ගැබ්බර වික්ටොරියා ; කෙත්වතු වෙත දියවර යොමුකරමින්. එන කන්නය තෙක් කෙතරම් කලක් විළි රුදාවෙන් පසුවෙම්ද?
සැත්තැම්බර් 22 වන විට වැසි පටන් ගනිමින් විය.
අපගේ සැලැස්ම කුමන කරුණක් නිසා හෝ අකුලා
ගැනීමට සිදුවුවහොත් එය යලිදු දිග ඇරලන්නට තවත් මාස ගනනාවක් හෝ වසරක් බලා සිටින්නට සිදුවිය
හැක. ස්ථිර ලෙසම ඔක්තෝබර් 2 වනදා අප අපගේ සැලැස්ම ක්‍රියාත්මක කරණ්නට තීරණයකට එළඹුනෙමු.
මා මෙන්ම ප්‍රියන්ජනුත් තෙශාන්තත් ධම්මිකත් කාලගුනය පිළිබඳ මහත්වූ ඕනෑකමකින් කරුණු
එක්කර ගැනීමට දෑස් දල්වා බලාසිටින වග නිරන්තරයෙන් මාවෙත ලැබෙන පණිවිඩ වලින් මොනවට දෙස්
දෙමින් විය!
වරුවක් පුරා ඇදහැලෙන මහා වරුසාව මහවැළිය
දෙගොඩතලා ගලන අචිරවතී ගංගාව බවට පරිවර්ථනය කරලීමට සමත් බවත් එමගින් ඇතිවිය හැකි ගං
වතුර තත්වය අප මහ කැලෙ මැද අතරමං කරලීමට හෝ ගංවතුරටම බිළිවීමට කිසියම් සම්භාවිතාවක්
තිබීම මෙයට හේතුවය!
අපගෙ
දීර්ඝ කාලීන සැලසුම නැවත අළුතින් ලුහුකොට සකසන්නට විමු.
1.
ඔක්තෝබර් 2 වන දින උදෑසනින් වසික බණ්ඩාරවෙල
බලා බසයකින් පිටත්ව ගොස් ප්‍රියන්ජන් මුන ගැසේ.
2. එදින පස්වරු 3.30 ට තම සේවා ස්ථානය වූ හංවැල්ලේ
Linea Aqva ආයතනයෙන් පිටවන පසිඳු තම නවාතැන්පල වන කැළණියට පැමිනේ.
3. පෙර දැනුම් දීමට අනුව අපගේ අභිනව ලොරි සපයන්නා කැළණියේදී පසිඳු හා එක්ව නාරහේන්පිට
Adventure Seals ආයතනයට යා යුතුවේ.
4. ධම්මික ද පස්වරු 5.00 ට නාරහේන්පිටට පැමින
පසිඳු හා එක්වී කයාක සියල්ල රැගෙන කඩවත අප
නිවසට පැමිනේ.
5. කඩවත මාගේ නිවසෙදී අපහා එක්වන හා එක්වන තෙශාන්ත , අම්රාන් හා කෙන් සමගින් රාත්‍රියේ කඩවතින් පිටවන අපහා දිමුතු
එක් වන්නේ පස්‍යාලේදීය.
6. එදින රාත්‍රියේ බණ්ඩාර්වෙලින් පිටත්වන වසික
හා ප්‍රියන්ජන් ඔක්තෝබර් 3 වන දින උදෑසන මහියංගනයේ ද නෙස්ට් හීදී අපහා එක්වේ .
7. උදැසන ආහාර එහිදී ලබාගන්නා අප දිවා ආහාර
පාර්සල්ද රාත්‍රී අහාර සදහා පදම් කල කුකුළු මස් කිලෝ 4 ද රැගෙන අප පටත් විය යුතුය.
8. උදෑසන 9 වන විට අප මහවැළියේ පහස ලබමින් විය
යුතුය.
