මාර්තු 2-3 යෙදී ඇති 90 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙනි !
නාලන්දාව !
නාලන්දාව !
වර්ෂය
1965 විය ~
ශ්රී ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ මුදුන් මල්කඩ බඳු වූ විද්යාලයයන් ගෙන් එකක් වූ නාලන්දාව පිහිටුවා ඒ වන විටත් දශක හතරකට ආසන්න කාලයක් එළඹ තිබුනි. කුමණ හෝ දුර්භාග්‍ය සම්පන්න හේතූන්
මත නාලන්දාවේ ගුරුවරුණ් අතර මේ කියන කාලය වන විට කිසියම් ආකාරයක කල්ලි වාදී ස්වරූපයක් නිර්මාණය වී තිබුනි. විදුහල්පති වරයා කුමණ තරාතිරමේ කෙනෙකු වුවද පාසලේ නිල නොලත් පාලකයින් වූයේ මෙම අත ලොස්සක් වූ කල්ලියයි. පාසලේ
පරිපාලනය, අධ්යාපනය, ක්රීඩා පමනක් නොව ක්රීඩා කණ්ඩායම් තේරීම් පවා එවකට සිදුවී ඇත්තේ මෙම අතලොස්සක් වූ කල්ලියේ අභිමතාර්ථයන්ට අනුව බව පැවසේ. මෙය එවකට අධ්යාපන ක්ෂේත්රයේ ප්රසිද්ධ රහසක් විය. මෙනිසාම මෙම පාසලට හිමි විශිෂ්ඨ ශ්රේණියේ විදුහල්පතිධූර පුරප්පාඩුව බොහෝ විට හිස්ව පැවතුනි.මන්ද විදුහල්පතිවරුනට තම අභිමතය පරිදි පරිපාලනය කරගෙන යෑමට; මෙම කල්ලියෙන් ඇති කරණ ඝර්ෂනය හේතුකොටගෙන විදුහල්පතින්වරුණ් නාලන්දාවට
පැමිණීමට තිබුනු අනියත බියය!
තම සිප් කිරි බී වැඩුනු දරුවන්ගෙ රුහිරු ජාතියට දායාද කල වග !
රණ විරු ස්මාරකය
මෙම
තත්වය අධ්යාපන දෙපාර්තමේන්තුවට පවා රහසක් නොවීය. මෙම තත්වය මග අරවා ගැනීම සඳහා
කාර්යශූර, එමෙන්ම නිර්භීත විදුහල්පතිවරයෙකු පත්කර යැවීමට දෙපාර්තමේන්තු බලධරයින් තීරණය කල අතර එවකට දිවයිනේ සිටි තරුණ ජවයකින් යුත් විදුහල්පතිවරුණ් කිහිපදෙනෙකු ප්රධාන කාර්යාලයට කැඳවා මෙම අභියෝගය ඉදිරිපත් කලහ. එහෙත් මෙම අභියෝගය බාරගත්තේ ගුණපාල වික්රමරත්න නමැති ධෛර්ය සම්පන්න මිනිසා පමණි. මීට කෙටි කලකට පෙර අප අතරිණ් වියෝවූ එම අයෝමය මිනිසා නොසිටින්නට නාලන්දාව වැසීගොස් හෝ පාසැල් දෙකකට කැඩී ගොස් බොහෝ කලකි.
ගුණපාල වික්රමරත්න නමැති ධෛර්ය සම්පන්න මිනිසා
මෙම විදුහල්පතිවරයාට තම කාර්යය සාර්ථකව ඉටුකරගෙන යාම සඳහා කිසියම් අස්වැසිල්ලක් ලබාදෙනුවස්; දෙපාර්තමේන්තු බලධරයින් විසින් පාසලේ මුළු මහත් කාර්යය මණ්ඩලයම ඉවත්කොට අළුතින් ගුරු මණ්ඩලයක් පත්කර දීමට තීරණය කොට තිබුනි. එහෙත් එම තීරණය අනුමත නොකල වික්රමරත්නයෝ කිසිදු ගුරුවරයෙකු හෝ සේවකයෙකු ඉවත් නොකිරීමට දෙපාර්තමේන්තු නිළධරයින් එකඟ කරවා ගෙන සටනට බටහ!
ෆොන්සේකා
මහතා හමුදාවේ සිටි පමණින් දිනූ යුද්ධයක් නොමැත. ඔහු විශ්රාම ගැනීමට ගියේ එම පසුතැවීම සමගය. එසේම ඝොඨාභය මහතා හමුදාවේ සිටි කාලය තුල දිනූ යුද්ධයක්ද නොමැත. ඔහු හමුදා සේවයෙන් විශ්රාම ගොස් මෙරටින්ද ඈත්වන්නේ එම පසු තැවීම සමග විය යුතුය. එහෙත් ඝෝඨාභය
ආරක්ෂක ලේකම් වූ සැනින් විශ්රාම සයිකලයේ පෙඩලයට කකුල තබා සිටි ෆොන්සේකාව නවතා ගත්තේය. මේ දෙදෙනාගේම සුසංයෝගය එල්ටීටීය බිමහෙලන්නට සමත්විය. මේ සංග්රාම භූමියේ හැටිය!
