Monday, December 18, 2017

70. ගඟක් දිගේ ගිය ගමනක්......................16






කයාක තුනයි  අපි හයයි එකම තැනක ඇති එකම රූප රාමුව !

වසිකයි මෛත්‍රියි

තෙශාන්තයි මමයි!

ධම්මියි පසිඳුයි

සිදුවූයේ  නොසිතූ දෙයකි.

  ඔවුන් නැවතුනි එහෙත් කයාකය දියපහරෙන් වෙන්වන්නට අකමැති සේය.
 ඔවුන් දෙදෙන ගසෙහි රඳවා ක්‍යාකය පෙරලී ගියේය. අප  සියල්ලන් හටම සිනහව නවතා ගැනීමට  අපහසු විය.
 ඔවුන්ගේ කයාකය පාවී ගිය  දුර නැවත ආපසු පැමිනීම සිතීමට පවා අපහසු කට යුත්තකි.
 ඔවුන් දෙදෙනාද අත්ත අතහැර දිය පහරට පැන කයාකය වෙතට පිහිනා එය නිවැරදි අතට හරවාගෙන යලිදු ගමන් ඇරඹුවෙමු.

Sit On Top හෙවත් Sit  කයාකයක් දියේ පෙරළුනද එහි  වතුර පිරෙන්නට තැනක් නොමැත. මෙවන් කයාකයක් පිළිබඳව මා කිසිවෙකු දැනුවත් කිරීමේදී මා උදාහරණයක්  ලෙස ගන්නේ මදක් තලන ලද  මෙගා බෝතලයකි!

   එසේම  Sit On Top කයාකයේ ඇතුලත මුළුමනින්ම හිස්‍ය. එනිසාම එය සිදුරු නොවුනහොත් කිසිවිටෙක එය දියේ ගිලෙන්නේ නැත. 
එසේම එය මතුපිට ජලය නොරැඳේ.මතුපිට පෘෂ්ඨයේ සිට පතුල දක්වා සිදුරු 4 ක් හෝ 6 ක් සදා ඇත. සිදුරු යැයි කීවාට ඒවා මතුපිට හා පතුල සම්බන්ධ කල නල යැයි කීවොත් මා වඩා නිවැරදිය.
මෙනිසා පතුපිටට එක්වන ජලය වේනම් එය එම නල මාර්ඝයෙන් ගංගාවට නැවත එක් වේ.

මෙම කයාකයක් දිය මතුපිට උඩු යටිකුරුවූ විට දියේ සිට තනිව උවද සාමාන්‍ය පරිශ්‍රමයකින් එය නැවත යතා තත්වයට පත්කර ගැනීමට පුළුවන!  
මෙහිදී වැදගත්ම සාධකය වන්නේ කයාකය පදින්නා ජීවිතාරක්ෂක කබා ඇඳ සිටීනම් ඔහුට ගැඹුරු දියේ වුවද සිට තම යාත්‍රාව හරවා ගැනීමට පුළුවන.

නැවත අප කණ්ඩායම ගඟ පහලට යාත්‍රා කරණ්නට විය.කෙටි දුරක් මෙසේ  ගමන්  ගත්ම අප ඉදිරියේ  වම් පසින් දිස්වූයේ  විසල් වැලි තලාවකි. අප එයට ලඟාවෙත්ම ඒ මත සිටි පිරිස අප නෙත ගැටුනි.

ලොරෙන්සෝ ද අල්මේදා වර්ෂ 1505 දී ගාල්ලට සේන්දු වන විට ස්වදේශික ලාංකිකයින්ද ; ක්‍රිස්ටෝපර් කොලොම්බස් අමෙරිකාවට ගොඩ බසිද්දී එහි සිටි සවදේශිකයින්ද තම රටට ගොඩ බසින ආගන්තුකයින් දෙස බලාසිටින්නට ඇත්තේ මෙන්න මේ ලෙසින් යැයි සිතෙන අකරයට ඔවුන් අපදෙස බල සිටියෝය.

ඔළුවේ සිට දෙපතුල තෙක් ගං දියෙන් පෙඟුනු ; උගුර කට හැරුණුවිට අන සියළු දේ    ගං දියෙන් තෙමුණු අප ; වැල්ලට සේන්දු වත්ම ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අප වෙතට පැමිනියෝය.
ඒ සමග ඔවුන්  අප වෙතින් ඇසූ  කවුද ? කුමක්ද ? කෙසෙද ? කොහාටද ? කොහිසිටද? ඇයි ? යනාදී වශයෙන් ඇසූ දහසකුත් එකක් ප්‍රශ්න වලට අපට උත්තර දෙන්න සිදුවිය.

ඔවුන් පෙරකී “මහවැළි” වන නිවස්නයට පැමිණි සංචාරකයින් පිරිසකි!
ඔවුන් ගනනින් 12 දෙනෙකු පමන විය.
 අප හා දොඩමළු වීමට 4-5 දෙනෙකු පැමිනි අතර  අනෙක් පිරිස වැල්ලේ වටයක් වෙන්නට වාඩි ගෙන කවයේ කේන්ද්‍රය  මධුවිත අඩක්වූ බෝතලයකින් ලකුනු කොට තිබුනි.
අප සියළු දෙනාගේ පිළිතුරු වල එක ගැලපීමක් විය.  ඒ ; අප දිය බත්වී සියල්ල ගසාගෙන ගිය ;ශාරීරිකව මෙන්ම  මනසිකව ඇල්මැරීගිය කිසියම් රත්වීමක් අපේක්ෂා කරණ අන්ත අසරණ පිරිසක් බවයි !
 “මැක්කාගේ කතාව” මෙන්  අපගේ දුක්බර කථා සියල්ල පටන් ගන්නෙ හෝ අවසන් වන්නේ  “සියල්ල දියබත් වීම !” යන ඛේදාන්තයෙනි!
ඔවුන් ඒ දුක්බර කථා සියල්ල මුදිතා ගුණ හරිථව  විඳ දරාගනිමින් අසා සිටි අතර ඉන් කිහිපදෙනෙකුට කයාක පැද බැලීමේ දොළ දුකක් හට ගත්තේය.
අප ඒවන විය අපගේ තෙමුනු ඇඳුම් ආයිත්තම් වැල්ලේ දමා වේලාගනිමින් විය .අප සියල්ල නවතා දමා ඒ  අවශ්‍යථාවයද පිරිමසා ලූවේය !

