Wednesday, April 17, 2019

132. ඇන් ඇක්සිඩන්ට් . !

හරි හරි බං ඇක්සිඩන්ට් තමයි! ඉස්සරහට "An" තියෙනවද බලපං?

අපි ඉගෙන ගත් ඉංග්‍රීසි පොතේ "An Accident" නමින් පාඩමක් විය. 
අපිට ඉංග්‍රීසි උගැන්වූ ගුරුතුමිය අපිට කීවේ එකෙක් දෙන්නෙක් මහ පාර මැද මැරුණත් ඉස්සරහට "An" නැත්නම් ඒක Accident එකක් නොවන්නේය කියාය. ඒ ඇක්සිඩන්ට් වල හැටි නොව වවල්ස් නොහොත් ස්වර වල හැටිය. 
ස්වර කියූ සැනින් මතක් වෙන්නේ සප්තකය ය. එක් පාසලක සිටි ගුරුවරියක් වූ සාමා ටීචර් සමග සංගීතය උගැන්වූ සනී සර්ගේ තිබුනු ඇයි හොඳැයිය පිළිබඳව ඉව වැටුනු ගුරු මණ්ඩලයේම ඉරිසියා කාරයන් ස්වර ගැයූවේ:
 "සා මා . . සා රී . . දා ග නී . . . . !   සනී . . . . ස මග . . .  . පනී . . . . !!" කියාය!

සමහර ඇන් ඇක්සිඩන්ට් වලදී වාහනේ එළවාගෙන ආ එකා "සරම නැතුවම පනී !" 

සමහර ඇන් ඇක්සිඩන්ට් වලින් සරම පමනක් නොව තරු පටි ගැලවී ගිය අවස්ථාද මෙරට ඉතිහාසය පිරික්සීමේදී දක්නට ලැබේ. කලෙකට පෙර මෙරට ත්‍රිවිධ හමුදා වට අයත් එක් හමුදාපති වරයෙකු වූ සුපිරි වැඩ්ඩෙකුට කෙළ වූයේ ඇන් ඇක්සිඩන්ට් එකකිනි.

මේ ඊයේ පෙරෙදා පමනක් නොව ඉතිහාසය පුරාවටම  ඇමතියෝද උන්ගේ මද කිපුනු පුතුන්ද මහ මග ඇන් ඇක්සිඩන්ට් කල ගනන මෙතැකැයි ගනන් බලා නැත. නමුත් ඊට ලැබෙන ප්‍රථිචාරය ඉහල යන්නේ ඇන් ඇක්සිඩන්ට් එක නිසා නොව උන් පෙරකී පරිදි සරම බිම දමා මාරු වන බැවින් නොව හැප්පුනු එකාගේ සරමද උදුරා ගෙන මාරු වන බැවිණි !

වර්ථමානයේ දිනකට බරපතල ගනයේ  මහාමාර්ග අනතුරු දිනකට 300-400 අතර ප්‍රමාණයක් සිදුවන අතර ඒවායින් දිනකට  මියයන ප්‍රමාණය 9 ක් පමණ වේ. 41 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරණු ලබයි.
 "අවුලක් නෑ මචං මං මගේ එක හදා ගන්නම්! උඹ උඹේ එක හදා ගනින්!" කියන ඒවා මේ සංක්‍යා ලේඛණ වලට අයත් නොවේ.

අද දිනය තුල; මෙම පෝස්ටුව ලියන පෙරවරු 11.32 වන විට 13 දෙනෙකු වල පල්ලට ගොස් අවසානය! මේ කෑමට පෙරය!

මේසා විශාල අනතුරු සිදුවන රටක නාවලපිටියේ ඇමතියාගේ පුතා  හෝ පොලිස් කෙළිකාරයෙකුගේ පුතා තවත් පොලිස් කාරයෙකු යට කිරීම හෝ විප්ලව වාදියෙකු අනුරාධපුරයේදී බීමත්ව අනතුරු කිරීම හෝ බෙර ගසන්නෙකු කඩවතදී කාන්තාවක යට කිරීම හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ත්‍රීවීල් එකක් පොඩි කිරීම තවත් තුන් හාරසීයෙන් එකකි.

නමුත් පුද්ගලයා වටා තිබෙන සිවිල් බලතල, ජන්ප්‍රියතාවය හා සිද්ධිය යට ගැසීමට ඇති හැකියාව වැනි කරුණු මත එය පුවතක් වේ!
 මීඩියා දුවන්නේ පුවත් හරහාය!පුවත් නැතිනම් මීඩියා වරුනට සිදුවන්නේ පුවක් විකිණීමට විනා බුලත් විකිණීමට නොවේ. මන්ද මෙරට බුලත් විට විකිණීම කාලයක සිට කරගෙන යනු ලබන ව්‍යාපාරයක් වන බැවිනි. එහෙත් තවම පාරක් තොටක් ගානේ පුවක් විකුණනු අප දැක නැත!

