මුලතිව් සිට පේදුරුතුඩුව, කන්කසන්තුරය හරහා යාපනයට.
244. මව්බිම වටා සයිකලයෙන් . . . 8
2022/04/16
මුලතිව් නගරයෙදී හමුවූ මිතුරු මිතුරියන් නොවන්නට එම සැඳෑව මහ පාළු එකක් වීමට බොහෝ ඉඩ තිබිනි. මන්ද සිංහල දෙමළ අළුත් අවුරුද්ද විසින් මුලතිව් නගරයේ ක්‍රියාකාරීත්වය නොහොත් ජවය මුළුමණින්ම නිවා දමා තිබුනි.
මුලතිව් නගරය කීවාට එහි බස් නැවතුම් පොලක් හෝ හරියාකාරව තිබුනේ නැත. එසෙම කෑමට හරියමං කඩයක් තිබුනේ නැත්තේ එදින මත වැටී තිබුනු සිංහල-දෙමළ අළුත් අවුරුද්දේ සෙවනැල්ල නිසාදෝ සිතා ගැනීමට නොහැකිය.
අප නගරයට ලඟා වන විට යාන්තම් සවස් වන්නට පටන් ගත්තා පමණි. පස්වරු 2.30 වන විට අප මුලතිව් නගරයට ගොඩ බැස නවාතැනක්ද සොයාගෙන අවසන් වී තිබුනි. මුළු මහත් නගරයම මහත්වූ පාළු බවකින් යුක්ත විය. නගරයේ මං මාවත් ජන ශූන්‍යව පැවතිනි.
එදින අප නැවතුනු නවාතැන් පොලේ අයිති කරු පසුදින උදයේම නැගිට අපව එළියට දමා ගේට්ටු වසා දැම්මේය! (මම ලිව්වා හරි මදිද මන්දා!) නවාතැන්පොලේ අයිති කරු අපට පිටවන්නට ගේට්ටුව ඇර දුන්නේය! (පසුව වසා දැම්මේ ය!) මුලතිව් සිට යාපන අර්දධ්වීපයට ඇතුළුවීමෙන් පසුව දැඩි හිරු රශ්මියකට මුහුණ දෙන්නට සිදුවෙතැයි අප බලා පොරොත්තු වුනෙමු. ඒ නිසාම අප පිටත් වුනේ තරමක උදෑසණින්ය. වෙනදා අප පිටත් වන්නේ උදේ 6 කණිසමට වන අතර අද අප පැයකට ප්‍රථම පිටත් වුනෙමු. පාරක් තොටක් නියමාකාරයෙන් නොපෙනෙන එම වෙලාවේ ඉව පාරේ අප ගමන් කලෙමු.
අවට තැනින් තැන බල්ලන් බුරා වැටෙද්දී අප පාරේ මැදින් ගමන් ගත්තෙමු. රෑ කළුවරේ ගමන් වලදී පාරේ මැද්දට වන්නට ගමන් කල යුතුයැයි කවුරුන් හෝ මා හා පවසා ඇත. ඒ පාර අයිනේ වලවල් හා සතුන් ගැවසී ඉන්නට හේතු විය හැකි බැවිනි. මාගේ විදුලි පහන මා ගෙනාවේ නැත. ඊට ප්‍රධාන හේතුව අප රාත්‍රියේ හෝ මහ පාන්දර ගමන් නොකිරීමට සිතා සිටි බැවිනි. තවත් කරුණක් වූයේ ප්‍රශස්ථ මට්ටමක සයිකල් ලයිට් එකක් මා හෝ හෙඩ් ටොර්ච් එකක් හෙවත් නලලේ පළඳනා විදුලි පහනක් මා සතුව නොමැතිවීමය. "හොඳ" එකක් ගන්නට බලාගෙන සිටි මා හට මුකුත්ම ගෙන ඒමට නොහැකිවිය. (හොඳම ඒවා ලබා ගන්නා බලාගෙන ඉන්නා කාට කාටත් මේවා හොඳ පාඩම්ය!) නිශාන් සතුව විදුලි පන්දමක් හෙවත් සයිකල් ලයිට් එකක් තිබුනි. එහෙත් එහි එළිය පිළිබඳව එතරම් සෑහිමකට නොහැක. කොහොමටත් ඔහු පහනක් ගෙනවිත් තිබුනේ මාව සෑහීමකට පත් කිරීමට නොව ඔහුගේ ගමන් පහසුව වෙනුවෙන් බව මෙහිලා මතක් කරණු කැමැත්තෙමි.
ඒ කෙසේවෙතත් අනුන්ගේ විදුලි පන්දම් එළියෙන් ගමනක් යන්නට වීම තරම් අභාග්‍යයක් තවත් නොමැත. (අත්දැකීම් නොමැති අය; අත්දැකීම් ඇති අය සමග සාකච්ඡා කොට කරුණු එකතු කර ගන්න! )
අඳුරේ "අත පත" ගාමින්; අප අන්ධ භූත ජාතකය රඟදක්වමින් විනාඩි 30 ක පමණ කාලයක් ගමන් ගනිද්දී යාන්තමින් එළිය වැටෙන්නට විය. එවෙලේ එළිය නොවැටුනා නම් අප වතුරට වැටෙන්නටද ඉඩ තිබුනි. අප කළපුවක් අද්දරය. එම ජල තලය මතින් ඇදුනු මගක් විය. එවන් මං පෙත් යාපනය අවට කිහිපයක් මා දැක ඇත. මාගේ මතකය නිවැරදිනම් කයිට්ස් වැනි කුඩා දූපත් වලට යාපනයේ සිට ඇති මෙවන් මං පෙත් Causeway යන නමින් හැඳින් වේ. මේවා හැඳින්වීමට සිහල බසින් ඇති නම කුමක්දැයි මා නොදන්නා මුත් මෙම ස්ථානයේ සවිකොට තිබුනු පුවරුවේ එය "දිය පැන්නුම" යන සුන්දර නමින් එයට ආමන්ත්‍රණය කොට තිබුනි.
අපගේ පලාත් වල පිහිටි කෙත් යාය යන් හා මාර්ගය වෙන් කෙරෙණ කුඩා ඇළ හරහා ට්‍රැක්ටර් ගෙනයාම සඳහා සකසා ඇති කුඩා කොන්ක්‍රීට් ලෑල්ලහෝ වෙනයම් උපක්‍රමය, ඉඳිකිරීම හැඳින්වෙන්නේ "ට්‍රැක්ටර් පැන්නුම" නමිනි. ජාති අං තර ගොවියෙකුවූ මාගේ ආදරණීය පාඨක තිළිණ ප්‍රියසාද් මේ පිළිබඳව වඩාත් වැඩි විස්තරයක් දක්වනු ඇතැයි සිතමි.
