මගේ උසස් පෙල පංතිවලදි හිටිය හොඳම මිත්‍රයෙක් තමයි නලීන් මුතුකුමාරණ.
මගේ මුල්ම රස්සාවට පාර පෙන්වූයේ මේ මිත්‍රයා. කොහොමින් කොහොමින් හරි කාලයක් ගිහින් මට සේවය කරණ්න උනා ඔහුගේ යටතේ. ඒ කාලේ එතුමා මගේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී. මම විධායක ශ්‍රේණියේ පොඩ්ඩෙක්. ඒ කාලේ අපි වැඩ කලේ පානදුර පිංවත්තේ පර්ෆෙක්ට් ෆිට් කියලා ඕස්ට්‍රේලියානු වැඩබිමක!
මම එයාට රැකියාවට ගිය දවසේ ඉඳන්ම කාර්‍යාලයේදීත් පිටතදීත් කොටින්ම බිග් මැච් එකේදී පවා ඇමතුවේ කට පුරා "සර්" කියලා. "එහෙම කියන්න එපා බං!" කියලා එයා එළියෙදි කිව්වත්; එයත් ඒකෙන් හීන් ආතල් එකක් ගත්තා නෝන්ඩි නැතුව!
ඒකෙ පොඩි ආතල් එකකුත් තිබුනා!
ඉතින් මෙයාට ඔෆිස් එකේදි අපේ ශ්‍රේණියේ කාට හරි බණින්න ඕනෙ නම් කට පුරා; වැඩ කිඩ දාලා බැන්නේ මට! මොකද උන්නැහැ දන්නවා; කණට ගැහුවත් මම එයාගේ ගරුත්වය නැතිවෙන විදියට රිටර්න් එකක් නොදෙන බව. අනික තමයි එයාට පෙන්නන්න ඕනෙ උනා මම මගේ අම්මට තාත්තට උනත් නීතිය නීතියමයි කියලා. ආයේ ක්ලාස් මේට් කියලා මම කාටවත් බයස් නෑ කියලා. සර්ව සාධාරණ පොර කියලා.
ඉතින් මේ විදියට කාලය ගත වෙද්දී අපේ ආයතනය වැඩ මුර දෙකකට වැඩ කරණ්න පටන් අරන් තවත් බුවෙක් ගත්තා අපේ බුවාට සම සමව! මේකට නලීන් ලොක්කාට ටික වෙන්න හිත රිදිලා තිබුනේ එළියට නොපෙන්නුවාට. ඒත් අපේ ගැන්සිය හෙවත් කල්ලිය සෙට මෝල් වුන වෙලාවල් වලදී; ඒයාගෙ හිතේ තියෙන පොඩි පොඩි සූදුරු මාදුරු එළියට ආවේ නැත්තෙත් නෑ.
නලීන් ලොක්කාට මිඩ්ල් මැනේජ්මන්ට් එකේ අය කට පුරා "සෑර්!" කිව්වාට අනෙක් බුවාට කට්ටිය කිව්වේ "මිස්ටර් අහවලා" කියලා! ඒකට මිඩ්ල් මැනේජ්මන්ට් එක අතර පොඩි සම්මුතියක් තිබුනා.
ඒත් මම උන්නැහේටත් කිව්වේ "අහවලා සර්!" කියලමයි! ඒකට හේතු භූත වුනු කරුණු දෙකක් තිබ්බා. එකක් ඒ දෙන්නාම හිටියේ එකම ස්ථරයක හෙවත් ලෙවල් එකක. දෙවැන්න අපේ තාත්තාගේ ප්‍රථිපත්ති. ඒකාලේ තාත්තාලාත් එක්ක එකට අඩි පුඩි ගහපු කෙනෙක් හරි ප්‍රොමොට් වෙලා තාත්තලාගේ ඉහලට ආවොත් එදා පටන් තාත්තා එයාට කථා කලේ එක්කෝ "සර්!" කියලා. නැතිනම් "මිස්ටර්...........!" කියලා. ඒ ගැන අපි ඇහුවාම තාත්තා කිව්වේ "මගේ බාප්පා මගේ බොස් වෙලා ආවත් මම කථා කරණ්න්නේ "සර්!' කියලා තමයි. ඒ මගේ ප්‍රථිපත්තිය!"
මේ කාරණා දෙකට අමතරව මට තවත් සුපිරි හේතුවක් තිබුනා. මට "මිස්ටර් අහවලා!' කියනවාට වඩා ඉතා පහසුවෙන් "සර්!" කියා හැසිරවීමට ඇති පහසුව. අනෙක ඌට සර් නොකියන්නයි අපේ මිත්‍රයාට කියන්නයි කිසිම හේතුවක් මට පේන තෙක් මානෙක තිබ්බෙත් නෑ! මට තව එකෙකුට සර් කිව්වා කියලා නැතිවෙන්නට තරම් දෙයක් තිබ්බෙත් නෑ!! ඒ උනාට මේකට අපේ නලීන් මහත්තයාගේයි අපේ ගැන්සියේ හිටපු කමල්, මංජුල, දිමුතු ඇතුළු අනෙක් පිරිසගේ තිබුනේ ඒතරම් කැමැත්තක් නොවෙයි. ඉතින් දවසක් නලීන් සරූයි කමලුයි දිමුතුයි මංජුලයි තව දෙතුන් දෙනෙකුයි මමයි එකට සෙට් වුනු වෙලාවක කථාව ඇදුනා.
"මම නං අරූට සර් කියන්නෙම නෑ! මිස්ටර් අහවලා කියලාමයි කියන්නේ!" කවුදෝ කිව්වා.
"මමත් එහෙම තමා!" තව කවුදෝ කථාවට අලගු තිබ්බා.
