Saturday, February 27, 2021

190. තිස් අවුරුදු රථ මතක . . . . ! (4)

 

Peugeot 504

9ශ්‍රී7053 රථය කෙතරම් අනර්ඝ රථයක් වුවද එයට සරිලන අමතර කොටස් කළුණික මෙන් විය. 

ෆියට් ලංකාවට ගෙනැවිත් බෙදා දුන් (මගේ මතකය නිවැරදිනම්) කොලෝනියල් මෝටර්ස් ආයතනයද දිවැවුනේ අපට ඕනෑවට මෙනි. ලංකාව තුල මෙතරම් පැරණි ලෑන්ඩ් රෝවර් තිබීමට හේතුව සොයා බැලීමට වටිනා කරුණකි. 

එකල ලංකාව හෙවත් සිලෝන් බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්ව පැවතීම හා එකල මුළු මහත් ජාත්‍යන්තරය පුරාවට තිබුනු එකම නම්දරාපු ෆෝ වීල් රථය ලෑන්ඩ් රෝවරය වූ නිසාත්; නො එසේනම් කොලෝනියල් මෝටර්ස් හි එකල පැවති මන්දගාමී ස්වභාවය තුල ලෑන්ඩ් රෝවර් රථ දහයක් හෝ මෙරට දක්නට නැතිවන්නට ඉඩ තිබුනි!

කොලෝනියල්ලාගේ කිරීටය ලෑන්ඩ් රෝවර් මිසක ෆියට් නොවේ. එම නිසාම ෆියට් බඩු සෙවීම බෙහෙවින් අසීරු කට යුත්තක් විය.

ෆියට් රථය මා ටික කාලයක් පාවිච්චි කලෙමි. එම කෙටි කාලය තුල මා කිලෝ මීටර  1000 -1500 ක් පමණ පදවන්නට ඇතැයි මා නිමාණය කරමි. කෙටි කලෙකින් වාහනයේ කුඩා මිස් කිරීමක් ඇති විය. එය සුවපත් කිරීම සඳහා ගරාජයකට ඇරළු වාහනයේ  ඩිස්ට්‍රිබියුටරයේ ලෙඩක් ඇතිබව ගරාජයේ බාස් විසින් සොයාගෙන තිබුනි. 

ඩිස්ට්‍රිබියුටරය හෙවත් ගරාජ් බාශාවෙන් පවසන ඩැල්කොව ගෙන මා කොලෝනියල් මෝටර්ස් සිට පංචිකාවත්තේ ෆියට් ඔස්තාද්ලා සොයා ගියෙමි. එක් අමතර කොටස් වෙළෙඳ සැලක ඉබ්බන්වල හංදිය අසල තිබුනු බවස්ද මට මතකය. ඒ කිසිදු තැනකින් රථයට ඇවැසි අමතර කොටස් සොයා ගැනීමට නොහැකිවිය!

ඊට ප්‍රධාන හේතුව වූයේ මෙම ෆියට රථ මොඩලය එනම් Fiat 132 2000 CC රථය යුරෝපයේ පවා තරමක් දුලබ රථයක් වීම විය යුතුය.

e bay වැනි මාධ‍යයන් නොමැති එකල කල හැකිවූ එකම කාර්‍යය වූයේ ඊට ගැලපෙන වෙනත් රථයක ඩිස්ට්‍රිබියුටරයක් විවාහ කර දීම පමණි.

බාසුන්නැහැගේ යෝජනාවට එකඟ වීම හැරුණුකොට මට කියන්නට තබා සිතන්නටවත් දෙයක් ඉතුරු නොවීය.

ගරාජයට මේ සඳහා තරමක කාලයක් ගත විය.

ඒ මාගේ විවාහය සිදුවූ කාලයයි.

වාහනයක අවශ්‍ය තාවය බරපතලව දැනුණු අතර එම අවශ්‍යතාවය පිරිමසා ගැනීමට ගරාජයෙන් මාහට එවන්ම වූ තවත්යුරෝපීය මෝටර් රථයක් සැපයිනි.

ඒ පර්ජෝ 504 GL රථයකි.

මා මේ ලිපි පෙල ලිවීමට පටන් ගැනීමට සිතේ පිඹුරු පත් සකස් කරණා පසු ගිය කාලයේදී එකවර සිත තුල පොපියා නැතිවී යන මතකයක් විය.

ඒ කළු පැහැති පර්ජෝ 504 රථයක සේයාවකි.

එම රථය ගැනද ලියා තැබීමට කථාන්දරයක් වේ. එය හුදෙක් මා යට කී පර්ජෝ රථය ගැන නොව පොදුවේ පර්ජෝ රථ පිළිබඳ සොඳුරු කථාබහකි.

මා කලක් ගැවසුනු මොරටුව කටුබැද්දේ සොයිසා පුර මහල් නිවාස වල O බ්ලොක් එකේ විසූ මිත්‍රයෙක් විය. ඔහු නමින් ශාන්ත කුමාර රණසිංහය. ශාන්තගේ වැඩිමහළු අක්කා විවාහ වී සිටියේ සෙනෙවි හෙවත් සෙනෙවිරත්න අයියා සමගය. සෙනෙවි අයියා පර්ජෝ වැඩ්ඩෙකි. ඔහු නොම්මර එකේ පර්ජෝ 504 බාස් කෙනෙකු විය. 

එකල බවර්ස් හා වෝකර්ස් සමාගම් සතු විදේශීය සංචාරකයින් සඳහා ලබා දෙන මෝටර් රථ සමූහ දෙකක් විය.මෙම වාහන සමූහ සමන්විත වූයේ පර්ජෝ 504 රථ වලිනි.

මෙම රථ වලින් බොහොමයක් අළුත්වැඩියාවන් සඳහා පැමිණියේ සෙනෙවි සොයාය.

කටුබැද්දේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය අසලින් දිවුනු පාරේ  විසූ සුනිල්; 504 රථ කිහිපයකට හිමිකම් කීවේය.

සොයිසා පුර B9 බ්ලොක් එකේ විසූ රොහාන් අයියාද කලේ ටුවරිසම් මය. තවත් විදියකට කිවහොත් ටුවර් ගයිඩ් කෙනෙකි. ඔහු පැදවූයේ සුනිල්ගේ රථයකි.

ඊට කලකට පෙර ඔහුට සිදුවූ සුන්දර කථාවක් අප සමග වතාවක් පැවසීය. එය ඔහුගේම වචනයෙන් මා මෙහි ලියා තබන්නම්.

"මල්ලි ඒකාලේ මම පැද්දේ මගේ හොඳම යාළුවෙක්ගේ ෆයිව් ඕ ෆෝ එකක්. ඒක හදලා තිබ්බා ආයේ ෂෝ රූම් කන්ඩිශන් එකට! එයා හැම දාම මට වාහනේ අතට දෙනකොට කියන කථාවක් තියෙනවා.

 'මචං බය නැතුව එලෝපං. මෙකෙ  ස්පේසර් එක්ක ඇලොයි වීල්ස් වලට මිශෙලින් ටයර්ස් දාලා තියෙන්නේ. සීය පන්නලා ඕන කෝනර් එකක් ගනිං මුකුත් වෙන්නේ නෑ' කියලා. 

ඇත්තටම ෆයිව් ඕ ෆෝස් කවදාවත් පෙරලෙන වාහන නෙවෙයි. එයා මේකට ස්පේසර දාලා බ්‍රෝඩ් ඇලොයි දාලා මිශෙලින් හතරක් බස්සලා තිබුනු හින්දා; ඩ්‍රයිව් කරණ කොට පාරට තියලා පරාල ඇන ගහලා වගේ තමයි. ෆුල් බැලන්ස්! සුපර්බ් කන්ට්‍රොලින්!! ස්ටැබිලිටි එක මැක්ස්!!! 

ඉතින් එදා ගෙස්ට් ව ගන්න තිබුනේ හොලිඩේ ඉන් එකෙන්. ගෙස්ට්ව ගන්න තිබුනේ දායට. මම ඔන් ටයිම් එතනට යන කොටත් ගෙස්ට් එලියට ඇවිත්. ෆ්‍රෙන්ච් එකෙක්! එයා තනියම ඇවිත් තිබුනේ.  යූශුවලි ගෙස්ට් කෙනෙක් නගින්නේ පිටිපස්සෙ සීට් එකටනෙ. මම එයාගෙ බැගෙජස් බූට් එකට දාලා ඌට නගින්න පිටි පස්සෙ දොර ඇරියා. මිනිහ මගේ දිහා හොඳට බලලා ඉස්සරහ දොර ඇරගෙන ඉස්සරහින් වාඩි උනා.

එයා ව මට එක්කගෙන යන්න තිබුනේ කොළොඹින් අන්රාදපුර. එතැනින් පොලොන්නරුව සීගිරිය දඹුල්ල  ආපහු කොළොඹ! ඔක්කොම කිලෝ මීටර 450  පනිනවා.

මම හොලිඩේ එකෙන්  එළියට දානකොට උදේ 10.10 ට ඇති. මම එතැන ඉඳන් කෙලින්ම පෑලියගොඩට දාලා පුට්ලම් රෝඩ් එකේ යන්න ගත්තා. වත්තල , කඳාන, සීදූව පහුවෙලා ඇවරිවත්ත හංදියට එනකුලුත් මේ යකා ඉස්සරහ බලනවා මම ඩ්‍රයිව් කරණ හැටි බලනවා ගියර් ශිෆ්ට් කරණ හැටි බලනවා විතරයි. ගමන එන්ජොයි කරණ බවක් පේන්නෙම නෑ.

අන්තිමට මීගමුවට කිට්ටු කරද්දිම මම පොඩ්ඩක් කථා කරණ්න පටන් ගත්තා - ඒ නිගම්බො ගැන විස්තරේකුත් එක්ක. මේ මනුස්සයා ඒ කිසි දෙයකට ඇහුං කං දුන්නු බවක් පේන්න තිබ්බේ නෑ. මමත් පොඩ්ඩක් කියවලා කට වා ගත්තා මොකද මෙයා ඒකට කැමති නැද්ද දන්නේ නෑනේ.

මීගමුව පහු කරලා හලාවතට කිට්ටු කරද්දි මම  නයින්ටි හන්ඩ්‍රඩ් අතර වගේ එලෙව්වේ. අපි සාමාන්‍යෙන් ගෙස්ට් කෙනෙක් අරන් යද්දී එයිටි එක්සීඩ් කරණ්නේ නෑ. සික්ස්ටි සෙවෙන්ටි වගේ තමයි මේන් ටේන් කරණ්නේ. ගෙස්ට් දෙතුන් පාර එයාගෙ රිස්ට් වොච් එක දිහා බලන කොට මට හිතුනා පොඩ්ඩ ස්පීඩ් කරණ්න.

