Monday, August 2, 2021

208. පැනි බේරෙණ කොම්පැනි කථා 3

ඕනෑනම් ඕනෑම සිංහයෙකුව ළඟ නවා ගත හැක!

ලියා මග දමා ආ "හය වන ඇන් ඇක්සිඩන්ට් එක!", "ම'පුතු වසික වෙත සෙනෙහසින් හය වැන්න!", "නොරත රථ (13)!", "තාත්තා නොම්මර එක 4" වැනි බොහෝ කථා කැරළි රාශියක් තිබුනත් ඒ සියල්ල පසෙකින් තබා "පැණි බේරෙන කොම්පැනි කථා" තවත් කිහිපයක් මා ලියන්නට සිත් උනෙමි.

එයට ප්‍රධාන කාරණා දෙකකි. 

1.රසික ජන මනෝරංජනය (මෙය කරුණාරත්න අමරසිංහයන්ගෙන් මා නයට ඉල්ලාගෙන භුක්තියට සවිකර ගත් යෙදුමකි. ) 

2.මෙම සිදුවීම් මාහට ලියා තැබීමට ඇවැසි වීම අනෙකය.

යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ මා ගත කල වසර දොලහකට ආසන්න කාලයෙන් වැඩි කාලයක් මා සේවය කලේ එහි පාරිභෝගික සේවා විධායක ලෙසය. දිවයින පුරා කොළඹ, ඔරුගොඩවත්ත, නුවර, කුරුණෑගල, නුවර එළිය (පසු කලකදී මෙය වසා දමන ලදී), රත්නපුර, මාතර, යාපනය යන නගරයන්හී පිහිටා තිබුනු අප සමාගමේ වැඩහල් සියල්ල තුලින්ම අළුත්වැඩියාවන් හා සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින් එදිනෙදා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විමසා බලා කටයුතු කරණ්නට වැටුප් දී මා  පත් කොට  තිබුනි.

පාරිභෝගික සේවාව යනු හුදෙක් බොක්කෙන්ම එන්නට උවමනා අවශ්‍යතාවයකි. ආයතනයක ඉදිරි පෙල නිළධරයන්, සේවකයින් (Front Desk) හට එය උත්පත්තියෙන් ලැබිය යුතු ගුණාංගයක් හෝ උගැන්විය යුතු හා පුහුණු කල යුතු විෂයකි.

මා අදටත් පිළිගන්නා ආකාරයට ඉදිරි පෙල සේවකයකු තුල; "පැසසුමක් ලැබීමේ අභිරුචියක්, කෑදර කමක්" තිබිය යුතුමය. පැසසුමක් ලැබීමට කැමති අයෙකු සෑම විටෙකම කටයුතු කරණ්නේ එය ලබා ගැනීමටය. ඔහු එවිට තමාගෙ හැකි උපරිමයෙන් පාරිභෝගිකයා සතුටට පත් කරවීමට උත්සාහ ගනී.  එවන් අයෙකු අප පුහුණු කල යුත්තේ පාරිභෝගික සේවා ආචාර ධර්ම  සහ විශේෂයෙන්; පාරිභෝගිකයෙකු වෙතින් පැසසුමක් නොලද අවස්ථාවකදි පවා ස්ව‍යං අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කිරීමටය!
ලියනවානම්  මේ පිළිබඳව පිටු පුරා ලියා තැබිය හැකි උවත් අපි ඉක්මණින්ම කථාවට බසිමු. යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ නවක සේවකයින්  සඳහා සහ ඔටෝ මිරාජ් ආයතනයේ සේවකයින් වෙනුවෙන් කරණ ලද වැඩ මුළු වලදී මා ගෙන හැර දැක්වූ රසවත් සිදුවීම් කිහිපයක් මෙතැන් සිට කියවමු.

මිට්සුබිෂි ෆූසෝ කියන්නේ අපි ගෙනාපු සුපිරිම ට්‍රක් එක එහෙම නැත්නම් ලොරි චැසිය.
කාලය ගෙවී මේ ෆූසෝ චැසිය ඉංදියාවෙන් එන්නට පටන් ගත්තා. 
ජපානෙන් ආපු වාහන වල වගේ නෙවෙයි මේවායේ පොඩි පොඩි අඩු පාඩු නොතිබුනාම නොවේ.
`
දවසක් මම දවල්ට කාලා කාරිය නිවිහැන්හිල්ලේ ඉන්නකොට ආවා කෝල් එකක් අපේ සේල්ස් ඩිපර්ට්මන්ට් හෙවත් විකුණුම් දෙපාර්තමේන්තුවෙන්.
"මචං පොඩි සීන් එකක්! කස්ටර්මර් කෙනෙකුට මල පැනලා! ඒ මහත්තයා කුලියාපිටියේ අපේ සිරාම බුවෙක් . . .රත්නායක මහත්තයා කියලා. ඒ පැත්තේ අපිට සෑහෙන්න උදව් තියෙන කෙනෙක් . . .වාහනේ අංකය . . . . . . .  ස්ටාර්ටර් මෝටරේ රේසර් හොයා ගන්න බැරිව. . . . . . මොනවා හරි කරපං! නැත්නම් කුරුණෑගල ආයේ ෆූසෝ විකුණලා බොරු.  . . . . ඌ වෙඩි කාපු ඌර වගේ ඉන්නේ  බලාගෙන ටෝක් කරපං!"
දූර කථනයේ එහා පැත්තෙන් මට වැඩේ භාර දුන්නා.
ඔය ඕන කේස් එකක් මම භාර ගන්න කොට; අර මොහමඩ් අලී දෙනවා වගේ පොඩි කයිවාරුවකුත් මම දෙනවා ආතල් එකට! ගැම්මට!!
"හරි! හරි!! මචං!!! කොහොමද දන්නවාද නාලාගිරියා දමනය කලා වගේ කස්ටා හෙට උදේට උඹට හොටු පෙරාගෙන අඬ අඬා කෝල් එකක් දෙන්න වැඩේ කරල දෙන්නං කෝ!" මමත් මිත්‍රයාට පොර ටෝක් එකක් දීලා කස්ටර්මර්ගේ  හෙවත් මල පැනපු පාරිභෝගික භවතාගේ නමයි ටෙලිෆෝන් නොම්මරේයි ඉල්ලා ගත්තා.
ටෝක් ඉෂූ කලා වාගේම දැන් වැඩේ පටන් ගත යුතුය.
මම දූරකථනය ගෙන නොම්මර කිහිපය එබුවෙමි.
"හලෝ . . . !? අනෙක් කෙළවරින් නොහික්මුණු හඬක් නැගිනි!
"හෙලො . .මේ  රත්නායක මහත්තයාද? "
"ඔ . ඔව්! ඔව්!! මොකද . . . . .!?"
"මහත්තයා මට මේ නොම්මරෙ දුන්නේ අපේ ප්‍රධාන කාර්‍යාලයෙන්. ඔබතුමාගේ ෆූසෝ ලොරියේ ස්ටාටර් මෝටරේ . . . . . . " මට කියන්න ලැබුනේ එපමණකි.
"මේ ඔයා කථා කරණ්න එපා. තමුසෙලා ආයේ මේ පොල් ත්‍රිකෝණෙ ලොරි විකුණලා ඉවරයි කියලා  හිතාගන්නවා!"
"හරි සමා වෙන්න මහත්තයා මට තේරෙණවා මොකක් හරි අවුලක් වෙලා ඇති. පොඩ්ඩක් මට කියන්නකෝ! මොකද මට අනිවාර්‍යයෙන්ම පුළුවන් ඔබ තුමාගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න. පොඩ්ඩක් සමා වෙලා මොකද්ද  ඔබතුමා මුහුණ දුන් ගැටළුව කිව්වානං!?'
රත්නායක මහතාගේ මල නිවෙන තුරු පවන් ගැසීමෙන් අනතුරුව ඔහුගේ ගැටළුව මුළුමණින්ම මාවෙත පැවසීමට පොළඹවා ගැනීමට මාහට හැකිවිය!

