පාන්දර ලැබෙන්නේ අළුත් ආරංචියක්
තැඹිළි ගහ පීදිලා පල දරා ඇති බවක්
කාටදෝ කියන්නේ හිතට ආවට නමක්
කියන්නේ නෑ කාටවත් වදිනවට ඇස් වහක්
තැඹිළි ගස සිටෙව්වේ තනිව නොව ඇය සමග
මුල් ඇදපු දා පටන් රැක්කේ බැඳ පන සමග
දිනෙන් දින අතු ලමින් ටිකින් ටික උස ගියද
හැම විටම දුටුවෙ එය තාම පොඩි ගසක් ලෙස
කාලයක් ගෙවෙන කොට උස ගියා මට වඩා
ගස මුලට ආවාම සෙවන දුන්නා එයා
මගේ අතු අල්ලන්න; සිප ගන්නදෝ කියා
විටෙන් විට මද නලින් බිමට නැවිලා ගියා
ගොක් අත්ත තනි කෙළින් ඉහලටම විහිදුනත්
මෝරද්දි අතු නැමේ එය සිතට ඉගෙන ගන්
බාල වී කරල් සෘජුව ගොයම තුළ වැජඹුනත්
පැසුනු වී කරල තම උපත දෙස නෙත් යොමන්
ගස හොඳින් ඉහල ගොස් නුබට අත් දිගු කලා
පූදින්නෙ කවදාද? සිතා සිටියා බලා
දහස් බුදු බව ලබන වප් මසේ කල් බලා
ගස පීදිලා පුවත දෑස් අග තෙත් කලා
1/10/2025
පොල් ගහක් පීදෙන එක සුබ ලකුණක්
ReplyDeleteමම විජේබාහු
ඔව් ඒක සුභම සුභ ආරංචියක්!
Deleteතැඹිලි ගෙඩියක් රුපියල් 150 ක් වගේ වෙනවා.
ReplyDeleteHmm
ReplyDeleteහ්ම්ම්! හ්ම්ම්!!
Delete++++++++++++++++++++👌
ReplyDeleteස්තූතියි!
Deleteඅපේ ගෙදරත් කලකට පෙර සිටවපු පොල් පැළයක් පීදිලා. සාත්තුව හොඳ උනා නම් මීට කළින් පීදෙන්නේ.
ReplyDeleteහහ්! හහ්!! හා!!!
Deleteපාටියක් දාමු එහෙනං.
ReplyDeleteඔව් පාටියක් නම් දාන්නම ඕන!
Delete+++++++++++++++
ReplyDeleteස්තූතියි!
Deleteසුභ පැතුම්!
ReplyDeleteස්තූතියි!
Deleteමෙහෙ 180 යි
ReplyDeleteඅප්පා! එන්න එහෙනම් මේ පලාතට තැඹිලි ගෙඩියක් බීලා යන්න!
Deleteඊළඟ නිවාඩුවේ බොමුද තැබිලි ගෙඩියක් එහෙනම්.
ReplyDeleteඅනිවා බොමු! බොමු!!
DeleteCongratulations seeya Thaththa and aththamma to be appointed soon
ReplyDeleteRanDil
අප්පට සිරි ඔයාට හරියටම තේරුණා නේද?
Deleteවිස්කෝතුයි! විස්කෝතුයි!1
නංගි දුවයි මල්ලි පුතයි ළඟදිම එනවා. එතකොට හමුවෙමු!