සටනකදී
ඕනෑම සෙන්පතියෙකු ක්රියා කරණ ආකාරයට වික්රමරත්න මහතාද පලමුව කලේ; පිළිමළුන්ගේ එඩි බලය මැණිය හැකි,මැඩිය හැකි, මැකිය හැකි දෙවැනි පෙල පෙරමුණක් සාදා සන්නාහ සන්නද්ධ වීමය. එවකට
නෙල්සන් මෙන්ඩිස් මහතා සේවය කලේ අම්බලන්ගොඩ ධර්මාශෝකයේය. කොටින්ම තම ගමේ පාසලේය. ඒවන විට වයස 12න් පහල සිට ක්රිකට් කණ්ඩායම් කිහිපයක් පෙලගස්වමින් සිටි මෙන්ඩිස් මහතාට; ඔහුගේ ගුරු තුමෙකුද වූ මේජර් කේ. ටී. එස්. ද සිල්වා මහතා වෙතින් තැපැල් පතක් ලැබුනේය. එවකට එතුමා එනම් සිල්වා මහතා ආනන්දයේ සේවය කල අතර අප මේ වන විට දන්නා හඳුනන; නාලන්දාවේ; ගුණපාල වික්රමරත්නයන් ගේ අවශ්යතාවයක් එම තැපැල් පතේ පෙල ගස්වා තිබුනි. එනම් ඒවන විට නාලන්දාවේ ක්රිකට් ක්රීඩාව භාර ආචාර්යය ධූරය හා කෙඩෙට් කණ්ඩායම භාර නිළධාරි තනතුර පුරප්පාඩුවී ඇති අතර මෙන්ඩිස් මහතා කැමති වේ නම් එම තනතුරු භාර ගැනීමට හැකි බවත්ය.
තණ නිල්ල මැද තණ තිල්ල
මෙජර්
සිල්වා මහතාගේ ඉල්ලීම; මෙන්ඩිස් මහතාහට එක එල්ලේ ඉවත දැමිය හැකි එකක් නොවීය.එසේම දැනට බිජුවට වපුරා ඇති ධර්මාශෝක කෙත දමා යන්නටද කිසිදු
ලෙසකින් හිත හදා ගන්නට නොහැක! මෙසේ දෙලොවක් අතර සිටි මෙන්ඩිස් පහතා හට තම දෙමව්පියන් ලබාදුන් උපදෙස වූයේ; රටේ එවකටද නමක් දිනා ගත් නාලන්දාව වෙත සිය සේවය ලබාදීමෙන් තමන්ගේ අනාගතයද වඩාත් ආලෝකමත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවය.
ඒ කාලෙ කොහොම ඉන්න ඇත්ද?
දෙමටගොඩ සංඝදාස මුදලාලිගේ පුතාට වත් අඹරුණේ නැති
අඩු වැඩි නැති - අවුන්ස දාසයේ ඔරිජිනල් රාත්තල !
මෙන්ඩිස් සර්!
එවකට
23 වැනි වියේ; බද්‍ර යෞවනයේ සිටි නෙල්සන් මෙන්ඩිස් මහතා 1965 වසරේ සැප්තැම්බර් පලමු වැනිදා නාලන්දාවේඅ වැඩ භාර ගත්තේය!
ගුණපාල
වික්රමරත්න මහතාගේ පලමු අව්ශ්යතාවය වූයේ අවුරුදු 12 න් පහල කණ්ඩායම පිළිසකර කර ප්රථිසංවිධානය කොට ප්රථිෂ්ඨාපනය කිරීමය. නෙල්සන් මෙන්ඩිස් මහතා වැඩේට අත ගැසුවේය.පලමුව කණ්ඩායම් සංචිතය මුණගැසුනේය. ඒවන විටද එම කණ්ඩායමට නායකයෙකු පත්කර තිබුනි. එහෙත් එම කුඩා දරුවාගේ ඊට කැමැත්තක් නොවීය. ඔහු තුල නායකත්වය දැරීමට ඇවැසි විශ්වසනීයත්වයක් නොපැවතෙන්නට ඇති. එනිසාම ඔහු මෙන්ඩිස් මහතා වෙත පැමින; තමාට කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දැරීමට අපහසුබව මෙන්ඩිස් මහතා පුදුමයට පත්කරවමින් කීය.
ඒ
වන විටද කණ්ඩායම තුල සිටි පුංචි කොළුවෙකු මෙන්ඩිස් මහතාගේ සිත පැහැර ගැනීමට සමත්වී සිටියේය. එහෙත්
ඔහුව එකවරම නායකත්වයට පත් නොකොට මුළු සංචිතයම කණ්ඩායම් දෙකකට වෙන් කොට එක් කණ්ඩායමකට නායකත්වය වෙනත්
දරුවෙකු වෙත පවරා අනෙක් කණ්ඩායම පෙරකී පුංචි කොළුවා වෙතට යොමු කොට ක්රිකට් තරගයක් පැවැත්වීය. එම තරගය අවසන් වූයේ එම පුංචි කොළුවා නායකත්වයේ හිඳුවාලමිනි. ඔහු ඉතා කෙටි කලකදී සියල්ලන් පරයමින් නැගී සිටිමින් විය. තවත් කලක් ගතවෙත්ම පාසලේ 14න් පහල කණ්ඩායමද මෙහෙය වීය. එවකට පාසැල් වල 16න් පහල කණ්ඩායමක්ද විය. 14න් පහල කණ්ඩායම කොට කලිසම් සමග ක්රීඩා කල අතර 16න් පහල කණ්ඩායම් සාමාජිකයින් ක්රීඩා කලේ දිග කලිසමකින් සැරසීමෙන්ය. එක්
දිනක් තමන්ගේ කොට කලිසමින් සැරසී 14න් පහල කණ්ඩායම මෙහෙයවන මෙම දරුවා තවත් දිනෙක; පාසැලේ නිවස්නයේ තම මිතුරෙකුගෙන් ඉල්ලාගත් දිගු කලිසමකින් සැරසී 16න් පහල කණ්ඩායම සමග පිටියට බසී!
