තාත්තාගේ තාත්තා
දිනෙන් දින මෝරපු අඟ !
දිනෙන් දින මෝරපු අඟ !
"මීමා වයසට ගියත් උගේ අඟ වයසට යන්නේ නැත !!"
තාත්තගේ තාත්තා ඒ කියන්නේ අපේ සීයා; දොන් විල්ෆ්රඩ් පෙරේරා උන්නැහේ මුලින්ම සේවය කරලා තියෙන්නේ
විටෝල් කොම්පැණියේ. පහු කලකදි විටෝල් බෞස්ටඩ් වෙලා තියෙන්නේ මේ සමාගමයි. ඔහුට රැකියාවෙන් එන්න වෙලා තියෙන්නේ එහි ඔහුගේ ප්‍රධානියා වූ බ්‍රිතාන්‍ය ජාතිකයාට; කඩදාසි හුලං බරුවකින්
නොහොත් තේරෙණ සිංහලෙන් කියනවානම් පේපර් වේට් එකෙන් දමා ගැසීමෙන් පසුවය!
ඒ ලංකාවට සිලෝන් කියපු සුද්දගේ කාලයේදීය.
ඔහු පාවිච්චි කල ඔක්ස්ෆර්ඩ් ශබ්ද්කෝෂය මා ලඟ තවම ඇත!
ඔහු උපතින්ම කිතුණුවකුවූ අතර ඔහුට විශේෂ දේව පූජාවක් පැවැත්වීමට
යටියන්තොට පල්ලියේ පාදිලි තුමා සෑම ඉරිදාවකම පාහේ ඔහුගේ නිවසට වැඩම කලේ පිරිහුණු සෞඛ්‍ය තත්වය නිසා විය යුතුය.
ඔහුට අපේ තාත්තලා කතා කලේ ඩැඩී කියාය. ඔහු ඉංග්‍රීසි
භාෂාවේ මහා ප්‍රාඥ්ඥයෙකි! එහෙත්
එම භාෂාව ඊළඟ පරපුරට ආවේ සමාජිකයින් නව දෙනෙකුගෙන් මාගේ පියාටත් ඔහුගේ එක් සොහොයුරෙකුටත්
පමනි.අනේ අපරාදෙ කියන්න බෑ අනිත් එවුන් නම්
මෙලෝ රහක් නැත !
තාත්තාගෙ මහ ගෙදර අළුත් අවුරුද්දට මෙන්ම නත්තලටද එක සේ
පාටි දමන ස්ථානයකි.සියළු සොහොයුරණ් එකට එක්ව අඩි පුඩි
ගසා කුකුළු මස් , අල බැදුම්, පරිප්පු සමග කහ බත් වළඳා වලියක් දමාගෙන දිනය අවසන් කරති.
ඒ බී ඇල් පොඩිනෝනාගේ මෙනූ එකය !
එකල කහබත් ඉවුවේ දුං තෙල් හෙවත් ඩ්‍රිපින්
(Dripping) දමාය.ඒකාලේ අද වාගේ හයිකො හෝ ඇස්ට්‍රා දමා කෑම ඉවුවේ නැත.එහේ උයන කොට මෙහේට සුවඳ දේ.බත්
කන්න කලින් කෙළ ගිලලාම බඩ පිරිලාය!
සාන්ති බාප්පාට බියෙන් දිවයන චිකන් කෙනෙක්!
කඩේ සාප්පුවේ චිකන් නොතිබූ මෙම කාලයේ චිකන් ලා හිටියේ
ගෙවල් මිදුල් වල පනුවන් ඇහිඳිමින් කමින් කුකුළන් ලෙස වෙස්වලාගෙනය! කුකුළාව චිකන් කරණ පුන්‍ය කර්මයට බොහෝවිට බෙල්ල
තිබ්බේ තාත්තාගේ බාල මල්ලී වන ශාන්ත බාප්පාය! ඒ අර මාත් එක්ක කැළණි ගඟේ කයාකින් කරණ්න එනවා කියා කණුව තිබ්බ උන්නැහැය!