"මෙයානේ ඌට 'සර්' කිය කියා කථා කරණ්නේ" කමල්; නලීන් ලොක්කාට මාව පෙන්නලා ගතුව කිව්වා.
නලීන් ලොක්කාගේ ඇස් උඩ ගිහින් මගේ පැත්තට හැරුණා.
"ඇත්තද? උඹ ඌට 'සර්' කියලාද කථා කරණ්නේ???" පොර මගෙන් ඇහුවා.
"මේකනේ සර්! මම ඕන බල්ලෙකුට සර් කියල තමයි කථා කරණ්නේ. ඌ දැන ගන්න ඕන ඒක ඌට සුදුසුද නැද්ද කියලා!" මම කටේ තොලේ නොගෑවී හිනා වෙලා කියලා දැම්මා.
"තොට මම කියන්නේ නෑ @#!%*&&$#!!!!" නලීන් ලොක්කා මුලින් දත්කූරු කෑවත් වටේ හිටිය එවුං හිනා වෙන්න ගත්තාම එයත් ඒකට එකතු උනා!
තව දවසක් මාර ආතල් වැඩක් උනා!
මට නලීන් ලොක්කා මොකක්දෝ රිපෝර්ට් එකක ඉල්ලලා මට වෙලාවට දෙන්න බැරි උනා. ඇත්තටම තවත් දෙවතාවක් විතර කිව්වත් මට ඒක මොකක්දෝ අතපසුවීමකින් දින ගණනාවක්ම වැඩේ පස්සට ගියා! දවසක් උදේම; මාව දැක්කාම එයාට ඒක මතක් වෙලා මට ළඟට කථා කරලා ඇද්දා ලෙඩේ! "කෝ %@$%#% අර රිපෝර්ට් එක!"
"ආ ඒක අද හවස් වෙන කොට අනිවාර්යයෙන්ම සර්ගේ මේසෙ උඩ!"
"යකෝ %$@*&%! තෝ මේක තව පැයකින් හදාගෙන ආවේ නැත්නම් උඹව මං අද ගේටුවෙන් එළියට දානවා!" මල පැනලා කිව්වා.
මමත් සට සට ගාලා මගේ මේසෙ ළඟට ගිහින් රිපෝර්ට් එකත් අරං විනාඩි විස්සකින් විතර බුවා ඉස්සරහ ප්‍රාණී භූත උනා!
"ආ! උඹ ගෙනාවද!? (එයාට තනිවම හිනා!) උඹ දන්නවාද 'සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භයංති මච්චුනෝ' කියන එකේ තේරුම?" නලීන් ලොක්කා පාලි පාඨයක් ගෙන හැර දක්වා ඇහුවා.
"ඔව්නෙ සර් . . .!"
"දන්නවා නං උඹ කියාං බලන්න! ඒකෙ තේරුම!"
"සර්! 'සෑම සියළු දෙනාම දණ්ඩනයේ බියවෙත්!' කියන එක මම ශේප් එකේ කිව්වා.
" ආ! හරි ඒක තමයි!! . . . . . . " නලීන් ලොක්කාට මාර ආතල් කට කනේ.
"හැබැයි සර් ! සර් අර උදෙම කෑගැහුවාමත් මට මතක් උනේ ඔය වගේම කෑල්ලක් තමයි! "
"ඒ මොකක්ද බං!?"
"'සබ්බේ පෘථග්ජනා උන්මත්තකා!' (සෑම පුහුදුන් සත්වයෙක්ම උන්මත්තකයෙකි!) කියන එක සර්!" මම නෝන්ඩි නැතුව කියලා දැම්මා.
"තොට මම . . . . . !"
අන්තිමේ ලොක්කටත් හිනා මටත් හිනා!
අපේ ආයතනයට ආවා සුපිරි වැඩ්ඩෙක් ආශික් ලාෆීර් කියලා. කිලෝ වලින් කියනවා නම් කිලෝ 150 ක් විතර බර මුහුණ පුරා රැවුල තියෙන කළු මෙන්න සයිස් පොරක්! උන්නැහැ ලංකාවේ අඩුම වයසෙන් චාර්ටඩ් කොලිෆයි වෙලා රැකෝර්ඩ් තිබ්බ බුවෙක්. එයා ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනාගත්තු කෙනෙක්. මේ වෙන කොට එයා සොෆ්ට්ලොජික් එකේ ගෲප් ෆයිනැන්ස් ඩිරෙක්ටර් හෙවත් සමූහ මූල්‍ය අධ්‍යක්ෂක! එයාම තමයි මාව යුනයිටඩ් මෝටර්ස් එකටත් ගත්තේ. ආශික් මහත්තයා යුනයිටඩ් මෝටර්ස් එකේ හිටපු මූල්‍ය අධ්‍යක්ෂක. මේ කථාව කියන කාලේ එයා තමයි අපේ මූල්‍ය සාමාන්‍යාධිකාරී උනේ. ඉතින් එයා හා හා පුරා කියලා නමෝ විත්තියෙන් අපේ ආයතනයට ආපු දවසේ අපි සියල්ලන්ම බෝඩ් රූම් එකට අරං පොඩි සොමි ටෝක් එකක් හෙවත් ෆ්‍රී චැට් එකක් දැම්මා. ආශික් මහත්තයා හොඳට කන බොන පල්ලි නොගිය ඩයල් එකෙක්!
"මෙතන කවුද සිගරට් බොන අය ඉන්නේ!?" එයා මුසල්මානු ස්වරයෙන් ඇහුවා.
අපි දෙතුන් දෙනෙක් අත ඉස්සුවා.
" මමත් බොනවා දවසකට පැකට් එකක්! කවුද එතකොට අරක්කු බොන්නේ!?" අපි බොහෝ දෙනෙක් අත ඉස්සුවා.