මට ටිකක් යන කොට තේරුණා මෙයට මගේ ඩ්රැයිව්ං ස්ටයිල් එකට ඒ තරම් ඇට්‍රැක්ශන් එකක් නැති බව! ඒ නිසාමයි මම් පොඩ්ඩක් ස්පීඩ් කලේ.

එතකොට යාන්තම් මිනිහට පොඩ්ඩක් හරිගියා වගේ.

මම ඊළඟට එයාගෙන් ඇහුවා 'උඹට මගේ ඩ්‍රයිවිං හරි නැද්ද ?' කියලා. මේ යකා මං දිහා බලන්නෙවත් නැතිව 'ටූ ස්ලෝ!' කියලා එළිය බලාගත්තා.

එතකොට මම හන්ඩ්‍රඩ් ටච් කරලා ඉවරයි.

චිලාව් ටවුන් එකත් අසූවට විතර පහු කරපු මම ආයෙමත් හන්ඩ්‍රඩ් වලට ඇවිත් දැන් හන්ඩ්‍රඩ් පහුවෙලත් යනවා. මේකෙ තිවුනු ටූ ලීටර් එන්ජිම ම්ම්ම්ම් ගාගෙන දුවනවා. කා එක පොඩ්ඩක් එහේ මෙහේ දුවන්නේ නැතිව පාරට තියලා ඇන ගහලා වගේ යනවා.

එක පාරම මේ යකා මං දිහාට හැරිලා 'කැනයි ඩ්‍රයිව්?' කියලා අහපි.

මේ මනුස්සයා මගෙන් වාහනේ ඉල්ලනවා ඩ්‍රයිව් කරණ්න.

මගේ ටුවරිසම් හිස්ට්‍රි එකේ; ඔය ගෙස්ට් කෙනෙක් වීකල් එක ඉල්ලුවාමයි.

අපි කවදාවත් ගෙස්ට්ට කියන්නේ නෑ අපේ  කා එකක් උනත් අපේ කියලා. එතකොට උන්ගෙන් ලැබෙන ටිප් එක අඩුයි. අපි කියන්නෙම 'කම්පනි කා' කියලමයි.

මම ගෙස්ට්ට ශේප් එකේ කිව්වා ඔයාට වාහනේ දුන්නොත් මගේ ජොබ් එකත් නැතිවෙයි කියලා. ගෙස්ට් ආයේ ඉස්සරහ බලාගෙන යන්න ගියා.

පුට්ලම් වලට කිට්ටු කරණ කොට මම ගෙස්ට් ට කිව්වා අපි පුට්ලම් රෙස්ට් හවුස් එකේ බ්‍රේක් එකක් යන බව. රෙස්ට් හවුස් එකේ කා පෝච් එකෙන් සුද්දව දාලා මම කා එක හෙවනක නවත්තලා බැහැල එන කොටත් එයා ඇතුලට ගිහින් තිබුනේ නෑ. මම ෆ්‍රන්ට් ඔෆිස් එකට කතා කරණ්න නැවතුනාම ගෙස්ට් මටත් ඉන් වයිට් කලා එයාගෙ ටේබල් එකට.

'අපි ඊළඟට නවත්වන්නේ කොහේද?' මිනිහා ඇහුවා.

මං කිව්වා අන්රාදපුර කියලා!

'ඩිස්ටන්ස්....?'

මං කිව්වා කිලෝමීටර් 75 යි කියලා.

කොච්චර වෙලාවක් යයිද කියලා මිනිහා ඇහුවා.

'වන් අවර් ඇන්ඩ් ට්වෙන්ටි මිනිට්ස් සර්...!' කියලා මම කිව්වා.

මේ වෙන කොට අපේ ටෙබල් එක ලඟට වේටර් කෙනෙක් ඇවිත්

ගෙස්ට් ස්කොච් එකක් ඕර්ඩර් කලා.

වේටර් මගේ පැත්තට හැරෙන සුනංගුවට මේ යකා මට කියනවා උඹට ෆෝටි ෆයිව් මිනිට්ස් වලින් යන්න බැරි නං උඹ යූස් ලස් ඩ්‍රැයිවර් කෙනෙක් කියලා!

මගේ ඇස් දෙක දන්න පටන් ගත්තා. මට දැනෙනවා මගේ මූන ටිකින් ටික රතු වෙනවා. කන් දෙක පුපුරු ගහනවා.

මූ ඒ ගමන කියනවා ප්‍රශ්නයක් නෑ උඹට පුළුවන් විදියට උඹ ඩ්‍රයිව් කරපං! දැන් උඹ කැමති දෙකක් ඔර්ඩර් කරපං කියලා!!

මම ඔරෙන්ජ් ජූස් එකක් ඔර්ඩර් කරණ කොට ගෙස්ට් ඇහුවා ලිකර් ගන්නේ නැද්ද කියලා.

ගෙස්ට්ලත් එක්ක ඉන්න කොට මම ගන්නෙ නෑ කිව්වාම මූ හයියෙන් හිනා වෙලා 'ඒක වැඩක් නෑ!'  ගාලා කියලා මටත් ස්කොච් එකක් ඔර්ඩර් කලා

'මල්ලි එපා! ඕල්ඩ් ඇරැක් සීයක් ගෙනෙං ජින්ජර් ඒල් ටිකක් දාලා!' මම මගේ ඔර්ඩරෙත් ප්ලේස් කලා.

මට දැන් මූව කන්න කේන්තියි. මම ඒ ටික පෙන්නන්නේ නැතිව  ඌත් එක්කම ඩ්‍රින්ක් එක අරං ඉවර කලා.

මම කා එක ලඟට යන කොට මිනිහත් ඇවිත් නැග්ගා. මම එයාට දොර අරින්නවත් ගියේ නෑ එයාම ඉස්සරහ සීට් එකට නැග්ගා. පුත්තලම රෙස්ට් හවුස් එකේ ඉඳන් පාරට තියෙන පොඩි නැග්ම ගන්න කොට අරක්කු මගේ ඇඟේ දුවනවා. වාහනේ උඩට ගන්නකොටම මම ට්‍රිප් රෙකෝර්ඩර් රීසෙටින් නොබ් එකෙන් මීටරේ සීරෝ කලා.

මම දැක්කා සුද්දා හොරෙන් එක දිහා බලලා එයාගෙ රිස්ට් වොච් එක දිහා බලනවා. මමත් මගේ රිස්ට් වොච් එක දිහා බලලා 'ට්වෙල්ව් පාස්ට් ටෙන්!' කිව්වා.

එයත් ඒක තනි වචනෙන් අනුමත කලා.

මම සෙකන්ඩ් එකේ තර්ඩ් එකේම පුට්ලම් ටවුන් එකෙන් එලියට ආවා.

ඔය කාලේ පුට්ලම් අන්රාදපුර පාර එච්චරම හොඳ නෑ.

මම එතන ඉඳන් ආවා එකසිය දහය පන්නලා. 

තිබුනු වංගු එකකවත් වාහනේ වීල්ස් ස්කිඩ් කරණ්නෙ නැතිව ලෝ ගියර්ස් වල ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගෙන ආවා.

ෆයිව් ඕ ෆෝ එකේ මීටර් එක තියෙන්නේ හන්ඩ්‍රඩ් ඇන්ඩ් ටුවෙන්ටි වලට. හැබැයි එකසිය විස්ස කියන්නේ එකසිය විස්ස! ඒවගේමයි වෙන වාහනයක් හැටට ගන්න කොර්නර් එකක් කිසිම ගින්නක් නැතිව එයිටි පන්නලා ගන්න පුළුවන් ඇතුලෙ යන අයට නොතේරෙන්න.

කරුවලගස් වැව, කහටවැව, සාලිය වැව එහෙම පහු වෙනවා දැක්කෙ නැති ගානයි. පොඩි පොඩි කේස් එකක් දෙකක් හින්දා ඩ්‍රයිව් එක ස්ලෝ කලත් ආයෙමත් මම උපරිමයෙන් එලෙව්වා.

මිශෙලින් ටයර් සෙට් එක zzzzස් ගානවා.

එන්ජිම දුවනවා ම්ම්ම්ම්ම් ගාලා.

නොච්චියාගම පොලීසිය ලඟදි මම පොඩ්ඩක් ස්ලෝ කලා.

මම දැක්කා ගෙස්ට් ඔඩෝ මීටරේට එබෙනවා. මට බලන්න දෙයක් නෑ පුට්ලම් වල ඉඳලා නොච්චියාගමට හරියටම කිලෝමීටර් පනස්පායි!

මම සටස් ගලා මගේ රිස්ට් වොච් එක දිහා බැලුවා. දොලහයි විසි අටයි. තිහ වෙලාවත් නෑ. මම දැන ගත්තා මම ඉන්නේ ඔන් ටයිම් කියලා.

එතන ඉඳන් මට මාර ෆිට් එකක් ආවා. ස්පීඩෝ මීටරේ කට්ට කෙළවරටම යන්න මම දෙතුන් තැනකදි ආවා.

පොතානගමදි අන්රාදපුර බෝඩ් එක පහු කරණ ගමන් මම ගෙස්ට්ට ඒක පෙන්නුවා.

එයාට ඒක කියවාගන්නට බැරිවෙන්න ඇති.

මම ඇවිත් නැවැත්තුවේ  දහයියගම ජන්ශන් එකෙන් හැරිල ගිහින් ඩී එස් රවුන්ද බවුට් එකත් පහු කරලා. කියන්නේ ටවුම මැද!

ඒ නවත්තලා වෙලාව බලුවා.

වෙලාව තාම දොලහයි පනහට ඔන්න මෙන්න.

මගේ චැලේන්ජ් එකට විනාඩි 5 කට කලින් මම ඇචීව් කරලා තිබ්බා.

ඔඩෝ මීටරේ කිලෝමීටර 76 කුත් ගානක්!

ගෙස්ට් එයාගෙ අත මගේ පැත්තට දික් කලා.

එක්සලන්ට්!

එදා ඉඳන් කොළෙඹට එනකල් හැම මීල් එකක්ම ගත්තේ අපි එකට.

එදා ඩිනර් එකට ගෙස්ට් මට ඉන්වයිට් කලා.

එතකොට තමයි සිද්දිය හරියටම දැන ගත්තේ!

මේ මනුස්සයා වර්ල්ඩ් රැලී චැම්පියන් ශිප් ගහපු එකෙක්. එයා රැලීස් තුනක් වින් කරලා තියෙනවා ෆයිව් ඕ ෆෝ එකෙන්ම. 

එයාගෙ නම ජීන් පියරේ නිකලස්.

එදා රෑ එයා මට කිව්වා එයා දැකල තියෙන හොඳම ඩ්‍රයිවර්ස්ලගෙන් එක්කෙනෙක්ලු මම 

මම ආපහු එන ගමන් හබරණට එහායින් සීගිරියට හැරෙණ තැනින් හරවලා මෙයාට වාහනේ දුන්නා. 