මා කලින් සඳහන් කල මං පෙත මතින් එතෙරට ගිය අප හට එහිවූ විශේෂිත පුවරුවක් දිස් විය. මේ පහතින් දැක්වෙන්නේ එයයි.
5.32am
"දිගින් මීටර 430ක්ද පළලින් මීටර 5ක් පමණ වන මුලතිව් පුදුකුඩි ඉරිප්පු යා කෙරණ මෙම පිවිසුම් මාර්ගය පියර් කනු 110 කින් සමන්විතවේ. ඇ35 මාර්ගයේ ඉතා වැදගත් ස්ථානයක් වන මෙම සපත්තු පාලමේ කොටසක් ත්‍රස්ථවාදීන් විනාශ කොට යුධ හමුදාවට වඩ්ඩුවාකල් කලපුව තරණය කිරීමට දැඩි ලෙස බාධක පමුණුවන ලදී. ත්‍රස්ථවාදීන් එල්ල කල සියළු ප්‍රහාර මැඩ පවත්වමින් ඔවුන් විසින් රඳවා ගෙන සිටි සිවිල් වැසියන් 100000 ක පමණ පිරිසක් මුදවා ගැනීම 2009 මැයි 17 වන දින යුධ හමුදාව විසින් සිදුකරණ ලදී. ඒ වන විටත් මුළු කලපු ප්‍රදේශයම ජලයෙන් පිරී තිබුනත් සිවිල් වැසියන්ට මුවාවී පැමිණි ත්‍රස්ථවාදීන්ගේ ප්‍රහාර දැඩි වුවත් අප හමුදාවන්හි නිර්භීත සාමාජිකයින් දැඩි අදිෂ්ඨානය පෙරදැzරි කරගනිමින් මෙම ක්‍රියාන්විතය සිදුවූ ස්ථානය ලොව දෙවන වරට විශාලතම ප්‍රාණ ඇපකරුවන් ප්‍රමාණයක් මුදවාගත් ස්ථානය ලෙස හැඳින්විය හැක"
1
5.33am
දිය පැන්නුම දෙස ආපසු හැරී බැලීමක් . . . !
5.55 am
පසුගිය යුධ සමයේ අපට නිතර අසන්නට ලැබුනු මුල්ලිවයික්කාල්, පුදුකුඩු ඉරිප්පු, චලෙයි ප්‍රදෙශ වලට "උම්මා" දෙමින් ගමන් කරමින් වී සිටියෙමු. ඉන් සමහර උම්මා; සුළඟේ පාකර යැවූ Flying kisses ය! පසුගිය සෑම දිනෙකදීම අප ගමන ඇරඹූවේ කුස පුරා ආහාර ගෙනය. බොහෝ විට අපගේ ජාතික ආහාරය වූ බිත්තර රොටී ඊට අවශ්‍ය පරිසරය සැක්සුවේය. එහෙත් පෙරදින පවා දහවල් සිට නින්දේ පසුවූ මුලතිව් නගරයේ උදෑසන 5.00 කන්නට යමක් සොයා ගැනීමට නොහැකිවිය. තවත් පැයක් ඉක්බිතිව "චූන් පාන් මල්ලියෙක්" අප ඉදිරියේ ප්‍රාණිභූර්ථ විය. මේ අප විසින් ඔහුගේ මාලුපාන්, බිත්තර පාන් ආදිය සාහසික ලෙස අපයෝජනය කල අවස්ථාවය.
මේ ඉහලින් තිබෙන රූපයේ ඈතින් පෙනෙන්නේ කෝවිලක්. මේක තියෙන්නේ පුදුකුඩුඉරිප්පු වගුරු බිමක් මැද පිහිටුවා ඇති රණ විරු ස්මාරකය නුදුරේමය.අප එතැනට එන විට උදෑසන 6.12 යි. හිරු උදාව ඇරඹුනා විතරයි. මෙතැන විකාශය වෙනවා සුන්දර ගායනයක්. මාගේ දුකථනයේ එම ගායනයෙන් ඉතා කුඩා කොටසක හඬ ඇතත් එය බ්ලොගය මත පැල කිරීමට මා දන්නා තාක්ෂණයේ මද බව කරණ කොට ගෙන ඔබට සවන් දීමට නොහැකි වීම ගැන කණගාටුවෙමි.
මේ සියල්ල සේම ලක්බිම වටා ගමන් ගත් බොහෝ දෙනෙක්; විෂේශයෙන් සයිකල් කරුවන් මුලතිව් සිට යාපන අර්ද්ධ්වීපය වෙතට ඇතුළු වීමට තෝරාගෙන තිබුනේ පරන්තන් හරහා A9 මාර්ගයයි. එහෙත් ගමනේ පසු විපරමක යෙදෙන අද දවසේ මුලතිව් පසුකොට කිලෝමීටර 6.9 ක් උතුරු දෙසට පැමිණි පසු මුල්ලිවයික්කාල් හන්දියෙන් පරන්තන් දෙසට නො හැරී පුදුමාතලන් හරහා චුන්ඩිකුලම් වෙත පැමිණීමට මාර්ගයක් සිතියම් වල දක්වයි.
එහෙත් ගූගල් සිතියමේ මුලතිව් සිට චුන්ඩිකුලම් වෙතට පැමිණීමට ඇති මාර්ගය ලෙස දක්වන්නේ පරන්තන් හරහා යෙදෙන සාමාන්‍ය භාවිතාවේ ඇති මාර්ගයයි. සිතියමක් නොතිබීමෙන් මෙම මාර්ගය අප වෙතින් මග ඇරී ගියේය. එය එසේ වූවානම් පරන්තන් මග ඇර යාමන අර්දධ්වීපයට ලංකා දාරය දිගේ ඉහලට ඇදී ඉයාකච්චි වෙතට හෝ ඉයාකච්චිද මග ඇර මුලියාන් වෙතට යන්නට ලැබීමට ඉඩ තිබුනි. ගිය නුවණ ඇතුන් ලවා වත් බැරිය!