එවකට
පාසැලේ පළමු පෙළ කණ්ඩායම භාරව සිටියේ ජෙරී ගුණරත්න නමැති නම් දැරූ පුහුණු කරුය. දිනක් සන්ධ්යාවේ ක්රීඩා පිටියට පැමිණි මෙන්ඩිස් මහතා දුටුවේ ජෙරී ගුණරත්න මහතා කිසියම් කරුණක් පිළිබඳව දැඩි කල්පණාවක සිටින බවය. ඔහුවෙත ගිය මෙන්ඩිස් මහතා හට දැන ගන්නට ලබුනේ පලමු පෙල කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු තදින් රෝගාතුර වීම නිසා පසුදින මොරටුවේ වේල්ස් කුමර විදුහල සමග පැවැත්වීමට නියමිතව ඇති තරගය සඳහා ආරම්භක පිතිකරුවෙකු නොමැති බවය. මාගේ මතකය නිවැරදිනම් එකල පාසලේ ප්රධාන ක්රිකට් කණ්ඩායම 19න් පහල නොව 21 න් පහල කණ්ඩයමය! (සදොස් නම් නිදොස්කරණු මැන!)
එයට පිළිතුරු ලෙස මෙන්ඩිස් මහතා; ජෙරී ගුණරත්න මහතා හට පැවසුවේ තමාහට
ආරම්භක පිතිකරුවෙකු ලබා දිය හැකි බවය! එම පිළිතුරෙණ් ජෙරී ගුණරත්න මහතා විෂිප්ත විය. මන්ද එවකටද මෙන්ඩිස් මහතා හට භාරව තිබුනේ 14න් පහල කණ්ඩායම හා 16න් පහල කණ්ඩායම පමණක් වීම කරණකොට ගෙනය!
අපගේ
පුංචි වීරයා එයට දින කිහිපයකට පෙර මහනුවර සිල්වෙස්ටර් විදුහලට එදිරිව 14න් පහල තරගයකදී ශතකයක් රැස් කරගෙන සිටි අතර එදින තම පුහුණුවීම අවසන් කොට අත් වැසුම් හා පා ආවරණ ඉවත් කොට සිටියේය. මෙන්ඩිස් මහතාගේ කැඳවීමට අනුව ඔහු නැවතත් පිතිකරණයට සූදානම්ව පිටිය මැදට පැමිණියේය. ඒවන විට පසුදින තරගය සඳහා පළමු පෙල කණ්ඩායම පුහුණුවීම වල නිරත වෙමින් සිටියෝය.පිටිය මැදට පැමිනි අපගේ වීරයා නොබියව හා ඉතා සැලකිල්ලෙන් යුතුව "අයියලාගේ" පන්දුවලට මුහුණ දුන්නේය.ඔහුගේ බුහුටි ක්රීඩා විලාශය දුටු ජෙරී ගුණරත්නයන් කොළුවා පසෙකට කඳවා; තමා වේග පන්දුවලට බය දැයි විමසීය. කොළුවා හිස දෙපසට වනා එය ප්රථික්ෂේප කලේය. ජෙරී ගුණරත්නයන්ගේ ඊළඟ පැනය එල්ල වූයේ මෙන්ඩිස් මහතා වෙතය.
"මෙච්චර
කාලයක් මේ ලමයා කොහේද හිටියේ . . ?"
ජෙරී
ගුණරත්න මහතා විසින්ද පන්දු කිහිපයක් ඔහු වෙත යොමු කොට පසුදින තරගය සඳහා කොළුවාව කණ්ඩායමට ඇතුළු කර ගත්තේය!
පළමු
දින එළැඹුනි. තරගය ඇරඹුනි! තරගය නිමාවන විට නාලන්දාවේ ආරම්ඹක පිතිකරු ගේ නම ඉදිරියෙ ශතකයක් සටහන් කර තැබීමට මෙම වයස අවුරුදු 14 පුංචි කොළුවා සමත් විය!
එදින
මොරටුව වේල්ස් කුමර පිටිය වර්ණවත් කලේ අන් කිසිවෙකුත් නොව බන්ධුල වර්ණපුරය!
අයියලා කොර කල කල !
"මේ
වෙලාවේ මට මතක් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ; ඒකාලෙ ස්පෙශලිස්ට් කෙනෙක් වුනු ඩොක්ටර් ෆර්නෑන්ඩු ආවා දවසක් මාව හම්බෙන්න. ඒ වර්ණපුරගේ තාත්තා. බන්ධු; වර්ණපුර උනේ අම්මගේ නමින්. බන්ධුගේ අයියා සරත් ෆර්නෑන්ඩු ෆොරෙස්ට් ඩිපාර්ට්මන්ට් එකේ වැඩකලේ.
මේ
තත්තා මාව හම්බෙන්න ආවෙ බන්ධුලව අන්ඩර් ටුවෙල්ව් ටීම් එකට සිලෙක්ට් කරගත්තු කාලෙමයි.ඩොක්ටර් ඇවිත් තියෙන්නේ; අවුරුදු දෙකක්ම ප්රැක්ටිසස් ආවත් ටීම් එකට සිලෙක්ට් කරගත්තු නැති එයාගෙ පුතාව නාලන්දෙන් අස් කරගෙන ගිහින් සෙන් පීටර්ස් එකට දාන්න්! නමුත් ඔය කාලෙ සෙන් පීටර්ස් එකට බෞද්ධ ලමයින්ව ගන්නෙ නැති හින්දා බන්ධුල නාලන්දෙම රැඳුනා.ඊළඟට බන්ධුලගේ තාත්තා කරල තියෙන්නේ ආනන්දෙට ගිහින් බන්ධුලව ආනන්දෙට දාන්න ට්රයි කරලා. මොකද බන්ධුගේ අයියා ඒ වෙන කොටත් හිටියෙ ආනන්දෙ. ඒත් ආනන්දෙ ප්රින්සිපල් කැමති වෙලා නෑ නාලන්දෙ ලමයෙක්ව; නාලන්දෙ ප්‍රින්සිපල්ට - මිස්ටර් වික්‍රමරත්නට නොකියා ගන්න. "
කෙසේ
වෙතත් බන්ධුල වර්ණපුරගේ පියා තම දරුවාව තමාට ඇවැසි පාසල වෙත යොමුකර ගැනීමට නොහැකිවී අවාසනාවන්ත තත්වයකට මුහුණ දුන්නද; නාලන්දය ඊට දශක දෙකකට පසු ශ්රී ලංකාවේ ප්රථම ටෙස්ට් නායකයා තම කුසින් බිහිකිරීමට වාසනා වන්ත විය. වඩාත් වැදගත් ප්රශ්න දෙකකි. ඉන් පලමු වැන්න ජෙරී ගුණරත්නයන්; බන්ධුලගේ ක්රීඩා කෞෂල්යය හඳුනාගත් දිනයේ මෙන්ඩිස් මහතාගෙන් විමසූ පැනයය.
