Monday, January 30, 2023

251. සෙනෙහෙබරව යෝජනා කර සිටින වග නම් . . . !


මීට කලකට පෙර පුවත් පත් වලින් කියැවූ දේ ඇසූවේ රෙඩියෝවේ පිහිටෙනි. පොලෙන්; ගෙදර ගෙන ආ කවි කොලයක් ගෙදරටම ඇසෙන්නට මහ හඬින් කියැවූයේ පැල් කවි කරත්ත කවි පාරු කවි පතල් කවි ඇසෙන කාලය වියැකී යද්දීමය!

රට තොට විස්තර දැන ගත්තේ පත්තර වලිනි.

ගමේ පංසලේ, ටීටර් මඩුවේ රඟ දැක්වුනු නෘත්‍ය වල ගීත අසන්නට හැකි මෙවලමක් ලෙස රේඩියෝව රටට ආවේය!

රටේ තොටේ සිදුවන දේ පත්තරෙන් කියැවූ අයට රේඩියෝවෙන් අසන්නට හැකියාවක් ලැබුනි. රූපවාහිණිය පැමිණියේ රේඩියෝවට වඩා වැඩි ඈතකට ජනතාව ගෙන යාමටය! එතෙක් ජනතාව අතර සිටි ශ්‍රාවකයින් ප්‍රේක්ශකයින් කිරීමට එයට හැකියාවක් ලැබුනි.

මේ සියළු මාධ්‍ය රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන මගින් පාලනය වූ ඒවා විය. ඒවා මගින් කියැවුනේත් ලියැවුනේත් ඒ ආයතනයන්ගේ දැක්මය. උවමනාවය.

මෙම මාධ්‍ය වලින් කෙරුණේ එක් දෙසකට ගලා ගිය සංනිවේධනයකි!

නිවේදකයා කියවන හෝ ලේඛකයා ලියන දෙයක් දත් මිටි කමින් අසා සිටින්නට හෝ කියැවීමට සිදුවීම එහි ඇති ලොකුම දුර්වල තාවයයි!

අවකාශයේ ලිවීම ඇරඹෙන්නේ මේ සමගය.

එහි වඩාත්ම දියුණු අවස්ථාව ලෙස බ්ලොග් කරණය හඳුන්වා දිය හැක!

 මේවන විට; මෙරට එහි ප්‍රචලිතභාවය අඩුව ගියද ඉංදියාව සහ වෙනත් රටවල බ්ලොග් ලිවීම හා කියැවීම තවමත් ප්‍රශස්ථ මට්ටමක පවතී!

ලේඛකයා / රචකයා සහ කියවන්නා / පාඨකයා  අතර ඉතාමත් කිට්ටු සබඳතාවයක් පවත්වාගෙන යෑමට ඇති හැකියාව,

ඔවුන් අතර ද්විත්ව සංනිවේදනයක් පවත්වාගැනීමට ඇති අවස්ථාව,

ඔවුන් දෙදෙනා හටම තම පෞද්ගලිකත්වය / අනන්‍යතාවය රැක ගනිමින් ලියන්නටත්, කියවන්නටත්, පිලිතුරු දීමටත් ඇති පුළුවන්කම,

අවකාශයේ ඇති මෘදු හා දෘඪ ඕනෑම අමුද්‍රව‍යයක් තම ලිවීම, ලේඛණය, රචනාව, පෝස්ටුව තුල දැක්වීමට  ඇති පහසුව

වැනි බොහෝ කාරණ බ්ලොග්; වෙනත් සාම්ප්‍රදායික මාධ්‍යවලින් ඉහලට ඔසවා තැබීමට හේතුවිය.

මේ සියල්ලටම වඩා සින්ඩිකේටර බිහිවීම; බ්ලොග් ප්‍රචලිත වීමටත්; එය වඩාත් සුවිශේෂී තැනකට ඔසවා තැබීමටත් හේතු විය.

