Tuesday, February 20, 2018

85. වලස්පතියාට පිළිතුරක්!

හුදී ජන සහෘදයින් වෙනුවෙන් සිංහලෙන් පළ කෙරෙන, ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ සඟරාමය අන්තර්ජාල කතිකාව-krishnawijebandara@gmail.com
වලස්පතිගේ අඩවියේ ලිපි කියවන
 සියලුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.


හිත්වත් මහත්මයාණෙනි,

ඔබ තුමාට දැනන මේ දුක් සමුදාය මාහට තේරුම් ගත හැක. ඔබ තරම් නොවුනත් පුවත් පත් සමග මා තරමක් ලඟින් සිට ඇති බැවින් අනෙකෙකු ගේ ලිපියක් යනු අනෙකෙකුගේ භාර්යාවක් තරම්ම පරවේසමෙන් ඇසුරු කල යුතු කාරණාවක් බව ඉන්තීරුවෙන්ම පිළිගනිමි.
වරක් චින්තන අයියා - චින්තන ජයසේන මට ලස්සන කතාවක් කීවේය.ඔහු උදෑසන පිබිද පිට කරණ පලමු ඈණුමේ හඬ  ඇරුනාම වෙන කිසිවක් ඇල්කොහොල් නො මුසුව  අසා දැන ගැනිමට නොහැකි වනවා සේම ඔහු මුණ හමුවට උදෑසන පිණ්ඩපාතේ වඩිනා භික්ෂුවක් හැරෙණ්නට ඕනෑම අයෙකු ඔහු හා ඇල්වතුර මුසුවූ ගල් අරක්කු ටිකක සප්පායම් වියයුතුව තිබූ හෙයිනුත් මෙම කතාවට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන්ගේ නම් ගම් මේ වන විට මාහට අමතකව ගොස් ඈති බවට සමාව භාජනය කරණු මැන!

ඒ චින්තන අයියා පත්තර අංකුරයක්ව පුවත් පතක සේවය කල සමයය.එකල ඔහුගේ කතු තොමෝ කන සාක්කුවේ වැටෙන්නට මීවිතේ කිමිද පැමින ලියන කුඩා කොලමක් වී ඇත.   ඔහුගේ බීමත් කම නිසාම වරක් එය මග ඇරී ඇති අතර මැටරය භාරව සිටින් අය හෝ වෙන අයෙකු පැමින ඒ ගැන විමසූ විට පවසා ඇත්තේ "ඌට සනීප නෑ ! කියලා දාහං" කියාය!
පසු දිනද ඊටත් පසු දිනද මේ අකට යුත්ත මෙසේ වන විට පුවත් පතේ පාලනාධිකාරියෙන් චින්තන අයියාගෙන් විමසා ඇත්තෙ " බැරිද චින්තන ඔයාටලියන්න!?" කියාය.චින්තන අයියාද එකෙන්ම වැඩේ භාරගෙන ලිපිය ලියා සබ් කිරීමට භාරදී එය අකුරු වී පලවිය.එහි පලමු පිටපත දුටු කතු තොමෝ චින්තන අයියා ලඟට පැමින ඇත්තේ හිස බිමට හරවාගෙන යටි තොල සපා ගෙනය. "යකෝ මීට හොඳයි මටයි මගේ දරු පවුලටයි වස දියං!" කියා ලිපිය පලවූ තීරුව මුලට හැරවූ පුවත් පත චින්තන අයියාගේ මේසය මත පතිත කොට නික්මුනේලු!
"කිසි දිනෙක අනුන්ගේ අනන්යතාවයක් තමා වෙත පවරා ගැනීමේ පාප කර්මයට" කර නොගැසිය යුතු යැයි චින්තන ජයසේන ජීවිත කාලයටම එදින ඉගෙන ගත්තේලු!

ඔබ තුමා මෙන්ම මමද ෆ්‍රී ලාන්ස් ලිව්වෙමි.  මා ගෝස්ට් රයිටර් කෙනෙකු ලෙසද ලියා ඇත. ඔබ කිසිදු දිනෙක ගෝස්ට් රයිටර් කෙනෙකු ලෙස එක් ලිපියක් හෝ ලියා ඇත්නම් එය පලවීමෙන් පසුව හැඟෙන දැනෙන හැඟීම තේරුම් යනවා ඇත.
ඔබ මොනතරම් ප්‍රවීන පත්තර කාරයෙකු (මෙය සෙනෙහෙ බර වදනක් සේ ගන්න!) වුවද හෙට ඔබ ලියා පලකරණ ලිපියක් පුවත් පතක පලවූ බව දැනගත් මොහොතේ පටන් එය අකුරුවී ඇති අයුර දැක බලා ගන්නට ඉන්නා නොඉවසිල්ල නොකිව මනාය!

