සියළු යුතුකම් ඉටු කොට ජීවිතයේ සැඳෑ සුවය ගස් සෙවනක.
මා රථය පැදවූ අතර ඉදිරිපස අනෙක් අසුන් අරා සිටියේ තෙශාන්තය. මා ළඟට දෙවැනි ජේෂ්ඨයා වූයේ
තෙශාන්තයි. තෙශාන්ත නොදන්නා පාරක්, තොටක්, ළිඳක්, බෝක්කුවක්, පාලමක්, අම්බලමක්, ඒ දණ්ඩක්, වුනි නම් එය ඊයේ රාත්‍රී 12 න් පසුව කපන ලද, තනන ලද, හදන ලද, හාරන
ලද එකක් මිස පෙරේදා තිබුනු එකක් නම් නොවේ!
පසුපස අසුනේ වසිකත්, ධම්මිකත්, පසිඳුත් විය. වරකපොල නගරයට
පෙර වෙන්ඩෝල් කම්හල අසල මුස්ලිම් ජාතිකයින් පිරිසක් පවත්වාගෙන යනු ලැබූ රාත්‍රී අවන්හලක් අසල නැවැත්වූ අප එතැනින් “ඩොල්ෆින්”
කොත්තුවක් රසබලා තේ පානය කොට ගමන පිටත්විය.
නොකාපු කෑමක් එනවෝ
ඔන්න ඩොල්ෆින් කොත්තුව!
මොනතරම් කලබලකාරී
ලෙසට, එසේම අසංවිධිත ලෙස පටන් ගැනුනිද මේ වන විට සියළු දෙනා සිටියේ අප්‍රමාන සතුටකිනි.
පාසල් සමයේ විනෝද ගමනක් යන මිතුරන් කිහිප දෙනෙකු සේ අප බොහෝ කතන්දර
කියමින් පල්හෑලි දොඩමින් සිදුවූ අකරතැබ්බයන්
මතක් කරමින් ගමනේ යෙදුනෙමු.
වරකපොලින් කෑගල්ලටද එතැනින් මාවනැල්ලටද ඉක්බිති කඩුගන්නාව
පිළිමතලාව හරහා මහනුවරට පැමිනියෙමු. කිසිදා එලෙස නුදුටු සුන්දර මහනුවර නගරය හරහා අප ගමන් කලෙමු.
වෙනදා දකින සුන්දර යුවතියන් වැව රවුමේ දක්නට නැත. පෙම්වතුන්ගෙන් හිස් වූ මහනුවර පසුකොට ගමන් ගත් අපගේ ඊළඟ නවා තැන
වූයේ රන්ටැඹේ මාර්ගයට එළෙඹ සෑහෙන දුරක් ගමන් කල පසුය.
සඳ එළිය ගඟක් වී
මේ මචං මම - තෙශාන්ත
ඒ මහ වනය මැදය. දින කිහිපයකින් පසලොස්වක දිනය ඈත් මෑත්
වූවද ; සඳ තම එළියෙන් මුළු වනාන්තරයද මාර්ගයද නහවමින් විය. සඳ එළියේම රථයෙන්
බැසගත් අප උනුසුම් මාර්ගයේ අසුන් ගෙන තොර තෝන්චියක් නැතිව කියවමින් බොහෝ වේලාවක් සිටියෙමු.
සඳ වනාන්තරයේ මායිමේ වුනු ගස්වලට වැටී පාරේ එක් දාරයක සෙවනැල්ලක් සාදා තිබුනි . මා
බිම වාඩිවී ඉදිරිපස රෝදයට පිටදී ගෙනය. ජීවිතේ යළි කවද මෙවන් සුන්දර රාත්‍රියක් ගත කරණ්නට ලැබෙවිද?
බසවක්කුළම වැව් බැම්ම් !
මෙවන්ම රාත්‍රියක්
මා අනුරාධපුර බසවක්කුළම වැව් බැම්ම මතද තවත් වරක් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය වැව්
බැම්ම මතද ගතකොට ඇත්තෙමි. සඳ එම දින දෙකෙහිම
ඉතා සුන්දර සිත්තමක් වැව් දියමත සායම් කොට තිබුනි. දිනක අනුරපුරයේදීද ඊට වසර
20 කට පමන පසුව පුලතිසි පුරයේ දීද දුටු සඳෙහි වෙනසක් මා නුදුටුවෙමි.
