Monday, October 25, 2021

221. වර්ණපුර ඝාතනය


ඊයේ පෙරේදා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිතයක් දැයෙන් සමු ගත්තේය. ඔහු ස්වාභාවිකව මිය ගියේ පසුගිය දා උනත් ඔහුව ඝාතනය කලේ මීට වසර ගනනාවකට පෙරය!

ඕනෑම අවුලක් ලිහා ගැනීමට අප භාවිතා කරණ විකිපීඩියාවේ පමණක් නොව ඔහු උගෙන ගත් නාලන්දාවේ පොත් පත්වල; කොටින්ම උප්පැන්නයේ පවා ඔහුගේ උපන් දිනය ලෙස දාක්වා ඇත්තේ 1953 මාර්තු  1 වනදා ලෙස උවද සත්‍ය වශයෙන්ම ඔහු ඉපැදුනේ 1953 ජනවාරි 14 වෙනිදාය!  මේ කොහෙවත් නැති මාර්තු 1 වැනිදාවක් මේ සියළු ලිපි ලේඛන තුල රිංගෙන්නේ ඔහුගේ නම ලියාපදිංචි කල දිනය එදිනට යෙදී ඇති බැවිනි.

මීට කලකට පෙර මා ලියා ඇති  126.  පළමු ටෙස්ට් නායකයා බිහි වූ හැටි . . .!  පෝස්ටුවේ දැක්වෙන පරිදි බන්ධුල; වර්ණවත් වන්නේ පාසැල් ක්‍රිකට් ඇරඹීමත් සමගය.  

ඔහු නාලන්දයට ඇතුළුවන්නේ 1961 දී වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් ඇරඹෙන්නේ 1962 වසරේ සිටය. දිගු කාලයක් 12න් පහල කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටින ඔහු හට මුල්වරට 14න් පහල කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ 1965 වසරෙදීය.

වයස අවුරුදු 14 ඉක්මවා මාස ගනනාවක් යන්නට මත්තෙන් ඔහු 19න් පහළ කණ්ඩායම  වෙනුවෙන් ක්‍රීඩා කලේය! ඔහු නාලන්දාවේ 19න් පහළ කන්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස වසර පහක් ක්‍රීඩා කලේය! 1972 වසරේදී ඔහු දිවයිනේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට තේරුණි.  ඔහු දක්ෂ පන්දු යවන්නෙක්ද වූ බව; මහේළ ද පාසල් ක්‍රිකට් තුල පන්දු යැවූ බව මෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා තොරතුරකි. බන්ධුල දකුණත් පිතිකරුවෙකු වූ සේම දකුණතින් මද වේග පන්දු යැවූ ක්‍රීඩකයෙකි.

ඔහුගේ පාසැල් ක්‍රිකට් ජීවිතයේ  කූඨප්‍රාප්තිය ලෙස 1972 මාර්තු 25 වනදින පැවති 43 වැනි ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමයේදී ඊට වසර 43 කට පෙර පී එම් ජයතිලක විසින් තබන ලද ලකුණු 111 ක වාර්ථාව නොදැවී බිඳ හෙලීම දැකිය හැක.

1972 වසරේදීම මෙරටට පැමිණි මැලේසියානු කණ්ඩායම සමග පැවති එක් තරගයකදී ලකුණු 294 රැස් කලේය. එමෙන්ම එම තගයේදී නායක අනුර තෙන්නකෝන්  සමග දෙවන විකට්ටුව සඳහා ලකුණු 456 ක සබඳතාවයක් ගොඩනැංවීය. (අනුර - 221). එමෙන්ම 1973  පැමිණි පාකිස්ථාන වයස 25න් පහල කණ්ඩායම සමග පැවති නිල නොවන ටෙස්ට් තගයේදී පැය 8 කටත් වැඩි කාලයක් කඩුල්ල රැකගනිමින් සිට ලකුණු 158 ලබා ගනිමින් සුනිල් වෙත්තමුනි සමග ලකුණු 179 ක සබඳතාවයක් ගොඩ නැංවීය. (සුනිල් - 107) 1975 වසරේ එංගලන්තයේදී පැවති ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියේදීද ඔහු කැපී පෙනුනු ක්‍රීඩකයෙකු විය.

අනුර තෙන්නකෝන්ගේ ඉවත්වීමත් සමග  ක්‍රිකට් පිලේ නායකත්වයට පත් බන්දුල ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් නායකයා බවට පත්විය.  බන්දුල ක්‍රීඩා කලේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයටය. වසර තුනක් තිස්සේ  අන්තර් ක්‍රීඩා සමාජ අනුශූරතාවයෙන් සැනහී සිටි බ්ලූෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ශූරතාවේ ගුණ සුවඳ රස එක් කරණ්නේ බන්ධුය. ඒ 1981 වසරේදීය! ක්‍රිකට් ක්‍රීඩාව අප කෙතරම් වැළඳ ගත්තද එය සුද්දන්ගේ වැඩක් මිස අපේ දෙයක් නොවන බව අපට නොසිතුනාට සිතන හා සිතෙන පිරිසක් ඇත! ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවේ විවිධ වකවානු පැවතුනි! විදෙශිකයින්ගේ යුගය, රාජකීය ශාන්ත තෝමස්, ත්‍රිත්ව යුගය, ආනන්ද - නාලන්දා යුගය  හා පිට පලාත් යුගය ලෙස එය දැක් විය හැක. 

මයිකල් තිසේරා (මයිකල් හියු තිසේරා - ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස), අනුර තෙන්නකෝන් (අනුර පුංචිබංඩා තෙන්නකෝන් - අනුරාධපුරයේ ඉපිද වයස අවුරුදු 6 දී; ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුලත් විය.) වැනි  තෝමසුවන්ගෙන් පසුව ආනන්ද - නාලන්දා යුගයට සංක්‍රමණයේ කූඨප්‍රාප්තිය  බන්ධුල වර්ණපුර ලංකා කණඩායමයේ නායකත්වයේ දොර අභියස සිටීම විය. එය කෙළවර වූයේ ඔහු එහි හිඳුවමින්ය. එය එසේ නොකර සිටීමට බැරි වීමක් ම විය. උදාහරනයක් ලෙස; ඩී ඇස්, ඩඩ්ලි, කොතලාවල, ජේ. ආර් යන කොම්ප්‍රදෝරු ධනපති පන්තිය අතින් අත මාරුවූ යූ ඇන් පියේ නායකත්වය ප්‍රෙමදාස වෙත ලබා දුන්නේ එසේ නොකර සිටීමේ කුමන හෝ හේතුවක් නොමැති වූ  නිසාමය!