සින්ඩිකේටරයක් යනු සෑම නිමේශයකම යාවත් කාලීන වනසේ සකස් කොට ඇති පොත් වෙළෙඳ සැලකින් වාර්ශිකව නිකුත් කරණු ලබන පොත් කැටලොගයක් හා සමානය.

එමගින්; එම සින්ඩිකේටරයට සම්බන්ධවී ඇති සියළුම බ්ලොගයන් පිළිබඳව නවතම තොරතුරු යාවත් කාලීන කරණු ලබයි!

බ්ලොග් පිළිබඳව ප්‍රචාරණ මෙහෙය සිදුවන්නේ සින්ඩිකේටර තුලිනි.

අදාල සින්ඩියට සම්බන්ධවී ඇති සියළුම බ්ලොග් වල පලවන ලිපි නො එසේනම් පෝස්ටු එම සින්ඩියේ මොහොතින් මොහොත  යාවත් කාලීන වේ.  බ්ලොග් පිළිබඳව පාඨකයින් හා රචකයින් දැනුවත් වන්නේ සින්ඩිකේටර තුලිනි.

බ්ලොග් ලියන්නන් බොහෝවිට කියවන්නන්ද වේ. එනිසාම ලියන්නන් හටද අනෙකුත් බ්ලොග් සම්බන්ධව තොරතුරු දැනගත හැකිවන්නේ සින්ඩිකේටරයකට ගොඩ වීමෙනි.

 මුහුණ පොත කල එළියට එන්නේ බ්ලොග් වලට පසු පසිනි!

ස්මාර්ට් දුරකතනය සමග මුහුණු පොතට අධි වේගයෙන් බොහෝ දුර යාමට හැකිවිය.

ඉතා පහසුවෙන් ගිණුමක් ඇරඹීමට ඇති හැකියාව, බොහෝ පිරිසක් භාවිතා කිරීම, ඉතා පහසුවෙන් යමක් ලියා දැක්වීමට හෝ මෘදු ලින්කුවක් ඉමේජයක්  එක් කිරීමට ඇති පහසුව විශෙෂයෙන් ජංගම දූරකථනයකින් ඉතා පහසුවෙන් ලඟාවිය හැකි බව මුහුණු පොත වඩත් පැතිරීමට හේතු වේ!

මේ කරුණු නිසාම බොහෝ බ්ලොග් රචකයින් වත් පොතට වැදීම හා බ්ලොග්කරණයෙන් ඈත්වීම සිදුව ඇත.

වත් පොත සමග සන්සංදනය කිරීමේදී බ්ලොග්කරණයේ සුවිශෙෂීතා කිහිපයක් දැකිය හැකිය!

බ්ලොග් අඩවියක් අරඹන මොහොතේ පටන්ම එය තමාටම අනන්යවූ දෙයක් ලෙස දැක්විය හැක. එහි භාහිර මුහුණුවර, වර්ණ, පිටුවේ සැකැස්ම, අකුරු වල හැඩ තල, ඒවායේ ප්රමාණය මේ ආදී වශයෙන් අටෝරාශියක් කරුණු කාරණා තමන්ගේ අභිමතය පරිදි වෙනස් කරමින් තමාගේ බ්ලොග් අඩවිය නැතහොත් බ්ලොග් පිටුව නිර්මානය කල හැක!

එහි ලියැවුනු පලවුනු  දැක්වුනු සෑම සියළු දේම නිමෙශයකින් දැක බලා ගැනීමටත් වෙනස් කිරීමටත් එක් එක් ලිපිය කියැවූ පිරිස, ඔවුන් දැක්වූ අදහස්, ආදිය සියල්ල පහසුවෙන් කියැවීමට හැකියාවක් ඇත.

බ්ලොගයක පූර්ණ පාලනය තමන් සතුය. එය වඩාත් නිර්නාණශීලී වන අතර වඩාත් ගැඹුරක් ගනී. පැරණි ලිපියක් සොයා යෑමේදී රචකයාට මෙන්ම කියවන්නාට බ්ලොග් වඩාත් පහසුය.

