රාත්‍රිය ගෙවී ගොස් නව දිනෙකට එළබෙනවිට මහවැලිය නව මුහුණුවරකින්.
නිදන්නට සූදානම් කල කැනොපි දෙකක් පසෙක තිබුන මුත් ගිණි
මැලය අසල සිහින් වැළි තලාව මත මා හට හොඳින් නින්දට ගිය බවට ඡායා රූප සාක්ෂියක් තෙශාන්තගේ
කැමරාවේ සටහන්ව තිබී පසුව මා දුටිමි.
පෙරදින රාත්‍රිය පුරාවට නිදිවර්ජිතව කිලෝමීටර 175 ක් පමන දුරක්; කයාක් තුනක්ද වැඩුනු පිරිමින්
5 දෙනෙකු හා ගමනට අව්ශ්‍ය අනෙකුත් අඩුම කුඩුම කිලෝ ගනනාවක්ද පටවාගෙන Land Cruiser BJ 60 දරදඬු රථය ; වගකීමකින් පදවා
ඉන් ඉක්බිති තවත් කිලෝමීටර 30 ක් 35 ක් ගඟ දිගේ කයාකය හබල් ගසමින් පදවා ගෙන පැමින; කඳවුරට අවශ්‍ය දැව අදිය සපයා දීමට විසල්
කඳන් දෙකකට කරගසා සිටි මා හට නින්ද නොගියේ
නම් ප්‍රශ්නයකි. නින්ද යෑම අතිශය සාමාන්‍ය
තත්වයකි.
“තවත් කිලෝමීටර 30 ක් 35 ක් ගඟ දිගේ කයාකය හබල් ගසමින්
පදවා ගෙන පැමින”මෙම වාක්‍යය ඛණ්ඩය මා ලියූවේ
ඉතාමත් වගකීමකින්ය. ගලන ගඟක ;කයාකයක් ගඟ ගලන දිශාව ඔස්සේ පැදයාම මෙතරම් අපහසු කටයුත්තක් දැයි මෙය කියවන ඔබට සිතෙන්නට පුළුවන.
කිලෝ 57 ක් බර අයෙකු පැයක් තිස්සේ කයාකයක් පැද ගියහොත්
ඔහු විසින් දවන කැලරි ප්‍රමානය 283 කි .
ඔහුම
පැයට කිලෝමීටර 22.5 ක වේගයක් පවත්වා ගනිමින් පැයක් තිස්සේ බයිසිකලයක් පැද ගියහොත් ඔහු දහනය කරණ කැලරි ප්‍රමාණය 672 කි. ඔහු පැයට කිලෝමීටර
13.6 ක වේගයක් පවත්වා ගනිමින් පැයක කාලයක් දිව ගිය හොත් ඔහුවෙතින් දැවෙන කැලරි ප්‍රමානය
783 කි. එයට ආසන්න බරක් දරණ අයෙකු සාමාන්‍ය ආනතයක් දිගේ පැයට කිලෝමීටර 3.5 ක වේගයෙන් ගමන් කලහොත්
ඔහු වෙතින් දැවෙන කැලරි ප්‍රමාණය කැලරි
170 ක් පමනවේ !
ඉහත දත්ත වලට අනුව කයාකයක් පැදීම ආනතයක් දිගේ ගමන් කිරීමට
පමනක් වඩා වැඩි වෙහෙසකර කටයුත්තක් බව පෙනී ගියද සත්‍ය වශයෙන් කයාකයක් ගඟක් දිගේ ගමන්
කරද්දී ගලනා දියවැලට එකඟව , ගල්පර බාදක මග අරිමින් , වැලි කඳු මත සිරවූවිට කයාකය ඉන්
මුදාගනිමින් කරණා කාර්‍යයේ යෙදීමේදී දැවෙන කැලරි ප්‍රමාණය 283 ට බොහෝ සෙයින් වැඩිවනු
ඇත!
උදෑසනින් මම අවදිවීමි ! එවිට වේලාව පෙරවරු 6.00 –
6.30 ට පමන වන්නට ඇත. ගිණි මැලය වටා වසිකත් තෙශාන්තත් තවමත් තද නින්දේය !
කැනොපි ඇතුලේ ධම්මිකත් පසිඳුත් නින්දේය. මෛත්‍රී ආගිය අතක් නොමැතිවිය. තවත් ගනනකදි ඔහුද කැලයෙන් මතුවිය. ඔහු බෙහෙත් මුලක් සොයා ගිය වගක් කියැවින! අප කැලයේ කඳවුරු බඳිද්දී “ හාවන් ඇල්ලීමට” කැලෑ වැදීම මොවුන් හඳුන්වන්නේ “බෙහෙත් මුල්” සොයා යෑම කියා විය හැක !

නිශ්බ්ද විලියම් - ධම්මික මහෙන්ද්‍ර ජීවිතාරක්ෂාව සියතට ගෙන!