අපේ තත්තාට බොරුව
සාමාන්‍යයෙන් අල්ලන්නේ නැත . ඔහුගේ තාත්තාට බොරුව කොහෙත්ම අල්ලන්නේ නැත! වරක් අපගේ බාප්පා කෙනෙකුගේ මඟුලකදී; මඟුල් මේසයේ කතාව කලේ තවත් අපගේ ඥාතියෙකුවූ නිමල් බාප්පාය!එකල
ඔහු සිටියේ පලමු විවාහයෙන් ඉවත් වය! මඟුල් මේසයේ මනාල පාර්ශවයෙන් කතා කල පසු අපේ නිමල් බාප්පා කතාව පටන් ගෙන සාර්ථක විවාහ ජීවිතයකට
තුඩු දෙන කරුණු කාරණා එක දෙක කියද්දීම අපගේ
සීයා එතැනට කඩා පැන
“ එහෙනං නිමල් කෝ උඹේ කසාදෙට මොකද උනේ
..?” කියා ඇසුවේ හෙණ ගසන්නාසේය ! මඟුල් කතා එතැනින් අවසන් විය! ඒ මා දන්නා ලොව භයානකම මගුල් මේසයේ කථාවය. වටේ පිටේ උන්නු අපේ තාත්තා ඇතුලු අනෙකුත් බුවාලා බුවීලා “මොකද්ද ඒ කල පිස්සු වැඩේ ?” කියා ඇසුවා විනා ඊට වඩා මහා කෙළවිල්ලක් කෙළවුනේ නැත.සීයා ට එය; වචනෙන් දෙකෙන් බැලන්ස් කරගත හැකිවිය.
තවත් විටෙක අපේ නැන්දා කෙනෙකුගේ මඟුලකදී ඔහු නැගිට මනමාළයාට මහඟු අවවාදයක් දුන්නේය.
“පුතා කිසි දවසක සල්ලි විතරක් තමන්ගේ
වයිෆ්ට දෙන්න එපා! මම ඒ මිස්ටේක් එක කරල හොඳට මට්ටු උන කෙනෙක් !” ඉතිරිය මා නොකිව මනාය!
අපේ අම්මාගේ වියෝවෙන් පසු; අප සියල්ල කසාද විසින් මහ
ගෙදරින් අවතැන් කර වූ පසු තාත්තා තනිව යටියන්තොට
හක්බෙල්ලාවක නිවසේ විසීය.එකල තාත්තා
උදෙන්ම නැගිට කිසියම් දෙයක් උයා පිහාගෙනා කාගෙන බීගෙන රජගෙදර පරෙවියා සේ; කවුද
රජා - මමයිරජා වගේ වැඩ විසීය !
තාත්තා සෑම දිනෙකම
උදෑසන 4.00 වන විට නින්දෙන් පිබිදේ.මෙසේ නියමිත
වේලාවට පිබිදීමේ කථාවද ඔහුටම සුවිශේෂී එකකි. පෙරදින රාත්‍රියේ නින්දට යාමට පෙර තම
හිසට ටොකු 4 ක් ඇනගෙන නිදා ගත් විට ඔහු නියමිත වේලාවට පිබිදේ! මේ
ගැන මම වරෙක අපේ මිත්‍රයෙකුට (කළ්‍යාණ මිත්‍රට නොවේ ) පැවසූවිට ඔහු/ඌ ඇසුවේ “මචං
3 ½ නැගිටින්නට උඹලෑ තාත්තා ටොකු ඇනගත්තේ කෙසේද?” කියාය.මම ඌට ලුණු ඇඹුල් ඇතිව “හමාර” අනින
හැටි කියා දුනෙමි !
4.00 පිබිදෙන තාත්තා තේ බී උයන්නට පටන්ගනී.ඉවීම අවසන්වූ විට ඒවා තසිං වලට හා බත් බෙදනා දීසියට බෙදා
ඒවාට වෙන - වනම ගැලපෙන හැඳි තබා මේසයට අරිණ්නේය. ඉන්පසු රැවුල කපා මුහුණ සෝදා කොණ්ඩය
පීරා පිලිවෙලට අඩු පාඩු නොමැතිව හැඳ පැළඳ මේසයට වාඩිවී ආහර ගනී!