9. එදින රාත්‍රිය වස්ගමුව වනාන්තරයේ ගතකරණ අප
පසුදින එනම් ඔක්තෝබර් 4 වන දින හවස මනම්පිටියට ලඟා විය යුතුවේ.
10. අප ගෙන් වෙන් වන ලොරිය මහියංගනයේ
සිට පනම්පිටියට පැමිණිය යුතු වන්නේ ඔක්තෝබර් 4 වන දින හවස 6.00 ටය.
මේ සියල්ල සැලසුම් කල පසු කෙන්ගේ පැමිණීම
සැක සහිතබව ධම්මික දූරකථනයෙන් මාවෙත දැන්වීය! ඒ ගිලිහී යමින් වන්නේ අපගේ එකම පුරුදුකාරයාය
! මාර්ගෝපදේශකයාය ! සියල්ලන් මීට දිනකට පෙර වනතුරු අප කණ්ඩායමේ සියල්ලන්ගේම සියළු සැක
සංකා , විචිකිච්ඡා, භාරගෙන සිටි එකම ගැලවුම්
කරුවාය!!!
එහෙත් අපගේ
සැලසුම හුදෙක් එක් පුද්ගල්යෙකුගේ වියෝව කරණකොටගෙන
දොර මුල්ලේ තිබීම මාහට තරම් නොවේ !
මේ පණිවිඩය මා සියල්ලන්හටම මොහොතකින්
දැනුම් දුනිමි.
“දැං මොකද කරණ්නේ ?” බොහෝ දෙනාගේ මුවට
නැඟුනු පැනය විය .
“අව්ලක් නෑ ! අප ගමන යනවා …….එච්චරයි
!”
මාගේ කෙටි පිළිතුර විය ! (මද කෝපයෙන්!)
ඔරලෝසුවක එකින් එක දිවෙන දැතිරෝද මෙන්
අපගේ සැලැස්ම දිනෙන් දින දිවෙයි ! අපගේ සැලැස්ම
උඩු යටිකුරු කරමින් මහවැළි නිම්නයට විටින් විට වැසි වැටෙමින්ය.සෑම දිනෙකම මා දිනය
පටන් ගන්නේ ජල සම්පාදන මණ්ඩලයේ; පොළොන්නරුව දිස්ත්‍රික් ඉංජිනේරු සහන් කුලරත්න; අපගේ
තරුණ මිත්‍රයා අමතමිනි.
ගතවෙන කිසිදු දිනෙක මහවැළියේ ජල මට්ටමේ සැලකිය යුතු වෙනසක් නොමැතිබව; මනම්පිටියේ ජල පොම්පාගාරයෙන්
තහවුරු කරගන්නා හේ අප වෙත දැනුම් දේ ! මෙසේ දිනෙන් දින අප අපගේ ගවේශනයට ලං වෙමින් සිටින්නෙමු
!
දිනෙන් දින වෙනස් වන කාලගුණය විසින්; අප තල්ලු කර හරින්නේ තවත් වසරකින් මෙම
ගවේශනය කල් දමන්නටද?
ජීවිතයේ සැඳෑ සමයට කෙමෙන්කෙමෙන් අවතීර්ණ
වෙමින් සිටින; වයසින් අර්ධ ශත්වර්ෂයක් සම්පූර්ණ කරමින් සිටින මටත් ප්‍රියන්ජන්ටත්; ජීවිතයේ අවසාන කාලයේදී හෝ මතකයට නගා ගෙන සතුටු විය හැකි, රස විඳිය හැකි, නිහත්මානීව
ආඩම්බර විය හැකි සුන්දර සිතුවමක් චිත්‍රණය කිරීමට ලැබෙන; ජීවිතයේ අවසාන අවස්ථාව මෙසේ
මෝසම් සුළඟින් අපෙන් ඈතට ගසාගෙන යන අයුරු මා කණගාටුවෙන් බල සිටින්නෙමි. මේ ජීවිතයේ එයට ඇති අවසාන අවස්ථාව නොවන්නේද ?