ඒත් එයා ගත්තේ නෑ!

එයා කොළොඹට ආවාට පස්සෙ මට; මගේ ඩ්‍රයිවිං ගැන කියලා ලෙටර් එකක් දුන්නා එයාගෙ ලෙටර් හෙඩ් එකේ! තාම තියෙනවා මල්ලි මං ගාව වෙලාවක මම් ඔයාට පෙන්නන්නං!


Peugeot 504 en Rally Safari 1975

Peugeot 504 Coupe' Rally Car 1976

Peugeot 504 Queen of Africa Rally 40 years ago

යටියන්තොටට මා ගෙන ගිය මාගේ ෆියට් රියේ බොඩියේ තැනින් තැන කුඩා බුබුළු මතුවී තිබුනි. ඒ බුබුළු; යටින් දිරුමක් එන බව කියා පෑ මූලික ලක්ෂණයන්ය.

රථය අවුල් වීමට ප්‍රථම එය ටින්කරින් කර ගත යුතුය.

ටින්කර් කර ගැනීමට කොටස් ගලවා ගත යුතුය

ටින්කර් කල පසු තීන්ත ගෑ යුතුය.

තීන්ත ගෑ පසු වාහනයේ ගැලවූ කොටස් සියල්ල නැවත නියමා කාරයෙන් සවිකර ගත යුතුය.

මෙය නාගසේන වස්තුවේ එන; හිස කෙස් තිබීමේ කරදර ටික මෙනි.

කෙස් ඇති අය එය සේදිය යුතුය, සෝදා වියල ගත යුතුය, වියලා පීරා ගත යුතුය, පීරා පංති පංති කර ගත යුතුය, ඉන් පසු පින්ඩ පින්ඩ කර ගත යුතුය ! ආදී වශයෙනි.

වාහනයේ ටින්කර් වැඩේට මා හට හසු වූයේ නොම්මර එකේ චෞරයෙකි.

අදටත් යටියන්තොට නගරයේ වෙසෙන ඔහු වාහනයේ ටින්කර් වැඩේ නොම්මර එකට ඇනුවේය.

කටුවෙන් හා මිටියෙන් ඇන ගලවන තහඩු කැපීම, නැවීම, දිග ඇරීම, හිල් විදීම හා අමතරව පෑස්සීම යන සකල විධි සියළු කාර්‍යයන් ලාම්පුවෙන් හෙවත්  ගෑස් වෙල්ඩින් ටෝර්ච් එකෙන් ඉෂ්ඨ සිද්ධ කරණ මෙම මක බාසුන්නැහේ; වාහනයේ සියළුම ඇතුලත කොටස් ගැලවූ නමුදු සවි කිරීමට යෑමේදී බොහෝ කොටස් සොයා ගැනීමට නොහැකි විය!

ඒ සියල්ලටම වඩා පින්තාරුව ගොම ගෑ සේය.

ඉන්පසු වාහනය තවත් ටික කලක් මා සෙවනේ සිට රුපියල් 22000 කට වෙනත් අයෙකු වෙත පා නැගීය. මාගේ ප්‍රථම වාහනය එසේ මගෙන් වෙන් වී ගියේ මා මා තුල හොඳ රියෙදුරෙක් ඉතිරි කොටය!

Sunday, January 17, 2021

189. තිස් අවුරුදු රථ මතක . . . . ! (3)

 Fiat X 1/9

කාලය සෙමෙන් ගෙවී ගියේය.

අප පාසල් සිසු භාවයෙන් ඉක්මෙන්නට ආසන්න කාලයේ යාන වාහන තිබෙන මිතුරන් වූයේ; ආනන්දයේ රන්ති රොහාන් ගමගේ සහ දැනට කැන්ගරු දේශයේ පසුවන එවකට මාතර කාලිදාස පාරේ විසූ එස් ඩී ලියනගේය.

රන්තිගේ පියා මොරටුවට පැමිණ තිබුනේ පියානෝ පොලිෂ්  කරණ්නෙකු ලෙසය. පසුව ලී බඩු කඩයක් හෙවත් වඩාත් ගෞරවාන්විතයෙන් පවසනවානම් ගෘහ භාන්ඩ නිෂ්පාදනයට හා ලී වෙළෙඳාමට යොමුවූ අයෙකි.

රන්ති පාසලේ අටේ නමයේ පන්ති වල සිට ලී ලෝඩ් එකක් ගැසූ අශොක් ලේලන්ඩ් රථය පැදවීමට සමතෙක් විය.

පාසැල් ජීවිතයෙන් සමුගැනීමත් සමග කාර් සේල් එකක් පටන් ගත් ඔහුට වාහන වලින් අඩුවක් නොවීය.

එස් ඩී ලියනගේ යනු මාතර වයින්  ස්ටෝරුව අයිති ඊබල් සිල්වාගේ දෙවන පුතාය. එකල ඔවුන් සතු ලොරි රථ තුනක් හා ලොකු කුඩා වාහන කිහිපයක් තිබුනු මුත් කිසිදු දිනෙක අප සමග වල බැසීම සඳහා ඒවා භාවිතයට නොගැනුනි!

රන්ති මීට හාත්පසින්ම වෙනස් මිතුරෙකි.

අපගේ ඕනෑම ලොකු කුඩා අවශ්‍යතාවයක් සඳහා ඔහුගේ රථ වාහන පෙල ගැසී තිබුනි.

ඔහු සතුව තිබුනු අනේක විධි රථාතර මාගේ සිත්ගත් එකම රථය වූයේ Fiat X 1/9 රථයය.






ඉහත දැක්වෙන Fiat X 1/9 ලින්කුවට ගොඩ වැදී මෙම රථය ගැන කරුණු කාරණා බලා කියා ගන්නට පුළුවන් උනද; "බහු ජන සුඛාය" වෙනුවෙන් පොඩිත්තක් ලියන්නම්.

මෙය දොර දෙකේ දෙදෙනෙකුට පමනක් ගමන් කල හැකි වාහනයකි.

අප සාමාන්යයෙන් දන්නා මයිනර් මොඩලයේ වාහන වල එන්ජිම ඇත්තේ ඉදිරිපස වන අතර එළවෙන්නේ පිටු පස රෝද දෙකෙනි.

ෆෝක්ස්වැගන් රථයේ එන්ජිම පිටු පස වන අතර එලවෙන්නේ පසු පස රෝද යුගලයෙනි. නවීන මෝටර රථ හැම එකක්ම පාහේ එන්ජිම ඉදිරියේ වන අතර දිවවෙන්නේ ඉදිරි පස රෝද යුගලයෙනි.

මෙම ෆියට් X 1/9 රථයේ එන්ජිම සවිකොට තිබුනේ රියැදුරු  කුටියට පසුපසින් පිටුපස රෝද යුගලයට ඉදිරියෙන් රථයේ හරි මැද්දට වෙන්නටය. මේවාට කියන්නේ mid Engine කියාය. මෙම රථය Mid Engine Rear Wheel Drive හෙවත්  පසුපස රෝද යුගලයෙන් ධාවනය වේ

මේ නිසාම මෙහි පිටුපස ඩිකිය  හෙවත් බූට් එකට අමතරව ඉදිරියේද බොනට්ටුවට යටින් විශාල ඉඩක් බඩු බාහිරාදිය ගෙන යාමට සකස් කොට තිබුනි. සාපේක්ෂව එය පසුපස ඩිකියට වඩා විශාල ඉඩකි.

මෙම රථය සැලසුම්කොට නිර්මානය කොට තිබුනේ Guruppo Bertone  වෙනුවෙන් Marcello Gandini වන අතර රථයේ ඔහුගේ සලකුණද සවිකොට තිබුනි.

වහලය ඉවත් කල හැකි වන අතර එය ඉදිරි පස බොනට්ටුව හැර එය තුල තබා ගෙන යා හැකිය.

මෙම රථය කලක් ලඟ තබාගෙන සිටි රන්ති හදිසියේ විකුණා දමා ගෙන ආවේ නිසාන් පල්සර් රථයකි! එකල රිට්‍රැක්ටබල් හෙඩ් ලයිට් නො එසේනම්  ගිලී තිබී දල්වන විට පමණක් ඉහලට එසවෙන  ප්‍රධාන පහන් සහිත රථ වලට තිබුනේ එකසිය ගානට වූ පිලිගැනීමකි.

කාලය මෙසේ අන් සතු වාහන අතරේ ගෙවී යද්දී මටම කියා මෝටර් රථයක් ගැනීමේ උවමනාවක්, ආශාවක්  හා අවශ්‍යතාවයක් පන නැගුනි. එදා සිටම ෆෝ වීල් උණ හිස මුදුනටම වැළඳී තිබුනු මා ෆෝ වීල් රථ දෙකක් මිළදී ගැනීමට ගියද එම රථ දෙකම ඉතාමත් කණගාටු දායක ලෙස ගිලිහී ගියේය. එම රථ පිළිබඳව පසුව කථා කරමු.

ඉන් පසු මා දිනෙන් දින වැඩෙන්නාවූ උනන්දුවෙන් යුතුව මෝටර් රථයක් සොයමින් වනාතර තුර; දෙහිවල කාර් සේල් එකක් තුල නිල් පැහැති සුපිරි මෝටර් රථයක් තිබී ඇහැ ගැටුනි.

එය මිළදී ගැනීමට ගියේ මමත් රන්ති රොහානුත් ය.



මුලින් ලොකු ලොකු ගනන් කීමෙන් අනතුරුව රන්තිගේ මැදිහත් වීමෙන් එය රුපියල් 37500/= කට මිළදී ගැනීමට හැකි විය.

දිනය 1992/01/16 ය. අදින් අවුරුදු 29 කට පෙර දිනයකි.

එය සුපිරි වාහනයක් විය.

එහි මුල් අයිතිකරු වූයේ කහවත්තේ ගුරුගේ මැණික් මහතාය! එය පාවිච්චි කොට තිබුනේ ඔහුගේ පයිලට් බෑනා බව කාර් සේල් එකෙන් වාහනය රෙකමදාරු කිරීමේදී පැවසුවේය.

Fiat 132 2000CC  Twin Cam 16 Valve රථයකි. 

මදි පාඩුවට A/C, Power Steering ය! වර්ණය සැට්‍රන් බ්ලූ යනුවෙන් පොතේ සඳහන්ව තිබුනි.

7 ශ්‍රී 7053 මා ගේ මුල්ම රථයට, එහි පෙනුමට හා වර්ණයට 95% ක්ම  ගැලපෙන රූපයක්.


7 ශ්‍රී 7053 එම වාහනයේ ඇති එකම ඡායාරූප මතකය!


