එය දැනගත්තද බ්ලොගයකට පිවිස එය කියවන්නට තරම් අවශ්‍යතාවයක් අත්තේද උන් අතරිණ් ද ඉතා සීමිත කොටසකි.
කළුගඟ දිගේ සුදා සමග යන ගමනේදී වරෙක මම ඔහුගෙන් විමසූ පැනයක් විය.
"ඈ මල්ලි උඹගෙ ඔෆිස් එකේ පොරවල් මොනවද මගෙ බ්ලොග් එකට කියන්නේ?"
සුදා ඊට දුන්නේ ඉතා කෙටි පිළිතුරකි.
" බස් වල බෝඩ් එක ඇරෙණ්න වෙන මොනවත් කියවන එවුන් අපේ ඔෆිස් එකේ නෑ අයියේ" කියාය.
කියන්නට ඉතා සතුටුය.
මාහට ඉන්නේද එවන්ම වූ කළණ මිතු කුලකයකි!
මාහට ඉන්නේද එවන්ම වූ කළණ මිතු කුලකයකි!
ඒ කෙසේ වෙතත් මා පෝස්ටුවක් දාගත් මොහොතේ පටන් දන්නා කියන එවුන් කිහිප දෙනෙකුට කෝල් කර "මචං බැලුවාදැයි? කන්දොස් කිරියාවක යෙදීමේ කැත පුරුද්දක් මාහට ඇත.
අවසාන පෝස්ටුව පිළිබඳව එසේ දැනුවත් කිරීමෙන් අනතුරුව නැවත වතාවක් "වෙරි ෆයි!" කිරීමක නැතහොත් "ක්‍රොස් චෙක් කිරීමට" යාමේදී උන් කට පුරා පවසුවේ කවුද බං උඹේ ඔය පතරංග ජාතක කියවන්නේ කියලාය.
මගේ ජීවිතයේ වරක් මා අමරදේව මහතා ඉදිරියේ ඔහුගේ ගීතයක් කීවෙමි. (ගැයුවෙමි නොව කීවෙමි!)
එලෙසම ඒ අහම්බය ගැන වරක් මා ලියා ඇත.
https://thattayagekolama.blogspot.com/p/blog-page_14.html
එදින ඔහුගේ හඬින් කිසියම් ගීතයක් ගායනා කර ඇසීමට උපන් ආශාව නිසා එය මතක් කිරීමට; කිසිදු බයකින් හැකකින් චකිතයකින් තොරව එම ගීතයේ මුල් කොටස ගායනා කර; එම ගීතය ගායනා නොකල යුත්තේ කෙසේදැයි කියා දුන්නෙමි.

එම ගීතය ගායනා කල මොහොතේ . . . . . . .
එතුමාත් මාත් සිටියේ යකඩ පට්ටමින් කල අලවට්ටං රූපයක හෙවත් ග්‍රිල් එකක දෙපසින් වීම,
අප එකිනෙකා හඳුනා ගැනීමට නොහැකි රාත්‍රියක සිදුවීම හා කිසිදු පහන් ආලෝකයක් නොතිබීම,
මා සැක කරණ පරිදි එතුමා මධුවිතෙන් සැරසී ආතල් එකේ ඉන්නා වේලාවක් වීම,
මේ සියළු දේට වඩා හිසමතට කුරුම්බැට්ටියක් කඩා වැටුනද එය; ඔහුගේ වචනයෙන් පවසන ආකාරයට "මුදිතා ගුණ බරිතව විඳදරා ගැනීමට " හැකිලෙස සංගීත ස්වර මාධුර්‍යය තුලින්ම ඇතිකර ගෙන ඇති හික්මීම යන කරුණු නිසා මා අතක් පයක් නොකඩා ගෙන ගෙදර ඇවිත් දත් සමගින් බත් කෑමට වාසනා ගුණයක් සහිත වුනෙමි!
මම ඔය කියනා කාලය වනකොට රූකාන්ත "බඹරපහස" කැසට් එක ගහලා පීක් එකේ ඉන්නා කාලෙයි.
ඔය කාලෙ ආපි සැවොම රූකාන්තට එකෙන්ම ලව් කරපු කාලෙ.
මට ඕන උනා රූකාන්ත ගැන අමරදේව මහත්ත්යාගෙන් සුභවාදී ප්‍රකාශයක් රැගෙන සමාජ ගත කරණ්න.
සත්තකින්ම මාගේ දැනීමේ පරිදි පලමුවරට එවන් ප්‍රකාශයක් ලියැවුනේ මගේ අතිනි.
"ඔහු දක්ෂයෙක්!" මා ලියා තැබුවා.
ඒ මා "අමරදේව මහත්තයා රූකාන්ත කොහොමද?" කියා මා ලයිට් එකේ ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුරය!
කොහොමත් අමරදේව මහතාගෙන් මා ඔහු ඉදිරියේ ගීතය ගායනා කල දිනට පසු දින; වෙන අයෙකු ප්‍රශ්න කලහොත් "පෙරදින රාත්‍රියේ ඔබ හමුවූ තරුණයාගේ ගායනය කෙලෙසදැයි?" කියා එතුමා ඊට දෙන්නේද "ඔහු දක්ෂයෙක්!" කියන පිළිතුරමය.
ඔහු එතරංම නිරහංකාර ගති ගුනයන්ගෙන් පිරුණු අයෙක් විය.
"පැසුණු වී කරල් - මොනතරම් ලඟද මහ පොළොවට" යන්නට දිය හැකි හොඳම උදාහරණය පණ්ඩිත් අමරදේවයන්ය!
ඒ දිනවල නවයුගය පත්තරයේ දිගට හරහට විරෝධාකල්ප ගීතවලට මරෝ කියලා ගහන කාලේ!
මට ලැබුනා අවස්ථාවක් රූකාන්ත එක්ක සම්මුඛ සාකච්ඡාවක් හෙවත් ඉන්ටර්විව් එකක් ගන්න.
මේ වැඩේ මට පවරණ්නේ එහි එකල කතුවර අජන්තා රණසිංහ මහත්තයා.
එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ ගල්කිස්සේ ඉලෙක්ට් ශබ්ධාගාරයේ. ඔහුගෙන් මා ඇසූ පලමු පැනය වූයේ "ඔබ පිළිබඳව; ඔබ හඳුන්වනවා නම්?" කියාය.
ඔහු ඊට දුන් දුන්නේ සුපිරි පිළිතුරකි.
"තමන්ගේම තනුවකට තමන්ගේම ගීතයක් ශබ්ධාගාරයක් තුල පටිගත වෙද්දී එම ශිල්පීන් හට බොන්නට; ඉහිරී යනවාට කෙමියට කඩදාසි ඇබයක් ගැසූ තේ පෝච්චියක තේ වතුර; රැගෙන ආ සංගීත වේදියෙකු ලෙස" මේ ඔහුගේ වචන ය.