1974 ඉංදීය සංචාරයේදී  බන්ධුල ඇතුළු පිරිස දිල්ලි නගරයේ සිට අහමලාබාද් නගරය වෙත පැය 20 ක පැය කිලෝමීටර 854 ක දුරක් දුම්රිය ගමනකට සහභාගී විය.  17 දෙනෙකුගෙන් සමන්විත් පිරිස සඳහා දුම්රිය සයන  Berth (Sleeping) කොට තිබුනේ 14 දෙනෙකු සඳහා පමණි. මේ නිසාම බන්ධුල ඇතුළු තවත් තිදෙනෙකු හට ඇඳන් නොසයන හෙවත් ඇඳන් නොමැතිවිය! ඒ වන විටත් තම තමන්ගේ ඇඳන් වෙන්කරගෙන සිටි කණ්ඩායමේ කළමණකරු, නියොජ්‍ය කළමණාකරු හා නායකයාහට මේ පිළිබඳව දැන්වූ විට ඔවුන්ගේ සෘජු පිළිතුර වී ඇත්තේ "කලින් ඇවිත් වෙන්කර නොගත්තාට අපි මොනවා කරණ්නද?" යන්නයි. මේ නිසාම නාලන්දයේ බන්ධුල වර්ණපුරටත්, එම පාසලේ අනුර රණසිංහටත්, ආනන්දයේ අජිත් ද සිල්වාටත් මුළු ගමන පුරාවටම නිදිවර්ජිතව සීතලේ ගැහෙමින් ගමන් කිරීමට සිදුවිය.

තමන් යම් දිනෙක කණ්ඩායමේ නායකත්වයට පත්වූ දිනෙක මෙවන් අකටයුතු කම් සිදු නොවීමට වග බලා ගන්නා බව එදා ඔහු සිතූ බව; පසු කලෙක මාධ්‍ය සමග කල පිළිසඳරකදී බන්ධු පවසා සිටියේය. 

සෑම ආයතනයක වාගේම තිබෙනා කල්ලි වාදය හා එය ඉදිරියට පවත්වාගෙන යන්නවුන්, එයට ආවඩන උන්, ඊට උල්පන්දම් දෙන උන් මෙන්ම නායකත්වය සපයන උන් ද සිටී. පංසලක් ගත්තද, පාසැලක් ගත්තද, රටක් ගත්තද මේ තත්වය අප රටේ සාමාන්‍ය තත්වයකි. (මීට "පල්ලියක්" යන වචනය එක් නොකලේ ඒ පිළිබඳව මා නොදන්නා බැවින්ය! තතු දත්තෝ කොමෙන්ටු සපයත්වා!)

ක්‍රිකට් ක්‍රීඩා පරි පාලනය පිළිබඳව තව කුමන කථාද? මේ ලෙසින්ම බන්ධුල නායකත්වයට පැමිනෙන විටම ඊට ප්‍රථිරෝධයක්ද පැන නැගී තිබුනි! එහි ප්‍රධාන එදිරිවාදියා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධරයෙකු වීම බන්ධුලගේ ක්‍රිකට් ජීවිතය මිලින කිරීමට සෘජු දායකත්වයක් සැපයීමට ප්‍රධාන කාරණාවක් විය! බන්ධුල නායකත්වයට පත්වී දින දෙකක්  ගතවන විට ඔහුව ඉන්  ඉවත් කිරීමට පිඹුරුපත් සකස් කිරීම ඇරඹිනි. ඔහු ඔබ්සර්වර් පත්‍රයේ එම්. කේ. සමාත් සහ ඒ. සී. සිල්වා වෙත ලබාදුන් ලිපියක් මීට ප්‍රධානහේතුව වන්නට ඇතැයි බන්ධුල සැක කරණ ලදී. "ලංකාවේ සුදුසු පුහුණු කරුවන් නැත්නම් විදෙස් පුහුණු කරුවන්ගේ හෝ සේවය ලබා ගත යුතුය!" යන ප්‍රකාශය ඊට ප්‍රධාන හේතුව උනා. එකල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි පුහුණු කරුවන් තිදෙනා ලබා තිබුනේ පාකිස්ථානයේ සති තුනක පුහුණුවක් පමණක් වීම මීට හේතු විය. ඉහත ප්‍රකාශයෙන් වඩාත්ම කලබලයට පත්වූයේ මෙම ත්‍රිත්වයයි. ඒ සමගම රන්ජිත් ප්‍රනාන්දුත් (එඩ්වර්ඩ් රන්ජිත් ප්‍රනාන්දු - ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය), අනුර තෙන්නකෝනුත්, නිසාල් සේනාරත්නත් (ප්‍රින්ස් ඔෆ් වේල්ස් - මොරටුව) බන්ධුට යෝජනා කොට ඇත්තේ ප්‍රාකශය ඉල්ලා අස්කරගෙන පුහුණු කරුවන්ගෙන් සමාව ඉල්ලන ලෙසය! ඊට බන්ධුල එක හෙලාම විරුද්ධ වූ අතර ඉන් වසර දෙකක් ගතවන්නට මත්තෙන් විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට පාලක මණ්ඩලය පියවර ගත්තේය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ද ඒ අතර විය!

මෙම නිළධරයා වරෙක  බන්ධුගේ පියා දොස්තර ප්‍රනාන්දු හට පැවසූවේ "බන්ධුට නායකත්වය කරගෙන යාමට අවශ්‍යය වේනම් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වෙන ලෙසය!

මෙම තත්වය උග්‍ර අතට හැරෙන්නේ ඔහුගේ අවසන් ටෙසට් සංචාරය වන 1982 සැප්තැම්බරයේ ඉංදියාවේදීය. ඉන්දියාවේ මදුරාසියේ පැවැත්වූ ටෙස්ට් තරගයේ තුන් වෙනි දින රාත්‍රී භෝජන සංග්‍රහයේදී සුනිල් ගවස්කාර් විසින් කල ප්‍රකාශයක් මීට හේතු විය. එම තරගයේදී දුලිප් මෙන්ඩිස් පිත්තෙන් ඉතා හොඳ දස්කම් දැක්වූ අතර "අද තරගයේදී පිතිකරණයෙන් දස්කම් පෑව දුලිප් මෙන්ඩිස් කිසිවිටෙකත් වර්ණපුර නොසිටින්න මෙම චාරිකාව කරන්නේ නෑ!" යන්න එම ප්‍රකාශයයි

මම ප්‍රකාශය සත්‍යක් උවත් එය සුනිල් දැන්ගෙන තිබුනේ තරගය නැරඹීමට ගිය වෙනත් පාලක මණ්ඩලයේ නිළධාරියෙකු වෙතිනි. එහෙත් පසු දිනම නායකත්වයෙන් පහකොට නැවත ලංකාවට ගෙන ඒමට මණඩලය සැරසුනද; ඒවකට ක්‍රිකට් අධිකාරියේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර් මහතා (චන්ද්‍රා තෝමස් ඇඩොල්පස් ෂාෆ්ටර් - ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස.) වෙත බන්ධුල කල ඉලීම සලකා බලා එය නොකෙරුණි. ඒ පලමුව සුනිල් වෙතින් ඒගැන සොයා බලා දඬුවම් කරණ මෙන් බන්ධුල; ෂාෆ්ටර්ගෙන් කල ඉල්ලීමේ ප්‍රථිපලයකි.

සැප්තැම්බරය වන විට බන්ධුලගේ නායකත්වය වෙත එල්ල කෙරෙන පීඩනය බොහෝ සෙයින් දැඩි විය.

