"කිරුම් සහ මිනුම්" මේ වචන දෙක බර සාරෙට හිතට දැනුනේ උසස් පෙළ භෞතික විද්‍යා පංති යන්න; නුගේගොඩ රොටරියට ගිය කාලෙදීය. ඒ එවකට උසස් පෙළ භෞතික විද්‍යාව ඉගැන්මේ දිග් විජය කල උපනන්ද සේනාරත්න සර් සේවය කලේ "ජාතික කිරුම් හා මිනුම් කර්යාංශයේ" වීමය.
සේනාරත්න සර් පංතියට පැමිණියේ ෆියට් 131 මිරාෆියුරි රථයකය. එය ලා නිල් පැහැතිය. බොහෝ දින වල සර්ම එය පදවාගෙන ආ නමුදු සමහර දවසට එතුමාගේ බිරිඳ විසින් එය පදවා ගෙන පැමිණ සර්ව පංතියට ගොඩ කර නැවත ආ පයින්ම යයි.
එතුමා ගැනද වචනයක් නොකීවොත් එය වස වැරැද්දකි.
උන්නැහැ අප දකින කල වයසින් අවුරුදු 50ක් පමණ වූ උස් සිහින් සිරුරකට හිමිකම් පෑ අයෙකු විය.
එතුමා පංතියට පැමිණියේ "මල අතින් අරං" ය. එතුමාට මල නොපැනපු අවස්ථාවක් සොයා ගැනීම ඉතා අපහසු එකකි.
කනට ඉදිරියෙන් කොන්ඩය පහතට වවා (Sideburns) සිටියේය.
රොටරි පහත ශාලාවේ එවකට සිසු සිසුවියන් 500ක් පමණ ගාල් කොට ඇති විට ඔවුන් කථා කලේ ස්පීකර් හොරණෑ ඇතිව නොවේ. තරමක උස් හඬිනි. ඒ හඬ අවසාන පේළියේ අවසාන සිසුවාට ඇසෙන තරම් තීව්රවූවාට වඩා එම හඬ ඇසීමට තරම් දැඩි නිහඬ තාවයක් පවත්වාගෙන යාමට ඔහුට හැකියාව තිබුනි.
ඔහු අපට භෞතික විද්‍යාව පෙව්වේය! සියල්ලටම වඩා ඔහුගෙන් "විනය ගරුක බව" පිළිබඳව උගත් දෑ අද දිනයේ මම මගේ දරුවන්ට උගන්වමින් සිටිමි!
ආසාවට වගෙ ගූගල් දෙවියන්ගෙන් උපනන්ද සේනාරත්න පිළිබඳව විමසූ විට දැක්වූයේ මෙවන් ප්‍රථිචාරයකි.
"උපනන්ද සේනාරත්න යනු මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ (කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවා අධ්‍යක්ෂකවරයා ලෙස මීට පෙර කටයුතු කල ශ්‍රී ලාංකින විද්‍යාඥයෙකි.
දේශපාලනිකව බලපෑම් එල්ලවූ මතබේදාත්මක සිදුවීමකදී ඔහුගේ සදචරාත්මක ස්ථාවරය වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා ආයතනය මගින් පිරිනමන ජාතික අඛණ්ඩතා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය."
සේනාරත්න සර් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට තරම් දේවල් ඇතත් මෙතනින් එය නවතා කිරුම් සහ මිනුම් වලට හැරෙමු.
මෙම පෝස්ටුවට උත්ප්‍රේරකයක් සැපයුවේ අද උදේ මුහුනු පොතේ පලවූ පෝස්ටුවක් / වීඩියෝ කොටසක් නිසාය.
හපුතලේ කඩයක; හොර තරාදියක් භාවිතා කරණු ලැබූ අයෙකුට මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ සහකාර මිනුම් සේවා අධිකාරි විසින් අල්ලා ගනු ලැබූ අවස්ථාවක් වීඩියෝවක් සමග පලවී තිබුනා.
එය සිදුකොට තිබුනේ අපූරු ක්රමවේධයකටය. මෙම කඩයේ කේක් විකිණීමට ඇත.
