එහෙත් අපගේ හිටපු වැඩහල් සාමාන්‍යධිකාරී වන්නිආරච්ච්චි මහතා හා විකුණුම් අංශයේ සිටි නානායක්කාර මහතා හැරුණු කොට ගෙන අන් අය ගැන නම් කියන්න තියෙනනේ ඉතා දුක් බර මතකයන් ගැන පමනකි!
එතෙක් කල් නාවික හමුදාව විසින් නතු කරගෙන තිබුනු අප සමගමට හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ලවන්නේ ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් සමන් මහතාගේ පැමිණීමත් සමග. ඉන් පසු ඒ පසුපසින් තවත් ගුවන් හමුදා නිළධරයෙකු වූ මෙන්ඩිස් මහතා පැමිණියා.
සමන් මහතා ඇල් වතුර වීදුරුවක් බොන්නේ පීරිසියකට දමා විනාඩි දහයක් පමන පිඹිමින් නිවාගෙනයි. මෙන්ඩිස් මහතා ඊට හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ දැරුවා. මෙන්ඩිස් මහතා දැරුවේ ඊට වෙනස්ම වූ ජීවන රටාවක්. ඔහු ඇවිද්දේද, ගියේද ආවේද, හැරුනේද, කථාකලේද , රඟ පෑවේද දැඩි සීග්‍ර තාවයකින් ය. ඇඟ පුරාම මොලේය. සැම සියල්ලන් හටම අමතන්නේ හමුදා උණෙනි. ඔහු ගැන හැඳින්වීමට වචන නාස්තිකලා මේ ඇතැයි මා සිතමි. ඒයට තව එක් කරණවානම් එක් කල යුතුව තියෙන්නේ පොලිටික්කෙකුට ද ඉතා ආසන්න නෑ කමක් පැවතීම ගැන කියන්නට පමණි.
කාලය ගෙවී ගියේය. ආයතනයට පැමිණි වහාම ඩෙමා සමග කොක්කක් ඇද ගත්තේය! මේ ආකාරයට වටේම ඉන්න එවුං සමග කොකු ඇද ගැනීම ඔහුගේ මාසික චක්‍රයේ එක් අනිවාර්‍යය ක්‍රියාවක්ය!
අපගේ වැඩහල් සාමාන්‍යධිකාරි විසින් පවත්වනු ලබන මාසික රැස්වීමක් විය. "මැරුන්නැත්තං එන්නෝන!" මේ සාමාන්‍යධිකාරි වරයාගේ හෙවත් ජී එම්ගේ තීන්දුව, තීරණය, නියෝගය, අණ විය. ඒ නිසාම අපගේ යාපනයේ ශාඛාවේ සේවා උපදේශක වරයා පවා එයට සහභාගී වීමට අනෙකුත් හතර දිග්භාගයේ අය හා එක් විය. ජී එම් හෙවත් ජෙමා මෙම රැස්වීම හවස පහට පහමාරට පටන් ගෙන රාත්‍රී දහය එකොළහ වනතුරු ඇදගෙන යයි. ඒ ඔහුගේ ආතල් එක යැයි අපි විශ්වාස කලෙමු. "නා නා රූප නානා සංඥා" (විවිධ වූ අය විවිධාකාරවේ!) කියපු ශ්‍රී මුඛයෙන්ම "සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" (සෑම පුහුදුන් සත්වයෙක්ම උම්මත්තකයෙකි!) කියලත් තියෙන්නේ ආයෙ කට කහනවාටයෑ!?