හඳ සහ නිව්යෝර්ක් නුවර
කලු ගැහී තරගයට ඉහල ගිය
සිමෙන්ති බිත්තිමිසක
ඇසට නිලට
අහසක් ගහක් කොලක්
අවටක් නැත.
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම්ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිරකල කාමරයක
ඇඳක්-පුටුවක්-මේසයක්
මම.
මහපොලොවේ අනික් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹුදරුවන්
මට සිහි වෙයි.
පලවන්නට මළ පාලුව
කවියක් හඬ නඟාකියමි
නින්නාදව ආපසු එයිමගෙ කටහඬ
මගෙ කනටම.
කවුළුව හැර එබී බලමි.
ප්‍රපාතයට එබී බලමි
මූණට කටු ඇනගෙන
සීතල කඩා පනින.
අසුවී විදුලි එලිය පිටාරයට
මොර දීගෙන යයි වාහන ඒ මේ අත
ඉවසිල්ලක් නොමැතිව
දිවගෙන යයි ඒ මේ අත
කුරා කුහුඹු මිනිස් යන්ත්‍ර
මොහොතක් නැවතී මාදෙස
ආදරයෙන් බලන කෙනෙක්
වගතුග අසන කෙනෙක්
දන්නා හඳුනන්නෙක්
මෙතන නොමැත
ඒ හැම දෙන මහ පොලොවේ අනිත් පැත්තෙ
මට සිහිවෙයි.
මහා දුකින් ඉහල බලමි
දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟන සේ
හඳ....
මා දන්න හඳුනන
අපේ ගමේ වෙල් එලියට පායන හඳ
පෝය දාට බෝ මලුවට පායන හඳ.
බෝඩිම 48-49 පිට
සේකර !
සේකරයන්ගේ “හඳ සහ
නිව්යොර්ක් නුවර” කවියේ සේම; අතීතයේ දිනෙක
මමත් දැනට බී බී සියේ සංදේශය ඉදිරිපත් කරණ
චන්දන කීර්ති බණ්ඩාරයනුත් තවත් අප මිතුරෙකුත්
බසවක්කුළමේ වැව් බැම්ම මත නවතා ගත් නිසාන් කැබ් රථයේ බොනට්ටුව මත අඩුම කුඩුම පවත්වා
ගනිමින් ඔහුගේ සුන්දර කතා අසමින් විඳි සඳ එළිය ම ඊට හාත් පසින්ම වෙනස් වූ ලෙසින්; මා මිතුරෙකු සමග පරාක්‍රම
සමූද්‍රයේ වැව් බැම්ම මත එම සඳ එළිය ම විඳිමින්
ගත කලෙමි.
සඳ පැරකුම් සයුර සිපවැළඳ
එදින රංටැඹේ මාර්ගයේ; මහ පාරේ සිට විඳි සඳ එළියත්
එකම දන්නා කියන එක සඳම නොවේද? අප සිටි හෝරාවකට අධික කාලය තුල අප පසුකර ගියේ හෝ අප ඉදිරියට ආවේ එකම එක ලොරියක් පමනි! මෙම මාර්ගයේ වල් අලින් ගැවසෙන නිසාම තරමක
සෝදිසියෙන් අප මහියංගනය දෙසට සීරුවෙන් ගමන් කලෙමු.
තවත් පැයකින් හමාරකින් අප මහියංගනයට ලඟාවුනි. ඒවන විට
වසික තද නින්දේ පසුවිය. මහියංගනය බස් නැවතුමේ පිහිටි කුඩා තේ කඩයකින් උනු උනු ලැවරියා
කෑ අප තේ බී ටික වේලාවකට පසු වසිකද නැගිට සප්පායම් විය.
ලැවරියා අප කන්නට
වූයේ; එම කඩයට දිනපතා ලැවරියා සැපයුම් කරු තම මල්ලෙන් ලැවරියා ගෙන වීදුරු අල්මාරිය
ඇතුලත් සීරුවෙන් අසුරද්දීමය.
ඕනැම හෝටලයක සම්බෝල හදන්නෙ පොල්කුඩු වලින් බව; මෙරට මිනිසුන්ට “බත් ලැබෙන්නේ වී වලින්” කියනවටත්
වඩා නිශ්චිතවූ විශ්වාසයකි! එය දෙවැනි වන්නේ ලැවරියා වල පැනිපොල් හදන්නේ පොල්කුඩුවලින්
කියන එකට පමනක් විය හැක! අපි ලැවරියා රසබලන අතර තුර අප අතර සිටි එක් අයෙකු “හරි පොල් කුඩු වලින් ලැවරියා හැදුවා කියමුකෝ
….; එතකොට ඉතුරු පොල් කිරි වලින් මොනවද දන්නෑ හදන්නෙ නේද ….?” කියා ඇසූ අතර ගුටි නොකා බේරුණේ කොහොමදැයි
මට තවමත් සිතාගත් නොහැක!