ගූගල් දෙයියන්ගේ සිතියම
8.27am
පරන්තන්! ඔව් අප දෙදෙනාම පරන්තන් නගරය සිසාරා යන දෙවන අවස්ථාව මෙය වේ. සත්තකින්ම පරන්තන් නගරයට පොඩි ඇල්මක් මා තුල පවතී. ඒ ඇයි දැයි ලියන්නට තබා කියාගන්නට වත් නොහැකි මිශ්‍ර හැඟීමකි. A9 මාර්ගයේ සයිකලයෙන් අප යාපනයට ආ ගමනේදී පවා පරන්තන් නගරයට පැමිණි මෙවැනිම වියළි උදෑසනකය. එදිනද; "අප යාපනය කිට්ටුවට ඇවිත්!" යන හැඟීම ඇති වූයේ පරන්තන් නගරයට පිවිසීමෙන් පසුය. එය වඩාත් තීව්‍ර වූයේ අලි මංකඩ පසුකරද්දීය.
අපගේ රටේ යුධ විරුවන් අතර මහත්වු අභිරුචියෙන් හා වීරාභිවන්දනයෙන් යුතුව පවසන නමක් අලිමංකඩ සමග බැඳී පවතී. ඒ 1966 සැප්තැම්බර් 6 උපත ලබා 1991 ජුලි 14 වනදින; තම සගයන්ගේ ජීවිත බේරා ගැනීම වස් ස්වකීය ජීවිත පූජාවෙන් යුතුව කටයුතු කල හසලක ගාමිණී කුලරත්න විරුවාගේ නමය!
අද දින වන විට දෙමළ ජනතාව වෙත ආදරයේ හස්තය දිගු කරණ අප ඊට සාපේක්ෂව යුද්ධය දෙස වෛරයෙන් බැලීමට පුරුදුව ඇත.
ශ්‍රී ලංකා ද්‍රවිඩ ප්‍රශ්ණය; වරක් ජෝන් කොතලාවල මන්නාරමට ගොස් කල ප්‍රකාශයක් මතම පදනම්ව පටන් ගත් එකක් නොව සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම සමග ඔවුන්ගේ අනන්‍යතාවය පළුදුවීම මත පදනම් වූවක් ලෙස මා දකිමි.
එසේම එම ගැටුම ඇරඹීමට සිංහලයින්ගේ ජාතිකත්වය මත පදනම්වූ "සිංහල - බෞද්ධ" චින්තනය හේතුවූවා යැයි මාහට සිතේ.
ජන වාර්ගික ගැටළුවේ ආරම්භය කෙසේ වුවද අවසානයේදී කොටි සංවිධානය සමග ගරිල්ලා යුද්ධයකට පැටළුනු පසු ඒ තුල සිටි සිහල හා දෙමළ බොහෝ විරුවන් පිළිබඳව ඉතිහාසයේ කොහේ හෝ ලියා පැවතිය යුතුයැයි මා සිතමි. මහ විරු සොහොන් කොත් නමින් විනාශ කරණ්නේ එම නාමාවලියේ එක් පිටකි. "සතුරාද විරුවාද - දරුවාය අම්මාට" කියන පාඨය කෙතරම් ආදරණීය හා සර්ව කාළීන කාලෝචිත කියමණක්දැයි සිතෙන්නේ මාහට පමණක්ද!
ලේ හැලුනු යුද්ධයේ ඇතිවී නැතිවී ගිය විරුවන් සියල්ල අපගේ ලක්බිමේ දරුවන්ය. ඔවුන්ගේ වීරත්වය පිළිබඳව අප සියල්ලන්හටම කුහකත්වයකින් තොරව මෙනෙහි කරණ්නටත් ආඩම්බරවන්නටත් හැකිවන දවසක් කිසිදිනෙක උදාවේද? සිතන්නටවත් බැරිය.
ගාමිණී කුලරත්න සේම දෙමළ විරුවන් සිටින්නට ඇති. උන්ද තම සගයන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරණ්ණට ඇති! අප දන්නා එකම විරුවා තිළීපන් පමණක් වීම කෙතරම් කණගාටුදායකද?
කුහක දේශපාලුවන් විසින් තමාගේ ගිණුමට; යුද ජයග්‍රහණය බැර කරගත් මොහොතේ පටන් ගාමිණී කුලරත්නලාද එම ගිණුමට බැර වීම මොනතරම් අපරාධයක්ද? එසේම සහෝදර ද්‍රවිඩයන් වෙත ආදරයේ හස්තය; ගාමිණී කුලරත්නලාට පිටුපා දිගුකිරීම කෙතරම් යුක්ති යුක්තවේද? සිතා බැලිය යුතුය!
මෙම යුධ ස්මාරකය නොහොත් යෝධ ඩෝසරය නැරඹීමට මා එහි ගිය අවස්ථාවක එතන සිටි තොරතුරු සපයන හමුදා සෙබලෙකු ගිරවෙකු ලෙස කියාගෙන ගියේ 1987 ජුනි 2 වන දින අරංතලාවේදී සිදුවූ භික්ෂු ඝාතනය වන අවස්ථාවේදී; බස් රියේ ආසනයක් යට රිංගා බේරුණු එවකට 21 වියේ පසුවූ සංඝයා වහන්සේ නමක් පසුව යුද්ධය වෙනුවෙන් උපැවදිවී හමුදාවට බැඳුණු බවත් ඒ වෙන කිසිවෙකුත් නොව හසලක ගාමිණී කුලරත්න බවත්ය! පංසිය පනස් ජාතක පොත පමණක් නොව මහාවංසයද අදහන සිංහයාගෙන් පැවත එන්නාවූ අපට එය සුපිරිම ජාතකයක් වන්නට බොහෝ සෙයින් ඉඩ ඇත!
අලිමංකඩ පසුකරණ හැම අවස්ථාවකදීම මාගේ මතකයට ෂානක රාජකරුණාව මතක් වීම සිදුවන්නේ නිරායාසයෙන්ය. ඒ වරක් ඔහුට; මා "අලි මංකඩක්" යැයි අලින් මාරුවන ස්ථානයක් පිළිබඳව සඳහන් කල අවස්ථාවක ඔහු එය තේරුම් ගත්තේ අලිමංකඩ ප්‍රදේශය ලෙසින්ය. අප ඊට බඩ අල්ලා සිනා සුනෙමු. ඔහු එවිට පැවසූ වැකිය මට අදද මතකය! "අලි මොකටද බං එළිෆන්ට් පාස් යන්නේ ලුනු කන්නද?"