මා රැකියාවක් ලැබෙන තුරු ගෙදර වාත වුනු වකවානුව සුරාවට
අත් පොත් තැබූ කාලය විය!තත්තාට මේ ගැන කොයි ලෙසකින්හෝ ඉව වැටී
තිබුනි. මේ වන විට මාගේ
ආදරණීය අම්මා මියගොස් තාත්තා හා මා පමනක් ගෙදර සිටිය අපූරු වකවානුව විය. තාත්තා
කිසිදිනෙක මාගෙන් ඒගැන විමසුවේ නැත. තාත්තා
මිතුරණ් සමග අඩියක් පුඩියක් ගසද්දී මටද ඩිංගිත්තක මිතුරකු අත එවන්නට අමතක නොකලේය!මේවා පිළිබඳව පණ්ඩිතයන්ට කෙස් පැලෙනා තර්ක විතර්ක ඉදිරිපත් කල හැකි වුවත්
ඒ සියල්ල මා අද දින තාත්තා කෙනෙකු ලෙස දකින්නේ ඉතා සුන්දර මතක ලෙසටය!
ජෝග්ගුවේ පිරුණු මධුවිත!
තාත්තා කිසිදිනක නොබීවේය. ඒ වෙනුවට ඔහු කලේ නෑමය. කොටින්ම ඔහු බොන්නට ගිය තැනක් වෙතොත් අන් අය බොන අතර තුරේ ඔහු නා ගනියි. නෑමෙන් පසු හරහට ගෙදර එන තාත්තා දකින තුරු අම්මා කිසිදා නින්දට නොගියාය.
ඉන් පසු ඇතිවන්නේ ඝාසා තීරයේ වැනි දරුණු අවි ගැටුම් ය. බර අවි ප්‍රහාරය. අප මේ සියල්ල මැද; පසුදින ඉඳි ආප්ප කෑමේ බලා පොරොත්තුවෙන් නිදති!
තාත්තා පෙරදින “නෑවද” පසුදින උදේ 4.30 වනවිට නැගිට මොනවත්
නොවුනු ගානට අම්මා සමග කුස්සියට සෙටමෝල් වී
මුනු මුනු ගාමින් අම්මාව බැලන්ස්කරණයේ යෙදී
සිටිනු දක්නට ලැබීම සුලභ දසුනකි. අර කලින් මා කියූ “ඉඳි ආප්ප කෑම”
සිදුවුනේ මේ මුනු මුනුවේ ප්‍රථිපලයක් ලෙසිනි!
උදෑසන කුස්සියට යන අපට ඉඳිආප්ප වංගෙඩිය මිරිකන තාත්තා හා කිරි හොදි හැඳි ගාන අම්මා දක්නට ලබීම ඉර හඳ වාගේ බඩු ෂුවර් සීන් එකකි.
දැනට දීප ව්‍යාප්තව; දැක්කාම දුකට බොන්න හිතෙන අමද්‍යප පෝස්ටර් ගහන ADIC නමැති සංවිධානය පටන් ගත්තු මුල් කාලයයි.මෙම සංවිධානයයි රුවන්වැල්ලයි
අතර එකල කිට්ටු සඹඳතාවයක් එකල විය. මාගේ මතකය නිවැරදිනම් එහි ගරු සභාපති තුමා, ලේකම් හෝ වෙනයම් නිළධරයෙකු හිටියේ
එම නගරයේය. දිනක් මෙම සභාපති තුමා අපේ ගෙදරට කඩා පාත් විය. ඒ වෙන විට අපේ තාත්තා ගල් අරක්කු දුටු විට බොනවා වෙනුවට
නාන කෙනෙක් බව ඔහු කෙලෙස හෝ දැන ගෙන සිටියේය.
මා මෙසේ කියන්නේ
අථිශයෝක්තියෙන් නොවේ. ඔහු
තේබොන ජෝග්ගුව හෙවත් මග් එකේ කට පිරෙණ්න සංස්ථා ගල් පුරවා; හෙල්ලුනොත් හැලෙන හෙයින්
සීරුවට කට ගාවට ගෙන නොව ජෝග්ගුවට කට ගෙන ෂැන්ඩි හෙවත් චේසර්ස් දිහා බලන්නෙවත් නැතිව එක හුස්මට බීගෙන යනු
මා දැක ඇත්තෙමි! අප ඇතුළු අපේ අනෙකුත් බෙබෙලා මේක දකින්නට නොහැකිව අහක බල ගනිති! මේ බීම දුටු විට බොන්නට කලින් අපට “කබරයා” අත වනා “මං මෙහේ !” කියනු දැනේ!
