Friday, May 11, 2018

77. සුගත් , කුලසිංහ හා මම




 සිහිල් සුළං රැල්ලේ..... ඔබේ සුවඳ මුසුවේ...........//
මෙතෙක් කථාව :
කථාවේ කතෘ අජන්තා රණසිංහද කොහෙදඔහු වරක  ප්‍රකාශ කර සිටියා ඔහු ලියන ගීයක ප්‍රථම රසිකයා වන්නේ ඔහු බව.මේක මට ගැලපුනේ මීට කලකට පෙර එක් ගමක සිටි මිනිසෙකු කල ප්‍රකාශයක් සමග. 

 ප්‍රකාශය මෙසේය: “තමන්ගේ හේනේ හැදෙන මඤ්ඤොක්කා වගාවේ පලමු කොටහ කන්නේ තමන් සේම තමන් සෙවනේ හැදෙන  ඕනෑම දෙයක් පලමුවෙන් රසවිඳීමේ අයිතිය තමා සතුවේ!"මෙය තරමක විවාදයට තුඩුදෙන කථාවක් උවද එහි යම් ඇත්තක් නැත්තේම නැතඅජන්තා කියා ඇත්තෙත් එයම තමාඉතින්  වාගේම  ලියන ලිපි වලත් පලමු රසිකයා වන්නේ මම  මයි !
( යනු වැඩි උනාද මංදා!) 
ඉතින් මම මේ අන්තිමට ලියපු “මුසල්මානුවන්” ගැන ලිපිය ලියා  අවසන් වෙලා ; මා මාගේ හදවතට ඇරයුම් කලා කියවන්න.කියවා හදවත කතා කලා: “ඔයා මීට ඉස්සර මීට වඩා ලස්සනට ලියනවා නේද ?”මම  හදවතට දුන්නා පොරොන්දුවක්ඉන්න මම ලියන්නම් රසවත් ලිපියක්

සියතට ගත් පොරොන්දුව !

මෙතැන් පටන් දිග ඇරෙණ්නේ  පොරොන්දු වූ ලිපියයි.මෙය මීට වසර කිහිපයකට පෙර සම්මාන උළෙලක් පිළිබද පුවත් පතක පලවී තිබුනු විස්තරයක්  ඇස ගැටී  හර්ද්‍යාංගම සතුටුවූ  මොහොතක ලියැවුනු සටහනක් අනුසාරයෙන් ලියැවුනකි. 
 එහෙනම් කියවමු මෙතැන් සිට!  
     

සුගත් කුලසිංහ හා මම !

සුගතුත් මමත් කුලසිංහත් තිදෙන ඉගෙන ගත්තේ එකම පාසැලකඅප සම වයසේ වුන් වියසුගත්ව මා හදුනා ගත්තේ කුලේ ගෙන්!

කුලේ හා මම 8 වන ශ්‍රේණියේදී එකම පංතියේ විය!එකල අද මෙන් සෙල්ෆෝන් හෝ එෆ් එම් නාලිකා ඊමේල් ෆ්ලයර්ස් නොතිබුන යුගයක් විය.මුද්‍රිත මාධ් වෙත මහත්වූ ගෞරවයක්  මහජනතාව තුලද ;මුද්‍රිත මාධ් මහත් වගකීමකින් කටයුතු කලාවූද එම යුගයේසෑම පසැලකම පාහේ සෑම පන්ති කාමරයකම අතින් ලියන  ලද පුවත් පතක් හෝ දෙකක් පලවිය 
සති දෙකකට වරක් හෝ මසකට වරක් පලවූ මෙම පුවත් පත් අතුරිණ් මා දුටු අනර්ඝතම පුවත් පත පල කලේ කුලේය.එම පුවත් පතේ මුළුමනින්ම පාහේ තිබුනෙ ජීවිතය හැඩගස්වා ගැනීමට ඇවැසි උපදේශ , භාවනා ක්‍රමඅභිධර්මය වැනි වෙනත් බුද්ධ භාෂිතයන්යඒවා ලියා පලකොට තිබුනේ විවිධ අනවර්ථ නාමයන්ගෙන් යුත් පුද්ගලයන්පුවත් පතේ සංස්කාරක වූයේ “මුදිත මෛත්රී” තවත් ලිපියක් සපයා තිබුනේ “සංවර ශීල” නමැති අයෙකු විසින්.මෙවන් තවත් නම් කිහිපයකි!

පසු කලෙක කුලේ ලඟින් ඇසුරු කරද්දී මේ සියළු නම්  වලින් ලිපි සැපයූවේ අනෙකෙකු නොව තමා විසින්ම බව නිහතමාණීව මාහට පැවසීයඑහෙත් එය කියවනා අයෙකුට කිසිදු ලිපි දෙකක් අතර සමාන කමක් නොපෙනෙන පරිදි එකකට එකක් වෙනස් රචනා ශෛලියකින් ඒවා සම්පාදනය කොට තිබුනිඑම හැකියාව ඔහුගේ අකුරු ඇඳීමේදීත් චිත්‍රකරණයේදීත් මා දුටුවේය.

කුලේගේ පැන්සල් තුඩ ඇඳි - දිනෙක තුඩ තුඩ රැඳි 

කුලේට විවිධ රටාවන්ට අකුරු ලිවීමට හා ඇඳීමට හැකියාවක් වියඑවකට මා භාවිතාකල බොහෝ අභ්යාස පොත්වල පිට කවරය සැරසී තිබුනේ ඔහුගේ විවිධ අක්ෂර රටාවන්ගෙන් ලියැවුනු විෂය නාම වලිනි.