විසල් මේසයක් වටා එක් වන මෙම රැස්වීමේදී ජී එම් අසලින්ම වාඩිවෙන්නේ මාය! මා වීරයෙකු යැයි නොසිතන්න. ඊට හේතු කාරණා රාශියකි. අංක එකටම ඇත්තේ බොහෝ විට ජෙමාගේ ඇහැ යන්නේ ඈත කෙලවරේ ඉන්නා එවුංට මිස අත ළඟ සිටින මා දෙස නොවේ! අංක දෙක වන්නේ; ඔහු කිසියම් දෙයකට බැන අඬ ගැහුවත් එය ඇසෙන්නේ මටත් තවත් ඉතා සීමිත පිරිසකටත් පමණි. ඈත ඉන්න එවුන් කන්නේ සියල්ල ඉදිරියේ රෙදි ගැලවෙන ලෙසය. අංක තුන වන්නේ ඕනෑම නිදහසට කාරණාවක් ඔහුට පමනක් ඇසෙන සේ පවසා වැඩක් ගොඩ දා ගැනීමට හැකිවීමය. අනෙක පංතියේ ඉස්සරහම පේළියේ ඉන්නේ වැඩ ටික කරපු එවුං යැයි ඕනෑම ගුරුවරයෙකු ඇන්දෙන බව මම දන්නා නිසාය. ඔවැනි කරුණු රාශියකි! මෙය කියවන ඔබට මතකද මන්දා මීට දශක දෙකකට තුනකට පමණ පෙර "අරවින්ද" නමැති චිත්‍ර කථා ශිල්පියා ඇන්ද එක් චිත්‍ර කථාවක ගුරුවරයෙකු හට සිසුන් පිරිසක් දමා තිබුනු නමක්, ඒය තමයි "කළාතුරයා!" එසේ එම ගුරුවරයාට පවසන්නට ඇති ආසන්නතම හේතුව වූයේ ඔහු පාසලට නොපැමිණෙන්නේ ඉතා කළාතුරකින් වන නිසාය! අපගේ ජෙමාද නොම්මර එකේ කළාතුරයෙකි. මොන දෙයක් උනත් ඔහු නියමිත දිනට රැස්වීමට පැමිණේ!
රැස්වීම අවසාන වන්නේ අපට ඇනුම් යද්දීය. ඔහු වැඩහල පාලනය කල වසර පහක හයක කාලය තුල එක් දිනක් ඔහුට පැමිණීමට නොහැකි විය. ජෙමා නැති "සාමාණ්‍යධිකාරි රැස්වීම" යනු රෑට වසා තැබෙන "නයිට් කඩයකි"! එදින රැස්වීම ගත්තේ සමන් මහතා වන අතර මෙන්ඩිස් ලොක්කා ඔහුගේ රැස් විහිදුවමින් විය.
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියන්නාසේ මෙන්ඩිස් ලොක්කා එදින නිළ නොලත් ජෙමාගේ රෝල් එක සමන් මහතාගෙන් බලෙන් පවරාගෙන රඟන්නට විය. අර කිඹුල් කටු ඇනෙනවා ඉවසිය හැකි උනාට කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැරි බව කියන්න ඕනෙ නැත! මීටිම පටං ගත් මොහොතේ සිට මෙන්ඩිස් ලොක්කාගේ රැඟිල්ල බලා සිටි මා සිටියේ ලේ රත් වී කන් රතු වී වෙව්ලමින්ය. රැස්වීම පැය භාගයකින් පමණ අවසන් කොට පිටත් වීමට අප සියල්ලෝම සූදානමින් සිටිය මුත් එකිනෙකා සමග කථා බහේ අඩුවක් නොවීය. ජෙමා සිටියද එකි නෙකා කථා බස් කරණ අපට මෙන්ඩිස් අවුලක්ම තිබුනේ නැත. රැස්වීම් ශාලාව තුල කාල ගෝට්ටියකි. සමහරුන් බොන්න යන්න කට්ටිය සෙට් කරමින්ය. තවත් අය එදින ජෙමාගේ නොපැමිණීම නිසා තමාට ලැබුනු "ගුටි නොකෑමේ" ආතල් එක අන් අය සමග බෙදා ගනිමින්ය! තවත් අය ගෙදර යාමට සෙට මෝල් වෙමින්ය. එතැන නොකෙරුණු එකම දෙය වූයේ මෙන්ඩිස් හට සවන් දීම පමණි! මෙන්ඩිස් හට ඒ වන විට සුපිරියටම මල පැන තිබුනි. මට එය ගෙන දුන්නේ නොම්මර එකේම ආතල් එකක් ය!