කැදැල්ලට ගොඩවැදී - ධම්මික , ප්‍රදීප් , තට්ටයා , තෙශාන්ත , වසික . පසිඳු
එතැනින් නික්මුනු අප ඉරි මහ උදේම මහියංගනයේ The
Nest – කැදැල්ල සොයා ගමන් ඇරඹුවෙමු. තවත් විනාඩි ගනනකින් අප කැදැල්ලට කූඩු වුනෙමු.
එහි හිමි කරුවූ ප්‍රදීප් තෙශාන්තගේ මිතුරෙකු වූ නිසාත්; එහි පැවති පරිසර හිතකාමී වටාපිටාව
නිසාත් අපට එහිදී කිසිදු ආගන්තුක බවක් නොදැනුනි. උදෑසන ආහාරය ලෙස වැව් මාළු සහ තවත්
වියංජන කිහිපයක් සමග බත් කෑ අප දහවල් බතද ගෙන ඉන් පිටත් විය.
යකඩ - මීහරකා
එතැන් සිට අප වෙහෙසුනේ
අපගේ ගමනට නැතිව බැරි අත්‍යවශ්‍ය උපකරණය ,
මෙවලම වූ ලන්තෑරුමක් මිළදී ගන්නටය. එහෙත් හර්ඩ්වෙයාර් කඩ ඒවනවිටත් විවෘථ කොට නොතිබුනු හෙයින් අප සිටියේ දැඩි
විස්සෝපයෙන්ය.
මහවැළි ගඟ සොයා
තල දර්පණ ප්‍රථිබිම්බය!
අප දැන් මහියංගනය නගර සීමාවේ සිට නිපෝන් පාලම සොයා යන්නට
පිටත් වූ අතර; තෙශාන්ත දිගින් දිගටම ඔහුගේ
මිතුරා මෛත්‍රී ඇමතීමට උත්සාහ ගනිමින් විය.
මේ තෙශාන්ත පවසන මයිත්‍රී අනුකම්පා විරහිත අපව අතර මං කලාවත්ද? මයිත්‍රී නොපැමිනියහොත් අප අතරින් කවුරුහෝ එක් අයෙකු එක්
කයාකයක් සමග මහියංගනයේ නවතින්නට සිදුවනු ඇත. මන්ද Two Man කයාකයක්
තනිව ලොකු දුරක් පැදීම බොහෝ අසීරු කටයුත්තකි. එය වඩාත් අසීරු වන්නේ එය මතුපිට
තවත් අමතර බරක් පැටවූ පසුය.
අවසානයේ නිපෝන් පාලම අසලදීම තෙශාන්තට තම උත්සාහය සාර්තක කර ගැනීමට හැකි විය.
ඔහු පෙරදින සිට නිදි වර්ජිතව ඇලහැර සිට මහියංගනයට පැමින ඇත.
මහියංගනයේ සිට නිපෝන් පාලම පසුකොට ගොස් අපසු හරවා ගෙන
පැමිනෙද්දී කාල වර්ණ, ප්‍රියමනාප, ශක්තිමත් දේහයකට හිමිකම් කියූ තරුණයෙකු අපට හමුවිය.
ඒ අන් කිසිවෙකුත් නොව මෛත්‍රීය. එහිදී මෛත්‍රී ගේ සඹඳතාවයක් වන සරත් මහත්තය මුණ ගැසුනු අතර ඔහුට ඒ අසලම වැළි තොටුපොලක්ද විය.
මගේ රාජ්ජේ-සරත් මහත්තයා
අප එන තෙක් මාගේ
ආදරනීය වයස්ගත එහෙත් විශ්වාසදායි මිත්‍රයා - Toyota Land Cruiser රථය; තම නිවස අද්දර මිදුලේ
දමා යෑමට ඉඩ පහසුකම් සැපයීමට ඔහු එකඟවිය.
පළමුව අප කයාක් දෙක පැටවූ රථය සරත් මහත්තයාගේ වැළි තොටුපොල වෙතට ගෙන ගියෙමු.
සරත් මහතාද අප සමග පැමිනියේය. ඒ අපි කරණ්නට යන දේ පිළිබඳව තමා තිබූ කුහුල තුනී කර ගැනීමටය.
