ලියන්නට
සිතෙහි වී
මැකී ගිය
කවිය සේ . . . . . . . . . ;
මතකයක
මතකයක්
පමණි එය
නෑ සිතේ . . . . . . . . . !
සඳ සොඳුරු
බව දුටිමි
සැඟව ගිය
පසු නුබේ . . . . . . . . !
මිහිරි නද
ඇසෙනු ඇත
බිඳුනු
වීනා තතේ . . . . . . . . !
හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...
ලස්සනයි ඒක...❤
ReplyDeleteඇත්ත, නැති උනාම තමා අගේ දැනෙන්නේ.
ස්තූතියි අනේක වාරයක් කුළුඳුලේම ලිව්වාට!
ReplyDeleteOnce you get going, you could go a long way. I am sure you know about how Clarence Wijewardana started writing songs.
ReplyDeleteසත්තකින්ම අප තුටින් විඳිනා බොහෝ දෙ පිටුපස ඇත්තේ කඨුක වියෝගයක්.
Delete"සොවින් පිරි මගේ හදවත . .", "එදා මෙදා තුර . . . ", "සිංහල සින්දු කියන . . . " මේ මට මේ මොහොතේ මතක් වන මම වඩාත් කැමති ගීත කිහිපයක්. මේ සියල්ල පිටුපස ඇත්තේ දුකම තමයි. ~ ස්තූතියි
හරිම රසවත්
ReplyDelete~ස්තූතියි. ඔබගේ ලිපි මා කියෙව්වා. මා වින්දා ඒත් ලියන්නට සිතට යමක් ආවේ නෑ. ඒ රසාලිප්ත බවේ අඩුවක් නිසා නොවේ. ඒක එහෙම තමයි. මම උදාහරණයක් දෙන්නම් මෙහෙම. පැණි බූන්දි කාලා රස විඳලා යමක් ලියන්නට කිව්වොත් ලියන්න දෙයක් හොයා ගන්න අමාරුයි නේද? ඒත් නෙල්ලි ගෙඩියක් පිළිබඳව ලියන්නට බොහෝ දේ සිතට එනවා. ආන්න ඒ වගේ. (බූන්දි, මස්කට්,පුහුල් දෝසි මගේ ප්‍රියතම කෑම. ඒ වෙනත් වින්දනයක අනුපාන හෝ කටගැස්මක් විදියට නොවේ. මා එතරම්ම පැණි රස ප්‍රේමියෙක්)
Deleteඒක පට්ට.. ඉරිසියා හිතෙනවා උත්තරයක් කවියෙන් ලියාගන්න බැරිකොට.. :D :p
ReplyDeleteඅන්න අන්න කාලෙකින් ආවා බොරුවකුත් කියාගෙනම. ඔබගේ කවි මා කොතෙකුත් විඳ ඇත. අනේ ඉතින් ඒ මට ලියපුවා නම් නොවේ. වෙන වෙන ඇත්තන්ට ඇත්තියන්ට ඇතින්නියන්ට ලියපුවා! මේ ලඟදි දවසක අපෙ "කවි ලියන දුමී" ටත් මම කිව්වා ඔබේ කවීත්වය ගැන!
Deletehmm
ReplyDeleteට්‍රැක්ටරයක් කතා කරයි ! ටර් ටක ටක ටක !!
Delete