කලාව කිව්ව සැනින් මතක් වෙන්නේ පාසැලේදී ඉගෙන ගත් අංශක
, කලා, විකලා යන්නය.
නමුත් “කලා විකලා”;
කිව්වහම ඉන් ගම්‍ය වන්නේ ඉන්තීරුවෙන්ම “කලා” හපා කා ඇති බවය ! කොටින්ම කලා විසින් වෙනත් අයෙකු හෝ දෙයක්
හපා කෑ බවය.
“එතකොට කවුරුහරි අයෙකු කලාව අමු අමුවේ කෑවොත් ඒක ඔයවිදියට
කියන්න බැයිද බාං ?” කියලා ඇහුවොත් මට අහන්න
තියෙන්නෙ “ඇයි බැරි බාං?” කියාය. අද අපේ රට දෙස බැලූ විට වඩාත් ගැලපෙන්නේ “කලා
කරුවන් කලා විකලා!” කියන එකටත් එහා ගිය එකකි !
ඇට මිදුළු වෙත දිවුනු දාරක ප්‍රේමය කරලියට ගෙන ආ මහැදුරු
වරක් මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුලසුනින් කලාව පිළිබඳ සම්මන්ත්ර්ණ්යක්
පැවතී ඇත. මෙම කතිකාව විවිද මංපෙත් ඔස්සේ විහිද අවසානයේ නැවතී ඇත්තේ “හොඳ කලා කෘථියක්
යනු කුමක්ද ?” යන පැනය සභාව ඉදිරියේ තබමිනි.
“ඇත්තෙන්ම හොඳ කලා කෘථියක් යනු කුමක්ද ?” සරච්චන්ද්‍රයෝ
විද්වත් ප්‍රෙක්ශක්යින්ගෙන් විමසීය.
“හොද කලා කෘතියක් කියන්නේ සමාජ ප්‍රගමනයට කිසියම් මෙහෙවරක්
….”
ආචාර්‍යතුමාට තම අදහස ඉවර කරණ්නට මුලසුනෙන් ඉඩක් නොලැබුනි
!
“ම්හු….!” සරච්ච්න්ද්‍රයන් හිස දෙපසට වනා එය ප්‍රථික්ෂේප කලේලු!
“මහාචාරය තුමා හොඳ කලා කෘථියක් කලාවේ උන්නතියට …….”
“ම්හු ….!!” එයද සරච්චන්ද්ර්යෝ ඉවත දැම්මේය.
“ මිනිසා ආනන්දයෙන්
ප්‍ර ……”
“ම්හු ……!!!”
“එහෙනම් මහාචාර්‍යතුමා ඔබතුමාම කිව්වානම් ….!”
“හොඳ කලා කෘථියක් කියන්නේ හොඳ කලා කෘතියකට; ඊට වඩා දෙයක්
නෑ!” මහාචාර්‍ය තුමා තම අදහස සභාවට එළිදැක්වීය!
කලා සම්මන්ත්ර්ණ කිව්වාම තවත් සුපිරිම කතාවක් මතක් උනා. ඔය චිත්ර්පටියක් පෙන්නුවට පස්සේ ඒ පිළිබඳව සම්මන්ත්‍රණයක් මුලින්ම පැවතුනේ ටයිටස් තොටවත්ත මහත්තයාගේ “හදයා” චිත්‍ර පටියෙන් පස්සෙ කියලයි මට නම් මතක. ඕක තිබුනේ මහජන පුස්ථ්කාල ශ්‍රවණාගාරයේ වගෙත් මතකයි. (සදොස් නම් නිදොස් කල මැණ!)
ටී වී බුවාලා පුළුං පුරවන්නේ කිසිදා නොමියෙන මේ අහිංසක සතාගේ හමටය!
හඳයාගේ නියම තාත්තා! ටයි මහත්තයා.
දන්නා බව දන්නා එහෙත් නොදන්නා බව නොදන්නා සුචරිත
ඉතින් මේ සම්මන්තරණයේදී සභාව ඇමතූ සියල්ලෝම පාහේ “හඳයා”
ට හොඳ කියද්දී සුචරිත ගම්ලත්; අපේ සමජවාදී මහාචාර්‍ය තුමා නැගිට “මේ චිත්‍රපටියේ සියල්ල
හොඳයි ! ඒත් ඉන් සමාජයට දෙන කිසියම් පණිවිඩයක් නැහැ …! කීවේය.