තවත් ඇත්තෙ දින 5 ක කාලයක් පමනි. තවත්
දිනක් ගෙවී ගමන දින හතරක ඈතින් පිහිටන විටෙක අම්රාන් මා ඇමතූයෙමි. පසුගිය සති අන්තයේ
වනාන්තර ගතවූ ඔහුගේ ගේ දෙපා දැඩිසේ තුවාල වී
ඇති බැවින් ඔහුගේ පැමිනීමද තීරනත්මක විය !
මේ හැලී යන්නේ කණ්ඩායමේ සිටි පලපුරුදු
යාත්‍රිකයින් සිව්දෙනාගෙන් දෙවැන්නාය!
මීට සතියකට පෙර 9 ක් ව සිටි කණ්ඩායම
මේ වනවිට 7 කට පසුබා ඇත! සාමාජිකයින් ගනන ඉරට්ටේ සංඛ්‍යාවක් වන විට Two Man Kayak වලින්
ගමන කරගෙන යා හැක. සංඛ්‍යාව ඔත්තේ වූ විට යටත් පිරිසෙන් එක් One Man Kayak එකක් හෝ යා යුතු වන්නේය. ගැටළුව නිර්මාණය වන්නේ මෙවිටය. One Man Kayak එකක් පැදයාමට විශේෂ හැකියාවක් අවශ්‍යවේ. පුහුණුවක්
අවශ්‍ය වේ. එයට කාලය හරස් වේ.
A two man (Tandem) sit on top kayak
A one man (solo) kayak
පසුදින වන විට අපට එක් සුභදායි පිලිතුරක්
ලැබුනි. ඒ පසිඳුගේ මිතුරු දිමුතුගේ පැමිනීමට අලුත් විවාහය බාධා පමුනුවා ඇති බවය. එම
සතුටු දායක ආරංචිය ගෙනාවේ පසිඳුමය. මෙහි ඇති එකම සතුට වන්නේ Two Man Kayak වලින් ගමන
කරගෙන යා හැකි වීමය.
ඒ සමගම පිළිතුරක් සොයා ගතයුතුම පැනයක් අලුතින් පැන නගියි. ඒ වස්ගමුව
වනය මැද කරණ්නට සිදුවන කඳවුරු කරණයේදී ආරක්ෂාව සැපයීම සඳහා ඇවැසි පිරිස් බලය අඩුවීමය!
සැප්තැම්බර් 28 වන දින මා ඉතිරි සියළු
දෙනා වෙත e-mail පණිවිඩයක් මුදා හැරියෙමි.
“ඔක්තෝබර් 1 වන දිනය
වන විට අප විසින් ඒකබද්ද අදහසකට පැමිණිය යුතුවේ. ඒ වනවිට පවතින කාලගුණ තත්වය මත අපගේ
ගවේශනය පිළිබඳ අවසාන තීන්දුව ගනිමු !”
එහි සාරාංශය විය !
පසිඳු එයට එකඟත්වය පලකොට තිබුනි. මෙයට
පිළිතුරු ලෙස ධම්මික විසින් කාළගුණ දත්ත සපිරි වගු රාශියක් e-mail ජාලයට එක්කොට තිබුනි.
ඒ සමගම හදිසි තත්වයකදී අප කණ්ඩායම ගලවා ගැනීමට
අපගේ ට්‍රක් රථයට; එනම් කයාක ප්‍රවාහනය සඳහා කොළඹින් අප කුලී පදනම මත ගෙනයන ලොරියට; වස්ගොමුව ජාතික වනෝද්‍යානය
මැදින් අපකරා පැමිනීමට ඇති හැකියාව, ශක්‍යතාවය විමසා තිබුනි.