“මචං පුලුවන්නම් අපේ තාත්තගේ බීම නවත්වලා පෙන්නපං. ආන්න කලොත් උඹ සිරා පොරක් !” මම ඔහුට අභියෝගයක් භාර
දුනිමි. ඔහු සිනහ වී තමා එතෙක් හිද සිටි
අසුනෙන් නැගිට තාත්තා ලඟින් වාඩිවිය.
“කොහොමද අංකල් ?”
“කොහොමද පුතා ?”
සභපතිතුමා සාර්ථක ආරම්භයක් ගත්තේය ! මද
වේලවක් ආගත නාගත කතාකරමින් සිටි ඇඩික් සභාපති තුමා අප දෙසත් විජයග්‍රාහී සිනහවක් පා කතාවට අවතීර්ණ වය.
“අංකල් ඇයි බොන්නේ ?”
“ඇයි පුතා ඔයා නොබොන්නේ ? මම බොන්නේ මේ ලෝකෙ මිනිස්සු බොන දෙයක්නේ? ඔන්න මිනිස්සු
නොබොන; නිකං භූමිතෙල් වගේ දෙයක් බොනවා නම්
ඔහොම ඇහුවට කමක් නෑ.පුතා ඔයා බොනවාද?”
“කවදාවත්ම මම කටේ තියලා නෑ! අංකල් බිව්වාම
මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවානේ !” කිසි ඇදයක් කුදයක් නැතිව සභාපති තුමා තාත්තාට සිද්දිය
ඇති සැටියෙන් නොදන්නාදේ; දන්නා පරිදි කියා පෑවේය. කොල්ලා සුපිරියටම
වැඩේ අනාගත්ත බව මා ලඟ හිටපු මොකාද එකාට කීවෙමි! මොකාද එකාට වගේ වගක් නැතිව මුඛ පූට්ටු කරගෙන සිද්දිය දිහා ඇසිපිය නොහෙලා බලා සිටියි.
“මොකක් ? සිහිය විකල් වෙනවා ? මොන පිස්සුද ? කව්ද කියන්නෙ?
බොන එකෙක් වත් කිව්වද එහෙම?
දැන් මම බොනවා
! අපේ පුතත් බොනවා ඇති ! මම
දන්නේ නෑ සමහරවිට බොන්නෙ නැතුවත් ඇති! අපි දෙන්නම බීලා මේ ගෙදර එකට ඉන්නවත් ඇති! ඒත්
පුතා මම පුතාටවත් පුතා මටවත් කිසිදවසක මචං කියලා නෑනෙ! ඔයා කියන විදියට මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවා නම් මිනිස්සු බීලා ගෙදර ගියාම අම්මවයි පවුලවයි පටලවා
ගනීනෙ පුතා!
දවසක්වත් බොන්නැති එකෙක් කොහොමද බීමේ ගුණාගුණ කියන්නෙ? කැමති නම් අන්න බෝතලයක් ඇති ඒකෙන් කාලක් ගහලා ඩෝප් බැස්සාම කියන්න! ආන්න මම අහං ඉන්නම් ඔයා කියන ඕන කුණුහරුපයක්!
නිකං කට තිබුනාට කියවන්න යන්න එපා! ඒක හරියට ආන්න අතන බුදියං ඉන්න බල්ලා හිතින් හිතන දේ අපි මෙතන ඉඳන් කියවනවා වගේ!?”
සභාපතිතුමාගේ අමද්‍යප ව්‍යාපාරය එතැකින් සමාප්ත විය! කාට මොනවා උනත් මට නම් අවුලක් නැත! මන්ද මම ඒවන විට අවුරුදු ගනනාවක් තිස්සේ තාත්තාගේ හැසිරීම්
රටාව අධ්‍යනය කරගෙන පැමිණි නිසාය!
අවුලක් නැත! ඒ තාත්තාගේ හැටිය!
අමද්‍යප අංකල් දුකටම මගදි බාගයක් ගහල යන්න ඇති එදා.
ReplyDeleteතාත්තගෙ කාල නම් ඉතුරු වුනා!
Deleteඅමධ්‍යප කාරයාට මාගේ බලවත් මෙව්ව එක.
ReplyDeleteමගේ මෙව්වා එක ඒ වෙලාවෙම ඌට ප්‍රධානය කලා!
Delete++++++++
ReplyDelete!!!!!!!!!