පණිවිඩ යැවීමේ නිවැරදි ක්‍රමවේදය!
සුචරිත් ගම්ලතුන් ඉඳගැනීමටත් පෙර හුන් අස්නෙන් නැගිට
ගත් ටයිටස් තොටවත්තයන් මහ හඬින් “ආ ඒකට තමයි
ශ්‍රී ලංකා තැපැල් හා විදුලිසංදේශ දෙපාර්තමේන්තුව තියෙන්නෙ …” යැයි පවසා ඉඳගත්තේලු.
මේ ; මෙහේ නවතින්න බැරිද?
කලා ලෝකයේ මරුම කතාවක් මත්ක් උනා නම් ගම් නම් සීයට සීයක්
මතක නැහැ. එක නමයි යාන්තම් මතක. ෂුවර් නැති නිසා නම් නොලියා ඉන්නම්. නිකං අබේසේකර කෙනෙක් වගේ මතක! මෙතුමා පලවෙනි කසාදෙන් ඉවත් උනාම ඒ නෝනව කසාද බැඳගෙන තියෙන්නෙ එයාගෙ හොඳම යාළුවෙක් වන තවත් කලා මහත්තයෙක්! පස්සෙ මෙයාට ඉන්න හරියට
තැනක් නැති හින්දා බෝඩින් වෙලා. කොහෙද දන්නවද එයාගෙ අර යාළුවගෙයි පරණ පවුලගෙයි ගෙදර.
පව්!? සුපිරියටම තියෙන්න ඇති නේද?
මල(ළ) පනින පන්හිඳ!
තවත් කතාවක් තියෙනවා ඒකත් මම මෙතනම කියන්නම්. ලංකාවේ හිටිය
නොම්මර එකේ පත්තර කාරයෙක් තමා සිසිර කුමාර මාණික්කඅරච්චි කියන්නෙ. මුන්නැහේට කොමියුනිස්ට්
දර්ශනය, සමාජ වාදය, විශ්ව විද්‍යාල වගේ දේවල්
වහ කදුරු වාගේය. මෙතුමා අතින් පොත් පත් රාශියක්ම ලියැවී ඇත. “සාගරයක් මැද ” , “කියග
මගිය”, සාහිත්‍ය කොල්ලය”, “අපේ පොතේ ඔහොම නැතේ ” ආදී පොත් ඉන් ප්‍රධාන තැනක් ගනී. මින් සාහිත්‍ය කොල්ලය පොත ලියූවේ “වංශනාත දේශබන්දු
” යන ආරූඪ නාමයෙනි.
මෙන්න පොත!
එම පොතේ එක් තැනෙක මහාචාර්‍ය සරච්චන්දර්‍යන්ට ගසා ඇත්තේ බූරුවා ගසනවා සේය! එහි
සඳහන් ආකාරයට සිරි ගුණසිංහ විසින් 1957 වසරේදී
තම ගුවන්විදුලි වැඩසටහනකදී මනමේ නාට්‍යය පිළිබඳව කල විවේචන්යෙ පිටපත සරච්චන්දර්‍යන්
විසින්ම ලියා දුන් එකක බවයි !
ඔන්න කතාන්දරේ ඇද නැතිව!
ඉතින් කතාව ඕක නොවේය. දිනක් මා හට පන්නිපිටියේ අරලිය උයන
අසලදී නිහාල් ප්‍රනාන්දු කලා කරුවාව මුන ගැසුනි. ඒදිනවල ඔහු රඟපෑ ටෙලියක් රූපවාහිනියේ ප්‍රචාරය වෙමින් තිබුනි.
එහි නිහාල් ප්‍රනාන්දුගේ චරිතය ගැන මා විසින් වැනීමෙන් අප අතරේ කලාව ගැන කතිකාවක් ඉබේ
නිර්මාණය විය.
එම කතාව ඒමෙ අත් ගොස් මා හට “සාහිත්‍ය කොල්ලය “ පොතේ එන මෙම කුප්‍රකට ප්‍රවෘථිය
කියන්නට මග පෑදුනි. කතාවෙන් අනතුරුව සරච්චන්ද්‍ර මහචාර්‍ය තුමාට මා ඔහු සමග අම්ම මෝ
නැතිව බැන වැදුනෙමි. ඔහු කිසිත් නොකියා බලා
සිටියා පමනි. දිනෙක මට චින්තන අයියා - චින්තනජයසේන හමු වූ විටෙක කතාව කීවෙමි.