යාපනය අර්දධ්වීපයට පිවිසෙන ප්‍රධාන මාර්ග දෙකකි. ඉන් එකක් A9 නුවර - යාපනය මාර්ගය වන අතර අනෙක් මාර්ගය වන්නේ A32 (නාවත්කුලි - කාරතිව් - මන්නාරම මාර්ගය හෙවත් සංගුප්පිඩි පාලම මතින් හා පුනරින් හරහා දිවෙන මාර්ගයයි.
පරන්තන් නගරයෙන් අලිමංකඩට ඇතුළුවී A9 මාර්ගය ඔස්සේ අප ඉයාකච්චි පසුකොට පුඩුකට්ටු හංදියට පැමිණියෙමු. පුඩුකට්ටු හංදියෙන් ඉදිරියට මාරගය ඉදිරියට දිවෙන්නේ යාපනයට A9 මාර්ගයයි. එතැනින් වමට බෙදෙන්නේ B402 (සොරණපත්තු - තලයාඩි ) මාර්ගයටයි.
තලයාඩි යනු යාපන අර්ද්ධ්වීපයේ සුන්දර වෙරළකි. තලයාඩි වලට මෙපිටින් මරුතන්කර්ණි හංදිය හමුවේ. B371 මාරගය පටන් ගන්නේ මරුතන්කර්ණි හංදියෙනි. එය පේදුරු තුඩුව දක්වා විහිදේ.
අප පේදුරුතුඩුව වෙත යෑම සඳහා තෝරා ගත්තේ මෙම මාර්ගයයි. එය දිවෙන්නේ වෙරළට සමාන්තරව වුවද වෙරළ නොපෙනේ. එහෙත් මාර්ගය වෙරළ ආශ්‍රිතව දිවෙන බව දැනෙන පරිසර ලක්ෂණ අතොරක් නැතිව පවතී. මාර්ගය හොඳ තත්වයක පවතින අතර එය සෘජු හා සමතලා පාරකි. අප හොඳ වේගයක් පවත්වාගෙන යමින් විය. මාර්ගය දිවුනේ ජනශූන්‍ය ප්‍රදේශයක් හරහා මෙන් මතකය. අවට කුඩා පොකුණු වල ජලය පිරී පැවතුනි. ජලාශ්‍රිතව හැදෙන ශාක ඒ අවට පැතිරී තිබුනි. පාරෙන් ඔබ්බේ සුමට වැලිතීරුවක් හා ඉන් ඉක්බිතිව සරුව වැඩුනු තනපත්ය. මා කුඩා කල නිවාඩුව ගතකිරීම සඳහා බෙන්තොට දෙද්දූව ලොකු අම්මලාගේ නිවසට ගිය විට ඒ අවට පරිසරය මෙලෙසින් දුටුවා මතකය. ලොකු අම්මලාගේ නිවසට මුහුද නොපෙණුනද මුහුදේ හෝ හෝව මනාව ඇසීමට නිහඬ රාත්‍රීන් ඉඩ සැලසුවේය.
මා උත්සාහ කලේ හැකි ඉක්මණින් පේදුරුතුඩුව බලා යෑමටය. යාපනයේ අව්ව යනු ගිණි ගොඩකි. ඉක්මණින් ඉරට මුවාවී මේ දුර ගෙවා යා යුතුවන්නේය. මේ වන විට පාර අතරින් පතරින් ගෙවල් ඇති ප්‍රදේශයකට වැටී ඇත. බොහෝ නිවාස තල් අතු, පොල් අතු හෝ ටකරමකින් ආවරණ්ය කොට තිබුනි. ඒ මාර්ගයේ ගමන් කරණ්නෙකු හට නිවාසය ඇතුලත නොපෙනෙන්නට විය යුතුය. මන්ද සමහර ආවරණ මගින් වැසී තිබුනේ පොලොවෙන් අඩි දෙකක සිට අඩි හතරක පහක සීමාවක් පමණි.
මෙසේ වේගයෙන් යනාතරතුර නිශාන්තරමක් පසු විය. ඒ පිළිබඳව සොයා බැලීමේදී සයිකලයේ පිටිපස ටයරයෙන් හුළං බැසීම ඇරඹී තිබුනි. සිතා සිටි පරිදි සියල්ල සිදුවන්නෙස් නැත! තවත් ඉදිරියට ගමන් ගණිමින් වින්කලයක් පිළිබඳ සොයා බැලූ මුත් එවැන්නක් එහි නොවීය. අප ඒ අසල වූ කිමිදුම් සිලින්ඩර සඳහා වාතය පුරවමින් සිටි ස්ථානයකින් ඒ පිළිබඳව විමසා බැලූවද ඔවුනට හුළං පුරවා දිය හැකි බව පැවසූවද වින්කලයක හෝඩුවාවක් කියන්නට නොදැන සිටියෝය. අතරමගදී සිදුවිය හැකි මෙවන් කුඩා අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය උපකරණ අමුද්‍රව්‍ය හා අංගෝපාංග මල්ලක් අප ගෙන ගියෙමු. මා සයිකලය පාර අයිනේ නවතා ටියුබය යතා තත්වයට මත්කලෙමි. කිමිදුම් හුලං පුරවන්නන් සයිකල් ටයරටද හුළං පුරවා දුන්නෝය.
මා කලින් පැවසුවාසේ B371 මාරගය පේදුරු තුඩුව දක්වා විහිදුනත් එය ගමන් කරණ්නේ මුහුද අද්දරින් නොව අර්ද්ධ්වීපය හරහාය. ඉහළ ඡායාරූපයේ දැක්වෙන මංසන්ධියෙන්; මුහුද අද්දරින් දිවෙන පාරක් ඇරඹෙයි. එය B370 එය පේදුරුතුඩුව නැගෙණහිර වෙරළබඩ මාරගය ලෙස සළකුණු කොට ඇත. අප මෙතැනින් ඒ මාරගයට එනම්දකුණුපස මාරගයට පිවිස පැදීම ඇරඹූවෙමු.
ස්ථානය නිවැරදිව කියන්නට නොදන්නා එහෙත් තුම්පලානි ගම ආසන්නයේ කුඩා පෞරාණික අම්බලමක් පවතී. මෙම අම්බලම පිළිබඳව එහි සවිකොට ඇති පුවරුවේ ඇති විස්තර කියවා බැලූ කල මා විශ්මයට පත් වුනෙමි. ඔබම එය කියව බලන්න.