වතුරෙන් තරමක් ගොඩ ඇද දමා තිබූ කයක මුලු මනින්ම ගොඩබිමේය! ඒවා ගොඩ
බිම තනිකර ගඟ ඈතට ගොස්ය. ගඟේ ජල මට්ටම අඩියකින් පමන පහත බැස ගොස්ය. මෙසේ වන්නේ බොහෝ
විට ගඟ ඉහත්තාවේ පිහිටි වේලි දිවා කලට වඩා
රත්‍රියට වසා දමා තිබෙන නිසා විය යුතුය! මුළු ගඟම ; තැනින තැන මතුවූ ගල් වලින්
පිරී ගොස්ය. හිරු රැස් ගඟ ට වැටෙමින්ය.
අපගේ කඳවුරු භූමියට තවමත් රුක් දෙවිඳුන් සෙවන සලසමින්ය. අප පෙර දින රාත්‍රියේ ගත කිරීමට තෝරා ගත් සථානය හොඳින් දැක බලා ගැනීමේ භාග්‍යය සැමට අයත් විය. එය වසර ගනනාවක් ප්‍රේමකල අයගේ නියම ස්වරූපය ප්‍රථම රාත්‍රියෙන් පසු තේරුම යනවා සේය!

නින්දෙන් පිබිද ඔබ මොබ සක්මන් කල මාගේ හඬින් අපගේ කණ්ඩායම “ගුණ වයමින්” නින්දෙන් අවදි වූවෝය. කණ්ඩායමේ සිටි සැවොම මාහට “මචං” ලා වූවාට තෙශාන්ත ඇරෙන්න අන්
සියළු දෙනාහට මා වැඩිහිටියෙක් ය. තෙශාන්ත පවා මාහට තරමක් වයසින් අඩු වුවද ඔහු හා මා ඉංතේරුවෙන්ම මචංලා විය.
වසික අවදි වූයේ ; ඔහුගේ අතිශය නිරන්තර ප්‍රකාශය , සටන්
පාඨය , ආදර්ශ පාඨය පමනක්ද නොව හේතු පාඨයද වූ “එකසිය ගානට බඩගිනියි !” කියාගෙනය.
අන් මගක් ගත් සමබල ආහාර රටාව!
පෙරදින රාත්‍රියේ අප ; පාන් , සීනි සම්බෝල හා බටර් ආහරයට ගත් බැවින් උදේ ආහාරය හැකි පමන වෙනස් ආකාරයට ගැනිමට අප උත්සාහ
ගනිමින් විය. මන්ද කඳවුරු දිවියේදී විවිධත්වය යනු අත්‍යවශ්‍ය කාරණයක් වන බැවිනි.
එනිසාම අප උදෑසන අහාරය සඳහා පාන් , සීනි සම්බෝල හා බටර් වෙනුවට බටර්, සීනි සම්බෝල හා පාන් සතුටින් ගිල දැමුවෝය.
එම වෙනස අප සියල්ලන්ගේම සිත් ගත්තෙමු!
කන්න දෙනවානම් පහට විසිපහක් - වසිකයා
කාපු බීපු තැන හැරයාම!
සියල්ල අකුලමින්. යලිත් දියඹට යන්නට!
පසිඳු!
උදෑසන අහාරය හොඳින් සප්පායම් වුනු අප යලිදු ගමනට සූදානම්
වුනෙමු. එක් එක් අය තම තමන් අතට පත්වූ බඩු බාහිරාදිය යාත්‍රා මත ගැට ගසන්නට
විය. පෙරදින ඒවා සියල්ල පිරිසිදුකොට තිබූ බැවින්
ඇසිරීමේ කටයුතු වඩාත් පහසු විය.
මේක අමරණීය ලන්තෑරුමක්!
අවසාන අංගය ලෙස කඳවුරු බිම පිරිසිදු කොට සියළු නොදිරණ
යමක් වුනි නම් ඒවාද එකතුකොට ගෙන කයාකයේම පසෙක
ගැටගසා ගත්තෙමු.
සූදානම!
ඉන් ඉක්බිති ගං දියෙන් ගිණි මැලයේ ඉතිරි භෂ්මාවශේෂ , බාගෙට ඇවිළුණු
දර කැබැලි , ගිණි අඟුරු ආදිය හොඳින් නොව හොඳින්ම නිවා දමා නැවත් කිහිප විටක් පරීක්ෂාකොට
තහවුරු කරගැනීමෙන් පසු යාත්‍රා ගඟට මුදා හරිනු ලැබුවෙමු.
ගල් පර්වථ මග හරස් කොට!
සැම'ත ලොකු කුඩා ගල් පර්වතයන්ගෙන් පිරුණු ගඟ හඳුනා ගැනීමට නොහැකිවනසේ
වෙනස් වී තිබුනි. පෙරදින අප අවම බාධාවන් සහිතව ගමන් ගත් ගඟ අද දක්නට නොමැත. මැවුම්
කරුවා මොනතරම් වංචනික ලෙස මේ සියළු දේ වසා සිටියේද? මා පෙරදින සුවසේ නින්දට ගියේ අද
දිනයේ සුන්දර ගමනකට ආරම්භයක් ගැනීමට සිතා ගෙනය. මා මැවුම්කරුවා පිළිබඳව තැබූ විශ්වාසය
ඔහු මා කෙරෙන් ඉවතට ගෙන ගොස් ඇත. ඔහු මා මේ දියේ අසීරුවෙන් ඉදිරියට ඇදෙනු බලා සතුටු
වනු ඇත. ඔබ මේ සිදු කොට ඇත්තේ ඔබට හැකි උපරීම දේ විය යුතුය. එහෙත් ගඟ ගලයි. මොනතරම්
අසීරුවෙන් වුවද මා මගේ ගමන යන්නෙමි. කයාකය මා සතුය. එය විශ්වාසනීය ගමන් සගයෙකි. ගමනාන්තය තෙක්ද ඉන් ඉක්බිතිවද එය කිසිදා මා අතහැර නොයනු ඇත.