අප උදෑසන සිට මහියංගනය නගරය හා එතැන් සිට මේ
දක්වා කඩයක් කඩයක් පාස සොයා බැලූ ලන්තෑරුමද ඔහු විසින් අප වෙත නිර්ලෝභීව සපයන ලදී .
වැළි තුටුපොලට වූයේ ශීඝ්‍ර බෑවමකි. ටියුබ් හතරක් සේ මැදී
ඇති ටයර් හතරේ පිහිටෙන් ගඟ අසලටම ගෙන ගිය අප
; අපගේ සියළුම අඩුම කුඩුම බිමට බාගත්තෙමු.
සෙට මෝල් වීම!
මෛත්‍රී සහගත සිත - අලි පන්නන මෛත්‍රී
අනතුරුව මාගේ රථය තෙශාන්ත විසින් සරත් මහතා
ගේ නිවසට ඇරලවන ලදී. තෙශාන්ත් ඉන් ඉක්බිතිව තොටුපොලට පාගමනින් පැමිනෙන විට අප අපගේ ගමන සඳහා කයාක සියල්ලම සැකසීම අරඹා තිබුනි.
පලමුව අප කණ්ඩායම නැවත සකස් කලෙමු. වසික-මයිත්‍රී, පසිඳු
-ධම්මික, හා තෙශාන්ත - මා සමග නැවත යුගල ගතවුනෙමු. අප කුලියට
ගත් PVC කයාක දෙක වසික-මයිත්‍රී හා පසිඳු -ධම්මික යුගල අතර බෙදී ගිය අතර ඉතිරි මාගේ ෆයිබර් කයාකය
මමත් තෙශාන්තත් ඉතිරි කර ගත්තෙමු.
ඒවන විට උදෑසන 10.00 පමන වී තිබෙන්නට ඇත. කයාක සියල්ල
මහවැළි ගඟ අයිනේ වෙරලේ එකිනෙකට සමාන්තරව තබා ඇත. සියලු අඩු වැඩිය බර හා ගන්නා ඉඩ අනුව
පැරණි චීන සම්ප්‍රදාය අනුව වෙන් කර ගත්තෙමු.
චිනා ලොව බලා
රක්ෂණ ක්ෂෙත්‍රයේ ; අවදානම් කළමනාකරණය පිළිබඳ මුල්ම නිදර්ශනය ලෙස දැක්වෙන්නේ අතීත චීන වෙළඳුන්
තම භාන්ඩ නැව් ගත කිරීමේදී උපයෝගී කරගත් සරළ ක්‍රමවේදයයි.
ඈත අතීතයේ
නාවික ක්ෂේත්‍රය මේ තරම් දියුනු නොවූ
යුගයක තම භාන්ඩ තොගය සම්පූර්ණයෙන්ම මුහුදු බත් නොවී රැක ගන්නට මෙම ක්‍රමවේදය අනුගමනය
කරණ ලදී.
A ,B ,C , D
යනු නෞකා හතරක් වන අතර වෙළෙඳුන්ද හතර
දෙනෙකු සිටිනවා යැයි උපකල්පනය කරමු. ඔවුන්
තම බඩු තොග ප්‍රවාහනය කරණ්නට නෞකා 4 ක් යොදා ගත්තා යැයි සිතමු.
එක් එක්
අය තමන්ගේ බඩු තොගය එක් එක් නැවට පටවා ප්‍රවාහනය කිරීමේ යෙදෙන විට එක් නැවක් මුහුදු බත් වුවහොත් කවුරු හෝ එක් වෙළෙන්දෙකුගේ සියළුම වත්කම් විනාශවී
යයි. එනිසා එකල ඔවුන් කලේ ප්‍රථමයෙන් එක් එක්
වෙළෙන්දා තමන් සතු මුළු භාන්ඩ ප්‍රමානය නෞකා ගනනින් බෙදා කොටස් කර සියළුම නෞකා අතරෙ බදා හැරීමයි.
ඉහත උදාහරණයට අනුව A නෞකාව සියළුම වෙළෙන්දුන් නියෝජනය වන පරිදි එක් එක් අයගේ භාන්ඩ
¼ කොටස් හතරකින් සැදුම් ලත් භන්ඩ තොගයකි. එවිට එක් නැවක් අනතුරකට ලක් වුවහොත් එක් වෙළෙන්දෙකු
හට; හානි වන්නේ තම තොගයෙන් ¼ ක් පමනි.