සත්‍ය වශයෙන්ම එම කරණාවට මා හට පිළිතුරු
නොවීය! මන්ද වර්ග කිලෝමීටර 393 ක් හෙවත් අක්කර 97161 ක වපසරියක් තුල පැතිරී ගිය මහ වනන්ත්‍රයක් මැද අප සිටිනා
තැන පිටස්තර පුද්ගලයෙකු දැනගන්නේ කෙසේද? දැනගත්තද බෝට්ටුවකින් විනා අප සිටිනා ස්ථානයට ලොරියකට
හෝ වෙනයම් රථයකට ලඟාවිය හැකි මාර්ගයක් තිබීම; මොනතරම් අභව්‍යයද? අපව ගලවා ගත හැක්කේ
හෙලිකොප්ටරයකින් පමනි!
මම සෑම මොහොතකම අන්තර්ජාලය හරහාද මාගේ පැරණි මතකයන් හාර අවුස්සමින්ද ගං වතුර පිළිබඳව මා තුල තිබෙන පළපුරුද්ද
ගොඩනගමින් සිටියෙමි.
ගං වතුර තත්වයක් යනු එක් මොහොතක; එක් නිමේශයකින් මුහුණ
දීමට සිදුවන තත්වයක් නම් නොවේ. ගඟක වතුර මට්ටම ඉහල නගිත්ම එහි වතුර වඩාත් අවපැහැ ගැන්වේ.
එහි පෑදුනු ගතිය ඉවත්වී බොරවීමට පටන් ගනී.
එසේම ගඟේ වතුර සමග බොහෝ සුන් බුන් ගසා ගෙන
ඒම දක්නට ලැබේ. මොහොතකට පෙර දිය මතිපිට තිබුනු ගලක්, ගල් පර්වතයක් දියෙන් යටවෙත්ම;
එම ගලෙහි දියෙන් වැසුනු පෘෂ්ඨයේ; තවත් ලෙසකින් පවසනවානම් දියමතුපිට සිට අඟලක දෙකක පමන ප්‍රමාණයක් පරීක්ෂකලවිට; එම
පෘෂ්ඨය මතුපිට කුඩා - ඉතා කුඩා වායු බුබුළු
ඇලී තිබෙනු දක්නට ලැබේ.
විමසිල්ලෙන් සිටින්නෙකුට මේ සියල්ල විනිශ්චය කරණ්නට තරම් කාල වක වානුවක් ස්ව්භාව ධර්මය විසින් ලබා දේ. ගඟක් ගලන විට එනම් ජල මට්ටම ශීඝ්‍ර
ලෙස ඉහල නගින විට; ගං ඉවුරෙ සිට ගඟ මැද දෙස බලන අයෙකුට ගඟ මතුපිට ජල පෘෂ්ඨයේ උත්තල
ස්ව්භාවයක් දැකිය හැක!
විසල් වනාන්තරයක් හරහා ගලන ගඟක්; ගං
වතුර තත්වයකදී හැසිරෙන ආකාරය මෙයට වඩා සුවිශේෂී වන්නට ඉඩක් නොමැත. ගං වතුර ගලත්ම ජල
කඳ වනාන්තරය තුල පැතිරෙත්ම අපට ගැලවීමට ඇති
ඉඩ කඩ වඩාත් පුළුල් වනු ඇත. ගං වතුර
ගලත්ම ගඟේ සිට පිටතට ජල ධාරා ගලා ඉහිරී පැතිරී යනවා විනා ගඟ තුලට ඇද ගැනීමක්
ආකර්ශණයක් ඇති නොකරයි. එසේ ගඟ දෙසට ආකර්ශණයක් ඇතිවන්නේ ඟං වතුර යන අතර තුරය ! මෙය
ඔබ හිතනවාටත් වඩා දරුණුම තත්වයකි. මිනිසෙකු
නොව අලියෙකු උවද ගඟ දෙසට ඇද ගැනීමට එය සමත්ය.