සමහර අවස්ථාවලදී
සුවිසල් ගඟේ එක් ඉවුරක සිට අනෙක් ඉවුර දෙසට
කයාකය ගෙන එන්නට සිදු විය. මමත් තෙශාන්තත් පැදවූ කයාකය හෙවත් බරින් වැඩිමවූ කයාකය ගඟ
පහලට ගෙන ඒම ඉතා අසීරු කට යුත්තක් විය. බොහෝ අවස්ථාවලදී කයාකය ගල මත සිර විය !
මෙසේ ටික දුරක් එන විට කයාකයේ අසනයේ ගැටෙන මාගේ පශ්චාත්
භාගය පුපුරු ගසමින් දැවෙන්නට විය! මා ඒ මේ අතට හැරුණ මුත් කහඹිළියා ගෑවුනු කලෙක මෙන්
මෙකී නොකී මාගේ සියළූම අංගෝපාංගයන් උනු වතුරට පිළිස්සුනු කලෙක මෙන් දැවෙන්නට පටන් ගත්තේය.
මා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ගං ඉවුරට ගොඩ බැස
ඇඳ සිටි ඇඳුම් ගලවා ඉව අල්ලා බැලුවෙමි.
නිවසේ කාමරයකදී මෙන් ගඟේ දී ඇඳුම් ගැලවීම අපහසු කරදරකාරී කටයුත්තක් නොවේ. ඉන තෙක් ගැඹුරු වතුරේ සිට ඇඳුම් ගැලවීම කිසිවෙකුගේවත් දෝෂ දර්ශණයට ලක් නොවන කටයුත්තකි. පරිස්සම් වියයුත්තේ කාවයියන්ගෙන් ලූලන්ගෙන් තිලාපියා මොසැම්බිකාලගෙන් හා කක්කුට්ටන්ගෙන් පමණි!
මහියංගනයේ සරත් මහත්තයාගේ ගෙදරින් ඉල්ලාගෙන පැමින ; රාත්‍රිය පුරා දැල්වුනු ලංතෑරුම මෛත්‍රී විසින් ගැටගසා තිබුනේ මගේ ආසනයට නුදුරින්ය. ඒවනවිටත් එහි ටැංකියේ ඉතිරිවී තිබුනු භූමිතෙල් ඉන් කාන්දුවී කෙලින්ම ගලා විත් තිබුනේ මාගේ ආසනයටය!
කිසියම් වටකුරු ස්වභාවයක් ගත් එම අසනය මත රැඳුණු භූමිතෙල් මත මා පැය භාගයක් පමන වාඩිවී පැමින ඇත! ගැලවූ ඇදුම් වලින් වහනය වන භූමිතෙල් සුවඳ එයට දෙස් දෙයි.
කිසිවෙකුට වචනයකින් තබා සිතුවිල්ලකින්වත් වරදක් කර නැති මාගේ අහිංසක පශ්චාත් භාගය මෙතෙක් දුර පැමින ඇත්තේ භූමිතෙල් තැටියකය !

දැන් හේතුව සොයා අවසානය ! දැන් ඇවැසි වනුයේ මින් ගැලවී ගන්නට ක්රමෝපායක්ය.
මේ වනවිට මාගේ ඉන දක්වා දියෙන් වැසී තිබුනද දැවිල්ලේ කිසිදු වෙනසක් නොවීය. වඩාත්ම අභාග්‍ය සම්පන්න සිද්දිය වූයේ අප අතරින් කිසිවෙකු හෝ ආසාවට වත් සබන් කෑල්ලක් ගෙනවිත් නොමැති වීමය.
මේ වනවිට මාගේ ඉන දක්වා දියෙන් වැසී තිබුනද දැවිල්ලේ කිසිදු වෙනසක් නොවීය. වඩාත්ම අභාග්‍ය සම්පන්න සිද්දිය වූයේ අප අතරින් කිසිවෙකු හෝ ආසාවට වත් සබන් කෑල්ලක් ගෙනවිත් නොමැති වීමය.
මෙසේ තවත් විනාඩි
15 ක් පමන අප සියලු දෙනා පැන නැගී ඇති තත්වය පිළිබඳව විපිළිසර වෙද්දී ධම්මික මහේන්ද්‍ර
තම සුපුරුදු මිමිනීම තමා අසල සිටි අයට පමනක් යාන්තමින් ඇසෙන සේ කලේය.
“මං ගාව ෆේස්
වොෂ් (Face Wash) එකක් නම් තියෙනවා …”
“ ඒ මෙන්න මූ ගාව ෆේස් වොෂ් එකක තියෙනවලු …! " මිමිණීම
ප්‍රවෘථියක් බවට ඒ ක්ෂණයෙන් පත්වුනි !
