Saturday, June 25, 2022

238. කහ ඇඳගෙන මැච් බැලීම!

"මිනිසා යනු දේශපාලනික සත්වයෙකි" යන ප්‍රකාශයේ සිට බැලූවද එය ප්‍රථික්ශේප කලද අදවන විට කිසිවෙකුට එයින් ගැලවී යාමට නොහැකිවී තිබේ. මාගේ බ්ලොගයේ වරින් වර මා දේශපාලනික ලිපි ලියා ඇති අතර ඒ සෑම ලිවීමක් තුලින්ම මෙම පවතින ක්‍රමය ප්‍රථික්ෂේප කොට ඇත. ගෝඨාගේ ප්‍රගමණය ප්‍රථික්ෂේප කරමින් මා "03.ගෝඨා 2020 ට (සුදුස්සාගේ නුසුදුසුකම)" ලියූවේ 2017 දීය.  ඡන්ද දායකයාගේ වගකීම  මතක් කරමින් "08 කවුද ගොජා? මමයි ගොජා? (ලාංකීය දෙශපාලනයේ සදාතනික රැවටීම)" ලිව්වේද ඒ කාලයේදීමය. මෙතෙක් පැවති තට්ටු මාරු දේශපාලනය පිළිබඳව  "14.  යළි රඟ දැක්වෙන 'සෙක්කුව' නව නිශ්පාදනය! (ලාංකීය දේශපාලනයේ එතෙක් මෙතෙක් රැවටීම)" ලිව්වෙමි. 

මේ සියල්ලත් පසුව ලියනා ලද දේ තුලිනුත් මාගේ දේශපාලන නැඹුරුව කිනම් දෙසකටදැයි ඔබට සැකයක් නොමැති බව මා ඉඳුරාම දනිමි. අදවන විට "ලාංකීය දේශපාලනය" වෙන කිසිදාක නොවූ විරූ ආකාරයකට අප සැමගේ ජන ජීවිත අකා මකා දමමින් විනාශකාරී ලෙස ගමන් කරණා බව මා නොකිව මනාය!

පසුගිය කාලය තුල මෙරට පැවති දෙශපාලනය උඩු යටිකුරු කලේ "අරගලය" විසින් නොවේ යැයි කිසිවෙකුට හෝ කිව නොහැක. එයට "නිර්පාක්ෂික" ලේබලය ගසා තිබුනද එහි පසුපෙල සැදුම් ගෙන තිබුනේ පෙරටුගාමී පක්ෂයට හිතවත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුනේ සමාජවාදී තරුණ ව්‍යාපාරය විසින්ය. එකිනෙකට වෙනස් මතධාරීන් වුවද ඔවුන් මුල සිටම එක අරමුණක් වෙනුවෙන් පෙනී සිටියහ.

එහෙත් මෙම අරගල භූමිය තුල සිටි දස දහස් ගනනක්වූ පිරිස අතර 69 ලක්සේ අයද, සජබෙ පිරිස්ද, 43 වැනි සේනාංකයේ කොටස්ද, කිසිදු දේශපාලනයකට තබා ජීවිත කාලයටම තම ඡන්දය පාවිච්චි නොකල අයද සිටියහ. ඒට පොදු අපේක්ෂාවක් තිබුනු බැවිනි. එම පොදු අපේක්ෂාව වූයේ "ගෝඨා ගෙදර යනු!" යන්න විය. ඊට පිටුපසින් නොව ඊට සමාන්තරව රාජපක්ෂ පවුලම මෙරට දේශපාලන භූමියෙන් අතුගා දැමීම, ඔවුන් සොරා ගත් හෝ අයතා ලෙස හරි හම්බ කරගත් ධනයක් දේපලක් වෙත්නම් එය නැවත මෙරට භාණ්ඩාගාරයට එකතු කර ගැනීම, රාජපක්ෂ පවුල ඇතුළුව;  පොදුවේ සියළු දූෂිත දෙශපාලුවන් හට; නිසි නීතිමය රාමුවක් තුල දඬුවම් ලබා දීම, ජනාධිපති වෙත සංකේන්ද්‍රණය වී ඇති බලය නැවත පාර්ලිමේන්තුව වෙත ලැබී ජනතා පරමාධිපත්‍යයට මුල් තැන ලැබෙන ව්‍යවස්ථාවකට මුල පිරීම, සාමාන්‍ය ජනතාවට සහන ලැබෙන්; ජීවන බර අඩුකෙරෙණ පරිපාලන ක්‍රම වේධයකට රට පත්වීම  වැනි එකී නොකී මෙකී අපෙක්ෂාවන් රාශියක්ද ඔවුන්තුල අඩු වැඩි වශයෙන් විය.

මේ සියල්ල කෙසේ වෙතත් "අරගලය" විසින් ගෝඨාව හා රාජපක්ෂ පවුල බිත්තියට තබා තදකොට පැවති අවසාන මොහොතේ රනිල් අගමැතිකම භාර ගත්තේය. වෙන්දේසියේ දමා තිබූ "අගමැතිකමට" සජිත් හෝ අනුර ලන්සුවක් තැබුවේ නැත. ඊට ඔවුන් තුල සාධාරණ කොන්දේසියක් විය. ඒ "ගෝඨා අනිවාර්‍යයෙන්ම ඉවත්විය යුතුය" යන ස්ථාවරය ය! ඒ වනවිට පාර්ලිමේන්තුවේ දෙවන බහුතරයට නායකත්වය දුන් සජිත්ද සුළුතර අනුරද එම පැහැදිලි ස්ථාවරයේ සිටිනා විට රනිල් එය භාර ගත්තේය. රනිල් ඒවන විට කිසිදු ඡන්ද පදනමකින්  තොරව  ජාතික ලැයිස්තුවකින් පැමිණි පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙකු පමනක් විය! මෙරට පවතින ව්‍යවස්ථාවේ තරම සිතීමට ඉඩ අවකාශය ඡන්ද දායකයින්හට සිතා ගැනීමට ඉඩ සලස්වමින්; ගෝඨාගේ හා රාජපක්ෂ පවුලේ කැමැත්ත මත රනිල් හට අගමැති කම හිමිවිය!
"අරගලය" සාර්ථකව උත්කර්ශයෙන් යුතුව දිවෙන කාලයේදී සාමාන්‍ය ජනතාව අතර; ගෝඨා එළවා පාර්ලිමේන්තුවට බලය ගෙන ( හෝ නොගෙන. එය පිළිබඳවද; ගැටුමක් නොවූනත් මතයක් විය!) රටේ  මීළඟ නායකත්වයේ අපේක්ෂාව පිළිබඳව කියැවුනු විවිධාකාර අදහස් විය. ජවිපෙ හිතවතුන් හා තවත් පිරිසක් අනුරව ප්‍රවර්ධනය කලේ "දූෂනයෙන් තොර හොරාකෑ ධනය නැවත රටට ගෙන ආ හැකි නිවැරදි  දැක්මක් සහිත . . . . . . " ලේබලයෙන්ය! සජිත්ට ඇලවූයේ " පාර්ලිමේන්තුවේ බහුතරයෙන් පත්වූ  සුලු ජාතික පක්ෂවල සහයෝගය සහිත යූඇන්පිය ජයග්‍රහණයේ මාවතට ගෙන ආ නැවුම් බලාපොරොත්තුව" යන්නය. මේ සියල්ලටම පිටුපසින් සිටි තවත් පිරිසක් රටේ ඊළඟ නායකයා පිළිබඳව මෙසේ අරථ දැක්වීය. ඒ; "පරිණත, පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ දැණුමක් ඇති ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් . . . . . . " යනුවෙන්ය. මේ කියන්නේ අන් කිසිවෙකු පිළිබඳව නොව රනිල්ම යැ!~
සජබය යනු; එජාපය නැමැති මව් මරා උපන් කුමරා යැයි අප සිතන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතිය යුතුය. එය කෙහෙම්මලක් නොව මොටෙයියෙක් පමණි. කාලය විසින් මොටෙයියා ගසක් බවට පත්වන විට  ගස වටා සිටින්නා බහුතරය මොටෙයියා වටා එක් රොක් වේ. දිනකට දෙකකට වරක් රූපවාහිණී තිරය මත පෙනී සිට රට පිළිබඳව සැවොම දන්නා කරුණු සමග තම්න්ගේ දුක බෙදා හරින රනිල් දැක සුළුවෙන් උත්තේජනය වන; සජබයෙන් සුළුතරයක්ද එජාපයේ බහුතරයක්ද ඇතැයි මාකිවහොත් ඔබ ඊට එකඟ වනවා නේද?
ඝෝඨා යවා සජිත් රටේ නායකයා විය යුතු යැයි සිතන පිරිසද, රාජපක්ෂලා හොරාගත් දේට දඬුවමක් ලබා දිය යුතු යැයි සිතන අයද, රනිල් ඇලජික් සුළු පිරිසක්ද හැරුණු විට' අන් සියළු එජාපයේ පිරිස රනිල්ගේ ආගමනය පිළිබඳව උත්කර්ෂයෙන් සිටින්නෝය. සජබයේ සිටිනා ඕනෑම මට්ටමක අයෙකුගෙන්; රට ගොඩනංවන ඔවුන්ගේ වැඩපිළිවෙල පිළිබඳව විමසුවහොත් ඔවුන් දක්වන්නේද රනිල්ගේ ක්‍රියා මාර්ග මිස අන් කවරක්ද? අගනුවර විසල් ඡන්ද පදනමකට හිමි එජාපය හා සජබයේ පිරිස රනිල් සමග නව බලාපොරොත්තුවක් ඇතිකරගෙනමනෝ රාජ්‍යයක වසමින් සිටී. මේ සියල්ල සමග ඉන්ධන මිල අහස උසට නැගීම හා අධික ඉන්ධන හිගය විසින් අරගල බිම මේ වන විට හිස් කොට ඇත! කුමන ආකාරයෙන්හෝ තවදුරටත් අරගල භූමිය වෙත රැඳෙන පෙරටුගාමීන් හා ජවිපෙ ජීවගුණයෙන්ද සැබෑලෙසම රටේ වෙනසක් අපේක්ෂා කරන සුළුතරයක්ද විටින් විට රජය විසින් දඬුවම් කරණු මේ දිනවල දක්නට ලැබේ.
මෙරට මාක්ස්වාදී පක්ෂයක මූලාරම්භ වන්නේ 1935 වසරේදීය. මෙරටින් එංගලන්තයට ගිය ඇන්.ඇම්, කොල්වින්, වික්‍රමසිංහ වැනි පිරිසක් මාක්ස්වාදය පිළිබඳව යම් පමණකට හදාරා නැවත මෙරටට පැමිණ එය මෙහි පැල කල බව අප කවුරුත් දන්නා සත්‍යයවේ.  1935 සිට අද දක්වා දශක නවයකට ආසන්න කාලයක් ගෙවී ගියද මාක්ස්වාදී පක්ෂයකට මෙරට තනි බලයක් ලැබුනේ නැත. 
එංගලන්තයේ ඉපැදුනු Labor Party යන්න මෙරට බෞතීස්ම ලැබූවේ "කම්කරු පක්ෂ" ලෙසයි. මෙහිදී මාක්ස් විසින් නිර්වචනය කල "කම්කරුවා" හා අපේ කංකරුවා අතර කැපී පේන වෙනසක් විය. "තමාගේ ශ්‍රමය ධනපතියාට වැටුප් වලට විකුණන්නා" කම්කරුවා ලෙස මාක්ස් විසින් අර්ථ දක්වා තිබුනු අතර පසුව "ශ්‍රමය" වෙනුවට "ශ්‍රම ශක්තිය" ලෙස අර්ථපූර්ණ කරයි. Labor Power - The abstraction of humen labor in to something that can be exchanged for money (Marx)
මෙහිදී ශ්‍රමය හෝ ශ්‍රම ශක්තිය යනු දා දිය පමනක්ම නොවේ. මෙම ශ්‍රමය ශාරීරික හෝ මානසික විය හැකිය. මේ තුලින් ගත් කල අපගේ සමාජය තුල ශ්‍රමිකයින් හෝ කම්කරුවන් වන්නේ හුදෙක් කානු කපන, කම්හල් තුල වැඩකරණ පිරිස පමණක් නොව දොස්තරවරු ඉංජිනේරුවන්ද ඇතුළුවන්නේ මෙම රාමුව තුලටමය. කාර්මික විප්ලවය සමග කාර්මීකරණය තුලින් රටේ ආර්ථිකය ඔසවා තැබෙන රටක ශ්‍රමිකයින් යනු විශාල අවයවයන්ගෙන් යුතුවූ කුලකයකි. එසේම ඔවුන් තුල පැහැදිලි නිර්වචණයක් ඇති හුදෙක් "කම්කරුවා" හෝ "ශ්‍රමිකයා" යන බැනරය යටතේ එක් රොක් වන්නේ මහ පිරිසකි. විසල් බලයකි. ධනපති ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන් තුල දැකිය හැකි; ඉතා පටු ලෙස නොබෙඳුනු පංතීන් කරණ කොට ගෙනද ශ්‍රාමිකයින් සතු ශක්තිය විශාල එකකි.