මා එකල සිටියේ මෙකල අමෙරිකාවේ බෝස්ටන් නුවර පැලපදියම් වී සිටින පිටකෝට්ටේ සුජීවලාගේ ගෙදරය.
සුජීවලාගේ ලඟම ඥාති සම්බන්ධයක් ඇති පවුලක් රත්නපුර මල්වල පාරේ; දැක්කාම මැරෙණ්නට හිතෙන කනත්තට ආසන්නව සිටියේය.
එම පිරිසේ සිටි වැඩිමහළු කොළුවා ගිමන්තය.
පසු කලෙක මා සතුවද පැවති එසේම අකාලයේ වියෝවූ ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් 1210 වර්ගයේ ෆෝ වීල් රථයක් එකල ඔහුද සතු විය.
ගිමන්තලා නිතර සුජීවලාගේ ගෙදර ආගිය අතර ඔවුන් හා මා අතරද ඇයි හොඳැයියක් පැවතුනි.
ගිමන්තලාහට රෙකොර්ඩ් බාරයක් රත්නපුර නගරයේ වුනු බව යාන්තමින් මට මතකය.
මෙනිසා හෝ වෙනයම් මාර්ගයකින් රූකාන්ත හා ගිමන්ත අතර පැවතුනේ එළම ෆිට් එකකි.
දිනක් රත්නපුර සිට ගිමන්ත හා ඔහුගේ සොහොයුරන් මිත්‍රාදීන් පිරිසක් සුජීවලාගේ ගෙදරට කඩා වැදුනි.
සුජීවටද තවත් සොහොයුරන් දෙදෙනෙකු සිටිය අතර ඔහුගේ තවත් ඥාති සොහොයුරන් පිරිසක් හා මිතුරන් පිරිසක්ද එදින් එතැනට සෙටමෝල් වී සිටියහ.
මොහොතකින් එතැන සිටි අයෙකුට ආවේ මරු අදහසකි.
"මොකද කියන්නේ පාලිමන්ට් ග්‍රවුන්ඩ්ස් යංද?"
කියන සුනංගුවට සියල්ල එකෙන්ම වැඩේට සෙට් විය.
වෙලාව රාත්‍රී 7.00 ට පමණ ඇත. පිරිස දහ පහලොවකි. එතැන සිටි වයසින් වැඩිම පිරිස වූයේ ගිමන්තත්, මමත් සුජීගේ අයියා රොටියාත් ය. කට්ටිය වාහන දෙකකට පැක් උනෙමු.
පිටකොට්ටෙන් ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ලෙන් අඩු වැඩිය උපයා සපයා ගෙන අප පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් දෙසට යොමුවිය.
සියළු බර පැන ගිමාගෙන් බව යාන්තමින් මතකය.
අප පාර්ලිමන්ට් මාර්ගයට පිළිපන්ව මොහොතක් රැඳී සිටියේ බත්තර මුල්ල දෙසට ගිය අපගේ අනෙක් වාහනය එන තෙක්ය.
මොහොතකින් ගිමාට වඩාත් සොමි අදහසක් ආවේය.
"මචං රූකාන්තයාට එන්න කියමුද?"
"අම්මට සිරි එලනෙ!"
ගිමා තුන් හතර වතාවක් මහන්සි වී රාකාන්තව සම්බන්ධ කරගෙන ඔහුව වැඩේට එකඟ කර ගත්තේය.
අපගේ සියල්ල එතැනට එක්වී සිටි මොහොතේ තවත් අවශ්‍යතාවයක් පන නැගුණි.
ඒ චන්ද්‍රලේඛා සඳහා සින්සානෝ එකක් ගෙන ඒමය. මෙය කවර ආකාරයකින් ඉස්මතුවූ අවශ්‍යතාවයක් දැයි මා නොදනිමි.
මා විශ්වාස කරණ්නේ එය රූකාන්තගේ ඉල්ලීමක් ලෙසය!
නැවතත් වාහනයක් සින්සානෝ පිණිස ඉගිල ගිය අතර කුමන හෝ ලෙසකින් මතුවූ අළුත් අදහස වූයේ ගෝල්ෆේස් යෑමටය.
එය රූකාන්ත වෙතින් වූ යෝජනාවක්දැයි මා සිතමි.
මේ වන විට රාත්‍රී 9.00 ට ආසන්නවය.
මෙය කියවන ඔබ මධුවිත රස වීඳින්නෙක් නම් බෝතලයක් ළඟ තබාගෙන බොන්නට පටන් නොගෙන පෙරං ගෑම කොතරම් මිහිරි අත්දැකීමක් දැයි සිතා ගත් හැකිවනු ඇත.
"මොකද්ද බං බොනව නං බොමුකො බං!"
මෙවන් බස් දෙබස් අප සිටි තැන වාතලයට මුසු වෙද්දී අප ගෝල් ෆේස් දෙසට යාත්‍රා කරණ්නට වුනෙමු.
අප සමග රූකාන්ත හා චන්ද්‍ර ලේඛා පැමිණියේදැයි මා හට විශ්වාසයෙන් අද කියන්නට නොහැකි වූවාට ගෝල්ෆේස් පිට්ටනියේදී ඔවුන් මතුව සිටියහ.
අපරාදෙ කියන්නට නොහැක.
දැන් වේලාව රාත්‍රී 10 පසුව ගොස්ය.
තවමත් අප බොන්නට සැර සෙමින්ය.
පිරිසෙන් බොහොමයක් රූකාන්තලා වටකරගෙන් ඔවුන්ගේ කයි කතාන්දර අසමින්ය.
මා හා තවත් කටුවටත් නැති වහල්ලටත් නැති හතර පස් දෙනෙක්; "මුන් දෙන්නෙක් සුපිරියටම අපේ ආතල් එක රාත්‍රී ආහාර පිණිස ගනිමින් සිටීම" ගැන වහසි බස් මුමුණමින්ය.
තවත් බොහෝ දෙනෙකු සිටියේ බීම පටං ගැනීමට වඩා රූකාන්තගේ ගීත ඇසීමට සැදී පැහැදීය.
කාලය තවත්; තත්පර 80 වේ පමන විනාඩි 15 - 20 යන විට අපේ බර බරයේ උච්ඡස්ථානයට දොළ පිදේනියක් ලෙස එක් බෝතලයක් ඇරුණි.
ඉතියෝපියාවට පාන් රාත්තලක් දැමූ ලෙස එය වාෂ්පවී ගියේ බෝතලය ගුවනේ තබාය.
බෝතලය ගුවනේ තබා කීවේ බෝතලය අතින් අත එහාට මෙහාට මාරු වූවා මිසෙක ආසාවට එය බිම නොතැබුණු නිසාය.
එයින් උද්දීපනය වූ අප දෙවෙනි බෝතලයද අපයෝජනය කලෙමු.