හිතක් තුල මැවුනු හැඩ !

එකල දර්ශණ කරුණාතිලක  ආනන්දයේ ඉගෙන ගනිමින් වියරොෂාන්  මහානාම ජනප්රියතම පාසැල් ක්රිකට් ක්රීඩකයා ලෙස අභිසෙස් ලැබූ අවස්ථාවේ ක්රීඩා පත්රයේ මුල් පිටුව සැරසී ගත් ඡායරූපයක් දර්ශණ විසින්  නැවත ප්රථිනිර්මාණය කොට නොඑසේනම් පැන්සලකින් හෝ ඉන්දියන් තීන්තෙන් ඇඳ  ආනන්දයේ බිත්ති පුවත් පතක ප්‍රදර්ශනය වෙමින්  විය.

ආනන්දයේ එවකට පිහිනුම් නායක වූ සංජීව සිල්වා නොහොත් මාළුවා මුණ ගැසීමට ආනන්දයට ගිය මා දර්ශණ මුණගැසී එම චිත්‍රයේ ඡායා පිටපතක් රැගෙන විත් අපගේ පාසලේ බිත්ති පුවත්පතේ එල්ලුවේ කුලේ විසින් අඳින ලද “OurRoshan”   නමැති වැකිය සමගිනි.

Our Roshan

කුලේගේ ගම් පියස වුයේ අහංගමය. “ගමගේ වත්ත , ඉමදුව පාර , අහංගම” ඔහුගේ ලිපිනය දශක තුනකට පසු අදත් මට මතකයඅගනුවර අධ්යාපනය සඳහා ඔහු තම සොයුරියන් දෙදෙනා සමග නැවතී සිටියේ පිට කෝට්ටේය  

ඔහු බොහෝ කලක් ඉගෙනුම ලබා තිබුනේ මඩකලපුවේ සෙන් මයිකල්ස් විදුහලෙනිඑකල ඔහුගේ මිතුරු මිතුරියන් වූ රයන් බල්තසාර් , නීල් බල්තසාර් , දර්ශිකා කුරුනේරු වැනි නම් අපටද බෙහෙවින් හුරු පුරුදු ඒවා විය තම ළමා කල ගෙවූ සුන්දර වටාපිටාව පිළිබඳව ඔහුකී අතිශය ලගන්නා සුළු කථා නිසාය . 

කුලේ සහ ඔහුගේ පවුලේ උදවිය මඩකලපුව අතහැර අහංගමට පැමිණ ඇත්තේ 1978 දී එම ප්‍රදේශය හරහා ගමන් කල් සුළි සුළඟ  කරණ කොට ගෙනයි. 

සුළි සුළං හමාලා  මහ මුහුද ගොඩ ගලා !

මීට් කලකට පෙර අප අතරි වියෝවු ඇන්ටන් ජෝන්ස් කලාකරුවා “මඩකලපුව අම්පාර පොළොන්නරුව් සමන්තුරේ ….” යනාදී වශයෙන් නගර් ගම්දනව් රාශියක නම් වැලක් කියාගෙන යමින් ගායනා කරණ්නෙ මේ කුලේව මඩකලපුවෙ සිට අහංගමට ගසාගෙන   සුළි සුළඟ ගැනය.කුලේ බොහෝ සෙයින් පොත්  කියැවූ අයෙක් වියඔවුන්ගේ අහංගම නිවසේ  තිබුනු කොල පැහැති පොත් රාක්කය මීට හේතු වන්නට ඇතගුවන් විදුලි යන්ත්රයද තබා තිබුනේ මේ මතය

මේ කිසිවක් මා කිසිදා පියවි ඇසින් දැක නොතිබුනු අතර  සියල්ල මාගේ මනසේ තැන්පත්වී ඇත්තේ ඔහු කියනලද තොරතුරු පාදක කර ගෙනයනවය හා දහය ශ්‍රේණි වලදී කුලේත් මාත් එක ළඟ පුටු දෙකකය.කුලෙ විසින් කියවන ලද පොත් ; මහට කථාන්දර ලෙස පැවසීය.ඔහුගේ කථා  බිනීමේ හැකියාව ඉතා උසස් මට්ටමක පැවතුනි.ඔහු පාසැල් වෙලාවෙන්  පසුව නැවතී සර් ආතර් කොනැන් ඩොයිල්ගේ “රුදුරු බළුව” කථාව  මාහට පැවසූ අයුරු මාහට අදමෙන් මතකයශර්ලොක් හෝම්ස් , ඩොක්ටර් වොට්සන් , හෙන්රි බැස්කර්විල් , ස්ටේපල්ටන් වැනි චරිත හේ කෙතරම් හොඳින් විස්තර කලේද යත් ; අද පවා එම චරිත මා සිතතුල ජීවත් වන්නේ කුලේගේ විස්තර වලට අවනතවය .

ලොවම පසිදු බලු කථාව!

කුලේ ඉතා නිහඬ චරිතයක් වියගති පැවතුම් හැසිරීම් හැඩ හුරුකමින් කුලේ හා මම අහසට පොලොව මෙන් විය.එහෙත් අප අතර තිබුනු මිත්‍රත්වය ඉතා දැඩි එකක් වියඑය මාහට අද වන විට දැනෙන්නේ සුදු හා කලු එකිනෙකට සර්ව    සම්පූර්ණයෙන්ම වෙනස් වර්ණයන් දෙකක් වුවද  කලු කලිසම හා සුදු කමිසය මොනතරම් එකිනෙකට ගැලපී යන ආකාරයි සිහියට නගමිනි!