වෙළෙන්දා ඉලෙක්ට්‍රොනික් තරාදිය මත සෑම විටෙකම කුඩා පිහියක් තිබෙන්නට හැර තිබේ. එහි බර ආසන්න වශයෙන් ග්‍රෑම් 250 කි. ඔහුගෙන් කෙක් කිලෝවක් ඉල්ලූ විට ඔහු කේක් කුට්ටිය ගෙන තරාදිය මත තබා එයින් කිලෝවක් වෙන් කර දෙයි.
පිහිය තරාදිය මත තිබීමේදී පැවති ග්‍රෑම් 250ට ආසන්න පාඨාංකය බින්දුවට නොගෙන එම පාඨාංකයේ සිට කිලෝව ගනන් ගැනෙන අතර පාරිභෝගිකයා අතට පත්වන්නේ කිලෝවක් නොව ග්‍රෑම් 750කට ආසන්න බරකි!
මෙම වංචාවේ පිනුම් ගසන්නේ කේක් කඩ කාරයින් නොව ඉන්ධන හල් වල පොම්ප කරුවන් ය.
ඔවුන්ද පොම්පය Zero නොකර එනම් ආරම්භක පාඨාංකය බින්දුවට ගෙන එන්නේ නැතිවම ඊළඟ වාහනයට ඉන්ධන පොම්ප කරයි.
මෙය කල හැක්කේ පොඩි මොළේ මීටරයක් ඇති අයෙකුට පමණි. ත්‍රී වීලරයක් හෝ මෝටර් සයිකලයක් වැනි කුඩා වාහනයකට පොඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කල සැනින් එන මෝටර් රථයකට මෙය කල හැකි මගඩියකි.
මන්ද රියැදුරු පොම්පය දෙස බලන විට එහි පාඨාංකය කුඩා ප්‍රමාණයකින් සිදු විය හැකි වෙනසක් ඔහුට හෝ ඇයට විනිශ්චය කර ගැනීමට අපහසු වන හෙයිනි.
එසේ නැතිව මෝටර් රියකට රුපියල් 5000 ක පෙට්රෝල් පොම්ප කල සැනින් සීරෝ නොකොට මෝටර් සයිකලයකට පොම්පය එබුව හොත් කන්නට වෙන්නේ ලීටර වලිනි!
මේ වගේම කථාවක් ජනයි - ප්‍රියයි ප්‍රහසනයක වේ!
ජනා පොලීසියේ සිර කූඩුවේ සිටියි.
ඊළඟ මොහොතේ ප්‍රියාවද කුදලාගෙන පැමිණ සිර කූඩුවට ඔබයි.
"මල්ලි මොනා කරලද ආවේ?" ජනා අසයි.
"හොර සල්ලි අච්චු ගහලා . . !'
"එළ . . ! මාත් හොර සල්ලි ගහලා තමයි. මල්ලි කීයෙ ඒවද ගැහුවේ . . " ජනා අසයි.
"පණහෙ ඒවා . . . !
"අයියෝ පණහෙ ඒවා ගහලා කවද ගොඩ යන්නද බං . . . ?
"ඔයා ගැහුවේ කීයේ ඒවද . . . . " ප්‍රියා අසයි.
"හාරදාස් පන්සීයේ ඒවා . . . . . !
මේ මොඩලයේ හොරෙක් අපගේ මිත්‍ර රන්ති රොහාන් ගමගේගේ නිවසට යාබදව පැවති ඉන්ධන හලේ සිටියේය.
ඔහු ඉන්ධන හලට ආධුනිකයෙකු වූ අතර "අයියලා" විසින් හොරකම කියා දී තියෙන්නට ඇති.
+++++
ReplyDeleteTnx Ian
Deleteසැහැල්ලු වගේම විනෝදාත්මක ලිපියක්. දිගටම ලියන එකට ස්තූතියි.👌💐
ReplyDeleteමේක සැහැල්ලු වෙන්නෙ කොහොමද බං. කිලෝ එකයි දෙසිය පණහක විතර බරක් පැහැදිලිවම පේන්න තියෙනව.