දෙවිදියට හැදුනු ගිරා පෝතක්යින්ට මැදිව මහ ගිරවා - චින්තක
“යකෝ ඌ උඹට නොගැහුව එකනෙ පුදුමෙ! ඌ අරන් තියෙන්නෙ සර්ච්චන්ද්‍රගෙ
දුවනෙ බං !” කිව්වාම මට සුළු දිය පහ නොවුනා
පමනි !
හිතාගන්නකෝ මේ මූනට මෙම දෙයක් මේ මම කිව්වා කියලා!
කලාව ගැන දෙවන කතාව !
බෝ පැලයක් වන් මිනිසෙක්!
ආනන්ද අයියා
අවිස්සාවේල්ලටම සංගීතය බෙදපු සුපිරිම බොක්කක්. නිකම්ම ආනන්ද නෙවෙයි. විශාරද ආනන්ද රාජපක්ෂ! එයයි, නන්දා මාලණියි, සුනිල් ආරියරත්නයි තුන්දෙනා එකට තමයි හොරණ එරන්දතියෙ මුදුන්කොටුව සර් ගාව විශාරද
කලේ. මේ කොටුව පිටකොටුවක් නොව සමිතා එරන්දතී මුදුන්කොටුව ගේ අප්පුච්චාය. අන්තිම විභාගයේදී තියරි වලට වැඩිම ලකුණු මහාචාර්‍යතුමා
ලබාගනිද්දී ප්‍රැක්ටිකල් පැත්තෙන් ලකුණු ගත්තේ ආනන්ද අයියාය!
කියන්න ඕනෙ නෑනෙ මේ ඩබල කවුදැයි කියා!
ආනන්ද අයියා හුනුපිටියේ ගංගාරාමයේ විශාරද පංතියට සංගීතය
උගන්වද්දී ඩිප්ලෝමා පන්තිය කලේ එඩ්වඩ් ජයකොඩි ය. සති අන්තයේ පංතිය ඉවරවී ආනන්ද අයියා 122 අවිස්සවේල්ල බසයක් ගැනීමට එන්නේ
මහජන පුස්තකාලය ඉදිරි පිටටය. දිනෙක් එඩ්වඩ් ජයකොඩිද ඔහු සමග පැමිනියේ 138 ක් ගෙන නුගේගොඩට
යන්නටය.
මා............ රම්බරි........!
“කොහෙද මචං යන්නේ ….?” ආනන්ද අයියා මිතුරාගෙන් විමසා
ඇත.
“කැසට් කෑල්ලක් ගහන්න සෙට් උනා නුගේගොඩ මහ්ත්තයෙක්;
අමිල ෆොටෝ එකේ. ඒකෙ අද රෙකෝඩින් එකක් බං ”
“මොනවගේ ඒවද කෙරුවේ ……?”
“නිකං න …නන …නා…නේ ….. වගේ ඒව බං …! ඒ.. බස් එකක් එනවා
මං යනවා මචාං ….” කියල එඩ්වඩ් තිස් අටක ගියා
ගියාමයි තවම යන්නේ ඒ ගිය යෑම! ආනන්ද අයියා කියන්නේ එහෙමය.
අර න …නන …නා…නේ
කියා පෙන්නා ඇත්තේ “මේ මල් යායේ …..” ගීතය ය.
ආනන්ද අයියාත් සිංදු වගයක් කලේය. “වැතිරී ඇගේ තුරුල්ලේ
සඳ ගාව මා ඉන්නේ …” , “ඉන් එකකි. එහි රචකයා බීබීසියේ "සංදේශය කරණ චන්දන කීර්ති බන්ඩාරය.
චන්දන කීර්ති බන්ඩාර
මෙවන් සිංදු
හතරක් ඇතුලත් කැසට් පටයක් කලත් ඔහුට ගොඩ යාමට බැරිවිය.
ආනන්ද අයියලා පියනන්දලා ඉස්සර මගුල් ගෙවල් බජව්වල කරටි
කැඩෙන්න සිංදු කියපු පොරවල්ය! එකල ආනන්ද අයියා ගහන්නේ හර්මෝනියම් හෙවත් සරපිනාවය!
රෑ දෙගොඩ හරි ජාමේ වෙනතුරු කට්ටියට සිංදු සපයා
එළියට බසින සැට් එකේ සිටින සංගීත ලෝලියෙකු සර්පිනාව කර තබා ගැනීම සිරිතකි.
හර්මෝනියම් හෙවත් සරපිනාව !