ඔහුගේ මේ නිහඬ බව නිසාම ඔහුට සිටියේ අත්ලොස්සක්වූ  ඉතා සීමිත මිතුරන් පිරිසකි.මා හැරුණු විට ඔහු ළඟින්ම සිටි අනෙක් මිතුරා වූයේ සුගත්සුගත් ජීවත් වුනේ මොරටුව  සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේය.

සොයිසාපුර මහල් නිවාස

මාදන්නා කාලයේ සිට ඔහුව රැක බලා ගත්තේ ඔහුගේ අයිය සහ අක්කා විසින් වන විටත් ඔහුගේ පියා වියෝ වී තිබුනිඅම්මා සිටියද ඇය බොහෝ නිහඬ චරිතයක් වියඅම්මා පමනක් නොව එම නිවසේ සෑම සියළු දෙනාම අතිශයින් නිහඬ චරිථ විය 

සුගත්ද එකල පොත් කියවන්නෙකු වියඔහුගේ නිවසේද කුඩා පොත් එකතුවක් පැවතුනිඑය පැවතුනේ නිවසේ ඇතුලු කාමරයකයඑය කිසිදා මා දැක නොතිබුනිසුගත්ලාගේ ගෙදරට ගොඩවැදීමේ භාග්යය ලත් අතිශයින් සීමිත පිරිස අතර මමද එක් අයෙකු විමි.මෙම මිත් සමාගමයේ මෙන්ම මිතුරු චන්දන අයියාගේ අභාෂයෙන් මමද ටිකින් ටික පොත් කියවන්නෙකු විමි.  

පාසැල් සමයේදී එනම් සාමාන් පෙල ලියන අවධියේ මමත් කුලේත් යෝධ සංචාරයක් සංචාරයක් සැලසුම් කලෙමු කාලයේ අදහස් අද කාලයේ කරණා කියනා දේ සමග්  කෙතරම් දුරකට සම පාත වන්නේ  දැයි මා හටම කල්පනා වූයේ මෙය ලියන්නට ගත් මොහොතේදීය.


මහා ගවේශනය අවසානයේ නැවතුනේ මේ එක්සයිස් කොලේ සීමා වේය !

මෙන්න ප්‍රථමාධාර මල්ල !

එය මහවැළි ගඟ දිගේ උණ ලී පහුරකින් යාත්‍රා කිරීමටය! මෙය කියවන ඔබ් විශ්වාස කරයිද මංදා මෙම සංචාරය සැලසුම්  කරණ්නේ 1982 වසරේදීය! ඒ මීට වසර 36 කට පෙරය! එය සාක්ෂාත් කරගන්නට මා හට වසර 34 ක් බලා සිටින්නට සිදුවිය! 

කුලේ දුටු මා දුටු කුලේ ගේ සිතු වම! 

මෙම සංචාරයට අප දෙදෙනා හැරුණු විට සහභාගීවූ අනෙක් සගයා ලෙස නිර්දේශ වී තිබුනේ සුගත්වය.අපගේ පෙර පිනකටදෝ මෙම සංචාරය හුදෙක් බඩු ලැයිස්තුවකට පමනක් සීමා විය!


උසස් පෙල අසමත්ව මා ගමට ගියෙමි. එහිදී මා කුඩා සඟරාවක් අතින් ලියා පල කලෙමි. එය නමින් “සමුදුර” විය. “සමුදුර” හෙඩිම ඇඳ දුන්නේ කුලේය. 

සමුදුර හෙඩිම !

මේ කාලය න විට ඔහු උපාලි පත්තර කංතෝරුවට වැඩ කරමින් විය. ඔහුට උසස් පෙල විභාගය නිම වීමත සමගම එම රැකියාව ලැබී තිබුනි. ඒ විදුසර පත්තරේය. 

අතින් ලියැවුනු සකසු වැකිය!

දෛවෝපගත ලෙස දර්ශණ කරුණාතිලකටද එහිම රැකියාවක් ලැබී තිබුනි. මාගේ සමුදුර වාර කිහිපයක් රළ ගසා නිහඬ විය. එයට ආසන්නතම හේතුව වූයේ රට පුරා පැවති භීෂණයයි. මෙම කාලයේ අතින් ලියා සඟරා පල කරණවා තබා පත්තර කියවන තරුණයන් පවා ටයර් මත යවන අපූරු කාලයක් විය. ඒ දිනවල මාගේ මිතුරු සමාගමය පැවතුනේ රුවන්වැල්ල හා අඟුරුවැල්ල නගරාශ්‍රිතවය. 

දිනක් මා අඟුරුවැල්ලේ ගොස් අජන්ත , දිලා , රාජා , අනීස් , රාජා ඇතුළු තනිගහේ මිතුරන් සමග හොඳහැටි සප්පායම් වී රාත්‍රියේ කරවනැල්ලෙන් ලොරියක එල්ලී පාන්දර යාමයේ ගෙදර පැමිනියෙමි. එකල හක්බෙල්ලාවක නිවසේ  සිටියේ මා තනිවමය. ආදරණිය මව මිය ගොසිනි. සොයුරු සොයුරියන් දීග තල ගොසිනි. පියා අලව්වේ නිළ නිවසේය. මා තනිව තනි අලියාසේය! මා පසුදා උදෑසන පිබිද ඇඟ මැළි කඩමින් මිදුලට පිවිසුනේය !