එහෙත් අප රටේ තත්වය පිළිබඳව සොයා බැලුව හොත්; රජුන්ගේ පාලනය යටතේ තිබී වසර සිය ගනනක් විදෙස් රටවලට යටත්ව තිබුනු රටක "කම්කරුවා" යනු කවරෙක්ද? සමාජය තුල විශාල සිවිල් බලයක් හිමිකරගෙන තිබෙන මානසික ශ්‍රමිකයින් හා ශාරීරික ශ්‍රමිකයින් අතර ඇති පරස්පරතාවයන් කොතෙක්ද? මේ සියළු කාරණා විසින් කම්කරු පක්ෂ; සමාජයේ ධනෙශ්වරයෙන් මෙන්ම සුළු ධනේශ්වරයෙන්ද ප්‍රථික්ෂේප වූ තැනකට වැටීම දශක ගනනාවක් මාක්ස්වාදී පක්ෂයකට මෙරට බලය තහවුරු කර ගැනීමට නොහැකිවීමේ හෙතුව ලෙස මම දකිමි.
පොදු මහජනතාව ක්‍රිකට් නරඹන්නට පටන් ගත්තේ සනත් ජයසූරිය නිසාය. එය සමාන වන්නේ සාමාන්‍ය ජනතාව වේදිකාව වෙත ගෙන ඒමට නිහාල් සිල්වා කල මෙහෙයට සමාන ලෙසය. ඉහත පා සඳහන් කල වැකී ද්විත්වයට ඔබ එකඟ වනවා නොවේද? එසේම සාමාන්‍ය ජනතාව අතරට විප්ලවීය පක්ෂයක ආශ්වාදය ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස මා විශ්වාස කරමි. 
මා එසේ කියන්නේ ඇයි? 
1971 වන විට සාම්ප්‍රදායික මාක්ස්වාදී පක්ෂ මෙරට පාලනතන්ත්‍රය තුල කැපීපෙනෙන චරිත ලෙස රඟපාද්දී ජවිපෙට තම අභිප්‍රායවෙත තරුණයන් නැඹුරු කල ගත හැකිවිය. දෙවනුව අසූව දශකයේදීද පැවති දැඩි මර්ධනකාරී ආන්ඩුවට එදිරිව පරාජිත අරගලයකට හෝ පිවිසීමට ඔවුන්හට සංවිධාන ශක්තිය හා පිරිස් බලයක් විය. එම අවස්ථා දෙකේදීම සුන්නත් දූලිවූ පක්ෂය නැවතත් ප්‍රථිව්‍යූහ ගත කොට දැනට පාර්ලිමේන්තුව තුල ප්‍රභලතම විපක්ෂය ලෙස නැගී සිටින්නට ඔවුනට හැකියාව ලැබී ඇත! එසේම අදවන විට රාජපක්ෂ රෙජීමය සමග මුහුණට මුහුණලා කරණ සටනේදී ජවිපේ ඉතා විශ්ෂ්ඨ කාර්‍ය භාරයක නිරතව සිටී. (මෙහිදී පෙරටුගාමී පක්ෂයේ සහභාගීත්වයද ප්‍රශංසණීය බව ගෞරවයෙන් යුතුව මතක් කරමි!) ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේදී තම පක්ෂයේ ශක්තිය නව වටයකින් උද්දීපනය කරගනුවස් "ජාතික ජන බල වේගය" පිහිටුවා ගත්තේය. ජවිපෙට ලබැඳි, එය වෙනුවෙන්; එතෙක් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව කතා නොකෙරුණු; සමාජයේ විවිධ මට්ටමේ තලයන්හීදී; ඒ පිළිබඳව කථා කෙරුණේ මෙම නව ප්‍රවනතාවය සමගය. එය මා දකින්නේ "කම්කරුවා යනු හුදෙක් ශාරීරික ශ්‍රමිකයා පමනක් නොව මානසික ශ්‍රමිකයාද ඇතුලත්වන පුළුල් කුලකයක්ය!" යන චින්තනයට මග පෑදු ක්‍රියාන්විතයක් බවය. මෙරට මැතිවරණයක් තුලින් බලය ලබා ගත හැක්කේ එවන්වූ පුළුල් ජන සාභාගීත්වයකින් විනා හුදෙක්: වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ගොවි-කම්කරු" බලවේගයකින් යැයි කිසිවෙකු සිතන්නේ නම් ඒ පිළිබඳව නැවත සිතීමට සිදුවේ.
මෙහිදී ජවිපෙ පිළිබඳව මෙතෙක් "වැඩකරණ ජනතාවගේ පක්ෂයක්", "කම්කරුවන්ගේ පක්ෂයක්", "මාක්ස්වාදී පක්ෂයක්" ලෙස අර්ථකතනය වෙනස් කොට එය තවත් සුළුධනේශ්වර පක්ෂයක් ලෙස අළුතින් බෞතීස්ම කලද බලය ලබා ගැනීමට සමාජයේ පුළුල් ජන සහභාගීත්වයක් අවශ‍ය බව අප අමතක කලයුතු නොවේ. යනු විශාල බලයක් සහිත පක්ෂයකි. විසල් ගාමක බලවේගයකි බුද්ධිමතුන් සපිරි!
පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය සඳහා කහ වර්ණයෙන් සැරසී  සහභාගී වීමේ සූදානමක් පැවතුනි. එය හුදෙක් රාජපක්ෂ හිතවාදී මාධ්‍යය විසින් ඔසවා තැබූ එකක්ද, නො එසේනම් රාජපක්ෂ වෙනුවෙන් තම පෞර්ෂය ගවුමකට යට කර ගැනීමට වුවද හැකියාවක් ඇති ඉරාජ් ප්‍රමුඛ පිරිසකගේ ක්‍රියාවක්ද එසේත් නැතිනම් එය සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන්ගේ අදහසක්ද යන්න තෝරා බේරා ගැනීමට අපහසුය. මන්ද මේ සියළු දෙනාගේම මැදිහත්වීම අඩු වැඩි වශයෙන් මීට ඇතුලත් විය. මෙවන් රැළි සමාජය තුල විවිධ කාල තුලදී විවිධාකාර්යෙන් පැන නගී. සමාජීය සටන් දිනාගන්නට එවන් රැළි වලින් තොර "යුධ මුක්ත කලාපයක්" කිසිවෙකු හෝ බලාපොරොත්තු වනවා නම් එය සමාන කලහැක්කේ "මුහුදේ නාන්නට රැල්ල නවතින තුරු බලා සිටීම" යන ක්‍රියාවට පමණි. කුණාටුවේ දිශාව වෙනස් කිරීමට නොහැකිවුවද රුවල් වල පිහිටීම වෙනස් කිරීමට දක්ෂ නාවිකයින් හට හැකියාවක් ඇත.
මෙම "කහ රැල්ල" සමග වත් පොතේ තැනින් තැන බිහිවූයේ එය විවේචනය කරමින් එය දෝශ දර්ශණයට හා පරිභවයට පත් කරණ්නාවූ පෝස්ටුය. ඒවා ලියා තිබුනේ "අරගලයට" පක්ෂ හා සම්බන්ධිත අය විසින් යැයි හුවා දැක්වීමක් ඒවායේ  දක්නට තිබුනු අතර සමහර පෝස්ටු ලියා තිබුනේම; පසුගිය කාලයපුරා අරගලයට යම් පමණකට සහ සම්බන්ධ වූ සමාජ ක්‍රියා කාරීන් විසිනි.
මේ පිළිබඳව අප වෙනත් තැන්ක සිට සොයා බැලුව හොත් හෝ විශ්ලේශනය කලහොත්; මෙසේ  කහ වර්ණයෙන් සැරසී තරගය නැරඹීමට ගිය අය අතරේ අරගලයට සහභාගී වූවන් නොසිටියේද? අරගලය වෙත තම හෘදයාගම දයාද්‍ර භාවය පලකල අය මෙහි නොසිටියේද? 9 වන දින ගෝඨා ගෝ ගමට බිහිසුණු ප්‍රහාරය එල්ල වන විට එයට ප්‍රථිවිරුද්ධව ගෝල් ෆේස් පිටියට දිව ආ අය අතුරින් කිසිවෙකු හෝ මෙම "කහ රෙදි" කණ්ඩායමේ සිටීමට නොහැකිද? මෙවැනි කරුණු රාශියක් මේ පිළිබඳව ලිවිය හැක!
ගෝටා ගෝ ගම තුල තිබුණු නිරමාණශීලීත්වය උපයෝගී කරගෙන මෙම ක්‍රිකට් තරඟයම අරගලයේ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස උපයෝගී කර ගැනීමට නොහැකි වූයේ මන්ද? අරගලයේ ප්‍රචාරන මාධ්‍යය විය යුත්තේ කළු කොඩි පමනක්මද? මේ පිළිබඳවද බොහෝ කරුණු ලිවිය හැක!
දැන් සිදුවන්නේ කුමක්ද? මෙම කහ රෙදි හා කළු කොඩි ගැටුමට ප්‍රතිගාමීත්වය විසින් විශාල ප්‍රචාරණයක් දෙමින් පවතී. සමහර විට පසුගියදා "කහ රෙදි" සංකල්පයට අරගලය පැත්තේ සිට විවේචනාත්මකව ලියූවේද ප්‍රථිගාමීත්වය විසින්ම විය හැක. මේ වන විට අපගෙ ආදරණීය අරගලයේ කොටස් කරුවන් එය කරේ තියාගෙන යමින් වී ඇත. ඒ සමගම ප්‍රතිගාමීත්වය නව සටන් පාටයක් එළිදක්වා ඇත!
"කහ වර්ණය අඳිනවාට විරුද්ධව; ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය අපේක්ෂා කල උන් තුල රටට ආදරයක් තිබේද?" මේවාට උත්තර දෙන්නේ කෙලෙසදැයි මට නම් නොතේරේ. මතක තබා ගන්න කාරණා දෙකක්! 
1.බොරුව ලොව වටා ඇවිද එන තුරුත් ඇත්ත සපත්තු පළඳිමින්ය. (එතකොට සිදුවන විනාශය සිදුවී හමාරය)
2.අපගේ සතුරාගේඋපක්‍රම පිළිබඳව අප සිතා සිටින්නේ ඉතාමත් සිල්ලර වූ චින්තනයකින්ය.
එක අදහසක් එක් කණ්ඩායමක් ලෙස එකට එක්වූ "කහ වත් පෙළ" තරගයෙන් පසුව ගාලුමුවදොරට යොමුකල හැකිවූවානම්! දැන්වත් ඔවුන්ව නිර්ධය ලෙස විවේචනය කිරීම නවතා නැවතත් අළුත් වටයකින් පෙළ ගැසෙමු.
මේ රටේ ඓතිහාසික මෝඩ කම කලේ මොණරවිල කැප්පෙටිපොලය. ඒ සුද්දාගේ තුවක්කු සුද්දාටම රිටර්න් කිරීමෙනි. 

මීට කලකට පෙර "පෙප්සි කෝලා" ලංකාවේ සෑම තේ කඩයක් කූල් කඩයක් පුරා ඇලවූ ස්ටිකරයක් විය. එහි සඳහන් වූයේ I Love PEPSI කියාය. කොකා කෝලා ආයතනය කලේ පෙප්සි ස්ටිකරයේ දිග පළලටම ගැලපෙන තවත් ස්ටිකරයක් මුද්‍රණය කොට පෙප්සි ස්ටිකරයට යටින් ඇල වීමයි. එහි සඳහන් වූයේ But; I drink only Coke කියාය. දෙක එකට කියැවූ පසු ආකර්ශණීය අදහසක් නිර්මාණය වී තිබුනි. ඒ මෙසේය.

I love PEPSI. But; I drink only Coke

සටන් දිනන්නට සටන්කාමී බව මෙන්ම උපායශීලී බවද තිබිය යුතුය!

අරගලය දිනේවා! ගිලිහුනු තැනින් නැවත අල්ලා ගනිමු! අළුත් වටයකින් පටන් ගනිමු!!

57 comments:

  1. ඇයි අප අරගල කරන්නේ? අරගල කරලා ජයග්‍රහණ ලබා ගත්තු රටක් තියෙනවද වර්තමානයේ? පාරවල් ගානේ අරගල කර කර හිටියයි කියලා ලැබෙන දෙයක් නැහැ. අපි බලන්න ඕනි මේ වෙලේ බලයේ ඉන්න කෙනාට සහය දීලා මේකෙන් ගොඩ එන්න බලන එක. කුහක ජේවීපී එක උනත් කමක් නැහැ, කඩාකප්පල්කාරී, මිනීමරු, ගිනිතැබීම් සිදුකරන්නේ නැතුව ප්‍රජාත්‍රන්තවාදී විදියට බලයට එනවා නං ඒකට සහය දෙන්න ඕනි.

    ජනපති මුලින්ම පොදුවේ කතා කරා ආණ්ඩුවක් පිහිටුවන්න එන්න කියලා. ජේවීපී ආවේ නෑ, සජිත් ආවේත් නෑ. ඒ මොකද ඒ අයට විවේචන ඇරෙන්න කිසිම වැඩ පිළිවෙලක් නැති නිසා. කුහක කමේ, ඉර්ශියාවේ, ක්‍රෝධයෙන් ඉන්න එක තමයි ඒ අයගේ වැඩේ. ඒ තියා මිනිස්සු ක්‍රිකට් මැච් එකක් බලලා සතුටු වෙනවාටත් මේ කුහක අරගලකාරයෝ විරුද්ධයි. උන් හිතන් ඉන්නේ මිනිස්සු හැම වෙලේම උන්ට සහය දීගෙන, අරගලය ගැන විතරක් කතා කර කර ඉන්න ඕනි කියලා.

    දැන් ඉතින් අරගලේ ඉවරයි. කුහක ජේවීපී සහ බංකොලොත් සමගියේ සෙට් එක මේක උස්සන් යනවා. ජේවීපී එකටත් තියෙන්නේ පෙරටුගාමී එක්ක ප්‍රශ්නයක්, ඒ අය එකිනෙකාට ඇන කොටා ගන්නවා අරගලයේ අයිතිය ගන්න.

    ඊයෙත් මැච් එක දිහා බලද්දී පෙනුන දේ තමයි ලංකාව අඩුවට දැවිල යනකොට අරගලයට පක්ෂ ය දාල තිබුණ පෝස්ට්වලින් තේරුණේ ඇතැමුන් මේ කහ රැල්ල නිසාම ලංකාව මැච් එක පරදිනකල් හිටියා කියල.

    කහපාට ඇඳගෙන වැඩි පිරිසක් මැච් එක බලන්න ආපු එකෙන් පැහැදිලිව පේන්නෙ අරගලකාමීන් කියන දේට ජනතාව අතර ඇති පිලිගැනීමේ තරමයි. කණගාටුවෙන් වුනත් ඇත්ත පිළිගන්න වෙනවා.

    අනික කාගෙ කැම්පේන් එකක් වුනත් බංකොලොත් රටක් වුන අපිත් එක්ක සෙල්ලං කරන්න ආපු අනිත් ටීම් එකට ආචාර කිරීම ලස්සන අදහසක්. ඒ නිහතමානීකම සංකල්පයක් විදිහට හරි පුරුදු වෙන එක වටිනවා.

    ඒක මැච් එක දිහා බලන් ඉන්න වෙන රටවල මිනිස්සුත් දකිනවා. ලංකාවට තියෙන එකම ඇත්ත සම්පත අපේ රටේ ඉන්න හදවත් ඇති මිනිස්සු. ඒක ඔය කියන 2500 සංස්කෘතික බම්බුවක් නෙමෙයි. ඒක අපේ ජීවිත ඇතුලෙන් එන එකක්. අපේ විවෘත හිනාවෙන් එන එකක්. කොයිතරම් පහත් වැඩ තිබුනත් මිනිස්සු විදිහට අපි එහෙම මනුස්සකම් තියෙන ජාතියක් කියල පිටරටවල උන් යම් තරමකට විශ්වාස කරනවා.

    මේ කහපාට කැම්පේන් එක කතා කරන්නෙ ඒ හැගීමට. ඒක ආදරනීය එකක්. මේ වෙලාවෙ බංකොලොත් රටක ඉන්න හදවතක් ඇති ජාතියක් කියන එක හොඳ මතක් කිරීමක්.