ඒ වන විය 1961 වසරේදී පටන් ජාත්‍යන්තර හුදෙකලා කරණය කිරීම තුල දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව හෙම්බත්ව සිටි අවධියකි. ඒ නිසාම ජාත්‍යන්තර කණ්ඩායම් එරටට ගෙන්වා ගැනීමට ඔවුන් යන්ත දැරීය. 80 ව දශකයේ මෙවන් කැරළිකාර කණ්ඩාම් රැසක් එරටට සංචාරය කලෝය. ඉන් පලමු වැන්න ලෙස මතකයට එන්නේ  ක්‍රිකට් උපන් රටේ කණ්ඩායම 1981 - 82 කාලයෙදී කැරළිකාර සංචාරයකට සහභාගී වීමය. එම කණ්ඩායම සහභාගී වූ පිරිස එනම් කණ්ඩායම තුල ග්‍රැහැම් ගූච්, ජෙෆ් බෝයිකොට්, ඩෙරෙක් අන්ඩර්වුඩ්, බොබ් වුල්මර් ආදීන්ගෙන් සමන්විතවිය.

මෙම කාලය වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාලක මණ්ඩලය අතර විවිධ ඝට්ටන ඇතිවී කණ්ඩයමේ ශෝදරත්වය බිඳවැටෙමින් තිබුනු කාලයයි. මෙම අර්භූධ බොහොමයක ස්ව්‍යංක්‍රීයව හටගත් ඒවා නොව කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක මෙහෙයවීම මත බිහිවූ ඒවාය. මෙම තත්වය තේරුම් ගත් ක්‍රීඩක ටෝනි ඕපාත (ඇන්ටනි රැල්ෆ් මැරිනන් ඕපාත - ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) දකුණු අප්‍රිකාවේ චාරිකාවක් පිළිබඳව සිතන්නට විය. මීට හේතු කාරණ ගනාවක් තිබිය හැක!  ඔහු 1975 සිට 1979 දක්වා ජාතික කණ්ඩායමට සිටියත් ටෙස්ට් කණ්ඩායමය්ට ඔහුට ඇතුලත් වීමට නොහැකිවිය.  ඒනිසාම ඔහුට තවදුරටත් රැකගත යුතු දෙයක් "ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තුල තිබුනා දැයි; මා හට මේ ලියන මොහොතේවත්  දැනෙන්නේ නැත! ඒ පිළිබඳව ඔහු පලමුව සාකච්ඡා කොට ඇත්තේ දුලිප් මෙන්ඩිස් (ලුයිස් රොහාන් ඩුලිප් මෙන්ඩිස් - ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව  සහ ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස) හා රෝයි ඩයස් (රෝයි ලූක් ඩයස් - ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) යන අය සමගය! 1982 මාර්තු මැද වනවිට ටෝනි ඕපාත සිටියේ ඕලන්දයේ ය. එසේ ගතකරමින් සිටියදී; දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමයේ සභාපති ජෝ පැමෙන්ස්කි සමග ඇතිකර ගත් සබඳතාවය මත ඔහු ක්‍රියාන්විතය ඇරඹූබව පසුව මාධ්‍ය වෙත ටෝනි ඕපාත පවසා ඇත! 

ජෝ පැමෙන්ස්කි වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස දින 5 ක් තුලදී ඔහු ඕලන්දයේ සිටි ටෝනි ඕපාත හට කතා කොට ඇති අතර ඔහු විපිලිසර වී ඇත්තේ කණ්ඩායම කුමක්දැයි කියාය! ඊළඟ ගැටළුව වූයේ කණ්ඩායමක් එකතු කර ගැනීමය. ටෝනි වහාම දුලිප් මෙන්ඩිස්ගේ නිවසට කථා කොට කණ්ඩායමේ විස්තර සකස් කර ගත්තේය. කණ්ඩායමේ නම් ලැයිස්තුව; පැමෙන්ස්කි වෙත දැනුම් දුන් සැණින් ඔහුගේ ප්‍රථම පැනය වී ඇත්තේ "කෝ නායකයා?" යන්නය! එසේම අසන්ත ද මෙල් (අසන්ත ලක්දාස ෆ්‍රැන්සිස් ද මැල් - ඉසිපතන විද්‍යාලය, තිඹිරිගස්යාය හා රාජකීය විද්‍යාලය, කොළඹ), රන්ජන් මඩුගල්ල (රන්ජන් සෙනරත් මඩුගල්ල - ට්‍රිනිටි විද්‍යාලය, මහනුවර සහ රාජකීය විද්‍යාලය, කොළඹ), සිදත් වෙත්තමුණි (ආනන්ද විද්‍යාලය, කොළඹ) යන ක්‍රීඩකයින් පිළිබඳවද ඔහු වඩාත් උනන්දුවූ අතර බන්ධුල වර්ණපුර හෙවත් නායකයා මෙම කණ්ඩායමට ඇතුළු කර ගෙන්නේ නම් ඉතිරි අය අමතක කර දැමිය හැකි බව දැන්වීය. 

සියළු අවසාන ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඕලන්දයේ සිට දකුණු අප්‍රිකාව බලා යන ටෝනි නැවතත් ඕලන්දයට පැමිණෙන විට දුලීප් මෙන්ඩිස් ගෙන් ලිපියක් ලැබී තිබුනි. ඔහු ඉල්ලා සිටියේ ඔහුත් ඔහුගේ මිතුරු රෝයි ඩයසුත් ක්‍රීඩා කරණ වෙලඳ සේවා ක්‍රිකට් කුසලාන තරගාවලිය අවසන් වනතුරු දකුණු අප්‍රිකා චාරිකාව කල්දමන ලෙසය!

අගෝස්තු මැදදී ලංකාවට පැමිණෙන ටෝනි තම නිවසේදී කණ්ඩායමට ගිවිසුම් පත්‍ර කියවීමට ලබාදී වැල්ලවත්තේ වර්ණපුර ගේ නිවසේදී ඔහුව මුණගැසී චාරිකාව පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරණ ලදී. පසුදින දකුණු අප්‍රිකාවේ කොලින් රෂ්මෙයර් ලංකාවට පැමිණි අතර ටෝනිගේ නිවසේදී වර්ණපුර හැර කණ්ඩායමේ සියළු දෙනා ඔහු ඉදිරියේ ගිවිසුම් වලට අත්සන් කරණ ලදී. තම බිරිඳෑවරුණට පවා; මෙම රහස් මෙහෙයුම පිළිබඳව නොකියා සිටින්නට පරිස්සම් වෙන්නයැයි අප අතරේ එකඟතාවයක් තිබුනද දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් ගිවිසුමට අත්සන් කරණ්නට පැමිණියේ තම බිරිඳෑවරුන් සමගින්මය! කොලින් රෂ්මෙයර් හා ටෝනි ඕපාත හැරුණු විට කිසිවෙක් මෙම චාරිකාව සඳහා වර්ණපුර සහභාගී වීමට එකඟ වීම පිළිබඳව දැනගෙන සිටියේ නැත! වර්ණපුර ගිවිසුමට අත්සන් කලේ රෂ්මෙයර් නැවතී සිටි ලංකා ඔබරෝයි හෝටල් කාමරයේදීය.

හරියටම ඊට දින තුනකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉංදියාව බලා පිටත්ව ගියේය.  කණ්ඩායම ඉංදියාවේ සිටිනාතරතුර මෙරට එක්තරා ඉංග්‍රීසි පුවත් පතක පලවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා යෑමේ සැලසුම ඇතිබවය!

පුවත් පත වෙළෙඳ පොලට පැමිණ ස්වල්ප වේලාවකට පසුව දුලීප් මෙන්ඩිස්ගේ බිරිඳ  ටෝනි ඇමතුවාය.