"මෙච්චර
කාලයක් මේ ලමයා කොහෙද හිටියේ . . . ?"
වසර
දෙකකට අධික කාලයක් මෙම දරුවා බංකුවේ වාඩිකර තැබීමේ ගෞරවය හිමිවන්නේ ඊට කලකට පෙර නාලන්දාවට අරක්ගෙන තිබුනු කල්ලියය!
අද මෙන් දන්නා දෙයයි නොදන්නා දෙයයි සියල්ල ගැන කියවන්නට නොගොස්
දන්නා කිරිකැට් කිරීඩාව පමනක් කල කාලේ!
ශ්රී ලංකාවට ටෙස්ට් තත්වය හිමිවන්නේ කිම් හියුස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්රේලියානු කණ්ඩායම මෙරටට පැමින බන්ධුගේ කණ්ඩායමෙන් මදි නොකියන්න වළඳා ආපසු ගම් බිම් බලා යෑම සමගය. එවකට ක්රීඩා විචාරකයෙකු පුවත් පතකට ලියා තිබූ වදන් මට අද මෙන්ම මතකය. එය මෙසේය: "බන්ධුල වර්ණපුර නායකත්වයේ ඉණිමක් ක්රීඩා කරමින් ලබා ගත් ශතකයෙන් එතෙක්
ශ්රී ලංකාවට වැසී තිබුනු ටෙස්ට් දොරටුව දෙදරවා ලීමට සමත් විය!" (මෙම තරගයේදී බන්ධුල වර්ණපුර ලකුණු 107 ක් වාර්ථා කලේය.)
දෙවැනි ප්රශ්නය:
එය
කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායමට ප්රථම නායකයා සැපයීමේ ගෞර්වය හිමිවිය යුත්තේ
1. එවකට
නාලන්දාවේ සිටි අගතිගාමී කල්ලිය වෙතය.
2. නව
විදුහල් පතිවරයෙකු පත් කල අධ්යාපන බලධරයන් වෙතය.
3. අභීත
නායකත්වයක් විදුහලට සැපයූ ගුණපාල වික්‍රමරත්නයන් වෙතය.
4. නාලන්දාවේ
පුරප්පාඩුව පිළිබඳව මෙන්ඩිස් මහතාට දැන්වූ සිල්වා මහතා වෙතය.
5. නාලන්දාවට
පමිණෙන ලෙස අවවාද දුන් මෙන්ඩිස් දෙමාපියන් වෙතය.
6. බන්ධුලව
පලමුව හඳුනාගත් නෙල්සන් මෙන්ඩිස් මහතා වෙතය.
7. බන්ධුලව
පළමු පෙල කණ්ඩායමට ඇතුලත් කර ගත් ජෙරී ගුනරත්න මහතා වෙතය.
8. එවකට
සිටි ශ්රී ලංකා ක්රිකට් බලධරයින් වෙතය.
මෙයට
පිළිතුරු සැපයීමට ඇති ව්යාකූලත්වය සේම අලකලංචියකට; යුද්ධය ඉවර කලේ කවුරුන්ද කියන පැනයට පිළිතුරු සෙවීමේදීද පත්වනවානම් මෙරට කෙතරම් සොඳුරු වේද?
I guess the answer is 'all of the above'. Contribution may not be always positive, even negative contributions would have created a reaction to fix the situation.
ReplyDeleteසත්තකින්ම ඒක බොහොම පලල් උත්තරයක්. බලමු අපේ අනෙක් මිතුරණ්ගේ අදහසුත් ඉදිරියේ. ඔබ මතුකලා ඉතා වැදගත් අදහසක් "සෘණාත්මක දායකත්වය" සත්තකින්ම එහෙමත් දෙයක් තියනවා නොවැ!?
Deleteඕං අලුත් ක්‍රිකට් සභාපති නාලන්දේ අපේ පංතියෙන් . 76/77 12 A Science. ඔය කාලේ නාලන්දා ටීම් එකේ කාලක් විතර පංතියේ හිටිය. ෂම්මි,රවීන රවීන්ද්‍ර ප්‍රනාන්දු, අරුණ රණසිංහ, සනත්, කලුපෙරුම.