එහෙත් ප්‍රථිඵලය අතිශයින්ම ශෝචනීය විය.  

නාගසේන වස්තුවේ රෝහණ මහ තෙරුන් වහන්සේ හට සෝනුත්තර බමුනාණන් ගේ නිවසින් පුරා හත් අවුරුදු දසමසක් ගෙවීගිය පසු ලැබූ එකම දනය “අරුණු” යන වචනය පමනක්වූ සේ අපටද අවසනයේ ලැබුනෙ වචන පමනි.


"මුං මහ @#$%^&*&^ ටිකක් බං! නොදකිං යමං බං යන්න!"


ඒ අපේ තෙශන්තයාගේ සෙනෙහෙබර වදන්ය!

වස්ගමුවේ සංචාරය කරණ්නට පැමිණි එම පිරිසට පහත් ස්වරයෙන් නොසරුප් බසින් වචන දෙක තුනක් කියමින්ම අප නැවතත් ගඟ දිගේ යාත්‍රාව ඇරඹුයෙමු.
දැන් වේලාව සවස 4.30 – 5.00 පමන වන්නට ඇත.ගඟ දිගේ කිලෝමීටරයක පමන දුරක් පැහැදිලිව පෙනේ .







සුන්දරත්වයෙන් අනූන යුවතියක ප්‍රේමයෙන් සිපගනිමින්!

 බැසයන හිරුනිසා අවට ගස් වල දිගු සෙවනැළි වලින් ගඟෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ආවරණය වී ඇත. 
මාගේ මතකයේ හැටියට දකුණු ඉවුර පමනක් හිරු රැසින් නැහැවී තිබුනි. එයද යන්තම් කහ පැහැයෙන්‍
ගඟෙහි පලල මීටර 75 කට වැඩි මිසක් අඩු  නොවේ.
 තව දුරටත් වැළි තලා පෙනෙන්නට  නොමැත. අතරින් පතර ගං  දියෙන් ඉහලට හිස ඔසවා ගත් ලොකු කුඩා ගල් පර්වත කිහිපයක් පමණක් ඈතින් මෑතින්  පෙනුනි. 

එකවරම අප කණ්ඩායමේ  සිටි අයෙක් “අර ! ….අර !!” යනුවෙන් කැගැසුවේය.
ඔහු විසින්පෙන්වන ලද දුලභ දසුන අන් අයගේ දෙනෙත් වලටද කෙමෙන් කෙමෙන් සම්ප්‍රේශණය  විය.

ඒ මධ්‍යම ප්‍රමාණයේ අලියෙකු ගඟේ  වම් ඉවුරින් අප යාත්‍රා කරමින් සිටි ස්ථානයට මද දුරක් එනම් මීටර 50 ක පමන ඉදිරියෙන් ගඟට බසින
අකාරයයි.
මෙම විසල් සත්වයා ඉවුර ආසන්නයේ වූ මද ගැභුරක් සහිත වතුරේ සෙමෙන් සෙමෙන් පිය නගන්නට විය.
 ත හොඬට ගත් දියෙන් තම සිරුරේ දාහය නිවා ගනිමින් ගඟ හරහට් වැටී ඔහුගේ සුපුරුදු මාර්ගයේ ගමන් කරමින් විය. 
කිසිදු කලබලයකින් චකිතයකින් තොරව එහෙත් ස්ථිර ඉලක්කයක් කර ගමන් කරමින් විය.
 ගඟේ හරි මැදට වන්නට ගැඹුර තරමක් අඩුවීගියෙන් අලියාගේ සිරුරින් වැඩි ඉඩක් අපට පෙනෙන්නට විය. 
තවත් මිනිත්තු ගනනකදී;  ගං පතුලේ භූ විෂමතාවය කරණකොටගෙන කෙමෙන් ඔහු වැසී යන්නට විය.
මෙම සත්වයාගේ ගමන් මග යොමුවී තිබුනේ  කෙලින්ම ගග හරහා තිබුනු ලක්ෂයක් නොව මදක් පහලට වන්නට තිබුනු මං පෙතකි.
 තවත් මොහොතකින් ගංදිය තුල නොපෙනීගිය අලියාගේ සොඬය පමනක් දියෙන් උඩට එසවී තිබුනි.
ඉන්පසුව නැවත ටික වේලාවකින්  දෘෂ්‍යමාණ වූ මෙම සත්වයා එහා ඉවුරට සේන්දුවිය. 
ඉක්බිති  ආනතවූ ඉවුර දිගේ තම සුපිරුදු ලැසි ගමනින් උඩට ගොඩවී  වනන්තරය තුල නොපෙනී ගියේය.