Delete//තම හිසට ටොකු 4 ක් ඇනගෙන//
ReplyDelete//කෙස් පැලෙනා තර්ක විතර්ක//
//කොණ්ඩය පීරා පිලිවෙලට //
අවුලක් නැත!
ස්තූතියි!
Deleteදුන් තෙල් හදන හැටි ඔබතුමා දන්නවද?? ඇත්තටම දුන් තෙල් දාලා බත් ඉව්වම හරිම රසයි. ඉස්සර පාන් හැදුවාලු දුන් තෙල් දාලා. දැන් මොන දුන් තෙල්ද?? මමනම් දන්නවා දුන් තෙල් හදන හැටි.
ReplyDeleteමම නම් බොන තාත්තලාට කැමතිම නෑ. මගේ තාත්තා කවදාවත් බීලා නෑ. එයා තාමත් හොදින් ජීවත් වෙනවා.
ස්තූතියි!
Deleteඅපේ තාත්තානම් නෑ! එයාගෙ මරණෙටත් බීම බලපෑවා!
කොහොමද හැබෑටම දුන් තෙල් හදන්නෙ? ඒ කාලෙ රෝස් පාන් වලට එහෙම දුන් තෙල් දැම්මා! අනේ අපරාදෙ කියන්න බෑ කන්න බෑ !
දුන් තෙල් හදන්නේ මී කිරි වලින්. මී කිරි උණු කරලා මිදෙන්න දැම්මම යෙදේ කියලා ගන පටලයක් හැදෙනවා. ඒක එකතු කරලා තිබ්බම තෙල් වගේ වෙනවා. ඒවට තමයි දුන් තෙල් කියන්නේ. එක බෝතලයක් හදන්න මාස දෙකක් විතර යනවා.මේ බෝතලේක මිල දැන් රු .1000 විතර වෙනවා. එළ හරක්ගෙන් මේ විදියටම කිරි වලින් අරගෙන හදන ඒවාට කියන්නේ එළගි තෙල් කියලා. මම ලිව්වා වැඩිද මන්දා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! එහෙම දෙයක් නෑ ලියන්න දන්න කියන හැමදේම ඉඩ අරණ්!
Deletehttps://en.wikipedia.org/wiki/Dripping
Deletehttps://dir.indiamart.com/impcat/buffalo-ghee.html
අපේ ළඟ හිතවතෙක් වඩු වැඩවලට interview ගිහිං.... රට යන්න..... මිනිහ ඇවිත් කියනව " පරාල ඇණේ ගැහුව මං මිටි පාර එකහමාරකින් " කියල.... අපි ගැන තිවුණු සහතික නිසා මං කටවහං හිටියා.... අසල්වැසියොනෙ...........
ReplyDeleteසුපිරි මිටි පාරවල් තුන හමාරකින්...! සුපිරි කථාවක්! ඒ මනුස්සයා ඉන්නෙ ඔයාලගෙ ගෙදරට හූ දෙක හමාරක් දුරිණ් නේද?
Deleteහූ දෙකහමාරයි බල්ටි එකහමාරයි හරියටම!!!!!!
Delete//බෞස්ටඩ් වෙලා තියෙන්නේ
ReplyDeleteඅඩා ඔය කොම්පැනියෙන් නේද ට්‍රෑම් කාර් දුවලා තියෙන්නේ
http://sltbbus.blogspot.com/2017/07/blog-post.html
Deleteමචං මේකට අනුව නම් බෞස්ටඩ් බ්‍රදර්ස් කොම්පැනියෙන් තමයි ට්‍රෑම්ප් කාර් දුවලා තියෙන්නේ. මම කොළඹ දන්නා පරිදි ඔය කොම්පැනිය තිබුනේ ටෙක්නිකල් හංදියෙන් පංචිකාවත්ත පැත්තට වෙන්න දැන් ඔය කලුතොට ඒජන්සිස් එක තියෙන තැන!
Thattawa godak wattenna , nathiyna dawasen passa???
ReplyDeleteඅනේ බුදු මල්ලියේ උඹේ ඔය කොම්පූටරේට හිංගල හෝඩි පොත දා ගනින් කෝ! උඹ ලියන ඒවා කියවන්න පරණවිතාන මහත්තයා වලෙන් නැගිටලා ආවත් බැරි වේවි!