"හොඳයි මාත් ඔකේශනලි බොනවා! වෙලාවක අපි සෙට් වෙමු!! නලීන් පොඩ්ඩක් ඒක ඕර්ගනයිස් කරණ්න!!" එයා නලීන් සර් දෙසට නැඹුරු වෙලා කිව්වා. නලීන් සරුත් වැඩේ එකෙන්ම භාරගත්තා නරියට කුකුල්ලු භාරදුන්නා වගේ!
"එතකොට කවුද මෙතන ගංජා බොන්නේ නැත්නං බීලා තියෙන්නේ? කැනබීස්?" ආශීක් සර් ආයෙමත් කටහඬ අවදි කලා.
සමාන්‍යයෙන්මම මගේ මිත්‍රයින්ට හා දරුවන්ට කියනා වැකියක් වේ. එනම් "විවෘථ වෙනවා කියා රෙද්ද උස්සා පෙන්විය යුතු නැත!" කියන එකය. බොහෝ බොසාලා අපිට "කන්න බොන්න එන්න" කියන්නේ අපිට ආදරේට නොවේ. ඒ හොඳට ගැසුව පසු අප අතර බොහෝ දෙනෙක් ගීරා පෝතකයින් වන්නේය. ඒ නිසාම කාර්‍යාල වල සැලසුම් කරන බොසාලා රැඳෙන ගැවසෙන සුහද හමු, වාර්ෂික චාරිකා, මා දකින්නට පුරුදුවී ඇත්තේ මී කතුරු වල ඇටවූ පුච්චපු පොල් කෑලි මෙනි! අපි අපි සෙට් වී කන සාක්කුවේ වැටෙන්නට කෑවද බිව්වද බොසාලා දෙන මී පාසානම් කන්නේ බොන්නේ පරිස්සමෙනි. එදාට බිව්වද බොන්නේ පසු පාදයේ ක්‍රීඩා කරමින් දිගු ඉණිමක් ක්‍රීඩා කරමින්ය! බිව්ව ගමන් ගිරව් වන අපගේ මිතරයින් හා කරකාදීන් හට මා පාටියට යන්නට මත්තෙන් මේ පිළිබඳව කියා වදාරමි; අහන එවුං අහපු දෙං! නැති එවුං නිකා හිටපු දෙං!! කියලා.
ඉතින් එදා අපෙන් ආශික් සර් "කවුද ගංජා බීලා තියෙන්නේ?" කියලා ඇසූ සැණින් මා ඇතුළු තවත් ගල් පාඬි කිහිප දෙනෙක් හා ඇත්තටම බෝ පැල වගේ හිටපු එවුං සද්දෙ වහගෙන හිටියා. ඒත් තව බුවාලා සෙට් එකක් අත ඉස්සුවා! නලීන් ලොක්කත් එතන!
අත උස්සගෙන හිටපු එවුං ටික දෙනාව හොඳට ස්කෑන් පාරක් දැම්ම ආශික් මහත්තයා "ආ! මම නං කවදාවත් ගංජා බීලා නෑ!" ඇඟට පතට නොදැනී කියලා දැම්මා. අත් උස්සන්නේ නැතිව හොරා වගේ හිටිය අපිට අම්බානක හිනා! අත් උස්සපු එවුංට මොනවා හිතුනාදැයි දන්නේ උංම පමණි!
නැවතත් කියන්න තියෙන්නේ "විවෘථ වීම යනු රෙද්ද උස්සා පෙන්වීමක් නොවිය යුතුය!" කියාය. මේවා සියල්ල අර කමියා කිව්වා වාගේ "මැනේජ්මන්ට් තියරිම" තමයි පොතේ නැති!
ReplyDeleteඕක තමයි සර් අපේ භූරුවෝන් ගේ වැරුද්ද උන් දන්නේ නෑ රෙද්ද උස්සලා පෙන්නන කොට හිල් වෙච්චි ජංගියත් පේනවා කීලා
අනිවා ඒකතමයි ඇත්ත. සමහර විවෘථ වීම තුලින් තම්න්ගේ පමනක් නොව මුළුමහත් සංහතියේම ආත්මය නැතිවෙන්නත් පුළුවං - අර කැප්පෙටිපොල තුවක්කු භාර දුන්නා වගේ! මොකක්ද මේ අළුත් මූනයි නමයි!?
Deleteඇයි දන්නේ නැද්ද දැන් ඩ්‍රැකී පරපුරක් ඉන්නවා.
Deleteබ්ලොග් සුරපුර
ඩ්‍රැකී පරපුර
කරති අමපුර
අඩෝ! මුං ටික මෙතෙන්ටත් ඇවිත්!
Deleteආාා... මාත් ආව. කෝ තට්ට සර්?
Deleteඅම්මපා කවුද මුං ටික!?
Deleteදැනුයි මේක දැක්කෙ:
ReplyDeleteහොඳ මිනිසුන්ගේ නිහඬ බව නරක මිනිසුන්ගේ නපුරු බවට වඩා භයානකවේ.
ලෝකය වඩාත්ම විඳවන්නේ නරක මිනිසුන්ගේ හිංසාකාරී ක්‍රියා නිසානොව හොඳ මිනිසුන්ගේ නිහඬ බව කරණ කොට ගෙනය !
ලංකාවට නියමෙය ගැලපෙනව. කතාව හොඳට රස වින්ඳා වගේම, යමක් ඉගෙන ගත්තා කියලත් හිතෙනවා.
මං හිතුව ඔබවහන්සේ විවෘතවීම ගැන දේශනාවක් කරයි කියලා.