"ළමායි! ළමායි!! කෑ ගහන්න එපා . . . . . . . . !"
"ළමායි . . .! මේ ක ඉවර කරණ්න ඕනෙ නැද්ද අද . . .??!"
මෙන්ඩිස් ලොක්කා කිහිප වතාවක් "ළමායි!" ගාමින් අපිට කෑගසමින්ය. ඒ නිකංම නොවේය! මේසයට තඩි බාමින්ය! මට එයින් තවත් ජුවල්ය! තවත් විනාඩි 10 කින් පමණ රැස්වීම අවසන් විය!
"ගුඩ් නයිට් ඕල්!" මෙන්ඩිස් රැස්වීම අත් හිටුවමින් පවසා නැවත අතුරු ප්‍රශ්ණයක් නැගුවේය!
"ළමයින්ට මුකුත් කියන්න ප්‍රශ්නයක් නෑ නේද?"
මගේ අත එස වුනේ ඔටෝය!
"තියෙනවා! අපිට ළමයි! ළමයි!! ගාන්න එපා!!! ඒකට මම කැමති නෑ! අපිට ළමයි ගෑවොත් අපි ඔයාට "මිනිහො" කියන්නම්! කමක් නැද්ද!?" මම කථාව අරඹා කියාගෙන යන විටම ශාලාව සීයට පනහක් නිශ්ශබ්ධවී තිබුනි. මගේ වාක්කිය අවසන් වන විට මගේ කට හඬ ඇසෙන දුරින් සිටි සියල්ලෝම කොර වෙලාය! මෙන්ඩිස් ලොක්කාට උතුර දකුණ අමතකව ගොස්ය! කොටින්ම හිංගලත් අමතකව ගොස්ය!
Ok! Extreamly sorry gentleman good night all!
හරි නේද මිස්ටර්!? කියා මාදෙස දෙස බලා ඇසුවේය! මම කිසි ගානක් නැතිව "හරි සර්!" කියමින් ගෙදර එන්න නැගිට්ටෙමි! රැස්වීම් ශාලාවෙන් පහලට බසිද්දී අපගේ ලොකු කුඩා මිතුරන් මා වට කොට ගෙනය. ඉතිරිය මා නොකීවාට ඔබටම සිතා ගත හැකිවනු ඇතැයි සිතමි.
කථාව මෙය නොවේ. මේ මෙතෙක් කථාවය. නියම කථාව පටන් ගන්නේ දැන්ය!
මාගේ ආසනය තිබුනේ ඉදිරි කාර්‍යාලයේ පසු පස ඉමේය! මේ නිසා පාරිභෝගිකයින් පැමිණ අපගේ සොහොයුරන් සමග කිසියම් "ආදර බස්" හුවමාරු කිරීමක් සිදුවන්නේ නම් එය ඉක්මණින්ම දකින්නටත් මා හට ඊට ඉක්මණින් ළඟා වීමටත් ඉන් හැකිවිය! සමන් මහතාගේ ආසනය තිබුනේ මගේ ආසනයට ඉදිරියෙන්ය. අපගේ මුළු වැඩ හල අක්කර හතක් වන අතර වැඩහල පිටුපස ඉමේ කොටස හැඳින්වූයේ අක්කර දෙක යන නමින්ය! මෙන්ඩිස් ලොක්කා මේ කාලයේ සේවය කලේ අක්කර දෙකේය! දිනක් උදෑසන සමන් මහතාගේ ආසනය අසල එකම කාලගෝට්ටියකි. සමන් මහතා ඉදිරියේ ආසනයක පාරිභෝගික මහතෙකු සිට එකසිය ගානට විදිමින් විය. ඒ අසල අපගේ කථා නායක මෙන්ඩිස් ලොක්කාද හතර අතට ඇඹරෙයි! මෙන්ඩිස් ලොක්කා කවදාවත්ම නැතිව මෙසේ ඇඹරෙන්නේ ඇයි දැයි ඇන්ටනාව දමා බලන ලෙස මා සමග සේවය කල; මේ බ්ලොගය අටවා දුන් තඩි ගිහාන්ට පැවසුවෙමි. විනාඩි ගණනකින් තඩි ගිහාන් සිද්ධිය පැහැදිලි කලේය.