මෙහි වඩාත් ශෝචනීය පසුබිම් කථාව කියන්නට යන්නේ  දැන්‍ය. මෙම මහා නළුවාගේ එකදු රූප රාමුවක් වත් ; අපගේ ප්‍රවීණ කැමර්ටා ශිලපී ධම්මික ම්හේන්ද්‍රගේ  කැමරා කාචයේ සටහන් වී නොතිබීමය!
 අප ධම්මිකගෙන් මේ විමසීමේදී ඔහු ; ඔහුටද නෑසෙන හඬින් කියාසිටියේ
“මට ගන්න බැරි උනා …………….!” කියාය.

ධම්මික යනු අහස කඩා වැටුනත්  කිසිදු කලබලයක් නැති අයෙකි. 
එසේම කිසිදු මගහැරීමක් සම්බන්ධයෙන්ද හේ කලබල වන්නෙක් නොවේ.
 කනට ඇසෙන්නට කතා නොකරයි. 
සුරා සූදුවෙන් තොර නිකලැල් චරිතයකට හිමිකම් කියන ශාන්ත ගති පැවතුම් ඇත්තෙකු විය. හේ පසුගිය දා හිමාල තරණයට ද ගියේය!

අප සමග ගිය කණ්ඩායමේ සිටි එකෙක් අය තුල තිබුනේ එකිනෙකට සමපාත නොවූ හැකියාවන් හා දක්ශතාවයන්‍
මෛත්‍රී වන ජීවීන් ගැන වනාන්තරය ගැන මහා පරිචයක් ඇත්තෙකු වුවද වනය තුල කරණ්නාවූ “කඳවුරු” කර්මන්තය පිළිබඳව පලපුරුදු ශිල්පියා වූයේ තෙශන්ත මුල්කිරිගලය.
  කෙමෙන් රාත්‍රියට අවතීර්ණවෙමින් තිබුනු ඒ මොහොතේ සිට  අප සියළු දෙනා; රාත්‍රිය ගතකිරීම සඳහා කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයමින් ගඟ පහලට යාත්‍රා කරමින් විය.
 මා තෙශාන්ත අමතා ඔහුට සුදුසු ස්ථානයක් සොයා බලන්න යැයි මගේ  ඡන්ද වරම ඔහු අත තැබීය.
 දිවා අහරය සඳහා ස්ථානයක් සොයා ගැනීම තරම්  අසීරු නොවූ එම වරණයේදී මෛත්‍රී , තෙශාන්ත හා පසිදු තේරීම් කමිටුව මගින් දකුණු ගං ඉවුරේ   එක් ස්ථානයක්  කඳවුරු බැඳීම  සඳහා තෝරා ගත්තේය.

ඒවනවිට සවස 5.30 පමන වන්නට ඇත.

 විසල් කුඹුක් ගසක් දියෙන් මතුවී ඉහලය නැගි එම ස්ථානයේ තවත් ගසක් ඉදිරී;  පෙර කී කුඹුක් ගස මතට වැටී වැට කඩුල්ලක් සේ අපට පූර්ණ ආරක්ෂාව සලසා තිබුනි. ඒ ගඟේ සිට බැලූවිට දකුණු පස ගඟට ලම්බකවය.
 ඒ ගඟේ ඉහල මායිමෙන්‍ය. ගඟට සමාන්තරව ඉහලින් ගඟට සමාන්තරව  ඉහලින් ශීග්‍ර බෑවුමක් සහිත්වන ලැහැබකි.
 වම් පසින් ඇති හෙල  නොඑසේ නම් වල නිසා මෙම ස්ථානය හතර වටින්ම සුරක්ෂිත ස්ථානයක් විය. මෙම බිම පිහිටියේ ගඟට අඩි 6 කට පමන ඉහලිනි. 
    
තැන - නොතැන!

මහවැළි ගඟ දෙපසම රූස්ස ඝන වනාන්තරය පැවතුනද වස්ගමුව රක්ෂිතයෙන් අති බහුතරය ඇත්තෙ මහවැළි ගඟේ වම් ඉවුරේ ය. 
 අප කඳවුරු බිම තොරා ගැනීමේදී දකුණු ඉවුර තෝරාගැනීමට හේතුව  වන සතුන් ගෙන් ශිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට  බව මහට පසුව තේරුම් ගියේය.

අප එතැනට ගොඩබට මොහොතේ පටන්; තෙශාන්ත JOC - Joint Operations  Commander (ඒකාබද්ධ අණදෙන නිළධාරි) නැතහොත් D OPs - Director Operations (අධ්‍යක්ෂක -මෙහෙයුම්) බවට පත්විය.


තෙශාන්ත(අධ්‍යක්ෂක -මෙහෙයුම්)

සාමාන්‍ය සෙබළුන් වූ අප ඔහුගේ අණසකට යටත්ව සීරුවෙන් - අසීරුවෙන් අපගේ කාර්‍යභාරයන් ඉටු කරණට පටන් ගත්තෙමු.
 ධම්මික හා පසිඳු ; එම භූමියේ පැවති ලඳු පඳුරු , උස්ව වැඩුනු තණ කොළ  හා ඉළුක් ආදිය ඉවත්කොට අපගේ කඳවුර ඉඳි කරණට සුදුසු වටාපිටාවක් නිර්මාණය කලෝය.

ධම්මික හා පසිඳු දෙදෙන ගිණි ගොඩක් ඇවිළ වීමට ; දර කොට , අතු ඉති සුඹුළු ආදිය එකතු කරමින් විය.



ගමටම ගිණි තියන්නම්! සුපිරිම ගිණි ගෙඩි  දෙකක්!!