Deleteඅනිවා බස්සා! මම ඕක ජීවිත කාලයේම අත් දුටුව හා පිළිපදින සත්‍යයක්! ඔයා පාරකට බස්සෙකකට නැගලා බලන්න; අසරන මිනිස්සු කොයිතරම් අසාධාරණයට ලක්වෙනවාදැයි කියා? ඒවා බලාගෙන කට පියාගෙන ඉන්න එවුං දැක්කාම වැරැද්ද කරපු එකා පැත්තකින් තියලා ඉස්සෙල්ලාම උන්ට සංග්‍රහයක් පවත්වන්න හිතෙනවා - අර "බෝස්ටන් තේ පැන් සංග්‍රහය" වගේ එකක්. ස්තූතියි පැමිණ ලීවාට.
Deleteවිවෘතවීම ගැන දේශනාවක්? මේ මම? මොන පික්සුද, මම සංවෘත බස්සා, පිහාටු අලෝපු බෝලයක් වගෙයි.😊
Deleteකන්ද උඩ දේශනාව වගේ, බස්සගෙන් "දොරකඩ ගහ උඩ දේශනාව"
Delete..ඉත සිතින් ලිස්සා යන්නෝ භාග්‍යවන්ත බස්සෝ ය - මන්ද, ආඳ ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය...
DeleteHmmm, good advice. Have you met one Mr Athual Silva during United Motors days? Wijebahu
ReplyDeleteස්තූතියි! ඒ නම අසා ඇති හුරුවක් තියෙනවා, ඒත් කවුදැයි හරියටම මතක නෑ විජේභාහු මහත්තයා! එතුමා හිටියේ මොන අංශයේද දන්නේ නෑ නේද? මම වැඩ කලේ වැඩහලේ නේ!?
DeleteI think he was the Parts manager, relative of mine, now he is the KYB agent in SL, can get you a discount. Wijebahu
Deleteස්තූතියි! ඒ කියන්නේ ටාස් ඒජන්සීස් එකෙ වෙන්ටැ!?
Delete//නැවතත් කියන්න තියෙන්නේ "විවෘථ වීම යනු රෙද්ද උස්සා පෙන්වීමක් නොවිය යුතුය!" කියාය// .අත්දැකීමෙන් දන්නවා. හොඳ වෙලවට අපේ කොම්පැනි වල සර් සීන් නැහැ. කාටවත් සර් කියන්න ඕනේ නැහැ. ක්ලයන්ට් ලට ඇරෙන්න. අපිඅට් ඒත් කියන්න ඕනේ නැහැ.
ReplyDeleteඅජිත් අයියේ ඇත්තටම මෙහෙත් සමහර ආයතන වල "සර්!" සීන් නැහැ. උදාහරණයක් වශයෙන් MAS එකේ එහෙම. ඒත් බොහෝ ආයතන වල ඒ රටාව තවම තියෙනවා. යුනයිටඩ් මෝටර්ස් එකේ කලමණාකරුවන්තෙක් පහල සිට ඇමතෙන්නේ "අයියා" හෝ නමින්.නියෝජ්‍ය සාමාන්‍යධිකාරීගෙන් ඉහල අයට තමා "සර්!" කිව්වේ. ඒත් සාමාන්‍යාධිකාරීට පවා GM කියලා ඇමතූ අය නොසිටියා නොවේ! ස්තූතියි ගොඩ වැදී වචන කිහිපයක් කථාකරණ්නට නැවතුනාට!
Deleteලංකාවේ නෞකාවල ලාංකීය කැප්ටන්ලාට සර් කියන්න ඕනේ. බැරිවෙලාවත් සර් නොකියා කැප්ටන් කියලා කතාකලොත් අතිං අරන් පුපෙන් තියාගත්තා හා සමානයි. සමහරුන්ට උදේ දැක්කොත් කටපුරා ගුඩ්මොනින් සර් කියලා හයියෙන් සද්දෙට කියන්න ඕනේ. සද්දේ අඩුනම් කෙලියා තමයි. ඉහලින් ඕඩර්ස් පිට දවසේම බර වැඩ වැටෙනවා. දැන් තත්වය කොහොමද කියලා කියන්න දන්නේ නෑ.
ReplyDeleteපොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ තත්වය කිසිම ලෙසකින් වෙනස් වී නැහැ! කථාවට කියනවා; උදෙට මල් පැල වලට වතුර දාන්න ඕන සෙබලා රේන් කෝට් එකක් දාගෙන මහ වැස්සේ උනත් වතුර දාන්න ඕන කියලා! හමුදාවක් තුල මෙහෙයවීම් කෙරෙණ්නේ මානව වාදී උත්ප්‍රේරන නැහැ නොවැ. සියල්ල බයි ඕර්ඩර්ස්! සරත් ෆොන්සේකා මහතාගේ ඒ තිඋනු දරදඬු ක්‍රම වේදය නොවෙන්නට තවමත් ප්‍රභාකරන් උදෙට දවලට රෑට කාලා අතුරු පසට බෝම්බයක් ගහන එකෙක් වෙන්නට තිබුනා යන්න මගේ මතය! (සැබැවිනම අවසාන ඊළාම්යුද්ධයේදී නාවික හමුදාව නොඉන්නට එය මහා ව්‍යවසනයක් වන්නටත් රජයේ හමුදා පරාද වන්නටත් තිබුනු ඉඩ කඩ මෙතැකැයි කියන්නට බැහැ!) ඒත් සමහර හීනමානයෙන් පෙලෙන්නන් තම ගරුත්වය ඉල්ලලා හෝ බලෙන් ලබා ගන්නට පෙලඹෙනවා! එහෙත් සැබෑ මහත්වරුනට එය බලෙන් ලබා ගැනීමට හෝ හිඟා කෑමට සිදුවන්නේ නෑ! ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන නම ලියන කොට නිරන්තරයෙන්ම අග්ගිස්සට "මහතා" කියන අකුරු ටික ටයිප් වෙන්නේ නිරායාසයෙන් වන්නේ ඒ නිසා වන්නට ඇති!