“පුතේ ඊයෙ රෑ ඔයා කොහේද හිටියේ ?”

අසල නිවසක සිටි  නෑයෙකු විමසීය ! ඇය ඉන් පසු කී විස්තර වලට අනුව පසුගිය රාත්‍රියෙ මා සොයා රජයේ ආරක්ෂක අංශයකට අයත් පිරිසක් පැමින ; අපගේ පාළු නිවස වටලා මා සොයා  විමසා බලා ගොස් ඇත!

පත්වී ඇත්තේ නපුරු තත්වයකි. විජේ කුමාරණතුංගගේ ඝාතනය සිදුවූ දින මා විසින් ; හැටන් කොළඹ මහා මාර්ගය හරහා ඇදි සුදු ඉටි රෙද්ද මත රතු අකුරිණ් ලියන ලද වදන් පෙල ; මා ඒ වන විට “ජේවීපී කරයෙකු” කර තිබුනි. නිවෙස අසලම විසූ ඌඇන්පී කාරයන් සැකය මත මාව පාවා දී තිබුනි. මා සොයා පැමිණි උන් මා භාවිතා කල ඉස්තෝප්පු කාමරයට ; වසා නොතිබුනු  කාමරයට ජනේලයෙන් එබිකම් නොකලා යැයි සිතන්නට කිසිදු හෙතුවක් නොමැත. එසේ එබුනා නම් “ලෙනින් ගේ  තෝරාගත් කෘථි වෙළුම් 12” සිට බොහෝ දේශපාලන පොත් පත් රාශියකින් සන්නද්ධ මාගේ පොත් රාක්කය දකින්නට ඇත. මෙය මා චූදිත්කු කොට ටයර් සෑයක යැවීමට මා ගෙවා ලබා ගත් පාස් පෝට් එකක්‍!

“අ…….ආං….!”

මම එය ගනනකට නොගත් සේයාවෙන් ගෙන, ගේ තුලට ගොස් මාගේ “අලි කකුල” මල්ලට අවශ්‍ය යැයි සිතුනු රෙදි හා අනෙකුත් අඩුම කුඩුම පුරවාගෙන හැටන් සිට කොළඹ බලා එන සෙනග පිරුණු  බසයකට නැග ජනයා අතර අතුරුදහං විය. බසය කෙමෙන් කෙමෙන් යටියන්තොටට  ලඟාවේ. යටියන්තොට නගරය යූඅන්පී කාරයින් ගෙන් පිරී පැවති නගරයකි. දෙනෙකු මා එහි ගැවසුනු බොහෝ දෙනා මා හොඳින් හඳුනයි. බසය යටියන්තොට නගරයට පිවිසීමත් සමග මෙතෙක් එහි සිටි මිනිස් පලිහ අතුරුදන් වන්නට පටන් ගති. තවත් ස්වල්ප මොහොතකින් මා නගරයට නිරාවරණය වේ. 

මා වහාම සාක්කුවට අතදමා මාරු කාසි රොත්තක් ගෙන අත් වැරදීමක් සේ බිම අත හැරීය.කාසි බසයෙ ඒමේ අත ඉගිළුනි. මා නැවතුමේ නවතා තිබුනු  බසයේ දන ගසා  එය පිටත් වන තෙක් කාසි සොයමින් වෙහෙස විය!

මා ගේ ගමනාන්තය වූයේ මොරටුව ද සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයයි. බෝතල් ඇන්ටාගේ සිට පියසේන රතුවිතාන දක්වාද සන් ෆ්ලවර් මහින්දගේ සිට ආර් ආර් සමරකෝන්  දක්වා සියල්ල එකට වැටී උන්නු මෙම ජනපදය තුල මා ලැගුම් ගත්තේ ප්‍රදීප් අබේරත්නලාගේ නිවසේය.  

සෑම සවස් යාමයකදීම වාගේ මාත් සුගතුත් ඔහුගේ නිවස පාමුල හමුවිය. ඒ අප ජීවත්වූයේ යාබද තට්ටු නිවාස දෙකක වීම හේතුකොට ගෙනය.ඔහු සමග මා බර සාර මාතෘකා දෙසබාමින් තැක් ගැහෙන්නේ මාගේ අපාය සහයක මිතුරන් එනතුරුය! උන් ඈතින් එනු දුටුවිට සුගත් ; “හරි හරි ඕන  දෙයක් කරගනිං !” කියන්නාක් මෙන් හිස දෙපසට වනමින් සිහින්සිනාවකින් මට සමුදේ . 

තවත් පැයකින් දෙකකින් දෙමහල් හි කඩේ අයියාගේ පොට් එකෙන් ලබාගත්  මධුවිත මිතුරණ් සමග  සප්පයම් වී දෙපසට වැනෙමින් මා එනු සුගත් දුටුව හොත් ඔහු මා පසෙකට කැඳවා ගුරුහරුකම් දේ.එහෙත් තවත් කාලයක් ගතවී සුගත්ද දෙපසට වැනෙමින් සිටිනු දැක මාහට සිනහව නවතා ගැනීමට නොහැකි විය!

පිටට නොගිය ලියවිලි !

කලා කාරයන් ගේ කයිවාරු !