මෙම රථය මිළදී ගන්නා අවධිය වන විට මා කිසිදා වාහනයක් තනිව පදවා නොතිබුනි. අයියාගේ ෆියට් රතයේ එක් දිනක් තුල එක් වරක් හෝ දෙවරක් ගියර මාරු කර පදවා තිබුනි.

එකල මා නැවතී සිටි පිට කොට්ටේ නිවසට රතය ගෙන ගොස් දුන්නේ කවුරුන්දැයි මාහට නිවැරදිව මේ මොහොතේ මතකය නො ඒ!

කෙසේ හෝ රථයේ රේඩියේටරයේ තිබුනු කුඩා කාන්දුවීම සකසා ගැනීමට බාසෙක් ලඟට ගෙන ගියේ නම් පිට කොට්ටේ 585/B නිවසේ කුකූ විසින්ය.

සියල්ල අවසානයේ; කාරය මිලට ගෙන සතියක් ගත වෙන්නටත් මත්තෙන් මාහට රථය යටියන්තොට ගෙන යාමට අවශ්‍ය විය.

ඒ වන විට මෙම රථයේ එන්ජිම පන ගැන්වීම හා නිවා දැමීම හැරුණු කොට ගෙන මා කල කී දෙයක් නොමැති විය!

කුකූට කතා  කලද ඔහු යටියන්තොට යෑමට එකඟ කර ගැනීමට නොහැකි විය.

පසුව මා නුගේගොඩ 168 බස් නැවතුම වෙත ගොස් එතැන වේලි වේලි සිටි රියැදුරෙකුට කථා කලෙමි.

කොටින්ම වැඳ වැටුනෙමි.

එහෙත් ඔහුව එකඟ කර ගැනීමට නොහැකි විය.

අවසානයේ ඔහු එකඟ කර ගත හැකිවූවේ මාගේ පන හා සමාන රථය පිට කොට්ටේ සිට නුගේගොඩ බෝ ගහ හංදියට හෙවත් හයිලෙවල් පාරට ගෙන ඒමට පමණය!

මාගේ බලාපොරොත්තුව එතැන් සිට සෙමෙන් සෙමෙන් යටියන්තොට වෙත රථය ගෙන යෑමයි!

ඔහු සමග මා පිට කෝට්ටේ සිට නුගේගොඩ  වාහනය ගෙන එමින්ය!

"දැන් මෙතන ඉඳන් වාහනේ ගෙනියන්නේ කවුද?" ඔහු විමසුවේය.

"මම!"

"ඔයාට ඩ්‍රැයිවිං පුළුවන්ද?"

"බෑ!"

"ඉතිං බැරි නම් ඔයා කොහොමද ගෙනියන්නේ? පිස්සු වැඩ කරණ්න එපා!"

වාහනය නුගේගොඩ බෝගහ හන්දියෙන් මහරගම පැත්තට මුහුණ ලා  නෙලූ ඇඩ්වටයිසිං සමාගම පසු කර නැවැත් වුනි!

ඔහුට පොරොන්දු වූ ගනනට වඩා රුපියල් 50ක් ඔහුගේ අත තැබීමි.

"අනේ ඔයා යන්න එපා! එහෙම වාහන කියන ඒවා ගෙනියන්න පුළුවනෑ!? අඩු ගානේ මොටූ සයිකල් ලැයිසමක් වත් නෑ නේද?" ඔහුගේ මුහුනේ අනුකම්පාව දෝරේ ගලා ය!

"ප්‍රශ්නයක් නෑ! ඔයාට එන්නත් බෑ නේ! මම යන්නම්!!"

මා රථයට ගොඩ වැදී දොර වසාගෙන එන්ජිම පන ගන්වා පලමු ගියරයට ලීවරය මාරුකොට ගෙන ක්ලච්චය සෙමෙන් මුදා හැරියෙමි.

රථය මදක් ගැස්සී සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය.

මා අඩි දෙතුන් සීයක දුරක් යන ගමන් වින්ඩ්ස්ක්‍රීනයට ඉහලින් සවිකොට තිබුනු පසුපස බලන කණ්නාඩියට ඇස යොමු කලෙමි.

මාගේ ආදරණීය රියැදුරු මහතා ඉනට අත් දෙක තබාගෙන තවමත් බලා ගත් වනමය!

මා එක් වරක් දෙවරක් රථයේ වේගය අඩු කොට බැලුවෙමි. ගැටළුවක් නැත. වාහනය හොඳින් කීකරුය!

තවත් කෙටි දුරක් පදවාගෙන එද්දී හමුවන යමුනා ටුවර්ස් ආයතනය අසල වංගුව ඔස්සේ පදවමින්බලද්දීත් ඔහු එතනම නැවතී එසේම සිටිනු මා අවසන් වතාවට දුටුවෙමි.

වේලාව උදෑසන 10.00 ට පමන වන්නට ඇත!

දිනය සතියේ දිනයක් ද නො එසේ නම් සති අන්තයක් දැයි මා හට අද වන විට නිනව්වක් නැත.

මා සෙමෙන් සෙමෙන් මහරගම හෝමාගම ආදී නගර  පසු කර ගියෙමි.

කිසිවෙකු හට මා පාර අවහිර නොකලෙමි. 

මා අවිස්සාවේල්ල පසු කරණ විට  රියෙදුරෙකු වී අවසානය.

යටියන්තොට පසු කොට යන විට මා කුඩා ගියර වලට ගියර පෙට්ටිය පසු බස්සමින් වාහනයේ වේගය හා පාලනය මාගේ අණසකට නතු කොට ගෙන අවසානය!

මා හොඳ රියෙදුරෙකු ලෙස පැය ගණනාවකින් හක්බෙලාවකට සේන්දු විය!

සත්තකින්ම මාහට එය අදත් ආශ්චර්‍යයකි.

ඒ සියල්ල පසු පස ඇත්තේ කුඩා කල සිට ලංගම බස් රථවල රියැදුරන්ගේ සුරු විරු කම් පිළිබඳව තිබුණු දැඩි ආශාව හා විමසිලිමත් කම මය.

අද වන විට අපේ ඩ්‍රැයිවිං දැක; "ඩ්‍රැයිවිං අප්ශැට්!" කීවද අපිට  නම් අපි පොරවල් ය!

Thursday, January 7, 2021

188. තිස් අවුරුදු රථ මතක . . . . ! (2)

"ඕනෑම සාර්ථක රියෙදුරෙකු පසු පසම ටොකු අනින ලද තාත්තා කෙනෙකු සිටී!" 
- නීල් ආම්ස්ට්‍රොන්ග් හඳේ සිට.

තාත්තාගේ මොරිස් ජේ ටුවේ (J 2) මුල් කාලේ වර්ණය ලා කහ පැහැයය. (මේ දවස් වල "කහ"කියන එකත් හිරේ යන කේස් එකක් ය!)

බොඩිය මැදින් සුදු පැහැති ඉරක් පොල්ලේන් ගැහුවා සේ ඇඳ තිබුණි.කුඩා කල එක් වරක් බාප්පාගේ ඔඩොක්කුවේ සිට මා ඩ්‍රැයිවිං කල බවක් මට යාන්තමට මතකය. මේ කියන්නේ මා හෝඩියේ පන්තියේ වත් නොසිටි අඩ සිය වසක් පැරණි කථාවක්ය.

අපේ තාත්තාහට රියැදුරු බල පත්‍රයක් නොතිබුණු අතර කිසිදාක වාහනයක් පැදවීමට නොහැකිවිය. ඔහු පුහුණු වන කාලයේ සිදුවූ අනතුරක්: ජීවිත කාලයටම ඔහුව රියැදුරු අසුනෙන් ඈත්කර තැබීමට හේතු වී තිබුණි.

 එහෙත් අපි; වයස අවුරුදු හතර පහේ ඉඳංම  ඩ්‍රැයිවිං කල සුපිරි බුවාලාය! අපි කඩේට ගියේත් ආවේත් , ගේ වටේ ගියේත් කාර් එකෙන්මය!! "ඈං!" ගා කටෙන් සද්දේ දාගෙන ඉඳ හිට "පී...ප්! පී..ප්!! ගාමින්; මදි පාඩුවට ගියර දමමින් පාරේ දුව ඇවිදින කොල්ලන් කුරුට්ටන් එකල සුලභ දසුනකි!

මමද ඉන් එකෙක්ම විය! එය නොම්මර එකේ සිමියුලේටරයක් (Driving Simulator) විය!

කඩේට ගොස් රිවර්ස් කොට "වාහනය" නවතා; නැවත හරවාගෙන එකසිය ගානට  ඇවිත් දොරකඩ නවතූ එළම කොල්ලන් සිටි යුගයක් පසුකලෙමු!

"ඔයාගෙ ඩ්‍රැයිවිං හොඳයි! ඒත් ඔයා හොඳ ඩ්‍රැයිවර් කෙනෙක් නොවෙයි!!" කියා ප්‍රවෘථි ප්‍රකාශ නිකුත් කරණ නෝනලා මහත්වරු මේ බව නොදන්නවා ඇත!

මේවාට ආභාෂය ලැබුවේ එකල තිබුනු ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූ ලංගම බස් වල රියැදුරු ආසනයට පිටුපස පොල්ලේ වාඩි වී යමින් දැක තිබුනු රියැදුරන්ගේ සුරු විරු කම් වලින්ය!

අම්මලාට අපිව දොස්තර ඉංජිනේරුවන් කිරීමටහිතේ දහසක් බලාපොරොත්තු තිබුනද; එකල අපේ එකම ආසාව බස් ඩ්‍රැයිවර් කෙනෙකු වීමය!

ඇත්තටම අදටත් ඉඳ හිට හෝ බසයක නැගගත් අවස්ථාවක රියැදුරන්ගේ වික්‍රමයන් බැලීමට පෙලඹේ.

අද කාලයේ; උන් කරණා කියනා තක්කඩි වැඩ බලා සිටීමට පෙර; කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගොස් සිත දමනය කර ගැනීමට පුරුදු පුහුණු වී සිටිය යුතුය.

තමා පදවන වාහනය වල පල්ලටම යොමුකොට අන්තිම මොහොතේ එලියට පැන; 
තම  ජීවිතය බේරා ගන්නා තක්කඩි ඩ්‍රැයිවර්ලා මෙන්ම උපදේශකයෝද සිටිති. 
ඉහත රූපයේ දැක්වෙන්නේ එවන් අවස්ථාවක් නොවේ!

මාගේ පියා සේවය කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස කලකට පෙර බෞතීස්ම ලබූ කැලෑ දෙපාර්තමේන්තුවේය. 

