පසුගිය අගෝස්තුවේ මැද මා ඕස්ට්‍රේලියාවට ලඟා උනෙමි. ඒ එරටට දැඩි ශීත කාලගුණයක් තිබුනු අවධිය විය. මාසයක කාලයක් දුවා දරුවන් හා බිරිඳ සමග ගතකල මා එරට සිටින අපගේ මිතුරන් ඇමතීමට පටන් ගත්තේ ඉක්බිතිවය.
පලමු ඇමතීම වින්ද්‍යා සේනාධීර වෙතය!
"ඇයි බං ආපු ගමන් කතා නොකලේ?"
මට උත්තර තිබුනේ නැත. මම හීන් කෙඳිරියක් ගෑවෙමි!
ටික දිනක් ගෙවීයද්දී එක් සවසක මාගේ පුතු නිවෙසට පැමිණියේ පණිවිඩයක්ද රැගෙනය.
"අන්න සේනාධීර අංකල් කථා කරලා කිව්වා තාත්තිව එහේ එවන්න කියලා. මට ලොකේශන් එකත් දාලා තියෙන්නේ!"
නියමිත දිනයේදී මා වින්ද්‍යාගේ නිවසට ලඟා උනෙමි.
නිවසේ සීනුව නාද කරණවාත් සමග දොර ඇරුනි. ඉන් එලියට පැමිණියේ අතිශයවූත් සුන්දරවූත් නිර්ව්‍යාජවූත් සිනහවකින් මුව සරසා ගත් කාන්තාවකි!
"ඔයා මංජුල වෙන්නෝන!?"
කිසිදාක මා නොදැක සිටි ඇය ඉතාමත් කුළුපග ලෙස මා පිළිගත්තීය.
"ඔ..ඔව්! මම තමයි!"
"අන්න වින්ද්‍යා ඉන්නවා ඔයා එනකල් බලාගෙන! යන්න!!" ඇය දොරකඩින් පසෙකට වී මා හට නිවසේ ඇතුලත පෑවාය.
ජගත් රාමනායක, ඉන්දික දෙල්පචිත්‍ර ආදීන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනාතර තුර තවත් සහෘදයෙක් එතැනට එක් විය.
" අම්මට සිරි උඹ? උඹ කොහෙද මෙහේ?" ඒ අන් කිසිවෙක් නොව ගල්කිස්සේ ආර් ජගත් කිත්සිරිය. සත්තකින්ම එතැන සිනා සාගරයක් මැවුනි. මා ආගන්තුකයෙක් උනු හෙයින් හෝ මාව බයිට් නොකිරීමටත් පාසල තුල මා හැඳින්වීමට භාවිතා කල අනවර්ථ නාමය භාවිතා නොකිරීමටත් ඔවුන් වග බලා ගැනීමට මෙන්න මගෙන් තුති!
රාමාගේ පැරණි මතක ගබඩාවේ රසමුසු තැන් පිළිබඳව මතක් කරණ විට තාමත් තනිවම හිනාය! දැනට ටැස්මේනියාවේ සිටින අපගේම පාසල් මිතුරකුගේ චර්යාවන් මේ කථාවල පදනම විය. රාමාගේ පුත් සුසුකි හී කසූකි (නම වැරදිනම් සමාවෙන්නෝන එකසිය ගානට!) ඇතුලු පිරිසක් පැය ගනනාවකින් එතැනට එක් වූ අතර පේස්ට්‍රි සහ වෙනත් කෙටි කෑම පිරුණු බඳුන් හිස්ව ගියේ අසුරු සැනිනි.
අප වෙන්ව යන විට දෙල්පෙගෙන් ලැබුනේ තවත් ආරාධනාවකි!
"මචං එන සතියෙ නෙවෙයි ඊලඟ සතියේ දවසක අපේ ගෙදර පොඩි පාටියක් උඹ එන්නෝන. කොල්ලයි කෙල්ලවයි දෙන්නත් එක්කං වරෙං ගිටාර් දෙකත් අරං!"