පසු ගියදා මෙරට හරහා ගිය "කිරි පිටි" සුනාමියට, බහුජාතික සබන් මුදළාලිගේ ඒකාධිකාරියේ හුළං ඇරිය නඩු තීන්දුව, නීතීඥ්ඥ  නාගානන්ද කොඩිතුවක්කුගේ කෝට් බෑය ගැලවීම වැනි දේ "සුළඟේ පාවෙන පෙම් කුසුම්" ගානට දානවා විනා ඒවාට බර දමා කටයුතු කිරීමක් බොහෝ මීඩියා පොරවල් ගෙන් අපිට දකින්නට නොහැකි විය. 

මීට කලෙකට පෙර වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාවේ තිරගත වුනු "Untouchables" චිත්‍ර පටයේ මෙන් මේ මුළු මහත් සමාජයම වෙළෙඳ පල ක්‍රමය මගින් අල්ලා අවසන්ය. 


බලන්න සුපිරිම ෆිල්ම් එකක්!

අදීන මීඩියා පොරවල් හිටියේ ඒ කාලයේය. (මෙයත් අපි අසා ඇති ආකාරයෙන් විනා අත් දුටු දෙයකින් නොවන්නේය!) චින්තන ජයසේනයන්; විජේතුංග ජනාධිපති තුමාට පත්තර පෲෆ් හතරක් ලක්ෂ හතරකට විකුණන්නේ මේ සංදර්භය තුලය.(මෙක රසවත් කථාවක් වෙලාවක ලියන්නම්.)
විධිමත් මාධ්‍ය සේම මේ වන විට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිදහස් මාධ්‍යයන් වන ෆෙස්බුක්, ට්වීටර් අපි මේ ලියන කියන බ්ලොග් වැනි ඒවාය. ඒවා හරහාද මතවාද ඇති කිරීමට හා නැති කිරීමට පුළුවන.

මීට කලකට පෙර නුගේගොඩ ප්‍රදේශයේ ජීවත් වුනු; විශ්‍රාමලත් එක් උසස් පොලිස් නිළධරයෙකුගේ නිවසේ සේවය කල තරුණිය; එම නිළධරුවා විසින් ලිංගික අතවරයට ලක් වූ බව ප්‍රකාශ කිරීමක යෙදුනාය. අවසන් ප්‍රථිඵලය වූයේ එම නිළධරයා සිය දිවි නසා ගැනීමය. එම සිද්ධියන් කලකට පසු පෙර කී තරුණිය විසින් පාපොච්ඡාරණයක යෙදුනේ එම මහතා වෙතින් එවන් නොකට යුත්තක් කිසිදා සිදු නොවූ බවත් තමාව කෙලෙසුවේ තම මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා විසින් බවත්ය!

ෆේස් බුක්, බ්ලොග් වැනි මේ සියළු ලියන්නන් හට කුස්සියේ පලා ලියනවාට හෝ පට්ටලයේ දමා බුෂ් එකක ලියවනවාට වඩා සුවිශේෂී වගකීමක් ඇත්තේ එබැවිනි.

එක් බ්ලොග් පකීර් කෙනෙකු දිනක් මා සමග පැවසූවේ "මචං බ්ලොග් ලියන එවුන්ට හිතට එන ඕන දෙයක් ලියන්නට පුළුවන් වෙන්න ඕනෑ!" කියාය. ඊට ඌණ පූරණයක් ලෙස ඔහු පැවසූවේ "උඹ ලියන්නට ගියාම ඕනෑවට වඩා හිතනවා!!" කියාය.
සත්තකින්ම මා ලියන හැම වචනයකම ඉස්පිල්ලකම පාපිල්ලකම වගකීම මා දරමි. එසේම "නොසිතා ලියන ආකාරය" මා තවම ඉගෙන ගෙන නැත්තේය.

ගෙදර පිළිකණ්නේ වම්බොටු ගහේ හැදුනු වම්බොටු ගෙඩියක් දුටු විට තමාට හිතෙන ඕනෑම කුණුහරුපයක් ලියා දමන්නට හැකි වුවද සමාජමය වශයෙන් හෝ කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානි දායක වන දේ ලිවීමේදී යන්තම් හෝ හිතනවා නම් එයින් සිදුවන හානිදායක බව තරමක හෝ තුනී වීමක් වනු ඇත.