    ඒ ලස්සන වැඩේ අලකරන්න උත්සාහ ක‍ළ හැම කෙනෙක්ම තමන් ඉන්න පහත් තැන සළකුණු කළා.

    ReplyDelete
    Replies
    1. පිළිතුරක් ලියන්නම්! ඇයි අරගලය අවශ්‍ය කියලා! ස්තූතියි තතු දැක්වීම පිළිබඳව!

      Delete
    2. මම වෙනදා මෙන් කමෙන්ට් දාන පිළිවෙලට නොලියා මේ බලා ඉඳලා තමයි පිළිතුරු ලියන්න ගත්තේ.
      මේ ලියලා තියෙන කරුණු වලට වඩා; බොහෝ අය තම අනන්යතාවය සඟවාගෙන ලිවීම පිළිබඳව මා විමතියට පත්වෙනවා. තමන්ගේ දේශපාලන මතය තමාගේ නමින් පෙනීසිටිමින් ප්රකාශ කිරීමට අකමැති වීමම ගැටළුවක් කියලයි මමනම් හිතන්නේ! මෙයට විවිධ උපකල්පන ඇති! ඒත් මේ මම හිතන හැටි!
      ඇයි අරගල කරණ්නේ? අරගල, වැඩ වර්ජන, පිකටීන් මේ සියල්ලම ශිෂ්ඨ සමාජයක් තුල පිලිගත් අදහස් ප්රකාශ කිරීමේ, තම විරෝධය ප්රකාශ කිරීමේ ක්රම වේධ. ඒක පිළිගෙන තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වත්, ෆිඩෙල් කැස්ත්රෝ වත්, ලෙනින් වත් පමණක් නොව මේ ලෝකෙ පවතින සෑම ශිෂ්ඨ රටක්ම පිලිගත් ක්රියාන්විත. මේ රටේ ගතහොත් සිරිමාගේ ආණ්ඩුවට එදිරිව ජේ ආර්බ් කල සත්යග්රහයද, යූ ඇන්පියට විරුද්ධව මහින්ද කල ශබ් පූජාවද, පාද යාත්රාවද වැටෙන්නේ මේ කුලකයටමයි. ඔඅබ පලමුව අසා ඇති පැනයේ අවසාන වචනය ලෙස "වර්ථමානයේ" යනුවෙන් යොදා ඇත! ඔබ 2018-2019 කාලවකවානුව වර්ථමානය ලෙස සලකනවාද? එසේ නම් එම කාලවකවානුව තුල දකුණු කොරියාවේ සිදුවූ මහජන නැගිටීම පිළිබඳව මෙතැනින් කියවන්න.
      මෙම ආර්ථික ව්යවසනයට මූලික වූයේ දැනට බලයේ ඉන්න කෙනා බව ඔබ පිළි ගන්නවාද? පසු ගිය කාල වකවානුව තුල සිදුවූ අයතා හොර මගඩි මෙම වයවසනයන හේතුවූ බව ඔබ පිලි නොගන්නවා නම් මේ කථාව කතා කර පලක් නැත. 2019 මුදල් අමාත්යාංශයේ වාර්ශික වාර්ථාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විගනකාධිපති ජී. සී. වික්රමරත්න පෙන්වා දී ඇත්තේ ශ්රී ලංකාවේ සමස්ත ණය ප්රමාණය මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 701,15 ක් අඩු කර අඩුකර ගිණුම් වල සටහන් කර ඇති බවය. ඒ මුදල් හොරා කා ඇත්තේ අරගල කරුවන් හෝ ප්බ කුහකයි කියනා ජේ වී පි යද?
      එසේ තක්කඩි ලෙස හොරා කෑ හොරුන් රට පාලනය කරද්දී ඔවුනටද අප සහය පල කල යුත්තේ? ඒ ඉතිරි ටිකත් හොරා කන්නද? ඔබ හිතනවාද හොරස කෑම ජීවිතය කර ගත් එකෙක්; හොරා කෑමට බලා සිටිනා විටදී අප ඔහුට සහය දුන් පමණින් ගොඩ යා හැකිවෙයි කියා!?
      ඒ හොරාම කථා කරණවා ආණ්ඩුවක් කරණ්න! මොන වද මේ විහිළු කථා? රටේ ගොවිතැන වලපල්ලට යවලා දැන් එයාම සිංහාසනයේ ඉන්න ගමන් ඉල්ලා සිටිනවා අනිත් අයට එන්න කියලා සහය පල කරණ්න! මොකද මේ තරමට රටට කෙළ වුනේ ස්වාභාවික ව්යවසනයකින්ද? අත්තනෝමතික, උද්දච්ච, මෝඩ තනි තීන්දු වල පිහිටා කාබනික මගුලක් රටට හඳුන්වා දෙන්නට ගොස් අද සාමාන්ය ජනයාට බත් මිටක් කන්නට නැති කල ගෝඨා කියන විට ඔහුගේ ආණ්ඩුවට සක්ක මුක්කු ගහන්න අනිත් එවුන් යන්න ඕනද? මගේ මතකයේ හැටියට කෘෂිකර්ම අමාත්යාංශයේම ලේකම් වරු දෙතුන් දෙනෙකුම ඉවත් උනා මොහුගේ මුග්ධ තීරණ වලට ඉඩ දීමට නොහැකිව. මේ මා ලීවේ එක් කරුණක් ගැන පමණකි! මේ රටේ මහජන මුදල් හා දෙපල කොයි තරම් නම් කාබාසුඉනියා කලාද මේ හොර නඩය? ඔබට අවශ්ය නම් සියල්ල සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට අපට පුළුවන! එසේ තක්කඩි හා වංචා සහගත ලෙස පාලනයකොට එම වංචාවන් හේතු කොට ගෙනම රට බංකොලොත් වූ පසු ඔබ යෝජනා කරණ්නේ ඔවුන් සමග නිදි වැදිය යුතුයි කියාද? නො එසේනම් හොරා කෑ මුදල් හා දේපල මෙරටට ගෙන ඒමේ ක්රම වේදයකට යා යුතුයු කියාද?

      Delete
    3. ජේවීපියට ඔබ "කුහක" යැයි කියන්නේ ඔබට හෝ මේ රටට ඔවුන් කිසියම් කුහකත්වයක් කොට ඇති නිසාද? ඔවුන් කල සියළු ක්රියා නිවැරදි නොවන්නට පුළුවන! එහෙත් රට මේතරම් බංකොලොත් තත්වයකට ඇද දැමුවේ ඔවුන්ද මෙතෙක් රට කෙරවූ එවුන්ද? ජේවීපියේ ඇති ලොකුම කුහකත්වය නම් හොරුන්ගේ හොරකම් අමු අමුවේ එළිදරව් කිරීමයි!
      මිනිසුන් අරගල කර යුත්තේ ජේවීපිය හෝ පෙරොට්ටෝ වෙනුවෙන් නොව තමන් වෙනුවෙනුයි. මිනිසුන් අරගලයට පැමිණ කිසියම් දෙයක් දිනා ගතහොත් එය ජේවීපිය ගෙදර ගෙනියනවායැයි සිතීම කෙතරම් අණුවන කමක්ද?
      ඔබ සිතනවානම් අරගලය ඉවරයි කියලා මට ඔබට කියන්නට ඇත්තේ "කණගාටුයි!" කියා පමණි. තවමත් ඉතිරිවී ඇති සුළුතරයක් ඔය විදියට සිතනවා ඇති. නමුත් අරගලය තවත් වටයකින් පටන් ගන්නේ ඔබට සිතා ගැනීමටවත් බැරි ලෙසකිනුයි! ඔබ හිතුවාද අරගලයට පහරදීමම මේ තරම් ව්යවසනයක් රටට ඇති කරාවි කියලා? ගෝඨා ඇතුළු ඔහුගේ නඩය නැවතුමෙත් බංකර තුල. ඔවුන්ටත් මර බිය දැනුනා!
      මමත් අරගලයට පක්ෂව ඊට හැකි උපරිමයෙන් දායක වුනු අයෙක්. මා ජේවීපියට පක්ෂව කටයුතු කරණ්නෙක්! මම මේ පෝස්ටුවේ කියන්නෙත් කුමක්දැයි ඔබ කියවා බැලුවාද? පසුගිය කාලය තුල සිදුවූ කරුණු කාරනා වල හැටියට තරගයේ පරාජය අපේක්ෂා කරමින් ලිපි ලියූවේ අරගලයෙන්ම කියා ඔබ කියන්නේ කෙලෙසද? ඔබ මේ කියන්නේ ඔබේ අදහස් විනා ඔබගේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අදහසද? මා ජවිපෙට පක්ෂයි කියූ පමණින් මම මේ ලියන කියන කරුණු කාරණා සියල්ල ජවිපේ මතය වනවාද? අරගලයට සම්බන්ධවූ සියල්ලෝම ජවිපෙ හෝ පෙරෙට්ටො වෙනවාද? ඔතන 69 ලක්සෙ; පසුව හෝ මොලය පෑදුනු උන් නොසිටියේද? (ඔබ මේ පිළිබඳව මා සමග තර්ක කරණවා නම් මට සාක්ෂි සහිතව; 69 ලක්සෙ එවුංද මේ දිනවල හා මුල සිට අරගලයේ ක්රියාකාරීන්ව සිටි බව පෙන්වාදිය හැකියි) නිකං ඉබා ගාතේ ගල් ගැසීමට වඩා කිසියම් නිශ්චිත පුද්ගලයෙක්, සිද්ධියක් පිළිබඳව කරුණු ලියනවා නම් අපට මේ සංවාදය වඩාත් හරවත්ව ඉදිරියට ගෙන යාමට පුළුවන් වේවි!
      බහුතරය කහපාට ඇඳන් ආපු එකෙන් මිනිසුන්ගේ බහුතර මතය තීරණය කරණවා කියන එක මොන තරම් බොළඳ ප්රකාශයක්ද? මමත් මේ ලිපිය පුරාවටම කියා ඇත්තේ කහපාට ඇඳීම ගැටළුවක් කර ගත යුතු නොවන බව නොවේද? ඔබ මගේ මේ නමින්ම ඇති වත් පොත් ගිනුමට ගොස් බලන්න. මම කහ පාට ඇන්ද එකට මගේ ප්රශංසාව සෑම විටෙකම දක්වා ඇත. සමහර විට මම පෞද්ගලිකව තරගය නැරඹීමට ගියානම් මම ද කහ පාට අඳින්නට ඉඩ තිබුනි. ඉන් අදහස් කරණවාද මම "අරගලයෙන් ඈත්වී ඇති බවක්?
      රට බංකොලොත්වීම කවදා ඇරඹුනත් මේ දැඩි ව්යවසනයට පත්වී මාස ගනනක් පමණි. ඔබ හිතනවාද ගියමාසේ නැතිනම් මේ මාසේ පලමු සතියේ ඕස්ට්රේලියාවේ ක්රිකට් නායකයා; උප නායකයාට කථා කොට "මචං මොකද කියන්නේ ලංකාවට ගිහින් මැච් එකක් දෙකක් ගහලා එමුද?" කියලා අසා ආවා කියා? මෙම තරග කලසටහන සාදා ඇත්තේ මීට වසරකට දෙකකට පමණ පෙර විමට බොහෝ සෙයින් ඉඩ ඇත. ඔබ ක්රිකට් ක්රීඩා කල පාසැලක ඉගෙන ගෙන ඇත්නම්; ඉදිරි වසරේ තරග කාල සටහන හදන්නේ ඊට මාස ගනනාවකට පෙර බව මා නොකිව මනාය. අනෙක ඇෆ්ගනිස්ථානය සමගත් පසුගිය සමයේ තරග පැවැත්වූයේ. ඔවුන් පැමිණීමට වඩා ඔවුන් තුල තිබූ ක්රීඩා ශීලීත්වය හා සුහදශීලීතවය වෙනුවෙනුයි අප ගරු කලයුත්තේ! එය අපගේ ප්රේක්ෂකයින් සිදුකල අන්දම ප්රශංසණීයයි. මෙය මගේ අදහස මිස මා පක්ෂ; දෙශපාලන පක්ෂයේ ස්ථාවරය නොවේ! එසේම එය ඊට වෙනස් වේ කියාද මා මොහොතකටවත් සිතන්නේ නැත!

      Delete
    4. 'බොහෝ අය තම අනන්යතාවය සඟවාගෙන ලිවීම පිළිබඳව මා විමතියට පත්වෙනවා. '
      'මා ජේවීපියට පක්ෂව කටයුතු කරණ්නෙක්! '

      ජේවීපී ඇතුළු ඔය ඊනියා අරගලයට පක්ෂපාති යයි කියන අය විසින් ශෝෂල් මිඩියා ඔස්සේ ගෙනියන තර්ජන කිරීම්, මඩ ගැසීම් නිසායි බොහෝ දෙනෙක් නිර්නාමිකව අදහස් දක්වන්නේ. ගෙවල් ගිනි තියලා, රාජ්‍ය, පුද්ගලික දේපල හානි කරලා, මිනිස්සු මරලා, දේපල මංකොල්ල කාලා ඒ ජේවීපී, පෙරටුගාමී අය පසුගිය නම වෙනිදා සිදුකල භිෂණය අප දැක්කනේ. ඉතින් මිනිසුන් බය නිසා නිර්නාමිකව එනවා. ඔබ එසේ නැහැ.ඔබ කාටවත් මඩ ගසනවා, තර්ජනය කරනවා මා දැක නැහැ. එහෙත් අනික් අය ඔබ වැනි උදාර වූ හදවතක් ඇති අය නෙමෙයි.. ඊනියා අරගලයේ ඉන්නෙම ක්‍රෝධයෙන්, වෛරයෙන් පෙලෙන අය.

      ඔබ සිටගෙන ඉන්නා තැන ඉතාම වැරදියි. කාලය සමග ඔබට එය අවබෝධ වේවි.

      Delete
    5. 9 වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් අදටත් අතඩංගුවට ගෙන ඇති අය සහ ඔවුන් වෙත එල්ලවී ඇති චෝදනා මොනවාදැයි සොයා බලන්න. ගෝටා ගෝ ගමට රජයේ අනුග්‍රහය ඇතිව එල්ල කල ප්‍රහාරයට මූලිකවූ මහින්දව අත් අඩංගුවට ගැනීමට පුළුවන් උනාද? රටේ සිදුවූ ගිනි තැබීම් මිනී මැරීම්. වෙනුවෙන් චෝදනා ලැබ අත් අඩංගුවට පත් පිරිස අතර ජවිපෙ සාමාජිකයින් කොපමන ඉන්නවාද? මා ජීවත් වන්නේ කඩවත අවට
      ගිනිතැබීම් වලට ජවිපෙ සාමාජිකයින් සහභාගී නොවූ බව සීයට සීයක් විශ්වාසයෙන් කිව හැක. ඉබා ගාතේ ගල් නොගහ සංඛ්‍යා ලේඛණ දත්ත සමග කතා කරණ්න. පසුගිය දශකයකට ආසන්න කාලය තුල විරුද්ධ පාර්ශ්ව මත ත්‍රස්තවදය මුදා හැරියේ ජවිපෙ ද රජයද? නිකං කටට ආපූ උතතර දෙන්න එපා! සංඛ්‍යා දත්ත එක්ක කතා කරමු.