පේදුරුතුඩුව ප්‍රදීපාගාරය.
ලක් දිව උතුරු කොන!
පේදුරුතුඩුව
මෙතැනින් පේදුරුතුඩුව ප්‍රදීපාගාරය දෙසට පෙනෙන්නේ අප ගෙවා ආ B370 මාර්ගයයි. වමට විහිදෙන්නේ AB21 (යාපනය - පොන්නලයි - පේදුරුතුඩුව) මාර්ගයයි. යාපනය දෙසින් එන AB20 (යාපනය - පේදුරුතුඩුව ) මාර්ගයයි. මෙම පිංතූරයේ වම්පස පහත කෙළවරින් එම මාර්ගය මෙම ස්ථානයට එක්වේ. පෙදුරුතුඩුව නගරය දක්නට ලැබෙන්නේ මෙම මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය අවස්ථාවේදීය. ලක්දිවේ ඉහළ කෙළවරට පැමිණි සතුට සැමරීමට අප එම නගරය දෙසට ඇදුනෙමු.
කොත්තුවක් යැයි හඳුන්වාදුන් ආහාරයක් භුක්ති විඳීමෙන් අනතුරුව නැවතත් අප පෙදුරුතුඩුවේ මුදුනට පැමිණ AB21 (යාපනය - පොන්නලයි - පේදුරුතුඩුව) ඔස්සේ ගමන් ඇරඹීමු. මාගේ මතකය නිවැරදි නම්; මෙම මංපෙත තැනින් තැන කැඩී බිඳී ගිය මගකි. එය වසර 25කින් වත් නඩත්තු කල බවක් පෙනෙන්නේ නැත. බොහෝ සයිකල් කරුවන් හා සයිකල් ඉසව් පවත්වද්දී මෙම; වෙරළ අද්දරින් ඇදුනු මාර්ගය අමතක කර දමන්නේ මෙම මාරගයේ ස්වභාවය නිසාමය. ඒ අසල බොහෝ ජීවත්වන්නේ ධීවර පවුල් විය. ඉතා දිළිඳු පවුල් කුඩා පැල්පත් මග දෙපස විය. මුහුද ඇත්තේ දකුණු පසින්ය. වම් පසින් හුනු පිරියම් කල නිවාස අතරින් පතර විය.
AB 021
තවත් කිලෝ මීටර ගනනක් ඉදිරියට ගමන් ගනිද්දී නිශාන්ගේ සයිකලය නැවතත් හුළං බැසීමකට භාජනය විය. එතැන සිට ඉදිරියට ගමන් කිරීමේදී අසලින් ගමන්ගත් ද්‍රවිඩ දියණියක අපට පාර කිව්වායැයි යාන්තම් මතකය. කුඩා පිරිමි දරුවෙකු වුනාදැයි පැහැදිලි මතකයක් නොමැත! කෙසේ හෝ ඉතා ආසන්නයේදී හරස් පාරක වූ කුඩා වින්කලයක් හමුවිය.
එතැන සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු අපට උදව් කලා මතකය. නිශාන්ගේ සයිකලය අළුත්වඩියා කරණාතර තුර පාරෙන් ඉදිරිපස පිහිටි මෝටර් සයිකල් සේවා ස්ථානයකින් මා මගේ ගමන් සගයට උපරිම සාත්තුවක් ලබා දුන්නේය. ඊට ලබා ගත්තේද ඉතාම සුළු මුදලකි. පසුව නිශාන්ගේ සයිකලයද පවිත්‍ර කොටගෙන අප එතැනින් පිටත් උනෙමු.
කුඩා වින්කලය සහ සේවා ස්ථානය!
කන්කසන්තුරය පිළිබඳව ලියන්නට මා වෙහෙස නොවෙමි. පහලින් අමුනා ඇති ඡායාරූප බලන්න. සත්තකින්ම රමණීය පෙදෙසකි. ඊට ආසන්නයේ වැසි වැටී මුළු පලාතම හරිත පැහැයෙන් ඔක්ඳව ගොස්ය. දැඩි අව් කාෂ්ඨකයක් බලාපොරොත්තුව; කන්කසන්තුරයට පැමිණි අපට දක්නට ලැබුනේ ඉතාමත් චමත්කාර ජනක දසුන් පෙළකි. අසල නවතා තිබූ දුම් රිය, දුම් රිය ස්ථානය, රජයේ මහේෂ්ක්‍යයන්හට සකසා තිබූ නිකේතන ආදී දෙයින් කන්කසන්තුරය සුන්දර නගරයක් වී තිබුනි.
තවත් පැය එක හමාරක් ගෙවෙන තැන අප යාමනයට ළඟා වී සිටියෙමු. යපනයේ නගර පිවිසුමේ සිටි ත්‍රී රෝද රථ රියැදුරෙකුගෙන් කල විමසීමකට අනුව අප; නවාතැන් පොලකට ගිය අතර එය හුදෙක් ගුහාවක්ම විය!
එතැනින් නික්මී පසුදින ගමන් කිරීමට ඇති ගමන් මාර්ගය වන A32 පටන් ගන්නේ A9 මාර්ගයේ ටිකදුරක් ගමන් ගත් පසුවය. ඒනිසාම රාත්‍රිය ගත කිරීම සඳහා අප වෙනත් ස්ථානයක් සොයා ගැනීම සඳහා A9 මාරගයේ විපරම් කලෙමු. අපගේ අරමුණ සඵල කරමින් පාලුවට ගිය; යෝධ කාමර සහිත නවාතැන් පොලක් හමුවිය. එහෙත් එහි නාන කාමරය අඳුරු ගුහාවක්ම විය! මදුරුවන් ගහණය! කොටින්ම අප නවාතැන් ගත් අප්‍රසන්නම තැන එතැන විය. සුවපහසු කාමරයක් හා ඇඳ ඇතිරිලි පැවතුනද රාත්‍රියේ බොහෝ වේලාවක් යන තුරු නින්ද නම් නොආවේය! වසික ලංකාවට ගොඩ බැසය. ඉක්මණින් ගෙදර යා යුතුය.