ReplyDeleteෂම්මි සිල්වා ඇත්තෙන්ම මහත්මයෙක් මේ වෙනතෙක්. අළුත් පත්වීම සමග මොන ආකාරයකට ඒ ඔහු තුල තිබූ වටිනා කම් ඇති - නැති වෙයිද කියන්න බෑ. ඩලස් අලහප්පෙරුමත් ඒ කාලෙ හොඳ මනුස්සයෙක්. දැන්නම් කොහොමද කියන්න ආස්සරේට එන්නෙම නෑ! අරුණ කෙසේ වෙතත් අනුර රණසිංහ කියන ක්‍රීඩකයා අදත් මගේ හිතෙ තදින්ම සටහන් වූ අයෙක්. ඔහු නාලන්දෙට ගෙනත් තියෙන්නේ ප්‍රේමසර ඈපාසිංහ මහත්තයා. එතුමා දවසක ගමනක් යනකොට කිරුළපොනේ පාර අයිනේ පිට්ටනියේ කොල්ලෙක් ගහනවාලු ටෙනිස් බෝලෙට; බෝලෙ හතරැස් වෙන්න. ඒක දැකලා තමයි අනුරව නාලන්දෙට ගෙනාවේ. අදත් ප්‍රේමසර ඈපාසිංහයන් ගෙන්; මෙතෙක් දුටු වඩාත්ම සිත් ගත් ඉනිම කුමක්දැයි විමසූ විට ඔහු පවසන්නේ ඉන්දියාවේ චෙපොක් ක්‍රීඩංගනයේදී අනුර රණසිංහ පීඩනයට යටත්ව කල සුපිරි පිති හරඹය බවයි. කිම්හියුස් ගේ නායකත්වය යටතේ පැමිණි කණ්ඩායම සමග මොරටුවේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවති එක්දින තරගයට නාලන්දාව නියෝජනය කල ක්‍රීඩකයින් අට දෙනෙක් ක්‍රීඩා කල බව මට මතකයි! සනත් කළුපෙරුම කෙසේ වෙතත් ලලිත් කළුපෙරුම හොඳ ක්‍රීඩකයෙක්. ඔයා ඔය කියන කාලේ නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල සුසන්ත කරුණාරත්න, හේමන්ත දේවප්‍රිය, දර්ශණ මොහොට්ටි වගේ පිරිසක් ක්‍රීඩාවෙන් ඈත්වී ගිහින්. ඇයි කීර්ති රණසිංහ?
Deleteකෝ මෙතන "බන්දුල වර්ණපුරයන්ගේ හැකියාව" එහෙම නැතිනම් "දක්ෂතාවය" කියන කාරණය ලියැවිලා නැහැනේ. එකල ඔහුට වඩා දක්ෂයෙකු නොසිටීම ඔහුට නායකත්වය ලැබීමට ඉවහල් උනා නේද ? ඉහත කරුණු කාරනා ඔක්කොම ලියැවිය යුත්තේ ඊට පසුව කියා මට හිතෙනවා. ඔබ නාලන්දියන් කෙනෙක් බව පෙනෙන නිසා වර්ණපුර 244 ක් ගැහුවේ කාටද කියාත් හොඳින් මතක ඇති.
ReplyDeleteක්‍රිකට් එපාවෙලා හිටපු කාලෙක හදිසියේම ලබාගත් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණය නිසා ක්‍රිකට් ගැන නැවත උනන්දුවක් ඇතිවෙලා තියනවා. ඊළඟ ටෙස්ට් මැච් එක ඩ්‍රෝ කරගත්තොත් ද.අප්‍රිකාවේදී ටෙස්ට් තරඟාවලියක් ජයගත් පළමු ආසියාතිකයන් වීමේ භාග්‍යය අපට හිමිවිය හැකි බව ක්‍රික් ඉන්ෆෝ එකේ තිබුනා. ඒත් කිසිම විශ්වාසයක් තියන්න බැරි ක්‍රීඩාවක් වන ක්‍රිකට් ගැන බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. හොඳම උදාහරණය ගිය ඉරිදා තිබුන ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් 20/20 අවසාන තරඟයයි. 'රෙනගේඩ්ස්' කණ්ඩායම 145 ගැහුවාම ඒක කොහොමවත් නොසෑහෙන බව 'ස්ටාර්ස්' කණ්ඩායම ඕවර් 11 කට රන්ස් 90ක් එකම විකට්ටුවක් වත් නොදැවී ලබා ගැනීමෙන් තේරුනා. ඉතින් මම මැච් එක බලන එක නවත්තලා මගේ එළවලු පාත්තියට වතුර දාන්න ගියා. ඊළඟ ඕවර් හතර පහ ඇතුලත විකට් හතක් ගිහිල්ලා රෙනගේඩ්ස්ලා දිනලා.
වර්ණපුර හොඳ නායකයෙක්. ඔහු තුල තිබුනු තරග කියැවීම මා දුටුවේ මහේලගෙන් පමනයි. වර්ණපුර නායකත්වයට පත්වන්නේ වෙනත් කෙනෙකු නැති නිසාවට වඩා ඔහුගේ නායකත්වයට අභියෝග කිරීමට කිසිවෙකු නොසිටි නිසා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඔහු පත්වූ දින සිටම ඔහුට එදිරිව ගොඩ නැගුනු සීතල යුද්ධයටම ඔහු ගොදුරු වෙනවා. වරක් නාලන්දාවේ හිටපු විදුහල්පති ශ්‍රේෂ්ඨයෙකු වූ සුගුණදාස අතුකෝරළ මහතා පැවසූ කථාවක් මට මේ මොහොතේ මතකයට ඒ. ඒකාලේ සමහර විදුහල් සමග බන්ධුලගේ නායකත්වයෙන් යුත් නාලන්දා ක්‍රිකට් පිල තරග සඳහා එම විදුහල් බිමට ගොස් සිටියදී තරගය ඇරඹෙන්නට ඔන්න මෙන්න තියා බන්ධුගේ වයස ගැටළුවක් කර ගෙන තිබේලු. මයිනර් ටැක්සියකින් නැවත පාසලට පැමිණ උප්පැන්නය රැගෙන යන තෙක් බන්ධුට ක්‍රීඩගරයට වී කල්මැරීමට සිදුවී තිබුනාලු. මෙම බලවේග විසින් ඔහුව ක්‍රීඩාවෙන් ඉවත් කරණා තැන වෙනතෙක්ම ඔහු පසුපස ඉව අල්ලමින් පැමිණියා යැයි මට සිතේ. දකුණු අප්‍රිකාවට යන්නට කොත්‍රාත්තුව රැගෙන පැමිණි අයම පසුව ඉන් ඉවත් වන්නේ එම බලවේගයන්ගේ උපක්‍රමයක් කියලයි මට සිතෙන්නේ.