මා සුපුරුදු පරිදි ගඟට බැස අපගේ යාත්‍රා ත්‍රිත්වය සෝදා පිරිසිදු කොට ; ජීවිතාරක්ෂක උපකරණ , කඹ ආදිය නියමිත පරිදි පෙල ගස්වා පසුදින උදෑසන යාත්‍රා කිරීමට කයාක තුන සූදානම් කලෙමි.


ලංකා ඩොක් යාර්ඩ් නෞකංගනය!

ඉන්පසු හදිසියේ ගංගාවේ ජල මට්ටම ඉහල ගියහොත් කයාක හැඩපහරේ ගසාගෙන යෑම සිදුනොවනා පරිද්දෙන් ඒවා  තරමක් ගොඩට ඇද ; 
අසල තිබූ කුඹුක් ගසක ගැට ගසා දැමුවෙමි.

තිස් අවුරුදු යුද්ධයේ අවසාන කාලයේ රූපවාහිනියෙන් ; ක්‍රියාන්විත ප්‍රදේශවල සිට විස්තර ගෙන ඒමේදී පෙන්වන රූපරාමු මතකද? 
සේනාධිනායකවරුන්  තම අනු නායකයන් කැඳවා ; සිතියම් දිගහැර ; ඒවාට නැඹුරුවෙමින් ; තමා අත ඇති යෂ්ඨියෙන් ඒ ඒ දිශා පෙන්වමින් ඉදිරියේ තමන් කරණ්නට බලාපොරොත්තුවන ක්‍රියාන්විතය පිලිබඳව පෙර විපරමක යෙදුනු අයුරු  ?
එසේම තෙශාන්ත ; පසිඳු හා මෛත්‍රී ළඟට කැඳවා ; මොනවාදෝ මුමුනමින් කඳවුර සංවිධානය කරණ්නට විය. සතුරු අක්‍රමණයක් එල්ලවිය හැකි ප්ර්ධානතම ස්ථානය ඉලක්ක කරගෙන; එයට  අධික ප්ර්ථිරෝධයක් එල්ල කලහැකි ගිණි මැලය ස්ථාන ගත කරණ ලදී.
හදිසි අව්ස්ථාවකදි ගංගව ඔස්සේ පසුබසින්නට යාත්‍රා සූදනම්කොට තබන ලෙස අධ්‍යක්ෂක මෙහෙයුම් විසින් මාවෙත නියෝග කරණ ලද්දෙන් මා නැවත කයාක කුඹුක් ගසට යාකොට තිබූ කඹවලට යොදා තිබුනු ගැට වෙනස් කලෙමි!

අවම හානියක් හා උපරිම ආරක්ෂාවක් ඇති ස්ථානය අධ්‍යක්ෂක මෙහෙයුම් විසින් පෙන්වාදෙන ලද ස්ථානයේ ; අපගේ නිවස්න වූ  Two man  canopy ඇටවීමට සාමාන්‍ය සෙබල වසික හා ධම්මික සූදානමව සිටියෝය.
මාගේ නාවික කටයුතුවලින් ඉක්බිතව අපගෙ ගිණි බලය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ඉන්ධන වූ ගඟේ ගසාගෙන ආ විසල් දැව කොට දෙකක් පසිඳු සමග ඔසවාගෙන පැමිණියෙමි.
අප ගෙන ආ ලන්තෑරුමද ; ආරක්ෂාව පතා එක් පසෙක එල්ලූවෙමු.
එදින රාත්‍රී ආහරය සඳහා නොතෙමී අප සතුව තිබුනු  පාන් , මාගරින් හා සීනි සම්බෝල ගත්තෙමු.  ගිණි මැලය නිසා අපට හෝ හපුටු ගුවන් ප්‍රහාර වලට ලක් නොවී සිටීමට හැකිවිය!

කියන්න ලියන්න පුළුවන්ද? 
මෙහි සුන්දරත්වය දෙවෙනි වන්නේ අත්දකින ප්‍රේමයට පමනි!




හාත්පස පැවති දැඩි නිහඬතාවය බිඳීගියේ  දිව කාලය පුරා  කල ගායනාව නොනවත්වා එලෙසින්ම කල රැහැයි හඬෙනි! 
සඳ නොතිබුනු එම රැයේ දස දහසක් තරුකැට යාන්තම් එළියක් ; තමන්නට හැකි පමනින් විහිදුවමින්  අඳුර දුරුකරන්නට දායක වෙමින් විය.
 රැහැයි හඬ මෙන්ම ගඟේ හෝ හෝ හෝව  ඇසෙන්නට වන්නේ අසන්නට මතක් වූ විට පමණි! එය ඒතරම්ම කණට හුරුවී තිබුනි!


ගැයුම!

ටික වේලාවකින් තෙශාන්ත විසින් සම්පාදනය කොට මෛත්‍රී විසින් ඉදිරිපත් කරණ්නට යෙදුනු “ අසන්නන්ගේ   ඉල්ලීම්”  වැඩසටහණකට සවන් දීමේ අවස්ථාව ලැබුණි.   
මාගේ මතකයේ හැටියට  ඔහු පලමුවෙන් ම ගායනා කලේ  විශාරද  ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගීතයකි.
“මී පැනි දී රිදී ගන්න   ගං පොජ්ජට මං ගච්චා …….” නම් රසාලිප්ත  ගීතයය. 

ඒ වන විට ප්‍රථම ප්‍රේමය විසින් මෛත්‍රීගේ හදවත දරුණු ලෙස බරුගසා සිටි අවධියයි! ඒ දුක් බර හඬ නැගුනේ ඔහුගේ ස්වරාළයෙන් නොව හදවතින් විය යුතුය!