පෙරදින සවස් වරුවේ; අක්කර දෙක කොටසේ ඇති ලිහිසන සේවා කොටසට පෙර කී පාරිභෝගිකයා තම අලුත් මෝටර් රථය ගෙනැවිත් ඇත්තේ එහි ප්‍රථම සේවාව වන කිලෝ මීටර 1000න් සිදු කරණ සේවාව ඉටු කර ගැනීම සඳහාය. එහිදී එක් සේවකයෙකු; එම රථය එක් තැනක සිට තවත් තැනකට ගැනීමට පසු පසට ධාවනය කරද්දී එතැන තිබුනු යකඩ කනුවක වැදී රථයේ පසුපස මුළු මණින්ම හානි වී ඇත. පාරිභෝගිකයා ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකු වන අතර; නිවාඩුවකට මෙරටට පැමිණි අවස්ථාවක තම නැගණියගේ රථය ස්වෙච්ඡාවෙන් සේවාව සඳහා අප ආයතනයට ගෙනැවිත් තිබුනි!
වැඩේ ක්‍රිමිනල්ය! ෆුල් සීරියස් ය!
වීදුරුව තුලින් හඬ නොඇසුනත් පාරිභෝගිකයාගේ කෝපාවිෂ්ඨ මුහුණ හා ඊට සමගාමීව මෙන්ඩිස් ලොක්කාගේ ඇඹරීම මාහට දිස්වුනි. මෙයට මැදිහත්වීමට හෝ නොවීමට මාහට පුළුවන! මන්ද කිසිවෙකු මේ සම්බන්ධයෙන් මා වෙත පැමිණිල්ලක් සිදු කොට හෝ මැදිහත්වන ලෙස දන්වා හෝ නොමැත! එහෙත් කිසියම් සිද්ධියකය අත පෙවීමට එය සුදුසු එකක්ද නැතිනම් නුසුදුසු එකක් දැයි තෝරා බේරා ගන්නා ආකාරය පිළිබඳව නිවැරදි වැටහීමක් අද මෙන්ම එදාත් මාතුළ නොතිබුනි. ඊට අමතරව සදාචාරාත්මකව ගත් කල පාරිභොගිකයෙකු කිසියම් ගැටළුවකට මැදිහත්ව සිටින විට කර ඇරීම මාහට තරම් නොවේ! මා ඉක්මනින්ම සමන් මහතාගේ ආසනය වෙතට ගියෙමි.
"නෑ සර් ! මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි! අපි තිබුනා වගේ හදලා දෙන්නම්! මේ වාහනේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ හැමදාම ඒ වැඩේ කරන කෙනා! හරිම කනගාටුයි . . . " මෙන්ඩිස් ලොක්කා කියාගෙන යයි.
ඕනෑම මිනිසෙකු සමග කිසියම් සමගි සංධානයක් ගොඩ නංවා ගැනීමට තමන් සහ ඔහු අතර කිසියම් හෝ සමාන බවක් සොයා ගත යුතුය. එකම විදියේ අදහස්, එකම පලාතක විසීම, එකම භාෂාවක් කථා කිරීම, එකම පාසලක ඉගෙන ගැනීම, එකම විනෝදාංශයන්හී යෙදීම වැනි සමාන බවක් ඇති කිරීමට කදිම අවස්ථාය! සමහරු සෙට මෝල් වන්නේ තනිව කෑම්පින් කරණ නිසා විය හැක! ඒ සඳහා ඔහු සමග කථා කරමින්ම ඊට අවශ්‍ය දත්තයන් සොයා ගත යුතුය! මා ඔහුගේ මුහුණ දෙස නොව ඔහුගේ දෙනයන මතම මාගේ ඇස් තබා ගෙනම ඔහු තවත් දිගින් දිගට කරණා දෝශාරෝපනය අසා සිටිමින්ම ඔහු සමග සංධානගත වීමට මගක් සොයමින් විමි!