තාත්තා අවසන් කාලයේ සේවය කලේ වර්කින් ප්ලෑන් (Working Plan) හෙවත් වැඩ සැළසුම් අංශයේය! තාත්තා අනුයුක්තව සේවය කලේ ලෝක බැංකුවේ ව්‍යාපෘථියකටය! එබැවින් එකල ලංකාවට ගෙන ආ ලෑන්ඩ් කෲසර්  BJ 60 කිරි කිරි ටොයියෙක් ළඟ තබා ගැනීමට තාත්තාට වාසනාවක් ලැබුනි. එය ඩිරෙක්ට් ඉම්පොර්ට් කල තිබුනේ ඕස්ත්‍රේලියාවෙනි!

ඔරී...ම ජිනල් BJ 60 යක්! 
බලන්න්කො මූනේ තියෙන සිරියාව.
"ශ්‍රියා මන්මත්වී මාගෙ - දැකලා උන්මාද වේවි හර්දේ . . . //"

මේ ගැන වරක් මම "කාර් පිස්සුවා" ගේ ලිපියකට  කොමෙන්ටුවක් ලෙස ලිව්වෙමි. ඒ මෙසේය:- 

Thattayagekolama April 28, 2017 at 1:50 PM

 "මචං මමත් එදා ඉඳන් යකඩ ලවර්. මටත් තියෙනව ඔය වගේම සුන්දර කතාවක් මගේ තාත්ත වැඩ කලේ වන සංරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ. ඒකාලෙ තාත්තට දීල තිබුනා මරු ජීප් එකක් (ජීප් කිව්වට ඒක "ජීප්" එකක් නෙවෙයි ලැන්ඩ් කෲසර් බීජේ 60 එකක්). තාත්තා නැති උනත් මට ඒ වාහනයේ නොම්මරෙ පවා යාන්තම්  මතකයි 31-8881 හරි 31-8889 හරි.ඊට අවුරුදු 30-40 කට පස්සේ මම ඒ වාහනේ දැක්කා. අනේ ඒකට වෙන බොඩියක් තියලා. හැබැයි වෙනස මම දැක්ක විදියට අලුත් බොඩිය හයි රූෆ් එකක්. . . . . . . . !

-තට්ටයා..." 

(මෙසේ දිගට ලියා තිබූ කොමෙන්ටුව අදටත් "කාර් පිස්සුවා" දැක නැති ලෙසකි)!

තාත්තාට ආණ්ඩුවෙන් දී තිබූ විලීස් ජීපයට ආසන්න වශයෙන් සමාන රථයක්. 
ඒත් ඒ රථය මේ වාගේ  රෙද්ද කඩාගෙන විළි සංගෙ නැතිව ගම පුරා දඩාවතේ දිව්ව එකක් නොව; හොඳින් කැන්වස් රෙද්දක් හැඳගත් ලැජ්ජා බයට හැදුනු එකකි!


අදටත් බොහෝ අය "දරු කමට" හදා ගන්නට කැමති මිට්සුබිෂි  J 44 ජීප් රිය. 
දනෝ මෙය එන්ජින් මොඩලයෙන් 4DR5 ලෙස හඳු වති!

ඊට පෙර ඔහුට; දෙපාර්තමේන්තුවෙන් ලබා තිබුනේ 6ශ්‍රී විලීස් ජීප් රියක්; 13 ශ්‍රී ලෑන්ඩ් රොවර් සීරිස් 3 / 88 හාර්ඩ් ටොප් කොටයක් හා 31ශ්‍රී Mitsubishi J 44 ජීප් රියක් ය. විලීස් ජීප් රියේ අමතර රෝදය සවිවී තිබුනේ පිටුපස වම් පසිනි. නිල් පැහැති එම ජීප් රියේ අමතර රෝදයට සමීපව තාත්තා හා ඔහුගේ අනෙකුත් සහෝදර සේවක මහතුන් සමග කැලෑ තුල ගමන් කිරීම පිළිබඳ ඇත්තේ සුන්දර මතකයකි.

බොහෝ විට ගිය තැන තෙල් පැල්ලමක් දෙකක් ඉතිරි කරණ, ඉඳහිට තර්ඩ් ගියරය පනින, හිම වැටෙන දිනයන් හැර අන් දින වල පැදවීමට නොහැකි පමනට ඇතුලත ගිනියම් වන, බුලත් විට කන විට; හදිසියේ  කෙල ගැසීමට බෙල්ල එළියට දමා ගැනීමට නොහැකි වුවද - අදත් එකසේ ආදරය දිනාගත් රථය!  

Land Rover Series III

ලෑන්ඩ් රෝවර් රිය අළු පාටට හුරු කොල පැහැයකි.

එහි ඉදිරිපස දොරවල් වල පහත ඇති තහඩු කොටසේ හරි මැද සවිකොට තිබුනු එම්බෝස් කරණලද කුඩා ඝන ලෝහමය පලකයක; එය බ්‍රිතාන්‍යයෙන් ලබා දුන් තිළිණයක් බව; ඉංග්‍රීසි බසින් ලියා තිබුනි.

එම රථය මේවන විට වල පල්ලට ගොස් තිබුනද; පලකය කොහේ හෝ යහතින් පසුවෙනවා ඇත!

මන්ද එම පලකයේ නිමැවුම; රථයේ ඉදිරිපස ග්‍රිල් එකේ හා පසුපස රිවර්ට් මගින් සවිකොට ඇති  "Land Rover - Solihull Warwickshire England" බිත්තරයටත් වඩා එහා ගිය එකකි. (සුද්දා එසේය!)

"නාමේ නොදිරනා - කුණු කය දිරනා"

එකල තාත්තා සේවය කලේ හබරණ ගල් ඔය; හංදිය හතරැස් කොටුවේය! ඒ ආසන්නයේම වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ පැල තවානක් තිබුණි. එහි මැසි ෆර්ගියුෂන් 135 ට්‍රැක්ටරයක් තිබුණි.

වයසට ගියත් හවසට ගෙදර! 
කවදාවත් නම සවුත්තු කර නොගත්; කාට වත් පදිරි නොවුනු එළම බුවෙක්! 
"මඩ සෝදාගත් කල ටවුමට යෑමට පවා සුදුසුය!" -  හිඟුරක්ගොඩ රොබර්ට් අයියා.

මා යම් පමණකට රෝද හතරක් පාරේ කෙලින් ගෙනියන්නට පුරුද්දක් පුහුණුවක් ලැබූවේ ට්‍රේලරය සමග රෝද හයක් තිබුණු එම ට්‍රැක්ටරයෙන්ය.

එකල මා පාසලේ අටේ පංතියේ පමණ වන්නට ඇත.

ට්‍රැක්ටරයේ රියැදුරු අසුන මාහට පූජා කොට එහි රියැදුරු මඩ් ගාඩයට බර දී ගමන් ගත්තේය.

බොහෝ ට්‍රැක්ටර වල මෙන් මැසියේද ත්වරණකය; තේරෙණ හිංගලෙන් කියනවා නම් ඇක්සලරේටරය තිබෙන්නේ ලීවරයක් ලෙසය. පයින් පෑගීමටද ඇක්සලරේටර පැඩලයක් තිබුනද ලීවරයෙන් එන්ජිම එක් වේගයකට හික්මවා ගත් විට එය පැදවීම කිරි කජු වැඩක්ය.

ඉදිරි පස රෝද දෙක පෙනීම බෝනස්ය!

අගනුවර සිට පාසල් නිවාඩුවට හතරැස් කොටුවේ තාත්තාගේ නිළ නිවස්නය වෙත ගාල් වන මා හට සතියකට වරක් දෙවරක් ට්‍රැක්ටරය පැද වීමට පොට්ටෙ චාන්ස් එකක් වදින්නේය!

තාත්තාගේ නිත්‍ය ඩ්‍රැයිවර් උන්නැහැ වූයේ රුවන් වැල්ලේ වැන්දල ජීවත් වූ චන්දරේය.

ඔහු එක් වරක් MItsubishi ජීප් රිය පැදවීමට මාහට අවස්ථාව ලබා දී ඇත.

තාත්තාගේ ජීප් රිය හෝ ලෑන්ඩ් කෲසරය ඔහු පාවිච්චි කලේ සතියේ දින පහේ පමණි. සෑම සතියකම සිකුරාදා හවසට තාත්තාව නිවස්නයට ගෙනැවිත් බස්සන "චන්දරේ" තාත්තා සමගින්ම තේ වතුර කෝප්පයක් බී අවසානයේ නැගිට  විමසන සුපුරුදු පැණයක් ඇත. "සර්! මම එහෙනං ගෙදර ගිහිං සඳුදා උදේම එන්නං!  වාහනේ . . . . . .?"

"ආ ඒක තමුසෙ ගෙනියනවා! හැබැයි පුතෝ පරිස්සමෙන්."

චන්දරේ කුරුල්ලා සේ වාහනය රැගෙන පිටව යයි.

 සති අන්තයේ චන්දරේ ගේ අඹුදරුවන් එයින් ප්‍ර යෝජන ලබනවා ඇත!

අප සුපුරුදු පරිදි සති අන්තය වෙනදා ලෙසම ලංගමේ පිහිට ලැබුවෝය! 

පොසොන් එකේ වෙසක් කූඩු!


දෙපාර්තමේන්තුවේ වාහනයෙන් තාත්තා පෞද්ගලික ගමනක් ගොස් ඇත්තේ එකම එක වතාවක් බව එකල අපේ අම්මා නිහතමාණී ආඩම්බරයෙන් යුතුව පවසනවා මාහට මතකය! ඒ එක් පොසොන් දිනයක රාත්‍රියේ; ගෙදර උදවිය සමග පොලොන්නරුවේ "පොසොන් බැලීමට" ගිය ගමනකි!

නමුත් මෙම සිද්ධියේ අභ්‍යන්තරයට ගොස් බැලූ විට "සත්‍ය" එයම නොවේ! එකල තාත්තාගේ ආසන්න ඉහල නිළධරුවා වූයේ ලෝක බැංකුවෙන් මෙරට පත්කොට එවා තිබූ වැන්ක්‍යුලන්බර්ග් නමැති විදේශික මහතාහට (හෝ බ්ලැකට් / මෙම මහත්වරුන් දෙදෙනා කවුරුන්දැයි මා හට නියමිතව මතක නැත!)  පොලොන්නරුවේ පොසොන් අසිරිය පෙන්වීම සඳහා එම ගමන තාත්තා සංවිධානය කල එකකි! 

අපේ ගෙදර හුදී ජනයාහට ලැබී ඇත්තේ හුදෙක් පොට්ට චාන්ස් එකක් පමණි! කරුමෙක මහත - මා හට එම ගමනට සහභාගී වන්නට නොහැකි විය! එමගමනේ වඩාත් අසිරිමත් සිදුවීම වී ඇත්තේ; දන්සැලකින්; බඩ පුරා කා අවසන; එම විදේශික මහතා එයට මුදල් ගෙවීමට යාමය!  

ඔහු අපරටේ මිනිසුන් ගේ ත්‍යාගශීලී භාවය පිළිබන්ඳව විප්ෂිප්ත වූවේලු!