තමා ලිපිය ලිවීමට අධික උත්සාහයක යෙදුනි නම් එයද පහසුවෙන් ලිව්වේ නම එයද අලුත යමක් නම් එයද  ආදී වශයෙන් කුමන හෝ හේතුවක්  මේ "නොඉවසිල්ලට" හේතු ඒය හැක!එය හරියට "බොන්න " හේතුවක් හොයාගන්නවා වාගේය!

නමුත් ඔබ දිනක් හෝ ගෝස්ට් රයිටිං කර ඇත්නම එය දැනෙන්නේ දරුවකු හදාගන්නට දී වැටෙන් එහා සිට ඒ දෙස බලා සිටින මවකට දැනෙන සිතුවිල්ලට ආසන්න වූ එකකකි. එය ජීවිතයේ මුල් කාලයේ සිදුවූවානම් වඩාත් සනීපය! මේ සිතුවිල්ල ගීතකට නැගූ අවස්ථාවක් ලෙස ජිප්සිස්ලාගේ  "මමනම් ගඟේ පනිනවා..." ගීතය ගෙන හැර දැක්විය හැක!
මන්ද කිසිවෙකුට "මේ ලිපිය ලියා ඇත්තේ මමය..!" කීවාට ඔවුන් තබා ලියපු මට වත් ෂුවර් නැති වීමය.

මෙනිසාම ඔබගේ ලිපියක් අන් අයගේ නමින් හෝ ඔබගේ අනන්යතාවයකින් තොරව වෙනත් මාධ්යක පල වීම සමග ඔබ සිතට දැනෙන සිතුවිල්ල මාහට හොඳින් තේරුම් ගතිමි.

මහත්මයාණෙනි; එහෙත් මා අද සිටින්නේ වෙනත් මතයකය. මා අද ලියන්නේ හිස් අවකාශයටය!එය ටයිප් කර "පබ්ලිශ්" බොත්තම ඔබන තුරු අයිතිය මා සතුය.මමත් ලිපියත් සබැඳි පෙකිණි වැල එම බොත්තම එබීමත් සමග සියතින්ම සිඳ දමමි.ඉන් පසු එයට තව දුරටත් අයිතියක් නොකියමි.එය කවුරුන් විසින් කවදා හෝ කෙලෙස කුමන ආකාරයෙන් උපුටා ගත්තද ගත්තු එකා උගේ නමින් පෙන්නුවද මාහට කම් නැත!සිදුවිය යුත්තේ මගේ අදහස , මතය හෝ කථිකාව නො එසේනම්  කෙටියෙන් කියනවානම් කථාව, කයිවාරුව මිනිසුන් අතරට යෑමය, මේක ක්ලේෂයන් ප්‍රහීණ කිරීමක් නොවේ.

අප බ්ලොගයක් ලියන්නෙ ඇයි?අපිට ලැබෙනමුදලක් හෝ වෙනත් ප්‍රථිලාභයක් හෝ වෙත්ද?අප ලියන්නේකුමක් අරමුණු කරගෙනද?හුදෙක් තම ආත්ම තෘප්තිය  පතා , සමාජය  ඥාණනය කිරීමහෝ  හෝ තම අදහස සමාජ ගත් කිරීම වැනි කරුණු එකක් හෝ කීපයක් හෝ විය හැක.කිසිවෙකු අපගේ ලිපියක් පැහැර ගත්තාට මින් කුමණ ඉලක්කයකට අපට යාමට ඇති ඉඩ කඩ ඇහිරේද?

එනිසා මා සකලජනයන්වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණ්නේ"මෙහි පලවෙන ඕනෑම ලිපියක් ඕනෑම ආකාරයකින් ඕනෑම අවස්ථාවක උපුටාගන්න! පලකරණ්න! උපයෝගී කර ගන්න! ප්‍රයෝජනයට ගන්න!"කියාය!

ඒ කිසිදෙයකින් මාගේ ආත්ම තෘප්තිය කිසිවෙකුට පැහැර ගන්නට නොහැක.එනිසා මේ දේවල් පිළිබඳව මැදිහත්ව සිතන්න!

මසකු ඇල්ලීමට පැමිණි ගැමියා හා ධනපතියාගේ කතාව සමග ගලපාගන්න!

ඊයේ පෙරේදා ත්‍රීවීල් එකක පිටුපස ලියා තිබූ වැකියකින් මා මේ කථාව නවත්වන්නම්.
"කොපි කල හැක! සම කල නොහැක!!"