ගං වතුර ගලත්ම ජල කඳ වනාන්තරය තුල පැතිරෙත්ම
අපට ගැලවීමට ඇති ඉඩකඩ වඩත් පුළුල්වනු ඇත. ගං වතුර ගැලූ පසු හෝ වැසි වැටීමත් සමග අපට කඳවුරු බැඳීමට ස්ථානයක් ඇති අපහසුව, වන සතුන්
තම “ගමන් බිමන්” යෙදීමේ ශීග්‍ර තාවය වැඩි වීම, ගිනි මැලයක් සාදා ගැනීමේ අපහසුව වැනි
ප්‍රායෝගික කාරණා හැරුණුවිට මාහට සිතට නැගුනු වෙනත භයානක තත්වයක් නොවීය.
මිනිසා විසින් ස්වභාව ධර්මයට එදිරිව
අටවන ලද වික්ටෝරියා, රදෙනිගල, රංටැඹේ වැනි වේල්ලක් බිඳී ගියහොත් ඇතිවන තත්වය මීට
ඉඳුරාම වෙනස් විය හැක. එවන් තත්වයකදී මුළු මහත් ප්‍රදේශයක් එක් නිමේශයකදී ඛේදනීය තත්වයකට
පත්වේ. කලෙකට පෙර කන්තලේ වැව් බැම්ම බිඳී යාම
එවන් බියකරු මතකයකි.
සිය දහස් ගනනක් මිය යන අවස්ථාවක අප
කිහිපදෙනා පමනක් ගැලවී නිවෙසට වී සිටීම කෙතරම් සුදුසුද? නමුත් එවන් අවස්ථාවකදී; හොඳින්
සූදනම්ව සිටින අප කණ්ඩායමට එක් ජීවිතයක් හෝ
ගලවා ගැනීමට හැකි වුවහොත් එය මොන තරම් අනගිභවනීයද? මේ මාගේ සිත හා මා අතර සිදුවූ සංවාදයෙන්
බිඳකි!
මා පෞද්ගලිකව පසිඳු ඇමතිමි.
“මල්ලි මායි වසිකයි මොනවා උනත් යනවා
!” මම පැවසීමි.
“එළ ! මමත් එකෙන්ම එනවා!! තෙශාන්තත්
අවොත් අපි හතර දෙනා හරි යමු!!!”
අප දෙදෙන වෙනමම තීරණ්යකට එළඹුනෙමු.
මට පසුගිය කාලවකවානුව පුරා අසන්නට ලැබුනු සතුටුදායක, සුභදායක මෙන්ම ධනාත්මක පිළිතුර එයය. මාගේ බලපොරොත්තු යලිත් අළුත්
කරවන්නට එම වදන් සමත් විය.
මෙවන් ගමනකදී “වැඩ්ඩන්” ට වඩා පරාර්ථකාමීන්
නොඑසේනම් ආත්මාර්ථකාමීත්වයෙන් තොර ගමන් සගයනට; වඩා වැඩි වටිනාකමක් මාගේ සිත තුල වෙන්ව
පවතී.
මෙතෙක් ම නුදුටු අති දක්ෂයින්ට වඩා මාගේ දෙනෙත් සාක්ෂි දරණ සාමාන්‍ය පුද්ගලයින්
වටිනේය. ශක්තිය අබිභවා දරාගැනීමේ හැකියාවට අවස්ථාව සැලසේ. අති දක්ශ කළමනාකරුවන්ට වඩා
කණ්ඩායමක් ලෙසට එක අදහසක කණ්ඩායම් හැඟීමෙන් යුක්ත
සාමාජිකයින් කණ්ඩායමට වටිනේය. උපදේශකයින්ට වඩා එක් විදානයකට පා ඔසවන්නන් අවදානම ජයගන්නෙය.