සිද්ධිය සැකවින් මෙසේය:
කුලියාපිටියේ ව්‍යාපාරිකයෙකු ඔහු අප ගෙන් ෆූසෝ ලොරියක් මිලදී ගෙන ඇත.  මේ වන විට එහි වොරන්ටි කාලසීමාව ඉකුත්වී ඇති අතර එහි ස්ටාර්ටර් මෝටරයේ දෝෂයක් සඳහා ගලවා ඇති අතර ඒ සඳහා බෙයාරිං (රේසර්) අළුතින් යෙදීමට සිදුවී ඇත. නමුත් කුළියාපිටිය, කුරුණෑගල හෝ පංචිකාවත්තෙන් ඒ සඳහා නියමිත රේසර දෙක සොයා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහු ඒ පිළිබඳව විමසා ඇත්තේ  රථය විකුණූ අයගෙන්ය. ඔහු ආයතනයේ අමතර කොටස් අංශයේ අංකය පාරිභෝගිකයා වෙත ලබා දී ඇති අතර පාරිභෝගිකයා අමතර කොටස් අංශයට කථා කොට ඇත. එහිදී සිදුවූ බහින් බස් වීමක් සිද්ධියට මුල්වී ඇත.
ඔහුගේම වචනයෙන් කථාවේ අවසානය මෙසේය.
"ඔයාලගෙ හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මම ස්පෙයා පාර්ට්ස් එකේ නොම්මරේ අරණ් ඒකට කථා කරලා ස්ටාර්ටර් මෝටරේ රේසර් දෙක තියෙනවාද ඇහුවාම ඒක ඇවිත් නෑ කියලා කිව්වා. මං  ඇහුවා මොකකද ඒකට කරණ්නේ කියලා. එතකොට එතන මනුස්සයා මට කියනවා ස්ටාර්ටර් මෝටරයක් දාගන්න තමයි තියෙන්නේ කියලා. මම නිකමට වගේ ඇහුවා මෝටරේ කීයද කියලා. ආයෙ ඇද නැතිව කියනවා එකයි අසූ පහයි කියලා. යකෝ මෝටරේ රේසර් දෙක වෙනුවට එකයි අසූපහක් වියදං කරලා මෝටරේම දාගන්න බූරුවෝ ඉන්නවද කියලා අහලා ඌට හොඳ කුණු හරුප දෙකක් කියලා මම ෆෝන් එක තිබ්බා! දැං ඔයා මේක විසඳනවාද?"
"මහත්තයා මට විනාඩි 15ක් දෙන්න මම ඔබ තුමාට ආයෙ කථා කරණ්නම්. මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ! ඒකට සමා වෙන්න!  මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"
"හ්ම්ම්! හ්ම්ම්!!" නොසතුටෙන් රත්නායක මහතා ටෙලිෆෝනය විසන්ධි කලේය.