I Love You ටත් වඩා ලෝකයේ කියැවෙන වචන තුන Made in China
මෙම සිද්ධාන්තයට අනුව අපද අපසතු කුඩා බඩු එකතුව බෙදා
හදාගෙන කයාක මත තබා ගත්තෙමු. හොඳින් ඉර පායා වැස්සක සේයාවක් වත් අහසේ දක්නට නැත. පැහැදිලි
අහස දසත පැතිරී ගොස්ය.
අප සිටි තැනට මීටර
200 ක් පමන පහලින් නිපෝන් පාලම පෙනෙමින්ය.
මෙම තොටුපොල අසල ගඟේ පලල මීටර 100 ක් පමන වන්නට
ඇතැයි මට සිතේ. ඈත වැළි තොටුපොලවල් සක්‍රීය වී ඇත. වැළි ගොඩ දැමීම නිසාදෝ ගඟ මුළුමනින්ම
බොරවී ඇත. මේ වන විට අපගේ සියළුම බඩු භාහිරාදිය හොඳින් අසුරා කයාක් මත තබා ගැට ගසා
අවසානය.
ආහාර පාන, වතුර බෝතල්, බෝයාව, ඇඳුම්, බිස්කට්, ලන්තෑරුම, භූමිතෙල්, විදුලි පන්දම්, දඩයම් පිහියා, ජීවිතාරක්ෂක කඹ, දූරකථන, දූරකථන
බල ගැන්වුම්, කැමරා, Two Man Canopy (Tents) දෙකක්, ප්‍රථමධාර එකතුවක් ආදී වශයෙන් මෙකී නොකී ගිණි පෙට්ටියේ සිගරට්
පැකට්ටුවේ මධුවිතේ එය බොන කෝප්පෙ ආදී වශයෙන් බොහෝ දෑ කයාක තුනක් මත ගැට ගසා ඇත.
මමත්
තෙශාන්තත් පැදවූ කයකයේ Hatch තුනෙන් එකක් තුල; දූරකථන, මුදල් පසුම්බි, මාගේ උපැස් යුවල, ඔරලෝසු වැනිදෑ Dry Bag එක අසුරා ගබඩා කොට
තිබුනි.
මේ ගමනට කිහිප වතවක්ම බාදා ඇතිවිය. ඇත්ත ඇති සැටියෙන්
ගත හොත් කිහිප වතාවක් නොව බොහෝ වතාවක් බාධා ඇතිවිය. කිසිදු දිනෙක ගමන් කොට නොමැති ඉසව්වකට
කිසිදු කිසිදු පලපුරුද්දක් නොමැති සිව් දෙනෙකු පෙරදැරි කරගෙන තීරණාත්මක ගමනකට මා කණ්ඩායම
පොළඹවාලීමි.
ප්‍රියන්ජන්ගේ දේශගුණික -කාලගුණික දත්ත වලට අනුව චන්ද්‍රිකා ඡයාරූප මත
දිස්වූ තැඹිළි පැහැති ලපය; බෙංගාල බොක්ක දෙසින් අපරට තුලට කෙමෙන් කෙමෙන් ඇතුළු වෙමින් පවතී.
මේ අන් කිසිවක් නොව ටොන් ගනනක
වැසි ලබාදීමට සමත්; වියලි කලාපය ගං වතුරකින් යට කිරීමට හැකියාවක් ඇති; වැව් බැමි,ජලාශ වාන්දොරටු පුපුරුවා හෙලා; ලක්ෂ සංඛයාත මිනිසුන් ප්‍රමානයකගේ උන්හිටිතැන් අහිමි
කරවන්නට හැකි වැහි වළා කුළකි.
ඔහු අපවෙත සියළු දත්ත සම්පාදනය කලේ BBC ජාලයෙන්
උපුටා ගෙන්ය. ඔහුගේ මිතුරෙකුවූ වාරි ඉංජිනේරුවෙකුගේ අදහසට අනුව ඉදිරියේ තව දිනකින්
නොවේනම් දෙකකින් ඇද හැලෙන මහා වරුසාවට ප්‍රථමයෙන් ජල දොරටු අරිණ්නට ඉඩ ඇත!
මම මේ සියල්ල මුදිතා ගුනභරිතව විඳ දරා ගැනීමට උත්සාහ දරමින් විය. උපන්ගෙයි කලබළ කාරයෙකු ලෙස අපගේ පවුලේ සියළුදෙනා අතර නමක් දිනා ගත් මා බොහෝ අසීරුවෙන් වුවද නිහඩව සිටියෙමි. එයට මාහට තිබුනු
එකම පිටුවහල වූයේ; ජලයෙදී අතිවිය හැකි ජීවිත
තර්ජනයක් සම්බන්දයෙන් අප; අපට හැකි උපරිමයෙන් සිතා බලා තිබුනු බැවිනි.