එම සංචාරයේදී දුලීප් මෙන්ඩිස්; එක් තරඟයකදී  ඉතා වටිනා ශතක දෙකක්  ලබා ගත් අතර රෝයි ද සුපුරුදු දක්ෂතා පෙන්වන ලදී. වර්ණපුරට පිත්තෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරලීමට නොහැකි වුවත් ඔහුගේ ඥානාන්විත නායකත්වය ලොවටම පෙන්වීමට හැකිවිය.

ශ්‍රී ලංකා පිල; ඉංදියාවේ සිට මෙරටට සැපත් විය. එම රාත්‍රියේ කණ්ඩායම වෙනුවෙන් එක් ක්‍රීඩකයෙකුගේ නිවසක භෝජන සංග්‍රහයක් පැවැත්විය. එයට පාලක මණ්ඩලයේ නිළධාරීන්ද සහභාගී වී සිටි අතර එක් මොහොතක දුලිප් මෙන්ඩිස් නිළධරයින් දෙදෙනෙකු සමග එම නිවස පිහිටි වත්තේ එක් කොණක රහස් සාකච්ඡාවක් පවත්වනු ටෝනි ඕපාතගේ නිරීක්ෂණයට ලක්විය!  ඒ පිළිබඳව දුලිප් ගෙන් විමසූ විට "මා ගැන බය වෙන්න එපා! මම් ටෝනිත් එක්කයි!" දුලිප් පැවසූ බව ටෝනි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත!

ඉන් පසුව දින දෙක ටෝනි විසින් දුලිප් මෙන්ඩිස්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද ඔහුට කථා කිරීමට නොහැකිවූ අතර ඊටත් දිනකට පසු නාවලදී හමුවී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ ඔහුත් එනම් දුලිප් මෙන්ඩිස් හා ඔහුගේ මිතුරා වන රෝයි ඩයසුත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වන බවය!

කන්ඩායම හොර රහසේ 1982 ඔක්තෝබර් 18 වන දින දිවයිනෙන් පිටත්ව දකුණු අප්‍රිකාව බලා පිටත්වූ අතර නැවත 1982 දෙසැම්බර් 18 වන්දින මෙරටට පැමිණුනි. කැර්ළිකාර කණ්ඩායමට වසර 25ක ක්‍රීඩා තහනමක් පැනවුනි! එය දිග හැර දක්වනවා නම් 'අවුරුදු 25ක් යනතුරු ජාත්‍යන්තර තරග වලදී ලංකා කණ්ඩායමට ඇතුලත් වීම තහනම්ය. පාලක මණ්ඩලයෙන් අනුමත කරන ලංකාවේ පැවැත්වෙන කිසිදු තරගයකට සහභාගී වන්නට නොහැක. පාලක මණ්ඩලයට සම්බන්ධ කිසිදු සමාජයක කිසිදු තනතුරක් දැරීමට නොහැක! කොටින්ම පාලක මණ්ඩලය හා එවකට ක්‍රීඩා ඇමති වරයා වන වින්සන්ට් පෙරෙරා විසින් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ජීවිතය ඝාතනය කරණා ලදී!

 ක්‍රිකට් උපත ලද එංගලන්ත කණ්ඩායම මෙවැනිම අවස්ථාවකට මුහුණ දුන් පසු ඔවුනට පැනවූ දඬුවම වූයේ වසර 3 ක ක්‍රීඩා තනමක් පමණි. නමුත් එය පසුව ලිහිල් කොට වසර තුන ගෙවීයන්නට මත්තෙන් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා දුන් බව මාහට මතකය! 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදි කරුණු දැක්වූ විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක (රාජකීය විදුහල) "තමුන්නාන්සෙලා දකුණු අප්‍රිකාව සමග වෙළෙඳ ගනු දෙනු කිරීමත් වැරදියි නේ!?" යනුවෙන් පැවසුවද  සිදුවූ වෙනසක් නොවීය. හලීම් ඉශාක් මන්ත්‍රී වරයා මෙම දඬුව ලිහිල් කර ගැනීමට බොහෝ සෙයින් උත්සාහ කලේය! මෙහිදී රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමති හරේන්ද්‍ර කොරයා (ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස.) කිසිදු බුරුලක් නොදැක්වූ බව හැන්සාඩ් වාර්ථාවල සඳහන් වේ.

මේ සියළු කුමන්ත්‍රණ හමුවේ ඉතාමත් උපක්‍රමශීලී නායකයකු වූ වර්ණපුර, වමත් දඟපන්දු යවන අජිත් ද සිල්වා, එකල සිටි දක්ෂතම කඩුළු රකින්නෙකුවූ ඕස්ට්‍රේලියාවේ රොඩ්නි මාෂ් සමග එක පෙලට තැබිය හැකිව සිටි මහේෂ් ගුණතිලක හා තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුනු නායකත්වයේ අංකුරයක්ව සිටි අනුර රණසිංහ ඇතුළු පිරිසකගේ ක්‍රීඩා ජීවිතය සදහටම නිහඬ කරණ ලදී. එම තහනම ඉවත් කලේ තවත් වසර 9 කට පසුවය! පසු ගියදා ස්වභාවිකව මිය ගියද බන්ධුල වර්ණපුර ඝාතනය කරණු ලැබූවේ එසේ කුමන්ත්‍රණයක් මගිනි!

කැරැල්ලේ විත්ති කරුවෝ:-

බන්ධුල වර්ණපුර        - නාලන්දා                       - බ්ලූම්ෆීල්ඩ්

ලලිත් කළුපෙරුම       - නාලන්දා                        - බ්ලූම්ෆීල්ඩ්

අනුර රනසිංහ             - නාලන්දා                        - බ්ලූම්ෆීල්ඩ්

හේමන්ත දේවප්‍රිය       - නාලන්දා                        - කොළඹ ක්‍රීඩා සමාජය

බන්දුලද සිල්වා           - නාලන්දා                         - මොරටුව ක්‍රීඩා සමාජය

අජිත් ද සිල්වා             - ආනන්ද                           - බ්ලූම්ෆීල්ඩ්

ෆ්ලේවිය අපෝන්සු    - ශාන්ත සෙබස්තියන්         - බ්ලූම්ෆීල්ඩ්

ලන්ත්‍රා ප්‍රනාන්දු          - ප්‍රින්ස් ඔෆ් වේල්ස්            - මොරටුව ක්‍රීඩා සමාජය

මහේෂ් ගුණතිලක       -  ශාන්ත අන්තෝනි          -  මහනුවර ක්‍රීඩා සමාජය

නිර්මාල් හෙට්ටිආරච්චි - කොළඹ රාජකීය           - කොළඹ ක්‍රීඩා සමාජය

ටෝනි ඕපාත                - ශාන්ත පීතර                  - එන් සී සී

බර්නාඩ් පෙරෙරා          - ශාන්ත අන්තෝනි          - මහනුවර ක්‍රීඩා සමාජය

ජෙරී වවුටර්ස්                - කේරි විදුහල                  - බී ආර් සී

දඩයම දෙස බලා දඩයක්කරු සොයාගන්න . . . . . . .!