23 comments:

  1. ලිපිය උපුටාගත් තැන ගැන සඳහනක් තියල තියෙනවනං ‍ඕක කොහේ පල කළත් මොකද. ඒකෙන් වෙන්නෙ තවත් වැඩි පිරිසක් එම ලිපිය කියවන එකයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම! සමාජය තුලට යෑම තමයි විය යුත්තේ! උපුටා ගත්තු තැනත් ඕනෙ නෑ මචං! මොකටද?

      Delete
    2. Mageth adahasa eka. Liyala pala kalaanam ethanin iwaray...

      Delete
    3. බොහොමත්ම ස්තූතියි මනාපය ලබා දුන්නාට! මම දැකලා තියෙනවා අපේ සද්දන්ත පිරිමි කෙස් වළු පටලා ගන්නවා "ඕක ඉස්සෙල්ලාම ලිව්වේ අරූ නැත්නම් මූ! උඹ කොහොමද ඒක ලියන්නේ උගේ නම නොදා? ඒක සදාචාරාත්මකද? " කියලා අහනවා. මේවා සියල්ල තේරුමක් නැති දේවල්. සමහර අපේ පකීර්ලා පරණ වාහන කටුවක පින්තූරයක් දාන්නෙත් තමන්ගෙ හංවඩුව එක්ක?

      Delete
  2. Replies
    1. සතුටුයි! මෙය හොද කථිකාවක් වෙනවානම්! ඔබට බොහොමත්ම ස්තූතියි!

      Delete
  3. සයිබර් අවකාශයට ලියලා මුදාහරින දේවල් වලට .... අයිතිවාසිකං කියන්න මාර අමාරුයි .... ඔය මගේ එකක් කියුවත් ආ ඇත්තද ඔයාගේ ද විතරයි

    ReplyDelete
  4. ස්තූතියි! පලමුව අප අපෙන්ම අසා පසක් කර ගත යුතු කරුණක් වෙනවා. ඒ අප ලියන්නේ කුමක් අරභයාද යන වග? අප ලියන්නෙ හුදෙක් ආත්ම තෘපථිය හෝ සමාජය වෙත. කිසියම් අදහසක් පණිවිඩයක් ලබා දෙන අදහසින් නම් ඒකෙ වලිගය පාගා ගෙන මුදා හරිණ එකේ තේරුමක් නැහැ කියන එකයි මගේ අදහස! "අම්බලමේ පිනා පිනා...//" කවිය අප ලිවීමේදී කිසියම් අවස්ථාවක උපුටා දැක්වුවහොත් අප ඒකෙ කොපි රයිට් එක ගැන නොලියන්නේ ඇයි? ඒවා සමාජ සම්මතයට එක්වී අවසන් නිසායි!

    ReplyDelete
  5. Imitation is the sincerest form of flattery definition: To imitate someone is to pay the person a genuine compliment — often an unintended compliment.

    Published by Houghton Mifflin Company. All rights reserved.

    ReplyDelete
    Replies
    1. Only a life lived for others is a life worthwhile.”
      ― Albert Einstein

      Delete
    2. “Follow your inner moonlight; don't hide the madness.”
      ― Allen Ginsberg

      -D

      Delete
  6. ඔන්න ඔහෙ ඕනි එකෙක් ඕනි එකක් ගත්තු දෙන් (මද්දගෙ තියරිය)

    ReplyDelete
  7. මගෙත් තර්කය එච්චරයි. පබිලිස් එබුවාට පසු ඒ අකුරු මට අයිති නැත.

    ReplyDelete
  8. ඇත්තම කිව්වොත් මුලින්ම මගේ කවියක් වෙන කෙනෙක් මගේ නම කපලා එයාගේ නම දාලා කවි ගෲප් වල දාලා තියෙනවා දැකලා මට පුදුම දුකක් තරහක් ආවා.ටික ටික තමයි මම ඒ දේට හිත හදා ගත්තේ.මගෙත් දැන් ආදර්ශ පාඨය ඕක තමා.. කොපි කල හැම .. සම කල නොහැක...

    ReplyDelete
  9. බොහොම ස්තූතියි, ගොඩවැදුනාට කතාකලාට!

    ReplyDelete
  10. හා මට තෙරුනේනම් නෑ සිද්ධිය. කියල තියන ඒවා ඇත්තනේ මොනවා උනත්

    ReplyDelete
    Replies
    1. පළමුව වලස්පතිගේ බ්ලොගයට ගිහින් බලා එන්න!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...