"මේ මනුස්සයා මං කොහේදි හරි දැකලා තියෙනවානේ! කවුද මේ !? ගෙවල් පැත්තෙ බුවෙකුත් නෙවෙයි . . . ! වැඩ කරපු තැනක එකෙකුත් නෙවෙයි!?" මම ඔහුව හොඳින් ස්කෑන් කරමින් ඩෙටා බේස් එක පීරමින්ය! තවත් විනාඩි ගානක් යන විට මගේ මතකය ස්පාක් විය! "අම්මට සිරි මේ යකා අපේ ඉස්කෝලෙ මගේ පංතියේ මට පේලි දෙකක් ඉස්සරහින් හිටපු සද්ද බද්ද නැති ඩයල් එක නේද?"
මම ඔහු වෙත තවත් නැඹුරු විය! "එක්ස්කියුස්මී සර්! සර් "අහවල්" ඉස්කෝලේ නේද?"
"ම්ම්ම්ම්ම් . . . . . . .මචං උඹ මේ . . . .?"
"ඔව් සර් එයා තමයි . . .!"
"සර් මේ වර්ක් ෂොප් එකේ මෙහෙම ප්‍රශ්නයක් උනාම මම තමයි ඒකට මැදිහත් වෙන්නේ. මට තේරෙණවා සර් ගේ ප්‍රශ්නෙ. සමහර විට සර්ට සර්ගේ නංගිට මෙහෙම දෙයක් උනා කියලා කියන්නවත් බැරුව ඇති! සර් මේ ඉස්සරහ යාඩ් එකේ තියෙන බ්‍රැන්ඩ් නිව් වාහන ඔක්කොම තියෙන්නේ මගේ භාරයේ. සර් මට හෙට දවස දෙන්න. අනිද්දා මම සර්ගෙ වාහනේ ඉස්සරහ තියෙන බ්‍රැන්ඩ් නිව් එකක් එක්ක තියලා පෙන්වන්නම්! සර් මට පොඩි හරි වෙනසක් පෙන්නුවොත් මම සර්ට බ්‍රැන්ඩ් නිව් එක ගෙනියන්න දෙන්නං! මාව විශ්වාස කරණ්න. මම පර්සනලි ඉන්වෝල්ව් වෙලා වැඩේ කරලා දෙන්නම්!"
සමන් මහතාද මෙන්ඩිස් ලොක්කාද පාරිභෝගිකයාද තිදෙනාම මා දෙස බලා ගෙනය! තවත් මිනිත්තුවක් නිහඬව ගෙවුනි. ඊළඟ මිනිත්තුවේ පාරිභෝගික මහතා කට හඬ අවදි කලේය!
"හරි මචං! උඹ වැඩේ බලලා කරල දියං! උඹ හින්දා මම මේ යන්නේ!' ඔහු ආසනය පසු පසට තල්ලු කොට පිටව ගියේය.
"ඒයි කොල්ලෝ රිඩ්ලි නිර්මාල් පොඩි සීන් එකක් වැඩේ දියං අද හවසට මට වාහනේ ඕනේ!" මම වැඩේ බොඩි රෙපයාර් අංශයේ සේවා උපදෙශක "මචං" කෙනෙකුට භාර දුන්නේය.
පසුදින උදෙම මම වාහනය බැලීමට යන අතර මගදී මෙන්ඩිස් ලොක්කා මුණට මුහුණ මුන ගැසුනේය. රැස්වීම් ශාලාවේ සිදුවූ සිද්ධියෙන් පසු ඒවන තුරා කිසිදු ඇයි හොඳැයියකින් තොරව සිටි මා ඔහු දෙස නොබලා යන්නට විමි.