ඉන්පසු මෝටර් රියක් කියා රෝද හතරක් මිළදී ගත්තේ අපේ අයියාය.

"අහිංසක!"

ඒ පැරණි ෆියට් 1100 රථයකි.

එය කළු පැහැති හුරු බුහුටි එකකි.


"ඇර දොරලා!"

එම රථයේ ඉදිරිපස දොර අරින්නට තිබුනේ; ආ පිට ඉදිරිපස කෙළවරෙණි. මෙම ලක්ෂණය පර්ජෝ 203 රථයේද තිබුණි.  එකල බොහෝ අය පර්ජෝ රථය හැඳින්වූයේ පියුජුවෙට් යන නමිනි. මන්ද එම රථයේ නාම පුවරුව ලියා තිබුනේ Peugeot කියාය. එය ප්‍රංශ වචනයකි. ප්‍රංශ බසින් පර්ජෝ ලියන්නේ එහෙමලු!

එකල සුපිරි වන්ඩියක්!

"අත පය අඹරවා ගෙන!"

මෙම රතය එක් වරක් කිලෝමීටර දෙක තුනක් එලවීමට හෙවත් පැදවීමට මාහට එක් අවස්ථාවක් ලැබුණි.

ඒ අයියාගේ ගෙදර ගිය අවස්ථාවකදී කදුරුවෙල පාලු පාරකදීය!

එහිදී අයියා මාහට දුන් අවවාද කිහිපයක් මාහට තවමත් මතක තිබේ.

"වාහනේ පාර මැද්දේ ගෙනියන්න හදන්න එපා! මල්ලි පාර මැද්දේ යන්න! එතකොට වාහනේ නිකංම පාරේ හරි විදියට එයි! ඒ ඔහුගේ පුහුණු කරු ඔහුට කියා දුන් කෙරේමේය!

"පුළුවන් තරම් තනි අතින් ඩ්‍රයිව් කරණ්න බලන්න! එතකොට ගියර් දානකොට ස්ටියරිං එක එහේ මෙහේ කැපෙන්න බලන එක වෙන්නේ නෑ!"

වම් අත ගියර ලීවරය මතය. එකල සිට අදටත්; බ්‍රේක් කඳුලක් නැති වාහන ගියරයෙන් ආම්බාන් කරගෙන එළවීමේ රහස එයමය!

අදටත් මා නොදැනුවත්ම; බොහෝ වේලාවට තනි අතින් වාහනය පැදවෙයි. එය මතක් වෙන්නේ දකුණු අත උරහිස රිදෙන්නට ගත්විටය! හැකි හැම විටෙකම මතක් කරමින් අත් දෙකම සුක්කානම මත තබා ගැනීමට උත්සාහ කරමින්ය!



Tuesday, December 22, 2020

187. තිස් අවුරුදු රථ මතක . . . . ! (1)

 

                       

   
මොරිස් ජේ 2 වක් 

ජීවිතේ ගත කරණකොට කාලෙන් කාලෙට සෙට් වෙනවා එක එක විදියේ ප්‍රොජෙක්ට්ස් හෙවත් ව්‍යාපෘථි. 
ඇත්තම කිව්වොත් මේවා Pet Projects ය!
(Wiktionary. pet project(Noun) A project, activity or goal pursued as a personal favorite, rather than because it is generally accepted as necessary or important)

ජීවත් වීමට හීන අවශ්‍ය වෙනවා මෙන්ම  ජීවත් විම යනු හීන හඹා යෑම කියලයි මට නම් හිතෙන්නේ.

පහුගිය කාලෙට එපිටින් කාලයක් බ්ලොග් ලෝකයෙන් ඈත්ව ඉන්නට වුනේ අපේ Teepee the Campsite හෙවත් කඳවුරු බිමේ වැඩකටයුතු නිසා. ඒක වෙනමම ලියන්න ඕන කථාවක්. මෙතන්දි "අපේ" කිව්වේ මගේත් මගේ මිත්‍රයා පසිඳුත් එක්ව මේ වැඩේ කරණා බැවින්!

මේ දවස් වල කර ගහගෙන ඉන්න ව්‍යාපෘථිය ඊට වෙනස් එකක්.

ඒ පරණ වාහනයක් ජව ගැන්වීම!

මට හිතුනා මේ ගැන ලියා තියන්න ඕන කියලා.

නමුත් ඒ මේ අභිනව වාහනය ගැන පමනක් නොවේ.

මගේ ජීවිතයට සහ සම්බන්ධ වූ සියළුම වාහන පට්ටල් කරගෙන පොඩි කථා වැලක්. (නිකං රෙදි වැලක් වගේ!)

මෙකට හොඳ නමකුත් ඕනේ.

නොරථ රථ! ඔව් ඒක හොඳයි වගේ. පස්සේ හිතුනොත් මාරු කරමු!

මා දන්නා කාලේ පටන් අපේ තාත්තාට "අයිති" වාහනයක් තිබුනේය. ඉහත වැකිය තුල "අයිති" යන විශෙෂණය යෙදුවේ; එහි අයිතිය නමට අපේ තාත්තාට වුවද පාවිච්චි කලේ බාප්පා විසින් වීමය!

මීට වසර 50 කට පමණ පෙර ලංකාවේ හැම නගරයකම පාහේ කුඩා මාර්ග පද්ධතිය ආවරණය කලේ කුඩා වෑන්, ලොරි භාග මගිනි.

මහා බ්‍රිරිතානිය ලෝකයේ කෙලි කාරයා වූ ඒ කාලේ ඔස්ටින්, මොරිස්, කොමර්, ෆාගෝ වැනි වාහන මෙම මාර්ග පද්ධති අයිති කරගෙන තිබූ අතර ෆෝර්ඩ්, ශෙවර්ලේ හෙවත් චවලට් වාහනද රටේ හැම නගරයකම පැවතුනි.

බොහෝ වහන වල පිටුපස පැවතියේ ලොරි බොඩියකි.

යටියන්තොට නගරයටද මෙය වෙනසක් නොවීය.

එම නගරය අරක් ගත් කුඩා ඔස්ටින් හා මොරිස් වෑන් රථ දෙකක්, කැනඩා ෆෝඩ් ලොරියක්. චවලට් ; ලොරි බොඩි ගැසූ කුඩා ලොරි භාගයක් නිතර නගරයේ දක්නට ලැබුනි.

එම වාහන යටියන්තොට සිට කරවනැල්ල, පූනුගල, බෙරන්නාව, සී පෝත් වැනි කුඩා නගර ගම් දනව් කරා ධාවනය වුනි.

යටියන්තොට හා කරවනැල්ල අතර දිවුනු  "වාසනා" ලොරි පොඩ්ඩ සකසා තිබුනේ විශාල කාරයක පසුපසට ලොරි බොඩියක් ගැසීමෙනි. මේ රථය ගැන විවිධ කථා එකල පැතිරුණි. ඉන් එක් කථාවක් වූයේ මෙම රථයේ පෙර අයිතිකරුවා එම කාරය මිලදී ගැනීමට පෙර එහි  මල සිරුරක් ගෙන ගොස් ඇති අතර එයින් පසුව එම රථය රාත්‍රී කාලයේදී ධාවනය කරණා විට පසුපස ආසනයේ සිට ඉදිරි ආසනයට එන්නට උත්සාහ කරණා විශාල මිනිසෙකු දක්නට ලැබෙන බවය! අවසානයේදී මෙම කාරයේ පසු පස කොටස ඉවත් කොට එය ලොරියක් බවට පත් කලේලු!

මේ කථාව මම මගේ මිතුරන් පිරිසකට කී පසු ඔවුන් කීවේ "ඒක තමයි උඹත් ලොරි පොඩ්ඩෝම ගන්නේ!' කියාය! කුමන කථාද ඉතිං!?!?!?!?

යටියන්තොට නගරයේ පැවති කුඩා ඔස්ටින් හා මොරිස් වාහන දෙකේ අයිතිය තිබුනේ පරුස්සැල්ල පාරේ ඉම්පීරියල් සිනමා ශාලාව අසල තිබුනු "කම්මලේ"  ගෙදරටය.

මෙම වාහන දෙක ම J 2 වර්ගයේ වාහන වූ අතර අපගේ බාප්පාගේ මැදිහත්වීමෙන් මොරිස්  J 2 වාහනයට අපේ තාත්තා බෙල්ල තියන ලද්දේය!

එම වාහනය මිළදී ගැනීමෙන් අපගේ හත්මුතු පරම්පරාවට සිදුවූ එකම සුගතිය' බාප්පා; ඉන්දු ඇන්ටීට කරගැසීම පමණක් බව අම්මා නිතර කියණු මට ඇසී ඇත!

වාහනය සඳහා සිදු කෙරෙණ සියළුම වියදම් තාත්තා විසින් දරනු ලැබූ අතර එහි අදායම බාප්පා විසින් වග කියනු ලැබීය.

කොටින්ම බාප්පාට රස්සාවක් සැපයීම; තාත්තා එම වාහනය මිළදී ගැනීමෙන් බලා පොරොත්තු වූ අල්ටිමේට් ටාර්ගට් එක වුනේදැයි මා හට සිතේ!

පෝස්ටුව පටන් ගන්නා තැන නමෝ විත්තියෙන් එල්ලා ඇත්තේ එම මාදිලියේ වාහනයක පිංතුරයකි.

මෙම වාහනයේ එන්ජිම තිබුනේ රියැදුරු අසුනත් වම්පස පැසෙන්ජර් අසුනත් අතර මුනින් නවා තිබූ බන්දේසියක් වන් පියන යටය.

එම පියන ඇර බැලීම හෝ එය රින ලද මොහොතක එයට එබී බැලීම කුඩා මගේ පමණක් නොව ලොකු කුඩා බොහෝ දෙනාගේ සතුටට හේතු භූත වූ කරුණකි.

ඒ එකල මෙවැනි යන්ත්‍රෝපකරණ සුලභ නොවූ අවදියක් වූ බැවිණි.

එන්ජිමේ මුදුන හෙවත් රොකර් ආම් කවරය තද කොල පැහැයෙන් දිළිසුණි!

එන්ජිමේ පසෙකින් සවිකොට තිබූ කිරි පැහැති ස්පාර්කින් ප්ලග් හතරට කුණු ලේ පැහැති වයර හතරක් සවිවී තිබුනි.

එම වයර හතර පැමිණියේ ඩැල්කො එකේ සිටය.

පරණ බාසුනෑලා ඩැල්කො කියන්නේ ඩිස්ට්‍රිබියුටරේටය. උන්නැහැලා ඇක්සලරේටරයට කියන්නේ "ගෑස් පැඩල් එක කියාය. කාබියුරේටරය ටියුන් කරණ්නේ; සීරු මාරු ඇනය "දෙමල කෙස් ගහක්" තරම් එහා මෙහා කිරීමෙනි. මේ තවතෙක් උප සංස්කෘථියකි!