මෙසේ එක් පසෙක මෙම කටයුතු උද්වේගකරව සිදුවෙද්දී පිරිසක් තවමත්; "තමා මෙම ස්ථානයට පැමිණීමේ දුලභ අවස්ථාව" පිළිබඳව; රූකාන්ත විසින් පවත්වන ලබන බයිලාවට සවන් දෙමින් විය.
"මල්ලි මොකද කියන්නේ ඌට බම්බු ගහගන්න කියලා අපි කියමු බං සිංදුවක්! (බම්බු ගහගන්නට වඩා; වඩාත් ගැලපෙන ග්‍රාම්‍ය නොසරුප් වදනක් ඊට යොදා ගත් බව මතකය!)
මෙතන සියළුදෙනාම රූකාන්තගේ සිංදු අහන්නට නොනිත් ආශාවෙන් සිටි එම රැයේ අප වික්ටර්ගේ සිංදුවකින් වැඩ ඇල්ලුවෙමු.
මගේ තක්කඩි අදහසට තවත් මා මෙන්ම මෙලෝරහක් නැති කිහිප දෙනෙක්ද එකතු උනේය.
වැඩේ නැගලා යන්නට විය.
සිංදුව අනෙක් කිහිප දෙනා ගායනා කරණාතුර මා ඔවුන්ගේ කණට තවත් විසක් එබ්බුවෙමි.
"මචං නිකං වත් උගෙ සිංදු එහෙම කියන්න පටන් ගන්න එපා හරේ . . !"
කවුරු බීවාද කවුරු නොබීවාද කියා කිසිවෙකු කෙසේ වෙතත් මානම් නොදනිමි.
ඒ කෙසේ වෙතත් "අපගේ රූකාන්ත විරෝධී ගීරාවය" සිරාවටම නැගලා ගියේය.
ජෝති, ඇමැස්, මිල්ටන් දෙපල, වික්ටර්, ටැක්ටර්,බෙග් සියල්ල අප වේදිකාවට නැංවූයෙමු.
ගීත අරඹන අප කිහිප දෙනා විසින් සූක්ෂමව රූකානතව වේදිකාවට වද්දා නොගැනීමට පරිස්සම් වුනෙමු.
තවත් ස්වල්ප වේලාවකින් කළුවරේම ගිමා මා අසලට පැමිණ "මචං අපි ආවේ අරූගේ සිංදු අහන්නනේ?" කියා කේස් එකක් ෆයිල් කෙරුවේය.
"හරි බං ඌට ඕනෙ නම් ඇවිල්ලා කියන්න කියපං!" මමත් නොඇඹරුනෙමි.
"ඌ එකසිය ගානට අවුලෙ ඉන්නේ! පොඩ්ඩක් ඇවිත් ඌට එන්න කියලා කතා කරපං!" ඒ ගිමාගේ විධානය මුසු ඉල්ලිමකි.
මම ටික වේලාවක් අදිමදි කිරීමෙන් පසු රූකාන්ත ලඟට නැගිට ගියෙමි.
හාත්පස දැඩි කළුවරය.
ගෝල්ෆේස් පිට්ටනියේ අප හැර වෙන කිසිවෙකු සිටින වගක් නොපෙනේ.
මා ඉස්සරහට පස්සට තල්ලුවෙමින් මහත් ආයාසයෙන් ඉනෙන් පහල සමග ඉහල කොටස එකට ගමන් කරවමින් රූකාන්ත වැනිවූ ඡායාව වෙත නැඹුරු උනෙමි.
ගායකයාගේ බොක්කටම කථා කිරීම මාගේ අභිලාෂය විය.
මගේ සිතට පොටක් පෑදුනි!
"හරි දෙන්නම් වැඩේ . . . . !" මම මටම කියාගෙන කථාව අවදිකලෙමි.
"ම් . .මශං! ශෲකාන්ට! ඔයියාට මතකද කාට හරි කිව්වා ඔයාගෙම ශින්ඩුවක රෙකෝර්ඩින් එක යන කොට ඉශ්ටුඩියෝ එකේ ඉටිය ආටිශ්ලට කේතලේට පත්තර කඩ දාශියක් ගාං මොකද්ද මේ . . කින්ශි පාරෙ . . . . . . .!?!?!?" මට කියන්නය ලැබුනේ එපමනකි.
රූකාන්ත කටහඬ අවදිකලේය.
"ගිමා! ගිමා!! කවුද බං මේවගේ තැන් වලට පත්තර කාරයො අරං එන්නේ . . . !?!?"
ඩෝප් මරගාතේ සිටියද ඒ වදන් පෙළ ඇසීමෙන් මා දැඩි කම්පනයකට පත්විය!
සුපිරිම ගනයේ වළියකට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අඩු නැතිව එතැනට සමපාතවී තිබුනි.
තවත් නිමේශයකින් කාගෙ කාගෙ හරි හොම්බයි කටයි - බොම්බයි මොටයි වීමට සියළු සාධාරණ හේතු කාරණා වියුත්පන්න වී තිබුණු එම මොහොත මා; පන්දුව විකට් රකින්නා අතට; නිදැල්ලේ යාමට ඉඩ හැරියේ ඇයිදැයි අදටත් මට ප්‍රහේළිකාවකි.
සමහර විට කවුරු හෝ මාව ඉවතට කැඳවාගෙන යන්නට ඇති.
නො එසේනම් කිසි කලෙකත් අපේක්ෂා නොකල ප්‍රකාශයකින් මා වික්ෂිප්ත වන්නට ඇත.
මන්ද; තමා පිළිබඳව ලිපියක් ලියවා ගැනීමට ලැබෙන අව්ස්ථාවකදී ඔවුන් පත්තර කාරයින් හට සලකන අයුරු; මා ඔහු තුලින්ද ඊට මසකට පෙර අත්දුටු හෙයින්ය.
"මොකටද බං උඹ පත්තර රෙද්දක් එතන කියන්න ගියේ . . .?" ගිමා තවත් මොනවාදෝ කියවා ගෙන ගියේය.
තවත් මොහොතකින් මාවෙත ලැබුනු ආරංචිය වූයේ රූකාන්ත අඬන බවය.
මෙය "අඬන" නොව අඬනම විය!
රූකාන්ත ගායනා නොකලාට අපි ඒවන විට ගීත 20-30 ක් ගායනා කොට තිබුණි.
කන සාක්කුවේ වැටෙන්නට සන්තර්පනය වී සිටියෙමු.
මොන මොනවාදෝ "මකන කෑලි" ටිකක් බඩට දාගෙන තිබුනු එම රාත්‍රියේ රූකාන්තගේ ගීත සවන්දීමේ බලාපොරොත්තුවෙන් සිටි හුදී ජනයාට එය අමතක කර දැමීමට සිදුවුනු අතර අවසානයේ පාටිය සුනේ සුන් වී ආතල් එක මුහුදට දැමීමට සිදුවිය!