මේ කුමන ආකාරයකින් බැලුවද පසිඳුටත් වසිකටත්
මහත් වටිනාකමක් ලැබෙන්නේය. සහරා කාන්තාරයේ
තනි වුවද ඔවුනට කරණ්නට යමක් ඇත. අනෙකාගේ වදනට ගරු කරණු ඇත. මුළු කණ්ඩයමම විසිරී ගියද
ඔවුන් ගැන මට විශ්වාසය තැබිය හැක.
තෙශාන්ත සමග මාහට පලපුරුද්දක් හෝ ඇසින් දුටු සාක්ෂි මා වෙත නොතිබුනද; ඔහු මා හා
පවසා ඇති දෙයින් 50% ක් පමනක් සත්‍යය වුවද ඔහුද කෑල්ලෙන් කෑල්ල ගියත් “ගේම” අත
හරින්නැති එකෙකු විය යුතුය.
ඔක්තෝබර් මස 1 වන දිනට කාලය එළඹුනි.
අප සියල්ලෝම තම තමන්ගේ සේවා ස්ථානයන්හිය. මොහොතින් මොහොත මා e-mail පරීක්ෂා කරමින්
විය. සවස 5.28 ට ප්‍රියන්ජන්ගෙන් පණිවිඩයක් ලදිමි. ඒ මා මෙතෙක් කියවන ලද; රාජකාරීමය
නොවන දිගම e-mail පණිවිඩය විය.
“ සැවොම වෙත , මගේ කුඩා අදහස එක්කර ගන්න !” යනුවෙන් පටන් ගෙන තිබුනු එම ලිපිය
අවසන් කර තිබුනේ අප කුඩා කල පෙර පාසලේ දී ඉගෙන
ගත් ඉංග්‍රීසි කවි දෙ පදයකිනි !
“Rain rain go away – Come again
another day!”
ලිපියේ සරංශය වන්නේ හෙට දින එනම් ඔක්තෝබර්
2 වන දිනයේ කාලගුණ වාර්ථාවට අනුව ඔහුගේ සහභාගීයිත්වය තීරණය වන බවයි!
නැවත ඔක්තෝබර් 2 වන දිනයේ එනම් ගමනට යොදාගත් දිනයේ දහවල් 12.26 ට නැවත දීර්ඝ ලිපියක්
ඔහුගෙන් මා ලදිමි.
එහෙත් මා එම ලිපිය අදතා
වෙනතුරු නොකියවිමි. මම ඔහුට ඇමතුමක් ගතිමි. ඔහුගේ පිළිතුර වූයේ පසුදින එනම් ඔක්තෝබර්
3 වන දින මහියංගනයට එන බවත්; මහවැළි ගඟ ඇස ගැටෙන තෙක් ඔහුගේ පැමිනීම තහවුරු කරලීමට නොහැකි බවත්ය!
ගමන සඳහා ඔහු රැගෙන එන්නට භාර වූ කූඩාරම්
සඳහා යොදාගන්නා දෑ; ඔහු චාරිකාවට එක්වුනද, නොවුනද මහියංගනයට ගෙනැවිත් දීමට කාරුණිකව ඉදිරි පත් විය.
අපිට කණ්ඩායමක් අවශ්‍ය වන්නේ විශේෂ අවස්ථාවලදී පිරිස්
බලය ඇවැසි වන බැවිනි. උදාහරණයක් ලෙස කයාකයක් ගල්දෙකක් අතර සිරවුව හොත් දෙතුන් දෙනෙකුගේ
සහය ඇවැසි විය හැක.
රාත්‍රිය පහන් වනතුරු කඳවුර මුර කරණ්නට, කදවුරේ වැඩකටයුතු කරගෙන යෑමට, හදිසි අවස්ථාවකදී
කටයුතු කරණ්නට, උපදේශනයට, වෙනතක් තබා එවන් අවස්ථාවකදී අවම වශයෙන් මරහඬ නගා ඝෝෂා කරණ්නටවත්
කණ්ඩායමක් ඇවැසිවේ .