කාලය කෙතරම් ගතවූවද පත්තරයකට ලිවීමේ “පිස්සුව” මා කෙරෙණ් ඉවත් නොවීය. දිනක් අහම්බෙන් පාස්පෝට් කංතෝරුවේදී මුණ ගැසුනු අජන්තා රණසිංහ මහතාගේ උදව්වෙන් නවයුගයට කලක් ලියූ මා නැවත ලියන්නට වූයේ “ලක්බිම”ට යි. ලක්බිමට මා යොමුකලේ එකල “කොලම” කරමින් සිටි චින්තන ජයසේන හෙවත් චින්තන අයියා විසිනි.

"ස" ප්‍රසංගයට නම් දැමූ සුපිරිම ලිපිකරු චින්තන!

එතෙක් "කොලමේ" අත්වැල් ගායනා වල යෙදෙමින් සිටි මා අත ; දිනක් ලිපියක් චින්තන අයියා තැබූවේ ලක්බිමේ මුල් පුටුවේ සිටි බන්ධුල පද්ම කුමාර අතට දෙන ලෙස පවසමින්ය.
එහි වූයේ වදන් දෙකකි!
"මේක කරණ්න !" එම වදන් දෙක විය.

මේ මුල් පුටුවට පෙර හිටියෙත් මුල් පුටුවක!

 මා කෙටිකලක් එයට බාහිර ලේඛකයකු ලෙස ගැට ගැසී ලිව්වෙමි. නිහාල් පීරිස් සංස්කරණය කල රිද්මෙහි “මංජුලගේ දිනපොත” නමැති සතිපතා පලවූ කොලම ලිව්වේ එම කාලයේය.එසේම සුන්දර නිහතමානී ද මැල් නම් නිහතමානී මිනිසා සම්පාදනය කල මංජුසාවටද ලියුවේ ඒ සමගය. මෙහි පෝස්ටුවක් ලෙස පලවී ඇති “සුදලිය මරුවල්ලිය සිට කරාටේ කුංෆු දක්වා…..”ලිපිය එහි පලවූවකි!

අදහස් මංජුසාව !

එම පුවත් පතේ ඒ වනතෙක් ලිපියක් පලවී තිබුනු කුඩාම ෆොනට් එකෙන් හෙවත් අකුරු ප්‍රමාණයෙන් පලවූ ලිපිය එය බව සුන්දර අයියා දිනක් මා සමග පැවසීය. ඒ ; ලිපිය සංස්කරණය කර ගැනීමට වූ අපහසු තාවය හේතු කොටගෙනය. පසු කලෙක ඒ ලිවීමද නැවතුනි. 
සරුංගල් මහන්සියෙන් සාදා උඩ හැර එහි නූල අතහැර දැමීම මාගේ චරිත ලක්ෂණකි!
කාලය වේගයෙන් ගලා ගියේය. ඉන් පසුවද පුවත් පතක් මා මිළදී ගත්තේනම්  ඒ ලක්බිමමය!පුරුද්දක් ලෙස ඕනෑම ලිපියක් කියවා බලන්නට පෙර එය ලියා ඇත්තේ කවුරුණ්ද යන වග මාගේ දෑස් කියවයි. දිනක් මාගේ ඇස ගැටුනේ පලපුරුදු නමක් මතය. ඒ නම සුගත්ගේය.ඉන් පසු ලද හැම විටෙකම මා ; සුගත්ගේ ලිපි  කියෙව්වේ මහත් අභිරුචියෙනි. 

ඕනෑම ලිපියක් ඉතා වේගයෙන් “ෆිල්ටර් කරමින්” කියවීම මාගේ පුරුද්ද වුවත් සුගත්ගේ ලිපි මා අකුරක් නෑර කිය වීය. ඒවා රස වින්දෙමි.දැනුම උකහා ගත්තෙමි.ඔහු ගැන රස මතක මාගේ දුවා දරුවන් සමග බෙදා ගනිමින් අතීතය මෙනෙහි කලෙමි.

එක් ඉරිදා දිනෙක ම ලක්බිම ගෙන පිටු පෙරලීමි. ආශ්චර්‍යයෙකි!අපේ සුගත්  - සුගත් පී කුලතුංග ආරච්චි වසරේ හොඳම ගවේශනාත්මක පුවත්පත් කලාවේදියා බවට පත් වෙලාය. එවෙලේම මා උපාලි පත්තර  නිවසට කතාකලෙමි. ඒ කුලේගෙන් සුගත්ගේ අංකය හොයා ගැනීමටය. කුලේ නොහොත් ඒ. ආර් . කුලසිංහ දැනට “විදුසර” මෙහෙයවමින් උපාලි නිවසේය. 

වසර ගනනාවක් නිහඬව තිබූ මාගේ පන්හිඳ අවදි කරණ්නට මාගේ සිත තොර තොංචියක් නැතිව ඇවටිලි කරණ්නට විය. මේ එය අවදි වූ සැටිය ! අපට හෙල බස හුරුකල පාසැල් මෑණියන් මේ සියල්ල නිහඬව බලා සිටින්නීය. සමහර විට මේ අතීතය දිවයිනේ මිත්‍ර ශ්‍රී කරුණානායක ටද මතක ඇතිවාට සැක නැත!

අප තිදෙන කිසිදා අපි අපිට "මචං" කියා නැත. ඒ මන්දැයි  මට අදටවත් සිතා ගත නොහැක. එහෙත් අද ඔබ දෙදෙනට මා මෙසේ අමතන්නම්.