මෙවන් කරුණු රාශියක් බ්ලොග්; වත් පොතින් ඈත්ව පෙන්වීමට දැක්විය හැක!

වත්පොත හෙවත් මුහුණු පොතේ සියළු ගිණුම් එකම ආකාරයක් ගනනා අතර ඒවා එකිනෙකට වෙනස් කොට හඳුනා ගත හැක්කේ හිමි අයගේ නමින් පමණක් වේ. වත් පොත තුල මා දකින සුවිශේෂී තාවයන් ලෙස වත් පොත් කණ්ඩායම් හෙවත් සමූහ හා වත්පොත් පිටුය. මේවායේ හැසිරීම හා ගුණාංග බ්ලොග් වලට වඩා දියුණු තැනක් ගනී.

වත්පොත් ගිනිම් වල ඇzති ඒකාකාරීත්වය කරණ කොට ගෙන කිසිවෙකු විසින් ලියා සමාජ ගත කොට ඇති පෝස්ටුවක් හෙවත් ලියමනක් මග ඇරී ගිය හොත් එය සොයා ගැනීම තරමක් අපහසු කාරණයකි.

මෙසේ මුහුණු පොත දිග් විජය කරණාතර තුර බ්ලොග් සෙමෙන් සෙමෙන් ගමනක යෙදේ. මෙරට බ්ලොග් හිණිපෙත්තේ වැජඹුණු කාලයේදී බ්ලොග් සම්මාන උළෙලයන්, බ්ලොග් හමු, ඔවුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අවුරුදු උත්සව ආදිය පැවැත්වී ඇත. 

තවත් කාලයක් බ්ලොග් පැවැත්වීම, පැරණි බ්ලොග් රචකයින් නැවත ලිවීමට යොමු කිරීම, අළුත් රචකයින් බ්ලොග් ලිවීම සඳහා යොමුකර ගැනීම වැනි කාරණාද; පැරණි බ්ලොග් රචකයින් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම වැනිකරුණු අරභයා බ්ලොග් හමුවක අවශ්‍යතාවය මේවන විට  පැනනැගී ඇත.

මේවන විට පැරණි සින්ඩි වලට අමතරව අභිනවයෙන් පටන් ගෙන ඇති "සඳහඩපහන සින්ඩිය" හරහා මෙම බ්ලොග් හමුව පැවැත්වීමට කෙරුණු කථා බහක් කොලොම්පුරේ බ්ලොගයේ කමෙන්ටු අතර ඩ්‍රැකී විසින් අදහසක් දක්වා තිබෙනු මා දුටුවෙමි. ඊට සමගාමීව "සඳකඩපහන සින්ඩියේද" ඊට අනුකූලව පෝස්ටුවක් පලකොට ඇති අතර මේ පිළිබඳව පුළුල් කථිකාවක් බ්ලොග් ලියන්නන් අතර ඇතිවීම අවශ්‍යතාවයක් ලෙස මා දකිමි.

මේ පිළිබඳව බ්ලොග් වලට සම්බන්ධ සහ ඊට ආදරය කරණ සියල්ලන්ගේම මැදිහත්වීම හා උනන්දුව ඇතිවිය යුතු අතර මෙම බ්ලොග් හමුව සාර්ථක කරගැනීමට අප අත්වැල් බැඳ ගත යුතු බව සෙනෙහෙබරව යෝජනා කර සිටිමි.

කවදාද? කෙසේද? කවුරුරුන්ද? කොහේදිද?


40 comments:

  1. මම බ්ලොග් වැඩිපුර බලනවා, මුහුණු පොත පරිහරණ අඩුයි, මුලික හේතුව ආරක්ෂාව. අද කාලේ මේ තාක්ෂණ වලින් ගැලවීම අමරුයි, ප්‍රතිපල තමයි අපි නොදැනම පිට අය (ගූගල් වගේ) අපි ගැන හැම දේම දැන ගැනීම

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි නොම්මර එකේ කොමෙන්ට් කරුවන්ද මෙතනට එන්නම ඕනෑ!