එතැන් සිට අපගේ සෙටමොල් වීම; මලගෙයක සිරි ගත්තේය.
පිරිස කණ්ඩායම් තුන හතරකට ගොනු වී පශ්චාත් මරණ පරීක්ෂනය පැවත් වූහ!
අප කිහිප දෙනෙක් අපගේ ස්ථාවරයේ සිටි අතර ඉතුරු බිතුරු ටික කා බී විනාස කලහ!
කෙසේ වෙතත් කුමන හේතු කාරණාවක් නිසා හෝ මා ගෝල් ෆේස් පිටියේ තනිකර නො එන්නට තරම් ගිමා ඇතුළු පිරිස කාරුණිකවී ඇතිබව තේරුම් යනවිට පසු දින දහවල් වී තිබුණි ෴
නැගලා යන කාලේ රූකාන්ත!
ඔය කාලෙ ආපි සැවොම රූකාන්තට එකෙන්ම ලව් කරපු කාලෙ.
මට ඕන උනා රූකාන්ත ගැන අමරදේව මහත්ත්යාගෙන් සුභවාදී ප්‍රකාශයක් රැගෙන සමාජ ගත කරණ්න.
සත්තකින්ම මාගේ දැනීමේ පරිදි පලමුවරට එවන් ප්‍රකාශයක් ලියැවුනේ මගේ අතිනි.
"ඔහු දක්ෂයෙක්!" මා ලියා තැබුවා.
ඒ මා "අමරදේව මහත්තයා රූකාන්ත කොහොමද?" කියා මා ලයිට් එකේ ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුරය!
කොහොමත් අමරදේව මහතාගෙන් මා ඔහු ඉදිරියේ ගීතය ගායනා කල දිනට පසු දින; වෙන අයෙකු ප්‍රශ්න කලහොත් "පෙරදින රාත්‍රියේ ඔබ හමුවූ තරුණයාගේ ගායනය කෙලෙසදැයි?" කියා එතුමා ඊට දෙන්නේද "ඔහු දක්ෂයෙක්!" කියන පිළිතුරමය.
ඔහු එතරංම නිරහංකාර ගති ගුනයන්ගෙන් පිරුණු අයෙක් විය.
"පැසුණු වී කරල් - මොනතරම් ලඟද මහ පොළොවට" යන්නට දිය හැකි හොඳම උදාහරණය පණ්ඩිත් අමරදේවයන්ය!
නලීන් මහේෂ් පෙරේරා විසින් රචිත මාර්ටින් වික්‍රමසිංහ - මැදපංතික දෘෂ්ඨියේ කැඩපත; සාහිත්‍ය කලා ලිපි එකතුවක් යන පොතේ "අරුණෝදයේ ගී හඬ - අමරදේව ගැන අදහසක්" ලිපියේ ශීර්ෂය මත අමරදේවයන් 1990/06/12 දින තැබූ සමරුව.
"ඔබහට ලෝකය සාදා දී මිස යා නොහැකිය මගෙ පුංචි පුතුන් - ඩබ්ලිව් ඩී අමරදේව"
1956 මේරටේ සිදුවූයේ සමාජවාදී විප්ලවය සිදුවුනැයි විශ්වාසයෙන් ගැයුණු මේ ගීතය රසවිඳ බලන්න.
(මෙම ගීතයේ වලිගය අල්ලාගෙන ඔළුව සොයමින් කරකැවෙමින් සිටිනා විට එය අතටම අල්ලා දුන් සිංදුඇනෝව මා භක්ත්‍යාදරයෙන් යුතුව සිහිපත් කරමි!)
මේ හමුව පිළිබඳව වෙනත් දිනෙක මා ලියා තබන්නම්, එය ඉතා රසවත් මතකයක්.ඒ දිනවල නවයුගය පත්තරයේ දිගට හරහට විරෝධාකල්ප ගීතවලට මරෝ කියලා ගහන කාලේ!
මට ලැබුනා අවස්ථාවක් රූකාන්ත එක්ක සම්මුඛ සාකච්ඡාවක් හෙවත් ඉන්ටර්විව් එකක් ගන්න.
මේ වැඩේ මට පවරණ්නේ එහි එකල කතුවර අජන්තා රණසිංහ මහත්තයා.
එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ ගල්කිස්සේ ඉලෙක්ට් ශබ්ධාගාරයේ. ඔහුගෙන් මා ඇසූ පලමු පැනය වූයේ "ඔබ පිළිබඳව; ඔබ හඳුන්වනවා නම්?" කියාය.
ඔහු ඊට දුන් දුන්නේ සුපිරි පිළිතුරකි.
"තමන්ගේම තනුවකට තමන්ගේම ගීතයක් ශබ්ධාගාරයක් තුල පටිගත වෙද්දී එම ශිල්පීන් හට බොන්නට; ඉහිරී යනවාට කෙමියට කඩදාසි ඇබයක් ගැසූ තේ පෝච්චියක තේ වතුර; රැගෙන ආ සංගීත වේදියෙකු ලෙස" මේ ඔහුගේ වචන ය.
1990 ජුලි 11 නවයුගය
(තිස් වසරකට පෙර)
කෙටි කලක් ගෙවී ගියේය. මා එකල සිටියේ මෙකල අමෙරිකාවේ බෝස්ටන් නුවර පැලපදියම් වී සිටින පිටකෝට්ටේ සුජීවලාගේ ගෙදරය.
සුජීවලාගේ ලඟම ඥාති සම්බන්ධයක් ඇති පවුලක් රත්නපුර මල්වල පාරේ; දැක්කාම මැරෙණ්නට හිතෙන කනත්තට ආසන්නව සිටියේය.
එම පිරිසේ සිටි වැඩිමහළු කොළුවා ගිමන්තය.
පසු කලෙක මා සතුවද පැවති එසේම අකාලයේ වියෝවූ ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් 1210 වර්ගයේ ෆෝ වීල් රථයක් එකල ඔහුද සතු විය.
ඉන්ටර්නැෂනල් හාවෙස්ටරයක්
ගිමන්තලාහට රෙකොර්ඩ් බාරයක් රත්නපුර නගරයේ වුනු බව යාන්තමින් මට මතකය.
මෙනිසා හෝ වෙනයම් මාර්ගයකින් රූකාන්ත හා ගිමන්ත අතර පැවතුනේ එළම ෆිට් එකකි.
දිනක් රත්නපුර සිට ගිමන්ත හා ඔහුගේ සොහොයුරන් මිත්‍රාදීන් පිරිසක් සුජීවලාගේ ගෙදරට කඩා වැදුනි.
සුජීවටද තවත් සොහොයුරන් දෙදෙනෙකු සිටිය අතර ඔහුගේ තවත් ඥාති සොහොයුරන් පිරිසක් හා මිතුරන් පිරිසක්ද එදින් එතැනට සෙටමෝල් වී සිටියහ.