මේ ඔහුගේ ආත්ම කථනයද ?


පෞද්ගලිකව  මා ; මී පැනි රසවිඳි අතිශය සුන්දරවූ අවස්ථාවක මතකයක් සිත තුල සදා නොමැකන සේ සනිටුහන්ව ඇති හෙයින්ද , එම ශිල්පියා කෙරෙහිවූ රුචිකත්වය නිසාද , හුදෙක් එම නිර්මානයට හා ඊට ප්‍රස්තූතය වූ අදාල සිදුවීමට ඇති ලෙන්ගතු භාවය නිසාම ; මෙය මගේ සිතේ ලියා තබා අමතක කොට ඇති ගී පොතේ  ඇති ගීතය ක් වූ හෙයින්ද එම ගීත සමුච්ඡය මා ලගන්නා සුළු එකක්ම විය.

මෙම ගීයෙන් කියැවෙන සිදුවීමට නොඑසේනම කථාන්දරයට , සිදුවීම් වැලට යාවජීව වූ චිත්‍රපටයක් ද කලෙකටපෙර නිපදවුනි. ඒ සුප්‍රකට චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂයන්ගේ රසාලිප්ත චිත්‍ර කතාවකට අනුව නිපැදවුනු “හුලවාලි” චිත්‍රපටයයි. 

ආදරයට එක් කල නව අර්ථකතනය!- ධාරා 

එහි ගාමිණී ෆොන්සේකා  හා ටෝනි රණසිංහ චරිතවලට පන පෙවූහ. ප්‍රධාන නිළිය වූයේ සුවිනීතා වීරරත්න විය යුතුය.



චිත්‍ර පටය පටන් ගන්නේ බන්ධුල විජේවීරයන්ගේ “කුළ ගෙදරින් ……දුම්බර කඳුවැටියේ ….” ගීතයෙනි.
 එයද ඉතා රසාලිප්ත ගීතයකි. එහෙත් එහි තේමා ගීතය ඊට හත්පසම වෙනත් රසයක් මවනා “කුඩා ගමේ  මද්දහනේ අවු රස්නේ නිවා ….” ගීතයය.

මා යෞවනයෙක්ව  සිටි අවධියේ අප ප්‍රේම කිරීමට ගුරුතන්හීලා සැළකූ ගීත කිහිපයක් විය! එය එක් එක් අයට සුවිශේෂවූ පෞද්ගලික කාරණාවක්ම විය.

 මා හට විෂය  වූ ගීතය වූයේ සුනිල් එදිරිසිංහය ගයන  මෙම “කුඩා ගමේ ..” ගීතයයි.
ඉනුත් එහි  අන්තරා කොටසේ  එන පහත ලියා තැබෙන ගී කණ්ඩය මාගේ ප්‍රේමණීය සිතට මං පෙත් විවරකල දර්ශනය නොඑසේනම් තේමාව සැපයීය.

“ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී -
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී……!
ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙලනු සකී -
ආල වඩන යන තේරුම බෝසත් කම සකී ………….!!”

“මී පැනි දී………..” ගීයෙන් පසු තවත් එම ශිල්පියා ගේම ගීත කිහිපයක් මෛත්‍රී  ගායනා කලේය. 

ෂෙල්ටන් පෙරේරා ගායකයානන් ගේ නාසික හඬට  තරමක දුරින් නෑකම් කී හඬකට හිමිකම් කී මෛත්‍රීගේ ගී රාවය ;
 ඒ වනවිට බොහෝසෙයින් විඩාබරව සිටි අපට සුන්දර මිහිරියාවක් ගෙන දෙන්නට සමත් විය.
මයිත්‍රී එක් ගීතයක් ගයා අවසන්  වත්ම තෙශාන්ත ; “අනේ මයිත්‍රියෝ තව එකක් කියහංකෝ…….!” යයි පවසමින් කල ඉල්ලීම පසෙක නොහෙලා මෛත්‍රී ගීත දහයක් පමන ගැයුවේය.
අප එකෙක් අය කැමති ගායක ගායිකාවන් කවුරුන් වුවද ;
 එම මොහොතෙ අප සියල්ල ඒකාග්‍රව ඒකාත්මිකව එම හඬ රස විඳීය. 

ඒ ; ඒවනවිට   අප කැමතිම හඬ වූයේ ටී ෂෙල්ටන් පෙරේරා ගේ හඬ මුසුවූ මයිත්‍රීගේ දුකබර හඬට වූ බැවින්‍.

කණ්ඩායමේ වඩාත් වයසින් අඩුවූ දෙදෙන වූ වසික හා ධම්මික දෙදෙනා ප්‍රථමයෙන් නින්දට යැවූ අප තවත් බොහෝ වේලාවක් ගිණි මැලය අසල කියවමින් සිටියෙමු. 

අවසානයේ තෙශාන්ත විසින් සම්පාදනය කල “ජන ගීයක්” සාමූහිකව රසවිඳි අප සිහින ලොවක් හරහා නින්දට පිවිසුනෙමු. 
    
උඩුවියන තරු කැට  දිලෙන අළු පැහැති අහස්  කුසය !

සයනය වසර දස දහස් ගනනකට පෙර සිට එක් තැන් වී සැකසුනු පුළින තලාව!

විඩාව නිවන්නේ මහවැළිය පිසගෙන එන සිහිල් පවන් රැල්ලය !

රත්‍රියේ ඇඟ හිරිවට්ටන සීතල මකා දමන්නේ ගිණි මැළයේ උනුසුමය !