මෙවන් ගැටළුවක් විසඳීමට යාමේදී පලමුව අප ඔහුගේ තත්වයට වැටී සිතීමට පටන් ගත යුතුය. "මම ඔහු නම්!?" ඔව් මම ඔහු නම් මේ මල පැනීම අන්තිම සාධාරණය! මේ වාහනය රැගෙන මේ වන විට වසරක පමණ කාලයක් පමණක් ඉකුත්වී ඇත. ස්ටර්ටර් මෝටරයේ රේසරයක් වත් නොමැති වේ නම් අනිකුත් අමතර කොටස් පිළිබඳ කුමණ කථාද? ඔහුට එසේ සිතෙනු ඇත.
වාහන විකුණුම් අංශය පලාත්බදව පවත්වනු ලබන විකුණුම් ප්‍රවර්ධන වැඩ සටහන් වලදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන පැවැත්වීමට නොමිලේම ඉඩකඩ ලබා දී ඇත්තේද  රත්නායක මහත්මයා මය. ඔහු ඒ සමග තමාගේ ව්‍යාපාරික සගයන් කිහිප දෙනෙකු හටම තවත් රථ කිහිපයක් විකිණීම සඳහා සෘජුව මැදිහත්වී ඇත! තත්වය වඩාත් දරුණුවී ඇත්තේ එබැවිනි.
පාරිභෝගිකයකු කිසියම් අසතුටු දායක තත්වයකට මුහුණ දුන් පසු ඔහු සමග දුක් වන ඔහු සමග එක්ව කේන්ති ගන්නා අයෙකු ඔහු මිතුරෙකු කර ගන්නට පෙලඹේ. සතුරාගේ සතුරා මාගේ මිතුරාවේ යන ලොජික් එක සාමාන්‍යයෙන් පුහුදුන් සත්වයින් ක්‍රියාත්මක කරණ්නාවූ ධර්මතාවයකි. එවිට ඔහුව හැසිරවීම වඩාත් පහසු කරයි. 
"මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ!" යනුවෙන් පවසා මා ඔහු හා එක් පාර්ශ්වයකට ගොනු උනෙමි. මන්ද ආයතනය හා අසතුටෙන් අවිශ්වාසයෙන් හා කලකිරීමෙන් සිටියදී ඔහු තවදුරටත් ආයතනයේ පාර්ශ්වයේ අයෙකු සමග ගනුදෙනු කරණ්නට එකඟ නොවේ.
එසේම ඔහු තුල තමා කෙරෙහි විශ්වාසයක් ගොඩ නගා ගත යුතුය. ඒ සඳහා සෘජු පිළිතුරු සැපයිය යුතුය. සෘජු ප්‍රකාශ කල යුතුය. කාර්‍යය ඉටු කිරීම සඳහා තමා කැපවන බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය.  "මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"යනුවෙන් මා පවසන්නේ එම හැඟීම ඔහු තුල ඇති කරලීමටය. "මේ යකා නං මොනව හරි කරයි!" යන විශ්වාසය පාරිභෝගිකයා තුල ඇතිවූ සැනින් ඔහු සටන මොහොතකට නවතා ගිමන් හරී. ඒ අපට ඊළඟ පියවර ගැනීමට ඇවැසි කාලය යි.
මා වහාම පරිඝනකය ඔස්සේ වාහනයේ නොම්මරයට අදාල වාහනයේ චැසි අංකය ලියා ගතිමි.
පලමුව අමතර කොටස් අංශය වෙතින් එම අමතර කොටස පිළිබඳව සොයා බැලුවෙමි.
"නෑ අයියේ! ඒක ඕර්ඩර් කරලා තියෙන්නේ තාම ආවේ නෑ! අද උදේ එකෙක් අහලා මට කුණු හරුපෙනුත් බැනලා තිබ්බේ!!!"
 "ආ උඹද මිනිහා!" මම මටම හිතින් කියා ගනිමින් "ආ! එළ කොල්ලෝ!"කියමින් දූරකථනය විසංධි කලෙමි.
ඊළඟට ඔරුගොඩවත්ත ප්‍රධාන වැඩහලේ ට්‍රක් සහ බස් අංශයට කථා කොට බැලුවෙමි. හදිසියේ වත් ඔවුන් ලඟ ගලවා ඉවත් කල එකක් වත් ඇත්නම් අළුත් අමතර කොටස් එනතුරු පාවිච්චි කිරීමට වත් දෙන්න. එම අංශයේ සිටි සේවා උපදේශක හා ෆෝමන්වරයා කාලයක් ගෙන සොයා බලා පිළිතුරක් දුන්නේය.
"ම්හු!" ඒ පැත්ත පලාතේ නැත.
මේ වන විට රත්නායක මහතාගෙන් සමුගෙන විනාඩි 15 ට ඔන්න මෙන්නය! වහාම ඔහු ඇමතීමි. "රත්නායක මහත්තයා! මම රේසරේ හොයන ගමන්! මම විනාඩි 15න් කෝල් කරණවා කිව්ව නිසයි මම මේ කථා කලේ! මම වැඩේ ඉන්නේ. මට තව විනාඩි 15 ක් දෙන්න"
"හ්ම්ම්! හ්ම්ම්!! හරි හරි බලන්නකෝ!" රත්නායක මහතා තරමක විශ්වසණීයත්වයෙන් කථා කලේය!
ඊළඟට සෙවිය යුත්තේ වොරන්ටි දෙපාර්තමේන්තුවේය. හදිසියේවත් ආපදාවකට මාරු කල සටාටර් මෝටරයක් එම අංශයේ තිබුනුහොත් එහි රේසරය ගලවා ගත හැක. ඇමතුමක් ගත්තෙමි.
"මල්ලී පොඩි සීන්ස් එකක මේ  . . . . . . . .එකක් හොයා ගන්න පුළුවන්ද? උඹලා ගාව ගලවපු අළුත් ස්ටාටර් මෝටර් එකක් නැද්ද හොයා ගන්න!?"
"අනේ අයියේ තිබුනු ඔක්කොම ලොට් එක ඉන්ඩියා යැව්වානේ ගිය මාසේ!?"
"අම්මට සිරි දැන් මොකද කරණ්නේ? අව්ලක් නෑ පොඩි සීන් එකක් බං කුලියාපිටියේ  . . . . . . . . . . . . . . . . . . ." මම සිද්ධිය සැකවින් පවසා දූරකථනය තිබ්බෙමි.
"ඇත්තටම දැන් මොකද කරණ්නේ? කෙළියා නේද තාප්පෙටම!?" මම මගේ ආසනයේම ඇස් දෙක පියාන කල්පනා කලෙමි. රත්නායක මහතාගේ ලොරිය මේ වන විටත් කුලියාපිටියේ ගරාජයක ගලවා ඇත. මේ වන විට වේලාව දහවල් 2.15 ය. මෙතැන් සිට කුලියාපිටියට කිලෝමීටර 80ක් 90ක් ඇති. මෝටර් සයිකලයක් යන්න පැය දෙකක් වත් යයි. ස්ටාටර් මෝටරයක්  ෆිට් කරලා හයි කරණ්නත් පැය එක හමාරක් වත් යයි. ඔක්කොම පැය තුනහමාරයි. ඒ කියන්නේ දැන් හොයලා යැව්වොත් හවස හය වෙන කොට ලොරිය ගන්න පුළුවන්! තව පරක්කු උනොත් වැඩේ අවුල්!
එවිටම මාගේ දූරකථනය නාද විය. " වොරන්ටි ඩිපර්ට්මන්ට් එකෙන්!"  මම මටම කියා ගත්තෙමි.
"කොල්ලෝ මොකද බඩු තියෙනවද?"
"නෑ අයියේ බඩු නම් නෑ. ඒත් ඔය මොඩ්ල් එකේ අපි විකුණපු වාහන ඔක්කොම රී කෝල් කරලා (ආපසු කැඳවලා) ස්ටාටර් මෝටර් අළුතෙන් දැම්මා! සමහර ඒවා ආවා! සමහර ඒවා ඇවිත් තිබ්බේ නෑ. කොයි එකටත් ඔයා ඒ වාහනේ චැසි නොම්මරේ දෙන්නකෝ බලන්න අපි රී කෝල් කරලා අළුතෙන් දැම්ම එකක් ද කියලා බලන්න!"
"අම්මට සිරි ඒහෙමත් එකකද? ආ ලියා ගනිං  . . . . . . . . . . . . . . .. . . . . . . . ."
"හරි අයියේ බලලා කියන්නම්!"
තවත් විනාඩි 10 ක ගතවෙන්න ඇති උපරිමයෙන්.
මගේ දූරකථනය නැවත නාද විය.
"සඳා කියපං මල්ලී . . . . !" (වොරන්ටී ඩිපර්ට්මන්ට් එකේ ඉන්න තුන් දෙනාගෙන් එකෙක් සඳරුවන්!) 
"අයියේ ඒ ලොරිය අපේ රී කෝල් එකේදි ඇවිත් නෑ! අපිට පුළුවං අළුත් ස්ටාර්ටර් මෝටරයක් දෙන්න!"
"අනේ පලයං බං යන්න! අම්මපා ඇත්තද කොල්ලෝ!? උඹ වීළු කරණවද?" මම පුටුවෙන් නැගිටුනේ ඔටෝය!
"නෑ අයියේ සිරාවට!"
"මල්ලි වාහනේ තියෙන්නේ කුලියා පිටියේ. හෙට උදේම අපේ කුරුණෑගල වර්ක් ෂොප් එකට මම වාහනේ දාන්නම්! උඹට පුළුවංද දැම්ම ඒක ප්‍රොන්ටො එකට (කූරියර් සර්විස් එක) දාන්න හෙට උදේට කුරුණෑගලට ලැබෙන්න!"
"හරි අයියේ මම දැන්මම දාන්නම්. තාම 3.00 වෙලා නෑනේ!" (3.00 ට ප්‍රොන්ටො එකෙන් බඩු එකතු කරගෙන යනු ලබයි!)
මම හොඳින් අසුන් ගෙන රත්නායක මහතා ට කථා කරණ්නට පටන් ගත්තෙමි.
"හෙලෝ රත්නායක මහත්තයා ! ඔබතුමා අපේ සේල්ස් ටීම් එකට අපේ සේල්ස් කැම්පේන් වලදි කරල තියෙන සේවය නිසාම අපි ආයතනයක් විදියට තීරණය කලා ඔබ තුමාට අළුතින් බ්‍රෑන්ඩ් නිව් ස්ටාර්ටර් මෝටර් එකක් නොමිළේම හයි කරලා දෙන්න!"
" ෂහ්! නියමයිනේ!?  ඔව් ඔයගොල්ලන්ට මම ගොඩක් සපෝර්ට් කරලා තියෙනවා. අහන්නකෝ සේල්ස් එකෙන්!"
"ඒකනේ! ඒකනේ!! එහෙනං හෙට උදෙම වාහනේ පොඩි තල්ලුවක් දීලා ස්ටාර්ට් කරගෙන කුරුණෑගල අපේ වර්ක් ෂොප් එකට යවන්න! එතන ඉන්නවා පතිරණ කියලා එළ කොල්ලෙක්. ඔබ තුමාගේ රියැදුරු මහත්තයාට කියන්න ගිහින් එයාව හම්බෙන්න කියලා"
"ආ තැන්කිව් තැන්කිව්!! කුලියා පිටියෙ ආවොත් ඇවිත් යන්න එන්න!"
"එකෙන්ම රත්නායක මහත්තයා! මං වෙනුවෙන් පොඩි උදව්වක් කරණ්න! අර ඔබ තුමා කතා කරපු  අපේ  එකේ මහත්තයාට කථා කරලා වැඩේ කෙරුණු බව පොඩ්ඩක් කියන්න පුළුවංද?"
"අයියෝ මම කියන්නම් මේක තිබ්බ ගමං!"
ඊළඟට මම කුරුණෑගල පතිරණට කථා කොට වැඩේ උදේම කර දෙන මෙන් ඉල්ලා සිට උගේ ඕපාදූප අහද්දී දූරකථනයේ තවත් කෝල් එකක් නැවතී සිටින බව දුටුමි.
"පතිරණ මල්ලී මම මම දැං තියනවා! හෙට උදේට වැඩේ සුපිරියට දියං! හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මට තව කෝල් එකක්!"