ඇන් ඇක්සිඩන්ට් අතර මෙරට මීඩියා, මල්ටි මීඩියා හා ෆ්‍රී මීඩියා පොරවල් හට මේ දිනවල ලියන්නට පුවතක් සපයන්නට දිමුත් කරුණාරත්න ඊයේ පෙරේදා සමත් විය.

 ඒ දෙකක් දාගෙන තම රක්ත වර්ණ රෙන්ජ් රෝවරය; බජාජ් ත්‍රීවීලරයක හොම්බ කට සමතලා වන්නට පතබෑමෙන්ය. 

ඒ මොඩයාගේ දවසේය.

 පසුදින මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලබා දීමට මීඩියා අයියලා කටයුතු කලෝය. පසු දින වන විට ත්‍රී වීලරයේ අයිති කරු හට අළුතින් ත්‍රීවීලරයක් ලබා දීමට දිමුත් පොරොන්දුවූ අතර අප්‍රෙල් 8 වෙනිදා වන විට ත්‍රී වීලරය පීඩාවට පත් පාර්ශ්වය වෙත ලබාදීමට ක්‍රීඩකයා කටයුතු කලේ පන්දුව නිදැල්ලේ යාමට ඉඩ නොදීය. 


මෙම සිද්ධියට සෘජුව මැදිහත් වූයේ ඔහුගේ පියාය. මෙයට අමතරව ත්‍රී වීල් රියැදුරා වෙත සැළකිය යුතු මුදලක්ද ලභා දී ඇත. 

එහෙත් අප්‍රේල් 11 වනදා වනවිට ත්‍රී වීල් රියැදුරා විසින් ෆේස් බුක් පිටුවකට ලියා ඇත්තේ දිමුත්ගේ අළුගෝසු ස්වභාවය පිළිබඳවය.

 දිමුත්ගේ බීමත්ව රිය ධාවනය වසාලීමට ඔහුගේ ජනප්‍රිය තාවයට හෝ ක්‍රීඩාශීලීත්වයට නොහැක. මෙයට කලකට පෙර මොහාන් සමරණායක ජනප්‍රිය මාධ්‍ය වේදියා විසින් පැවසූ ආකාරයට ඔබ කෙතරම් උස් පුද්ගලයෙකු වුවද නීතිය ඇත්තේ ඔබට ඉහලින්ය!

දිමුත්හට හා සමස්ථ බීමත් රියැදුරණ් හට පාඩමක් ඉගැන්වීමට නම් කල යුතුව තිබුනේ දිමුත් විසින් ලබා දීමට යෝජනා කල රෝද තුන "උඹම තියා ගනිං!" කියා ගේමට බැසීමය. අනෙක් අතට දිමුත්ට කල හැකිව තිබුනේ කුමක්ද?

1. නොබී සිටීම.
2.බීමෙන් පසු ධාවනයේ නොයෙදීම.
3. සැළකිල්ලෙන් ධාවනය කිරීම.
4.අනතුර වූ පසු හැකි උපරිමයෙන් සාධාරණව කටයුතු කිරීම.

1,2,3 කාරණා සියල්ල මේවන විට අතහැරී හමාරය. ඉතිරිව ඇති එකම කාරණය දිමුත් වෙතින් ඉටුවී ඇත. 

එහෙත් ත්‍රීවීල් රියැදුරා හට ඉටු විය යුතු අනෙක් කාරණය වන්නේ දිමුත් හට ස්වකීය ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ලැබීමට උචිත නායකත්වයට අභියෝග කිරීමටද කියා විටෙක මට සිතේ.
 කොස් ඇට බෑමෙන් බළලාට වන සෙතක් නොමැත. තළන කැකුණ වළින් ඌරණ් හට ලැබෙන දෙයක් නොමැත. ඒවාට වග කියන්නේ අහක ඉන්නා හබන් කුකුළන්ය.

මාගේ පොත් රාක්කයේ ඇති " විප්ලවයේ නාට්‍ය කරු - මෙයර් හොල්ඩ්" පොතේ ඉහලින් මීට වසර ගනනාවක ලියා තැබූ වැකියකි.

එය කලකට පෙර මිය ගිය පී ඒ ලීලාරත්නයන්ගේ සුප්‍රකට චිත්‍ර කතාවක වූ "ස්පාටකස්" හී තේමා පාඨය සේ යාන්තම් මට මතකය. 