Deleteහමුදාවේ තත්වය වෙනස් නේ. ලෝකේ ඕන හමුදාවක රෑන්ක් එකට ගරු කරන්න ඕනේ. සුද්දගේ කැප්ටන් ල "at Ease Soldier " කියන කොට යාස් සාර් කියන්න එපාය =. සෝවියට් හමුදාවේ තිබ්බේ හමුදා භට සහෝදරය, කැප්ටන් සහෝදරයා, කමාන්ඩර් සහෝදරයා වගේ වචනනේ
Deleteකොළොම්පුරේ මර්චන්ට් නේවි...
DeleteH...m !Ada upadesekuth aran awilla inne.Bohoma hondayi!
ReplyDeleteඅනේ නෑ සරත් මහත්තයා ඒය උපදෙශයක්ම නොවේ! ඒත් ඇත්තටම මාලියන බොහෝ මගේ ජීවන අත්දැකීම් තුල අන් අයට උකහා ගැනීමට දෙයක් ඇතත් නැතත් මාහට ඉගෙන ගැනීමට දෙයක් තිබුනා. උදාහරණයක් ලෙස; මා "සයිකලයෙන් තල් අරණට" නමින් යපනේට ගිය සයිකල් චාරිකාව ලිව්වේ මා හට හෝ වෙන යම් අයෙකුට එවන් "ඇඟ රිදෙන" අහවල් අමාරුව ඇති අයෙකු හට එය ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට මාර්ඝෝපදේශයක් ලෙසයි. බොහොමත්ම ස්තූතියි පැමිණ මදක් නැවතී දොඩමළු වූවාට!
Deleteලගදි ඉදල ලංකාවෙ තුන්වන පාර්ශ්වයක් ගැන කියනකොටත් අගට සර් කියන එකක් තියනව.
ReplyDeleteප්‍රින්සිපල් සර්, මැනේජර් සර්, කැප්ටන් සර් වගේ.
අපි ඉස්කෝලෙ යන කාලෙ ප්‍රින්සිපල්ට සර් කියල ආමන්ත්‍රණය කරනව මිසක් ඔහු ගැන තවත් ගුරුවරයෙක්ට කියනකොට ප්‍රින්සිපල් සර් කියලා කියල නෑ. කොටින්ම ප්‍රින්සිපල් සර් කියල එකක් අහලවත් නෑ.
ලංකාවේ ආචාරශීලීබව සමාජයේ අඩු වුනාට ප්‍රසිද්ධියේ අධි ගරුත්වයකින් කතා කිරීම හුගක් වැඩියි.
ප්‍රාජේ ඒක අද පටන් ගත්තු දෙයක් නොවේ! දැන් බලන්න අපි දොස්තර ළඟට ගිහින් "ඩොක්ටර්" කියලා කථාකරලා වැඩේ කර ගත්තට ගමේ ඉන්න වෙදෙක් ලඟට ගියාම එයාව අමතන්නේ "වෙද මහත්තයා" කියලා!? ඇත්තටම ඒ ඇයි කියලා හිතා ගන්නා අමාරුයි. හුදීක් "වෙදා" හෝ "වෙදෝ" කිව්වොත් ඒක පරිභවයක් ලෙසයි ගැනෙන්නේ? ඇත්තටම ඒ ඇයි!? ආ! තව එකක් නීතීඥ්ඥ මහත්වරුන්ට ඔවුන්ගේ සේවාදායකයින් මේ තරම් ඇඹරෙන්නේ ඇයි? මේවා සෑහෙන්න බොන්න ඕන පස්න! අළුත් කඩේ ක්‍රිමිනල් කේස් කරන ලෝයර් මහත්වරු තමන්ගේ බඩ සාය රකින අහිංසක මිනිස්සුන්ට සලකන්නේ තරහ කාරයින්ට වගේ! මේවා සියල්ල වෙනස් විය යුතු කරුණු කාරනා! එහෙම නේද!?
Deleteලංකාවෙ පාරිභෝගික අයිතිවාසිකම් ගැන ලොකු ප්‍රශ්නයක් තියනව
Deleteහ්ම්..හ්ම්..
Deleteඔ්ක පටං ගන්නව මම දැක්කෙ, ුණසේකර කේ ලියනගේ "දැනුමයි වාසනාවයි" එකේ. උන්දැ තමා උවමනා නැති ගරුත්වයක් සමාජ ගත කරන්ඩ මුල් වුණේ.
Deleteසාමාන්‍යයෙන් සමාජයට වැඩක් කරපු උදවිය හැඳින්වුණේ නමින්. ටී ඒම් ජයරත්න, මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, වගේ. ඒ් උදවිය ගෙ නම පමණක් ම ගත්තත් ගෞරවයක්...
අරුන්දැ තමා, ඒ් උදවියට මහතා, මැතිතුමා, කියල කියවන්න ගත්තෙ. කොහොමද සිංදුවක් එහෙම එනවුන්ස් කරද්දි,
"දැන් වේදිකාවේ අසංග ප්‍රියමන්ත පීරිස් මැතිතුමා..." කියලා?
"මේ ගීතයේ පදමාලාව ශෛලේන්ද්‍ර මහතා, සංගීතය ලක්ෂ්මි කාන්ත් මහතා සහ ප්යාරෙලාල් මහතා, ගායනය මොහොමඩ් රාෆි මහතා සහ ලතා මංගේෂ්කාර් මෙනවිය" එහෙම කියන්න ගියොත් හොඳ ජෝගියක් තියෙයි නේද?
මාර ආතල් තමයි ඒ කාලේ ගුවන් විදුලියේ තිබුනේ. "දැන් ජික්කිගේ පහත් තැනින් යයි ගලා ජලේ!" කිව්වා වගේ තමයි!