56 comments:

  1. Good work. I am kind of surprised that UM had no parts for a new model. Usually agent charge exorbitant amounts for parts, I thought high cost is for maintaining big stock of original parts. Eventually you have to give a new motor to the customer, even without recall. Wijebahu

    ReplyDelete
    Replies
    1. සමහර විට එය ඉංදියාවෙන් ආ නිසා විය හැකියි අමතර කොටස් හිග වීමට හේතුව ! කොහොමත් අපේ ඉස්ටෝරුවේ හොඳ අමතර කොටස් එකතුවක් තිබුනා. ඒ කොහොම වෙතත් මට හැකි උනා ඒ පාරිභෝගිකයාව ඉතිරි කර ගන්න කිසිදු වියදමකින් තොරව.

      Delete
  2. Yes, Taas Agencies

    ReplyDelete
    Replies
    1. එළ කතාව, එක හුස්මට කියෙව්වා. මට මතකයි ඔය පූසෝව. අඹතලේ ජලසම්පාදනේ එකක් තිබ්බා. එළ වාහනේ, හොඳට සැප පහසුයි.

      Delete
    2. හිතා ගත්තෑකි

      Delete
    3. ඕන්න ! ඕන්න!! ඉතිං!!!

      Delete
    4. විජේ භාහු මහත්තයාට :- ආ! මම දන්නවා ඒ මහත්තයාව!

      බස්සාට:- සතතකින්ම මමත් එක හුස්මට ලියා ඉවර කලේ! ස්තූතියි පැමිණියාට! අර "සෙන්ඩාහී සිර කරුවා" කොහොමද පල කරණ්නේ?

      Delete
    5. @ තට්ස්,

      පල කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න පල කලාට කමක් නැද්ද කියලා. මොකද 'සෙන්ඩා හි සිරකරුවා' මීට කලින් කොමික් බ්ලොග් එකක පල කරලා තිබුනා. දැන් ඒ බ්ලොග් එකම වහලා දාලා. මම හිතන්නෙ ඒ චිත්‍රකතාවල රචකයින්ගෙන් මොනා හරි විරෝධතා ආවා.

      Delete
    6. බස්ස කියන්නෙ මොකක් හරි වෙන පූසෙක් ගැන වෙන්න ඇති.

      Delete
    7. සැප පූසෙක් කියල තියෙන්නෙ

      Delete
    8. මයිල් තියෙන හා මයිල් ඉවත්කරන ලද.

