Tuesday, April 23, 2019

135. මරු (පෙනි පෙනි කියූ) කියුම් . . . . . !








මේ ගැන කතා කිරීම ආච්චිට හාල් ගරනවා වැනි වැඩකි. මන්ද කටේ දත් නැති ආච්චිට හාල් ගරා වැඩක් නැත. එසේම හිතට එන අදහස් ලියා තැබීමට ගන්නා වෙහෙසක් විනා මෙහි කිසියම් හෝ හරයක් නොමැත!

ප්‍රවෘථි හෙවත් නිව්ස් ලියනා ක්‍රම වේධ දෙකක් වේ.
1. ආවෘථ පිරමීඩ න්‍යාය.
2. අනුපිළිවෙල න්‍යාය.

මම මේ ලියන්නේ ඉන් එකකටවත් අදාල නොවන මගේම න්‍යායකින් ය. එනම් "අපිළිවෙල න්‍යායයෙන්" ය! එනිසාම මෙහි එන චරිත මා පෙලගස්වා ඇත්තේද අපිළිවෙලට විනා කිසිදුහෝ ක්‍රමවේධයකට නොවේ.

මේ දිනවල බෝම්බයෙන් මියගිය ප්‍රමාණයටත් වඩා වැඩි සංඛ්‍යාවකින් මීඩියා සැණකෙළි පවත්වමින් ඇත. මේවා තුල කියැවෙන්නේ "මරු" කියුම්ය. "මරු" කියුම් යනු අගනා කියුම්ද, මරුවාගේ කියුම්ද, මරු දුටු විට කියවෙන කියුම්දැයි කියා මහාචාර්ය ජෙ බී දිසානායකගෙන් හෝ ජනප්‍රිය බණ්ඩාරගෙන්  ( මහාචාර්ය සරත් විජේසූරියගේ "මගේ නඩුව ඉවරයි" පොතෙ එන චරිතයක්.) අසා දැන ගත යුතුය.

1. මල ගෙදර ගෘහ මූලික අති උතුම් මැල්කම් රංජිත් පියතුමා: "මේ සිදුවීම කල කිහිපදෙනා පිටුපස සිටින බලවේග සොයාගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුයි. මේ ප්‍රහාරය පිළිබඳව කලින් ආරක්ෂක අංශ දැන සිටියා යැයි දැනගත් විට අපි ඔළුවේ අත් දෙක ගසා ගත්තා".

"ක්‍රිස්තියානු කටයුතු ඇමතිගේ ආරක්ෂක අංශය වත් ඔබ වහ්න්සේව දැනුවත් කලේ නැතිද? අවම වශයෙන් එම ඇමති වත්?"

2.හිටපු ජනධිපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ: "සියළුම ප්‍රභූ ආරක්ෂක අංශ මේ ප්‍රහාරය පිළිබඳව දැන සිටියා. කොටින්ම මගේ ආරක්ෂක ප්‍රධානී පවා! ඒත් මීට නිසි පියවරක් ගැනීමට "රජය" අපොහොසත් වුනා."
මාධ්‍ය වේදියෙක්: "ඔබගේ ආරක්ෂක ප්‍රධානි දැන සිටියා නම් ඇයි ඔබ ඊට පියවරක් නොගත්තේ?"
මහින්ද රාජපක්ෂ: "ඒයා මටත් හොරෙන් ඊට පිළියම් යොදලා! මටවත් කිව්වේ නෑ"

"තමාගේ සේවා දායකයාහට, විපක්ෂ නායකතුමාහට, හිටපු ජනාධිපතිට එවන් ප්‍රහාරයක් පිළිබඳව, අමානුෂික අතිශය භයංකර, ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව දැනුවත් නොකර සිටි වරදට ඔබගේ ආරක්ෂක ප්‍රධානිට එරෙහිව ඔබ කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නේද? එසේ ඔහු එය රහසක්ව තබා ගත්තා යැයි අපට පිළිගන්නට ඔබට කිව හැකිද?"

3. විමල් වීරවංශ: රජය විසින් මෙහි  වගකීම බාර ගත යුතුයි. මෙම ප්‍රහාරයට සම්බන්ධ  ඊබ්‍රාහිම්; පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තුවට නම් කොට තිබූ අයෙක්.

"මෙම ප්‍රහාරය පිළිබඳව දැන සිටි රජයට මෙන්ම විපක්ෂයට සම්බන්ද අන් දේශපාලකයින් හට මෙහි වග කීමෙන් ඈත්විය හැකිද?"