      Delete
  2. වැඩේ කරමු. මේ අවුරුද්දේ පුළුවන් වුනොත්. මමත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම අපි එකතු උනොත් සාර්ථක හමුවක් පැවැත්විය හැකිවෙයි!

      Delete
  3. කෝ ඉතින් ඔයා විහිළුවට වත් අපේ බ්ලොග් පැත්තේ එනවද? මම ලිඉම නැවැත්වුවේ ම නැහැ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අජිත් අයියේ කිසිම බ්ලොග් එකක් තියා මගේ බ්ලොග් එකටත් ආවේ බොහෝ කලකින්. කෑම්පින් සයිට් එකේ ප්‍රචාරණ කටයුතු වලට කාලය යෙදෙව්වා. ඒ වගේ පසු ගිය මාස තුනකින් මෙරටින් බැහැරව සිටි නිසා වැඩ ගොඩ ගැහිලා. දැන් තමයි පොඩි හරි ඉස්පාසුවක් ලැබුනේ!

      Delete
  4. හරිම අගනා සටහනක් . හොද අදහසක්. ඔබ කිහිප දෙනා ගමන පටන් අරගෙන තියෙන බව පේනවා . මේ අවුරුද්දෙ නම් එන්න බැරිවෙන පාටයි . ඒත් මෙහෙ ඉදගෙන කරන්න පුළුවන් උදව්වක් කරන්නම් . හැමෝගෙම බ්ලොග් වල හොද සටහන් වගේම හොද අරමුණුත් තියෙනවා . මට හිතෙන්නෙ ලංකාවෙ පත්තර , රේඩියෝ , රූපවාහිනී වගේ ප්‍රධාන මාධ්‍යය හරහා සිංහල බ්ලොග් ගැන යම් තරමකට දැනුවත් කිරීමක් කරන එක පොදු ජනතාව අතරට ගෙනියන්න හොද විදිහක් . ඒ වගේම ඔබ සියළු දෙනා දැනටමත් පටන් අරගෙන තියෙන බ්ලොග් ලියන්නන් දිරි ගන්වන එකත් , ඔවුන්ගේ ලියැවිලි කියවන එකත් , පුංචි හෝ කොමෙන්ටුවක් දාන එකත් වටිනවා . හැබැයි ඉතින් අපට කාටවත් බල කරන්න බැහැනෙ . හැමෝම වගේ මේක කරන්නෙ අමතර වැඩක් විදිහටනෙ. ගමනට සුබ පැතුම් .

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේම අදත් ඔබ; අපව දිරි ගන්වමින් ලියලා! බොහොමත්ම ස්තූතියි. බලමු ගමනක් අරඹන්න අනිකුත් මාධ්‍යය එකතු කරගෙන!

      Delete
  5. අරමුණ හොඳයි නියමයි වැඩ පටන් ගමු
    එක පෙරමුණක ඉඳගෙන අපි වැඩ කරමු
    ඉතිහාසයේ පාඩම් අපි ඉගෙන ගමු
    ඒවා කියා දෙන්නැයි ඇරයුම් කරමු!

    ReplyDelete
    Replies
    1. අපි මේ වැඩේට ස්වෙච්ඡා කණ්ඩායමක් ඕන වෙනවා 10 ක තරම. බලමු වැඩේ හිමීට පටන් ගනිමු. මේ පිළිබඳව බ්ලොග් ලියන්නන් (හා නොලියන්නන්) දැනුවත් කිරීමේ වගකීම සඳකඩපහන කිරීමට එකඟ වී තිබෙනවානේ. එතැනින් පටන් ගනිමු. පෙබරවාරි මාසය ඒ වැඩේට යාවි. බලමු ප්‍රථිචාර!

      Delete
  6. ඔබේ බ්ලොගය ඇතුළු බොහෝ බ්ලොග් කියවන පාඨකයකු ලෙස මේ ලිපිය ඉහළින් අගයමි.