      Delete
    9. @ ප්‍රාජේ
      අඹතලේ වාසීන් සාක්කි, මගේ චරිතෙ ගැන. එහෙදි තමා වෝල්ටර් හම්බ වුනේ.

      බස්සා: ආ වෝල්ටර් , දැන් ගිහින් හැන්දෑවට මොකක්ද කරන්නෙ?
      වොල්ටර්: ආයෙ මොනවද? හැන්දෑවට නා....ලා, අරක්කු කාලක් බී....ලා, බත්ජුංඩක් කා.....ලා, අස්පයෙක් අල්ලන්න යනවා.

      කසියා වලට නම්බුදීලා කතාකලේ "අරක්කු: කියලා. අරක්කුවලට කිව්වෙ "සීල්" කියලා

      @බුරා

      එහෙම වෙන්නත් බොහෝ ඉඩ තියනවා. කව්රුහරි "අමාවතුර" පලකරන්න ගියොත්, ඒකටත් බාල්දිය අදින්න කට්ටිය ඉඳීවි. මට මතක් වුනේ TinTin එකේ red rackham's treasure එකේ බුක්තිය ඉල්ලන්න කස්ටිට ෆැමිලි ට්‍රී හදාගෙන පෝලිමේ ආ හැටි. කැප්ටන් කාරයා එලෝගෙන ගියාම, දිව්ව දිවිල්ලක් කුඩ, තොප්පි පියාඹන්න.

      @ Praසන්னයා, ඕරි-ඩ්‍රැකී

      පූසො ගැන කතා නං එමටයි, කොහෙද මේ වගේ වැදගත් බ්ලොග් එකක කීවෑකියැ එව්වා.

      Delete
    10. බුරාතිනෝට:-අම්මට සිරි ඒකත් එහෙමද? ඇන්ටන් බී පෙරේරාගේ නොම්මරේ නම් තියෙනවා. අහල බලලා වන කරගන්නද? නැතිනම් නොකර සද්ද දානවද කියලා මම මේ කල්පනා කලේ! අළුතින් බ්ලොග් එකක් පටන් ගත්තොත් කොහොමද කොමික්ස් වලට? කොමික්ස් වලට තිබුනු එකට මොකද උනේ? ඒකේ අක් මුල් දකින්නවත් නැද්ද? ලින්ක් එකක් වත්!?

      Delete
    11. SL Comics

      ඔය තියෙන්නෙ ලින්ක් එක. ඕකෙ කොමික්ස් පුරෝලා තිබුනෙ, පරණ පත්තර වල ගියේවා (සතුට, මධුර, සිත්තර, සත්සිරි, දසුන, etc.) series පිටින් තිබුනෙ.

      Delete
    12. එය වසා දමා ඇත! නේද?

      Delete
    13. ඒ කොමික්ස් අඩවිය වහලා. ඒ ගැන විස්තර බලන්ගොඩ සරත්මධු මහත්තයාගේ මල්ලී දන්නවා. සිනෙත් බැද්දගේ. තට්ටයා මහතාට අංකය එවන්නන්, විස්තර අහගන්න. මාත් සිනෙත්ට කියන්නං, ඔයා කතා කරයි කියල.

      Delete
    14. කොට්ටප්පරි රතනසාර! සිනෙත් බැද්දගේ කියන්නෙ සරත් මධුගෙ මල්ලි ද? අද නෙව ඒක දැනගත්තෙ.

      Delete
    15. ඔව් ! සිනෙත්; සරත්මධුගෙ මල්ලි. හැබැයි මම දන්නා පරිදි දෙන්නට දෙන්නා කථා කරණ්නෙවත් නෑ! ( දැං කොහොමත් බෑනෙ; මොකද සරත් මධු ඉන්නේ යටිපස්ගම නොවැ!?)

      Delete
    16. එහෙමත් එකක් ද? හැබැයි සිනෙත් 'හිතවත' පත්තරේට කතා ඇන්දා නෙව ද? හිතවත පත්තරේ ගැහුවෙ සරත්මධුගෙ මූලිකත්වයෙන් නේ ද?

      Delete
    17. මටත් ඒ වගේ මතකයි!

      Delete
    18. ඔය දේවල්වලදී මං තුමාගේත් එහෙන්-මෙහෙන් links ටිකක් තියෙනවා....ටික ටික කරුණු පෙළ ගස්සාගෙන තිබ්බත් ලියාගන්න විදිහක් නෑ, ජාතික ලේඛනාගාරයට ගිහින් තහවුරු කරගන්න ඕනි කරුණු කිහිපයක් තියෙන නිසා.
      අපරාදේ කියන්න බෑ, Pra Jay මහත්තයා මාව එහාට එක්කගෙන යන්නත් සූදානමින් ඉන්නේ.... කොරෝනා කෙළපු කෙළිය නිසා අවුරුදු දෙකක් තිස්සේ වැඩේ ඇදෙනවා නෙව.

      Delete
    19. නිදි මහත්තයා අපි ලියමු චිත්‍ර කථා ගැන ලිවීමක්!

      Delete
  3. සුළු අමතර කොටස් හෝ රෙපෙයාර් කිට් විකුණනවට වඩා, මුළු යුනිට් එකක්ම (ස්ටාර්ටර් මෝටරයක්, ඔල්ටනේටරයක් වගේ) විකිණීමෙන් ලොකු ලාභයක් ලැබෙනවා ඇති. ඒ නිසා තමයි හැම වෙලාවෙම බුෂ්, බෙයාරින්, ඔයිල් සීල්, රෙපෙයාර් කිට් වගේ අනිවාර්යයෙන්ම අලුතින් දැමිය යුතු සුළු කොටස් තොග පවත්වාගෙන යාම ගැන උනන්දුවක් නැත්තේ.

    මෙහෙ නම් ඔය පොඩි පොඩි කොටස් විකිණීම 1990 තරම් ඈත කාලයකදී වත් තිබුනේ නැහැ. ලංකාවේ අපි විහිලුවට කියන,""අපෝ, ඔය කඩේ බ්‍රේක් වොෂර් එකක් වත් නෑ"' කියන කියමන අදාළ වෙන්නේ මෙහාටයි. එක්කෝ ගෙඩිය පිටින් අලුතෙන් දානවා, එහෙම නැතිනම් changeover (පරණ එක දීලා, අලුත්වැඩියා කරපු යුනිට් එකක් ගැනීම) කරනවා. දැන් නම් වාහන අලුත්වැඩියාව කියලා දෙයකුත් නැති තරමයි.