61 comments:

  1. Replies
    1. ඔව් තිත්ත උනත් ඇත්ත ඒක!

      Delete
  2. හ්ම්ම්...
    http://www.malkakulu.com/2021/10/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. පර්සි මායාදුන්නේ මහත්තයාත් මේ ගැනම ලියා තිබීම පුදුමයකි! ඔහුගේ විස්තර හා මාගේ විස්තර බොහොමයක් එකිනෙකට සමපාත වීමෙන් මාගේ පෝස්ටුවට එතුමා ලබා දී ඇත්තේ ආලෝකයකි!

      Delete
    2. මම ගිහිල්ලා, 126 පොස්ට් එකත් කියවලා ආවා. නොදන්නා කාරණා බොහොමයක් දැනගත්තා.

      මට නිකං හිතුන දෙයක් තමයි. ක්‍රිකට් ක්‍රීඩාවට රිංගපු දේශපාලනයත්, කල්ලි වාදයත් බොහෝ ප්‍රශ්ණ ඇති කරලා තිබෙන බව. ඒත් මේ ක්‍රමය තුල, ඒක වළක්වන්න බෑ නේද? ක්‍රිකට් වල පැවතුම රඳා පැවතුනෙත්, ඔය කල්ලිය හරහා ආ ආධාර මතම නේද?

      Delete
    3. මම නම් හිතන්නේ දෙශපාලනය හා කල්ලි වාදය මේතරම්ම හානියක් කරණ්නේ අපේ වගේ රට වල කියලයි. ඔබ හිතන්න දකුණු අප්‍රිකාවට ගිහින් ආවාට පසුව නැවත එංගලන්ත ටීම් එකට ජෙෆ් බෝයිකොට් ක්‍රීඩා කරණවා. එයාට මහ රැජින නයිට් නාමයකුත් ඔෆර් කරණවා. ඒත් ඒක ගන්න යන්න තිබුනු දවසේ මැච් එකක් වැටුනු නිසා ජෙෆ් නයිට් නාමය ගන්නෙ නැතිව මැච එකට ගියා කියලා මම අසා තියෙනවා. ඒ රට වල ක්‍රීඩාව මුළුමණින්ම දෙශපාලනයෙන් තොරයි! ඩෙරෙක් උන්ඩෙර්වූ MCC එකේ සභාපතිත් වෙනවා පසු කාලෙක!

      Delete
    4. // ඒ රට වල ක්‍රීඩාව මුළුමණින්ම දෙශපාලනයෙන් තොරයි! //

      වැරැදි ප්‍රකාශයක්. ඇත්ත, එංගලන්තෙ වගේ රටවල ද‌ේශපාලකයො ක්‍රීඩාවට මැදිහත් වෙනවා දකින්නම නෑ තමා. හැබැයි ක්‍රීඩාව ඇතුළෙ, පරිපාලකයින් අතර තියෙන politics අපට එහා. මතක ඇති අනූව දශකයේ England selection committee එක කෙලපු පිස්සු. සිරා ප්ලේයර්ස්ලා එළියෙ තියලා තමන්ගෙ ගොට්ටවල් ගස්සපු හැටි. යෝක්ෂයර්, සරේ වගේ ටොප් ලෙවල් කවුන්ටියකට ගැහුවෙ නැත්තං නැෂනල් ටීම් එකට ගහන එකත් හීනයක් ඒ කාලෙ. ඊට අමතරව racism උපරිමයෙන් තිබුනා. තාමත් ඔය දේවල විශාල අඩුවක් වෙලා තියෙනවා කියන්න අමාරුයි.

      Delete
    5. ඔව් ඒකෙත් ඇත්තක් නැත්තේම නෑ තමයි!

      Delete
    6. Buratino හරි. ලෝකේ හැම කාලෙම, හැම තැනම අඩු වැඩි වශයෙන් හොඳ නරක තිබෙනවා. තරාදියේ දෙපැත්ත වාගේ. එක තැනම මෙය පමණමයි තිබෙන්නේ කියා ලේබල් ගසන්න බැහැ. විශේෂයෙන් සමාජය ස්තරය තුල.

      මේකට හොඳම කතාව, - දිනක් නගරයකින් තවත් නගරයකට යන කොට නස්රුදීන් කෙනෙක්, ඉඳපු නගරය ගැන අහනවා. නස්රුදීන් ඔහුගෙන් එයම පෙරලා අහනවා. ඔහු කියනව මන් හිටපු නගරය එපා කරපු, නරක මිනිස්සු ඉන්න නගරයක් කියල. එතකොට නස්රුදීන් ඔහුට කියනවා මන් හිටපු නගරෙත් ඒවගේ. ( ඒ කියන්නෙ හමුවූ කෙනා යන්න ඉන්න නගරයත් ඒ වගේ කියල). තව කෙනෙක් හම්බෙලා නස්රුදීන්ගෙන් ඒ ප්‍රශ්නෙම අහපුහාම පෙරලා ඒ ප්‍රශ්නය ඔහුගෙන්ම අහනවා. එතකොට ඔහු කියනවා මන් හිටපු නගරය හොඳ එකක්. මිනිස්සුත් කියන්න වරදක් නැහැ කියල. පෙරලා නස්රුදීන් ඔහුට කියනවා ඔබ යන ඒ කියන්නෙ තමා දැන් ඉඳල ආ නගරයත් ඒ වගේ කියල....... - (බොහොම ගැඹුරු කතාවක් මෙ තුල තියෙනවා).

      Delete
    7. බොහොමත්ම ස්තූතියි කතිකාවට සම්පත් දායකයෙකු ලෙසින් එකතුවීම ගැන හා එය පෝෂණය කලාට! ඔව් ඇත්තෙන්ම කොයි රට ගත්තත් එහෙම වෙන්න ඇති. නැවතත් එන්න කියවන්න!

      Delete
  3. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  4. Replies
    1. ඇයි දෙයියනේ බස්සා ඇරෙන්න අනිත් සියල්ලන්ම බකුසු නාද පවත්වන්නේ! පෝස්ටුව හරි නැද්ද?

      Delete
    2. අපොයි නෑ තට්ටය තුමෝ. කොතනත් කැපිලි කෙටිලි තියෙනවා. අටලෝ දහම නීති පෙරළේ කිව්ව්වලුනේ. එක මතක් වෙලා ලෝකස්වාබාවෙ ගැන හිතුන...

      Delete
  5. අපි දන්නේ මොනවද කියලා හිතුණා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං හැමදාම වාගේ මාව මුරුංග අත්තෙන් තියලා!

      Delete
    2. නැහැ බන්....ඒක තමයි ඇත්ත....උබ ඇත්තටම යකෙක්

      Delete
  6. තට්ස් කියනා දේවල් එක්ක එකඟයි. හැබැයි මට මෙන්න මෙහෙම දේකුත් හිතනෙවා. බන්ධුල ඇතුළු සවුත් ඇෆ්‍රිකා ගිය ඔය ටීම් එකේ බොහෝ දෙනා තමන්ගෙ ක්‍රිකට් දිවියේ අවසාන භාගය ගෙවමින් උන් අය නේ ද? තහනම නොආවත් අවුරුද්දක් දෙකක් ඇතුළත ඒ බොහෝ දෙනෙක් ටීම් එකෙන් එළියට යන තත්ත්වයක් නේද තිබුනෙ? ඒ නිසා ලොකු වෙනසක් සිද්දවෙන්න තිබුනා යැයි කියලා අපට හිතන්න අමාරුයි. හැබැයි ක්‍රිකට් පරිපාලනයට හා අනෙකුත් දේවලට සහභාගිවෙන එක තහනම් කිරීම සපුරාම වැරැදියි.