උඹලා ගැන මට ඇත්තටම හරි සංතෝශයි මචං!

30 comments:

  1. මඩකලපුව අම්පාර පොළොන්නරුව සමන්තුරේ - මේ හැම නගරය දියෙන් යටවුණේ
    මන්නාරම කල්මුණේ පොතුවිල් සහ කන්තලේ - නටබුන් වගෙ ඈතට පෙනුණේ.

    78 සුළි සුළඟ ගැන ඇන්ටන් ජෝන්ස් කිව්වෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි! ගොඩ වැඩුනාට කියෙව්වාට ලිව්වාට!

      Delete
    2. මගේ මේ ප්‍රතිචාරයත් 78 සුළි සුළඟ ගැනයි. මගේ පියා (නැසීගිය) එවකට 16 වන වියේ සිටි මාත් සමග මඩකලපුවට ගිය පළමු දුම්රියෙන්ම මඩකලපුවටත් එතැන් සිට බසයෙන් කල්මුනේ දක්වාත් ගියේ සිදු වූ විපත සියැසින්ම දැක ගන්නටයි. එහිදී දුටු දේවල් බ්ලොගයක් ලියන්නට සෑහෙනවා. මඩකලපුවට යන්න පැය විස්සකට වඩා ගත වූ බවත් තාමත් මතකයි.

      Delete
    3. ඔයාගේ බ්ලොග් එක මොකක්ද

      Delete
    4. අනේ අටම් මට තවම එහෙම එකක් නැහැනේ. මම ඔයාගේ අටම්පහියේ (දැන් අටම්පහුරේ) ඉන්න හැමෝගෙම බ්ලොග් ( මේ තට්ටයා මහත්තයාගේ වගේ) කියවනවා, ඉඳ හිට ප්‍රතිචාරයක් දානවා මිසක් මට කියලා එකක් අටවා ගත්තේ නැහැ . ඒ උනාට මගේ to do list එකේ නම් ඒක තියනවා. මට සිංහලෙන් ප්‍රතිචාර දාන්න උනන්දු කලෙත් මේ තට්ටයා මහත්තයා තමයි. මටත් ඇල්සයිමර්ස් එහෙම නැතිනම් ඩිමෙන්ෂියා වගේ වයිරස් ආසාදනයකින් මගේ RAM එකට කෙළවෙන්න කලින් කියන්න කතා ගොඩක් තියනවා. පටන් ගත්තොත් හරියට කරගන්න කාලය මදි වෙයි කියන බයට තාම පටන් ගත්තේ නැහැ. එහෙම පටන් ගන්නෙත් ඔයාගේ බ්ලොග් හදන උපදෙස් මාලාවේ පිහිටෙන් බවත් කිව කිව යුතුයි. ඇහුවාට ඔබට ස්තුතියි. මේ සංවාදයට වේදිකාව ලබාදුන් තට්ටයා මහතාටත් ස්තුතියි.

      Delete
    5. සෑම් මහත්තයා මම මේ
      ලියන්නේ කොළඹින් ඈත සිට. මම ඉන්නා තැනට සිග්නල් නැති නිසා පාර දිගේ ඇවිත් ඇට පල් කළුවරේ සිට! පටන් ගනිමුකෝ බ්ලොගයක්! ඔය හිතේ තියෙන දේවල් ලියා තබන්න. කොයි තරම් වටිනා මතක සම්භාරයක් ඇතිද බෙදා හදා ගන්නට. කොයි තරම් අපරාධයක්ද ඔබ තුමා සමගම ඔය මතක සියල්ල මිහිදන් උනිත්! මම දැක්කා ලස්සන වැකියක්! "ගසක් සිටුවීමට සුදුසුම දිනය වූයේ ඊයේ දිනයයි. ඔබට ඊයෙ ගසක් සිටුවීමට නොහැකි වුනි නම්. ඊළගට සුදුසුම දිනය අදයි. වහාම ගසක් සිටුවන්න! ඔබගේ බ්ලොගය පටන් ගැනීමට සුදුසු දිනය පසුවී දැන් සෑහෙන කලක් ඉක්ම ගොස් ය. අදම පටන් ගන්න! ස්තූතියි!

      Delete
  2. දිගු ගමනක පිය සටහන්...

    /// උඹලා ගැන මට ඇත්තටම හරි සන්තෝෂයි මචං! ///
    ++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු පුතා! මට යන්නට බැරි උන ඉමකට උන් පය තබලා! මගෙත් සිහිනය තිබුනේ විශේෂාංග ලේඛකයෙකු වන්න! ඒත් ඇතිවු සුවහසක් ජීවිත ගැටලු සමග එය ඈතට ගියා! මේ ලිවීම සමග මම ඒ මගේ මැකී ගිය විජිතයට ආපසු ගොඩ වදිනවා! ස්තූතියි!

      Delete
  3. ඔබේ කදිම ලිපිය මාවත් අතීතයට ගෙන ගියා. අපි සමකාලීනයෝ නේද? ඔය කියන කාලෙ මම හිටියේ ආනන්දෙ, දර්ශන කරුණාතිලකට එක අවුරුද්දක් පහළ පන්තියෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම මනුස්සයෙක් නොවී පිත්තල පඩික්කමක් උනා නම් සෑහෙන වටිනාකමක් ඇති ඇන්ටික් භාන්ඩයක්!