    කස්ටමර් ලාට මල පනින්නේ නැති වෙන්න හොඳින් කතා කලාම ඕනෑම දෙයක් ගොඩින් බේරා ගන්න පුළුවන්. මේ කතාවේ අන්තිම වාක්‍යයයෙන් කියැවෙන්නේ, මුදලාලි වැඩේ ගැන සන්තෝස වෙලා, හෙඩ් ඔෆිස් එකේ, සේල්ස් එකට කතා කරලා ස්තුති කරපු බව කියවෙන පනිවිඩයද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සෑම් මහත්තයා! හෙඩ්ඩොෆිස් එකෙන් ඉතින් ලකුණු තමයි ඈ!? ඒවා හරි සුන්දර මතක!

      Delete
  4. ඔය ලොරි බුවා වගේම මම රෙකමන්ඩ් කරල කීපදෙනෙකුට බඩු අරං දීපු මෙහේ එක්තරා දෙයක් විකුණන ෂොප් එකකින් අද උදේ මට මළ පනින සීන් එකක් උනා. මම උං එක්ක ඇරගන්නනං ගියේ නෑ. ඒත් උංගෙන් මම ගන්න ගිය එක නොගන්න තීරනේ කළා.

    දැං තට්ට මහත්තැං කුලියාපිටි යන වෙලාවක රත්නායක ලොක්ක එක්ක රා කට්ටක් එහෙම ගහන්න බැරියැ. හැක්..

    ReplyDelete
    Replies
    1. //අද උදේ මට මළ පනින සීන් එකක් උනා. මම උං එක්ක ඇරගන්නනං ගියේ නෑ//
      හැක්..ඇරගන්න උබ කතා කරන කොට පෙරහැර ගිහින්...

      Delete
    2. @ ඔ.රි. ඩ්‍රැකී, ඒ කියන්නෙ උඹ මාව දන්න කියන එකෙක් වෙන්නෝන. හැක්..

      Delete
    3. ඔබව දන්න - මා නොදන්න
      මාව දන්න - ඔබ නොදන්න

      Delete
    4. ප්‍රසන්න මහතාට:- මම ඔය රත්නායක කියන නම නම් ආරූඪ කරලා දැම්මේ. මට මතක විදියට ඒ මහත්තයාට තමි එහේ කොකා කෝලා ඒජන්සිය තියෙන්නේ! රා කෙසේ වෙතත් මෙහෙන් මොනවා හරි ගෙනිච්චොත් අනුපාන නම් මදි නොකියන්න ලැබෙයි!

      Delete
    5. ඔරිජිනල් ඩ්‍රැකීට:- ප්‍රසන්න කී බෝර්ඩ් එකක් අරණ් ගිහින් අකුරු කොටලා පෙන්නයි හිතාන් ඉඳලා තියෙන්නේ!?

      Delete
    6. னයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියපං

      Delete
    7. @ කො. ඩ්‍රැකී‍,
      ආන්න ඒකනෙ.

      Delete
  5. //උඹට පුළුවංද දැම්ම ඒක ප්‍රොන්ටො එකට (කූරියර් සර්විස් එක) දාන්න හෙට උදේට කුරුණෑගලට ලැබෙන්න//
    ප්‍රොන්ටෝ ලංකා එකෙන් එච්චර ඉක්මන් සර්විස් එකක් මේ සතවරුසයකින් වත් ලැබෙන්නේ නෑ.
    මට අතුරුගිරියෙන් දාපු බඩු වගයක් සුමනෙකට පස්සේ ලැබුනේ. හැබැයි දාපු දවසට පසුදා ඉදින් SMS හතරක් දිනපතා ආවා පිලියන්දල බ්‍රානච් එකෙන් එවනවා කියලා. පිලියන්දල ඉදන් ඉබ්බෙක්ගේ පිට උඩතියලා එව්වත් ගල්කිස්සට දවස් දෙකකින් එවන්න පුලුවනි. මුන් ෆොන් එකකටවත් ආන්සර් කරන්නේ නෑ. වැඩැක්ම නැති ජරාම කොම්පැනියක්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බාං! ලංකාව පුරා තිබුනු අපේ ශාඛා ජාලය හරහා ඕනෑම එකකින් අනෙක් එකට අමතර කොටස් ප්‍රවහනය උනේ ප්‍රොන්ටෝ හරහා. දිනක් ඇතුලත ඒ හුවමාරුඅව සිද්ධ උනා. සමහර විට අපි ඔවුන්ගේ සුවිශේෂී පාරිභෝගිකයින් වුනු නිසා වෙන්න ඇති!

      Delete
    2. අනේ තෝ වාගේ කම්මැලියෙක් එවනකම් බලං ඉන්නේ නැතිව පිලියන්දලට ගිහින් අරගත්තානම් අහවරයිනේ

      Delete
    3. ඒ පැත්තේ යන්න බෑ! කරල තියෙන දේවල් වල හැටියට!!

      Delete
  6. කතාවෙන් ලතාවෙන් - අල්ලගෙන තව අයව
    නමා ගන්නට ඇහැකි - නොනැමෙනා යකඩ වුව
    හරි යන්නෙ නැහැ තමයි - වුණ විටදී ඔරොප්පුව
    අපිත් ගත්තොත් ඉහට - කේන්තියෙ තරප්පුව

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිදි මහත්තයා! සතුටු දායක කෙටි හමුවකින් පසුව!

      Delete
  7. මට පෙන ව්දියට මෙතන නම් ඇත්තටම වෙලා තියෙන්නේ ඔයාලගේ කොම්පැනියෙන් හරියට හොයල බලල කරන්න ඕනේ වැඩක් එහෙම නොවුන නිසා ඔයාගේ මැදිහත්වීම මත සිද්ද වීම. ඒ කියන්නේ ඔයා ඔයාගේ (ලොකු සර් කියන්න එපා කිව්වනේ) රැකියාවට උපරිම සදාරනයක් කරලා තියෙනවා. පාරිබෝගික සේවාව කියන්නේ බොක්කෙන්ම එන්න ඕන එකක් තමයි. 100% එකගයි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මල්ලී අපෙන් කවුරු හරි පාරක් ඇහුවොත් අපි දන්නවානම් හරියටම කියන්නත් පුළුවන් යන්තං කියන්නත් පුළුවං. හරියට කිව්වත් ඒක අහන්නා තුල සතුටු දායක හැඟීමක් ඇතිවන අයුරින් කරණ්නත් පුළුවං. අහන එකාට එපා වෙන්න කරණ්නත් පුළුවං.
      ඒක නෙවේ වැඩේ! අපි නොදන්නවා උනත් අහන එකාව සතුටු දනවන විදියට එයාගේ හිතේ සතුටක් ඇතිවන ලෙස නොදන්නා බව කියන්නත් පුළුවං. ඒ මනුස්සයා අමන්දානන්දයට පත් කරවන අයුරින්; අපි නොදන්නවා උනත් තොරතුර හොයා ගන්නට උදව් කරණ්නත් පුළුවං.
      ඇත්තටම වැදගත් ඔය අන්තිම එක!