"ගුඩ් මොර්නිං . . . !" මෙන්ඩිස් ලොක්කා මාහට උදෑසන සුභ පතමින්ම නැවතුනි!
"ගුඩ් මෝර්නිං සර්!"
"මං හිතුවේ නෑ ඔයා කවදාවත් ඊයේ වගේ මට උදව්වක් කරයි කියලා!?"
"පිස්සුද සර් මං කවදාවත් මැරිච්ච සිංහයා ව අපයෝජනය කරන කෙනෙක් නෙවෙයි!" (ගැලපෙන වචන දෙකක් යොදා ගන්න!)
මෙන්ඩිස් ලොක්කා හිස සොලවමින් කාර්‍යාලය පැත්තට ගියේය. එදින උදේ වරුවේ පාරිභෝගිකයා වෙත වාහනය මගේ අතින්ම භාර දී ගේම ක්ලෝස් කර ගත්තෙමි!
වැඩේ සුපිරිම ප්‍රථිඵලය ආවේ තව මාස ගණනාවකින්ය!
ඒ ඉදිරි වසර සඳහා වැටුප් වර්ධක සහ පාරිතෝෂිත දීමනා සඳහා පෝරම කොල පිරවීම හා සම්මුඛ පරීක්ෂණයට මා සමන් මහතා ඉදිරියේ පෙනී සිටියෙමි. සාමාන්‍යයෙන් පෝරමය අප විසින් පුරවා අංශ ප්‍රධානින් අතට පත් කල යුතුව තිබෙන අතර සම්මුඛ පරීක්ෂණයේ දී; පෙර එහි අප යෝජනා කොට ඇති අපගෙ "අගැයීම්" ඔවුන් විසින් පිළිගැනීමට හෝ අභියෝගයට හෝ ලක් කිරීම කරණු ලබයි. එදින; "විනය" සඳහා ලැබී තිබුනේ අඩු ලංසුවක්ය. මා කිසි විටෙක එය අපේක්ෂා නොකල දෙයකි!
"ඇයි සර් මේ!"
" ඇයි මතකද දවසක් මිස්ටර් මෙන්ඩිස් බෝඩ් රූම් එකේදී ළමයි කිව්වා කියලා ඔයා ඒකට . . . . . . . .!?" තතනමින් වචන එකතු කරණ්නට විය.
කථාව සම්පූර්ණ කරණ්නට මත්තෙන් සිද්ධිය මට පැහැදිලි විය.
"අනේ ! අවුලක් නෑ සර් කැමති ලකුණක් දාගන්න!" මා ඔහු අත තිබූ පෝරමය රැගෙන යටින් අත්සන් කොට දුන්නෙමි. ඉන් පසු මා ආයතනයේ සේවය කල කාල සීමාව තුල සිදු කෙරුණු කිසිදු ඇගයීම් සම්මුඛ පරීක්ෂනයක් සඳහා පෝරම පිරවූවේ නැත! මා කලේ හිස් පෝරමයට අත්සන් කොට සමන් කුමාර මහතා අතට පත් කිරීමය! කවුරු නැතත් සමන් මහතා තවමත් ජීවතුන් අතරය! ඔහු මේ සියල්ලටම සාක්ෂි දරණවා ඇත.
මිත්‍රවරුණි මීට පෙර පෝස්ටුවේ දක්වා තිබූ මහේෂ් රණවීර මහතාගේ මිත්‍රයෙක් පසු ගිය සතියේ බ්ලොගයකට මුල්ගල් තියලා වැඩ ඇරඹුවා. එතුමා වෙදැදුරෙක්. එයට පිවිස කියවන්න. හැකිනම් කොමෙන්ටුවක් යොදා ඊට දිරි දෙන්න! ඊට මෙතැනින් පිවිසෙන්න.