දිනක් මෙසේ මහ
රෑ එළියට බැස එන විට කිරිවන්දල දුම්රිය ගේට්ටුව අසලදී නොසන්ඩාල රියැදුරෙකු ආන්න්ද
අයියාලාගේ අගේ ගෑවි නොගෑවී ඉගිල්ලී ඇති අතර සර්පිනාව කරේ තියාන සිටි ලෝලියාට උන්හිටිතැන
අමතක වී එකවරම වාහනය දෙසට කට පුරවා සිටි බුලත් කෙල ප්‍රහාරයක් එල්ල කලේලු.
අනේ අපරාදෙ කියන්න බෑ ඉලක්කය ඇල්වතුරට උල්පිහියෙන්
ඇන්නාසේ සුපිරියටම කෙරී ඇත. ප්‍රතිඵලය වී ඇත්තේ පසුදින සර්පිනාව අවිස්සවේල්ලේ
“සරස්වතිය” ට දී බැලෝ එක ගලවා සුද්ද කිරීමට වීමය !
කපූර් - රාෆි
ඇහැළියගොඩ පියනන්ද රාෆිගේ සිංදු කියන විට අනන්ද අයියා
කිව්වේ මහේන්ද්‍ර කපූර්ගේ ගීතයි. “මල්ලි රාෆිට පද්ම ශ්‍රී සම්මානෙ හම්බුනාට ගෝල්ඩන්
වොයිස් සම්මානෙ හම්බුනෙ මහේන්ද්‍ර කපූර්ට!
ආනන්ද අයියා අපිට සංගීතය බෙදුවේ පෙට්ටි කඩ වල ප්ලේන්ටිය නිවෙනාතුරුය!
පියනන්දද
සිරාම බුවෙකි. රාෆි ගයා ගීත 7405 න් 7400 ක්
වත් ඔහු දනී! රාෆි ලංකාවට පැමිනි අවස්ථාවේදී; රාෆි විසින් පියනන්දගේ ගායනය අගයා ප්‍රධානය
ලිපියක් ඔහු ලඟ විය.
ආනන්ද අයියාටද මුල්ම කාලෙ කැසට් කෑල්ලක් කරණ්නට අවස්ථාවක්
ලැබුනේය. ඒ රත්නපුර සිරිලක් ෆැන්සි හවුස් එකෙනි.
සිරිලක් ෆැන්සි හවුස් යනු
“තව තව හොඳ විරිදු
සුරල් කීයන්නට මම ආස - මේ කතාව කිව්වෙ ඔබට පිළියන්දල ගුනදාස ……..”
කියා “ටක්
බෲම් ..!” කියා රබාන හැඬවූ ගුනදස සමග හවුලේ “චුල්ල පදුම ” ආදී විරිදු බන කැසට් ගැසූ ව්‍යාපාරික
ස්ථානයය.
මේ ගැන තම අති මිත්‍ර චන්දන කීර්ති
බන්ඩාරගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ “උඹ ඕවට යන්න එපා බං ..!” කියාය.
සිරිලක් ෆැන්සි
හවුස් එහේය .
ආනන්ද අයියා මෙහේය .
චන්දන එංගලන්ත්යේය
!
වරක් නාරහේන්පිට හංදියේ ගිනි මද්ධහනේ තෝසෙ කඩේක වඩේ කන
ගමන් ඔහුට කියා දෝස්ති චිත්‍ර පටියේ “චාහුන්ග මෙඉන් තුජෙ සන්ජ සවාරේ ” අසා ගත්තෙමි.
ඒතරම්ම ඔහු නිහතමානී අයෙකු විය.
ආනන්ද අයියා හිටියේ අවිස්සාවේල්ල පොලීසිය ලඟ ආරාධනා කන්ද
පාරේ. ඒත් එයා දුම්රිය දෙපාර්තමේන්තුවේ පොඩි
කාමර කෑල්ලක තමයි දුකසේ පංතිය කලේ.
මේ පංතියට තාත්තා කෙනෙක් එයාගෙ දුවෙක්ව ගෙනාවලු සංගීතෙ
කරවන්න. අනේ ආනන්ද අයියත් උගන්නලා ගායනාව සුපිරියටම. අපරාදෙ කියන්න බෑ දැන් නමක් ගත්
ගායිකාවක්! එයා තමයි ශෂිකා නිසංසලා. අනේ අපරාදෙ කියන්න බෑ ආනන්ද රාජපක්ෂ නෙවෙයි අග්‍ර
මහා උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ගේ නම වත් උන්නැහී කියපු බවක් නම් රේස් පත්තරේ වත් අප
දැක නැත!