      ඒක මම කලා! ඒක මගේ රස්සාව නොවැ!?

      Delete
  8. මගෙන් කට්ටියට පොඩි යෝජනාවක්...
    හොඳ වෙයි හැමෝටම.
    ඔන්න අලුත් app එකක් තියෙනෝ CLUBHOUSE කියලා

    ඒකට ගියාම කට්ටියට කතා කරන්නම පුලුවන් කෙලින්ම.(voice chating)
    හොඳ සංවාද එහෙම යනවා ඒකෙ.

    Blog වල ඉන්න අයත් ඇවිල්ල බලන්න.

    හැමෝටම හොඳවෙයි කයියක් ගහගෙන ඉන්න එකනෙ😎

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයා පැරණි බ්ලොග් බැලුවොත් පෙනෙයි; බ්ලොගර් විසින් ලියන ලද පෝස්ටුව වඩාත් ඔපවත් වෙන්නේ, පෝෂණය වන්නේ, අළුත් අදහස් ඊට එකතු වෙන්නේ, දුර්මත ඉවත් වෙන්නේ, යාවත්කාලීන වෙන්නේ, බ්ලොගර්ගේ අදහස තව දුරටත් තීව්‍ර වෙන්නේ, බ්ලොගර් තුල ඇති එහෙත් ඔහු වෙතින් නොලියවුනු දේ එළියට එන්නේ වගේ මහා කාර්‍යය භාරයක් කොමෙන්ටු ලියන්නන් තුලින් හා කොමෙන්ටු වලින් සිදුවනවා.
      මම දන්නා සමහර බ්ලොග් රීඩර්ස්ලා ඉන්නවා ඔවුන් බ්ලොග් එකක් කියවන්නට එන්නේම බ්ලොග් පෙස්ට් එක තරමක් මේරුවට පස්සේ. තව විදියකට කියනවා නම් පෝස්ට් එක කමෙන්ට් වලින් පෝෂණය උනාට පසුව.
      එසේම සාමාන්‍ය ලියවිල්ලකට වඩා බ්ලොග් ලියවිල්ලක් වෙනස් වන්නට මා දකිනා ප්‍රධාන කාර්ණය වන්නේ මෙහි පවතින දෙපසටම සිදුවන සංනිවේධනය, ඒ තුලින් සිදුවන නව අදහස් එකතු වීම හා ඒවා සුරැකීව කාලාන්තරයක් පැවතීම.
      අප විද්‍යුත් මාධ්‍යයක් තුලින් කෙරෙණ්නාවූ කථිකාව ඊළඟ මොහොතවන විට අතීතයක් වී හමරයි! එසේම ඔබ හිතන්න පෝස්ටුවක් ලියා කොපමණ වේලාවකට පසුවද ඊට පලමු කමෙන්ටුව එක් වන්නේ? එසේම දෙවන් තෙවන යනාදීවශයෙන් ඊට තවත් කමෙන්ටු එක් වන්නේ එක විටම හෝ නියමිත කාල අන්තරයක් ඇතුලත නොවේ. මෙහිදී සිදුවන්නේ අප එකට එකතුවී තම තමන්ගේ අදහස් බෙදා හදා ගැනීමකට වඩා තම තමන්ගේ අදහස් උදහස්, එකතු කිරීම් අඩු කිරීම් ගුණකිරීම් තම තමන්ට හැකි තම තමන්ට පහසු වෙලාවක ඇවිත් ඉදිරිපත් කිරීමක්!
      මෙහි ඇති වඩාත් සුවිශෙෂී කාරණය ලෙස මා දකින්නේ තමා ඉදිරිපත් කරණ මතය හෝ අදහස, ලිවීම තමන්ගේ අවස්‍යතාවය පරිදි පවත්වාගෙන යාමට හෝ ඉවත් කර දැමීමට ඇති හැකියාව!
      මේ සියළු කාරණා එක්ව බැලූ කල අපට එක්ව කථා කිරීමට සිදුවන්නේ කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලන සේ වසරකට වතාවක් එකට එක්ව මධුවිතක් තොල ගානා අවස්ථාවක පමණයි!
      බලාන ගියාම ඒකත් ඒ තරම්ම නරක දෙයක් නොවන්නේය.
      බොහොමත්ම ස්තූතියි ඔබ ගේ එකතුවීම හා අදහස් ඉදිරිපත් කිරීම! ඇයි තවමත් බ්ලොග් එකක් ලියන්නට පටන් නොගන්නේ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නියම විශ්ලේෂණයක්. මම කලින් එච්චරම හිතුවෙ නැති පැත්තක්.

      ග්‍රහචාරයට අනුව,ලඟදිම කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලන බව පෙන්නුම් කරනවා. කං දෙකක් තියෙන කැස්බෑවෙක් තමා අනාවැකිය කිව්වෙ.

      Delete
    4. (උඹටත් හැම මගුලම ආරංචි වෙනවානෙ? පිටවෙන්නත් කලිං පත්තරේ වැටෙනවා කියන්නේ මේවාට තමා!) ඒත් කණ කැස්බෑවාටත් කොරෝනා කෙලියි වගේ මලේ!~

      Delete
  9. අනිවාරෙන්ම එකඟයි. ඔබතුමා නිවරදි.
    මොකද මේක ඕනි වෙලාවක බලන්න පුලුවන් වගේම කමෙන්ටු උනත් වැදගත්.

    අලුතින් ආපු මටත් මේවා කියවන්න පුලුවන් උනෙ ඒක නිසා නෙ.