නින්ද අඩු කම කරණ කොටගෙන හෙට දින හිසේ කැක්කුමකට මුහුණ දෙන්නට වේදෝයි සිතමින් කණස්සලු ව්න නිසාම නින්ද තව තවත් ඈතට ගියේය. ඒ සමගම මතක් වූයේ "අද දවසේ ආතල් කෝටියකි!" කියා නවතා දැමූ කයි කතන්දරය ලෙහීමට අමතක වූ බවකි. නිශාන්ගේ සයිකලය අපගේ ගමන දෙවරක් මග හිට්ටෙව්වේය! ඒ සියල්ල අවසන් වී දෙකට දෙවාරණේ කන්කසන්තුරය වෙත අප පැද එද්දී අසල කුඩා කඩයක් විය. කඩයක් කීවාට නිවසක ඉදිරිපස; නිවසේම කොටසක පවත්වාගෙන යනු ලැබූ කුඩා ග්‍රොසරියකි. එතැනින් ක්‍රීම් සෝඩා හෝ වෙනත් මොනවාදෝ පැණි බීම දෙකක් බී අප කිලෝමීටර 5ක් පමණ ගමන් ගත් පසු නිශාන්කටහඬ අවධි කලේය!
"අම්මට සිරි! අර කඩේ මගේ හෙල්මට් ඒක!"
" @#$%^&&*()O& . . . . . . !
මට කියැවුනේ මොනවාදැයි කියා මතක නැත!
"අයියේ ඔයා හිමීට යන්න! මම ගිහිං එන්නං! " නිශාන් පරාර්ථකාමී යෝජනාවක් ගෙන ආවේය. මා තවත් මීටර 500ක් පමණ දුරින් වූ තවත් කඩයක පිලේ නැවතී "ජාල ගතව එකාත්මික" වුනෙමි!
තවත් පැයකින් පමණ පසු නිශාන් හතිං මුනිං දාගෙන පැදගෙන එනු මාහට දිස්විය.
මෙවන් සිදුවීම්; මෙවන් ගමන් වලට ගෙන එන්නේ ආතල් කෝටි ගණනිනි!
මව්බිමේ විරුවෝ සැමදා
ReplyDeleteලේ හැලුවේ
අපේ නමින්
"විරුවා" යන්න සාපේක්ෂ ප්‍රකාශයකි. හසලක ගාමිණී වාගේම ද්‍රවිඩ ජාතිකයින් වෙනුවෙන් දිවිදුන් විරුවන්ද සිටිය හැක!
Delete//සමහර වෙලාවට ඔය ස්පිල් එක උඩින් වාහන එහෙම යන්ට පුලුවන් විදිහට පළල්වට හදනව. එහෙම වාහන යන්ට කළුගලෙන් බැඳල හරි කොන්ක්‍රීට් දාල හරි හදන නිර්මිතයට කියන්නෙ Causeway කියල. සිංහලෙන් සපත්තු පාලම ..සමහර ඔය ඌව පළාතෙ වගෙ ඒකට ගිණිපෙට්ටි පාළම කියලත් කියනව.ඔය සපත්තු පාළං බහුලව හම්බවෙනව නැගෙනහිර පළාතෙ සහ ඌව පළාතෙ.පාර හරහා යන පොඩි ඇළක් වගෙ දියපාරකට, සාමාන්‍ය ක්‍රමේට පාළමක් ඉදිනොකර ඇළ මට්ටමට පාර පහත් කරල සපත්තු පාලමක් හදනව. වැහි කාලෙට පාර උඩින් වතුර යන්නෙ. වාහන වතුර පාර හරහ ගිහිල්ල එගොඩ වෙන්ට ඕන. පයින් යන මිනිස්සුන්ට සපත්තු ගලවල කලිසම් සාරි නවාගෙන අනික් පැත්තට යන්ට වෙනව. ඔව්වට සපත්තු පාළංය කියල කියන්නෙ ඔය හින්දවත්ද අනේ මන්ද... //
ReplyDeleteමාගල් රවි අයිය ඔය කොස්වේ පේන්ට් ගැන කියල තියෙන්නෙ ඔන්න ඔහොමයි.
ස්තූතියි ප්‍රසන්න! සපත්තු පාලම් වල එක් කාලයකට වතුර උඩින් ගලනවා නොවැ. එහෙත් මේවා සදාකලිකවම වතුරෙන් උඩ තියනවා කියලයි මම නං හිතන්නේ! හැබැයි වඩ දිය බාදිය එද්දී මේවා යටවෙනවාද කියන්න දන්නේ නෑ. මේකට උත්ත්‍ර දෙන්න පුළුවන් කෙනෙක් උන්නා කළ්‍යාණ මිත්‍ර කියලා. උන්නැහැ දැං නමත් මාරු කොරං!
Deletehttps://www.lawinsider.com/dictionary/causeway
Deleteස්තූතියි!
Deleteමොනව උනත් අදත් විස්තරේ රසවත්.
ReplyDeleteඅර කිවුව වගේ යුද්ධයෙදි සිංහල වීරයො ඉන්නව වගේම දෙමළ වීරයොත් ඇති. ඒ දෙගොල්ලන්ටම සමාන සැලකුම් ලබන්න ඉඩ දෙන එක තමයි හොඳම.
ඔව් මම ඒ ගැන කණගාටුවෙන කෙනෙක්!
Deleteඔබගේ ලිපිපෙළ ඉතා ආසාවෙන් කියවනවා. කොහොම උනත් මෙලෙස වෙහෙස මහන්සි වී මෙම සංචාරයේ යෙදෙනා ඔබ සමබල ආහාර වේලක් ගත්තා නං හොදයි කියාත් හිතුනා. ඒත් ඉතින් මේ වගේ දීර්ඝ ගමන් වලදී ඒවා හොයන්නත් බැහැනේ. ඔබම කියා ඇති පරිදි ඇතැම් නගර වලදී ආහාර සොයා ගැනීමත් ගැටළුවක්.
ReplyDeleteපින්තුර සහිත සටහන ඉතාම නිරවුල්. උතුරේ ජනතාවගේ ආහාර පාන වල පින්තුර තිබේ නං ඉදිරි සටහන් වලදී ඇතුලත් කරන්න.
උතුරට පමණක් සුවිශේෂවූ ආහාර නම් අපි ගත්තේ නෑ. ඒ වගේමයි පළමු වර යාපනේට ආ අවස්ථාවේදී වගේ පෝෂණය පිළිබඳව අපි ඒතරම් උනන්දු උනේ නෑ. මං හිතන්නේ මධුෂාන් නැති අඩුව වෙන්න ඕනේ!
Deleteගුගොල් දෙය්යෝ සමහර වෙලාවට වැඩ අල කරනවා, මැප් එක විටින් විට බලන්න ඕන.