හසනී පියාසලා ඉගිල්ලුනී!
අන්තිමට අනන්ද
අයියා හමුවුනු වෙලවේ ඒකියන්නේ මීට අවුරුදු 10 කට විතර කලින් කියපු දේ මට තවම මතකය.
“පංතියේ සප්තකේ
ඉහලටයි පහලටයි කියලා ඇතිවෙලා මල්ලි තියෙන්නේ !”
මේ අප දන්න එකෙක් ගැන කතාවයි.
බිඳී ගියෙද ඒ මියැසිය?
ආනන්ද අයියා දැන් සෑහෙන්න වයසට ගිහින් ඇති යන්න ඕනෙ වෙලාවක
බලල එන්න!
ඔය යන එන ගමං යන්ඩ බැරියැ
ReplyDeleteයන්න ඕනෙ ! යන්න ඕනෙ!!
Deleteවාව්.. මතක මංදිර තනා.. කියුව ඒ රස කතා.. සමිතාගේ සිංදුවක් මතක් උනා.. ඒක නෙවෙයි අර අපේ මුදුන්කොටුව කෙනෙක් ඉන්නවානේ බං තාලෙට අප්පුඩියක්වත් ගහන්න බැරි.. බලපං ඒකෙත් හැටි..
ReplyDeleteප්‍රසන්නල ඇණ කියල අර සුදීකය කියල තියෙන්නෙ.
Deleteඅංගොඩ හිටියට ඔක්කොටම පිස්සු නෑ මචං!
Deleteමචං මචං කමියා... ඌ තාලෙට අප්පුඩි ගහනවලු .. උඹල තමයි තාලෙට අහං ඉන්නෙ නැත්තෙලු...
Deleteඅවශ්‍ය නම් ඡායාරූප සාක්කි තියනවලු...
Praසන්ன - නිකං ඇන නෙමේ බං බෝල්ට් ඇණ...
තට්ටයා- ඌට පිස්සු නෑ කියල ඔප්පු කලාට උගේ ප්‍රණාමය පිලිගන්ඩලු ...
This comment has been removed by the author.
ReplyDelete//එඩ්වඩ් තිස් අටක ගියා ගියාමයි තවම යන්නේ ඒ ගිය යෑම!// හැක්.. නියම කියමන ඒක.
ReplyDeleteදැන් ඉන්න වැඩි හරියක් කලා විකලා නෙමෙයි නිකංම ගිලින කට්ටිය තමයි.
ස්තුතියි! ඔයා දන්නෙ නැද්ද ඩී ඇම් පියනන්ද කියල කෙනෙක් ඇහැළියගොඩ!
Deleteඅම්මෝ කලාබර ලියවිල්ලක්. තට්ටේ අස්සේ මම හිතුවේ කයාකින් , කැනොපි , ලට්ට ලොට්ට හින්ද මම හිතුවා කලාබර නැතිදෝ කියල. එහෙම හිතල මේ බලනකොට 'පරෝටියන්' වෙන්න අපිටත් කොමෙන්ට් එකක් දාලා.
ReplyDeleteඅර මළවුන්ගේ අවුරුදුදා කියෝලා මම සරත්චන්ද්‍ර එක්ක තරහ වෙලා හිටියේ. තාමත් එහෙම්මමයි, අහු උනානම් දනී කරන වැඩේ! ( වෙලාවට නේද?)
දැන් යන හඳයා බලලා ඇඬන්නේ මට විතර හින්දාත් සමාජයෙන් කොන් වෙන නිසාත් , ඇත්තටම හඳයා හරියට බලලා නැති නිසාත් , ඒ ඔක්කොටම වඩා ටයි මාමාට ආදරේ නිසාත්.... ටයි මාමාගේ කතාවට හිනා ගියා, ඊට පස්සේ.... ප්‍රේම් මතක් උනා.
අනිත්වා ගැන කියන්නට තරම් දැනුමක් නැත.
කයාක් දෙක ගඟ අයිනේ තියලා, අපිට හෝහපුටුවෝ තල තලා මේක කියවන්න ලැබුන එකත් එකක්!