Deleteඇත්තෙන්ම මම මේ ලිපිය ලියන්නේ බන්ධු ගැන ලියන්නට වඩා එකල පාසල්, පාසල් පරිපාලනය, පාසල් ක්‍රිකට් හා හැකියාවකින් සමන් විත ක්‍රීඩකයෙකු හට ඉදිරියට ඒමට තිබුනු ඉඩ කඩ වගේ කරුණු පෙන්නුම් කිරීමටයි. ඇත්තෙන්ම නාලන්දාවේ ක්‍රිකට් වල ස්වර්ණමය යුගයෙදී එයට උර දුන් යුග පුරුෂයන් දෙදෙනා වන්නේ නෙල්සන් මෙන්ඩිස් මහතා හා ග්‍රවුන්ඩ් බෝයි ඇඩ්ඩිං අයියාය.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවය ගැන කියනවා. වැසිකිළියට ගිහින් එන ටිකට අගමැති මාරු වෙන්නේ? ඒකනේ ටයිටස් තොටවත්ත මහත්තයා කියලා තියෙන්නේ "අද ඇමති හෙට නොමැති" කියා. මා; මගෙ ජීවිතයේ දුටු වඩාත් පෙරලිකාර සිද්ධිය නමූක ඔය එකක් වත් නොවේ. පෙරස්ත්‍රොයිකාවෙන්; ඊයේ ලෝකයේ සිටි දෙවන බලවතා ඵුවෙනිදා වෙන කොට තුන්වන ලෝකයේ රටක් වීම! ඔබ දන්නවා නොවෙද හොයාගෙන හොයාගෙන ගොයොත් බන්ධුව ඉවත් වීමයි පෙරස්ත්‍රොයිකාව අතරයි සම්බන්ධයක් ගොඩ නගා ගන්න බැරිකමක් නෑ. ~ ස්තූතියි
ගොඩක් දෙනෙක් ලයනල් මෙන්ඩිස් ගැන කතා වුනත් නෙල්සන් මෙන්ඩිස් ගැන කතා වෙන්නේ අඩුවෙන්.. ස්තුතියි මේ සබැඳියට.. ක්‍රිකට් මැච් එකෙන් පස්සේ සතුටට කියවපු දේවල් නම් හාඩ් ගන්න ඕනි නෑ.. මොකද අපේ කොල්ලොන්ගේ ගැටලුව තියෙන්නේම ඔතන.. උන් කොච්චර දක්ෂ උනත් ප්‍රොෆෙෂනල් නෑ .. උන්ට තේරෙන්නේ නෑ අවස්තනුකුලව හැසිරෙන්න කතා කරන්න.. emotional driven.. ඒවා උන්ගේ වැරදි නෙවෙයි.. තේරෙන උන් හදන්න ඕනි දේවල්..
ReplyDeleteඔයාට කියන්න මිත්‍ර ඉස්සර බැට් කරණ්න පිතිකරු හතරේ සීමාවෙන් ඇතුලට යනකොට එයා අත්වැසුම් පා ආවරණ කැප් තොප්පිය මේ සියල්ලෙන්ම සන්නාහ සන්නද්ධ වෙලා ඉන්න ඕනෙ! මග දිගට ඇඳ ඇඳ යන්න බෑ. ඒ වගේමයි එයාට අවුට් එක දෙන්න විනිසුරු ඇඟිල්ල ඉස්සුවාම ආයෙ හැරිලා විනිසුරු දිහා තබා විකට්ටුව දිහාවත් බලන්න බෑ. බැට් එක දමල ගගහ කුණුහරුපෙන් බැන බැන එන ක්‍රිකට් ක්‍රීඩකයින්ව මෙන්ඩිස් දෙබෑයෝ හැදුවේ නෑ. ආයෙමත් ක්‍රීඩාගරය තුලට එන තුරු ග්ලවුස් ගලව ගලව ආවොත් සෙන්චරියක් දල තිබුනත් ගුටිම තමයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැඳී තිබුනේ ඔය දේවල් මත. හමුදා නිළධරයෙකු ලෙසට ඔබ හිතන්න "විනය" කියන දේ ඉවත් කලාම හමුදාවක් තුල ඉතිරි වන්නේ කුමක්දැයි කියා. ඔබ බලන්න එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තරගයක් ගයක් දිනූ පසුත් (කොපමණ අප කැමති උනත්) වෙස්ට් ඉන්ඩීස්ලා තරගයක් දිනූ පසුත් වෙනස!? මෙවා බමුණු මත කියා ඉවතට විසි කර දමන්න පුළුවන්. ඒත් ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවකට වඩා සංස්කෘථියක් ලෙසටයි මා දකින්නේ? අප ගමට ගෙනියන්නේ ක්‍රීඩාව මිසක ඒ සංස්කෘථිය නොවේ. සුද්දාගෙන් ඔරලෝසු බඳින එක කොපි කලාට උගෙන් වෙලාවට වැඩකරණ එක ඉගෙන ගත්තෙ නැති ජාතියකගෙන් ඔයිට වඩා දේවල් බලා පොරොත්තු වෙන්න බෑ.
Deleteමම මේ කතාව නවතන්නම් මේ විදියට. 1998 (මට මතක විදියට) ඕස්ට්‍රේලියානු කණ්ඩායම එනවා පාකිස්ථානයට මාර්ක් ටේලර්ගේ නායකත්වය යටතේ. රාවල්පින්ඩි වලදි ගහන පලමු මැච් එක ඔස්ට්‍රේලියාව සුපිරියටම ගොඩ දාගන්නවා. දෙවෙනි මැච් එක තියෙන්නේ පෙෂ්වර් වල. ඒකෙදි මාර්ක් ටේලර් ගහනවා 334 ක්! ගහලා 1930 දි සර් ඩොන් බ්‍රැඩ්මන්ගේ රෙකොර්ඩ් එක සමකරණවා. ඒත් ඒ වාර්ථාව කඩන්නේ නෑ. හැමෝම හිතනවා බ්‍රයන්ලාරාගේ 375 පස්සෙ පන්නයි කියලා. නෑ ටේලර් නවතිනවා බ්‍රැඩ්මන් ලඟ!