      Delete
    6. මම සිටිනා තැන වැරදියි කියා ඔබට කියන්නට හැකියාවක් ලැබුනේ; මම ඉන්නා තැන පිළිබඳව ප්‍රකාශ කල නිසා නේ? ඔබ ඉන්නා නිවැරදි තැනත් කියන්නකෝ අපිටත් ඔතනට එන්න.

      Delete
  2. මෙන්න මගේ සත පහ.
    ලකාවට ඇත්තේ සහනාදාර ක්‍රමය නිසා කෙල උන ආර්ථික ප්‍රශ්නයක්ය. නය අරගෙන ආනයන කර කාල ඇදලා ජොලියේ ඉන්න දේශපාලුවෝ මිනිස්සුන්ට පුරුදු කරා. අපිත් ඒ ක්‍රමය ගෙඩිය පිටින් ගිල්ලා. මිනිස්සු හැම චන්දකින්ම බලපොරුත්තු උනේ වැඩිපුර නිකම් දෙන ඒවාය. අපිට කඩෙන් ගන්න පොල් කොහු කොස්සක් දැන් නැත (මේ මට උන දෙයකි). අපනයන බල්ලට දමා නයට ආනයන කර ජොලියේ හිටියා.

    දියුණු රටවල් වලට ගිය අය අපි ඩොලර් එවන්නම් කියා බොරු ෂෝ දැම්මට උන් මෙහෙ ගෙවල් ගන්න ලකාවේ අම්ම තාත්තා හම්බ කරපු දේපල විකුණලා සල්ලි මෙහෙට ගේනවා. මැද පෙරදිග නුපුහුණු ශ්‍රමිකයන් තමයි ඩොලර් එවන්නේ.

    රාජපක්සලා මේකට පසුව එක් උන අය මිස නිර්මාණය කර අය නොවේ. 2001/9/11 න් පසු හොර සල්ලි පිට රට ගෙනයාම ලේසි පහසු නොවේ austrac.gov.au සමාන ඒවා හැම දියුණු රටවල ඇත. දේශපාලන වාසි බලා රටේ සල්ලි හොරකම් කර පිට රට අරන් ගියා කීම මුලාවකි (අලුත් මහ බැංකුව අදිපති මේය පිළිගනී) සියලුම දේශපාලුවන් සල්ලි කන මැෂින්ය, එක කවදා කවරු ආවත් වෙනස් වෙන්නේ නැත.

    අරගලයෙන් මහින්ද ගෙදර ගිය එක මහා දෙයක් වෙන්න නම්, ඒ හිස් තැන පුරවන්න මහින්දට වඩා මහා කෙනෙක් ඕනය, තවම ඒක උනාද? එක වෙන්නේ නැත්නම් මහින්ද නැවත ඒවි, ඒ අනුව දැනට මට නම් අරගලය පුස්සකි.

    අද ලෝකේ ප්‍රජාතන්ත්‍ර වාදයට විකල්ප නැත. මාක්ස් වාදී කියන උන් දැන් ලෝකයේ නැත. අපේ ගමෙන් ආව දේශපාලුව ගෙදර යවන්න ඕන අපේ ගමේ බය්යියෝ නැතුව කොළබ ටෝය්යෝ නෙවෙයි, එක තමයි ප්‍රජාතන්ත්‍ර වාදය.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. එකඟයි.
      ලංකාවට තියෙන්නේ දෙන ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක්!
      https://www.lankahotnews.net/2022/06/mark-malloch-brown.html
      https://www.ada.lk/breaking_news/e0b685e0b6b8e0b78fe0b6ade0b78ae2808de0b6bae0b78fe0b682e0b781-e0b69c/11-225950

      Delete
    2. ඔබ සිතනවාද රාජපක්ෂලා මෙරට මුදල් ගෙන ගියේ රාජ්‍යතාන්ත්‍රික ලෙස කියා? ඔවුන් බොහෝ මුදල් ගෙන්ගොස් ඇත්තේ කූඨ ලෙස බවයි පිළි ගැනීම!
      ඔබ හිතන්න එපා රට පාලනය කරණ්නට "මහා" කෙනෙක් අවශ්‍යයි කියලා. මතක තබා ගන්න; විශාල පෞර්ෂයකට හිමිකම් කී විසන්ට් චර්චිල්ගෙන් පසුව ඒංගලන්තය පාලනයකලේ ක්ලෙමන්ට් ඇට්ලි බව! ඔඅය "මහා විශාල පෞර්ෂ", "අප්පච්චිලා", "උසමහත දේහ", "ඝන උඩු රැවුල්", "ඇඟ පුරා සිංහල බෞද්ධ" ප්‍රථිරූප හොයන්නට ගිහින් තමයි මේ රටට මේ තරම්ම කෙල උනේ!?

      Delete
    3. රාජ්‍යතාන්ත්‍රික නොවෙන ඒවා ගැන බලන්න තමයි මම කිව්ව සිස්ටම් තියෙන්නේ, දැන් කාලේ මල්ලක සල්ලි දාගෙන ඩුබායි සිංගපුරු ගිහින් බැංකුවක සල්ලි දාන්න බැනේ.

      මම මහා කියන එකෙන් කිව්වේ හැඩ වැඩ ගැන නොවේ, අර මිනිස්සු චන්දෙ දෙන කිරිස්මා කියන මෙව්වා එකට. හරි, අද දවසේ ඔයාගේ තේරීම කවද කියන්න (මස් රාත්තලම ඉල්ලපු අය හැර)
      මම විජේබාහු

      Delete
    4. "දැන් කාලේ මල්ලක සල්ලි දාගෙන ගිහිං බංකුවක දාන්න බෑනේ!" (සභාවේ සිනා) ඔබගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින ප්‍රථම කරුණ මෙරටට දිනකට හෝ නොපැමිණ (මේ අභාග්‍යසම්පන්න අවධියේ) ටෝක් ඉෂූ කිරීම ගැන ප්‍රවේශම් වෙන්න! පසුගිය කාලයේදී මුදල්; "මුදල්" ලෙසම මෙරටින් ගෙනගිය අවස්ථා පිළිබඳව ආරංචි මෙරට පැතිරී ගියා! අප මුහුණ දෙන ලොකුම ගැටළුව වන්නේ; මහින්ද හොරකං කලා කීවාම ඔහු එය පිළිගත්තද උන්ට ආවැඩූ අය නොපිළි ගැනීමයි. වරක් අනුර පාර්ලිමේනතුවේදී මහින්දට ඔහු ඉදිරි පිටදීම චීන සමාගමකින් ලැබුණු චෙක් පත පිළිබඳ නිහඬව සිටියද ඔහුගේ පාක්ෂිකයින් එය පිළිගන්නේ නැත! බලාන ගියාම ඔවුන් පුදුමාකාර ජීවීන් කොටසකි! ඔබ අහනවා මගෙන් මගේ තේරීම: අනුර කුමාර දිසානායක ප්‍රමුක ජාතික ජන බල වේගය!

      Delete
    5. මම ජනවාරි මැද සිට පෙබරවාරි මැද දක්වා හිටියේ ගාල්ලේ අගෝස්තු වලත් එනවා, මම මහින්දට ආවඩන "උන්" ගෙන් කෙනෙක් වත් පාක්ෂිකයෙක් වත් නොවේ. ලංකාවේ පැතිර යන දේවල් වලින් කීයක් ඇත්තද? දවසක් මංගල සමරවීර කිව්වා මහින්ද USD BIL 80 ඩුබයි බැංකුවක දැම්ම කියලා (තෝරා බේරා ගන්න) සබාවේ සිනා ගැන මගේ අදහස නම් "දකින්න අකමැති අයට වඩා අන්ද අන්දයෝ නැත"
      මම විජේබාහු

      Delete
    6. ඇත්තටම විජේබාහු මහත්තයා මහින්දලා කරපු දේවල් ගැන ලියන්න වෙනමම පෝස්ටුවක් ලියන්න වෙනවා. අප දකින්නේ; අප දකින්න අපේක්ෂිත දේවල් පමණයි! ඒකට කියන්නේ "සුලභ දෘෂ්ඨි අගතිය" කියලායි. ඔබ ප්‍රකාෂයක් කරණවා "මම මහින්දට ආවඩන කෙනෙක් වත් පාක්ෂිකයෙක් වත් නෙවේ!" කියලා. නමුත් ඔබ ගෝඨා පිළිබඳ අධි තක්සේරුවෙන් හිටිය කෙනෙක්! ඒ ගැන ඔබේම වචන වලින් මගේ "ගෝඨා 2020" පෝස්ටුවට ගියොත් බලන්නට හැකිවෙයි. ඔබ ඒ සඳහා වෙහෙස කරවීමට මාගේ ඇති අකමැත්ත නිසාම මෙතන දක්වන්නම්! නමුත් අදවන විට ඔබ පමණක් නොව; මේ වන විට අපටත් ඉදිරියෙන් පෙරමුණේ සටනේ ඉන්න අය අතරේත් බොහෝ අය ඉන්නවා ඉච්ඡාභංගත්වයට පත්වූ. ජවිපෙ ගැන මගේ සරළ කියැවීම නම් "ජවිපෙ යනු බෝසත් ළමා සමාජයක් නම් නොවන බවයි" එහි අඩු ලුහුඩුකම් ඇති. ඔවුන් කිසි විටෙකත් සර්වතෝභද්‍ර නොවේ. ඔවුන්ගේ ඉතිහාසය තුල වැරදි තිබෙන්නට පුළුවන්. දැන් ඔබම කියන්න මේවන විට දේශපාලන කරළියේ ඉන්නා සජිත්, මෛත්‍රී, ඩලස්, රනිල්, ගෝඨා හා අනුර අතරින් අප තෝරා ගත යුත්තේ කවුරුන්දැයි කියා? අනුරටත් ජවිපෙටත් දෙස් දෙවොල් තබන අය ගෙන් මම මේ පරශ්ණය බොහෝ විට අසා ඇත! ඔවුන්ටද පිළිතුරක් නැත! "කාට ගියත් කමක් නෑ ජවිපෙට නොදී" කියන අදහස තමයි බොහෝ අය තුල තියෙන්නේ! ඒ පිළිබඳව කියන්නටනම් දෙයක් නැත; කෙටියෙන් "සොරි!" කියනවාට වඩා!
      ඔය මුදල් ගෙන ගිය කාරණා පිළිබඳව අප හමුවූ විටෙක කථා කරමු. අගෝස්තුවේ ඔය පැත්තේ එන්නයි ඉන්නේ! බලමු කොහේදී හෝඅ මුණ ගැසෙන්න. මාගේ ප්‍රකාශය පිළිබඳව දැනට 50% විශ්වාසය තබන්න. හමුවූ විට මම ඉතිරිය සම්පූර්ණ කරණ්නම්! මා පෙර කී ඔබගේ ගෝඨා පිළිබඳ එකල පෙරයීම පහත දක්වන්නම්!

      //he could be our Lee Kuan Yew.//(Gotabaya)n (මේ ඔබ නොවේද?)

      Delete
    7. ඔව් මම එහෙම හිතුවා කිව්වා, හේතුවත් මම ලියලා ඇති. අද උනත් මම හිතන්නේ ගෝටා ලංකාවට හම්බ උන ලාස්ට් චාන්ස්‌ එක කියලා. ඉදිරිය මිට වඩා අන්තයි කියලා (සිරිමා පරදා ජේ ආර් අවා වගේ)

      Delete
    8. "ලාස්ට් චාන්ස් එක!" ඔබ තුමා විහිළු
      කරණවද? මේ දිනවල ගෝඨාවත් ඔහොම හිතන්නේ නැතිව ඇති! රටට සාගතයක් එන තැනට, බේතක් හේතක් නැති තැනට ගෙන ඒමද අපිට තියෙන ලාස්ට් චාන්ස් එක! ඔබ මේ වැකිය මුලින්ම ලිව්වා නම් අප දෙදෙනාගේම කාලයත් ඩේටා ටිකත් ඉතිරි වන්නට ඉඩ තිබුනි!

      Delete
  3. අරගලයට ආසන්නතම (සහ ප්‍රධාන ම) හේතුව: ඉන්ධන, විදුලිය, ගෑස්, ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් නැතිවීමත් එක්ක ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට බැරිවීම (කෙටියෙන් කීවොත් රට බං⁣කොලොත් වීමේ ආර්ථික අර්බුදය)

    රට බංකොලොත් වීමට ආසන්නතම හේතුව: මීට කලින් තිබුණ ආණ්ඩුව විසින් මෝඩකමට හෝ හිතාමතා ම (සමහර විට ඔය දෙකට ම) කරපු "ආර්ථික ඝාතනය" (අවුරුදු හැත්තෑ ගාණක දුර්වල ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඕක ලේසි වුණා වුණත් මොළයක් සහ අවශ්‍යතා තිබුණ නම් බංකොලොත් නොවී ෂේප් එකේ යන්න ඉඩ තිබුණා)

    අරගලයේ මූලික අරමුණ: අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ගෙදර යැවීම. ඒ ඒ ආණ්ඩුවත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි; මෝඩකම නිසා හෝ හිතාමතා උන් කරමින් හිටපු විනාශය නැවැත්වීම සහ ඒක ආපහු හැරවීම. ඒ හරහා තමන්ගේ එදිනෙදා ජීවිත කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් ව⁣ටපිටාවක් හදාගැනීම (එහෙම නැතුව ධනේශ්වරය පෙරලන්න හරි සමාජවාදය ඇතිකරන්න හරි මිනිස්සු මිරිහානට ආවෙ නෑනෙ)

    දැන් එතකොට මේ වෙනකොට අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ඩි ෆැක්ටෝ ගෙදර ගිහිං තියෙනව. කඳ ඒක ම වුණත් අලුත් ආණ්ඩුවට තියෙන්නෙ වෙන ඔළුවක්. සමස්තයක් විදියට ගත්තොත් කලින් තිබුණ ආණ්ඩුව විසින් කරපු ආර්ථික ඝාතනය නැවැත්වීමට සහ ඒ විනාශය ආපහු හැරවීමට මේ අලුත් ආණ්ඩුව සතුටුදායක මට්ටමේ වැඩක් දැනට කරමින් ඉන්නව කියල යම් සමබරතාවක් තියෙන ඕන කෙනෙක් හිතනව, මම හිතන්නෙ. ඒ වැඩපිළිවෙළ පර්ෆෙක්ට් නැතිවීම, තාමත් පරණ කඳ තියෙන නිසා කොයි වෙලාවක හෝ අලුත් හිස ගසාදමා පරණ හිස හයිකිරීමේ අවධානම, අලුත් හිසත් ඉදිරියේ දී පිස්සු කෙළීමේ හෝ ෆේල් වීමේ අවදානම වගේ ගොඩක් අවදානම් තිබුණත් දැනට සතුටුදායක මට්ටමකින් දේවල් සිද්ධවෙමින් යනවා.