දිනය එළඹුනි. මමත් පුතාත් දුවත් දෙල්පෙලාගේ ගෙදරට සම්ප්‍රාප්ත විය. එතැන උළෙලකි! විදිලි සර පුවරුවක් වැයුනි. මා හටත් දුවටත් පුතාටත් ඉහල පිළිගැනීමක් විය. එතැනට ටිකෙන් ටික එක්වන පාසැල් මිතුරන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් හට මම මාගේ "ඇස් දෙක" හඳුන්වා දුන්නෙමි.
"දුවේ මේ අංකල් ප්ලේන් එකකින් බිමට වැටිලා තියෙනවා....!" මා සමන් ධම්මිකව දියණියට හඳුන්වා දුන්නේ එලෙසිනි.
"ඇත්තමද අංකල්. . . .?" ඇස් නළලේ රඳවා ගනිමින් දුව සමන්ට කිට්ටුවිය.
"බොරු පුතේ මූට පිස්සුනේ . . . ! වැටුනා තමයි. එතකොට ප්ලේන් එක තිබ්බේ බිම!"
🤣🤣🤣🤣🤣🤣🤣
ස්වල්ප වේලාවකින් එතැනට ගුරාද කඩා පාත් විය!
" උඹ කොහෙද බං මෙහේ . . !?" ගුරා සුපුරුදු කට අවදි කලේය.
කාලය ගත වෙද්දී මධුවිත අපව තව තවත් එකට එක් කලේය.
සමන් ධම්මික; එඩ්වර්ඩ් සර්ගේ හඬින් ගීත ඉදිරිපත් කලේය. දෙල්පෙද ගීත කීපයක් ගායනා කොට සාදය එකළු කලේය. වින්ද්‍යා සියල්ලන් අතර සිට සියල්ල එකට ජෙල් කලේය. නාවික හමුදාවේ සේනක හංවැල්ල රණවිරුවාද එතැනය. ඒ ගැනද ලිවිය යුතුමය. ඔහු ඕස්ට්‍රේලියාවට ඇවිත් තිබුනේ යාළු මිත්‍රාදීන් බලා කියාගෙන යාමටය!
මධුවිතෙන් හොඳින් සප්පායම් වන විට ඊළඟට අත්‍යාවශ්‍ය දේ වන්නේ සිගරට් ය. සිගරට් එකක් නැතිව ගන්නා මධුවිත උපමාකොට ඇත්තේ; දෙතොල් සිප නොගෙන කරනා රමණයටය! බොන එකාට ඇත්තේ ඊට අපූරු ඉවකි. මා නාසය උඩු සුළඟට එක් කොට ඉව කලේය. නිවසේ පසුපස කොටසේ සිට සිගරට් සුවඳක් (ගනං ගන්න එපා; ඒ අපට දැනෙනා හැටිය!) ගලා ආවේය. මා සීරුවෙන් රූටන දොර ඈත් මෑත් කර එතැනට කිට්ටු කලෙමි. ආරාධනයෙන් ගී යැයූ තට්ටයා එතැනය! "කව්ද අප්පා මූ? පුරුදු ඩෑල් එකක්!" මම මගෙන්ම අසා ගනිමින් එතැනට කිට්ටු උනෙමි
"අම්මට සිරි උඹ තබ්ල සම්පත් නේද?"
"ඔව්නෙ . . . . !"
මම වහාම වසිකට කතා කලෙමි.
"පුතේ මේ අංකල් තමයි
"අපේ කාලේ උදේ එසෙම්බ්ලි එකේදි "බැන්ද දජා . . " එකට තබ්ලා ගැහුවා කියලා මම කිව්වේ. තබ්ලා සම්පත්!
මම හදිස්සියට "බැන්ද ධජා එක" කිව්වේ අපේ පාසැල් ගීතයටය!
ඔය අතරේ ආර් ජගත් කිත්සිරි ත්‍යාග ප්‍රධානෝත්සවයද පැවැත්විය. ඒ ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට යෑමේ කණගාටුවට හෙවත් කනක් ඇහිලා ඉඳින්නට ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් විය යුතුය!!