Deleteආ උඹත් පුතෝ කඩ කාරයානේ!
Deleteබර සැහැල්ලු කරන විදිහ ගැන තමයි ලියල තියෙන්නෙ
Deleteඅපි ලියන ඕනෑම කුණ්ඩවාලියක් බලා එයට අකුරු පහක් ලියන ආදරණීය බකුසාටත් බොක්කෙන්ම ස්තූතිය!
ReplyDeleteඔය බඩුවෙ කිලෝ ගානට පත්තර විකුණන එකනං ඉස්සර ගොට්ටෙ ඔතල බඩු දෙන හැම තැනම උනා.
ReplyDeleteනයාගේ කඩෙව් කොහොමද ඕවා කෙරෙණ්ණේ?
Deleteඅපේ කඩේ වහල දැං අවුරුදු ගානක් වෙනව. ඒ වහනකල්ම පත්තර කිලෝ ගානට විකුණපු එක තමයි කලේ.
Deleteඋඹල ඔක්කොම හොරු බං!
Delete+++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteස්තූතියි!
DeleteEkath maru wade.paththara tika giya kiyanne nikam salli avilla,
ReplyDeletekhoma unath dhigatama liyana ekatanam hadapiri mewwa eka.
ඔව්නෙ!
Deleteස්තූතියි මිත්‍රයා!
Last one did not understand
ReplyDeleteදැන් හිතන්නකෝ කඩයක තියෙනවා කුකුල් මස් කිලෝ 150ක්. එතනට ගෙනියනවා පත්තර කිලෝ 10ක්.
Deleteඊළඟට හැම කුකුලෙක්ම තරාදියට දාලා කිරණ කොට කුකුළව තරාදියේ තියන්නට කලින් පත්තර පිටුවක් තියනවා.
දවස අවසානේ කුකුල් මස් කිලෝ 150 ඉවර වෙන කොට පත්තර කිලෝ 10ත් ඉවරයි.
එඑ කියන්නේ කඩේ විකුණලා තියෙනවා කුකුල් මස් කිලෝ160ක්.
එතකොට අර පත්තර කිලෝ 10ත් විකිණිලා තියෙන්නේ කුකුල් මස් ගානට. කුකුල් මස් මිළටම!
දැන් තේරුණාද?
හපොයි....... මේවට හිනා වෙන්නද අඬන්නද මන්ද..... හි....හි.... මට මතක් උනෙත් අපේ ගෙදරකත් ඉන්නවා කුකුල් මස් කඩයක් කරන උත්තමයෙක්. අනේ ඉතින් කාගෙත් පහසුවට ඒ උත්තමයාට අපි ආමන්ත්රනය කරන්නෙත් කුකුලා කියලා නොවැ.. මුලින්ම මම අපෙ ගෙදර අනිත් අය එයාව ඒ නමින් අමතද්දි මම හිතුවෙ මිනිහා කුකුලෙක් වෙන්ටෑ කියලයි. අපෙත් කැත හිත නොවැ. මනුස්සයාගෙ මුණ දැක්කට පස්සෙ මට බොහොම දුක හිතුනා අනේ මේ අහින්සකයෙක්ට ඇයි හැමොම කුකුලා කියන්නෙ කියලා. ඒත් මම ආයෙමත් හිතුවා. එහෙම තමා උපාසක බලලොනෙ මීයෝ දෙන්න දෙන්න අල්ලන්නෙ කියලා. පස්සෙ හොයලා බලද්දි තමා කාරණාව තේරුනෙ... ඒ උත්තමයා කුකුල් මස් මුදලාලි කෙනෙක් කියලා .. හි... හී........
ReplyDeleteඔය කොයි කුකුලත් ඉන්නේ මීයා වගේ තමයි. උන් අඬලන්න ගත්තාම තමයි වැඩේ තේරෙණ්නේ.
Deleteඔය අහිංසකයත් තරාදියට පත්තර පිටුවක් දානවා ඇති නොවැ!?