    බ්ලොග් ලේඛක ඔබ හැම දෙනා විසින්ම ඉටු කරනු ලබන්නේ සාංඝික දානයක ආනිසංස නො අඩුව ලබන කුසලයකි.

    පොදු මහජන බුද්ධි වර්ධනයට හේතුවන ලෙස ත් පුරවැසියන් ලෙස නිදහස් ව අදහස් ප්‍රකාශ කිරීමට දිරිය වඩවන ආකාරයෙනු ත් තම අයිතීන් සහ යුතුකම් පිළිබඳ දැනුම ලබා ගැනීමට ත් අහිංසකව විනෝදය සහ සතුට විඳීමට ත් ඔබ සතු කාලය, ධනය, ශ්‍රමය වැය කොට අපට ලබාදෙන්නේ කොතරම් සම්පතක් ද?

    බ්ලොග් ලෝකය ශිෂ්ටත්වයෙන් දියුණු මානවයකු හැදීමට සිදු කරන්නා වූ සේවය කෙසේ නම් මිළ කළ හැකිද? ඔබ හැමට පිං.

    ReplyDelete
    Replies
    1. එකතු වෙන්න අපිත් එක්ක බ්ලොග් ලියන්න!

      Delete
  7. Replies
    1. වැඩේට එකතු වෙන්න!

      Delete
    2. මක්කයි කරන්න තියෙන්නෙ

      Delete
    3. ස\විධානය කිරීමට සහය වීම! ඔයා බලන්න සඳකඩපහනෙ දාලා තියෙනවා යෝජනා වලියක්. අපිට අපේ අදහසුත් එක් කල හැකිවෙයි! සඳකඩ පහන කරණ අය මූලික වෙනවා නම් අපිට තියෙන්නේ ඒකට සපෝට් කරණ්න. ඔයා ඒක බලන්නකෝ.

      Delete
  8. අන්තර්ජාලය පරිහරණය කරන්නන් අතර වුවද සිංහල බ්ලොග් ගැන ඇත්තේ අඩු අවබෝධයක් බව මගේ පෞද්ගලික නිරීක්ෂණයයි. ඒ ගැනත් අවධානය යොමු වෙනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඔබේ යෝජනා මොනවා හරි තියේද?

      Delete
  9. අපේ කන බොන හමුවන් ගැන වදවෙන බොහෝ අය මේවැනි හමුවක් ගැන කතාකරනවිට ගැන නිහඬ ඇයි? යොජනා චෝදනා කතා කරමු. සාකච්ඡාවෙන් සම්මුතියෙන් අපේ වැඩේ කරමු.

    ReplyDelete
    Replies
    1. වැඩේ පටන් ගත්තාම බ්ලොග් දියුණුවට හිතැති අය එකතු වේවි!

      Delete
    2. //අපේ කන බොන හමුවන් ගැන වදවෙන බොහෝ අය මේවැනි හමුවක් ගැන කතාකරනවිට ගැන නිහඬ ඇයි? // අඩෝ මොකද කියන්නේ? ඇනෝ එකක් ඇරගෙන ඇවිත් මෙතන හාන්න පටක් ගන්නද? :))))))))

      Delete
    3. පිස්සු කෙලින්න එපා කමී!

      Delete
  10. කාලයක් කියවන්නෙක් තවත් කාලයක් ලියන්නෙක් විදිහට ඉඳලා ආයෙත් කියවන්නෙක් වෙච්ඡ අපිටත් ආයේ ලියන්න ඇති ආසාව මේ වගේ දේ නිසා වැඩි වෙන්න පුලුවන්. කාලෙකින් සිංහල බ්ලොග් කාරයො ලොකු පිරිසක් හම්බෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. කසුන් අපි සියල්ලෝම එකතු උනෝතින් බැරිවෙන එකක් නෑ!

