Delete😍😍😍
එකෙන්ම!
Deleteආයුබෝවන්ඩ ......මම ඔබගේ තල් අරණට 10 මේ දැන් කියෙව්වා ...රසවත්...හැබැයි මා ඔබ හා එකග නොවන එක දෙයක් තියනවා...කන්ඩායමක් විදියට යනකොට කට්ටිම එකටම ගියානම් තමා හොද....එක එක්කෙනා පහුකරගෙන තනියම යෑම, කන්ඩායමක් වශයෙන් යනකොට සුදුසු නෑ කියලයි මගේ අදහස ( සමාවෙන්න මේ මගේ අදහසක් විතරයි ) ඔබ වගේ මටත් කාලයක් බයිසිකල් උනක් ගහලා තිබුනා, අපි ගමන් යන කොට නම් හැමවෙලේම , අමාරුවෙන් පදිනකෙනාව ඉස්සරහට දාලා මම ඊට පිටිපස්සෙන් තමා පැද්දේ...එතකොට බැරි එකාව අසරන කරා වගේ හැගීමක් ඌට එන්නෙ නෑ.....
ReplyDeleteසත්ත කින්ම ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මෙතනදි සිදු වුනේ බැරි එකාව තල්ලුකිරීමට වඩා ඌව ඇදගෙන යාමක්!
Deleteඅනෙක මේ ගමන පිටත් වෙන්නට කලින් අනිත් උන් දෙන්නට මම කිව්වා එක කාරණයක්! උන්ට ඒක මතක නම් ඊට සාක්ෂි දරාවි.
''මට යන්නට බැරි උනත් උඹලා ගමන ෆිනිෂ් කරණ්න ඕනේ! හදිසියේ මට මොනවා හරි උනොත් මාව ලඟම තියෙන ඉස්පිරිතාලෙට දාලා උඹලා යන්නම ඕනෙ මේකෙ ඉවරයක් දකින්න!'' ඒක තමයි මගේ ක්‍රමය වූයේ!
එවරස්ට් නගින පලමු කණ්ඩායමට 15 ක් පමණ එකතු උනා. එහෙත් අන්තිමට ජයගන්නේ හිලරි හා ටෙන්සින් විතරයි. ඔබ හිතන්න හිලරියි ටෙන්සිනුයි අනිත් 13 දෙනාවත් අරණ් යන්න හිටියානම් ජීවිතේට ඒක කරණ්න පුළුවන් වේවිද කියලා. එහෙම උනා නම් තාම 15 දෙනාම ''බේස් කෑප්ම්'' එකටවත් යන්න බැරිවේවි.
මම තවත් කතාවක් කියන්නම්. ඔය හිමගිර තරණයේ තියෙන්නේ ටෙන්සින් ගේ පින්තූරයක් විතරයි. ආසාවට සර් එඩ්මන්ඩ් හිලරි ගේ පින්තූරයක් නෑ. වතාවක් අහනවා මාධ්‍යවේදියෙක් ''ඇයි එවරස්ට් එකේ මුදුනේ ඉන්න ටෙන්සින් ගේ පින්තූරයක් තිබුනාට ඔබේ එකක් නොතිබුනේ?'' කියලා. එතකොට හිලරි කියනවා ''ටෙන්සින් ජීවිතේට කැමරාවකින් පින්තූරයක් අරණ් තිබුනේ නැති නිසා. අනික එවරස්ට් මුදුන කියන්නේ කැමරාකරණය උගන්වන්න ඒතරම් හොඳ තැනක් නොවේ!'' කියලා.
ඉතින් මේ දේවල් කරද්දී කණ්ඩායම් හැඟීම තියෙන්න ඕනෙ කණ්ඩායමම ඉලක්කය සපුරාලීමට වෙහෙස වීමට වඩා තම කණ්ඩායමෙන් එකෙකු හෝ ඉලක්කය ජයගැන් වීමට අනෙක් සියල්ලන්ගේම දායකත්වය සැපයීමට.
පිට පිට අවුරුදු ගනනාවක් ටුවර් ඩි ෆ්‍රාන්ස් හෙවත් ප්‍රන්ශ සවාරිය දිනන ලාන්ස් ආම්ස්ට්‍රොන් අමෙරිරානු තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙක්. ඔහු ඒ හැම වසර්කදීම ජයග්‍රාහකයා උනා විනා සම ජයග්‍රාහකයෙකු වූයේ නෑ.
මෙතනදී කණ්ඩායමේ ඉදිරි පෙළ අය වාගේම පසු පෙළ අයගේත් අරමුණ විය යුත්තේ ඉලක්කය විනා පෞද්ගලික අභිමතාර්ථයන් නොවිය යුතුය.
අහලා නැද්ද බෝධිසත්වයින් ජෝතිපාල මානවකව ඒ දණ්ඩක් වූ කතාව?
ස්තූතියි!
කොහොම කලත් කණ්ඩායමේ කිසිවෙකු අනතුරේ හෙලීමක් කිසිදිනෙක මා අතින් නොවන බව නම් ඉර හඳ වගේ විශ්වාසයි!