දහසක් ගී පද කිව හැක..............

එහෙත් මතකයට පැමිණියේ රූකාන්තගේ එක්  ගීතයක ඛණ්ඩයකි .

"ජීවිතේ........ සුන්දරද මෙතරම්……………………..!"
  





29 comments:

  1. පාඨක ඉල්ලීම් වලට ක්ෂණික ප්‍රතිචාර දැක්වූවට ස්තුතියි ...
    පරිස්සමින් ගිහින් එන්න අය්යේ .....(තව රසබර පොස්ට් එකක් එක්ක වීඩියෝ ලින්ක් ටිකකුත් එක්ක)

    ReplyDelete
  2. සිරාවටම.
    තට්ට ජීවිතේ සුන්දරද මෙතරම්
    :-) :-) :-) :-)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඔබගේ පැමිනීම ගැන අපමන අතුටක්!
      ඇත්තටම ජීවිතය සුන්දරයි !

      Delete
  3. විස්තරේ කියෙව්වමනං හිතෙන්නෙ ජීවිතේ සුන්දරද මෙතරම් කියල තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සැමදාවගේ ගොඩවී වචනයක් දෙකක් කතාකලාට!

      Delete
  4. Replies
    1. බොහොමත්ම ස්තූතියි ආවාට; කියෙව්වාට ; ලිව්වාට විශේෂයෙන් වචනයක් ලිව්වාට! එළ!

      Delete
  5. බලාපොරොත්තුව දෝත දරා මඟ.. බලා හිඳී 'ඊළඟ කොටස' එනතුරා.. ආයේ හෙට දවසක් නොයේවී.. අද වගේ.. ජිවිතේ.. සුන්දරද මෙතරම්... :))))))

    ReplyDelete
    Replies
    1. මේ සතියේ මම යාපනයේ
      දින තුනකින් යමි සයිකලේ
      ආවොතින් ලියමී ගෙදර ආවොත් අද
      වගේ.........
      ජීවිතේ ශුවර්මද මෙතරම්....?

      Delete
  6. පෝස්ට් එකේ රැපිඩ් මදිවද මන්ද , නැතිනම් හොහපුටුවෝ මදිවද මන්දා... ආ... මම දන්නවා හේතුව, අර කියාපු සුන්දරත්වයෙන් අනූන යුවතිය අස්සේ අර කියාපු කිඹුල්ලු ඉදී කියලා වැඩිය විස්තර නොලියා කොකා වගේ උඩින් උඩින් ලියලනේ!

    ගඟ දිගේ ආපු හැටියට මේ කෑම්පින් වැඩේ අන්තිම ජොලි වෙන්න එපැයි.

    හම්මියෝ.. බැරිවෙලාවත් මෙයාලා යන ගඟ ඉවුරක ඉඳලා සෙල්ලමටවත් කයාක් පදින්න ඉල්ලන්න හොඳ නැහැ. මොකද ඒ අර කියපු සෙට් එකේ මම හිටියා නම් ඉතින් මමත් ඒ ලෙසම හැසිරී මෙයාලගේ කරුණාබර වදන් අහගන්න ඉඩ තියෙන එක 200%ක් ෂුවර්...

    දැන් අර අලියෙක් ගියාය කියල කිව්වහම අපි විස්වාස කරන්නම ඕනෙද? පොටෝ නෑ කියලනේ ඔය කියන්නේ.. අනේ ඉතින් කුම්බියෙක් සෙන්ටිමිටරයක් දුරක යද්දී පොටෝ ඇල්ලුවේ නෑ කිව්වා නම් ඔන්න විස්වාසේට ගන්න තිබ්බා. ඒ උනත් අලියෙක්???? හා හා.. හරි ඉතින් අපි ඒක අමතක කරමු..

    අර කියාපු සින්දු නම් එතරම් ඇල්ලුවේ නෑ... ඔහොම ගිහින් සෙන්ටිමෙන්ටල් සින්දු කීම අතුරු ආබාධ සහිතය. අර ගෙනාපුවා ගඟේ ගියාම ගඟ පතුලේ ඉඳන් කිඹුලෙක්, සීදේවි එක්ක ගසා දමන්නට ඇති නේද? ( හොඳ වැඩේ!)

    මොකක් උනත් අර අමු අතු වලින් ගිනිමැලයක් ගහන දෙන්නා නම් අදහන්න වටිනවා. උන් හොඳයි කෙහෙල්කැන් ඉදවන්න. ඔක්කොමත් හරි අර නිකන්ම නිකන් පොලවේ නිදාගෙන ඉන්නා එකාට කොළ අත්තක්වත් තිබ්බේ නැද්ද අනේ එළාගන්න?? ආසන්නයේ නිදන කෙනා නම් මොකද්දෝ ෂීට් එකක නේද නිදාගෙන ඉන්නේ?

    ආයේ උදේ නැගිටින්නේ මේ වගේම සති ගානකින්ද? දැන් ගඟේ යනවා හොරයි වගේ....