    ඔබතුමා කීවා වගේ මධුවිත 🍻🍺🥂🍷 තොල ගාන්නත් වෙලාවක් තියෙනවා නම් කවුද මග ඇරල ඉන්නෙ නේද. ඕනි කෙනෙක් සෙට් වේවි.

    දවසක ඒකත් කරල බලමු මේකේ කට්ටිය එක්ක මගේ අදහස. අලුත් දෙයක් ට්‍රයි කරන එක මන් නම් මරු විදියට දකින්නෙ.

    බ්ලොග් එකක් ලියන්න ඕනි අනිවාරෙන්ම.
    විභාගේ ලියලා ඉවර වෙලාම ලියන්නටයි මං කල්පනා කරේ. බොහොම ස්තුති ඒකට මාව උනන්දු කරවනවට🤗

    ReplyDelete
    Replies
    1. නවීන්, ඉක්මනින් බ්ලොගයක් ලියන්න පටන් ගන්න!
      දැන්මම සුපැතුම්... අලුත් ය එන තරමට අලුත් අදහසුත් ගලයි!!

      Delete
    2. දහසක් මත ගැටේවා!
      දහසක් මල් පිපේවා!!

      Delete
  10. මගේ බිරින්දැත් ඔයි එක්සත් මෝටර්කරුවන්ගෙ කොංපැණියෙ යාවජීව පාරිභෝගිකාවක්. ඔවුන්ගෙ ස්පෙයාපාට් නං ගණං. හැබැයි ඉතිං හොඳ මිනිස්සු. හැකි විදිහෙං උදව්වක් කරන අය.

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම එම ආයතනයේ සිටි සේවකයින්ගෙන් අති මහත් බහුතරය හොඳ මිනිස්සු තමයි. ස්තූතියි!

      Delete
  11. ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි....
    අපි පාරිබෝගිකයෝ උනාම මෙයාලා අපිව කොච්චර මුලා කරනවා ඇතිද? කැත නැතුව කියන හැටි!!
    මම මේ බැලුවේ ඒකත් මෙහෙම ලස්සනට ඔතල , මෙහෙම ලියන්න පුළුවන් නම් ඒ මනුස්සයාට කොහොම මවල දෙන්න ඇතිද කියල... හම්මියෝ මෙහෙමත් ජව්සන්!
    ගඟේ කිඹුලෝ වගේ තමයි....

    ReplyDelete
    Replies
    1. අනේ නෝනෝ එතන මුලාවක් නම් කලේ නෑ ඕං! ඇත්තටම ගත්තත් මම පාරිභෝගිකයින් වෙනුවෙන් අපේ ආයතනයේ උඩ හිටපු අය එක්ක හොඳට කොකු ඇදගත්තු කෙනෙක්. ඒකාලේ මගේ මෝටො එක උනේ "වැඩේ නොකෙරුණත් කස්ටර්මර්ව සංතෝෂෙන් ගෙදර යවන්න ඕනෙ!" කියන එක. ඒ දේ මම කලා වගේම ඒ වෙනුවෙන් මම වැඩ කලා. කිසිම අවස්ථාවක රැවටීමක් කලේ නෑ! ඒ නිසාම කිසිම දවසක පාරිභෝගිකයකුගේ දෝෂ දර්ශනයට ලක් වෙලා නෑ! කොහෙද ඉතිං ඔය මිසීලා අපෙන් වාහනයක් ගත්තානම් තේරේවි අපේ සේවා සැපයීමේ තරම!

      Delete
  12. ආයතනයක වැඩ කරද්දී ඕනිවට වඩා අනිත් උන්ව බේරන්න යන්න හොඳ නෑ.. බොරුවට කපන්න නෙවෙයි එත් ඇත්තටම බුල ගහන පිස්සු කෙලින උන්ව මාට්ටු වෙන්න අරින්න ඕනි. එකක් ඒක ආයතනයට වගේම උන්ටත් හොඳයි. අනික බාග වැඩ කරන උන් තමයි සර්වයිවල් එක සඳහා කවුද කින්ද මන්ද නොබලා දවසක අරින්නේ..

    මේ කතාවට ඩිරෙක්ට් අදාළ නොවුනත් උඹ හිත හොඳ එකෙක් නිසා එහෙම අනිත් උන්ගේ උන්වත් කවර කරන්න යන්න ඇති එහෙම කරලා ඇරගන්නත් ඇති රිදෙන්න කියල හිතුන නිසා ලියුවේ..

    ReplyDelete
    Replies
    1. මම මේ ලියන්නේ කවදා හරි දවසක; යුනයිටඩ් මෝටර්ස් රැකියා ඉතිහාසය ලියලා අවසානයේ ලියන්න තියෙන දේ!
      මම හිතාන හිටියා කවදා හරි එම ආයතනයෙන් එළියට එන දවසක කිහිප දෙනෙකුගේ රෙදි ගලවලා උන්ගේ මේසෙ උඩින් තියලා එනවා කියලා. ඒ වගේම අපි ඕන කෙනෙක් එන කොට ප්‍රධාන විධායක නිළධර යටවර මහතාව මුන ගැසීම සිරිතක්. නමුත් අන්තිම දවස වෙන කොට මට ඒ කිසි දේකට උවමණාවක් තිබ්බේ නෑ.
      වසර 12 කට ආසන්න කාලයක් මගේ රස්සාව මට එපා කරවපු, මගේ උසස්වීම් සහ වැටුප් වර්ධක, පාරිතෝෂිත දීමනා කපා දැමූ අයට කුණු හරුප දෙකක් කියා එන්න ට තිබුණු අවශ්‍යතාවය නැතිව ගියා!
      මිත්‍ර ඇත්තටම මම රැකියාව තුල ඔබ පවසන ආකාරයේ රැඩිකල් වැඩ කරලා තියෙනවා. නමුත් අවසානයේ සිදුවන්නේ වැඩි පිරිසකගේ පමනක් නොව ආයතනයේ පවා දෝෂ දර්ශනයට ලක්වීම.
      හිතා මතා නොකලත්; බොහෝ විට තමන් තමන්ගේ හෘද්යාංගවම නිවැරදිව කටයුතු කලාම හොරුන්ව, බොරු කාරයන්ව, එළිදරව්වීම නවතන්නට බෑ! ඒත් ඒ සම්බන්ධයෙන් කටයුතු කල පුද්ගලයින් පක්ෂග්‍රාහීව කටයුතු කරණ වටා පිටාවක නිවැරදිතාවයට යා හැකි දුර ඉතා සීමිතයි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...