පට්ට පට පට, අන්තිම දවසෙ පැද්ද පැදිල්ල තාම මතකයි. එදා හති ගතියක් තිබ්බෙම නෑ. හරි පුදුමයි. පාලමක් තිබ්බනම් ඒ ගැම්මෙන්ම ඉන්දියාවට පදින්නම තිබ්බා. සංගුපිඩිය පාලම පැනලා යනකොට නිකමට දනිස් දෙක අල්ලලා බලද්දි රත් වෙලා සුපිරියට, ඒත් මහන්සි තිබ්බෙ නෑ.
ReplyDeleteමේ වගේ ගමනකට කණ්ඩායම් හැඟීම ඉතා වැදගත්. යාපනේ සහ පොලොන්නරැ පැදිල්ලෙන් මම නම් ඉගෙනගත්ත දෙයක් තමයි කායික ශක්තිය ඉතා විශාල ප්‍රමාණයක් ඉතුරැවෙලා තියෙද්දිත් මානසික ශක්තිය ඉක්මනට ඉවරවෙලා යන එක. ඒක වෙන වෙලාව එකිනෙකාට වෙනස් නිසා කණ්ඩායමේ හැමෝටම හැමෝම ගැනම අවබෝධය තියෙන්න ඕන.
නිශාන් අයියා කියන්නෙ පුදුමාකාර කායික හා මානසික ශක්තියක් තියෙන කෙනෙක්. මම සුළග එන ආනතිය බලලා ඉතා පොඩි මුවාවක් දෙමින් ඔහුව සයිකල් රේස් එකක් පදිනකොට අර බයික් එකේ යන බඩියො මොරාල් නග්ගන්න චියර් කරනව වගේ දිගටම චියර් කරා තමයි.
ඒත් නිශාන් අයියත් ඉතා ශක්තිමත් ලෙස Hidalgo ෆිල්ම් එකේ අශ්වයා වගේ නැවත තරගයට අවතීර්ණ උනා. පට්ට
තමන්ගෙ ආත්මශක්තිය සහ කායික ශක්තිය උරගාල බලන මේවගේ සීන් එකකදි ඒකට උපරිමයටම ගැලපෙන උපකරණ සහ මෙවලම් එක්ක බහින්න ඕන. නැත්නම් අවුල් සහ භයානකයි. හොඳම උදාහරණය නිසාන් අයියගෙ බයිසිකලේ අධික බර.
(මේ විස්තර දැම්මෙ කවුරැහරි යන්න හිතන් ඉන්නවනම් පොඩි අදහසක් ගන්නත් එක්ක.)
බොහොමත්ම ස්තුතියි! දැන ඊළඟට ලියන්න ඕනෙ නිෂාන් ඌට ඇත්තටම දැනුනේ මොකක්ද කියලා. කතාව තරමක් දේශපාලණීකරණය වෙන්නයි යන්නේ. උඹ ඇත්තටම හිතනවද ඝෝඨාභයයි මහින්දයි දෙන්නම හිටියත් සරත් ෆොන්සේකා වගෙ ''ආදරණීය,ප්‍රේමණීය, සුන්දර, ලයන්විත, කෝමල, මව්හත් ගමින් පිරි පුන්, තමන්ගේ යටත් නිළධරයින්හට දරුවන්ට මෙන් සළකන, ජයග්‍රහණයට වඩා මනුස්සකම රකින, ගුණයහපත් කමින් අගතැන් පත්'' හමුදා නායකයෙකු නොසිටියානම් මේ යුද්ධය ඉවර කරයි කියලා. අහලා නැද්ද ඔහුගේ කාරුණික වදන් ඇහුනාම නැති මොරාල් ඇතිවෙලා කරපු ඔප්ස් ගැන? ඒ කාලෙ කතාවක් තිබුනා ප්‍රසිද්ධ. ඉස්සරහට ගියොත් 'ජොනී' පස්සට ආවොත් 'ෆොනී' ! කියලා.
Deleteකොහොමටත් නිෂාන් අතිශය දැඩි ආත්ම ශක්තියකින් හෙබි පුද්ගලයෙක්.
ඔබ දන්නවානේ අපෙ පරම්පරාවට තියෙන; උඹේ වචනෙන් කියනවා නම් 'ට්‍රැක්ටර්' වැඩ විදිවාසකම් ගැන. ඉතින් 'කුම්බලා මාළු කෑවානම් විඳෝපන් බළලෝ!' හරි 'වවුලාගේ මගුල් ගෙදර ගියාම ෆෘට් සැලඩ් කන්න වෙන්නෙත් එල්ලිලා!' වගේ හිත හදා ගෙන නිශාන්ටත් සිද්ද උනා අපි එක්කම එන්න. ඒ නිසාම දෙසැම්බර් 26 උදේ 11 වෙන කොට අපි සියල්ලෝම යාපනේ! ඒ ගමන අතරතුර මොන දේ හිතුනත් අන්තිමට යාපනේට ආපු වෙලාවේ නිශාන්ට හිතුනු දේ අපි උගේම වචන වලින් අහමු!