ReplyDeleteයුද්දයෙන් පසු හමුදාවට බැදුන අය ගැන අනුකම්පා කරන්න, කොබ්බැකඩුව එක්ක මරුන මගේ බැචාගේ ෆොටෝ එකක් ලොකුවට ගහලා තියෙනවා ඔය තැන, මම ඔය සෙබළ ගිරවගෙන් ඇහුවා මේ කව්ද කියලා, පොර කිව්වා දන්නේ නැ කියලා.
ඊළඟ ගමනට මම ටයර් ටියුබ් රීම් ටිකක් අරන් මොටෝ බ්යික් එකකින් එන්නම්
පොස්ට් කාර්ඩ් එකක් දාල හුවක් කිව්වේ නැතෙයි?
ෆොටෝ ටික නම් මාරු
මම විජේබාහු
ඔව් විජේභාහු මහත්තයා අපිට සිතියමක් ගෙනියන්න බැරි උනු එකනම් විශාල පාඩුවක්.
ReplyDeleteමට ඇත්තටම නිවැරදිව කියන්න දන්නේ නෑ හසලක ගාමිනී යනු අරන්තලාවේදී බේරී උපැවිදිව හමුදාවට බැඳුණු කෙනෙක් නොවේමැයි කියා! නමුත් ඔය ජාතකේ එළියට ආවේ මේ ලඟකදි ඉඳලා කියලා නම් අම්බානක ශුවර්! ඒ නිසාම මට හිතෙනවා අර කාලෙකට ඉස්සෙල්ලා මේරටේ පැතිරී ගිය හා පතුරවනු ලැබූ; "යක්ඛ පුත්තු", "සිංහ ලේ", "රාවණා", "එලොවින් ආ නාගයා", "බුදුන්ගේ නෑදෑ කම" වගේම මොඩලයේ ලාභ ඉපැදවීමට ඇරපු සිල්ලර කඩයක් දෝ කියලා! මේ කථාවටත් ඔය ඉහළින් කිව්ව ඒවාට වගේම උත්පත්තියක් තිබුනාට ජාතකයක් නෑ! නමුත් මම නං මොහොතකටවත් හිතන්නේ නෑ ඒක ඒ "ගිරවාගේ" කථාවක් කියලා. ඕක ඔතන පාලනය කරණ එවුං "ගිරවාට" කට පාඩං කරවපු එකක් කියලයි මම නං හිතෙන්නේ.
ආ! ටයර් ටියුබ් අරං එන වැඩේ නං හොඳ දෙයක්ම තමයි!
අනේ අපිට අමතක උනා ඔය පෝස්ට් කාර්ඩ් වැඩේ නං කරණ්න!
ස්තූතියි හැමදාම වාගේම ඇවිත් ගියාට.
මම ඔහේට ඇවිල්ලත් හමු උනු එකක්යෑ!?
පේදුරු තුඩුවේ පියර් කොටේ (දිගින් අඩු කුඩා ජැටිය) පොටොව දැක්කාම අවුරුදු 22 එහා අතීතයේදි බත්තල් වලට බාපු සිමෙන්ති කොට්ටවල් උඩ හිට්ගෙන ඇවිත් නේවි සෙබලෙකුගේ ආරක්ෂාව ඇතිව නගරේ සැරිසරපු හැටි මතක් උනා. ලිටර් 10 කෑන් එකක් අරන් ඇවිත් නේවි එකට සල්ලී දිලා තල් රා ගේනකම් සෙබලු එක්ක කැරම් ගැහුව කාලයකුත් ඔය පේදුරු තුඩුවේ තිබුනා. අපරාදේ තට්ට මහතැන් තල් රා වීදුරුවක් බීලා පැතිලි වඩයක් හපලා නෑ නොවැ.
ReplyDeleteඅසංග; තල් රා ටිකක් බොන්න බැරි උනු එක නං ලොකු අඩුවක් තමයි. මගේ පොඩි; පොඩි කිව්වට ලොකු වරදක් තියෙනවා මේ වගේ ගමන් යනකොට මම කලබලයි! ඒ නිසා මා එක්ක යන එකාටයි මටයි දෙන්නටම වෙන්නේ; භාරයක් ඔප්පු කරණ්න වගේ යන්න තමයි. ජීවිතේ කවදා හරි දවසක ආයෙමත් ඔය ගමන යන්න ගියොත් නම් ඔය වගේ අත ඇරුණු දේවල් බොහොමයක් තියෙනවා අල්ලා ගන්න. ස්තූතියි ඇවිත් බැහැ දැකලා නැවතිලා දොඩමළු වූවාට!
Deleteයාපනේ සංචාරයක යද්දී, අපේ හිතවතුන් කට්ටියක් තල් රා බොන්න පාර අයිනේ තිබ්බ තැබෑරුමකට ගියා. මාත් පස්සෙන් වැටුණා.
Deleteවීදුරු තුන හතරයි එතැන තිබ්බේ. සෙනඟත් හිටියා. අපේ අයත් පෝලිමේ හිටියා. එක්කෙනෙක් වීදුරුව හිස් කරලා දෙනකොටම තැබෑරුමේ කෙනෙක් ඒ වීදුරුව 'ජබොස්' කියල එතැනම තිබ්බ වතුර භාජනයක ඔබල - යන්තං ගසලා ඒකට රා වත්කරලා දුන්නා.
දිගටම කෙරුණේ ඒක.
අර වතුර භාජනේ තමා වැඩේ. ඒක හදාගෙන තිබුනේ බැරල් එකක් දෙකට කපලා අරං. ඒකෙ තිබ්බ වතුර තනිකරම රා වෙලා තිබ්බේ- රා වීදුරු හේදිලාම!
රා අරක්කු බොන එවුං දෙකක් දා ගත්තාම හිත හොඳ වෙලා ඕවා ගනං ගන්නේ නෑ! ඕකට හොඳ කථාවක් තියෙනවා. හමුවුනු වෙලාවක කියන්නම්!
DeleteObathuma ge charika satahan ithama rasawath.
ReplyDeleteRathnapala
රත්නපාල මහත්තයා: බොහොමත්ම ස්තූතියි අගය කිරීමට!
Deleteතෙරුවන් සරණයි ඔයාට
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! මේ කවුරුන්ද කීවානම්!?