      Delete
  11. අදහසත් හොඳයි. අකුරුත් ගැළපෙනවා... 😄❤️
    වැඩේ සරුවප්‍රකාරයෙන් සාර්ථක වේවා! 🙏

    ReplyDelete
    Replies
    1. තරුණ ශ්‍රමය අවශ්‍යයි නෙවෙයි අත්‍යාවශ්‍යයි!

      Delete
  12. බ්ලොග් ලියන්නෙකු නොවුනත් තට්ටයා මහත්තයාගේ කොලම ලද හැම විටම කියවමි. බ්ලොගයක තාක්ෂණික පසුබිම ගැන කරුණු වලට ස්තුතියි.
    ම ලි ර සුරංග සහෝදරයාගේ "යාංහෑල්ල" බ්ලොගය ක්‍රියාත්මක වෙන්නේ නැතිද?
    -වීරසිරි බන්ඩාර-

    ReplyDelete
    Replies
    1. සුරංගට මා පෞද්ගලිකවත් කථා කලා! එහෙත් ඒ පිළිබඳව ඔහුගේ නම්‍යශීලී පිලිතුරක් ලැබුනේ නෑ! බලමු ආයේ මත් කථා කරලා! ඒ වාගේම බ්ලොග් නොලිව්වත් ඒවාට බැඳුනු පාඨකයින්ගේ සහභාගීත්වයද අපට අත්‍යාවශ්‍ය සම්පතක්!

      Delete
    2. ප්‍රතිචාරයට ස්තුතියි....
      -වීරසිරි බන්ඩාර-

      Delete
  13. කවදාද? කොහේදිද?

    ReplyDelete
    Replies
    1. සඳකඩ පහනෙන් කට්ටියව දනුවත් කරණා බවක් ලියලා තිබුනා. ඒකට මාසයක් ගතවේවි. ඊළඟ මාසයේ (පැවතුන හොත්) ඡන්දයට 15 විතර වනතුරු කාලය ඉඩ අරින්නට වේවි. බොහෝ විට මාර්තු අග හෝ අප්‍රේල් මුල වගේ වෙයි. ස්ථානය සැමටම පහසු තැනක් යොදා ගනිමු!

      Delete
  14. එක බස් එකෙන් එන්න පුලුවං තැනක් තෝරගන්න අයියෝ...

    ReplyDelete
  15. ආ.. ඔය කියන්නේ අර ඉන්ටැනෙට් එකේ ලියන අය ගැන නේද? කාලකෙට කලින් ලංඩන් වල ඉඳලා ආපු තට්ටේ තියෙන උස මහත්තයෙක් ඒ අයට පගාව දීලා ලියන එක නැවැත්තුවානෙ. :))))

    ආයේ ලියනවානම් කියන්න මම ඒ මහත්තය ටිකක් අඳුනනවා.. තව කොන්තරාත් එකක් දෙන්නම්.. :))

    ReplyDelete
    Replies
    1. ඔය ගැන සිහියෙන් ලියන්නවත් කියන්නවත් අමාරුයි. පොඩ්ඩක් හිටින්නකෝ දවසක් දෙකක්.ඉන්තීරුවෙම්ම කියා දෙන්න!

      Delete
  16. ලියන්නෝ විතරද ලියන්නියන්ට බෑද 🤔

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ සමාවෙන්න! ලියන්නන්-ලියන්නියන්! ලියන්-මනාළියන්!! අඟනන්-සුරඟනන්!!! (වැඩේ කේටරින් පැත්ත අල්ලන්න වගේ!?)

      Delete
  17. සොය සොයා බ්ලොග් කියවන ඉදහිට කමෙන්ට් කරන අපිටත් ඇහැක් වෙයිද ඔහේල හමුවෙන්න. හොද වැඩක්.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ නැතුව නැතුව!

      Delete
  18. මට ලියන්ඩත්, කියවන්ඩත් වෙලාව ගොඩක් අඩු වෙලා. මේක කියවන්නෙත් දැනුයි. නමුත් අපි අනිවා, මේ වැඩේ කරමු.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...