    '82 චෙපොක් ටෙස්ට් මැච් එක සුපිරිම මැච් එකක්. දුලිප් ඉනිම දෙකේම සෙන්චරි (105) දැම්මා. රෝයි දෙවෙනි ඉනිමේ 97ක් ගැහුවා. ඉන්දියාව එකසීය හැත්තෑ ගානක් චේස් කරන්න ගිහින් විකට්ස් වැටිලා පරදින්න යද්දි, සනී ගවස්කාර් තමා නොම්මර 5 නැත්තං 6 බැට් කරන්න ඇවිල්ලා ගේම බේරන්නෙ.

    // ඔහු දක්ෂ පන්දු යවන්නෙක්ද වූ බව //

    ෆස්ට් ටෙස්ට් මැච් එකේ එංගලන්ත දෙවෙනි ඉනිමෙ open bowling කලෙ බන්ධු. ටෙස්ට් මැච් එකක Open batting/ open bowling දෙකම කරපු පළමු ලාංකිකයා බන්ධු.

    // මහේළ ද පාසල් ක්‍රිකට් තුල පන්දු යැවූ බව මෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා තොරතුරකි. //

    ගොඩක් ක්‍රිකටර්ස්ලා පාසල් කාලෙදි බැටිං බෝලිං දෙකම කරනවා නේද? මහේලත් ඉස්කෝලෙ කාලෙ medium pacer. 1999 World cup එකෙත් first change කලේ මහේල නේද?

    ReplyDelete
    Replies
    1. බන්ධුට 29 යි. ටෝනි, කළුපෙරුම, වවුටර්ස්, ඇරුණු කොට අන් සියළු දෙනා විසි ගනන් වල හිටියේ. මා කලින් කීවාසේ මහේෂ්,අනුර, අජිත් වගේ හොඳම සෙට් එකක් තමයි නැති උනේ! මා පෞද්ගලිකවම දන්නවා අනුර රනසිංහගේ ජීවිතේ විනාශ වූ හැටි!

      ඔඅය චෙපොක් ගර්වුන්ඩ්ස් වලම අනුර රණසිංහගේත් සුපිරි ඉණිමක් තියෙනවා නිතර ප්‍රේමසර ඈපාසිංහයන් මතක් කරණ!

      බන්ධු ෆස්ට් මැච් එකේ බෝල් කරපු සීන් එක් බුරතීනෝ කිව්වාම මතකයි! නමුත් ඒක පැහැදිලි මතකයක් නම් නොවෙයි!

      මහේළ එක් වරක් ලෙමනේඩ් ට්‍රොෆී 17න් පහල සික්ඩ්සර් සයිඩ් මැච් එකක අන්තිම ඕවරය අයවලා පාසැල බේර ගත්තු හැටිනම් මතකයි!

      Delete
    2. අනුර රණසිංහට වුන දේ නං සිරාවටම පට්ට ට්‍රැජික් එකක්. මම හිතන්නෙ ඔහු අවසාන කාලෙ වැලිමඩ-නුවරඑළිය පැත්තෙ අල වැවුවා නේද? එච්චර කෲර විදියට පලිගන්නෙ නැතුව අවුරුදු 2-3කින් මෙයාලගෙ තහනම අයින් කලානං, ක්‍රීඩකයින් විදියට නැතත් පුහුණුකරුවන්, පරිපාලකයින් විදියටවත් නැවත ක්‍රීඩාවට එකතු වෙන්න තිබුනා. එතනදි මම ඔබ හා එකඟයි.

      Delete
  7. ඔබේ ලිපිය අපේ ඇස් ඇරවන්නක්. සමාජ මාධ්‍යවලට විරුද්ධ වෙන අයගෙත් ඇසු අරෙනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. තට්ටයා මහත්තයෝ, වටිනා ලිපියක්. ස්තුතියි. මේ දඬුවම නිසා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජීවිතයට පමනක් නොව අනුර රනසිංහ වැනි ක්‍රීඩකයන්ගේ ආත්මයටත් තිත තැබූ බවකුයි මා අසා තිබෙන්නේ. හරිම කනගාටුදායකයි.

      Delete
    2. පර්සි මායාදුන්නේ මහත්තයාට:- ඔබ තුමාගේ සපැමිණීමම සතුටට කරුණක්. සත්තකින්ම අපි මේ කථා කරණ්නේ දශක 4 කට අවුරුදු 40 කට පෙර සිදුවූ කරුණු කාරණාවක්. බන්ධුල වර්ණපුර කියන්නෙත් සමීපතමයන් අතර මහා විශාල සුහදත්වයක් ඇතින්කරගත් අයෙක් නම් නොවේ! ඒත් ඔහුට තිබුනු "ක්‍රිකට් දැනුම" සහ "තරග කියැවීමේ හැකියාව" ඉතා විශිෂ්ඨයි. කලකට පෙර බ්ලූම්ෆීල්ඩ් සමාජයේ, නාලන්දාවේ හා වෙස්ලි විද්‍යාලයේ පුහුණුකරු ලෙස සිටි ප්‍රසාද පෙරේරා මහතා ඔහුව සම කලේ මහේළට! ඒ සෑම දෙයකින්ම අපට ලැබීමට තිබුනු ප්‍රයෝජනයන් අප එක් පංතියක් හා එය නියෝජනය කල ක්‍රීඩා සමාජයක්, වෙනත් ආයතන කිහිපයක් හා පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා රටට අහිමි කර ගත්තා. මා නම් පර්සි මහත්තයා අදටවත් දකින්නේ නෑ ඒවායින් නිසි පාඩමක් උගෙන ගෙන ඇත්දැයි කියා? ස්තූතියි මෙහි පැමිණ නැවතී දොඩමළු වූවාට!

      Delete
    3. ඔව් වීරසිරි මහත්තයා අනුර කියන්නේ ජීවිතේ යටම අඩියෙන් පටන් ගත් අයෙක්. ඔහු සුපිරි දක්ෂයෙක්. ඔහු වැනි තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයින් හදන්න බෑ! ඉප දෙන්න ඕනා! වරෙක මහේෂ් ගුණතිලක සඟරාවකට ප්‍රකාශ කොට තිබුනා මේ වැකියම කඩුළු රකින්නන් පිළිබඳව; "කඩුළු රකින්නන් පුහුණු කරණ්නට බෑ! ඉපදෙන්නට ඕනෑ!!" කියලා. අනුරගේ ජීවිතයේ විවිධවූ හැල හැප්පීම් රාශියක් මැද ජීවිතය ගත කරලා මධුවිත සමගම යන්නට ගියා!
      ඔහුගේ ජීවිතයේ ඔහුට කල විශාලතම අසාධාරණය වූයේ පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔහුව නෙරපා අර්ජුනව ඇතුලට ගැනීම! මීට තිබුනු එකම හේතුව අර්ජුනලාට තිබුනු සිවිල් ශක්තිය හා බල පුළුවන්කාර කම හැරුණු කොට ලාබාල ක්‍රීඩකයෙකු ටෙස්ට් කණ්ඩායමට හිටියා කියා කියන්නට තිබුනු පුරාජේරුත්මක ආතල් එක විතරයි!
      මා දන්නා පරිදි එම තීන්දුව ගන්නේ තරගයට එක් දිනක් හෝ දෙකකට පෙර! (පෙර දින සවස කියලාත් මා අසා තිබෙනවා!) "හෙට තියෙන මැච් එකෙන් තමාව කිසිදු හේතුවක් නොමැතිව ඩ්‍රොප් කලා!' යන ආරංචිය මොන තරම් "මිහිරි" එකක් වන්නට ඇද්ද අනුරට එදා!?