මේ අපෙන් ඈත්වන්නේ 2010 වසරේදී Shall we do ? යැයි යෝජනා කල ප්‍රමුඛයාය! අත්දැකීම් සම්භාරයකට හිමිකම්
කියූ ගමන් සගයාය !! ගුවන් හමුදාව තුල එතෙර - මෙතෙර පුහුණුවලත් 30 වසරක
යුද්ධය තුල කණ්ඩායමකට නායකත්වය දුන් නියමුවාය!!!
මේ සියල්ලටම වඩා අප කණ්ඩායම අතර සිටි
ගෞරවනීය සාමාජිකයා ය !!!!
අපගේ e-mail ජාලයට වැදගත් අදහස් , යෝජනා
, කාළගුනික මෙන්ම දේශගුනික සාධක එක් කල විද්වතාය!!!!!
ප්‍රියන්ජන් සමග මා කල දූරල්කථන සංවාදය
නිමවූ ඇසිල්ලේ මා තෙශාන්ත ඇමතූවෙමි. ප්‍රියන්ජන් සංචාරයට එක් කලේ තෙශාන්තය. එහෙත් මා
කිසිවිටෙක මේ සම්බන්ධයෙන් තෙශාන්තට වචනයක් වත් නොකීමට පරිස්සම් විය. ඉන් පසු එතැන්සිට
ගෙවුනු පැයක දෙකක කාලය තුල; විටින් විට මාවෙත විවිධ වූ පුද්ගලයින් රැසෙකගේ ජීව දත්ත
මා වෙත ඉදිරිපත් කල අතර; ඒ කිසිවක් පිළිබඳව
පැහැදිලි මතකයක් නොමැත.
මා කණ්ඩායම නැවත සැකසූයෙමි. ධම්මික
පැමිනිය හොත්; පසිඳු-ධම්මික , වසික - මම , තෙශාන්ත - ?
ඔව් තව එක් අයෙකුගේ සහභාගීත්වය අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වේ. මන්ද මේ ගමන සඳහා
භාවිතා කලයුතු වන්නේ Two Man Kayak
මය. එය හැසිරවීමේදී පොඩි ලමයෙකු වාගේ කීකරුය
!
මේ නොදන්නා ගමන් මගේ තිබිය හැකි Rapid හෙවත්
ඇළි වලට වඩාත් සාර්ථකව මුහුන දිය හැක්කේ
Two Man වලටය. වැඩි බරක් ගෙන යා හැක්කේද මේවාටමය . මේ නිසාම මේ ගමනට Two Man හෙවත්
Tandem විනා One Man හෙවත්
Solo ගෙනයාම බුද්ධි ගෝචර නොවන්නේය. එසේම
One Man හෙවත් Solo කයාකයක් පැදීමට
සුවිශේෂි හැකියාවක් තිබිය යුත්වේ. එවන් හැකියාවක් ඇත්තෙකු ඉතිරිව ඇත්නම් ඒ පසිඳු පමනකි!
අවසානයේ තෙශාන්ත මාහට කථාකලේය. ඔහුගේ
මිතුරෙකුවූ වන ජීවී දෙපාර්තමේන්තුවේ මයිත්‍රී නමැති අයෙකු මේ ගමනේ ඉතිරි ගමන් සගයා
ලෙස මහියංගනයේදී අප හා එක්වන බව ඔහු සහතික
විය.
මේ වන විට ඇළහැර ප්‍රදේශයේ අලි පැන්නීමේ ව්‍යාපෘථියකට සම්බන්ධව සිටිනා ඔහු අද
රාත්‍රී බසයෙන් මහියංගනය බලා පිටත්වන බව වැඩි දුරටත් හේ පැවසීය.
ඒ සමගම අප අපගේ ලොරිය නොඑසේනම් ට්‍රක්
රථයේ ගමන අවලංගු කලෙමු. ධම්මිකට කථාකොට ඔහුගේ පැමිනීම තහවුරු කර ගත්තෙමු.