    දේශපාලන වශයෙන් කවුරු මොන ආකෘතියෙ ආණ්ඩුවක් හැදුවත් අඩුවැඩි වශයෙන් යන්න වෙන්නෙ මේ පාත් එකේ ම තමයි, මම හිතන්නෙ. එතකොට මේ අර්බුදයෙන් ගොඩ එනකල් මොන ආණ්ඩුවක් යටතේ වුණත් පෝලිම්, භාණ්ඩ හිඟය, ආදායම් නැතිවීම වගේ මේ ප්‍රශ්න ටිකට මූණදෙන්න වෙනවා. දැන් අපි ඉන්න තත්ත්වයෙ හැටියට ඔය ටිකට මූණ නොදී එක දවසින් ගොඩ එන්න බෑ (ජාජබ හරිනිත් කලින් ම ඕක කීව).

    ආපහු සරළ ව කීවොත් ආර්ථික වශයෙන් අපි මේ අත්විදින පීඩාවල⁣ට හේතුව මීට කලින් දේශපාලන බලය තිබුණ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව නෑ. දැන් තියෙන ආණ්ඩුව ට්‍රයි කරන්නෙ (අඩුපාඩු සහිත ව) අර ඩැමේජ් එක රිකවර් කරන්න. මේ වෙලාවෙ මොන ආණ්ඩුවක් ආවත් අඩුවැඩි වශයෙන් කරන්න තියෙන්නෙ ඒක ම තමයි. ඒ කියන්නෙ රෝග නිධානය අපි මේ වෙද්දි නැතිකරල තියෙනව. හැබැයි ⁣ඒක නිසා ආපු රෝග ලක්ෂණවලින් අපි තාම පීඩාවට පත්වෙමින් ඉන්නවා. රෝග නිධානය තිබුණු තැන ආයෙ කැපුව කෙටුව කියල මේ රෝග ලක්ෂණ අඩුවෙන්නෙ නෑ. ඒව කොහොමත් ඒවට අදාළ කාලය ගියාම තමයි අඩුවෙන්නෙ. ඕන නම් රෝග ලක්ෂණ පාලනයට වේදනා නාශක ⁣ට්‍රයි කරන්න පුළුවන්.

    සරළ ව කීවොත් ප්‍රශ්නෙ තෙල් පෝලිම් ගෑස්, පෝලිම්, භාණ්ඩ හිඟය නම්, මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ක්‍රියාමාර්ගවලින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නෙ නෑ. හෙට මේ ආණ්ඩුව පෙරළලා වෙන මොන ම හෝ ආණ්ඩුවක් ආවත් ඒ ප්‍රශ්නවලට ඒකෙන් කිසිම විසඳුමක් ලැබෙන්නෙ නෑ. එකම දේ ආපහු රෝග නිධානය ඇක්ටිව් වෙන්නැතුව තියාගන්න ඒ එන හෝ ඉන්න ආණ්ඩුව සමත් ද කියන එක විතරයි. මම හිතන විදියට දැනට ආණ්ඩුව ඒ වැඩේ සැලකිය යුතු මට්ටමකින් කරගෙන යනව. ඒකට අදාළ ප්‍රතිසංස්කරණවාදී "සිස්ටම් චේන්ජ්" ටිකත් හෙමින් වෙන බවක් පේනවා.

    හැබැයි විප්ලවීය "සිස්ටම් චේන්ජ්," ධනවාදය හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන මොකක් හරි වෙන එකක්, නිර්ධන පංති ආඥාදායකත්වයක් වගේ දේවල් බලාපොරොත්තු වුණු අය ඉන්නව නම් ඒ අය බලාපොරොත්තු වෙන දේ පැහැදිළි ව ම සිද්ධවෙන්නෙ නෑ. එදිනෙදා ප්‍රශ්න නිසා පාරට බැස්ස ජනතාව ඒ වගේ විප්ලවීය දේශපාලන න්‍යායපත්‍රයකට පාවිච්චි කරන්න බලාගෙන හිටපු අය ඉන්නව නම් ඒ අය⁣ට දිගින් දිගට මේ දේශපාලන අරගලය කරන්න හේතු තියෙනවා. ඒ ඇරෙන්න එදිනෙදා ප්‍රශ්න ටික විසඳගන්න අරගලයට ආපු මිනිස්සුන්ට මේ මොහොතේ ආණ්ඩු පෙරලන්න උවමනාවක් නෑ.

    ඉතිං අර විප්ලවීය අරමුණ තිබුණ පිරිස කවදත් හිටියෙ සුළුතරයක් නෙ. ඉතුරු කට්ටිය ගෙවල්වට ගියාම ඉතුරුවෙන්නෙ ඒ සුළුතරය තමයි. ඒ ගැන පුදුම වෙන්නවත් දුක්වෙන්නවත් දෙයක් නෑ. අර හිටපු "3%" තමයි ඔය තාම ඉන්නෙ. ඒක වැඩිකරගන්නෙ කොහොමද, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එයාලගෙ විප්ලවීය දේශපාලන ඇජෙන්ඩාවලට කැමතිකරගන්නෙ කොහොමද කියල එක ඒගොල්ලො බලාගන්න ඕන; ඒක නිකං කටට වැටෙයි කියල හිතං ඉඳල පස්සෙ ඩිසපොයින්ට් වෙන එක තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මා සීයට සීයක් ඔබ සමග එකඟ නොවූනත් ඔබගේ දැක්ම පිළිබඳව මා සතුටු වෙමි. (මාගේ එකඟත්වය ඔබට වැඩක් නැති බවද දනිමි!) ඒ ගැටළුව ඇතිවීම පිළිබඳව ඔබතුල ඇති නිවැරදි දැක්මයි. විප්ලවීය වෙනසකින් පසු සමාජවාදී රාජ්‍යයක් බිහිවේයැයි මමද නොසිතමි. එහෙත් නීතිය යුක්තිය රජයන්; දූෂනයෙන් භීෂනයෙන් ඈත්වූ ධනපති ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක සුභ සිහින දකිමි. 3% ඊළඟ මැතිවරනයේදී එතැනින් උඩට යයිද නැත්තට නැතිවෙයිද කියා කියන්නට මා ඉක්මන් නොවෙමි. කිසිවෙකු සිතනවානම් "අරගලය"; 3% වැඩක් ඔවුන්ගේ කාර්‍ය භාරයක් පමණක්ය කියා මට කියන්නට ඇත්තේ සොරි! කියා පමණි!

      Delete
  4. අරගලය ගැන මගේ ඇත්ත අදහස මේ පවතින අරගලකාමයට වඩා රාජපක්ෂලා වුනත් හොඳයි කියන එකයි. අරගලකාමීන්ට අනුව තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන්නා ද්‍රෝහියෙකි. හොරෙකි. ඌට අපහාස කළ යුතුය. නින්දා පරිභව කළ යුතුය. හැකි නම් පහර දිය යුතුය.

    අරගලයට එක්නොවෙන සියල්ලන්ටද බැන වැදීමේ අපහාස කිරිමේ අයිතිය උන් සතුය. මැච් එකක් බලා විනෝද වීමත් උන්ට අනුව අපරාධයකි. සියල්ලන්ගේ විනෝදය කඩාකප්පල් කිරීම අරගලයේ මූලික කාර්‍යයක් වී ඇත.

    මේ අරගලකාමීන් අනෙක් ජනතාව වෙනුවෙන් මහා වීරෝදාර යමක් කරනවා යැයි ඔවුන්ම ප්‍රකාශ කරමින් සිටී. ඒ මහා එකේ බලයෙන් උන්ට සාමාන්‍ය ජනතාවට ඕනෑම අපවාදයක් අපහාසයක් කළ හැකිය. ඒ කාලෙ තිබුනු රණවිරු ගාය සහ අරගලකාමය යන දෙකම මේ වනවිට සමය. අපි වෙනුවෙන් අරගල කරන්නැයි කවුරුවත් මේ අයට කීවාදැයි දන්නේ නැත.

    මේ අරගලය තඩි පිරිමි අරගලයකි. එහි ගැහැනු ඉන්නෙ බැරියර් පෙරලන පිරිමි රිමාන්ඩ් එකෙන් එනකං දුක් කවි ලියන්නයි. අරගල පෙරමුනේ ගෑනුන්ට ඉඩක් නැත. කොටින්ම අරගලයට පණ දුන් හිරුනිකාවත් අරගලකාමීන්ගේ පිලිගැනීමට ලක්වෙන්නෙ නැත. මේ අරගලය තුලින් බිහිකිරීමට බලාපොරොත්තු වෙන ලෝකයට වඩා මේ පවතින ලෝකය මනුස්සය. මනුස්සකම අගයන කෙනෙක් නම් මේ මොහොතේ අරගලයට ප්‍රතිපක්ෂය.

    රාජපක්ෂවාදයේ අපි ප්‍රතික්ෂේප කළ සියලු දේ අඩුවැඩි වශයෙන් අරගලයේ ලක්ෂණ වී ඇත.

    'භයානකම දේ ඔබ මකරාට විරුද්ධව සටන් කරද්දී ඔබම මකරා බවට පත්වීමය'

    ReplyDelete
    Replies
    1. දයාබර සොයුර! ඔබට පිළිතුරු දීමට පෙර මා එක ප්‍රශ්ණයක් ඔබගෙන් අසන්නම්! ඔබ එක් දිනක් හෝ අරගල භූමියට ගොස් ඇත්ද? එයට සහභාගී වූ දින ගනන හෝ පැය ගනන සඳහන් කරණ්න! මම ඉන් පසු හැකි උපරිමයෙන් සාධාරණවූ ප්‍රාකාශයක් කරණ්නම්!
      අරගලයට සහභාගී වූවන් විසින් ඊට සහභාගී නොවූවන් හට කිසියම් අසාධාරණයක් අකටයුතුකමක් කරණ්නේ නම් ඒ පිළිබඳව මමද එකඟ වන්නේ නැත! 88-89 වකවානුවේ හමුදාවේ හා පොලීසියේ නිළධරයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් වැනසීම සිදුවූයේ ජවිපේ ගිනුමට බරවූ අන ය වෙතිනි. එය මා අසා ඇති පරිදි "මොසාඩ්" උපදෙසකි. ඉන් පසුව හමුදා සෙබලුන් හා පොලිස් නිළධාරින් ජවිපේ මර්ධනය තම පෞද්ගලික අවශ්‍යතාවයක් කරගත්තෝය!
      මේ ගැනත් හිතන්න!
      මා ඉහත ඇසූ පැනයට පිළිතුරක් දෙන්න! සංවාදය ඉදිරියට ගෙන යමු!

      Delete
  5. කහ ඇඳගෙන මැච් බැලීම ලංකාවේ මොන දේශපාලන පක්ෂයක අනුග්‍රහයෙන් සිදු කළාද කියන එක මම දන්නේ නැහැ. ඒ උනාට එයින් අපේ රටේ සාමාන්‍ය මිනිසුන් ගැන ජාත්‍යන්තරව (විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ) හොඳ චිත්‍රයක් මැවුන බව නම් කිව යුතුයි. ඕස්ට්‍රේලියාවේ දිනුමක් ප්‍රධාන ප්‍රවෘත්තිය කරගන්නා, පරාජය වූ තරඟයන් ගැන කතා නොකරන ඕස්ට්‍රේලියානු මාධ්‍ය බොහොමයක් මේ තරඟය ගැන වාර්තා කිරීමේදී මුල් තැන දී තිබුනේ තරඟ ජයග්‍රහණයට නොව මේ කහ ඇඳගෙන ඔස්ට්‍රේලියාවට කෘතඥ වීම පිළිබඳවයි. මේ එවැනි Headlines කිහිපයක්.

    "Thank You Australia": Sri Lankan Fans' Heartwarming Gesture For Tourists.

    Australian players applaud as Sri Lankan fans thank the visitors for coming amidst crisis

    Sri Lankan fans thank Australia for visiting island nation

    Sri Lankan crowd hails Australian team, thanks the tourists

    Sri Lankan spectators' special gesture towards Australian

    Crowd cheers for touring Australia side, dresses in yellow

    Sri Lankan fans express gratitude towards Aussies for touring

    ReplyDelete
    Replies
    1. ඔවුන් පැමිණීමට වඩා ඔවුන් තුල තිබූ ක්රීඩා ශීලීත්වය හා සුහදශීලීතවය වෙනුවෙනුයි අප ගරු කලයුත්තේ! එය අපගේ ප්රේක්ෂකයින් සිදුකල අන්දම ප්රශංසණීයයි. කෙසේ වෙතත් අපගේ ප්‍රේක්ෂකයින් ඉංදිය, පාකිස්ථාන් හා බංගලියන්ට වඩා ඉඅහලින් සිටිති!

      Delete
  6. රාම සැරය පරදයි නෙව හීන් සැරේ
    අනතුර වළකනව උපා නිරන්තරේ
    නරකත් හොඳ වෙන තැන් ඇත දිවි කතරේ
    මොළෙන් ගැසිය යුතු, කල් බලලාය හුරේ!

    ReplyDelete
  7. ඔබේ අදහස් කියවන විට මට ප්‍රශ්න තුනක් හිතට එනවා. රනිල් අගමැතිකම බාර අරගෙන අරගලය දියාරු කලා (අල කරා) කියන විට හිතට එන්නේ රනිල් වැනි ශක්තිමත් ජන පදනමක් නැති අයෙක් අගමැතිකම බාරගත් නිසාම අරගලය දියාරු වෙනව නම් එම අරගලයට කෙතරම් ජනපදනමක් තිබේද යන්නයි. එමෙන්ම ගෝටා, මහින්ද, රනිල් රජය එළවා ප්‍රගතිශීලී පාලනයක් බිහිවන තුරු ජනයා ක්‍රීඩා නොකොට, කලා කටයුතු වල නොයෙදී අත්තකිලමතානුයෝගයෙන් සිටිය යුතුද? වඩා සුදුසු වන්නේ එවැනි ජන පදනමක් සහිත මානව ක්‍රියාකාරකම් ජන අරගල ඉදිරියට ගෙනයාම සඳහා නිර්මාණශීලීව යොදා නොගැනීම ද?