Deleteකොත්තු කමින් බියර් බොමින් මෙලෙස චාරිකාවක යන්න ආසයි මාත්. ඇයි රමණය. කොයිතරම් ප්‍රීතිමත්ද.
ReplyDeleteඔව් ඒ සියල්ල කැටිවූවා නම් තවත් රසවත් වන්නට ඉඩ තිබුනා!
Deleteමේ පොස්ටු කියවූ මට මට පහත ප්‍රශ්න ටික අවා. උත්තරයක් දෙන්නකෝ අයිබෝන්.
ReplyDeleteගමන සදහා සම්පුර්ණ දින කීයක් ගත උනාද ඔබතුමාට? ගමනේ මුළු කිලෝමීටර් ගණන කීයද? වියදම කීයක් ගියාද? ශ්‍රී ලංකා පාපැදි සංගමයෙන් මේ සදහා අවසර ගත්තේ කොහොමද? ඔවුන්ගේ අනුග්‍රහය කොහොමද?
ස්තුතියි.
දින ගණන අන්තිමට බල්මු නේද ඉවසිල්ලෙන් මේ බ්ලොග් පෝස්ටු පෙල ඉවර වෙන තුරු ඉඳලා නේද?
Deleteගමනේ මුළු දුර කිලෝමීටර 1380ක් ඉක්මවා ගියා!
කිසියම් සංගමේකින් උදව්වක් අපි ඉල්ලුවෙත් නෑ! එයාලා දුන්නෙත් නෑ!!
මීට කලින් ගිය අයට එහෙම මැදිහත්වීමක් කලා බව මම අහලත් නෑ!!!
නියමයි. මාලුපාන්, බිත්තර පාන් අපයෝජනය කළ එක නම් වැරදියි. කන්නයි තිබ්බේ.
ReplyDeleteහහ්! හහ්!! හා!!! අම්මපා කියන්න එතන උනේ කෑමක්, පරිභෝජනයක්, ආහාරයට ගැනීමක් නම් නෙවෙයි!
DeleteNiyamayi.patta rasawath.gamana giyaa wagee thamayi.paw Nishan,
ReplyDeleteස්තූතියි! හැකි උපරිමයෙන් ලියනවා! ඒකෙ ප්‍රථිඵලයක් දකින කොට හිතට දැනෙන්නේ සතුටක් වචනයෙන් විස්තර කල නොහැකි!
Delete🤗👌
ReplyDeleteස්තූතියි! හමුවෙමු වෙලාවක!!
Delete“ශ්‍රී ලංකා ද්‍රවිඩ ප්‍රශ්ණය; වරක් ජෝන් කොතලාවල මන්නාරමට ගොස් කල ප්‍රකාශයක් මතම පදනම්ව පටන් ගත් එකක් නොව සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම සමග ඔවුන්ගේ අනන්‍යතාවය පළුදුවීම මත පදනම් වූවක් ලෙස මා දකිමි.”.
ReplyDeleteමගේ විශ්වාසයත් එයමයි. ඕක මහ දෙයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන් . තමන්ගේ බස (බොහෝ විට තමන් දන්නා එකම බස) කතා කරන කෙනෙක් නැති තැනකදී මනුස්සයෙක් කොච්චර ආතතියට සහ අසහනයට පත්වෙනවද කියන එක අත්විදලම දැනගන්න ඕන. සවුදියට ආපු මුල්කාලේ වාහනේ එලවගෙන කොහෙ හරි ගියේ පණබයේ . පාරක් වැරදුනොත් කොහොම අහගන්නද? පොලිසියෙන් නැවැත්තුවොත් මොනවා කියන්නද? ප්‍රශ්න ගොඩයි.
ඇත්තෙන්ම අර කොල්වින් කිව්වා වගේ; එක රටක් භාෂා දෙකක්! භාෂා දෙකක් එක රටක්!! කියන එක තමයි ඇත්ත; සිදු උනෙත්, සිදු වන්නේත්!
Deleteමාගේ එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියේ සමාජිකයන් දෙදෙනෙක් පාපැදියෙන් කොළඹ සිට බදුල්ලට ගියා. පහත ලින්කුවෙන් ඔබටත් එම ගමන ගැන කියවන්න පුළුවන් තට්ටයා මහත්මයා.
ReplyDeleteසුන්දරත්වයේ සයිකල් සවාරිය
හරිම සුන්දරයි! බොහොමත්ම ස්තූතියි!! දැන් දැන් බොහෝ දෙනා මෙවන් සංචාර වලට පෙළඹෙනවා, මුල පුරණවා, ක්‍රියාවේ යොදවනවා. මේවාට හැකි උපරිම ප්‍රසිද්ධියක් ලබා දීම හැමගේ යුතුකමක්!
ReplyDeleteCycling Nishatha DSI ඇයි බ්‍රෝ මෙච්චර් දුරක් ගිය යාලුවෙගේ නම මෙහෙම සේව් කරන ඉන්නේ
ReplyDeleteඔය දිරුක් කන්නගර කියෙන්නේ මහා පොයි ටෝක් දෙන පොරක්
මිනිහ ඉස්සරහට ඔයාට වදයක් වෙයි වගේ
"DSI එකේ වැඩ කරණ , සයිකල් පදින, නිශාන්ත" ව තවත් නිශානතලා තුන් හතර දෙනෙක් අතර; ෆෝන් එකේ කන්ටෑක්ට් ලිස්ට් එකේ සේව් කරණ්න හොඳ විදියක් කියන්නකෝ ටිකක් කල්පණා කරලා!
Deleteහරිම රසවත් වගේම ඉතාමත් වටිනා තොරතුරු. තට්ටයා මහත්තයගේ කැපකිරීම නම් අතිවිශිෂ්ටයි. යුද්ධය ඉවරවෙලා සුන්බුන් අතරින් ගිය ගමන මතක් වෙනවා...
ReplyDelete-වීරසිරි බන්ඩාර-
බොහොමත්ම ස්තූතියි වීරසිරි බණ්ඩාර මහත්මයා! කොයි තරම් අමාරුවෙන් හරි කරපු එකේ වටිනාකමක් දැනෙන්නේ මේ වගේ කමෙන්ටු වලින් තමයි! කියවගෙන යමු!
Deleteතට්ට මහත්තයා තාමත් සංචාරය කරනවා නේද?
ReplyDeleteඅනේ මොන හේතුවකින් හරි ඔබගේ කමෙන්ට් එක දැකලා නෑ! ඊට සමා වෙන්න!
Delete