“ගනිං යකෝ තියෙන මළ දානයක් මූ මෙහේ මැරෙන්න යනවා……! තෝ
මගුලක් කලාද ඕක තියාගෙන මෙච්චර වෙලා …? ” ඒ තෙශාන්තගේ ප්‍රිය තෙපුල්ය !
(මේ ඔහුගේ ඔරිජිනල්ම
වචන සේ නොසලකන්න ! ඔහුගේ වාක්‍ය
ඛණ්ඩයන් මා මාගේ වචන කෝෂයට ඇතුළු කොට නිස්සාරණය කරවා පත අට එකට සිඳුවා තෙවරක් පෙරා පවුලේ සැමට එකට
සිට කියැවිය හැකි පරිදි සකස් කොට ඉදිරිපත්කල අනුවර්ථනයක්ය!)
ඉතිරිය ලියන්නට ඇවැසි නොවේ. කිසිදු දිනෙක එතෙක් මෙතෙක් ඉතිහාසයේ මාගේ
පශ්චාත් භාගය ලබා නොසිටි සැළකිල්ලක පිළිගැනීමක් එහිදී වින්දේය !
මේ සැම අප සියල්ල සිනා සාගරයක ගිල්වීමට සමත්වූ ක්‍රියා
දාමයක් විය! කයාකයේ ආසනයද ෆේස් වොෂ් වලින් සොදා හැර අළුත් ඇඳුමකින් සැරසුනු මම නැවත
ගමනට සැරසුනෙමි.
අප අත තිබූ පොලිතීන් කවර කිහිපයකට දමා හොඳින් මූද්‍රා
කල ලංතෑරුම නැවත කිසිවෙකුට හානියක් නොවන ආකාරයෙන් ගබඩා කර ගත්
අපි නැවත ගමනට සූදානම් විමු. ඒ මොහොතේ පසිදු තම රහස් ගබඩාවක තිබී එලියයිට ගත්
On the Go – Ready Mix පැකට් කිහිපයද භුක්ති විඳි අප යාත්‍රා නැවත දියත් කලෝය.
වේලාව උදෑසන 7.30 – 8.00 පමන වන්නට ඇත. උදෑසන හිරු එළිය
මහ වැළි ගඟට වැටී එහි කිරණ දිය කඳ සිසාරා පතුල
තෙක් ඇදී යමින්ය !
සමහර ස්ථාන වල දී පතුල පවා පැහැදිලිව දර්ශනය වන්නට විය. මා හට සියල්ල අමතකව ගියේය. සියල්ලන් හටම කෙටි දැනුම් දීමකින් අනතුරුව මා දියට පැන්නේය. ඉතිරි වූයේ ධම්මික හා තෙශාන්ත පමණි!
සියල්ලෝ ගං දියෙන් තම සිරුරු සංතර්පණය කර ගනිමින් ය. මිනිස් පුළුටක් නැති මහා වනාන්තරයක් මැද ඉතා සෙමෙන් ගලන ; හැඩ පාරක සේයවක් වත් නැති ගංඟාවක අප ගිලී සිටිමින්ය. අප සමන්විතව සිටි ජීවිතාරක්ෂක කබා වල පිහිටෙන් අධාරයෙන් අප දියේ පාවෙමින් විය.

ගංගාව හරහා සිහිල් සුළඟක් හමායමින් විය. හිරු රැසින්
අවට පරිසරයම නැහැවී ගොසින්‍ය. පැයකට ආසන්න
කාලයක් වච්නයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසින්
, කෙළිදෙලින් මෙන්ම සුව පහසුවෙන් අපි සිටියෙමු .
අපගේ ජීවිතාරක්ෂක කබා කරණ කොට ගෙන දියේ නොගොලී සිටීමට අමතර ශක්තියක් වැය කිරීමට හෝ උත්සාහයක යෙදෙන්නට ඇවැසි වූයේ නැත. මම සෑහීමකට පත්වෙන තුරු නිදහසේ ගඟේ පාවිමි.
අපගේ ජීවිතාරක්ෂක කබා කරණ කොට ගෙන දියේ නොගොලී සිටීමට අමතර ශක්තියක් වැය කිරීමට හෝ උත්සාහයක යෙදෙන්නට ඇවැසි වූයේ නැත. මම සෑහීමකට පත්වෙන තුරු නිදහසේ ගඟේ පාවිමි.
ජීවිතයේ කිසිදු දිනෙක අත් දැක නොතිබුනු මිහිරක් වින්දෙමි.
ගඟ මා හට අළුත් දෙයක් නොවුනි.
ගං දියේ බැස සිටීම හා එම සුවය මීට පෙර බොහෝ විට විඳ ඇත්තෙමි. එහෙත් මෙම සුවය අන් කිසිදු දිනෙක අත් නොවිඳි නොයිඳුල් සුවයකි.
ගංගාව මට හිමි දෙයක් නොවේ.
එහෙත් මේ ලැබූ සංතර්පණය මියෙන තෙක් මා සමග වනු ඇත!