මොහොතකින් එතැන සිටි අයෙකුට ආවේ මරු අදහසකි.
"මොකද කියන්නේ පාලිමන්ට් ග්‍රවුන්ඩ්ස් යංද?"
කියන සුනංගුවට සියල්ල එකෙන්ම වැඩේට සෙට් විය.
වෙලාව රාත්‍රී 7.00 ට පමණ ඇත. පිරිස දහ පහලොවකි. එතැන සිටි වයසින් වැඩිම පිරිස වූයේ ගිමන්තත්, මමත් සුජීගේ අයියා රොටියාත් ය. කට්ටිය වාහන දෙකකට පැක් උනෙමු.
පිටකොට්ටෙන් ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ලෙන් අඩු වැඩිය උපයා සපයා ගෙන අප පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් දෙසට යොමුවිය.
සියළු බර පැන ගිමාගෙන් බව යාන්තමින් මතකය.
අප පාර්ලිමන්ට් මාර්ගයට පිළිපන්ව මොහොතක් රැඳී සිටියේ බත්තර මුල්ල දෙසට ගිය අපගේ අනෙක් වාහනය එන තෙක්ය.
මොහොතකින් ගිමාට වඩාත් සොමි අදහසක් ආවේය.
"මචං රූකාන්තයාට එන්න කියමුද?"
"අම්මට සිරි එලනෙ!"
ගිමා තුන් හතර වතාවක් මහන්සි වී රාකාන්තව සම්බන්ධ කරගෙන ඔහුව වැඩේට එකඟ කර ගත්තේය.
අපගේ සියල්ල එතැනට එක්වී සිටි මොහොතේ තවත් අවශ්‍යතාවයක් පන නැගුණි.
ඒ චන්ද්‍රලේඛා සඳහා සින්සානෝ එකක් ගෙන ඒමය. මෙය කවර ආකාරයකින් ඉස්මතුවූ අවශ්‍යතාවයක් දැයි මා නොදනිමි.
මා විශ්වාස කරණ්නේ එය රූකාන්තගේ ඉල්ලීමක් ලෙසය!
නැවතත් වාහනයක් සින්සානෝ පිණිස ඉගිල ගිය අතර කුමන හෝ ලෙසකින් මතුවූ අළුත් අදහස වූයේ ගෝල්ෆේස් යෑමටය.
එය රූකාන්ත වෙතින් වූ යෝජනාවක්දැයි මා සිතමි.
මේ වන විට රාත්‍රී 9.00 ට ආසන්නවය.
මෙය කියවන ඔබ මධුවිත රස වීඳින්නෙක් නම් බෝතලයක් ළඟ තබාගෙන බොන්නට පටන් නොගෙන පෙරං ගෑම කොතරම් මිහිරි අත්දැකීමක් දැයි සිතා ගත් හැකිවනු ඇත.
"මොකද්ද බං බොනව නං බොමුකො බං!"
"දැන් කීයද බලපං!"
"හරි පොඩ්ඩක් තව ඉම්මු බං"
"හරි බං ඌත් එක්ක බොන්න නොවෙයිනෙ අපි ආවේ!"
"ඌ ආවාම ම්මර සොමි බං!"
"ඔච්චර හදිස්සිනම් මූ ට ඔඅය බෝතලයක් කඩල දියං"මෙවන් බස් දෙබස් අප සිටි තැන වාතලයට මුසු වෙද්දී අප ගෝල් ෆේස් දෙසට යාත්‍රා කරණ්නට වුනෙමු.
අප සමග රූකාන්ත හා චන්ද්‍ර ලේඛා පැමිණියේදැයි මා හට විශ්වාසයෙන් අද කියන්නට නොහැකි වූවාට ගෝල්ෆේස් පිට්ටනියේදී ඔවුන් මතුව සිටියහ.
අපරාදෙ කියන්නට නොහැක.
දැන් වේලාව රාත්‍රී 10 පසුව ගොස්ය.
තවමත් අප බොන්නට සැර සෙමින්ය.
පිරිසෙන් බොහොමයක් රූකාන්තලා වටකරගෙන් ඔවුන්ගේ කයි කතාන්දර අසමින්ය.
මා හා තවත් කටුවටත් නැති වහල්ලටත් නැති හතර පස් දෙනෙක්; "මුන් දෙන්නෙක් සුපිරියටම අපේ ආතල් එක රාත්‍රී ආහාර පිණිස ගනිමින් සිටීම" ගැන වහසි බස් මුමුණමින්ය.
තවත් බොහෝ දෙනෙකු සිටියේ බීම පටං ගැනීමට වඩා රූකාන්තගේ ගීත ඇසීමට සැදී පැහැදීය.
කාලය තවත්; තත්පර 80 වේ පමන විනාඩි 15 - 20 යන විට අපේ බර බරයේ උච්ඡස්ථානයට දොළ පිදේනියක් ලෙස එක් බෝතලයක් ඇරුණි.
ඉතියෝපියාවට පාන් රාත්තලක් දැමූ ලෙස එය වාෂ්පවී ගියේ බෝතලය ගුවනේ තබාය.
බෝතලය ගුවනේ තබා කීවේ බෝතලය අතින් අත එහාට මෙහාට මාරු වූවා මිසෙක ආසාවට එය බිම නොතැබුණු නිසාය.
එයින් උද්දීපනය වූ අප දෙවෙනි බෝතලයද අපයෝජනය කලෙමු.
මෙසේ එක් පසෙක මෙම කටයුතු උද්වේගකරව සිදුවෙද්දී පිරිසක් තවමත්; "තමා මෙම ස්ථානයට පැමිණීමේ දුලභ අවස්ථාව" පිළිබඳව; රූකාන්ත විසින් පවත්වන ලබන බයිලාවට සවන් දෙමින් විය.
"මල්ලි මොකද කියන්නේ ඌට බම්බු ගහගන්න කියලා අපි කියමු බං සිංදුවක්! (බම්බු ගහගන්නට වඩා; වඩාත් ගැලපෙන ග්‍රාම්‍ය නොසරුප් වදනක් ඊට යොදා ගත් බව මතකය!)
මෙතන සියළුදෙනාම රූකාන්තගේ සිංදු අහන්නට නොනිත් ආශාවෙන් සිටි එම රැයේ අප වික්ටර්ගේ සිංදුවකින් වැඩ ඇල්ලුවෙමු.
මගේ තක්කඩි අදහසට තවත් මා මෙන්ම මෙලෝරහක් නැති කිහිප දෙනෙක්ද එකතු උනේය.
වැඩේ නැගලා යන්නට විය.
සිංදුව අනෙක් කිහිප දෙනා ගායනා කරණාතුර මා ඔවුන්ගේ කණට තවත් විසක් එබ්බුවෙමි.