Deleteගුණසේකර කේ. පතිරණ නේ ද නම? අති පණ්ඩිතයා.
Deleteබුවාත් එක්ක පරණ තරහක් තාම හිතේ තියෙනෝ, ඉස්කෝලෙ කාලෙ quiz ප්‍රෝග්‍රෑම් එකකදි වුනු සිද්ධියක් නිසා. :D
රාම සැරේටත් වැඩි ලොකු හීන් සැරේ
ReplyDeleteවගේ කතාවට කියනව වරින් වරේ
'රෙද්ද ඉස්සුවත් 'වජු බිලු' නොපෙනයුරේ
උස්සාපන්' lesson එක මරු, දමමි හුරේ!
පොහොට්ටුවක් කෙමෙන් කෙමෙන් විකසිතවී මලක් වනවා සේම ඔබ දිනෙන් දින කවියෙකු වීම; මා සතු සිතින් බලා සිටිමි! ජය වේවා! මමයි කොලොම්පුරෙයි නිදි අයියාව මුණ ගැසෙන්න එන්නයි හිතාන ඉන්නේ.
Deleteයමු යමු.. ලගදිත් විනාඩි 5 කට ගිහින් නිදිගේ වටිනා කාලයෙන් පැය බාගයකට වඩා කාලා ලොවක් වටිනා උපදෙස් ගොන්නක් ලබාගත්තා. සුන්දර මිනිසුන් සමග සුන්දර හමුවක් වේවි..
Deleteමම ඉක්මණින්ම යොදා ගන්නම්!
Deleteඅගේ ඇති කතා ටිකක් තට්ට සර්.
ReplyDeleteස්තූතියි ප්‍රසන්න මහතා!
Deleteහිහ්
ReplyDeleteමම නම් ලොවෙත් සර් කියන්නේ නැහැ. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, මට සර් කියන එකේ ඇති වටිනාකමක් පේන්න නැහැ. එක්කෝ මිස්ටර් නැතිනම් ඔෆිසර් වගේ ඇරුනාම වෘතිය මට්ටමෙන් ඩොක්ටර්, ටීචර් වගේ ඒවා නම් කියනවා. ගොඩක්ම ඉතින් ඔය මිස් වගේ ඒවා නම් කියන්න වෙනවා රාජ්‍ය ආයතන වලට පය තියන්න උනොත්. සර් නම් කියන්නේ ගුරුවර සර් කෙනෙක්ට විතරමයි.
සුහද කතාබහකදී බොන ඒවා, ගංජා ගහන ඒවා ගැන ඔහොම අහන එකෙන්ම ඒ මිනිහාගේ චින්තනය තේරෙනවා. මම හිටියා නම් හිනා වෙලාම එදාම අස් කරනවා! ආ.. අමතක උනානේ.. ගෑල්ලමයි ගන්නේ නැහැ නේ ඔහොම කතා වලදී... හොඳට ගියා.
[ මේ මොකවත් නෙවෙයි උගත් පාඩම : තට්ටයා මහතා එක්ක පරෙස්සමෙන් හොඳේ......]
ලිඛිතා මිස්! අපිටනම් රැකියාව තුල අපි ලඟට ආ විට කන ඩ්‍රැයිවර් මහත්තෙයෙකුට උනත් "සර්!" කියලා කථා කරණ්න රැකියාව තුල බැඳී සිටියා! මොකද "පාරිභෝගිකයා යනු රජුය!" යන තේමාව ඔස්සේ අපි කටයුතු කල යුතු බැවින්.
Deleteනමුත මට "සර්!" කියපු අපේ පොඩි කොල්ලො කුරුට්ටන්ට නම් මා කථා කලේ "මචං!", "පුතා!", "කොල්ලෝ!", "යකෝ!" වැනි ආදරණීය වදනින්. ඒත් එයා ලා කවදවත් මට පෙරළා "මචං!" කියන්න ආවේ නෑ! "සර් නම් කියන්නේ ගුරුවර සර් කෙනෙක්ට විතරමයි." කියලා ඔබ අවසානේ ලියලා තිබුනත් ඇත්තටම ඒ අයත් ඉස්කෝලෙ මහත්තයා හරි ටීචර් කියලා හරි කතා කරණ්නටත් ඔබට තිබුනා!
න්මට නම් වෙන එකෙකුට සර් කියන එක ඌට "මචං!" කියනවා වගේම මගේ ඇඟට පතට නොදැනෙන දෙයක්.
"අනේ යන්න සර් යන්න!"
"පිස්සු කෙළින්න එපා සර්! අදනම් ඒ වැඩේ කරණ්න බෑ!"
"සර් නම් මාර බුවෙක් තමයි!" ඔය අපි අපගේ ඉහල නිළධාරීන් සමග කතා බහ කල හැටි! එතකොට එයා; තමාට සර් කිව්වා කියලා ඔලුව උදුම්මවා ගන්නවත්, අපි ඌට සර් කිව්වා කියලා හීනමානයට පත් වීමටවත් ඉඩක් නෑ!
ඒක හරියට හක්බෙල්ලාවක හිටිය බී ඇල් සිරිපාලට ආදරේට ගෙදරින් "මහත්තයා" කියලා හුරු කලා වගේ. අන්තිමේ ගමේ එවුං ඌ ගැන හෙව්වේ "කෝ බං මහත්තයා කොල්ලා? මෙහේ එහෙම ඌ ආවාද?" කියලා.