    ReplyDelete
    Replies
    1. ලිඛිතා;
      ඇත්තෙන්ම අප අත් දුටු දේ මා දුටු අයුරුයි මෙහි චිත්‍රණය කර තිබෙන්නේ. එහිදී මෙය මා වර්ණ ගන්වා තිබෙන්නේ එහි ස්වභාවිකත්වයට යථාර්තයට හානියක් නොවන පරිද්දෙන්.
      ඉතින් මෙහිදී මා හට සිදුවූයේ මා වඩාත් කැමති වර්ණ අමතක කර දැමීමට වගේම එහි පැවති අයුරු දැක්වීමටය.
      ඇත්තෙන්ම කෑම්පින් යනු හරිම රසවත් අත්දැකීමක්! ඒත් මේ අදාල දවසේ අපේ බොහෝ දේවල් දියබත් වුනු අපිට ඒ වෙලාවෙ ඇවැසි වුනේ නිවස්නයක් නොව අම්බලමක්. ඉතින් අපි එදා ගත කරන්නේ ඉතා අවම පහසුකම් මැද ගත කල රාත්‍රියක්! කෑම්පින් කියන්නේ කට්ට කෑමක්ම නෙවෙයිනෙ! අපිට බොන්න තේ එකක් කෝපි එකක් වත් තිබුනේ නෑ.

      හහ් හා! අනේ ඔව්නෙ වෙලාවක ඉල්ලන්න. කොච්චරවත් අපේ සහෘදයන්ට කියලා තියෙනවද කයාකින් කරණ්න එන්න කියලා. කෝ එකෙක් වත් ආවද?

      අනේ මේ ඇත්තටම අලියෙක් හිටියා. ඔයා පල්ලා ඇත්තයි! මම බොරුවක් කියනවා නම් ඔයාව නානකොට තෙමෙන්න ඕනෙ ඔළුවෙ ඉඳන් !

      මෛත්‍රී අපේ එකම ගායකයා කියන්නේ ෂෙල්ටන් පෙරේරගෙ සින්දු විතරයි. ඔය කාලෙ එයාගෙ පලමු කසාදෙ ඉතාම කෲර ලෙස ඔහුගෙන් පලිගත්ත අවධියක්. ඒ කතාව ඔය "මී පැනි දී......." ගීතයට බොහෝ සෙයින් සමානයි! වෙනසකට තිබුනේ "කන්දෙන් ගෙනා මගෙ නෑනි" කියපු විදියට වහං නොවීමයි!

      කෙසෙල් කැන් කථාව නම් සුපිරිම සුපිරි. ඇත්තටම මමත් මේ සීන් එක දකින්නේ ඡායා රූපයකින්. ඉස්සර මමයි තාත්තයි අවුරුදු කාලෙට කෙහෙල් ඉදවනවා මතක් වුනා! සුන්දර මෙන්ම දුක්බර අතීතයක්!

      ඔය කොල අත්තක්වත් නැතිව නිදාගෙන ඉන්න එකා පුලින තලා මත දොයියන්නෙ ඔය විදියටම තමයි! ඔය යකා දන්නෙ නෑ එළිවෙන කම් ඔය විදියට නිදා ගත්තා කියලාවත්!

      අර කමි තුමාට දාලා තියෙන පිළිතුර පලලා මදේ බලන්නකෝ.
      මේ සති අන්තේ ; ජීවිතේ බකට් ලිස්ට් එකේ තියෙන තවත් එක් ඉවෙන්ට් එකක් කරණවා!
      "යාපනයට සයිකලයෙන්.....!" කියලා පෝස්ටුවක් ලියන්න අමුද්‍රව්ය ගේන්න යනවා 23 වෙනිදා. තනි කෑල්ලට ආවොත් හොඳ පෝස්ටුවක්! නො එසේනම් හොඳ ප්‍රවෘතියක්!

      ඒ මොනවා උනත් මේ ගමන එක් පොරොන්දුවක්!

      Delete
  7. එතකොට අර අරගෙන ගිය කුකුල් මෂ් සහ අනුපාන වලට මොකද උනේ...
    එක්කෝ කලින් වතාවක ඒ ගැන කියපු මොකක් හරි මට මිස් වෙලාවත්ද...
    මොනා උනත් පට්ට ගමන සහෝ...

    ReplyDelete
    Replies
    1. කුකුල්ලු ටික ගඟේ ගියා...
      ගඟට උඩින් කයාක් ගියා............//

      කොහෙද මලේ මෙච්චර කල් උඹ හිටියේ?

      Delete
  8. අහෝ දුකකි. මමනම් පයිනව බං ගගට
    අෑ බං අයියේ ෙකාහොමද ඔච්චර විනසයක් ෙවනව බලන් හිටියෙ.

    මේ අයියන්ඩි ලගදිම යන්ට ෙවයි බීච් කැම්පින්ග් පාරක් අපිත් එක්ක ෙහාදේ. (බීච් කෑම්පින්ග් ගැන මලෙෝ ෙදයක් නොදන්න ෙසට් එකක් එක්ක.)

    ReplyDelete
    Replies
    1. මැරෙන්න හිතුනා මලේ!
      හිත්පංකො සිගරට් නැති කාලෙක තමං ඉදිරියේ ඉදන් කවුරු හරි එකෙක් ගොල් ලීෆ් එකක අපේ මූනට දුම් ඇර ඇර බොන කොට?
      ආන්න ඒ වගේ තමයි අපිට පේන්න වෙන එවුන් ටිකක් කැලේ මැද්දෙ බෝතලයක් බොනකොට?

      Delete
  9. //මෙහි වඩාත් ශෝචනීය පසුබිම් කථාව කියන්නට යන්නේ දැන්‍ය. මෙම මහා නළුවාගේ එකදු රූප රාමුවක් වත් ; අපගේ ප්‍රවීණ කැමර්ටා ශිලපී ධම්මික ම්හේන්ද්‍රගේ කැමරා කාචයේ සටහන් වී නොතිබීමය!//

    "දුක් නොවන්න අයියන්ඩිය, අප්‍රිකානු අලි පින්තූර දාන සැටි මම පෙන්වමි" කිව්වලු

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි.. තරහා යයිද මංදා.
      මටත් කිඹුලට වගේ කට වහගෙන ඉන්න බෑනෙ ඉතිං.
      ටයර් හුලං යවයිද?
      චෙක් බවුන්ස් කරයිද?