අපට මෙවන් ගමනක්
යෑමට සිටිනා පිරිස ප්‍රමාණවත්ද? ඕනෑම වාතාවරණයක් යටතේ; පලපුරුදු යාත්‍රකයින් දෙදෙනෙක්ද, පිහිනුම් කරුවන් තිදෙනෙක්ද, කඳවුරු බදින්නන්
පස් දෙනෙකුද, වන ශිල්පීන් තිදෙනෙකුද ජීවිතාරක්ෂකයින්
තිදෙනෙකුද, කඳු නගින්නෙක්, ප්‍රථමාධාර කරුවන් දෙදෙනෙක් යන සුවිශේෂි හැකියාවන්ගෙන් පරිපූර්ණ
කණ්ඩායමක් අප සතු විය.
ඉතින් ඇයි අප බිය විය යුත්තෙ! එය අපට තරම් නොවේ. මේ සියල්ලටම
වඩා අප ස්වභාව ධර්මයට දිවිහිමියෙන් ආදරය කරණ්නවුන්ය. වැරදීමට ඉඩක් නොමැත. තවත් ඇත්තේ ගමන් ඇරඹීම පමනි!
ගමනේ යා!
කියවල එන්නම්
ReplyDeleteඅදත් ගිහින් නෑ
Deleteමේක සිරා \\මේ සියල්ලටම වඩා අප ස්වභාව ධර්මයට දිවිහිමියෙන් ආදරය කරණ්නවුන්ය. වැරදීමට ඉඩක් නොමැත.\\
වැස්ස දිහා බල බලා තව සතියකින් රෝද දෙකේ රස්තියාදුවෙ අපිත් යනව තෙමිල එන්න ලංකාවෙ ලොකුම වැසිපොරස්ට් එකට.
මේ පාර කට්ටිය ගොඩයි.
බුදු මල්ලියේ අර ඉරෝමානි නෝනගෙ කොමෙන්ටුවට යටින් මම උත්තරයක් දැම්මා. බලාන්නකෝ . ස්තූතියි!
Deleteහොඳම ටික කියවන්න තව සතියක් ඉන්න වෙනවා ඒ කියන්නේ .....
ReplyDeleteබුදු මල්ලියේ අර ඉරෝමානි නෝනගෙ කොමෙන්ටුවට යටින් මම උත්තරයක් දැම්මා. බලාන්නකෝ . ස්තූතියි!
Deleteබාධා නැති ගඟකින් වැඩක් නෑ වගේම බාධා නැති ගමනකිනුත් වැඩක් නෑ.
ReplyDeleteදැං ඉතිං ගඟට බහින්න අපිට දවස් කීයක් ඉන්න වෙනවැයි.
බුදු මල්ලියේ අර ඉරෝමානි නෝනගෙ කොමෙන්ටුවට යටින් මම උත්තරයක් දැම්මා. බලාන්නකෝ . ස්තූතියි!
Delete##########
ReplyDelete!!!!!!!!
Deleteවැස්ස කාලෙ ලොකු රිස්ක් එකක්නෙ අරන් තියන්නෙ.හැබැයි ඊටවඩා මට බය හිතුනෙ කොත්තුවක් කාලා ගමන පටන්ගත්ත එක.
ReplyDeleteඅවුලක් නෑ බං යන්නෙ ගඟේ නෙ. :D
Deleteසිරාම සිරා මල්ලි ඒ කතාව නම්! ඒත් අවුලක් උනේ නම් නෑ! කොහොමට ත් අපට කේස් වෙන්නෙ හොඳට කෑවොත් තමයි!
Deleteඔයාට විතරයි තේරුනේ ප්‍රසන්න! ස්තූතියි!
මෙවැනි සංචාර කිරීමේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට, වනජීවී දෙපාර්තමේන්තුවට වගේ ආයතන වලට දන්වා අවසර ගන්න ඕනිද?
ReplyDeleteමොකද විචාරක මහතා (මේජර් ගුණරත්න) මහතා වරක් ඔහුගේ බ්ලොග් අඩවියේ ලිපි පෙළක් ලියා තිබුනා වනාන්තර වල සංචාරය කරද්දී, රාත්‍රී නවාතැන් ගනිද්දී, කඳු නගද්දී වගේ ක්‍රියාකාරකම් කරනකොට එහෙම කරලා යන්න ඕනි කියල.