      Delete
  8. බන්දුල එක අතකින් වාසනාවන්තයි ඔය තරම් දුරක් එන්න ලැබුන නිසා. නමුත් පටන්ගත්ත තැනම කපා දැමුණ දක්ෂ ක්‍රීඩකයෝ කොච්චර හිටියද? ගාමිණී වික්‍රමසිංහ මතකද? ඒ කාලේ හිටපු දක්ෂම කඩුලු රකින්නා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගාමිණී පාසලේ ක්‍රීඩ කරණ කාලයේදීත් මට මතකයි. හේමන්ත දේවප්‍රියත් හොඳ කඩුළු රකින්නෙක්; ඒවාගේම හොඳ හිටර් කෙනෙක්!

      Delete
  9. මම ඒ තරම් ක්‍රිකට් ලෝලියෙක් නෙවෙයි. නමුත් බන්දුල වර්ණපුරලා ගැන පළ කෙරුණු 'කල්පනා' සඟරාවේ ඉටපත් හත අටක්ම අරගෙන මගේ ක්‍රිකට් පිස්සු මිතුරන්ට බෙදා දුන්නු බව මතකයි. ඒ තරම් විස්තර ගොඩක් එහි තිබුණා.
    දන්නවනේ, 'ගුලි'- ගුණදාස ලියනගේ සූරීන්ගේ හැටි- එයා තමා එතකොට 'කල්පනා' කර්තෘ.

    ReplyDelete
    Replies
    1. ගුලි මහත්තයා හිටියත් එම ලිපිය සකසා තිබුනේ පාලිත පෙරෙරා, චන්ද්‍රසේන කිරිවත්තුඩුව හා කැමරා ශිල්පී ඈෂ්ලි රත්න විභූෂණ යන අයගේ ශ්‍රම දායකත්වයෙන්. මගෙ මෙම පෝස්ටුවටත් එම සඟරාවේ කොටස් මහත්සේ ප්‍රයෝජනවත් උනා. පාර්ලිමේන්තුවේදී වරක් විපක්ෂය; එවකට ශ්‍රිලනිපය පවසා තිබුනා මහජන බැංකුවෙන් කරන එකම ප්‍රයෝජනවත් කාර්‍යය "කල්පනා" සඟරාව අච්චුගැසීම පමනක් බව! වැස්ඩේ තියෙන්නේ "කල්පනා" සඟරාව එළිඩ්ක්වන්න යන කාලේ ඔවුන්ම පැවසුවෙ "මේ රොනී ද මැල් ව උස්සන්න හදන වැඩක්!" ලෙසයි! (කල්පනා ගැහුවේ ලංකා බැංකුවෙන් නෙවෙයි මහජන බැංකුවෙන් නේද?)

      Delete
  10. අතට අහු වුණ 1991 ජනවාරි කල්පනා සඟරාවේ තියෙන විදිහට නම් තට්ටයා මහත්තයෝ, 'මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් නිකුත් කෙරෙන ජාතික මාසික සඟරාව' කියලයි තියෙන්නේ.

    1981 නොවැම්බර්වල නිකුත්වුනු මංගල කලාපයේ නම් තියෙන්නේ මහජන බැංකුවේ නම විතරයි!

    ReplyDelete
    Replies
    1. ජය වේවා! ඔබ කියනවානම් හරියටම හරි වෙන්න ඕනෑ! කොහොමත් ඒක කලේ "රොටී ද පොල්" ගේ අමාත්‍යාංශය මූලිකත්වයෙන්!

      Delete
    2. ස්තුතියි, කල්පනා කලාප දෙකම හොයලයි උත්තර දුන්නේ. ඉතිහාස තොරතුරු හැම විටම හැකිතාක් තහවුරු කරගෙනනෙ ලියන්න ඕනි, කියවන අයට ගරු කරද්දී.

      Delete
    3. අනිවා මා ඒ ගුණාංගය සැම විටකම මා ඔබ තුලින් දකිමි!

      Delete
  11. අනේ තට්ටයා මහත්තයෝ, මම නම් ක්‍රිකට් ගැන ඒතරම් උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් අපි හැමෝගෙම පොදු සාධකය වන ජිවන අරගලය ගැන කථා කරනකොට අනුර රණසිංහ මහත්තය ගැන අමතක කරන්න බැහැ. කොළඹින් නයිට් මේල් එකේ නැගල ඇල්ලෙන් බැහැලා එතැන ඉඳන් රස්සාවට ගිය කථාවක් අතිතයේ දවසක මොකක් හරි TV චැනල් එකක ප්‍රචාරය වුනා වගේ මතකයක් තියෙනවා. (සීනි කර්මාන්ත ශාලාවක රස්සාව කලා වගෙයි මතක) කොහොම වුනත් මට නම් හිතෙන්නේ එම තරඟය නිසා ඔහුට මුහුණ දෙන්නට සිදු වුන අප්රසන්න දේවල් නොවන්නට ඔහුගේ ඉරණම මෙයට වඩා හොඳ
    විධියට විසඳෙන්නට හැකිව තිබූ බවයි. ඇත්තටම ඒ සිද්ධිය ගැන හරිම කනගාටුයි..........

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු අන්තිමට ජීවිතේ සෑම සියළු පැති වලින්ම පහර කෑවා! මමත් බොහෝ සෙයින් කම්පා වන්නේ ඔහු ගැනයි!

      Delete
    2. ඒ ගැන නම් මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. ඇතිවුණ තත්ත්වය නිසා ඔහුට රස්සාවවත් හරියට කරගන්න දෙන්න නැතුව ඇති. හරිම කනගාටුදායක සිද්ධියක්..........

      Delete
  12. වර්ණපුර ඇතුළු කණ්ඩායමට වසර විසිපහක් වගේ දීර්ඝ තහනමක් ලබා දෙන්න ගාමිණි දිසානායක මහතා මුල් උනා කියලයි මට හිතෙන්නේ. මොන තරම් අසාධාරණ කම්, කැපිලි කෙටිලි , පාවා දීම් තිබුනත්, වර්ණපුර ඇතුළු කණ්ඩායම ඒ ගමන නොගියා නම් තමයි හොඳ.

    //එක් මොහොතක දුලිප් මෙන්ඩිස් නිළධරයින් දෙදෙනෙකු සමග එම නිවස පිහිටි වත්තේ එක් කොණක රහස් සාකච්ඡාවක් පවත්වනු ටෝනි ඕපාතගේ නිරීක්ෂණයට ලක්විය! //
    මේ විදියට කිව්වා කියන්නේ, එයාට කැප්ටන්සි එක දෙනවා, ටුවර් එක යන්න එපා කියන පණිවිඩය වෙන්න ඕනෑ .