4. විජිත හේරත්: මෙහිදී පටු දේශපාලන අරමුණු වලින් තොරව කටයුතු කල යුතුයි!

"අන් අය ලද ආරංචිය ඔබ දැන නොසිටියේද? ඊබ්‍රාහිම් පිළිබඳව ඔබ කිසියම් හෝ කරුණක් දන්නේද? ඔහු ඔබගේ පක්ෂයේ ජාතික ලැයිස්තුව තුල කවදාහෝ නම් කෙරී ඇතිද? එය එසේනම් ඒ ගැන කතා කිරීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නොමැතිද?"

5. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න: "මේ ගැන රජයක් විදියට කණගාටු වන්නෙමු. මේ ගැන දැනුවත්ව සිට ඊට නිසි පරිදි කටයුතු නොකල පොලිස් පති ඉල්ලා අස්විය යුතුය!"

"දන්නා පරිදි ශ්‍රී ලංකා පොලීසිය පාලනය වන්නේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයෙන්වන අතර  එහි ඇමති වන්නේ රංජිත් මද්දුම බණ්ඩාර වේ. ඔහුට මෙය අදාල නොවන්නේද? රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මින් ගැලවෙන්නේ කෙසේද?" 

6. වාසුදේව නානායක්කාර: "මේ ගැන අගමැති සැකයි. මේ ගැන කලින් දැන සිට ඇයි පියවරක් නොගත්තේ?"

"ඔබ  දැන නොසිටියාද? ප්‍රභූ ආරක්ෂක අංශවලට එවන ලද ලිපිය ඔබගේ ආරක්ෂක ප්‍රධානි හට පත් නොවුනා ද? ඒ ඇයි? ලැබුනා නම් ඔබ දැනුවත්ව සිටියාද නොසිටියාද? නොදැන සිටියානම් ඒ ඇයි? දැන සිටියානම් ඊට ඔබ ගත් පියවර කුමක්ද?"

7. ක්‍රිස්තියානු කටයුතු ඇමති ජෝන් අමරතුංග: "මට කිව්වෙ නෑ! මං දන්නේ නෑ!! මං හිටියේ මඩු පල්ලියේ!

"ඔබ දැන නොසිටියාද? ප්‍රභූ ආරක්ෂක අංශවලට එවන ලද ලිපිය ඔබගේ ආරක්ෂක ප්‍රධානි හට පත් නොවුනා ද? ඒ ඇයි? ලැබුනා නම් ඔබ දැනුවත්ව සිටියාද නොසිටියාද? නොදැන සිටියානම් ඒ ඇයි? දැන සිටියානම් ඊට ඔබ ගත් පියවර කුමක්ද?"

7. හරීන් ප්‍රනාන්දු: "තාත්තා කිව්වා! ඒ හින්දා මම පල්ලි ගියේ නෑ!"

"මෙය වගකීමකින් කල හැකි ප්‍රකාශයක්ද?"

8. කබීර් හශීම්: "වනාතවිල්ලුවෙන් අතඩංගුවට ගත් අය මේ ප්‍රහරය තුලත් එක් අයෙකු හෝ ඇති. ඒ අයව නිදහස් කලේ දේශපාලන හස්තයකින්. ඒ කවුදැයි හොයන්න ඕනෑ!"

"සැකකරුවන් නිදහස් කිරීමෙන් මෙපමන කලක් ඒ පිළිබඳව හෙළිදරව් නොකලේ මන්ද?"

"ප්‍රභූ ආරක්ෂක අංශ දැන සිටි මෙම ප්‍රහාරය පිළිබඳව ජනාධිපති ලෙසට මෛත්‍රීපාල සිරිසේන දැන නොසිටියේද? දැන නොසිටියානම් ඒ ඇයි? ඊට ඔබ ගන්නා පියවර කුමක්ද? දැන සිටියානම් ඒ පිළිබඳව පියවරක් නොගන්නේ ඇයි?"

12 comments:

  1. මේක නං 'ක්ලැසික්' මහත්තයෝ. බෙදානොගෙනම බෑ.

    ReplyDelete
  2. අපට වඩා බොහෝ සෙයින් ආරක්ෂිත අමෙරිකාවටත් මෙවන් ප්‍රහාරයකට මුහුණ දෙන්න උනා. ගරිල්ලා සංවිධානයකට ඕනෑම හමුදාවක් එක් මොහොතකට හෝ පැරදවීමට හැකි බව මගේ විශ්වාසයයි. ඒත් එම ප්‍රහාරය පිළිබඳව දේශපාලකයින් පමනක් නොව සාමාන්‍ය පුරවැසියෙකුහටවත් වගකීමකින් තොරව ක්‍රියා කරණ්නට, කතා කරණ්නට, ලියන්නට නොව හිතන්නටවත් බෑ! බොහොමත්ම පිං ඔබ වහන්සේට!