අපහු එන්නේ කීයටද, කි දෙනෙක් යනවද, ඒ අයගේ විස්තර වගේ සියලු දේවල් දැනුම් දෙන්න ඕනි අදාල පොලිස් ස්ථාන වලට. ඔබතුමාලා එලෙසද මේ ගමන් යන්නේ? පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
ස්තුතියි.
මේ ගැන කියන්නම් මම මෙහෙම! තේරුම් ගන්නකෝ! දැන් අපි රේල් පාරවල් දිගේ හයිකින් කරණවානේ. නමුත් රේල් පාරවල පයින් යෑම නීති විරෝදියි! නමුත් එයට අව්සරයක් ගන්න තැනක් මේ ලංකාවේ තියෙනවාදැයි සැක සහිතයි. අපි ඕක ගන්න ගියොත් වෙන දේ ගැන කියන්න ඕනෙ නෑනෙ. සමහර පුද්ගල අව්ශ්යතා වලට අවසර දීමේ ක්‍රම වේදයන් නැහැ. මට ම්ට ලියන්න. මම කියන්නම් කරණ හැටි! ස්තූතියි. මෙය පරිපූර්ණ පිළිතුරක් නොවේ. ඊට සමවන්න!manjulaperera79@gmail.com
Deleteආවා කියෙව්වා
ReplyDeleteඑහෙනං දැං පලයං. ගිහිල්ල අර යාං හෑල්ල ලියහං.
Deleteස්තූතියි සැමදා වාගේම ගොඩවැදිලා වචනයක් කතා කලාට!
Delete1- චීන ක්‍රමය අහන්න නොතිය ලිව්ව එක නම් සෑහෙන්න අගය කරන්න ඕන තට්ටZ! ()
ReplyDeleteමට පේන්නේ ගගට බහින්න තව කල් යයි වගේ. ලියන විදියට කියවන අපට ලොකු කුතුහලයක් ඇති කරලා තියනවා. ඇත්තටම කියවන්න ආසයි ඔබතුමා ලියන විදිය. හැබැයි අන්තිම මොහොතේ ලන්තෑරුම් හොයපු එකනම් මෝඩ වැඩක්. ගමනට කලින් ලිස්ට් එකක් හදාගෙන ඒවා හොයා ගන්න ඕනි. මොකද ඔබ ගමන් වලට කෝඩුකාරයෙක් නෙමෙයිනේ. ඒත් ඔබට ලන්තරුමක් ලැබුන එක වාසනාවක්. නැවත ඒ වගේ අවදානම් ගන්න එපා.
ReplyDeleteමගේ ප්‍රිය මිතුරනි , මිතුරියනි,
ReplyDeleteමම මේ ලියන්නේ සත්ය අත්දැකීමක් ඒ ආකාරයෙන්මය. එම අත්දැකීම ම විසින් අතින් ලියන ලද පිට පතක් අනුසාරයෙන් මෙම පෝස්ටුව ලියමි. මාගේ අත් පිටපත තෙශාන්ත , වසික හා පසිඳු විසින් කියවා බලා ; එහි සඳහන් කරුණ් වලට එකඟ වි ඇත. මෙම අත් පිටපත මා ලිව්වේ මෙවන් චාරිකාවක් යෙදෙනු කැමති අයෙකු වෙතොත් ඒ අයට "අත් පොතක්" වනු ඇතැයි සිතාය.
ඒ නිසාම කිසිදු සැඟවීමක් , ගුරු මුෂ්ඨියකින් තොරව සියල්ල නොව සියල්ලම ලියා ඇත! සමහර දේ බොහෝ සෙයින් දීර්ඝ විස්තර ඇතුලත්ව ඇත්තෙ මෙය හුදෙක් වාර්ථාවකට වඩා පෙර කී ලෙස "අත් පොතක්" විය යුතුය යන අපේ අදහස මුල් කර ගෙන මෙය ඉදිරි පත් කරණා බැවින්ය. මෙම අත් පිටපත පිටු 93 කින් සමන්විතය. මේ දවස් වල 50 වන පිටුවට වත් මා පැමිණ නැත! මා එක් පෝස්ටුවකට වචන 1500 ක් පමන ඇතුලත් කරමි.