ඔය වගේම දෙයක් කරණවා අසංක ගුරුසිංහත්. එයාත් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ රොෂාන් මහානාම තියපු වාර්ථාව ඉතිරි කරලා නවතිනවා. ඔය වගේ කර්ට්නි වොල්ෂ් ගැනත් ලස්සන කතාවක් තියෙනවා. පසුව කතා කරමු. නෙල්සන් මෙන්ඩිස් සර් කියපු කතා තව එකක් දෙකක් තියෙනවා. කොහෙද ලියන්නට විවේකයක්. අනික මම "කෙටි කතා" කියලා එකක් දන්නෙම නෑනේ! මේ පේන්නේ නැද්ද රිප්ලයි එකක් ගිය දුර. මටනම් කවුරු මොකක් කීවත් කුසල් ජනිතුයි අනිත් එවුන්ගේ කයිවාරුයි වලට වඩා ගෞරවණීය පරාජයක් වටිනවා! මේක විවාධයට තුඩුදෙන ප්‍රකාශයක් විය හැකියි. ඒත් ඒක එහෙමම ම තමයි. මම අහලා තියෙනවා 83 ජූලි කලබල වෙලාවේ දෙමල සරණාගතයින් වගයක් රැගෙන ගිය බෝට්ටුවක් තුල සිදු උනා යැයි කියන සංසිද්ධියක් හා කල ප්‍රකාශයක්. මේකත් එහෙම එකක් තමයි. සාධාරණ සභ්‍ය විවේචනයට ඉඩ ඇත!
// බැට් එක දමල ගගහ කුණුහරුපෙන් බැන බැන එන ක්‍රිකට් ක්‍රීඩකයින්ව මෙන්ඩිස් දෙබෑයෝ හැදුවේ නෑ// ඉතිං මගේ කතාව හරිනේ.. කවුද විනය හැදුවේ.. කවුද ප්‍රොෆෙෂනල් විදියට සිටුවේෂන් හැන්ඩ්ල් කරන්න ප්ලේයර්ස් ලාව හැදුවේ.. අපි ක්‍රිකට් ටීම් එකට ගන්නේ රෝ ටැලන්ට්ස්.. උන්ව කපල හැඩ කරලා පොලිෂ් කරලා.. හැම අතින්ම.. ගන්න තමයි සපෝර්ට් ස්ටාෆ් එකක් ඉන්නේ.. වෙලා නැත්තේ ඒක.. හමුදාව ගැන කියුවනේ.. සක්සස්ෆුල් ඇටැක් එකකින් පස්සේ හමුදාවේ කොල්ලොත් ඔහොම හැසිරෙනවා.. හැබැයි සිමාව ඇතුලේ උන්ව තියාගන්නවා අදාළ නිළධාරියා හා/හෝ ජෙෂ්ඨයෝ.. There are no bad sailors, Only Bad Officers! That it what Navy believes.. :D
Deleteඅර් තරම් ලියැවුනේ ඔබගේ අදහසට වෙනස් අදහසක් මා දරණ නිසා නොව. මුන් ක්‍රිකට් ආහාරයට ගැනීම බලාගෙන ඉන්න බැරිම නිසා. මා ක්‍රිකට් ලෝලියෙකුට වඩා ක්‍රිකට් සංස්කෘථියට ආදරය කරණ්නෙක්. ස්තූතියි පන්නගෙන ඇවිත් ලිව්වාට. අරිණ්න එපා. එළම එළ!
Delete+++++++++++++++++++++++++++++++++++
ReplyDeleteනොදන්න මොකක්ද එකට ගිහින් වරිගෙ නහගන්න බෑ වැටක් ගහල මාරු වෙනව
මල්ලි උඹ පලවෙනියෙම්ම ඉගෙන ගන්න ඕන දේ තමයි ඕනෑම නොදන්න දෙයක් දන්න දෙයක් බවට හැරවීමේ න්‍යාය! මීට කලින් පෝස්ට් එකටද කොහෙද මම රිප්ලයි එකක් දාන කොට ලිව්වා වාගේ එලිසබත් නම් ටේලර්! ටේලර් නම් ට්‍රැක්ටර්!! ට්‍රැක්ටර් නම් ෆෝඩ්!!! කියලා එලිසබත් ටේලර්ව උනත් ෆෝඩ් ට්‍රැක්ටරේකට අමුනන්න ඉගෙන ගන්න ඕනෙ. එතකොට දන්න ටිකයි අයිසින් ටිකයි දාගත්තාම වැඩේ ගොඩ.~ ස්තූතියි හැමදාම වගේ අදත් ආවාට!
Deleteඉන්දීය මිලේච්ඡත්වයට එරෙහි කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලයට අපගේ සහය මෙසේ ප්‍රකාශ කර සිටිමු.
ReplyDelete-පාඨක කැල- දී තට්ටයාගේ කොළම අන්තර්ජාල වෙබ් බ්ලොග් අඩවිය.-
එකෙන්ම!
Deleteධර්මන්ගේ පියා
ReplyDeleteහරි! දැං කියමුකෝ බලන්න කවුද ධර්මන් කියන්නේ කියලා?
Deleteවික්රමරත්න
Deleteඑළ!
DeleteThank you for the story.
ReplyDeleteEla!
ReplyDeleteගොඩක් වටිනා ලිපියක් අයියේ. මෙවන් වූ සුවිශේෂී චරිත ගොන්නක් නාලන්දාවෙන් බිහි වීමේ වටිනාකම අප මුළු මහත් ජාතියම එදා භුක්ති වින්දා කියන්න පුළුවන්.