      Delete
    2. කොහෙද එහෙම එකක් දැම්මොත් උගේ DNA එකම Comment එකක විදියට දාලා තියෙයි මේ අලුත්කඩේ මහත්වරු! ස්තූතියි!
      මිහිරි නත්තලේ ජේසු බුදුවේවා! චෙක් බවුන්ස් නොවේවා!!

      Delete
  10. ඉර බැහැගෙන යන පොටෝ එකනම් මාර ලස්සනයි. ආගන්තුක සත්කාර නොදන්න අය තමයි කරුමෙට මුණගැහිලා තියෙන්නේ. කට්ටියටම. වැටිච්ච ගමන් නින්ද ගිහින් වගේ. ආ. යාපනේ යන ගමනට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! බැලුවාට , අගය කලාට , ලිව්වාට සුභ පැතුවාට!

      Delete
  11. අඩේ පොටෝ ටිකනං පංකාදුයි.....
    අලිය පොටෝ ගහපු නැති එක හිතා ගන්ඩ පුලුවං.. මටත් ඔය වැඩේ වෙලා තියනවා .. ආසාව වැඩිකමට පොටෝ ගහන්නෙ නැතිව බලං ඉන්නව කැමරාව බෙල්ලෙ එල්ලං ...
    ඔබ තුමාගෙ මූන දැක්කම අර කට්ටියට හිතෙන්න ඇති මුංට බොන්න දුන්නොත් අපිට බොන්න ඉතුරු වෙන්නෙ නැති වෙයි කියල ..
    අනිත් පාර ඔය වටින කියන දේවල් ටික මල්ලක දාල අර බෝයාවෙ ගැට ගහල තියන්ඩ ...
    ගං ඉවුරේ කෑම්පිං තරං ආතල් වැඩක් මට ජීවිතේට සෙට් වෙලා නෑ ..
    අනේ බුදු අයියේ දැං පොටෝ ටිකත් හම්බවෙච්ච එකේ එක දිගට මේක ලියල ඉවරයක් කරමු ...

    ReplyDelete
  12. අඩේ පොටෝ ටිකනං පංකාදුයි.....
    අලිය පොටෝ ගහපු නැති එක හිතා ගන්ඩ පුලුවං.. මටත් ඔය වැඩේ වෙලා තියනවා .. ආසාව වැඩිකමට පොටෝ ගහන්නෙ නැතිව බලං ඉන්නව කැමරාව බෙල්ලෙ එල්ලං ...
    ඔබ තුමාගෙ මූන දැක්කම අර කට්ටියට හිතෙන්න ඇති මුංට බොන්න දුන්නොත් අපිට බොන්න ඉතුරු වෙන්නෙ නැති වෙයි කියල ..
    අනිත් පාර ඔය වටින කියන දේවල් ටික මල්ලක දාල අර බෝයාවෙ ගැට ගහල තියන්ඩ ...
    ගං ඉවුරේ කෑම්පිං තරං ආතල් වැඩක් මට ජීවිතේට සෙට් වෙලා නෑ ..
    අනේ බුදු අයියේ දැං පොටෝ ටිකත් හම්බවෙච්ච එකේ එක දිගට මේක ලියල ඉවරයක් කරමු ...

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙකක් තුනක් තම්යි ඉතුරු වෙලා තියෙන්නේ. ඉක්මනින් ලියා ඉවර කරණ්නම්! උඹලා හිතන්නේ අපි සූප්පුවෙනුත් බිව්වෙ අරක්කු කියලා නේද?

      Delete
  13. යාපනයේ ගමන ගැන දැනගන්න ටෙලිෆෝන් නොම්බරය එවාං මාමේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මා ගැන උනන්දු වුනාට!

      Delete
  14. තාමත් ගඟ දිගේ යන එක ගැන නම් සතුටුයි. එහෙනම් දියබතුත් උනා නේ. මට වැඩියෙන්ම හිතට අල්ලලා ගියේ අර සින්දු කියපු කෑල්ල. ඒ කතාව හරි. එක එක්කෙනාට විශේෂ වෙච්ච ප්‍රේමනීය හැඟීම් දනවන සින්දු තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමත් තව කොටස් දෙකක් තුනක් ලියවෙයි. මම සියල්ල අතින් ලියලා ඉවරයි. ටයිප් කරලා පෝස්ට් එක දාන්න විතරයි තියෙන්නෙ! කොහේද කොපමණ කලක් හිටියේ? හඳ අල්ලපු මිනිසුන්ගේ රටේද නැතිනම් මෙහෙව් රටේද?

      Delete
  15. තට්ටය අයියේ..!! අම්මටහුඩු..!’ මේ බ්ලොග් එක නිකං ගන් පයිට් කඩු පයිට් ලව් ස්ටෝරීස් තියෙන හින්දි පිචර් එකක් වගේ..!! 👊🏽👊🏽👊🏽🙈🙈..
    ත්‍රාසය සතුට.., අම්මෝ මෙහෙම තමයි ආස. ගඟ දිගේ යනගමන් කාර් එකෙන් වැවටත් වැටී ගෙනම එන ගමන්.

    එහෙනං ජයම වේවා...!! 🙏

    ReplyDelete
    Replies
    1. මල්ලි මගේ "පාඨය" කියවලා බලහංකො. මේක "බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය " නේ? ස්තූතියි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...