"මචං නිකං වත් උගෙ සිංදු එහෙම කියන්න පටන් ගන්න එපා හරේ . . !"
අද දිනත් එකසේ හද පොපියවන
"සිසිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසුවේ . . //"
ගීතයෙන් අප ස්ථාවර අත්තිවාරමක් දමා ගතිමු.
රත්‍රී 11.00 පසුවන විට අප එකසිය ගානට ගසලාය! කවුරු බීවාද කවුරු නොබීවාද කියා කිසිවෙකු කෙසේ වෙතත් මානම් නොදනිමි.
ඒ කෙසේ වෙතත් "අපගේ රූකාන්ත විරෝධී ගීරාවය" සිරාවටම නැගලා ගියේය.
ජෝති, ඇමැස්, මිල්ටන් දෙපල, වික්ටර්, ටැක්ටර්,බෙග් සියල්ල අප වේදිකාවට නැංවූයෙමු.
ගීත අරඹන අප කිහිප දෙනා විසින් සූක්ෂමව රූකානතව වේදිකාවට වද්දා නොගැනීමට පරිස්සම් වුනෙමු.
තවත් ස්වල්ප වේලාවකින් කළුවරේම ගිමා මා අසලට පැමිණ "මචං අපි ආවේ අරූගේ සිංදු අහන්නනේ?" කියා කේස් එකක් ෆයිල් කෙරුවේය.
"හරි බං ඌට ඕනෙ නම් ඇවිල්ලා කියන්න කියපං!" මමත් නොඇඹරුනෙමි.
"ඌ එකසිය ගානට අවුලෙ ඉන්නේ! පොඩ්ඩක් ඇවිත් ඌට එන්න කියලා කතා කරපං!" ඒ ගිමාගේ විධානය මුසු ඉල්ලිමකි.
මම ටික වේලාවක් අදිමදි කිරීමෙන් පසු රූකාන්ත ලඟට නැගිට ගියෙමි.
හාත්පස දැඩි කළුවරය.
ගෝල්ෆේස් පිට්ටනියේ අප හැර වෙන කිසිවෙකු සිටින වගක් නොපෙනේ.
මා ඉස්සරහට පස්සට තල්ලුවෙමින් මහත් ආයාසයෙන් ඉනෙන් පහල සමග ඉහල කොටස එකට ගමන් කරවමින් රූකාන්ත වැනිවූ ඡායාව වෙත නැඹුරු උනෙමි.
ගායකයාගේ බොක්කටම කථා කිරීම මාගේ අභිලාෂය විය.
මගේ සිතට පොටක් පෑදුනි!
"හරි දෙන්නම් වැඩේ . . . . !" මම මටම කියාගෙන කථාව අවදිකලෙමි.
"ම් . .මශං! ශෲකාන්ට! ඔයියාට මතකද කාට හරි කිව්වා ඔයාගෙම ශින්ඩුවක රෙකෝර්ඩින් එක යන කොට ඉශ්ටුඩියෝ එකේ ඉටිය ආටිශ්ලට කේතලේට පත්තර කඩ දාශියක් ගාං මොකද්ද මේ . . කින්ශි පාරෙ . . . . . . .!?!?!?" මට කියන්නය ලැබුනේ එපමනකි.
රූකාන්ත කටහඬ අවදිකලේය.
"ගිමා! ගිමා!! කවුද බං මේවගේ තැන් වලට පත්තර කාරයො අරං එන්නේ . . . !?!?"
ඩෝප් මරගාතේ සිටියද ඒ වදන් පෙළ ඇසීමෙන් මා දැඩි කම්පනයකට පත්විය!
සුපිරිම ගනයේ වළියකට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අඩු නැතිව එතැනට සමපාතවී තිබුනි.
තවත් නිමේශයකින් කාගෙ කාගෙ හරි හොම්බයි කටයි - බොම්බයි මොටයි වීමට සියළු සාධාරණ හේතු කාරණා වියුත්පන්න වී තිබුණු එම මොහොත මා; පන්දුව විකට් රකින්නා අතට; නිදැල්ලේ යාමට ඉඩ හැරියේ ඇයිදැයි අදටත් මට ප්‍රහේළිකාවකි.
සමහර විට කවුරු හෝ මාව ඉවතට කැඳවාගෙන යන්නට ඇති.
නො එසේනම් කිසි කලෙකත් අපේක්ෂා නොකල ප්‍රකාශයකින් මා වික්ෂිප්ත වන්නට ඇත.
මන්ද; තමා පිළිබඳව ලිපියක් ලියවා ගැනීමට ලැබෙන අව්ස්ථාවකදී ඔවුන් පත්තර කාරයින් හට සලකන අයුරු; මා ඔහු තුලින්ද ඊට මසකට පෙර අත්දුටු හෙයින්ය.
"මොකටද බං උඹ පත්තර රෙද්දක් එතන කියන්න ගියේ . . .?" ගිමා තවත් මොනවාදෝ කියවා ගෙන ගියේය.
තවත් මොහොතකින් මාවෙත ලැබුනු ආරංචිය වූයේ රූකාන්ත අඬන බවය.
මෙය "අඬන" නොව අඬනම විය!
රූකාන්ත ගායනා නොකලාට අපි ඒවන විට ගීත 20-30 ක් ගායනා කොට තිබුණි.
කන සාක්කුවේ වැටෙන්නට සන්තර්පනය වී සිටියෙමු.
මොන මොනවාදෝ "මකන කෑලි" ටිකක් බඩට දාගෙන තිබුනු එම රාත්‍රියේ රූකාන්තගේ ගීත සවන්දීමේ බලාපොරොත්තුවෙන් සිටි හුදී ජනයාට එය අමතක කර දැමීමට සිදුවුනු අතර අවසානයේ පාටිය සුනේ සුන් වී ආතල් එක මුහුදට දැමීමට සිදුවිය!
එතැන් සිට අපගේ සෙටමොල් වීම; මලගෙයක සිරි ගත්තේය.
පිරිස කණ්ඩායම් තුන හතරකට ගොනු වී පශ්චාත් මරණ පරීක්ෂනය පැවත් වූහ!
අප කිහිප දෙනෙක් අපගේ ස්ථාවරයේ සිටි අතර ඉතුරු බිතුරු ටික කා බී විනාස කලහ!
කෙසේ වෙතත් කුමන හේතු කාරණාවක් නිසා හෝ මා ගෝල් ෆේස් පිටියේ තනිකර නො එන්නට තරම් ගිමා ඇතුළු පිරිස කාරුණිකවී ඇතිබව තේරුම් යනවිට පසු දින දහවල් වී තිබුණි ෴
රා අරක්කු බොන්න එපා අප්පච්චි
ReplyDeleteඇත්තටම මේ දවස් වල කටේ තිබ්බෙ නෑ දරුවො!