එතැන සිට ආගිය කතා ගොන්නකි. දෙගොඩ හරි ජාමයේ වෙන් වූයේ නැවතත් නාලන්දා රාත්‍රියේදී හමුවන බලාපොරොත්තුවෙනි.
නාලන්දා රාත්‍රිය පිළිබඳ වෙනමම කථා කල යුතුය.
අවසර පත්‍ර 582 අලෙවි කල පසු; අලෙවිය නවතා දමා තිබුනි! ජගත් බන්ඩාර මෙල්බර්නයට මෙම අවස්ථාවට සහභාගී වන්නට පැමින සිටියේ සිඩ්නි සිටය!
ඒ මේ අල්ල පනල්ලේ ශිවන්කද හමුවිය. මාගේ බ්ලොග් කියවන අයට ශිවන්ක අළුත් කෙනෙකු නොවේ. 212. පැනි බේරෙණ කොම්පැනි කථා 5 පෝස්ටුවේ මෙන්ඩිස් ලොක්කාට අම්මා මුත්තා සිහිවෙන්න ගේම ඇද්දේ මේ ශිවන්කයාය.
පාසැල් රාත්‍රියේ 600 කට ආසන්න පිරිසක් වේග රිදමයට සම වැදී නර්ථනයේ යෙදෙද්දී මමත් ශිවන්කයාත් තබ්ලා සම්පතුත් රථ ගාලට පැමිණ කයිවාරුවක් ගැසුවෝය. ශිවන්ක ඔහු re-make කල ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක්ද මොබයිලයෙන් ප්‍රචාරය කොට පෙන්නුවේය.
සම්පත් ඔහු සංගීතවත් කල සුන්දර නොයිඳුල් ගීතයක් අපට අසන්නට ඉඩ කඩ සැලසුවේය. මම ඒ ගැන පොඩි ඉඟියක් දෙන්නම්. (පස්සෙන් පහු පොර ටෝකක් ඉශූ කරණ්නට පුළුවන්නේ; "ඔන්න අර සිංදුව!" කියලා) ඒක ලියැවී තිබුනේ විල්පත්තුවේදී ආදරය වෙනුවෙන් ජීවිතය කැප කල රන්මලී ව කැඩපතක් සේ යොදාගෙන ස්වර්ණා මල්ලවාඅරච්චි ගැන වගෙයි මතක! (සිහියෙන් ඉඳන් අහපුවායෑ?)
දැන් මේ සියල්ල අතීතය ය!
ලියන්නට නම් කාරණා එමට! ලියාගන්නට බැරි තරං මතක!
කොහොමද මේක අවසන් කරණ්නේ . . . .?
හරි මම මේ සිද්ධියන් කථාව නවත්වන්නම්
නාලන්දා රාත්‍රියට යන්නට පෙරදින කෝල් එකක් ගත්තා වින්ද්‍යාට පාසැල් කර පටියක් හෙවත් ටයි එකක් ඉල්ලා ගන්න.
නාලන්දා රාත්‍රියේදී එය මගේ අතට ලැබුනි.
ඒ ආදරණීය වදන් පෙලක් සමග!
"මේක මගෙන් උඹට! සමරුවක්!"
ද්‍රව්‍යමය දේවල් වලට වඩා උඹලාගේ ආගන්තුක සත්කාරය ලෙංගතු බව හිතේ යටටම ගිලා බැහැලා! නම් ලියන්නට නොහැකිවූ බොහෝ දෙනා ගැන ලියන්නම් වෙලාවක! ඒ වගේමයි වින්ද්‍යාගේ බිරිඳ නිල්මිණිගේ පටන් කිත්තගෙ පවුල සමන් දම්මිකගේ වයිෆ් ගුරාගේ නෝනා දෙල්පෙගේ පොම්බුලේ ඇතුලු සියල්ල ආදරයෙන් මතක් කරමි.
දෙල්පෙ උගෙ අනගිභවනීය පාටියේදී ආහාර පිළිගැන්වූ හැටි තාමත් මතකය!
"කාපං! මේවා ඔක්කොම මම ම හදපුවා!"