ඩැල්කෝවේ මැදට; එන්ජිම පිහිටි කුටියේ පසෙකට වෙන්න බොඩියේ සවි කොට තිබුනු ඇලුමිනියං පැහැති බෝතලයක් වන් කොයිලයේ සිට කළු පැහැති වයරයක් ඇවිත් තිබුනි.

මේ සියල්ලෙන්ම එන්ජිමට ගෙන ආවේ අලංකාරයකි. නම්බුවකි. ගෞරවයකි. ආඩම්බරයකි!!!!

ගියර් ලීවරය තිබුනේ සුක්කානමට යටින්ය. තේරේන හිංගලෙන් කියනවා නම් ස්ටියරිං ගියර් ය!

අපේ තාත්තා කම්මලේ ගෙදරින් මොරිස් J 2 ව ගෙන ආ පසු එහි ඉතුරු වූයේ ඔස්ටින් J 2 වයි.

                                                                      ඔස්ටින් ජේ 2 වක්

එදාද අද මෙන්ම පෞද්ගලික වාහන වල සෙනඟ පැටවීම පොල් පැටවීමක්ම විය.

අද මෙන් කොන්ද කෙලින් තබා ගෙන යා නොහැකි කුඩා වෑන් හා ලොරි භාගා වල මිනිසුන් ගැහැනුන් විරව පට්ටං ගසාගෙන ඉවසා වැදෑරූහ.

ජේ ආර් ජයවර්ධන පාලනය සමග මෙරටට නැවතත් පෞද්ගලික බස් රථ හඳුන්වා දුන් අවධියේ නගරාන්තරව දිවුනේ මිට්සුබිෂි රෝසා, ටොයෝටා කෝස්ටර්, නිසාන් සිවිලියන් බස් රථය.

දෙයියංගෙ පිහිටෙන් ඒවාද ෆ්ලැට් රූෆ් විය.

කොළඹ ත්‍රීකුණාමළය දිවුනු ඊස්ටර්න් ටුවර්ස් හි ඉසූසූ ජර්නි කේ ලොකු බස් රථය හැරුණු විට අනෙක්වා රෝසා බස් විය!

මෙම  ඉසූසූ ජර්නි කේ හා මිට්සුබිෂි ෆූසෝ බස් රථ වලද වහලය තිබුනේ තරමක පහතින් වූ බැවින් හිටගෙන යන්නට වූයේ; රියැදුරුට ඉහළින් වමට බරව සවිකොට තිබූ සිටිසන් ඔරලෝසුව දෙස බෙල්ල නවාගෙන බලාගෙනය.

 අපගේ වෑන් රියේ ආසන පහසුකම් සකසා තිබුනේ රියැදුරු හැර 8 දෙනෙකුටය. වරක් එම රථයේ අධික ලෙස මගීන් පටවාගෙන යාම  සඳහා අවිස්සාවේල්ල උසාවියේ නඩුවක් වැටිනි.

නඩුව නිෂ්ප්‍රභාවූයේ අපගේ නීතීඥ්ඥ මහතා ගෙන හැර පෙන්වූ කරුණක් හේතුවෙන්ය.

"ස්වාමීනී එංගලන්තයෙන් මගීන් අටදෙනෙකුගේ සීමාවකට සකසා එවන ලද මේ 3ශ්‍රී3296 රථයේ මිනිසුන් 22 කු සිටි බවට පොලීසිය කරණු ලබන පැමිණිල්ල විශ්වාස කල හැකිද?"

හිතා ගන්නකෝ පටවන ලද පැටවිල්ල!

මෙම රථයේ ඉදිරි පස සමන්විත වූයේ I අක්ෂරයේ පරිදි හරස්කඩවූ බීම් ඇක්සලයකි. දිනක් බාප්පා අපගේ නිවසට පැමිණියේ මෙම ඇක්සලය කර ගසා ගෙනය.


බීම් ඇක්සලය

එය දෙකට මැද්දෙන් ඉරිතලා තිබුණි.

දුනු කැඩීමේ සීමාවක් නොවීය.

අවසානයේ තාත්තා මෙය විකුණා දැමීමට තීරණය කලේය. ඒ එයට  ගෙඩි රුපියල් 35000/= ඔෆරයක් ලැබීමත් සමගය.

එහෙත් බාප්පා එයට හරස් විය.

තවත් කාලයක් ගතවීමෙන් පසු එය  විකුණා දැමීමට බාප්පා එකඟ කර ගැනීමට තාත්තාට හැකිවිය.

අවසානයේ තාත්තා මහත් වැර වෑයමෙන් වෑන් රිය විකුණා දැම්මේය.

ඒ රුපියල් 17500/= කටය!

ඒ අපේ තාත්තාගේ අවසන් වාහන අයිතිය විය!

Sunday, November 15, 2020

186. පස් වන ඇන් ඇක්සිඩන්ට් එක!

හොරා වගේ . . !

මට හරියට දිනේ මතක නෑ. බලමු හොයා ගන්න පුළුවන් උනොත් පස්සෙං පහු හරි ලියා තියන්නම්.

මම කියන ඔය කාලේ  අධිවේගී මාර්ගය ක්‍රියාත්මක උනේ කඩුවෙලට පමණයි. ඒත් කඩවතට වෙන තුරු පාර හදාලා ඉවරයි.

ඉතිං මමයි මගේ අපාය සහයක මිත්‍ර තෙශාන්තයි හවහක ගජයක් ගහන කොට ඉබේටම ආවා අදහසක් අධිවේගී මාර්ගයේ  නැතිනම් හයිවේ එකේ සයිකල් පදින්න!

ඕනෑම දහපත් දුරා වැඩකට  මුලින්ම කියවෙන නම් වලට පරසිද්ධ අපි දෙදෙනාම වැඩේ පටන් ගන්න පහුවෙනිදාම දා ගත්තා.

තෙශා ආවාම අපි දෙන්නා හීන් සීරුවේ සයිකල් දෙකත් පැදගෙන හයිවේ ගේට්ටුව පැත්තට ආවා.

ගේට්ටුව වසා තිබුනේ මාර්ග බාධකයක් විදියට යකඩ පයිප්පයක්  බැරල් දෙකක් උඩ හරස් කරලා. ඒ වුනාට ඕනෙකමක් තියේ නම් පැත්තකින් මාර්ගයට අවතීර්ණ වෙන්න පොඩි ඉඩක් තියලයි ඒ ඇටවුම තනා තිබුනේ.

ගේට්ටුවේ මුරට; ඒ කාලේ හිටියේ සිකුරිටිලා දෙදෙනෙකුයි පොලිස් රාළහාමි කෙනෙකුයි විතරයි. ඔය කාලේ හයිවේ එකේ; කඩුවෙල ඉඳන් කඩවත දිහාට ආවේ ගියේ; වැඩේ කොන්ත්‍රාත්තුව අරන් හිටිය ලොකු කුඩා කොන්තරක්කාරයන්ගේ වාහනයි ඒවායේ එහාට මෙහාට ගිය සිවිල් ඉංජිනේරුවොයි මේසන් බාසුන්නැහැලයි වගේ වැඩේට ඇරුණු පිරිස විතරමයි.

හවස 6.00 - 7.00 වෙන කොට මේ උදවියත් එහාට මෙහා වෙලා පාර තනිකරම පාළුවට යනවා.

අපි පාරට අරක් ගත්තේ ඔන්න ඔය වෙලාවට!

අපි සයිකල් දෙකත් පැදගෙන හීන් සීරුවේ අයින දිගේ ඇවිත් බැරල් වැට අයිනෙන් දාගෙන හයිවේ එකට ඇන්ටර් උනා!

ගේට්ටුවේ මුරට හිටපු එකා දෙන්නටත් වැඩිය නෝන්ඩි නොවීම අපිට හීන් සීරුවේ සුරූස් ගාල ලුහුටලා යන්න පුළුවන් කම ලැබුනා.

ඒ වෙන කොට හයිවේ එක හෙවත් කොළඹ පිටත වට රවුම් මාර්ගය කඩවත තෙක් සම්පූර්ණයෙන්ම වාගේ හදලා ඉවර වෙලා තිබුනේ.

අපි හිතේ හැටියට කාපට් ඇතිරූ මාර්ගයේ පැදගෙන ගියා.

අඩුපාඩුවකට කියලා තිබුනේ මාර්ගය ඒකා ලෝක කර නොතිබීම පමණයි.

කොටින්ම අපි පැද්දේ ඇට පල් කළුවරේ!

මේ කථාව කියනා කාලේ එකසිය ගානට පායනවා!

ඒනිසාම තරු රටා අහස පුරා!

තරු තියෙන රාත්‍රියේ මහ පාරවල ගමන් ගන්නා විට කෙලින්ම පාර දිහා නොබලා තරමක ආනතයකින් ඒ කියන්නේ අංශක 5 ක විතර කෝණයකින් ඉහල බලා යනවිට පාර යාන්තමින්; තරු එළියෙන් පෙනෙන බව මම අත්දැකීමෙන්ම දන්නවා.

ඉතින් අපි දෙන්නත් තරු එළියේ උඩ බිම සමසේ බලමින් කයිය කෙළමින්  කඩුවෙලට සයිකලේ පැද්දා.

මේක පුරුද්දක් උනා. 

හැම දිනෙකම වාගේ මමත් තෙශාන්තත් සයිකල් පැදීම කරගෙන ගියා.

මම මේ ගමන ගියේ; මගේ ස්කොට් - විශ්වාසවන්ත ගමන් සගයා සමගින්.

තෙශාන්ත ආවේ එයාගේ තාත්තාගේ ස්ටෑන්ඩර්ඩ් සයිකලයෙන්.

තරු එළියට අමතරව මාර්ගය දෙපස ඉවුර මතුපිට තිබුණු උස් නිවෙස් වල විදුලි එළියත් පාරේ තැනින් තැන යාන්තම් සෙවනැළි අන්දා.

කඩවත සිට කඩුවෙල තෙක්ම අධිවේගී මාර්ගය දිවුනේ කනුමත.

පාර දෙපස සිමෙන්ති බැම්ම.

සමහර තැන්වල වම් පස පමනක් සිමෙන්ති බැම්ම.

දකුණු පස යකඩ වැට.

යන්තමින් එළිය වැටෙන තැන් වල ඈතට දිවෙන මාරගය යාන්තමින් පෙනුනා.

මේ විදියට සයිකල් පැදීම සතියක් දෙකක් කරගෙන යන විට දිනක් ගේට්ටුවෙන් ඇතුළු වෙන තැනින් අප දෙදෙනාව නතර කර ගත්තා.

"මේ කොහෙද මේ යන්නේ . . . .?"

"සයිකල් පදින්න . . . . . ?" අපි ඇද ඇද උත්තර දුන්නා.