Deleteඒක මරු ආතල් එකක් නෙ😂😂
ReplyDeleteඔව් බං අපි මාර ආතල් ගත්තු ජීවියො කොටසක් තමයි!
Deleteඔව් ඔව් හිතගන්න පුලුවන් 😅😅
Deleteහ්ම්ම්! හ්ම්ම්!!
Deleteරූකාන්තගේ කවර් එක ඒ කාලෙ එක්ක බලද්දි ගොඩක් ඉස්සරහින් තියෙන්නේ.
ReplyDeleteඇත්තටම ඒකාලෙ හැටියට වෙනස්ම ගී ආරක් තමයි ඔහු ගෙන ආවේ.
Deleteඉන් මෙරට සංගීතයට වැඩක් උනාද නැද්දකියලා කියන එක ලියන්න නම් ටිකක් කල්පණා කරණ්න ඌන දෙයක්.
ඒත් ඔහු හොඳ ගී තනු මෙරටට හඳුන්වා දුන් කෙනෙක් කියන එක නම් අවිවාදයෙන්ම පිළිගත යුතුයි.
ඔහු කෑගල්ලේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ වසර ගනනාවක් ගායනා කොට කටහඬ පදම් කරගත් අයෙක්. මා ඔබට නොකීවාට ඔබ දන්නාවා නොවැ ගීතිකා කණ්ඩායමක් මූලික වශයෙන් Soprano, Alto, Tenor, Bass වශයෙන් කණ්ඩායම් හතරකට බෙදෙන බව. හඬෙහි උස් පහත් කම මත බෙදෙන මෙම කණ්ඩායම් හතරේම ගීතිකා ගායනා කල දක්ශයෙක් ඔහු.
ඒත් මට හිතා ගන්නට බෑ ඔහු හෙළයේ අසහාය එමෙන්ම ආදරණීය ගායක ජෝතිපාලගේ ගීත ගායනා ගායනා කිරීම තරම් තැනකට වැටුනේ කියලා.
හේතුව "බඩ ගින්නම" නම් අවුලක් නැත.
පවුලේ අන් අය දුටු විට ඒ බවක්ද නොපෙනේ.
ආතල් ගන්නවනං ලෙසටම ගන්ඩ ඕනේ සර්. ලෙසටම
ReplyDeleteඅපි ගැන මතක් කොළාටත් බොහෝත් තැන්කිව් සර්.
ජයවේවා!
ආ ඔව්! ඔව්!! නැතුව නැතුව! ඒ වුනාට ආතල් ගන්න "පොරවල්" ඉන්නම ඕන නෑ. සමහර වෙලාවට "පොරවල්" සෙට් උනාම ආතල් කුඩු වෙනවා නොදැනුවත්ව නොවෙයි දැන දැනම.
Deleteමරු! මං නම් ඔහොම ආතල් ගන්න කට්ටියගේ හැටි බලන් ඉන්නේ හොඳ සිහියෙන්!
ReplyDeleteකොහෙද අපිත් ඔඅය කියන කාලෙ ගිණි විසිවෙන වයසෙනේ. ඒක නොවෙයි ඔබේ ස්ථාවර දූරකථනය වැඩ කරණ්නේ නැද්ද? මොකද මම මූනු පොතේ ඔබ පලකල දැන්වීමක දැකලා දෙතුන් වතාවක් කතාකරණ්න උත්සාහ කලා! ඒත් ම්හු!
Deleteරත්නපුර සුසානභූමියනම් ලස්සනයි. සල්ගස් හා අනිත් ලෑන්ඩ්ස්කේපින්. පොසොන් (වෙසක්? හරියට මතක නෑ) එකට පහන්වලින් සැරසුවාම ඈත පැතිවලිනුත් නරඹන්නන් එනවලු
ReplyDeleteඔව් මල්වල පන්සල පාරෙ යනකොට තියෙන්නේ. මට හිතෙන්නේ ඒක බ්‍රිතාන්‍යය යුගයේ සිට එන එකක්!
Deleteලස්සන කනත්තක් මෙල්බර්න් වල Springvale වල තියනවා. මම ඒක බලන්න(නරඹන්න) නම් ගිහිල්ලා නැහැ. අවමංගල්‍ය වලට ගියාම දැකලා තියනවා මිසක්.
ReplyDeleteඅර ඉන්ටනැෂනල් එක ඉස්සර පොලිසියට තිබුන Scout එකද?එහෙම නැතිනම් ආමි එකට තිබුන ඊට වඩා ටිකක් ලොකු මොඩල් එකද කියලා හිතා ගන්න බැහැ . කොයික උනත් ස්ටියරින් ප්ලේ එක නම් රවුම් එකහමාරක් දෙකක් කියන්නේ සාමාන්‍ය දෙයක් බවයි මම අහලා තියෙන්නේ.
අමරදේව මහත්තයා කොච්චර නිරහංකාර අහිංසක මනුස්සයෙක් උනත් මෙල්බර්න් වල සංගීත සංදර්ශනයකට ආපු වෙලාවක අම්බානක ජුවල් ගිහිල්ලා යම් සිද්ධියක් උනා. මට වර්ෂය මතක නැහැ 1993/4/5 වගේ කියලා හිතෙනවා. ක්‍රැන්බර්න් සිටි හෝල් එකේ තිබුන ප්‍රසංගයට එහි නගරාධිපති ආපු නිසා මෙතුමා සෑම සිංදුවක්ම ගායනයට පෙර ඉංගිරිස් වලින් පැහැදිලි කරනකොට එක මහත්මයෙක්(කචල් කාරයෙන් නොවෙයි, හොඳ මනුස්සයෙක්) බොහොම සභ්‍ය භාෂාවෙන් මේක විවේචනය කළා. හේතුව නියමිත කාලයේදී සිංදු හත අටකට වඩා ගායනය කරන්න නොලැබෙන බව තේරුණ නිසයි. කොහොම හරි අමරදේව මහත්තයාට මේකට කේන්ති ගිය තරමට එයාව වෙවුලන්න ගත්තා. පස්සේ ටිකක් වෙලාවකට සංදර්ශනය නවත්වලා එයාව ඇතුලට අරන් ගිහිල්ලා සන්සුන් කරලා ආපසු ඇවිත් ගීත ගායනා කළා. පැය දෙකහමාරේ සංදර්ශනයට පැය හතරහමාරක් විතර උනා කියලයි මට මතක.
සෑම් මහත්තයා ලංකාවේ ලස්සනම කනත්තක් තියෙනවා ත්‍රිකුණාමළයේ නිලාවලි පාරෙ යනකොට. ඒක දෙවන මහා ලෝක යුද්ධයෙන් මැරුණු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මිහිදන් කරපු තැනක්.