එය මෙසේය.

"නොමිනිස්කමේ සෙළුව පාවාදීමේ සළුවෙන් වසාලිය නොහේ . . "

9 comments:

  1. සුභ අලුත් අවුරුද්දක්!!
    ලංකාවේ ඇක්සිඩන්ට් ගැන නම් කියලා වැඩක් නැහැ. අනතුරක් උනාම අහල පහල කට්ටිය වටවෙලා අතේ පයේ හිරි යනකම් රියදුරාට පහර දීලා වාහනය ගිනි තියන එක වගේම අනතුරකින් කෙනෙක් මිය ගියාම රියදුරා අනිවාර්යයෙන් රිමාන්ඩ් කිරීමේ නීතියත් කොහෙත්ම අනුමත කරන්න බැහැ . ඊයේ මහියංගණයේ සිදු වූ අනතුර රියදුරාට නින්ද යාම නිසා වූ බව පවසන පොලිසිය, අනතුරක් වලක්වා නොගැනීම නිසා අනිත් වාහනයේ රියැදුරාව රිමාන්ඩ් කරලා. මට හිර ගෙදර ගැන අත්දැකීම් නැති උනත්, ලංකාවේ රිමාන්ඩ් එකේ දින කිහිපයක් ගත කිරීම කියන්නේ මරණ දඬුවමට පමණක් දෙවැනි වන දඬුවමක් බවයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිට කිසි ලෙසකින් බීමත් රියැදුරෙකුගේ නොමනා හැසිරවීමකින් සිදුවන රිය අනතුරක් තනුක කරණ්නට බැහැ. ඒකට ඕනෑම කෙනෙක් දඬුවම් ලැබිය යුතුමයි. එහෙත් රියැදුරා ඔහුගේ පාර්ශවයෙන් සිදුකල හැකි සියල්ල උපරිමයෙන් සිදුකල පසු ඒ ගැන ඌණ පූර්ණ සැපයීම ප්‍රවේශමෙන් කල යුත්තක්. මොකද දෙපාර්ශවයේම එකඟ තාවය මත එළඹුනු තීරණයක් මත ක්‍රියා කලාට පසුව ආයෙමත් තුවාලය හාරණවානම් අනිවා පසු පෙල කතාවක් තිබිය යුතු යැයි සාධාරණ සැකයක් මතු වීම යුක්ති යුක්තයි.මේ වගේම සිද්ධියක් වෙනවා "ඉටි පහන්" ටෙලිය ප්‍රදර්ශනයෙන් පසු. එහිදී සුමිත්‍රා රාහුබද්ධ කියනවා තමාගේ නවකතාවට සිදුවූ කිසියම් අකටයුත්තක් අසාධාරණයක් පිළිබඳව. එහිදී එහි අධ්‍යක්ෂක (සෝමරත්න දිසානායකදෝ මන්දා) පෙන්නුම් කරණවා නියමිත එසේම එකඟවූ මිළ ගෙවූ පසු "සද්දෙ වසා" සිටීම කල යුතු බව. විශේෂයෙන් මේ වගේ සිද්ධි එහෙම ලේසියෙන් අමතක කර දැමීම පළමු මැණික ලැබුනු පසු පතල වස දැමීම වැනි "අපරාධයක්" යැයි පවසන ගොඩ පෙරක දෝරුවනුත් ඉන්නවානේ!! විශේෂයෙන් මෙවන් ජනප්‍රිය චරිත සමග කරණ ගනුදෙනු!

      Delete
  2. තට්ටයියා මේ කියන් වීර කොඩියක් /ැන නේද?
    වැඩි විස්තර When his Puegeot 406 mowed into a lorry around 4.15 am on June 15 at the D.S. Senanayake Junction (that links Castle Street to Horton Place), the lorry assistant Ratnasena Silva was badly injured. Suffering minor injuries was Flight Lieutenant Nilani Diyadawage, Officer-in-Charge of the Women's Unit of the SLAF who was in the front seat of the car. Both were rushed to Colombo National Hospital. Whilst the lady officer was discharged after treatment, the lorry assistant who struggled for his life died at 12.10 am on Friday.

    මං ගරිද?

    ReplyDelete
  3. ඔය තියෙන්නේ! එළ!

    ReplyDelete
  4. An unexpected an unfortunate incident, an accident.
    People do not care about rule of law (road or otherwise) This is a result of rulers setting bad examples.