      Delete
    2. තොරතුරු දැන කියා ගෙන අඳුනාගන්නත් කැමතියි. කැමති නම් දුරකතන අංක හා තොරතුරු ආදිය මගේ ෆේස්බුක් ඉන්බොක්ස් එකට එවන්න. මම Bandula Sisira Kumara.

      Delete
    3. බන්දු මගේ බ්ලොග් එකේම පැත්තක තියෙන පෝරම කොලේ පුරවා යොමු කරණ්න! ස්තූතියි ආරාධනාවට!

      Delete
  4. යකෝ අසුහතරේ මං ඉස්කෝලේ ගියේ .

    ඔහේ අගුරුවැල්ලේ ගිහිං බොන කාලේ මම රුවන්වැල්ලේ සිස්සත්තේ කරනවා

    ඔය කාලේ අපේ කළු මාමා යටියන්තොට බුකියක් කලා

    ඔහේට අපි සලකනව ගරුකරනවා මදිද මන්දා .............

    එව්වා නොහොම උනත් .....ආයේ මට මචං කියුවොත් කොටනවා සනිකව මන්නෙං

    නාකි යක්කු එනවා මෙතන කොල්ලො වෙන්ඩ


    ReplyDelete
    Replies
    1. ආ තව පොඩ්ඩෙං අමතක වෙනවා ... ඉස්සර මං ලක්බිම ගත්තා ...පස්සේ නැවැත්තුවා...... මංජුල කියල එකෙක් ලියපුවා කියවල .......... ඔය මංජුල කියන නමවත් පේනවට ඇහෙනවට මම කැමති නැ ............ මහ මලජරා නමක් .......තුක් නොදකිං

      මීට
      k v m ලක්මාල්

      Delete
    2. දෙන්න ඔය කියන කාලෙ මම ඇටෙත් නෑ බොල.

      Delete
    3. මේ මල්ලි අහලා නැද්ද උඹ මී හරකා වයසට ගියාට උගේ අන්ග වයසට යන්නේ නෑ කියලා කතාවක්. නාකි උනාට නොහැකි නෑ!තාම එන්ජිම දුවනවා!

      තව සීන් එකක් උඹ අහල නැද්ද "මංජුලලා සියල්ල තට්ටයෝ නොවෙති!" කියලා ශ්‍රේෂ්ඨ කියමනක් තියෙනවා!


      මද්දෝ අපි නං ඉගෙන ගෙනතියෙන්නේ ඇට වලින් බිහිවන්නේ ගස් වැල්‍ය කියලා!

      Delete
  5. niyami ,
    88/89 ?
    age - 21/22year
    campus - maranaya
    kiyawapu poth - wallaluwa
    samaharayaluwo - maruna
    88/99 - !!!! ???? xxx

    ReplyDelete
    Replies
    1. අනේ බුදු මල්ලියේ ඕකට සිංහල ෆොන්ට් එකක් දා ගමුකෝ! ඔය මතක මතක දේවල් ලියන්නට!

      Delete
  6. ඒක තමයි මේව මෙච්චර රස.
    වාහන පැත්තට විසි උන විදිය කියයිද?

    ReplyDelete
    Replies
    1. හරි පහසු උත්තරයක්! එක දෙයක්වත් වැඩි කාලයක් කරණ්න බෑ! මේ බ්ලොග් එකත් දුව වන්නේ බොහොම බැරි අමාරු කමින්!

      Delete
  7. Replies
    1. යකෝ ලියහංකො අකුරු පහක් හයක් පට පට ගගා ඉන්නෙ නැතිව!

      Delete
  8. ඔය පොලිස රාළ හාමි ගැන ලිය්ව ලිපිය මට හොඳට මතකයි. ඔය ලක්බිම පත්තරය හොඳම පික් එකේ තිබ්බ කාලයයි.
    ඔය ලිපියේ ලියාලා තිබ්බ‍ා එයා අනික් අයට බාධා නොවේ නම් පදික වේදිකාවෙන් ගියත් විරුධධ නැහැ.
    තව රටේ එක් වැදගත් මහත්තයෙක් නොසැහෙන්න බිමත් වෙලා වාහනය පදවාගෙන යද්දි එයාට අහඅවෙලා වෙරි බහිනකන් පෙලිසියේ තියාගෙන යන්න අරියා කියලා. වාහන සංා සදහා ඇති කිලවේලාවන් උදේ හා සවස් වරුව අන්ව වෙන්සි විය යුතුයි කියලාත් ලියලා තිබබා. මම හරිද. ලියවේ ඔබ කියලා දැන ගැනිමත් ඉතා සතුටක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ලිපිය තමයි මේ ; ඔබගේ මතකය ගැන මා වික්ෂිප්ත වීමි. සත්තකින්ම! ස්තූතියි බොහොමත්ම!!

      Delete
  9. මංජුල හැමදාමත් ලිවිමේ ඇම්මක් තිබු අයෙකි. මටත් කලින්ම මංජුලද කුලේද රසවත්ව ලිවූූ හැටි මතකයි. නමුත් කුලේ දැන් ලියන්නේම නැත . කාලයක් නිහඬව සිටි මංජුල ඇරැඹූ ඩිජිටල් ලියැවිල්ල තුළත් ඔහු සතු කුසලතාව අලුත් වි ඇති අයුරැ අපූරුයි.
    නාලන්දයේ අපේ ෙසොඳුරු අතිතය, තවත් රස අත්දැකීම් බහුලයි. ෙමේ අතීතය මතකය තුල රැකගැනිමට තරම් මංජුල සමත්වවීමත් තවත් අපූරැයි. මං හිතන්නෙ නවකතා කෙටි කතා ලියන්නට මංජුලට ඉස්සර තිබූ ගාය තවමත් රැකෙගෙන ඇතිබවට මේ ලියැවිලි සරැ උදාහරණ බවයි. මං හිතන්නෙ එහෙම වැඩකට අතගහන්න දැන් කාලේ් හරි!සහෝ තවතව ලියපන්!