ලිථිකා සමා වෙන්න ලිඛිථා අනේ එහෙම සීනස් එකක් නෑ. මම ඩිග්‍රිය කලේ පිට කොටුවෙ බෝ ගහ යට. එතෙනිදී අහපුවා දැකපුවා තම්යි ලියන්නේ. පොත් කියෙව්වෙ ඉල්ලලා නැතිනම් හොරකං කරලා! සින්දු ඇහුවේ අනුන්ගෙ කඩේක ප්ලේන්ටියක් ගගහා අනුන්ගෙ රේඩියෝ
Deleteඑකෙන්. පලවෙනියෙම්ම ටීවී බැලුවේ අනුන්ගෙ ගෙදරක ජනේලයෙන් හරි
පේමන්ට් එකේ ඉඳන් කඩවල ෂෝ රූම් වල. චිත්‍රපටි බැලුවෙ ගැලරියෙ. ඇඟෙන් භාගයක් තියෙන්නෙ තෝසෙයි සාම් බාරුයි! යන තරමක් ගියේ හොරෙන්! ගේට්ටුවෙන් ගිය ඉස්කෝලෙන් එලියට ආවෙ තාප්පෙන්. ඉතින් ඔය වගේ දිග......... පේලියක් තියෙනවා. එහෙම නැතිව පොර ටෝක් නෑ සොමි ටෝක් මිසක. මම හිතාන ඉන්නවා ඔයාගේ කයියට මම දාපු කොමෙන්ටුවට කලිසමක් කාරිය අන්දලා ටයි පොල්ලක් දාලා මගේ පෝස්ටුවක් විදියට දාන්නත්! අවුලක් නැතැයි සිතමි!
මලවුන්ගේ අවුරුදු දාට වඩා මාසිත්ගත් නිර්මාණය වූයේ "හෙට එච්චර කළුවර නෑ!" පොත. ඒකෙ තියෙන්නෙ 71 තරුණ නැගිටීම ගැන. අනේ මගේ පොත කවුද හොරා කාලා. මට තියෙන ලොකුම කේන්තිය මමත් ඒක හොරෙන් ගෙනා එකක් වීමය.මේක බලන එවුන් බය වෙන්න එපා දැන් මම ඒ පරණ ගති ලක්ෂණ වෙනස් කරගෙන සිටිමි. ඇනෝපිලිස්ගේ ගෙදරත් පොත් රාක්කය ක් ඇත.
හඳයා සුපිරිම ලමා කතාවකි. ඒකෙ චරිථයක් එක්ක කාලයක් රස්සාවකලා පානදුරේ තෑනක. එයාගෙ නම කසුන් මධුරසිංහ. අර ෆිල්ම් එකේ ඉන්න චූටිම කොලුවා තමයි ඌ! මම උගෙන් විස්තර ටිකක් දැනගත්තා. ඒවා මත්කයෙන් ගිලිහී ගිහින්.
අනේ ප්‍රෙම්! එයා ගැන මට මතක ශනිදා සාදය කරණ කාලෙ. වෙලාවක ලියන්නම් මතක මතක දේවල් එකතු කරලා.
අම්මටසිරි...! එහෙනම් ඒ කියන්නේ අපිටත් පොත් හොරාකන්න පුළුවන්!! නියමයි... අපිත් එහෙම ගල් කරනලද පොත් තියාගන්න සමත්.. මේ ළඟදී අපේ මාමා කෙනෙක්ගෙන් තර්ජනය කරලා ගෙනාපු පොත් වගයකුත් තිබ්බා.
Deleteමළවුන්ගේ අවුරුදුදා සිත්ගත්තා කිව්වා නෙවෙයි අනේ. මම කිව්වේ උන්දැත් එක්ක තරහ ගියා කියලා. ජපන් කුඩේකින් දමල අනින්නේ මම නොරිකෝ නම්! හුහ්
ප්‍රේම් ගැන නරකක් කිව්වොත් තට්ටේ පලමි!!
//ඇනෝපිලිස්ගේ ගෙදරත් පොත් රාක්කය ක් ඇත.//
Deleteදැක්කෙ නැද්ද ඒ පොත් රාක්කෙ ගාවම කඩුවකුත් තිබ්බා ...
//මම හිතාන ඉන්නවා ඔයාගේ කයියට මම දාපු කොමෙන්ටුවට කලිසමක් කාරිය අන්දලා ටයි පොල්ලක් දාලා මගේ පෝස්ටුවක් විදියට දාන්නත්! අවුලක් නැතැයි සිතමි!
Delete//
හත්වලාමයි මේ ටික දැක්කේ දැන්නේ....