දිය කෙළියෙන් අනතුරුව අප යළිත් ගමනට අවතීර්ණ වීමු. ඒවන විටත් බොහෝ ගල් පර්වථ අපගේ ගමනට මහත් වූ බාධාවන්
පමුනවමින් විය. ස්ථාන කිහිපයකදීම අපගේ කයාකය
සිරවිය. ඒ අතරින් එක් විටෙක එය සිරවූයේ තද සැඩ පහරක් නිර්මාණය කරණ ගල් දෙබුක්කාවක්
අතරය. තෙශාන්ත සහිත ඉදිරි කෙලවර ගල් දූර්ඝයෙන් ඉදිරියට ගමන් කොට සිරවී ගියේය. ඔහු
සිටින්නේ දැඩි සැඩ පහර මත්තේය. මා පිටුපස කෙලවරේ සිට දියට බැස කයකය අල්වාගෙන එය ගලවා ගැනීමට
උත්සහා ගනිමින්ය.
කයකය ඉහලට පහලට පද්දා එය ගලමතින් ලිස්සවා සැඩපහරට යොමු කොට එය ගමන අරඹනවාත් සමගම මා එයට නැග ගත යුතුවේ ! සිතූ පරිදිම එය කල හැකි විය . එහෙත් කයාකය දරුණු ලෙස තියුණු ගල් දාරයක් මත ඇතිල්ලී යනු කයාකය මතට දැනුනි!

තවත් පැය 2- 3 ගමනින පසුව අපට ගඟේ ඈත මිනිස් රුවක් දුටුවෙමු.
ඒදෙසට ලංවත්ම ; ඔහු වීසි දැලක උපකාරයෙන් ගඟේ මසුන් අල්ලමින් සිටියේය!
අප සිටින්නේ වස්ගමුව වනෝද්‍යානය තුලය.
මෙය මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්ක තුල පිහිටා ඇත. මහවැළි යෝජනාක්‍රමය මගින් යෝජිත වනෝද්‍යාන හතරෙන් එකක් වන අතර එම කරණකොට ගෙන අවතැන්වන හා අනාථවන සතුන් වෙනුවෙන් 1984 වසරේදී මෙම අභය භූමි වෙන් කොට ඇත.
එය ඒවනවිටත් 1938 වසරේදී සර් හෙන්රි මන්ක් මේසන් මුවර් විසින් ස්වභාවික රක්ෂිතයක් Nature Reserve ලෙස ප්‍රකාශයට පත්කොට තිබුනි. නැවත 1970 දී මෙය දැඩි ස්වභාවික රක්ෂිතයක් Strict Nature Reserve ලෙස නැවත ශ්‍රේණි ගත කොට ඇති අතර ඉන් අදහස් වන්නේ ජීවීන්ගේ පැවැත්ම සඳහාම වෙන්වුණු භූමි ප්‍රදේශයක්‍ය යන්නය. විද්‍යාත්මක පර්යේෂණ සඳහා හැර වෙනත් කිසිම කටයුත්තක් සඳහා මෙහි කිසිවෙකුට ඇතුළු වීමට නොහැක!

ඉහතකී මිනිස් රුව මසුන් මරණ්නේ දැඩි රක්ෂිතයක නැතිනම් ජාතික වනෝද්‍යානයක් තුලය.
අප ඒ දෙසට ලංවන විට හේ තරමක් වික්ෂිප්තව සිටියේය. එහෙත් අප ඔහු වෙතට ලඟා වත්ම අප සංචාරකයින් ගවේෂක්යින් විනා රජයේ නිළධරයින් නොවන
බව ඒත්තු ගියෙන් දෝ පලා නොයා එහි නතරව සිටියේය. මේ වන විට දහවල් 12.00 පසුවී ගොස්ය. දැන් කෙමෙන් කෙමෙන් ලඟාවන්නේ දිවා ආහාර ගන්නා වෙලාවටය. කිරි අම්මා ඇල්ලට පිංසිදුවෙන්නට අපගේ ආහාර වලින්
හරි අඩකටත් වඩා ප්‍රමාණයක් අහිමි වී ඇත. මේ වන විට ආහාර සපයා ගැනිමේ අවශ්‍යතාවයක් අප
තුල පැන නැගුනද නොනැගුනද ඉදිරි පැයක දෙකක කාලය තුල එම අවශ්‍ය තාවය අප දවනු ඇත.
මෙම ස්ථානයට කිලෝමීටර ගනනාවක් තුල කුඩා ගමක් පවතින අතර එම අය ගේ දැනීමට අනුව මහවැළිය
නැවත මනුෂ්‍ය ජනාවාසයක් අසලින් ගලන්නේ මනම් පිටියේදී පමනි. අප අත ඉතිරිව ඇත්තේ
ඉතා කුඩා ආහර ස්වල්පයකි.
එමගින් එක් අයෙකුගේ කුසගින්න නිවාලීමට වුවද නොසෑහෙන සේය.
කලයුතු කිසිවක් නොමැත. මනම්පිටිය නොඑසේනම් අපගේ ගමනේ අවසාන ඉලක්කය වෙත ලඟා වීමට තව පැය 4 ක්වත් යාත්‍රා කලයුතු වන්නේය. ඒ සඳහා අපට ජීවය අවශ්‍යය. හරි හමන් ආහාරයක් නොමැති වුවහොත් අද දින තුල අපට ගමනාන්තය තෙක් අද දිනය තුල ගමන් කල නොහැඅකි වනු ඇත. එය එසේ වුවහොත් අපට තවත් රැයක් මහ කැලය තුල ගතයුතු වන්නේය. තවත් රැයක් සිටින විට අප හාමත්වනු ඇත!