ඒ නිසාම එන සතියේ ගඟට බසින්නට සිතා සිටින මාගේ මිතුරු මිතුරියන් දැනම පිට පොට ගසා ගන්නට වත් , දිය රෙදි ඇඳගන්නටවත් කලබල නොවුනාට කම් නැත . මන්ද 13 පෝස්ටුවෙන් කියැවෙන්නේ අප ආරක්ෂාව පතා ගත් තීන්දු , තිරණ , පියවර , ගැන දීර්ඝ විස්ථරයකි! ඒවා මා ලිවිය යුතුමය! එය මාගේ වගකීමක් කොට සලකමි.
එසේ නොවුනොත් වන්නේ " ගුවන් විදුලියෙන් කඩු ගිලිනා හැටි ඉගෙන ගැනීමට ගොස් මේ සතියේ කඩුව ගිල්ල එකාට සිදුවූ දෙයය! මන්ද කාල වේලාව නොමැති බැවින් ගිල්ල කඩුව නැවත එළියට ගන්නට උගන්වන්නේ එන සතියේ හරියටම මේ වේලාවට බැවින්!" වීම නිසාය. එනිසා සියලු කයිවාරු වලින් පසුව ගඟට බසිමු.
එතෙක් මද වේලාවක් හෝහපුටුවන් කමින් ඉවුරේ මාහා රැඳෙන්න. අතේ සිද්ධලේප හෝ පැඟිරිතෙල් තිබේ නම් හෝහපුටුව්න්ගෙන් බේරීමට සර්වාන්ගයේම ගාගනු මැන!
( මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල සිද්ධාලේප වෙළෙඳ දැන්වීමක් නොවන බව සලකන්න!)
හම්මා ඉතින් කයාක් ටික එහෙම නතරකරලා තියෙනවා දැක්කහම උස්සගෙන දුවන්නමයි හිතෙන්නේ. (මොකද ඉතින් පදින්න දන්නා එකක් කියලද? හි හි හි)
ReplyDeleteමෙව්වා ලිවීම අතුරු ආබාධ සහිතයි..! අපි වගේ ගෙම්බන්ට( නරියන්ට ?)
ඒ උනාට උඩහ තියෙන රචකයාගේ කොමෙන්ටුව දැක්කහම හිතුනා ඊළඟ පෝස්ට් එක වෙනකල්ම පිටපොට ගහගත්තා එක තියාගෙන ඉන්න වෙන බව.. හපොයි
ඔය කයාකයක් කිලෝ වලින්ම 40ක් විතර වෙනවා. කයාකින් වල් එපාම කරපුදේ තමයි ඕක උස්සන් යන එක. උස්සන් යන්න හිතන්නවත් එපා. සියල්ලන්ටම කියනා ලෙස විවෘථ ආරාධනාවක්. හක් බෙල්ලාවක එන්න. කයාකින් කරණ්න. නොමිලේ! නොමිලේ!!( වසර අවසාන මහා සේල්!)
Deleteගෙම්බො කෙසේ වෙතත් නරින්ටනම් මනාපයි. උන්ට ඔපෙරාවක හරි සින්ග් කරණ්න පුළුවන්නෙ!
හෝ හපුටු ප්‍රහාරයක් කියන්නෙ සුපිරිම අත්දැකීමක් තමයි. මතක් වෙනකොටත් ඇඟේ පලු මතුවෙනවා මේං!
I read the story. Very interesting. Waiting for next. When is it coming next one?
ReplyDeleteආතල් නේ
ReplyDeleteමොනවද මේ කතා! යමුකො වෙලාවක !! ස්තූතියි බොහොමත්ම!!
Deleteසුපිරි!.. ඉරෝමනීට දීපු රිප්ලයි එකේ හැටියට 13කොටස තවත් රසවත් වෙයිවගේ.. මටනං ගඟට බහින්න කිසි හදිසියක් නෑ.. ඔහොම යං..
ReplyDeleteනෑ ඒක හෙන ටෙක්නිකල් එකක්! ඉරෝමාණිලාට ගෝචර එකක් නෙවේ. ඒත් ඒක තියෙන්නම ඕන එකක්. මම දන්නෙනෑ වච්න1500 - 1600 ක් ගහන කොට ගඟට බහින සීන් එක අහුවුනොත් ගොඩ! නැත්නම් දුකම තමයි! හැබැයි 1600 ක් හරි කෙටුවාම තව 100 ක් ඇතුලත ගඟට බහින්න පුළුවන් නම් ලෝභ නැතිව ඒ ටිකත් කොටන්නම්! බොහොමත්ම ස්තූතියි!
Delete