(කකුල් වෙව්ලමින්)
අනේ අම්මේ... මගේ මොකෝ.. අපි ඉතින් කවියක් තලාගෙන ඉන්නේ. මේ වගේ එව්වා ලියාගන්න බැරි බැරියාවනේ. (බුදු අම්මෝ... දුවන්න ලෑස්තිපිට ඉන්නවෙයි වගේ.)
//ඇනෝපිලිස්ගේ ගෙදරත් පොත් රාක්කය ක් ඇත.//
මේක කිව්වේ අපිව මෙව්වා කිරීමට බව සිතමි. ඒ උනාට එයා කියනවානේ කඩුවක් තියෙනවා කියලා. මදුරුවෙක්නේ... ගණන් ගන්නේ නැතුව ඉම්මුද?
බොහොමත්ම ස්තූතියි. මගේ පිටු අතර තිබෙන "කමලාසනී" ඝෝටා 2020" දෙකමත් මම මාතලන් ට දැමූ කොමෙන්ටු! ටිකක් දිගට ලියවුන ඒවා! මට හිතුනා ඔයාගෙ පෝස්ට් එකත් ඒ විදියට දාන්න.
Deleteඔය කිව්වට ඇනෝපිලිස් මට පොත්දෙයි ඉල්ලුවොත් මම හිතන්නෙ!
ඔබතුමාගේ මතකේ නියමයිනේ. හැමදෙයක්ම දන්නවා. අමතක වෙන්න කලින් හැමදේම ලියලා තියාගන්න. අන්තිමට ඉතිරි වෙන්නේ ඒ සොදුරු මතකයන් විතරයි.
ReplyDeleteබොහොමත්ම ස්තූතිති! ලියා තබන්නම් පුළුවන් තරම්!
Deleteඇඩ්වෙන්චර්, මාෂල් ආට් , වගේම කලාරිටක් නේ ...
ReplyDeleteඅර හඳය වගේ වැඩක් අපිත් කරනවා හැම මාසෙම...
වෙලාවක් තිබුනොත් ඔලුව දාල යන්ඩ එන්ඩ ...
මේ මල්ලි උඹලගෙ ඔය කලා කටයුත්තට මම දවසක් ඇවිත් දිනේ පටලැවිලා ආපහු ආවා. මට ආරන්චියි මේපාර එන්නෙ විමුක්ති ජයසුන්දරලු නේද? බලමු මටත් එන්නනම් හිත. කාලය තමයි හැම දීටම හරස් වෙන්නේ. හැම මාසයේම දෙවෙනි සතියේ ජාතික චිත්‍රපටි සංස්ථා සිනමා ශාලාවේ මෙක තියෙන්නෙ ඉරිදටද හෙනහුරාදාටද? හවස කීයටද කියපන් අඩු ගානෙ මම නැතත් මේක බලන වෙන එකෙක් වත් එයි!
Deleteසෑම මසකම දෙවෙනි සතිඅන්තයේ හවස 4ට ජාතික චිත්‍රපට සංස්ථාවේ ශ්‍රවණාගාරයේ තමයි තියෙන්නෙ ..
Deleteසෙනසුරාදාද ඉරිදද කියන එක තීරණය වෙන්නෙ එන ආටිස්ට් මත ..
ෆිල්ම් එකක් පෙන්නල ඒ ගැන සාකච්ඡාවක් කරන එක තමා මුලිකව වෙන්නෙ ...
ෆේස් බුක් එකේ අපේ ALFA කියන ගෘප් එකට එකතු උනොත් හරියටම විස්තර එක්ක අපි ආරාධනා කරනව හැම ඉවෙන්ට් එකටම ....
බොහොමත්ම ස්තූතියි! ඔයාගෙම වචනයෙන් කියනවානම් "ජය වේවා!"