    ReplyDelete
  3. වගකීමකින් තොර ප්‍රකාශ. ලේ නැටවෙනවා හිනා යන්නේ නැහැ

    ReplyDelete
  4. එක් එක් කවටයා පැමින සභාව සිනහ ගැන්වීමට තැත් කරයි! එහෙත් කරළියට ගිනි ඇවිළී ඇතිබව ඔවුනට නොදැනේ. වඩාත්ම දුක මේ කවටයන්ගෙන් එකෙකුහෝ අපේ ඡන්දය වරක් හෝ පොකට් ගසා ඇති බැවිනි! රටකට යන කල!

    ReplyDelete
  5. First of all, blood donation is a noble act.

    As usual the govt we finance (living in luxury) passing the buck to someone else and life goes on.

    The joke is even the general public (who are at the receiving end) seems divided by party line. I ask my friends living in Sri Lanka, if the govt will take the responsibility and resign? Answers are, UNP should resign, President should resign, MR should resign.(no one said whole political establishment, including opposition is responsible)

    This is a result of weak leadership of MS+Ranil govt including reducing President's power. Even our people were enjoying WAL BOORU freedom under weak king and govt. Result is Innocent public getting killed and politicos are safe.

    Only problem govt had past few months was how to get more ministers appointed. Hemasiri Fdo must have thought, suicide bomber will come and throw stones.

    Hope people will forget party politics and teach these idiots a lesson (I am not so sure though)
    Wijebahu

    ReplyDelete
  6. කියන්නට දෙයක් නොමැති තැන හිතන්නට යමක් ජෙනරල් ෆොන්සේකා එකතු කලේය!. පාර්ලිමේන්තුවේ සියල්ලන් ගලේ පහරපු බළලුන් සේ "දැන් වෙනදේ වෙලා ඉවරයි! ඉදිරියට කල යුතුදේ එක්ව කරමු!" යන ඇඟ බේරා ගැනීමේ ප්‍රකාශයෙන් හෙළුව වසා ගත්තෝය! මිය ගිය වුනට කලියෙන් මේවාට වග කිව යුත්තන්හට නිවන් සුව පතමු! ස්තූතියි.!

    ReplyDelete
  7. නිවැරදි කිරීමක් පමණි්‍ පොලෝසියද ඇතුළුව සියලු ආරක්ෂක අංශ සියල්ල බාර අති ගරු මෛයිත්‍රි මැතිතුමාටය‍
    මී ගහතැන්න රෝහල අසල පාර හරගට ගහපු තොරණක තියෙනව
    අභිමානය ලක්දෙරණේ රැකි පිනට- භූපති නුඹයි මෙත් මැතිඳුනි හෙටටත් රටට
    අයියෝ සිරිසේන

    ReplyDelete
    Replies
    1. උදාර මල්ලි. සමා වෙන්න ඕනෙ එකසිය ගානට. ඉඩක් තියෙනා හැම මොහොතකම ලියන එකමයි කරණ්නේ. ලියනවා කියන්නේ අළුත් පෝස්ට් එකක්. ඉතින් ඒ නිසාම මග ඇරෙණවා පහුවෙලා දාන කොමෙන්ටු වලට රිප්ලයි කරණ එක.

      ඔව් ඇත්තටම සිරිසේන මහත්තයා තමයි වැඩි වගකීමක් තියෙන්නේ. ඒත් මේක දැන සද්දෙ වහලා හිටිය මොන මනුස්සයාටවත් ගැල වෙන්න බෑ අත් වල ලේ තැවරීමෙන්!

      Delete
  8. Replies
    1. බොහොමත්ම ස්තූතියි. ඔහොමම ලියන්න තව අකුරු හතරක් පහක්. සංවාද විසංවාද සියල්ල තියෙන්න ඕනනේ!~

      Delete
  9. මේක හරියන්නෑ. ලබන ජනාධිපතිවරනෙට මං ඡන්දෙ ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ! ලකුණ ලිප ! අපි ගහමු මෙහෙම බැනරයක්. "මාගේ ප්‍රථිපත්තිවලට ඔබ එකඟනම් ඔබේ වටිනා ඡන්දය ලිපට දාන්න!" කියලා. මම ඉල්ලන්නේ ලකුණ බල්ලාගෙන්.
      "ඔබේ වටිනා ඡන්දය බල්ලට දාන්න" කියලා.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...