    පිට රට කණ්ඩායම් වලත් දේශපාලනය /කැපිලි/ජාතිවාදය නැත්තේ නැහැ. ඕස්ට්‍රේලියාවෙත් ස්ටුවට් මැගිල්, ඩීන් ජෝන්ස්, ඇන්ඩ්රූ සිමොන්ස් එහෙම අසාධාරණයට/කැපිල්ලට/එලව එලවා පලි ගැනීමට ලක් වෙච්ච, ක්‍රීඩකයන්ට උදාහරණ.

    ReplyDelete
  13. සෑම් මහත්තයා, ඕක හරියට කසාදෙ වගේ තමයි. හොඳම දේ තමයි නොබැඳ ඉන්න එක! ඊළඟට හොඳම දේ තමයි බඳින එක! ඒ වගේ වර්ණපුරට තිබුනු හොඳම දේ තමයි නොයා ඉන්න තිබුනු එක! ඊළඟට තිබුනු හොඳම දේ තමයි යන එක!
    ඔව් බලාන ගියාම අර බුරතීනෝ කියලා තියෙනවා වාගේ කොහෙත් එහෙම තමයි සෑම් මහත්තයා!

    ReplyDelete
  14. දැනුම පොතට වටිනා ලිපියක් තට්ටය.

    ReplyDelete
    Replies
    1. දැනුම පොතට වටිනා ලිපියක් තට්ටය මහත්තයො

      Delete
    2. ස්තූතියි යාත්‍රිකයාණෙනි!

      Delete
  15. මේ ගැන මේ තරම් විස්තර දැනගෙන හිටියෙ නෑ. අපට මතක ඇති කාලේ ඔය වගේම ඝාතනය කෙරුණා ජයනන්ද වර්ණවීර... විශිෂ්ඨ ගණයේ වේග පන්දු යවන්නෙක්. අන්තිමේ මම දැක්කා ගාල්ලෙ පිට්ටනිය භාරකරු විදිහට පත් කරලා තිබුණා.

    අනෙකා, කළුවිතාරණ...

    ReplyDelete
    Replies
    1. අපේ බොහෝ ක්‍රීඩකයින් "සමු ගන්නේ නෑ!" "සමු ගන්නෝනවා!" නිකං "අපවත් කරණවා වගේ!"

      Delete
    2. වර්ණවීර... වේග පන්දු යවන්නෙක්? එයැයි දැම්මෙ කටර්ස්. වර්ණවීරට කැපිලි ආවට වඩා වුනේ මුරලි ආවට පස්සෙ ටීම් එකේ තැන අහිමි වීම නේ ද?

      වර්ණවීරට පහුගිය කාලෙ මැච් ෆික්සිං චෝදනා ආව නේ ද ICC එකෙන්?

      Delete
  16. උබේ පොස්ට් එක වගේම...කෙමෙන්ට් වලට දිලා තියන උත්තර...කෙමෙන්ට් වලිනුත් ගොඩක් දේ ගත්තා...
    එල ද බ්‍රා....
    ( උබ කිව්වවට සමාවෙන්න ඔනේ )

    ReplyDelete
    Replies
    1. "උඹ" කියන වචනෙ මොන තරම් සොඳුරු වචනයක්ද මචං!? මම උඹේ නොම්මරේ හෙව්වා වත් පොතෙත්! තියෙන එක වැරදියිනේ!?

      Delete
    2. මෙන්ඩෝ, තවම හෙරොයින් අලුත් කොටස update වෙලා නෑ. කමී ඒක දුමට හරවලාද?

      Delete
    3. නිදි....බොක්කෙන්ම සතු‍ටුයි..උබ මගේ කතාව ගැන උනන්දුවෙන එකට...
      මම හිට් එක යැව්වට කමියට තවම සික් නැහැලු...

      තට්ටයෝ....
      මගේ ෆොන් නම්බර් එක 0779751111

      Delete
  17. පී එම් ජයතිලකය කිව්වෙ
    මල් මාවත බඹර සර හන්තානේ ලියපු කෙනා නෙවී නේ.

    බලං ගියාම අද එදා කියල වෙනසක් නෑ. කැපිල්ල ඇදිල්ල වගේම නින්දිත පාවාදීම් වෙනසක් නැතිවම තිබිල තියෙයි.

    බොහොම ස්තූතියි මේ ලිපියට. සෑහෙන්න දැනුුමක් ලැබුව.

    හැබැයි එකක්. කොයි තරං පාගල දාන්න හැදුවත් වර්ණපුර ලෙජන්ඩරි කැරැට්ටුවක් වෙන්න තරං දක්ෂ වෙලා තියෙනව. නැතිනම් අදත් කට්ටිය ඔහු ගැන කතා වෙන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. පී. ඇම්. ජයතිලක (ඉංග්‍රීසි: P. M. Jayatilaka) යනු ප්‍රවීන අධ්‍යාපනඥයෙක්වන අතර හිටපු හිටපු විදුහල්පති තර්ස්ටන් විද්‍යාලය කොළඹ වෙයි.

      පී. ඇම්. ජයතිලක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

      ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය වාර්ෂික මහා ක්‍රිකටි තරඟයේ කුලුඳුල් ප්‍රතම ශතකය වන ලකුණු 111 මොහු විසින් 1928 දී රුස් කරගන්නා ලදි.

      දේවි බාලිකා විද්‍යාලය කොළඹ ආදි කර්තෘ දේශබන්දු වෛද්‍ය විමලා ද සිල්වා මොහුගේ එකම සොහොයුරිය වෙයි.

      Delete


    2. Intro Sri Lankan educationist
      Was Educationalist
      From Sri Lanka
      Type Academia
      Birth 10 October 1909, Negombo, Gampaha District, Western Province, Sri Lanka
      Death 19 June 2001 (aged 91 years)
      Star sign Libra
      Education
      Nalanda College මගේ මතකයේ හැටියට ඉබ්බාගමුව මධ්‍යය මහා විදුහලේ නිර්මාතෘ! "ඔයා ඉගෙන ගත්තු ඉස්කෝලෙ වගේ එකක් හදන්න!" කියලා දුන්නු අභියෝගය මත තමා උන්නැහැ ඉබ්බාගමුව සෙන්ට්‍රල් එක හදන්න අරන් තියෙන්නේ!

      Delete
  18. මේ ලිපියේ තියෙන දේවල් නිවැරදියි. මේ දේවල්ම ෆ්ලේවියන් අපොන්සු සෙට් වුනාම අපිට කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම මාගේ පෝස්ටුවට වටිනාකමක් එක් කලාට! ෆ්ලේවියන් අපෝන්සු මහතා දැන් කොහේද?

      Delete
    2. එංගලන්තේ ඉන්නවා.

      Delete
    3. ස්තූතියි! අවස්ථාවක් ලදොත්; ඒ මහතාටත් මේ ලිපිය පෙන්වන්න!

      Delete
  19. හප්පොච්චියේ මෙච්චර දෙයක් අදමයි දැන ගත්තෙ ඕන්.....

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම දෙවලු උනා මේ සිරි ලංකාවේ!

      Delete
    2. ලෝකෙම ඔහොම තමයි නේද?
      බලාගෙන ගියාම...
      තත්ත්වය ශෝචනීයයි...
      කතා කරල වැඩක් නෑ වගේ.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...