"මොකක්!? සයිකල් පදින්න!? හයිවේ එකට සයිකලයක් ඇතුළු කිරීමම හිරේ යන කේස් එකක් නේ?"

"තාම ඇරලා නෑනේ!?" අපි නිදහසට කාරණා කීවා!

"එතකොට අපි නඩුව දාන්නේ අනවසරයෙන් ඇතුළු වීමට!"

කරපු වැඩේ වැරදි විත්තිය අපිම දන්නවා නේ. අපි ආපහු හරවාගෙන දුකසේ එළියට ආවා.

" මචං! හයිවේ ඒකට දාන්න වේන තැනක් ඇත්තෙම නැද්ද?" මම තෙශාගෙන් ඇහුවා.

"බලමුද ගල්වල හංදියෙන්?"

අපි කඩවත ඉඳන් මාවරමණ්ඩියට පැමිණ එතැනින් ගල්වල හංදියට පැමිණ වට පිට ඉව අල්ලන්නට විමු.

දකුණු පසට දිවෙන දැල් වැට අයින දිගේ ඇති ගුරු පාර දිගේ අප සයිකල් තල්ලු කරගෙන ගියෙමු.

පාරේ පහලට වෙන්නට දැල් වැටට උඩින් ඇතුලට පැනීමට සුදුසු ස්ථානයක් මගේ ගණ දෙවි නුවණට ඇස ගැටුනි.

පලමුව සයිකලය ඔසවා වැට ඇතුලෙන් තබා එතැන තිබුනු කනුවක ආධාරයෙන් හයිවේ සීමාව ඇතුලට පැන්නෙමු.

එතැන් පටන් අප නැවතත් පුරුදු පරිදි සයිකල් පැදීම කරගෙන යන්නට පටන් ගත්තෙමු.

මෙසේ සයිකල් පදිමින් සිටිනාතරතුර දිනක් තෙශා හට; තම ඔපීසියේ වැඩ හරස් වී එන්නට නොහැකිවිය.

සහන් කසීරට ලිවීම සේ මාහට පැදීමය!

මම තනිව වැටෙන් පැන සයිකලය පැදීම කලෙමි.

තෙශාගේ සයිකල් පැදීම ඔහුගේ ඔපීසියේ වැඩවලට අනුලෝමව සමානුපාතික විය.

ඒ නිසාම මා තනිව සයිකල් පැදීමට හුරුවිමි.

සෑම දෙනකම පාහේ රාත්‍රී 7.00 පසුවූ විට සයිකලය ගෙන වැට පැන්නෙමි!


ඈතට දිවුනු මාර්ගයේ දිවාකල එහා මෙහා දිවුනු සේවා රථ වලට කිසිදු වේග සීමාවක් නොවීය.

ඒනිසාම ඒවා පැදවූවෝ ඉගිල්ලුනි.

මෙසේ ඉගිල්ලීම නැවත්වීම සඳහා පසු කාලෙකදී අතරින් පතරින් කිලෝමීටරයකට එකක් පමණ වනසේ මාර්ග බාධක යොදා තිබුනි.

එය සාදා තිබුනේ අඟල් හතරක පහක පමණ ඝනකමට සිටින සේ  අඩියේ අඩියේ පමණ දිග පළල කින් සමන්විතව සාදන ලද කොන්ක්‍රීට් කුට්ටියක් මත සිටුවන ලද; අඩි තුනක පමණ උණ බම්බු කෑල්ලක් සිටුවා සාදන ලද කණු කිහිපයක් මාරගය හරහා තබා ඒවා හරහා කහ කලු ඉරි වැටුණු ඉටිරෙදි පටි ඇදය.

මෙවන් වැටවල් දෙකක් එකිනෙක ප්‍රථි විරුද්ධ ලෙස තැබීමෙන් වේගයෙන් පැමිණෙන වාහන වැට වල් දෙක අතරින්; ඉංග්‍රීසි හෝඩියේ  S අකුරේ ආකාරයට සෙමෙන් ගමන් කොට; වැට සෑදූ එකාගේ මෑණියන් සිහිකරමින් ගමන් කරයි.

ඉංගිරිසි හෝඩිය උගන්වන වෙලාවේ පංතිය කට් කරපු එකාට අබ සරණය!

දිනක් මා සයිකලය ගෙන පුරුදු පරිදි මාවරමණ්ඩියේ ගල්වල හංදියේ අඳුරු තැනකින් දැල් වැටට උඩින් හයිවේ එකට පතිත වී සයිකල් පැදීම පටන් ගතිමි.

එදින තරමක උනුසුම් දිනයකි. 

පසලොස්වකට දින දෙක තුනක් තිබුණි.

අහසේ අම්බිලි මාමා යන්තමින් පෙනී නොපෙනීය.

සයිකලය එක සීරුවට කඩුවෙල බලා පැද්දෙමි.

කෙළගෙන යාම . . !

කඩුවෙලින් හරවන විට සිරුර හොඳින් උනුසුම්ව  තිබුනි.

කඩුවෙලින් හරවා එන ගමනේදී සයිකලය පදිනතරතුරම; එතෙක් උඩු කය වසා සිටි ටී ෂර්ටය ගලවා ඉනේ ගැට ගසා ගතිමි.

සිසිල් සුළඟින් ඇඟම සුවපත් වේ.

යාන්තමින් සඳ එළිය වැටී ඇත.

වළා කුළු විටෙන් විට සඳ එළිය වසා ගෙන ගලා ගියද විටෙන් විට මාර්ගය සඳ දියෙන් නැහැවෙමින්ය.

මා කඩුවෙලින් හැරී කිලෝ මීටර තුනක් පමණ පැද එන්නට ඇත.

සඳ අඳුරු වළා කුළකින් වැසී ගියේය.

මාර්ගය වම් පසට හැරී ගොස්ය.

අඳුරට හුරුවන තෙක් මාර්ගය ඇසින් ඇල්ලිය නොහැක.

ඇස් හිරිවැටී ගොස්ය.

සයිකලයේ වේගය එලෙසින්මය.

ගමන එකසේ වේගවත්ය.

                                                                   ගමනක අවසානය . . !

එක වරම සයිකලය කුමක හෝ ගැටී මා ගුවන් ගත් උනෙමි!

මා අඩි කිහිපයක් උඩින් පතිත වත්ම හිස නැවී දෙ අත් හිසත් බෙල්ලත් ආවරණය වනසේ ඇදී ගොස්ය.

මම බිමට පතිතවී  මිලි තත්පර ගනනකට පසු සයිකලය; කොන්ක්‍රීට් කණු මත ඇදෙන; කොන්ක්‍රීට් වලින්ම නිමකොට කාපට් ඇතිරූ පාර මත ඇද වැටුනි.

මා  මද වේලාවක් එම ඉරියව්වෙන්ම ඉඳ පලමුව අත  පය හා මුහුණ හිස ආදී එකී නොකී  මෙකී සියළු අවශ්‍ය අනවශ්‍ය හා අත්‍යවශ්‍ය අංගෝපාංග තිබුනු තැන්වලම තිබේදැයි සැක හැර දැන ගතිමි.

දන හිස, වැල මිට වැනි ඕනෑම සීන් එකකදී මුලින්ම තුවාල කරගන්නා උපාංගවල තීන්ත හීරී මීට පෙර යොදා තිබුනු කැට්ලොයි, පොටි මතුවී තිබුනාට බොඩිය ටින්කර් කිරීමේ අවධානමක් නොතිබෙන බව; මදකින් මාහට සැක හැර දැනුනි.

සෙමෙන් සෙමෙන් වැටී සිටිය තැනින් නැගිට ; එතෙක්  ඇඟ වටා එතී තිබුණු 

මාර්ග බාදක සඳහා යොදාගෙන තිබුනු හැසාර්ඩ් ඉටි රෙදි පටිය ඈත් මෑත් කොට හාත් පසට ඉව ඇල්ලුවේ සයිකලය ගැටුනේ කුමකදැයි කියා සැක හැර දැන ගැනීමටය.

පසෙක වැටී තිබුනු උන බම්බු රැඳි අඟල්  හතරක් ඝනැති අඩියේ අඩියේ කොන්ක්‍රීට් කුට්ටිය මගේ සැකය දුරු කලේය.

වේගයෙන් පැමිණි සයිකලය එක වරම ගැටී ඇත්තේ කොන්ක්‍රීට් කුට්ටියේය!

මම ඊළඟට මා සමග පැමිණි ගමන් සගයා ස්කොට් සයිකලය නැගිටුවා ගත්තෙමි.

සයිකලය ආභාධයක් නොපෙන්වමින්නැගිට ගත්තේය.

මා එහි හැඬලයෙන් ඔසවා ඉදිරිපස රෝදය කරක්කෙවේය.

එය මුරුක්කු කන හඬින් අපිට ඕනෑවට මෙන්  වට කාලක් පමන කැරකී නැවතුනි.

රෝදය ඉදිරිපස පෝක් අත අතර අයාලේ ගියේය.

කොටින්ම රෝදය කරකැවුනේ ඩෝප් කාරයෙකුසේය.

එය බකල්වී ගොසිනි.

රෝදයෙන් මුරුක්කු කන හඬක් නැගුනේ එය ඉදිරිපස බ්‍රේක් පෑඩයේ හෙවත් බ්‍රේක් පලුවේ හිරවෙමින් ගමන් ගත් හෙයිනි.




බ්‍රේක් පද්ධතියේ වංහුං . . . . !

සයිකලයේ ඉදිරිපස  මා දෙපස බ්‍රේක් ආර්ම් දෙක මිරිකා  බ්‍රේක් කේබල් ගයිඩය බ්‍රෙක් බ්‍රිජයෙන් රූටවා ගලවා දමාගෙන හෙමින් සීරුවේ සයිකලය පැද බැලුවෙමි. 

මහා අවුලක් නැත!

ගෙදර ඒමට පුළුවන් තරමය මා කිසිවක් නොවූ ගානට ගෙදර බලා පදින්නට පටන් ගත්තෙමි.

" මාව සයිකල් පදින්න ගිහින් ඇක්සිඩන්ට් උනානේ . . . !"

"අනේ . . කොහේද ඔයා වැටුනේ . . . . ?"

"ම්මේ . . . . හයි වේ එකේ . . . . !

"හ්හෑ .ඈ . . ඈ . . .?"

පසු දිනෙක සීදූවේ සුදත් සයිකල් වෙත ගිය මා ස්පෝක් කම්බි තිස් හතරේ; තිබුනාටත් වඩා සවිමත් ඩබල් ලේයර් රිම් එකක් රැගෙන විත් කඩවත ලකී අයියාට කියා සයිකලයට අමුනා ගත්තෙමි!

හයිවේ එකක සිදුවූ එකම සයිකල් අනතුර එයද?


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...