    ReplyDelete
    Replies
    1. එතන අරගලය දියාරු උනේ ජන පදනමක් නැති නිසාම නෙමෙයි.

      හිතන්නකො 4n එකට tempered glass එකක් දාලා තියෙනවා කියලා, එතකොට phone එක වැටුනම display එකට අවුලක් වෙන්නෙ නෑ, tempered එක බිදෙනවා විතරයි ගොඩක් වෙලාවට.

      අන්න ඒ වගේ ගෝටාට විරුද්දව ආපු අරගලයේ බලපෑම මහින්ද අයින් වෙලා රනිල් ආපු නිසා, ගෝටාට බලපාන්නෙ නැතුව ගියා.

      තේරුනාද මන් දා🤔

      Delete
    2. මේ ව්‍යවස්ථාව තුල අරගලයට තබා මොනම දේකින් වත් ජනාධිපති ඉවත් කරණ්න බෑ. එක්කෝ එයා ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් අස්වෙන තැනට වැඩ සිද්ධ කලයුතුයි. ඒ අස්වෙන තැනට වැඩ සිද්ධ කිරීමට පාර්ලිමේන්තුව හොඳ අවියක්. මන්ද ජනාධිපතිගේ අයවැය පාර්ලිමේන්තුව හරහා දිවෙන නිසා. අරගලය උත්සන්න වීම තුල ජනාධිපතිට තිබෙන එකම ආරක්ෂාව තමා පාර්ලිමේන්තුවට මුවා වීම! ඒක ඒ විදියටම උනා.

      ඔබ අසා ඇතිඅත්ථකිලමතානුයෝගය පිළිබඳ ප්‍රශනයක්. ඒකට උත්තර දෙකක් දෙන්නම්.
      1.අරගල කරුවන් කිසිමොහොතක කීවේ නෑ ක්‍රීඩා කලා කටයුතු නවතා දමන්න කියලා. (මෙතන මා "අරගල කරුවන්" කියා වර නගන්නේ ෆේස් බුක් වීරයින් නොව අරගලයේ මාධ්‍යප්‍රකාශකයින්! ඒනිසා ඔබට ඕනෑම කිරීඩාවක නිරත විය හැකියි. (අර තෙල් පෝලිං වලත් ඕමි ගහන්නේ!?)
      2.මෙහිදී ක්‍රීඩාව තුලින් ලබන ජයග්‍රහණ පිළිබඳව වත් පොතේ සුන්දර වැකියක් තිබුනා එය මෙසේය:-" මේදිනවල ක්‍රීඩා තුලින් ලබන ජය; මිනියක් ගෙදර තිබියදී බූරු ගසා ලබන දිනුමක් වැනිය" කියා!

      Delete
  8. දැන් ලංකාවෙ ආර්ථික අර්බුදය නිසා තියන ලොකුම ප්‍රශ්නයවන ඉන්ධන ගැටලුව හැන්ඩ්ල්කරන විදිහෙන් පේනවා ලංකාවෙ සම්ප්‍රදායික ලෙඩ වශයෙන් තියන හොරකම දූෂණය නාස්තිය ජාති /ආගම් /සංස්කෘතික/ දේශපාලන අන්තවාදය වගේ දේවල්වලට අමතරව අකාර්යක්ෂමබව, කලමනාකරණ/
    සංවිධාන නොහැකියාව, මොලේ අඩුකම අනිත් ලෙඩ ගාණටම තියනව කියල

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ, ඔයා ඒ ටික ළගදි ද දැනගත්තෙ😑 1948 ඉදලම තිබුන එකක් තමයි මේ දැන් එක පාරට පුපුරලා ගියෙ.

      https://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1

      මෙහෙටත් ඇවිත් යන්න එන්න පුලුවන් නම්🤗

      Delete
    2. එකෙන්ම! ගමක බුලත් විට කඩයක් කරණ එකෙකුට තිබෙන කළමණාකාර දැනුමවත් මේ නීල හොරුන්ට තිබුනේ නැත!

      Delete
  9. මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල් වූවෙක්. සෑහෙන පිරිසකගෙ කතාබහට ලක්වුනු මැච් එකට කහපාට ඇඳීමේ කැම්පේන් එකට මං කැමති ඒක සතුටේ නිෂ්පාදනයක් නිසයි.

    ලංකාවෙ පොදු මානසිකත්වය අසතුටට බරයි. දුකම උත්කර්ෂයට නංවනසුලුයි. ජනප්‍රිය බුද්දාගම හරහා ආපු මේ නොසතුටෙහි ලැගීම වාමාංශික පක්ෂ විසින් කරට ගත්ත දේශපාලනයයි. ඒක නිසා සතුටේ නිෂ්පාදනයක් සිද්ද වෙන ඕනම තැනකට වම විරුද්ද වෙනවා. ලංකාවෙ වම ආගම වගේම සෙක්ස් සහ මත්ද්‍රව්‍යවලටත් විරුද්දයි. මොකද ඒවා සතුටේ නිෂ්පාදන නිසා.

    මේ කැම්පේන් එක දිලිත්ගෙ එකක් කියල කියනවා. ඒක වෙන්න පුළුවන්. දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්. ඒ කැම්පේන් එක කොයිතරම් සාර්තක වුනාද කිව්වොත් ඒක සාර්තක කරන්න වැඩියෙන්ම මැදිහත් වුනේ ඒකට විරුද්ද පාර්ශ්වමයි. කොටින්ම තාම ඒකට බනිනවා. ඒ කියන්නෙ කාලා ඉන්න බැරි තරමට සාර්තකයි. දිලිත් කීපවතාවක්ම මාත් පිලිගන්න කතාවක් මේ අර්බුදය ගැන කියමින් හිටියා. ඒ තමයි පොසිටිව් මානසිකත්වයක් හදන්න ඕන කියන එක. සතුට නිර්මාණය කරන්න ඕන කියන එක. ආර්තික විද්‍යාව ගැන දන්න ඕන කෙනෙක් මේ කාරණය පිලිගන්නවා. අර්බුදයකින් ගොඩඑන්න නම් වැදගත්ම දේ වෙන්නෙ සමාජ අපේක්ෂාව ධනාත්මක දිශාවකට හරවන එක. අන්තිමට ආර්තිකය තීරණය කරන්නෙ සමාජයේ මානසිකත්වය විසින්. වැටෙනවා කියල විශ්වාස කරනවා නම් වැටෙනවා. නැගිටිනවා කියල විශ්වාස කරනවා නම් නැගිටිනවා. කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්. මේ වගේ කැම්පේන් තව තැන්තැන්වල වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

    මේ කැම්පේන් එකේ වඩාත් සාර්තක කාරණයක් වුනේ ඒක අන්තර්ජාතික සබඳතාවයක්, විවෘතභාවයක් සහිතව ක්‍රියාත්මක වුන එක. ඒක නිකං අපේ ජාතිය උඩදානවා වගේ කොටුවුනු දුප්පත් කැම්පේන් එකක් නෙමෙයි. අපිට සපෝර්ට් එකක් දීම වෙනුවෙන් වෙනත් ජාතියකට සුබපතන පොහොසත් කැම්පේන් එකක්.

    ඕනම සමාජයක පවතිනවා එනර්ජි එක්සස් නැත්තං ශක්ති අතිරික්තය කියල කාරණයක්. මේ ගැන ජෝර්ජ් බටායි විස්තර කරනවා. මේ අතිරික්තය ආර්තිකය කියල අපි හඳුන්වන සීමාවට වඩා විශාල වපසරියක ක්‍රියාත්මක වෙන එකක්. ආර්තිකය නැවතුනා කියල අතිරික්තය නවතින්නෙ නෑ. බටායි කියන්නෙ මේ ශක්තිය යම් ආකාරයකින් නාස්ති වීම අනිවාර්යයක් කියල. මේක වැය කරන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන එක තමයි නැවත නිෂ්පාදනයට යොමු කරන එක. ඒ කියන්නෙ තව තව නිෂ්පාදන සමාජයට ගේන එක. මේක තමයි පාරිභෝජනවාදය කියන්නෙ. අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න. අනිත් විදිහ තාර්කිකව ඵලදායී නොවන ආකාරයකින් මේක වැය කිරීම. පිරමිඩ හදන්නෙ, දාගැබ් බඳින්නෙ මෙන්න මේ වැයකිරීමට. ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා. සමාජයට විශ්වාසය ඇති කරවනවා. පරම්පරා ගානක් ඒ ශක්ති ඝනීභුත කිරීම පවතිනවා.

    ReplyDelete
  10. මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ. පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය. ෆේස්බුක් එකේ මේ විදිහට පෝස්ට් දමමින්, එකිනෙකාට බැනගනිමින් අපි වැය කරන්නෙ ඒ අතිරික්තය.

    මේ අතරෙ ක්‍රිකට් මැච් එකක් කියන්නෙ මේ අතිරික්තය සතුට ඉපිදවීම වෙනුවෙන් පාවිච්චි කරන තැනක්. කහ කැම්පේන් එකක් කියන්නෙ ඒ සතුට සාමූහිකව බුක්ති විඳීම වෙනුවෙන් නිර්මාණය වුනු සංකල්පයක්. මේ අදහස දෙරනෙන් මතුවුනා වෙන්න පුළුවන්. ඒත් අරගලකාමීන් කිව්වෙ මොකක්ද පක්ෂයක් එදාට එලියට ඇවිත් මේ කහපාටෙහි සතුට බිලිබාගන්නවා කියලා මාන්දමික කතාවක්. නැවත ඒ සතුටට කුහකත්වය ආරෝපණය කිරීමක්. එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු කහපාටින් සතුට බෙදාගත්තා. ඒ සතුට කොයිතරම් ප්‍රබලද කිව්වොත් තාමත් නොසතුටේ පිරිස නලියනවා.

    මේ ගැන නිර්මාල් හරි කවුරු හරි අදහසක් මතු කරලා තිබුන ඩයස්පෝරා‍ව ගොඩක් සල්ලි එවනවා ඒ අයටත් ස්තුති කරමුද කියල. මේක මේ ක්‍රියාවලිය ගැන නොදැනුවත්කම විසින් නගන ප්‍රශ්නයක්. ඩයස්පෝරාව තමන්ගේ නෑයන්ට සල්ලි එව්වට මේ දේ සිද්ද වෙන්නෙ නෑ. හැබැයි ඩයස්පෝරාව හෝ වෙනයම් කෙනෙක් ක්‍රීඩා උත්සවයක්, සැනකෙලියක් පවත්වනවා නම් එතකොට මේ දේ සිද්ද වෙනවා. මේ සාමූහික සතුට නිෂ්පාදනය නැත්නම් අතිරික්තය වැයවීම සිද්ද වෙන්නෙ එතකොටයි.

    මේකෙන් ඩොලර් එන්නෙ නැතිය, මේකෙන් අරක වෙන්නෙ නැතිය කියන ප්‍රලාප සියල්ලත් ආපහු තාර්කික ආර්තික කාරණාවලම හිරවුනු පටු දුක්ඛිත කතන්දර. මේකෙ අරමුණ සතුට. ඩොලර්වලින් ගන්න බැරි තරම් සතුට. මේ වෙලාවෙ අඳුරු හැගීමක වෙලිලා ඉන්න මිනිස් සමූහයකට ඒක රිදී රේඛාවක් වගේ වෙනවා. මහා පරිමාණයෙන් හැම තැනම සිද්ද වෙනවා නම් ඒක ආර්තිකයට ෂොක් තෙරපි එකක් විදිහට වැඩකරනවා. මිනිස්සු එලියට බහින්න, වියදම් කරන්න, සතුටු වෙන්න පෙළඹෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. ඒකයි කඩා වැටෙන ආර්තිකයකට තියෙන හොඳම විසඳුම.

    දිලිත් මේ වැඩේ කළා නම්, දිලිත්ට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මා සිතන පරිදි මාගේ පෝස්ටුවේද වැඩි නැඹුරුවක් ඇත්තේ ඔබගේ මතයටය!

      Delete
  11. තට්ට මාමෙ,
    link වල තිබුන කලින් ලිපි 3 ද කියෙව්වා. වර්ථමානය ගැන තේරුම් ගැනීමට සහ අනාගතය සැලසුම් කිරීමට අතීතය වැදගත් ය. නමුත් අතීතය ගැන කතා කරමින් සිටියාට රටට සිදු වන යහපතක් නම් නෑ නේද?

    සජිත් හා රනිල් භාර නොගත්තෙ නොහැකියාව නිසා බව මගේ මතය. පුලුවන් නම් තමන්ගෙ පැහැදිලි වැඩසටහන කියලා, කොන්දේසි දාලා හරි එන්න තිබුනා. එහෙම කරේ නෑ. නිකම් කොන්දේසි දදා හිටියා විතරයි.

    අනික අරගලය දිනුවාට නම් රට දිනෙන්නේ නැත. ඊට වඩා කලයුතු බොහෝ දේ ඇත. ඒ ගැන අදහසක් තිබේද?

    https://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1
    මෙහෙටත් ඇවිත් යන්නත් එන්න🤗

    ReplyDelete
  12. කහ ඇදීම සම්බන්දව දැවැන්ත පසුබිමක් තිබිලනෙ ඒ කියන්නෙ. මොනවා වුනත් ප්‍රේක්ශකයින් බහුතරය හදවතින්ම ඒක කලා කියලයි මට දැනුනෙ. ඔසී ටීම් එක lap of honour කරන අතර ප්‍රේක්ෂකයින් ප්‍රතිචාර දක්වපු විදිහ ඇස් වලට කඳුලු එන දර්ශනයක්. Such beautiful energy and humanity at its best.

    සෑම් මහත්තයා කියලා තියෙනවා වගේ හෙඩ්ලයින්ස් වගේම Twitter වගේ ෆෝරම්ස් වලත් තිබුනෙ ඉතාම ධනාත්මක ප්‍රතිචාර. ගොඩක් අය කමෙන්ට්ස් කරලා තිබුනා 'Sri Lanka will pull through this crisis කියලා. ඇනෝ (10:24 AM) කියලා තියෙන දේටත් මම එකඟයි සතුට ඇති කරගැනීම ගැන

    ReplyDelete
    Replies
    1. ඔව් නෙළුම්; මමද ඊට එකඟ වෙමි!