Deleteමට හිතෙන්නේ උඹ ලියන්න ට්‍රයි කරලා තියෙන්නේ " තාත්තාව වටින්නේ ; නැති උනාට පස්සෙ!" කියන එක වෙන්න ඕනෙ! එකෙන්ම!
Correct , correct
Deleteඑකෙන්ම!
Deleteතාත්තගෙ පොටෝ එකක් නැද්ද ...??
ReplyDeleteමුණ බලන්ඩ ආසයි ...
අපෙ තාත්තත් දවසක් වෙඩිං එකක් මැද්දෙ මාව නැති කරල දැම්මනේ ...
"ඕං මං බීල ඉවරයි ... උඹ ගිහිං බීපං .."
තියෙන සීමිත ෆොටෝ වලත් උන්නැහැ ඉන්නේ මෙලෝ සිහියක් නැතිව! වෙඩින් ෆොටෝ එක ඊළඟ පාර දාන්නම්!
Deleteඅප්පට සිරි! ඔය වගේම සීන් එකක් අපේ යාළුවෙකුට වෙලා තියෙනවා! ඒක වෙනමම ලියන්නම්
අන්න කොල්ලෝ සෑර්. මගේ චන්දෙ ලොකු සෑර්ට!
ReplyDeleteදැන් ඔව්ව කියල හරියනවද සෑර් ඒ කාලේ එපෑය කියන්ඩ. හැටං යන වෙලාවක මාත් එනවා එහෙනං “අංකල් ඇයි බොන්නේ ?” අහන්ඩ. යකෝ නොමිලේ ගල් කාලක් කිව්වම සෙල්ලංද ඈ..
මේ.. මේ... වැරදිලාවත් ඇඩික් සභාපති තුමාගේ යන වෙලාවේ පොටෝ එකක් හෙම ගත්තේ නැතුව ඇති නේ. අඩුම ගන්නේ චිත්‍රයක් වත් ඇඳලා දැම්මනං මක්කාවත් වෙයිද.
මේවා ඔක්කොම දශක දෙක හමාරකට කලින් කයි කතන්දර!
Deleteබොහොමත්ම ස්තූතියි ඔබගේ පැමිනීම සතුටක්!
ඔය කියන කාලෙ කැමරා කියන ඒවා ගමකට එකයි. දිස්තිරික්කයකට දෙකයි!
කයාකින් පදින්න හිතුනා ,බට තුවක්කුවක් ගන්නත් හිතුනා ,දැන් බොන්නත් හීතිගෙන හිතීගෙන එනවා වගේ (නෑ ඕනනේ නෑ ,නොබීම ඉන්නවාබොන එවුන් දෙන ආතල් බලන්නත් කව්රුහරි ඉන්න එපැයි-මට නිකන් මැවිලා පේනවා පාර පුරා බයිසිකල් පදින තට්ටයෙක් )
ReplyDeleteඇහැරෙන්න ඕනේ වෙලාවට ඔලුවට ටොකු ඇනගන්නා එක නම් අත්දැක ඇත්තෙමි. ඒ වගේම කොට්ටයට තට්ටු දැමීමත් වැඩකරන මෙතඩ් එකකි. ඒ උනාට හරියට (කෙමක් වගේ නොකලොත්) උදේට ටොකු තියා බෙරයකින් ගැහුවත් ඇහැරවගන්න නම් බැරිය.
ReplyDeleteමේක කියවීමෙන් පසුව අහන්නට හිතෙන ගොඩක් මුඛකන්ඩන කතා ගොඩක් තිබ්බත් අර බයේ දුවන චිකන් කෙනෙක් වගේ දුවගෙන යමි.
ඒවා වැඩක් නෑ , අර ගඟ මැද්දේ කිඹුලෝ කන්ට දාපු බුමිතෙල් ගහපු තට්ටයා ඇතුළු සිව්දෙනා ගැන ලියව!
අන්න ඔයාගේ කවියකට මම පඬි ටෝකක් දැම්මා. "
Deleteඒ පැත්තේ ඇවිත් මං සලකුණු තියලා ගිය නිසයි පාර හොයාගත්තේ මේ පැත්තට. නිදහසේ කියවල බලන්නම්කෝ.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! ආවාට ලිව්වාට!
DeleteShaaaa ! Kalekin kiyawapu apooru kathawak!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ; පැමිණියාට ;. ලිව්වාට ; අගයකලාට! නැවත එන්න!
ReplyDelete