අප එදින සන්ධ්‍යාව
වන විට අප අපගේ ක්‍රියාන්විතය මුල සිට අගට නොව අග සිට මුලට ක්‍රියාත්මක කරමින් සිටියෙමු.
සියල්ල උඩු යටිකුරුවී
ඇත ; අපගේ අධිෂ්ඨානය හැරුණු කොට !
ක්‍රියාන්විතය ඇරඹුනේ ධම්මික ගෙන්ය.
ඔහු නාරහේන්පිටට පැමිනියේය. මා මාගේ බිරිඳ සමගින් සේවා ස්ථාන වලින් නික්මී නාරහේන්පිටින්
හා රාජගිරියෙන් සපයා ගත් කයාක දෙක හ හබල් හතර; පැරණි එහෙත් අතිශයින්ම විශ්වාසනීය ගමන්
සගයා - Toyota Land Cruiser BJ60 යේ හුඩ් රැක් එක මත තබා ගැට ගසා ගතිමු.
කඩවත ඇල්දෙනියෙන්
; අතින් කටින් බඩු පුරවා ගත් පසිඳුව ද රථයට
නංවාගෙන ගෙදර ගියෙමු. අප නිවසින් රාත්‍රී අහාර
ගත් මමත් , වසිකත් , පසිඳුත් ,ධම්මිකත් මගේකයාකයද හුඩ් රැක් එක මත තබා ගැටගසා ගත්තෙමු.
රාත්‍රී 9.00 ට පමන වනවිට තෙශාන්ත සිය යතුරු
පැදියෙන් පැමින අපහා එක්විය. ඔහු වෙත
පවරා තිබුනු අහාර පාන ගැනීම පසිඳුට පවරා කිලෝමීටර ගනනක් මග ගෙවාගෙන
ගොස් රැගෙන ආ Dry Bag එක හා ඔහුගේ කුඩා ගමන් මල්ල ඔහු අත විය !
එකා මෙන් සැම!
ගමන පිටත් වෙන්නට ඔන්න මෙන්න!
රාත්‍රී 10.00 පමන වන විට අප සියල්ල
තම තමන්ගේ ආගම් සිහිකිරීමෙන් අනතුරුව නිවසින් පිටත් වීමට රථයට නැංගෝය. ගමන මුළුමනින්ම
උඩුයටිකුරු වී ඇත. මාගේ Land Cruiser BJ60 රථයේ ටයර් හතරේම කට්ටා; තමා සිටි බවට සාක්ෂියක් වත් ඉතුරු නොකර මීට මාස හයකට පෙර
පලාගොස් තිබුනි !
මෙවන් දුර ගමනකට එහි අමතර රෝදය හැරුණු විට අන් කිසිවක් ගැලපුනේ
නැත. එයද තම කට්ටා බේරාගෙන සිටියේ ; අනෙක් රෝද හතරටම වඩා එය තරමක් විශාල වූ නිසාවෙනි!
මේ පරණ ටයර් එකක් එහෙම ගන්න තියෙනවද දන්නෑ!?
එම රෝදය මේ වන විට පසුපස වම් පැත්තට සවිකොට තිබුනි
! යමින් ගමන් මා දන්නා හඳුනන ටයර් කඩයකින් පැරණි ටයරයක් අමතර රෝදය ලෙස සපයාගෙන අප මහියංගනය
බලා පිටත්වුනෙමු.
පරණ ටයරයක් ලැබීමේ ප්‍රීතිය - සෙල්ෆියක් ගසා සමරමින්!
කැප් තොප්පියක් දමාගෙන- ධම්මික මහෙන්ද්‍ර , පිටුපස වමේ - පසිඳු , දකුණේ - වසික , උපැස් යුවලක් සමග - තෙශාන්ත සමග එදත් තට්ටයා - අදත් තට්ටයා!
යළි නොයෙනා ගමනක් දෝ! නිම නොවෙනා ගමනක් දෝ!!