එතෙක් මසුන් මරමින් සිටි අයද මේවන විට පෙනෙන්නට නොමැතිවිය. අප මහ වනාන්තරයක් මැද අවතැන්වී ගොසිනි!

ඔව් සැබැවින්ම අප අනාථයින්
නොඑසේනම් සරණාගතයින් වී සිටින්නෙමු!
මිත්‍ර වරුනි මෙම සුන්දර ගමනේ රූපමය වාර්ථාව , කථිකාව නැතහොත් සාක්ෂිය නැවත ගබඩා කොට තිබූ භාහිර දෘඩාංගය නැවත රෝගාතුර වී ඇත! එය වෛද්ය සුමිත් උදයාංග භාරයේ ඇති විකලංග වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලබයි. ඔබට කෙසේ වෙතත් මාහට පෙර පිනක් තිබුනි නම් නැවත රූපමය කථාකාවකට අපට අවස්ථාව සැලසෙනු ඇත! යාන්තම් එක් එක් අහු මුළු වල තිබූ ඡායාරූප එක්කොට මෙම ගමන තවත් දුරකට මා ඔබව එක්ව යන්නෙමි!
ස්තූතියි ඔබට සදා!
ස්තූතියි ඔබට සදා!
කී පාරක් ඇවිත් ඇවිත් ගියාද උදේ ඉඳන් මේක කියවන්න.. The page you are looking for does not exists කියනකොට මගේ හඳුන්පොත කී ගෑවා.. ආයේ එහෙම බලාපොරොත්තු දීල ගන්න එපා පනේ..
ReplyDeleteමා අති එසේ ඔබ ඉච්ඡාභංගත්වයට පත්වුනි නම් අනේක වාරයක් කණගාටුවට පත්වුනෙමි. මන්ද අනෙක් බ්ලොග් ලියන්නන් තම සතෘෂ්ඨියට තම ලිවීම හැසිරවූවද මාලියන්නේ හුදෙක් මාගේ පාඨකයින්ගේ හිතසුව පිණිසය. මගේඅ ලිවීම තුල හෝ නොලිවීම තුල මාගේ කියවන්නෙකුගේ සිත යම් පමනකින් හෝ තැලී ඇත්නම් එය මාගේ පමාවකි! වරදකි!! අතපසු වීමකි!!! මේ දිනවල යෙදී ඈති අධික වැඩ කටයුතු මැද ලියෑවෙන්නේ රසාලිප්ත රචනා නම් නොවේ. ඒවා හුදෙක් වාර්ථාමය.
Deleteතවත් එකක්. පසුගිය 31 , 1 යන දින දෙකෙන් එකක සිටි FM එකේ රාත්‍රී 7.00 පමන ගියා දිගන්තය කියලා සිරා වැඩසටහනක්. ඒකේ සාකච්ඡා වුනේ ගෘහ ආරක්ෂාව ගැන. මිත්‍රයා එය ඔබටත් මටත් සැමටත් වැදගත් එකක්. මට ඔබව මතක් වූවා. ඒත් කොහිද අමතන්නට මගක්?
ඉස්සර හිටියා ඇනොපිලිස් කියල බ්ලොග් පාඨකයෙක්.. නිතරම කැමරාවක් අතේ තියාගෙන කොළඹ අවටදී අපි හමු උනා.. දැන් කාලෙකින් දැක්කේ නෑ.. අන්න එයාගෙන් ඇහුවා නම් මං අමතන්න මඟක් පාදා ගන්න තිබුනානේ..
Deleteසමා වන්න! ඊළඟ වතාවේ එසේ කරමි!
Delete+++++++
Deleteශැහ් පස්චාත් භාගය භුමිතෙල් වලින් නෑවිච්ච වෙලාවෙ ගිනිකූරක් ගැහුවනං අර මඩොල් දූව කතාවෙ වගේ ගිනි හට්ටියක් ගඟ දිගේ යවාගන්න තිබ්බ.
ReplyDeleteඅර මාළු අල්ලපු මනුස්සයගෙන් මාළු ටිකක්වත් ඉල්ලගෙන බාබකිවු පාරක්වත් දාන්න හිතුවෙ නැද්ද ආහාර හිඟකමට පිළියමක් විදියට.
අපිට එහෙම කරණ්නට තිබුනා. ඒත් අපිට උවමනා උනේ ගල් රෝලක් වන් බර කෑමක්!
Deleteඇයි අනේ අර යසට තිබ්බේ ගල්ගෙඩි මතුවෙලා ගඟ මැද්දේ! ගිලින්න තිබ්බනේ එහෙනම්..... මට ඉතින් කට කහනවා මේවා දැක්කහම
Deleteමමත් ඊයේ දෙතුන් වතාවක්ම ඇවිත් හැරිලා ගියා. ඒකට කමක් නැහැ, අද පෝස්ට් එක තියෙනවනේ...
ReplyDeleteගඟ දිගේ අපිත් ගියා වගේ තමයි දැනුනේ...
අර ලෙඩාව ඉක්මණට සනීප වෙලා අපිට ඉක්මණට රූපමය වාර්තාව බලන්න ලැබේවා...