    Peoples reactions to traffic accidents are even worse (mostly want to pick a fight) Once my car was rear-ended by two youngsters on a motorbike. I ask them if they are injured, they said no, then I as them to wait for the insurance man (who said will be there in 20 min) While I was sitting in the car, these boys bought me a coca-cola. I said why did you spend money and will not be here long. To my surprise, boy told me, Sir you are different, you did not scold us and did not ask money for the damage, rest is history (and I ask my wife to shut up and wait since the car is insured)

    Finally Jayalath Weerakkody RWP,VSV,USP is a fine product of Ambalangaoda Dharmashoka who served this country for a long time against LTTE (I have no idea why he did that idiotic act, that cost his job)

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයා! පළමු කාරණය තමයි මේ රටේ රියැදුරණ්ගෙන් බොහොමයකට රිය පදවන්න බැහැ. මම මේක ඉතාමත් වගකීමෙන් කියන්නේ! නමුත් අපේ හැමෝම හිතාන ඉන්නවා තමන්ට පුළුවන් කියලා. කොටොන්ම නොදන්නා බව නොදන්න කොටසක්. ඊළඟට මෙරට ඉන්නා බොහෝ අය තුල හිතළුවක් තියෙනවා ලෝකෙ සුපිරිම රියදුරණ් ඉන්නේ අපේ රටේ කියලා! අපි පොඩි කාලෙ ඔය වගේම මිත්‍යාවක් තිබුනා ලෝකෙ හොඳටම ඉංග්‍රීසි කතා කරණ එවුන් ඉන්නේ අපේ රටේ කියලා - ඔබ තුමාට මතකද මන්දා!?
      සාක්ෂරතාවය ගැන කයිවාරු ගැහුවාට රථ වාහන නීතිය පිළිබඳ අබමල් රේණුවක දැනුමක් නෑ. ඔබ තුමා නිකං කාගෙන් හරි අහන්න තමන් අතින් මිනිහෙක් යට වුනොත් ඉස් ඉසෙල්ලාම කරණ්න ඕනේ කුමක් දැයි කියලා? ඔබ අහන්න තර්ඩ් පාටි ඉන්ශුවරන්ස් එකෙන් හැඳිවෙන නැත්නම් ආවරණය වන තෙපාර්ශවය කවිරුන්ද කියලා? ම්හු! අන්තිමට නිකං අහන්න එම රක්ෂණාවරණයෙන් වින්දිතයින් වෙත වන්දි මුදලක් ගන්නේ කොහොමද කියලා? බොහෝ විට දන්නේ නැත. ඒ ඕනෙ නෑ ඉදිරියේ ඨ් හැඩයේ මං සන්ධියක් ඇති විට වමට හරවීමේදී හා දකුණට හැරවීමේදී තම්න් පදවන රථයේ ගමන් පතය ඇඳ දක්වන්න කියන්න. බොහෝ දෙනෙකුට එය නොහැකි වනු ඇත.

      දැන් හැරෙමු ජයළත් වීරක්කොඩි මහතා දෙසට! ඔබ හරි ඔහු ධර්මාෂෝකයෙන් බිහිවූ තවත් සුපිරි ගනයේ විරුවෙක්. ඔබට කිසියම් සඹඳතාවයක් වෙතොත් සොයාබලන්න ඔහුට තම තනතුර හැර යෑමට සිදුවන ආසන්නතම සිදුවීම කුමක් දැයි කියා. ඉහත උදාර මල්ලිගේ කොමෙන්ටුවේ සඳහන් වන පරිදි රිය අනතුරද? නැත ඕනෑ තරම් රිය අනතුරු විය හැකියි. අනතුරෙන් රිය සහයක මිය යාමද? නැත එයත් සාමාන්‍ය සිදුවීමක්. මහ පාන්දර නිළධාරිණියක් මෝටර් රියේ සිටීමද? එයත් සාමාන්‍ය දෙයක්. එයට රාජකාරි මුහුණක් පැළඳවීම කල හැකියි. එසේනම් ඔහුට තම තනතුර අත හැර දැමීමට සිදුවන්නේ ඇයි? භොයා බලන්න කොතනද ඔහු අතින් සිවිල් නීතිය කඩවී ඇත්තේ කියා?

      Delete
    2. ඒ ඕනෙ නෑ ඉදිරියේ T හැඩයේ මං සන්ධියක් ඇති විට වමට හරවීමේදී හා දකුණට හැරවීමේදී තම්න් පදවන රථයේ ගමන් පතය ඇඳ දක්වන්න කියන්න. බොහෝ දෙනෙකුට එය නොහැකි වනු ඇත.

      Delete
  5. කොයි තරම් දෙයක්ද ඔබ පමිණීමම!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...