ReplyDeleteමෙතුමා 2000/2001 තරග සමයේ ජාත්යන්තර තරග තීරක වරයෙක් ලෙසත් කටයුතු කරා නේද?
ස්තූතියි! මම ඔයාගෙ කබරගල චාරිකා සටහනට කමෙන්ට් එකක් දැම්මා!
Deleteහොදයි
ReplyDeleteමේවායේ ඇත්ත-නැත්ත නොදනිමි. ඒ හින්දා තාර බර කොතරම්දැයි කියන්ට හැකියාවක් නැත.
ReplyDeleteමොකක් උනත් හොඳ ලිවීමක්.
සමාවෙන්න. ඇත්තටම අදයි දැක්කේ ඔබේ කමෙන්ටුව! ඉස්සර නම් මගේ ෆෝන් එකට "ඇලර්ට්" එකක් එනවා කිසිවෙකු කමෙන්ටුවක් ලියූ සැණින්. ඒත් කිසියම් හෝ කාර්මික දෝෂයක් නිසා දැන් එය ඇනහිට ඇත! මේක ඩීසල් ඇන්ජිමක ගියර් පෙට්ටියක ආන්තර එකලසක හෙවත් ඩිෆරන්ශලයක ලෙඩක් රෝගයක් නම් මම මෙලහකට ලෙඩේ ගොඩ දාගෙන හමාරයි. හෝඩියේදී ගල් කූරෙණ් ලියා, "ළමයිනි බොරු නොකියන්න - ගම රාළ ලොළෝ හඬින් පැවසීය" යැයි කුමාරෝදයේ කියවපු පරම්පරාවක මා මේ පරිඝනක සාස්ත්‍රය ගැන දන්නා දේවල් අතිශය සීමිතය. පසු ගිය දින වල මා බොහො කාරණා කාරණා පිළිබඳව ලියා ඇතිමුත් ඔබගේ ඇස ඒ පිළිබඳව යොමුවූ බවක් පෙනෙන්නට නොතිබුනි. දැන් ඔබේ කොමෙන්ටුවට හැරෙමි. මේවායේ ඇත්ත නැත්ත සොයා බැලීමට ඕනෑම අයෙකු
ReplyDeleteහට ඉඩ සැලැස්වීමටයි හැකි පමන දින වකවානු නම් ගම් ඇතුළු කලේ. වර්ණපුර හා නෙල්සන් මෙන්ඩිස් මහතා තවමත් ජීවතුන් අතර. එසේම තාර බර ලෙසට අතිශයෝක්තියන් ඉවත් කල හැකි වුවත් මූලික සිද්ධින් වල කිසිදු බොරුවක් මුසාවක් නොමැත. ඒ කෙසේවෙතත් ඔන අවසානයේ මාගේ ලිවීම පිළිබඳව දී ඇති සහතිකය ගැන අපමන සතුටක් දැනේ. තවත් දෙයක් ඔබගේ රහස් පරීක්ෂක කතාවට මා කොමෙන්ටුවක් දැම්මා. එය පලවී නොතිබුනි. ඒ මන්ද? ඉන් විමසා තිබුනු කරුණ නැවත මා සැකවින් දක්ක්වන්නම් මෙහි: තීක්ෂණලා කැට ගසති - මධුළිකාලා කැවුම් බදිති - අන් අය නෑ ගම් ගොසිනි - පාඨකයෝ වේලෙති. කවදාද මේ අය නැවත අප හා එක්වන්නේ? ස්තූතියි!
දොස්තරටවත් හොයාගන්න බැරි ලෙඩනේ තියෙන්නේ මේ කාලේ! බලාගෙන පරෙස්සමෙන්, බ්ලොග් එකේ තැන තැන නොදන්නා කොමෙන්ටු තිබ්බොත් බෝම්බ නිෂ්ක්‍රිය අංශෙට හෙම කියන්නට වෙයි ඔන්න!
Deleteතාර බර ගැන කිව්වේ.. කොහොමත් පබ්ලික් ෆිගර්ස් කියන කොටසට අයිති උනහම ඒ කොට්ඨාසේ කරන ඕනේ වැඩක් 'මාර වැඩක්' වීමත්, ඔහු මාර චරිතයක් වීමත් ලංකාව තුල සුලබ කාරණයක්. කොටින්ම සර්. ජෝන් කොතලාවල ගැන මිනිස්සු වන්දනාමාන කරන තරමටම ඒ මනුස්සයා තුල හොඳ වැඩ තිබුණාය කියලා මම නම් හිතන්නේ නැහැ. ( දන්නෙත් නැහැ, ඒ කාලේ අපිත් බුලත්කොට කොට ඉන්න ඇති ඒ උන්දැට කතිරෙත් ගහල!) ඒ උනාට අර කිව්වා පබ්ලික් ෆිගර් එක නිසා වීරත්වය ඉබේම එනවා.
ඔබේ ලිපිය තුලම තියෙනවානේ නාලන්දාවේ ඒ වෙනකොට තිබ්බ ගුරුකුලේ දරුණුකම! ඒක සමහර උදවියට හරි ආඩම්බරයක්. පාසල ගැන හැඟීම එකක්, නමුත් ලොකු ගහක් උනත් පොඩි පැල වලට ඉර එලිය ටිකක් දෙන්න ඕනේ පැලවෙන්න තමුන්ට පහලින් හරි. ඒ වගේ දේවල් වලට අහුවෙච්ච කෙනෙක් විදියට ඒ වගේ කොටස් තමයි මට පෙනෙන්නේ. ඕනෙම කතාවක පති තුනක් තියෙනවා කියනවානේ. ඒ තමයි මගේ පැත්ත, අනිත් එකාගේ පැත්ත සහ හරි පැත්ත!