වෙච්චි අකලංචිය හින්දා මංජුල මහත්තයාගේ ලිපිය කියවන්න මග ඇරිලා නොවැ. මට පොඩි අඩු පාඩුවක් මෙතැන පේනවා. යාපනයට ලගාවිම ගැන විතරයි ලියවිලා තියෙන්නේ. බෝඩ් ලෑල්ල ලගින් කතාව ඉවරයිද? ලගාවුනාට පස්සේ ???? මේකත් හරියට අයි ටි එන් එකේ හරි රූපවාහිනියේ හරි පෙන්නන ඉංග‍්‍රිසි පිචැර් වල අවසානයට ඉස්සර කතාව නවත්තනවා වාගේ.
ReplyDeleteඅතුල මහත්තයා කියන කල් හාංකවිසියක් දැනං උන්නෙ නෑ කියමුකෝ. ඉති. නිදුක් නීරෝගි වෙන්න කියලා තමයි ප්‍රාර්ථනාව!
ReplyDeleteඇත්තටම ඔය බෝඩ් එක හම්බුනාට පස්සෙ අපි කරපු එකම දේ නල්ලූර් කෝවිලට ගිහින් පොල් ගෙඩියක් ගහපු එක විතරයි. අනෙකුත් අවශේෂ කාලය වැය උනේ නිශාන්ගෙ යාළුවාගේ ගේ හොයා ගන්න කරපු මහත්වූ සටනට වෙන්න ඕනෑ.
dear friends,
ReplyDeleteSorry , i am late.
i was busy with monthly board presentation in past couple of days.
yet i couldn't learn , how do i write singhala letters?
now the story is over.
my father was died at 5pm on 15th friday in dec 2017.
i am the elder brother in my family. i have two younger sisters.
after one week from that incident (23rd dec 2017) jointed with you to go jaffana.
first two weeks i was busy with monthly board presentation in dec 2017.
so, i hadn't enough time to practice.
you are correct, i couldn't get correct bike from my company.
but i took every negatives into my shoulder.
manjula ayya & madu supported to improve my skills in every time at during the tour.
i had a very big fear of my weakness during the whole journey.
so, that is why? i tried to go before you.
i needed to save your valuable time.
any how?, we were able to achieve our target.
we went to jaffna on push bikes spending around 25 hours or two and half-day or two nights or 385kms.
i enjoyed , learnt , worried during the journey.
now the every things are past.
what will be the next????
thank you
ඔව් ඔබ මුහුණපා සිටි පෞද්ගලිකතා සැලකිල්ලට ගත් විට මා බොහෝ සෙයින් සතුටු වෙනවා වගේම හිස නවා ගෞරව කරණවා අප සමග එක් වීම ගැන!
Deleteමා සිතූ පරිදිම මුල සිටම අප ගැන අධිතක්සේරුවක සිටි ඔබ තමන්ගේ හැකියාව පිළිබඳව සිටියේ අවිනිශ්චිත තත්වයක. මේවා සියල්ල ඉතා සාමාන්‍ය තත්වයයන්.
ඔව් අපි (විශේෂයෙන්ම මධූ) ඔබට උදව් කලා. ඒ මොන උදව් උපකාර තුල උනත් කිලෝමීටර 385 පැද්දේ ඔබ මිස අප නොවේ. එසේම ඒ කිසම උදව්වක් උපකරයක් නොලැබී ගියත් ඔබ ; තම ඉලක්කය වෙත යන දැඩි ආත්ම ශක්තියකින් හෙබි අයෙක්.
මොනවා උනත් අප ඉලක්කය ජය ගත්තා. එම කණ්ඩායමේ සාමාජිකයෙකු වීම පිළිබඳව ඔබ මෙන්ම මමත් පෞද්ගලිකව සතුටු වෙනවා.
මියෙන මොහොතේ මේවා මතකයට එනවා නම් . . . . . . . . . . . . !
හම්මියෝ... ජාපනේ ගිහින් නේද මම නැතිවෙච්ච දොහට!
ReplyDeleteමේ කොටසත් හරි පැදපු දුරත් හරි වගේ. අපරාදේ ජාපනේ තව දුර උනානම් හිතුනා. ලස්සන ගමනක්, හොඳ අවසානයක්!
බලු හති තියේද නම් දන්නේ නැහැ. ඒ උනාට ඉරිසියා කරමි. අපි වාගේ පොඩි ඈයෝ ඉතින් විසිල් විතරයි. නැද්ද මුකුත් සංවිධානයක් අපි වාගේ අසරණ බයිසිලක් රෝගීන්ට පොඩි දුරක් හරි පැදලා 'ලොකු කතා' කියන්නවත් අවස්තාවක් දෙන?
තියෙනවා කුඩා සංවිධාන කිහිපයක්ම. මම විස්තර සොයා ලියන්නම්. ස්තූතියි!
ReplyDeleteආසාවෙන් කියෙව්වා
ReplyDeleteකැමති තව එක්කෙනෙක් හරි හම්බඋනොත් අනිවාර්යෙන්ම මේ ගමන යනවාමයි....
ස්තූතියි ඔබට... Indika - Kegalle