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීම මා මහත් කොට අගයමි! ස්තූතියි ආරාධනාවට. මේකත් ලියලා සෑහෙන කලක්! ආඩම්බරයි මිත්‍රයා ඔබ ගැන!

      Delete
  10. රසවත් කතාංග ගොඩක් ! කියවාගෙන යන්න හිතෙනවා.

    අර කියාපු සංචාරය මලකඩ කාපු හේතුව මම හිතන්නේ පලවෙනි තීරුව වෙන්න ඇති. අනිත් එක ඒ බඩු ලිස්ට් එකේ හම්මියෝ අර සාමාන්‍යපෙළ එකෙක්ට සරිලන ආයුධද දාල තියෙන්නේ? තුවක්කුවක්????? කන්න බොන්න වෙනම ලිස්ට් එකක් වෙන්න ඇති, මොකද බෙහෙත් මල්ලයි ආයුධයි මිසක් වෙන දෙයක් ( ඇඳුමක් කැඩුමක් වගේ) කොහෙවත් නැති නිසා. ඉතින් හත්වලාමේ යන්න නොවුන එක පුදුමයක්ද, ඒවා දාගෙන යන්න නැවක් වගේ එකක් එපැයි හදන්න!

    ශිතොදකය කියන්නේ මොකක්ද?
    බිලී කටු මොකටද?


    මමත් ඔය වගේ සඟරාවක් කලානේ ලොකු ඉස්කෝලේ කාලේ. ආ.. අමතක උන. ඒකෙ තිබ්බේ මඩ විතරයි. පලවෙනි කලාපෙන්ම නතර උනා.

    මගෙත් මා එක්ක ලියපු යෙහෙලියක් දැන් ප්‍රසිද්ධ නවකතාකාරියක්. ඈ මෑතකදී හම්බුනාම කියපුවා ඇහුවාම හිනා වෙලා පන ගියා. ආසයි මමත් ඒ අතීත වලට..

    ReplyDelete
  11. ලිඛිතා ඒ කාලේ අපි යන්න ගිය ගමනටලියපු බඩු ලැයිස්තුව කොල හතරක්ද පහක්ද කොහෙද! එයින් දෙකක් තමයි ඔය! ඒකාලෙ අපිට තිබුනු ප්‍රධානතම ගැටළුව තමයි ආරක්ෂාව කියන එක! ඉතින් ඒකට ගත්තු එකෙක් උපක්‍රම කුලකයක එක් අවයවයක් තමයි ඔය තුවක්කුව!

    ඉතින් අපි තුන්දෙනා වටවෙලා එක එක්කෙනාට හිතට එන දේවල් තරඟෙට කියන කොට ලියපු ලියවිල්ලක් තමයි ඕක! අනිත් කොලවල අනිත් බඩු ටික තියෙනවා අඩුපාඩු නැතිව!
    ශීතෝදකය කියන්නේ බෙහෙත් තෙලෙක් නේද?

    බිලී කටු ගෙනියන්නට යෝජනා වුනේ හදිසියේ කුමක් හෝ සිදුවීමකින් මහ කැළය මැද අතරමං වීමට සිදුවුවහොත් ප්‍රයෝජනයට ගන්න.

    අතින් සඟරා ලියන එක ඒකාලේ පුදුම රැල්ලක්! ගුරුවරුන්ගෙනුත් පොඩි තලුවක් තිබුනා වැඩේ කෙරෙණ පැත්තට!ඔය සියල්ල අතීතය යලිදු කිසිදා එන්නැති! දැන් ඉන්නා අයත් මොන මොනවා හරි කරණවා ඇති. ඔයාට නම් ත්‍රිපිඨකය අතට ගත්තත් මොනවා හරි වැරැද්දක් හොයා ගන්න පුලුවන් ඇති නේද?

    ඇයි ඔබ නවකතාවක් නොලීවේ?

    ReplyDelete
    Replies
    1. මම ලිව්වනේ නවකතාම 13ක්! ඔක්කොම ලිව්වේ exercise පොත්වල අතින්. එකම එකයි අන්තිමට මගේ ගාව ඉතුරු උනේ. ඔන්න මගේ කඩදාසි කොලේ දාල තියෙනවා එකක්. ඔබතුමාට හරියන්නේ නැහැ ඒ ටොයින් ටොයින් කතා. මේ වගේ ඉතින් කොහේ ලියන්නද...

      වැරැද්දක් දුටුතැන කටවසාගෙන සිටීම මට කරන්න අමාරු දෙයක් නෙවෙයි; කරන්න බැරි වැඩක්. ඒවා නම් වෙනස් වෙන්නේ නැත. හුහ්.. අපි නැතිනම් මෙතන ප්‍රේක්ෂක ජනතාව අනතුරේ!

      Delete
    2. ඒ මොකක්ද ඒ නව කතාව? අර පෝරම කොලේ වේයෝ කෑවාද?

      Delete

04. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...