පිරිමි පිරිමි හා ගැහැනු ගැහැනු අතර කෙරෙණ සුහද කථා බහ ගෙවී යන්නේ දේඅකාරයකටය. ගැහැනුන් තමන්ගේ දරුවන්ගේ ටියුෂන් පංති, හොඳ සාරි කඩ, සැලූන් , ප්ලාන්ට් ෂොප් ගැන කතා කරණ අතර පිරිමින් කථා කරණ්නේ අරක්කු ගැන, හොන්නද් ඩෙවල් පෝක් එකක් දාන රෙස්ටුරන්ට් එකක් ගැන, ඔෆිස් එකට අළුතින් ආපු කෑල්ල ගැනය. ඒ නිසා ඒ පිළිබඳව තරහ අවසර!
මාර පාඩමක්නේ ඉගෙන ගෙන තියෙන්නේ! ඔබ විතරයි ඔහොම කිව්වේ. අපි මෙහෙම හිටියට නා දළු වගේ හමන ඕන අතකට නැවෙන අහිංසක පොරවල් ය!
සුද්දෙකුට සර් කිව්වොත් මම තවමත් නයිට් කෙනෙක් වෙලා නෑ කියලා කියනවා.
ReplyDeleteඒ කුමාර මහත්තයා සුද්දෝනේ!? පසු ගිය "මා අලකල ව්‍යාපෘථි " කියෙව්වේ නැද්ද? මං හිතුවේ ඔබ තුමා ඒ පොලිස් නිළධරයාව අඳුන ගෙන මගෙන් අහයි කියලා!?
Deleteලංකාවේ සර් කියන වචනයට තියන තත්වය මේ වාක්‍යයෙන් පැහැදිලියි.
ReplyDelete//මේකනේ සර්! මම ඕන බල්ලෙකුට සර් කියල තමයි කථා කරණ්නේ//
ලොක්කන් එක්ක අතේ ගානට නොයිඳ, වැඩිපුර අවංක වෙලා වණ කර ගන්න එකට මේ කියමන 100% ගැලපෙනවා.
, // "විවෘථ වීම යනු රෙද්ද උස්සා පෙන්වීමක් නොවිය යුතුය!"//
ඔව් සෑම් මහත්තයා දැන්මේ අට පාස් මංතිරියන්ට සී ඒ එස් පාස් දිසාපතිලත් හතරට නැවිලා "සෑර්!" ගානකොට තව මොකද්ද! මම නම් කියන්නේ කොල්ලටයි බල්ලටයි හැමෝටම "සර්!" කියලා ඒකෙ තියෙන ආතල් එක නැති කරලා දාන්න ඕනේ! හරියට කලිසමට උනදේ වගේ! හැමෝම අඳින කොට ඒකේ තිබුනු බොරු මහන්තත්වේ බිංදුවට බැහැලා ගියා වගේ!
Deleteලොකු සර්, ඔය 'සර්' කියන්නේ මහා බලගතු වචනයක්. වටේටම ඇහෙන්ඩ හයියෙන් 'සර්' කියල කතා කරලා හිටං මං නොකෙරෙන වැඩත් කරවාගෙන තියෙනවා. ඕඕ යේස්.
ReplyDeleteජයවේවා!
Myself Hattor
අනේ ඔව් මමත් ඕන බල්ලෙකුට සර් කියනවා. මගේ මොකෝ කියලා! අහන උගේ වත් හිත සතුටු වෙනවානේ කියලා!
Deleteමේ හැට්ටර් සර් ලොකු ටෝක් ඕනේ නැහැ කෝ ඊළඟ ලිපිය
Deleteහොන්ද උපදෙසක්නෙ මේ පාර දීලා තියෙන්නේ.
ReplyDeleteබොරු නොවේ නේද? මේවා වැඩ කරන තැනට , ජීවත්වෙන සමාජයට විතරක් නොවෙයි ගෙදර දොරට උනත් එකසේ ගැලපේ!
Deleteමරු කතාව😁.
ReplyDeleteBlog වලට නම් මන් අලුතින් ආවේ.☺☺🤗
බොහොම ආදරයෙන් සාදරයෙන් යුතුව පිළිගන්නවා. මේ වගේ සිද්ධීන්, කල කී දෑ, දේශපාලන. මියැසිය, කවි වගේ බොහෝ දේ ලියා තියෙනවා. කියවා බලන්න. බොහොමත්ම ස්තූතියි. ගොඩ වැදුනාට වාගේම පොඩ්ඩක් දොඩමළු වෙන්න නැවතුනාට. ආයෙමත් මේ පැත්තේ එන්න.
Deleteඔයා බ්ලොග් එකක් ලියන්නැද්ද?
ගොඩක් ඒවා කියෙව්වා නියමයි ඔක්කොම❤😋🤩.
Deleteඅලුතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා😊.
තාම මොකුත් ලියලා නම් නෑ. තාම ඉස්කෝලේ යනවනෙ.
කියන්න සංතොසයි මාත් ඔබතුමාගෙ ඉස්කෝලෙ😁❤💪
අහා! නියමයිනෙ! (අපේ ඉස්කෝලෙ කිව්වාම!) බ්ලොග් එකක් පටන් අරගන්න! ලියන්න ගියාම ඕන තරම් දේවල් හිතට එයි ලියන්න! ඒ සම්බන්ධව මොනවා හරි උදව්වක් ඕනෙ නම් කියන්න.
Deleteමේ බ්ලොග් පේජ් එකේ දකුණු පස ඉහල කෙළවරේ තියෙනවා "මගේ ගෙදර දොරේ යතුර" කියලා පොඩි හෙඩිමක්. ඒකට යයින් ඔයාගේ නමයි ඊ ලිපිනයයි දාලා මට ලියන්න. ඒ තුලින් මට උදව් කරණ්න පුළුවන් (මට පුළුවං හැටියට)!
බොහොමත්ම ස්තූතියි නැවත ලිව්වාට!
හරී බොහොම ස්තුති😁
Deleteදොරේ යතුර නම් හොයාගන්න බැරි උනා.