ඔය හැමදේම වගේම උඹලා බොහෝ දෙනෙක් මගෙන් අහපු පොදු පැණයක් හා කල ආදරණීය යෝජනාවක් තිබ්බා.
"උඹ කවද්ද මෙහාට එන්නේ? කොල්ලයි කෙල්ලයි දෙන්නම් මෙහේ ඉන්න හිංදා උඹත් මෙහාට වරෙංකො!"
ඒ සියල්ල මතකය. ඒ සියල්ලටම දුන් පොදු පිළිතුර ලියා නවතින්නම්.
"බලමු!"
මොනවා උනත් උඹලා හොඳම හොඳ එවුන් ය!
ජයවේවා!
Wow, interesting. Needless to say, Vindaya is always there for any Nalandian, he and Atta came to see me in CBD, when they heard me I was in Melbourne. Thanks for the post Manjula, enjoyed reading it thoroughly!
ReplyDeleteස්තූතියි! ඔබගේ නමත් යටින් ලිව්වානම් තවත් විචිත්‍රයි!
Deleteමත්පැන් දුම්වැටි නැති අප නිවසේ සතුට සදා කල් ඉතිරේ.
ReplyDelete"නා නා රූප නා නා සංඥා!"
Deleteකුමාර් ගුණරත්නම් සිය දරුවන් සමග ඔස්ට්‍රේලියාවේ සැප විදිනකොට, කුමාර්ගේ ඉගෙනුම් බහට අරගල කරපු වසන්ත මුදලිගේ තාම හිරේ දුක් විදින එක මතක් උනා. කීවාට තරහ වෙන්න එපා තට්ටයා මහතා, ඔබත් කරේ ශ්‍රී ලංකාවේ වෙසෙන තරුණ තරුණියන් බිල්ලට දීම තමයි. තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් තරුණ තරුණියන් බිල්ලට දීම ජෙවිපේ, පෙරටුගාමී නායකයන්ගේ සිරිත නොවැ. එසේ නැතිනම් ඔවුන් කොහොමද යුරෝපේ/ ඇමරිකාවේ, නවසීලන්තයේ, ඔස්ට්‍රේලියාව වගේ රට වලට සිය දරු පවුල යවා සැප විදින්නේ.
ReplyDeleteමේ ගැන කොහොම ලියන්නද කියලා හිතා ගැනීමට අපහසුය!
Delete1. ජවිපෙ වූ පමණින් ඔවුන්ගේ දරුවන්හට විදේශ ආධ්‍යාපනයක් ලැබීමේ අයිතියක් නැද්ද?
2. ජවිපෙ හෝ එසේ නොවන කෙනෙක් තම දරුවන් විදේශ රටකට යවන්නේ මෙරට අධ්‍යාපන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නොමැති බව නිසා නොවේද?
3. තම දරුවන් විදේශ ගත කිරීමෙන් පසුව; මාගේ දරුවන් ගොඩ! ඒ නිසා අනිත් එවුංට හෙන ගැහුවත් අවුලක් නැත!!" කියා නොසිට; මෙරට තුල වඩාත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමට ක්‍රියා කිරීම වරදක්ද?
4. ඔබ පවසන ලෙසට මන්දපෝෂනයට එරෙහිව සටන් කිරීම; තුන් වේල කන එවුංට අකැපද?
ප්‍රිය මිතුරන් ඇසුර දිව සැපතට සමය
ReplyDeleteඒ සැප ලැබෙන පින ඇත්තේ ටිකකටය!
ස්තූතියි!
DeleteJAYAWEWAA,
ReplyDeleteEla!
Deleteබලමු
ReplyDeleteහ්ම්ම්! හ්ම්ම්!!
Deleteබලමු
ReplyDeleteහ්ම්ම්! හ්ම්ම්!!
Deleteඅපිත් පුල් ට්‍රය් එක දෙන්නේ මේ ඉල්ලන්කාවෙන් පැනගන්නයි ....
ReplyDeleteඑකෙන්ම ! ඊට නොමසුරු උපදේශනය!!
ReplyDeleteසමන් ධම්මික කියන්නේ එයා ලංකා හිටපු එක්කෙනා ද?
ReplyDelete