      Delete
  13. ලෝකේ පරම ශුද්ධ සන්ධාන කොහෙවත් තිබිලා නෑ... එත් මේ අශුද්ධ සන්ධානය දැන් රටට හිරිකිතයක්, පිළිලයක්. ඇතිවී තියෙන අර්බුධ සමතයකට පත් කරන්නද වැඩපිළිවෙලක් සහිත දේශපාලන කණ්ඩායමකුත් මේ වෙලාවේ දකින්නට නැහැ. 'අන්තෝ ජටා බහි ජටා'

    ReplyDelete
    Replies
    1. අධෛර්‍යමත් වන්න එපා! මේක හදන්න අහසිනෙකෙක් එන්නෙත් නෑ!! කවුරුවත් ඇවිල්ලාඅ හදලා දීලා යන්නෙත් නෑ!!! මේක අපිම ගොඩ දාගතයුතු දෙයක්. ඊට එකතුවෙමු. මා විශ්වාස කරණ්නේ වෙන වෙනම කඳවුරු බැන්දත් එක පෙරමුණක සටන්කලයුතුයි කියා!

      Delete
    2. එක සතුරෙකුට විරුද්ධව එක අරමුණක සිටිමින් සටන් වදින්නට විවිධ මතධාරීන්ගේ එක පෙරමුණක්.......

      Delete
  14. තට්ට මාමෙ,
    ඔයා දැඩි මතයකින් අනුර කුමාර ඇතුලු පක්ෂය වෙනුවෙන් කතා කරන නිසයි මෙතනදි මේක අහන්නෙ,

    94 දි චන්ද්‍රිකාව ගේන්න අනුරලා සහය දෙනවා, ඊට පස්සෙ 2004 දි මහින්දට, 2015 දි මෛත්‍රී/ රනිල්ට එතකොට ඒකාලෙ ඉදලා මේ ප්‍රශ්නෙ තිබුනා නම්,

    අනුරත් ඒකට සහය දීලා නැද්ද?

    අනික අනුර වැරදි හොයලා ඉදිරිපත් කරනවා නෙහ්. ඇත්තටම ඒක රටේ විගණකාධිපතිගෙ වගකීම.
    එතකොට අනුර ලග ගොඩක් file එහෙම තිබුනා නෙහ්.(මේ ලගදි එලියට දැම්මෙ) ඇයි ඒවා තියාගෙන හංගගෙන මෙච්චර කල් හිටියෙ?
    ඒවාට නඩු දාන්නෙත් නැතුව, හංගගෙන තියාගෙන ඉන්නවා කියන්නෙ වැරදිකාරයන්ට අනුබල දීමක් නෙමේද? නෙමේ නම් පැහැදිලි කරන්න

    ReplyDelete
  15. පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි


    ලංකාව දැනට කරගත යුතුව තියෙන්නෙ මේ ටික:

    1. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනැ.
    2. IMF එක්ක වැඩසටහනකට යන්න ඕනැ
    3.. රාජ්‍ය මූල්‍ය විනය ඇතිකරගන්න ඕනැ. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කරන්න ඕනැ.
    4. ආර්ථික ක්‍රියාකාරකම් බාධාවකින් තොරව ඉදිරියට යන්න ඕනැ.
    5. අපනයන ආදායම්, ප්‍රේෂණ, සංචාරක ආදායම වැඩි කරගන්න ඕනැ.
    (ඔය ටික සඳහා රටේ කලබලවලින්, ත්‍රස්තවාදයෙන් තොර පරිසරයක් තියෙන්න ඕනැ)
    6. හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරගෙන, රට සාමාන්‍ය තත්වයට පත්වුණාට පස්සෙ මැතිවරණ පවත්වන්න ඕනැ.
    7. එතකල් දැනට තියෙන ආණ්ඩුවට කරගෙන යන දේ කරන්න දෙන්න. ඒවා නොකර ගොඩ යන්නත් බැහැ. ඒවා කරලා ජනප්‍රිය වෙන්නත් බැහැ.
    8. තියෙන ආණ්ඩුව හොඳ මදි නම් වඩා හොඳ එකක් හදගන්න පාර්ලිමේන්තුව හරහා උත්සාහ කරන්න. ඒකට කවුරුහරි නායකත්වය අරගෙන සහයෝගය සංවිධානය කරගන්න.
    9. පාරට බැස්සයි කියල මේ මොකවත් වෙන්නෙ නැහැ. පාරට බැස්සට ආණ්ඩු පෙරළන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් බල හුවමාරුවක් වෙන්න ඕනැ. එහෙම හුවමාරුවක් වුණත් දැනට තියෙන පාර්ලිමේන්තුවෙන් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සජිත් ජනාධිපති කරන්න තරම්වත් වෙනසක් කරගන්න බැහැ.
    10. ඒ නිසා බොරුවට ශක්තිය අපතේ යවන්න එපා. හැකි ඉක්මනින් ඡන්දයක් තියන්න සහාය දෙන්න.
    මේක පිළිගන්නෙ නැතිනම් කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවි⁣පෙ, 43 හරහා ජවිපෙ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන⁣ දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා ඇත්තේ ඉතා මේ රටට ඉතාමත් ගැලපෙන ක්‍රම වේධයක් බව බැලූ බැල්මට පෙනේ.

      මේ සියල්ලටම ජනතාව හා විදෙශ ණය දෙන ආයතන හා රටවල් පිළිගත් ආණ්ඩුවක් අප රටට අවශ්‍ය බව පිළිගන්නවාද? මේ තක්කඩීන් ඒ සඳහා මැතිවරණයකට යන්නේ නම් මේ සියළු අරගල නවතීවී.
      මේ පරශ්ණෙ හරියට කිකිළිද බිත්තරේද වගේ කාරණයක්.
      ඔබගේ අංක 1 , 2, 3 කාරණා ඉටු කිරීමට ජනතාවාදී පාලනයක් අලුතින් අවශ්‍ය බව ඔබට නොතේරේද?
      ඒටික මේ පාලකයින් නොකරණ තාක් කල් මිනිසුන් පාරට බසින එක නවතින එකක් නෑ!
      පලමුව හේතුව නිවැරදි කරණ්න! එවිට හොඳ ඵලයක් ලැබෙනු ඇත!
      "වසි වැස්සොත් ගඟ ගලයි!" වැනි ප්‍රකාශ කාට නම් කිව නොහැකිද?
      වැසි වසින්නේ නැති එකමනේ කාරණය ස්වභාවිකව මේ මොහොතේ!

      Delete
  16. මම ඒ කහ ඇඳගෙන ගිය එකට විරුද්ධ නැහැ. වෙන දේශපාලන පක්ෂයක් ඒක භාවිතා කරන්න හදනව ඇති. ඒ උන්ගේ හැකියාව නැත්නම් මාකටින්. විරුද්ධ වුනඅයටත් කරන්න තිබ්බ.
    ජවිපෙ ගැන කියනවනං, මට උඹට දීර්ඝ පිළිතුරක් දෙන්න පුලුවන් මල්ලි. ඒත් එතනට ගිහින් උඹ මාත් එක්ක තරහ වෙනවට මම කැමති නැහැ. එනිසා ඒක ලියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ ජවිපෙ පිළිබඳව ඔයා ලියන්න. ඒ ලියන දේට මටත් පිළිතුරක් තිබුනොත් මමත් ලියන්නම්. කොහොමත් අනුරවත් ටිල්වින්වත් විජේවීරවත් ගෞතම බුදුන් නොවේ නේ? මට වඩා හොඳට ඔබ දන්නවා සෝවියට් පාලනයේ තියෙන අඩු ලුහුඩු කම්. ඒ වගේම ජවිපෙ ඉතිහාසය තුල ඕනෑතරම් ගැටළු කාරී දේවල් විය හැකියි. මම පෞද්ගලිකව එකඟ නොවන කරුණුත් නැත්තේම නෑ! සයිටම් විරෝධය පිළිබඳ මගේ අදහස ජවිපෙ අදහසට විරුද්ධයි. මෙතනදී අපට බලාපොරොත්තු වෙම්න බෑ කැස්ට්‍රෝ හරි ලෙනින් හරි එහෙමත් නැතිනම් ලින්කන් හරි ලී ක්වාන් යූ හරි වලෙන් නැගිට ඇවිත් අපේ රට ගොඩ දායි කියලා. මොනවා කලත් නෑඹිළියට තියෙන හාල් වලින්මයි බත උයා ගන්න තියෙන්නේ!

      Delete
    2. //...උඹ මාත් එක්ක තරහ වෙනවට මම කැමති නැහැ. එනිසා ඒක ලියන්නේ නැහැ//
      Wise decision comrade. You might be qualified as a " මෙරටට දිනකට හෝ නොපැමිණ (මේ අභාග්‍යසම්පන්න අවධියේ) ටෝක් ඉෂූ කරන" category member.

      Thattayagekolama is a respectable writer in this community. Let's keep it that way. Respect!

      Delete
    3. ඇනෝ AnonymousJune 28, 2022 at 8:51 PM , මම කරන දේවල් හතරවටේ කියා කියා ඇවිදින කෙනෙක් නෙමේ. දැනුත් මේ ලංකාවේ මිනිසුන් වෙනුවෙන් කරන වැඩකට අවශ්‍ය දෙයක් ඈතකට ගිහින් භාර දීල ආවේ. මම ටෝක් ඉෂු කරල ඉන්න එකෙක් හැටියට හිතන් ඉන්නවා නම් එහම් හිතාගන්. අවුලක් නැහැ. ලංකාවට එන්න ඕනේ නැහැ උදව් කරන්න. ඔය එන අයත් දවස් දෙක තුනක් ගෝල්ෆේස් ගිහින් සෙල්ෆි ගහල ෆේස්බුක් දාන ලොට් එකකුත් ඉන්නව. මට ඒක එච්චර අදාල නැහැ. මම කරන වැඩ මම කරනන්ම්. ඔයා ඔයාගේ වැඩ බලා ගන්න. මම ඒක ලීවේ වැඩියත්ම මේ වෙලාවේ ගෝටා ට විරුද්ධව ආරගල කරන පක්ෂයක් විවේචනය කිරම නොකළ යුතු දෙයක් හැටියට මට හැඟෙන නිසා.

      Delete
    4. තට්ටයා මල්ලි, මම නම් සෑහෙන්න ලියල තියනව ඔය සෝවියට් ප්ප්‍රශ්න ආදිය ගැන, ඇවිල්ල බලන්න බ්ලොග් එකේ . වැඩේ කියන්නේ අපි 83 ජවිපෙ ගැන හිතල කියූ දේ ඊට පස්සේ ඇත්ත වුනා./එසේම සාමාන්‍ය ජනතාව අතරට විප්ලවීය පක්ෂයක ආශ්වාදය ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස මා විශ්වාස කරමි.// හැත්තෑ එකේදිත් , 87-90 දක්වාත් සාමාන්‍ය ජනතාව අතරට භීතිය ගෙනා පක්ෂය ජවිපෙ ලෙස මා විශවාස කරමි කියල ලිව්වා නම් වඩා හරි. එහම නැත්නම් සාමාන්‍ය තරුණ තරුණියන් විශ්ව විද්‍යාල සිසුන් අතරට විප්ලවීය පක්ෂයක ආශ්වාදය ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස මා විශ්වාස කරමි. කියල ලිව්වත් හරි. -88-89 ට කලින් ඒ දේ වෙනව දැනගෙන 1983 වගේ කලෙක සහ ඊට පස්සේ සෝවියට් දේශයේ ඉඳිද්දී ලංකාවට ආපු වෙලෙත් මම ඉතා පැහැදිලිවම ජවිපෙ කල ඝාතන වලට විරුද්ධ වුනා. මගේ ජවිපෙ යාලුවෝ මට කිවේ සුළු ධනේෂ්වර අදහස් අරන් ඇවිත් පක්ෂ සහෝදරවරු මුලා කරන්න හදනවා කියල. සහරා සාමාජිකයෝ මිනිස්සු ආදරෙන් කියන දේවල් වත් අහන්න කැමති නැති තරමට උද්ධච්චයි. ඕක ඔය පක්ෂ දෙකේම තියෙනවා. ඒ නිසාම කෙලවෙනවා.
      මහින්දව ගෙන්න යනකොට අපි එපා කියල කීව. අපි කිව ඒවා ඊට පස්සේ ඇත්ත වුනා. ඔහොම ගිහිල්ල ගිහිල්ල දැන් කියල වැඩක් නැහැ වගේ හිතෙනවා. අනුර කුමාර ට මම කැමතියි. ලන්ඩන් ආපු වෙලේ හොඳ ඉන්ටවිව් එකක් කළා. වෙච්ච වැරදි විශේෂයෙන් 1989-90 කාලේ ඒවා ගැන කතා කළා. සමාවත් ඉල්ලුව සමහර දේ වලට. ඒ අවබෝධයෙන් කරන කතා වලට මම කැමතියි. මම ගිය සැරේ ලංකාවට ආපු වෙලේ ටිල්වින් සහෝදරයා එක්ක දුරකතනයෙන් කතා කළා. හොඳ සාකච්චාවක් ගියා. ප්‍රශ්නෙකට දෙකකට පිළිතුරු දීම මග හැරියා. බ්ලොග් එකට ඉන්ටවිව් එකක් ගන්න හිටියත් ඒ දවස් වල චන්දෙ නිසා එයාට වෙලාවක් තිබුනේ නැහැ. . ජවිපෙ එක්ක කඩාගෙන ගිය කුමාර් ගුණරත්නම් සහෝදරයා ලන්ඩන් ආපු වෙලේ මම කතා කලා එයා එක්කත්. ඒ දවස් වල එයා කතා කරපු දේවල් නම් හෙන ප්‍රාථමිකයි මට අනුවනම්. . ඒ කියන්නේ මේ ජවිපෙ හිටපු නායකයෙක් නේ. අනුරලත් එහෙනම් ඒ වගේ තමා . එයාට මම ඔය යට ඇනෝ AnonymousJune 28, 2022 at 3:33 PM, සංජුලා ගේ සටහන වගේ දෙයක් කුමාර් ටත් කීව. දැන් පෙසපේ හුඟක් හොඳ තැනක න්‍යායික වශයෙන් ඉන්නව කියල මම හිතනවා. කුමාර් ටත් මම ඇත්තටම කැමතියි. පුද්ගලයෙක් වශයෙන් හොඳ මහත්මයෙක්. එකම දේ මගේ දේශපාලනයේ එයාල කියන සමාජවාදය නැහැ. පිටරටින් සල්ලි පොඩ්ඩක් කවුරුහරි එව්වත් එන්ජිඕ කියල මරහඬ දෙන, ආයෝජකයෙක් ආවොත් හූරා කන්න ආවා කියල දඟලන සමජිකත්ව්‍යන් ඉන්න පක්ෂ දෙකක්. හැබැයි අනිත් පැත්තට ධනවාදී රටවල් වල ඉඳගෙන අපි කරන හැම දේමත් කරලා මුදල් හොයන සාමාජිකත්වයක් ඉන්නවා. ඔය දේ සෑහෙන දෙබිඩි බවක් මම දකිනවා. කොටින්ම මගේ කියුබාවේ ජීවත්වෙන යාලුවෝ පවා එපා කියන කියුබානු ක්‍රමය මේ ලන්ඩන්වල ඉන්න අය හොඳයි කියනවා. (කියුබාවට එහෙම වෙන්න එක හේතුවක් ඇමෙරිකානු සම්බාධක. ඒක වෙනම සාකච්ඡා කල යුතු දෙයක්) කලින් ලීවා වගේ මේ වෙලා ජවිපෙ විවේචනය කිරීම ඵලදායි දෙයක් ලෙස මම දකින්නේ නැහැ. ඒ වෙනුවට ඉදිරි දිශානතිය කුමක් විය යුතුද යන්න ගැන කතා කිරීම වඩා හොඳයි. මේ ලිපි පෙලේ එක දෙක තුන හතරක් තියනවා. කැමතිනම් කියවන්න.
      සෝවියට් සාහිත්‍යය https://kolambagamaya.blogspot.com/2018/04/4.html
      කස්ත්‍රෝ සහ නිදහස -https://kolambagamaya.blogspot.com/2016/11/blog-post_26.html
      සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම https://kolambagamaya.blogspot.com/2017/10/4.html