Deleteඔක්කොම හොඳයි එකක් හැර. දෙන්නේක් එකට වසනුන බැරි නම් වෙන් වන එක නේද හොඳ. එසේ වෙන් අන් තැනත්තියට අවමන් ලෙස හා ඇයව විවාහ කර ගත් අය ඒතට කර ගහපු ලෙස හැඳින්විම ගැන නම් මට ඔබ සමග එකග විය නොහැක. ඒ ඔබ දකින ලංකාවේ පිරිම බහතරය දකින හැටිද මන්දා. දික්කසාද හෝ වැන්දඹු පිරිමි සමග විවාහ වන අවිවාහක ගැහැණු හිටියත් කලින් විවාහ වි දික්කසාද අන ගැහැණු සමග විවාහ වන අවිවාහකව සිටි පිරිමි මා දන්නේ දෙදෙනායි. ඒ රූකාන්ත හා මහාචාර්ය තිස්සවිතාරණ ශටපු ඇමති)) විතරයි. හොරෙන් අදින්න නම් බොහෝ දෙනකේ කැමතියි දක්ෂයි. නමුත් විවාහ කර ගන්නා කාන්තාව දික්කසාද හෝ වැන්දඹු නම් විවාහ කර ගන්නා පිරිමිය ඇයට කරගසන්නා ලෙස හැඳිනවිම ශිෂ්ට සම්පන්නද? ඔබ වැනි පැසුණු පුද්ගලයෙකුටත් ඒක ගැලපේද?
ReplyDeleteඇත්තෙන්ම මා ප්‍රසිද්ධියේ එයට සමාව ඉල්ලා සිටිමි. ඔබ මාගේ පෝස්ටුව දිගටම බැලුවේ නම් ඔබට තීරුම් යනවා ඇති මා කිසිවෙකුට අගෞරවයක් වනසේ නොලියන බව. එසේම මා ; මා ලියන රටාව වෙනස් කරණවා ලියන ප්‍රස්ථූතයට අනුව. මෙම ලිපියේ තිබෙන රිද්මය රැක ගැනීමට මා එම වචනය භාවිතා කලා මිසක කිසිවෙකු හෙලා දැකීමේ අදහසකින් ලියූවක් නොවේ. කෙසේ හෝ ඔබවිසින් මෙසේ පෙන්වාදීම ගැන මා ඔබට ස්තූති වන්ත වෙමි. මා නොපමාව එය නිදොස් කරමි. බොහොමත්ම ස්තූතියි!
ReplyDeleteනිදොස් කලෙමි!
DeleteGREAT!
Deleteස්තූතියි!
DeleteI read the post. I got a lot of things. Thank you very much.
ReplyDeleteMata duka, mage kiyvima weladapola arthika kramaya visin udura gaththa.
අවුලක් නෑ! මෙයත් ලියැවීමක්. ඔබ කැමති ඕනෑම විශයක් යටතේ ලියැවුනු බ්ලොග් හොයා ගන්නට පුළුවන්. එය කියැවීමෙන් ඔබට පොත් කියවන කාලයේදී මෙන්ම වින්දනයක් ලැබීමට හැකි වේවි. ස්තූතියි වැඩ රාජකාරී මැද්දේ හරි එක් වුනාට!
ReplyDeleteThank you
ReplyDeleteඅය්යා මාර පොරක්නේ ......
ReplyDeleteසින්දු ඕනේ නම් සින්දු ,කවි ඕනේ නම් කවි,කතා ඕනේ නම් කතා ,
මම දැන ගෙන හිටියේ ශෂිකා තරුණ සේවා සබාවෙන් එලි බැස්ස කෙනෙක් කියලා .කලාවේ හුග දෙනෙක් දන ගලා බඩ ගලා ආවට තැන හද ගත්තට පස්සේ අත දුන්නු මුල මතක නෑ (99%ක් ඔහොමයි මගේ හිතේ)මුළු සමාජෙම එහෙම වෙලා .
හෙට සිකුරාදා ගඟ දිගේ යන්න පුළුවන් නේ ........
මල්ලි මමත් හරියටම දන්නෙ නෑ එයා "එලි බැස්ස" තැන් නම්. ඒත් එයාගෙ සංගීත් ජීවිතට අත් පොත් තියලා තියෙන්නේ නම් ආනන්ද අයියා ලඟ! මට මතක විදියට එයාගේ තාත්තා දුම් රිය දෙපාර්තමේන්තුවේ. සමාජගත උනු මිත්යාවන් රැසක් තියෙනවා. අපිට හිතෙන්නේ ඔවුන්ගේ කලා නිර්මාන තුල තියෙන සොඳුරු බව ජීවිත තුලත් ඇති කියලා. බලන්නකෝ මම ලියලා තියෙන "පවුලගේ පිය සෙනෙහසට කව් ලී ගිය වුනා මදී" කියන පෝස්ටුව."ගිලීමළෙත් ඇත දත් සුද්දෝ" කිව්වා වාගේ ඔය අතරෙ එලකිරි පොරවල්ද නැත්තේම නැත. ඉස්සරහට ලියන්නම්කො.
Delete