Deleteවිභාගේ ලියලා ඉවර වෙලාම ලියන්න පටන් ගන්නම්කො😊
manjulaperera79@gmail.com
Deleteඔ්නෙම බල්ලෙකුට සර් කියන්න අපිටත් සිද්ධ වෙලා තියෙනව. අපේ ම සමහරු ඉන්නව හැබැයි, තමන්ට වඩා පියවර කීපයකින් සීනියර් කෙනෙක් වුණත්, කමන්ගේ සෘජු අධීක්ෂකයෙක් නොවේ නම් ඔය ඔහු/ඇය උදක් ම අපේක්ෂා කරන ගෞරවය නොදෙන. ඒ්කට නම් හේතුව මට පේන්නෙ තමන් තුළ තියෙන පෞරුෂයේ ප්‍රශ්නයක්.
ReplyDeleteඅර කිව්වා වගේ, සර් කියලා වැඩක් කරවා ගැනීම ලේසියි හුදෙක් තමන්ගෙ ස්ටේටස් පවත්වාගැනීමට වඩා.
අනික, කමන් ගෞරවය දුන්නොත් තමන්ටත් ගෞරවය ලැබෙනව.
මාත් මයෙ පහළ උන්ට මචං, මල්ලි කියල කතා කරනව. උන් කරේ නගින්න එන්නෙත් නෑ ඉතිං. ලස්සනට වැඩ ටික කරලා දීලා, අපි වළක වැටෙන්න ගියොත් බේරන්නත් උත්සාහ කරනව.
උඩ ඉන්නේ මේ ඩ්‍රැකී නොවේද?
Deleteසත්තකින්ම අපේ රට වාගේ පසුගාමී චින්තනයකින් යුත් මිනිසුන් පිරුණුන් රටක ජීවත් වෙන විට බල්ලන්ට පවා සර් කියන්නට නිරන්තරයෙන් සිදුවීම වලක්වා ගැනීම අපහසුය!
මට නම් තියෙන්නේ "මිස්ටර් අහවලා" කියනවාට වඩා "සෑර්!" ගාන එක දිවට හරි පහසුයි. අනෙක නමකින් ආමන්ත්‍රණය නොකර කථා කරණ්න විධියකුත් නෑනේ.
ඔව් සර්! කිව්වාම වැඩ කෙරෙන ගතියකුත් තියෙනවා. ඉතින් වැඩෙත් කෙරෙනවානම් බණ්ඩක්කා වගේ ඔන්න ඔහේ "සර්!" කිව්වාම මොකක් වෙනවාදැයි කියා මමත් කියල දානවා!
ඔව් ඒකාලේ ඉඳන්ම පුතා! කොල්ලෝ!, මචං!, යකෝ!, .........!! වගේ වචන වලින් තමයි මාවිසින් බලා කියා ගන්නා අයට කථා කරණ්නේ! උනුත් ඉතින් "මේ මළ සමයම" මොකක් කීවාම අපිට මොකෝ කියලා හුරතලේට වැඩ ටික කරලා දෙනවා. පුතා! කියලා වැඩේ නොකෙරුණු තැන නාම විශේෂනයක් එක්කම "පුතා!' කියලා අහන්න වෙන්නේ නැතිවෙන්න උන් සුපිරියට ගේම ගහනවා!
දවල්ට කන්න යන ගමන් උන් ගාවට ගිහින් "උඹලා කෑවද බං?" කියලා අහල තමයි කෑවේ!
උන් "තාම කෑවෙ නෑ!" කිව්වාම "යකෝ කාල හිටිං කොයි දේ කරණ්නත්! වරෙං වරෙං කන්න!" කියාගෙන තමයි පහු ගිය අවුරුදු කීපයම ගෙවුනේ.
ලොකු සර් බලන්ඩකෝ බස්(ස) නායක සර්ගෙයි ඩ්‍රැකී සර්ගෙයි බ්ලොග් වලට ගොහින්.
ReplyDeleteරුමේනියන් පාස්පෝට් කෂ්ටියගේ වැඩ කිඩ.
කොමෙන්ට් ටික කියවන්ඩ. සා එළමකිරි.
ජයවේවා!
Myself Hattor
අන් අයගේ බ්ලොග් වලටඇඟිල්ල දිගු කිරීම හෙලා දකිමි! කරුණාකර තමන්ගේ බ්ලොගය ලියන්න ගන්න! - තට්ටයා.
Deleteකථාව නම් සම්පූර්ණ ඇත්ත. මේවගේ අත්දැකීම් මටත් තියෙනවා. පාලන තන්ත්‍රය අරක්කු වීදුරුවත් අතේ තියන් වටේ යනවා. අපේ එවුන් සලු වෙලා.ඔක්කොම වමාරනවා. ප්‍රතිඵල එන්නේ තැපෑලෙන්. කතන්දරේ මතුවෙනකොට පරක්කු වැඩියි. හිඳුනම කීවහම පිලිගන්නවා. ඒත් ඊළඟ දවසෙත් ඔය ගොංකම ඔය විධියටම කරනවා.... හැමදාම අත්දැකපු දෙයක් නැවුම් විධියට ලියලා තියෙනවා. ස්තුතියි...
ReplyDeleteඑක නොවැ. මොකට සර් කියන්න දිව නොනැමෙන්නෙ. හැබැයි ඌ රඟන්න ආවොත් පොස්ඩක් අඩිය පස්සට ගන්නව. ප්‍රතිපත්තියක් තියෙන එකනම් මගෙත් උපරිමෙන්. තට්ටය තුමාටවගේ මටත් සමහර වෙලාවට පොස්ඩක් විතර හීනියට කට වැඩ කරන එක විතරයි පරහකට තියෙන්නෙ. රෙද්ද උස්සන්ට කලින් නම් මුට්ටිය දැමීම අනිවාර්යයි..
ReplyDelete