Deleteමේක ස්කවුට් එක නම් නොවෙයි. මේකෙ ආවේ ඉන් ලයින් සික්ස් පැට්‍රෝල් එන්ජිමක්. පොලීසියටත් හමුදාවටත් ආවා. මේකෙ විශේෂත්වය තමයි ට්‍රාන්සර් පෙට්ටිය වෙනමම යුනිට් එකක් ලෙසට පැවතීම. එනිසාම මොන විදියේ එන්ජිමක් ගියර් පෙට්ටියක් තිබ්බත් ෆෝ වීල් වැඩ. අනෙක පාකින් බ්‍රේක් තිබුනේ ඇක්සලරේටරේට දකුණු පැත්තෙන් පාගන්න. මේක1210 සයිඩ් ස්ටෙප් කැබ් යනුවෙන් හැඳින්වුනේ.
අමරදේව මහත්තයා හට යන එන හැම තැනකම ගරු බුහුමන් ලබපු කෙනෙක්. ඒ වගේම එයා ගරු බුහුමන් අපේක්ෂා කල කෙනෙක්. එයාට ගරු කටයුතු වලට සළකුවාම එයා පෙරලා එම තැනැත්තාහටත් ගරු කිරීමේ පුරුද්දක් තියෙනවා ඉතා නිහතමාණීව.
එතුමා තමා සතු හැකියාව හිමින් සීරුවේ මාකට් කල කෙනෙක්. ඔහු සතු ඉංග්‍රීසි දැනුවත් භාවයත් එතනදී පෙන්නුම් කරණ්නට ගියා වෙන්නත් පුළුවන්.
බොහොමත්ම ස්තූතියි ඔබගේ පැමිණීම.
ඒ දවස්වලත් රණ්ඩුව සමන්‍ය ලක්ෂනයක් වගේ..
ReplyDeleteකොහොම උනත් අපි සළකනවා මදි...
අනේ අපරාදෙ කියන්න බෑ අපිට කොහෙන් හරි පොර කුකුල් ජාන මික්ස් එකක් තියෙනවා. ඒක මගේ විතරක් නොවෙයි අපේ පවුලේම හැටියක්. අනේ උඹ හොඳ එකානේ!
Deleteමොකද සළකනවා මදි කිව්වේ කරල තියෙන අළුකුත්තේරු වැඩවල හැටියටද?
සෙටමෝල් උන ඒවා මතක් කරනන එපා මේ දවස් වල. ෆුල් හින්දුතාන් වෙලා ඉන්නේ කට්ටිය.
ReplyDeleteබ්ලොග් බලන උන් ඒ තරම් අඩුද ලන්කාවේ. ඔය කියන් විදියට බ්ලොග් බලන්නේ එවා ලියන සෙට් එකමද කොහෙද. අපි වගේ බ්ලොග් කියවන්න විතරක් එන උන් ගොඩක් අඩු ඇති නේ. කොම්මෙන්ටු වලින් ඒක පේනවා.
කියන්නෙ!
Deleteඇත්තටම බ්ලොග් වල ස්වර්නමය යුගය කියන්නේ මීට වසර 5 - 6 කට කලින් කියලා තමයි දැන මුත්තෝ කියන්නේ. ඔය කියන කාලේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලාවත් මම නම් දැනගෙන හිටියෙ නෑ ආයිබොවන්ඩ!
කෙනෙක් දිනපොතක් ලියන්නේ ඇයි?
1.තමන් එදිනෙදා කරණ කියන වැඩ ගැන සටහනක් තබා ගැනීමට.
2.කලකට පසුව තමා කල කී දේ ගැන මතකය අවුළුවා ගැනීමට.
3.ඉදිරිය කළමණා කරණය කර ගැනීමට.
මේ කාරණා තුනම හේතුකොට ගෙන දින පොතක් ලියන අය මෙන්ම මින් එක් කරුණක් මත ලියන අය සිටිය හැකියි.
බ්ලොග් එකක් ලියන එකෙක් දෙනා හට ඇත්තේ විවිධ වූ අවශ්‍යතා විය හැක.
1.තම මතය එළිදක්වන්න.
2.දන්න කියන දෙයක් බෙදා හදා ගන්න.
3.කල කී දෙයක් කියන්න.
4.තම ජීවිත අත් දැකීමක් ලියා තබන්න.
5.ලිවීම හුදෙක් විනෝදය හෝ මානසික සතුට වෙනුවෙන්
6.ආදායම් මාර්ගයක් ලෙස.
මෙවැනි හේතු කාරණා රාශියක් තිබිය හැක. මා ලියන්නේ ප්‍රධාන වශයෙන් මාගේ ජීවන අත්දැකීම් කිසියම් තැනක ලිඛිතව තිබිය යුතු නිසා. ඒවා කිසිවෙකු බලනවා නම් ඊට වටිනාකමක් එකතුවෙනවා. ඒ වාගේම ඊට අදහසක් එකතු කරණවා නම් එය මහමෙරක්!
ඒත් එක් අයෙකු නොබැලුවත් මා ලියාවි!
මේ දිනවල කන්තෝරු වසා ඇති නිසාම කන්තොරුවේ ඩේටා වලින් බ්ලොග් බලපු මිතුරු තොමෝ; බ්ලොග් වලින් තරමක් ආත්වී ඇති සේයාවකි.
ඒ කෙසේ වෙතත් මෙහෙම හරි ඇවිත් කියවලා කොමෙන්ටුවක් දාන ඔබතුමන්ලා අපට බොහෝ සෙයින් වටිනවා.
එකගයි. මමත් බ්ලොග් බලන්න අරන් දැන් යන්තම් සන්තම් අවුරුද්දක් විතර. කොමේන්ටු කොටන්න අරන් මාස 6 විතර. දැන් නම් ගොඩක් වෙලාවට කොමෙන්ටුවක් දානවා ලියන අයව දිරිගැන්වීමක් විදියට.
Deleteමොකද මමත් ගොඩක් කියවන්න කැමති කෙනෙක්. ලන්කාවෙ නැති නිසා පොත් අරන් කියවන්න තියෙන ඉඩ ඉතා අඩුයි. ඒ වගේම අන්තර් ජාලෙන් බලන්න පුලුවන් ලන්කාවේ පත්තර වල යන්නෙත් මහ ඇල් මැරුණ මෙලෝ ලකයක් නැති වර්තා/ නිව්ස්.
හැබැයි බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනට පස්සෙ නම් ඒ අඩුව පිරිමැහුනා. ඇත්තටම ලන්කාවේ බ්ලොග් ලියන රියල් වැඩකරුවෝ ටිකක් ඉන්නවා. අනික මෙතන ලොකු පරාසයක පැතුරුන කට්ටියක් ඉන්නේ. ඒක තමා මම ආසම හේතුව මේ බ්ලොග් ලෝකෙට දවසට සැරයක් හරි ඇවිත් යන්න.
ස්තූතියි ඔබගේ දිරි ගැන්වීම අපට කෝටියක් වටිනවා!
Delete