ආහාර තොගය විනාශ වෙච්ච එකනම් පට්ට අවුල් නේද, මමනම් මේකෙන් ඉගෙන ගත්තු එකම පාඩම තමයි ඔය වගේ ගමනක් යනවනම් කෑම, විශේෂයෙන්ම බීම ලොකු වාහන ටියුබ් එකක වගේ හොඳට ගැට ගහලා ගෙනියන එක...
එතකොට අපි පෙරළුනත් කෑම ටික කෙළින්...
අනික තමයි මොක උනත් මම ඉස්සර ඉඳලම පුරුද්දක් විදිහට බිළි කොක්කක්, තංගුස් පොටක් පර්ස් එකේ දාගෙන ඉන්නවා. උවමනාවකදී කරන්න තියෙන්නේ කෝටුවක් කඩාගෙන ඒ ටික අමුණගන්න එක විතරයි...
දැන්නම් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා, අදාළ උපකරණ ටික තියෙන්නේ වාහනේ...
සමාවන්න!මාගේ දිවිය මෙන්ම අන් හිමි දිවියද අගයන බැවින් බිලී බෑම මා කිසිදා නොකරණ දෙයක්!
Deleteසාමාන්යෙන් ආහාර ආදිය ගෙනියන්න භාවිතා කල යුතුවන්නේ තදින් වැසිය යුතු ප්ලාස්ටික් / පීවීසී බූලියක් , කෑන් එකක් . වෙනත් සිලින්ඩරාකාර බහාලුවක්ය.
මෙන්න වැඩේ!! ගඟේ ගිහින් නේද භූමිතෙල් දාගෙන.. හි හි හි හි
ReplyDeleteඅනේ දෙවියනේ මොන එහෙකට මේ 6 වගේ පාන්දර ඇහැරගෙන එහාට මෙහාට යනවද? මම වගේ උන්නා නම් කීයටවත් ඇහැරවගන්න බැහැ, ආ.... ඒකනේ අපි යන අයට ඉරිසියා කරමින් ඉන්නේ.
අනිත් කාරණේ තමයි, සබන් කෑල්ලක් ගෙනියන්න නොහිතපු මේ පිරිමි ඈයෝ ෆේස් වොෂ් ගෙනිච්චා කිව්වහම තව ඩින්ගෙන් ඉස්මොල්ලේ යනවා බොන්න ගත්ත වතුර ටික. මාළු අල්ලන බලු වැඩේ නොකර බඩගින්නේ හිටිය එක ගැන නම් ආචාරය. මට පෙනෙන්න බැහැ ඒ ජරා වැඩේ.
අර මැවුම් කරුවා නම් පව් තමයි. මවල දෙන එක ටැලන්ට් එකක් කියන එකත් පවු තමයි.
ඒ කියන්නේ අපිට පින්තුර නැතුව කතාව කියවන්න වෙයිද? මොකද්ද අප්පා... ගඟට උඩින් කොක්කු ගියා වගේනේ! ඒකනේ මේවා පරක්කු කරමින් ලියලා ඇස්වහ වදිනවා. ඒකයි මේ ඔක්කොම. දැන් ඉතින් බූමිතෙල් ගහපු තට්ටයා වගේ ලියාගෙන ලියාගෙන යන එකයි..
හහ්! හහ්!! හා!! අනේ ඔයාගෙ කමෙන්ට් වලට රිප්ල්යි කරණ්න මට රැකියාවෙන් නිවාඩුවක් ගන්න වෙයි! බොහොමත්ම ස්තූතියි! භූමිතෙල් ගහපු තට්ටයා.... සුපිරි යෙදුම! එළ!
Deleteසියල්ල අකුළමින් යලිත් දියබට යන්නට ", කියන පොටෝ එකේ ගස්වල මල් වගයක් තියනවා. ඒ රත්මල් නේද? මම දන්න තරමින් ඒවා ගංගා අයිනේ හැදෙන්නේ. රක්ෂිතයේ මාළු අල්ලන්න වගේම හාවෝ අල්ලන්නත් බෑ කියලා දන්නේ නැද්ද?
ReplyDeleteආ ඒ වගේ තමයි! මමත් දැන් තමයි දැක්කේ! හාවන් ඇල්ලුවාට මස් කරණ්නෑනෙ. ඒ හින්දා අවුලක් නෑ!
Deleteඔවු ඒ රත්මල් තමයි. ගෙවල් වල මිදුලෙ හිටෝන එක උස යන්නැතුව පඳුරක් වගේ හැදුනට කැලෑවල හැදෙන ඒව ගොඩක් උස ගිහිල්ල තියෙනව මම දැකල තියෙනව.
Deleteගෙවල්වල මිදුලේ හිටවන්නේ රත්මල් නෙවෙයි. ඒවාට කියන්නේ එක්ස්සෝර කියල. ඒ මල් වර්ගයක්. ගංගා අයිනේ හැදෙන්නේ රත්මල්. ඒවා බෙහෙතක්. කුඩා දරුවන් නාවන්න ඒ මල් තම්බපු වතුර ගන්නවා. අපේ දේශීය වෙදකමට නැතුවම බැරි දෙයක් මේ රත්මල්. මම හරි නේද ප්‍රසන්ත. හාවන් ඇල්ලුවට මස් කන්නේ නෑ කියන්නේ . හුරතල් කරන්න වෙන්න ඇති හාවෝ අල්ලන්න යන්න ඇත්තේ. ඕවට තමයි වැදී බණ කියනවා කියන්නේ.