      Delete
    5. //ජවිපෙ ගැන මගේ සරළ කියැවීම නම් "ජවිපෙ යනු බෝසත් ළමා සමාජයක් නම් නොවන බවයි" එහි අඩු ලුහුඩුකම් ඇති. ඔවුන් කිසි විටෙකත් සර්වතෝභද්‍ර නොවේ. ඔවුන්ගේ ඉතිහාසය තුල වැරදි තිබෙන්නට පුළුවන්. දැන් ඔබම කියන්න මේවන විට දේශපාලන කරළියේ ඉන්නා සජිත්, මෛත්‍රී, ඩලස්, රනිල්, ගෝඨා හා අනුර අතරින් අප තෝරා ගත යුත්තේ කවුරුන්දැයි කියා? අනුරටත් ජවිපෙටත් දෙස් දෙවොල් තබන අය ගෙන් මම මේ පරශ්ණය බොහෝ විට අසා ඇත! ඔවුන්ටද පිළිතුරක් නැත! "කාට ගියත් කමක් නෑ ජවිපෙට නොදී" කියන අදහස තමයි බොහෝ අය තුල තියෙන්නේ!//

      අයියේ මම මෙය කොපි කර ගත්තේ විජයභාහු මහත්තයට මම දැම්ම පිළිතුරෙන්! එහෙත් එම ඡෙදය අවස්න් කිරීමට මා යොදා ගෙන තිබුනු වැකි දෙක ඔබගේ පිළිතුරට නො යොදන්න මා පරිස්සම් උනා! ඔබගේ බොහෝ කාර්නා සමග මා එකඟ වෙමි!

      Delete
    6. https://thattayagekolama.blogspot.com/2022/06/238.html?showComment=1656341394409#c1744784518850902984

      Delete
    7. //"කාට ගියත් කමක් නෑ ජවිපෙට නොදී"// මම එහම කොහෙවත් කියල නැහැ. මෙහා ජවිපෙ සංවිධානය කරන අරගල භුමි වලටත් යන කෙනෙක්. සාධාරණ විවේචනයක් තිබිය යුතුයි. නැත්නම් වැරදෙන පැත්ත වැඩියි. ඊට පස්සේ අඬන්නද

      Delete
    8. //"කාට ගියත් කමක් නෑ ජවිපෙට නොදී"// වැකිය මා ඔබට ලබා දුන් පිලිතුරෙන් ඉල්ලා අස්කර ගන්නෙමි! එය විජේභාහු මහතාට ලියන ලද පිළිතුරෙන් උපුටා ගත් එකකි!

      Delete
  17. අරගලකාමීන් දැන් නිකුත් කරන ප්‍රකාශ අනුව උන්ට කොහොමත් කන්න අදින්න පුළුවන් උන්. අනිත් අය වෙනුවෙන් තමයි අරගලයට බැහැලා එකඑකාට බැනලා, බැරියර් පෙරලලා තියෙන්නෙ. අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් උන්ටත් වඩා කැපවෙලා අරගල කරන එක මට නං තේරෙන්නෙ බලහත්කාරයක් විදිහට.

    මෙහෙම හිතන්නකො. කාන්තා ප්‍රශ්නයකට පිරිමි ටිකක් පාරට බැහැලා අරගල කරනවා. ගෑනු එන්නෙ නෑ කියල උන්ටත් බනිනවා. මේ කියන විදිහට මේකත් ඊට සමාන තත්වයක්.

    කවුරුවත් මේ අයට එහෙම කරන්න කිව්වද දන්නෙ නෑ. අන්තිමට කොච්චර හිත් රිදවගෙනද කිව්වොත් ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කුනුහරුපෙන් බනින ගානට ආවා.

    කවුරු හෝ කවර හෝ අරගලයක් කරන්න ඕන තමන්ට දැනෙන ප්‍රශ්නයක් වෙනුවෙන්. අනුන්ගෙ ප්‍රශ්නවලට ස්වේච්ඡාවෙන් බැහැලා උන්ටම බනින එක මොන අරගලයක්ද? කවුරු හරි තමන්ගේ ප්‍රශ්නෙකට අරගල කරද්දි ඒකට සහයෝගය දෙන එක වෙනම කතාවක්. මුන් අනුන්ගෙ ප්‍රස්නෙකට උන්ම හිතාගෙන අරගල කරලා අර මිනිස්සුන්ටම බනිනවා. විහිලුසහගතයි නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රකාශය තුල කිසියම් සත්‍යයක් ගැබ්වී ඇති බව මා පිළිගනිමි! අරගල කරුවන්ගේ දෙෂාරෝපණ පිළිබඳව සම මෙතින් බලන්න! ඇත්තටම උන් අම්බානක කට්ටක් කනවා! අද නොතේරුණත් දිනක ඔබට වැටහේවි ඔවුන්ගේ සටන හුදෙක් ඔවුන් වෙනුවෙන් නොවන බව!

      Delete
  18. සංජුලා ඕෂිනී පියර්ටස් ගේ සටහනක් ! ❤️

    යුද්ධයේ දී ජවිපෙට දේශපාලන තීන්දු 'මදක්' වැරදීමෙන් ලක්ෂ ගණනක් දෙමළ ජනයාට හාමතේ, බෙහෙත් නැතුව, බෝම්බ වැදී මියෙන්නට විය.
    තමන්ගේ සහයෙන් මරා දැමූ, අතුරුදහන් කළ ජනයාට දැන් ජවිපෙ "අපි අලුතෙන් හිතමු" යි කියයි.

    ජවිපෙ පැත්තෙන් මෙය ඉතාම හොඳ යෝජනාවකි. ජවිපෙ ප්‍රමුඛ ජජබ ට අලුතෙන් හිතන්නට වුවමනා නම්,

    1) යුධ අපරාධ විභාග කරන ලෙස,

    2) හමුදාව විසින් භාරගෙන රැගෙන ගිය දහස් ගණනක් ජනතාවට කළේ කුමක්දැයි හෙළි කරන ලෙස,

    3)හමුදාවෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දෙන ලෙස,

    4)චෝදනා රහිතව වසර ගණන් සිරකර ඇති දෙමළ ජනයා නිදහස් කරන ලෙස,

    5)උතුරු නැගෙනහිර සිවිල් ජීවිතය මිලිටරීයට පවරා තිබීම අහෝසි කරන ලෙස,

    ගෝටාබය රජයට බල කළ හැක. මේ සියල්ල ජවිපෙ අනුදැනුමෙන් සහ පූර්ණ දායකත්වයෙන් සිදු වූ නමුත් ජවිපෙට දැන් වෙනස්ව සිතන්න වුවමනා වී ඇති බැවින් අවශ්‍ය නම් මේවා කළ හැක.

    නැත්නම්, බර අවිවලින් පහර දෙන්න කිව්වේ අපි, මහින්දව යුද්ධෙ කරන්න ඇදගෙන ගියේ අපි ආදි ලෙසින් තවමත් කියන ජවිපෙට, ''අපිට පොඩ්ඩක් බැලන්ස් නැති වෙලා ඔයාලාගේ මිනිස්සු ලක්ෂ ගාණක් මළා නේදැ"යි දෙමළ ජනයාට ටෝක්ස් දෙමින් සිටිය හැක.

    යුද්ධය වළකා ගැනීමට තිබූ සමාජ ශක්‍යතාව සහමුලින් වනසා දැමූ ජවිපෙ, කිසිම අවංක දේශපාලන ස්වයං විවේචනයකින් තොරව තමන්ගේ සහයෙන් සමූල ඝාතනය කළ ජනයා හමුවට යන්නේ රෙදි ඇඳගෙන ද?

    ReplyDelete
    Replies
    1. යුද්ධය සම්බන්ධයෙන් ඔබ කියනා විවේචන වලින් බොහොමයක් මමද පිළි ගනිමි. එහෙත් යුද්ධය දෙමළ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන සිදුවූවා යැයි අප අර්ථ දක්වන්නේ නම් ඒ පිළිබඳව අපට දෙවරක් සිතන්නට සිදුවේ.
      එල්ටීටීඊ සංවිධානය අහිංසක නිරායුධ සංවිධානයක් ලෙස මේවන විට වර නැගෙමින් පැවතුනද එය එසේ නොවන බව; පසුව එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් අතරින්ම ලියැවුනු පත පොත වාර්ථා වලින් පෙනේ! ප්‍රභාකරන් එම සමාජයට නිවැරදි නායකයෙකු වූවාද? ඵු විසින් දෙමළ ජනයා හට ගෙන ආ සැබෑවූ විමුක්තියක් ඇත්ද?
      දෙමළ ජනයාගේ නැගිටීම් වල සාධාරණවූ කරුණු කාරණා තිබුනද එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා පිළිබඳව එසේ සිතිය හැකිද?
      ඔබ සිතනා ආකාරයට යුද්ධය සඳහා රජයට දීමට තිබුනු විසඳුම කුමක්ද?

      ඔබ පවසන අංක1, 2, 3, 4, 5 යන සියළු කරුණුවලට මා කොන්දේසි විරහිතව එකඟ වෙමි! ජාතික ජන බලවේගයේ රජයක් තුල ඒ පිළිබඳව සාධාරණයක් ඉටු කරාවි යැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි!
      මීට පෙරත් මා මේ පිළිබඳව වත් පොතේ ලියා තැබුවා කමෙන්ටුවක් ලෙස! දේශපාලනය කෙතරම් සුජාත භාවයකින් කලද බලය ගැණීම එතරම් සාධාරන ලෙස සිදුවේයැයි මා නම් විශ්වාස කරණ්නේ නෑ! උදාහරනයක් ලෙස චන්ද වේදිකාවකදඊ 'සමුර්ධිය" කපා දැමීම පිළිබඳව කථා කරණ අයෙකුට කිසිදා බලයට පත්වීමක් කල හැකිවෙයිද?
      තනිකරම ජාත්වාදී හා ආගම් වාදය දඩ මීමා කරගෙන බලය ඒ මේ අතට හුවමාරුවන රටක වේදිකාවක සිට කරණු ලබන ප්‍රකාශ පිළිබඳව තරමක් කල්පණා කාරී විය යුතු යැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි. මේක තනිකරම දැලි පිහියෙන් කිරි කෑමක්! මා නැවතත කියන්නම්. ඔබගේ අංක 5 කින් සමන්විත යෝජනා සඳහා මා දිවිහිමියෙන් පෙනී සිටිමි!

      සුනිල් රත්නායකව නිදහස් කිරීම පිළිබඳව මා දැඩි කම්පනයකට පත් කලා! සමහර එළිදර්ව් කිරීම් කල්වේලා ඇතිව සිදුකිරීම සතුරාට සූදානම් වීමට අවස්ථාවක් ලබා දීමක් ලෙසයි මා දකින්නේ! මා හිතන්නේ ඔබට මා ලියන දේ තුල කියැවෙන යටි පෙල තේරුම් ගැනීමට පුළුවන් විය යුතුයි! කෙසේ වෙතත් ඔබගේ අදහස් පිළිබඳව මා උදක්ම ස්තූති වන්ත වෙමි!~

      Delete
    2. යුද්ධය පිලිබඳ හොඳම විසඳුම ගෙනාවේ රනිල් ඇමෙරිකාව හරහාය. ඒ එල් ටි ටි සංවිධානය හීන් සීරුවේ දෙකඩ කිරීමයි. ඇමෙරිකාව ඔවැනි යටිකුට්ටු වැඩවල සුරයන්ය, කරුණා කැඩුවේ එහෙමය. ඒවා කරන්න කලින් රට දෙකඩ කරනවා යයි මොරදී ජවිපේ විසින් මහින්ද බලයට ගෙනාවේය. ලෝකේ වටේ ණයවී මහින්ද යුද්ධ කළේය. චීනය රුසියාව සහයෝගය දෙනවා යයයි බයියෝ සහ ජෙප්පෝ සිතුහ. ඔවුන ආයුධ දුන් බව ඇත්තය. රුසියාව සහයෝගය දුන් බව ඇත්තය.. ඇමෙරිකාව හා ඉන්දියාව තිරයෙන් පිටුපස සිට (මුණේන් දෙමල මිනිසුන්ට සහයෝගය දෙන බව පෙන්වමින්) සහයෝගය දුන්හ. යුධ අපරාධ කියන ඒවා කවදාවත් ජිනීවා යන්නේ නැත. හේතුව ඒවා කිරීමට බල කලේ ඉන්දියාව නිසාය. ඔය කෙටි ඇත්ත තව දුරටත් ලිවිය හැකිය. බයියන් මෙන්ම ජෙප්පන් ද මහින්දට රැවටුනි. (මෙහෙම ලීවාට ලන්ඩන් වල මට කාඩ් වැදී තිබුනේ ජෙප්පෙකු ලෙසය. කාඩ් එක ගැහුවේ ගිය අවුරුද්දේ මිය ගිය ප්‍රියත් ලියනගේ ය. එයට හේතුව එල් ටි ටි සංවිධානය අනිවාර්යයෙන්ම යුද්ධයකදී පරදින බව කීම නිසාය. ඒ පැත්තට සපෝර්ට් කරපු එවුන්ටද මාව පෙන්නන්නට බැරිය. හැබැයි අන්තිමට ඒකත් ඇත්ත වුනි.) ලංකාවේ මිනිසුන්ට දේවල් තේරෙන්නේ බොහෝ පමා වීය.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...