Deleteඔව් එක්සෝරා නෙවෙයි මේක රත්මල්! හාවන් ඇල්ලීම වනාහී එවන් සතෙකුට සම්බන්ධ කටයුත්තක් නොවේ! එය බහිස්‍රාවීය පද්ධතිය හා සම්බන්ධ අහිංසක අව්ශ්යතාවයක් පිරිමසා ගැනීමකි!
Deleteඔවු රත්මල් බෙහෙත් වලට ගන්නව. ඇස් ලෙඩ වලට මල් තම්බපු වතුර හොඳයි කියල මම අහල තියෙනව. ගඟවල් අයිනෙ කොහොම වෙතත් අපේ වැට මායිමෙත් තියෙනව අඩි හයක් හතක් උස ගහක්.
Deleteසමාවෙන්න!! "හාවන් ඇල්ලීම" යන වචනය මා වැරදියට තේරුම් ගත්තාට.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපැය බාගයක් තිස්සෙ බූමිතෙල් ගඳ දැනුනෙ නැත්තෙ කැලරි තදටම දහනය වෙන සුවඳ නිසාද මංද.
Deleteඊයෙ මේක කියවන්න හදලා අපෙත් කැලරි දහනය කර දුන්නට ස්තුතියි
එක කාලයකට වස්ගමුවේ ගං ඉවුරු වල සමනලයින් පෙරහැරවල් යනවා. දැක්කද? ලා කොල පොඩි (මං හිතන්නෙ ලෙමන් එමිග්‍රන්ට් Lemon Emigrant) සහ සුදු සමනලයින් .
https://en.wikipedia.org/wiki/Catopsilia_pomona
අර මිත්‍රයාගේ සබඳතාවය ලදිමි. ස්තූතියි!
Deleteනෑ විටෙන් විට භූමිතෙල් ගඳක් දැනුනානම් තමයි.
ඒත් එච්චර කාලෙකට අතේ පයේ තෙල් ග්‍රීස් මජං ටිකක් ගෑවුනාම භූමිතෙල් වලින් හෝදා ගත්තාට ; මෙම සිද්දියට අදාල ප්‍රදේශයී මෙතෙක් කලකට තෙල් ,ග්‍රීස් , මජං ගෑවී නොමැතිවා මෙන්ම කිසිදු අවස්ථාවක එම ප්‍රදේශය පිරිසිදු කිරීමට කිසිදු අවස්ථාවක භූමිතෙල් පාවිච්චි කරලාද නැත. එනිසා " දැවිල්ල හා ගඳ" අතර සඹඳතාවයක් ගොඩ නගා ගැනීමට නොහැකි විය!
අනේ කිසිදු සමනලයෙක් ඉවුරේ හෝ අප අතර නොසිටියේය! ස්තූතියි බොහොමත්ම!
මේවන විට ලංකාව තුල දැඩි රක්ෂිත ලෙස ඇත්තේ හක්ගල ,රිටිගල සහ යාල පමණයි .කලින් දැඩි රක්ෂිතයක් වුවත් වස්ගමුව 1984/08/07 දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.එම නිසා වස්ගමුව නරඹන්නන් සඳහා විවෘතව පවතී .එම නිසා ඔබ සඳහන්කර ඇති " විද්‍යාත්මක පර්යේෂණ සඳහා හැර වෙනත් කිසිම කටයුත්තක් සඳහා මෙහි කිසිවෙකුට ඇතුළු වීමට නොහැක!" කොටස වස්ගමුවට අදාළ නොවේ.කෙසේවෙතත් මාළු බාන්නා සිදුකර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.
ReplyDeleteපස්සට භූමිතෙල් ගැහුවම වෙන මිනිහෙක් නම් කයාක් එක ජෙට්ස්කී එකක් වගේ පදින්නෙ,ඒකට මේ මනුස්සයා කැලරි ගණන් හද හද ගඟේ පැණලා.
Deleteඑකඟයි! බොහොත්ම ස්තූතියි!
Deleteමාළු බාන්නා විතරයි කියලද හිතන්නෙ? කතාවට කියන්නේ පස්සට පැට්‍රෝල් ගහලා වගෙයි කියලනේ. අනේ ඉතින් මේ භූමිතෙල්නෙ.
https://en.wikipedia.org/wiki/Gasoline
https://en.wikipedia.org/wiki/Kerosene
Read the article. Very interesting. Thank you
ReplyDeleteබොහොත්ම ස්තූතියි!
Deleteඅෑස් ෙවාස් වල බ්රෑන්ඩ් එකත් දැම්ම නම් ඒ අයට ෙහාද පබ්ලිසිටියක් ලැබයෙි.
ReplyDeleteහැක හැක
Delete"ඈස් වොෂ්" අම්මට සිරි සුපිරි වදන!
කොම්පැනි කාරයත් නම වෙනස් කොරයිද?
Deleteඑළම එළ!
Deleteෆේස් වොෂ් .....ඒක පට්ට ආ ...
ReplyDelete